Published on: Aug 31, 2018- දිනෙන් දින කොළඹ නගර සභාවේ ජනතා බදු මුදල් විනාශ කරමින් බාල් නටන නගරාධිපතිනී රෝසී සේනානායක මේ වනවිට කොළඹ නගරයේ වැඩිපුරන ජිවත් වන අහිංසක මිනිසුන්ගේ දරුවන්ගේ සතුටද උදුර ගෙනිමට කටයුතු කර තිබේ.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ළමුන් සඳහා ක්‍රීඩා කිරීමට සපයා ඇති පහසුකම් වෙනුවෙන් එක් දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ගෙන ආ යෝජනාවක් කොළඹ මහ නගර සභාවේදී සම්මත වී තිබේ.

වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර, මාස 02ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

විහාර මහා දේවී උද්‍යානයේ කාක දූපත අවට දරුවන්ගේ විනෝද කටයුතු සඳහා ක්‍රීඩා උපකරණ සවි කිරීමට සහ ඉන් ලැබෙන ආදායමෙන් රුපියල් 10,000ක් මාසිකව කොළඹ නගර සභාවට ගෙවීමට අදාල පෞද්ගලික සමාගම එකඟවී තිබේ.

මෙම යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පමණක් විරෝධය පළ වී ඇති අතර මහින්දගේ හිගන පැටවුද කට වහගෙන මගහැර ගොස් තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමි වීමෙන් අදාල යෝජනාව සම්මත වී තිබේ.

කොළඹ නගර සීමාවේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් බහුතරයක් සිටියදී සුලු පිරිසකට එම අවස්ථාව හිමිකරදීමට මෙමගින් කටයුතු සැළසෙන බවත් නගර සභා ඉතිහාසයේ කවරදාවත් කුඩා දරුවන්ගෙන් මේ ආකාරයට මුදල් අයකරගෙන නොමැත. දැන් කාලය එළඹී ඇත.කොළඹ නගර සභාවේ මහජන මුදල් අවභාවිතා කරමින් අවසානයේ අහිංසක ජනතාවගේ සාක්කුවද හුරාගෙන කන්න හදන රටේ කරුමෙට උපන් රෝසී කනෙන් ඇද දොට්ට දැමිමට කාලය පැමිණ ඇත.

Published on: Aug 30, 2018 – රුපියල් දශ ලක්ෂ 3,350ක මුදලක් සහ 2018 මැයි මාසය අවසානය වන විට ගෙවිය යුතු වන පොලී මුදල්, ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 1,400 ක් පමණ, නොගෙවා තැන්පත්කරුවන්ට පොලු තබා ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ තැන්පත්කරුවන් පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළ අතර විරෝධතාකරුවන් පැවසුවේ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවනතුරු අදාල පුද්ගලයින්ට විදෙස්ගතවිම තහනම් කළ යුතු බවත් කිසි වෙටකත් ඔවුන්ට විදෙස් ගත වීම සඳහා ඉඩ නොතබන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් ඊ.ටී.අයි (ETI)එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජුලි (06) වැනිදා නියෝගයක් නිකුත් කර තිබේ.

ETI ලෝක හොරු ගැන අප කල අනාවරණයන් ……..

http://198.211.112.164/archives/18792

http://198.211.112.164/archives/17846

http://198.211.112.164/archives/18934

http://198.211.112.164/archives/18805

http://198.211.112.164/archives/19055

Published on: Aug 28, 2018 – කොළඹ මහ නගර සභාවේ ජනතා මුදල් කාබාසිනියා කර දමමින් නගරාධිපතිනී රෝසී සේනානායක මන්ත්‍රී දීමනා 125% කින් ඉහළ දැමීම,සිය නිල නිවස සදහා කිසිදු හිරිකිතයකින් තොරව ජනතා මුදල් කොල්ල කෑම් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවකි ඊට සමගාමීව කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ද රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් ජගුවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට කෝටි දෙකයි ලක්ෂ 15 ක මුදලක් ජනතාවගෙන් හුරාගෙන කෑමත් රටේ ජනතාව අතර මහත් කතා බහට ලක්ව තිබේ.

ලංකාවේ තුන්වැනි විශාලතම දිස්ත්‍රිකයවන කුරුණෑගල දිස්ත්‍රිකයේ 10% කට අධික සංඛ්‍යාවක් විරැකියාවෙන් පෙළෙන අතර 20% කට අධික සංඛ්‍යාවකට පොදු යටිතල පහසුකම් හෝ නොමැති බව 2016 වර්ෂයේ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනෙන් සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය වි තිබියදි සිය නිවසේ සිට නගරාධිපතිවරයාට නගර සභාවට යාමට ඇති කිලෝමීටර් 2 යි මීටර් 600 ක පමණ දුරක් යෑම සදහා ජනතා මුදල් ගිල ගන්නා අමනයන්ට පයින් ගසා පන්නා දැමිම සදහා ජනතාව තවමත් පෙල නොගැසෙන්නේ මන්ද යන්න අලුතෙන් සිත බැලිය යුතුය.

මේ අතර සිය ප්‍රථ්ම නගරාධිපති පුටුවට හිමිකම් කී කොළඹ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය එම තනතුරට පත්වු දා සිටම තමන්ගේ සුඛ විහරණය සදහා විවිධ දැන් ජනතා මුදල් වලින් කොල්ල කැ රෝසී මේ වනවිට සිය පුත්‍රයා හරහා විවිධ වර්ගයේ ව්‍යාජ්‍ය වැඩ මවමින් ජනතා මුදල් කොල්ල කන ආකාරයන් කිහිපයක්ම අප පසුගිය දින කිහිපය තුලදිම් අනාවරණය කල අතර එම අනාවරණ වලින් පසුව කුපිතව සිටින රෝසීගේ කුරුදුපොලු හමුදා බටකායේ සමාජිකයන් ලංකා නිවුස් වෙබ් සමග සම්බන්ධකම් පවත්වන අය සොයමින් නගර සභාව තුල මෙහෙයුමක් දියත් කර තිබේන් බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු 8 ක් සඳහා නගර සභාවට අයත් නොවන පුද්ගලයන් 19 දෙනකු බඳවාගෙන උන්ට නිකන් පඩි ගෙවමින් ආතල් ගන්නට හැර දමා තමන්ගේ නිළ නිවස පවිත්‍ර කර ගැනිම සදහා මාසිකව ලක්ෂ 3කට අධික මුදලක් සීමාසහිත එක්ස්ප්‍රස් එන්වයර්මන්ටන් සර්විස් (පුද්ගලික) සමාගමකට ගෙවිම සදහා සභාවේ අනුමැතිය ගෙන තිබේන බව අප පසුගියදා අනාවරණය කල අතර මේ අනාවරණය රෝසීගේ ලොරී කබලක් ගැනය.

කොළඹ නගර සභාවේ නාගරික ව්‍යාපෘති ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයට අයත් ඉසිසු (isuzu) 41-4664 දරණ ලොරි රථය අලුත් වැඩියා කිරිම සදහා රුපියල් 1,607,711.73(දහසය ලක්ෂයක්) නගරාධිපතිනියගේ නියෝග මත නිදහස් කර ඇති අතර අදාල අලුත් වැඩියාව සදහා එම ලොරි රථය පවරා ඇත්තේ සතොස මොටර් PLC සමාගමටය.(අදාළ ලියවිලි සියල්ලම පහතින් අමුණා ඇත )

41 අංක දරණ අදාල ලොරි රථයට මේ වනවිට වසර 35කට අධික ලොරි රථයක් සදහා මේ තරම් ජනතා බදු මුදල් ප්‍රමාණයක් වෙන් කර ගෙන ඇත්තේ මන්ද යන්නය.අන්තර්ජාලයේ මේ අංකය දරණ එම වර්ගයේම ලොරි රථ විකිණිම සදහා දමා ඇති වෙළඳ දැන්විම් සලකා බැලිමේදි සමාන්‍යනෙ ලක්ෂ 8ක පමණ මිලකට එම වර්ගයේ භාවිත කල ලොරියක් ලබා ගැනිමට හැකියාව තිබේ.

