Published on: Jul 7, 2018 – ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු තවමත් ඉටුකර නැති බවත් ඒ හෙතුවෙන් රජය කෙරෙහි තමන් ඇතුලු උතුරේ දමිළ වැසියන් දැඩි කලකිරිමට ලක්ව සිටින බව විපක්ෂ නායක මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සිය සේවා කාලය වසන් කර සිටින ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි හමුවු අවස්ථාවේ සදහන් කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු තවමත් ඉටුකර නැති බවත් රජයට මේවා ඉටු කිරීමට නොහැකි වෙන තත්වයක දෙමළ ජනතාව කිසි විටකත් මේ රටේ දෙවන පාර්ශ‍වයේ පුරවැසියන් ලෙස ජීවත් විමට සුදානමක් නොමැති බවද සම්බන්ධන් පවසා තිබේ.


ශ්‍රී ලංකවේ ජනතාවගේ යහපත පදනම් කරගෙන ජාත්‍යන්තර බලාපොරොත්තු ශ්‍රී ලංකා රජය සම්පුර්ණයෙන් ඉටු නොකර සිටියි. එ.ජා. මානව හිමිකම් කොමිසමේ 2015 වසරේදී සම්මත කරන ලද යෝජනාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ගත් වීට අතුරුදහන් වුවන් සදහා කාර්යාලය ඉතාමත් ප්‍රමාධ කර ස්ථාපිත කර ඇත. වන්දි සම්බන්ධ පනත තවමත් සම්මත නොකර සිටියි. වගවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාකාරකමක් එනම් සත්‍යය හදුනා ගැනීම, සාධාරණය, සංහිදියාව සහ නැවත සිදු නොවීම තහවුරු කිරීම සදහා කොමිසම් තවමත් ස්ථාපිත කර නැත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදි යහපත් ආරම්භයක් පෙන්නුම් කලද දැනට එය සිදුකරගෙන යාමේදි අනවශ්‍ය බාධාවන් පැන නැගෙමින් තිබෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර 25කට වැඩි කලක සිට උත්සහ කරමින් සිටියි. දැනට පවතින මෙම ප්‍රමාධයන්වලට සාධාරණ හේතුන් කිසිවක් අපිට පෙනී යන්නේ නැත. අපගේ ප්‍රධාන අරමුණ රට යහපත් තත්වයට ගෙන ඒමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් සියලු දෙනාටම යහපතක් සිදුවෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීම අපහසු කාර්යක් නොවෙයි. උතුරු නැගෙනහිර ඇතුලු රටේ සියලුම ප්‍රදේශවල ජීවත් වෙන බහුතර දෙමළ ජනතාව නොබෙදුන බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුල විසදුමක් බලාපොරොතු වෙයි. අපගේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි. රජයට මේවා ඉටු කිරීමට නොහැකි වෙන තත්වයක දෙමළ ජනතාව කිසි විටකත් මේ රටේ දෙවන පාර්ශ‍වයේ පුරවැසියන් ලෙස ජීවත් වෙන්නේ නැත.”

අනතුරුව අදහස් දැක් වු ඇමෙරිකානු තානාපතිවරයා,

එක්සත් ඇමෙරිකාව අතින් ගත් කල එ.ජා. මානව හිමිකම් කොමිසමේ යෝජනාව ක්‍රියාත්මක කල යුතු බවත් දෙරට අතර විවිධ සම්බන්ධතාවලට මෙය පදනමක් බවද පෙන්වා දි තිබේ. තිරසාර සාමයක් සහ සංහිදියාවක් ඇති කිරීමට රටේ ඉලක්කයන් ධනාත්මකව තිබිය යුතුයි. ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකා රජය ලබා ඇති හොද නම හෑල්ලුවට ලක් නොකල යුතු බවද පෙන්වා දි ඇති හිටපු තානාපතිවරයා නව ආණ්ඩ්‍රක්‍රම වයවස්ථාවක් සම්පාදනය කල විට ශ්‍රී ලංකා රජය විදේශීය ආයෝජකයින්ගේ ආකර්ශණයට පත් වෙන අතරම ආර්ථික වශයෙන් විශාල සුබ සිද්ධියක් ඇති වෙනු ඇති බවද පෙන්වා දි තිබේ.

මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඇමෙරිකාව දිගටම අවධානය යොමු කරන බවද අවධාරණය කර තිබේ.

Published on: Jul 7, 2018- ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් ඊ.ටී.අයි (ETI)එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය (06) වැනිදා නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජිවක හේමාල් ඒදිරිසිංහ, අන්ජලී දීපා ඒදිරිසිංහ, නාලක ප්‍රේමාල් ඒදිරිසිංහ,අසංක ශ්‍රිමාල් ඒදිරිසිංහ යන අය සදහා විදේශගත විම තහනම් කර තිබේන අතර ඊට හෙතු වි ඇත්තේ මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධා සිදුවන බැවින් මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කර නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමයි.

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන් පසුගිය (30) දිනයේත් සිය තැන්පත් මුදල් නැවත ලබාගැනීම සඳහා එම ආයතනයට රැස්වූ අවස්ථාවේ එහි නොසන්සුන් තත්වයක් හට ගත් අතර ඊට හේතු වුයේ බලධාරීන් අදාල මුදල අගෝස්තු මසදී ගෙවන බව සදහන් කිරිමයි.

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන් හට බොරැල්ලේ පිහිටි එහි කාර්යාලය වෙත පැමිණෙන ලෙසත් තම තැන්පතුවලින් සියයට දහයක මුදලක් නැවතත් ලබා දෙන බවට ආයතනයේ බලධාරීන් කලින් පොරොන්දුවක් ලබාදි තිබු අතර පසුව ඊ.ටී.අයි ආයතනය වෙනුවෙන් පැමිණ සිටි නියෝජිතයන් එහිදී කියා සිටියේ තැන්පතුකරුවන්ට ලබාදෙන සියයට දහයක මුදල ලබන අගෝස්තු මසදී ලබා දීමට පියවර ගන්නා බවයි.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් මහ බැංකුව තීරණය කරන ලදි. තව ද, එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දි තිබුන අතර ඒ අනුව එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් සිය මැලේසියානු නියෝජිත ජේ. සුධීර් ජෙයරාම් හට විකුණා දමා තිබේ.

සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා මෙම ව්‍යාපාර මිලදි ගැනිම පසුපස සිටින අතර ඩයස්පොරාවේ හුරතලෙකු වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල පින්සිරි සමරවීර සහ මංගලගේ උපදේශක මනෝ තිත්තවැල්ල උතුර සහ දකුණ ඩයස්පොරාකරණයේ මහ මොළකරුවන් ලෙස කටයුතු කරමින් සිටින අතර මේ දක්වා අහිංසක ජනතාවගේ මුදල් ගෙවිම්ට ETI සමත් වි නැති අතර දින ගණනක් ජනතාවට පොරොන්දු දුන්නද අවසානයේ සිය මුදල් ලබා ගැනිමට පැමිණි ජනතාවට සිදුවුයෙ හිස් අතින් ගෙදර යැමටය.

වාර්තා වන අන්දමට ඊ ටී අයි ආයතනය අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මුදලින් ඩොලර් දශ ලක්ෂ 32ක මුදලක් දැනට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දශ ලක්ෂ 5,017.6ක් ලෙස ඊ ටී අයි ආයතනය වෙත ලැබී ඇත.

තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව එ සේ ලැබී ඇති මුදලින් ඊ ටී අයි ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක මුදලක්, එ නම් ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 3,350ක මුදලක් සහ 2018 මැයි මාසය අවසානය වන විට ගෙවිය යුතු වන පොලී මුදල්, ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 1,400 ක් පමණ, තැන්පත්කරුවන් වෙත ගෙවීමට මහා බැංකුව උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම ගෙවීම 2018.06.05 දින ආරම්භ කිරිමට නියමිතව තිබුනද මේ දක්වා එය සිදු වි නෑ.එ මෙන් ම එම ආයතනයේ තැන්පතු වගකීම්වලින් තවත් සියයට 10ක මුදලක් ඉහත කී වත්කම් විකිණීමෙන් ලැබෙන ඉතිරි මුදලින් (එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 43) ගෙවීමටත් මහා බැංකුව ඊ ටී අයි ආයතනය වෙත උපදෙස් ලබා දී තිබේ.

පහත දැක්වෙන්නේ දිනී ජයසේකර විසින් රාවයට තබන ලද සටහනකී…

මේ හොරකම් කරලා, මිනී මරලා හම්බ කරපු සල්ලි නෙමෙයි. අවුරුදු 22ක් තිස්සේ දුක් විඳලා හම්බ කරපු සල්ලි. මේකේ සල්ලි දානවට අපිට 15%ක පොලියක් දෙනවා කිව්වා. මුලදී අපිට 15% ලැබුණා. ඒ පොලිය නිසාම තමයි අපි මෙතන සල්ලි දැම්මේ. ඒත් දැන් අපි අනාථ වෙලා. පොලිය කෙසේ වෙතත් අපිට අපේ සල්ලිත් ලැබෙන්නේ නැති තත්ත්වයක් උදාවෙලා. මේක දැනුණු වෙලේ ඉඳලා අපි ඉල්ලීම් කරනවා, අපේ සල්ලි ඉල්ලලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ අවුරුද්දේ ජුනි මාසේ අපිට තැන්පත් මුදලින් 10%ක් ලැබුණා. දැන් ඒක දීලා මේ අය මගහරිනවා. අපිට ඒකෙන් වැඩක් නැහැ. අපිට අපේ සල්ලි ඕනෑ. පොලිය නැතත් කමක් නැහැ. අපේ දුක බලලා ආණ්ඩුව මැදිහත් වෙලා හරි අපේ සල්ලි අරගෙන දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.”

