Published on: Sep 11, 2018 – “ජනබලය කොළඹට” උද්ඝෝෂකයින්ට  වස යෙදූ කිරි පැකට් බෙදන්න ලොතරැයි මණ්ඩලයෙන් වාහන භාවිතා කර ඇති බවත් ඒ පසුපස මංගල සමරවිරගේ කුජිත කාර්යය මණ්ඩල ප්‍රධානී හෙවත් “අසභ්‍ය ගොතයා” හෙවත් 8 පාස් නැති නිළ මැස්සෙක් වන තුසිත හල්ලොලූව සිටින බවට සැක සහිත බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

2018 සැප්තැම්බර් 10 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර වස යෙදූ කිරි පැකට් බෙදන්න ලොතරැයි මණ්ඩලයෙන් වාහන භාවිත කල බවට පැහැදිලි සාක්ෂි මේ වනවිට අනාවරණය වි තිබේ.

“වස යෙදූ කිරි පැකට් උද්ඝෝෂකයින්ට බෙදීම මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වුණු තිරිසන්ම කාරණය විධියටයි අපි දකින්නේ. ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවතාවටයි මෙය සිදුවන්නේ. ලෝකයේ බිහි වුණු ම්ලේච්ඡතම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකුණේ කොටි සංවිධානයයි. නමුත් කවදාවත් කොටි සංවිධානයවත් මෙවැනි දෙයක් කලේ නෑ. කොටින් මාවිල් ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර නැති කළ බව ඇත්තයි. නමුත් කොටි වැව් ජලයට වස මුසු කරලා සිංහල ජනතාව මරා දාන්න කටයුතු කලේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ම්ලේච්ඡත්වයෙන් කොටි සංවිධානයටත් වඩා පහත් තැනකට වැටිලා කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. මේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ගේ අමන හැසීරීම නිසා ගම් වල ඉන්න වැදගත් එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පාරට බහින්න බැරි තත්වයක් ඇති වී තිබෙන බව කියන්න ඕනෑ. මම හිතන්නේ නෑ ශිෂ්ඨත්වය හඳුනන කිසිම කෙනෙක් මෙය අනුමත කරයි කියලා.”

“මෙතෙක් එජාපයට ඇඟිල්ල දිගු කරන්න අපට තිබුණේ වක්‍ර සාක්ෂි පමණයි. පළමු කාරණය තමන් උද්ඝෝෂකයින් කෑම බීම ලබා දෙන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ. දෙවැනි සාක්ෂිය වන්නේ කිරි පැකට් බීලා පිරිසක් අසනීප වුණා කියන කාරණය අපටත් කලින් මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා දන්නේ කොහොමද? ඕකට තමයි හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ.”

“දැන් අපට ඊටත් වඩා ප්‍රබල සාක්ෂි ලැබී තිබෙනවා. මෙම කිරි පැකට් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ එක් වෑන් රථයක් ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් බවට ලොතරැයි මණ්ඩලයෙන්ම අපට සාක්ෂි ලැබී තිබෙනවා. එන්ඩි 3094 ලියාපදිංචි අංකය දරණ ලොතරැයි මණ්ඩලයෙ වෑන් රථය එදා දවසේ ක්‍රියාකාරි අධ්‍යක්ෂගේ රාජකාරි සඳහා මුදා හැරිය බවට ධාවන සටහන් අනුව පේනවා. මේ වාහනේ ධාවන සටහන් අනුව එය සිරිකොතට ගිහින් කිරි පැකට් පටවා ගෙන ඇවිත් උද්ඝෝෂණය පැවැති ස්ථාන කරා පැමිණි බව ඔප්පු වෙනවා. මෙම වෑන් රථය තුල කිරි හැලිලා ඉතිරිලා තිබුණ බවට මේ වීඩියෝ පටයෙන් පෙනී යනවා. අද ඒ වාහනය සර්විස් කරන්න යැවූ බවටත් අපට තොරතුරක් තිබෙනවා. 2018 සැප්තැම්බර් මස 05 වෙනි දා රියදුරා විසින් තබලා තියෙන ධාවන සටහන් එදා උදෑසන සිරිකොතට ගිහින් තියෙනවා මේ රියදුරා කියන විදිහට එදා උදෑසන 8.45 සිට රාත්‍රී 8.45 දක්වා ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි වලට මුදා හැරියා කියලා. ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට වහනයක් වෙන් කරලා තියෙනවා ලොතරැයි මණ්ඩලයෙන්. සුපෝකබෝගී වහනයක් වෙන් කරලා තිබිය දී ඇයි ඔහුට මෙම වාහනය මුදා හැරියේ. එකෙන් උදේම සිරිකොතට ගිය බවට රියදුරාම සටහන් තබලා තියෙනවා. මේ වැන් රථයේ කිරි තිබිලා ඉහිරුණු දර්ශන මෙම විඩීයෝ පටයේ තියෙනවා. පොලීසිය මේ පිළිබඳ වහාම අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

“ආණ්ඩුවේ මෙයට ඇති සම්බන්ධය හෙළි කරගත හැකි තවත් එක් කාරණයක් වන්නේ නීතිය නමන කුප්‍රකට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තවම මේ ගැන සොයන්න කිසිම කටයුත්තක් කරල නෑ. වෙනදනම් ගනු කඩුව එනු සටනට කියලා මෙවැනි අමානුෂීය දේවල් පොලිසිය කරන්න දෙන්නේ නෑ කියමින් මේ අපේ මව්බිම මෙතරම් පහත් තත්වෙට වැටිලා ද කියලා මාධ්‍ය ඉදිරියේ කඳුළු සලන පොලිස්පති මේ සම්බන්ධයෙන් දැඩි නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ ඔහුට නීතිය නමා ගැනීමට උවමනාවක් තිබෙන බවයි.”

Published on: Sep 10, 2018- “මිනිසුන් දහසක් පිරිවරා සිටි යෝර්කයේ මහා වංශක්කාර ආදීපාදිවරයා කන්ද මුදුනට ඔවුන් මෙහයවිමෙන් අනතුරුව ආපසු කඳු පාමුලට ඔවුන් මෙහයවිය…”

මේ 1975 මහ ඡන්දයක් අරන් දෙන්න ජනතාවට පොරොන්දු වූ ජේ.ආර්.ට එය කළ නොහැකි වූ විට ඔහුගේම පක්ෂයේ ප්‍රබලයන් සමච්චලයට කී කතාවය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට නියමිත 1975 මහ ඡන්දය නොපවත්වා ආණ්ඩුවේ කාලය වසර දෙකකින් දීරඝ කර ගත්තාය .ජේ.ආර්. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පවසමින් 1975 ඡන්දයක් අරන් දෙන්න ජනතාවට පොරොන්දු වී විරෝධතා ව්‍යාපාර, සත්‍යග්‍රහ,රැස්වීම් සංවිධානය කළේය. එත් එම විරෝධතා ව්‍යාපාරවලින් ජේ.ආර්. හෙම්බත් වුණා මිස මහ මැතිවරණයක් අරන් දෙන්න ජේ.ආර්. ට බැරි විය.හතර ගාතයෙන් වැටුණු ජේ.ආර්. ගේ ඇතුළට රිංගා ගත්විට එජාපයේම ප්‍රබලයන් ජේ.ආර්. සමච්චලයට ලක් කළේ මේ කතාව කියාය.

