Published on: Oct 19, 2018- වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලය හරහා කල ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බව අද අනාවරණය වුනා.

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය (17) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කල බවටයි ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කළේ.

“බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා හැරලා නැහැ.” යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද අනවරණය කළා.

ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ

“රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවෙත්, මහජන බැංකුවේත් අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කිියලා ප්‍රවෘත්තියක් පල වුනා. ඒ අමූලික බොරුවක්. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා. අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා එතුමාගේ නිර්දේශ නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා. රටේ ප්‍රධානම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියල. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පලකිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේවගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්. රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා.”

BOI පනත අනුව මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවාලීමට ජනපතිට පුලුවන්

“ BOI පනත අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට පැවරෙයි. ඒ අනුව එම අධ්‍යක්ෂක මණ්ඩලය ඕනෑම අවස්ථාවක පත් කිරීමටත්, ඉවත් කිරීමටත් ජනාධිපතිවරයාට බලය හිමි වන අතර මෙම ඉවත් කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ. අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ වරදක් සිදු වුවහොත් හෝ සිදු නොවුණද ජනාධිපතිවරයාගේ කැමැත්ත අකමැත්ත මත ඔවුන් ඉවත් කිරීමේ බලය හිමිය. අදාළ අධ්‍යක්ෂවරුන් මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබේ.”

Published on: Oct 19, 2018- Diplomatic sources says that Indian intelligence RAW played a decisive role to elect Maithripala Sirisena as the opposition’s common candidate during the 2015 presidential election.

India based on the intelligence report given by RAW, proposed the common candidate proposal to the then opposition leader Ranil WIckramasinghe.

Diplomatic sources reports it was the RAW’s intelligence information which led Ranil Wickramasinghe to change his decision to contest as the presidential candidate.

Under this context, the diplomatic sources are highly concerned of the president’s statement that RAW is trying to kill him. The diplomatic sources further said although the cabinet issued a new statement denying president’s allegation, it is hard to remove the blot.

Meanwhile the Indian security chiefs of India have made a special request from the GOSL to produce all information regarding the assassination plot to kill president Sirisena by RAW as alleged by the president.

The Indian security chiefs have officially informed this request to the Prime Minister’s office and to the foreign ministry through the Indian high commission on the 17th.

සිංහලෙන් කියවිම පහලින් දක්වා ඇත.

http://198.211.112.164/archives/19608

Published on: Oct 18, 2018- වර්ෂ 2015 විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරිමට ප්‍රධාන භූමිකාව රගපෑවේ ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය බව මෙරට තානාපති අංශ ප්‍රකාශ කරයි.

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය එවකට කළ සමීක්ෂණයේදි හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් පොදු අපේකෂක යෝජනාව ඉන්දියාව සෘජුවම එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විමට ගෙන තිබු තීරණය වෙනස් කිරිමට හේතු වූයේද ඉන්දිය රෝ ඔත්තු සේවය කළ දැනුම් දීමට අනුව බවද තානාපති අංශ වාර්තා කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්දිය රහස් ඔත්තු සේවය තමා මරන්නට සිටින බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තානාපති අංශ විමතිය පළ කර සිටියි.

කෙසේ නමුත් ඇතිවූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදි  කළ එම ප්‍රකාශය වහාම නිවැරදි කරමින් නිවේදන නිකුත් කළද රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවු කළු පැල්ලම මැකිය නොහැකි වි ඇතැයිද තානාපති අංශ සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඉන්දිය රහස් ඔක්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිම සඳහා අවස්ථාව දෙන ලෙස ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලිමක් කර සිටියි.

ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ඉහත ඉල්ලිම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඊයේ (17) රාත්‍රිය වන විට නිල වශයෙන් දැනුම් දි තිබින.

Published on: Oct 18, 2018 -ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන දුමින්ද ආරියසිංහගෙන් මේ වන විටත් අල්ලස් හෝ දුෂණය විමර්ශන ඒකකය මෙන්ම පොලිස් අපරාධ විමර්ශන ඒකකයද කට උත්තර ලබාගෙන තිබෙන බව වාර්තා වේ. අදාළ සමාගම විසින් පසුගියදා විදුලි දුම්රිය ගනුදෙණුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද කරන ලද හෙළිදරව්ව හේතුවෙන් මෙසේ සිදුකොට ඇත.

ජනාධිපතිවරයා විසින් මේ වන විටත් අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයද විසුරුවාහැර තිබේ.ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලැබුවා.

දුමින්ද ආරියසිංහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාසිකව ලබන වැටුප පමණක් රු.850,000.00 පමණය. තමා විසින්ම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා දමමින් වැටුප් වැඩිකොට ගැනීමේ නොනැවතුන මෙම කාබාසිනියා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් මාස ගණනක හිඟ වැටුප්ද මිලියන ගණනින් ලබාගෙන ඇත්තේ අහිංසක දුප්පතුන් එදා වේල පිරිමසා ගනු නොහැකිව මුරුංගා කොළ අනුභව කරන අවධියකදීය. මේසා වැටුප් ලැබුවත් ඔහු සම්බන්ධ වී ඇති දූෂණ අක්‍රමිකතා ප්‍රමාණය කිව නොහැකිතරම් වන අතර මෑතකදී ඔහු විසින් රාජගිරියේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකින් නිවසක්ද මිලට ගෙන ඇත.

තවද ඔහු මෑතකදී නීතිඥ තනතුරේ හය හතර නොතේරෙන වැඩ බැරි ජනකා වික්‍රමසිංහ නැමැති දුමින්දගේ කුළුපග හිතවතිය රු.350,000.00 වැටුපකට විධායක අධ්‍යක්ෂ (නීති) තනතුරට පත්කොට ඇත. ඇයගේ වැටුපෙන් අඩක්ද ඔහුගේ ගිණුම්වලට බැර වන බව අයෝජන මණ්ඩලයේ සේවකයෝ පවසති.

මේවන විටත් සුජීව සේනසිංහ අමාත්‍යවරයා පැමිණ අදාළ ගණුදෙනුව හා සම්බන්ධ ලිපිගොනු කිහිපයක් රැගෙන ගිය බවද සේවකයෝ පවසති.

Published on: Oct 17, 2018- හම්බන්තොට වරාය බදු දුන්නත් අත් වූ සෙතක් නොමැති බවත් මේ විදියට වරායවල් බදු දෙන්න ගියොත් නැවක් නතර කරන්නවත් තැනක් ශ්‍රී ලංකාවට නැති වන බවත් ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බව අවධාරණය කල බවටත් කොළඹ වරාය පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවට ලබා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වූ බවටත් පලවන වාර්තා අසත්‍ය බව දැන් අනාවරණය වි තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ මතය වූයේ ඉහත තීරණය සතියක කාලයක් ප්‍රමාද කිරිමට පමණක් වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නල සංචාරයේදී මේ කරුණ පිළිබඳව එරට රජය සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට ඉහත කාලය යොදා ගැනෙන බවද වාර්තා වේ.