මේ එක් අයකුගේ අඳෝනාවක් වුවත් මෙය බොහෝ අයට පොදු කතාවක් වෙලා. මේ ඉල්ලීම ඉල්ලන දහස් ගණන් මිනිස්සු මේ කතාවම අපිට කියනවා. පාර්ලිමේන්තුවෙත් කතා වෙවී තියෙන ඊටීඅයි වංචාවට හසුවූවන්ගේ තමයි මේ කතාව. ඔවුහු මහන්සියෙන් හම්බ කළ මුදල් වැඩි පොලියට තැන්පත් කළ වරදට අද ඔවුන්ට පොලියත් මුදලත් දෙකම අහිමි වෙලා. එයට වැරදිකරුවෝ දඬුවම් විඳින්නෝ ඔවුහු පමණද? එසේ කියා සැහැල්ලුවට මේ මිනිසුන්ගේ ප්‍රශ්නය ඉවත දැමිය හැකිද?

ඊටීඅයි කුමක්ද?

බොහෝ අය ඊටීඅයි කියූ විට නොදනිති. එහෙත් මීට අයත් සෙසු ආයතන ගැන ඉතා හොඳට දනිති. ඒ ස්වර්ණවාහිනිය සහ ශ්‍රී එෆ්.එම්. නාලිකාවය. අපි අහන්නේ ‘ශ්‍රී’ යැයි සුළු මුදලකට මිනිස්සු උජාරුවට කියති. මේ වංචාවට මේ රූපවාහිනී නාලිකාවත් එෆ්.එම්. නාලිකාවත් හොඳහැටි උපකාරී වූවා මතකය. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන හොටු පෙරාගෙන එම පුවත් රටට කියන ස්වර්ණවාහිනියට මේ තම ආයතනය උකස් කරගෙන ඇති මිනිසුන්ගේ දුක දුකක් නොවේද?
මුලින් මෙම ආයතනය පොහොසත් වූයේ අහිංසක මිනිසුන් හදිසියට තියන රන් බඩු නිසාය. ඒවා බොහොමයක් සින්න වූ කල ඒවා ඔවුන්ට ඉල්ලමක් විය. ඒ මුදල්වලින් රූපවාහිනී නාලිකා මෙන්ම, එෆ්.එම්. නාලිකාද පටන් ගෙන මොවුන් රටේ ජනතාවම ගොනාට අන්දන තැනට තල්ලු විණි. අද ඒ උගුලට බොහෝ අය හසුවී ඇත. එනම් මාධ්‍ය ජනප්‍රියකම ඔස්සේ මූල්‍ය සමාගම් පටන් ගැනීමත් මොවුන් ආරම්භ කළ නිසාය. ජනප්‍රිය නළු නිළියෝ මෙය ප්‍රචාරය කිරීමට අනේක පුරසාරම් මුදලට ඇද බෑහ. අද මෙහි මුදල් දැමූ අය නඟන අඳෝනාවත් ඒ අයට ඇසෙන්නේ නැද්ද?

අයාලේ යෑම

මේවා මහ බැංකුවේ අධීක්ෂණයට හසුනොවී නිදහසේ වැඩුණු බව කිව යුතුය. ඔවුන්ද මේ ආයතන හොඳ ගණයෙහිලා සැලකූ බවද කිව යුතුය. දැන් ඔවුහු ව්‍යාජ කතා පතුරුවති. සෝමා එදිරිසිංහගේ ඇවෑමෙන් මෙහි පාලනය යන්නේ සෝමා එදිරිසිංහගේ දරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දුව දීපා එදිරිසිංහ යන සතර කට්ටුවටය. සතරදෙනාගේ අතට පත්වන මෙය අයාලේ යන්නේ මහජනයාගේ මුදල් ගැන කිසිදු තැකීමක් නැතිවය. දිනෙන් දින ආයතනය බංකොළොත් වන ලකුණු පෙනුණු මුත් මේ සතර කට්ටුවට නම් කිසිදු හෙණයක් නොවීය. එසේ නම් මිනිසුන් තැන්පත් කළ මුදල් මොවුන් ආයෝජනය කළේ කොහිද?

“මේක අද ඊයේ නෙමෙයි කඩා වැටෙන්න පටන් ගත්තේ. 2012 ඉඳලා මේ තත්ත්වය ආවා. ඒත් මොන මොන ගැට ගහලා හරි හිටපු නිලධාරීන් ගනුදෙනුකරුවන් අල්ලගෙන ගියා.” එහෙම කියන්නේ තැන්පත්කාරිණියක වන දමයන්තිය. ඇය ඒ යටගියාවේ තතු අපට මෙසේ පැහැදිලි කළාය.

“මේ කඩා වැටීම සැලැස්මකට වන දෙයක්. එහෙම නැතිව එකපාර වෙන්න බැහැනේ. 2012 ඉඳලා මේ ප්‍රශ්නයත් ඇවිස්සුණා. 2012දී අපට මුලින්ම ලිපියක් ආවා මූල්‍ය ආයතනය පාඩු ලබනවා කියලා. 2011 සහ 2012 බැලන්ස් ෂීට් පවා අපට එවලා තිබුණා. ඒත් අද තමයි තේරෙන්නේ මොවුන් සිදුකළේ ලොකු මුලාවක්. මොවුන් මේ හැමදේම කළේ තැන්පත්කරුවන්ව මුලා කරන්න. 2012 ඉඳලා පාඩුයි පාඩුයි කිව්වට ඒ මුකුත් පිටට පෙන්නුවේ නැහැ. 2015දීත් පාඩු ලබමින් තැන්පත්කරුවන්ව හොඳට ඇන්දුවා. ඒ වෙනකොට මහ බැංකුව මගින් ඊටීඅයි මූල්‍ය ආයතනයට තැන්පත් භාර නොගන්නා ලෙස කොපමණ අවවාද කළත් ඒ මුකුත්ම ගණන් ගන්නේ නැතිව 2017-12-30 සෙනසුරාදා ප.ව. 5.00 දක්වාම නව තැන්පත් සියල්ලක්ම ඊටීඅයි ආයතනය භාර ගත්තා. එහෙනම් මේ කාවද රවට්ටන්නේ.”එහෙම කියන්නේ ඊට රැවටුණු දමයන්තිය.

“මහ බැංකුව තැන්පතු භාරගන්න එපා කියලා දැනුම් දුන් බව අපි දන්නේ නැහැ. දන්නවා නම් සල්ලි එදාම ගන්නවා.” දමයන්ති කියනුයේ අදය.මෙහි සලකා බැලිය යුතු තවත් වැදගත්ම කරුණ නම් මෙම මූල්‍ය ආයතනය වැඩි ප්‍රසිද්ධියකින් තොරව කාලාන්තරයක් පැවතුණු බවය. මෙහි ඉතිහාසය වසර 51කි. එහෙත් මෙය ජනප්‍රියවන්නේ ඔවුන්ගේ ටෙලිවිෂන් එකත් රේඩියෝවත් සමගය.

අම්මා හොඳවීම

මේ ගනුදෙනුකරුවන් බොහොමයකගේ අදහස දිගු ඉතිහාසයක් ඇති මෙම මූල්‍ය ආයතනය සෝමා එදිරිසිංහ මහත්මිය කරන කල්හි මෙවැනි අවදානමක් නොපැවති බවය. එකල නිසි ආකාරයට ගනුදෙනු සිදුවූ බවය.

“අපේ තාත්තලත් මෙතැන සල්ලි දාලා තියෙනවා. ඒ විශ්වාසයට තමයි අපිත් සල්ලි දැම්මේ.” මේ අද හසුවූ පරම්පරාවේ අයෙක් කී කතාවකි. එසේ නම් මෙය කලක් පිළිවෙළට කළ බවද පිළිගත යුතුව ඇත. එසේ නොවන්නට අඩසියවසක් මෙය නොපවතිනු ඇත.

බිලියන 33ක්

පාඩු ලැබූ තැන්පත්කරුවන්කරුවන් 33,000කගෙන් සමන්විත වූ ETI මූල්‍ය ආයතනයේ තැන්පතුවල මුළු එකතුව බිලියන 33කි. තැන්පත්කරුවන්ගේ මුදල්වලට සිදුවූවේ කුමක්ද යන්න විසඳාගත නොහැකි මහා ගැටලුවකි. දැන් තැන්පත්කරුවන්ට අවශ්‍යවන්නේ ප්‍රශ්නවලට පිළිතුරු නොව ඔවුන් තැන්පත් කළ මුදල්ය. තැන්පත්කරුවන් 33,000ක් කියන්නේ ඉතාමත් සුළු පටුවට සිතිය නොහැකි කාරණයකි. ඔවුන් මුදල් උපයන්නේ මූල්‍ය ආයතන ප්‍රධානීන්ගේ දියුණුව උදෙසා පිනට පිදීමට නොවන බව කිව යුතුය. ඔවුන් යම් තැනක මුදල් තැන්පත් කරන්නේ තමන්ගේ යම් යම් හදිසි අවස්ථාවලදී ඵල ප්‍රයෝජනයට ගැනීමටය. එසේ හදිසි අවශ්‍යතාවන් සඳහා තම මුදල් ප්‍රයෝජනයට නොගතහැක්කේ නම් එවැනි මූල්‍ය ආයතන කුමකටද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

“තැන්පත් කරපු මුදල් ගන්න අපිට වෙනම මුදල් වියදම් කරන්න සිද්ද වෙලා. ඒ මදිවට රස්තියාදුව. එහෙම කරල හරි මුදල් එකපාර හම්බෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ අපිට මුදල් දෙන්නේ. සල්ලි දානකොට නම් කියන්නේ අපි වගකීම ගන්නවා. බයවෙන්න දෙයක් නැහැ කියලා. මෙහෙම දේවල් වෙනවා කියල දන්නවනම් ඇත්තමයි අපි සල්ලි දාන්නෙ නැහැ.” මේ ආනන්ද මහතාගේ අදහසය.