බදාදා මහින්දගේ ජන බලයට ආ මිනිසුන් ගෙදර ගියේත් මේ කතාව කියමින්ය. 2015 පරාජය වූ මහින්ද, මහින්දවාදීන්ව කන්ද මුදුනට අර ගෙන ගියේ පහු ගිය පුංචි ඡන්දයේ ජයග්‍රහණයෙන්ය. මහින්ද කඳු මුදුනට ගියේ ගෝල්ෆේස් මහ ජන ගංගාව තරණය කරලාය. මිනිසුන් මහින්දට පුංචි ඡන්දයේ ඡන්දය දුන්නේ අයෙත් කොළඹට ජනතාව කැඳවන්න නොවේය. කුමක් හෝ ක්‍රමයකින් ආණ්ඩුව ගන්න කියාය. ගෝල්ෆේස් ජන ගංගාවට පසු අයෙත් මහින්ද ජන ගංගාවක් පෙන්නනවා නම් ඒ ඊට වඩා එහාට ගිය එකක් විය යුතුය. එත් මහින්දට ගෝල්ෆේස් ජන ගංගාවට එහාට ගිය එකක් නොව, ගෝල්ෆේස් ජන ගංගාවවත් පෙන්වා ගන්න බැරි විය. මෙයට කලින් මහින්ද තවත් ජනබල මෙහෙයුමක් කළේය. ඒ , ගෝල්ෆේස් ජන ගංගාවට පසු කළ පළමු ජනබල මෙහෙයුමය. එය අන්තිම අසාර්ථකය. බදාදා ජනබල මෙහෙයුම කළේ ඒ අසාර්ථකත්වය මකාගන්නටය.එත් ඒ ජනබල මෙහෙයුමත් සාර්ථක නැත.

හැමෝම කියන්නේ බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියාය. දැනෙන විදිහට බැසිල් මහින්දට උපදෙස් දී ඇත්තේ පළාත් පාලන ඡන්ද ජයග්‍රහණයෙන් පසු ටික කාලයකට නිහඩව ඉමු කියන එකය. එත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට තියෙන්නේ පුදුම කිරිපණු ගායක්ය. ඔවුන්ට අද හෙට ආණ්ඩුවක් ඕනෑය.ඇමතිකම් ඕනෑය. පුංචි ඡන්දයෙන් රනිල්ට එරෙහි විශ්වාස භංගය ගෙනත් පස්ස බිම ඇණ ගතේ ඒ කිරිපණු ගාය නිසාය. ඒ වැටුණු වැටිල්ලෙන් ගොඩ යන්න කොළඹට සෙනග ගෙනත් පෙන්වමු කියා ජනබල මෙහෙයුමක් කළේය. එයින් තව වැටුණි. බදාදා ජනබල මෙහෙයුමෙන් තවත් වැටුණි.

ගෝල්ෆේස් ජන කන්දෙහි සහ ජන බලයෙහි වෙනස ගෝල්ෆේස් එක පුරවන්න බැහැ කියල බැසිල් මුල සිටම පෙන්නුවේය. ගෝල්ෆේස් ජන කන්දට කලින් හැමෝම හිනා වුණේ ගෝල්ෆේස් මෙහෙයුම ඇණ ගනී කියාය. බැසිල් ඒක ප්‍රචාරය කර හැරියේය.හැබැයි ජන බලයට කලින් ජන බලය කොළඹ වටලා රෑ නොනිදා මහින්ද අගමැති වන තෙක් ගමට යන්නේ නැතැයි ඒකාබද්ධයේ ඔස්තාර්ලා ප්‍රචාරය කළහ. ජන බලය මේ තරම් කඩා ගෙන වැටුණේ ඒ පූර්ව ප්‍රචාරක මෙහෙයුම නිසාය.

“එකක් කඩතොලු මකා ගන්නට
ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොලු හදා ගත්තයි
ඉඳුරුවේ ආචාරියා”

මේ ප්‍රේමදාස වරක් ලක්ෂ්මන් ජයකොඩිට කී කවියකි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ඔස්තාර්ලාටත්, ආචාරින්ටත් අද වෙලා තියෙන්නේ ඕකය.

“බැසිල් අපට නිහඩව ඉන්න කියන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවකට” මේ ඒකාබද්ධ විපක්ෂයේ ඔස්තාර්ලා පොදුජන පෙරමුණු කාර්යාලයෙන් එළියට ඇවිත් කුටු කුටු ගාපු හැටිය. බැසිල් කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් නොවේ. බැසිල් කළේ රනිල්ගේ ගේම් එකක් කොපි කිරීමය.රනිල්, චන්ද්‍රිකාගේ කාලයේ වේවා, මහින්දගේ කාලයේ වේවා ආණ්ඩුව බලවත් බව තේරුම් ගිය විට කරන්නේ අකුළා ගැනීමය. පක්ෂයත් අකුළලා රට රටවල සවාරි ගැසීමය. එවිට ආණ්ඩුව හිතන්නේ තමන්ට හතුරෙක් නැහැ කියාය. ඉන් පසු ආණ්ඩුව, ආණ්ඩුව ඇතුළෙන්ම හතුරෝ හදා ගනී. එක එකාගේ බෙලි කපා ගන්න පටන් ගනී. ආණ්ඩුව ඇතුළේ ඉරිතලලා පුපුරන්න පටන් ගන්නේ එවිටය. රනිල් කරන්නේ පුපුරන විට කෑලි අහුලන එකය.

පළාත් පාලන ජයග්‍රහණය බැසිල් හිතපු ජයග්‍රහණයක් නොවේ. හැබැයි ඒ ජයග්‍රහණයට බැසිල්ද බය විය. මේ ජයග්‍රහණයෙන් ආණ්ඩුව පෙරළන්න බැරි බව බැසිල් දැන සිටියේය. ඔහුට ඕනෑ වන්න ඇත්තේ මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් එන තෙක් මේ ජයග්‍රහණය කාල කළමනාකරණය කර ගන්නටය. ඒ සඳහා ටික කාලයක් නිහඩව සිට ආණ්ඩුව ඇතුළේ අර්බුද නිර්මාණය වෙන්න ඉඩ දෙන්න ඔහුට ඕනෑ විය. ඇත්තටම පළාත් පාලන ඡන්දයෙන් පසු ලොකුම අර්බුදය එජාපය ඇතුළෙන් පටන් ගත්තේය. ඒ අර්බුදය මෝරන්න ඉඩදී එජාප මන්ත්‍රීවරුන් පිරිසක් බා ගන්න හැකියාව තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ ඔස්තාර්ලා රනිල්ව පන්නා අගමැති ධූරය ලබාගන්න ගොස් එජාප අර්බුදය අවසන් කොට රනිල්ව ශක්තිමත් කර දුන්නේය.

බැසිල්, මෛත්‍රීපලාගේ ශ්‍රීලනිප ඇමතිවරුන් දැන්ම කඩන්න එපා කියල කිව්වේත් ඔවුන් එළියට අවොත් මෛත්‍රී සහ රනිල් අර්බුදය හදන්න කවුරුත් නැති වෙන නිසාය. ඉස්සර රනිල්ගේ ආණ්ඩුව කරන කරන දේ ශ්‍රීලනිප ඇමතිවරු විවේචනය කළහ. ආණ්ඩුවේ ආර්ථිකය අකර්මන්‍ය වුණේ ඒකෙන්ය. අද එහෙම විවේචනය කළ අය ඔක්කොම ඉන්නේ ඇමති ධුර නැතිව මහින්ද එක්කය. ඔවුන් ඔක්කොම ජනබල මෙහෙයුමටත් ආහ.

