Published on: Oct 26, 2018- 2020 ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය යලිත් ලබාදිමේ පොරොන්දුව මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදි ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුවත්ව් ඇත්තේ එම දිවුරුම් දිම අතරතුර වන බවද වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තින්දු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වු විශේෂ ලිපියද මේ වනවිට කතානායකවරයාට ලබාදි තිබේ.

මේ අතර අදාළ දිවුරුම් දිම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වන අතර ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් යටතේ ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Published on: Oct 26, 2018 – සති ගණනාවකට පස්සෙ නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ පොඩි දේකට නොවෙයි. රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමේ කතාවක් සම්බන්ධයෙන්. ඒ චෝදනා කරන පුද්ගලයා නාමල් කුමාර කියල පොලිස් ඔත්තුකරුවකු බව පැවසෙනවා. ඔහු තාම අත්අඩංගුවට පත් වෙලා නැහැ. ඔහු සරත් ෆොන්සේකා ගැනත් කියනවා. මෙහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. නාලක – නාමල් කටහඬ පට 123කින් 122ක් ද කොහෙද සැසඳෙනවා කියනවා. ඒ සංඛ්‍යා වැරදි වෙන්න පුළුවන්. එහෙත් ඒ සංඛ්‍යා ප්‍රතිශතය එ ජා පක්‍ෂය වෙනුවෙන් ජ වි පෙ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයේ ව්‍යවස්ථාවට එකඟ නොවන වගන්ති ප්‍රතිශතයටත් වඩා බෙහෙවින් ඉහළයි. ජ වි පෙරමුණට දැන් වෙනින් වාර්තාවක් ගැන හිතන්න වේවි. පහුගිය දා පැවති ජන උද්ඝෝෂණයේ රතු කමිස ඇඳගත් පාක්‍ෂිකයන්ගේ හා රතු කමිස ඇඳනොගත් පාක්‍ෂිකයන්ගේ එකතුවේ ප්‍රතිශතය කීයද දන්නෙ නැහැ.අනුර කුමාර රතු කමිසයක් ඇඳ සිටියේ නැති නිසයි ඒ විධියට ප්‍රශ්න කරන්නෙ.

සරත් ෆොන්සේකා කියා ඇති ආකාරයට ම කවුරු හරි චෝදනාවක් කරපු ගමන් වැඩ තහනම් කරන්නවත් අත්අඩංගුවට ගන්නවත් බැරි බව පිළිගන්න ඕන. ඒත් සමහරුන් අත්අඩංගුවට ගන්නෙ පරීක්‍ෂණයට පෙර. දැන් නාලක ද සිල්වා අත්අඩංගුවට අරන් තියෙන්නෙ චෝදනාවල මොනව හරි වැදගත් දෙයක් තියෙන නිසා ද? නාලක ද සිල්වට පසුව ඇප ලැබෙයි ද? ඒක පොලීසිය උසාවියට ඉදිරිපත් කරන කරුණු මත රඳා පවතින්නක්. නාමල් කුමාරගෙ කතා අනුව ඉන්දීය ජාතිකයකුගෙ නමත් කියැවෙනවා. ඒ ඉන්දීය ජාතිකයා මානසික රෝගියකු බව මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ක්‍ෂණිකව කියා සිටියා. ඔහු රෝ ඔත්තුකාරයකු බවට කතා පැතිර යනවා.

රෝ ඔත්තුකාරයන් කාලයක සිට මෙරට ඉන්නවා. එහෙත් ඔවුන් නම් කරන එක තරමක් අමාරු වැඩක්. රෝ ඔත්තු සේවය තම ඒජන්තයන්ගෙ නම් ලැයිස්තු මුහුණු පොතේ පළ කරන්නෙ නැහැ. ඒත් වැඩවලින් අතීතයෙන් කතාවෙන් සහ තවත් කරුණුවලින් යම් නිවැරදිතාවක් සහිත ව ඔවුන් ගැන කියන්න පුළුවන්. දැන් මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයේ ඉන්න රෝ ඔත්තුකාරයන් ගැන කියනවා. එහෙම ඉන්නව නම් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් නොවන මන්ත්‍රීවරුන් (ඒ කොපමණ ද කියා හරියට දන්නේ නැහැ) අතරත් රෝ ඔත්තු කාරයන් ඉන්න පුළුවන්.

මහින්ද අමරවීර ඇමති මණ්ඩලයේ රෝ ඔත්තඔරකැවන් ප්‍රසිද්ධියේ නම් කරන එකක් නැහැ. එහෙම නම් කළොත් ඔවුන් ඔහුට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒත් තවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද කෙනකු කියා තිබුණා ඇමති මණ්ඩලයේ රෝ ඔත්තු කාරයන් නැහැ කියලා. ඒ මහින්ද රාජපක්‍ෂ. අද නම් ඔහු කුරුණැගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. නාමල් රාජපක්‍ෂ තම පියා වෙනුවෙන් තමන්ට හරියට ගලප ගන්න බැරි කතාවක් කියලා තිබුණා.

මට තියෙන ප්‍රශ්නය මහින්ද රාජපක්‍ෂ හරියට ම දැන හිටියෙ කොහොමද ඇමති මණ්ඩලයෙ රෝ ඔත්තඔරකැවන් නැති බව. ඔහු මහින්ද අමරවීරට ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. අමරවීර ඒ කතාව මෛත්‍රිපාලයි අනෙක් ඇමතිවරුයි එක්ක බේරා ගනීවි. ඉන්දීය ට්‍රොයිකාව දැන් ක්‍රියාත්මක නැති නිසා ඔවුන් ප්‍රශ්න කරන එකක් නැහැ. ඉන්දියාව ඒ ගැන ප්‍රශ්න කළත් ඒ ජනාධිපතිගෙන් හරි අගමැතිගෙන්.

මහින්ද රාජපක්‍ෂ හරියට ම දැන හිටියෙ කොහොමද ඇමති මණ්ඩලයෙ රෝ ඔත්තු කරුවන් නැහැ කියලා. ඔහුට නිච්චියට ම ඒ බව කිවුවෙ කොහොම ද? නාමල් රාජපක්‍ෂ කියන කතා ගැන මා සැලකිලිමත් වන්නේ නැහැ. ඔහු තාම වැඩ පුරුදු වෙනවා. ඔහු හා සජිත් එක හැළියේ බත් කන අය. ඒත් එක ම හැළියෙ නොවෙයි. මහින්ද රාජපක්‍ෂ ආරක්‍ෂා කළෙ අමාත්‍ය මණ්ඩලය ද? එහෙමත් නැත්නම් රෝ සංවිධානය ද?

මහින්ද රාජපක්‍ෂ කියන කතා මහින්ද අමරවීර කියන කතාවලට වඩා ඉන්දියාවට හා ඇතැම් බටහිර රටවලට වැදගත්. මහින්ද රාජපක්‍ෂගෙ කතාවෙන් කියැවුණෙ රෝ ඔත්තුකාරයන් ඇමති මණ්ඩලයෙ නැති බව. ඉන්දියාවට ඒක සහතිකයක් වුණා.

මහින්ද රාජපක්‍ෂ 2015 දි කිව්වෙ ඔහු පරාජය කෙළෙ රෝ ඔත්තු සේවය කියලා. ඒක හරියට ම හරි. මෙරට ඇතැමුන් රෝ ඔත්තු සේවය පඩි ලැබූ අය හෝ පඩිවත් නොලැබූ ඉත්තන් වූ බව පැහැදිලියි. ඊනියා යුග පෙරළිකරුවන් ගැන කාටත් වඩා මෛත්‍රිපාල දැන ගන්න ඕන. ඒ අය පෙරළපු ආණ්ඩුවක් නැහැ. අර සාධාරණ සමාජ කාරයොත් කසකාරයන් පමණයි. පෙරහැර සංවිධානය කෙළෙ රෝ ඔත්තු සේවය. පෙරහැරෙ වැඩම කළ රතන හිමිත් දැන් භාරකාර ආණ්ඩු කතා දේශනා කරනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

මහින්ද රාජපක්‍ෂගෙ ඇමති මණ්ඩලයෙත් රෝ ඔත්තුකාරයන් ඉන්න ඇති. මෛත්‍රිපාලගෙ ඇමති මණ්ඩලයෙත් රෝ ඔත්තුකාරයන් ඉන්න පුළුවන්. රෝ ඔත්තු සේවය ඔත්තු කරුවන් පත් කරන්නෙ අපට කියලා නො වෙයි. මෙරට විදෙස් ඔත්තු සේවාවන් ක්‍රියාත්මකයි. ඉන් වඩාත් ම බලවත් රෝ ඔත්තු සේවය වෙන්න ඕන. ඉන්දියාවට ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. ඒක ඉන්දියාව නිදහස ලැබූ දින සිට ම තියෙන එකක්. පනික්කාර් කිව්වෙ ඉන්දියන් සාගරය ඉන්දියාවෙ සාගරය කියලා. ඒක තාම වෙලා නැත්තෙ ඉන්දියාවට පහළින් පිහිටි අපේ රට නිසා. රට කුඩා වෙන්න පුළුවන්. එහෙත් දෙවුන්දර තුඩුවෙන් දකුණට දක්‍ෂිණ ධ්‍රැවය දක්වා ම වෙනත් ගොඩ බිමක් නැහැ. හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක්.

මහින්ද රාජපක්‍ෂ තම ස්ථාවරය වෙනස් කරගෙන ද? පුවත්පත්වලට අනුව ඔහු කියා තිබෙනවා මහින්ද අමරවීරගෙ කතාව භයානකයි ඒත් ආණ්ඩුව නිහඬයි කියලා. එහෙම නම් එය යහපත් වෙනසක්. මහින්ද රාජපක්‍ෂට ජනතාවගෙ නාඩි තේරෙනවා. ඒත් නාඩි අල්ල ගන්න ටික වෙලාවක් යනවා. ඒ වෙලාව දවසක සිට අවුරුදු කිහිපයක් වෙන්න පුළුවන්. කොහොමටත් මහින්ද රාජපක්‍ෂට ඉක්මණට ජනතාවගෙ නාඩි අල්ල ගන්න පුළුවන් නම් හොඳයි.

~~ කාළය ~~

Published on: Oct 26, 2018- යහපාලන ආණ්ඩුව ගෙන එමට උත්සහ දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත විදේශ කටයුතු අමාත්‍යවරයා හරහා ක්‍රියාත්මක වන අතර ඒ අනුව අත්තනෝමතිකව යම් සංවිධානයක කටයුතු තහනම් කරන්න ඇමතිවරයාට බලය ලැබෙන අතර ඒ අනුව අවශ්‍ය ඔනෑම මොහොතක ආණ්ඩුවට එරෙහි වන බවට චොදනා නගමින් මාධ්‍ය ආයතනයක් වසරක කාලයක් තහනම් කිරිමටද ඔහුට බලය ලැබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ අද අනවරණය කළා.

මිට අමතරව බරපතළ වගන්ති ගණනාවක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පෙන්වා දුන්නා.

පසුගිය සැප්තැම්බර් 17වැනිදා ආණ්ඩුව කලින් පැවති ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය සිංහලෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කොටුම්පත ලෙස හඳුන්වනු ලැබ තිබුණත් ඉංග‍්‍රීසියෙන් සඳහන් වන්නේ ‘කවුන්ටර් ටෙරරිසම් බිල්’ ලෙසයි. අපි දන්නවා එදා 1979දී ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයා 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉදිරිපත් කළා. ඔහු මේ නීතිය පැනවූයේ තාවකාලික පදනමිනුයි.

නමුත් ඉතාම කෙටි කාලයකින් ඔවුන් මෙය ස්ථීර විධිවිධානයක් බව පත් කළා. මේ පනත මගින් ත‍්‍රස්තවාදයට පමණක් නෙමෙයි ආණ්ඩුවට එරෙහි වන සියලූ දෙනාට එරෙහිව පාවිච්චි කළා. සැබැවින්ම ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා යැයි කියමින් ආණ්ඩුවට එරෙහි සියලූ දෙනා මර්දනය කරන්න, හිංසා පීඩා කරන්න මේ පනත පාවිචිචි කළා. 1979 මේ පනත ගේන කොට ඔය කියන ආකාරයේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ප‍්‍රබලව මතුවෙලා තිබුණේ නැහැ. එදා තිබුණේ ජේ.ආර්.ගෙ අලූත් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් විසින් දියත් කරන ලද විරෝධතාවයක්. ඒවා මැඩපවත්වන්න තමයි මේ පනත ගෙනාවේ.

පසුකාලීනව යුද්ධය අවසන් වීමෙන් පස්සෙ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුව තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ විදිහට මේ ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත නැමැති ජනතාව මර්දනය කිරීමේ අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ සිටිනවා. 1979 මේ පනත හඳුන්වාදුන් අවස්ථාවේදීත් අපි ඒ බව ඉතා පැහැදිලිව කියා සිටියා. මේ පනත ආණ්ඩුවට එරෙහි. ආණ්ඩුව විවේචනය කරන්නවුන් මර්දනය කිරීම සඳහා ගෙන එන පනතක් බව අපි කිවුවා. අදත් අපි කියන්නේ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියන එක.

ඒ.එස්.පී. කෙනෙක් ඉදිරිපිට ලබා දුන් කටඋත්තරයක් ප‍්‍රතික්‍ෂේප කරන්න බැහැ….