මේ අතර කොළඹවරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නැති බවද රජය මේ වනවිට තහවුරු කර තිබේන අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදිමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අගමැති නොව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා බවද රජය පිළිගෙන තිබේ.

රජය ඉහත කරුණු සඳහන් කළේ “කොළඹ වරාය බදුදීමට ජනාධිපතිගේ දැඩි විරෝධය” යනුවෙන් පලවු පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජය සදහන් කළේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදීමට අදාළම ඉදිරිපත් කෙරුණු කැබිනට් සංදේශයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරිමට මීට පෙර දැනුම් දී තිබුනි.

අමාත්‍ය මංගල සමරවිර හා අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පෙරේදා (16) පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ නිරික්ෂණ හරහා සඳහන් කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තයේ කටයුතුවලින් 80% ත් ප්‍රතිඅපනයනයන් බැවින් අදාළ නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉහත සියළුම ප්‍රතිඅපනයන අදායම නැගෙනහිර පර්යන්තයට අහිමිවනු ඇති බවය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු 11 දා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර පැවැති සාකච්ඡාව ගැන මාර්තු 14 දා ජපාන අගමැති ෂින්ෂියෝ අබේ මහතා දැනුම්වත් කල බවද අමාත්‍යවරුන් දෙපළ ඉදිරිපත් කළ නිරික්ෂණයන්හි සඳහන්වන බවද රජය තවදුරටත් කියා සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (19) ඉන්දියාව බලා පිටත්ව යන හෙයින් ඉන්දිය රජය සමඟ සාකච්ඡා කොට තින්දුවක් ගැනිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේයැයිද රජය වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය අවසන් වන තෙක් සතියක කාලයකට ඉහත කැබිනට් පත්‍රිකාව කල්තැබයිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද රජය වැඩිදුරටත් අනාවරණය කළේය.

පෙරේදා (16) පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කැබිනට් සංශෝධනය

Published on: Oct 17, 2018- ශ්‍රි ලංකා හා ඉන්දිය සම්බන්ධතා උඩු යටිකුරු කරමින් ඉන්දියා RAW සංවිධානය තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඊයේ(16) අගහරුවාද සිදු කොට තිබේ.සිරිසේන ජනාධිපතිවරයාගෙ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination යනුවෙන් ද හින්දු the hindu පුවත් පත පවා වාර්තාකර තිබේ.

කැබිනට් හමුවේදි ජනාධිපතිවරය විසින් අමාත්‍යවරුන්ට පවසා ඇත්තේ ඉන්දියානු ඔත්තු සේවය තමාව ඝාතනය කිරීමට උත්සහ කරන බවත් නමුත් ඉන්දිය අගමැතිවරයා මේ ඝාතන සැළැස්ම පිළිබඳව කිසිවක් නොදන්නා බව තමා අපේක්ෂා කරන බවත් ය.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ගැනද අදහස් පළවී ඇත. ඉන්දියාවේ කේරළයෙන් පැමිණි බව කියන පුද්ගලයා මානසික රෝගියකු නොවන බවත් ඔහු ඉන්දියාවේ ‘රෝ’ ඔත්තුකරුවකු බවට තොරතුරු ලැබී ඇති බවත් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබේ.

තවද The hindu පුවත් පත සිය වාර්තාවේ සදහන් කර ඇත්තේ ජනාධිපති මාධ්ය ඒකකය විසින් අඟහරුවාදා නිකුත් කළ ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සිරිසේනගේ උපදේශකයින් විසින් නියමිත පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීට කටයුතු යොදා තිබුනද එම මාධ්‍ය හමුව හදිසියේම එය නතරකර දැමු බවයි.

මේ අතර ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතා හින්දු පුවත්පතට පවසා ඇත්තේ “අපි තවත් තොරතුරු බලා සිටින හෙයින් අපි එය අවලංගු කළා.” යනුවෙනී.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සුරතේලුකු වන නාමල් කුමාරලාගේ සුරංගනා කතා හරහා ඝාතන කුමන්ත්‍රණ කරුවන් රෝ ඒජන්තවරයෙක් බව සනාථ කිරීමට දෙරණ ඇතුළු මාධ්‍ය කටයුතු කරමින් සිටින අතර ජනාධිපතිවරයාද මේ වනවිට එම ලණුව කා අවසන් වි තිබේ. ඒ අනුව ඉන්දීයාව සමග වත්මන ජනාධිපතිවරයා පවත්වාගේන ආ සුහද සමිපත්වය මෙම ප්‍රකාශයන් හරහා අවසන් විමට ඉඩ ඇති බවත් අනිවාර්යයෙන්ම මෝදී පාලනය සමග මෛත්‍රී ජනපතිගේ සබඳතාවයට එය බලපෑමක් වනබවද නොරහසකි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සුරංගනා කතා පිළිබඳව විශ්ලේෂණය……

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර විසින් කරන ලද හෙළිදරව්ව සම්බන්ධ නවතම තත්ත්වය කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැලකෙන ඉන්දීය ජාතිකයා පිළිබඳ සිද්ධිය

• මර්සිල් තෝමස් වන මොහු සැප්තැම්බර් 21 වනදා අත්අඩංගුවට පත්විය

• ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබාගත් මාස තුනක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරයි

• මර්සිල් මානසික වෛද්‍ය සායනයකට යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා නිර්දේශ කර ඇත

• මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේද මොහුට 2000 වසරේ සිට මානසික රෝගයක් ඇති බවයි

• වීසා නොමැතිව ඔහු මෙරට රැඳී සිට ඇත

• ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ආර් එස් එස් සංවිධානයට බියෙන් මෙරටට පැමිණ ඇත

• සරණාගත වීසා ඉල්ලුම් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වීමෙන් පසුව වීසා නොමැතිව මෙරට රැඳී ඇති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත

• මර්සිල්, නාමල් කුමාරගේ නිවසට ගොස් ඇති බවත් එහි ගියේ නාමල් කුමාරට තර්ජනයක් ඇති බවට පුවත්පතකින් දු‍ටු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව මර්සිල් පොලීසියට පවසා ඇත

• මෙරට රැඳී සිටිමින් පල්ලිවලින් ලද ආධාර මත ජීවත් වී ඇති අතර ඉංග්‍රීසි හා ගිණුම්කරණය පුද්ගලික පංති පවත්වා ඇත

පොලිස් මාධ්‍යප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කරන පැහැදිලි කිරීම

කිසිදු ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන්දීය ජාතිකයා කරුණු අනාවරණය කර නැති බව දක්වයි