රජයේ රැකියාවල නිරත වී විශ්‍රාම වැටුපෙන් ජීවත් වන්නෝ මේ තැන්පත්කරුවන් අතර සිටින්නෝය. සමහරු හෘදයාබාදවලින් පීඩා විඳින්නෝය. තවත් සමහරු පිළිකා නිසා රෝහල් ගත වී සිටින්නෝය. ඔවුන් එසේ පීඩා විඳීමට රෝහල් ගතවීමට ප්‍රථම ඔවුන් මුදල් තැන්පත් කළේ මෙවැනි හදිසි අවස්ථාවලදී තම මුදල් ප්‍රයෝජනයට ගැනීම සඳහාය. එහෙත් මේ ආයතනය ලබන පාඩුව නිසා ඔවුන් ඒ තැන්පත් කළ මුදල ගැනීමටත් නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. එය කනගාටුදායක සිදුවීමක් සහ ආයතන ප්‍රධානීන්ගේ දුර්වලකමකි.
පියතිස්ස රජයේ සේවකයෙකි. පෙනුමෙන් ඔහුගේ වයස හැටක් ඉක්මවා ඇති බව නිසැකය.

“මගේ සේවාකාලයේ වැටුපෙන් රුපියල් 22,000ක්. අවුරුදු 04ක් තිස්සේ තැන්පත් කරපු මුදල් ලක්ෂ 34ක් ෑඔෂ මූල්‍ය ආයතනයේ තියෙනවා. අපි හරියට කාල බීල එකතු කරපු සල්ලි නෙවේ ඕවා. දුක් මහන්සියෙන් හම්බ කරපුවා. දැන් පෙන්ෂන් එකෙන් ජීවත්වෙන්නේ. කෙනෙක් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරන්නේ අනාගතේ දවසක ඒ මුදල් බලාපොරොත්තුවෙන්නේ. ඉතිං මාත් එහෙමයි මුදල් තැන්පත් කළේ. ඒත් දැන් ඒ මුදල් ලබාගන්නම අතරමගට වියදම් වෙනවා පැන්ෂන් එක. මාස පහක කාලයක් තිස්සේ අපි මේ ඉවසන් ඉන්නේ. කිසිම කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. හරි අපරාධයක් මේක.”
තම මුළු සේවා කාලය තුළ හරිහම්බ කරගත් මුදල් තැන්පත් වශයෙන් මූල්‍ය ආයතනවල තැන්පත් කර ආයතන ප්‍රධානීන්ගේ සාක්කු පුරවා කෑ ගැසීමට සිදු වූ පියතිස්සගේ අදහස එබඳුය. ETI මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ මනතුංගගේ අදහස මෙබඳුය.

“මම කලින් වැඩ කළේ විදුලි අධිකාරියේ. මගේ ලක්ෂ 27ක තැන්පතුවක් ETI මූල්‍ය ආයතනයේ තියෙනවා. ඇත්තටම කලකිරිලා ඉන්නේ මේ හැමදෙයක් ගැනම. අපි හැමෝම මේ කෑගහන්නේ තම තමන්ගේ මුදල් වෙනුවෙන්. අපිට ඊට වැඩිය සතපහක්වත් ඕන වෙන්නෙ නැහැ. ජුනි 5 වෙනිදා අපේ මුදලින් 10%ක් අපිට ලැබුණා. ඒත් ඉතිරි මුදල් අපිට දෙන්නේ කවදාද? අපේ මුදල් අපිට එකවර දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි.”

මහ බැංකුවේ ලියාපදිංචියි

ETI මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය ලැබූවේ වර්ෂ 1967 දීය. එනම් දැනට අවුරුදු 51කට පෙරය. SFS මූල්‍යය ආයතනය ලියාපදිංචි කරනුයේ 2006 වර්ෂයේදීය. එනම් දැනට අවුරුදු 12කට පෙරය. මෙම මූල්‍ය ගනුදෙනුව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ( The Monetary Board of the Central Bank) 2018 ජනවාරි 01 දින පැවැත්වූ රැස්වීමේ තීරණ වලට අනුව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018-01-02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය අනුව ETI හා SFS සමාගමේ තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔවුන්ගේ යටතට මෙම මූල්‍ය සමාගම් 02 පවරාගත් බව ලිඛිතව තැන්පත්කරුවන්ට දැනුම් දෙන ලද්දේය. එහෙත් තවමත් ETI මූල්‍ය ආයතනය වෙත කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර කොටස් වශයෙන් මුදල් ලබාදීමට තීරණය කර ඇති බව මහ බැංකුව විසින් ප්‍රකාශ කර ඇත. එයත් අවුරුදු 05ක කාලයක් ඇතුළත කොටස් වශයෙනි. ඒ සම්බන්ධව අදහස් දැක්වූ තැන්පත්කාරිණියක් පැවසුවේ මෙවැනි අදහසකි.

“මම 2017 දෙසැම්බර් මාසෙ තමයි තැන්පතුවක් දැම්මේ. ඒ වෙනකොටත් මහ බැංකුව ETI මූල්‍ය ආයතනයට නව තැන්පතු ගන්න එපා කියල අනතුරු අඟවලා තිබිල තියෙනවා. මේ ප්‍රශ්නෙ දැනගත්තාම අපි පෙළපාළි එහෙම තිබ්බනේ. ඊටපස්සේ මම මහ බැංකුවට ගියා 10%ක මුදල අපේ අතට දෙන්න කලින්. එතකොට එතනදි කීවේ එකවර මුදල් ලබාදෙන්න එයාලට වත්කමක් නැහැ කියලා. මුලින් 10%ක් දීලා ඉතිරිය අවුරුදු 05ක කාලයක් ඇතුළත ගෙවනවා කියල කීවා. ඒක කීව වෙලේ ඉඳන් මට මුකුත් හිතාගන්න බැරි වුණා. ඇත්තටම අපි මුදල් දැම්මේ අපිට ඕන කරන වෙලාවට ගන්නනේ. ඒත් අන්තිමට වුණේ එයාලට පුළුවන් දවසෙ දෙනකන් බලන් ඉන්න. ඒත් එහෙමවත් හම්බවෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. 10%ක් දුන්න කියලා තැන්පත්කරුවන්ගේ හිත හදලා එයාල යයි යන්න.”

ආයතනයක් මහ බැංකුවේ ලියාපදිංචියේදී අවම කෝටි 200ක මුදලක් මහ බැංකුවේ තැන්පත් කරගන්නේය. එය පාඩු ලැබූ තැන්පත්කරුවන් සඳහා වගකියන්න නොවන අතර එය මහ බැංකුවේ පාඩුවට වගකියැවීම සඳහාය. තවද මහ බැංකුව විසින් ජනතාවගේ පාඩුවට වගකියන්නේද නැත. එහෙත් ETI මූල්‍ය ආයතනය සඳහා නඩු පැවරීමේ හැකියාවක් මහ බැංකුවට ඇත. එයට හේතුව මහ බැංකුව ETI මූල්‍ය ආයතනය පාඩු ලබන බව දන්න නිසාත් පසුව මේ හේතුව මත තැන්පත්කරුවන් නොගන්නා ලෙසට දැනුම් දී තිබියදීත් මෙම මූල්‍ය ආයතනය මහ බැංකුවේ දැනුම්දීම නොතකා තැන්පත්කරුවන් බඳවා ගැනීම හේතුවෙන් මහ බැංකුව නොදැනුවත්ව මෙය සිදු වූවා යැයි ETI මූල්‍ය ආයතනයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඇත. එසේ සිදු කිරීමට හැකියාව තිබියදීත් එසේ නොකරන්නේ මන්ද කියන කාරණය ගැටලුසහගතය. ETI මූල්‍ය ආයතනය සම්බන්ධව ජනතාවගේ විශ්වාසය රැඳී ඇත්තේ මහ බැංකුවේ ලියාපදිංචි වූ නිසා බව ආනන්ද පැවසූ දෙයින් නිශ්චිතය.
“අවුරුදු 51ක කාලයක් පුරාවට මෙම මූල්‍ය ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි නිසා තමයි අපි ගොඩක්ම මුදල් තැන්පත් කරන්න පෙළඹුණේ. එහෙම ලියාපදිංචියක් නැති මූල්‍ය ආයතනයක් වුණා නම් අපි කවදාවත් මේකෙ මුදල් තැන්පත් කරන්නේ නැහැ.”