ඒ අනුව ඉතාම පැහැදිලිව කොහෙවත් ඇති ලොරී කබලක් අලුත්වැඩියා කල යුතු බව පෙන්වමින් තමන්ගේ හෙංචයියන්ට කොළඹ නගරයේ ජනතාවගේ බදු මුදල් කොල්ල කෑම සදහා නගරාධිපතිනිය ඉඩ සලසා දිමය.

කතාව අවසන් නැත.නිළ නිවස සුද්ධකර ගැනිම සදහා පෞද්ගලික ආයතනයකට පැවරු රෝසී කොළබ නගර සභාවට අයත් සාන්ත පාවුලු නාගරික ඩිස්පැන්සරියට අයත් පරිසරය සුද්ධ පවිත්‍ර කිරිම සදහා අංක 49/1 බේස්ලයින් පාර දෙමටගොඩ,කොළඹ 09 හි පිහිටි විබෝදා එන්ට්‍රප්‍රයිසස් සමාගමට පවරා ඇති අතර ඒ සදහා මාසික ගාස්තුව බදුද සහිතව 25,990.00 වසර දෙකක් සදහා 623,760.00ක මුදලක් ගෙවිමට නගර සභාව කටයුතු කර තිබේ.(අදාළ ලියවිලි සියල්ලම පහතින් අමුණා ඇත )

නගර සභාවේ සේවකයන්ට පඩි ගෙවමින් ඊට අමතරව තමන්ගේ කටු කන සුනඛයන්ගේ නම් පඩි ලැයිස්තුවට ඇතුලත් කර ජනත බදු මුදලින් ඔහුන්ට පඩි ගෙවමින් නගර සභාවේ කාර්යභාරය කිරිම සදහා පිටතින් ආයතන හරහා සුද්ධ පවිත්‍ර කටයුතු කිරිමට මුදල් වෙන්කිරිම කවුරුන් සනසන්නටද යන්න අලුතින් කියාදිය යුතු නැත.

රටේ වගකිවයුතු පාලකයනි…. ජනතාවගේ බදු මුදල් කොල්ල කැමට තවත් ඉඩදී බලා සිටින්නේද?

ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී, නාමල් කරුණාරත්න, කල කතාවකින් උපුටා ගත් කොටසකි…

මේ කුරුණෑගල නගර සභාව, නගරාධිපතිවරයාට රාජකාරි කටයුතුවලට යන්න. කෝටි දෙකයි ලක්ෂ 15 ක වාහනයක් අවශ්‍ය ද? ඒ වාහනේ ඇවිල්ලා ජගුවර් එස්.එෆ්.ඒ විතරක් නෙමෙයි. අනෙකුත් මන්ත්‍රීවරුන්ට පොදුවේ පාවිච්චි කරන්න කියලා ටොයොටා හයිෆ් 89 ලක්ෂ අනු දාහක වෑන් එකකුත් ගන්න මේවෙනකොට ඇනවුම් කරලා තිබෙනවා. මේ වෙනකොට මේක අනුමත වෙලා තිබෙනවා. ඒ නිසා මේක වහාම නවත්වන්න ඕන. මහින්ද මහත්තයෝ මෙන්න ඔබතුමාලගේ නගරාධිපතිවරු මේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනිය කරන හැටි. අගමැතිතුමාට කාර් දෙකක් ගත්තා. ලක්ෂ 6000 ක් වියදම් කරලා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දරන්නේ නැති මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ලක්ෂ 7 කට ආසන්න පැකේජ් එකක් සහන ගොඩක් ලබාදෙන්න කැබිනට් එකට යෝජනාවක් ආවා. දැන් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ පස්ස පැත්ත තියන්න ලක්ෂ හයහමාරක් වටින පුටු ගේනවා. ඊට පස්සේ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිතුමියගේ පස්සපැත්ත තියන්න ටොයිලට් එක ප්‍රතිසංස්කරණය කරන්න ලක්ෂ 59 ක් වියදම් කරනවා. ඊට පස්සේ කුරුනෑගල නගරා සභාවේ නගරාධිපතිතුමාගේ පස්ස පැත්ත තියන්න කෝටි දෙකයි ලක්ෂ 15 ක් වියදම් කරනවා. දැන් මේ පස්ස පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේගොල්ලන්ගේ පස්ස තියන්න තමයි මේ තරම් මහජන මුදල් දැන් වියදම් කරන්නේ. මොලේ මස්තිස්කය සමහර විට පස්ස පැත්තට බැහැලද දන්නේ නැහැ. ඒ නිසයි මොළය ආරක්ෂා කරගන්න ඕනේ.

ඉසිසු (isuzu) 41-4664 දරණ ලොරි රථය අලුත් වැඩියා කිරිම සදහා රුපියල් 1,607,711.73(දහසය ලක්ෂයක්)

සාන්ත පාවුලු නාගරික ඩිස්පැන්සරියට අයත් පරිසරය සුද්ධ පවිත්‍ර කිරිම සදහා

Published on: Aug 27, 2018- 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන “හංසයා” ලකුණින් මැතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මෙහෙයුම් කමිටුව මේවනවිට විවිධ අපේක්ෂයකන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර එම කණ්ඩායමේ බහුතරයකගේ කැමැත්ත පසුගිය රජය සමයේ හිටපු,දෝෂාභියෝගයක් හරහා අසාධාරණ ලෙස ඉවත් කල අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය කෙරෙහි යොමුවි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

“හංසයා”ලකුණින් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ප්‍රධාන කොට ගත් බලවේගය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී ජයග්‍රහණය කිරිම හරහා රටට අවශ්‍ය වෙනස් කම් කිහිපයක්ම අත් කර ගැනිමට හැකි වුවද දුෂණයට,වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක විම සම්බන්ධයෙන් ජනතාව තුල ඇති කලකිරිම හේතුවෙන් වෙනත් සිවිල් පුද්ගයෙකු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම උචිත නොවන බවයි ඔහුන්ගේ අදහස් වි ඇත්තේ.

1994 පසුව කාන්තා අපේක්ෂිකාවක් ඉදිරිපත් නොවිම, මෙන්ම අගවිනිසුරුවරියක ලෙස කටයුතු කිරිම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ජනතාව තුල විශ්වාසයක් ගොඩනැගිමට හැකි බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.කෙසේවෙතත් ඊට අමතරව හිටපු ටෙස්ට් නායක කූමාර් සංගක්කාර මෙන්ම 2010 ජනාධිපතිවරණයට සටන් කල සරත් ෆොන්සේකා,සම්බන්ධයෙන්ද මේ වනවිට සාකච්ඡා කරමින් සිටි.

එක්සත් ජාතික පක්ෂය,නායකයා සහ එහි වැඩ පිළිවෙළ පිළිබඳව අතිශය කලකිරීමට පත්ව සිටින්නාවූ ද, විවිධ අසාධාරණයන්ට, දේශපාලන පළි ගැනීම්වලට සහ නොසලකා හරීම්වලට ලක්ව සිටින්නාවූ ද සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සියලු පාර්ශවයන් එකට ඒකරාශී කිරිම එම කණ්ඩායමේ අරමුණ වි තිබේ.