පුංචි ඡන්දය පවත්වා වසරක් ගතවීමට තව ඇත්තේ මාස කිහිපයකි. මේ මාස කිහිපයට පේන්නේ මහින්දගේ නැගීමක් නොව වැටීමකි. ජනාධිපතිවරණයට තව කල් තිබේ. මහ මැතිවරණයට ඊටත් වඩා කල් තිබේ. මේ කාලය මහින්ද ඇද ගන්නේ කොහොමද කියල දන්නේ දෙයියෝ විතරය. 1975 මහ මැතිවරණයක් ගන්න බැරි බව තේරුම් ගත් ජේ.ආර්. 1977 තෙක් අවුරුදු දෙකක් ඇද්දේ බණ්ඩාරනායක පවුල තුළත් ආණ්ඩුවේ පක්ෂ අතරත් භේද හදලාය.ජේ.ආර්.ඒක කළේ ඉවසිමෙන්ය.මහින්දටවත් ඒකාබද්ධයේ ඔස්තර්ලාටවත් ඒ ඉවසීම බින්දුවක්වත් නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
-ගුරුදා විග්‍රහය-

Published on: Sep 7, 201- අපේ රටේ ගුවන් සේවා පාලනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙමින් විනාශ වෙමින් ලෝකයේ තවත් එක් ගුවන් සේවයක් පමණක් බවට පත්වෙමින් පවතින මොහොතකට අප එළඹ ඇත. රාජපක්ෂ පාලන කාලයේදී තම ඥාතීන් විසින් තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්කරගත් ලංකාවේ ගුවන් සේවයට කර ඇති හානිය මේ වන විට රටට හෙළිදරවු වෙමින් ඇත. ඒ තත්ත්වය වෙනස් කරන්නේ යැයි කියමින් බලය ලබාගත් යහපාලන පාලකයෝ රාජපක්ෂලාගේ තැනින් වික්‍රමසිංහලාගේ තැනට මේ වන විට ගුවන් සේවය පත් කරගැනීමට කටයුතු සියල්ල සම්පාදනය කොට ගෙන ඇත.

රනිල් මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රතිපත්තියම වී ඇත්තේ රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීමයි. නොඑසේ නම් බදු දීමයි. බදුදිය හැකි, විකිණිය හැකි ඕනෑම දෙයක් වේද එය බදු දීම හෝ විකිණීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත. අලුතෙන්ම වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට අයත් සම්පත් බදු දීමයි. නොඑසේ නම් විකිණීමයි. කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව ගුවන් සමාගම යටතේ පාලනය වන රථගාල් තුනක් විය. එය පාලනය කළේ සහ එහි ආදායම ලබාගත්තේ ගුවන් සමාගම විසිනි. එය කටුනායක ගුවන්තොටුපොළට එන ජනතාවට මහත් සහනයක් බවට පත්විය. තම ඥාතියෙකු, හිතවතෙකු, ගුවන් ගමනක් සඳහා ගුවන් තොටුපොළට පැමිණි කළ හෝ විදේශයක සිට සිය රටට තම ඥාතියා හෝ හිතවතා පැමිණෙන තුරු තමන් ගුවන්තොටට පැමිණි රථය ආරක්ෂා සහිතව නවතා තැබීමට මෙම රථගාල් අතිශය වැදගත් මෙහෙවරක් කළේය. එය මෙහෙවරකටත් වඩා සේවයක් විය.

ගුවන්තොටුපොළට අදාළ රථගාල් තුන බදුදීම සඳහා ගුවන් සේවා සමාගමේ පාලානාධිකාරිය මේ වන විට කටයුතු කොට ඇත. පසුගිය ජූලි මස 31 වෙනිදා ටෙන්ඩර් කැඳවා තිබූ අතර අදාළ රථගාල් බදු ගැනීම සඳහා ටෙන්ඩර් තුනක් ඉදිරිපත්ව තිබී ඇත. මෙහිදී කාර් පාර්ක් එක ඉදිරිපත් වූ එක, දෙක, තුන ටෙන්ඩර් පත් අතරින් තුන්වෙනි ටෙන්ඩර්කරුට බදුදීමට සමාගම තීරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පසුගිය පළමු වැනිදා විරුධත්වය ප්‍රකාශ කොට මෙය තාවකාලිකව නතර කරන ලදී. ඒ වන විට අදාළ ටෙන්ඩර් ගත් ආයතනය රථගාලට අදාළව යටිතල පහසුකම්ද සකස් කරන ලදී. විශේෂයෙන්ම ගේට්ටු සවිකිරීම පවා සිදු කොට තිබුණි. මේ තත්ත්වය මත ගුවන් සමාගමේ සභාපතිවරයා විසින් සියලුම සේවකයන් කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා ප්‍රකාශ කොට ඇත්තේ ගුවන් සේවා සමාගමේ අදාළ රථගාල් විකිණීමක් සිදු නොකරන බවත් සිදු කරනු ලබන්නේ බදු දීමක් පමණක් බවත් ප්‍රකාශ කොට ඇත්තේ සේවකයන්ගේ විරෝධය සමනය කිරීමටය.

ගුවන් තොටුපොළ කළමනාකාරවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම රථගාල් තමන්ට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි. සභාපතිවරයාත් අධ්‍යක්ෂ මණ්ඩලයත් ළඟ තබාගෙන අදාළ කළමනාකරු ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට මෙය කිරීමට නොතේරෙන බවකි. එවිට වහාම මැදිහත් වී ඇති සේවකයෙකු මේ තත්ත්වයට රථගාල් පත්වී ඇත්තේ කළමනාකාරවරයාගේ දුර්වලකම පරිපාලනය හේතුවෙන් බව ප්‍රකාශ කොට ඇත. එහිදී අදාළ කළමනාකාරවරයා අදාළ චෝදනාවද පිළිගෙන ඇත. අදාළ බලධාරීන් නිරතුරුව පවසන්නේ මේ රථගාල් තුළ විශාල ලෙස මුදල් වංචා වන බවකි. මේ තත්ත්වයට වගකිව යුත්තේ අදාළ පාලකයන්ය. ආණ්ඩුවේ වුවමනාව ඉටු කරමින් කිසිදු සොයා බැලීමක් නොකළ අදාළ පාලකයන් මෙය බදුදීම යැයි කියමින් පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතව ඇත. කෙසේ වුවත් කිසිදු අවස්ථාවක සිදුවන්නේ යැයි කියන මූල්‍ය වංචා හෙළිදරවු කරගැනීමට හෝ අදාළ වංචා නැවැත්වීමට මේ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැත. කිසිදු පියවරක් නොගෙන වංචා සිදුවන්නේ යැයි කියමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මොවුන් සිදුකොට ඇත්තේ බදුදීමට අවශ්‍ය කොන්දේසි සපුරා දීමය. ගුවන්තොටුපොළ පාලනාධිකාරිය තමන්ගේ අඩුව සම්පූර්ණ කරගැනීමට උත්සාහ ගනිමින් ඇත්තේ වසර තුනකට අදාළ රථගාල් පෞද්ගලික අංශයට බදුදීමය.

අදාළ ටෙන්ඩර් පත් අතරින් තුන්වෙනියට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අනුමැතිය හිමිව ඇත. අදාළ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා එංගලන්තයේ පදිංචිව සිටින්නෙකි. අදාළ පුද්ගලයාට කොළඹ ප්‍රධාන පෙළේ රථගාල් කිහිපයක්ම පවතින බව කියවේ. ඔහුට මෙම ටෙන්ඩරය ලබාදීමට එරෙහිව කණ්ඩායමක් නැගී සිටියේ ඒ පිටුපස තිබූ දේශපාලන උවමනාවක් සම්පූර්ණ කිරීමට බව අමුතුවෙන් විස්තර කළ යුතුව නැත. මේ බදුදීම තුළ ටෙන්ඩර් මගඩියක් සිදුව ඇතැයි කියමින් ශ්‍රීලනිප වෘත්තීය සමිති තර්ක මතු කරද්දී හෙළි වූයේ මෙම ටෙන්ඩර් තුළ රාජපක්ෂ ආණ්ඩුවේ රැකවරණ හිමි වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ චණ්ඩි මල්ලීගේ බෑනා කෙනෙකුද ටෙන්ඩර් පතක් ඉදිරිපත් කොට ඇති බවයි. ඔහුට අවස්ථාව ලබාදීමට මේ පිරිස කටයුතු කරමින් සිට ඇත. කෙසේ වුවත් අවසානයේ ටෙන්ඩරය හිමි වූ පුද්ගලයාගේද ටෙන්ඩරය අත්හිටුවන ලදී.

