Published on: Aug 19, 2018 – ලංකාව දැන් සිටින්නේ ලොව දූෂිත රටවල් අතරින් සිව් වන ස්ථානයේය. එසේ ලොව දූෂිතම රටවල් අතරින් සිව් වන ස්ථානයට රට ගෙනවිත් ඇත්තේ එතෙක් මෙතෙක් මේ රට පාලනය කළ පාලකයන්ය. ටිකෙන් ටික වර්ධනය වූ දූෂණය පහුගිය ආණ්ඩුව සමයේ එළි පිටම සිදු වන්නට පටන් ගත්තේ බලය කියන්නේ රටේ සමස්තය තමන්ට ඕනෑ හැටියට පාවිච්චි කිරීමට අවසරය ලැබීම බව නිල වශයෙන්ම පෙන්වමිනි. මේ වන විටත් හෙළි වී ඇත්තේ ඒ දූෂණයන්ගෙන් අතළොස්සක් පමණි.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එන්නට මූලික සටන්පාඨය වූයේද රට තුළ සිදු වන දූෂණය නැවැත්වීමට ආණ්ඩු මාරුවක් සිදු කළ යුතුය යන්නයි. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් සංවිධානද එළිපිටම වැඩ කරන්නට විය. එසේ වැඩ කළ බොහෝ දෙනා වැඩට බැස්සේ මිනීවලට බහින්නට සූදානමිනි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මහින්දගේ ආණ්ඩුව ගෙදර යවා රනිල් සහ මෛත්‍රී එක්ව අලූත් ආණ්ඩුවක් පිහිටුවීමයි. එය හැඳින්වූයේ යහපාලන ආණ්ඩුව වශයෙනි. බොහෝ දෙනා සිතුවේ අලූත් ආණ්ඩුව මේ කියන යහපාලනය ඇති කරනු ඇත කියාය. මැතිවරණ සමයේ කියූ පරිදි රටට අපමණ අගයක් ලබා දෙනු ඇත කියාය. එහෙත් දැන් ඒ යහපාලනයත්, අපමණ අගයත් දෙපිටින් යමින් තිඛෙන්නේ සද්භාවයෙන් ආණ්ඩු මාරුවට මැදිහත් වූ සියල්ලන්ටම කට උත්තරද අහිමි කරමිනි.

මේ ආණ්ඩුව බලයට ආ විගසම දූෂිතයන්ට දඩුවම් දෙන බව පෙන්වන්නට මල් වෙඩි පමණක් දමා ගැසූ අතර යහපාලනයේ අරුමය හොඳ හැටි පෙන්වූයේ සුප්‍රසිද්ධ මහබැංකු මංකොල්ලය සිදු කරමිනි. රටට අපමණ දෙනු ඇතැයි ජනතාව තුළ තිබූ බලාපොරොත්තුවද ලත් තැනම ලොප් වූයේ ආණ්ඩුව කරවන අගමැතිවරයාද මේ අලූත් හොරුන් රැකීමට පෙරමුණ ගැනීම නිසාය.

ඒ ආණ්ඩුවේ හොරුන්ගේ කෙරුවාවල් මැද මේ ආණ්ඩුවේ හොරුන්ගේ කෙරුවාවල් එක පිට එක ජනගත වෙද්දී තවත් කෙනෙකු කල දුටු කල වල ඉහගන්නට සූදානම් වූයේ කාටත් හොර රහසේය. ඒ සුභාෂ් පින්නපොලයි. මහින්ද ආණ්ඩුව ගෙදර යවන්නට මරණය අතැතිව බොහෝ දෙනා වැඩට බැස්ස නමුත් සුභාෂ් පින්නපොල බැස්සේ වැඩට නොව වැඩේටය. එනම් මිනීවල පෙන්නා වල ඉහගෙන කෑමටය.

සුභාෂ් පින්නපොලගේ රැකියාව දැන්වීම්කරණයයි. තේරෙන භාෂාවෙන් කියනවානම් ඇඩ්වටයිසින්ය. ජනාධිපතිවරණය පටන්ගත් මොහොතේ සිටම වල ඉහ ගැනීමේ අරමුණ සහිතව කටයුතු කළ සුභාෂ් පින්නපොල, ජනාධිපතිවරයා වෙනුවෙන් දැන්වීමක් මෙරට තුළ රූගත කළහොත් කවුරුන් හෝ තමන්ව වළපල්ලට යවනු ඇති බව කියා රුපියල් මිලියන 30ක් සමඟ දකුණු ඉන්දියාවට ගොස් දැන්වීමක් හදාගෙන ඒමට සමත්විය. මෛත්‍රී වෙනුවෙන් දැන්වීම් හැදුවේ සුභාෂ් පමණක් නොවේ. ‘රටකට ඕනෑ අපමණ අගයක්’ ඇතුළු මෛත්‍රී වෙනුවෙන් බොහෝ දැන්වීම් හැදු තරුණයෝ මරණය පයිසෙකට මායිම් නොකර එදා ‘යහපාලනය දිනවීමට’ කැප වූහ.

“සුභාෂ් පින්නපොල ගාමිණී වියන්ගොඩගේ සහෝදරියගේ පුත්‍රයා වන අතර ගාමිණී වියන්ගොඩගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහු සමගය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලට අනුයුක්තව මිලියන ගණන් මුදල් උපයන්නෙකි. මහජන බැංකුව, ලේක් හවුස්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදියේ ප්‍රචාරණ කටයුතුද ඔහුට පවරා ඇත.”

එහෙත් පටන් ගත් තැනම ගැරිල්ල හොඳ බව තේරුම් ගත් සුභාෂ් පින්නපොල මේ ආණ්ඩුව අන්දාගෙන ගොඩ යන්නට එකින් එක සැලසුම් සකස් කරන්නට විය.

දෙමටගොඩ මුඩුක්කු කාමර අස්සේ ළමා කාලය ගෙවූ තමන්ට මේ ආණ්ඩුව ඇන්දිල්ල මහ දෙයක් නොවන බව දන්නා සුභාෂ් පින්නපොල ඔහු එතෙක් සේවය කළ TAL නම් දැන්වීම් ප්‍රචාරණ ආයතනයෙන් ඉවත් වී Story Book නම් ආයතනය අටවා ගන්නේ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාගෙ කාගේත් හිතවත්කම් මත ඇමති මංගලට හේත්තු වන සුභාෂ් ඊ ළඟ වැඩේට අත ගසන්නේ රුපියල් ලක්ෂ දෙසිය පනහකට වීදීමේ වැඩපිළිවෙළක් සමගිනි. එය කරළියට එන්නේ ආණ්ඩුව වෙනුවෙන් තවත් ගීතයක් නිර්මාණය කිරීමේ යෝජනාවක් වශයෙනි. ‘අහන්න’ නම් වූ එම සිංදු ලංසුවේ වටිනාකම රුපියල් ලක්ෂ දෙසිය පනහකි.

මෙරට රූපවාහිනී නාළිකා වල විකාශනය වන ගීත වල කාල පරාසය සාමාන්‍යයෙන් විනාඩි හතරකට වඩා අඩුය. එය විචාර බුද්ධිය ඇති ඕනෑම කෙනෙකු දන්නා කරුණකි. ඒ නිසා විනාඩි හතරකට වඩා වැඩි ගීතයක් මෙරට රූපවාහිනි නාළිකාවල විකාශනය වන්නේ නැති බව සුභාෂ් හොඳින්ම දනී. එහෙත් විනාඩි හතරක ගීතයකට ලක්ෂ 250ක ලංසු තියන්නට බැරිය. එසේ දැන දැනම විනාඩි හතක ගීතයක් යෝජනා කරන්නේ තමන්ට වැදගත් වන්නේ වැඩේ නොව ලක්ෂ දෙසිය පනහ නිසාය.

ලක්ෂ 250ක් වියදම් කර රටේ මුදල් වලට කෙලවු තරම 

සුභාෂ්ගේ ලක්ෂ දෙසිය පනහේ ගීතයට ඇමති මංගලගේද අනුමැතිය ලැඛෙන අතර මේ ලක්ෂ දෙසිය පනහ බැරවන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටය. එවකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් වූයේ ආචාර්ය රංග කලංසූරියයි. මෙතරම් මුදලක් ගෙවීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බව ඔහු දහ අතේ පැවසුුවද ඉන් පලක් වන්නේ නැත. ඉහළින් එන ඕඩර් වලට වැඩ කළ යුතුය. ඒ නිසා ‘මං පින්නපොලට ලක්ෂ 250ක් දෙන්න එකපාරක් අත්සන් කළා. ආපහු සැරයක් එයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ. මොකද මට එක මිනිහෙක් නිසා දෙපාරක් හිරේ යන්න බැහැ’ යයි ඇමති මංගලට පැවසූ රංග කලංසූරිය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආයුබෝවන් කියා ගෙදර ගියේය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වීමේ ඇත්ත කතාව එයයි. එය එසේ සිදු වෙද්දී සුභාෂ් පින්නපොල නැවතත් ගොඩ ගියේය. ගීතය නිර්මාණය වුවද එය රූපවාහිනී වල ප්‍රචාරය වූයේ නැත. යූ ටියුබ් ඔස්සේ මේ වන විටත් එය නරඹා ඇත්තේ එක්දහස් අට සියයකට වඩා අඩු ප්‍රමාණයකි.

සුභාෂ්ගේ ගැරිල්ල එතැනින් නතර වන්නේ නැත. ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පිලේ අලූත්ම ජවනිකාව වන ‘ගම්පෙරළිය’ වැඩපිළිවෙළේද ප්‍රධාන චරිතයක් වන්නට සුභාෂ්ට හැකි වී තිබේ. සජිත් ප්‍රේමදාගේ ‘ගම්උදාව’ යටපත් කරන්නට රනිල් පිල දියත් කළ ව්‍යාපෘතිය වන ගම්පෙරළියට තවමත් කැබිනට් අනුමැතිය ලැබී නැත. එහෙත් සුභාෂ් පින්නපොල මංගලගේ හයියෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලිනන 20කට දැන්වීම් දැනටමත් නිර්මාණය කර තිබේ. මේ ගනුදෙනුව සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක වී නොමැත.

ඇමති මංගලගේ පිහිටෙන් තවත් කිහිප දෙනෙකුගේම පහන් වලින් එළිය ලබන්නට අවස්ථාව හිමි කර ගන්නා සුභාෂ්ගේ තවත් ගැහිල්ලක් හමු වන්නේ සංචාරක මණ්ඩලයේදීය. ඇමති සාගල රත්නායකගේ අයියා කාවන් රත්නායකය. ඔහු සංචාරක මණ්ඩලයේ සභාපතිය. කාවන් මංගලගේ කිට්ටුවන්තයෙකි. මංගලගේ මාර්ගයෙන් කාවන්ව හඳුනාගන්නා සුභාෂ් පින්නපොල දැන් කාවන්ගේද යාළුවෙකි. ඒ යාළුකමට සුභාෂ් දැන් කෙළින්ම යන්නේ කාවන්ගේ ගෙදරටය. ටෙන්ඩර් කතා අදාළම නැත. කාවන්ගේ ඍජු ඕඩරයට රුපියල් ලක්ෂ 350ක් සංචාරක මණ්ඩලයෙන් ලබාගන්නා සුභාෂ් පින්නපොල දැන්වීම් 8ක් හැදීමට දැන් පටන්ගෙන ඇත.

මේ වැඩ ගැන සංචාරක මණ්ඩලයේ බොහෝ ඉහළ නිලධාරීන්ගේ ඒ තරම් මනාපයක් නැත. මනාපයක් නැතිවා පමණක් නොව විරෝධයක්ද ඇත. එහෙත් ඒ විරෝධයන් එකකින්වත් වැඩක් ඇත්තේ නැත. කාවන් සිටින්නේ සියල්ලන්ටම ඉහළිනි. සංචාරක සම්මාන උළෙල වෙනුවෙන් මොහු නිර්මාණය කළ මෙලෝ රහක් නැති සම්මානයත් ටුක් ටුක් ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් කළ ලෝගෝවත් මිලියන ගණනක්දී මිලදී ගැනීමත් සිදු වන්නේ කාවන්ගේ උපදෙස් පරිදිය.

ලොතරැයි මණ්ඩලයට කෙලවන සුභාෂ්ගේ අලුත්ම සෙල්ලම 

මේ සියලූ දේ සිදු වී අවසන්ය. සියල්ලෙන්ම සිදු වූයේ සුභාෂ්ගේ කරල පැසීමයි. ගැරිල්ලට පුරුදු වූ විට එය අත්හරින්නට නොහැකිය. ජාතික ලොතරැයි මණ්ඩලය දෙසට ගොනා හැරෙමින් සිටින්නේ අලූත් පොල් පැලයක් නොව පොල් වත්තක්ම කන්නටය. ජාතික ලොතරැයි මණ්ඩලයේ පොල් පැල කන්නට සුභාෂ් එන්නේ එහි දැන්වීම් ටෙන්ඩරයක් හරහාය.

