Published on: Aug 9, 2018 – හිගන්නෙකු ලෙස ජිවත් වෙමින් සිට, මෛත්‍රීගේ පිහිටෙන් බස්නාහිර පළාත් සබාවේ මහ ඇමතිකමට පත්වු ,නිළකාස හොරෙකු වන ඉසුරු දේවප්‍රිය සහ ශ්‍රිලනිපයේ බස්නාහිර පළාත් සබාවේ නිළකාස හොරු රැල අලුතින් සැදු බස්නාහිර පළාත් සබාවේ ගොඩනැගිල්ල සදහා මන්ත්‍රීවරයෙකු සදහා පුටුවක් වෙනුවෙන් හයලක්ෂ පනස්දහසක්  (650,000.00) බැගින් පුටු 104ක් විදේශ සමාගමකින් මිලදි ගැනිම සදහා ඇනවුම් කර තිබේන බව අනාවරණය වි තිබේ.

Published on: Aug 9, 2018 – අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (08) ලබාදිමට තිබු අභියාචනාධිකරණ තින්දුවට බලපෑම් කරන ලෙස දුෂණ විරෝධියෙකු ලෙස පෙනී සිටින් අන්ත දුෂිතයෙකු වන උලපනේ සුමංගල ඇතුලු භික්ෂූන් වහන්සේලා තිදෙනකු පෙරේදා(07) රාත්‍රීයේ ජනාධිපතිවරයා හමුවි කල ඉල්ලිම ප්‍රතිකේෂ්ප කර දමා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (08) වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් තින්දු කර සිටියා.තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ (08) තින්දුව් සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් මෙන්ම අනිවාර්යයෙන් කලින් ලබාදුන් දඩුවම් ඊට වඩා වැඩියෙන් තහවුරු වන බව දැනසිටි ඥානසාර කලින්ම රෝහල් ගතව ප්‍රතිකාර ලාබ ගැනිමට කටයුතු කල අතර ඒ අතරවාරයේ ඥානසාරගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින දුෂිත උලපනේ සුමංගල තවත් භික්ෂූන් තිදෙනකු සමග ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේන් ඉල්ලා ඇත්තේ අභියාචනාධිකරණ තින්දුවට බලපෑම් කර ඥානසාර හිමියන්ට සහනයක් ලබා දිමට කටයුතු කරන ලෙසයි.

නමුත් එම ඉල්ලිම් එකහෙළාම ප්‍රතිකේෂ්ප කල ජනාධිපතිවරයා පවසා ඇත්තේ “අධිකරණ කටයුතු සම්බන්ධයෙන් තමන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට නොහැකි බවත් …ඒ සම්බන්ධයෙන් තමන් සමග අමනාපයක් ඇතිකර නොගන්නා ලෙසයි.” එසේ පවසා ඇති ජනාධිපතිවරයා හාමුදුරුවන්ගෙන් අවසර ගෙන එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද (8) විවෘත අධිකරණය හමුවේ දන්වා සිටියේය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති ප්‍රිතී පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විවෘත අධිකරණය හමුවේ බව දන්වා සිටියේය.

මේ වන විට උන්වහන්සේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත්, ඊට අදාළව ශල්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිත බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා දැන්වීය.ඒ අනුව අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඥානසාර හිමියන් අපේක්ෂා කරන බවද හෙතෙම අධිකරණයට කීය.

ඊට අදාලව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ අභියචනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම ලබන 29 වැනි දා සිදු කිරීමට නියම කළේය.

දෙමළ ජනතාව මුහුණ පා සිටින ගැටළු විසඳීම හා ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රගතියක් අත් කරගෙන නැති වීම පිළිබඳ කලකිරීම ගැන තමන් මෙන්ම දෙමළ ජනතාව කණගාටුවට පත්වෙන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසා ඇත්තේ ස්විට්සර්ලන්ත අධිකරණ අමාත්‍ය සිමොනෙත්තා සොම්මරුගා ඇතුළු නියෝජිත පිරිසක් ත්‍රිකුණාමලයේදී හමුවූ අවස්ථාවේදි අවධාරණය කර සිටියා.

මානව හිමිකම් නගා සිටුවීමට අදාලව දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ඉකුත් තුන් අවුරුද්දක පාලන කාලය තුලදී රජය සමත්කමක් දක්වා නැති බව පෙන්වාදුන් විපක්ෂනායක වරයා අතුරුදහන් වූවන්, යුද හමුදාව විසින් ඉඩම් අත්පත් කරගෙන සිටීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම, පුනරුත්ථාපනය සහ නිවාස ගැටළු විසඳීම සම්බන්ධයෙන් ද ස්විට්සර්ලන්ත අධිකරණ අමාත්‍යවරිය දැනුවත් කර තිබේ.

රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම කඩිනම් කිරීම සඳහා රජයට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කළ යුතු බව විපක්ෂ නායකයා ස්විස් අධිකරණ අමාත්‍යවරිය ඇතුළු දූත මණ්ඩලයට අවධාරණය කර තිබේ.

රටේ පාලකයන් නිසි මග නොයන්නේ නම් විවේචනය හා සත්‍ය පෙන්වා දීම හරහා ඔවුන් නිසි මගට ගෙන ඒමේ වගකීම පැවරී ඇත්තේ මාධ්‍යයට බවත් සාධාරණ විවේචනය තුළින් මාධ්‍ය ඉටු කරන්නේ තම සමාජ වගකිම මිස පෞද්ගලික එදිරිවාදිකම් පිරිමැසීම නොවන බව ජනාධිපතිවරයා ඇතුළු රජයට පෙන්වා දෙන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ මාධ්‍ය නිදහසට තර්ජනයක්! යනුවෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

රටේ මාධ්‍ය නිදහසට සaජු මෙන්ම වක්‍රව බලපෑම් එල්ල කරමින් සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුල කල ප්‍රකාශයන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු. පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දෙමින් ජනපතිට වන්දිභට්ටකම් කරන පිරිස ඔවුන්ගේ අසමත්කම් වසා ගැනීම සදහා රටේ ජනාධිපතිවරයා, රජයේ ඉහළ නිලධාරින් හා සාමාන්‍ය ජනයා අතර මතයක් නිර්මාණාය කළහ. එම මතය සාධාරණීකරණය කරමින් සමාජ ජාල සහ වෙබ් අඩවි තහනම් කිරිම හෝ අවහිර කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන ගෝත්‍රික නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසංශාව ප්‍රකාශ කර තිබෙන බවට ජනාධිපතිවරයා කළ අසත්‍ය ප්‍රකාශ තවමත් මේ රටේ ජනතාවට අමතක නැත.

රටපුරා මාධ්‍ය නිදහස ලබාදුන් බවට පුරාජේරු කතා කියමින් යන ජනාධිපතිවරයාට තමන්ගේ ගතවුන වසර 3 1/2 ක කාලය තුල වෙබ් අඩවි ගණනාවක් ම ලංකාව තුළ, කිසිදු නීතියකට යටත් නොකර තමන්ගේ සහ තමන්ට වන්දිභට්ටකම් කරන්නගේ වුවමනාව මත අවහිර කර තිබිම අමතක වී තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාට අමතක වු වසර 3කට පෙර අතීතය මතක කර දිම හේතුවෙන් ටීඑන්එල් රුපාවාහිනී පොල්ගහවෙල පිහිටි කුළුන ගලවා ඉවත් කිරිම, ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අනාවරණය කල මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දැමිමට වැනි මාධ්‍ය නිදහසට එරෙහි ක්‍රියාවක් අමතක නම් මතක් කර ගන්නා ලෙසද අපි ජනාධිපතිවරයාට අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම සදහා පිඹුරුපත් සකස්කිරිම ආරම්භ කල සිරිසේන ජනාධිපතිවරයා වර්තමානයේ මාධ්‍යයට අනියමින් තර්ජනය කරමින් අනතුරු අඟවා පවසා සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට අවැසි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ නිර්වචනය වන “ජාතිවාදී ගැටුමක්” හෝ “දුන්න නිදහස වැරදි ලෙස පාවිච්චි කරන බවට අර්ථකථන කරමින්” සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට පියවර ගැනිම නොවේද?