මේ වැඩ පිළිවෙළ පිටු පස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් ද පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුද ඇතුළු ක්‍රියාකාරීන් රැසක් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීහූ ගණනාවක් ද සිටින බව දැනට අනාවරණය වි තිබේ.

මම හැමදාම ඉන්නේ මහජනයා සමගයි….

Published on: Aug 27, 2018 – මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු වන ජෙහාන් අමරතුංග විධායක උප සභාපති ධුරය දරන එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමට රුපියල් බිලියන 10ක, රුපියල් කෝටි 1000ක, ණය මුදලක් ලබාදීමට මහජන බැංකුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙන අවස්ථාවක එහි ඇති වරද සාධාරණීකරණය කිරිමට කටයුතු කරමින් සිටින මහජන බැංකුවේ (People’s Bank)සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයාට ව්‍යාපාරයක් වෙනුවෙන් මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු  කිරිමේ සිද්ධියක් අප විශේෂ වාර්තාකරු විසින් අනාවරණය කරගෙන තිබේ.

F&G Group of Company සඳහා අයෝජයෙක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කල නියෝගයකට අනුව KMPJ විගණන ආයතනයට සිය පුත්‍රයා වෙනුවෙන් ව්‍යාජ්‍ය මෙන්ම බැංකු මුලධර්ම සියල්ලම කඩ කරමින් ලිපියක් යොමුකර තිබේන බව මේ වන් විට අනාවරණය වි තිබේ.අදාළ ලිපියද මේ වනවිට අප හට ලැබි තිබේන අතර එය සම්පූර්ණයෙන් පහත දක්වා තිබේ.

Gate Tours Pvt (Ltd) සහ Multinet Pvt (Ltd) මෙම සමාගම් දෙකේම කලමනාකාර අධ්‍යක්ෂ ජෙනරල්වරයා වන්නේ පවිත්‍ර ප්‍රනාන්දු වන අතර පවිත්‍ර ප්‍රනාන්දු යනු දැනට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දුගේ පුත්‍රයා වේ.

Gate Tours Pvt (Ltd),  Multinet Pvt (Ltd) සමාගම් හරහා F & G Group of Company සඳහා අයෝජයෙක් වෙනුවෙන් පත්තරේ දැන්වීමක් පලකර තිබු අතර  2017 ඔක්තෝබර් මස 20 සහ 22 දින. එම දැන්වීමට ප්‍රතිචාරයක් සඳහා Gate Tours &  Multinet Pvt (Ltd)  සමාගම JMC (Ltd) නමින් ජපන් සමාගමක් ඉදිරිපත් කර තිබේ.ඊට අමතරව තවත් සමාගම් 3ක්ද මේ සදහා ආයෝජකයන් ලෙස ඉදිරිපත් වි තිබේ.

F&Gසමාගමට. එම ඉදිරිපත් කිරීමෙන් පසුව තම සමාගම් සදහා ආයෝජන කල හැකි ශක්තිය මැන ගැනිම සදහා එම සමාගම් ආයෝජනයට පෙර F&G සමාගමට අවශ්‍ය වු අතර ඒ හරහා  ඔවුන් ගෙන එන ආයෝජනයේ ප්‍රමාණය කොපමණ ද යන්න දැන ගැනිම එම සමාගමේ අරමුණ වි තිබේ.

ඒ අනුව  JMC (Ltd) සමාගමට සල්ලි තියේන බව සදහන් කරමින් සහතික කළ සහතිකයක් වෙනුවෙන් ජපානයේ ටොකුෂිමා කියලා බැංකුවකින් යෙන් මිලියන 300කට සමාන ගාණක ඒ කියන්නේ ලංකාවේ අවශ්‍ය මුදලට සමාන ප්‍රමාණයක යෙන් ප්‍රමාණයක් තියනවා කියලා සහතිකයක් ඉදිරිපත් කර තිබේ.

එම සහතිකය ඉදිරිපත් කරනු ලැබුවේ F&G සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා එය ඇගයීමේ ක්‍රියාවලියට සම්බන්ධ KPMJ & Associates, LLC නම් සමාගමටයි. එහිදි F&G සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් සඳහන් කර සිටියේ ටොකුෂිමා බැංකුව ඉදිරිපත් කර ඇති සහතිකය සම්බන්ධයෙන් තම සමාගම විපරම් කර බැලු බවත් එහිදි එම කාලය වන විට මෙම ජපන් සමාගමේ බැංකු ගිණුමක් එම බැංකුවේ නොමැති බව තහවුරු වි තිබේ.

එම අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයත් සමග මෙය ඇගයීමට ඇති KPMJ සමාගම නැවතත් ජපානයේ ටොකුෂිමා බැංකුවට අමතා මෙම තොරතුරු විමසීමේ දි අනාවරණය කොට ගෙන ඇත්තේ JMC (Ltd) සමාගමේ බැංකු ගිණුමක් ටොකුෂිමා බැංකුවේ නොමැති බවයි.

ඉන්පසුව F&G සමාගම ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තම සමාගම සඳහා අයෝජයෙක් සෙවීම පිළිබඳව නඩුවක් ඇති බැවින් මේ සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන ලෙසයි.පසුව JMC (Ltd)  සමාගම තවත් බැංකුවකින් මෙම සහතිකය ලබා ගෙන බාර දෙන ලදි. එම සහිතකය සම්පූර්ණයෙන්ම ජපන් භාෂාවෙන් ලියැවී තිබුණ අතර මෙම සහතිකය සඳහා මහජන බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුව එම සහතිකයේ නිවැරැදි බව තහවුරු කරමින් සදන් කරන්නේ JMC (Ltd)  ජපන් සමාගමේ ඉල්ලීමක් අනුව තම බැංකුව ජපාන බැකුව සමඟ මෙය තහවුරු කර ගත් බවත් එවන් මුදලක් JMC (Ltd) සමාගම නමින්  එම බැංකුවේ තැන්පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තහවුරු කොට ලිපියක් නිකුත් කිරීමට මහජන බැංකුවට ඇති අයිතිය කුමක්ද? යන්න පලමු ගැටලුවයි.දෙවැන්න  එම ලියුම නිකුත් කර ඇත්තේ  Swift conformation එකක් විදියට. මේ සම්බන්ධයෙන් කිසිම විදියක හෝ තහවුරු කිරීමක් හෝ සොයා බැලීමක් සිදු කිරීමට මහජන බැංකුවට අයිතියක් නෑ.

සියල්ලටම වඩා මේ සහතිකය සම්බන්ධයෙන් කොපමණ දුරට මහජන බැංකුව වගකීමක් ගන්නවා ද යන්නත් ගැටළුවකි. එම ලියුම දීමට ප්‍රධාන හේතුව වන්නේ පවිත්‍ර  ප්‍රනාන්දු මහජන බැංකුවේ සභාපතිවරයාගේ පුතා වීම නිසාත් ඔහු Gate Tours Pvt (Ltd) Multinet Pvt (Ltd)  හි කළමණාකරන අධ්‍යකෂාරයෙක් වීමත් නිසාත් ය.

කොන්ත්‍රාත් පදනම මත මහජන බැංකුවේ සේවයට බැදුණු වර්තමාන සාමාන්‍යධිකාරවරයාගේ මාසික වැටුප ලක්ෂ 21 ක් බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පසුගියදා අනාවරණය කල අතර ඒ අනුව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යටතේ සම්පූර්ණයෙන්ම රටේ ජනතාවගේ මුදල් කබාසීනියා කරනු ලබන තැනක් බවට පත්ව තිබේ.

