Published on: Nov 5, 2018 – පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කිරිමත් සමග පසුගියදා ජනාධිපතිවරය ඉදිරියේ අග්‍රාමාත්‍ය වරයා වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පත්විම තවදුරටත් වලංගු නොවන බව නීති විශාරදයන් පෙන්ව දෙනවා.

කල නිවේදනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිවිරෝධීව පත්කල ඇමති මණ්ඩලය සහ කැබිනෙට්ටුවද අක්‍රීය වන බවයි ඔහුන්ගේ අදහස වන්නේ.

ඒ අනුව තවදුරටත් නව අගමැතිවරය පත්කිරිමට පෙර පැවැති තත්ත්වයම පවතින් අතර 14 වැනිද පාර්ලිමේන්තුව විවෘතව කිරිමෙන් පසුව ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් බහුතරය පෙන්වා මහින්දට අගමැති ලෙස පත්විම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

කතානායක වරයා නිකුත් කල නිළ නිවේදනය පහතින් දක්වා ඇත.

අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.

එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.

මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.

එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.

අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.

අවසානවශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවියයුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.

කරු ජයසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Loading…

Published on: Nov 4, 2018 – පාර්ලිමේන්තුව කැදවිම සදහා තමන්ට ඇති බිය 113 නොව තමන්ගේ පක්ෂයේ කිහිප දෙනෙකු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග ඊයේ රාත්‍රීයේ පැවැති හමුවකදි අනාවරණය කර තිබේ.

පාර්ලිමේන්තුව කැදවිමට මේ වනවිට ආණ්ඩුවේ සිටින මන්ත්‍රී සංඛ්‍යාව ප්‍රමාණවත් බවත් පාර්ලිමේන්තුව කැදවිමෙන් පසුව ආණ්ඩුවේ බහුතර නිර්මාණය කර ගැනිම අපහසු නොවන බව පෙන්වා දි ඇති මෛත්‍රී ජනාධිපතිවරයා තමන්ට ඇති එකම බයනම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ කිහිප දෙනෙකු වන බවයි.

යම්හෙයෙකින් පාර්ලිමේන්තුව රැස්විමෙන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයට සහය දැක්විමට හෝ ස්වාධීන විමේ සුදානමක් තිබේන බවට තමන්ට තොරතුරු අනාවරණය වි ඇති බවත් එම මෙහෙයුම පසුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටින බවද ජනපති පවසා තිබේ.

“මම පහුගිය අවුරුදු 4ක් විතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අල්ලගෙන හිටියේ මැඩම් නිසා… මහින්දටවත් ඒ කාලය තුලදි ශ්‍රිලනිපය අල්ලා ගැනිමට බැරි වුනේ එයා නිසා .. එකයි මට බය මගෙත් එක්ක පක්ෂය ඇතුලේ මේ හැමොම හිටියට අන්තිමට මොනව කරදිද දන්නේ නෑ එකයි මට තියේන් බය ” යනුවෙන් ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

Loading…

()

Published on: Nov 4, 2018 – සියලු දේශපාලන පක්ෂ එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට දෙපාර්ශ්වයම තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව ආණ්ඩුවට සහය ලබාදෙන සියලුම දේශපාලන පක්ෂ එක්කර ගත් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වී ඇති අතර සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක්ද එක්කර ගනිමින් මහින්ද-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සහ සුළු ජාතික දේශපාලන පක්ෂවලට ඇමැති ධුර ලබාදෙමින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට නියමිතය. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමැති ධුර ලබා ගැනීම පිළිබඳ අවසන් තීරණය මෙම සති අන්තයේදී ගැනීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Published on: Nov 3, 2018- පාර්ලිමේන්තුව රැස්වු වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංගය හරහා පාරාද වුවහොත් ඊළගට එක්සත් ජාතික පෙරමුණ ඇතුලු මන්ත්‍රීවරුන් මෛත්‍රී ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට සහය දැක්විම සම්බන්ධයෙන් ශ්‍රිලනිප සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අතර අද දහවල් කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදි සාකච්ඡාවක් සිදුව තිබේ.

අද දහවල් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහින්ද පිළේ උඩරට මන්ත්‍රීවරයෙකු සහ දකුණේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රිලනීපයේ මන්ත්‍රීවරුන් තිදෙනකු එම අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිවරයාගේ බලකිරිමට මහින්ද රාජපක්ෂ අගමැති ධුරය භාරගත් බවත් මේ වනවිට බහුතරය පෙන්විම අර්බුදයක් බවට ඇති බවත් බහුතරය සාදාගැනිමට නොහැකි විමේ චොදනාව මේ වනවිට පොදුජන පෙරමුණේ නායකයන්ට චොදනා එල්ල කරමින් සිටින බවද මෙහිදි සාකච්ඡා කර තිබේ.