“ඉතා වගකීමෙන් කියනවා නොයෙකුත් වාර්තාවල පළවන අන්දමට ඝාතන කුමන්ත්‍රණයක් ගැන මේ ඉන්දියන් ජාතිකයා කිසිම කරුණක් අනාවරණය කරලා නැහැ, උසාවියට ඝාතන කුමන්ත්‍රණයක් ගැන කරුණු ඉදිරිපත් කරලා නැහැ, කිසි ම අවස්ථාවක”

“ඔහු ප්‍රකාශ කරලා තිබෙන්නේ, නාමල් කුමාර විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡා අනුව මාධ්‍යවල වරින් වර පළවූ වාර්තාවලට අනුව මේ ඉන්දියානු ජාතිකයාට දැනුණා නොයෙකුත් පුද්ගලයන් කිහිප දෙනෙකුට තර්ජනයක් තිබෙන බව. ඒ නිසයි අවස්ථා කිහිපයකදී නාමල් කුමාරගේ නිවසට ගියේ ඒ පිළිබඳව විමසන්න කියන එකයි ඔහු කියන්නේ,”

නාමල් කුමාර වරින්වර එකිනෙකට පරස්පර කරුණු පවසන බවට ඇති සාක්ෂි

• නාමල් කුමාර සැප්තැම්බර් 13 වැනිදා පැවති පළමු මාධ්‍ය හමුවේදී පවසන්නේ ඝාතන කුමන්ත්‍රණය ගැන සාක්ෂි තමන් සතුව තිබෙන බවයි

• මෙදින ඔහු මාධ්‍යට ලබාදෙන හඬ පටයේ කියවෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර ඇතිවන බල අරගලයයි

• සැප්තැම්බර් 24 වැනිදා නැවතත් නාමල් කුමාර පවසන්නේ තමන් සතුව තවත් හඬ පට කොටස් කිහිපයක් ඇති බවත් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි

• සැප්තැම්බර් 27 වැනිදා වනවිට නාමල් කුමාර පවසන්නේ එවැනි හඬපටයක් සාක්ෂි ලෙස තිබුණු හඬ පටය මකා දැමු බවත්ය

ඒකාබද්ධ විපක්ෂය හා වෙනත් පාර්ශ්ව නගන චෝදනාවන්හි සාරාංශය

• අගමැතිතුමා පොලිස්පතිවරයා රැකගැනීමට උත්සහ දරන බව

• මීට අදාළ පරීක්ෂණ යටගැසීමට උත්සහයක් ඇති බව

• නාමල් කුමාරගේ මැදිහත්වීමෙන් වරකාපොල, කරඳ නම් ගමේ පන්සල උත්සවයකට මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට ආරාධනා ලැබුණු බව, ඔවුන් නොඑන්නේ නම් අගමැතිතුමා අදාළ උත්සවයට කැඳවීමේ උත්සහයක් තිබූ බව

• ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්නයිපර් තුවක්කුවක් නැතිවී ඇති බව හා ඒ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව

• මෙරට නිල නොවන අලුගෝසුවන් වී සිටින්නේ පොලීසියද ?

• ඉන්දියානු ජාතිකයා රෝ ඔත්තුකරුවෙක්ද ?

• නාලක සිල්වාගේ ස්ථාන මාරුවත් කුමන්ත්‍රණයක්. ඔහුට ඔහුගේම සාක්ෂි විනාශ කරදැමීමට හැකියාව පවතී

• නාලක සිල්වා අත්අඩංගුවට ගතහොත් ඔහු සිය රහස් හෙළිකරන බවට පවසා තිබෙනවා

• පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරනවා – (ස්නයිපර් අවියක් අතුරුදන්වි නැති බව කීම)

නාමල් කුමාර කරන ප්‍රකාශය අසත්‍යයක් බවට හෙළිවන සාධක

• සැප්තැම්බර් 13 වැනිදා දූෂණ විරෝධි බලකාය නම් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කුමාර නැමැත්තා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී නාලක සිල්වා නියෝජ්‍ය සිල්වා තමන්ට යෝජනා කරන බවයි. එහෙත් ඔහු පවසන ඝාතන තැතක් ගැන එම හඬ පටයේ කියවෙන්නේ නැති අතර එහි ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර බල අරගලය සම්බන්ධව කතා බහක් පමණි.

• එහිදී තමන් සතුව ජනපති ඝාතන තැත සම්බන්ධයෙන් හඬ පටයක් ඇතිබව පැවසුවද නාමල් කුමාර එය ඉදිරිපත් කරන්නේ නැත. ඔහු පවසන්නේ එය රාජ්‍ය ආරක්ෂාවට බලපාන නිසා තමන් එය ඉදරිපත් නොකරන බවයි. එහෙත් ජනපති තැතක් ඇත්නම් එය හෙලිකිරීම රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටීමට නොව ජනපතිවරයා ආරක්ෂා කිරීමට ඉවහල් විය හැක. එහෙත් ඔහු එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන දේ නිශ්චිතව හඬ පටය තුලින් පෙන්වන්නේ නැත.

• එමෙන්ම ඔහු පවසන “පුෂ්පරාජ්” පළාත්සභා නියෝජිතයෙක් බව පැවසුවද ඔහුගේ සම්පුර්ණ නම විස්තර නාමල් කුමාර විසින් පවසන්නේ නැත. එම නමට ලඟින් හෝ යන නමක් ඇත්තේ සෝම සුන්දරම් පුෂ්පරාසා යන පුද්ගලයෙකි.ඔහු එජනිස තුලින් පළාත්සභාවට තරඟ කළ කෙනෙකි.

වීඩියෝව 

• සැප්තැම්බර් විසි හතරවෙනිදා නැවතත් නාමල් කුමාර පවසන්නේ තමන් තවත් හඬ පට කොටස් කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි.

වීඩියෝව 

• එහෙත් නාමල් කුමාර සැප්තැම්බර් 27 වන දා වන විට ඔහු පවසන්නේ හඬපටයක් නොමැති බවයි. ඔහු පවසන්නේ තමන් සාක්ෂි ලෙස තිබුණු හඬ පටය මකා දැමු බවයි.
වීඩියෝව 

• එහෙත් මුලින්ම සිය ප්‍රවෘත්ති සාකච්චාවේදී නාමල් කුමාර පවසන්නේ තමන් සතුව අදාළ ඝාතන තැත හෙළිකරන හඬ පට ඇති බවත් රාජ්‍ය ආරක්ෂාව හේතුවෙන් මේවා තමන් ඉදිරිපත් නොකරන බවත්ය .

• ඔහු දෙවෙනි වර පවසන අන්දමට ඔහු සතුව තිබු හඬපට මකා දමන්නේ ඒවායේ ගබඩා කිරීම් වෙනත් තැනක තබා නොගනිමිනි.