10% මුලාව

ආයතනය පාඩු ලැබීමෙන් පසු මුල් පියවරේදී ආයතනය විසින් 30% මුදලක් ගෙවන බවට පවසා ඇත. පසුව එය නැවත 20% දක්වා පහළ බැස තිබූ අතර අන්තිමට 2018-06-05 දින මුදලින් 10%ක ප්‍රමාණයක් තැන්පත්කරුවන්ට ලබාදී ඇත. තැන්පත්කරුවන් විසින් මුදල් තැන්පත් කිරීමේදී එකවර තැන්පත් කළ නමුත් එය ලබා ගනිද්දී කොටස් ලබාගැනීමට සිදුවීම කනගාටුදායකය. එහෙත් සියල්ලෝම වගේ මේ 10% ප්‍රමාණය ලබා ගත්හ. මන්ද බොහොමයකට තම උපරිම මුදලින් 10%යත් වටිනා බව ඔවුන්ගේ උපකල්පනය වූ බැවිනි.

“අපි මේ 10%වත් ගත්තේ නැත්නම් අපිට මේකත් නැති වෙනවා. ඒ නිසාමයි අපි ඒ මුදල් ගත්තේ. හැබැයි අපිට අපේ මුදලින් මෙහෙම ටික ටික අරන් වැඩක් නැහැ. අපි මූල්‍ය ආයතනයට මුදල් තැන්පත් කරද්දි පොඞ්ඩ පොඞ්ඩ නෙවේනෙ තැන්පත් කළේ. ඒත් ඉතිං මොනව කරන්නද දැන්. දෙන විදියට ගන්න වෙලා. ඉතිරි මුදල්වත් අපිට එකවර ගන්න තිබුණොත් හොඳයි. එහෙම මුදල් දෙන්න හැකියාවක් මෙම මූල්‍ය ආයතනයට නැහැ කියල කියන්න අමාරුයි. මොකද එයාලගේ මහා පරිමාණ වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා මුදල් කරලා හරි අපිට එකවර මුදල් අවශ්‍යයි.” එසේ පැවසුවේ මනතුංග මහතාය.

මුදලින් 10%ක ප්‍රමාණයක් ගෙවා දැනට දවස් විසිහතරකි. එහෙත් ඔවුන්ගේ වත්කම්වල වටිනාකම තැන්පත්කරුවන්ගේ තැන්පතුවලට වඩා ඉහළය. හැබැයි 10% ගෙවූ පසු අද වනවිටත් කිසිවෙක් ඉතිරි මුදල් සම්බන්ධව කිසිදු කතාවක් නොවීය. නිසැකයෙන්ම එයින් පැහැදිලි වන්නේ ඉතිරි මුදල් ලබා ගැනීමට නැවතත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවය. මෙයින් අපහසුතාවට පත්වන්නෝ මෙම මූල්‍ය ආයතනය පොහොසත් කළ ගනුදෙනුකරුවෝය. එයට සාධාරණ වැඩපිළිවෙළක් යෙදීමට ඔවුන් කාරුණික වූවා නම් මේ ප්‍රශ්න මේතරම් දුරකට යන්නේද නැත. අනෙක් කාරණාව ETI මූල්‍ය ආයතන ගැටලුව අනෙක් මූල්‍ය ආයතන සඳහාද තදින්ම බලපාන බව නිසැකය. එහිදී රටේ ආර්ථීකයට තදින්ම එය බලපාන බව නිසැකය. එය යම් යම් අවස්ථාවලදී මහ බැංකුව විසින් කරන ලද ප්‍රකාශනවලදීද පැහැදිලි විය.

නීතිමය පියවර අවශ්‍යයි

“මහා පරිමාණ මුදල් වංචාවක් සිදුවී තිබියදීත් කිසිවකුත් මේ සම්බන්ධව නීතිමය පියවර අරගෙන නැහැ. ගෙදර ගෘහමූලිකයා වෙන්නේ තාත්තා. තාත්තා නැතිනම් පමණක් අම්මා එහි ගෘහමූලිකයා වෙන්නේ. එහෙත් රටේ මූලිකයා ජනාධිපතිනේ. ගෙදරක දරුවන්ගේ වගකීම පියා දරන්නා සේ රටේ මූලිකයා වශයෙන් ජනාධිපති ජනතාවගේ වගකීම දරන්න අවශ්‍යයිනේ. මේ මූල්‍ය ආයතනය මගින් ගසා කෑමකට ලක්ව ඇත්තේ ජනතාව මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල්. ඉතිං මේ මුදල්වලට සිදුවූයේ කුමක්ද? මෙය නැවත ලබාදිය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම ඔහුගේ වගකීමක් නොවේද? සහ එසේ වංචා සිදු කළ පුද්ගලයන්ට දඬුවම් නොකරන්නේ මන්ද? නැතිනම් මහ බැංකුව විසින් නොදැනුවත්ව මෙය සිදුවූවා නම් ETI මූල්‍ය ආයතනයේ ප්‍රධානත්වය දරන්නන්ගේ ගමන් බලපත්‍රයවත් අහෝසි කිරීමට මහ බැංකුවට හැකියාවක් නැතිද?”
මේ සියලු ප්‍රශ්න මතුකරන්නේ ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් විසිනි. එහිදී මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මැලිවන්නේ ඇයිද කියන කාරණය යම්තාක් දුරකට ප්‍රහේළිකාවකි.

හතරදෙනාම සූරයෝ

ETI මූල්‍ය ආයතනයේ ප්‍රධාන ආසන මෙහෙයවන සතර දෙනා මුදල් සම්බන්ධව කිසිවක් කතා නොකරන්නේ ඔවුන් විසින් මේ මුදල් ප්‍රයෝජනයට ගත් නිසා විය හැකිය. නැතිනම් මුලින් 10%ක් ලබා දී නැවතත් ජනතාව මුළා කිරීමට හැකියාවක් ඇතැයි සිතනවාද විය හැක. මොවුන්ගේ වත්කම් ලංකාවේ වගේම පිටරටවල පවා තිබෙන බව බොහොමයක් දන්නා කරුණකි. මේ සියලු අතුරුදන් වූ මුදල්වලට වගකිවයුත්තෝ ආයතන ප්‍රධානීහුය. ජනතාවගේ මුදල් මූල්‍ය ආයතන මගින් ගසා කෑම රටේ ආර්ථිකයට බලපාන විශාල ප්‍රශ්නයකි. රටේ ආර්ථිකය කඩා වැටීමට පවා මූල්‍ය ආයතන මගින් සිදුවන මෙවැනි මූල්‍ය වංචා බලපාන බව කිව යුතුය. මෙය පළමු සහ අන්තිම වංචාවත් නොවන බව නොඅනුමානය. අතීතයේත් මෙවැනි වංචා සිදුවූ අතර ඉදිරියේදීත් මෙවැනිම වංචා සිදුවීමට හැකියාව ඇත්තේය. මූල්‍ය ආයතනවලට තැන්පත්කරුවන් ණයවීම සාමාන්‍යයකි. මූල්‍ය ආයතනයක් රටේම ජනතාවට ණයවීම හාස්‍යජනකය. එහි හිමිකරුවෝ ආයතන ප්‍රධානීහුය. ඔවුහු සූරයන්ම වෙති.

ඇඟ බේරා ගැනීම

මේ සම්බන්ධව ETI මූල්‍ය ආයතන නිකුත් කරන ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේය.
තැන්පත්කරුවන් හොඳින් දන්නා කරුණක් නම් ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සිය තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් සියල්ලම තමා සන්තකයේ ‘මුදල්’ වශයෙන් තබා නොගන්නා බවයි. එම තැන්පතු විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන අතර තැන්පතුවලින් වැඩි මුදලක් ස්වර්ණාභරණ උකස් ණය, වාහන කල්බදු ණය සහ දේපළ උකස් ණය ආදී ව්‍යාපාර කටයුතුවල ආයෝජනය කර මාසිකව පොලිය වශයෙන් ආදායම් උපයනු ලබයි. එහෙත් තැන්පත්කරුවන් විශාල ප්‍රමාණයක් තම තැන්පත් මුදල් ආපසු ගෙවන ලෙස එකවර ඉල්ලා සිටියහොත් ද්‍රවශීලතා ප්‍රශ්නයකට ආයතනයට මුහුණපෑමට සිදුවනු ඇත.

මේ කරුණුවලින් පෙනීයන්නේ මොවුන් කොළය වසා ප්‍රශ්නයෙන් පැන යෑමට ගන්නා වෙහෙසය. වත්මන් ආණ්ඩුව ඊට ඉඩ දෙනවාද? මාධ්‍ය නාලිකාවක හිමිකරුවන් නිසා ඔවුන් රකිනවාද? ජනතාව පැත්තෙන් සිතා මේවාට හසුවූ අයට සහනයක් දීමට ඉදිරිපත් වනවාද යන්නය. මෙය කල්මැරිය හැකි ප්‍රශ්නයක් නොවේ.

http://198.211.112.164/archives/18582

Published on: Jul 4, 2018- ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද පිළේ ප්‍රබලයෙකු වත්මන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අනාවරණය කර ඇති කුමන්ත්‍රණය ප්‍රතිපලය හේතුවෙන් ඛනිජ තෙල් කැබිනට් අමාත්‍ය ධුරය අර්ජුනගෙන් ගලවා ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කිරිමට කටයුතු සිදුවෙමින් පවතින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයෙන් පසුව කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් ඉදිරි දින කිහිපය ඇතුළත සංශෝධනය කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ සිය අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි ක්‍රියාවට නැංවීමට නොහැකි වුණ සහ කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව ගත් තීරණ අනුව කටයුතු නොකල බව පවසමින් එම තින්දුව් ගැනිමට මෙහෙයුම දියත් කර තිබේ.