පසුගිය දින කිහිපය තුල බහුතරය සාදා ගැනිම සදහා මහින්ද -මෛත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් දියත් වුවද දැන් වෙනවිට එම මෙහෙයුම සම්පූර්ණයෙන්ම බැසිල්ගේ කරමත තබා ඇති අතර ශ්‍රිලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ ස්වාධීන විම නතරකර ගැනිම සදහාද බැසිල් දැවැන්ත මෙහෙයුමක් දියත් කල අතර මේ වනවිට දුමින්ද නොගියේ තමන් කියු නිසා බවට මෛත්‍රී කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මහින්ද පිළ දැඩි ලෙස කලකිරීමට ලක්ව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.

Published on: Nov 2, 2018- සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි.

සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පවුල තමන් සහ දරුවන් මරා අඩි හයක් යට වළ දමන්නට හිටි බව කීවේ ය. රාපක්ෂ පවුල මහා පරිමාණ දූෂණ වංචාවන්ට සම්බන්ධ බව කීවේ ය. රාපක්ෂ සමඟ ඉන්නේ වහලුන් යැයි කීවේ ය. රට බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ සමඟ එක්විය යුතු බව කීවේ ය.

ඒ සිරිසේන සහ සිරිසේන 2018 ඔක්තෝම්බර් 26දා සිය කැමැත්තෙන් අඩි හයක් යට ගිලා බැස්සේ ය. යළි ඒ වළෙන් ම මතුව ආ සිරිසේන සහ සිරිසේන, සිය ආලවට්ටම්හි මහින්ද රාජපක්ෂ නම ලොප් කර එතැනට රනිල් වික්‍ර‍ සිරිසේන මහින්ද රාජපක්ෂ නම් ලොමසිංහ යන නම ආදේශ කළේ ය. දැන් සිරිසේන සහ සිරිසේන මරා දමන්නට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ය. දැවැන්ත දූෂණ චෝදනා කියවෙන්නේ රනිල් වික්‍රමසිංහට ය. දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය.

සිරිසේන සහ සිරිසේන එදා මෙන්ම අදත් විලිලැජ්ජාවක් නැතිව කතා දෙයි. ඔහු පච කප්පිත්තෙක් බවට පරිණමය වී ඇති සැටියකි. ඉන් එක් සුරංගනා කතාවක් නම් තමා රාජපක්ෂ අගමැති කළේ රනිල් වික්‍රමසිංහ තමා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා බව ය. මරණයෙන් බේරීමට සිරිසේන සහ සිරිසේන සොයා ගත්තා තෙවසරකට පෙර සිය පවුලම ඝාතනය කරන්නට සිටි බවට චෝදනා කළ මරා ය. පුදුම නමුත් ඇත්ත ය.

ඒ කතා අසා සිටින රාජපක්ෂවරු පස්සා පැත්තෙන් සිනහවනු ඇති බව නිසැක ය. 2019 දෙසැමිබර් ජනාධිපතිවරනයේ දී තමා රාජපක්ෂවරුන්ගේ සහාය ඇතිව ජනාධිපති තරඟයට ඉදිරිපත් වන බව කියන විට ඒම සිනහ අධෝමුඛ කොක්හඩලෑම් බවට පත්වනවා ඇත. ඒ දෙසැමිබරය ළඟා වූ විට සිරිසේන සහ සිරිසේනට යළිත් වතාවක් තමාම කපාගත් අඩිහයක් යට වළට බහින්නට සිදුවනු ඇත. එකල්හි නම් යළි ගොඩ ඒ්මක් නැතිවනු ඇති බව සහතික ය.

රාජපක්ෂ අනුගාමිකත්වය තුළ සිරිසේන සහ සිරිසේන යනු කා දැමිය යුතු ආප්පයක් විනා පුබුදවිය යුතු පුෂ්පයක් නොවේ. රාජපක්ෂ අනුගාම්කත්වය සිරිසේන සහ සිරිසේන සමඟ නයි වෛරය. එවැනි පසුබිමක් මැද එජාප ඡන්දවලින් ජනාධිපති වූ පරිදිම රාජපක්ෂ ඡන්දවලින් ජනාධිපතිවීමට සිරිසේන සහ සිරිසේනට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය හැක්කේ රාජපක්ෂ දේශපාලනය ගැන නොදන්නා අයකුට පමණය.

සියයට දහයකවත් ජන්ද පදනමක් නැති අන්තයටම පිරීහී සිටින සිරිසේනට තමන්ගේ ජන්ද පදනම බාරදෙන්නට නම් රාජපක්ෂට දේශපාලන ඔල්මාදයක් හැදී තිබිය යුතුය. සමහර විට එවැනි‍‍‍ ඔල්මාදයක් ඇත්නම් ඒ් වනාහී නාමල් පමණක්ම රජ කරවීමේ කුප්‍රයෝගය විය හැකි ය.

එළඹෙන කවර හෝ ඡන්දයකදී ජය දිනා ගැනීමේ වැඩිම ඉඩ තිබුණේ රාජපක්ෂට ය. එසේ බලයට පත්වූයේ නම් ඔහුට කිසිදු අන්තර් ජාතික හෝ දේශීය හෝ දෝෂාරෝපණයකට ලක්වන්නට සිදුවන්නේ නැත. එසේ වී නම් තනි බලය රාජපක්ෂට හිමිවන්නට තිබුණි.