• කුමන්ත්‍රණයක තොරතුරු හෙළි කරන ප්‍රධාන සාක්ෂිය ඔහු විසින් විනාශ කරනු ලබන්නේ පොලිස් ඔත්තුකරුවෙකු වන ඔහුගේ දැනුමට හෝ අත්දැකීමට පටහැනි අන්දමකිනි.

• හදිසියේම නාමල් කුමාරගේ නිවසට පැමිණෙන ඉන්දියානු ජාතිකයකු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනයට සුක්ෂම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනු බවයි. ඒ හඬ පට නොමැති අවස්ථාවකයි.

• ඔහු රෝ ඒජන්තවරයෙක් බව සනාථ කිරීමට දෙරණ ඇතුළු මහින්ද හිතවාදී මාධ්‍ය කටයුතු කරයි.

• මෙම පුද්ගලයා එලියට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ඉන්දියානු රජයේ ප්‍රධාන ක්‍රමෝපායවේදියා වන සුරමනියම් ස්වාමි හමුවන අවස්ථාවකදීය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති වනු ඇතිබව පවසන සුරමනියම් ස්වාමි එය පවසන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කටයුතු කරන්නේ කෙසේද යන්න නොසලකය. එමෙන්ම ඔහුගේ කතාව හේතු විරහිතව කරන ලද්දක් නොව ඉතාමත් හිතාමතා පවසන ලද්දකි.

• මීට පෙර සතියේදී ස්නයිපර් අවියක් ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අතුරුදහන් වීමක් පිළිබඳව කතාබහක් ඇතිවන අතර එම අවිය මදුෂ් වැනි පාතාල නායකයකු සම්බන්දව ඇමුණුමක් කළ නොහැක්කේ එවන් අවියක් භාවිතා කිරීමට සාමාන්‍ය පුද්ගලයකුට තබා විශේෂ පුහුණුවක් නැතිව හමුදාවක කෙනෙක්ටත් නොහැකි නිසාය.

• එවන් තත්වයක් යටතේ මෙමෙ ඉන්දියානු ජාතිකයා කරලියට පැමිණෙයි.

• මෙමෙ සිද්ධිය සිදුවීමට කිහිප දිනකට පෙර මීළඟ අගමැතිවරයා පිළිබඳව ජනාධිපතිවරයා යම් ප්‍රකාශයක් කරන අතර ඒ තුල අන්තර්ගත ලක්ෂණ ව්‍යංගයෙන් හඟවන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලක්ෂණ ලෙස ගලපමිනි. ඒ සඳහා මහින්ද හිතවාදී හිරු නාලිකාව සහ දෙරණ දැඩි උත්සහයක් දරයි.

• මීට ටික කලකට පෙර හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට වෙනත් රාජපක්ෂ පවුලේ කෙනෙක් එජනිසයෙන් චන්දය සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාගේ අදහසක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා.

වීඩියෝව 

“ගෝඨාභය අගමැති කිරීමේ ජනපති මෛත්‍රීගේ සැලසුමක්”

• නාමල් කුමාර පැවසු තොරතුරු වලට අමතරව මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුජේ පවුලේ අය ඝාතනය කිරීමට තැතක් ඇතිබව එකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරමින් සිටි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද තමන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පවසමින් සිටි. එහිදී ජනාධිපතිවරයා වෙනුවට හිටපු ජනාධිපතිවරයා ඇඳාගනිමින් සිටි.

• මේ මොහොතේදී දිවයින වැඩි වැඩියෙන් මහින්ද ඝාතන තැතක් පිලිබඳ සන් කරමින් සිටියි.

RAW ඔත්තුකරු යැයි කියන “මර්සිල් ” නැමති මානසීක රෝගියා විමල් විරවංශගේ බිරිද වන සශී විරවංශ සමග ඇති සබඳතාවය පිළිබදව වාර්තාවක් බලාපොරොත්තු වන්න 

Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination

Published on: Oct 16, 2018 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාව ඉතාම උණුසුම්කාරි මුහුණුවරක් ගත් අතර එහිදි දෙදෙනම එකිනෙකාට දැඩි ලෙස දෝෂාරෝපණය කරගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

දෙදෙනා අතර හුවමාරු වු වාග් ප්‍රහාරයන් අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට පවසා ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සහ තමන් සම්බන්ධයෙන් අනීසි චොදනා නොකර ඉදිරි කාලය ගෙවිම්ට ජාතික ආණ්ඩුවට හැකියාව් ඇත්නම් 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස යලිත් මෛත්‍රීපාල සිරිසේන් ඉදිරිපත් කිරිමට තමන්ට පක්ෂයට යෝජනා කල හැකි බවයි.

එම ප්‍රකාශයට ජනාධිපතිවරයා එක එල්ලේ පිළිතුරක් ලබා නොදුන්නද ශ්‍රිලනිපයේ සහ එජාපයෙ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් නිරනතර අවුලට පත්වන බව පමණක් ජනපති මෛත්‍රී සදහන් කර ඇත.

ඊට අමතරව වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් දෙදෙනා අතර දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර තමන් ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබුන නමුත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු අකාරය පිළිබඳව තමන් සැහිමක් පත්නොවන බවත් ජනපති පෙන්වා දි තිබේන අතර ඒ අනුව දෙදෙනාගෙම එකඟතාව මත පොලිස්පතිවරයා ඉවත් කිරිමට එකඟ වි තිබේ.

කෙසේවෙතත් ව්‍යාවස්ථාදයක සභාවේ සමාජිකත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේන අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව එහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේ නම් එහිදි ජනාධිපතිවරයාට කැමති පරිදි වෙනස් කිරිමට අගමැතිවරයා සිය කැමත්ත පලකර තිබේ.මිට අමතරව අමාත්‍යාංශ කිහිපයක ආයතන ජනාධිපතිවරයා යටතට පත්කිරිමටද දෙදෙනාම එකගතාවකට පැමිණ තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට යලිත් අමාත්‍යධුරයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර ජනාධිපතිවරයාඑහිදි සදහන් කර ඇත්තේ රවීට ඇමතිකමක් දිම සම්බන්ධයෙන් තමන්ගේ අකමැත්තක් නොමැති බවයි.නමුත් අගමැතිවරයා එහිදි සදහන් කර ඇත්තේ රවීට යලිත් ඇමතිකමක් දිම හරහා එජාපයෙ පසුපෙල සහ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් රවිගේ ඇමතිකම පිළිබඳව ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර පිළිතුරක් ලබාදිමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් අප විශේෂ වාර්තාකරු සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනකිහිපය තුලදි සභාග ඇතුලු විවිධ ආණ්ඩු සෑදිම සම්බන්ධයෙන් සාකච්ඡා කර සිටියේ තමන්ට යලිත් පොදු අපේක්ෂකත්වය නොලැබෙන නිසා වෙන් බවයි.