ජාතික ලොතරැයි මණ්ඩලය පසුගියදා තම ලොතරැයි පහක් වෙනුවෙන් දැන්වීම්කරුවන් ඉල්ලා ටෙන්ඩර් කැඳවීය. සුභාෂ් පින්නපොලද ඒ සඳහා ඉල්ලූම් කර තිබේ. ටෙන්ඩර් කැඳවීම පමණක් නොව ටෙන්ඩරය ලබා දීමේ ඉදිරි පියවරයන් සිදු විය යුත්තේද විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුවය. ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් ආයතනයක් ලෙස වැඩ කිරීමට නම් එම දැන්වීම් ප්‍රචාරණ ආයතනය පිහිටුවා අවම වශයෙන් වසර දෙකක් ගතවී තිබිය යුතු බව එහි නිර්දේශවල සඳහන්ව ඇත. එසේනම් සුභාෂ්ට ඒ සඳහා ඉල්ලූම් කළ නොහැකිය. ඒ සුභාෂ් පින්නපොලගේ Story Book නම් ප්‍රචාරණ ආයතනය (සමාගම් අංකය පි/වි 12216) ලියාපදිංචි කර ඇත්තේ 2017 නොවැම්බැර් 10 වනදාය. ආයතනය ලියාපදිංචි කර තවම වසරක්වත් ගත වී නැත. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ මූලිකම කොන්දේසියක් වන ආයතනය පිහිටුවා වසර දෙකක් ගත වී තිබීමේ කොන්දේසිය සපුරාලීමට ඔහුට නොහැකි වී තිබේ. එසේනම් මූලික වටයෙන්ම ඔහුගේ ටෙන්ඩර් පත්‍රිකාව ප්‍රතික්ෂේප විය යුතුය. එහෙත් එය එසේ වී නොමැත. ඒ වෙනුවට ලොතරැයි පහෙන් එකක ප්‍රචාරණ කටයුතු සුභාෂ් පින්නපොලට ලැබීමට නියමිතය. ඒ අන් කිසිවක් නිසා නොව මුදල් ඇමති මංගලගේ හයිය නිසාය.

සතියකට එක් වතාවක් දිනුම් අදින ලොතරැයියක දැන්වීම් සහ වෙනත් කටයුතු නිසා ප්‍රචාරණ ආයතනයට ලැඛෙන මාසික ආදායම රුපියල් මිලියන පහළොවක් පමණ වේ. ඒ අනුව දින පහක් දිනුම් අදින ලොතරැයියක් සඳහා මාසික ආදායම රුපියල් මිලියන හැත්තෑ පහකි. මේ අලූත් ගැරිල්ලේ දිග පළල ඒ අනුව සිතා ගත හැකිය.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින සුචරිතවාදීන්ගේ කැරැට්ටුව මෙසේය. කාගෙ කාගේ කිල්ලෝට වලත් හුනු ටික ටික තිබේ. ආණ්ඩු හදන්නට මේ ඊනියා සුචරිතවාදීන් දර දිය ඇද්දේ හුදී ජන යහපතට නොව, ඒ හොරුන් පෙන්වා අලූතෙන් හොරකම් කරන්නටය. ඒ බව ජනතාව තේරුම් නොගන්නා තෙක් මෙවැනි දූෂිතයන් ජනතාව ගොනාට අන්දවමින් තමන්ගේ මඩිය තර කර ගන්නා හැටි පමණක් දැක බලා ගත හැකි වනු ඇත.

චතුර දිසානායක

Published on: Aug 18, 2018 – සොදුරු ආඥාදායකයෙක් ලෙස එළැබෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අරමුණින් කතානායක කරු ජයසූරිය මහතා ජාතික පුවත්පත් කතුවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා තිබේ.

කතානායක කරු ජවසුරිය මහතා දුන් දිවා භෝජන සංග්‍රහය සදහා කර්තෘවරුන් ගෙන්වා ගැනීමට රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු හා එහි කතුවරයෙකු මුලික වී තිබිම විශේෂත්වයකි.

සියලු කතුවරුන් භෝජන සංග්‍රහයට සහභාගීවි සිට ඇති අතර  කතානායකවරයා කතුවරුන් සමග පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කර තිබේ.

භෝජන සංග්‍රහය අතරවාරයේදි ජනාධිපතිවරණයට ඉදිරිපත් විම ගැන කතුවරුන්ගේ අදහස විමසා තිබේ. රටපුරා දිගින් දිගටම ඇතිවන වර්ජන ක්‍රියා මාර්ග සදහා දැඩි තින්දු ගත යුතු බව කර්තෘවරු දැඩි ලෙස කතානායකවරයා හමුවේ කියා ඇත.

එහි සිටි පෞද්ගලික මාධ්‍ය කතුවරයෙකු කියා ඇත්තේ සියලු රාජ්‍ය ආයතන පුද්ගලිකරණය කළ යුතු බවය.

රහස් පොලිසිය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරිම අවාසිදායක ක්‍රියාවකැයි පුවත්පත් කර්තෘවරයෙකු එහිදි සදහන් කර තිබේ.

පොදු අපේක්ෂක සංකල්පය මෙන්ම පක්ෂ නායකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විම ජනතාව ප්‍රතික්ෂේප කර ඇතැයි එහි සිටි වැඩියෙන්ම අලෙවි වන පුවත් පත් ඇති ආයතනයක අඩුවෙන්ම අලෙවි වන පුවත් පතක කතුවරයෙකු එහිදි කියා ත්බේ.

කර්තෘවරුන්ගේ අදහස් දැක්විම අවසානයේ කතානායක කරු ජයසුරිය මහතා විමසා ඇත්තේ සොදුරු අඥාදායකයෙකු රට ඉල්ලා සිටින්නේදැයි සිතන්නේද යනුවෙනි.

ඊට  ක්ෂනිකව ප්‍රතිචාර දක්වමින් අඩු ආලවියක් ඇති පුවත් පතේ කතුවරයා කියා ඇත්තේ දැන් නම් ආඥාදායකයෙකු ආවොත් ජනතාව ඡන්දය ප්‍රකාශ කරන බවය.

ඔබ අදහස අනුව ඊලග සොදුරු ආඥාදායකයෙකු ලෙස තමා ඉදිරිපත්වුවහොත් ඉල්ලුමක් ඇතිවෙයැයි කතානායකවරයා මෙහිදි විමසු විට කර්තෘවරුන් එය අනුමත කර ඇතැයි වාර්තාවේ.

ඊයේ අප සරසවි නැහැදිච්චකම ගැන කතා කළා. මට පඬියන්ගේ නැහැදිච්චකමත් රනිල්ගේ නැහැදිච්චකමත් ගැන කතා කරන්න ඕන. සරසවි නැහැදිච්චකම පඬි නැහැදිච්චකමේ ම කොටසක්. අපි එය පසුව කතා කරමු. රනිලුත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පඬියොත් එහෙමයි. ඔවුන් සිංහල බුද්ධාගමට පහර ගහනවා. අද සිවුරු පොරවාගත් අව් කණ්නාඩි දමාගත් ඕනෑම මගුලක් නිවන අදාළ යැයි කියන අයත් සිංහල බුද්ධාගමට පහර දෙන්න යොදා ගන්නවා. සිංහල බෞද්ධයන් මේවා වැඩිකල් ඉවසන එකක් නැහැ. මේ සියල්ලට ම මුල රනිල්. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත් රනිල් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ.

දහනවවැනි සියවසේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවක් වුණේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත ක්‍රිස්තියානින් සිංහල බුද්ධාගමට කළ අපහාස. අදත් එවැනි තත්වයක් රටේ ඇති වී තිබෙනවා. මෛත්‍රිපාල හා මහින්ද සිංහල බෞද්ධයන් නම් රනිල් පවත්වාගෙන යන්නේ ඇයි? මෙහෙම කිව්වම මහා දාර්ශනිකයන් රජරට මහාචාර්යවරයන් කලබල වෙනවා. ඔවුන් මෛත්‍රිපාල විවේචනය කරමින් මහින්ද රකින්න එනවා. මහා දාර්ශනිකයා හා රජරට මහාචාර්යවරයා සමග මේ සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයක් කරන්න මා කැමතියි. අනම් මනම් ප්‍රතිචාර නොදක්වා කෙළින් ම විවාදයට එන්න. ඔවුන්ට අනුව මා සිරිජාතිකවාදියෙක්.

මහින්ද හා මෛත්‍රිපාල බෙදා වෙන් කිරීම මැත ඉතිහාසයේ මෙරට සිංහල බුද්ධාගමට වූ විශාලතම පාඩුවයි. මෛත්‍රිපාල හුදෙක් අගමැතිකම නැති වූ නිසා රනිල් වෙතට ගිය පුද්ගලයෙක් නො වෙයි. එසේ පෙන්වන්නේ බටහිර මතවාදවලට අනුවයි. මෛත්‍රිපාල මහින්ද ආරවුල වගා කරන්නේ සිංහල බෞද්ධයන් වෙන්න බැහැ. කෙසේ නමුත් සිදු වූයේ සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි ප මරාදැමීමයි. අද මෛත්‍රිපාලටවත් මහින්දටවත් බැසිල්ට කොහොමටවත් ඒ පක්‍ෂය ගොඩ ගන්න බැහැ. පොදුජන පෙරමුණ චන්ද්‍රිකා ගණයේ පෙරමුණක් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අය ස්වාධීන වෙලා වෙනත් පක්‍ෂයක් හැදුවත් එය සිංහල ජාතිකත්වයේ පක්‍ෂයක් වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයේ බලවතුන් සමහර දෙනකු ගෝඨාභයට අකමැති බව රහසක් නො වෙයි. වෙල්ගම ප්‍රසිද්ධ ම උදාහරණයයි. එමෙන් ම ගෝඨාභය වටා ඉන්න ඇතැම් අයට ජනතා කැමැත්තක් නැහැ. අද සියලුම රූපවාහිනි නාළිකාවලට ක්‍රිස්තියානි බලපෑමක් තියෙනවා. උදේට පිරිත් ප්‍රචාරය කිරීමෙන් පමණක් සිංහල බෞද්ධ වෙන්න බැහැ. මේ දැනුත් මට පිරිත් ඇහෙනවා. එහෙත් හවසට ක්‍රිස්තියානි බලපෑම් ඇති වැඩසටහන් බලන්න පුළුවන්.

ලබන ජනාධිපතිවරණය ගැන මා කතා කරන්නේ නැහැ. එවැනි ජනාධිපතිවරණයක් තියේවි ද කියාත් අප දන්නේ නැහැ. අද සුදු වැන් නැහැ කියා කියනවා. එහෙත් අද මුළු රට ම සුදු වෑන් (බස්) එකක්. අප එහි හිරකාරයෝ. සිංහල බෞද්ධයන්ගේ ජීවිත අවදානමේ. එහි රියැදුරා රනිල්. කොන්දොස්තර මෛත්‍රිපාල. ක්ලීනර් මහින්ද. මේ තුන්දෙනාම තිරුපති යනවා. මේ වෑන් රථය එංගලන්තයේ නිපදවන ලද්දක්. එයට ඉන්ධන සපයන්නේ ඉන්දියාව. රනිල් රියදුරු අසුනෙන් ඉවත් කරන්නේ නැත්තේ ඇයි?

රනිල් ඊයේ පෙරේදා කියා තිබුණා ඇමරිකාවෙත් හරියට ඉතිහාසය උගන්වන්නෙ නැහැ කියලා. එය පට්ටපල් බොරුවක්. එහි ඉතිහාසය කියා විෂයයක් නැහැ. ඒක ඇත්ත. එහෙත් සමාජයිය විද්‍යා අධ්‍යයන විෂයය යටතේ ඉතිහාසය වගේ ම ආණ්ඩුක්‍රමයත් ඉගැන්වෙනවා. ප්‍රාථමික පාසල්වල හා මධ්‍යම පාසල්වල සිසුන්ගේත් ඉතිහාස දැනුම විශිෂ්ටයි. ඔවුන්ට ආදිවාසීන්ගේ ඉතිහාසය උගන්වන්නේ නැහැ. එය හරිය කියා මා කියන්නේ නැහැ. ඒ ඔවුන්ගේ චින්තනය හා සංස්කෘතිය අනුවයි. ඔවුන්ට තම රට ගැන අභිමානයක් ඇති වන ආකාරයට ඉතිහාසය උගන්වනවා. බොස්ටන් ෆිලඩෙල්ෆියා වැනි ඉතිහාසයට සම්බන්ධ නගර ඔවුන්ට අභිමානයක්. අප අනුරාධපුරය අපට නැති කර ගන්න හදනවා.