සමාජ ජාලා මෙන්ම අන් කවර වර්ගයක වුවද මාධ්‍යයක් හරහා ජනාධිපතිවරය පමණක් නොව රටේ සෑම පුරවැසියෙකුටම අහිතකර තත්ත්වයක් උදා වන්නේ නම් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට ඇති අයිතියට අප කිසිදු මොහොතක අභියෝග නොකරනු ඇත.

නමුත් රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානීයා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැණවදිමින් තර්ජනය කරන විට ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව නීතිය ඉදිරියට ගිය මාධ්‍යවේදින්ට නීතිය ඉටු නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබියදී රටේ මාධ්‍ය නිදහසක් ඇති බවට මහ උජාරුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කරමින් වුවද සැබැවින්ම ගමන් කරමින් සිටින්නේ පසුගිය වනචර දශකයටම බව ඉතා පැහැදිලිවම පවසා සිටිය යුතුමය.

රටේ පාලකයන් නිසි මග නොයන්නේ නම් විවේචනය හා සත්‍ය පෙන්වා දීම හරහා ඔවුන් නිසි මගට ගෙන ඒමේ වගකීම පැවරී ඇත්තේ මාධ්‍යයට. සාධාරණ විවේචනය තුළින් මාධ්‍ය ඉටු කරන්නේ තම සමාජ වගකිම මිස පෞද්ගලික එදිරිවාදිකම් පිරිමැසීම නොවන බව ජනාධිපතිවරයා ඇතුළු රජයට පෙන්වා දෙන්නෙමු. එසේනම් ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ තමාව විවේචනය කරන මාධ්‍යයන්ගේ නිදහස උල්ලංඝනය කරන බවට වක්‍ර තර්ජනයන් සිදු කිරීම නොව වරදක් ඇති නොවන පරිදි ශක්තිමත් සaජු නායකත්වයකින් රට මෙහෙය වීමය.

එසේනම් මාධ්‍ය වෙත අත තබා නැවතත් පෙර පැවති අවනීතිය රජයන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලංකාවක් නිර්මාණය කරනවා ද යන්න තීරණාය කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වන අතර යහපාලනය අරුත් ගැන්වෙන සේ ඉදිරියේදි ක්‍රියා කරනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙමු.

ස්තූතියි,මෙයට,

චතුරංග ද අල්විස්

සභාපති

හසිත මානන්දුව

ලේකම්

Published on: Aug 6, 2018- පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 2016 වසරේදී මිය ගිය යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ කරුනු දැක්වීම සාවද්‍ය බව පසුගියදා අධිකරණයේදී අනාවරණය වුනා.

එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වන තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් මෙම කරුනු සනාථ කරන්නට සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥවරු සමත්ව තිබේ.

එම මරන පරික්ෂණ වාර්තා අනුව දැක්වෙන්නේ මිය ගිය එක් සිසුවෙකුගේ පපු ප්‍රදේශයට එල්ලවූ රයිෆල් උණ්ඩයක් හේතුවෙන්ද අනෙක් සිසුවාගේ පපුව අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන්ද මරණ සිදුව ඇති බවයි. මෙම වෙඩිතැබීමෙන් මරණයට පත්වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නඩරාජා කජන් සහ විජය කුමාර් සුලක්ෂන්ය. 2016 ඔක්තෝබර් 21 වැනිදා අලුයම යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොකුවිල් ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් ඔවුහු මරණයට පත්ජී වූහ. ඔවුන් ගමන් කළ යතුරුපැදිය අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බවද ඔවුන් මත්පැන් පාලනය කර සිටි බවද එවකට පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

පසුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් රියදුරුවරයෙක් ඇප මත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.මයුරදන් මහතා විසින් මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරණ ලදී. පොලිසිය ඒ දිනවල පැවසුවේ සිසුන් එම අවස්ථාවේ බීමතින් සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන කරුනු අනාවරණය විමෙන් පොලිසිය ව්‍යාජ ලෙස කරුනු දක්වා අධිකරණය නොමග යවා ඇති බව සනාථ විය.

එහි දැක්වෙන්නේ යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන් සිසුවාගේ මරණය සිදුවන විට ඔහුගේ අමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750 ක් පමණ තිබූ අතර මත්පැන් දක්නට නොලැබුණු බවයි. යතුරුපැදිය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේ වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශකළ ද යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන්ගේ පපුවේ තනපුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවත් උණ්ඩය ඇතුළුවූ ස්ථානයේ සෙන්ටිමීටරයක පමණ වට ප්‍රමාණයකින් යුත් සිදුරක් තිබූ බවත් මරණ පිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල 3ක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් 2ක්ද හඳුනාගෙන ඇති බව මීට අමතරව එහි දැක්වේ. යතුරුපැදියේ පසුපස ගමන් කළ නඩරාජා කජන් මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබූ බවත් මත්පැන් පානය කළ බවට හඳුනාගත නොහැකි බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එහි දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල 7ක්ල සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද හඳුනාගත හැකි බවයි. ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන්ගේ මරණය සිදුවී ඇති බවයි.

ඇත්ත කතාව…..

යාපන ශික්ෂණ රෝහල්ආරංචි මාර්ග අනුව වෙඩි වැදුණු සුලක්ෂන් ගේ පපුවට, උදරයට හා හිසට තුවාල සිදුවී තිබිණි. සිදුවීමෙන් මිය ගිය ගජන් යතුරු පැදියෙන් විසිවී හිසට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇත .ඔහුගේ සිරුරේ තිබී වෙඩි උණ්ඩයක් සොයාගත් නමුත් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නොවන බව මරණ පරීක්ෂණයේ සදහන් වෙයි. එම උණ්ඩය සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන හා ගජන්ගේ සිරුරට ඇතුල් වී ඇති බව සොයා ගත හැකි විය.

මෙම හෙලිදරව්ව නිවැරදි නම් අණ නොතකා ගමන් කළ නිසා වෙඩි තැබූ ගියබව කියන කතාව පොලිසිය විසින් සැකසු කතාවක් යැයි සිතීමට තරම් විශාල සැකයක් මතුවෙයි. පොලිසිය සැබවින්ම පලා යන සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබුවානම් ගජන්ට වෙඩි නොවැදී පාපැදිය පැදවු සුලක්ෂන්ට වෙඩි වැදුනේ කෙසේද.සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන එය ගජන්ගේ සිරුරේ වැදුනේ කෙසේද?

එදින එම පොලිස් කණ්ඩායම රාත්‍රී දහයට පමණ කුලප්පිඩි හන්දියට පැමිණි ඇත. උප පොලිස් පරික්ෂක දිසානායක හා සැරයන් පී.එස් ජයවර්ධන සතුව පිස්තෝල දෙකක් හා කොස්තාපල් චන්දන හා ලක්නාමාන්න සතුව ටී56 තුවක්කු තිබුණු බවත් කොස්තාපල් නවරත්න නිරායුදව සිටි බවත් එම පොලිස් නිලධාරීන් කටඋත්තර ලබා දී ඇත.

තරුණ පිරිස් අතර සිදුවන අපරාධ ගැන විමසිල්ලෙන් සිටි බවත් යතුරු පැදි වල යන රස්තියාදු තරුණයන් පිළිබද වැඩි අවධානයකින් සිටි බවත් කටඋත්තරයේ සදහන් වෙයි.රාත්‍රී 11.40ට පමණ තාවඩි හන්දියේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් පණිවුඩයක් ලැබී තිබෙන අතර අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් කුලප්පිඩි දෙසට පැමිණෙන බව ඉන් කියා ඇත.පණිවුඩය ලැබුණ විගස දිසානායක සහ ලක්මාන්න කිහිප දුරක් ඉදිරියට ගිය බවත් අනිත් නිලධාරීන් තිදෙනා වාහනය නවතා තිබූ තැන සිටි බවත් සදහන් වෙයි.