රටේ මහජන මුදල් වලට වගකියන බවට ප්‍රතිඥා දුන් යහපාලන නඩය කුමක් කරන්නේද යන්න ජනතාව අවදියෙන්…

 

 

Published on: Aug 24, 2018- දුෂණයට එරෙහිව සටන් කරන බවට දහ අතේ පොරොන්දු දෙමින් කොළඹ නගර සභාවේ බලය අල්ලා ගත් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී රනිල් වික‍්‍රමසිංහට බාල්දි පෙරළමින් සිටි රෝසි සේනානායකට පසුගිය මහ ඡන්දයේදී පාර්ලිමේන්තුවට ගොඩවීමට බැරුව කඳුළු සලමින් සිටියදි අගමැතිගේ කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස පත් වි පසුව නගර සභාවෙ මහ පුටුවට වග කී රෝසී මේ වනවිට කොළඹ ජනතාවගේ බදු මුදලට කෙලවරක් නැතිව කෙවලවමින් සිටි.

සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු 8 ක් සඳහා නගර සභාවට අයත් නොවන පුද්ගලයන් 19 දෙනකු බඳවාගෙන උන්ට නිකන් පඩි ගෙවමින් ආතල් ගන්නට හැර දමා තමන්ගේ නිළ නිවස පවිත්‍ර කර ගැනිම සදහා මාසිකව ලක්ෂ 3කට අධික මුදලක් සීමාසහිත එක්ස්ප්‍රස් එන්වයර්මන්ටන් සර්විස් (පුද්ගලික) සමාගමකට ගෙවිම සදහා සභාවේ අනුමැතිය ගෙන තිබේන් බව මේ වනව්ට අනාවරණය වි තිබේ.

ඒ අනුව වසර දෙකක් සදහා රුපියල් 8,5522,880.00 මුදල් කොළඹ නගර සභාවේ ජනතා බදු මුදලින් මේ වනවිටත් ගේවා අවසන් කර තිබේ.

අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමේදි සීමාසහිත එක්ස්ප්‍රස් එන්වයර්මන්ටන් සර්විස් (පුද්ගලික) සමාගම මේ වසරේ හදිසියේම ලියාපදිංචි කර ගත් එකක් අතර එය අප පසුගියදා අනාවරණය කල රෝසීගේ පුත්‍රයාවන කනිෂ්ක සේනානායක කුප්‍රකට ව්‍යාපාරික මිත්‍රයෙකු වන මනිලාල් ප‍්‍රනාන්දුගේ පුත්‍රයා විසින් මේම සමාගම අටවාගෙන තිබේ.

නගර සභාවේ සේවකයින් 5 දෙනෙකු දෛනිකව සේවයේ යොදවමින් රෝසීගේ නිළ නිවස පවිත්‍ර කිරිමට කටයුතු කළේ නම් අවම වශයෙන් එක් සේවකයෙකු සදහා 30,000 ක මුදලක් මාසිකව වැටුපක් ලෙස ලබාදුන්නේ නම් ඒ සදහා වැය වන්නේ එක්ලක්ෂ පනස්දහසක පමණ මුදලකී.ඒ අනුව ඉතා පැහැදිලිවම රෝසී සහ සිය පුත්‍ර,මිත්‍ර සමාගම රටේ ජනතාවගේ මුදල් කොල්ල කන බව පැහැදිලිය.රෝසීලා කොල්ලකරුවන්‍ ය  කොල්ලකරුවන්ගේ වැඩේ කොල්ල කන එකය නමුත් ඔය ගරු සභාවේ ගුබ්බැයමෙ රිංගා සිටින මහින්දලාගේ සහ සිරිසේනලාගේ එවුන් නිහඩ සිටිම පුදුමය දනවන්නකි.

පහත දැක්වෙන්නේ අද අනුමත කරගත් රෝසීගේ අලුත්ම ගේම් එක….

 

 

Published on: Aug 24, 2018 – කොළඹ නගර සභාවේ සැලසුම් කිරීමේ අධ්‍යක්ෂකවරිය (Director in planning) ලෙස කටයුතු කල කුප්‍රකට හෙරෙක් වන ප්‍රියන්ති පිරිස් නැමති කාන්තාව යලිත් පත් කර ගැනිම සදහා නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය උත්සහ කරමින් සිටින බව කොළඹ නගර සභාවේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

අතයට ගණුදෙනු හරහා කොළඹ නගරය පුරාම අනවසර මහල් ගොඩනැගිලි නිර්මාණය කිරිම සදහා හිරිකිතයකින් තොරව කටයුතු කල ප්‍රියන්ති පිරිස් නැමත්තිය ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන කුප්‍රකට Blue Mountain Properties සමාගමේ අනවසර ඉදිකිරිම් සදහා අවසර ලබාදිමට මිලියන ගණනින් කප්පම් මුදල් ගත් අයෙකි.

මීට මසකට පමණ පෙර ඇය සේවයෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් මේ දක්වා එම තනතුර හිස්ව පැවති අතර අද නගරාධිපතිනිය විසින් සිය බලය අත්තනෝමතිකව භාවිතා කරමින් යලිත් ඇයට සේවා දිගුවක් ලබාදිමට කටයුතු සුදානම් කර තිබේ.

මේ අතර රෝසීගේ හොර වැඩ වෙනුවෙන් යලිත් ඇයව පත්කර ගැනිමට උත්සහ කිරිම හේතුවෙන් නගර සභාවේ බලය හොබවන එජාප කණ්ඩායම දැඩි ලෙස කලබලයට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාටද දැනුම් දිමට කටයුතු කර තිබේන බවයි අප වාර්තාකරු සදහන් කලේ.

Published on: Aug 23, 2018 – එක්සත් ජාතික පෙරමුණේ සියළුම මැතිඇමතිවරුන් ඉදිරි මාස කිහිපයක දී තරඟයට වැඩ කර ප්‍රතිඵල පෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මැති ඇමතිවරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබුවේ සංවර්ධන කටයුතු සඳහා යහපාලන ජාතික රජය ආරම්භ කර තිබෙන රටපුරා ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවේදිය.

යහපාලන රජයට මාස 3 සම්පූර්ණ වන විට ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කළ බව සිහිපත් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ග්‍රාම ශක්ති වැඩසටහන හරහා රටේ සංවර්ධනය ක්‍රියාත්මක වන බව කියා සිටියේය.

ග්‍රාමීය මාර්ග පොදු පහසුකම් ඇතුළු කටයුතු සඳහා රජය කෝටි 8000 ක් වෙන් කර ඇති අවස්ථාවේ තරඟයට වැඩ කර ඉදිරියට පැමිණිය යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

පෘතුගිසි හමුදා කන්ද උඩරටට පැමිණෙද්දි බලනට ළගාවන තුරු නිහඩව සිටි පළවන විමලධර්මසූරිය රජතුමා ඔවුන් බලනදි පරාජය කළ බවත් පෙන්වා දි ඇති අගමැතිවරයා පෘතුග්‍රිසි හමුදා බලනට එනතෙක් පහර නොදිම සම්බන්ධයෙන් විමලධර්මසූරිය රජතුමාට තමාට මෙන්ම බැනුම් ඇසීමට සිදුවූ බවද අගමැතිවරයා සිහිපත් කර තිබේ.

සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාවට එරෙහි වෙන්න එජාපය තීන්දුවක් ගනී…

මේ අතර පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (23) ඒකමතිකව තීරණය කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තරඟ කරනු ලැබූවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්වූ අවස්ථාවේදී එම තින්දුව ගෙන ඇති අතර පාර්ලිමේන්තුවේ බලය හිමි එක්සත් ජාතික පෙරමුණ ගනු ලැබු තීරණ අනුව සිමානීර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වනු ඇති බවත් මෙම පසුබිම යටතේ නව පළාත් සභා ඡන්ද විමසිම් පනත යටතේ නව පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්විමට නොහැකි වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ.