ඒසේ තිබියදීත් වසරක් බලා සිටිය නොහැකිව සිරිසේන සහ සිරිසේන සමඟ හවුලේ බලය ලබා ගන්නට එකඟ වන්නට රාජපක්ෂට තිබිය හැක්කේ එකම එක හේතුවකි. එය නම් රාජපක්ෂ පවුලට සහ දේශපාලනඥයින්ට එරෙහිව විභාග වෙමින් යන නඩු විභාග අවසන් කර ගැනීමයි. දැනටමත් පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරියට සේවා මාරැවක් ලැබී තිබේ! එවැනි සේවා මාරු තව බොහෝ ගණනාවක් සිදුවීමට දැන් නියමිත ය.

පාවාදීම් සහ ඥාති ඝාතනයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවේ රජ සමයෙන් පසු මෙරට පහළ වූ ලොකුම පාවා දෙන්නා වශයෙන් දිනෙක රාජපක්ෂ ඉතිහාසකරැවන් විසින් ද වරෙක වික්‍රමසිංහ ඉතිහාසකරැවන් අවසාන වශයෙන් සිවිල් ලේඛකයින් විසින් ද නම් කරනු ඇති අසම්මජාති දේශපාලනඥයා බවට, 2015 ප්‍රජාතන්ත්‍රවාදී ජනබලයේ සංකේතය වූ සිරිසේන සහ සිරිසේන පිරිහීම යාම තේරුම් ගැනීමට නොහැකි තරමේ කරුමයකි.

තර්කානුකූල විග්‍රහයකින් සිරිසේන සහ සිරිසේන විග්‍රහ කළ නොහැකි ය.තර්කයක් නැති සිදුවීම් තේරුම්ගත හැක්කේ ඊට අතාර්කික මානසිකත්වයක් ආදේශ කිරීම මගිනි. ඔල්මාද මාසිකත්වයක් වැන්න. සිරිසේන සහ සිරිසේන යනු මෙරට දේශපාලනයේ අතාර්කික වියරුවක සංකේතයකි.

බොහෝ දුරට ම ඔහු පොදු අපේක්ෂකයා බවට පත්වීමට තීරණය කරන්නට ඇත්තේ ද තමාට අගමැතිධූරය නොදීම පිළිබඳව රාජපක්ෂවරැන් සමඟ වූ වෛරය නිසා ම පමණය.

පසුගිය තෙවසර දෙස බලන විට මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ හෝ සංහිදියා ක්ෂේත්‍රයේ හෝ සිදුකරන ලද කුමණ හෝ ප්‍රතිසංස්කරණයට සිරිසේන කර දුන්නේ නැත. ඔහු විසින් හැකි සෑම අවස්ථාවකදීම කරන ලද්දේ එකී ප්‍රතිසංස්කරණ ආපස්සට ඇදීමට උත්සාහ කිරීමයි. මේ බව කැපී පෙනේන්නේ යුද්ධයට අදාළ නොවන මිනීමරුම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් පවා ආරක්ෂා කිරීමට සිරිසේන සහ සිරිසේන විසින් දරන ලද ප්‍රයත්න දෙස බලන විට ය.

2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇතිවූ යහපත් හැඟීම දරුණු ලෙස ඛාදනය කිරීමට සිරිසේනගේ මෙම අත්තනෝමතිකත්වය හේතු වී තිබේ. අන්තර් ජාතික ක්ෂේත්‍රයෙහි බලපෑම් සහගත භූමිකාවක් රඟපාන මානව හිමිකම් වෘත්තිකයකු ට්වීට් පණිවිඩයක් මගින් කියා සිටියේ සිරිසේන සහ සිරිසේනගේ මෙම ක්‍රියාව නිසා 2019 මාර්තු මාසයේදී ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අලුත් උනන්දුවක් ඇති කිරීමට අවස්ථාව පෑදී ඇති බවයි. සිරිසේන විසින් පත් කරන ලද නීති විරෝධී ආණ්ඩුව ශ්‍රී ලංකාවට හොඳක් කරන්නේ නැත.

තමා සමඟ එක්ව 2015 වෙනස සඳහා මරණය නොබා රාජපක්ෂ කඳවුර අතහැර පැමිණි ස්වකීය සගයින් වූ දේශපාලනඥයින් වෙත මුදා හැර ඇති සිරිසේන සහ සිරිසේනගේ වෛරය, තමා ජනපති බවට පත් කළ ප්‍රධාන දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව හුදෙක් පොලිස් භටයින් 10 දෙනෛකු දක්වා අඩු කිරීමෙන් සහ ඇමැතිවරුන්ගේ ආරක්ෂක භටයින් ඉවත් කිරීමෙන් පෙන්වන ලද වියරුව, රාජපක්ෂවාදය ඉක්මවා යයි. එපමණක් නොව දිගින් දිගටම කිසිදු වග විභාගයකින් තොරව රටෙහි ව්‍යවස්ථාව කෙළෙසමින් දක්වන වියරුව කොතනින් අවසන් වනු ඇත්දැයි කීමට නොහැකි තරම් බිය ජනකය.

මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ අතීතය හෝ කෙළෙහිගුණ පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමකින් තොරව පළිගැනීමට සිරිසේන සහ සිරිසේන දක්වන භයානක නැඹුරුවයි. තමා සතු බලය ලබා ගැනීමට මඟපෙන්වූ, කැප වූ සහ උදව්කල පිරිස්වලට පවා ඒම බලයම යොදවා පහරදීමට පසුබට නොවන දේශපාලනඥයා භයානක ය. එවැන්නෝ දරුණුකමෙහි සීමාවක් නොදනිති. ඒ් අතින් සිරිසේන අයත් වන්නේ සහෝදර ඝාතක ස්ටාලින් සහ හිට්ලර් වර්ගයටයි.

සමහර විට සිරිසේන සහ සිරිසේන ව්‍යවස්ථාව නොසළකා ළඟදීම ආණ්ඩුව විසුරුවා හැරීමටත් ඉඩ තිබේ. ඒ් සඳහා ඔහුට උපදෙස් දීමට අවශ්‍ය තරම් කේවට්ටයෝ සිටිති. පාර්ලිමේන්තුවෙහි බහුතර බලයක් පෙන්වීමට රනිල් වික්‍රමසිංහ සමත්වුවහොත් දතකට පියා ගන්නවා වෙනුවට දත්කූරු කමින් උම්මතක පියවරකට යෑම හැර සිරිසේන සහ සිරිසේනට වෙනත් විකල්පයක් නැත.

එසේ නොවී රාජපක්ෂ බලය තහවුරුකර ගතහොත් සිරිසේන සහ සිරිසේන යළි 2015 පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරයා වැනි බාලයකු බවට පත්වනු ඇත.

සිරිසේන සහ සිරිසේන තේරුම් ගැනීමට හැකි සිත්කාවදින කරැණක් නම් 2015 ජනවාරි 08 දා සිරිසේන සහ සිරිසේනට ආරක්ෂාව සැඟවී සිටීමට ඉඩ සැළසූ පුද්ගලයා සිය වෛරකාරයකු බවට පත් කරමින් අතහැර දමා රාජපක්ෂගේ ධනය සැඟවූයේ යැයි චෝදනා ලද ව්‍යාපාරිකයකු තානාපතිවරයකු බවට පත් කොට අතවැසි සේවයේ යොදවා ගැනීමයි.

දැන් පෙනෙන විදිහට ඉදිරි වසරක තරම් කාලයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, ජනවාර්ගික හෝ වෙනයම් හෝ වෙනසකින් තොරව වඩාම බිය විය යුතු මනෝභාවය රාජපක්ෂ නොව සිරිසේන සහ සිරිසේන විය හැකිය.

සිර්සේන සහ සිරිසේන විසින් පාවා දී ඇත්තේ 2015 ජනවාරි ජනවරම ය. එම ජනවරම අඩාළ කර අතරමඟ අතහැර දැමීම රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලනය වූ බව අපට අමතක කළ නොහැකි ය. සිරිසේන ජනපති බවට පත් කරනු පිනිස සිය ගණන් සිවිල් සමාජ පිරිස් සිය තුට්ටු දෙක වැය කරමින් රට වටාම ගියහ. සිරිසේන සිවිල් සමාජ සංවිධාන 47ක් සමඟ යහපාලන ගිවිසුම අත්සන් කළේ උත්සවාකාරව ය. මේ දුර්ජනයා විසින් රාංපක්ෂ දෙපාමුල වැටී සුනු විසුණූ කරන ලද්දේ ඒම සමාජ ගිවිසුම යි.

සිරිසේනගේ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම හෙළා දැකිය යුත්තේ රනිල් වික්‍රමසිංහ රැකගැනීමට නොවේ. නීතියේ පාලනය කෙරෙහි අපේ ඇති කැපවීම නිසා ය. සිය දේශපාලනයේ වූ අනේක දුර්ඟුණ නිසාම වික්‍රමසිංහ පාලනය අහෝසිවීම ගලේ කෙටී තිබුණි.

අප දැන් එළඹෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලතුලනයන් ද ගතිකත්වයන්ද තියුණූ වෙනසකට ලක්වීමට නියමිත කාල පරිච්ජේදයකට යි. තාවකාලික ස්ථාවරබවක මායාවක් ඇතිකිරීමට සමත්වීමට හැකි වුවද එය විසින් ශ්‍රී ලංකාව කැඳවාගෙන යනු ඇත්තේ විසංවාදය පාගා දැමෙන සහ මර්දනය සහ බිය ගැන්වීම, දූෂණය සහ භීෂණය දේශපාලන ළකුණ වන අදුරු යුගයකටය.

සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය

~~සුනන්ද දේශප්‍රිය‍‍‍‍‍‍‍‍‍‍~~

Published on: Oct 31, 2018 – වර්ෂ 2018 ඔක්තෝබර් 26 දින සිට එතෙක් සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත් කරමින් (2018.10.26 දිනැති අංක 2094/43 අති විශේෂ ගැසට් පත්‍රය)සහ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් (2018.10.26 දිනැති අංක 2094/44 අති විශේෂ ගැසට් පත්‍රය) සමග විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය සම්බන්ධව අදහස් ඉදිරිපත් වෙමින් පවතින අතර පාර්ලිමේන්තුව ඉක්මනින් කැදවා ඇති වී තිබෙන්නේ යැයි කියන අර්බුදය විසදා ගන්නා ලෙසද ජාතිකව සහ ජාත්‍යන්තරව යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ ඡන්ද බලය සහ ජනතාවගේ ඡන්ද බලය යන දෙකෙන් වඩාත් ඉහළ අගයක් ගන්නේ ජනතාවගේ ඡන්ද බලයට බව ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී පෙනී යන අතර ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරයන්ට යම් අධිකාරයක් ව්‍යවස්ථාවේ 4.අ ව්‍යවස්ථාව මගින් ලබා දුන්නද එකී ව්‍යවස්ථාව මගින්ම 86 ව්‍යවස්ථාවද සම්බන්ධ කරමින් ජනාධිපතිවරයාට සහ ජනතාවටද ව්‍යවස්ථාදායක බලයක් පිරිනමා ඇත.“ජනතාවගේ පරමාධිපත්‍යය”සම්බන්ධව 3 සහ 4 ව්‍යවස්ථාවල විධිවිධාන සළසා තිබුණද “පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය”ගැන එහි දක්වා නැති බවද සැළකිල්ලට ගත යුතුය.

මෙම ගැටළුව විසදා ගැනීම පාර්ලිමේන්තුව තුළදී විමසන ඡන්දයකින් නොව ජනතාව ඉදිරියේ පවත්වන ඡන්දයකින් එනම් ජනමතවිචාරණයකින් විසදා ගැනීම ජනසම්මතවාදය බවත්, ප්‍රජාතන්ත්‍රවාදය බවත්, ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක් බවත් පෙන්වා දීම සහ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය3, 4, 46.5, 70, 85, 86 සහ 125 ව්‍යවස්ථාසහ 46.5 ව්‍යවස්ථාව වැරදියට අර්ථනිරූපණය කරමින් කථානායකවරයා විසින් 2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී ලබා දුන් තීරණයද යන නීතිමය කාරණාඇසුරෙන් පෙන්වා දීමත් මෙම ලිපියේ අරමුණයි.

පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාවේ අතුරු විධානයේ දැක්වේ. මෙම අතුරු විධානය ක්‍රියාත්මක කළ යුත්තේ කවර අවස්ථාවලදීද යන්න සහ ජනතාවගේ ඡන්ද බලයසහ ජනතාවගේ පරමාධිපත්‍යයසම්බන්ධව රටේ අර්බුද අවස්ථාවක් පැනනැගි අවස්ථාවකදී 70.1 ව්‍යවස්ථාවේ මුල් කොටස කියවීමේදී පැහැදිලි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව මෙසේ ය….

70.1 ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටස් 2ක් ඇතුළත් වේ.

පළවන කොටස

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය.

දෙවන කොටස

පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේ ය.

ඒ සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව සහ ජාතින ආණ්ඩුව යන්න අර්ථනිරූපණයකරමින් එනම් ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අර්ථනිරූපණයකරමින් කථානායකවරයා විසින් 2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී සිය තීරණය දැනුම් දීමද සැළකිල්ලට ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව මෙසේ ය…

46.5 ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය….ලෙස දක්වා ඇති බව ඉතා හොදින් පැහැදිලිය.

එසේ වුවත් 2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් 46.5 ව්‍යවස්ථාවේ නොදැක්වෙන ආකාරයට 46.5 ව්‍යවස්ථාව අර්ථනිරූපණයකළ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාවටද පටහැනිව යන ක්‍රියාවක් විය.

2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කළ ආකාරය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ අනෙකුත් පිළිගත දේශපාලන පක්ෂ (බහුවචන) ලෙස දක්වා තිබුණදඑය නොතකා 2015 සැප්තැම්බර් 03 වැනි දින කථානායකවරයා විසින් ඕනෑම පිළිගත් දේශපාලන පක්ෂයක් (ඒක වචන) ලෙස ව්‍යවස්ථාව වෙනස් කළේ ය.

එසේ කරන ලද්දේ 46.1 ව්‍යවස්ථාවේ දැක්වෙන ඇමති සංඛ්‍යාවේ සීමාව වැඩි කර ගැනීම සදහා අවශ්‍ය ජාතික ආණ්ඩුව නිර්මාණය කර ගැනීමටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව 125 ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වේ.