මෙරට ඉතිහාසය ඉගැන්වීම බද්‍යුද්දීන් මහමුද් නැවැත්තුවා. අද ඉතිහාසය ඉගැන්වෙන්නේ එපා වාහෙට හොදි බෙදන්නා වගේ. එයට හේතුව ඉතිහාසය ඉගැන්වීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉස්මතු වීම. රනිල් තවත් කතාවක් කියා තිබුණා. අනුරාධපුරය ලෝක උරුමයක් කියා. සමහර සිංහල බෞද්ධයන් කැමති ඇති ඒ වගේ ලෝක කතාවලට.

මේ ලෝක උරුමයෙන් සිද්ධ වෙන්නේ අනුරාධපුරය අපට අහිමි වීමයි. ලෝක ආධිපත්‍යය ඇත්තේ බටහිර චින්තනයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්ක්‍යතියේ ඇංග්ලිකන් ප්‍රභේදයට. ඒ රනිල්ගේ සංස්කෘතිය. අනුරාධපුරය ලෝක උරුමයක් කියන්නේ එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට යට කිරීමක්. වරක් ජේ ආර් පී සුරියප්පෙරුම කිව්වේ සොළොස්මස්ථානය තමයි සිංහල බෞද්ධ සිතියම කියා. අනුරාධපුරයේ අටමස්ථානය පිහිටෙව්වේ මිහිඳු හිමියන් ලකුණු කළ තැන්වල. ඒ ස්ථානවලට උඩින් යන්න කිසිවක් තනන්න බැහැ. එසේ තැනීම සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රශ්නයක්. වර්තමානය කියන්නේ අනාගතයේ ඉතිහාසය.

අනුරාධපුරය මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව අනෙක් රටවැසියන්ටත් අයත්. මෙරට වැසියකුට රුවන්වැලිසෑය ඉදිරියට ගොස් මේ අපේ ඉතිහාසය කියා හැඟීමක් ඇති කරගන්න පුළුවන් විය යුතුයි. එහෙත් ඒ සමග මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ නිපැයුමක් යන්නත් හිතට එන්න ඕන. රනිල්ගේ ලෝක උරුමය ඒ සඳහා නොවෙයි. ඔහුට අවශ්‍ය එහි ඓතිහාසික වටිනාකම සිංහල බෞද්ධයන්ට අහිමි කිරීමයි. රනිල්ට මේ රට හා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන අබ ඇටයක ප්‍රමාණයක ගෞරවයක් නැහැ. ඔහු දන්න අබ ඇටයකුත් නැහැ. අප මේ සුදු වෑන් රථයේ රියැදුරා රියැදුරු අසුනෙන් පන්නන්නේ කවද ද?

~~කාලය ~~

කුරුණෑගල නාවින්න හංදියේ පිහිටා ඇති සරසවි ගොඩනැගිල්ලේ දෙවෙනි මහලේ පිහිටි OASES EDUCATIONAL SERVICES නමැති ආයතනය සම්බන්ධව රටේ සිටින අහිංසක , මුදල් නැති, විදේශ අධ්‍යාපනයට යන්න සිහින මවන සිසුන් බේරාගැනීම සම්බන්ධව කරන හෙළිදරව්වකි

කුරුණෑගල අවුරදු 9 තිස්සේ පවත්වාගෙන යන ළමුන් රට යවන මුවාවෙන් මුදල් වංචා කරන සහ එකී මුදල් තමන්ගේ පෞද්ගලික ගිණුම් වල බැර කරමින් පොලියෙන් තමන්ගේ බඩ තර කරගන්නා කණ්ඩායමක් පිලිබඳ දැනගන්නට ලැබී තිබේ. මෙම ආයතනයේ හිමිකරු කුරුනෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කලක් ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාව කොට පසුව කුරුණෑගල ප්‍රදේශයේ මෙම ජාවාරම පටන් ගත් දමිත් වික්‍රමසිංහ නැමැත්තෙකු බව වැඩි දුර ආරංචි මාර්ග පවසයි.

කුරුනෑගල ළමුන් මෙන්ම රටේ විවිද ප්‍රදේශවල ළමුන් විශාල වශයෙන් රට යැවීමට යැයි කියා තමන්ගේ ආයතනයේ ලියාපදිංචි කරගන්නා මොහු 1% ක ප්‍රමාණයක් වෙනත් ඒජන්තවරුන් හරහා එංගලන්තයට , ඔස්ට්‍රේලියාවට සහ ප්‍රන්සයට ළමුන් පිටත් කර ඇත. නමුත් මොහුගේ ව්‍යාපාරය වී ඇත්තේ 99% ක්ම විදේශ අධ්‍යාපනයට යාමට සුදුසුකම් නැති අසරණ පවුල් වල ළමුන් මෙන්ම දෙමව්පියන්ද අමාරුවේ දැමීම බව දැනගන්නට ලැබී ඇත.

විදේශ අධ්‍යාපනයට ළමුන් යැවීමේදී වීසා ලැබීමට පෙර ළමුන්ගෙන් ලියාපදිංචි මුදල් ලබාගැනීම නීති විරෝධී වේ. නමුත් මෙම දමිත් නැමැත්තා සහ ඔහුගේ සේවක පිරිස ලංකා මුදලින් ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 80000 ක මුදලක් ලබාගන්නා බව ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මුදල් පෙන්වීම සඳහා කූට ලේඛන සෑදීම වෙනුවෙන් ලංකා මුදලින් ලක්ෂ 360000 ක මුදලක්ද ලබාගන්නා බව වැඩිදුරටත් දැනගන්නට ලැබී තිබේ.

මුදල් නැති ලංකාවේ අසරණ දරුවන් අමාරුවේ දැමීම මෙම පුද්ගලයාගේ ව්‍යාපාරය වී ඇත. එමෙන්ම මොහු දැඩි කමාතුරයෙක් බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. කුරුනෑගල මහජන බැංකුවේ සේවය කරන තම බිරිඳට අමතරව තමන්ගේ කාර්යාලයේ වැඩකරන්නා වූ ගෑනු ලමුන්ගේද විසේශයෙන් මොහුගේ හොර අඹුව වන මල්කඩුවාවේ වෙසෙන කුඩා ගැහැණු ළමයෙක් ගැනද විවිධ කතන්දර දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධව එම සරසවි ගොඩනැගිල්ලේ සේවය කරන ආරක්ෂකයින් සහ ගොඩනැගිල්ල තුළ අනෙකුත් ව්‍යාපාර ආයතන වල සේවය කරන්නන් සාක්ෂි දරන බව දැනගන්නට ලැබී ඇත.

මොහු ගමන්කරන්නා ඇක්සියෝ කාර් රථය ( CAW 2282 ) මෙම රෝල්කරන්නා වූ මුදල් වලින් ලබාගත් එකක් බවද එමෙන්ම තමන්ගේ හොර අඹුව වෙනුවෙන් මිලදී ගත් ස්කූටර් යතුරු පැදිය තම කසාද බිරිඳගෙන් ණයට මුදල් රැගෙන මිලදීගෙන ඇතිබවද වැඩි දුර ආරංචි මාර්ග පවසයි.

දූෂණය වැලක්වීමට මහා ඉහලින් කතාකරනා නීතියටත් නීතිය හසුරුවන්නන්ටත් නවතා ගත නොහැකි වූ මෙම ව්‍යාපාර කණ්ඩායම කුරුනෑගල මෙන්ම රටේ අසරණ ජනතාව අවුරුදු ගණනක් තිස්සේ ග්‍රහණයට අරගෙන ඇති බව උකුස්සා වැඩි දුරටත් පැවසු බව දැනගන්නට තිබේ.

මෙම මුදල් වංචාවට හසුවූ ළමුන් පොලිසියට ගොස් පැමිණිලි කරත් OASES ආයතනයේ මුදල් වලින් එකී නීතියත් නමා ඇති බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

බලධරයිනි මේ ඔබගේ අවධානයටයි

සටහන – ගුණරත්න විජේතිලක

අන්තර්ජාලය හරහා මොවුන්ගේ ( oases ) ආයතනයට මුදල් දමා ඇති අයුරු

මුදල් පෙන්වීම සඳහා කූට ලේඛන සෑදීම වෙනුවෙන් සිසුන්ගෙන් ලබාගන්නා ලක්ෂ 360000 ක මුදල් කුවිතාන්සිය

Published on: Aug 16, 2018 – රටේ ප්‍රධානතම පෙලේ මාධ්‍ය ආයතන සහ මුල්‍ය ආයතන කොටි ඩයස්පෝරාවේ ග්‍රහණයට යටකිරිමේ මෙහෙයුම මේ වනවිට ඉතාමත් සියුම්ව ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ හරහ මේ රටේ අමන,තකතීරු දේශපාලඥයන් මෙන්ම ඔහුන්ගේ ඇම්බැට්ටයන් ප්‍රකොටි ගණනනින් මුදල් උපයද්දී රට බෙදුම්වාදීන්ගේ දිශාවට ගමන් කරමින් සිටින්නේ නිරායාසයෙන්මය.

ස්වර්ණවාහිනීය මේ වනවිට විදේශිකයෙකු අතට පත්වි හමාරය. මෙ වනවිට ස්වර්ණවාහිනීයෙ විධායක තනතුරු සියල්ල්ම වෙනස් කර ඇති අතර අධ්‍යක්ෂක මණ්ඩලයද සම්පූර්ණයෙන් වෙනස් කර ඇති අතර රටේ මුලික නීතිය පවා ඉක්මවා යමින් අධ්‍යක්ෂක මණ්ඩලය සදහා විදේශීකයන් පමණක් පත්කර තිබේ.

එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට අල්ලා ගනිමින් සිටින අතර මේ වනවිට ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ සතුවි අවසන්.

වත්මන් ආණ්ඩුවේ මෙන්ම හිටපු ආණ්ඩුවේද ව්‍යාපාරික හිතවතෙකු වන ලෝක හොරෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා සහ සිංගප්පූරුවේ සමාගමක් වන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් සහ අතරමැදියෙකු ලෙස කටයුතු කරන සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා මෙම ව්‍යාපාර මිලදි ගැනිම පසුපස සිටින අතර ඩයස්පොරාවේ හුරතලෙකු වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල පින්සිරි සමරවීර සහ මංගලගේ උපදේශක මනෝ තිත්තවැල්ල උතුර සහ දකුණ ඩයස්පොරාකරණයේ මහ මොළකරුවන් ලෙස කටයුතු කරන බව දැන් ප්‍රසිද්ධ රහසකි.

‘ලයිකා මොබයිල්’ හරහ ගලා එන ඩොලර් මිලියන ගණන් වු මුදල් තැන්පත් වන්නේ මංගල සමරවිර සහ ඔහුගේ හෙංචයියන්ගේ ගිණුම් වල පමණක් නොව ….හිටපු සහ දැනට සිටින ජනපතිවරුන්ගේ ගිණුම් වල මෙන්ම ඔහුන්ගේ හෙංචයියන්ගේ ගිණුම් වලද තැන්පත් වන බව අප දනිමු..මේ සම්පූර්ණ කතාව අවසානයේ අප ඒ සම්බන්ධයෙන් හෙළිදරවු කිරිමට කටයුතු කරනු ඇත.

ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’

මේ අනාවරණය දිර්ඝ එකක් බැවින් කොටස් වශයෙන් අප මෙම කතාව අනාවරණය කිරිමට කටයුතු කරනු ලබන අතර මේ හරහා අප බලාපොරොත්තු වන්නේ රටේ ජනතාව දැනුවත් කර ‘ලයිකා මොබයිල්’වැනි කොටි ඩයස්පොරාව ඊළාම දිනා ගැනිම සදහා රටේ ස්වාධිපත්‍යය බලයට අභියෝගකිරිම සදහා අවශ්‍ය ආර්ථික බලය සතුකර ගැනිම ගන්නා උත්සහයන් පරාජය කිරිමටය.

එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂයේ ප්‍රධානතම දායකයා වන දුරකතන කේෂ්ත්‍රයේ පතාක යෝධයෙක් වන ලයිකා මොබයිල් ආයතනය මුදල් විශුද්ධිකරණය හා බදු වංචා සඳහා ප්‍රංශ පොලිසිය විසින් වටලා ඇති ආයතනයක් වන අතර පලමු වැටලිමේදි 19 දෙනෙක් මෙහිදි ප්‍රංශ පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන ඇති අතරම ලයිකා මොබයිල් ආයතනයේ ප්‍රංශයේ කළමණාකරණ අධ්‍යක්ෂක Alain Jochimek ඇතුළු 9 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

2016 වසරේ එම වැටලිමට ආසන්නතම හේතුව වි තිබුනේ ඊට පෙර වසරේ අනාවරණය කර තිබු ජාත්‍යන්තර දුරකතන සමාගම් කණ්ඩායමක් දිනකට දෙවරක් ලන්ඩනයේ තැපැල් කන්තෝරුවලට පවුම් දහස් ගණනක් අයත් කුරියර් ලබා දෙන ප්‍රවෘත්තියට අදාළ විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙසිනි.

සුභාෂ්කරන් අල්ලිරාජා කැමරන් දැලේ දාගත් අවස්ථාව 

Subaskaran Allirajah (left) with David Cameron at the Conservatives’ Black and White party in 2015

දුරකතන සබඳතාවයන් ලබාදෙන මුවාවෙන් විවිධ දුෂණ ක්‍රියාවන් වල නිරත වන ‘ලයිකා මොබයිල්’සමාගම ඒ හරහා කළු සල්ලි ට්‍රිලියන ගණනින් ඉපැයීමට සමත්ව තිබේ.එම උපයා ගන්න මුදල් ඉතාම රහසිගතව මෙන්ම සියුම්ව තැපැල් කන්තෝරුව වැනි සුළු වශයෙන් මුදල් සංසරණය වන පද්ධති භාවිත කරමින් වෙනත් රටවලට යැවිමට කටයුතු කර තිබේන බව අනාවරණය වි ඇති අතර පැරිස් නගරයේ මූලස්ථානය හා නගරයේ පවතින අනෙක් ව්‍යාපාර වැටලීම හරහා යූරෝ මිලියන 1කට අධික මුදලක් සොයා ගෙන ඇති අතර එම සමාගමේ ප්‍රංශ ගිණුම සීල් තබා ඇත.

Alain Jochimek සමග කටයුතු කොට චෝදනා ලැබුවන් අතර සමාගමේ මුදල් එකතු කරන්න ලෙස සේවය කළ අය, ලයිකා මොබයිල් සමාගමට නීතිවිරෝධී ලෙස මුදල් ගෙවීම් කළ කුඩා ව්‍යාපාරිකයන් සහ සන්නද්ධ කණ්ඩායම් වල සන්නායකයක් ලෙස කටයුතු කළ යුවලක් ද වන බව වාර්තා වේ.

වත්මන් ශ්‍රි ලංකා ආණ්ඩුවේ ඩීල් කාරයන්ට මෙන්ම යුරෝ මිලියන 2.2 කට අධික මුදලක් ලයිකා මොබයිල් සමාගම විසින් කොන්සවේටිව් පක්ෂයට අරමුදල් ලෙස ලබා දී තිබේන අතර එම සමාගමේ අයිතිකරු වන ශ්‍රි ලාංකික සම්භවයක් ඇති සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) අරමුදල් ලබා දෙන්නන්ගේ කණ්ඩායමේ අත්‍යවශ්‍ය නායකන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර 2016 වසරේ මාස හයක කාලය තුළ අගමැතිවරයා හා ඔහුගේ කැබිනට් සමාජිකයන් විසින් ඔහුව පුද්ගලිකව ප්‍රතිකේෂ්ප කොට තිබෙනවා.එසේම ඔහු Boris Johnson සමග ලන්ඩන් පුරපති අනුග්‍රහයෙන් පැවති ඔහුගේ බැංකු කටයුතු වලින් පසුව කුලුපගු වි තිබේ.

එරට මුදල් අපරාධ ඒකකයේ බුද්ධි අංශය විසින් තහවුරු කරගෙන ඇති පරිදි විවිධ ජාල ගත අපරාධ වලින් මුදල් ඉපැයීමේ ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින Shell සමාගම ලයිකා මොබයිල් සමාගමේ ගිණුම් සමඟ සම්බන්ධ වී ඇති බව ප්‍රංශ නිලධාරින් හදුනා ගෙන තිබේ.

නීතිවිරෝධි ලෙස යූරෝ මිලියන 17ක මුදලක් ගණුදෙණු කළ බවට චෝදනා කරමින් ප්‍රංශ අධිකරණ විසින් පසුගිය 2016 වසරේ ජුනී මාසයේ ලයිකා සමාගමට විරුද්ධව නඩු පැවරුවද බලධාරීන් විශ්වාස කරන්නේ ලියකියවිලි අනුව එම ගණන ඊට වඩා වැඩිවිය හැකි බවයි.

මේ අතර නිතිවිරෝධි ලෙස යූරෝ මිලියන දහස් ගණනක් ලයිකා මොබයිල් ගිණුම් වලට දැමු සමාගම් 19ක් පිරික්සීමට ගිය අතර එහිදි අනාවරණය කර ගත්තේ එකක් හැර අනෙක් සමාගල් ලියුම් පෙට්ටි, පුරප්පාඩු කාර්යාලය, හැර ගිය ගොඩනැගිලි හෝ ගොඩනැගිලි ඉදිකරන සමාගම් වල ලියාපදිංචි වී ඇති බවයි. නමුත් ඒ කිසිදු ව්‍යාපාරික ස්ථානයක ලයිකා මොබයිල් ආයතනයේ උපකරණ මිලදි ගැනීමට හැකියාවක් නොමැති විය.

ජාත්‍යන්තර ඔත්තුකරුවන්ගේ විශ්වාසවන්ත තොරතුරු වලට අනුව නඩු පවරන්නන් විසින් තවමත් ලයිකා මොබයිල් හි ගිණුම් වාර්තා හි මූලාශ්‍ර පිළිබඳව සොයා ගෙන නොමැති අතර ලයිකා මොබයිල් සමාගම එම ගිණුම් පිළිබඳව උත්තර බැදීම හො තවම කර නොමැත.

මේ වනවිටත් ‘ලයිකා මොබයිල්’සමාගම තමන්ගේ හොරකම්,මැරකම් ,වංචා අනාවරණය කිරිම හේතුවෙන් එම අනාවරණය කල කිහිප දෙනෙකුම ඝාතනය කිරිමට උත්සහ දරා ඇති අතර රහසේ තොරතුරු ලබාදුන් කිහිප දෙනෙකුම අතුරුදන් කිරිමට ලයිකා සමාගමට සම්බන්ධ ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් හරහා කටයුතු කර තිබේ.

ලෝකෙටම ජාවාරම්කරුවෙකු වු ‘ලයිකා මොබයිල්’ ජේ. සුධීර් ජෙයරාම්

ජේ. සුධීර් ජෙයරාම් යනු නිකම්ම නිකං නිකමෙකු නොවේ. ජේ.සුධීර් නැමති මහා ජාවාරම්කරුවා “Oil for Food Program” එකක් මුවාවෙන් අමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් අල්ලසක් වශයෙන් ඉරාක රජයෙන් ගැනිමට සමත්වු අයෙකු වන අතර එම වැඩසටහන හරහා ඇමරිකාව සහ ඉරාකය අතර යුද රහස් ගණුදෙනු සිදුකිරිම සහ මැලේසියානු ජාතික ආරක්ෂාවට සaජුවම සම්බන්ධ දත්ත පිටකිරිමට මැදිහත්ක් කරුවෙකු ලෙසද ජේ.සුධීර් මැදිහත් වි ඇති අතර පසුව එය අනාවරණය විමෙන් පසුව එක්සත් ජනපද නාවික හමුදාවට සම්බන්ධ ලෝක ආරක්ෂක කර්මාන්ත මණ්ඩලයද හෙල්ලුම් කා තිබේ.

ලයිකා මොබයිල් සමාගමේ සැකකටයුතු මුදල් ගණුදෙනු පිළිබඳව හෙලි වෙමින් පවතින අවස්ථාවක යූරෝ 870,000 ක මුදලක් එම සමාගම විසින් තම පක්ෂය වෙත ආධාර කරද්දි එම මුදල පිළිගැනීම ගැන හිටපු එංගලන්ත අග්‍රාමාත්‍ය ඩෙවිඩ් කැමරන් මේ වන විට බරපතළ ප්‍රශ්නයකට මුහුද දී ඇති බව වාර්තා වේ. පසුගිය මාසයේදි ලන්ඩනයේ පැවති ගෝලීය දූෂණ විරෝධී සමුලුවේදී මුදල් විශුද්ධිකරණය පහත දැමීමට හා අසාධාරණ බදු ඉවත දැමීමට සහය දෙන බව එක්සත් රාජධානියේ අගමැතිවරයා විසින් පවසා ඇති අතර එක්සත් රාජධානිය තුළ තවදුරටත් දූෂිතයන්ට නිවෙස් නොමැති බවට පණිවිඩයක්ද ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ.

පරීක්ෂණයට ඉතා සම්බන්ධ විමර්ශන නිලධාරින්ගෙන් මේ වන ප්‍රංශ පොලිසිය රැස්කර ඇති සාක්ෂි පිළිබඳව අනාවරණය කර ගත් අතර කොන්සවේට්ව් පක්ෂයේ ප්‍රධානතම දායකයාගේ නීතිවිරෝධී කාර්යයයන් පිළිබඳව පැහැදිළි විග්‍රහයක් කිරීමටද සමත්ව තිබේ……

රටම විනාශ කරන සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්..

තාම ඉවර නෑ……

කලින් කල අනවරණය….

http://198.211.112.164/archives/18582

Published on: Aug 15, 2018 – කුරුණෑගල නාවින්න හංදියේ පිහිටා ඇති ”විනිවිද VDR Company ( Vinivida Deshaiya Rekiya ) in Kurunegala රැකියා ලබාදෙන ඒජන්සියේ අයිතිකරු වන චමින්ද නැමති පුද්ගලයා කුරුණෑගල පොලීසය වෙත කැඳවා තිබේ.

වෙනත් ආයතනවල රැකියා ලබාදෙන බවට පොරොන්දුවෙමින් කාන්තාවන් සම්මුක පරීක්ෂණ වලට කැඳවාගන්නා මොහු මොහුගේ හිතවත් වෙනත් ආයතන වල ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ පවත්වමින් එම අයදුම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා බවට පැමිණිලි ලැබී ඇති අතර එම ආයතනයේ සේවය කරනා 15 කට අධික ගැහැණු ළමුන්ගෙන් මොහු අයුතු ප්‍රයෝජන රැගෙන බලහත්කාරයෙන් රවටා ගන්නා බවද එහි ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයෙක් කුරුනෑගල පොලිසියට දන්වා තිබේ.

මෙම චමින්ද නමැති පුද්ගලයා ඔහුගේ තුන්වන කසාද බිරිඳ ඔහුට පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගියවිටදී ඔහුගේ අනෙකුත් ව්‍යාජ වැඩ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල පොලිසිය දැන්වූ පරිදි නාවින්න හන්දියේ මෙම ආයතනය පවත්වාගෙන යන සරසවි ගොඩනැගිල්ලේ තවත් මෙවන් කූට ව්‍යාපාර වන බව දැනගන්නට ලැබී ඇති බවයි.

Published on: Aug 15, 2018 – පානදුර පුරවරයේ පිහිටි ඉපැරණි වලව්වක් මේ දිනවල දේශාපාලන හිතතුන්ගේ සහ පානදුර පොලිසියේ අයගේ සහ‍යෝගයෙන් කඩා ඉවත් කරමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම වලව්ව අවුරුදු 150ක් පමණ පැරණි අතර එම වලව්ව පිහිටි භූමිය පෞද්ගලික ආයතනයකට විකුණා ඇති බවයි ඔවුන් පවසන්නේ. එම ආයතනය මගින් එහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා මෙම වලව්ව කඩා ඉවත් කරන බවයි ප්‍රදේශවාසීන් අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග කියා සිටියේ.

මෙම ඉපැරණි වලව්ව මෙරට සිටි කිර්තිමත් පුද්ගලයකු වූ දීපාල් සුසන්ත ද ෆොන්සේකා නම් පුද්ගලයෙකුට අයත් ව තිබූ එකක් බවත් පැවසේ.

වලව්ව කඩා ඉවත් කිරීම නවතා දෙන ලෙස ප්‍රදේශවාසීන් පානදුර පොලීසියෙන් ඉල්ලීම් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු තැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියක් මගින් දැනුම් දී ඇත. එම ලිපියේ පිටපතක් පහතින් බලන්න.