අවසානයේදී නීත්‍යානුකූල ලෙස ටෙන්ඩරය හිමි වූ පුද්ගලයාට අධිකරණයේ පිහිට පතන්නට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගමට අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ අදාළ පුද්ගලයාටම ටෙන්ඩරයට අනුව රථගාල් ලබාදීමට කටයුතු කළ යුතු බවයි. නමුත්, සැලසුම වී තිබී ඇත්තේ පාතාල නායකයෙකුගේ බෑනනුවකුට ටෙන්ඩරය ලබාදීමටයි. කෙසේ වුවත් අධිකරණයේ මැදිහත් වීමෙන් එය වැළකී ගොස් ඇත. එබැවින් බදුදීම දක්වා මේ රථගාල් පරිහානියට පත්කරන ලද්දේ ගුවන් තොටුපොළ පාලනාධිකාරිය විසිනි. ඔවුන්ගේ පාපයට අවසානයේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සේවකයන්ට සහ පොදු මහජනතාවටය.

ගුවන් සේවා සමාගම විසින් පාලනය කරන ලද කාලයේදී රථගාල්වල මාසික ආදායම රුපියල් ලක්ෂ හතළිස් පහක් පමණ වන බව කියවේ. මෙම රථගාලේ නවත්වනු ලබන ඕනෑම රථයකින් අයකරනු ලබන්නේ රුපියල් දෙසීයක් පමණි. ඒ අනුව නිශ්චිත වේලාවක් නැතිව අදාළ රුපියල් දෙසීයයට ඕනෑම වෙලාවක් නවත්වා තබාගත හැකිය. මේ වන විට බදු ලබාගෙන ඇති ආයතනය මාසික ආදායම ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් මිලියන 21 කි. (රුපියල් දෙකෝටි දස ලක්ෂයක්) ඉන් ඔවුන් මිලියන නමය හමාරක් හෙවත් ලක්ෂ 95ක් ගුවන් සමාගමට ගෙවීමට එකඟ වී ඇත. මෙම සමාගම මුදල් උපයා ගන්නා මාර්ගයද පැහැදිලි කොට ඇත. ඔවුන් රථයක් නැවැත්වීමේදී අය කරන මුදල ලෙස සඳහන් කර ඇත්තේ රුපියල් දෙසීයකි. අමතර සෑම පැයකටම රුපියල් සියය බැගින් අය කිරීමට තීරණය කොට ඇත. සමාගම සතුව පවතිද්දී දළ වශයෙන් පැය දහයක් වාහනයක් නවතා තැබීමට වැය වන්නේ රුපියල් දෙසීයකි. එහෙත් නව තත්ත්වය යටතේ දළ වශයෙන් පැය දහයක් එක් වාහනයක් නවත්වා තැබීමට රුපියල් එක්දහස් එකසියයක් ගෙවිය යුතුව ඇත. සාමාන්‍ය ජනතාව මෙතෙක් කල් ගුවන්තොටුපොළට පැමිණ වාහනය නවතා තැබීමට අයය කළ රුපියල් දෙසීය වෙනුවට දැන් ජනතාවට දහස් ගණනින් ගෙවීමට සිදුව ඇත. මේ තත්ත්වයට ජනතාව ඇද දමා ඇත්තේ ගුවන් තොටුපොළ පාලනාධිකාරියයි.

මේ බදුදීමට එරෙහිව සැබෑ ලෙස පෙනී සිට ඇත්තේ අන්තර් සමාගම් සේවක සංගමය පමණකි. ශ්‍රීලනිප කණ්ඩායම විරෝධය දක්වා ඇත්තේ බදුදීමට නොව තම හිතවතුන්ගෙන් පිට බදුදීමට එරෙහිවය. ජනතාවගේ යහපත වෙනුවෙන් පැවති රථගාල් තුනක් විකුණන් කන මට්ටමේ පහත් තැනකට මේ පාලකයන් පත්ව ඇත්තේ කෙසේද යන්න ගැන පුදුම විය යුතු නැත. තමන්ගේ දේශපාලන නොහැකියාව පමණක් නොව ආර්ථික නොහැකියාවද මේ වන විට මේ පාලකයන් ප්‍රදර්ශනය කොට ඇත. පොදු වැසිකිළියක් වුවද පෞද්ගලික සමාගමකට බදුදීමට තරම් මානසික මට්ටමකට මේ පාලකයන් පත්ව ඇති බව කටුනායක රථගාල් සිද්ධියෙන් මානව පැහැදිලිවේ.

එස්. කේ. ගමගේ

Published on: Sep 7, 2018- “නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප්‍රධාන විධායක තතතුරු හොබවන නිසාත් සියළු නිලධාරි සේවක මහත්ම මහත්මීන් සහ සියළු ජනතාව සර් යන නාමයෙන් ආමන්ත්‍රණය කළ යුතුය.” යනුවෙන් බොඩ් ලෑලි ගසා ගත් අමන මහරගම නගර සභාවේ සභාපති  මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා විසින් එම නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනෙකුට ඉතාමත් දරුණු ලෙස පහරදී ඇතැයි වාර්තා වේ.

විදුලි අංශයේ එම කම්කරුවන් සිව්දෙනා දිනයේ වැඩ අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර පන්නිපිටිය “බෝගහ ලඟ රෙස්ටුරන්ට් එක” ලෙස හඳුන්වන ස්ථානයට ගොස් මත්පැන් පානය කරමින් සිට ඇත. මේ බව දැනගත් සභාපතිවරයා එම ස්ථානයට පැමිණ එම කම්කරුවන්ට පහරදී ඔවුන්ව නගරසභාවේ සිය කාර්යාලය වෙත ගෙන ගොස් ඇත.

එහිදී ඔවුන්ව දණ ගස්සවා තිබෙන අතර කාර්යාලයේ දොර අගුළු දමා මෙම කම්කරුවන්ට ඉතාමත් දරුණු ලෙස අතින් පයින් පහරදී තිබේ.

ටිරාජ් ලක්රුවන් සභාපතිවරයා විසින් මීට පෙරද මෙලෙසම මාර්ග අංශයේ කම්කරුවන් පිරිසකට පහරදී තිබෙන අතර එය එම කම්කරුවන් රහස් ලෙස තබාගෙන ඇතත් අද සිදුවී ඇති පහරදීමත් සමග එම සිදුවීමට හෙළිදරව් වී ඇත.

මෙලස මැරයෙකු ලෙස පහරදෙමින් කම්කරුවන්ට දඬුවම් කිරීමට සභාපතිවරයාට කිසිඳු අයිතියක් නැති අතර එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්ද වේ. කම්කරුවන් යම් විනය විරෝධී ක්‍රියාවක් සිදු කරන්නේනම් ඒ සඳහා කටයුතු කළ යුතු වන්නේ අදාළ ආයතන සංග්‍රහය අනුවය.

සභාපති ටිරාජ් ලක්රුවන් මහතා කණ්ඩායම යතුරුපැදිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟවැද මහින්ද පිලේ ආශිර්වාදයෙන් මරගම නගරසභාවේ බලය හිමිකරගත් අතර එම කණ්ඩායමේ අපේක්ෂක ලයිස්තුවේ බොහෝ පිරිසක් නගර සභා බල ප්‍රදේශයෙන් පිටස්තර පුද්ගලයන් වීම නිසා එම අපේක්ෂක ලැයිස්තුව බල රහිත කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලටද එළඹ තිබේ.

Published on: Sep 6, 2018- අද දෙන්නම් හෙට දෙන්නම් යනුවෙන් බාලගිරි දෝෂයෙන් පෙලිමෙන් අහිමි වි තිබු රවිගේ ඇමතිකම යලි ලබාදිමට ජනාධිපතිවරයා එකගතාව පලකර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දිමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. යළි කැබිනට් අමාත්‍යධූරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දි තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමුවූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සදහන් කර සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නිතිපති දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්කීමට අනුව නිතිපති මතයද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.

මහ බැංකු වංචාවේ කුප්‍රකට ඩිල් කරු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යලිත් ඇමතිකමක් ලබාදිමට ජනාධිපතිවරයා සිය අකමැත්ත පලකල කර තිබු අතර අගමැතිවරයාද රවි වෙනුවෙන් කල ඉල්ලිම් ඉවත දමා තිබුනා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම කර ඇත්තේ  එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්විම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදි ඊයේ  (05) පැවැති අවස්ථාවේදිය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල හා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්විමට සහභාගී වි තිබේ.

ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධූරය ස්ථිර වශයෙන්ම හිමිවිමට නියමිතය.

Published on: Sep 5, 2018 – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබීඇති විදෙස් අරමුදල් වියදම්කර ඇති ආකාරය ගැන විමර්ශනය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

මහජනතාව වෙනුවෙන් වැඩසටහන් කිරීම සදහා යැයි ව්‍යාපෘති යෝජනා ඉදිරිපත්කර ලබාගත් විදෙස් අරමුදල් “ වෙනත් කටයුතු” සදහා යොදවා ඇත්දැයි සොයාබැලීම මෙම විමර්ශනයේ අරමුණ වී ඇතැයි දැනගන්නට තිබේ.

පසුගිය කාලය තුළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය අවභාවිතා රැසක් පිළිබදව සාමාජිකත්වයෙන්ම චෝදනා එල්ල විය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(TISL),ෆැපරල් සහ කැෆේ සංවිධාන සමග එක්ව මැතිවරණ ක්‍රියාවලිය ගැන ජනතාව දැනුවත් කිරීම සදහා යුරෝපා සංගමය මගින් ලබාදුන් විදෙස් අරමුදල්වලින් රුපියල් මිලියනයකට අධික මුදලක් TISL කළමනාකාරිනියක විසින් වංචාකර ඇති බව මුල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් එල්ලවු එවැනි ප්‍රබල චෝදනාවකි.යුරෝපා සංගම් 14104.1470028941 EU වැය ශීර්ෂය යටතේ ලැබුණ එම අරමුදල් ආයතනයේ පිළිගත් මූල්‍ය පටිපාටි යටතේ වැයකර නොමැති බව සහ මූල්‍ය අවභාවිතා සිදුවී ඇති බව KPMG විගණන විමර්ශනයෙන් තහවුරු වී තිබියදී වංචාව යටපත් කිරීමට සහයවී ඇති අධ්‍යක්ෂිකාවක් බේරා ගැනීම සදහා ආයතනයේ Organization manual වෙනස්කර යුරෝපා සංගමයටද වංචාකර ඇතිබවටද එකල මාධ්‍ය වාර්තාවලින් කියැවිණි.

එම වංචා චෝදනා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාගැන හෝ ඉදිරිපත්ව තිබූ RTI තොරතුරු අයදුම්පත් කිසිවකට පිළිතුරු දීමට TISL ආයතනය මෙතෙක් අපොහොසත් වී තිබේ.

එසේම TISL ආයතනය වෙත ලැබුණ NED අරමුදල් අවභාවිතා කිරීමේ චෝදනා සනාථවීමෙන් පසුව එම ආධාර මුළුමනින්ම නතරකළ බව වාර්තාවිණි. අවභාවිතා චෝදනා යටපත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය දරන උත්සාහය නිසා දිගු කලක් තිස්සේ TISL වෙත ලැබුණ නෝර්වීජියානු ආධාරද අත්හිටවූ බව මාධ්‍ය වාර්තා මගින් කියැවිණි.TISL හි සාමාජිකත්වය දැරූ දූෂණ විරෝධීන්ගෙන් ප්‍රබල පිරිසක් විධායක අධ්‍යක්ෂකට එරෙහිව එල්ල වී තිබූ මෙම දූෂණ චෝදනා පිළිබද පරීක්ෂණයක් ඉල්ලා සිටියද එවකට සභාපති වූ ලක්ෂාන් ඩයස් මහතා සාමාජිකත්වයේ ඉල්ලීම් නොසලකා හරිමින් දූෂණ යටපත් කළ බවටද චෝදනා එල්ල විය. මෙම තත්වය පිළිබදව සාමාජිකයින් පිරිසක් විසින් ජර්මනියේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව මේ වනවිටත් ට්‍රාන්ස්පේරන්සි‍ ශ්‍රී ලංකා කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බවද දැනගන්නට තිබේ.

TISL මූල්‍ය ගනුදෙනු පිළිබද මෙම සී.අයි.ඩී.විමර්ශනය ආරම්භවී ඇත්තේ එම විමර්ශන කටයුතු සිදුවන අතරතුරය.

කෙසේ වෙතත් සී.අයි.ඩී.විමර්ශනය ගැන අදහස් පළකරමින් TISL විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර සිය කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ එය තමාගේ කාලයට අයත් ගනුදෙනු ගැන සොයාබලන විමර්ශනයක් නොව වැලිඅමුණ මහතා විධායක අධ්‍යක්ෂ ධූරය දැරූ කාලයේ සිදුවී ඇති ගනුදෙනු ගැන සොයාබලන විමර්ශනයක් බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් හොරා කෑ හැටි lankanewsweb.info අනාවරණය කල අයුරු..

http://198.211.112.164/archives/15823

http://198.211.112.164/archives/18689

http://198.211.112.164/archives/15919

http://198.211.112.164/archives/16773

http://198.211.112.164/archives/15870

http://198.211.112.164/archives/15158

Published on: Sep 4, 2018- 2015 දී අප කී දේ ඇත්ත වෙයි….ෆයිසර් මුස්තාපා ISIS සම්බන්ධය මෙන්ම…. ෆයිසර්ගේ සමීපම ඥාතියා ඔස්ට්‍රේලියාවේ සිට ISIS මෙහෙයුම් වල… ඔස්ට්‍රේලියාවේදි අත්අඩංගුවේ… යනුවෙන් අප කල අනාවරණය හමුවේ සැගවිමට නොහැකි වු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අදාළ තරුණයා තමන්ගේ ඥාති පුත්‍රයේකු ලෙස ප්‍රසිද්ධියේ පිලිගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ඥාති පුත් මොහොමඩ් නිසාම්දීන් එවැනි ක්‍රියාවක් සිදු කර ඇති බව විශ්වාස කළ නොහැකි බවටද අමාත්‍ය ෆයිසර් මුස්තෆා විදෙස් මාධ්‍ය ආයතනයක් සමග එක්වෙමින් ප්‍රකාශයක් කර තිබේ.

http://198.211.112.164/archives/19186

ඒ අනුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට පිස්සුය.සමහර විට ෆයිසර් මුස්තෆා හිතාගෙන ඇත්තේ ලංකාවේ මෙන් වැරදිකරු ගෙදර යවා නිවැරදිකරු හිරේ දමන පන්නයේ නීතියක් ඕස්ට්‍රේලියාවේද ඇති බවය. අත්අඩංගුවේ පසුවන ෆයිසර්ගේ ඥාති පුත්‍රයා ඔස්ට්‍රේලියාවට අමාත්‍යවරුන් සහ සිඩ්නි නුවර ප්‍රසිද්ධ Opera House විනාශ කිරිමට මෙහෙයුම් දියත් කල බවට චොදනා එල්ල වි තිබේ.

ඊට අමතරව තමන් අමාත්‍යවරයෙක් වුවත් එම බලතල පාවිච්චිකරමින් ශ්‍රී ලංකා අජයෙන් කිසිදු මැදිහත් වීමක් ඒ සඳහා සිදු නොකරන බවත් එසේ සිදු කරතෙත් එය වැරදි ක්‍රියාවක් බවටත් පඩි ටොක් දි තිබෙන නමුත් අත්අඩංගුවේ පසුවන මුස්තාපා ඥාති පුත් මොහොමඩ් නිසාම්දීන් වෙනුවෙන් පෙනී සිටිම සදහා 24 පැයක් ගත විමටත් පෙර නීතිඥවරුන් දෙනෙකු ඔස්ට්‍රේලියාවට යැවිමට ඉහල පෙලේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් විමක් කර තිබේ.

සමාන්‍යයෙන් වෙනත් රටක අත්අඩංගුවේ පත්වන අයෙකු වෙනුවෙන් නීතිඥ සහය අදාළ රට හරහ ලබාදිමට දින 45ක පමණ කාලයක් ගතවන නමුත් පච මුස්තාපාට එය 24 පැයකටත් අඩුවිම අනුව රාජ්‍ය බලය උපරිමයෙන්ම අවභාවිතා කර ඇති බව නොරහසකි.