එහෙම කියන්න හේතුව තමයි මේ පනත මගින් පොලීසියට පුළුවන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉදිරිපිට ලබාදෙන සාක්ෂියක්, ඕනෑම අයෙකුගේ කටඋත්තරයක් ඔහුට එරෙහිව පාවිච්චි කරන්න. පොලීසිවලින් අමානුෂික ලෙස වධහිංසා පමුණුවලා බලහත්කාරයෙන් ප‍්‍රකාශවලට අත්සන් ලබා ගන්නා බව අපි කවුරුත් දන්නවා. මේ නිසා යම් පුද්ගයෙකුට අකමැත්තෙන් බලහත්කාරය නිසා පොලීසිය හදන කටඋත්තරයට අත්සන් කරන්න වෙනවා. අධිකරණයකට ගිහිල්ලා ඒ පිළිබඳව ප‍්‍රකාශ කරද්දී එය ඒ.එස්.පී. කෙනෙක් ඉදිරිපිට ලබා දුන් කටඋත්තරයක් නම් ඔහුට එය ප‍්‍රතික්‍ෂේප කරන්න බැහැ. අධිකරණය එය පිළිගන්නවා. පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් විශාල ලෙස සිදුවුණා. නිවැරදිකරුවන් වැරදිකරුවන් බවට තීරණය කෙරුණා. ඒ වගේම මාස 18ක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැතිව, නඩු පැවරීමකින් තොරව රඳවගන්න පුළුවන් වුණා. ඒ මාස 18 ඉවරවෙනකොට නැවත දික්කිරීමක් කරන්නත් පුළුවන් වුණා. ඒ විදිහට අවුරුදු 10-15 සිරගත කරලා තියාගන්න පුළුවන් වුණා. අදත් බොහෝ දෙනෙක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙලෙස අත්අඩංගුවේ ඉන්නවා. ඔවුන් තමන් නිවැරදිකරුවන්ද, නැද්ද යන්න දැනගැනීමට අධිකරණවලට ඉදිරිපත් කරලා නැහැ. එය ඉතාම අමානුෂික පනතක්. කෙනෙක් සැකකරුවෙක් විදිහට අවුරුදු 10-15 තියාගන්න එකේ කිසිම සාධාරණත්වයක් නැහැ. කෙනෙක් අධිකරණයෙන් වරදකරු වුණාට පස්සේ සිරගත කිරීමක් කරන්න පුළුවන්. නමුත් මේ පනතෙන් වැරදිකාරයෙක් නොකර වසර ගණනක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ බලයක් තියෙනවා. මේ අමානුෂික පනත අහෝසි කළ යුතුයි.

භයානක වගන්ති

මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී පොරොන්දුවක් දුන්නා, මේ පනත අහෝසි කරනවා කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරපු ඒකාබද්ධ ප‍්‍රකාශය අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දුවක් දුන්නා. ඇත්තටම අපි මේ පනත අහෝසි කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය කියන නිසා නෙවෙයි. ඔවුන් කිව්වත් නොකිව්වත් රටේ සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට මෙවැනි පනත් බාධාවක්. ඒ නිසා ඒවා ඉවත් කළ යුතුයි. දැන් ආණ්ඩුව කරලා තියෙන්නේ අවුරුදු තුනහමාරක් ගත වෙලා ඒ පනත ඉවත් කරනවා කියලා ප්‍රෝඩාවක් කරන එකයි. ආණ්ඩුව කරලා තියෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීම් පනතේ වගන්ති කිහිපයක් ඉවත් කරලා අලූත් පනතක් ගේන එක. සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉදිරිපිට කරන පාපොච්චාරණයක් සාක්ෂියක් විදියට මේ පනතේ පිළිගන්නේ නැහැ. ඒ වගේ මතුපිටින් පේන කරුණු කීපයක් ඉවත්කර තිබෙනවා. හැබැයි ඊට වඩා භයානක වගන්ති කීපයක් නව පනතට එකතු කර තියෙනවා.

වෘත්තීය කි‍්‍රයාමාර්ග ත‍්‍රස්තවාදී වැඩ විම..

නව පනතේ හානිකර වගන්ති ගණනාවක් තිබෙනවා. වෘත්තීය සමිති, රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සේවකයින් තමන්ගේ අයිතිවාසිකම් නොලැබුණාම ඔවුන්ගේ කේෂත‍්‍රවල යම් අසාධාරණකමක් සිදුවුණාම විරෝධය පළකරනවා. ඔවුන්ට විරෝධය පළකිරීමේ අයිතියක් තියෙනවා. ඒක ඔවුන්ගේ අයිතිවාසිකමක්. මේ පනත යටතේ ජනාධිපතිවරයාට ඔවුන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කළ හැකියි. ගැටලූව තිබෙන්නේ එම අත්‍යාවශ්‍ය සේවාවන්වලට බාධාකිරීම ත‍්‍රස්තවාදී කටයුත්තක් ලෙස මෙම පනතින් විස්තර කර තිබීමයි. එය අතිශය භයානක තත්වයක්. පවතින නීතිය යටතේ ඔවුන් ත‍්‍රස්තවාදී කටයුත්තකට වරදකරුවෙක් වුණේ නැහැ. නමුත් නව පනත යටතේ එසේ විය හැකියි. එම වෘත්තීය කි‍්‍රයාමාර්ග ත‍්‍රස්තවාදී වෙන්නේ කොහොමද?

ත‍්‍රස්තවාදය පෙන්නල මේ කරලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ විරෝධය දැක්වීමේ අයිතිය පැහැර ගැනීම. මේ පනතේ සඳහන් වෙනවා යම් අත්‍යවශ්‍ය යටිතල පහසුකමකට ප‍්‍රවර්ධන පහසුකමකට බාධා ඇතිකිරීම හෝ අලාභ හානි සිදුකිරීම හෝ ඒ සඳහා මැදිහත්වීම වරදක් විදිහට. එය බරපතළ තත්වයක්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට රැලියක්, රැස්වීමක් හෝ පෙළපාලියක් නතර කිරිමේ බලයක්!

ඒ විතරක් නෙවෙයි 62වැනි වගන්තියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට නොඅඩු නිලයක් දරන්නා වූ පොලිස් නිලධාරියෙකුට යම් නිශ්චිත ස්ථානයක ඒකරාශී නොවන ලෙසට, නිශ්චිත රැලියක්, රැස්වීමක් හෝ පෙළපාලියක් නොපවත්වන ලෙස නියෝග දිය හැකියි. සාමාන්‍ය නීතිය යටතේ එවැන්නක් කළ නොහැකියි. එවැනි නියෝග ලබදිය හැක්කේ විවිධ තත්වයන් යටතේ අධිකරණයටයි. නමුත් උසාවියට පැවරී ඇති රාජකාරිය මෙහිදී පොලිස් නිලධාරියෙකුට පවරා දෙනවා. එවැනි නිලධාරියෙකුට මහජනතාව විසින් සංවිධානය කරනු ලබන මහජනතාවගේ කි‍්‍රයාකාරකම් අත්හිටුවීමට බලය පවරනවා. යම් නිශ්චිත ක‍්‍ර‍්‍රියාකාරකමක් නොකරන ලෙසට නියෝග කිරීමට ඔහුට බලය ලබාදී තිබෙනවා. මෙය අතිශය භයානක තත්වයක්. මේවා ත‍්‍රස්තවාදය වළක්වන වැඩ නෙවෙයි. මේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ගෙනා පනතක්.

දුරකතන ටැප් කරන  බලය පොලිසියට

ඒ වගේම අපි දන්නවා ආණ්ඩුව විවිධ අයගේ පුද්ගලිකත්වය නොසලකා දුරකතන ඇමතුම්වලට රහසිගතව සවන් දෙනවා. නීත්‍යානුකූලව ඒක වැරදියි. පුද්ගලික නිදහසට බාධා කිරීමක්. ඒක පුරවැසියන්ගේ පෞද්ගලික කාරණාවක්. දුරකතන ටැප් කරන්න නීතියක් නැහැ. නමුත් නව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 67වැනි වගන්තියේ එම බලය පොලිසියට පවරා ගත හැකි බව සඳහන් වෙනවා. ‘යම් දුරකතනයකට, හඬ පටයකට, වීඩියෝ කතාබහකට හෝ සංවාදයකට හෝ වෙනත් යම් මාධ්‍යයක් හරහා කෙරෙන සන්නිවේදනයකට බාධා කිරීමට, කියවීමට සහ පටිගත කිරීමට, සවන් දීමට’ පොලීසියට බලය ලැබෙනවා. මේක සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිය අහෝසි කර දැමීමක්.

ජනපති,අගමැති,ආරක්ෂක ඇමති අභිබවා විදේශ ඇමති…

ඒ වගේම මේ පනත ගේන්නේ අධිකරණ ඇමතිවරයා නෙවෙයි. මේ පනත ගේන්නේ ජනධිපතිවරයාත් නෙවෙයි, ආරක්‍ෂක ඇමතිත් නෙවෙයි. මේ පනත ගේන්නේ විදේශ ඇමති. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන්න බලාගෙනම තමයි මේ පනත ගේන්නේ. ඒ උවමනාව ඉටු කරන්න තමයි මේ පනත ගේන්නේ. හැබැයි ඒ අතරේ මෙහෙ මර්දනකාරීත්වයට අවශ්‍ය නීතිත් ඒ ඇතුළෙම සම්මත කරගන්නවා. මෙහි 81 වගන්තියට අනුව නීතිය හා සාමය අමාත්‍යවරයාට තහනම් නියමයන් පැනවිය හැකියි. ඒ අනුව යම්කිසි සංවිධානයක් මගින් රැස්වීම්, ක්‍රියාකාරකම් සහ වැඩසටහන් තහනම් කිරීමේ බලය ඇමතිවරයාට ලැබෙනවා. ඔහුට වසරක කාලයක් එය තහනම් කළ හැකියි. එම වසරක කාලය අවසන් වුණාට පස්සේ නැවත එය දික් කිරීමේ බලයකුත් ඔහුට තියෙනවා. ඒ අනුව අත්තනෝමතිකව යම් සංවිධානයක කටයුතු තහනම් කරන්න ඇමතිවරයාට බලය තිබෙනවා. ඒ වගේම යම් තැනැත්තෙකු ‘සිරභාරයට ගැනීමෙන් තොරව ඔහුගේ ක්‍රියාකලාපය විමර්ශනය කිරීමට හැකි බවද එසෙ කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවකදී’ පුද්ගලයෙකුගේ සංචරණයන් පවා සීමා කිරීමට ඔහුට බලය ලැබෙනවා. මාධ්‍ය ආයතනයක් තහනම් කරන්න ඕනෑ වුණොත් ඇමතිවරයාට මේ පනත යටතේ එසේ කරන්න හැකි වෙනවා. ආණ්ඩුවට එරෙහි කියල හිතුණොත්, තමන්ට විරුද්ධයි කියලා හිතුණොත් ඇමතිවරයාට බලය ලැබෙනවා එය වසරක කාලයක් තහනම් කරන්න. එවැනි බරපතළ වගන්ති ගණනාවක් මෙහි තිබෙනවා.

‘රස කවපු විස පනතක්’.

මෙය හරයෙන් ගත්තොත් කලින් තිබුණු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ බරපතළ ලෙස විවේචනයට ලක්වෙච්ච කරුණු කිහිපයක් ඉවත් කර තිබෙනවා. මානව හිමිකම් කවුන්සලයට රැඳවියන්ව පරීක්‍ෂා කරන්න බලය දීලා තියෙනවා. ඒ වගේ කරුණු එකක් දෙකක් තියෙනවා. අනෙක් පැත්තට ඒ පනතෙන් කරගන්න බැරිවෙච්ච ගොඩක් දේවල් මේ පනතෙන් ගෙනත් තිබෙනවා. කලින් විවේචනය වෙච්චි කරුණු ඉවත් කරලා මේ පනතෙන් රසකාරක ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මේක ‘රස කවපු විස පනතක්’. මේකේ කලින් තිබුණු පොලිස් නිලධාරියාගේ බැටන් පොල්ල පොලිෂ් කරලා. දැන් පහර දෙන්න වඩාත් බරපතළ නීති ගෙනැවිත් තිබෙනවා. මේ පනත හරයෙන් ගත්තොත් මේ රටේ පුද්ගල නිදහසට, සියලූ ජනතාවගේ ප‍්‍රජාත්නත‍්‍රවාදී නිදහසට බරපතළ පහරක්. මේක ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කිව්වට මේ පනත හරහා ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය.

සිංහලෙන් එකක්… ඉංග්‍රීසියෙන් තව .එකක්..