දීපාල් සුසන්ත ද ෆොන්සේකා

 

Published on: Aug 14, 2018  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් ලෙස ක්‍රියාවට නැගෙන “පිබිදෙමු පොළොන්නරුව” සම්බන්ධයෙන් මේ වන විට සමාජ කතිකාවක් ගොඩනැගී ඇත. “පිබිදෙමු පොළොන්නරුව” යටතේ රුපියල් කෝටි 1600ක් වියදම් කොට ව්‍යාපෘති 180ක් ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති සිරිසේන රාජ්‍ය නායකයාය. ඔහු රටේම ජනාධිපතිය. එහෙත් ඔහු වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ පොළොන්නරුවටය. රටේම ජනාධිපතිවරයා එක් දිස්ත්‍රික්කයකට පමණක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නම් අනිකුත් දිස්ත්‍රික්කවල ජනතාවටද තම තමන්ගේ ජනාධිපතිවරු පත්කර ගැනීමට සිදුවන්නේය.

පසුගිය රජයේ රාජ්‍ය නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය යැයි කියමින් හම්බන්තොට ලංකාවේ සුපිරි දිස්ත්‍රික්කය බවට පත් කිරීමේ ක්‍රියාවක නිරත විය. එම සංවර්ධන ක්‍රියාවලියේදී එහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ය. පාරවල්, පාලම්, බෝක්කු, ගොඩනැගිලි ඉදිරි කරමින් එය රටේ සංවර්ධනය යැයි අර්ථකථනය කළේය. එහෙත් එකී සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට හිමි නොවීය. ජනතාවගේ ජීවිත වලින් එකී සංවර්ධනය හෙළිදරවු නොවීය. අවසානයේ සිදුවූයේ ජනතාව ණයකරුවන් බවට පත්වීමය. රාජපක්ෂ පාලනයේ සංවර්ධනය හා සිරිසේන පාලනයේ සංවර්ධනය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබේ. රාජපක්ෂ පාලනයේ ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය වෙනවා හැර අන් යමක් සිදුවන බවක් නොපෙනේ.

මේ වන විට පිබිදෙමු පොළොන්නරුව යැයි වැඩසටහනක් ජනාධිපති සිරිසේනගේ අධීක්ෂණය යටතේ සිදුවෙමින් ඇත. මේ සදහා වැයවන මුදල රුපියල් කෝටි 1600කි. එම මුදල වියදම් කරමින් ව්‍යාපෘති 180ක් ක්‍රියාත්මක වන බව පැවසේ. මේ යටතේ පාරවල්, ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. ඒ පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කැමැත්තකි. ජනතාවට මේ ව්‍යාපෘති පිළිබඳව කිසිදු නිශ්චිත අදහසක් නොමැත. ඔවුන් පාරවල්, ගොඩනැගිලි, පන්සල්, පාසල්, ආදී ඉදිකිරීම් සම්බන්ධයෙන් තෘප්තියෙන් සිටී. ඔවුන්ද සංවර්ධනය යැයි සිතනුයේ මෙවන් දේවල්ය. ඒ නිසාම ඔවුන්ට මේ පිළිබඳව ඇත්තේ යහපත් අදහසකි. මේ හරහා සිදුවන ඇත්ත පිළිබඳව ජනතාවට කිසිදු අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

කෝටි 80න් වියදම කෝටි 40යි ඉතිරිය ආගිය අතක් නැ 

මේ ව්‍යාපෘතිවලින් සංවර්ධනය වන්නේ ජනතාව නොවන බවට සාක්ෂි රැසක් ඇත.එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් කෝටි 80ක් වෙන් වී ඇත්නම් සැබවින්ම ඒ සඳහා වැය වන්නේ කෝටි 40කි. ඉතිරි කෝටි 40 වියදම් වන්නේ කෙසේද යන්න කිසිවෙකුට අවබෝධයක් නොමැත. ඒ අනුව මේ ව්‍යාපෘති හරහා විශාල ලෙස මූල්‍ය වංචා සිදුවන බවට තොරතුරු වාර්තාවේ. මේ ව්‍යාපෘති තුළින් විශාල වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම්ය. මහවැලි ඉදිකිරීම් අංශයේ නිර්දේශය වී ඇත්තේ මේ සියලු ඉදිකිරීම් සඳහා මහවැලි ගඟේ වැලි භාවිතා කළ යුතු බවයි. විශේෂයෙන්ම මනම්පිටිය වැලි නිධිය මගින් ගන්නා වැලි මෙම ඉදිකිරීම් සඳහා භාවිතා කරනු ලැබේ. එහෙත් මේ සියල්ල පිටුපස මෛත්‍රීපාල සිරිසේනගේ සහචරයකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. මේ සියලු ඉදිකිරීම් සඳහා වැලි සපයන්නා බවට පත්වී ඇත්තේ කලාගල ප්‍රියන්ත නැමැත්තෙකි. ඔහු වැලි කියුබ් 3ක ලොරියක් මේ ඉදිකිරීම් සඳහා ලබාදෙන්නේ රුපියල් 27,500කටය. ඔහු එම වැලි ලොරිය ලබාගන්නේ රුපියල් 17,500කටය. ඒ අනුව ඔහු එක් ලොරියකින් ලබන ලාභය රුපියල් 10,000කි. දිසාපතිවරයාගේ නිර්දේශය වී තිබෙන්නේද මහවැලි ගඟේ වැලි රජයේ ඉදිකිරීම් සඳහා යොදාගත යුතු බවයි. නමුත්, එම වැලි මිලදී ගන්නේ ප්‍රියන්ත නැමැත්තාය. ඔහු අඩුමුදලට වැලි ගෙන වැඩි මුදලට නැවත රජය වෙත සපයයි. මේ ව්‍යාපෘතිවල ප්‍රධාන වැලි සැපයුම්කරුවා වී ඇත්තේද ඔහුය.

17,500ට වැලි කියුබ් එක අරන් 27,500 ට විකුණන පොලොන්නරුවේ වැලි රජ්ජුරුවෝ..

මහවැලි ගඟේ වැලි ගොඩදාන කොන්ත්‍රාත් කරුවන් දිනකට වැලි කියුබ් 60ක් ගොඩදාන්නේ නම් ඒ සියල්ල ප්‍රියන්ත නැමැත්තා රුපියල් 17,500ට එම ස්ථානයේදීම මිලදී ගෙන එතන සිටම අදාළ ඉදිකිරීම් සඳහා රුපියල් 27,500 අලෙවි කරයි. ඒ අනුව වැලිවලින් තුනෙන් එකක් මංකොල්ලකෑමකට ලක්ව ඇති බව පෙනී යයි. පොළොන්නරුවේ මේ වන විට ඉදිවන ලොකුම ඉදිකිරීම වන්නේ පොළොන්නරුව වකුගඩු රෝහලයි. එම රෝහල පොළොන්නරුවට ලබාදී ඇත්තේ චීන සමාගමක් විසිනි. පෝර්ට් සිටිය ඉදිකිරීමට ලබාදුන් අවසරයට ප්‍රතිඋපකාරයක් ලෙස මෙම රෝහල ඔවුන් විසින් ඉදිකරනු ලබයි. එම සමාගම විසින් අදාළ ඉදිකිරීම් සඳහා වැලි සපයන්නන් සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. ඒ අනුව ඔවුන්ට ලැබුණ අවම ටෙන්ඩරය වී ඇත්තේ වැලි කියුබ් 3ක ලොරියක් සඳහා 18,500ක ටෙන්ඩරයකි. එහෙත් කලාගල ප්‍රියන්ත නැමැත්තාගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් අදාළ ටෙන්ඩර්කරුවන් ඉවත් වී ඇත. ඒ අනුව කලාගල ප්‍රියන්ත නැමැත්තා අදාළ චීන සමාගමට රුපියල් 27,500ට වැලි සැපයීමට සූදානම් වී ඇත. එහෙත් අදාළ සමාගම පවසා ඇත්තේ 18,500 වැලි ලබාගත හැකිව තිබියදී 27,500ට වැලි ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ තත්ත්වය තුළ අදාළ චීන සමාගම තීරණය කොට ඇත්තේ වැලි වෙනුවට කළුගල් කුඩු යොදා ගනිමින් අදාළ රෝහල ඉදිකිරීමටයි. මේ වන විට ඉදිවන රෝහල නිරීක්ෂණය කිරීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තහවුරු කරගත හැකිය. සමාගම පවසනුයේ කළුගල් කුඩු යොදා ගනිමින් ඉදිකිරීම් කළද රෝහල තුළ උෂ්ණත්වය වැඩිවන බවයි. ඒ අනුව එය ලෙඩුන්ට බලපාන බවද අදාළ සමාගම පවසයි. නමුත්, වැලි ඒකාධිකාරය හමුවේ අදාළ සමාගමට සිදුවී ඇත්තේ කළුගල් කුඩු යොදා ගනිමින් ඉදිකිරීම් කිරීමටය.

ගල් ,වැලි සිරිසේනලාගේ මාෆියාව

සංවර්ධනයේ නාමයෙන් පොළොන්නරුවේ සිදුවන්නේ මහා මූල්‍ය වංචාවකි. පිබිදෙමු පොළොන්නරුවට වෙන්වී ඇති රුපියල් කෝටි 6000 ඇතුළේ වැඩි වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම්ය. කාපට් පාරවල්, කොන්ක්‍රීට් පාරවල්, ගොඩනැගිලි ආදී වශයෙන් ඉදිකිරීම් සිදුවේ. මෙම ඉදිකිරීම්වල ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් අතර පෙරමුණේ සිටින්නේ ජනාධිපති සිරිසේනගේ සහෝදරයෙකු වන චමින්ද සිරිසේනය. ජනාධිපති සිරිසේනගේ තවත් සහෝදරයෙකු වන ඩඞ්ලි සිරිසේන මෙහි තවත් පාර්ශ්වයක් නියෝජනය කරයි. ගල් සහ වැලි සැපයීමේදී කලාගල ප්‍රියන්ත සහ මොවුන් අතර බරපතළ සම්බන්ධතාවයක් පවතින බවටද තොරතුරු ඇත. ඒ අනුව මේ ඉදිකිරීම් හරහා වැඩිම මුදලක් ලැබෙන්නේ ජනාධිපති සිරිසේනගේ ඥාතීන්ට සහ හිතවතුන්ටය.

මේ සා විශාල මුදලක් එක් දිස්ත්‍රික්කයක ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා යෙදවෙන්නේ නම් එම මුදල් දිස්ත්‍රික්කයේ ජනතාව අත සංසරණය විය යුතුය. එහෙත් එය එසේ වී නැත. මේ මුදල් සංසරණය වන්නේ එක් පිරිසක් අතරේ පමණි. මෙය බරපතළ ගැටලුවකි. මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදේශයන්ගෙන් ලබාගත් ණය මුදල් වලිනි. එම මුදල් වලින් වැඩි කොටස ජනාධිපතිවරයාගේ ඥාතීන්ට සහ හිතවතුන්ට ගලාගෙන යද්දී ජනතාව වෙත ගලාගෙන යන්නේ මහා ණය කන්දකි. ජනතාව ඉදිකිරීම් පිළිබඳව අවබෝධයකින් තොරව ඇසට පෙනෙන ඉදිකීරීම් පිළිබඳව සතුටින් ඉපිලී යයි. එහෙත් මේ තුළ වන මූල්‍ය වංචා පිළිබඳව සහ මේ මහපොළොවට යටවන ධනය තමන්ගේ බදු මුදල්වලින් අයවන බව මේ ජනතාවගෙන් දන්නේ අතලොස්සකි. ජනතාව ණයකරුවන් බවට පත් කරමින් සිරිසේන පවුල නඩත්තු කිරීමට ජනතාවට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රාජපක්ෂ පවුල නඩත්තු කළ ආකාරයටමය. ජනතාවට ප්‍රතිලාභ ලෙස ඉතිරිවන්නේ පාරවල් සහ ගොඩනැගිලි පමණි. එහෙත් ජනතාවගේ ජීවිතවල සහ ආර්ථිකයේ සංවර්ධනයක් වෙනුවට සිදුවන්නේ ණයකරුවන් බවට පත්වීමය.