මේ පිළිබඳ විවාදය හෙට (24) දින පැවැත්වෙන අතර ඡන්ද විමසිම සවස 6.00 ට පැවැත්වෙනු ඇත.

අලියට පන දෙන්න නවින් දිසානායක පෙරමුණ ගනී…

මුළු දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු 150 ක් පවත්වා එක්සත් ජාතික පාක්ෂිකයන් දැනුම්වත් කිරිමට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාය, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කටයුතු යොදා ඇත.

ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මේ වැඩමුළු මාලාවට කොට්ඨාශයකින් පාක්ෂිකයන් දහ දෙනා බැගින් තෝරා ගෙන කොට්ඨාශ 3792 ක් මගින් 40000 ක් සහභාගී කරවා ගැනීමට අපේකෂිතය.අමාත්‍ය නවින් දිසානායක මහතාගේ මෙම මෙහෙයුමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුමැතිය ලැබි තිබිමද විශේෂත්වයක් .

Published on: Aug 22, 2018- කොළඹ මහ නගර සභාවට අයත් හැව්ලොක් පාරේ පිහිටි හෙන්රි පේද්‍රිස් නාගරික ක්‍රීඩාංගණය පිටස්තර ආයතනයකට බදුදීමට නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය පිඹුරුපත් සකසමින් සිටින බව අනාවරණය වි තිබේ.

මෙම ක්‍රීඩාපිටිය පාසල් සිසුන්ගේ හා ප්‍රදේශවාසී ක්‍රීඩා කණ්ඩායම්වල තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනයට ලබාදෙන ලෙසටත් එය පෞද්ගලික සමාගමකට නොපවරන ලෙසටත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මෙම 24 වැනිදා පැවැත්වෙන නගර සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ යෝජනාව ඉවත් කර ඇතැයිද ජවිපෙ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා සඳහන් කරයි.

වසර ගණනාවක පටන් ප්‍රදේශයේ දරුවන්ගේත් පාසල් සිසුන්ගේත් ක්‍රීඩා කෞශල්‍ය නැංවීම සඳහා ලබා දී තිබූ මෙම පැරැණි ක්‍රීඩාංගණය මෙසේ බදු දීමට ගෙන ඇති තීරණයට එරෙහිව පුරවැසි සංවිධාන කීපයක්ම නගරාධිපතිනිය වෙත ලිපියක් භාරදීමට නියමිත බවද කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

හැව්ලොක් හෙන්රි පේද්‍රිස් නාගරික ක්‍රීඩාංගණය රෝසීගේ පුත්‍රයාවන කනිෂ්ක සේනානායක කුප්‍රකට ව්‍යාපාරික මිත්‍රයෙකු වන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අචාර්ය ධර්ම පද්ධතිය කඩ කිරීම නිසා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් ජීවිතාන්ත දක්වා පාපන්දු තහනමට ලක්වු මහින්දලාගේ කාලයේ පාපන්දුවට පයින් ගසා ගසා කෑ මනිලාල් ප‍්‍රනාන්දුගේ පුත්‍රයාට අයත් සමාගමකට පවරා දිම සදහා කටයුතු කරමින් සිටින බවයි අප කොළඹ වාර්තාකරු සදහන් කලේ.

අදාළ සමාගමට පැවරිම හරහා ක්‍රිඩාංගනය විවිධ ක්‍රියාකාරකම් සදහා කුලී පදනමින් ලබා දිමට කටයුතු කිරිමට නියමිතව තිබේ.

මනිලාල්ගෙ පුත්‍රයා සහ රෝසීගේ පුත්‍රයා ගජමිතුරන් වන අතර ඔහුන් දෙදෙනා එක්ව නගර සභාවේ විවිධ සැපයුම් කරුවන් ලෙස කටයුතු කරන අතර නගර සභාවේ රැස්ව්ම පැවැත්වෙන් දිනයන්හී ඒ සදහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර සැපයිම සිදුකරන අතර එක් දිනක් සදහා රුපියල් 40000ක මුදලක් වැය කරන අතර ඒ සදහා කිසිදු ටෙන්ඩර ක්‍රියාපටිපාටියක්ද අනුගමනය නොකරන බව මේ වනවිට අනාවරනය වි තිබේ.

තනතුරු 8 ක් සඳහා 19 දෙනකු බඳවාගෙන ‘ෂිෆ්ට්’ දෙකකට වැඩ 

කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරු 8 ක් සඳහා නගර සභාවට අයත් නොවන පුද්ගලයන් 19 දෙනකු බඳවාගෙන ඇතැයි දැන ගන්නට තිබේ. මෙයට පෙර සිටි නගරාධිපතිවරුන් එසේ කර නැත. ඔවුන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවා ගෙන ඇත්තේ නගර සභාවේ නිලධාරීන් ය. එය ද නිල්ධාරීන් 8 කට අඩු ගණනකි. එයින් හැෙඟන්නේ එහි ඇත්තේ ඇබෑර්තු 8 ක් පමණක් බවයි. එසේ නම් රෝසි තම කැචර්ලා (මෙය අපගේ අදහසක් පමණි. ඔවුන් කැචර්ලා නොව ඇගේ නෑයන් වන්නටත් පුළුවන.කැචර්ලා හෝ නෑයන් නොවන්නටත් පුළුවන.) දහනව දෙනකු බඳවා ගත්තේ ඇයි? අපගේ අදහස සේවා මුර දෙකකට ඔවුන් වැඩ කරන බවය. කට්ටියක් පැය 8 ක් වැඩ; ඉතිරි කට්ටිය එතැන් සිට පැය 8 ක් වැඩ. තලතා අතුකෝරාළ, සුජීව සේනසිංහ, හිටපු පොලිස් ඉන්ස්පෙක්ටර් පාලිත රංගේ බණ්ඩාර, එවකට යූ.එන්. පියේ සිටි ජනප‍්‍රිය ගායක දයාසිරි ජයසේකර සමඟ එක්ව මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩු කාලයේදී රනිල් වික‍්‍රමසිංහට බාල්දි පෙරළමින් සිටි රෝසි සේනානායකට පසුගිය මහ ඡන්දයේදී පාර්ලිමේන්තුවට ගොඩවීමට බැරි විය. එහිදී සියලූ වාද භේද අමතක කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ රෝසි සේනානායක කැඳවා ඇගේ කඳුළු පිස දමා අගමැතිගේ කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස ඇය පත් කළේය.