මේකේ ලොකුම විහිළුව තමයි ඉංග්‍රීසි පනතේ ‘කවුන්ටර් ටෙරරිසම් ඇක්ට්’ වෙද්දී සිංහල පනතේ කලින් තිබුණු නමම ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ලෙස යෙදීමයි. ඒ කියන්නේ ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට්’ කියන එකමයි. සිංහල නම වෙනස් කරලා නැහැ. ”වැළැක්වීම” කියන එකමයි. නමුත් ඉංග්‍රීසියෙන් ‘කවුන්ටර් ටෙරරිසම්’ කියන්නේ ත‍්‍රස්තවාදයට එරෙහි වීම යන්නයි. ඒ අනුවම පැහදිලියි මේ පනත සකස් කර තිබෙන්නේ කුමකටද යන්න කියන එක. ජනතාව තුළ ත‍්‍රස්තවාදයට එරෙහිව තිබෙන මතය, විරෝධය පාවිච්චි කරලා රාජ්‍ය ත‍්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්න මඟ පාදා ගන්න එක තමයි නව පනතෙන් කරල තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිවම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්, පුද්ගල නිදහස වෙනුවෙන් මේ පනත හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරනවා. මෙැවනි පනතක් රටට තවදුරටත් අවශ්‍ය නැහැ. මේ රටේ සාමාන්‍ය නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙවැනි මර්දනකාරී පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා පරණ පනතත් අලූත් පනතත් දෙකම ආණ්ඩුව විසින් ඉවත් කරගත යුතුයි.

Published on: Oct 25, 2018- සිය ඉන්දීය නිල සංචාරය අවසන් කර පැමිණි වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 22 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපතිවරයා හමුවු අතර ඔහුන් දෙදෙනා අතර පමණක් පැවැති එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති අතර එහිදි සිදුවු සාකච්ඡා මේ වනවිට අනාවරණය වි තිබේ.

එම සාකච්ඡාවේදි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහතා දුන් රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැලකර තිබේ.

ඒ අනුව කුමන ආකාරයකින්වත් තමා කෙරෙහි සැකයක් තබා නොගන්නා ලෙසත් හැමවිටම තමාව විශ්වාසකර වැඩකරනා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් කර තිබේන බව අග්‍රාමාත්‍යවරයා එහිදි අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් ඉන්දිය රජය වැඩිම වැඩකොටස ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තිබියදීත් තමා කෙරෙහි අවිශ්වාසයක් තබාගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි අගමැතිවරයා සදහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වු භෝජන සංග්‍රහයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඉතාම සංවේදිව ඉහත කරනු සැලකර සිටි බවද අගමැතිවරයා ජනපතිට පවසා තිබේ.

භාරතීය ජනතා පක්ෂ පාලනය යටතේ පිටරටක් වෙනුවෙන් ඉන්දියාව වැඩිම වැඩකොටස කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් විශාල වැඩකොටසක් කිරිමට ඇතැයි ද ගැටලූ ඇති අවස්ථාවලදී දිගටම කතා කරමු යැයි කී නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් ශ්‍රී ලංකාවට උදව් කරන බවද සඳහන් කර තිබේන බව අගමැතිවරයා සදහන් කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

Published on: Oct 24, 2018 – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන දුමින්ද ආරියසිංහ මේ වනවිට එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් අප පසුගියදා කරුණු කිහිපයක් අනාවරණය කල අතර 2005 වසරේදි දුමින්ද ආරියසිංහ ආයෝජ්න ප්‍රවර්ධනය සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කෙරුණද ඔහුගේ අසත්භාවි ක්‍රියාකලාපය නිසා විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ තත්ත්වය තනතුරින් ඔහුව පහත දමා අයෝජන ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේම සේවයේ යෙදවීමට කටයුතු කරනු ලැබු අයෙකු බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

මලීක්ගේ රාජකීය රෙකමදාරුව….

2015 පෙබරවාරි මාසයේ සිරිසේන ජනාධිපතිවරයා පත්වෙමින් පසුව ප්‍රකට නීතිඥයෙකු මෙන්ම එවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වන උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කල නමුත් උපුල් ජයසූරිය ඉක්මනින්ම ඉවත් විමත් සමග 2016 ජනවාරි 01 වැනිදා සිට දුමින්ද ආරියසිංහ නැමත්තා අමාත්‍ය මලීක් සමරවික්‍රමගේ රාජකීය රෙකමදාරුව මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසට පත්වු අතර ඒ පසුපස තිබුනේ තනීකරම මලික්ගේ එහෙයි වැඩ කර ගැනිමේ අරමුණ මිස වෙන කිසිවක් නොවේ.

අයෝජන මණ්ඩලයේ සේවා කාලය තුළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස දුමින්ද ආරියසිංහ කිසිදු උසස්වීමක් ලබා ගැනීමට හෝ අත්දැකීම් මත සිදු කළ ව්‍යාපතියක් මත උසස් වීමක් ලබා ගැනීමට සුදුසුකම් නොලැබු පුද්ගලයෙකු වන අතර 2016/2017 වසරේදි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදේශ චාරිකා 44ක් සිදු කළද එකදු ආයෝජනයක් ලංකාවට ගෙන ඒමට සමත් වූයේ නැත.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නොමැතිව අධ්‍යක්ෂවරයා විසින් සිය මාසික වැටුප 850000 දක්වා ඉහළ නංවා ගෙන ඇති අතරම එසේම එය පසුගිය මාසයන් සඳහා ද ලබා ගැනීමටද ඔහු කටයුතු කොට ඇත. එම කාලය තුළ අනුමැතියෙන් තොරව ලබා ගත් මුදල් සම්බන්ධයෙන් විමසීමට ආයෝජන මණ්ඩලය එම අධ්‍යක්ෂවරයාව අයෝජන මණ්ඩලය ඉදිරියිට කැදවූ අවස්ථාවේ උපුල් ජයසූරිය එම කැදවීම එතරම් බරපතල ලෙස නොගෙන ඇති අතර වගකීමෙන් තොරව කටයුතු කොට ඇත. අධ්‍යක්ෂවරයා විසින් ලෝන් එකක් රැගෙන තිබු අතර විගණකාධිපතිවරයා විසින් සිය විමර්ශනය තුළදී මෙම ජනතා මුදල් අවභාවිතාව සොයා ගත් නමුත් අමාත්‍යාංශ ලේකම් විසින් එය ආවරණය කරන ලදි.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සතුව පවතින ඉතා නරක ආකල්ප හේතුවෙන් ආයෝජකයන්ට සිදුවන හිරිහැර පිළිබඳව කිහිප වතාවකදි අමැතිවරයාට පැමිණිලි ලැබුණු අතර එම සෑම අවස්ථාවකදීම අයහපත් ආකල්ප වෙනස් කොට ආයෝජකයන්ට හා සේවකයන්ට සුබවාදි වැඩ වාතාවරණයක් නිර්මාණය කරන ලෙසට ඇමතිවරයා විසින් ඉතා ප්‍රසිද්ධියේ ඔහුට අවවාද කර තිබේ.

අමාත්‍යවරයා විසින් සංවර්ධන නියෝජිත ආයතන පිහිටුවා ලීමට ක්‍රියා කළ අතරම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 25 වෙනි මහලේ ආයෝජන මණ්ඩලයේ නීති අංශය සහ සංවර්ධන නියෝජිතායතන අනවසරයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළ අතර එහි ආයතන ප්‍රධානියා ලෙස මංගල යාපා කළමණාකරන අධ්‍යක්ෂවරයා ලෙස පත් විය. නමුත් මෙම පනත බහුතර පළාත් සභා ගණනාවක් ප්‍රතිකේෂ්ප කිරීමෙන් පසුව මංගල යාපා අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ආයෝජන මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත් කළ අතරම චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පෞද්ගලිකරණය කිරීමේ කාර්යය මෙහෙයවීම බාර දෙනු ලැබිය. ඒ අනුව දකුණු වරාය පරිශ්‍රයේ හා එම ප්‍රදේශය තුළ සිදුවන සෑම ආයෝජනයකටම මංගල යාපා මැදිහත් වීම සිදු කර තිබේ.

ආයෝජන මණ්ඩලයේ සමාගම් වල කොටස් අවභාවිතාව සහ සමාගම් යාන්ත්‍රණය පිළිබඳ පෞද්ගලික සමාගමේ කොටස් අවභාවිතාව සම්බන්ධයෙන් 2011/12 කාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ට එරෙහිව පැවති ආයෝජන මණ්ඩල විමර්ශනයකදි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැඩ තහනමට ලක්වි තිබේ.

ආයෝජන මණ්ඩලයේ සභාපතිගේ වැඩ 

උපුල් ජයසූරිය ඉල්ලා අස්වීම නිසා දුමින්ද රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන්නට යෙදුණි. රත්නායක හර්ෂ ද සිල්වා මහතාගේ ව්‍යාපාර කළමණාකරු ලෙස කටයුතු කළ අතරම මෙම පත් වීම සමඟ ආයෝජන මණ්ඩලයේ කටයුතු වෙනුවෙන් මැදිහත් වීමේ හැකියාව ද සිල්වා මහතාට ලැබුණි. රත්නායක සතියකට පැය කිහිපයක් පැවැත්වෙන ආයෝජන මණ්ඩල රැස්වීම් වලට පමණක් සහභාගි වන අතර තමාගේ සියළු කාර්යයන් අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා තිබුණි. රත්නායක මහතා එටිසලාට් සමාගමේ සමාජිකයෙක් වේ.

තමාට හිතවත් අයෝජන සේවා අධ්‍යක්ෂවරයා සමඟ 2017 වසරේදි අයෝජන මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉතාලියේ සංචාරයක නිරත වී ඇති අතරම එහිදි දුම්රිය ව්‍යාපෘතියේ අයෝජකයින් හමුවීම එම සංචාරයේ අරමුණු වි තිබේන බව මේ වනවිට අනාවරණය තිබේ.

ආයෝජකයන්ගෙන් කප්පම් ගත් තනි කවුළුවේ විමර්ශනය කමිටුව

අයෝජකයන් හරහා ලැබෙන සියළුම පැමිණිලි තනි කවුළුවේ විමර්ශනය කමිටුවක්(single window committee) වෙත යොමු වන අතරම ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව විසුරුවා හැරියත් එය අනීතික ලෙස ක්‍රියාත්මක විය පසුව ජනාධිපතිවරයා මෙම කමිටුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ද අවධානයට යොමු කොට කමිටුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ.

අයෝජන මණ්ඩලය හා එහි අධ්‍යක්ෂවරයා මෙම කමිටුව යොදා ගත්තේ ආයෝජකයන් ද අසීරුවට පත් කරමින් අයෝජන වලට අවශ්‍ය අනුමැතිය පමා කිරීමට බවත් ඒ හරහා කප්පම් ගැනිමේ යාන්ත්‍රනය දියත් කර ඇති බවද මේ වනවිට සිදුකර තිබේන පරික්ෂණ හරහා අනාවරණය වි තිබේ.

ආයෝජන මණ්ඩලය ජනාධිපතිවරයා විසින් පත් කරන අතර එහි සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අභිමත බලයක් ඇත. මේ බව සඳහන් වන්නේ මේ සමඟ අමුණා ඇති ආයෝජන මණ්ඩල පනත තුළය.

http://198.211.112.164/archives/19596

Published on: Oct 24, 2018 – “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති’’ යැයි මාක්ස්වාදයේ ආදි කර්තෘවරුන් ලියූවේ මෙයට වසර 171කට පෙර ය.

දැන් #MeToo නොහොත් ‘මමත් ගොදුරක්’ යන ව්‍යාපාරය අවතාරයක් සේ ස්ත්‍රීන් සිය ලිංගික භාණ්ඩ සේ සළකන පුරුෂාධිපත්‍යවාදී ලෝකය කළම්බවමින් තිබේ. මන්ද යත් #MeToo ව්‍යාපාරයේ ඉලක්කය සේවා ස්ථානයන්හි දී සිදුවන ලිංගික අතවර හෙළිදරව් කරමින් වරදකරුවන් නීතිය සහ හෘද සාක්ෂිය හමුවට කැදවිම නිසා ය. මෙම ව්‍යාපාරය විසින් දැනටමත් ලොව පරසිදුව සිටි පිරිමින් ගණනාවක් ම විශේෂයෙන් ම ඇමෙරිකාවෙහි දී ස්‍ත්‍රී දූෂකයන් ලෙස හෙළිදරව් කර තිබේ. ඒ අතර සිනමා ලෝකයෙහි පරසිදුව සිටි අය ද වෙති.

දැන් #MeToo ව්‍යාපාරය ඉන්දියාව ද කළඹවමින් තිබේ. ස්ත්‍රීන්ට සේවා ස්ථානයන්හි දී මුහණ දෙන්නට වන ලිංගික අතවර වාර්තා කිරීමට බොහෝ දෙනෙකු මැලිවෙති. ඊට හේතුවක් නම් මෙවැනි අතවර එල්ල වන්නේ සේවා ස්ථාන ප්‍රධානීන්ගෙන් සහ ප්‍රසිද්ධ පුද්ලයින්ගෙන් නිසා ය. ඉන්දීය සිනමා නිළියන් මෙන්ම ජනමාධ්‍යවේදීනියන් ද තමන් මුහුණ දුන් ලිංගික අතවර දැන් ප්‍රසිද්ධ කරමින් සිටිති. එය හරියට බැම්මක් කඩා ගෙන එන වැළැක්විය නොහැකි ජල ධාරාවක් වැන්න. දැනටමත් එක් ජේෂ්ඨ ජනමාධ්‍යවේදියකු රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති අතර හාස්‍ය නළුවකු ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉල්ලා අස්වන සේ තෙරපුම් ඉහළ යමින් තිබේ.