අපේ රටේ ඉතිහාසයේ සිට පාලකයන් කළේ මේ විනාශයය. රණසිංහ ප්‍රේමදාස ගම් උදාව යැයි කියමින් ජනතා ධනය වියදම් කරමින් තැනින් තැන තමන්ගේ උපන්දිනය පදනම් කොටගෙන බාල් නැටුවේය. එහිදී කළ ඉදිකිරීම් වල සැබෑ තත්ත්වය ජනතාවට අවබෝධ වූයේ එම ගොඩනැගිලි දිරාපත් වෙමින් හරක් මඩු බවට පත්වීමෙන් පසුවය. රාජපක්ෂ පාලනයේදීද කළේ ඒ ටිකමය. ඔවුන්ද කළේ ඉදිකිරීම්ය. දැන් සිරිසේන පාලනය විසින් කරමින් පවතින්නේද ඉදිකිරීම්ය. මේ ඉදිකිරීම්වලට යටවන ධනය පිළිබඳව කිසිසේත්ම විගණනයක් සිදු කළ නොහැකිව පවතී. ඒ අනුව මේවා යට සිදුවන අතයට ගනු දෙනු සහ මූල්‍ය වංචා බහුලය. පාලකයන් තම තමන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ට මුදල් හම්බ කිරීමේ මාර්ගයක් ලෙස මෙය භාවිතා කරන්නේ ඒ නිසාවෙනි.

එක් පවුලක සාපයෙන් මේ රට ගලවා ගත් ප්‍රගතිශීලී ජනතාව තවත් පවුලක සාපයකට මේ රට යටත් කිරීමට කිසිදු සූදානමක නොසිටියේය. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂ මග අනුගමනය කරමින් අද කරමින් සිටින්නේද පවුලක නඩත්තුවකි. දහම් සිරිසේන. චතුරිකා සිරිසේන පොළොන්නරුවේ බලය පතුරමින් සිටින බව පෙනී යයි. ජනාධිපති සිරිසේනට තවදුරටත් බලය පිළිබඳව සිතිය හැකි තත්ත්වයක නොමැත. එහෙත් දහම් සිරිසේන හෝ චතුරිකා සිරිසේනගේ අනාගතය නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තිබේ. ඔහු මේ පොළොන්නරුව පදනම් කරගනිමින් කරමින් සිටින්නේ ඒ දීර්ඝ කාලීන සැලසුම විය හැකිය. ජනතාවගේ බදු මුදලින් ජනතාව ණය කාරයන් කරමින් පවුල් නඩත්තු කළ පාලකයන්ට මේ රටේ ජනතාව උරුම කරදුන් ඉරණම මෛත්‍රීටද අදාළ බව පමණක් අපි දනිමු.

එස්. කේ. ගමගේ

හම්බන්තොට වරාය චයිනා හාබර් සමාගමට විකුණා දැමීමට තක්සේරු කළ වටිනාකම වූ ඩොලර් මිලියන 1,100ක මුදලටත් වඩා ඩොලර් මිලියන 102ක් අඩුවෙන් ලැඛෙන බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය වී තිබේ.

හම්බන්තොට වරාය ඉදි කිරීමට මෙරට රජය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැරූ මුදලට අමතරව චයිනා එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 1,300ක ණය මුදලක් ගෙන තිබිණි. නමුත්, එම වරාය චයිනා හාබර් සමාගමට විකිණීමේ දී එම සමාගම විසින් තක්සේරු කර ඇත්තේ, ඩොලර් මිලියන 1,100කටය. එසේ තිබියදීත්, වත්මන් ආණ්ඩුව එය විකුණන ලද වටිනාකම ඩොලර් මිලියන 973.65 (ඩොලර් 97,36,58,000)ක් වූ මිලකටය. එය ද රජයට එකවර නොව වාරික කිහිපයකින් ලැඛෙන පරිදිය.

වාරික වශයෙන් මුදල් ලබා ගැනීමට ද ආණ්ඩුව ඉටු කළ යුතු අලූත් කොන්දේසි චයිනා හාබර් සමාගම විසින් පනවමින් සිටී. හම්බන්තොට වරාය ආශ්‍රිත භූමියේ පිහිටා තිඛෙන විදුලිබල මණ්ඩලයට අයත් සුළං විදුලි බලාගාරය ඉවත් කරගෙන යාමට නියෝග කර තිබීම නිදර්ශනයක්ය.

එවැනි කොන්දේසි ඉදිරිපත් කරමින්, වාරික කිහිපයක දී මුදල ලබා දීමට අමතරව රාජ්‍ය භාගය යනුවෙන් හැඳින් වූ ඩොලර් ලක‍ෂ 75ක් අවුරුදු විසිපහක දී ගෙවීමට නියමිත වී ඇත. මේ අනුව මෙම වරාය විකිණීමෙන් එය ඉදි කිරීමට ලබා ගත් ඩොලර් මිලියන 1,200ක ණය සමඟ සසඳන විට ඩොලර් මිලියන 318.9ක් හෙවත් රුපියල් මිලියන 50,000ක පමණ මූල්‍ය අපරාධයක් සිදු කර ඇත.

ප්‍රියදර්ශන දයාරත්න

ඒකාබද්ධ විපක්‍ෂයට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දීලා. අද ඔවුන් තමන්ට විපක්‍ෂ නායකකම නොලැබීම පිළිබඳ අඳෝනා කියනවා. විපක්‍ෂ නායකකම දෙන්නෙ කාට ද කියන එක තරමක ප්‍රශ්නයක්. මේ පිළිබඳ එක එක අය විවිධ කතා කියනවා. හැත්තෑව දහයට වැඩි ද වගේ කතා එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ඒ කතාව වලංගු වෙන්නෙ විපක්‍ෂ නායකකම දෙන්න ඕන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරනව නම් පමණයි. එහෙම කතාවක් ස්ථාවර නියෝගවල තියෙනවා ද?

පනස් දෙකේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයටත් ඇන් ඇම්ගෙ සමසමාජ පක්‍ෂෙටත් ලැබුණෙ එක ම ආසන සංඛ්‍යාවක්. ඇන් ඇම් කැමති වුණා ශ්‍රී ල නි පක්‍ෂයට විපක්‍ෂ නායකකම දෙන්න. විපක්‍ෂ නායකකම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරන ක්‍රමයක් සකස් කර ගන්නව නම් මේ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. එහෙත් එය එක වරම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය. අද සංධානයේ ලේකම් මහින්ද අමරවීර. ඔහු තමයි 2015 මැතිවරණය දවස්වලත් සංධානයෙ ලේකම්. ඔහු අද ඉන්නෙ ආණ්ඩුවේ. හරියට පැහැදිලි නැති වුවත් ඊනියා ජාතික ආණ්ඩුව එ ජා පක්‍ෂය හා සංධානය එකතු වී නිර්මාණය වූ දෙයක්. බැරිවෙලාවත් එය ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ඇති වූවක් නම් එය නීත්‍යානුකුල නැහැ. ඒ ශ්‍රි ල නි පක්‍ෂයක් අද පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නෙ නැති නිසා. කවුරු හරි ඒ ගැන හොයලා බලනවා නම් හොඳයි.

අනෙක් අතට ඒ ගිවිසුම ඇති වුණෙ සංධානය හා එ ජා ප අතර නම් ඒ ගිවිසුම අදටත් වලංගු ද යන්න ප්‍රශ්නයක්. එය අවුරුදු දෙකකට පමණක් ඇති කර ගත් එකක් ද? එහෙත් මේ ප්‍රශ්නවලින් නිරාකරණය වෙන්නෙ ඊනියා ජාතික රාජ්‍යය වලංගු ද යන්න පමණයි. අද කොහොම නමුත් ආණ්ඩුවක කොටස් කාරයන් ලෙස සංධානය ඉන්නවා. එය තීරණය කරන්නෙ සංධානය මිසක් ඒකාබද්ධ විපක්‍ෂය නො වෙයි.

සංධානය ඒ ගැන තීරණයක් ගන්නෙ කොහොම ද කියන එක ඊළඟ ප්‍රශ්නය. එය තීරණය කරන්න පුළුවන් සංධානයෙ ව්‍යවස්ථාව කියවලා. සංධානය කියන්නෙ පක්‍ෂ කිහිපයක එකතුවක්. එහි ශ්‍රී ල නි පක්‍ෂය මෙන් ම මහජන එක්සත් පෙරමුණ වැනි පක්‍ෂ ද තියෙනවා. සංධානය ආණ්ඩුවෙ කොටස් කාරයකු වීමට සංධානය ලෙස රැස් වී තීරණයක් ගත්තා ද කියන එක ප්‍රශ්නයක්. මා දන්නේ නැහැ සංධානය එවැනි තීරණයකට එළඹුණා නම් ඒ කෙළේ කෙසේ ද යන්න.

සංධානය එවැනි තීරණයක් ගෙන නැත්නම්, එහි දී සංධානයේ ශ්‍රී ල නි ප හැරෙන්න අනෙක් පක්‍ෂ විමසා නැත්නම් එහි ප්‍රශ්නයක් තිබෙනවා. මා සඳහන් කරන්නේ ඊයේ පෙරේදා විපක්‍ෂ නායකකම ලැබිය යුත්තේ කාට ද කියන එක තීරණය කිරීම පමණක් නො වෙයි. මුලින් ම එ ජා ප සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීරණයත් ගැනයි.

මෙහි යම් වංචාවක් ඇති බව පැහැදිලියි. ඊනියා ජාතික ආණ්ඩුව පිහිටෙව්වෙ සංධානය ද ශී ල නි පක්‍ෂයද? අදාළ ගිවිසුම සොයා ගන්න පුළුවන් ද? ශ්‍රී ල නි පක්‍ෂයට ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. අද පර්ලිමේන්තුවෙ ශ්‍රී ල නි පක්‍ෂය නියෝජනය වන්නෙ නැහැ.

එමෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය වන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන පක්‍ෂයක් නොවෙයි. එය මැතිවරණ කොමිසමේ ලියා පදිංචි වෙලා නැහැ. ඒ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ එ ජා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරුන් ලෙස. මේ දේශපාලන පක්‍ෂ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළත් පක්‍ෂවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පක්‍ෂවල නායකයන් හා ලේකම්වරු ක්‍රියා කරන්නෙ ව්‍යවස්ථානුකූල ඒකාධිපතියන් ලෙස.

ඒකාබද්ධ විපක්‍ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා ද? ඒක මන්ත්‍රීවරුන්ගෙ එකතුවක්. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ ඊනියා නායක රැස්වීම්වලට ජී එල් පීරිස්, බැසිල් රාජපක්‍ෂ, තිස්ස විතාරණ වැනි අයත් සහභාගි වෙනවා. එහෙම කරන්නෙ මොන ව්‍යවස්ථාවක් යටතේ ද? ඒ මදිවට ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක කෙනකුත් ඉන්නවා. මන්ත්‍රීවරුන්ගෙ සංසදයකට ජාතික සංවිධායකයකු අහවල් දේකට ද? ඔහු පත් කරලා තියෙන්නෙ ව්‍යවස්ථාවකට එකඟව ද?

ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්නෙ අවුලක. මෙයට මූලික හේතුව 2015 අගෝස්තු මැතිවරණයට ඔවුන් සංධානයෙන් ඉදිරිපත් වීම. එදා අප වෙන ම පක්‍ෂයකින් තරග කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවෙ ජී එල් පීරිස්, ඩලස්, බන්දූල විමල් වැනි අය අප කී දෙය දේශපාලනය නොදන්න අයගෙ ඉල්ලීමක් හැටියට සලකලා අලුයම ලූ කෙළ පිඬක් සේ සලකා ඉවත දැම්ම. ඒ විද්වත් තීරණය සමග බැසිලුත් හිටියා.

එදා වෙන ම පක්‍ෂයක් ලෙස තරග කළා නම් සමහරවිට මහින්ද අගමැති වෙන්නත් ඉඩ තිබුණා. එහෙම නැතත් විපක්‍ෂ නායක වෙන්න තිබුණා. අද ඒ එකක්වත් නැතිව අමරවීර හා කරු ජයසූරිය පස්සෙ මැසිවිලි කියමින් යනවා.

~~කාලය~~

Published on: Aug 11, 2018- “මම ආනන්ද ජයසුන්දර සහ ඔහුගේ බිරිඳ වන චාන්දනී සමඟ කටයුතු කළේ ළඟ මිතුරන් ලෙස. අපේ හිතවත්කම ඉතාම ඉහළින් තිබුණා. ආනන්ද ජයසුන්දර අශෝක් අබේසිංහ මහත්තයගෙ සම්බන්ධීකරණ ලේකම්වරයා අපේ හිතවත්කම නිසා මම ලක්ෂ 20ක් දුන්නා. මගේ ගේ මාස දෙකකට එයාලට දුන්නා. දැන් මට සල්ලිත් නෑ. ගේත් නෑ. මට බරපතළ විදිහට පහර දීලා තුවාල කළා. මගේ සියලු දේ නැති කළා. බොහොම ළඟින් ඇසුරු කරපු මනුස්සයෙක් මෙහෙම අපරාධයක් කරයි කියලා මම විශ්වාස කළේ නෑ…”

මෙය චිත්‍රපටයක දෙබසක් නොවේ. ටෙලි නාට්‍යයක දෙබසක් ද නොවේ. මෙය දැඩි අසාධාරණයකට ලක් වූ කාන්තාවකගේ හැඟීම්බර කතාවක කොටසකි. ඇය කුරුණෑගල අලුත් මල්කඩුවාවේ පදිංචි ගම අධිකාරී මුදියන්සේලාගේ ජයවතී සෝමලතාය. ඇයගේ කතාව බරපතළ හෙළිදරවු කිරීමකි.