මේ අකාරයට ඉතා පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන වලට පටහැනිව කථානායකවරයා ක්‍රියා කරන ලද්දේ 2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ආණ්ඩුව තනා ගැනීම සදහා ජනතාව ලබා දුන් ජනවරම අනුව ක්‍රියාකිරීමට අවශ්‍ය වූ නිසා බවට කෙනෙකුට තර්ක කළ හැකිය.

මෙම ලිපියේ මාතෘකාව වන “අගමැති අර්බුදය විසදීමට පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවයන්ගේ ඡන්දයකට වඩා රටේ ජනතාවගේ ඡන්දයක් එනම් ජනමතවිචාරණයක්පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයිද?” යන්න සාකච්ඡා කිරීමේදී ව්‍යවස්ථාවේ 3, 4 සහ 86 ව්‍යවස්ථා සැළකිල්ලෙන් අධ්‍යයනය කිරීම වැදගත් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව මෙසේ ය….

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව මෙසේ ය….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 ව්‍යවස්ථාව මෙසේ ය….

මේ අනුව සළකා බැලීමේදී 3, 4, 46.5, 70, 85, 86 සහ 125 ව්‍යවස්ථා සමග අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධව පැනනැගී ඇති අර්බුදය පාර්ලිමේන්තුව තළ පවත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයකින් නොව සමස්ථ ඡන්ද දායකයන්ගේම සහභාගීත්වයෙන් පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් එනම් ජනමතවිචාරණයකින් සිදුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් බවත් ඡන්ද පිපාසයෙන් ඉන්නා ජනතාවට එය මහත් සහනයක් වන බවත් පෙනී යයි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
2018.10.29

Published on: Oct 31, 2018- මහජන බැංකුවේ (People’s Bank) සභාපතිවරයා ලෙස සිටිමින් සිය බලය අවභාවිතා කරමින් තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් රටේ ජනතාවගේ මුල්‍ය වරප්‍රසාද පාවාදුන්, රේල්ලුවේ රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් මාටිය ගසා පසුව කෙලවෙමින් තිබියදි සිරිසේනගේ ගිලේන නැවට පැන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් වි එම වැරදි වලට සමාව ගත් කූප්‍රකට හොරෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු නැමත්තා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ජනාධිපතිවරයා දිගින් දිගටම ආණ්ඩුවේ පාර්ශවයක් වන එක්සත් ජාතික පක්ෂයට චොදනා කලේ ඔහුන් හොරු බවයි. හොරුන් සමග තමන්ට සිටින්නට බැරි බව පැවසු සිරිසේන ජනාධිපතිවරයා අවසානයේ කම්බ හොරෙකු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කර තිබේ.

හේමසිරි ප‍්‍රනාන්දු වැඩ පහලින් කියවන්න 

http://198.211.112.164/archives/19134

http://198.211.112.164/archives/19211

http://198.211.112.164/archives/19402

Published on: Oct 30, 2018 – ව්‍යවස්ථාවට පිටුපාමින්,ශ්‍රිලනිපයේ කිසිදු ජ්‍යෙෂ්ඨයෙකුගේ අදහස් විමසිමකින් තොරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තින්දුව හේතුවෙන් මේ වනවිට ශ්‍රිලනිපයේ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බහතරය සොයා ගැනිමට නොහැකි විමත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව වසා දැමිමත් මෙන්ම මේ වන විට ආණ්ඩුවේ සියලුම බලයන් සිය අනසකට රාජපක්ෂ කල්ලියේ විවිධ පුද්ගලයන් විසින් යටකර ගැනිම හේතුවෙන් 2015 ජනවාරියේ සිට මෛත්‍රී සමග සිටි ශ්‍රිලනීප කණ්ඩායම මේ වනවිට අසරණ වි ඇති අතර ඒ හේතුවෙන් නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවයි.

මේ අතර අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ජනාධිපති සිරිසේනගේ මුහුණටම මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවත් රාජපක්ෂලා සමඟ දේශපාලන දීගයකට ගොස් රෙදි නැතුව පාරේ යනවාට වඩා දේශපාලනයෙන් සමුගෙන ගෙදර යැම සැපක් බවයි.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ දැරූ ඇමතිවරුන් කැඳවු අවස්ථාවේ දුමින්ද දිසානායක සදහන් කර ඇත්තේ..