තමන් ලිංගිකව අතවරයන්ට ලක් කළ පුද්ගලයින් හෙළිදරව් කරන ස්ත්‍රීන් ට සහාය දෙන බවට ඉන්දීය සිනමා නිශ්පාදයක සංසදය, ඉන්දීය කර්තෘ සංසදය සහ ජාතික කාන්තා කොමිසම ප්‍රකාශ කර තිබේ. තමන් සේවා ස්ථානයන්හි දී මුහණ දුන් ලිංගික අතවර පිළිබඳ වාර්තා දැන් ඉන්දීය සමාජ ජාලයන්හි දිගින් දිගට ම දැක්වෙයි.

ටිවිටර් නම් සමාජ ජාලයෙ හි කරන මැදිහත්වීම්වල දී හෑෂ්ටැග් නමින් ඉංග්‍රීසි බසින් හදුන්වන # යන සළකුණ වචනයකට හෝ අදහසකට යෙදීම මගින් සිදු වන එක් දෙයක් නම් එම අදහස දරණ වෙනත් ඊට දායක වෙමින් එය ප්‍රවණතාවයක් වශයෙන් වර්ධනය කර ගැනීමට මඟ සැළසීමයි. මෙම #MeToo ව්‍යාපාරය 2009 වසරෙහිදී ආරම්භ කරන ලද්දේ අප්‍රිකා- අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන තරානා බෘක් නම් මැදිවයස් කාන්තාවක් විසිනි. ඇය සිය තරුණ දිවියේ සිට ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් සටන් වැද සිටින දිරිය ගැහැනියකි.

එසේ නමුත් එය ව්‍යාපාරයක් ලෙස පැතිර ගියේ 2015 දී ජනප්‍රිය නිළියක ළුූ එලීසා මිලානෝ එම තමන් මුහුණ දුන් එවැනි අතවර ප්‍රසිද්ධියට පත්කර එම හෑෂ්ටැගය අදාළ කරගැනීම සමගිනි. ඉන්පසු ගතවූ මාස තුන තුළ පමණක් #MeToo ටිවීට් පණිවිඩ ලක්ෂ 65ක් සංසරණය විය. #MeToo ව්‍යාපාරය සැළකෙන්නේ සමාජ ජාලයන්හි ඇතිවූ විශාලතම ව්‍යාපාරයක් ලෙස ය.

ඉන්දියාවෙහි ප්‍රතිපත්ති ගරුක ජනමාධ්‍ය මෙම #MeToo ව්‍යාපාරය දිරිමත් කරමින් සහාය දෙමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ‘විකල්ප’ පුවත්පතක් යැයි ආරම්භයේදී කියා සිටි ලේක්හවුසියේ ‘රැස’ පත්තරය ලියන්නේ මෙසේ ය:

‘ගැහැනිය වෙනුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි ටොන් ගණන් බර මහිලා ප්‍රකාශන තිබේ. කාන්තා හිංසනය වැනි ගැලරියේ විසිල් එන කුලඟන කතා තිබේ. එහෙත් ඒවා හුදෙක් ගැහැනිය නහවන සිල්ලර සබන් බෝල මිස, ඇයව ඔසවන පොහොසත් මතවාද නොවේ. පොදු ප්‍රවාහන සේවයකදී ඇගේ අඟපසඟ තෙරපීම නැවතීමෙන්, නිවසේ අඹු සැමි අඬදබර නිවීමෙන්, සනීපාරක්ෂක තුවාවල බදු කැපීමෙන් ඇගේ විමුක්තිය සැලසේ නම්, එසේ සිතන ඇතතන් අතීතයේ සිට නැවත වරක් ගැහැනිය කියවා පැමිණිය යුතුය.’

මේ අදහස් දක්වා ඇත්තේ එහි කතු වැකියෙහි ය. ඊට අනුව ගෘහස්ත ප්‍රචන්ඩත්වයට විරුද්ධව කටයුතු කිරීම සබන් බෝලයකි. මෙසේ ලියන්නේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 60ක් ගාහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වන රටකය! මෙම කතුවරයාට අනුව පොදු ප්‍රවහණ සේවාවන්හිදී ලිංගික අතවරයන්ට ලක්වීමට විරුද්ධවිම ගැලරිය පිනවීමට කරන වැඩ ය. මෙසේ ලියන්නේ මෑත කාලින සියළු ම වාර්තා මගින් සියයට 90ක් තරම් ස්ත්‍රීන් පොදු ප්‍රවාහණ සේවාවන්හිදී ලිංගික අතවරයන්ට ලක්වන බව සනාථ වී තිබිය දිය. #Metoo මෙරට දියත් වූ දිනෙක මෙවැනි රාජ්‍ය මාධ්‍යවේදීන් මොනවා නොලියාවිද?

ඉන්දියාව කළඹවන ස්ත්‍රී ව්‍යාපාරයන් සේවා ස්ථානයේ ලිංගික අතර නතර කරනු වස් පෙරට එන අතර වාරයේම ජනාධිපති සිරිසේන වෙනත් අන්දමකින් ඉන්දියාව මෙරට දේශපාලන සාකච්ජාවෙහි ඉස්මත්තටම ගෙන ආවේ ය.

සිරිසේන නිව්යෝක් නුවරදි ඉන්දියාවට එරෙහිව වාචාල බෝම්බයක් අතහැරියේ 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ නිව්යෝක් නුවරට ගිය සංචාරයේදී ය. . ඒ එල්ටිටීඊ සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර වූ යුද්ධයේ අවසාන සති දෙකහිදී ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් යානා පැමින කොළඹට පොකුරු බෝම්බ දැමිමට සැළසුමක් තිබූ බවට ය. තවද එමඅවදානමට මුහුණ දීමට ඒ අවස්ථාවෙහි මෙරට සිටියේ තමා පමණක් බවය.

ඔහුගේ එම කතාව පුස් බෝම්බයක් බවට පත් කරන ලද්දේ යුද්ධයේ ප්‍රධානීන් වූ එකල ආරක්ෂක ලේකම් වූ රාජපක්ෂ සහ යුද හමුදාපති වූ සරත් පොන්සේකා විසිනි. සිරිසේන ගල් ගිල්ලා මෙන් සිටියා මිස ඒ දෙදෙනාට පිළිතුරක් දුන්නේ නැත. සිරිසේනගෙන් එම ප්‍රකාශය ගැන කවර හෝ ජනමාධ්‍යක් ප්‍රශ්ණ කරන ලද්දේ ද නැත.

දැන් සිරිසේන ඉන්දියාවට එරෙහිව තවත් වාචාල බෝම්බයක් අතහැර තිබේ. එනම් තමා ඝාතනය කිරිමේ සැළසුම පිටුපස ඉන්දීය රෝ ඔත්තු සේවය සිටින බවයි. ඔහු මේ බව කියා ඇත්තේ එසේ මෙසේ් තැනකදි නොව රට පාලනය කරන විධායක ඇමැති මංඩළය හමුවේදී ය.

ජනාධිපති කිසිදු අයුරකින් ඉන්දීය ඔත්තු සේවාවක් ගැන සඳහන් නොකළ බව ඇමැති රාජිත සේනාරත්න දැන් කියා සිටියද ජනාධිපති උපදේශක ලක්තිලක කියන්නේ මෙසේ ය, Speaking to the Daily Mirror, Mr. Lakthilaka said the President had only referred to an Indian intelligence service but not RAW. “The President has spoken in general terms about secret services of attempting to assassinate leaders. The President has assured that Prime Minister of India Narendra Modi was unaware of these moves.’’ ජනාධිපති සිරිසේන, තමා ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉන්දීය ඔත්තු සේවාවක් සිටින බව කී බව ලක්තිලක ප්‍රකාශ කරයි. එමෙන්ම මේ බව අගමැති මෝඩි නොදන්නා බව ජනාධිපති සහතික කළ බවද ලක්තිලක කියයි.. රෝ හැර ඉන්දියාවට වෙනත් ප්‍රසිද්ධ ඔත්තු සේවාවක් නැත. රාජිත සේනාරත්න කියන පරිදි ජනාධිපති ඉන්දී්‍ය ඔත්තු සේවාවක් ගැන සඳහන් නොකළේ නම් අගමැති මෝඩි මේ බව දන්නේ නැතිව ඇති යැයි කිවේ කුමණ කෙංගෙඩියකටද? මෝඩි මෙම ඝාතන සැළැස්ම නොදන්නා බව සහතික කර කිමට සිරිසේනට ඇති සාධක මොනවාද? ඔහු මෝඩිට කතා කළාද? නැත්නම් එකී ඔත්තු සේවාවෙන් ම අසා දැන ගත්තාද? ලක්තිලක සහ සේනාරත්න යන දෙදනාගේ සමූහ ගායනයෙන් මතකයට එන්නේ එකක් කඩතොලු මකා ගන්නට ගොස් ආචාරියා කඩතොලු කීයක් හදා ගත්තේද යන්නයි!

එපමණක් නොව ඉන්දී්‍ය හින්දු පවත්පතට මෙම වාර්තාව සැපයූ මීරා සිවනිවාසන් කියන්නේ තමා ඇමැතිවරු සිවි දෙනෙකුගෙන් මේ බව තහවුරු කරගත් බවය

සිරිසේන සඳහන් කළ බව කියන ‘රෝ’ යනුවෙන් හැදින්වෙන්නේ ඉන්දිය බාහිර ඔත්තු සේවාවයි (Research and Analysis Wing – RAW). එය කෙලින්ම ඉන්දී්‍ය අගමැතිවරයාට වාර්තා කරයි. එමෙන්ම එහි පරිපාලනය බාරව සිටින්නේ අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකි.

වෙනත් රාජ්‍යක අගමැතිවරයා යටතේ පවතින ඔත්තු සේවාවක් විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති වන තමා ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ යැයි ප්‍රකාශ කිරීමට පෙර කොතරම් කරුනු කාරණා විමර්ශනය කළ යුතුද? එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්වන බව දැන දැනම කිරීම තරම් සිරිසේනගේ අන්තර් ජාතික සබඳතා පිළබඳ දේශපාලන දැනුම තියෙන්නේ බිංදුවේද?

සිරිසේන ඇමැති මංඩළයේදී කියා ඇත්තේ කුප්‍රසිද්ධ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව වන සිඅයිඒ කරන කටයුතු ගැන ජනාධිපති ට්‍රම්ප් නොදන්නවා මෙන්ම අගමැති මෝඩිද මේ ගැන නොදන්නවා ඇති බවයි. ඝාතන සැළසුම කාරණයක් ලෙස ඉදිරිපත් කරන සිරිසේන අගමැති මෝඩි නොදන්නවා විය හැකි යැයි කියන්නේ හිතලුවක් ලෙසය.

ඇමෙරිකානු සීඅයිඒ ඔත්තු සේව වුව වෙනත් රටක රාජ්‍ය නායකයකු ඝාතනය කරන්නට සැළසුම් කරන්නේ නම් එය අනීවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ අනුදැනුමට යටත් වනු ඇත. ලංකාවේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට ඉන්දීය අගමැතිවරයා යටතේ ඇති රෝ ඔත්තු සේවය තීරණයක් ගනනවා නම් ඒ බව එරට අගමැතිවරයා අනීවාර්යයෙන්ම දැන සිටිය යුතුය.

සිරිසේනගේ මේ චෝදනාව ඉන්දියාවට එරෙහිව කවර හෝ රාජ්‍ය නායකයකු විසින් කරන ලද මේ වර්ගයේ ප්‍රථම චෝදනාව විය හැකිය. එය අතිශය බරපතල ප්‍රකාශයකි. එම ප්‍රකාශය පසුගිය සතිය පුරා ඉන්දීය ජනමාධ්‍යයන්හි සිරස්තල අල්ලා ගත්තේ ය. දැන් සිය ප්‍රකාශ තහවුරු කිරීම පිනිස කරුනු ඉදිරිපත් කිරීම ජනාධිපති සිරසේනගේ වගකීම යි. එසේ නොකළහෝත් සිදුවනු ඇත්තේ ඔහු යළි දෙකේ කොළයට වැටීම ය.

අනෙත් අතට තමා අඩි හයක් යට වළදැමීමට සිටියේ යැයි ප්‍රසිද්ධියේ කී රාජපක්ෂවරුන් පසුපස බලය අයදිමින් යන ජනාධිපතිවරයකුගෙන් වෙන කුමන කොළයකට වැටීම අපේක්ෂා කරන්නද?

~~සුනන්ද දේශප්‍රිය~~

Published on: Oct 23, 2018 – දුර්වලයකු ලෙසින් විවේචනයට ලක්ව තිබෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්තමාන එජාප නායකත්වයට වක්‍ර ප්‍රහාරයක් එල්ල කරන්නට ජනාධිපතිවරයා සේනානායක සමරුව අවස්ථාවක් කර ගැනිම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද සිරිසේන ජනාධිපතිවරයාට හාස්‍යයෙන් යුතුව ප්‍රහාරයක් එල්ල කළා.

බ්‍රිතාන්‍යයන් රටින් පිටව ගිය පසු රටේ මුල්ම අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ ඩී එස් සේනානායක ඇතුළු එම පවුලේ සාමාජිකයන් සිහිපත්කොට කොළඹ බණ්ඩාරනායක සමරු රඟහලේ පැවති ගුණානුස්මරණයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගතවීමේදී “ඩී එස් ගේ, ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි මම එකතු වෙන්නේ කියලා,” තමන් විශ්වාස කළ බවයි.