වයස හැටක් වුවද තිහක පෙනුමැති මේ සුන්දර කාන්තාව කොළඹ නගර සභා ඡන්දයේදී පැහැදිලි ජයක් වාර්තා කළාය. ඇගේ නරක කාලය පටන් ගත්තේ ඇය නගරාධිපති වීමට චුට්ටක් කලිනි. අර්ජුන් යුගලයේ බැඳුම්කර සංගමය සහ රෝසිගේ පුත‍්‍රයා වූ කනිෂ්ක සේනානායක අතර සම්බන්ධයක් තිබුණැයි යන ප‍්‍රශ්නයත් පළමුවන කෝප් වාර්තාවේ පිටපත් කනිෂ්ක විසින් අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට ලබා දුන්නේ ද යන ප‍්‍රශ්නයත් 2017 දී මතුවිය. බැඳුම්කර කොමිසම ඉදිරිපිට සාක්‍ෂි දුන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කරු Chief Dealer වූ නුවන් සල්ගාදු කියූ පරිදි පළමුවන කෝප් වාර්තාවේ පිටපත් කිහිපයක් අර්ජුන් ඇලෝසියස් අත තිබූ අතර, ඒවා ඔහුට ලැබී තිබුණේ ‘රෝසිගේ පුතා’ යන තැනැත්තකුගෙනි. මේ ගැන වැඩිදුර තොරතුරු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ තිබෙන්නට ඇත. එය කියැවීමට අපට නොහැක. බැඳුම්කර වාර්තාවේ සම්පූර්ණ පිටපත රාජ්‍ය ලේඛනාගාරයේ මුද්‍රා තැබූ පෙට්ටියක් තුළ තැන්පත්ව පවතී. ආණ්ඩුවේ නීති රීතිවලට අනුව මෙය ප‍්‍රසිද්ධියට පත් කළ හැක්කේ අවුරුදු 30 කට පසුවය. මේ වාර්තාව එළියට යෑමට ඉඩනොදී සුරක්‍ෂිත කිරීමේ වගකීම නෝනා මහත්මියකට පවරා ඇතැයි කියනු ලැබේ. වාර්තාව ප‍්‍රසිද්ධ වන කාලය එනවිට රෝසිට අවුරුදු 90 කි.

ඒ කතාව පැත්තකින් තබමු. ඉන් පසුව රෝසි සේනානායක ගැන මිනිසුන් කතා කරන්නට පටන් ගත්තේ නගරාධිපති නිල නිවසේ වැසිකිළිවලට අදාළවය. 2018 මැයි මාසයේ 09 වැනිදා හෝ ඊට ආසන්න දිනක ජ.වි.පෙ. නාගරික මන්ත‍්‍රීවරයකු කියූ පරිදි නගරාධිපති නිල නිවසේ වැසිකිළි අලූත්වැඩියා කිරීම සඳහා නගරාධිපතිතුමිය රුපියල් දසලක්‍ෂ 5.7 ක් වෙන් කර ඇත. ලක්‍ෂ පනස් හතක් වැය කර තනන වැසිකිළිය වඩාත් සුදුසු වන්නේ මළපහ කිරීමට නොව බත් දාගෙන කෑමටය. මේ ගැන නගරාධිපතිතුමියගෙන් විමසන ලද කල්හි ජවිපෙ. කියන ගණන සම්පූර්ණයෙන් ම වැරදි බවත් එම මුදල ලක්‍ෂ 52 ක් බවත් වැසිකිළි අලූත්වැඩියාව සඳහා රුපියල් ලක්‍ෂ 14 ක් වැය කරන බවත්, ඉතිරි මුදල වැය වනු ඇත්තේ නගාරාධිපති නිල නිවසේ අලූත්වැඩියා කටයුතු සඳහා බවත් නගරාධිපතිතුමිය කීවාය. ඒ අනුව ජ.වි.පෙ. රුපියල් ලක්‍ෂ 5 ක් වැඩියෙන් කීමෙන් ලොකු වරදක් කර ඇත. නගරාධිපති නිල නිවසේ වැසිකිළි 6 ක් ඇති අතර මේ අනුව එක් වැසිකිළියක් අලූත්වැඩියා කරනු පිණිස රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පමණ වැය වන්නේය. කොළඹ සිටින ජනගහනයෙන් සෑහෙන පිරිසකට වැසිකිළි නැත. එයින් කට්ටියක් පොදු වැසිකිළි පාවිච්චි කරති. කු්්ඩා දරුවෝ මහපාරවල එළි බසිති. සමහරකුට වැසිකිළි පිළිබඳ අවශ්‍යතාවක් මතු නොවන්නේ හරියාකාරව කන්නට නැති බැවිනි. කෑම නැති තැන පස්සා පැත්තෙන් වැඩක් නැත. එය අවශ්‍ය වන්නේ ඉඳගැනීමට පමණි. කොළඹ සාමාන්‍ය ජනයාගේ වැසිකිළි ප‍්‍රශ්නයෙන් යම් ප‍්‍රමාණයක් හෝ විසඳන ලද්දේ නැසීගිය ජනාධිපති ආර්. ප්‍රේමදාස පමණි. සෙසු නගරාධිපතිවරු පොදු පහසුකම් ප‍්‍රශ්න පැත්තක තබා දේශපාලන ප‍්‍රශ්න සහ පවුලේ ප‍්‍රශ්න විසඳමින් කල් ගත කළහ.

කෙසේ වුවත් තනතුරු 8 ක් අවශ්‍ය තැනට 19 දෙනකු බඳවා ගැනීමේ තීරණය දෙසට අපි නැවතත් හැරෙමු. මෙය ස්ථිර වශයෙන්ම දේශපාලන තීන්දුවකි. මේ දවස්වල තිබෙන්නේ යහපාලන ආණ්ඩුව නිසා එය යහපාලන තීන්දුවක් ද විය හැකිය. අලූතෙන් ගත් 19 දෙනාට පඩි ගෙවන්නේ ආණ්ඩුවේ වියදමිනි. දඩාවතේ යන බල්ලන් මැරීමේ කාලකණ්ණි ක‍්‍රියාවට මුල්තැන දී කටයුතු කරන කොළඹ නගර සභාව හොර ගුහාවකි. නගරාධිපති රෝසි සේනානායක මුලින්ම කළ යුත්තේ කක්කුස්සි හැදීම නොව නගර සභාව හැදීමය. මේ හොර ගුහාවේ වැඩ කරන සමහරු උදේට සේවයට වාර්තා කර සේවා ස්ථානයෙන් පැන ගොස් පිටකොටුවේ මුට්ට කර ගැසීම, රේස් බයි රේස් කඩවල තුණ්ඩු ලිවීම, ගෙදරට වී නිදා ගැනීම වැනි දේවල නිරත වී හවස් වන විට සේවා ස්ථානයට යළි වාර්තා කරති. නගරාධිපති තුමියට තවත් කාරණයක් කියමු. එනම් පිටතින් සේවකයන් 19 දෙනා බඳවා ගත් ආකාරයට ම තවත් නගරාධිපති කෙනකු ද ඇය බඳවා ගත යුතුය. එවිට මේ දෙදෙනාට සේවා මුර දෙකකට වැඩ කළ හැකිය.

Published on: Aug 21, 2018- 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති සිරිසේන දින සියයේ වැඩසටහන ඉදිරිපත් කරමින් (දැන් මතක නෑ, මගෙන් ඇහුවෙ නෑ කියන) සිවිල් ආරක්ෂක භටයින් විශ්‍රාම වැටුප් සහිතව ස්ථිර සේවයේ පිහිටුවන බවට දක්වා තිබූ අතර ඒ අනුව 2015 අප්‍රේල් මස 23 වනදා ඔවුන්ව අවුරුදු 3ක පරිවාස කාලයකට යටත්ව ස්ථිර පත්වීම් මැදිරිගිරිය මහා විදයාලයේදී ජනාධිපති සිරිසේනගේ අතින් ලබාදීමට යෙදුණි.