“2014 වසරේදී රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්වී පැමිණියේ මෛත්‍රීපාල සිරිසේන වෙත තිබූ පෞද්ගලික හිතවත්කමකට පමණක් නොව රාජපක්ෂ රෙජීමයේ තිබු ඒකාධිපති දුෂිත පවුල් පාලනය අවසන් කිරීමේ චේතනාවෙන් බවත් එතරම් අවධානමක් ගත් තමන් ඇතුළු පිරිසට කිසිඳු දැනුම්දීමක් සිදුනොකර රාජපක්ෂලා නැවත රජ කරවන්න ජනාධිපති සිරිසේනට හැකිනම් තමන්ටද ස්වාධීන අදහසක සිට කටයුතු කිරීමට හැකි බවයි. ”

කිසිදු අවස්ථාවක තමන් පදුරට නොකියා පළායන ආකාරයේ නිවටයකු නොවන බවත් යනවානම් ජනාධිපතිතුමාගේ අතට බුලත් අතක් දි යන බවද දුමින්ද සදහන් කර තිබේ.ඊයේ (29) කැබිනට් අමාත්‍යධුරයන්හි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට දිවුරුම් දෙන ලෙසට ජනාධිපතිවරයා කල යොජනාවද ඔහු විසින් ප්‍රතිකේෂ්ප කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපති චන්දිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ගැනිමේ වගකීම දැනටමත් බාරගෙන ඇති අතර ඇයගේ මැදිහත් විමෙන් විශේෂ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Published on: Oct 28, 2018- ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හසුවූ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාව පොළඹවා ගෙන දුෂ්කරතාවට පත්කළේ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චොදන එල්ල වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරිමේ මෙහෙයුමේ මෛත්‍රී වෙනුවෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ව්‍යවස්ථා විරෝධී අකාරයට කල බවත් කුමන්ත්‍රණය සිදුවන තෙක් මෛත්‍රී හැර වෙනත් කිසිවෙක් මේ සම්බන්ධව දැනසිටියේ නැති බවටද ඔහුන් චොදන කර තිබේ..

ඒ.බී දිසානායක සමඟ මහින්ද පාර්ශවය වෙනුවෙන් ගනුදෙනු සිදුකර ඇත්තේ බැසිල් රාජපක්ෂය. එහිදී බැසිල් රාජපක්ෂ එස්.බී දිසානායක යොදවා මෛත්‍රී ජනාධිපතිට දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 පෙන්වීම වෙනුවෙන් තමන් එජාප මන්ත්‍රී කණ්ඩායමක් එකතු කරගෙන සිටින බවත් අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවය.

එසේම එජාප උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ සමඟ එජාපයේ කොටසක් සෘජුව සම්බන්ධ වන බැවින් කිසිඳු ගැටළුවක් ඇති නොවන බවද බැසිල් රාජපක්ෂ පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් රවී සහ විජේදාස සම්පූර්ණයෙන් මේ වනවිට මහින්ද අතහැර දමා ඇති අතර මෛත්‍රී සහ මහින්ද වැඩිපුරම විස්වාසය තබා ඇත්තේ අර්වී සම්බන්ධයෙන් වන අතර තමන් සමග මන්ත්‍රීවරුන් 21 සිටින බව් රවි පවසා ඇති අතර තමන්ට මුදල් ඇමතිකම ලබා දෙන්නේ නම් 21 දෙනාම බහුතරය පෙන්විම සදහා කටයුතු කරනු ඇති බවයි.

නමුත් ඊයේ උදෑසන කොළඹ ජයික් හිල්ටන් හෝටලයෙ විශේෂ සාකච්ඡාවක් අතරතුර රවී ඉවත්ව ගොස් ඇති අතර ඊයේ සවස සිට සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ සිට පක්ෂ කටයුතු මෙහෙයවිම ආරම්භ කිරිමත් සමග රවී මහින්ද සහ සිරිසේනට කොකා පෙන්වා ඇති බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ.

Published on: Oct 28, 2018- වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකාරුවන් කිහිප දෙනෙකුටමද විවිධ පාර්ශ්වයන් දුරකතන් ඔස්සේ තර්ජනය කරමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිමත් සමග පිටතින් ඇතුලු වු දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් මාධ්‍ය ආයතන තුල කලබල කාරි තත්ත්වයක් ඇතිකිරිමට විරෝධය දක්වමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

බල හුවමාරුවකට මුවාවෙමින් මාධ්‍යවේදීන් බිය වැද්දවීම වහාම නතර කරනු!

දේශපාලන අවශ්‍යතාවයක් හදිසියේම සිදුකල ආණ්ඩු වෙනසත් සමග යලිත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් භිය ගැන්විමට ඇතැම් කල්ලි කණ්ඩායම් දරණ උත්සහයන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිමු.

පෙරේදා (26) දිනයේ හදිසියේම නව අගමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිමත් සමග පිටතින් ඇතුලු වු දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් චණ්ඩින් ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රය තුල දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරිමට කටයුතු කර තිබේ.

ජනමාධ්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණ එහි රැඳී සිටිනු දක්නට ලැබුණ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමග මෙම් නොසන්සුන්කාරි තත්ත්වය ඇතිවි තිබේ.

