Published on: Jul 22, 2018 – ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරණය විම් වැලැක්වීමට යහපාලන ආණ්ඩුව මෙහෙයුමක් දියත් කර තිබේන බවත් ඒ හරහා අල්ලස්,වරප්‍රසාද ලබාදි අවනත කර ගැනිමට නොහැකි මාධ්‍යවේදීන්ගේ ජිවිත අවදානමකට ලක්කර ඔහුන්ගේ තොරතුරු මුලාශ්‍ර විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව මේ වනවිට අනවරණය වි තිබේ.

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු!

“අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව පසුගිය 24 වැනිදා රිවිර ඉරිදා සංග‍්‍රහයේ පළකරන ලද ප‍්‍රධාන පුවත පිළිබඳ ප‍්‍රකාශ සටහන් කරගැනීම සඳහා රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැදවා ලිපිය මගින් අනාවරණය කළ තොරතුරු වල මුලාශ්‍ර හෙලිකරන ලෙසට බලපෑම් කිරිම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි අප්‍රසාදය අදාළ පාර්ශවයන් වෙත පලකරමු.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් D/TID/OUT/8742/18 දරණ අංකය යටතේ “විමර්ශනයකට අදාලව විස්තර ලබා ගැනිම් සදහා” යනුවෙන් යොමුකර ඇති ලිපියේ දක්වා ඇත්තේ “අලූත්ම බිල්ලකට කොටි යළි නැගිටී” ශිර්ෂය යටතේ සිදුකර ඇති වාර්තාව සම්බන්ධයෙන් අදාළ වාර්තාව පුවත් පතට සැපයු මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරාගෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනිමට ඇති බවයි.

අදාළ ඉල්ලිමට අනුව ජුලි මස 20 වැනිදා පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශට ගිය රිවිර සම-කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප‍්‍රශ්න දිගින් දිගටම විමසා ඇත්තේ අදාළ මුලාශ්‍ර ලබාගත් ආකාරය ගැනය. ජාතික ආරක්ෂාවට අනතුරක් එල්ල වන ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳව අවස්ථා ගණනාවකදිම තිස්ස රවීන්ද්‍ර පෙරේරා අනාවරණයන් රැසක් සිදු කර තිබෙන අතර ඒ සදහා වගකිව යුතු පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගැනිමේ හැකියාවක් ඔහු සතුව පවතී.

අදාළ සිරස්තලයෙන් හෙළිදරව් කරනු ලැබ ඇත්තේ පසුගිය ජුලි මස 22 වැනිදා ඔඩ්ඩුසුඩාන් කැලෑවේදී ක්ලේමෝ බෝම්බයක් ඇතුළුව පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුනු ත‍්‍රස්ත සාමාජිකයන් සම්බන්ධයෙන් වන අතර අදාළ වාර්තාව බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු පදනම් කරගනිමින් සකස් කරන ලද්දක් බව ද පෙනීයයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මාධ්‍යවේදියා කැදවා දිගින් දිගටම මුලාශ්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම හරහා මනාව පැහැදිලි වන්නේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ත්‍රස්තවාදීන් යලි හිස එසවිමට දරණ උත්සහය ව්‍යාර්ථ කිරිම නොව අදාළ අනාවරණයන් හරහා වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්විම වලක්වා ගැනිම පමණක් ඔවුන්ගේ පරමාර්ථය වි ඇති බවයි.

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිද්ධියක් මෙන්ම පාලකයන්ගේ හොරකම්,මැරකම් මෙන්ම දුෂණයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරන අනාවරණයන් සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයන්ට අදාළව තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනිමට රටේ වගකිවයුතු ආරක්ෂක අංශ වලට ඇති අයිතියට අප කිසිවිටක අභියෝග නොකරමු. නමුත් ඒ මුවාවෙන් මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කිරිමටත් ගන්නා උත්සහයන් පරාජය කලයුතු වන අතර ඒ වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර නොබියව පෙනී සිටින බවද අවධාරණය කර සිටිමු.

පසුගිය ආසන්න දින කිහිපයකදිම මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර වලට ආණ්ඩුවේ විවිධ තරාතිරමේ කණ්ඩායම් බලපෑම් එල්ල කල අතර එහි වර්ධනීය තත්ත්වය ලෙස රාජ්‍ය යාන්ත්‍රණයද මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ආරම්භ කොට ඇත.

පසුගියදා මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල කරමින් කොල්ලුපිටිය පොලිසිය නෙත් එෆ්.එම් වෙත දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රාවකයින් ගණනාවකගේ දුරකථන ඇමතුම් විස්තර ලබා ගෙන ඒ අනුව එම ශ්‍රාවකයින් පොලිසියට කැදවිමත්,මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චිගේ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රැස් කිරිමට ගැනිමත් රාජ්‍ය මර්දන හස්තය මාධ්‍ය වෙත යොමුවෙමින් තිබෙන බවට ආසන්නතම උදාහරණ වේ.

ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

ස්තූතියි!
මෙයට,

චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

Published on: Jul 19, 2018- ඇමතිකම ලබා ගැනිම සදහා දැවැන්ත මඩ මෙහෙයුම් දියත් කරමින් සිටින මහ බැංකු වංචාවේ කුප්‍රකට ඩිල් කරු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට මෙදාපාරත් ඇමතිකමක් නොලැබිමෙ තත්ත්වයක් උදාවි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ජනාධිපතිවරයාගේ රෝම් සංචාරයට පෙර රවී කරුණානායකට ඇමතිකමක් ලබාදිමට එකඟතාව පලකර තිබි ඇති අතර සංචාරය අවස්න් කර පැමිණී වහාම අදාළ ඇමතිකමේ දිවුරුම් දිමට රවි සියලු කටයුතු සුදානම් කර තිබේ.

රවී කරුණානායක අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට මුවා වි ඇමතිකම ගැනිමට ගත් උත්සහය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යාර්ථ කල අතර පසුව එලබෙන සැප්තැම්බර් මාසයේ එජාප පක්ෂ සමුලුවේදි යලිත් රනිල් නායකයා ලෙස පත්කර ගැනිමට අවශ්‍ය එජාප පසුපෙල මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිමට රවීගේ සහය ලබා ගැනිම්ට අවශ්‍ය නිසා රවීට අවශ්‍ය ඇමතිකමක් ලබා දිමට රනිල් එකඟතාව පලකර තිබේ.

මීට සති දෙකකට පමණ පෙර රනිල්ගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය වන ඉෂිනී වික්‍රමසිංහගේ උපන් දින සාදයේදි සිදුවු සාකච්ඡාවකින් පසුව රවී,මංගල සමග තිබු ගැටුමද අවසන් කර තිබේන අතර රවීගෙ ඇමතිකම වෙනුවෙන් මංගලද ජනාධිපතිවරයා හමුවි කරුණු පහදා දිමට කටයුතු කර තිබේ.

කෙසේවෙතත් රෝම සංචාරයට පෙර රවිට ඇමතිකමක් ලබාදිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟතාව පලකර තිබුනද මේ වනවිට එම අදහස වෙනස් කරගෙන තිබේන අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ එජාපයේ මෛත්‍රීට සහයි දක්වන රවී විරෝධි මන්ත්‍රීවරුන්ගෙ දැඩි බලපෑම වන අතර ඒ අනුව රවීට යලිත් ඇමතිකම නොලැබිමේ අවස්ථාවක් උදා වි තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ විරෝධය නොතකා තමන්ට ඇමතිකමක් ලබාදිමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ජනපති ඉලක්ක කර අනාවරණයන් රැසක් කිරිමට තමන් සුදානම් බව හිටපු මුදල් අමාත්‍ය,රවී කරුණානායක ජනපතිට අනතුරු අගවා තිබු අතර ජනාධිපතිවරයා සහ පවුලේ ඥාතින් ඉලක්ක කර එල්ල වන අසත්‍ය,මඩ ප්‍රහාරයන් පසුපස රවීගේ වෙබ් කල්ලිය සිටින බවට අවස්ථා ගණනාවකදි ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වි තිබේ.

කුඩු මර්වින් කඩේ යවන රවී….