රණතුංග පවුලේ දේශපාලන එකතු විම සම්බන්ධයෙන් පසුගිය කාලසිමාවේ රජයේ බුද්ධි අංශ අර්ජුන පසුපස හඹා යමින් සිටි අතර පසුව අර්ජුන සහ ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු අතර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් ඒකාබද්ධයේ සිටින මෛත්‍රීගේ ඔත්තුකරුවෙකු වීසින් අර්ජුන ගැන කර ඇති අනාවරණයක් අර්ජුනගේ ඇමතිකම ඉවත් කිරිමට බලපා තිබේ.

පසුගිය කාලසිමාවේදි ඛනිජ තෙල් සංස්ථාව හරහා විවිධ අර්බුද රැසක් රටපුරා නිර්මාණය වු අතර ඒම අර්බුද පසුපස ආණ්ඩුවෙ නොවන ප්‍රබලයන් පිරිසක් සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වි තිබුනා.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉතාම සමීප බුකී කරුවෙකු වන තිලංග සුමතිපාල සම්බන්ධයෙන් අර්ජුන ගෙනයන ප්‍රචාර අර්ජුන ගේ ඇමතිකම ඉවත්කිරිමට මුලික හේතුව් වි ඇති බවයි

අදාළ අමාත්‍ය ධුරය ඉවත් කිරිමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පූර්ණ එකඟතාවකින් සිටින බවට තොරතුරු වාර්තා වන අතර ඊට සාපේක්ෂවඑක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍ය ධුර කිහිපයක්ද සංශෝධනය කෙරෙනු ඇති බවද වාර්තා වේ.

 

Published on: Jul 3, 2018- මංගල සමරවිරගේ කුජිත කාර්යය මණ්ඩල ප්‍රධානී හෙවත් “අසභ්‍ය ගොතයා” හෙවත් 8 පාස් නැති නිළ මැස්සෙක් වන තුසිත හල්ලොලූව විකල්ප ධාරාවේ සමාජ ජාලා YouTube නාලිකාවක් වන SLVLOG හට තර්ජනය කිරිම සම්බන්ධයෙන් සිරස නාලිකාව අද සිය ප්‍රවෘත්ති විකාශය හරහා නිළ මැස්සාගේ යටකලිසම පවා ගලව දැමිමට කටයුතු කලා.

මේ අතර වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයද නිවේදනයක් නිකුත් කර තිබේන අතර එම නිවේදනය හරහා ඔහු අවධාරණය කර ඇත්තේ ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එම නිවේදනය පහතින් දක්වා තිබේ.

SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

ඉතාමත් කෙටි කාලයකින් අන්තර්ජාලය හරහා දේශිය හා විදේශිය වශයෙන් ඉතා ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින දේශපාලන කතිකාව (Political Vlogger) වන SLVLOG මාධ්‍යවේදීන්ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානීයා ලෙස හදුන්වන තුසිත හල්ලොලූව නැමැත්තා දුරකතනය ඔස්සේ තර්ජනය කිරිම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය තරයේ හෙළාදකිමු.

SLVLOG විසින් අනාවරණය කර ඇති හඬ පටය මගින් අසභ්‍ය වචන භාවිත කරමින් හා දැඩි තර්ජනාත්මක ස්වරූපයෙන් SLVLOG කාර්යය මණ්ඩලය ඉලක්ක කර තුසිත හල්ලොලුව තර්ජනය කර කරන ආකාරය ඉතාම පැහැදිළිව හඳුනා ගත හැකි අතරම SLVLOG කාර්ය මණ්ඩලයේ ජීවිත වලට මරණීය තර්ජන පවා එල්ලකරන ආකාරය හදුනගත හැකිය. දේශපාලන බලය පදනම් කර ගනිමින් මෙලෙස තර්ජනය කරන මෙම අමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානියා නීතිය හමුවට වහාම ගෙනවිත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මතයයි.

එසේම එම හඬ පටය මගින් පැහැදිළිවම අසභ්‍ය වචනයෙන් තර්ජනය කිරීමට අමතරව “ඕකාගේ තට්ටේ පලනවා ..”, ” පුලුවන් නම් ගුවන්තොටුපලෙන් ලංකාවට ඇවිල්ලා පෙන්වන්න ” යනුවෙන් පවසන ආකාරය හඳුනා ගත හැකිය. ලංකාවේ අපරාධ නීතිය අනුව පුද්ගලයෙකුට එරෙහිව තර්ජනය කිරීම අපරාධමය වරදක් ලෙස පිළිගෙන ඇති අතර, රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාපිත කිරීම පිළිබඳව මහත් උද්දාමයෙන් කතා කරන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා විසින් ම අමාත්‍යවරයාගේ දේශපාලන බලය ඇඟට ගෙන, ඔලුවට ගෙන මෙලෙස මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවක් බව පවසනු කැමැත්තෙමු.

රටේ පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට එලෙස ජීවිත තර්ජන කිරීමට හා අසභ්‍ය වචනයෙන් බැන වැදීමට තුසිත හල්ලොලුවට බලය දුන්නේ කවුරුන්දැයි අපි ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අසනු කැමැත්තෙමු. එසේම මෙවැනි දෙවන පෙළ දේශපාලන අතකොළුවන් තම නොහැකියාව වසා ගැනීමට දේශපාලන බලය යොදා ගෙන තර්ජනය කිරීම ඔවුන්ගේ බියගුළුකම ප්‍රදර්ශනය කිරීමක් බවත් අප අමුතුවෙන් කිව යුතු නොවේ.

SLVLOG යනු YouTube නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වන රටේ ප්‍රසිද්ධ විකල්ප ධාරාවේ සමාජ ජාලාවක් වන අතර රටේ දේශපාලනය හසුරුවන පුද්ගලයන් විසින් කරනු ලබන දුෂණ,වංචා මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය තලයේ වැඩසටහනකි. එසේ තිබියදි ආණ්ඩුව විකල්ප මතවාදි මාධ්‍ය මර්දනය කිරීමට යොදා ගන්නා අලුත්ම මෙවලම වන්නේ මෙලෙස තම හෙංචයියන් හරහා දුරකතනයෙන් මාධ්‍ය වෙත අසභ්‍ය වචනයෙන් බැන වැදීම හා තර්ජනය කිරීමද?යන්න අපට ප්‍රශ්ණාර්ථයකි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද මේ අකාරයටම දේශපාලන බලය අවභාවිතාවේ යෙදවු දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ අතකොළුවන් ඕනෑතරම් මේ රටේ ක්‍රියාත්මක වු අතර එකළ පාලකයන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ ගොළු බිහිරි ප්‍රතිපත්තියකි. ඒ හේතුව නිසාම මේ රටේ මාධ්‍ය ආයතන බෝම්බ ගැසිම් මෙන්ම ගිනී තැබිම් වලට ලක් වූ අතර මාධ්‍යවේදීන්ට තර්ජනයන්ට ලක්විමට මෙන්ම තම ජිවිත වලින්ද වන්දි ගෙවිමටද සිදුවු අවස්ථා අපමණය.

රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධාණියා ලෙස පෙනී සිටිමින් මෙම තුසිත හල්ලොලූව නැමැත්තා මේ අකාරයට සමාජ ජාලා මාධ්‍යවේදින්ට තර්ජනය කිරිම රටේ කිසිදු පාර්ශවයක් අනුමත නොකරයි.එමෙන්ම රජයේ මතවාදයට පටහැණිව ක්‍රියා කරන වරද දුටු තැන විවේචනය කරන මාධ්‍යවේදීන්ට තර්ජනවලට මුහුණ දීමට සිදුවිම යහපාලන ප්‍රතිපත්තියක්ද නොවන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

එම නිසා වහාම SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල තුසිත හල්ලොලූව නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් තවදුරටත් රටේ දේශපාලකයන්ට හෝ ඔවුන්ගේ අතකොලුවන්ට රටේ මාධ්‍ය නිදහසට අත තැබිමට ඉඩ නොතබන ලෙසත් අපි වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

කැදවුම්කරු

දුමිදු දිසානායක

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Moment of WEB Journalist- Sri Lanka

සම්බන්ධිකරණය – 0778387976

Published on: Jul 2, 2018 – යහපාලනේ ගෙනා “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා යැයි කියා ගනිමින් තැන තැන තෙල බෙදමින් 2015 ජනවාරි 8 වැනිදාට පෙර හිගමන් යදිමින් ජිවත් ව මේ වනවිට මංගල පිංසිරිට පිංසිදුවන්නට කප්පම් ගනිමින් මහ බැංකු හොරු සමග ඩිල් දමමින් මොනැක් වැනි අති සුඛෝපභෝගි නිවාස වල ජිවත් වන 8 පාස් නැති නිළ මැස්සෙක් වන තුසිත හල්ලොලූව මේ වනවිට රටේ ප්‍රසිද්ධ විකල්ප ධාරාවේ සමාජ ජාලා YouTube නාලිකාවක් වන SLVLOG හට තර්ජනය කර තිබේන හඩ පටයක් SLVLOG හරහා අනාවරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල සිරිසේනගේ නිල නිවස පැත්තට හොරෙන් රිංගාගත් තුසිත අනවශ්‍ය ආකාරයෙන් වචන දාන්න ගොස් මෛත‍්‍රිපාලගේ ලේකම් වූ කරුණාරත්න පරනවිතානගෙන් කනේ පාරක් කා විලිලැජ්ජාවට පත් වූයෙකි.ජනාධිපතිවරණය සමයේ එක එකාට තේ ඇද ඇද සිටි තුසිත තමන්ට කන්න දෙන මංගලගෙ ඩයස්පොරා නාඩගම් සම්බන්ධයෙන් අනාවරණයන් කිරිමත් සමග කුපීත වි SLVLOG සමාජ ජාලා අනාවරණයන්ට එරෙහිව තමන්ගේ ජාතකයේ වරද පෙන්වමින් අසභ්‍ය වංචනයෙන් බැනවැදි තිබේ.

එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් කේලම් කියන්නෙකු ලෙස හංවඩු ගැසුණු තුසිත ගැන ඇතමුන් පවසන්නේ Thousand talks, No works යනුවෙනි. ප‍්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති වුවත් තුසිත හල්ලොලූව රගපාන්නේ දෙස් විදෙස් හි ඉගෙනුම ලැබුවෙකු සේය.මේ විඩියෝව නරඹන්න ඔබට තුසිතගේ අධ්‍යාපණයේ තරම පහසුවෙන්ම හදුනාගත හැක.

මංගල පිංසිරි සමරවිර ඇමතිතුමනී ……

මාධ්‍ය නිදහස පිළිබඳව පාරම්බාමින් බලයට පැමිණි යහාපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයාද ඔබය.තවදුරටත් ඔබගේ කාර්‍යය මණ්ඩල ප්‍රධානියා ලෙස පෙනී සිටිමින් තුසිත වැනි අඩම මිනිසුන් කරන දේ ඔබ විසින් සම්මත කරනවාද? නැද්ද යන්න ජනතාව් හමුවේ ඔප්පුකර පෙන්විමට ඔබටද දැන් අවස්ථාව ලැබි තිබේ.

http://198.211.112.164/archives/18761

Published on: Jul 2, 2018- රට තිඛෙන්නේ ලොකු කඩා වැටීමකට හසු වූ තත්ත්වයකය. ඒ අනුව කාල සටහනකට අනුව රටේ දේවල් සිදු වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් තාමත් මහ ජනයා පමණක් නොව උගතුන් පවා සිතන බව පෙනෙන්නේ හුරු පුරුදු පරණ ක්‍රමයටම දේවල් සිදු වනු ඇති බවය.

රටේ ඇතිවී තිඛෙන කඩා වැටීම ඔවුන්ට මුළු එකක් වශයෙන් පෙනෙන්නේ නැත. පෙනෙන්නේ වෙන් වෙන් වශයෙනි. කඩා වැටීම් අතර තිඛෙන අන්තර් සම්බන්ධය ඔවුන්ට නොපෙනෙනවා විය යුතුය. දේශපාලන හා ආයතන ක්‍රමය අතර තිඛෙන අන්තර් සම්බන්ධය ද ඔවුන්ට පෙනෙන්නේ නැත.

දේශපාලන හා ආයතන ක්‍රමයේ ඇතිවී තිඛෙන කඩා වැටීම හා එය ඇති කරන්නට යන ප්‍රතිඵල තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැති අතර ඔවුන්ගේ උනන්දුවට වඩාත්ම හේතුවී තිඛෙන්නේ 2019 අවසානයේ පැවැත්විය  යුතුව තිඛෙන ජනාධිපතිවරණය ගැනය.

ඊළඟ ජනාධිපතිවරණයේදී බලයට පත් වනු ඇත්තේ කවුද යන ප්‍රශ්නය ඔවුන්ගේ උනන්දුවට හේතුවී තිඛෙන ලොකුම ප්‍රශ්නය වී තිඛෙන්නේ යැයි කිව හැකිය. යහපාලන ආණ්ඩුව නැවත පූට්ටු කළ නොහැකි ලෙස දෙපළු වී තිබියදීත් ආණ්ඩුවේ සමහරු මෛත්‍රී හා රනිල් අතර ඇති කර ගත යුතු සමඟියක් ගැන සිහින දකිති.

ක්‍රමයේ ඇතිවී තිඛෙන කඩා වැටීම ඇති කරමින් තිඛෙන අර්බුදය විසින් දේශපාලන කාල සටහන වෙනස් කළ හැකිය. එය නෛසර්ගිකව සිදු විය හැකිවා සේම මහ ජනයා විසින්ද සිදු කළ හැකිය.ජනාධිපතිවරණයක් පැවැත්වුවද  සමහරවිට ජයග්‍රාහකයාට පාවිච්චි කළ ඡන්දවලින් සියයට 50කට වැඩි ඡන්දයක් ලබාගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකිය.

එසේම ජනාධිපතිවරණයේදී පාවිච්චි කෙරෙන ඡන්ද සංඛ්‍යාව සියයට 50කට වඩා අඩුවිය හැකි තත්ත්වයක්ද ඇති විය හැකිය. ඒ දෙකෙන් කුමක් සිදු වුවද විය හැක්කේ ලොකු ව්‍යවස්ථා අර්බුදයකි.අනෙක් අතට ඒ කිසිවක් සිදු නොවී නව ජනාධිපතිවරයකු පත් වුවද රට තිඛෙන්නේ එම ජනාධිපතිවරයාට පාලනය කළ නොහැකි අවුල් සහගත තත්ත්වයකය. ඒ නිසා අන් සියලු දේට ප්‍රථම ආයතන ක්‍රමයේ ඇතිවී තිඛෙන කුණුවීම ජය ගැනීම වැදගත්ය.ඒ සඳහා සමාජය හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් රටට අවශ්‍යය. එය සංවිධානාත්මක හා ජාල ගත වූ මහ ජනයාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සිදු විය යුතුව තිඛෙන දෙයක් වන අතර නූතන ජාතිය ගොඩනගා ගැනීම හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම එම  ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය යුතුය.

මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වේ නම් එම ජනාධිපති අපේක්ෂකයන් සඳහා ප්‍රශ්නාවලියක් සකස් කිරීමය. එය පරිපුර්ණ ප්‍රශ්න පත්‍රයක් ලෙස නොසැලකිය යුතුය. එම ප්‍රශ්නාවලිය වැඩි දියුණු කර ගැනීම සඳහා පාඨකයන්ටද දායක විය හැකිය.ඒ මගින් ප්‍රශ්නාවලිය වඩා හොඳින් සංවර්ධනය කර ගත හැකිය. ප්‍රශ්නාවලියෙන් අපේක්ෂා කරන්නේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස තරග කරන්නට බලාපොරොත්තුවන්නන් පමණක් නොව මහ ජනයාද එම නිශ්චිත ප්‍රශ්නවලට අභිමුඛ කිරීම මගින් රටේ පවතින යථාර්ථය තේරුම් ගැනීමට හේතු වන ලෙස බුද්ධිමය වශයෙන් අවධි කිරීමක් සිදු කිරීමය.

ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාවක්  නැති එහෙත් රාජ්‍ය පාලකයා විය හැකි නම් රටේ ප්‍රශ්න විසඳීමේ ඇත්ත හැකියාවක් තමන්ට ඇතැයි විශ්වාස කරන අයටද තමන් ජනාධිපතිවරණයට තරග නොකරන්නකු බව ප්‍රකාශ කරමින් මෙම ප්‍රශ්නාවලියට උත්තර සැපයිය හැකිය.සමහරවිට එවැන්නන් අතර වඩා හොඳ දක්ෂයෝ සිටිය හැකිය. රටේ අර්බුදය හා ඒවාට දෙන විසඳුම් පිළබඳව මෙහි නගා ඇති ප්‍රශ්නවලදී ප්‍රශ්න ඉදිරිපත් කර ඇත්තේ සංකේතාත්මක වැදගත්කමක් ඇති තෝරා ගත්අංශ කිහිපයක් සඳහා පමණය.

මෙම අභ්‍යාසයේ අරමුණ ජනාධිපතිවරණයට තරග කරන්නට අපේක්ෂා කරන අය වඩා හොඳින් තේරුම් ගැනීමට මහ ජනයාට අවස්ථාවක් ලබාදීමය.

1. ජාතික අර්බුදය

(අ) සමාජයේ පවත්නා වර්ග, කුල, ආගම් භේද තුනී කොට සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම. ඒ නිසා වර්ග, කුල, ආගම් භේද පදනම් වූ ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවීම, ඒ නිසා සමාජයේ පැවති ඛෙදීම් වර්ධනය වීම, ලංකාවේ ජාතික අර්බුදය කෙරෙහි බලපා තිඛෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකිය. දැන් රටේ ලේ හැලෙන ප්‍රචණ්ඩ ගැටුම් නොපැවතියත් සැබෑ සමාජයක් හෝ සැබෑ සමාජ ඒකාග්‍රතාවන් ඇතිවී නැත. එම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද? ඔබ එම මුලික ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් කරන්නට අපේක්ෂාකරන ප්‍රතිසංස්කරණවල මුලධර්ම මොනවාද?

(ආ) රටේ සිංහල තරුණ කැරලි දෙකක්ද දිග්ගැස්සුණු තරුණ දෙමළ කැරැල්ලක්ද ඇතිවිය. මේ කැරලිවලදී කැරලිකරුවන් සේම කැරලි මර්දනය කරන්නන්ද උපරිම මට්ටමේ කුරිරු බවක් සමාජය මත මුදා හළහ.විශේෂයෙන් ජේවීපී දෙවැනි කැරැල්ලේදී හා එල්ටීටීඊ කැරැල්ලේදී මියගිය හා අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව විශාලය. අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය අතුරුදන්වූවන්ගේ පවුල් කෙරෙහි බලපා තිඛෙන උද්වේග කර සමාජ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි අතර එම කැරලි විසින් රටට දායාද කර තිඛෙන වෙනත් සමාජ ප්‍රශ්න රැසක්ද ඇත්තේය.එම ප්‍රශ්න ඔබ දකින්නේ කවර ආකාරයටද? ඒවා විසඳීමට අපේක්ෂා කරන මුලධර්ම මොනවාද?