ඩීඑස් සේනානායක දේශප්‍රේමියකු ලෙසද, සේනානායකවරුන් දුෂණය, වංචාව, හොරකම හා නාස්තිය නැති චරිත ලෙසද ප්‍රශංසාවට ලක් කළ සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන් නිසා එජාපය ප්‍රබල පක්ෂයක් බවට පත්වී සිටි වගයි.

“නමුත් ඩී එස් ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුනේ,” යි ජනාධිපතිවරයා කණගාටු විය.

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු වන සරත් ෆොන්සේකා විසින් හාස්‍යයෙන් යුතුව බැහැර කරන ලද්දේ “මට හිනාත් යනවා,” යි පවසමිනි.

පොදු අපේක්ෂකයා ලෙසින් තරග වැදී ඔහු 2015 ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාපයේ සහායෙන් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක සහාය ලැබුනේ ප්‍රතිවාදී මහින්ද රාජපක්ෂට බව නොරහසකී.

“එක්සත් ජාතික පක්ෂයේ ඩී එස් සේනානායකලා නෑ තමයි. ඒ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලත් නෑ,” යි ෆීල්ඩ් මාර්ෂල් වරයා සිහිපත් කර දුන්නේය.

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතුයි. වර්තමානයේ කවුරුන් හෝ ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්නට හදනවා නම් එය හාස්‍යයට ලක්විය යුතු කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා. අද ඒ දේශපාලනය කවුරුන් හෝ කරන්න ගියොත් ඔහුට පිස්සු යැයි ජනතාව සිතාවි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වෙමින් ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි අය නායකත්වයේ සිටියා. ඒ අය ප්‍රභූ පැලැන්තියෙන් හෝ වලව් වලින් ආ අය නෙවේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්දය දුන්නා. වර්තමානයේ කව්රුන් හෝ ඩී. එස්.සේනානායක හෝ බණ්ඩාරනායක වෙන්න හදනවා නම් එය හාස්‍යයට ලක්වියයුතු කරුණක්”

කතෘ සටහන …….

ඩීඑස් සේනානායක දේශප්‍රේමියකු ලෙසද, සේනානායකවරුන් දුෂණය, වංචාව, හොරකම හා නාස්තිය නැති චරිත ලෙසද ප්‍රශංසාවට ලක් කිරිමට සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කලද සැබෑවටම ඒ පසුපස ඇත්තේ තමන්ගේ නොහැකියාව බව අමතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.2015 වනවිට අගමැති සිහිනයේ නිදිවදිමින් සිටි සිරිසේන පොදු අපේක්ෂකය බවට පත්ව රටේ ජනතාවට තමන් වංචනිකයෙකු ලෙස තමන්ව් හදුන්වා දුන්නේ හරියටම දින සියයකින්‍ ය.

විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසී කරන බවත් දින සියයේ ව්‍යාපෘති සියල්ල මෙන්ම එයාර්පොර්ට් වසා හොරු අල්ලන බවට දෙඩු වහසි බස් ගැන සිරිසේනට දැන් වගේ වගක් නැත.එපමණක් නොව මුලු රටම සිනාසුරේ ගිල්වමින් සියල්ල පත්තරයෙන් දුටු සිරිසේන අවසානයෙ දින සියයයේ වැඩසටහන හදපු එකාවත් නොදන්නා බව ජනතාව හමුවෙ පැවසුවේ තමන් තවදුරටත් ජනාධිපතිකම සුදුස්සේකු නොවන බව රට හමුවේ පසක් කරමින් ය.

අනිත් අතට ඩී එස් ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය හෝ විජේවිරගේ ජවිපෙ තියා බණ්ධාරණායකලාගේ ශ්‍රිලනිපය හෝ අද නැත එහේම නායකත්වයන්ගෙන් යුත් පක්ෂ අද තිබුනේ නම් සිරිසේන වැන්නේකු අද කිසිවිටකත් බිහි නොවනු ඇත.අනික් අතට හොරකම්,මැරකම් මෙන්ම නීතිය අවභාවිතයේ යෙදවිම සම්බන්ධයෙන් කතා කිරිමට මෛත්‍රීටද කිසිදු සදාචාරත්මක අයිතියක් නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඇතැම්විට සිරිසේනට සියල්ලම අමතක වි තිබෙන්නට පුලුවන නමුත් රටේ ජනතාවට කිසිවක් අමතක වි නොමැත.දැන් දැන් ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට බව අමතුවෙන් කිව යුතු නොවේ.

එකක් ටක්කේටම ලියා තැබිය හැක 2020දි යලිත් පොදු අපේක්ෂකයා කිරිමට එජාපය තින්දුවක් ගතහොත් එදාට ඩී එස් ගේ ඩඩ්ලිගේ එජාපයට වඩා රනිල්ගේ එජාපය මරු යැයි සිරිසේන ඔය කටින්ම කියනු ඇත.

 

තම කීර්ති නාමයට සිදුකළ හානිය වෙනුවෙන් හිටපු දකුණු පළාත් මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගෙන් සහ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (22) නඩුවක් ගොනු කර තිබේ.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් ගොනුකළ මෙම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම නම් කර ඇත.

පැමිණිලිකාර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ඉකුත් ජූනි මස 9දා දෙවැනි විත්තිකාර ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමට අයත් ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ විත්තිකාර මෛත්‍රී ගුණරත්න මහතා තමා මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගෙන ඇති බවට අභූත චෝදනාවක් එල්ල කළ බවයි.

මෙය ද්වේශ සහගත ලෙස සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් බවත් තමා ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයකු ලෙස හුවාදැක්වීම සඳහා විත්තිකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇතැයිද පැමිණිලිකාර වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා සිය පැමිණිල්ලෙන් චෝදනා කර සිටී.

මෙම ද්වේශ සහගත ප්‍රකාශයෙන් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 250ක වන්දියක් සහ තමාට සිදුවූ මානසික හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 250ක වන්දියක් විත්තිකරුවන්ගෙන් අයකර දෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නඩුව පවරා තිබේ.

2018/10/18 දින හා 2018/10/19 වන දිනයන් වල දී සුජීව සේනසිංහ අමාත්‍යවරයා විසින් මාධයය හමු පවත්වා අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව දක්වන ලද අධූරදර්ෂී සඳහා අප සමාගම හා පරිපාලන අධ්‍යක්ෂකවරුන් කරුණු දක්වමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට කැමැත්තෙමු.

ඔවුන් විසින් එක්ව හා තනි තනිව සිටිමින් ප‍්‍රකාශ කර සිටියේ අප සමාගම විසින් යූරෝ බිලියන 5 ක් හෝ නැතහොත් යුරෝ මිලියන 5000 ක ආයෝජනයක් ලංකාවට රැගෙන එන බවය.

අප එම ප‍්‍රකාශය මුලිමනින්ම ප‍්‍රතික්ෂේප කරමු. අප ව්‍යාපෘති යෝජනාවෙන් යෝජනා කොට ඇත්තේ යුරෝ මිලියන 488 ක් අදාළ ව්‍යාපෘති කාල සීමාව තුළ ලංකාවට රැගෙන එන බවය.

පවතින රජයේ වගකිව යුතුයැයි කියන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන් විසින් හිතාමතා සත්‍ය වසන්කොට තමන් හා තමාගේ සගයාගේ හෙලූව වසා ගැීමට අප රටේ වෙසෙන අහිංසක ජනතාව තම බලය යොදවා රැවටීම, මුලාකිරීම හා නොමග යැවීම ඉතාමත් ඛේදජනක ක‍්‍රියාවකි. ඒ මන්දයත් අප ආයෝජන මුලද දස ගුණයකට අධික ප‍්‍රමාණයක් වැඩි කොට විශාල මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා රටේ ජනතාවට ප‍්‍රකාශ කළේ අප පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලය හා අප සමාගමට එවැනි විශාල ආයෝජනයක් රැගෙන ඒමට නොහැකි බව ප‍්‍රායෝගික මට්ටමෙන් සසඳහා එම තත්ත්වය පදනම් කොට ගෙන ලාංකීය ජනතාව තුළ අධිවේදී විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගොතාගත් අසත්‍ය හා ප‍්‍රායෝගික නොවන්නා වූ ව්‍යාපෘතියක් බව තහවුරු කරමින් සුජීව සේනසිංහ මහතාට එල්ල වී ඇති කොමිස් මුදල් ඉල්ලීමේ චෝදනාව නිශේද කිරීමටයි.

අප ආයතනය විසින් නගන චෝදනා අසත්‍ය නම් අප අනාගත ආයෝජනයෙන් ඉල්ලා ඇතැයි පැවසෙන 10% කොමිස් මුදලින් ශ‍්‍රී ලංකා රජයට අති නවීන රෝහලක් ඉදිකිරීමට අප ආයෝජකයින් එකඟ කර දෙන බවට එකඟ වෙමින් ඉහත අප ආයතනය පවසන ආයෝජන මුදලට (යුරෝ මිලියන 488) පමණක් අප ව්‍යාපෘතිය යෝජනා මගින් එකඟ වී ඇත්නම් ඉහත ඇමතිවරු 3 දෙනා ලාංකීය ජනතාවට ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ තම සගයාගේ හෝ තම නියෝජිතයා වන සුජීව සේනසිංහ මහතාගේ හෙලූව වසා ගැනීඹට හිතා මතා, චේතානාන්විතව, ආයාසයෙන් හා තම මුවෙන් පැවසීමේ වරදට ඉතා ඉක්මනින් තම අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වී සියලූ ලාංකීය ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතු බවය.

මෙම වරදට සමාවෙන්න පමණක් කීම අප බලාපොරොත්තු නොවේ.අප හට සිතෙන්නේ සුජීව සේනසිංහ ඉල්ලා ඇතැයි කියවෙන 10% කොමිස් මුදල ඔහුට පමණක් ද? නැතහොත් ඔහුගේ හිතවත් අමාත්‍ය සගයන් කීපදෙනෙකුට ද? මේ පිළිබඳ අල්ලස් දුෂණ කොමිෂන් සභාව ඉතා විදීමත් පරීක්ෂණයක් කිරීම අපගේ හැඟීමයි.

ඉහත කරුණු මත අප අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව ලාංකීය ජනතාවගේ විශ්වාසය රැඳී තිබීම නිසා මෙම අමාත්‍යවරුන්ගේ අසත්‍ය ප‍්‍රකාශ පිළිබඳ දැඩි අවධානයක් ලබා දිය යුතු වේ.

තවද මෙම අමාත්‍යවරු මෙලෙස සෙල්ලම් කරන්නේ ශ‍්‍රී ලංකාවේ අනාගත දු දරුවන් 22500 කගේ අධිතාක්ෂණික රැකියා අවස්ථා ස්ථීරත්වය හා අනාගත විශාල විදේශ විනිමය ආදායමක් මගින් ඩොලරයේ අගය 40% ක ප‍්‍රමාණයකින් පහළ වැටීම, මෙවැනි ඉතා වැදගත් වන්නා වූ රටේ ආර්ථිකයක් වශයෙන් වැදගත් වූ සංවේදිතාවක් ඇතිවන්නා වූ ව්‍යාපෘතියන් පිළිබඳව,

රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරන්නේ අප යුරෝපීය අධ්‍යක්ෂකවරයා ඔහුට දුරකථනය මගින් මරණීය තර්ජනය කළ බවය.

එය මුලූමනින්ම අප අධ්‍යක්ෂකවරයා විසින් ප‍්‍රතික්සේප කරන අතර ඔහු වැඩිදුරටත් මෙසේ ප‍්‍රකාශ කළේ ය. මා සුජීව සේනසිංහ සමඟ සිටගත් විට ඔහුගේ මුලූ උස ඇත්තේ මාගේ උරහිසට වඩා පහත් මට්ටමකිනි. මා ඔහු සමඟ කතා කරන විට මා විසින් කතා කළ යුත්තේ ඔහුගේ උස මට්ටමට පහත් වෙමිනි. මෙවැනි ශරීරයක් ඇති පුද්ගලයෙකුට මා වගේ කෙනෙක් මරණ තර්ජනය කලායැයි පැවසීම මා හට ලැජ්ජා සහගත කරුණකි.

තවදුරටත් පවසා සිටියේ මාධ්‍ය සාකච්ඡාවේදි මරණීය තර්ජනය කළේ යැයි පැවසූ අනිත් අමාත්‍යවරයාගේ නම පවා දැනගත්තේ එම ප‍්‍රවෘත්තියෙන් බවයි. රුපියල් ලක්ෂ 4 ක් ගෙවා ගැනීමට නොහැකිව යුරෝපයට පැන සිටින ඉතා දුප්පත් පුද්ගලයෙක්ගෙන් මරණීය තර්ජනයක් ලැබුණේ යැයි පැවසීම ඔවුන් දරණ අමාත්‍ය නිලයේ තත්ත්වය හෑල්ලූ කරන කරුණකි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට අපගේ යුරෝප අධ්‍යක්ෂකවරයා විසින් අවුරුදු 20-22 අතර කාලයකට පෙර ලබාගත් ලක්ෂ 4 පමණ වූ ණය මුදල මහජනතා මුදල් බව මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකු මංකොල්ලයේ දී, එම මුදල් මහ ජනතාවගේ මුදල් බව නොදැන සිටීම ලැජ්ජාවට කරුණකි. මෙය තීරණය කිරීම ජනතාව සතුය.