ඒ අනුව වසර 3ක පරිවාස කාලය අවසන් වූ 2018 අප්‍රේල් මස 23 වනදාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 39,000 ක් වූ සියලුම භට භටවරියන්ට ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතව තිබූ අතර එය බිංදුවට වැටී සිටින ජනාධිපති සිරිසේනට දින කිහිපයකට හෝ විශාල ප්‍රසිද්ධියක් හා ප්‍රතිරූපයක් නංවා ගැනීමට තිබූ අවස්ථාවකි. නමුත් අවාසනාව හා අපකීර්තිය උපතින් උරුම කර ගෙන පැමිණි ජනාධිපති සිරිසේනට එවැනි පිනා චාන්ස් එකක්වත් ගොඩ දා ගැනීමට නොහැකි වූයේ හිටපු අධයක්ෂ ජනරාල්වරයාගේ මාරුවත් සමඟය. එක් නිලධාරියෙකු සමඟවත් විශ්වාසවන්ත ලෙස වසරකට වඩා රාජකාරි කළ නොහැකිවීමේ විශ්මිත හැකියාව සිරිසේන ගමරාල සතු කරුමයකි. මන්ද හොරෙකු හෝ දූෂිතයෙකු නිතරම සිතන්නේ අනෙකාද හොරෙක් යන හොර සිතුවිල්ලෙන් නිසාවෙනි.

ඉන්පසු තමාගේම පෞද්ගලික නයාය පත්‍රයකට අනුව රාජකාරි කළ දෙලොවටම නැති සිරිසේනගේ ලේකම් වූ ඔස්ටින් හරහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පත් වී ආ නව අධයක්ෂ ජනරාල්වරයා වූයේ බොරදියේ මාලු බෑමට උපන් හපනෙකු වන මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්තයි. නිර්මාල් කොස්වත්ත යනු පසුගිය රාජපක්ෂ වනචර දශකයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධව සිට අකාර්යක්ෂමතාව නිසාම ගෝඨාභය රාජපක්ෂ විසින් දෙපාර්තමේන්තුවෙන් කෙටිම කලකින් එළවනු ලැබූ පළමු හා එකම අධයක්ෂවරයාය. නමුත් දැන් ජනාධිපති සිරිසේනට පිං සිදුවන්නට වසර 4කට වඩා පෙන්ෂන් ගොස් සිටි කොස්වත්ත මේජර් ජනරාල් නිලයට උසස් වීමත් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ DG ය. ඒ සමඟම ඔහුගේ බිරිඳ වන විශ්‍රාමික කර්නල් මන්ත්‍රී කොස්වත්ත දැන් නිල නොලත් DG ය. මන්ද මේජර් ජනරාල් කොස්වත්ත වැසිකිළියට යන්නේද ඇගේ අවසරයෙන් පසුව බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ රහසකි.

දිනපතා කොස්වත්ත සමඟ රාජකාරි සඳහා පැමිණෙන ඇයද මේජර් ජනරාල් කොස්වත්තගේ පුටුව අසලින් පුටුවක් තබාගෙන අධයක්ෂ ජනරාල් අනුමැතියට පැමිණෙන දෙපාර්තමේන්තුවේ සියලුම ලිපිගොනු ඇයගේ අධීක්ෂණය හරහා යා යුතුවීම දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අලුත් නීතියක්ද බවට පත් වී ඇත. නමුත් අවාසනාවට පත් වී දින කිහිපයකින්ම හදිසියේ ඔස්ටින් ලොක්කා විසිවීම නිසා තම පැවැත්ම ගැන ඇති වූ අවිනිශ්චිත බව නිසාම තම සාක්කුව හා මතු දේශපාලන අරමුණු ගැන සිතා දෙපාර්තමේන්තු සම්පත් සූරා කෑම ඇරඹූ මේජර් ජනරාල් කොස්වත්ත තම අනාගත බෑණා වීමට යන විදේශිකයා හරහා ලංකාවට NGO නඩ ගෙන්වා දෙපාර්තමේන්තුව විකුණමින්, දෙපාර්තමේන්තුවට හා සේවා වනිතා ඒකකයට ලැබෙන ආධාරවලින් ඔහුගේ පුද්ගලික බැංකු ගිණුම් හැකිතරම් තර කරගැනීමට වෙහෙසෙමින් ලංකාව පුරා විසිරී ඇති සිවිල් ආරක්ෂක බළකා උප කාර්යාලවලට සකස් කර ඇති පත්වීම් ලිපි තැපැල් නොකර තමන් විසින්ම ඒවා බෙදීමේ පියුම් රාජකාරිය කිරීම ඇරඹුවේ එමගින් විදේශ NGO නඩවලට ෆ්‍රී ටුවර්ස් දීමේ සැලැස්ම ඇතුවය.

මේ වනවිට මේජර් ජනරාල්වරයෙක් ඉතිහාසයේ පළමු වරට පියුම් රාජකාරියක් කරනු දකින සිවිල් ආරක්ෂක භටයින් දෙකොනින් සිනහ වන බව ඊ නිව්ස් වෙත වාර්තා වේ. හොඳම විහිලුව නම් ලියුම් බෙදීමට පැමිණෙන මේජර් ජනරාල්වරයාට හා ඔහුත් සමඟ පැමිණෙන විදේශ නඩවලට තෑගිබෝග, සිහිවටන ලබාදීමට හා උත්සව පැවැත්වීමට සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ වැටුපෙන් ඒ ඒ බළකා අණදෙන නිලධාරීන්වරුන් විසින් මුදල් අයකරගැනීමය.

සැබෑ කරුණ නම් මොහු ලංකාවේ සතර දිග් භාගයේ විදේශිකයන්ට ‘free tours’ දෙමින් රවුම් ගසන්නේ නිල ඇඳුම් සහිත ආරක්ෂිතයන් පිරිවරා ගනිමින් දෙපාර්තමේන්තු නිල වාහන 3ක් හා බැකප් රථ සමඟය. මෙම මහ දවල් සිදුවන රාජය සම්පත් අවභාවිතාව හා දූෂණය පිළිබඳව කෙතරම් ආරක්ෂක අමාතයාංශය දැනුවත් කළද ආරක්ෂක ලේකම්වරයා හා යුධ හමුදාපතිවරයා යන දෙදෙනාම මෙම ඩොලර් වලින් යැපෙන්නන් වී හමාර බැවින් කිසිදු පරීක්ෂණයක් අද වන විටත් නොපැවැත්වීම ඛේදජනකය. සිරිසේන ගමරාල නම් ඔහුගේ යටතේ ඇති දෙපාර්තමේන්තු නොව කැබිනට් හමුවේ සිදුවන දේ පවා දැනගන්නේ පත්තරයෙනි.

ලංකාවේ නීතිය අනුව විදේශිකයෙකුට ආරක්ෂක හමුදා කඳවුරකට ඇතුල් විය හැක්කේද ආරක්ෂක අමාතයාංශයේ ලිඛිත අවසරයකින් පසුවය. නමුත් මෙම සියලු නීතිරීති හා රජයේ චක්‍රලේඛ බල්ලට දමා මේජර් ජනරාල් කොස්වත්ත ක්‍රියා කරන්නේ කාගේ හයියෙන්ද යන්න ගැටලුවකි. මේ වනවිට සුද්දන්ට ආරක්ෂාව දෙමින්, ඔවුන් පිළි ගැනීමට මල් මාලා හදමින් හා රජයේ සියලුම පර වැඩ සඳහා යොදාගන්නා කුලී හමුදාවක ගාණට ඔවුන්ව තවමත් පත්කරගෙන ඇති බව යහපාලනයක් සඳහා ඡන්දය දුන් සිවිල් ආරක්ෂක සෙබලුන් ඉච්චාභංගත්වයට පත්ව ඇති බව අප හා පැවසූහ. මේජර් ජනරාල් කොස්වත්තගේ බෑණා හෝ මොකා හෝ අපට කම් නැත, රටේ ආරක්ෂාව විදේශිකයන් ඉදිරියේ පාවා දෙමින් රාජය සම්පත් අවභාවිතා කරමින් ගෙන යන මේ මහා ඩොලර් නාඩගම වහා අවසන් විය යුතුය. ඡායාරූප සාක්ෂි අමුණා ඇත.