මීට අමතරව රටටම කුඩු බෙදු, කැළණියේ කප්පන් මුදලාලි නොහොත් මර්වින් සිල්වා රවී කරුණානායක සිය අත කොලුවක් කරගෙන ඇති බවත් ඒ හරහා තමන්ට (රවීට) අභියෝගයක් වන දේශපාලඥයින් හට මඩ ගැසිම සදහා යොදවන බවටත් ජනාධිපතිවරයාට මේ වනවිට තොරතුරු වාර්ත වි තිබේ.

රවීට එජාපය තුල බරපතල තර්ජනයක් ව ඇති ප්‍රභල දේශපාලඥයෙකු වන ජනරාල් සරත් ෆොන්සේකා මෙන්ම එජාපයේ ප්‍රබලම චරිතය වන සජිත් ප්‍රේමදාස ඉලක්ක කර රවී මේ වනවිට මර්වින් සිල්වා යොදවා ගනිමින් මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි.

http://198.211.112.164/archives/18066

http://198.211.112.164/archives/18236

http://198.211.112.164/archives/18517

ඊළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්  මේ දක්වා නම්කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කූඨ ලේඛනයක් ඊයේ, එනම් 2018 ජුලි 17 වෙනිදා කිසියම් පිරිසක් විසින් සමාජ ජාලා වලට මුදා හැර ඇති බව අපි නීරීක්‍ෂණය කළෙමු. මේ කූඨ ලේඛනයෙන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇති බව කීමය.

ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැණුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිළිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැණුම් දී සිටී.

අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙනි. නමුත්, 2020 දී මේ රටේ ජනාධිපතිවරණයක් නැත.ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දීය. අපේ ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වේ. මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

Published on: Jul 18, 2018 – “අශ්වයකු පැද විය යුත්තේ උගේ ශක්තිය තිබෙන තුරු පමණි…උගේ ශක්තිය නැති වූ විට ඌ මරු කළ යුතුයි…” මේ 1988 ජනාධිපතිවරණයට දුවන්න දමන යූඇන්පී අශ්වයා ගැන ජේ.ආර්. දහ අතේ කල්පනා කරමින් සිටියදී ජේ.ආර් ගේ සුවච කීකරු ගෝලයා මුදල් ඇමති රොනී ද මැල් 1988 අගෝස්තු 04 වන දින ඉංග්‍රීසි පුවත්පතකට කී කතාවය.

රොනී, ජනාධිපතිවරණය සමාන කළේ අශ්ව රේස් එකකටය.ඔහු කීවා හරිය.ජනාධිපතිවරණය අශ්ව රේස් එකක් වැනිය.අද ලංකාවේ දේශපාලනයේ නොම්බර එකේ මාතෘකාව 2020 ට දමන අශ්වයා ගැනය.

මහින්දගේ අශ්වයාට ඔට්ටු අල්ලන්න කට්ටිය නම් වැඩිය.බොහොමයක් හිතන්නේ මහින්දගේ අශ්වයා කප් එක ගහන ඒක ෂුවර් කියාය.මහින්ද තවම ලත වෙන්නේ අශ්වයා තෝරා ගන්න බැරිවය.ජනාධිපතිවරණයට දමන අශ්වයා ගැන මාධ්‍යවේදියෙක් මහින්දගෙන් ඇහුවාම මහින්ද අපූරු උත්තරයක් දුන්නේය.

“අපේක්ෂකයා නම් කරන්න ඕනෑ අන්තිම මොහොතේදී” මේ මහින්ද දුන්නු අපූරු උත්තරයය.මහින්ද එහෙම කිව්වේ ඇයි ද දන්නේ නැත.හැබැයි ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ අන්තිම මොහොතේ දමන අශ්වයන්ට දිනන්න වාසනාව තිබේ.1988 ජනාධිපතිවරණයට 1984 සිට ශ්‍රීලනිපය කීවේ තම අශ්වයා බණ්ඩාරනායක මැතිනිය කියාය.මැතිනිය ප්‍රජා අයිතිය ලද විගස ඇයගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ශ්‍රීලනිපය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ වේලාවේ යූඇන්පිය හිනා වුණේ මුහුද හත් ගව්වක් තිබියදී මැතිනිය අඹුඩ ගසනවා කියාය. යූඇන්පිය එලෙස කීවේ නිකම්ම නොවේ.යූඇන්පියට අපේක්ෂකයකු සොයා ගැනීමේ ප්‍රශ්නයක් තිබිණ.

ජේ.ආර්ට 1988 ජනාධිපතිවරණය තරඟ කළ නොහැකි විය.හේතුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවරක් ජනාධිපති ධූරය දරපු අයෙකුට තෙවැනි වර තරඟ කිරීමට තිබූ බාධාවය.ඒත් ජේ.ආර් ද ව්‍යවස්ථාව වෙනස් කොට යළි තරඟ කරන්න ඉව අල්ලමින් සිටියේය.ඒ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කමිටුවක් ද පත් කළේය.

ජේ.ආර්ට පසු ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයා වූයේ අගමැති ප්‍රේමදාසය.ලලිත් සහ ගාමිණීත් ප්‍රේමදාස සමග කරට කර සිටියේය.රොනී අශ්ව කතාව කීවේ යූඇන්පී අශ්වයා තෝරන සටන පක්ෂය තුළම උග්‍ර වෙද්දීය.රොනී කීවේ යූඇන්පියට දිනන්න බැහැ කියාය.අශ්වයා කවුරු වුණත් ඌ කකුල් කැඩිච්ච නොන්ඩි ගහන අශ්වයෙක් යැයි රොනී කීවේය.එහෙම කියලා රොනී දිනන අශ්වයා වූ මැතිනියගේ පිට උඩ නැග්ගේය.යූඇන්පීයේ අශ්වයා ලෙස ප්‍රේමදාස එළියට ආවේ අන්තිම මොහොතේදීය.ජනාධිපත්වරණය කට ළඟ තිබියදීය.අන්තිම මොහොතේ දමපු අශ්වයා වූ ප්‍රේමදාස දින්නේය.ඔහු පිම්මේ ගියේය.

1994 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා අපේක්ෂිකාව ලෙස නම් කළේ 1994 මහ මැතිවරණය දිනා අගමැති වූ පසුවය.එහෙත් 1989 සිට 1994 මහ මැතිවරණය තෙක් ශ්‍රීලනිපය කීවේ අපේක්ෂිකාව මැතිනිය කියාය.හැබැයි අන්තිම මොහොතේ ආ චන්ද්‍රිකා දින්නාය.2005 ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද ආවේත් අන්තිම මොහොතේය.එජාපය කලින්ම අපේක්ෂකයා නම් කර තිබුණේය.සන්ධානය සිටියේ අපේක්ෂකයෙක් නම් කර ගත නොහැකිවය.

1988 ජේ.ආර්ට තිබූ ව්‍යවස්ථා බධාවම චන්ද්‍රිකාටත් බලපා තිබිණි.අපේක්ෂකයා අනුර ද මහින්ද ද කියා පක්ෂය තුළම විවාදයක් තිබිණි.චන්ද්‍රිකා මහින්දට අපේක්ෂකත්වය නොදෙනු ඇතැයි ප්‍රබල මතයක් විය.ඒත් අන්තිම මොහොතේ චන්ද්‍රකා මහින්දව නම් කළාය.අන්තිම මොහොතේ සටනට ආ මහින්ද දින්නේය.

මහින්ද පරාජය වූ 2015 ජනාධිපතිවරණයේ සිද්ධ වුයේත් ඒකමය.ව්‍යවස්ථාව වෙනස් කොට 2015 ජනාධිපතිවරණයට මහින්දම එනවා යැයි සන්ධානය කලින් සිටම ප්‍රකාශ කොට තිබිණි.යූඇන්පිය සිටියේ අශ්වයා කවුද කියා තෝරා ගත නොහැකිවය.

රනිල් පේක්ෂකයා ලෙස පත් වීමට කැමැත්තෙන් සිටියත් පක්ෂයේ ප්‍රබලයෝ පොදු අපේක්ෂකයකු සෙවූහ.මහින්ද ජනාධිපතිවරණයට දින නියම කරද්දී මහින්දගේ ආණ්ඩුව කඩා ගෙන මෛත්‍රීපාල ආවේ කවුරුත් නොහිතපු විදිහටය.මෛත්‍රීපාලට සටනට ඉතිරිව තිබුණේ දින කිහිපයකි.හැබැයි ඔහුත් පිම්මේ ගියේය.මෛත්‍රී දින්නේ මහින්දව අන්දමන්ද කරවමිනි.