ඇයගේ නිවස සහ මුදලින් ලක්ෂ 20ක් මේ වන විට ආනන්ද ජයසුන්දර නම් තැනැත්තෙකු වංචා කොට ඇය මඟහරිමින් සිටින බව ඇය පවසන්නී ය.ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ආනන්ද ජයසුන්දර නැමැත්තාට මේ බරපතළ මූල්‍ය හා දේපොළ වංචාව පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. සෝමලතා මහත්මියගේ කතාවේ සාරාංශය මෙයයි. සෝමලතා මහත්මිය සහ ආනන්ද ජයසුන්දර හා ඔහුගේ බිරිඳ ඉතාමත් ළඟ හිතවත්කමකින් යුක්තව සිට ඇත. සෝමලතා මහත්මිය වසර 23ක් කුවේට් දේශයේ රැකියාවක නිරත වී ඇත. ඒ කාලය තුළ ලංකාවට පැමිණි අවස්ථාවන් හි දී මේ පවුල සහ ඇය අතර ළෙන්ගතුකම් වර්ධනය වී ඇත. ළෙන්ගතුකම් කොතරම් ද යත්, ආනන්ද ජයසුන්දරට පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා මාස දෙකකට නැවතීමට ගෙයත්, රුපියල් ලක්ෂ 20කුත් ලබා දී ඇත. කෙසේ වෙතත්, මේ වන විට ආනන්ද ජයසුන්දර ඒ සියල්ල බලෙන් අත්පත් කරගෙන මඟහරිමින් ද සිටී. මේ කතාවේ සාරාංශයයි.

ආනන්ද ජයසුන්දර නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සේ ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල ප්‍රාදේශීය සභාවට බමුණාවල කොට්ඨාසයෙන් තරග කොට පරාජයට පත් වූ අයෙකි. ඔහු කුරුණෑගල මීගමු පාරේ අලුත් මල්කඩුවාවේ පදිංචිව සිටී. මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කරන බැවින්, ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ පදිංචියට සහ මැතිවරණ කාර්යාලයක් පවත්වා ගැනීමට ඉඩකඩ මඳ බැවින්, අදාළ කාන්තාවගෙන් ඇයගේ නිවස මාස දෙකක පාවිච්චිය සඳහා ලබාගෙන ඇත. ඒ අතර ආනන්ද ජයසුන්දර නමැත්තා සෝමලතා මහත්මියගෙන් ලක්ෂ 20ක මුදලක් ලබාගෙන ඇත. මේ මුදල ලබා දී ඇත්තේ සෝමලතා මහත්මිය සතුව පැවැති ‘ඇලියන්’ වර්ගයේ මෝටර් රථය (භඋ ණූ – 0691) ෆිනෑන්ස් ආයතනයකට උකස් කිරීමෙනි. ඊට අදාළ ලියකියැවිලි සියල්ල ඇය සතුව පවතී. ආනන්ද ජයසුන්දර නමැත්තා මේ උකස් කිරීමට මඟ පෙන්වා ඇති අතර, ඊට තමාගේ හෝ තම පවුලේ අයෙකු සම්බන්ධ නොකිරීමට ද වගබලාගෙන ඇත්තේ යටි අරමුණක් සහිතව බව මේ වන විට පෙනී ගොස් තිබේ. රුපියල් ලක්ෂ 20 ලබා ගැනීමෙන් පසුව දින 15ක් 20ක් ඇතුළත ගෙවන බවට ද ඔහු පොරොන්දු වී ඇත. ඇය ලීසිං කර ලබාගෙන තිබූ මෝටර් රථය ගෙවා නිම කිරීමට මාස හයක් තිබිය දී මෙසේ නැවත උකස් කළ බව ඇය කියන්නී ය. ලබා ගත් රුපියල් ලක්ෂ 20 සඳහා ඇය මාසිකව රුපියල් 45,000.00ක පොලී ගෙවිය යුතුව ඇත. මේ වනවිට එය ගෙවීම පවා ඇයට ගැටලුවක් බවට පත්ව ඇති බව පවසන්නී ය.

ආනන්ද ජයසුන්දර නමැත්තාට අදාළ මුදල සහ ගෙය ලබා දීමෙන් පසුව නැවත කුවේට් දේශයේ රැකියාවට ගිය සෝමලතා මහත්මියට මාස තුනක් ගත වූ පසුව ද මුදල් හෝ නිවස ලබා දීමට ඔහු ක්‍රියා කර නොමැත. ඒ නිසාම නැවත සෝමලතා මහත්මියට මෙරටට පැමිණීමට සිදුව ඇත්තේ අදාළ ප්‍රශ්නය විසඳා ගැනීමටය. ලංකාවට පැමිණීමෙන් පසුව ආනන්ද නමැත්තාගෙන් අදාළ මුදල ඉල්ලා සිටිය ද, දිගින්දිගටම මඟහැරීමට ඔහු ක්‍රියා කර ඇත. නිවස ලබා දීමට ද ක්‍රියා කර නැත. අනතුරුව මොහුගේ සැබෑ මුහුණ එළියට එන්නේ සෝමලතා මහත්මිය දිගින්දිගටම ණය මුදල සහ නිවස ඉල්ලා සිටීමෙන් පසුව ය. අනතුරුව ආනන්ද නමැත්තා ඔහුගේ සහචරයන් ද සමඟින් අදාළ කාන්තාවට තර්ජනය කිරීම් පමණක් නොව ඇය පදිංචි නිවසට පැමිණ නිවසට පහර දීම් හා අලාභහානි සිදු කර ඇත. එක්තරා දිනක ඇය පදිංචි නිවසට පැමිණ තර්ජනය කිරීම්, පහර දීම් කරද්දි, 119 හදිසි පොලිස් ඇමතුම් අංශයට පැමිණිලි කළ ද, පොලිසියෙන් අදාළ පැමිණිල්ලට පැමිණ නැත.

ආනන්ද නමැත්තාගේ කරදර බාධා කිරීම්, ණය නොගෙවීම සහ නිවස ලබා නොදීම හේතුවෙන් නීතියේ පිළිසරණ පතා යන්නට ඇයට සිදු විය. ඇය පළමුවරට කුරුණෑගල පොලිසියේ පැමිණිල්ලක් කරන්නේ 2018 ජූලි 02 වෙනිදා ය. පැමිණිලි අංකය වන්නේ ඵධඔඊ 393 – 22 ය. දෙවන පැමිණිල්ල පැමිණිලි අංක ඵක්‍ඍ 2574 – 18 යටතේ 2018 ජූලි 18 වෙනිදා සිදු කර ඇත. තුන්වන පැමිණිල්ල ඵක්‍ඍ 2771 – 18 යටතේ සිදු කර ඇත්තේ 2018 අගෝස්තු 01 වැනිදාය.

මෙම අවනඩුව ගැන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහට සහ ඔහුගේ බිරිඳට අදාළ කාන්තාව විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත. ඇමතිවරයා ප්‍රශ්නය විසඳා දෙන බව කීව ද, මේ දක්වා කිසිවක් සිදු වී නැත. එසේ ම ඇමතිවරයා ඇයට උපදෙස් දී ඇත්තේ, ගලේ බණ්ඩාර දේවාලයට ගොස් ආනන්ද නමැත්තාට විරුද්ධව පොල් ගසන ලෙසයි.

ඒ අතර පසුගිය දිනක මෙම කාන්තාව තමාගේ නිවසට ගොස් තිබුණේ තමන්ගේ බඩු රැගෙන ඒමටයි. එහි දී ආනන්ද නැමැත්තා සහ ඔහුගේ සහචරයන් එකතු වී අදාළ කාන්තාවට සහ ඇගේ සහෝදරියකට බරපතළ ලෙස පහර දී ඇත. පසුව රෝහල්ගත වුව ද, ආනන්ද සහ ඔහුගේ බිරිඳ ද රෝහල්ගත වී ඇත්තේ, පහර දුන් බව පවසමිනි. කෙසේ වෙතත්, අපේ රටේ නීතිය අනුව ආනන්ද නමැත්තා අත්අඩංගුවට ගත යුතු වුව ද, සිදු වී ඇත්තේ, ජිප් රථයේ දමාගෙන ගොස් සවස නැවත නිදහස් කිරීමයි.

මේ සිදුවීම රටේ සිදු වන සිදුවීම් අතුරින් එක් සිදුවීමක් පමණකි. දේශපාලන බලය අතට ගෙන ක්‍රියාත්මක වන පුද්ගලයෝ නීතිය තමන්ගේ යැයි සිතති. අපේ රටේ ඉහළ සිට පහළට දේශපාලනඥයන් තමන්ගේ ගැත්තන් ආරක්ෂා කරන්නේ ඉතාමත් පිළිකුල්සහගත ආකාරයෙනි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවට සෘජුව වගකිව යුතු අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරයි. මහින්ද උදයංග වීරතුංග ආරක්ෂා කරයි. මෛත්‍රී තම දේශපාලන සගයන් ආරක්ෂා කරයි. තත්ත්වය එසේ වෙද්දී අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ආරක්ෂා කිරීම අරුමයක් නොවේ. අමාත්‍යවරයා ද සිහි තබා ගත යුතු යමක් ඇත. තමන් වෙනුවෙන් පෙනී සිටි තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැය කළ තමන්ගේ පාක්ෂිකයෙක්, විශේෂයෙන්ම අමාත්‍යවරයා වෙනුවෙන් ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට තමන්ගේම මෝටර් රථය නිර්ලෝභීව ලබා දුන් කාන්තාවක් තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අතින් අසාධාරණයකට ලක් වෙද්දී, ඇය අතහැර තමාගේ එකා වෙනුවෙන් පෙනී සිටීම ඉතාමත් නිර්ලජ්ජිතය.

මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී නහුතයක් පොරොන්දු ජනතාවට ලබා දුන්නේ යහපාලනයක් ස්ථාපිත කරන බව ද කියමිනි. අශෝක් අබේසිංහ යනු එසේ කී ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. තමන්ගේම පාක්ෂිකාවකට මෙසේ වන්නේ නම්, අනෙක් පාක්ෂිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන පිළිවෙත සිතා ගත හැකි ය. මෙය කිසිසේත්ම යහපාලනය නොවේ. නීතිය ක්‍රියාත්මක වීමේ දී විවිධ කොමිෂන් සභා නිර්මාණය වී තිබුණ ද, මේ සිදුවීම් හරහා යළි යළිත් තහවුරු වන්නේ අදාළ කොමිෂන් නමට පමණක් පවතින ඒවා බව ය. කුරුණෑගල දී මේ අත්දකින දේ වෙනත් ප්‍රදේශයක දී වෙනස් ආකාරයකින් දැක ගත හැකිය. දේශපාලන බලය තමන්ගේ පටු වුවමනාවන් වෙනුවෙන් භාවිත කොට ජනතාව තළා පෙළා දමන්නේ නම්, එවන් පාලනයන්ට, එවන් පාලකයන්ට ජනතාව නිසි පිළිතුරක් ලබා දෙනු ඇත. සෝමලතා මහත්මිය මේ රටේ සාමාන්‍ය පුරවැසි පන්තියට අයත් කාන්තාවකි. අශෝක් අබේසිංහලාගේ දේශපාලන ගැත්තන්ට තව දුරටත් මෙවන් නිහීන, තුච්ඡ ක්‍රියාවන්හි නිරත වීමට ඉඩ දිය යුතු නැත. රටේ වගකිව යුත්තන් වහා මෙයට සාධාරණය ඉටු කළ යුතුය. ජනාධිපති සිරිසේන කාන්තාවන් ගැන කතා කරන්නේ මහ ඉහළිනි. මේ දිනවල රනිල් වික්‍රමසිංහ අගමැති ද කාන්තාවන් ගැන මහ ඉහළින් කතා කරයි. එය ජනතාව මුළා කිරීමට නොවේ නම්, වහාම මේ සිද්ධියේ දී මැදිහත් වී ඇයට සාධාරණය ඉටු කළ යුතුය. රනිල්ලා, මෛත්‍රීලා මේ දේශපාලන ගැත්තන්ට එරෙහිව ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස නොකරමු. එය එසේ වුව ද, මේ පිළිබඳව අපි දිගින්දිගටම රටටත්, ජනතාවටත් සත්‍යය හෙළිදරවු කරමු. මේ දේශපාලන ක්‍රමය තුළ ඇමති බලතල අතට ගත් දේශපාලන ගහලයන්ගෙන් තමන් සුරක්ෂිත නොමැති බව ජනතාවට නැවත වතාවක් සිතීමට බල කරන සිදුවීමක් ලෙස මෙය අර්ථකථනය කළ හැකිය. මේ පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමකින් තොරව සෝමලතාලාට සාධාරණයක් ඉටු වේ යැයි අපි මොහොතකටවත් නොසිතමු.