අත් අඩංගුවට ගත් තරුණයා ISIS සංවිධානය නියෝජනය කරන ප්‍රබල සාමාජිකයකු ලෙස ඕස්ට්‍රේලියානු පොලීසිය ඔහුව හදුන්වා දී තිබේන අතර ඔහු ඇතුලු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර පහරදිම සදහා කටයුතු කරමින් සිටි බව තහවුරු වි තිබේන අතර එම චොදනා සැකයෙන් තොරව ඔප්පු කිරිමට තරම් සාක්ෂී තිබේන බවද ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය එරට අධිකරණය හමුවේ අනාවරණය කර ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කර සිටි.

මේ අතර අදාළ අත්අඩංගුවට ගැනිමත් සමග අමාත්‍යවරයා ඇතුලු මුලු පවුලම දැඩි අර්බුධ කාරි තත්ත්වයකට මුහුණ දි ඇති අතර ෆයිසර් මුස්තෆා යහපාලන රජයේ දරණ තනතුරු සම්බන්ධයෙන්ද මේ වනවිට අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබේන බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය ෆයිසර් මුස්තෆා ISIS සම්බන්ධය ගැන අප කල අනාවරණයන්… පහතින් කියවන්න…

Alleged Islamic State affiliate has uncle in Sri Lankan government

A University of New South Wales student accused of documenting plans in a notebook to assassinate two senior Australian politicians is the nephew of a Sri Lankan cabinet minister.

Key points:

Mohamed Nizamdeen appears to be an Islamic State affiliate, police say He is the nephew of a senior Sri Lankan cabinet minister

His alleged list of targets included MPs and the Sydney Opera House

The ABC can reveal Mohamed Nizamdeen, 25, is related to Sri Lankan MP Faiszer Musthapha, who is
the country’s Sports and Local Government Minister.

The PhD student, who was on Friday charged with a terrorism-related offence, is also the grandson of Jehan Kamer Cassim, the late former chairman of one of Sri Lanka’s biggest banks — Bank of Ceylon.

Mr Nizamdeen, who also worked as a UNSW business systems analyst, was arrested at the Kensington campus last Thursday.

His arrest came after a colleague found a notebook allegedly containing details of plans to kill former prime minister Malcolm Turnbull and his deputy Julie Bishop.

The alleged list of targets also included the former speaker Bronwyn Bishop, the Sydney Opera House, major train stations and police stations across the harbour city.

On Friday police told a media conference Mr Nizamdeen appeared to be an Islamic State affiliate

ISIS ලංකාවේදි යුරෝපා ජාතිකයන්ට පහර දෙනවා-ආණ්ඩුවේ ISIS සමාජිකයා කියයි.

http://198.211.112.164/archives/7217

Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි

http://198.211.112.164/archives/4258

I …and Father Fuck to MR…..පක්කලියෙක් ගිය උඩ

http://198.211.112.164/archives/6063

කාත්තන්කුඩි ගැටුම පසුපස ISISත්‍රස්තවාදීන්…ISIS ගැන අප කල අනාවරණයන් ඇත්ත වෙයි..

http://198.211.112.164/archives/15630

යාපනයට ආ ISIS ගැන අපි එදා කී ඇත්ත මෙන්න-ISIS කාරයා මුම්බායි පොලිස්‌ දැලේ

http://198.211.112.164/archives/14476

මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් සිය පුත්‍රයාට මෙන්ම අතයට ගනුදෙනු හරහා රටේ ජනතාවගේ තැන්පතු වලට කෙලවු මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු හදිසියේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්කර තිබේ.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර යහපාලනය යටතේ හොරුන්ට ලැබෙන වරප්‍රසාදය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර නම් හොරු එලවන්න ආ හොරු කම්බ හොරුම බව දැන් රටේ ජනතාව දැනගෙන අවසන් ය.

http://198.211.112.164/archives/19134

 

Published on: Sep 1, 2018 – කොළඹ නගර සභාවේ සැලසුම් කිරීමේ අධ්‍යක්ෂකවරිය (Director in planning) ලෙස කටයුතු කල කුප්‍රකට හෙරෙක් වන ප්‍රියන්ති පිරිස් නැමති කාන්තාව යලිත් පත් කර ගැනිම සදහා නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය උත්සහ කරමින් සිටින බවට අප කල අනාවරණය හමුවේ ඇයගේ සේවා දිගුව මේ වනවිට අතරමග තර වි තිබේන බව වාර්තා වේ.

ප්‍රියන්ති පිරිස් නැමත්තිය අතයට ගණුදෙනු හරහා කොළඹ නගරය පුරාම අනවසර මහල් ගොඩනැගිලි නිර්මාණය කිරිම සදහා හිරිකිතයකින් තොරව කටයුතු කල කාන්තාවක වන අතර මීට මසකට පමණ පෙර ඇය සේවයෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් මේ දක්වා එම තනතුර හිස්ව පැවති අතර නගරාධිපතිනිය විසින් යලිත් ඇයට සේවා දිගුවක් ලබාදිමට කටයුතු සුදානම් කර තිබුනා.

පහත දක්වා ඇත්තේ ඇය විසින් පසුගිය කාලසිමාවේ නගර සභාවේ සිය බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් කල ක්‍රියාකාරකම් කිහිපයක් වන අතර ඊට අදාළ සාක්ෂි සියල්ලම අප සතුව පවතින අතර කඩිනමින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර ඇයට එරෙහිව කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතරම විපක්ෂයට වි දෙන දේ කා වෙන  දේ බලාගෙන සිටින පොහොට්ටුකාරයන්ට මෙන්ම ප්‍රගතිශීලි එජාප මන්ත්‍රීවරුන්ටද නගර සභාව විකුණාගෙන කෑ හෙර සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.

ප්‍රියන්ති පිරිස් බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් පගා ගත් අයුරු …

1. අංක 147/1, 147/3, ධර්මපාලමාවත, කොළඹ07- මෙම ස්ථානයේ නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති අනුව මහල් 05 ක් වත් අනුමත කිරීමට නොහැකි අතර මැය විසින් මහල් 15 ක ගොඩනැඟිල්ලක් සඳහා මුලික නිෂ්කාෂණ අනුමැතිය ලබා දී ඇත. මේ සඳහා මැය විසින් ඉහල නිලධාන්ද රවටා ඇති අතර මෙම අනුමැතිය ලබා දී ඇත්තේ මේ වර්ගයේ අනුමැතිය කොළඹ නගර සභාවට නිකුත් කිරීමට බලයක් නොමැතිව කාලයක වේ.

2. අංක 64, සිරිධම්ම මාවත, කොළඹ 10- මෙම ස්ථානය සඳහා මහල් 13ක ගොඩනැඟිල්ලක් සඳහා අවසරය දී ඇති අතර මෙය අනුමත කිරීම සඳහා TIA අනුමැතිය නොමැතිව වංචා සහගත ලෙස ගොඩනැඟිලි අනුමැතිය ලබා දී ඇත.

3. අංක 78, 80, අචාර්ය N.M . පෙරේරා මාවත, කොළඹ 08- මෙම ස්ථානයේ Basement එක සාදා ඇත්තේ වීදී රේඛාවේ වන අතර එය එසේ තිබියදීත් එම ගොඩනැඟිල්ල සඳහා අනුමැතිය ලබා දී ඇත. එසේ වීදී රේඛාවට අයත් භුමියේ කිසිම ඉදිකිරීමක් අනුමත කිරීමට මැයට බලයක් නැත.

4. අංක 34, වජිර පාර, කොළඹ 05 – මෙම ස්ථානයේ අනුමත කිරීමට හැකි මහල් ගණනට වඩා එක මහලක් අනුමත කර ඇත.