ආයතනයේ මාධ්‍යවේදින්ට මෙන්ම අනිකුත් සේවකයන්ට දැඩි පරුෂ වචනයෙන් බැණවැදි ඇති මන්ත්‍රී කණ්ඩායම සමග පැමිණි හෙංචයියන් පසුව පිවිසුම් දොරටුවේ සවිකර තිබූ අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් කිරිමට කටයුතු කර තිබේන අතර එයට විරෝධය දැක්වු සේවකයන්ට තර්ජනාත්මක අකාරයට බැණවැදි තිබේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාකාරියෙකු ලෙස හදුන්ව ගන්නා අයෙකු රූපවාහිනි සංස්ථවේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරීන්ට “ඔකුන්ට ගහලා එලවපල්ලා” යනුවෙන් ආවේගශීලිව කල ප්‍රකාශයන් මේ වනවිටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.ඊට අමතරව තත්ත්වය පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් කිසිදු දැනුම්දිමකින් තොරව රූපවාහිනියේ විකාශන කටයුතු නතර කර දැමිමටද කටයුතු කර තිබේ.

මීට අමතරව වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකාරුවන් කිහිප දෙනෙකුටමද විවිධ පාර්ශ්වයන් දුරකතන් ඔස්සේ තර්ජනය කරමින් සිටින අතර මාධ්‍ය නිදහස අගයන කිසිදු කණ්ඩායමක් මෙම තර්ජනයන් අනුමත නොකරන බව නොරහසකි.

දසවසරක පමණ අදුරු යුගයේ මාධ්‍යවේදීන් සිය ජිවිත වලින් පවා වන්දි ගෙවමින් 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය නැමති මිත්‍යා ආණ්ඩුවක් පත්කර ගත් නමුදු පසුගිය වසර තුන හමාරක පමණ කාලය තුල රටේ මාධ්‍ය නිදහස අපේක්ෂිත මට්ටමට ගෙන ඒමට පාලකයින් සමත් නොවූ නොරහසකි.

තත්ත්වය එසේ පවතින අවස්ථාවක බල හුවමාරුවකට මුවාවෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමින් හැසිරුණු සියලුම දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් බල හුමාරුවලට මුවාවි මාධ්‍යවේදීන් දඩයම් කිරිමත්, මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරිමත් වහාම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප වගකිවයුතු පාර්ශවන්යන්ගෙන් ඉතාම වගකිමෙන් යුතුව ඉල්ලා සිටිමු.

Published on: Oct 27, 2018 – පාර්ලිමේන්තුවේ බහුතර පෙන්වු වහාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඑමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කිරිමට තින්දු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා,

අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදි එක්සත් ජාතික පෙරමුනේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවේදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර වහාම පාර්ලිමේන්තුව කැදවිමෙන් පසුව බහුතරය පෙන්වා ආණ්ඩුව යලිත් පිහිටුවිමෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන එන බවයි.

මේ අතර නව රජයේ ඇමැති මණ්ඩලය හෙට (28දා) දිවුරුම් දීමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක් සමග නව රජය පිහිටුවීමට නියමිත බවයි ඔහු සදහන් කලේ.

Published on: Oct 27, 2018- ආප්ප කා මාරුවි 2015 ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඡන්දයෙන් ජනාධිපති වි රටම ඇන්දවු මෛත්‍රීපාල සිරිසේන බහුතරය සම්පූර්ණ කිරිමට නොහැකි විම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල් දැමිමට මෛත්‍රීපාල සිරිසේන කුමන්ත්‍රණ කරමින් සිටින බව වාර්තා වේ.ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නද පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්විම අනිවාර්යයෙන් කලයුතු වන අතර මේ වනවිට දෙපැත්තෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විම සදහා අවශ්‍ය මන්ත්‍රී සංඛාව සපුරාලීම සදහා මෙහෙයුම් දියත් කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

19 වන සංශෝධනය අනුව අගමැතිවරයෙකු ලෙස පුද්ගලයෙකු පත්කළ හැක්කේ අගමැති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත් පමණි. 19 වන සංශෝධනය අනුව එසේ පුරප්පාඩුවක් ඇතිවිය හැක්කේ සිටින අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් හෝ නඩු තීන්දුවකින් හෝ ඡන්ද පෙත්සමකින් හෝ ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වුවහොත් පමණි.

ඒ කිසිවක් නොවී ඇති තැනෙක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ පත්වීම සපුරා නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී වන බව රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කල අතර එ අනුව එක්සත් ජාතික පෙරමුණ අගමැතිවරයා ඉවත් කිරිමට මෛත්‍රී ගත් තින්දුව සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාමාර්ග ගනිමින් සිටි.

මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබාදිම සදහා කොන්දේසි කිහිපයකට මෛත්‍රී- මහින්ද අතර එකඟතාවක් ඇතිකරගෙන ඇති අතර මාස 3කට පසුව යලිත් ජනාධිපතිවරණයක් පැවැත්විමටත් එහිදි සන්ධාන ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල ඉදිරිපත් කිරිමටත් එකඟතාව පලකර තිබේන බව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ඒ අනුව ගෝඨාභය ජනාධිපති කිරිමේ සිතල මෙහෙයුම් සාර්ථකව පරාජය කිරිමට මහින්ද කටයුතු කර ඇති බවද ඔහු සදහන් කළා.

Top