11.45ට පමණ යතුරු පැදියක් පැමිණ ඇති අතර නතරවන ලෙස සඥ්ඥා කළ පසු යතුරුපැදිකරු වේගය බාල කර මද දුරක් පැමිණ නැවත වේගය වැඩි කරමින් සිග්-සැග් අකාරයට පාර පුරා ධාවනය කර ඇතැයි ද කියයි.පොලිස් කොස්තාපල් නවරත්න වෙඩි තබන ලෙස චන්දන ට පවසා තිබෙන අතර උප පොලිස් පරීක්ෂක දිසානායක සහ සැරයන් ජයවර්ධන අණ දී නැතිවත් ඔහු වෙඩි තබා ඇත.වෙඩි වැදී යාර 30ක් පමණ ගොස් යතුරුපැදිය තාප්පයක වැදී පිටුපස ගමන් ගත් පුද්ගලයා විසි වී හිස තාප්පයේ වෑදී ඇති බවත් කටඋත්තරයේ සදහන් වෙයි

යතුරුපැදියේ ගමන්ගත් සිසුන් දෙදෙනා ආයුධ සම්පන්න බව සිතා වෙඩි තබන්නට ඇති බවත් ඔවුන් ආයුධ රහිත බව දැනගැනීමෙන් කලබල වූ පොලිස් නිලධාරීන් ඉන් තමන්ට ප්‍රශ්නයක් ඇති වේයැයි බිය වී සිද්ධිය වසන් කිරීමට ක්‍රියා කර ඇති බව වාර්තා වෙයි.බිම තිබූ හිස් පතොරම් සහ හිස් උණ්ඩ අහුලා සාක්සි විනාශ කිරීමට උත්සහ ගෙන ඇති බවත් ඉන් පසු ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වෙයි.මේ පිළිබද යාපන පොලිස් මූලස්ථානයට ව්‍යාජ වාර්තාවක් ලබා දී ඇති අතර එම වාර්තාව කොළඹ පොලිස් මූලස්ථානයටද එවා ඇත.

සිද්ධිය ඇසින් දුටු කිසිම කෙනෙකු නැති අතර ඒ අසල තිබූ සීසීටීවී කැමරා දෙකක දර්ශන ද පොලිසිය විසින් පරීක්ෂණ සදහා ලබාගෙන තිබේ.

Published on: Aug 5, 2018- ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව මස්තබාල්දු කල බුකී කරුවන්ගෙන් ක්‍රිකට් ක්‍රිඩාව බේරාගනිමින් යලිත් ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන එම සදහා අනූහයේ කණ්ඩායම තීරණාත්මක තීන්දුවක් ගෙන ඇති බවත් ඒ සදහා වු රහසිගත සාකච්ඡාවක් බරකුඩා හෝටලයේ පෙරේදා රාත්‍රියේ පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

(03)වැනිදා රාත්‍රියේ මෙම තීරණාත්මක සාකච්ඡාව සදහා 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගි වි ඇති අතර 96 ලෝක ශූර කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

රොෂාන් මහානාම, අරවින් ද සිල්වා සහ මුත්තයියා මුරලිදරන් සමඟද සන්නිවේදන උපක්‍රම යොදා ගනිමින් ඔවුන් අදහස් හුවමාරු කර ගෙන තිබෙන අතර ඊට අමතරව තවත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් රැසක් එම සාකච්ඡාවට එක්ව ඇතත් ඔවුන් කවුරුන්දැයි අනාවරණය නොකිරීමට අනූහයේ කණ්ඩායම සැලිකිලිමත් වී තිබෙනවා.

මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වුණු මෙම සාකච්ඡාව අවසානයේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවකට එළැඹි බවත් ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

තහවුරු කළ වාර්තාවල තවදුරටත් දැක්වෙන්නේ වත්මන් ක්‍රීඩාවේ තත්ත්වය දීර්ඝව සාකච්ඡාවට ලක් කරමින් ක්‍රිකට් සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාවේදී අනූහයේ කණ්ඩායම තීරණාත්මක තීන්දුවට එළැඹ ඇති බවයි. සාකච්ඡාව අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ කාමරයෙන් එළියට පැමිණි අනූහයේ කණ්ඩායම රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්ව තිබෙනවා.

http://198.211.112.164/archives/18922

Published on: Aug 4, 2018 – විකල්ප ධාරාවේ සමාජ ජාලා YouTube නාලිකාවක් වන SLVLOG හී පලවු වාර්තාවක් පදනම් කරගනිමින් ලංකාවේ සිටින මාධ්‍යවේදීයෙකුගේ දුරකතනයට අමතා තර්ජනය කිරිම සම්බන්ධයෙන් කඩවත පොලිසියට කල පැමිණිල්ල සම්බන්ධයෙන් පැවැත්වු පරික්ෂණයට හෙට පැමිණෙන ලෙස හෙට(05 ඉරිදා) මංගල සමරවිරගේ කුජිත කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූවට කර තිබු කැදවිමට තමන්ට පැමිණිය නොහැකි බව දැනුම් දි තිබේන බව කඩවත පොලිසියේ ප්‍රකාශයෙකු සදහන් කළා.

අද සවස (04) කඩවත පොලිසියට කතා කර ඇති තුසිත පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ අතේ පැලවෙන කෙප්පයකි.එනම් තමන්ට ජනාධිපතිවරයා සමග විශේෂ රැස්විමක් තිබේන බැවින් තමන්ට හෙට(05) සහභාගි විමට නොහැකි වන බවයි. ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ඔහු විසින් ලබාදෙන බවටද ස්ථානාධිපතිවරයාට දැනුම් දි තිබේ.

ජනාධිපතිවරයා සමග රැස්විමක් හෝ ජනාධිපතිවරයා සහභාගි වන කිසිදු රැස්විමක් සදහා තුසිත හල්ලොලූවට සහභාගි විම ජනපති විසින් තහනම් කර තිබෙන බවත් මේ දක්වා ජනාධිපතිවරයා සහභාගි වන කිසිදු නිළ උත්සවයකට හෝ රැස්විමකට තුසිතට සහභාගි වන ලෙසට කිසිදු ආරාධනයක් කර නැති බවද අප දේශපාලන වාර්තාකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසිමක්දි අනාවරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ පවුලේ සමාජිකයන් ඉලක්ක කර මධ පුවත් නිර්මාණය කිරිම හේතුවෙන් තුසිත හල්ලොලූව තනතුරු වලින් පවා ජනපති එලවාදම ඇති අතර මංගලගේ කුණු ශෝධකයෙකු වන තුසිත පසුව මංගලගේ අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩල ප්‍රධානී ලෙස පත්කරගෙන තිබේ.

මංගල සමරවිරගේ කුජිත කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූව SLVLOG මාධ්‍යවේදී වර්ණකුමාර නැමැත්තාට තර්ජනය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි කර  මේ වනවිට සති දෙකකට වැඩි කාලයක් ගත වි ඇති නමුත් මේ දක්වා නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසියට හැකියාව නොලැබි ඇති අතර අසභ්‍ය වචන භාවිතා කරමින් තුසිත් මාධ්‍යවේදීන්ට තර්ජනය කරන අකාරය පැහැදිලිවම හඩපට වල තිබියදි නීතිය ක්‍රියාත්මක කිරිමට නොහැකිවම ගැන යහපාලන පොලිසිය ලැජ්ජා විය යුතුය.

http://198.211.112.164/archives/18772

Published on: Aug 4, 2018- මංගල සමරවිරගේ කුජිත කාර්යය මණ්ඩල ප්‍රධානී හෙවත් “අසභ්‍ය ගොතයා” හෙවත් 8 පාස් නැති නිළ මැස්සෙක් වන තුසිත හල්ලොලූව විකල්ප ධාරාවේ සමාජ ජාලා YouTube නාලිකාවක් වන SLVLOG හී පලවු වාර්තාවක් පදනම් කරගනිමින් ලංකාවේ සිටින මාධ්‍යවේදීයෙකුගේ දුරකතනයට අමතා තර්ජනය කිරිම සම්බන්ධයෙන් කඩවත පොලිසියට කල පැමිණිල්ල සම්බන්ධයෙන් පැවැත්වු පරික්ෂණයට නොපැමිනි නිළ මැස්සා පසුව තමන්ගේ සුපුරුදු මාධ්‍ය භිය ගැන්විමෙ මෙහෙයුම දියත් කර තිබේ.