5. අංක 08, ජයසිංහ පාර, කොළඹ 05- මෙම ස්ථානයේද අනුමත කිරීමට හැකි මහල් ගණනට වඩා අනුමත කල මහල් ගණන වැඩිය. තවද මෙය අනුමත කරන අවස්ථාවේ ගොඩනැඟිල්ල බාගයක් සාදා නිම කර තිබුණි. මේ නිසා එම ඉදිකිරීම් වෙනුවෙන් එක වර්ග මීටරයකට රුපියල් 2000 ගණනේ දඩ මුදලක් ය විය යුතුව තිබුණි. නමුත් ඉතාමත් සුළු මුදලක් දඩ මුදල් ලෙස ගෙන ඉතිරිය මැය විසින් තමන්ගේ සාක්කුවට දමාගෙන ඇත. මෙම ගොඩනැඟිල්ල සාදා ඇත්තේ Blue ocean company එක විසිනි. මෙම ස්ථානය පරික්ෂා කොට site එකේ තිබෙන ලියකියවිලි පරික්ෂා කර බැලීමෙන් අනුමත කරන දිනය වන විට ගොඩනැඟිල්ලේ කොපමණ ප්‍රමාණයක් සාදා තිබුණාදැයි සොයා ගත හැකිය. එසේම මෙම ස්ථානය සඳහා නගර සැලසුම් අංශයේ තිබෙන ලිපිගොනුව පරික්ෂා කිරීමෙන් කොපමණ දඩ මුදලක් ලබා ගෙන ඇත්දැයි සොයා ගැනීමට හැකිය.

6. අංක 222, ඇල්විටිගල මාවත, කොළඹ 05-මෙය survey plan සැලසුම් අනුමත කිරීමකි. මෙම අනුමත කිරීමේදී වෙන කෙනෙකුට අයත් පෞද්ගලික පාරක් වෙනත් පුද්ගලයෙකුට අයිති ඉඩමකට බද්ද කරන ලදී. මැය විසින් මෙය දන්නා නමුත් පහල නිලධාරීන් මෙන්ම ඉහල නිලධාරීන් ද රවටාගෙන මෙම අනුමැතිය ලබා දී කූටි ගණනක මුදලක් වංචා සහගත ලෙස උපයාගන්නා ලදී.

7. අංක 513, තිබිරිගස්යාය මාවත, කොළඹ 05- මෙය නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති උල්ලංඝණය වන පරිදි අනුමත කරන ලද්දකි. මෙහි Survey plan අනුමත කිරීමේ පටන්ම නීති විරෝධී ලෙස අනුමත කරන ලද්දකි. තවද මෙම ස්ථානය සඳහා අජිත්ගේ ගෝලයෙක් හොර අනුමත සංවර්ධන බලපත්‍රයක් සහ හොර අනුමත සැලැස්මක් සාදා අයිතිකරු වෙත දුන් පසු අතටම අසුවිය. මෙම සිද්ධිය රහස් පොලිසියට හෝ වංචා විමර්ශනයට භාර දිය යුතුව තිබුනත් මැය විසින් එසේ නොකරන ලදී. මෙය අධ්‍යක්ෂකට ඔබින වැඩක් නොවන අතර ඒ වගේ ක්‍රියා වලට අනුබල දීමකි.

8. අංක 5,7, High level road, කිරුලපන- මෙම ස්ථානය සඳහා survey plan එකක් අනුමත කර ඇති අතර එය අනුමත කර ඇත්තේ එම ඉඩමේ මුළු අයිතිය හරියාකාරව පෙන්වා නොමැති අවස්ථාවක මේ අනුමත කිරීම සඳහා ලක්ෂ ගණන් මුදල් මැය විසින් ලබා ගෙන ඇත.

Published on: Sep 1, 2018 – එවකට ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල වර්තමානයේ ක්‍රිඩා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට 2015 ජුලි මාසයේ අප කල අනාවරණය මේ වනවිට සත්‍යක් බවට තහවුරු වි තිබේ.

ඇමැති ෆයිසර් මුස්තාපාගෙ පවුලේ සමීප නෑදෑයකු වන ශ්‍රීලංකාවේ මුස්ලිම්  තරුණයෙකු වන මොහමඩ් කැමර් නිලන් නියාමඩීන් (Mohamed Kamer Nilan Nizamdeen) නැමත්තා  ISIS සම්බන්ධ යි කියා ඕස්ට්‍රේලියාවේදී අත් අඩංගුවට ගෙන ඇති අතර මේ දක්ව සිදුකර ඇති පරික්ෂණ වලදි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය එම තරුණයා හරහා ISIS සංවිධානය ශ්‍රි ලංකාව සමගද ගනුදෙනු සදහා යොදවාගෙන ඇති බව තහවුරු කර තිබේ.

අත් අඩංගුවට ගත් තරුණයා ISIS සංවිධානය නියෝජනය කරන ප්‍රබල සාමාජිකයකු ලෙස ඕස්ට්‍රේලියානු පොලීසිය ඔහුව හදුන්වා දී තිබේ.

මොහමඩ් කැමර් නිලන් නියාමඩීන් විසින් සිඩ්නි හරහා “සංකේතාත්මක” පුද්ගලයන් හා ස්ථානවල ලැයිස්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති ෆෙඩරල් පොලිසිය මේ වනවිට අනාවරණය කර තිබේන අතර මොහමඩ් කැමර් අධ්‍යාපනය ලබන University of New South Wales හී IT කණ්ඩායමේ මිතුරෙකු විසින් “ISIS-අනුබද්ධ”ත්‍රස්ත කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු අඩංගු බවද සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට මොහමඩ් කැමර් නිලන් නියාමඩීන් මේ මස 24 වැනිදා දක්වා බන්ධනාගාර ගතකර ඇති අතර පොලිසිය  අදාල පරික්ෂණ මෙහෙයවමින් සිටි.

අවස්ථා ගණනාවකදි ලංකාව හරහා ඉතා විශාල මුදල් ප්‍රමාණයන් මේ තරුණයාට ලැබි ඇති අතර ඒම මුදල් හුවමාරු සදහා ශ්‍රි ලංකා රජයේ සaජු මැදිහත් විම් සිදුව ඇති බවද වාර්තා වේ.

සියල්ලන්ටම වඩා මෙම තරුණයා ව්‍යාජ්‍ය ලෙස ශ්‍රි ලංකාවේදි තොරතුරු ලබාදි රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගනුදෙනුවක් හරහා විසා ලබාදිමට කටයුතු කර තිබේන බවද අනාවරණය වි තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම පිලිබඳ පුවත වාර්තා කිරීමේ දී තම සමීප නෑදෑයකු ලෙස අදාල පුද්ගලයා හදුන්වා දීමෙන් වැලකෙන්නැයි මේ වන විට අමාත්‍ය ෆයිසර් මුස්තාප මාධ්‍යය ආයතන ප්‍රධානීන් වෙතින් ඉල්ලීම් සිදුකර තිබේ. ISIS සංවිධානය වැනි බියකරු ත්‍රස්තවාදී සංවිධානය ක ප්‍රබලයකු ශ්‍රීලංකාවේ අමාත්‍ය වරයෙකු ගේ පවුලේ සමීප නෑදෑයකු වීම පිලිබඳ ව ජාත්‍යන්තර මාධ්‍යය විමතිය පලකර තිබේ..

අදාළ තරුණයා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ අක්කාගේ පුත්‍රය බව මේ වනවිට තහවුරු වි තිබේ.

ඕස්ට්‍රේලියානු පොලීසිය පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ තවත් මුස්ලිම් තරුන යන් පිරිසක් ISIS සංවිධානය තුළ වැඩ කරන බවයි. එමෙන්ම ඉදිරියේ දී ISIS ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රීලංකා ව තුල සිදුකිරීමේ සූදානමක් තිබෙන බවත් ඕස්ට්‍රේලියානු පොලීසිය පෙන්වා දී තිබේ.