අපේක්ෂකයා නම් කරන්න ඕනෑ අන්තිම මොහොතේ යැයි මහින්ද කියන්නේ 2015 දී කාපු පරිප්පුව මතක තිබෙන නිසා ද කියන්න දන්නේ නැත.හැබැයි මහින්දගේ අශ්වයා ගෝඨා කියලා මහින්දගේ රේස් බුකිය එනවුන්ස් කරලා බොහෝ කල්ය.

“ගෝඨා දැම්මොත් ගොඩ”… “ගෝඨා නෙමේ…මහින්ද මහත්තයා පඹයෙක් දැම්මත් ගොඩ” මේ මහින්දගේ රේස් බුකිය හිතන විදිහයය.කතාව ඇත්තය.පසු ගිය පුංචි ඡන්දයට මහින්දගේ නම විකුණලා බැසිල් දැම්මේ වැස්සකටවත් නගර සභාවකට ගොඩ වුණේ නැති අයය.හැබැයි දින්නේය.ඒ මහින්ද නිසාය.ඉතින් මහින්ද පඹයකු දැම්මත් දිනයි කියා බුකිය හිතන එක පුදුමයක් නොවේ.

“හැබැයි මේ ජනාධිපතිවරණ අශ්ව රේස් එක දිනනවා කියලා ඔට්ටු අල්ලන අශ්වයෝ කප් එක ගහනවා ද..?උත්තරය නම් නැත කියන එකය.1988 ජනාධිපතිවරණයේ දී ජේ.ආර් හිතුවේත් මැතිනිය දිනයි කියාය.1998 ජනාධිපතිවරණයට ව්‍යාපාරිකයන් සල්ලි විසි කළේ ප්‍රේමදාසට නොව මතිනියටය.ජේ.ආර් චරිතාපදනයේ ඒ බව සඳහන් වන්නේ මෙලෙසය.

“ජනාධිපතිවරණයේ එකම උත්ප්‍රාසය එය නොවීය.බණ්ඩාරනායක මැතිනියට දිනන්නට ඉඩ තිබුණු හා ඈ දිනන්නට සිතූ ඡන්දයකින් ඈ පරාජය වූවා යැයි කිව හැක්කේ ඇගේ වාසියට කාරණා ගණනාවක්ම තිබුණු හෙයිනි.

බලයේ සිටී රජය වසර 11ක් ම රට පාලනය කර තිබිණි.රට තුළ තිබුණු දේශපාලන අර්බුදය අතිශය විශාල විය.ඒ අනුව බලයේ සිටින්නන්ගේ සහ දේශපාලන ක්‍රමයේ වෙනසක් කවුරුත් අපේක්ෂා කරන බව පෙනුණේය.

ඇත්ත වශයෙන්ම ඡන්දයක් දිනීම සඳහා මේ තරම් උචිත අවස්ථාවක් තිබුණේ නැත.එදින ඇගේ නොපැමිණීමට හේතු දක් වන විවිධ අදහස් පළ විය.ඈ ජයග්‍රහණය ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියා ද යත් පරාජය ගැන හිත හදා ගැනීමට ඇයට කිසිසේත් හැකි නොවූ බැවින් පරාජය පිළි ගන්නා කතාවක් ඈ සූදානම් කර ගෙන පවා සිටියේ නැත.තව ද තමා තරගයෙන් ඉවත් වන අවස්ථාවේ ජේ.ආර් අනාවැකි පැවසූ පරිදි ඇයට ප්‍රේමදාස අතින් පරාජය වීම පිළි ගන්නට අසීරු වුයේය.

මේ අනුස්මරණීය අවස්ථාවේදී ජයග්‍රහණයේ හා පරාජයේ තීරුව කෙතරම් පටු වූයේ ද යත් ප්‍රේමදාසගේ වාසියට තරාදිය බර වූයේ එජාපයේ මැතිවරණ යන්ත්‍රයෙහි වඩා සංවිධානාත්මක ගුණය නිසාම බව කිව හැකිය. ඒ නිසා ජවිපෙ මරණිය ප්‍රචණ්ඩත්වයක් එල්ල කර තිබියදී වුවද ඡන්දදායකයන් ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීමට එජාපය සමත් විය. ඒ අතින් බලන විට මේ අවස්ථාවේ ජයග්‍රහණයේ ගෞරවය ප්‍රේමදාසට මෙන්ම රන්ජන් විජේරත්නටත් ජේ.ආර්ටත් දිය යුතු වුයේය.

1989 පෙබරවාරි 4 වැනි දින රන්ජන් විජේරත්න පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාර මධ්‍යයේදී ප්‍රකාශ කළ පරිදි 1988 ජනාධිපතිවරණයේදී පළමු වරට ශ්‍රීලනිපය එජාපයට වඩා මැතිවරණ අරමුදල් අතින් ශක්තිමත්ව තිබුණේය.

එයට හේතුව රොනී ද මැල් ශ්‍රීලනිපයට ආපසු යෑමේ බලපෑම යැයි ඔහුගේ අදහස විය. ශ්‍රීලනිප ජයග්‍රහණයක් බලාපොරොත්තු වූ ව්‍යාපාරික ප්‍රජාව, රොනී ද මැල් ශ්‍රීලනිපයේ සිටීම නිසා වඩාත් විශ්වාසවන්ත වුවෝය.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගට පැවතෙමින් යන බවට එය සහතිකයක් ලෙස සැලකු ඔවුහු ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරයට නොමසුරුව මුදල් පරිත්‍යාග කළෝය. එය ඇතැම් විට රහසේත් ඇතැම් විට එළිපිටත් සිදු වුණි.

ඍජුව පවසනවා නම් ව්‍යාපාරික ප්‍රජාව 1977දි හෝ 1982 දී මෙන් එජාප මැතිවරණ ව්‍යාපාරයට ආධාර කිරීමට ඉදිරිපත් වුණේ නැත. පක්ෂයේ සභපති හා ලේකම් වූ විජේරත්න විසින් විවිධ ව්‍යාපාරික සමාගම් 1500කට ආධාර ඉල්ලා ලියුම් යවා තිබිණි.ඉන් යහපත් ප්‍රතිචාර ලැබුණේ 30කින් පමණකි.

පරාජය වන්නට සිටින පක්ෂයකට ආධාර කරන්නට ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය වුණේ නැත. ජේ.ආර් විසින් එකතු කරන අරමුදල් නොතිබිණි නම් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය එහි පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ධනයෙන් තොර යන්ත්‍රයක් සේ යම් යම් අවස්ථාවල නැවතෙන්නට ඉඩ තිබුණු බව රන්ජන් විජේරත්න ප්‍රකශ කළ තවත් කරුණකි.”

1999 ජනාධිපතිවරණයේත් හැමෝම හිතුවේ රනිල් දිනයි කියාය. 1999 ජනාධිපතිවරණය වන විට රට පුරා තිබුණේ චන්ද්‍රිකාත් පොදු පෙරමුණු ආණ්ඩුව ගැනත් මහා කලකිරීමකි.ඒ කලකිරීම් අද මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගැන මිනිසුන්ට තිබෙන කලකිරීමට සමානය. හැමෝම කයිවාරු ගැහුවේ 1994ට පෙර තිබූ යූඇන්පී ආණ්ඩුවේ කෙරුවාව ගැනය.

“යූඇන්පීය ලස්සනට ආර්ථිකය කළා…” “මේ ගෑනි ආර්ථිකය කෑවා…යුද්ධයත් කාලා තියෙන්නේ…”

මේ ඒ කාලේ මිනිස්සු කී කතාය.එකල මාධ්‍ය සියල්ල සහය දුන්නේ රනිල්ටය. චන්ද්‍රිකාට රාජ්‍ය මාධ්‍ය ඇරෙන්න එකදු මාධ්‍යක්වත් තිබුණේ නැත. ව්‍යාපාරිකයන් සල්ලි විසි කළේ රනිල්ටය.රනිල් උඩින්ම දිනන බව “ඒෂියා වීක්” සඟරාවද අනාවැකි පළ කළේය.එත් අන්තිම මොහොතේ පත්තු වූ බෝම්බයකින් දින්නේ චන්ද්‍රිකාය.