අප අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂකවරු බැංකු වලට ගෙවීමට ඇති සුළු මුදල් නොගෙවා ඇත්තේ මුදල් නොගෙවීමට ඇති හොරකම නිසා නොව ණය මුදල් හා බැඳුණු අනෙකුත් ගණුදෙනු හා ඉඩම් වල ඇති ගැටලූ වෙනුවෙන් අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු නිසා ය.

යුරෝපීය අධ්‍යක්ෂකවරයා විසින් තව දුරටත් මෙසේ පවසා සිටියි. මා විසින් රාජ්‍ය බැංකුවකින් ප‍්‍රථම ජංගම ගිණුම් ආරම්භකර ප‍්‍රථම තාවකාලික අයිරා මුදල ලබාගෙන ඇත්තේ මා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයසේ දී ය. එනම් අවුරුදු 16 දී බවත් මා ප‍්‍රථමයෙන් ශ‍්‍රී ලංකා රජයට ආදායම් බදු ගෙවා ඇත්තේ මා ශ‍්‍රී ලංකා රජයේ නීත්‍යානුකූල පුරවැසි වයස් සීමාව ඉක්මවීමටත් පෙර බවත් එම කාලයේ දී තමාගේ වියදම් තමා විසින් සපයා ගත් බවත් එනම් මා එම වයසේ දී කිසිවෙකුගෙන් යැපුනේ නැත. මාගේ වයසට සාපේක්ෂව සුජීවගේ ළමා කාලයේ දී ඔහු ගුරු පවුලක දෙමාපියන්ගෙන් යැපෙන සාමාන්‍යය පාසල් සිසුවෙකි. මා අවසානයේ පවසන්නේ සුජීව වැනි බෝට්ටු පදවන අයෙක් මහා මුහුද ගැන ජාත්‍යන්තර නැවියන්ට කියා දීමට උත්සහ කිරීම වැනි නිශ්පල ක‍්‍රියාවල රාජ්‍ය අමාත්‍ය්‍ය ධුරයක් දරමින් නොයෙදෙන ලෙසට ය.

ළමා කාලයේ සිට වාත්තියෙන් ව්‍යාපාරිකයෙකු හා කර්මාන්ත කරුවෙකු වූ මා ලංකාවේ බැංකු වලින් ණය ලබා ගැනීම හෝ ණය ගෙවීම පිළිබඳව ඇති නඩුකටයුතු නිසා ප‍්‍රමාද වීම ගැන විශ්ලේෂණය කිරීමට තම වෘත්තීය තේරුම් නොගත් මහ ජනතාවගේ මුදල් වංචා කළ මහ ගණුදෙනුවලට මුලින්ම සම්බන්ධ වූ හා එහි බර දරන්නා වූ සුජීව සේනසිංහ වැනි පහුරක් නොමැති බංකොලොත් දේශපාලකයින්ට කිසිදු හැකියාවක් නොමැති අතර ඔවුන් හට ඡන්දය ලබාදුන් මහ ජනතාව ඉදිරියේ ලැජ්ජාවට පත්වන කරුණකි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වී රාජ්‍ය අමාත්‍යවරයාගේ කොමිස් ඉල්ලීම සාධාරණීය කිරීමට තැත් කළ අනෙකුත් අමාත්‍යවරුන්ට කීමට ඇත්තේ දුෂිත අමාත්‍යවරුන්ගේ ශරීරයේ ගෑවී ඇති අස‍්‍රැත එළකිරි පැල්ලම් ඉවත් කිරීමට යාමේ දී ඔවුන්ගේ ශරීරවල ද එම කිරි ගෑවීමට පුළුවන් බවයි.

අප සතුව අක්කර 1500 ඉඩම් ප‍්‍රමාණයක් ඇති බව පැවසීම.

මෙමගින් අපගේ අදහස වූයේ මාගේ මවගේ පරම්පරාවට හිමි ඉඩම් හා මෙම ව්‍යාපෘතියට යොදාගැනීම වෙනුවෙන් අප විසින් පුද්ගලික හිමිකරුවන් සමඟ ගිවිසුම් ගත වී ඇති ඉඩම් ප‍්‍රමාණයි.

මෙම ඉඩම් සියල්ල වෙන වෙනම වෙනත් ස්ථානවල පිහිටා ඇත. අප ඉල්ලන්නේ එක තැනකින් තැනිතලා අක්කර 2000 කට අධික ඉඩම් ප‍්‍රමාණයකි. එය අප යොදාගන්නේ තත්ව පරීක්ෂණ ධාවන පතයක් නිර්මාණය කිරීමටය.

අප ආයතනයේ සමාගම් අධ්‍යක්ෂකයින් ලෙස සිටින්නේ අනුෂ්කා රේණා සහ මාතෙල්ගේ මාග‍්‍රරට් ජයස් යන අය පමණි. ඔවුන් මෙම සමාගමේ ආයෝජනය නොකරයි. මෙම සමාගමේ ආයෝජනය කරන්නේ විදේශීය ආයෝජකයන් පමණි. මෙම ව්‍යාපාර සැලසුම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. අන් සියළු එනම් ඇන්ටන් දේශප‍්‍රිය, නික්ලස් ශ‍්‍රීමාල් යන අධ්‍යක්ෂකවරු සමාගම හා ආයෝජකයින් විසින් ව්‍යාපෘතියේ කළමණාකාරී අධයක්ෂකවරුන් ලෙස පත් කළ නාමික අධ්‍යක්ෂකවරුය.

මෙම ඉහත සඳහන් අධයක්ෂකවරුන්ගේ පුද්ගලික මූල්‍ය තත්ත්වය හෝ පුද්ගලික සමාජ තත්ත්වය මෙම දැවැන්ත ව්‍යාපෘතියට කිසිසේත් බලනොපාන අතර රාජ්‍ය අමාත්‍යවරයාට මෙම ව්‍යාපාතියට විරුද්ධ වීමටය. වෙනත් හේතුවක් නොමැති නිසා අදාළ නොවන්නා වූ ඉතා සුළු කරුණු යොදා ගනිමින් ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතිය ගැන මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රකාශ කරමින් සිටයි.

මෙම ආයෝජන අයදුම්පත ආයෝජන මණ්ඩලයට යොමු කොට ඇති සමාගමේ 100% කොටස් අයිතිය ඇති අනුෂ්කා රේණු යන අධයක්ෂකවරිය ලංකාවේ හෝ ලෝකයේ කිසිදු මූල්‍ය අසාදු ලේඛනක නම සඳහන් වී නොමැත.

සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පළමු මාධය සාකච්ඡුාවේ දී ඉතා තරයේ පවසා සිටියේ සිලෝන් හයිස් ස්පිඞ් රේල්වේ සමාගම ලංකාව තුළ නොමැති වාචික සංකල්පයක් බවයි.

මෙම සමාගම 2015 දී අංක PB52578 යටතේ සංස්ථාපිත සීමා සහිත නීත්‍යානුකූල සමාගමක් බවකි.

සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ දී අපගේ යුරෝපීය අධ්‍යක්ෂකවරයා ආයෝජකයෝ ලෙස රැගෙන ආවේ ‘‘ඉතාලියේ පීසා පුච්චන අය’’ බවට ප‍්‍රකාශ කිරීමය.

එම ප‍්‍රකාශය අප තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර එම දර්ශන Youtub මාධ්‍ය ඔස්සේ නැරඹිය හැක.

සෝසේජස් සමාගම ආරම්භ කිරීමට නික්ලස් ශ‍්‍රීමාල්, ඇන්ටන් දේශප‍්‍රිය විසින් මහජන බැංකුවේ කිසිදු විටක ණයක් හෝ වෙනත් මූල්‍ය පහසුකමක් ලබා ගෙන නොමැත.

රාජ්‍ය අමාත්‍යවරයා අසත්‍ය පවසයි. මෙම සමාගම අයිති වෙන්නේ නිකලස් ශ‍්‍රීමාල් අයට මිස අන්ටන් දේශප්‍රිය යට නොවේ. මෙය මඩ ප‍්‍රහාරයක් ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මාධය ඉදිරිපිට පවසයි. මෙම මගින් චේතනාන්විතව අප ව්‍යාපෘතිය අපහාසයට ලක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ මුල්ම මාධ්‍ය සාකච්ඡාවේදි දී මාධ්‍යයට පවසා සිටියේ ඉතාලියේ දී මෙම අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කිසිදු ආයෝජකයෙක් හමු නොවූ බවය. පසුව පවසා සිටියේ එම ආයෝජන මුදල් කළු සල්ලි බවය. දෙවන මාධ්‍ය හමුවේ දී පවසන්නේ සිලෝන් හයිස්පිඞ් රේල්වේ සමාගම ලියාපදිංචි නොකළ සමාගමක් බවය. තුන්වන මාධ්‍ය හමුවේ සිරිකොත පක්ෂ කාර්යාලයේ දී කියා සිටියේ එම සමාගමේ සිටින්නේ බැංකු මගින් ණය ලබාගෙන නොගෙවූ අධ්‍යක්ෂකවරියක් බවය.

මෙය හිතාමතාම අප සමාගමේ කොමිස් මුදල් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට ඇති වී ඇති මානසික මට්ටමයි.

Nuove F r ance Italian Spa යන PLC සමාගම අප සිලෝන් හයිස්පිඞ් රේල්වේ ලිමිටඞ් අධ්‍යක්ෂකවරිය විසින් යුරෝ ලක්ෂ 2 ක මුදලක් (එනම් රුපියල් මිලියන 40 ක් පමණ) ඉතාලියේ තැම්පත් කොට 2015 වර්ෂයේ දී අධිවේදී දුම්රිය ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය යටතේ ආරම්භ කර ඇත. මෙම සමාගම් දෙක අදාළ රටවල් වල නීත්‍යානුකූල සමාගම් වේ. රාජ්‍ය අමාත්‍යවරයා සෑම විටම පවසන්නේ අසත්‍ය ප‍්‍රකාශයන්ය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට අප අධ්‍යක්ෂකවරුන්ට මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධ වීමට අවශ්‍ය නම් රුපියල් මිලියන 40 කට අධික ප‍්‍රමාණයක් තැන්පත් කර හා වියදම් කර ඉතාලියේ දුම්රිය ක‍්‍රියාත්මක කරවන PLC සමාගමක් ආරම්භ කළ යුතුවේද? මොහුගේ අසත්‍ය ප‍්‍රකාශ මගින් ලාංකීය ජනතාව සෑම විටම නොමග යැවේ.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ කළු පැල්ලම් නොමැති බවය.

ලාංකීය ජනතාව හැටියට පසුගිය වසර කිහිපය තුළ සුදු රෙදි ඇදගෙන රාජ්‍ය මුදල් වංචා කිරීමේ චෝදනාවට සම්බන්ධ යැයි රට තුළ සියලූ මාධ්‍ය පැවසූ ලේඛනයේ ප‍්‍රථමයෙන් නම සඳහන් වන්නේ මෙම රාජ්‍ය අමාත්‍යවරයාගේ නම සහ තනතුරයි. තවද තමා විසින් ලබා ගත් නීත්‍යානුකූල නොවන මුදල් නැවත ලබා දීම් හෝ එම මුදල් වලින් සමාජ සුබ සාධන කටයුතු කිරීමට මාධ්‍ය ඉදිරියේ සඳහන් කළේ සුජීව සේනසිංහ අමාත්‍යවරයා නොවේද?

රාජ්‍ය අමාතයවරයා පවසන්නේ තනි කවුළු කමිටුව වෙත 3 න් වතාවක් මෙම ව්‍යාපෘතිය යොමුකොට තුන් වතාවක් ප‍්‍රතික්ෂේප වී ඇති බවයි.

නමුත් ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිතුමා පවසන්නේ කමිටුවට තුන්වතාවක් ඉදිරිපත් කල අතර එහිදී අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන ආයෝජකයින් විසින් ලබා දීමට ප‍්‍රමාද වීම නිසා මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීම ප‍්‍රමාද වී ඇති බවයි. ආයෝජකයා එම ලිපි ලේඛන ලබා දෙන්නේ නම් අනුමැතිය දීමට කටයුතු කිරීමට හැකි බවයි. මෙමගින් ද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට පවසන්නේ අසත්‍ය බව තහවුරු වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහු විසින් ඉතාලියේ දී හඳුන්වාදුන් ඔහුගේ මිතුරු භාෂා පරිවර්තකයෙක් බවත් වෙනත් පරිවර්තකයෙක් පිටතින් ලබා ගන්නේ නම් ලක්ෂ 10 ක මුදල් ප‍්‍රමාණයක් ගෙවීමට සිදුවන බවත් ය.