ලංකාවේ කප්පම් මුදල් එකතු කරමින් ඊන් සියයට 10ක් පමණ එංගලන්තයේ සිටින ලංකා ඊයා නිවුස් වෙබ් අඩවිය ඇද උඩ සිට කරගෙන යන ගදයාට දි ඉතිරිය යටිමඩිගහ ගන්නා නිළ මැස්සා කඩවත් පොලිසිය මගහැර බයෙබ් රෝහලට සිට පසුව පොලිසියේ ලොක්කන්ට සද්දය දමා ඊයා නිවුස් හි පුවතක් පලකරමින් මංගලගේ සහ නිළ මැස්සාගේ රෙදි ගැලවු සිරසට පහරදිමට කටයුතු කර තිබේ.

මෙහි ඇති ලැජ්ජා සහගත දෙය නම් කඩවත පොලිසියේ CIB(02) 385/269 යන අංකය යටතේ පැමිණිලිකරු විසින් දුරකතනයෙන් තර්ජනය කිරිම සහ නිවසට පැමිණි කණ්ඩායමක් සම්බන්ධයෙන් සැක ඇති බවද සදහන් කර තිබියදි තමන්ගේ අවශ්‍යතාව අනුව එම පැමිණිල්ල පවා වෙනස් කරමින් TRCයට හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් සිදුකිරිමය.

නිළ මැස්සාගේ ස්ටයිල් එක ඔකය.ඔහු හිතන්නේ මැස්සාගේ මොළේ තරමටය.සමහරවිට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට සිරස රූපවාහිනිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කල විට වෙබ් අඩවි පවා එයට බයේ එම් පුවත වාර්තා නොකර සිටිනු ඇති බව් මැසි මොලයට හිතෙන්නට ඇති.නමුත් මැස්සාට දෙයක් අමතක වි තිබේ.සිරස නාලිකාවත්,මේ රටේ ප්‍රගතිශීලි වෙබ් මාධ්‍යකරුවනුත් රාජපක්ෂ ජුන්ටාව එරෙහිව සටන් කල බව අමතක විමය.රාජපක්ෂලාගේ මාධ්‍ය මර්දනයට එරෙහිව සටන් කල මාධ්‍යවේදීන්ට නිළ මැස්සා යනු පයට පැගෙන දුවිල්ලක් තරම් නොවටිනවාට කිසිදු සැකයක් නැත.

නමුත් එක දෙයක් සටහන් කල යුතුය හෙට උදැසන 10ට කඩවත් පොලිසියට එන ලෙස නිළ මැස්සාට මේ වනවිට පොලිසිය දන්වා තිබේ.නිළ මැස්සා මේ කියන් තරම් වැඩ්ඩේක් නම් එම්පයර් රේසිඩන්සි (empire residencies) හි සිට සැගවි නොසිට හෙට 10ට කඩවත් පොලිසියට පැමිණෙන ලෙසයි.

එපමණක් නොව මෙ රටේ මාධ්‍ය නිදහස අගයන සැබෑවටම එයට ගරු කරන කණ්ඩායම් සිටි නම් හෙට කඩවත පොලිසියට පැමිණ ඇත්ත වෙනුවෙන් සටන් කල යුතුය.

සිරස නාලිකාව  සිය ප්‍රවෘත්ති විකාශය හරහා නිළ මැස්සාගේ යටකලිසම පවා ගලව දැමිමට කටයුතු කලා.

හල්ලොලුව මහතා විසින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට කරන ලද ලිඛිත පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දැක්වේ. එහි රතු පාටින් අප වර්ණ ගන්වා ඇත්තේ නිළ මැස්සාගේ අතේ පත්තුවන බොරුය…..

2018 අගෝස්තු 01
සභාපති,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
කොළඹ.

පුද්ගලික අරමුණු මත මාධ්‍යය අවභාවිතා කිරීම සම්බන්ධවයි

ස්වකීය ප්‍රවෘත්තිමය බංකොලොත්භාවයේ තරම මොනවට පසක් කරමින් ‘‘සිරස’’ 2018. 07. 30 දින සිය ප්‍රධාන පුවතට අතිශය සාවද්‍ය කරුණක් මත ම’වෙත චෝදනා කරමින් ප්‍රවෘත්තියක් නිර්මාණය කර තිබිණි. පළමුවෙන ම එකී ප්‍රවෘත්තිය හුදෙක් ද්වේශසහගත අවලාදයක් බවත්, ඉන් එහා එහි කිසිවක් ම නැති බවත් පවසනු කැමැත්තෙමි. මාධ්‍යය ආචාර ධර්මය පිළිබඳව සාතිශය ප්‍රාථමික තත්ත්ව හෝ නොසලකා හරිමින් ගොතන ලද එකී පුවත තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි කියා නොදන්නෙමි. එහෙත් කිසියම් අරමුණක් නැතිව ඔවුන් එවැන්නක් කරන්නේ නැත. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරනු වටී.

වර්ණකුමාර නැමැත්තෙක් කඩවත පොලිසියේ සුළු පැමිණිළි අංශයට කරන ලද පැමිණිල්ලක් පාදක කරගෙන ‘‘සිරස’’ මාධ්‍යය ආයතනයට ‘‘ලීඩ්’’ එකක් ලැබී ඇත. සිරස කියන පරිදි වර්ණකුමාර නැමැත්තා පැමිණිලිකර තිබෙන්නේ මට එරෙහිව ය. එවැනි පැමිණිල්ලක් තිබේදැයි කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මා විමසන විට ඔහු කියන්නේ එවැන්නක් නැති බවය.

ටික වේලාවකට පසු ඔහු නැවත කියා සිටින්නේ ‘‘සුළු පැමිණිලි’ අංශයට එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බව ය. පැමිණිල්ල ප්‍රකාරව සටහන්ව තිබෙන්නේ යුළලක් ඔවුනගේ නිවසට පැමිණ වර්ණකුමාරව සෙවූ බවත්, එසේ සොයනු ලැබුවේ ම’විසින් යොදවන ලද යුවළක් යැයි සැක සිතෙන බවත් ය. ‘‘සිරසට’’ ප්‍රධාන ‘‘සිරස’’ වූයේ මේ සිදුවීම ය.

මේ පැමිණිල්ල සහමුලින්ම විකාරයකි. නින්දෙන් හීනයක් දැක, ඒ හීනයෙන් දුටු මිනිසාව පොලිසියට අල්ලා දීමට යන අන්දමේ ‘‘මන්ද මානසික’’ ව්‍යාධියකට ප්‍රතිකාර තිබෙනවා ද කියා මා දන්නේ නැත. තිබෙනවානම් නොවලහා ඊට ප්‍රතිකාර කළ යුතු ය. ඊටත් වඩා මෙවැනි විසුළු උලුප්පමින් ප්‍රවෘත්ති වාරතොකරණය කරමින් සිදුකරන මාධ්‍යය සදාචාරය පාදඩකරණය කරන්නන් ගැන අවබෝධයෙන් සිටිය යුතු ය. මුද්‍රිත අකුරු ගැනත්, ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ගැනත් ජන සමාජයේ කිසියම් විශ්වාසයක් පවතී. එය දඩමීමා කරගෙන උතුම් මාධ්‍යය ස්වකීය තිරස්චීන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නේනම් එය නින්දා සහගත වරදකි.

මාධ්‍යය භූමිකාව සහ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව ‘‘සලකුණු’’ තැබූ ඉතිහාසයක් සිරසට තිබූ බව සැබවි. එහෙත් පුද්ගලික පටු අරමුණු වෙනුවෙන් මාධ්‍යකරණය යොදාගෙන සිරස ස්වකීය භූමිකාව කෙලෙසාගෙන ඇත. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන, ජනතාවට අයිති විද්‍යුත් තරංගමාලා ස්වකීය පටු අරමුණු වෙනුවෙන් යොදා ගැනීම පිළිකුල්සහගත ය.

එක්තරා පෞද්ගලික කාරණාවක් මත සිදු වූ පැමිණිල්ලක් පසුපස හඹා යන සිරසට සිය ‘‘ප්‍රධාන’’ සිරස්තල කරගන්නට හැකි කාරණා කිහිපයක් පිළිබඳව ඉඟි ලබා දීමට අප අපේක්ෂා කරන්නේ අනෙකාගේ ඇසේ රොඩු සොයන්නට පෙර තමන්ගේ ඇසේ පරාලය සොයාගැනීම පහසු වෙතැයි සිතා ය.