2005 ජනාධිපතිවරණයේ වුණෙත්ඒකමය.හැමෝම හිතුවේ රනිල් දිනයි කියලාය. මහින්දට සල්ලි දෙන්න ව්‍යාපාරිකයෙකුවත් සොයා ගත නොහැකි විය. ජනාධිපති චන්ද්‍රිකාත් හිතුවේ රනිල් දිනයි කියාය. හැබැයි අන්තිම මොහොතේ ප්‍රභාකරන් අශ්වයා මරු කළේය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද කලින්ම සටන පටන් ගෙන ලයිට් කණුවක් ගාණේ කටවුට්, පෝස්ටර් ගහද්දි මෛත්‍රීපාල සිටියේ ඡන්ද සටනට සල්ලි හිඟමින්ය.මෛත්‍රීට සල්ලි දෙන්න ව්‍යාපාරිකයෝ බය වුහ. මෛත්‍රී දිනනවා කියන්න මාධ්‍ය බය විය. රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යත් ඔට්ටු ඇල්ලුවේ මහින්දටය. හැබැයි දින්නේ මෛත්‍රිපාලය.මහින්දගේ බුකියට තේරුම් ගන්න බරි තිත්ත ඇත්ත එකය. විස්සයි විස්සට ආණ්ඩුවෙන් දමන අශ්වයා මෛත්‍රීපාල නම් මහින්දගේ බුකිය මේ ගැන දත යුතු වේ.

ලංකාවේ කිසිදු ජනාධිපතිවරයෙක් ජනාධිපති ධූරයේ සිට දෙවැනි වර තරග කොට පරාජය වී නැත. විස්සයි විස්සට ආණ්ඩුව දමන අශ්වයා රනිල් නම් ලංකාවේ කිසිදු අගමැතිවරයෙක් ජනාධිපතිවරණයක් තරග කොට පරාජය වී නැති බව මහින්දගේ බුකිය දත යුතුය. මේ තර්කය වලංගු වන්නේ ආණ්ඩුවක් රාජ්‍ය බලය සියතට ගෙන ජනාධිපතිවරණයට දමන අශ්වයා දුවවන විටදීය.82 ජේ.ආර්..,88 ප්‍රේමදාස..,94 සහ 2010.., මහින්ද රාජ්‍ය බලය පාවිච්චි කොට දින්නා වගේ මෛත්‍රී හෝ රනිල් රාජ්‍ය බලය පාවිච්චි කොට විස්සයි විස්සේ සටනට එනවා නම් දිනන ඒක හිතන තරම් මහා අමාරුවක් නැත.

1982 ජේ.ආර්. දින්නේ රාජ්‍ය බලයෙන් හදපු වික්‍රම වීරසුරියගේ ප්‍රචාරක මැෂිමෙනි.88 ප්‍රේමදාස දින්නේ රාජ්‍ය බලයෙන් හදපු කුරේගේ ඡන්ද මැෂිමෙනි.99 චන්ද්‍රික දින්නේ රාජ්‍ය බලයෙන් හදපු එස්.බි.ගේ ඡන්ද මැෂිමෙනි. 2005 මහින්ද දින්නේ රාජ්‍ය බලය යොදවා මංගල-ශ්‍රීපති හදපු ප්‍රචාරක මැෂිමෙනි. 2010 මහින්ද දින්නේ බැසිල් රාජ්‍ය බලය පාවිච්චි කොට හදපු ඡන්ද මැෂිමෙනි.

මෛත්‍රී හෝ රනිල් රාජ්‍ය බලය පාවිච්චි කොට එවැනි ඡන්ද මැෂිමක් හදා ගත්තොත් වැඩේ ගොඩය. මේ ටික නොදැන මහින්දගේ බුකිය උඩ පනිනවා වැඩිය. ඒ වගේම ආණ්ඩුවේ බුකිය බය බිරාන්ත වෙලා බිම වැටිලා වැඩිය.

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

-ගුරුදා විග්‍රහය-

“ ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවැනි පෙළේ ඉන්න කුඩු බිස්නස් කාරයෝ. මේ රටේ පළවෙනි පෙලේ කුඩු බිස්නස් කාරයෝ වෙන කොහෙවත් නෙවෙයි ඉන්නේ හොද හොද ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධානවල සභාපතිවරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරුන් මහත්මියන් හැටියටයි මේ අය ඉන්නේ. මම මේ දන්නා නිසයි කියන්නේ. “

යනුවෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දින මාධ්ය හමුවක් අමතමින් සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් අද දින (2018.07.16) කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ දී සිදු කරන ලදී.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා දැක්වූ අදහස්.

මංගල කළේ බරපතල අපහාසයක් – මධුමාධව අරවින්ද

වගකිවයුතු අමාත්‍යවරයෙක් වශයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා ඉතා බරපතල ප්‍රකාශයක් වගේම අපහාසාත්මක ප්‍රකාශයක් පසුගිය 13 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී සිදුකරනවා. එහිදී එතුමා සඳහන් කරනවා මේ මොහොතේ වැලිකඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් සිටින පිරිස නොවෙයි ලංකාවේ මුල්පෙළේ අපරාධකරුවන් කියලා. ඒ වගේම එතුමා කියනවා මුල්පෙළේ ජාවාරම්කරුවන් සිටින්නේ කොහෙදැයි එතුමන් දන්නා බව. සිංහ සමාජයේ, රොටරි සමාජයේ, වගේම උපාසක මහත්වරුන් ලෙසින් පන්සල් ආශ්‍රිතවත් මෙම පළමු පෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන බව එතුමා කියනවා.

මේ මොහොතේ ජනාධිපතිවරයා ඇත්තට හෝ බොරුවට රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තැනට ප්‍රශ්නය ලොකු කර ගත් අවස්ථාවක, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රධාන පෙලේ පිරිස අමාත්‍යවරයා හොඳින්ම දන්නා නිසා අපි පොලිසියට ආරාධනා කළා මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරලා ඒ මුල් පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා.

ඒ වගේම ලංකාවේ වැදගත් මිනිසුන් සිය සමාජ සේවා කටයුතුවල යෙදෙන සිංහ සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් රොටරි සමාජයේ ඔබ සාමාජිකයෙක් නම් ඔබට මේ අගෞරවය දැනුණේ නැද්ද? විශේෂයෙන්ම නොම්මර එකේ කුඩුකාරයන් ඉන්නේ සිංහ සමාජයේ කිව්වට පස්සේ මෙවැනි සංවිධානවල සාමාජික සාමාජිකාවන් කොහොමද සමාජයේ කටයුතු කරන්නේ. ඒ වගේම උපාසක මහත්වරුන් කටයුතු කරන්නේ පන්සලත් එක්ක. ඒ නිසා මේ එල්ලන්නට හදන්නේ පන්සලට යන මිනිස්සු නම් මේ එල්ලන්නට හදන්නේ සමාජයේ වැඩදායි මිනිසුන් නම් ඒ අපහාසයටත් එතුමා පිළිතුරු දීම අවශ්‍යයි.

මංගල නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන්නේ රනිල්ද? රුවන්ද ? – තුෂාර දිසානායක

අපරාධකරුවෙක් පිළිබඳව දැනුවත් වෙලා අපරාධයක් සැඟවීම සහ අපරාධකරුවෙකු සැඟවීම වරදක් ලෙසයි අප දකින්නේ. ඒ අනුව මංගල පි. සමරවීර ඇමතිවරයා විසින් නොම්මර එකේ කුඩු ජාවාරම්කරුවන් පිළිබඳ දැනගෙන ඒ පිළිබඳ මාධ්‍ය හරඹයන් කරනවට වඩා මීට අදාළ ආයතන වලට එම තොරතුරු යොමු නොකළේ ඇයි කියන ප්‍රශ්නය අප සතුව තිබෙනවා.