2. නීතියේ පාලනයක් නැතිකම

නීතියේ පාලනයක් නැතිකම රටේ තිඛෙන අවුල් උග්‍ර කිරීමට බලපා තිඛෙන වැදගත් ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය. නීතිය ක්‍රියාත්මක කර වන හා නීතිය පසිඳලන ආයතන තිඛෙන්නේ අන්ත දූෂිත හා අකාර්යක්ෂම තත්ත්වයකය.ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ තිඛෙන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ඊට විසඳුමක් වී නැත.අපරාධ නඩු පැවරීම්වලදී දඬුවම්  ලබන්නන්ගේ අනුපාතිකය සියයට 4ක් තරම් පහළ මට්ටමක පවතී. නඩු ප්‍රමාදය ද ලංකාවේ අධිකරණ ක්‍රමයේ තිඛෙන ලොකු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. නීතිය මත පාලනය පිළිබඳ සංකල්පය ඔබ පිළිගන්නේද? පිළිගන්නේ නම් නීතිය මත පාලනයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණවල මුලධර්ම මොනවාද?

3. රාජ්‍ය සේවය

(අ) රටේ තිඛෙන්නේ රටේ ආර්ථීකයට ඔරොත්තු නොදෙන තරම් විශාල රාජ්‍ය සේවයකි. රාජ්‍ය සේවයේ සේවා නියුක්තිය 1,117,808කි. ලංකාවේ ජන ගහනයෙන් හැම පුද්ලගයන් 18 දෙනකුටම එක් අයෙක් රජයේ සේවකයෙකි.රජයේ සේවකයන්ගේ ශ්‍රම ඵලදායකත්වය ඉතා පහත් මට්ටමක පවතින අතර කාර්යක්ෂමතාව පවතින්නේද ඉතාමත් පහත් මට්ටමකය. රාජ්‍ය සේවක වැටුප් බිල රටේ අයවැය ලේඛනයට ඇති කර තිඛෙන බර අති විශාලය.මේ තත්ත්වය ඔබ දකින්නේ කවර ආකාරයකටද? ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා ඔබ යෝජනා කරන ප්‍රතිසංස්කරණවල මුලධර්ම මොනවාද?

(ආ) රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ක්‍රමය හදා තිඛෙන්නේ සියලු සේවා එකට ගැට ගසන ක්‍රමයකටය. ඒ  තුළ ලොකු විසමතා තිඛෙන අතර කිසියම් සේවයක් සඳහා ඇති කරන වෙනස්කමක් අන් සියලු සේවා සඳහාද බලපායි. එම ක්‍රමය කිසියම් සේවාවක ඇති වන සාධාරණ වැටුප් ප්‍රශ්නයක් පවා විසඳිය නොහැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. දැන් කාලයක් තිස්සේ වැටුප් වැඩිවීම් සිදු වන්නේ  අධිකරණයේ විනිසුරුවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණය.

නීති සම්පාදකයා ලෙස ක්‍රියා කරන ව්‍යවස්ථාදායකයට, ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් සඳහා වැටුප් වැඩිවීමක් අවශ්‍ය වූ විට අධිකරණයේ විනිසුරුවරුන්ට වැටුප් වැඩිවීමක් ලබාදී ටික කලක් යන්නට ඉඩ හැර අධිකරණයේ විනිසුරුවරුන්ට සාපේක්ෂව තමන්ට ලැඛෙන වැටුපද වැඩි කර ගනී. මේ ක්‍රමය ගැන ඔබේ විග්‍රහය කුමක්ද? මෙම අශෝභන ක්‍රමය වෙනස් කිරීම කුමන මුලධර්ම මත සිදු කරන්නට බලාපොරොත්තු වන්නේද?

4. අධ්‍යාපනය

රටේ අධ්‍යාපන ක්‍රමය තිඛෙන්නේ පසුගාමී තත්ත්වයකය. පාසල් ක්‍රමයේ ලොකු විෂමතා තිබෙනවා සේම උගන් වන ක්‍රම හා උගන්වන දේවල් තිබෙන්නේ ද  යල් පැන ගිය තත්ත්වයකය. ළමුන් කරුණු සොයා ඉගෙන ගන්නා ක්‍රමයක් වෙනුවට තිඛෙන්නේ කට පාඩමට බර තබන ලද ක්‍රමයකි. ද්වි භාෂා අධ්‍යාපනයක් වෙනුවට තිඛෙන්නේ ඒක භාෂා අධ්‍යාපන ක්‍රමයකි. පාසලෙන් ලබන අධ්‍යාපනයෙන් පමණක් විභාග සමත් විය නොහැකි නිසා ටියුෂන්අධ්‍යාපනයට ලොකු වියදමක් දරන්නට මාපියන්ට සිදුවී තිබේ. අධ්‍යාපන ලෝකය හා රැකියා ලෝකය අතරද ගැළපීමක් නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔබ දරන අදහස් මොනවාද? අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොදා
ගන්නා ම ූලධර්ම මොනවාද?

5. තරග කිරීම

(අ) ඔබ තරග කරන්නට යන්නේ කලක් තිස්සේ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටි දේශපාලන පක්ෂයක නායකයා හෝ ක්‍රියාකාරී පුද්ගලයකු වශයෙන් එම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන්ද?

(ආ) නැතිනම් තරග කිරීමට තමන්ගේම දේශපාලන පක්ෂයක් නැති නිසා ලියාපදිංචි කළ තමන්ට මීට පෙර ලොකු සම්බන්ධයක් නැති ලියාපදිංචි ලේඛනයේ තිඛෙන මහජන පිළිගැනීමක් නැති දේශපාලන පක්ෂයක නියෝජිතයකු වශයෙන්ද?

(ඇ) එසේත් නොවේ නම් තරග කිරීමට තිඛෙන අයිතිය ලබා ගන්නේ කවර ආකාරයකටද?

6. අරමුදල් හා වියදම්

(අ) වර්තමාන මිල ගණන් අනුව ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන  අපේක්ෂකයකුට දරන්ට සිදු වන වියදම පිළිබඳව ඔබේ ඇස්තමේන්තුව කුමක්ද?

(ආ) එම වියදමෙන් කොපමණ පංගුවක් ඔබේ පුද්ගලික මුදලින් දරන්නේද?

(ඇ) ජනාධිපතිවරණය සඳහා යන වියදම මුළුමනින් හෝ කිසියම් පංගුවක් අනුන්ගෙන් ලබා ගැනීමට බලාපොරොත්තුවේ නම් එය ලබා ගැනීමට බලාපොරොත්තුවන්නේ කවර ආකාරවලටද?

(ඈ) ජනාධිපතිවරණ වියදමට පරිත්‍යාග ලබා දෙන අය අතර රුපියල් මිලියන සිය ගණනින් ලබා දෙන පරිත්‍යාග වේ නම් ඔබ ඒවා භාර ගන්නේද?

(ඉ) ඔබට ලොකුවට මුදල් පරිත්‍යාග කරන අය කළු සල්ලිකාරයන් හෝ අයථා ලෙස ධනය උපයා ගත් අය ලෙස පෙනේ නම් ඔබට ලැඛෙන එවැනි මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?

(ඊ) සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු තෝරා ගැනීම සඳහා පැවැත් වෙන මැතිවරණයකදී රාජ්‍ය නායකත්වය සඳහා තරග බිමට එන අපේක්ෂකයාට මහා පරිමාණයෙන් මුදලින් ආධාර කරන්නන් එසේ කරන්නේ ලබා දෙන ලද ලොකු මුදලට සරිලන ලොකු ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවෙනි. එහිදී ලොකුවට මුදල් ආධාර ලබා ගන්නා අපේක්ෂකයා සිය ජයග්‍රහණයෙන් පසු ලොකුවට මුදල් ආධාර ලබා දුන් අය නොසලකා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ඒ නිසා ඇති වන ගැටුමෙන් දෙදෙනාගෙන් කෙනකු මුළුමනින් විනාශ වන තත්ත්වයක් පවා ඇති විය හැකිය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කෙරෙහිද බලපෑවේ එවැනි සිද්ධියකි. එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක 56 මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා ගන්නේ ප්‍රධාන ප්‍රභවයන් තුනකිනි. ඉන් එක් අයෙක් වූයේ ලංකාවට මානව හිමිකම් විෂය හඳුන්වා දුන් එස්. නඩේසන්ය. අනෙක් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා වූයේ එකල කැලණිය විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ද රක්ඛිත හිමි හා බණ්ඩාරනායක ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරියක් වූ විමලා විජේවර්ධනගෙනි.

බුද්ධ රක්ඛිත හිමි බණ්ඩාරනායකට මුදල් දී තිබුණේ ලංකාවට සහල් ආනයනය කෙරෙන ඒකාධිකාරී අයිතිය තමන් වෙත ලබා ගැනීම සඳහාය. බණ්ඩාරනායක එය දැන සිටියේය. ඍජු ලෙස හෝ අනියම් ලෙස එයට එකඟ වී තිබූ බවද පෙනේ. බණ්ඩාරනායක ඒ පොරොන්දුව ඉටු කරනු ඇතැයි විශ්වාස කළ බුද්ධ රක්ඛිත හිමි එක්සත් රාජධානියට ගොස් නැව් සමාගමක් සමග ඒ සඳහා වන ගිවිසුමක්ද ඇති කර ගෙන තිබුණි.