අප විසින් ප‍්‍රශ්න කර සිිටින්නේ ඉතාලියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රෝමය හා මිලානෝවල සිටින භාෂා පරිවර්තකයින්ගේ කාර්යය කුමක්ද බවයි. මෙැවනි අසත්‍ය පවසමින් කොමිස් ගැනීමට හා ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය යටපත් කළ හැකිද? මෙමගින් පෙනේ හට තිබෙන්නේ ඔහුගේ මිතුරෙකු හඳුන්වාදීමක් බව ඉතා මනාව පැහැදිලිය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඔහු ඉතාලියේ ආයෝජකයින්ට දේශනයක් පැවැත්වීමට පැමිණි බවයි.

නමුත් ඔහු පැමිණි තිබුණේ අපගේ ආයෝජකයින් මුණගැසිමට බව ඔහුගේ පැමිණීම අප හට නීත්‍යානුකූලව දැන් වූ රෝමයේ අප තානාපති කාර්යාලයේ සේවය කරන දෙවැනි නිළධාරියාවන සෝමසේන මහදිවුල්වැව මහතා අප හට දන්වා ආරාධනා පත් එවා තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයා එම හමුවේ දී පවසන්නේ අධයක්ෂක ජෙනරාල්වරයා සමඟ කතා කොට අප හට පසුව දන්වන ලෙසය. (youtube.com දර්ශන නරඹන්න) මෙම ආකාරයට අසත්‍ය පැවසීම ඉතා අවලස්සන ක‍්‍රියාවකි.

අප යුරෝපීය අධ්‍යක්ෂකවරයා පදිංචි වී සිටින්නේ ඉතාලියේ බව පැවසීම අසත්‍යකි. අපහට ඉතාලියේ සමාගම් 3 ක් පවතී. නමුත් ඔහු පදිංචි වී සිටින්නේ ඉතාලියට ආස්නන රටකය. ඔහු ඉතාලියට යනවා එනවා පමණි. මෙයද අසත්‍යකි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ අපගේ ආයෝජකයින් ලංකාවට පැමිණෙන්නේ ඇයි දැයි ඇසූ විට ඔවුන් උත්තර නොදුන් බවයි.

නමුත් ශධඹඔඹඊෑ වීඩියෝව බලන්න. කණ්ඩායමේ ප‍්‍රධානියා පවසන්නේ අඩු වියදම් නිෂ්පාදනය නිසා ලංකාවට පැමිණෙන බවය. එවිට රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ “Ok I got it, Ok I got it” කියාය.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන ආකාරයට ආයෝජකයින් ඔහු හමු වී ඇත්තේ පළමු තාවට බවය.

නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මුලින්ම අධයක්ෂක ජෙනරාල්වරයා වන දුමින්ද ආරියසිංහ හා මහින්ද රාමනායක මහත්වරුන්ව ඉතාලියට එවා අපගේ ආයෝජකයන්ගේ සියළුම විස්තර ලබාගෙන තිබුණි. මෙම කරුණ තහවුරු කිරීමට පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරයා පවසන දේ බලන්න. ආයෝජන මණ්ඩලය මගින් ඔහුව පෙර දැනුව්ත කර තිබීම.

රාජ්‍ය අමාත්‍යවරයා හා අපගේ ආයෝජකයන්ගේ හමුව වීඩියෝ කිරීම කර තිබුණේ අපගේ යුරෝපීය අධ්‍යක්ෂක විසින් තනි අතිනි. අනිත් අතින් සියළුම ලිපි ලේඛන දරාගෙන සිටින ලදි. ඔහු එම ක‍්‍රියාවට විරුද්ධ නම් විරුද්ධ විය යුත්තේ එම අවස්ථාවේ දී ය. මෙය ‘‘පය භරවායට පිටිකර බෙහෙත් බැන්දා සේ ය.’’

අපගේ ආයෝජන මුදල් තියෙන්නේ කොහේද යන්න එම හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා විමසූ විට අප යුරෝපීය අධ්‍යක්ෂකවරයා පවසන්නේ ‘‘පුද්ගලික කැපිටල් ෆන්ඞ් එකක්’’ ඇති බවයි.

මෙය වටහා ගැනීමට ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය දැනුමක් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාට නොතිබීම අභාග්‍යයට කරුණකි. youtube.com වීඩියෝ බලන්න)

මෙම ආයෝජන මුදල් නැවත ලංකාවේ ආයෝජනයට ලබාදුන් රටට ගෙන එන්නේ කෙසේද? බව රාජ්‍ය අමාත්‍යවරයා විමසයි. ඒ සමඟ ඔහු ඡුඡුඡු හෝ ඊධඔ යන ක‍්‍රම ගැන කිහිපවිටකම විමසයි. එවිට අප යුරෝපා අධ්‍යක්ෂකවරයා පවසන්නේ ,භදල භදල භද, අපි නැවත ගෙන එන්නේ දුම්රියන් වශයෙන් බවයි.

එම ජාත්‍යන්තර පුද්ගලික ආයෝජන ක‍්‍රමවේදය නොදන්නා, කාන්තාවන් පුහුණු කිරීමේ පළපුරුද්ද සහිත ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා උස් හඩින් උත්තර දෙයි. පසුව අප අධ්‍යක්ෂකවරයා නැවතත් පැහැදිලි කිරීමට පටන් ගෙන පසුව එය මෙම රාජ්‍ය අමාත්‍යවරයාට පහදා දෙයි. මෙමගින් අපට වැටහෙන්නේ රජයට ණය ගන්නා ක‍්‍රම පමණක් හා ඒවායේ කෙටි නාමයන් පමණක් පිළිබඳව සුළු දැනුමක් රාජ්‍ය අමාත්‍යවරයාට ඇති බවයි. youtube.com වීඩියෝ බලන්න පළමු කොසට ඉතාලි හමුව)

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මාගේ ආයෝජකයින්ට ඉංග‍්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි බවයි.

නමුත් ඔවුන් සෑම විටම අමාත්‍යවරයා සමඟ කතා කරන්නේ ඉතා උසස් ඉංග‍්‍රීසි භාෂාවෙනි. කිසිවිටකත් අමාත්‍යවරයා පවසන භාෂා පරිවර්තකයා මැදහත් නොවේ. හමුව අවසානයේ දී රාජ්‍ය අමාත්‍යවරයාගේ භාෂ පරිවර්තකයා කියාගත් පුද්ගලයාව හඳුන්වා දෙයි. එසේ හඳුන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයාට කෙලින්ම සම්බන්ධ ඉතාලි ජාතික බිරිඳක් විවාහ කරගෙන සිටින ඔහුට කිට්ටු මිතුරෙකුය. youtube.com වීඩියෝ බලන්න.

අපගේ හා පිට අයගේ ස්ථිර අදහස වනුයේ මෙම කොමිස් චෝදනාවට පසුව රාජ්‍ය අමාත්‍යවරයා විසින් නීතිමය උපදෙස් ලබාගෙන මෙය පවසා ඇති බවයි.

තවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා ඇති ඉතා වැදගත් කරුණක් නම් ඔහු සමඟ කටයුතු කරන්න. අප ආයොජකයින්ගේ අතීත කර්මාන්ත ඉතිහාසය අද්දැකීම් ලබා නොදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම සියළු තොරතුරු ආයෝජන මණ්ඩලයට සපයා ඇත. ඒ බව ඔවුන් විසින් නිල මුද්‍රාව තබා අත්සන් කොට අප හට පිටපත් ලබා දී ඇත.

අප පවුල පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා හා අනිකුත් අමාත්‍යවරුන් දක්වන අදහසට අප පිළිතුරු දැක්වීමට කැමැත්තෙමු.

නික්ලස් ශ‍්‍රීමාල් හා ඇන්ටන් දේශප‍්‍රිය යන අයගේ පියා නුවර මුතුකුඩ වලව්වේ තුන්වෙනි පරම්පරාවේ වැඩිමහල් දරුවා වන අතර ඔහු රාජ්‍ය පරිපාලනයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළ ආචාර්ය උපාධියක් සහ අනිකුත් උසස් අධ්‍යාපන සුදුසුකම් වලින් යුත් රාජ්‍ය සේවකයෙකි. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම නිර්මාණය කොට එහි අධයක්ෂක ලෙස සේවය කර ඇති ගොඞ්ප‍්‍රි මුතුකුඩ යන නමින් ප‍්‍රසිද්ධ වූ ඉතා කීර්තිමත් රාජ්‍ය සේවකයෙකි. ඔහු හෘදයාබාධයකට ලක්ව මිය ගියේ පාකිස්ථානයේ පැවති සාර්ක් සම්මන්ත‍්‍රණයට ලංකාව නියෝජනය කරමින් සිටිය දී එම සම්මන්ත‍්‍රණය පවත්වන අවස්ථාවේ දී ය. (1994-06-16)

ඔවුන්ගේ මව අනුරැස් භාණ්ඩාර වලව්වේ හතරවන පරම්පරාවේය. ඇයට දායාද වූ ඉතා විශාල ඉඩම් ප‍්‍රමාණයක් ඔවුන් වෙසෙන ප‍්‍රදේශයේ ඇති බව දැනගත හැක. ඇය උපාධිධාරී ගුරුවරයෙකි. ඇය ඉඩම් හිමි වැවිලිකාරිණියක් හා ගොවිපල් ව්‍යාපාරයක අයිතිකාරණයකි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පියා හේවාදිවල ප‍්‍රදේශයේ ජීවත්වන ගුරුවරයෙකි. ඔහුගේ මව කුඩාගම ප‍්‍රදේශයේ ජීවත්වන චන්ද්‍ර මිස් නමැති ගුරුවරියයි. මොහුගේ පියා සහ මව උරුමයෙන්ම පදුකුලයෙන් පිහිටීම නිසා එම ගති ලක්ෂණවලින් පරි පවුලක් විය. එයට හොඳම උදාහරණයක් ලෙස ඔහුගේ පියා පාසලේ ඉගැන්වීම් කටයුතු කරන අවස්ථාවල හමුවන උසස් කුලයේ දරුවන් හට ඉතා සැර වචනයෙන් කතා කොට දඬුවම් කරනු ලබන්නේ කුල භේදයේ ඇති ඊර්ෂ්‍යාව පෙන්නුම් කරමිනි. ඔහු ජීවත්වූයේ ද ඉහළ කුලයේ පුද්ගලයින්ට ඉතා ඉර්ෂ්‍යාව දක්වමින්ය. පසුව අමාරුවෙන් නීතීඥ විභාගය සමත් වී නීතීඥවරයෙකු වුව ද ගමේ සිටි අය පදු කුලය හේතුවෙන් ගරු බුහුමන් නොදැක්වූ නිසා ඔවුන්ව නොදන්නා කුලයෙන් උසස් තැනැත්තන් ජීවත්වන නුවර ප‍්‍රදේශයට සංක‍්‍රමණය විය. නීතීඥයෙකු නිසා තවදුරටත් වානිජකරණය වෙමින් නැවත කොළඹ ප‍්‍රදේශයට සංක‍්‍රමණය විය. පසුව ඔවුන් කොළඹ ප‍්‍රදේශයේ ජනතාවට පැවසූවේ ඔවුන් නුවර සිට පැමිණි බවය. කෙටියෙන් පැවසුවහොත් සුජීව සේනසිංහ පදුකුලයේ පවුලක දෙවැනි පරම්පරාවේ දරුවෙකි. මෙය ඔහු විසින්ම මනාව තහවුරු කරන්නේ ඔහු විසින් මාධයවේදීන්ට කතා කරන අවස්ථාවේ දී හා ඔහු හට තරහා ගිය විටය. ඔහුගේ පදුකුලයේ ගති ලක්ෂණ ඔහු පැවැත් වූ සියළුම මාධ්‍ය සාකච්ඡුාවන් වල දැකගත හැක.

සිරිකොතේ සන්නස් නාමය යටතේ පැවති මාධ්‍ය සාකච්ඡාව අප හට පැවසිය හැක්කේ බුදුසරණයි කියා ගසාගත් ලොරියක් මතට ගවයින් ප‍්‍රවාහනය කිරීම වැනි ක‍්‍රියාවකි.

ඉහත කරුණු සියල්ලෙන් ම අප හට ප‍්‍රකාශ කිරීමට ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කොමිස් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම නිසා ඔහු විසින් මෙම ව්‍යාපෘතිය හොර ව්‍යාපෘතියක් ලෙස මාධ්‍ය හරහා සමාජ ගත කිරීමටයි. අප අධ්‍යක්ෂකවරුනේගේ සුළු ගැටලූ විශාල කර, සමාජ ගත කර ජනතාව තුළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අප‍්‍රසාදයක් ඇති කිරීමටය.

අප ආයතනය උගත් මාධ්‍යවේදීන්ට දන්වා සිටින්නේ හුදෙක් ඉහත පිළිතුරු රාජ්‍ය ඇමතිවරයා නගා තිබූ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයුවා මිස අපගේ ප‍්‍රමුඛ ඉලක්කය වනුයේ අප යුරෝපීය සහකරුවන් සමග මෙම ව්‍යාපෘතිය මගින් ලංකාව තුළ 90% ක ප‍්‍රමාණයකින් රට තුළම අධිවේගී දුම්රිය කට්ටල නිෂ්පාදනය කොට අපනයනය කිරීමටය. මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභ රටට ලබාදීමටය. මෙම ක‍්‍රියාව කිරීම පිළිබඳ අප අධ්‍යක්ෂක මණ්ඩලය ඔබ තුමන්ලාට සහතික වෙමු.