අපරාධයක් වසන් කිරීමේ වරදට මංගල පී සමරවීර අමාත්‍යවරයා වරදකරුවෙකු වන නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අද පොලිස් මූලස්ථානයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

ඒ වගේම මගේ දැනුවත්වීම අනුව මේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන  බියගම සිංහ සමාජයේ සාමාජිකයන් දෙදෙනෙක්. ඒ අනුව මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා දන්න නොම්මර එකේ කුඩු ජාවාරම් කරුවන් ලෙස හඳුන්වන්නේ මෙතුමන්ලා ද කියන ප්‍රශ්නය අපට පැන නගිනවා.

ඒ නිසා අපි මංගල සමරවීර ඇමතිතුමා මෙලෙස වගකීම් විරහිතව රටේ සම්භාවනීය මිනිසුන් අරබයා සිදුකරන ලද මේ චෝදනාව හෙලාදකින අතරම මේ රටේ අපරාධකරුවන් ගැන දැනුවත් වී අපරාධයන් ගැන දැනුවත් වී ඒ පිළිබඳ අදාළ අංශ වෙත තතු නොකීම පිළිබඳව වූ චෝදනාව අපි ඔහු වෙත එල්ල කරනවා. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා.

Published on: Jul 16, 2018 – මරණීය දණ්ඩනය ගැන කතාබහ නැවත අලුත් වී ඇත. කාලයෙන් කාලයට එල්ලෙන වැලක් බවට පත්වී තිබූ මෙම මාතෘකාව නැවත අලුත් වී ඇත. මේ දිනවල කතාබහ එල්ලුම් ගහය.

ලංකාවේ කුඩු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යනු පෙනේ. රාජපක්ෂ යුගයේ හමුවූ කුඩු තොග යහපාලනයට දේශපාලන මාතෘකාවක් විය. යහපාලනය පැමිණි පසු ඒවාට තිත තැබෙන බව වේදිකාවල සපථ කැරිණි. එහෙත් සිදුවුයේ තිබුණාට වඩා දෙගුණ තෙගුණ මට්ටමට මෙරට කුඩු ව්‍යාප්තවීමය. එය වසංගතයක් බවට අද පත්වී ඇත. රාජපක්ෂ යුගයට හපන් කුඩු ව්‍යාප්තියක් අද සිදුවේ. එයින් පෙනීයන්නේ මේවා පාලනය කිරීම හෝ නැතිකර දැමීමට නීතිය පැත්ත ශක්තිමත් නොමැති බවය. දැන් මෙයට ජනපති පිළියමක් හොයාගෙන ඇත. එනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමන් ක්‍රියාකරන බවට ගෙන ඇති තීරණයයි. මෙය කුඩු වළක්වා ගැනීමට පිළියම වේද?

අලි යන ගුල් තිබියදී කූඹි යන ගුල් වැහීම වැනි වැඩක් වන මෙය කුඩු නතර කිරීමේ සාර්ථක පිළියම වෙතැයි අපි නොදනිමු. කුඩු මෙන්ම පාතාලය රට පුරා ව්‍යාප්ත වන්නට ඍජුවම දේශපාලන චරිත බලපායි. එසේ නම් ඔවුන් සිටියදී ඒ මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී කුඩු විකුණා හසුවූවන් මරණයට පත් කිරීම කොතරම් උචිතද යන්න ගැටලුසහගතය.

සමකැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19 දෙනකු බන්ධනාගාරගතව සිටින බවය. ඔවුන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් සොයා බලා ඔවුනට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවය.

පසුගිය කාලයේ හිටි ජනපතිවරු කිහිප පොළක්ම මරණ දඬුවම ගැන කතා කළද එය ක්‍රියාවට නොනැඟූහ. මෙවර එය ස්ථිරයටම වන බව ජනපති සිරිසේනගේ ඒකමතික තීරණය වී ඇති බව පෙනේ. බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළේ සිට ජාවාරම් මෙහෙයවන්නේ නම් එයම ප්‍රශ්නාර්ථයකි. අනෙක් අතට එලෙස මෙහෙයවන්නේ මොහුය යැයි නිශ්චිත කළ හැකිනම් මේවා මැඬලීමටත් ක්‍රියා කළ නොහැක්කේ මන්ද?

රාජිත ඇමතිවරයා කියනුයේ අදාළ ලැයිස්තුව සකස් කළ වහාම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවය.

ජනපතිවරයාට කවුරු හෝ දී ඇති උපදෙස නම් කුඩු තුරන් කරන්නට එකම පිළියම කුඩු ජාවාරම්කරුවන් එල්ලා මැරීමය. එනිසා මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිටින වරදකරුවන් එම ජාවාරම තවදුරටත් සිදුකරන්නේ නම් ඔවුන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.

දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරම්කරුවන්ගෙන් මෙලෙස ඇතුළේ සිට ජාවාරම් කරන ගණන 19ක් බව පැවසේ. එසේ නම් මේ දහනව දෙනා එල්ලා මැරූ පසු මෙරට කුඩු නැත්තටම නැතිවේද? මේ දිනවල කුඩු කිලෝ ගණන් වීමෝල්වලින්ද සොයා ගැනේ. එසේ නම් මේ සියල්ල සිදුවනුයේ බන්ධනාගාර ගතව සිටින කුඩු ජාවාරම්කරුවන් නිසාද? මේ දහනවදෙනා එල්ලූ පසුත් මෙලෙස කුඩු හසුවුවහොත් ජනපති කරනුයේ කුමක්ද?

අමාත්‍ය රාජිත සේනාරත්නගේ අදහස නම් ඔහු පෞද්ගලිකව ප්‍රතිපත්තියක් ලෙස මරණ දඬුවමට විරුද්ධ බවය. මරණ දඬුවම නිසා මේ අපරාධ අඩුවෙලා නැති බව අද ලෝකයේ පිළිගැනීම වෙලා තියෙනවා යන්න රාජිත අමාත්‍යවරයාගේ අදහසය. තත්ත්වය එසේ වුවද කුඩු ජාවාරම්කරුවන්ට ලෝකය පුරා මරණ දඬුවම දෙන බවද ඔහු කීවේය. ඒ අනුව ඔහුගේ ප්‍රතිපත්තිය කුමක් වුවත් ඔහු කියනුයේද මේ දහනවදෙනාට මරණ දඬුවම දිය යුතු බවය.

දැන් බොහෝ අය බලා සිටිනුයේ මේ අය එල්ලනතුරුය. උදේ හවා මරණම මාධ්‍ය හරහා භුක්ති විඳින ජනතාව අතරින් බහුතරයක් මොවුන් ප්‍රසිද්ධියේ එල්ලනවාට වුව කැමති විය හැකිය. එහෙත් අපගේ අදහස නම් මරණීය දණ්ඩනය දුන් පමණින් මේවා නතර කළ නොහැකි බවය. නතර කළ නොහැකි නම් මිනිසුන් එල්ලුම් ගස් යැවීමෙන් පළක් නොවේ. ජනපති අත්සන් තැබීමට ඉල්ලුවද? එය වේද? නොවේද යන්න අප නොදනිමු. එහෙත් මරණ දණ්ඩනය දීම යන්න අද බොහෝ රටවල් ප්‍රතික්ෂේප කර ඇති මාතෘකාවක් වී ඇත. එයට හේතුව මරණ දඬුවම දුන් නිසා මේවා නිවැරදි වූ බවක් ඔවුන් අත්විඳ නොමැති බැවිනි.

කුඩු ජාවාරම යනු ජාලාවකි. එහි පුරුක් බොහෝය. දේශපාලනය එහි ප්‍රධානතම ජාලයයි. එසේ නම් ඒ ජාලයෙන් එක් පුරුකක් කැඩූ පමණින් සියල්ල අහවර වේද? ඉන් දැනට හසුවී බන්ධනාගාරගතව සිටින පිරිස තුරන් කළ පමණින් සියල්ල නිවැරදි වේද? රාජපක්ෂ පාලන සමයේද මෙවැනිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. එනම් තෝරා ගත් අපරාධකරුවන් බන්ධනාගාරය තුළම මරා දැමීමය. එහෙත් අද අපරාධ අඩුවීද? අපරාධයට අපරාධයෙන්ම පිළිතුරු බැඳීම අසාර්ථක වැඩකි. මේ ආණ්ඩුවේ ආයු කාලය තව ඇත්තේ ටිකකි. මේ කාලයට ජනපති පෙන්වන වික්‍රමය මෙය විය හැකිය.