(ආනන්ද ජයසුන්දර නම් අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට අපි දුරකථනයෙන් කතා කොට අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු විමසුවෙමු. ඔහු ප්‍රකාශ කලේ තමාට චොදනා කරන කාන්තාව පවසන්නේ සත්‍ය නොවන බවත් මෙම නිවස තමාගේ බවත්, එසේම ඇය තමාගෙන් මුදල් රු. ලක්ෂ 50ක් ගෙන නොදී සිටින බවත්ය. එහිදී අප ඔහුගෙන් විමසා සිටියේ අදාළ ඉඩමේ ඔප්පු අංකය ලබා දීමට හැකිද යන්නයි. එය ලබාදිය හැකි බව ඔහු ප්‍රකාශකල නමුත් පසුව තමාගේ නීතිඥයා තමන්ට කිසිවක් මාධ්‍යයට ලබා දීම නොකරන ලෙස දන්වා ඇති බව ප්‍රකාශ කලේය.)

එස්. කේ. ගමගේ (ඉරිදා ලංකා )

Published on: Aug 10, 2018 – වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් අත්පත් කර ගැනිම සදහා සිය හෙංචයියන් මෙහෙයවු එම්මානුවෙල්ලාගේ අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග කොළඹ ග්‍රෙගරි පාරේ රුපියල් බිලියන 1.4කට අධික වටිනාකමින් යුත් නිවසක් සහිත දේපළක් කොල්ල කෑම සදහා දියත් කල මෙහෙයුමක් අසාර්ථක විමත් සමග එම දේපළ හිමිකරුවන්ට තර්ජනය කරමින් සිටින බව කොළඹ අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.

එම්මානුවෙල් අමරතුංගට ගැහැනුන් සපයන චින කටු අනින්නේකු ලෙස පෙනී සිටින ජොන්ගේ සමිපතම හෙංචයියෙකු වන ප්‍රසාද් දේවප්‍රිය නැමත්තා ඉතාම සුක්ෂම ආකාරයෙන් යොදවා ගනිමින් බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ, සල්පිටි කෝරළයේ, පල්ලේ පත්තුවේ, කොළඹ මහ නගර සභා සීමාවේ, කොළඹ (තිඹිරිගස්යාය)ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, සිනමන් ගාර්ඞ්න් ග‍්‍රාම නිළධාරී කොට්ඨාශයේ, සිනමන් ගාර්ඞ්න් හි 9 වන කොටසෙ හි ග්‍රෙගරි මාවතේ, වරිපනම් අංක 14 හි පිහිටි 1969. 12. 12 දිනැති අංක 1619 දරන පිඹුරෙහි ග්‍රෙගරි පාරේ වරිපනම් අංක 12/1 දරන දේපළද වන රූඞ් එකයි පර්චස් තිස් එකයි දශම හතයි පහක් (අ: 0 රූ:1 පර්: 31.75) ක් විශාල ඉහත පිඹුරු අංක 1619 කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ හිමිකම් වෙළුම/පත්තිරු අංක E 102/37 හි ලියාපදිංචි කර ඇති රුපියල් බිලියන 1.4කට වඩා වටින ඉඩම හොරෙන්ම අත්පත්කර ගැනිමට කටයුතු කර තිබේ.

එම්මානුවෙල් අමරතුංගේ චින කටු අනින්නා වන ප්‍රසාද් දේවප්‍රිය නැමත්තා එම නිවසේ කොටසක් පසුගිය ඔක්තෝබර් මස කුලියට ගෙන ඇති අතර පසුව සුක්ෂම ආකාරයට එම ඉඩමට අදාල හොර ඔප්පුවක් හරහා මුදල් ගෙව ඉඩම ලබගැනිමට කටයුතු කර ඇත්තේ ඒ වනවිටත් එම නිවසේ හිමිකාරිත්වය දරමින් සිටි 77 හැවිදිරි මහලු හිමිකරු රවට්ටමින් වන අතර කොළඹ දිසා අධිකරණයට නඩුවක් ගොනු කරමින් කොළඹ 07 අංක 14, ග්‍රෙගරි පාරේ පදිංචි ශිරාණි නීලකාන්ති ෆර්නෑන්දු සහ විමල්සෙන් හියනිරිඳු ෆර්නෑන්දු අදාළ දේපළ යලි පවරා දෙන ලෙස ඉල්ලා තිබේ.

එම්මානුවෙල් අමරතුංගගේ සම්බන්ධය …..

අදාළ නඩුව ගොනු කිරිමෙන් අනතුරුව නීතිඥවරයෙකු පෙරේදා (07)වැනිදා කොළඹ 07 අංක 14, ග්‍රෙගරි පාරේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදි එම නිවසට ඇතුල් විම වලක්වමින් මැරයන් 10දෙනෙකු පමණ නීතිඥවරයාට බලපෑම් කර ඇති අතර පසුව නීතිඥවරයා තමන්ට ඇති අයිතිය පෙන්වමින් ඇතුල් වි ඇති අතර ඒ වනවිට අදාළ නිවසේ මහලු හිමිකරු සමග ජොන් අමරතුංග සාකච්ඡා කරමින් සිට තිබේ.පසුව නීතිඥවරයා නිවසේ හිමිකරුගෙන් ප්‍රශ්ණ කිරිමට කටයුතු කිරිමත් සමග ඔහුට අමරතුංගගේ මැරයන් අවහිර කර ඇති අතර ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරිමට තල්ලු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට අදාළ නීතිඥවරයා විසින් පැමිණිල්ලක්ද දමා තිබේ.

පැමිණිලිකරුවන් විසින් කියා සිටින්නේ විත්තිකරුවන්ගේ පූර්ව ක‍්‍රියාකාරකම් සහ වාර්තා පිළිබඳව සළකා බැලීමේදී සහ විශේෂයෙන්ම විත්තිකරුවන් විසින් සහ ඔවුන්ගේ නියෝජිතයන් විසින් සිදුකරන ලද කරන ලද තර්ජන සහ බාධා අවහිර කිරීම් සැලකිල්ලට ගැනීමේදී විත්තිකරු විසින් සහ/හෝ විත්තිකරුගේ නියෝජිතයන් සහ/හෝ සේවකයින් විසින් කූට ලෙස සකසන ලද ලේඛන පදනම් කරගෙන අයුතු ලෙස පහත උපලේඛනයේ සදහන් ප‍්‍රස්තූත දේපළට ඇතුළු වී පැමිණිලිකරුවන් සහ/හෝ පැමිණිලිකරුවන්ගේ සේවකයන් සහ/හෝ නියෝජිතයන් බලහත්කාරයෙන් පළවාහැර දේපළෙහි සංතකය සහ පාලනය බලහත්කාරී සහ අනීතික ලෙස පැහැර ගැනීමේ බරපතළ අවධානමක් ඇති බවත් එසේ විත්තිකරුවන් විසින් දේපළෙහි හිමිකම සහ සංතකය පැහැර ගතහොත් පැමිණිලිකරුවන්ට මුදලින් පිරිමැසිය නොහැකි බරපතල අප‍්‍රහතිකාර පාඩුවක් සහ අලාභයක් සිදුවන බවත් ය.

වර්ෂ 2018 අගෝස්තු 6 වන දින සිදුවූ සිද්ධි දාමය

>පැමිණිලිකරුවන් ප‍්‍රකාශකර සිටින්නේ ඉහත කී කූට ලේඛන වලට එරෙහිව පැමිණිලිකරුවන් විසින් වර්ෂ 2018 අගෝස්තු 6 වන දින අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකල බවත් එකී පැමිණිල්ල ඉහත පැ. 9අ ලෙස ලකුණුකර ඇති බවත් ය.

>එදින සවස් වරුවේ 1 වන විත්තිකරු විසින් කුළියට ගෙනෙන ලද පෞද්ගලික ආරක්ෂක සමාගමක කණ්ඩායමක් 1 වන විත්තිකරුගේ අනුදැනුම මත ප‍්‍රශ්ණගත දේපළට බලහත්කාරයෙන් ඇතුළුවී එහි ගේට්ටු සියල්ල වසා දමා කිසිදු පුද්ගලයකුට එකී දේපළ තුළට ප‍්‍රවේශ වීම වැළැක්වීමට කටයුතු කර ඇත.

>ඒ අනුව පැමිණිලිකරුවන් විසින් යොදවා පෞද්ගලික තිබූ ආරක්ෂක නිළධාරීන්ටද පැමිණිලිකරුවන්ව හමුවීමට පැමිණෙන වෙනත් පුද්ගලයින්ටද විෂය වස්තුවට ඇතුල්වීමද පැමිණිලිකරුවන්ට විෂය වස්තුවෙන් බැහැරවීමටද ඉඩ ලබා නොදී මෙකී ආරක්ෂකයන් විසින් සම්පූර්ණ ප‍්‍රවේශය අවහිර කරන ලද බවත් ප‍්‍රකාශ කර සිටී.

>පසුව පැමිණිලිකරුවන් විසින් දුරකථන මාර්ගයෙන් ඔවුන්ගේ නීතිඥවරයා වෙත මේ බව දන්වා සිටි අතර ඉන්පසුව පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයාද සවස 7ග 00 ට පමණ පැමිණිලිකරුවන්ව මුණ ගැසීමට ප‍්‍රශ්ණගත දේපළට පැමිණි බවත් එනමුත් ආරක්ෂකයන් විසින් පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයාටද දේපළ තුළට ප‍්‍රවේශවීම වැළැක්වූ බවත් ප‍්‍රකාශකර සිටී.

>කෙසේ වෙතත් පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයා විසින් ආරක්ෂකයන් සමග සාකච්ඡාකර දේපළ තුලට ප‍්‍රවේශවීමට අවස්ථාව සළසා ගත් බවත් එවිට එකී දේපළතුල සිටි 1 වන විත්තිකරු විසින් බදු පදනම මත මෙකී දේපළෙහි ලබාගෙන තිබෙන කොටසින් කාමරයක් අතුරු බදු ගෙන සිටින ජෝන් අමරතුංග අමාත්‍යවරයා ඉදිරියට පැමිණ පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයාට පැමිණිලිකරුවන්ව මුණ ගැසීමට අවස්ථාව අවහිර කරමින් බලහත්කාරකම් කළ බවත් ප‍්‍රකාශකර සිටී.

>ඉන් පසුව පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයා තමන්ට තම සේවදායකයන් වෙනුවෙන් පෙනී සිටීමට බාධා අවහිර කරමින් ඇමතිවරයා 1 වන විත්තිකරු ඇතුළු ආරක්ෂකයන් පිරිස කටයුතු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිස් ස්ථානයට එදිනම රාත‍්‍රි කාලයේ පැමිණිල්ලක් ගොණුකල බවත් ප‍්‍රකාශකර සිටී.

>(ඒ බව සනාථ කිරීම සඳහා පැමිණිලිකරුවන්ගේ නීතිඥවරයා විසින් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලේ ලදුපතෙහි සත්‍ය පිටපතක් පැ. 15අ ලෙසද පැමිණිල්ලේ සත්‍ය පිටපතක් පැ. 15ආ ලෙසද එකී සිද්ධිය පිළිබඳව සනාථ කරමින් නීතිඥවරයා විසින් ලබාදුන් දිවුරුම් ප‍්‍රකාශයේ සත්‍ය පිටපතක් පැ. 15ඇ ලෙසද ලකුණු කර මේ සමග ඉදිරිපත් කර අයැද සිටී.)

එම්මානුවෙල් අමරතුංගට ගැහැනුන් සපයන චින කටු අනින්නා දේපළ හොරෙන්ම ලියාගෙන් බුකියේ පොර ටොක් දුන් හැටි… 

http://198.211.112.164/archives/16068

http://198.211.112.164/archives/17807

Top