සභාපතිණිය
අනුශ්කා රේණු

Ceylon High Speed Railways Limited

Published on: Oct 21, 2018- රනිල් ඉවත් කිරීමේ අවශ්‍යතාව අද ඒකාබද්ධ විපක්‍ෂයේ/පොදුජන පෙරමුණේ බොහෝ දේශපාලනඥයන්ට වැටහිලා කියා මා හිතන්නේ නැහැ. අද බොහෝ දෙනා ඊනියා සභාග/භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරනවා. දැන් තියෙන්නෙත් සභාග ආණ්ඩුවක් මිස තනි පක්‍ෂයක ආණ්ඩුවක් නො වෙයි. භාරකාර ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණයි. ජනාධිපතිටවත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ජ වි පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ ඇතැමුන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියන්නෙ හොඳ සිහියෙන් ද? දහනවවැනි සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් අයට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 2020 ජනවාරි වෙනකන් බලා ඉන්න වෙයි.

ඒත් ව්‍යවස්ථාවට එකඟ ව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ ගැන අප කියන්න වෙලා අවුරුදු තුනකට වැඩියි. එහෙත් එයට විරුද්ධ වීම තමයි මෑතක් වන තුරු කෙරුණෙ, අදත් කෙරෙන්නෙ. එහි දී විවිධ කොන්දේසි ඉදිරිපත් කෙරුණා. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකකුත් හෙවිල්ලක් තමයි වුණේ. අප ඉදිරි ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් හෝ ගැන කතා කෙළේ නැහැ. රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට තමයි අප කතා කෙළේ.

ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නැහැ. 2015 ජනවාරි 9 වැනි දා කඩිමුඩියේ රනිල් අගමැති කෙළේ මැතිවරණයකින් ජනමතය උරගා බැලීමෙන් නො වෙයි. ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හිටියෙ හතළිස් ගණනයි. කවුරුන්වත් ඇහුවෙ නැහැ රනිල්ට මන්ත්‍රීවරුන් 113 දෙනකු ඉන්නව ද කියා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබූ තැනැත්තා අගමැති කළා. මෙහි වැදගත් වචන තම මතය අනුව යන්නයි. මේ තත්වය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙනුත් වෙනස් වුණෙ නැහැ. අද මැතිවරණ ගැනයි 113 ගැනයි කතා කරන්නෙ නොදැනුවත් ව නොව ජනතාව මුළා කරන්න. කෝඳුරු තෙල් හත්පට්ටය තිබුණත් තව ටිකක් හොයන්න.

අද ඇතැමුන් කියනවා ශ්‍රී ල නි ප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු ය කියා. එහෙම කළොත් මන්ත්‍රීවරුන් 106 දෙනකු ඉන්න එ ජා පෙරමුණ ඉබේ ම ආණ්ඩුව වෙනවා. අද කළ යුත්තේ යම් ක්‍රමයකින් රනිල් හා එ ජා පෙරමුණු ඇමතිවරුන් ඉවත් කර මහින්ද අගමැති කර වෙනත් ඇමතිවරුන් පත් කිරීමයි. එහෙත් ඒක වෙයි ද? ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ/ශ්‍රී ල නි පක්‍ෂෙ ඇතැමුන් එයට විරුද්ධව නොයෙක් කතා කියනවා. කලිනුත් කිව්ව. ඉන්දියාව මොක ද කියන්නෙ. ඔවුන්ට ඕන ගෝඨාභය නවත්තල පසුව මෛත්‍රිපාල ඉවත් කරන්න ද? රනිල් මෝදි හමුව කුමක් සඳහා ද?

කතාව තරමක වෙනස් මගක් ගත්තෙ මහින්දගෙ ඉන්දියා ගමනෙන් පස්සෙ. මාස තුනකට පිටරට ගිය බැසිලුත් හදිසියේ ආවා. ඔහු නම් කියන්නෙ ගිය වැඩේ අවසන් වූ නිසා තව නිවාඩු තිබුණත් රටේ යහපත සඳහා ආපසු පැමිණි බවයි. අප දේශපාලනඥයන් කියන කතා හැම එකක් ම පිළිගන්න ඕන නැහැ. දැන් දැන් මහින්ද – මෛත්‍රිපාල, බැසිල් – මෛත්‍රිපාල හමුවීම් ගැන අහන්න ලැබෙනවා. ඒක හොඳයි. කවුරුන්වත් බැසිල් සිරිජාතිවාදියකු කියන්නෙ නැහැ. සමහර විට ඔහු ජාතිකවාදියකු නොවන නිසා සිරිජාතිකවාදියකු වෙන්න බැරිව ඇති. ඒත් ඒ කතාවල අවසානය කුමක් වේ ද?

සමහරු කියනවා මෛත්‍රිපාල විශ්වාස කරන්න බැහැ කියලා. එහෙම කියල රනිල් තවදුරටත් අගමැති ලෙස තියා ගන්නවා ද? රනිල් හා එ ජා පෙරමුණේ ඇමතිවරු රට විකුණනවා. විකුණන්නෙ මුදලට නොවැ. රනිල් කොටින්ට වන්දි ගෙවන පනත විතරක් නොවෙයි විස්ස මුවාවෙන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් රට බෙදන පනත් ද සම්මත කර ගනීවි. ඔහුගේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති නිසා අද දෙමළ ජාතිවාදය හිස ඔසවනවා. අනෙක් අතට අපට අනෙක් දේශපාලනඥයන් විශ්වාස ද? 2008 -2009 වකවානුවේ ඉන්දියාවෙ ටොයිකාවක් (ත්‍රිත්වයක්) සමග සාකච්ඡා කළ ලංකාවෙ ට්‍රොයිකාව පොරොන්දු වුණෙ මොනවා ද කියන එක 2009 මැයි 19 වැනි දා නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඒ මාසෙ ම 21 වැනි දා ඉන්දියාවෙ ට්‍රොයිකාව ලංකාණ්ඩුව සමග අත්සන් කළ ප්‍රකාශයෙහි සඳහන් වෙනවා. දහතුන ක්‍රියාත්මක කිරීම දහතුන ඉක්මවා යන විසඳුමක් සඳහා දෙමළ පක්‍ෂ ඇතුළු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කිරීම එහි අඩංගු වෙනවා.

අවාසනාවකට අසූවෙ දශකයේත් අනූවෙ දශකයේත් 2008ත් අදත් ලංකාවෙ දේශපාලනය මෙහෙය වෙන්නෙ ඉන්දියාවෙන්. 2015 මහින්ද පරාජය කෙරුණෙත් ඉන්දියාව මුල් වෙලා. අද ඉවත් කරන්න යන්නෙ කාවද? රනිල් ද මෛත්‍රිපාල ද? ඇතැමුන් හිතන්නෙ අප ඉන්දියාව කළමනාකරණය කරනවා කියා. නැහැ ඉන්දියාව අප කළමනාකරණය කරනවා. ඒත් ඉන්දියාව කියල හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරනව නම් එක හොඳයි. එහි භයානක පැත්තක් නැතුවා නො වෙයි.

එසේ නමුත් අද ඊනියා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නැවතත් බාධක ඇති වෙලා. එයට එක් හේතුවක් වන්නෙ නැවතත් 2019 අග ජනාධිපති අපේක්‍ෂක කවුද කියන ප්‍රශ්නය මතු වීම. අද ප්‍රමුඛතාව දෙන්න ඕන රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට මිස ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා තීරණය කිරීමට නො වෙයි. අද දේශපාලනය කියන්නෙ දේශපාලනඥයන්ගෙ හා ඔවුන් ඇසුරු කරන පාතාලයෙ බසින් කියනවා නම් ඩීල් හා ගේම්වලට. ඉන්දියාව අර අඳින්නෙ මොකට ද කියන එක හරියට ම පැහැදිලි නැහැ. මෛත්‍රිපාල හා ගෝඨාභය ඝාතනය කිරීම කතාව තවමත් ප්‍රාථමික මට්ටමක තියෙන්නෙ. මෛත්‍රිපාල රනිල් කරන්නෙ රංගනයක් පමණක් කියලා තවමත් හිතන අය ඇති. එහෙත් පසගිය දා පැවති ඇමති මණ්ඩල රැස්වීමෙදිත් දෙන්න හොඳට ම හැප්පිලා.

මෛත්‍රිපාල කොලඹ වරායෙ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉන්දියාවට හා ජපානයට දෙනවට විරුද්ධයි. ඔහු අර තමන් හා ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවෙ ඉන්න ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකාරයකු යැයි කියලා. රාජ්‍ය නායකයකු වෙනත් රාජ්‍යයක ඔත්තු සේවයක ඔත්තුකාරයකු ගැන කියන එක ලෙහෙසි පහසු දෙයක් නො වෙයි. ඒ කුමක් වුවත් අපට තවමත් නොපෙනෙන කරුණු ඉනදීිය මැදිහත් වීමේ තියෙන බව නම් පැහැදිලියි. දෝෂාභියෝගයකින් මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් ඉවත් කරන්න උත්සාහයක් තියෙනවා ද? කුමන්ත්‍රණ කතා මොනවා ද? ඉන්දියාව වඩා අකමැති රනිල්ට ද මෛත්‍රිපාලට ද? සිරිසේන විරෝධයක් රටේ තියෙනවා. රනිල් තියාගෙන මෛත්‍රිපාල ඉවත් කිරීමට සමහර ජාතිකවාදීන් ද කැමතියි. ගෝඨාභයට අකමැති වෙල්ගම විතරක් නො වෙයි. ඉන්දියාව එක ගලකින් කුරුල්ලන් කිහිප දෙනකු මරන්න සූදානම් වෙනවා ද?

තම ඓතිහාසික කාර්යභාරය දන්නා, දේශපාලනඥයන් ඇහුම්කන් දෙන, උජුපටිපන්න භික්‍ෂූන් වහන්සේ වැඩ වසන්නේ නම් උන්වහන්සේට දේශපාලනඥයන්ට අණ කරන්න තිබුණා ප්‍රමුඛතාව මොකක් ද කියන එක ගැන. එහෙත් අද දුර්වල කර සිටින උන්වහන්සේ අතින් එවැන්නක් සිදු නොවන නිසා ඉන්දියාවට සියලු ප්‍රශ්න තම අතට ගැනීම පහසුයි. ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කිරීමේත් භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු දේශපාලනයට වැඩම්මවීමෙත් පාප කර්මවල විපාකවලටත් අද මුහුණ දෙන්න වෙලා. ලංකාව පාරාදීසයක් ලෙස කලක් පැවතුණා. අද එය කෞටිල්‍යයන්ගෙ කෙළිබිමක්.

~~ කාළය~~

Published on: Oct 20, 2018-  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ ‘රෝ සංවිධානය’ උත්සාහ කරනවා (Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination)යන ශීර්ෂයේ යටතේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ තම වාර්තාකරිනිය සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බවත් එම පුවත ඇය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවතක් බවද ඔහු සදහන් කර තිබේ.

ඉන්දියාවේ ‘පර්යේෂණ හා විශ්ලේෂණ අංශය (Research and Analysis Wing -RAW)’ තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යලය සහ තවත් පාර්ශ්ව කිහිපයක් නිවේදන නිකුත් කළ අතර කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම පුවත් වාර්තා අසත්‍ය යැයි අවධාරණයෙන් කීය.

‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

Our Sri Lanka Correspondent verified what she had learnt with multiple independent sources before publishing her report. Let them issue their lame denials, try to wriggle out of what was said — but we stand by our Correspondent’s meticulously fact-checked story.

N. Ram

“අපේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය තම පුවත වාර්තා කිරීමට පෙර ස්වාධීන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින්ම තමන් ලද තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් කරන්නට ඉඩ දෙන්න. කරන ප්‍රකාශ නිසා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. එහෙත් අපි අපේ වාර්තාකාරිනිය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවත වෙනුවෙන් පෙනි සිටිනවා”.

Published on: Oct 20, 2018- ආණ්ඩු ගැටුමේ තවත් පැතිරෙමින් සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා හෝටල් කළමනාකාර පාසලේ සභාපති සුනිල් දිසානායක මහතා ඉවත් කිරීමට ඇමති ජෝන් අමරතුංග මහතා සූදානම් වන බව වාර්තා වේ.

කලක පටන් පවතින ආරවුලක් මෙයට හේතුව බවද සැලකේ. මේ හේතුවෙන් පසුගියදා යාපනයේ පැවති ලෝක සංචාරක දින සැමරුමට පවා සභාපතිවරයා සහභාගී නොමැත. සුනිල් දිසානායක මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීප හිතවතෙකි.

එක්සත් ජාතික පක්ෂ රජයේ හිතේෂියකු වන කුප්‍රකට මොහාන්ද සිල්වාගේ (දැනට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන) සහෝදරයකු වන දිලිත් ද සිල්වා හෝටල් පාසලේ නව සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරමින් සිට දැනට ලංකාවට පැමිණ සිටින දිලිත් වර්තමානයේ ලංකාවේ පෞද්ගලික හෝටල් පාසලක (වින්ස්ටන් නුගේගොඩ) උපදේශයකයකු ලෙස ක්‍රියාකරමින් සිටීම රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා හෝටල් පාසලේ සභාපති ධූරයට පත්වීම සාමාන්‍ය සම්ප්‍රදායට ඉඳුරාම පටහැනිය.

Top