රාජපක්ෂලා කළේද ආයුධ පෙන්වන්නට බව කියමින් රැගෙන යන සැකකරුවන් ඝාතනය කිරීමය. එසේ වුව කියා අපරාධ ඉන්පසු නොවීද? මේ ආණ්ඩුව යටතේද ආයුධ පෙන්වන සෙල්ලම නොබෝදා ආරම්භ කළේය. මේවා අපරාධ මැඬලීමට හැකි ක්‍රම නොවේය.

මරණ දඬුවමට පක්ෂව මෙන්ම විපක්ෂවද බොහෝ අදහස් ඇත. එහෙත් ඒ කුමක් වුවත් මරණ දඬුවම යනු යල්පැන ගිය ක්‍රමයක් බව කිව යුතුය. මෙරටද මරණ දඬුවම දැනටත් ක්‍රියාත්මක වේ. එහෙත් ඊට ජනපති අනුමැතිය නොදීය. දැන් සිරිසේන ජනාධිපතිවරයා එය කරන්නට සූදානම් වේ. සිරිසේන ජනාධිපතිවරයා පුරුදු ලෙසම වැඩක් නැති වැඩකට නැවත අතගසා තිබේ. මේ ක්‍රමයෙන් කුඩු නතර කළ නොහැකි බව නම් කිව යුතුමය. ඒ සඳහා ඊට වඩා පුළුල් සමාජ දැනුවත් කිරීමක් වුවමනා වේ. එවැනි තැනකට තල්ලු නොවී එල්ලුම් ගහ ගෙනා පමණින් ලොකු විපර්යාස නොවනු ඇතිය. එහෙත් මේ මොහොතේ එකම වැඬේ බවට ජනපතිවරයාට කවුරු හෝ ලණුවක් දී ඇත. ඒ ලණුව එල්ලුම් ගහේ ලණුවට වඩා ලොකු ලණුවක් බව කිව හැකිය.

ටිරන් කුමාර බංගගමආරච්චි -රාවය

Published on: Jul 14, 2018- මෛත්‍රීපාල සිරිසේනට යලිත් ජනාධිපති පුටුවේ වාඩිවිමට කිසිදු හැකියාවක් නොමැති බවත් අවශ්‍යනම් ගෙදර පුටුවක සාදා එහි “ජනාධිපති” ලෙස නම් කර වාඩි විමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක අවධාරණය කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දව කරුණු පැහැදිලි කරන විශේෂ භික්ෂු කතිකාවක් ඊයේ (13 ) කොළඹ – තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් අනුර දිසානායක සදහන් කලේ මෛත්‍රීට මෙන්ම රනිල්ටත් මහින්දටත් යලිත් ජනපති පුටුවේ වාඩි විමට නොහැකි බවයි.

Published on: Jul 14, 2018 – සියලු වරදාන-වරප්‍රසාද ඥාති පුතුන්ට පමණක් හිමිකර දි ඇති සීමාසහිත විජය පුවත්පත් සමාගම ලංකාදීප පුවත් පතේ කීර්තිමත් මාධ්‍යවේදීන් කිහිප හෙනෙකුගේම වැටුප් වැඩි කර ඇත්තේ රුපියල් 20ත් රුපියල් 500ත් අතර ප්‍රමාණයකිනී.

ඒ අනුව ඩයනා උදයංගනීගේ වැටුප රු.20කිනුත්,ශාන්ත රත්නායකට රු 35කුත්,ඉන්දිකා රමාණයකගේ වැටුප 280කිනුත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න රණබාහුට රුපියල් 320කුත් පමණක් වැටුප් වර්ධක ලබාදි තිබේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වෙමින් රට පුරා මාස ගණන් සංචාරය කර පිටු පිරෙන්න කතා ලියන මාධ්‍යවේදී අංජුල මහීක වීරරත්න මහතාගේ වැටුප රුපියල් 65කින් වැඩි කර තිබේ.

උග්‍ර ජීවන අර්බුදයක් රටේ උද්ගත වී තිබියදී ඒ ගැන වගේ වගක් නොමැතිව ලබා දී තිබෙන මේ වාර්ෂික වැටුප් වැඩිවීම “ලංකාදීප” කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදීන් හඳුන්වන්නේ සිරි රණසිංහගේ “දෙයියන්දර වහල් වැටුප් සූත්‍රය” ලෙසය.

කෙසේ නමුත් සිරි රණසිංහ මහතාගේ ඥාති පුත්‍රයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන අජන්ත කුමාර අගලකඩ මහතා සම ප්‍රවෘත්ති කර්තෘ ධූරයට උසස් කර ඔහුගේ වැටුප රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලකින් වැඩි කර තිබේ.

කෙසේ නමුත් “ලංකාදීප” ක්‍රීඩා කර්තෘ සහ අන්තර් ජාල වෙබ් අඩවියේ හෙවත් “එසැන පුවත්” කර්තෘ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දමින්ද විජේසූරිය මහතාගේ වැටුප වැඩි කර තිබෙන්නේ රුපියල් 3.000කිනි.

මේ අතර සිරි රණසිංහ මහතාගේ බෑනාගේ ඥාතියකු වන මාධ්‍යවේදී රංජන් කස්තුරි මහතා නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ධූරයට උසස් කර ඔහුගේ වැටුප ද රුපියල් 3,000ත් 5,000ත් අතර වැඩි කර තිබේ.

සිරි රණසිංහ මහතාගේ මාර්ගයෙන් “ලංකාදීපය”ට අලුතින් පැමිණි ඔහුගේ ගමේ පවුලේ හිතවතකුගේ පුත්‍රයකු වන මාතර දෙනියායේ පදිංචි ආධුනික මාධ්‍යවේදී අමිල චින්තක ගමගේ මහතා පළමු ශ්‍රේණියට උසස් කර තිබේ.

එමෙන්ම ඔහුගේ තවත් ඥාති පුත්‍රයකු වන මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා “ලංකාදීප” උප කර්තෘ අංශයේ ප්‍රධානියකු ලෙස ද තමා මාර්ගයෙන් ආයතනයට පැමිණි මාතර උපන් අරුණ ශාන්ත මහතා නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධූරයට ද උසස් කර ඇත.

මේ අතර විජය පුවත්පත් සමාගමේ රියදුරන්ගෙන් බහුතරයේ වැටුප වැඩි වී තිබෙන්නේ රුපියල් 10ත් 100ත් අතර සොච්චමකිනි.ඒ අතර රුපියලේ සිට රුපියල් 10 දක්වා වැටුප් වැඩි වූ රියදුරන් ද සත පහකින්වත් වැටුප් වැඩි නොවූ රියදුරෝ ද සිටිති.

මිනිස්සුන්ගේ ශ්‍රමය,මිනිසත්කම,සිය දු දරු පවුල්වල දුක් කම්කටොලු,ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳ නොතකා සිය ඥාතීන්ට පමණක් සියලු වරදාන සහ වරප්‍රසාද ලබා දෙමින් අනෙකුත් සියලු අය තුට්ටුවකටත් මායිම් නොකර හිඟන්නන් ලෙස සලකා සොච්චමකින් වැටුප් වැඩි කළ “ලංකාදීප”ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාට හෙණ හත ගැසිය යුතු යැයි විජය පුවත්පත් සමාගමේ මාධ්‍යවේදීන් සහ සේවක සේවිකාවෝ දිවා රෑ හෙණ ඉල්ලන තත්ත්වයකට වැටි ඇති බවයි වාර්තා වේ.

සිංහල බෞද්ධ පරිත්‍යාගශීලී ප්‍රතිරූපයක් රට ජනතාව ඉදිරියේ මවා ගෙන සිටිමින් සිරි රණසිංහ මහතාගේ මේ දුෂ්ඨ සහ අමන ක්‍රියා අනුමත කරන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් වියවර්ධන වගේම නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු සියලුම බලධාරීන්ට ද මේ පවිටු ක්‍රියා ශාපයක්ම වනු ඇතැයි එම සේවකයන්ගේ අදහස වි ඇත්තේ.

රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ.