නිවෙසට පැමිණ විමසා ගිය පළියට ඊට කිසිසේත් අදාළ නැති හිතලුවක් පමණක් වූ මාව එහි වග උත්තරකරුවෙකු කර කරන ලද පැමිණිල්ල සහමුලින්ම ද්වේශ සහගත ය. පැමිණි පිරිස තර්ජනය කළාද? කිසියම් පීඩාවක් සිදු කළාද? මා ඊට ඈදා ගැනීමට හේතු කවරේද? කිසියම් සැක කටයුතු බවක් වේනම් පැමිණි අයගේ හැඳුනුම්පත් හෝ ඉල්ලන්නට නොසිතුණේ ඇයි?

කඩවත පොලිසියේ සිදු කළාය කියන ‘‘සුළු පැමිණිල්ල’’ සම්බන්ධව මෙවැනි ප්‍රශ්න රැසකි.

එහෙත් ‘‘පුද්ගලයෙකුට’’ පහර දීමට කරුණු තැනීමේ ඒකායන වුවමනාව මත කටයුතු කරන ‘‘සිරස’’ මෙකී සිදුවීම කදිමට යොදා ගනී.

මේ සාවද්‍ය ප්‍රවෘත්ති නිර්මාණය පෞද්ගලික පළිගැනීමක් බව එකහෙලා සඳහන් කරමි. මෙය සිරස’ හිමිකරු කිලී මහරාජාගේ ඒකායන වුවමනාව මත සිදුවන්නකි. බාල වර්ගයේ ‘‘බයිස්කෝප්’’ කතාවක ස්වරූපයෙන් එහි තිර නාටකය ඔවුන් ලියමින් සිටී.

මේ කෝන්තරය කලක සිට එන්නකි. කිලී මහරාජාගේ මැදිහත්වීමෙන් රුසියාවෙන් ගෙන්වීමට සූදානම් වූ නැව පිළිබඳව වූ තොරතුරු මාධ්‍යයට නිරාවරණය වූයේ මා නිසා යැයි ඔවුන් විශ්වාස කරයි. ඒ අනුව ඔහුගේ අනුදැනුම මත කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සේවය කරන එක්තරා සේවිකාවක් මා හමුවීමට එවීය. සමාජ ජාල මුහුණු පොත හරහා මිතුරු ඉල්ලීමක් යොමුකොට ඒ හරහා සබඳතාවයක් ගොඩ නඟා ගන්නට එකී මාධ්‍යවේදිනිය යොමු කරවූයේ සිරස පාලනාධිකාරය බව නොරහසකි. මා පුද්ගලිකව හමුවීමට අවස්ථා කිහිපයකම ඈ උත්සාහ කළ අතර ප්‍රථම මෙන්ම අවසන් වරට අප සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඉදිරිපස ලොබියේදී පමණක් හමුවීමට මම එකඟ වීමි. එය ද අදාළ කාන්තාවගේ බලවත් පෙරැත්තය නිසාය. එහිදී ඈ ඉල්ලා සිටියේ ‘අපේ බොස්ව මිනිත්තු 10ට හෝ හමුවන්න’ කියාය. මම ඊට එකඟ නොවූ අතර, ඈ කීවේ එසේනම් ‘‘ෂෙවාන් ඩැනියෙල්’’ හමුවෙමු කියා ය. ඊට ද මගේ ප්‍රතිචාරය වූයේ ‘‘කෙසේවත් බෑ’’ යන්න පමණි.

අනතුරුව ඈ මගෙන් ‘‘රුසියන් නැව’’ පිළිබඳව තොරතුරු විමසුවාය. දිගින් දිගටම ඈ ඒ ගැන විමසූ කල්හි මා පැවසුවේ ‘ඔබ දන්න දේ පමණයි මාත් දන්නේ’ යනුවෙනි. අනෙක් කාරණය වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම ලබා ගැනීමට අයථා ක්‍රම හරහා ගත් උත්සාහ ව්‍යර්ථ වී මද මේ පහරදීමට තවත් හේතුවකි. එහෙත් අද කිසිදු සාධනීය හේතුවක් නැතිව අප ඉලක්ක කරගෙන පහර දෙන සිරසට යමක් මතක් කරනු යෙහෙකි.

ඒ ස්වකීය පෞද්ගලික ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සිය ආයතනයේ සේවය කරන නිලධාරිනියන් ද යොදාගෙන නටන නාඩගමේ ‘‘සැබෑ චිත්‍රපට කතාව’’ බොහෝ අවලස්සන බවය. ඉහත කී නිලධාරිනිය මා වෙත එවන ලද කෙටි පණිවිඩ සියල්ල මා සතුව සුරක්ෂිතව තිබේ. මම මාධ්‍යය සදාචාරයට ගරු කරමි. පෞද්ගලිකත්වයට ද ගරු කරමි. එකී ගරුකිරීම් සිරස වෙතින් බලාපොරොත්තු වන්නට අපේක්ෂාවක් නැත. එහෙත් පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් මාධ්‍යකරණයෙහි යෙදී සිරස ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ අවස්ථා කොතෙකුත් වේ. සිරස විසින් ඔසවා තැබූ පිරිස් පරාජයත් සිරස විසින් පාගා දැමූ පිරිස් ජයග්‍රහණත් ලැබූ අවස්ථා මෑත කාලීනව බෙහෙවින් දක්නට ලැබිණ.

මාධ්‍ය නිදහස උපරිමව ලබාදෙන රටක එකී නිදහස වල්බූරු නිදහසක් බවට පත්කර ගැනීම සම්බන්ධව අප කණගාටු වෙමු. එය ස්වකීය පුද්ගලික අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට ඉඩ ලබා නොදීම පිළිබඳව වියරු වැටී පුද්ගලයන්ට පහරදීම දක්වා රැගෙන යන්නේ නම් එය බලවත් අවාසනාවකි. ඔබේ නිදහසේ සීමාව අනෙකාගේ නාසය සමීපයෙන් කෙළවර වේ යන්න බොහෝ දෙනෙකුට අමතකය.

ප්‍රවෘත්ති යනු පුද්ගලික න්‍යාය පත්‍ර මත පදනම්ව සිදු කරන අවලාද නැගීමක් නම් එවන් නාලිකාවක ගුවන් කාලය මොනතරම් ‘‘අවභාවිතා’’ කිරීමක්ද? මේ සංඛ්‍යාත වෙනුවෙන් ජනතාව ලබා දෙන බදු මුදල් සිරස ස්වකීය පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වෙන් කිරීම මොනතරම් සාපරාධයක්ද? කතා කරන්නට, වාර්තා කරන්නට ඕනෑ තරම් දේ තිබිය දී, තමන්ට සිදු වූ ව්‍යාපාරික අහිමි වීම පදනම් කරගෙන මුව හම් වලට තඩිබෑම මොනතරම් අවාසනාවක්ද?

‘‘සිරස’’ පාර කියන බව කීවාට, ඒ පාරේ ගියොත් සිදුවන වින්නැහිය සිරසේ ම නිලධාරිනියගේ හැසිරීමෙන් සිතා ගන්නට පිළිවන් බව පමණක් අවසන් වශයෙන් සිහිපත් කරමු. මාධ්‍යකරණය සහ ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධව සිරස තරම් මහප්‍රාණ අප නොදන්නා බව සැබැවි. එහෙත් යථාර්ථය සහ මිථ්‍යාව අතර වෙනසත් මාධ්‍යකරණය සම්බන්ධව කිසියම් දැනුවත්භාවයකුත් පුරවැසියෙකු ලෙස මා සතුව පවතී. ඒ දැනුවත්භාවය මේ සිදුවීමේදී ප්‍රයෝජනයට ගන්නට සිදු වුවහොත් ඒ පිළිබඳ දෙවරක් කල්පනා නොකරමු. සියල්ලට වඩා වටින්නේ මිනිසෙකුගේ හෘද සාක්ෂියේ නිර්දෝෂීභාවය යි. ඒ සමඟ සෙල්ලම් කරන්නන් හෙළිදරව් කිරීම සමාජ වගකීමක් ලෙස සලකමි.

මීට,

අත්සන් කෙළේ
තුසිත හල්ලොලුව

පිටපත් ;
ආර්. රාජමහේන්ද්‍රන් මහතා,
මහරාජා සමූහ ව්‍යාපාරය,
බේබෘක් පෙදෙස,
කොළඹ 02.

http://198.211.112.164/archives/18772

Published on: Aug 4, 2018- නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරන අතරම නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ.