Published on: Oct 16, 2018- හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපොළට අමතරව හම්බන්තොට කුණු නගරයක් කිරිම සදහා මෙහෙයුමක් යහපාලන ආණ්ඩුව දියත් කර තිබේන බව අනාවරණය වි තිබේ.

ඇමරිකානු සමාගමක් විසින් අදාළ කුණු ව්‍යාපෘතිය ආරම්භ කරන අතර රටපුරා තිබේන කුණු සහ විවිධ රටවලින් තොරාගන්න කණ්ඩ, යටතේ කුණු ගෙන්වා ඒවා ප්‍රතිචක්‍රිකරණය කිරිමට කටයුතු යොදවා ඇති බවයි වර්තා වන්නේ.

කෙසේවෙතත් ප්‍රතිචක්‍රිකරණය මුවාවේන් ලොකයේ ධනවත් රටවල් ඉවත දමන කුණු රට තුලට ගෙනවිත් විනාශ කිරිමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදමින් සිටින බව දැනට තහවුරු වි තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක වන අතර ඒ හරහා අදාළ ව්‍යාපෘතියට අවසර ලැබි තිබේන අතර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම් පසුපස නිළධාරින් කිහිප දෙනෙකුම සක්‍රියව කටයුතු කරන බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වීර කුමාර් දිසානායක මහතා කටයුතු කරන නමුත් මේ දක්වා ඊට එරෙහිව් ක්‍රියාමාර්ග ගැනිමට හැකියාවක් ලැබි නැති බවයි වාර්තා වන්නේ.

අදාළ කුණු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න

Published on: Oct 14, 2018 – සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සමබන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පැවැත්විමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අගමැතිවරයා ඉවත්කිරිමට ජනපති ප්‍රමුඛ ශ්‍රිලනිප කණ්ඩායම මහින්ද පිළ සමග සාකච්ඡා සිදුවන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සහ වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුද මෙන්ම ජාතික ආණ්ඩුවේ ඇමතිකම් බෙදීයාමේ විශමතාව පිළිබඳවද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

කෙසේවෙතත් මේ සාකච්ඡාවේදී පොදු එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය අසමත් වුණොත් දෙපාර්ශවයම අවසන් දේශපාලන තීන්දුවක් ගැනිමට කටයුතු කරනු ඇති බවටද මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එජාප මෙන්ම ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපකල විමසීම්වලදි දෙපාර්ශ්වයම සදහන් කර ඇත්තේ අමාත්‍යධුර සම්බන්ධයෙන් සහ ආර්ථික කටයුතු මෙහෙය විම සම්බන්ධයෙන් පමණක් හෙට දිනයෙ සාකච්ඡා වනු ඇති බවයි.

අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වුවහොත් ඉදිරි දින් දෙකතුලදි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇත.එහිදි ජනාධිපතිවරයාට සමිප කිහිප දෙනෙකුගේ අමාත්‍යංශයන් වෙනස් වනු ඇති බවත් ඊට අමතරව රවී කරුණානායකට සහ 16 කල්ලිය පාවාදුන් දයාසිරි ජයසේකරට අමාත්‍යධුරයන් ලැබිමට ඉඩ් තිබේන බවද ඔහු අනාවරණය කර තිබේ.

Published on: Oct 14, 2018 – යහපාලනය සහ සරලත්වය ගැන ජනතාවට බණ දේශනා කරමින් රටේ 62 දෙලක්ෂයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන ගොනාට අන්දවා අවසන් බව මේ වනවිට තහවුරු වි තිබේ.ඒ මේ වනවිට ලබන වසර වෙනුවෙන් ජනාධිපතිවරයාට මුදල් වෙන් කිරීම විශාල වශයෙන් ඉහළ ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලයට සමාන විමත් සමගයි.

ලබන වසර වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මුළු වැය ශීර්ෂය රුපියල් කෝටි එක්දහස් තුන්සිය හතලිස් අටක් ( 13,477,180,000.00) වී ඇති අතර ලබන වසරේදී එම වියදම් විශාල වශයෙන් කපාහැර රුපියල් කෝටි 487කට සීමා කිරීමේ සැලසුම් 2017 අවසන් වන විට තිබී එය රුපියල් කෝටි 1,348ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂිතය.

මෙම වැය ශීර්ෂය යටතේම මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන්ටත්, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ වැන්දඹු බිරිඳටත් විශ්‍රාම වැටුප් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් වැයකරන සුළු මුදලක් අයත්ය.

ගෙවී යන මෙම වසර වෙනුවෙන් ජනාධිපතිගේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 999ක් වී තිබී එය ලබන වසරට රුපියල් කෝටි 1,348ක් දක්වා වැඩිවීමද විශේෂිතය. මෙම වසරේ අගමැතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 177ක් වී තිබී ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි 167ක සීමාවේ පවතී. අය – වැයෙන් අවසන් ඇස්තමේන්තු සකස් කිරීමේදී සහ ඉන්පසුවද පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල ඉහළ දමා ගැනීම සාමාන්‍යයෙන් සිදු කෙරේ.

මේ අතර රට මේ සා විශාල ඩොලර් අර්බුද රැසකට මුහුණ හි සිටියදි නිව්යෝක් නුවර එක්සත් පැවැති එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 63ක් ගේ පිරිසක් රැගෙන ගොස් තිබේන අතර ඇතැම් මාධ්‍යවේදීන් සදහා පොකට් මනී ලෙස ලක්ෂ 4 බැගින් සංතෝෂන් ලබාදි තිබේන බවත් එම පිරිසට ස්වාමින්වහන්සේලා පිරිසක්ද රැගෙන ගොස් තිබේන බවද පාර්ලිමේන්තුවේදි අනාවරණය වුනා.

සරල ජනපතිගේ පිචං වැඩ මෙන්න

Published on: Oct 14, 2018- ලමයින් 60ක් පමණ කාමර තුළ සිර කරමින් ඔහුන්ට තර්ජනය කරමින් අසාධාරණ ලෙස වැඩිකල පාසල් ගාස්තු වහාම ගෙවන ලෙස බලෑම් කිරිමේ සිද්ධියයක් Royal Institute පාසලෙන් වාර්තා වේ.දරුවන්ට ඒ අකාරයට අමානුෂික අන්දමින් වධහිංසනයට ලක්කර තර්ජනය කිරිම පසුපස යුධ මානසිකත්වයකින් පෙලෙන මිට කලකට පෙර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අසලදි නිල ඇඳුමින් සැරසී පැමිණ සිසුවෙකුට තර්ජනය කර පහර දිමේ චොදනා එල්ල වු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

Royal Institute සඳහා ළමුන්ගෙන් මුදල් අය කිරීමේ ආයතනික දෙමාපිය එක්ඟතාවය තිබුණේ වර්ෂ දෙකකට වරක් සිට 12% ක් මුදල් වැඩි කිරීමට වන අතර ඒ අනුව පසුගිය 2016 වර්ෂය සඳහා නියමිත පරිදි කාර්තු ගාස්තුව සමග සියයට 12% ක් එකතුකර සියලු ළමයින් සඳහා දෙමාපියන් විසින් මුදල් ගෙවා තිබේ.