ලුතිනන් කර්නල් ප්‍රියන්ත රණසිංහ විසිනි.

Published on: Aug 20, 2018 – වයඹ පළාත් සභා මැතිවරණ උනුසුමෙහි නොයෙකුත් කටකතා පැතිරෙද්දී අපුර්ව සිද්දියක් වාරියපොළ පැවති සාකච්ඡාවක් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල මෙම කණ්ඩායම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව නියෝජනය කරමින් සිටි. එම පිරිසේ කුරුණෑගල ආසනය නියෝජනය කරමින් මහ ඇමති පුටුවට ජයරත්න හේරත් නම් කරද්දී ඔහුත් සමග උරෙන් උර සටනට පැමිණ සිටින්නේ පළාත් සභා මන්ත්‍රී ඩී. බී හේරත් බව අදවනවිට සැවොම දන්නා කරුණකි.

මේ මහ ඇමති හුටපටය එහාට මෙහාට සකච්ඡාවෙද්දී පාර්ලිමේන්තුවට නම් කල ඩී. බී . හේරත් මන්ත්‍රීතුමා තම මාධ්‍ය හමුවද අවලංගු වූ කනස්සල්ලෙන් හිත සන්සුන් කරගැනීමට තමාගේ හිතවත් මන්ත්‍රීන්, ආධාරකරුවන් සහ තමාගේ හිතවත් වාරියපොළ ප්‍රදේශයේ ප්‍රභූවරුන් පිරිසකට සම්භාෂණයකට ආරාධනාකොට ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එහිදී කතාබහට ලක්වී ඇත්තේ ” මේ යක්කු යහපාලනේට ගියා දැන් ඇවිත් මේකේ රිංගන්න හදනවා. මේ තත්වය නැති කරගන්න ඕනේ. දයාසිරිත් අපිත් එක්ක ගැටේ ගහන්න එන්න ගිහින් යන්තම් එලවගත්තා ප්‍රසිඩන්ට් ගාවටම. දයාසිරි එහෙම ගියාට අනිත් එවුන් එහෙම කරන්නේ නෑ . රිංගන්නමයි බලන්නේ. මේ තත්වය නවත්තගන්න ඕනේ යනුවෙන් බව වැඩිදුර දැනගන්නට ලැබී තිබේ. එහිදී සෘජුවම ඩී. බී. හේරත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තාරනාත් එහෙන් ඇඟිල්ල ගහන්න හදනවා. අනුර යාපා ලොක්කා මෙහෙන් කොනිත්තනවා. අපි වැඩක් කරගන්න ගියාම ඔක්කොම පැරෂුට් කාරයෝ පාත් වෙනවා. මේක මහ කරුමයක්නේ ඇයි ලොක්කට මෙව්වා තේරෙන්නේ නැත්තේ. මාධ්‍ය සාකච්ඡාව තියන්නත් එපා කිව්වා. ඕකනේ හැමදාම කරේ බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මේ 16 මොකටද ආපහු එන්න හදන්නේ දයාසිරිව කුලියාපිටියට දාන්න හදනවා. එතකොට කොට ඇදපු සමන්ප්‍රිය මල්ලි හිර වෙනවා. තාරනාත් දැනටම තාත්තාව ඉස්සර කරගෙන කාල්ටන් එකටත් ගිහින්ලු. මොකක්ද මේ වෙන්නේ යැයි මේ  පිරිස සාකච්ඡාවේදී  දැඩි වයිරයෙන් කතාකොට ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත් වයඹ පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට නැවත පොහොට්ටුවට පැමිණි සහ පැමිණීමට නියමිත මන්ත්‍රීවරුන්ට මුහුණට මුහුණ විරුද්ධත්වයක් පාලා  ඉවත්කරගැනීමට කටයුතු සැලසුම් කරන බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.

මේ පිළිඹඳ පොහොට්ටු නායකත්වයට ආරංචි වී තමුසෙලාට පිස්සුද යනුවෙන් විමසා ඇතැයිද දැනගන්නට ලැබී ඇත.

සටහන – අර්ජුන ලියනාරච්චි

Published on: Aug 20, 2018 – නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කරනතුරු පළාත් සභා සියල්ලෙහි මැතිවරණය කල් දැමිම අවශ්‍ය කටයුතු කරන ලෙස සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අවධාරණය කර තිබේ.

පවතින ක්‍රමවේදයට අනුව මැතිවරණ පැවැත්විම හරහා රටේ ජනතාවගෙ මතය පිළිබිඹු නොවන බවත් සියල්ලටම වඩා පවතින තත්ත්වය යටතේ මැතිවරණයකට ගියහොත් එය ශ්‍රිලනිප පැත්තෙන් බරපතල කඩා වැටිමකට ලක්විය හැකි බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ මෛත්‍රී ජනපති අවධාරණය කර ඇත්තේ.

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සහ මහින්ද කණ්ඩායම ගෝඨා,බැසිල්,නාමල් ලෙස කෑලි වලට කැඩි ඇති බවත් මැතිවරණයක් නොපැවැත්විම හරහා එම කණ්ඩායම් අතර ගැටුම උග්‍ර අතට හැරෙන බවත් ඒ හරහා ඒකාබද්ධය නියෝජනය කරන කණ්ඩායම් ඉක්මනින්ම යලිත් ශ්‍රිලනිප නායකත්වය යටතට ගැනිම අපහසු නොවන බවයි ජනපති එහිදි පෙන්වා දි ඇත්තේ.

යහපාලන රජය ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගනිමින් ජනමත විචාරණයක් පැවැත්විමට කටයුතු කලයුතු බවට රජයට සම්බන්ධ පක්ෂ නායකයන් රැසක් මේ වනවිට යෝජනා කර තිබේන අතර පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු ජනමත විචාරණයක් කැදවිමට කටයුතු කලයුතු බවත් ඒ හරහාම යලිත් ආණ්ඩුව පවත්වාගෙන යැම සදහා ක්‍රමවේදයක් සකස් කලයුතු බවටද මේ වනවිට යෝජනා වි තිබේ.

මේ අතර 2019 දෙසැම්බර් 31 දා ට පෙර පැවැත්වීමට නියමිත සියලු පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් බොහෝමයක ගේ අදහස වි ඇති අතර ලබන වර්ෂය අවසන් වෙද්දී පැවැත්වීමට නියමිත පළාත් සභා සියල්ලෙහි මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී පක්ෂ ගණනාවක් ඉල්ලා සිටීමට තීරණය කර තිබේන බව වාර්තා වේ.

මේ වනවිටත් මහින්ද පිළ සමග කටයුතු කරන 16 කණ්ඩායම පැරණි පනතට සංශෝධනයක් ගෙනවිත් මෙම මැතිවරණ පමණක් පැරණි මනාප ක්‍රමයට පවත්වා ඉන් පසු පැවැත්වෙන මැතිවරණ නව ක්‍රමයකට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට යෝජනා කර තිබේ.

ඊට සමගාමිව පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස රජයට බල කරමින් සියලුම පළාත් පාලන ආයතනවල යෝජනාවක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ තීරණය කර තිබේන බව එම පක්ෂයේ ප්‍රබලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේන අතර ඒ අනුව මෙම යෝජනාව ලබන සතියේ සිට සියලුම පළාත් පාලන ආයතනවල සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන්හි නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවන් හි නිල කාලය ලබන මාසයේ දී අවසන් වේ. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසරේ මුල අවසන් වීමට නියමිතය.

Top