විස්ස ගැන අප කලිනුත් ලිපි කිහිපයක් ලියා ඇති. දහතුන තියාගෙන විස්ස සම්මත කර ගැනීමේ විපාක අප සාකච්ඡා කළා. මේ ලිපියෙන් වෙනත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ගැන මගේ විශ්වාසයක් නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ පොතපතෙහි පමණයි. ක්‍රියාත්මක ව ඇත්තේ කිහිප දෙනකුගේ ආධිපත්‍යයක්. ඒ ඊනියා ධනපති පංතියක කියා මා කියන්නේ නැහැ.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල බෙදී යා යුතුයි. අඩුම තරමෙන් ව්‍යවස්ථාවේ බෙදී යා යුතුයි. ජේ ආර් ගේ ව්‍යවස්ථාවෙන් විධායක බලතල අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර ජනාධිපතිට ලබා දුන්නා. එහි ප්‍රශ්නය වූයේ ව්‍යවස්ථාදායක බලතලත් පක්‍ෂ නායකත්වය හරහා ජනාධිපතිට ම පැවරීමයි. බලය බෙදීමක් වෙනුවට බලය ජනාධිපති යටතේ තහවුරු වුණා. එයට අප එදා විරුද්ධ වුණා. එහෙත් දහතුන සම්මත වීමෙන් පසු බලය පළාත් සභාවලට පැවරීමට එරෙහිව විධායක ජනාධිපති කෙනකුගේ අවශ්‍යතාව පැන නැගුණා. දහතුනෙන් පස්සෙ තියෙන්නෙ ජේ ආර්ගෙ හැත්තැහතේ ව්‍යවස්ථාව නො වෙයි.

විස්සෙන් කෙරෙන්නේ විධායක බලතල ජනාධිපතිගෙන් ගෙන අගමැතිට පැවරීමයි. නැවතත් පක්‍ෂ නායක ක්‍රමය යටතේ අගමැති විධායක මෙන් ම ව්‍යවස්ථාදායක බලතලත් හිමිකර ගන්නවා. බටහිර ඊනියා බලය බෙදීමක් මෙහි පොතේවත් නැහැ. එහෙත් අගමැති පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන නිසා හෝ විස්ස යටතේ මැතිවරණයට පෙර නම් කෙරෙන නිසා හෝ ඔහු දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල ග්‍රහණයට යම් ප්‍රමාණයකට හරි ගැනෙනවා. එයත් පළාත් සභාත් සමග ව්‍යවස්ථාව සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. විධායක හා ව්‍යවස්ථාදායක බලතල ඇති ජනාධිපතිවරයකුට වඩා ඒ බලතල ඇති අගමැතිවරයකු සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරාවි.

විස්ස අනුව දැනට සිටින ජනාධිපති 2020 ජනවාරි අටවැනි දා තෙක් ඉන්නවා. ඉන්පසු විස්ස 2020 ජනවාරි නවවැනිදා බලාත්මක කෙරෙනවා. පාර්ලිමේන්තුව ජනවාරි අටවැනි දාට පෙර විසුරුවා නොහැරියහොත් 2020 පෙබරවාරි අටවැනි දා තෙක් ක්‍රියාත්මක වන අතර ඉන්පසුව විසුරුවා හැරෙනවා. ඉන්පසුව කියන එක අර්ථ දක්වා නැහැ. එතෙක් රනිල් ඉන් පෙර ඉවත් නොකෙරුණහොත් විධායක හා ව්‍යවස්ථාදායක බලතල අගමැති වෙනවා. එපමණක් නොවෙයි. 2020 පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමට කිසිවකු නැහැ. ජනාධිපති ඒ වෙනවිට තනතුරෙන් ඉවත් කෙරිලා විධායක ජනාධිපති පදවියත් අහෝසි කෙරිලා. ඒ මදිවාට පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් අවුරුදු පහකට සීමා කෙරිලා. මෙහි සාමාන්‍යයෙන් කියන එක අලුත් වචනයක්. එහි කිසිම නිශ්චිතබවක් නැහැ.රනිල් සාමාන්‍යයෙන් කොහොමද?

විස්සේ එක් වගන්තියකට අනුව 2020 පෙබරවාරි අටවැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වුවත් නැවත පාර්ලිමේන්තුව කැඳවීමට බලධාරියකු නැති නිසා රනිල් මසකට නොව ජීවිතාන්තය දක්වා අගමැති වේවි ද? මහින්දට මැතිවරණයෙන් අගමැතිකම ලබාදීමට බලාපොරොත්තු වන්නන්ට මැතිවරණයක් ලැබේවි ද? මෙය රනිල් කොළය වසා ගැසීමක් ද? මහින්දටත් අගමැති වීමට ඉඩක් ඇති බව පෙන්වමින් රනිල් ජීවිතාන්තය දක්වා විධායක හා ව්‍යවස්ථාදායක අගමැති වීමට සූදානම් වෙනවා ද?

විස්සේ තවත් භයානක දේ තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නා වූ සාමාජිකයකු සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂයක් හෝ කණ්ඩායමක් හෝ ගන්නා තීරණයක් අධිකරණයේ දී අභියෝගයට ලක් කරන්න බැහැ. එයින් අධිකරණ බලතල කප්පාදු කර දේශපාලන පක්‍ෂවලට අධිකරණ බලතල දී තිබෙනවා. දේශපාලන පක්‍ෂ අධිකරණ ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙයින් සිදුවන දේ පැහැදිලියි.

විස්සෙන් පසු 2020 ජනවාරි නවවැනිදාට පසු සියළු මන්ත්‍රීවරුන් ඒ ඒ පක්‍ෂවල නායකයන්ගේ රූකඩ බවට පත්වෙනවා. මන්ත්‍රීවරයකුට තමන්ට වුවමනා ආකාරයකට මහජන මතයට කන්දී වුවත් කටයුතු කරන්න බැහැ. ලංකාවේ දේශපාලන පක්‍ෂවල නායකයන් (සමහර ඊනියා වාමාංශික පක්‍ෂවල ලේකම්වරුන්) පක්‍ෂ තුළ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පක්‍ෂ ව්‍යවස්ථා සකස් කර ඇත්තේ නායකයන්ට ඒකාධිපති බලතල ලැබෙන අයුරින්. විස්සෙන් පසු ඔවුන් තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්ටැලින්ලා බවට පත්වෙනවා.

විස්සේ මගෝඩියට හසු නොවී රනිල් ඉවත් කිරීමට වහාම යම් දේශපාලන ක්‍රියා පිළිවෙතකට යා යුතුයි. විස්ස සම්මත වුවහොත් එක් පැත්තකින් පළාත් සභා බලතල වැඩි වෙන අතර එ ජා පක්‍ෂයට (එහි නායක රනිල්ට) අසීමිත බලතල ලැබෙනවා. රනිල් ඒ බලතල යොදා ගනු ඇත්තේ සිංහලයන්ට විරුද්ධවයි. ඔහු මැතිවරණයක් නොපවත්වා ම තම බලතල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න විශාල ඉඩක් තියෙනවා.

Published on: Jul 11, 2018 – සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රුපියල් කෝටි 317 ½ කට අධික මුල්‍ය සහ දේපොළ අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය හෙළි කර සිටියි.

මේ මහ පරිමාණ මුල්‍ය සහ දේපොළ වංචාවට වග කිව යුත්තේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය බව ද එම සංවිධානය චෝදනා කරයි.

ජගත් සුමතිපාල මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ මේ දුෂණ,වංචා, අක්‍රමිකතා වගේම අත්තනෝමතික සහ ශාසන විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව අද (10) සවස 2.30 ට සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටදී දැවැන්ත සත්‍ය ග්‍රහයක් පවත් වන බව පැවසූ බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය ගිහි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බෞද්ධ මහ සම්මේලනය “රේස් ඔට්ටුකරයින්ගෙන්” බේරා ගන්නා තුරු මේ සටන ඉදිරියටම ගෙන යන බව ද අවධාරණය කර සිටියි.

මේ මහ පරිමාණ මුල්‍ය සහ දේපොළ වංචාව හේතුවෙන් 2018 -01-06 දින පැවැති බෞද්ධ මහ සම්මේලනයේ 98 වන සංවත්සර සභාවේදී සහ 91 වන මහ සභාවේදී හිටපු සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කළ මුදල් වාර්තාව සභා සම්මත වී නොමැත.