2015 ජුලි මස 23 වැනිදා කල අනාවරණය කියවන්න…

http://198.211.112.164/archives/4258

http://198.211.112.164/archives/9379

http://198.211.112.164/archives/9560

Sri Lankan student charged with terror offences in Sydney

 

Published on: Sep 1, 2018- එදා EPF අරමුදල කොල්ලකෑමට යොදාගත් යාන්ත‍්‍රණය වූයේ කොටස් වෙළඳපල තුල සිදුකරන ලද වංචා තුලින් අරමුදල කොල්ලකෑම බවත් අද කොටස් වෙළඳපල ආයෝජන අඩු වී ඇති නිසා ප‍්‍රාග්ධන වෙළඳපල හොම්බෙන් ගොස් තිබේන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයාද නැවත සූදානම් වන්නේ සේවක අරමුදල් යොදවා එක ඇලෝසියස් කෙනෙකු වෙනුවට ඇලෝසියස්ලා දහදෙනෙකු බිහි කිරීමට බව අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙනවා.

එදා රාජපක්‍ෂ පවුල කළ දේ අද රනිල් – මෛත්‍රී හවුල විසින් ද සිදු කිරීමට යන්නේ එකම දේය. එසේ අවදානමේ යෙදවීමට උත්සාය කරන්නේ සේවක අරමුදල් බවයි. ලක්‍ෂ 26 ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමි රුපියල් බිලියන 2000 කට වැඩි අරමුදල නැවත කොටස් වෙළඳපල තුල ආයෝජනය සඳහා කටයුතු කරන බවට මහ බැංකුව කල ප්‍රකාශය පිළිබඳව සාකච්ඡාවක් ලබාගැනීම සදහා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ලිපියක් යොමුකර ඇති අන්තර් සමාගම් සේවක සංගමය ඒ මගින් පෙන්වා දි ඇත්තෙ ඉතිහාසය පුරාවට සේවක අර්ථසාධක අරමුදල විවිධ අවස්ථාවල කොල්ලකෑමට ලක්වු බවයි.

ඉතිහාසය පුරාවට සේවක අර්ථසාධක අරමුදල විවිධ අවස්ථාවල කොල්ලකෑමට ලක්විය. එහෙත් කොටස් වෙළඳපල තුල ආයෝජනය මෙන්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කිරීම නිසා මෙම අලාභයන් අරමුදලට සිදු විය. 2008 – 2012 වකවානුව තුල කොටස් වෙළඳපල තුල සිදුකරන ලද ආයෝජන නිසා කෝටි 2800 කට අධික මුදලක් අරමුදලට අහිමි විය.

එදා EPF අරමුදල කොල්ලකෑමට යොදාගත් යාන්ත‍්‍රණය වූයේ කොටස් වෙළඳපල තුල සිදුකරන ලද වංචා තුලින් අරමුදල කොල්ලකෑමය. අද කොටස් වෙළඳපල ආයෝජන අඩු වී ඇති නිසා ප‍්‍රාග්ධන වෙළඳපල හොම්බෙන් ගොස් ඇත. ඔබතුමා ද නැවත සූදානම් වන්නේ සේවක අරමුදල් යොදවා එක ඇලෝසියස් කෙනෙකු වෙනුවට ඇලෝසියස්ලා දහදෙනෙකු බිහි කිරීමටය. එදා රාජපක්‍ෂ පවුල කළ දේ අද රනිල් – මෛත්‍රී හවුල විසින් ද සිදු කිරීමට යන්නේ එකම දේය. එසේ අවදානමේ යෙදවීමට උත්සාය කරන්නේ සේවක අරමුදල්ය.

ඉතිහාසය තුල සිදු වූ කිසිදු වංචාවකට ඳඩුවම් ලබාදීමක් හෝ අහිමි වූ මුදල් අයකර ගැනීමක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර නැත. මෙම වංචා සිදුකළ චුදිතයින් තවමත් EPF හි වගකිවයුතු තනතුරු දරන අතර EPF ආයෝජන උපදේශන කමිටුව තුලද සිටී. සියල්ල විසින් සිදුකරන ලද අලාභයන්ට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ 26 ලක්‍ෂයක් වන අරමුදලේ සාමාජිකයින්ටය.

මෙම තත්වය තුල ඔබතුමාගේ තීරණය සමග නැවත කොටස් වෙළඳපල EPF අරමුදල් ගිලගැනීමට සූදානම් වෙමින් සිටී. මෙම තත්වය තුල අපගේ සාමාජිකයින්ගේ අරමුදල් වල සුරක්‍ෂිතාව පිළිබඳව බරපතල අවදානමක් පවතින බැවින් එම ආයේජන ආරම්භ කිරීමට පෙර අප සංගමය වෙත කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිමු.

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ වලදි මහපොළ අරමුදල සතු ආයෝජනයන් වඩාත් විධිමත් කිරීම සඳහාත් ඉහත සමාගම් දෙක ඈවර කර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලුම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් තින්දුවක් ගෙන තිබුනා…

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු ආයෝජන විධිමත් කිරීම

වරප්‍රසාද නොලත් යෞවනයන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම හා වැඩිදියුණු කිරීම මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ පරමාර්ථය වේ. මහපොළ ප්‍රධාන අරමුදල ශක්තිමත් කිරීම සඳහා එහි අරමුදල් ආයෝජනය කිරීම මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරිත්වය යටතේ පිහිටුවා ඇති නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සමාගම සහ නැෂනල් වෙල්ත් සිකියුරිටීස් සමාගම මඟින් සිදු කරනු ලැබ තිබේ. එහෙත් එම සමාගම්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් මහපොළ අරමුදලට අවාසිදායක තත්ත්වයන් මතුව ඇති නිසාත් මහපොළ අරමුදල සතු ආයෝජනයන් වඩාත් විධිමත් කිරීම සඳහාත් ඉහත සමාගම් දෙක ඈවර කර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලුම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සඳහා සංශෝධන

රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මූල්‍යාධාර සපයනු ලබන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය නියාමනය කරනු ලබන 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සිරස නාලිකාව EPF කොල්ලය ගැන කල පුලුල් අනාවරණය…..

අගවිනිසුරු යටතේ ඇති මහපොළට කෙලිය කෙලිල්ල ..

Published on: Aug 31, 2018- පළාත් සභා මැතිවරණය පැවැත්විමට දැනට නිතියක් නොමැති බව පාර්ලිමේන්තුවේදි පළාත් සභා මැතිවරණ සිමානිර්ණ වාර්තාව පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය විසින් පත් කළ සිමානිර්ණ සමාලෝචන කමිටුව සදහන් කර තිබේන බව වාර්තා වේ.

දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විම සඳහා සංශෝධන දෙකක් ගෙනවිත් උපලේඛන අනුමත කරගත යුතුව පවතින බවයි සිමානිර්ණ සමාලෝචන කමිටුව සදහන් කර ඇත්තේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ තිරණයට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනිමට නියමිතව ඇති අතර පාර්ලිමේන්තුවේදි පළාත් සභා මැතිවරණ සිමානිර්ණ වාර්තාව පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය විසින් පත් කළ සිමානිර්ණ සමාලෝචන කමිටුවේ සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.

කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් වෙත දැනුම් දි තිබේන අතර පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තිරණය පාර්ලිමේන්තුවට දැනුම්දිමට ද නියමිතව තිබේ.

මේ අතර අප කලින් අනාවරණය කල අකාරයට ඊළඟ ජනාධිපතිවරණය දක්වා කිසිදු මැතිවරණයක් නොපැවැත්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් තින්දු කරගෙන සිටින නිසා එජාපය සහ ශ්‍රිලනීප කණ්ඩායම අතර යලිත් අලුත් අර්බුදයක් හටගෙන තිබේන බවද වාර්තා වේ.

නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කරනතුරු පළාත් සභා සියල්ලෙහි මැතිවරණය කල් දැමිම අවශ්‍ය කටයුතු කරන ලෙස සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අවධාරණය කර තිබේන බව අප පසුගියිදා අනාවරණය කළා.

http://198.211.112.164/archives/19085

Top