ඊට පසුව නැවත මුදල් වැඩි විය යුතුව තිබුනේ 2018 වසරේ නමුත් මෙම පුද්ගලික ආයතනය මගින් 2017 වර්ෂය සඳහා ද දෙමව්පියන්ගෙන් මුදල් අයකර ඇති අතර හදිසියේම 2018 වර්ෂය සඳහා කාර්තු ගාස්තුව සමග 30%ක් පමණ අය කිරීමට දෙමව්පියන්ට දන්වා ඇතිමුත් එම මුදල් වැඩිකර ඇත්තේ කුමන සුත්‍රයකට අනුවදැයි කිසිවකු නොදනී.

Royal Institute පාසල් පද්ධතිය නුගේගොඩ, මහරගම, කිරුළපන, ගම්පහ, යන ප්‍රදේශවල දැනටමත් දීර්ඝකාලයක සිට ක්‍රියාත්මක වන පුද්ගලික පාසල් පද්ධතියක් වන අතර එම වැඩිකර ඇති මුදල පාසලෙන්එ පාසලට ද වෙනස් වී ඇති බව දෙමාපියන් වැඩිදුරටත් පවසයි. පාසලේ සිසුන්ට මෙම මුදල් ගෙවා අවසන් කරන ලෙස පාලනාධිකාරිය විසින් කිහිපවතාවක්ම තර්ජනය කර ඇත.

දෙමාපියන් විසින් විදුහල්පතිතුමා හමුවේ පවසා ඇත්තේ දරුවන්ගේ මානසික තත්වය ගැන සිතා ළමයින්ට තර්ජනය නොකරන ලෙසත්, අදාල මුදල් ගෙවීමට කටුයුතු කරන ලෙස ලිඛිතව දන්නවන ලෙසයි. එවිට විදුහල්පතිතුමා පවසා සිටින්නේ තමන් ක්‍රියාත්මක කරන්නේ පාලනාධිකාරිය විසින් ගන්නා තීරණ බවයි.

පසුව 2018.10.02 දින විදුහල්පතිතුමා විසින් ළමයින්ව රැස් කොට ප්‍රකාශ කර සිටියේ වැඩි වූ මුදල ලබාදීමට නොහැකි නම් වෙනත් පාසලකට යන ලෙසය. පසුව විදුහල්පතිවරයා විසින් සිසුන්ට දඩුවම් කලයුතු බවට යෝජනා කිරිමත් සමග RI හි Director (Administration) ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට පවරා ඇති අතර ඒ අනුව සිසුන්ට බැණ වදිමින් ලමයින් 60 දෙනෙකු පමණ පන්ති කාමරයකට දමා කාමර තුළ සිර කරමින් පාසල නිමාවෙන තුරු රදවා තබා තිබේ.

පාසලේ ඉගෙනුම ලබන ගුරුවරුන්ගේ ළමයි යොදා ගනිමින් අසාධාරණයට එරෙහිව කටයුතු කරන දෙමාපියන්ගේ සිසුන් කිහිප දෙනෙකුට බොරු චොදනා කරමින් දරුවන්ට විදුහල්පතිවරයා තර්ජනය කල අයුරු ….

(අපිට 6 ශ්‍රේණියේ අපේ පන්ති කාමරය තුළ පැමිණිල්ලක් කරනු ලැබුවා. එම සිසුන්ගේ නම් වන්නේ තරුල්, රිවින්, අවිශ්, රම්සි සහ ආර්යයන්. මුලින්ම තරුල් මිස් ජැකි වෙත පැමිණිල්ලක් කරමින් පවසා සිටියේ අපි නරක වචන භාවිතා කරමින් අනෙක් පිරිසට පහර දෙන බවයි. පසුව රිවින් ද බොරු කියමින් පවසා සිටියේ අපි නරක වචන පවසන බවත් අපි ඔහු ලවා යම් යම් වැඩ කරවා ගන්නා බවත් ය. ඉන් පසුව රම්සි, අවිශ් සහ ආර්යයන් විදුහල්පති වෙත ගොස් අපි එක් නරක වචනයක් හෝ පවසා නොසිටියද පැමිණිලි කළා. අපි විදුහල්පති පවසා සිටියේ අපි එකදු නරක වචනයක් හෝ පවසා නොසිටි බවයි. ඒ සමඟම ප්‍රින්සිපල් අපිට බැන වදිමින් පවසා සිටියේ,’මෝඩයා, මොලේ නැති එකා’ ලෙසයි. එසේම විදුහල්පති පවසා සිටියේ අපි පාසල් ගාස්තු නොගෙවන්නේ නම් අපි පන්තියෙන් වෙන් කර තබන බවත් පාසලෙන් ද එළියට දමන බැවින් වෙන පාසලක් සොයා ගන්න කිව්වා…)

එදින පාසැල් තුළ කිසිදු අධ්‍යාපනික සිදු කර නැති අතර පාලන අධිකාරිය විසින් ඉලක්ක ගත ලමුන් සදහා බලපැම් කරමින් පවති. මේ පිළිබදව දෙමාපියන් විසින් එදින 119 හරහා පොලිසියටද දන්වා ඇත. ඒ පිළිබද පැමිනිල්ලක් මිරිහාන පොලිසියේ සටහත් කර තිබේ.නමුත් ඒ දක්වා අදාළ පරික්ෂණ කටයුතු විධිමත්ව සිදු නොවන අතර අදාළ දෙමාපියන් විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට මේ සම්බන්ධයෙන් පැම්ණිලී කිරිමට කටයුතු කර ඇති නමුත් එම අධිකාරියේ නිළධාරීන් එම පැමිණිල්ල සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වා ඇති අතර “ඔන්න ඔහේ අතහැරලා දාන්න ” වැනී වගකිම් විරහිත ප්‍රකාශයන් කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.(ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කල අංකය CA/05/18/10/7698)

වදහිංසනයට ලක්වු දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කල පැමිණිලි…

දෙමාපියන් විසින් පාලන අධිකාරිය වෙත පැමිණිලිලි කර ඇත්තේ අසාධාරණ ලෙස මෙපමණ මුදලක් ගෙවිය නොහැකි බවත් මුදල් අය කිරීමට නම් ගිවිසුමේ ප්‍රකාරව ලිඛිතව දන්වන ලෙසත්ය. නමුත් පාලනාධිකාරිය විසින් ගෙවීම් කරන ලෙස ලිඛිත ප්‍රකාශයක් නිකුත් කිරීම සිදු නොකොට දිගින් දිගටම ළමයින්ට තර්ජනය කරමින් තිබේ. තවද මෙම ගැටලුව විසදනවා වෙනුවට ළමුන් බිය වැද්දීම සදහා පුද්ගලික ආරක්ෂක නිළධාරින් විශාල පිරිසක් සොදවන ලදි.දෙමාපියන් පවසන පරිදි ගුරැවරැන් වඩා ආරක්ෂක අංශ නිළදාරින් යොදවා තිබේන බවද පසුගිය දින කිහිපයේ එහි සංචාරය කල අප විශේෂ වාර්තාකරු දැක තිබේ.