ඒ අනුව බෞද්ධ මහ සම්මේලනයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජගත් සුමතිපාල මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය තාවකාලිකව, එනම් තෙමසක් සඳහා පමණක් යළි පත් කෙරුණු අතර ඒ අයගේ එම තාවකාලික නිල කාලය 2018 අප්‍රේල් මස හය වනිදගෙන් අවසන් වී තිබේ.

එසේ තිබියදී ජගත් සුමතිපාල මහතා ප්‍රධාන ඔහුගේ නිලධාරී මණ්ඩලය නීති විරෝධී ලෙස බෞද්ධ හිමිකම් පිළිබඳව කොමිසමක් පත් කරමින් සහ වාර්ෂික මුදල් වාර්තාව සම්මත වූ බවට තහවුරු කෙරෙන කූට ලේඛනයක් සකස් කර ඉදිරිපත් කරමින් බෞද්ධ මහ සම්මේලනයේ බලය අයුතු ලෙස අල්ලා ගෙන සිටීමට කටයුතු කරමින් සිටින බව බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය පවසයි.

ජගත් සුමතිපාල මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය බෞද්ධ සම්මේලනය සතු කොළඹ 07 පිහිටි රුපියල් කෝටි තුනක් සහ කොළඹ,ස්වර්ණ පෙදෙස, කාසල් වීදියේ පිහිටි රුපියල් කෝටි 17.05ක් වටිනා දේපොළ නීති විරෝධී ලෙස විකුණා මුදල් ලබා ගෙන අන්සතු කර තිබේ.
සමස්ථ ලංකා බෞද්ධ මහ සම්මේලනයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික සභාවේ හිටපු සභාපති ජයන්ත පීරිස් මහතා මේ සම්බන්ධව 2018-04-12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් සිදු කර ඇත.

මීට අමතරව ජගත් සුමතිපාල මහතා සමස්ථ ලංකා බෞද්ධ මහ සම්මේලනය යටතේ විදේශ ආධාර ලබා ගත හැකි ගිණුමක් සිය නිලධාරී මණ්ඩලය ඇතුළු කිසිවකුට නොදන්වා කූට ලේඛණ ඉදිරිපත් කරමින් ඔහුගේ දුවගේ සහ බෑනාගේ නමින් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගොස් ඇති අතර පසුව එම ගිණුම වසා ඇති බවට ද මේ වන විට කරුණු හෙළිදරව් වී තිබේ.

මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ එවකට සංස්කෘතික විෂය භාරව සිටි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් වෙත සියලු සාක්කි සහ සාධක ඇතිව පැමිණලි කිරීමට ද බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය පියවර ගෙන තිබේ.

(උපුල් බණ්ඩාර)

Published on: Jul 9, 2018- යහපාලනයේ අට පාස් මුදල් ඇමති මංගල සමරවීර සිය ඩයස්පොරාවේ සුරතලුන් සමග කොළඹ නිවසේ පසුගිය 4 වැනිදා රාත්‍රීයේ සාදයක් පවත්වා ජෝගී දමා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා.මංගලගේ කොළඹ පිහිටි නිවසේ පැවැති එම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා ඩයස්පොරාවේ කිහිපදෙනකුම පැමිණ ඇති අතර අනාගත ඩයස්පොරාවේ බල ව්‍යාප්තිය සදහා මංගලගෙන් එම කණ්ඩායම සaජුවම සහය ඉල්ලා තිබේ.

තැන්පත්කරුවන්කරුවන් 33,000කගේ බිලියන 33කට අධික මුදලකට කෙලවා අවසානයේ අනාථ වි ගිය ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන සියල්ලම යහපාලනයේ අට පාස් මුදල් ඇමති සහ රටේ ආර්ථික කම්බස් කල මනෝ තිත්තවැල්ල පසුව එම ආයතන එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජාට(Allirajah Subaskaran) විකුණා දැමු අතර මේ වනවිට එම ගණුදෙනු හරහා ලැබුනු අසිමාන්තීක මුදල් වලින් මේ වනවිට මත්වු සිටින මංගල සහ සමාගම මෙම ප්‍රියසාදය පවත්වා තිබේ.

මැලේසියානු සම්භවයක් ඇති LTTE සංවිධානය සමග සමීප සබඳතාවයන් ඇති සුභාෂ්කරන්ගේ ගෝලයෙකු වන ජේ. සුධීර් ජෙයරාම්ද මෙම අවස්ථාවට සහභාගි වි ඇති අතර පසුගියදා මංගලගේ ඩයස්පොරා ගැතිකම් හෙලිකල SLvlog දේශපාලන කතිකාවට කුණුහරුපයෙන් තර්ජනය කල මංගලගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත් හල්ඔලුව මෙම ප්‍රියසාදය සංවිධානය කර තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ දකුණෙ මාධ්‍ය මෙන්ම මුල්‍ය ආයතන අත්පත්කර ගැනිමේ මෙහෙයුමට අමතරව රටේ පෞද්ගලික බැංකු කිහිපයක්ම සහ සහ කෙලවිගෙන් යන රාජ්‍ය බැංකුවක් අත් පත් කරගැනිමේ මෙහෙයුම මේ වනවිට ‘ලයිකා මොබයිල්’අත්පත්කර ගැනිමට කටයුතු කරමින් සිටින බවයි.

සුභාෂ්කරන් අල්ලිරාජා (Allirajah Subaskaran)ගේ කුප්‍රකට වංචා ගැන අනාවරණයක් බලාපොරොත්තු වන්න….

Published on: Jul 8, 2018- ශ්‍රී ලංකා දේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන කරුණු ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔකතෝබර් මස 2 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයෙහි මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතාට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නොතීසි නිකුත් කෙළේය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “ස්වයං නීර්ණ අයිතියක්” සහ ස්වයං නීර්ණ ආණ්ඩුවක් යන්න සඳහන් කිරීම මන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බවට සහ එමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට චෝදනා කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කෙළේය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවිම යන්න අර්ථ ගැන්වෙන වදන් ඇතුළත් කිරිම සහ ඊට උත්සාහ කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පකෂයෙහි පොදු අරමුණ ශ්‍රි ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවිම, බව පෙන්වා දි ඇති පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එය දෙමළ ජාතික සන්ධානයෙහි ප්‍රමුඛ එක් අරමුණක් බවට ප්‍රකාශ කරන ලෙසය‍. නීතිඥවරයකු වන උණවටුන තොටවත්තගේ අරුණ ලක්සිරි විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. දෙමළ ජාතික සන්ධානයෙහි මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා පෙත්සමෙහි වගඋත්තරකරු වේ.

අගවිනිසුරු මොහාන් පිරිස්, සත්‍ය හෙට්ටිගේ , රෝහිනී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (27) කැඳවන ලදි. ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වු උතුරු පළාත් මැතිවරණයට පෙර ඒ සඳහා තරඟ කළ දෙමළ ජාතික සන්ධානය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කෙළේය.

“ස්වයං පාලන අයිතිය “ දෙමළ ජනයාගේ හිමිකමක් ලෙස එහි දක්වා තිබේ .ස්වයං තීරණ ආණ්ඩුවක්, අවශ්‍ය බව ද එහි දක්වා තිබේ. එම කරුණු මගින් අදහස් කරන්නේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරිම බවත් , වෙනම ආණ්ඩුවක් පිහිටුවිම බවත් පෙත්සමෙහි දැක්වේ.එසේම ස්වයං නීර්ණ අයිතිය දෙමළ ජනයාට හිමිවිම වක්‍රාකාරයෙන් ස්වාධින වූ වෙනම ආණ්ඩුවක් ස්ථාපිත කිරිම බව ද පෙත්සමෙහි සඳහන් වේ.

එමගින් මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි 1,2,3,4,5,6,7,8, යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය වන බවද පෙත්සම්කරු පවසයි.

එබැවින් එම ප්‍රතිපත්ති පුකාශ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ ද යන්න පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස දමෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම වෙනුවෙන් පෙත්සම් කාර නිතිඥඅරුණ ලක්සිරි මහති පෙනි සිටියේය.

~~නෙල්කා මැදගෙදර~~

Top