රටක රාජ්‍යක් තහවුරු කරනු ලබන්නේ එම රටතුල යම්කිසි නීතිපද්ධතියකට අනුව පාලනයක් පවතින බවයි. නමුත් රටක පවතින නීති එක කොටසකට පමණක් ක්‍රියාත්මකවේනම් එසේනැත්නම් එක කණ්ඩායමකට එක අයුරකින් තවත් කොටසකින් තවත් අයුරකින් ක්‍රියාත්මක වේනම් එතැනදී සමාජයට පවතින රාජ්‍ය තුල විශ්වාසයක් නැතිවන අතර තමාගේ ආරක්ෂාව තමාටම සලසා ගන්නා මට්ටමකට යන හිතුවක්කාරී තත්වයකට නැඹුරු වීමට ඉඩ ඇත. ඒ වාගේම තවත් කොටසක් බිය නිසාම යටපත්වී ජීවත්වන අනාරක්ෂිතා තත්වයකටද පත්වේ.

1974 නොවැම්බර් මස ආරම්භ වූ නීතිඥ සංගමය ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින නීතිඥ වෘත්තිකයන්ගේ එකම සංවිධානයයි. මෙහි ආරම්භක සභාපතිවරයා වූයේ කීර්තිමත් නීතිඥවරයකු වූ රාජ්‍ය නීතිඥ ආචාර්ය එච්.ඩබ්ලියු. ජයවර්ධන මහතාය. මේ සංගමය නියෝජනය කළ අනෙකුත් කීර්තිමත් නීතිඥයන් වූයේ නීතිඥ අර්ඞ්ලි පෙරේරා, නීතිඥ එච්.එල්.ඞී. සිල්වා, නීතිඥ රංජිත් අබේසූරිය, නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් වැන්නවුන් ය. ඒ නීතිඥ සංගමයේ කීර්තිමත් ඉතිහාසයය. එහෙත් දැන් සිදුවී ඇත්තේ, නව සභාපති වන යූ.ආර්. ද සිල්වා යටතේ සංගමයේ අභිමතය වෙනුවට ඔහුගේ පෞද්ගලික අභිමතය මත සංගමයේ කටයුතු පෙළගැස්වීමයි. කෙනෙකුට නැගිය හැකි ප‍්‍රශ්නය වන්නේ යූ.ආර්. ද සිල්වා මහතා පෞද්ගලික අභිමතය පරිදි කටයුතු කරන්නේ නම් දෙවනවර නීතිඥ සංගම් නිලවරණයෙන් නිතරඟයෙන් පත් වන්නේ කෙසේද කියාය.

කෙසේවුවද නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධව සාමාජිකයන් විශ්වාසයෙන් හා භක්තියෙන් කටයුතු කරයි. එහෙයින් මූල්‍ය වංචා, හිතවතුන්ට හා හිතවතියන්ට අනුග‍්‍රහය දැක්වීම්, සිය නිලය භාවිත කරමින් තම පවුලේ සාමාජිකයන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීම, ව්‍යාපාර කිරීම් හා සංගමයේ දේපළ පෞද්ගලික දේපළක් යැයි සිතා පරිහරණය කිරීම වැනි අකටයුතුකම් සම්බන්ධයෙන් බහුතරයක් මුනිවත රකී. එහෙත් අප දන්නා නීතිඥ සංගම් ඉතිහාසයේ එවැන්නක් සිදුවී නැත.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කෙරුවාවන් එළිදරව් වීමට පටන් ගන්නේ පසුගිය වසරේ අගභාගයේ දීය. යූ.ආර්. ද සිල්වාගේ මෙහෙයුම රටේ නීතියේ ආධිපත්‍ය බලය දේශපාලනයට යටකර රටේ ජනතාවට නීතිය සම්බන්ධයෙන් ඇති ගෞරවය සහ අපක්ෂපාතීත්වය නැතිකර දැමිමය.

ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ කෙරුවාවන් මේ සියල්ලටම අදාළ සාක්ෂි අප සතුව ඇත.

01. ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ ධුර කාලය තුළ කරන ලද ගනුදෙනු වරලත් විගණන ආයතනයක් මගින් විගණනය නොවීම.

02. සංගමයේ මුදල් විධිමත් ක‍්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම. (ගාල්ල ප‍්‍රසිද්ධ හෝටලයක පැවති නීතිඥ සංගමයේ වාර්ෂික හමුවේදී කරන ලද වියදම් සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි වීම.)

03. 2017 – 2018 වර්ෂවල දී පැවති පළාත් සම්මන්ත‍්‍රණ සඳහා මුදල් වෙන් කිරීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි වීම. (පුද්ගලික ගිණුම්වලට මුදල් බැර කිරීම)

04. සිය නිලය භාවිතා කරමින් තම බිරිඳගේ ආයතනයෙන් සේවා දිගුවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය තුමා හරහා අදාළ ආයතනයේ සභාපතිවරයාට බලපෑම් කිරීම. අදාළ සේවා දිගුව ලබා නොදුන් බව ප‍්‍රසිද්ධියේ අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දීම.

05. නීතිඥ සංගමයට අයත් ගොඩනැගිල්ල නීතිඥ සංගමයේ කටයුතුවලට බාධා වන ලෙස වෙනත් පාර්ශ්වයකට කුලී පදනම යටතේ ලබා දීම.

06. නීතිඥ සංගමයේ ලාංජනය නීති ප‍්‍රවේශ උපකාරක පන්ති සඳහා යොදා ගැනීම නිසා අනෙකුත් නීති ප‍්‍රවේශ උපකාරක පන්ති පවත්වන නීතිඥයන් අතර ලැදියාවන් අතර ගැටුමක් ඇති කිරීම.

07. සිය ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීමට උදව් කරනා නීතිඥයන්ට, මිතුරන්ට හා ඥාතීන්ට විනෝද වීම සඳහා සංගමයේ මුදලින් සංදර්ශන පැවැත් වීම.

08. නීති ආධාර ලබා දීමට පවත්වන සම්මන්ත‍්‍රණවලදී තමන් විසින් රචිත ග‍්‍රන්ථ සහභාගිවන්නන්ට තම ප‍්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා නොමිලේ ලබාදී පසුව ඒ සඳහා මුදල් සංගමයේ අරමුදලින් ලබා ගැනීම.

09. නීතිඥ සංගමයේ සම්ප‍්‍රදාය වන්නේ සාමාජිකයන් අතර විනෝදාස්වාදය සපයන වැඩසටහන් පවත්වා සහභාගි වන්නන්ට ප‍්‍රවේශපත් නිකුත් කර එම ආධාරවලින් නීතිඥ සංගමයේ අරමුදල ශක්තිමත් කිරීමයි. ඒ වෙනුවට ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කර ඇත්තේ සංගමයේ අරමුදලින් විනෝදාස්වාදය සපයන වැඩසටහන් පවත්වා අරමුදල දුර්වල කිරීමය.

10. තමන්ගේ සංදර්ශන පැවැත් වීම හා සම්බන්ධ ප‍්‍රශ්න කිරීම් හමුවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඔහුට මුදල් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති අධාර යටතේ බවයි. එහෙත් අප ඒ සම්බ්ධයෙන් කළ විමසීමකදී අදාළ නීති ආධාර කොමිෂන් සභාවේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ එවැනි කටයුතු සඳහා කිසිවිටෙකත් එසේ මුදල් ලබා දීමක් සිදු නොකරන බවයි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්න්ධයෙන් අප විසින් ඉදිරිපත් කරන මෙම චෝදනා හා සම්බ්න්ධ වැඩිදුර තොරතුරු හා සියලූ සාක්ෂි අප සතුය. උක්ත කරුණු සමග ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා එකඟ නොවන්නේ නම් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු. යම් හෙයකින් සභාපතිවරයා මේ සඳහා ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් එයින් අදහස් වන්නේ අපගේ චෝදනා සියල්ල සත්‍ය බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපරාධකරුවන් ආරක්ෂා කරන ආයතනයක් බවට පත්ව ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද පෙන්වාදුන් අතර ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාෆියාවක් බවයි.අධිකරණ සංවිධාන පනතට සංශෝධන ගෙන ඒමට සිදුවූයේද තවදුරටත් තක්කඩින් ආරක්ෂා කරන නිසා යැයිද කොඩිතුවක්කු මහතා පෙන්වා දුන්නා.

නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා තමන් නීතියෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන බව නීතිඥ නාගානන්ද මහතා ප්‍රකාශ කළේය. හොරුන්ට, දුෂිතයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රටක් කියා සිටිද්දී නීතිඥ සංගමයේ සභාපති අභියෝග කරන්නේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් නඩු කල්දැමීමට ඇති අවස්ථාව අහිමි වන බව යැයි පැවසූ නාගානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන පක්ෂ සමඟ නීතිඥයින්ට කටයුතු කළ නොහැකි බවයි.

ඊයේ ජනබල සේනා උද්ඝෝෂණයක් පැවැත්වුණා. ලිප්ටන් වටරවුමෙන් විහාරමහා දේවි උද්‍යානයට පෙළපාළියක් ගියා. එහි රැස්වීමක් තිබ්බා. ගැලරි කතා ටිකක් කෙරුණා. සෙනග ආපහු ගියා. ඊළඟ රැස්වීම කවදා ද?

විහාරමහා දේවි එළිමහන් රංග පීඨයට රැස්වූ වැඩි ම සෙනග නොවෙයි ඊයේ හිටියේ. මා රැස්වීම දැක්කේ දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් බවත් කියන්න ඕන. ඔවුන් සෙනග අඩු කරලා පෙන්නුව ද දන්නෙ නැහැ. ඒත් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි. අඩු තරමෙන් රංග පීඨය පිරෙන්න මිනිසුන් එන්නෙ නැති එකෙන් ඒකාබද්ධ විපක්‍ෂෙට පණිවුඩයක් ගෙනෙන්නෙ නැද්ද?

2004 දි රනිල් අගමැතිකමෙන් ඉවත් කරන්න පුළුවන් වුණා. ඒ ඔහු අගමැති වෙලා අවුරුදු තුනකට පස්සෙ. ඒ කාලයෙහි ඔහු කිසිවකුටවත් (පාර්ලිමේන්තුවටවත් ජනාධිපතිනි චන්ද්‍රිකාටවත්) නොදන්වා නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් එංගලන්තයේ අවශ්‍යතාවට ප්‍රභාකරන් සමග ගිවිසුමක් අත්සන් කළා. 2004මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ අගමැති වුණා. ඔහු 2005 නොවැම්බරයේ ජනාධිපති වුණා.

2004 දි රනිල් ඉවත් කරන්න බැරි වුණා නම් මොකක් වෙන්න තිබුණ ද? ඒ ප්‍රශ්නය අහන එක වැරදි බව මා දන්නවා. ඉතිහාසයේ අහවල් දේ නූණා නම් මොකක් ද වෙන්න තිබුණෙ කියල අහන එකේ වැදගත් කමක් නැහැ. මා ඒ ප්‍රශ්නය අහන්නෙ වර්තමානය වෙනුවෙන්. රනිල් ඉවත් කරන්න අද මොකක් ද කරන්නෙ. අප්පච්චි මොකක් ද කරන්නෙ.

2004 රනිල් ඉවත් කරන්න බොහෝ දෙනකු කටයුතු කළා. එහෙත් අද ඒ උනන්දුව නැහැ. අද රනිල් රැකෙන්නෙ ජ වි පෙ නිසා පමණක් නො වෙයි. මෛත්‍රිපාලත් මහින්දත් ඔහු රකිනවා. මා එසේ කීම ගැන මහින්දවාදීන් මට විරුද්ධ වේවි. එහෙත් මා කියන්නේ මට තේරෙන දේ. මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න අවශ්‍යතාව තිබුණත් ඔහුට ඒ සඳහා ශක්තිය නැහැ. දහසයේ කණ්ඩායම මහින්ද අගමැති කිරීමට යම් උත්සාහයක් ගත්තා.  ඒ උත්සාහය තවම තියෙනවා ද?

අද ජනාධිපති අපේක්‍ෂකයා ගැන කතා කරනවා ජනාධිපතිවරණයක් තියේවි ද  විධායක ජනාධිපති ධුරය තියේවි ද ආදිය ගැන නිශ්චිත අවබෝධයක් නැතිව. විස්ස සම්මත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයත් නොතිබෙන්න ඉඩ තියෙනවා. දැන් විපක්‍ෂ නායකකම ගැන කතාවක් ඇවිල්ල. ඒ මහින්ද ද දිනේෂ් ද වෙල්ගම ද වගේ කතා කියනවා. මේවත් නිකම් බටහිර විද්‍යා කතන්දර වගේ. හරියනකම් මොන මොනව හරි කියවනවා.

අද එක එක්කෙනා තම තමන්ගෙ හුරතල් ව්‍යාපෘති හදාගෙන. එහි දී ඊනියා වෘත්තිකයෙ ඉදිරියට ඇවිල්ල. ඒ අයට මතක නැහැ දේශපාලනයත් අද වෘත්තියක් බව. කට්ටියක් සිංගප්පූරු ගිවිසුම ගැන කියනවා. බටහිර වෛද්‍යවරු මාසයකට වතාවක් විතර වර්ජන කරනවා. මේ කවුරු මොනව කිව්වත් (ඔවුන් කරන දෙයක් නැහැ) රනිල් තමන්ගෙ වැඩ ටික කරගෙන යනවා. රට විකුණනවා. රණවිරුවන් මර්දනය කරනවා. ව්‍යවස්ථාව හදනවා. කිසිම නිෂ්පාදනයක් නොකර ජනතාවට බදු පනවනවා. රනිල් මෛත්‍රිපාලට තමන්ගෙ වැඩ කිසිවක් කියන්නෙ නැහැ. ජනාධිපතිට මීට වඩා බලතල තිබුණු කාලෙ චන්ද්‍රිකාට නොකිය වැඩ කළ රනිල් චන්ද්‍රිකාට තරම් බලතල නැති චන්ද්‍රිකාට වඩා දුර්වල මෛත්‍රිපාලට තමන් කරන දේ කියාවි ද?මෛත්‍රිපාල තමන් සමහර දේ දැනගන්නෙ ජනමාධ්‍යයෙන් කියන විට පුදුම වෙන්න දෙයක් නැහැ.

ඊයේ කතාවලින් කිසි ඵලක් වේවි ද? රාජපක්‍ෂ ආණ්ඩුවක් ඇති කරන්න කතා කළාට ඒක කරන්නෙ කොහොම ද? ඊළඟ මැතිවරණයෙන් ද? එය තියාවි ද? තිබ්බත් ඡන්ද ලැබේවි ද? 2010න් පසු මහින්දට (හරි පක්‍ෂයට හරි) ලැබෙන ඡන්ද එන්න එන්න අඩුවෙනවා නේද? ඊනියා නව ලිබරල් දෙවැනි ඉණිම කතා බොරු වාමාංශිකයන්ට හොඳයි. කවුරුවක්වත් දැන් පශ්චාත්නූතන කතා කියන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් පශ්චාත් පශ්චාත්නුතන කතා කියනවා ද?

හැමදාමත් බලාපොරොත්තු පමණක් දීල මිනිසුන් රඳවා ගන්න බැහැ. අනෙක බලාපොරොත්තු දෙන්නෙත් නිශ්චිත අර්ථයකින් නො වෙයි. මේ ආණ්ඩුව විකුණන දේ ගන්න එපා කියලා මහින්ද කිව්වා. ඒ විකුණන දේ ගැන තමන් ආණ්ඩුවක් පිහිටෙවුවම සැලිකිලිමත්  වෙනවා කියලත් කිවුවා. සමහරු හිතන්නෙ ඒ කිවුවෙ විකුණපු දේ ආපහු ගන්නවා කියලා. එහෙම ගැලරි කතා කියල මොකක් ද බලාපොරොත්තු වෙන්නෙ. ආණ්ඩුව කියන්න පුළුවන් තමන් කිසිම දෙයක් විකුණල නැහැ කියලා. නීතියට අනුව නම් ආණ්ඩුව හරි. ආණ්ඩුව තව තව දේ කියාවි. මා එතනින් එහාට ඒ ගැන කියන්නෙ නැහැ.