Royal Institute පාසල් පද්ධතිය ජී.ටි. බණ්ඩාර මහතාට(G.T. Bandara) අයත් වන අතර, ඔහු කලක සිට පුද්ගලික පන්ති පවත්වාගෙන ආ ගුරැවරයෙකු වන අතර දැනටමත් කොහුවල ප්‍රදේශයේ ඉදිකිරිමෙන් පවතින පුද්ගලික විශ්වවිද්‍යාලයයන් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙ වනවිට අනාවරණය වි තිබේ.

අසාධාරණ ලෙස ගාස්තු වැඩිකර වහාම නොගෙවුවොත් දරුවන්ට අත්වන ඉරණම …..

පි; ඔබ නේද දැන් මට දුරකතනයෙන් ඇමතුවේ. ඔබ රෝයල් ඉන්ස්ටිටියුට් හි කුමන ශාඛාවෙන්ද?

ගැ; මේ හැව්ලොක් සිටි ශාඛාවෙන්

පි; සඳුදා වන විට ගෙවීම සිදු නොකළ හොත් සිදු වන දේ පිළිබඳව අපට දැනුම් දීම සිදු කරන ලෙස පැවසුවේ විදුහල්පති ද?

ගැ; කළමනාකරණය

පි; කළමනාකරණය යන්නෙන් අදහස් කරන්නේ විදුහල්පති හෝ පරිපාලන නිලධාරි යාද?

ගැ : කළමනාකරණය, මෙය පොදු නිවේදනයක් සියල්ලටම යවන

පි; හොඳයි, පණිවිඩයේ තියෙන්නේ මොකද්ද?

ගැ; ඔවුන් දැනුම් දෙන්නේ, යම්හෙයකින් ඔබ ගාස්තු ගෙවීම සිදු නොකළහොත්….

පි; ගාස්තු යනුවෙන් අදහස් කරන්නේ ගාස්තුවේ වැඩි කළ මුදල

ගැ; ඔව් හරියට හරි. එම ඉතිරි මුදල ගෙවීම සිදු නොකළහොත් එම ශිෂ්‍යයන් පුස්තකාලයට යවනු ලබනවා.

පි; එයින් අදහස් කරන්නේ ඔවුන් අපගේ දරුවන්ට අධ්‍යාපනය ලබා නොදෙන බවයි.

ගැ; ඔව් මහත්තයා

පි; හොඳයි බොහෝම ස්තුතියි!

 

 

Published on: Oct 14, 2018- (කාළය) අතුරුදහන් වූ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන එක ගැන කතාකරන්න තියෙනවා. ඒ ගැන ඉතා කෙටියෙන් කියන්න තියෙන්න රජයෙන් වන්දි ගෙවන්න ඕන එක්කෙ රජය වෙනුවෙන් යමක් කරන්න ගිහින් ඒ රාජකාරියේ දී මිය යන අයට, එහෙම නැත්නම් රජයේ යම්කිසි ක්‍රියාවක් නිසා වැරුද්දක් නැතිව මියගිය අයට. ඒ අවස්ථාවල මියගිය අයට පමණක් නොව ආබාධිත වූ අයට ද යම් වන්දියක් ගෙවන්න ඕන. කොටි ත්‍රස්තවාදීන් අයත්වන්නේ මේ වර්ග දෙකෙන් කොයි එකට ද? කොටි ත්‍රස්තවාදීන් රජය වෙනුවෙන් කටයුතු කළා ද? ඔවුන් මියගියේ වරදක් නැතිව ද? අපි එ ගැන තරමක් විස්තරාත්මක ව ඉඩක් ලැබුණු විගස කතා කරමු. මෙයට අමතර ව රජයෙන් ආධාර කරන්නෙ ස්වාභාවික ආපදා නිසා විපතට පත් වූවනට. එ වන්දි නො වෙයි.

අදත් නැවතත් ඊනියා සභාග ආණ්ඩුවක් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරන්න වෙනවා. දැන් සිරිජාතිකවාදීන් සංඛ්‍යාව දිනෙක් දින වැඩි වන නිසා මගේ අනන්‍යතාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ සභාග ආණ්ඩුවක් හදන්න කියලා කියන්නෙ කවුද? මෛත්‍රිපාල හංසයාගෙන් පත්වුණත් දැනට ආණ්ඩුව හදන්න යන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරී පත් වූ අය පමණයි. ඒකට වෙනත් පක්‍ෂ එකතු කරගන්නව නම් තමයි සභාග ආණ්ඩු කතාව මතු වෙන්නෙ. අනෙක් අතට මේ රටේ ආණ්ඩු බොහොමයක් සභාග ආණ්ඩු. දැන් තියෙන ඊනියා ජාතික ආණ්ඩුවත් සභාග ආණ්ඩුවක්. සභාග ආණ්ඩුවක් හදනව කිව්ව ම දැන් නැති එකක් හදනව වගේ අදහසක් එනවා.

සභාග ආණ්ඩුවක් කියන්නෙ පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලන දෙකක් හරි වැඩි ගණනක් හරි එකතු වෙලා හදන ආණ්ඩුවක්. තවමත් සංධානය තවත් පක්‍ෂයක් සමග එකතු විය යුතු ය කියල කවුරුන්වත් කියල නැහැ. දැනට ඒ ගැන කතා බහක් නැහැ. මහින්ද අමරවීරලා දිනේෂ් ගුණවර්ධලා කුමර වෙල්ගමලා තේරී පත් වුණෙ සංධානයෙන්. දැනට සාකච්ඡා වන්නෙ තනි පක්‍ෂයක ආණ්ඩුවක් හදන්න. සමහරු හිතන්නෙ අමරවීරලා වෙල්ගමලා පක්‍ෂ දෙකකින් තේරී පත් වූ අය ලෙසයි.