මාධ්‍ය සංදර්ශන ගැලරි කතා දැන් හොඳට ම ඇති.

Published on: Aug 3, 2018- ETI තැන්පත්කරුවන් සදහා මුදල් සියල්ලම ගෙවිමේ හැකියාව මේ වනවිට එම මුල්‍ය ආයතනය සතුව ඇති නමුත් හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරණායක කුමාරතුංගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ප්‍රසිද්ධ වොටර්ස් එජ් ගණුදෙනුවේ සහ චැනල් 9 සිදුවීමේ කුප්‍රකට වංචාකාරයෙකු වු මනෝ පසුව චන්ද්‍රිකා සමයේ සිටිම LTTE ය සමග සමීප සබඳතාවයන් පැවැත්වු අයෙකුමෙන්ම LTTE සංවිධානයට මුල්‍ය ආධාර සැපයිම් පසුපස සිටි අයෙකු වන මංගලගේ නල්ලමලේ උපදේශක මනෝ තිත්තවැල්ල සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

තැන්පත්කරුවන් 24700කගේන් සමන්විත වූ ETI මූල්‍ය ආයතනයේ තැන්පතුවල මුළු එකතුව බිලියන 33ක් වන අතර අදාල මුදල් එකවර ගෙවා දැමිම සදහා මේ වනවිට ප්‍රමාණවත් මුදල් ඇති නමුත් අදාළ බිලියන 33න් බිලියන 25ක පමණ මුදලක් රටින් පිට තැන්පත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මනෝ තිත්තවැල්ල ඊ.ඒ.පි හෝල්ඩ්ංග්ස් සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ මංගලගේ සහයද ඇතුලුව මනෝ ඔස්ට්‍රේලියාව,මැලේසියාව සහ සිංගප්පූරුවේදි LTTE ය සමග සමීප සබඳතාවයන් ඇති කර ගත් අතර එම සබඳතාවයන් භාවිතා කරමින් අසරණ තැන්පත්කරුවන්ගේ බිලියන 33ක මුදල් හොර ක්‍රමවේදයක් වන උන්ඩියල් ක්‍රමය හරහා රටවල් අතරට ගෙන යැමට කටයුතු කර තිබේ.

අදාල මුදල් මේ වනවිට සිංගප්පූරුවේ ICBC Bankහි මුදල් වලින් කොටසක් තැන්පත්කර ඇති අතර,ඊට අමතරව හොංකොංහි කොටස් වෙළඳ පොළේ කොටසක් සහ ෆීජි දුපතේ විශේෂ ආයෝජනයක් තවත් කොටසක් යොදවා ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ. එම ගණුදෙනු සියල්ලම පසුපස කොටි ත්‍රස්තවාදීන්ගේ ජාලය සමග සaජුවම සම්බන්ධතාව ඇති එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා මෙන්ම ඔහුගේ චක් ගොලයෙකු වන මැලේසියානු නියෝජිත ජේ. සුධීර් ජෙයරාම් සිටින බවද මේ වනවිට තහවුරු වි අවසන්.

මේ වනවිට අනාථ වි සිටින තැන්පත්කරුවන් මුදල් ඇමති මංගලගේ සහය පතමින් සිටින අතර අප ඉතා වගකිමෙන් සදහන් කර තබනුයේ මංගලද මෙම වංචාවේ ප්‍රධාන කොටස්කරුවෙකු බැවින් කිසිදු දිනක ඔබට සහනයක් නොලැබෙන බවයි.මේ වනවිට තැන්පත්කරුවන් වෙනුවෙන් සියයට 10ක ප්‍රමාණයක් ලබාදිමට කටයුතු කරමින් සිටින අතර තවත් මාස 2කින් තවත් සියයට 10ක් ලබාදීමටද කටයුතු කරනු ඇති අතර ඉන් එහාට සතයක්වත් නොලැබන බවද අප ඉතා වගකිමෙන් යුතුව සටහන් කර තබමු.

පසුගිය කාලය පුරාවටම මෙවැනි අක්‍රමිකතා සිදුවූ අතර, EAP Broadcasting සහ EAP Films and Theatres ආයතනද කොටස් වෙළද පොළ හරහා නැතිවී ගිය තම ධනය රැස් කරගැනීමට මෙවනවිටත් පිබුරුපත් සකසා අවසානය. රජය තවමත් නිදිය , මහා බැංකුවත් නිහඩය.කොටස් වෙළදපොල අන්ධ වී ඇත ඕනෑම හොරකුට ඇතුල් වී මුදල් සොයාගෙන යනතැනක් බවට පත්වී හමාරය.අවශ්‍ය වන්නේ හොද කෝට් කිට් එකක් පමණි.මේ සදහා මේ වන විටත් එදිරිසිංහලා තම රුපවාහිනී සහ ගුවන්විදුලි මාද්‍ය ආයතන රජයේ ගණිකාවන් බවට පත් කර හමාරය,රජයට අවශ්‍ය වන්නේ එවැනි මාද්‍ය ගණිකාවන්ය එනිසා ඉදිරියේදී EAP Broadcasting සහ EAP Films and Theatres යන ආයතන කොටස් වෙළද පොළ හරහා රුපියල් බිලියන ගණනක් සොයනු ඇත.

Published on: Aug 2, 2018 – 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර එජාපය කුජිත කර සුන්නද්දුවිලි කිරිම සදහා රහසිගත කුමන්ත්‍රණයක මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනවරණය කළා.

එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදරිපත් විය යුතු බවත් ඒ සදහා වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකලයුතු බවත් කියමින් මංගල සහ චන්ද්‍රිකා මෙහෙයුමක් දියත් කර තිබේන අතර ඒ සදහා මාධ්‍ය හරහා බලපෑමක් එල්ල කිරිම සදහා අවශ්‍ය වැඩපිළිවෙළක්ද මේ වනවිට සකස් වෙමින් තිබේන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එම පෙරමුණේද පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සමස්ථ පාක්ෂිකයින්ගේ ද බහුතරයේ ස්ථාවරය වන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොවන අලුත් අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඕනෑම කොන්දේසියකට යටත් වුණත් කිසිදු තත්ත්වයක් යටතේවත් පක්ෂයෙන් පිට පුද්ගලයකුට යළි කිසිදු අවස්ථාවක් නොදිය යුතු බවයි.

නමුත් 2015 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට උත්සහ දැරූ අවස්ථාවේදී ඊට එරෙහිව පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාවය මතු කර, රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවට දීර්ඝ ලෙස කරුණු දක්වමින් විශේෂ ලිපියක් ද ලියා තබා දේශපාලන වශයෙන් කලකිරී එදා විදේශ ගත වූ මංගල සමරවීර මහතා 2020 ට රනිල් වික්‍රමසිංහ සුදුසු බව කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ කුමන්ත්‍රණයේම කොටසක් බවයි මේ වනවිට එජාපයේ ප්‍රබලයන් රනිල්ට පෙන්වා දි ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ මේ ස්ථාවරය නොතකා කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා කර කුමන හෝ තත්වයක් මත රනිල් ජනපති වුවහොත් මංගල සමරවීර මහතා අගමැති කර පසුව දුමින්ද දිසානායක හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ද අල්ලා ගෙන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙහෙයවමින් රටේ නොනිල නායිකාව විම වන අතර යම් හෙයකින් රනිල් පැරදුනහොත් එහි වන්දිය ගෙවීමට එජාපයට ඉඩදි චන්ද්‍රික සහ මංගල ඇතුළු කණ්ඩායමට සුපුරුදු පරිදි රාජපක්ෂ කල්ලිය සමග සන්ධාන ගතවිමය.

එජාපයෙන් ජනපති සටනට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තමා ඉදිරිපත් නොවුණොත් ඒ සඳහා කිසිම හේතුවක් මත පක්ෂ අභ්‍යන්තරයෙන් වෙනත් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතුය දැඩි ස්ථාවරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටියද මේ වනවිට ඒ තත්ත්වය වෙනස් වි ඇති අතර කරු ජයසූරිය,සරත් ෆොන්සේකා,සජිත් ප්‍රේමදාස අබිබවා රටේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ජනපති සටනට ඉදිරිපත් කිරිමේ තත්ත්වයක් උදාවි ඇති බවද වාර්තා වේ.

Top