හදන්න යන්නෙ කිසිසේත් ම භාරකාර ආණ්ඩුවක් නො වෙයි. භාරකාර ආණ්ඩුවක් තියෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයෙකින් අළුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු. මෙතන එහෙම දෙයක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නැහැ. අද දේශපාලනඥයන් පමණක් නොව දේශපාලන විද්‍යාව උගන්වන අය ද මේ වැරදි කරනවා. එක් දේශපාලන විද්‍යාඥයකු සාධක ඇතිව පෙන්වන්නේ තමන් ජනවාරි මාසයේදීත් භාරකාර ආණ්ඩුවක් හදන්න කතා කළ බවයි. ඔහුගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න අයට දෙයියන්ගෙ ම පිහිටයි.

මේ ආණ්ඩුව හදන්න යන්නෙ ජනතාවට පොරෙන්දු දෙන මැතිවරණයකින් පස්සෙ නො වෙයි. ඒ නිසා ජනතාවට ආණ්ඩුවට කොන්දේසි පනවන්න බැහැ. දේශපාලන විද්‍යාඥයන් යැයි කියන අයටත් නිරවුල්ව කතා කරන්න බැහැ. ඔවුන් ගැලරියට කතා කරන්න ගිහින් අමාරුවෙ වැටෙනවා. අද බොහෝ දෙනකුට අවශ්‍ය වෙලා තියෙනවා තවමත් ස්ථිර නැති වුවත් ඊනියා භාරකාර ආණ්ඩුවක් හදන්න ඕන කියල මුලින් ම කිවුවෙ තමන් කියල පෙන්නන්න. ඒ බව පෙන්න ගත්තට කමක් නැහැ නිවැරදි සංකල්ප මත පිහිටලා.

එ ජා පෙරමුණේ ඇතැමුන් කියනවා ඊනියා සභාග ආණ්ඩු හදන්න ගියොත් තමන් තනි පක්‍ෂයක ආණ්ඩුවක් හදනව කියලා. ඒ එක්ක ම ඔවුන් කියනවා ඊනියා සභාග ආණ්ඩුවක් හරි ඊනියා භාරකාර ආණ්ඩුවක් හදන්න හරි ජනමතයක් නැහැ කියලා. ඔවුන් හිතනවා ඇති ආණ්ඩු හදන එක මන්ත්‍රීවරුන්ගෙ වැඩක් කියලා. මන්ත්‍රීවරුන් එකතු වෙලා ආණ්ඩු හදනවයි කියලා ඒ අය හිතනවා ඇති. අද රට මරණයට ඇදී යන නමුත් ආණ්ඩු පිහිටුවන එක කිහිප දෙනකු එකතු වී මරණාධාර සමිතියක් පිහිටුවා ගන්නව වගේ දෙයක් නො වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දහනවවැනි සංශෝධනයට පසුව වුවත් ආණ්ඩු හදන්නෙ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට තවමත් පුළුවන් තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙන අය අගමැති ලෙස පත් කරන්න. මන්ත්‍රීවරුන් සියයකට නොවෙයි දෙසීයකටවත් එකතු වෙලා තමන්ගෙන් අයකු හරි තමන් නිර්දේශ කරන අයකු හරි අගමැති කරන්න බැහැ. අගමැති පත් කරන එක ජනාධිපතිගෙ වැඩක්. ඒ වගේ ම ඒකට ජනාධිපති මැතිවරණයක් එනකන් බලා ඉන්න ඕනත් නැහැ.

මේ එ ජා පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමතක වන දෙයක් තමයි 2015 ජනවාරි මාසෙ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොතිබිච්ච බව. දැන් 2015 ජනවාරි නවවැනි දා රනිල් අගමැති හැටියට පත් කෙරුණෙ මැතිවරණයක් තියල ද? රනිල්ට මන්ත්‍රීවරුන් කී දෙනකු හිටිය ද? ඒ අවස්ථාවෙත් පාර්ලිමේන්තුවෙ වැඩි බලයක් තිබුණෙ සංධානයට. අගමැති දි මු ජයරත්න. මෛත්‍රිපාල දි මු ජයරත්න අගමැති හැටියට ආණ්ඩුවක් හදන්නෙ නැතිව රනිල් අගමැති ධුරයට පත් කරල දිවුරුම් දෙන්න සැලැස්සුව.

ඒ වෙලාවෙ අඩු තරමෙන් දි මු අස්කරල තිබුණෙවත් නැහැ. මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙ දිවුරුම් දීල ඊළඟ මොහොතෙ රනිල් අගමැති ලෙස පත්කළා. මෛත්‍රිපාල දි මු අස්කළා කියලා ඇතැමුන් පස්සෙ කියනවා. ඒක විශ්වාස කරන්න බැහැ. මෛත්‍රිපාල ජනාධිපති වූ මොහොතෙ රනිල් අගමැති ලෙස පත් කරන්න පෙර දි මු අස් කළා නම් ජනමාධ්‍යයෙ ඒ සා වැදගත් කාර්යයකට විශාල ප්‍රචාරයක් දෙනවා. ජනමාධ්‍යයෙ එවැන්නක් ප්‍රචාරය වුණෙ නැහැ. ප්‍රචාරය වුණෙ රනිල් අගමැති ධුරයට පත් කළ බව පමණයි.

දැන් මෛත්‍රිපාලට ඒ පූර්වාදර්ශය තියෙනවා. දහනවවැනි සංශෝධනයෙන් වෙන ඇතැම් දේ වෙනස් වුණත් ඔය තත්වය වෙනස් වුණෙ නැහැ. මා කියන්නෙ මෛත්‍රිපාල එසේ ම කළ යුතු බව නො වෙයි. ඔහු යම්කිසි ආකාරයකට මහින්දට ආරාධනා කරන්න ඕන අගමැති ධුරය භාර ගැනීමට. මහින්දටවත් රනිල්ටවත් අප්පුහාමිටවත් බැහැ ජනාධිපතිට ගිහිල්ල කියන්න තමන් හරි තමන් කියන අයකු හරි අගමැති කරන ලෙස. වැඩිම වුණොත් ඉල්ලීමක් කරන්න පුළුවන්.

පහළොවේ කණ්ඩායම මෛත්‍රිපාලගෙ පිරිසට ආණ්ඩුවෙන් ඉවත් වන්න කියන එකත් වැරදියි. ඒකෙන් වෙන්නෙ රනිල් බලවත් වෙන එක. ඔවුන් ඉල්ලන්න ඕන රනිල් හා ඔහුගෙ පිරිස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස. දැන් අර ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුමත් නැහැ. ඒ ගිවිසුම එක්සත් ජනතා සංධානය හා එ ජා පෙරමුණ අතර නොවේ නම් ඒකෙ කිසිම වලංගු බවක් නැහැ. මෙතන කිසිම පඹගාලක් නැහැ. අපේ පියාගෙ ආදර්ශ පාඨය වුණෙ මා නිවත්ථ අභික්කම. නොනැවති ඉදිරියට.

~~කාළය~~

Top