එහෙත් බණ්ඩාරනායක බලයට පත් වීමෙන් පසු එම පොරොන්දුව ඉටු නොකර කට්ටි පැන්නේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ එම භික්ෂුව දියත් කරන ලද කුමන්ත්‍රණයකින් බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමය. එය නිදහසින් පසු ලංකාවේ සිදුවූ ප්‍රථම දේශපාලන ඝාතනය විය. බණ්ඩාරනායක අගමැතිවරයාටද මාක්ස්ට සේම තමන්ගේ විප්ලවය සඳහා කාරක බලවේගයක් සිටියේය. ඔහු එය හැඳින්වූයේ පංච මහා බලවේගය ලෙසය.එම පංච මහා බලවේගය සමන්විත වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග පහෙනි.

බණ්ඩාරනායක ඝාතනය කිරීම සඳහා බුද්ධ රක්ඛිත තෝරා ගත් සෝමාරාම නමැති භික්ෂුව, ආයුර්වේද වෛද්‍යවරයකුද, ගුරුවරයකුද ගොවි පසුබිමකින් පැවත එන කෙනකු හා වැටුප් ලබන්නකු වශයෙන් කම්කරුවකුද විය. මෙම ඛේදජනක සිද්ධියෙන්  පසු ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු තමන්ගේ බරපැන ඉසිලු ධනවතාට ද්‍රෝහී වී නැත. දැන් බර පැන උසුලන්නන්ගේ භූමිකාව සංවිධානාත්මක මාෆියාවක් දක්වා වර්ධනය වී තිඛෙන්නේ යැයිද කිව හැකිය. ඔබ එම මාෆියාව සමග ගනුදෙනු කරන්න යන්නේ කෙසේද?

(උ) ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් රීතියක් වශයෙන් තමන්ට ලැඛෙන මුදල් සඳහා මුදල් ලබාගත්තවුන්ට කුවිතාන්සි දෙන්නේ නැත. එම මුදල් පුද්ගලිකව තමන් ළඟ තබා ගන්නවා මිස පක්ෂ අරමුදලට බැර කරන්නේද නැත. ඒ අර්ථයෙන් ලංකාවේ ජනාධිපතිකමට පත් සියලු ජනාධිපතිවරුන් කළු සල්ලිවලින් බලයට පත්වූ ජනාධිපතිවරුන් ලෙස සැලකිය හැකිය. ඔබ ගමන් කරන්න බලාපොරොත්තුවන්නේ ඒ මාර්ගයේමද? නැතිනම් ගමන් කරන්නට අපේක්ෂා කරන්නේ වෙනස් මාර්ගයක් නම් එය කුමක්ද?

(ඌ) ඔබ ජනාධිපතිවරණයට තරග කරන්නේ කිසිම කෙනකුගෙන් මුදල් ලබා ගැනීමකින් තොරව තමන්ගේම මුදලින් නම් හා ඔබ ඒ හැකියාව ඇති තරමේ ධනවතකු වේ නම් ඔබ ජනාධිපතිවරණයට තරග කරන්නේ ඔබට තිඛෙන ධන බලයෙන් සියලු දෙනා මිලදී ගෙන ජනාධිපතිවරයකුට හිමි බලයෙන් තවදුරටත් ධනය උපයා ගැනීමේ පවිටු අරමුණින් යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.එය එසේ නොවන බව ඔබට සනාථ කළ හැකි වනු ඇත්තේ ඔබ තමන්ට තිඛෙන ධනයෙන් සැලකිය යුතු පංගුවක් පොදු යහපත සඳහා වැය කර තිබෙන බව සනාථ කළ හැක්කේ නම් පමණය. ඒ ගැන ඔබට කියන්නට තිඛෙන්නේ කුමක්ද?

(එ) 1977ට පෙර පැවති මැතිවරණ නීති අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයෝ මැතිවරණය සඳහා තමන්ට ලැබුණු ආධාර හා ඒවා වියදම් කරන ලද ආකාරය විස්තර කරන වාර්තාවක් මැතිවරණයට පසුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට භාරදීමට නීතියෙන් බැඳී සිටියෝය. එවැනි ක්‍රමයක් දැන් ක්‍රියාත්මක වන්නේ නැතත්, ඔබට ලැබුණු ආධාර හා වියදම් පිළිබඳ වාර්තාවක් මහ ජනයාගේ දැන ගැනීම සඳහා මැතිවරණයෙන් පසු ප්‍රසිද්ධ කළ හැකිය. එවැනි ක්‍රමයක් අනුගමනය කිරීමට ඔබ සූදානම්ද?

7. ජයග්‍රහණයෙන් පසු පාලනය

(අ) ඔබ ජනාධිපතිවරණය ජය ගන්නේ සාම්ප්‍රදායික පක්ෂ දෙකෙන් එකක නියෝජිතයකු වශයෙන් නම් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් ඔබට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. පාර්ලිමේන්තු මැතිවරණයකට යන තෙක් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලයට හිමිකම් කියන්නට ලැඛෙන්නේ නැත. ඔබ ඇමති මණ්ඩලයක් ගොඩනගා ගන්නේ කෙසේද?

(ආ) ඔබ ජයග්‍රහණය ලබන්නේ පාර්ලිමේන්තු නියෝජනයක් තිබෙන පක්ෂයක නියෝජිතයකු වශයෙන් නොවේ නම් ඊළඟ මැතිවරණය තෙක් ඔබට රට පාලනය කරන්නට සිදු වනු ඇත්තේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමක් නැතිවය. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් ලබා ගැනීම සඳහා පක්ෂයක් අලුතෙන් හදා ගෙන හොඳ අපේක්ෂක පිරිසක්ද හය මාසයක් තරම් කෙටි කාලසීමාවක් තුළ සොයා ගැනීමේ දුෂ්කර උත්සාහයක නිරතවීමට සිදු වන්නේය.

ඒ උත්සාහයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීමට ඔබ අසමත් වෙතොත් පාර්ලිමේන්තු බහුතරයක් නැතිකමේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද? පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති පාලකයකුට සාර්ථක පාලනයක් පවත්වා ගෙන යෑමේ හැකියාවක් තිබේද? ඒ ගැන ඔබට කියන්න තියෙන දේකුමක්ද?

(ඇ) ඊළඟ ජනාධිපතිවරණයෙන් තේරී  පත් වන ජනාධිපතිවරයකුට රට පාලනය කිරීමට සිදු වනු ඇත්තේ දූෂිත නිලධර තන්ත්‍රයත්, දූෂිත ව්‍යවස්ථාදායකයත් හා දූෂිත අධිකරණයත් සමගය. එහිදී ජයග්‍රාහී ජනාධිපතිවරයාට තෝරා ගැනීමට තිබෙන්නේ මාර්ග දෙකකි. පළමු මාර්ගය වන්නේ අනෙක් සියලු ජනාධිපතිවරුන් මෙන් හොඳට කුණුවී තිඛෙන රාජ්‍යයේ එම බල මණ්ඩල තුන සමගසහයෝගයෙන් ක්‍රියා කරන තත්ත්වයකට යෑමය.

එවිට ජනාධිපතිවරයාද කුණුවූ තත්ත්වයකට පත් වන්නේය. කුණුවූ තත්ත්වය තිබෙන බලමණ්ඩල තුනේ ගැඹුරු වෙනසක් ඇති කිරීම තෝරා ගැනීමට තිබෙන දෙවැනි මාර්ගයයි. එහෙත් එය සරල පහසු දෙයක් නොවේ. මෙම බල මණ්ඩල තුන දැන් තිඛෙන්නේ බාහිරින් එල්ල වන ලොකු සමාජ බලපෑමකින් තොරව අභ්‍යන්තරයෙන් එල්ල වන බලපෑමෙන් පමණක් වෙනස් කළ නොහැකි තරමට කුණුවූ තත්ත්වයකය. ඒ බව නොසලකා ගැඹුරු වෙනසක් ඇති කරන්නට වෙර දරන ජනාධිපතිවරයකු වේ නම් එම දූෂිත බල මණ්ඩල තුන එකට එකතු වී ජනාධිපතිවරයා වට කොට ඔහු හිර කොට විනාශ කරනු නොවැළැක්විය හැකිය. ඔබ එහිදී තෝරා ගන්නට යන්නේ කුමන මගක්ද?

(ඈ) ජනාධිපතිවරණයට තරග කරන ඔබ ඔබේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම සකස් කර ගන්නේ කාගෙන්ද? ඔවුන්කවුද? ඔවුන් අතර දූෂිත ඉතිහාසයකට හිමිකම් කියන අය සිටී නම් ඔවුන් සම්බනධයෙන් අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ප්‍රතිපත්තිය කුමක්ද? ඔබ ඔබේ ප්‍රධාන කණ්ඩායමට පුද්ගලයන් තෝරා ගැනීමේදී යොදා ගැනීමට අපේක්ෂා කරන මුලධර්මමොනවාද?
යහපාලන ආණ්ඩුවේ නිල කාලය වේගයෙන් අවසන්වෙමින් තිඛෙන අතර රට තිඛෙන්නේ පාලනයක් පවත්වා ගෙන යා නොහැකි අවුල් සහගත තත්ත්වයකය. ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති මහජනයා කෙරෙහි බලවත් පීඩනයක් ඇති කර තිබෙන අතර ඒ නිසාම විවිධ මහජන විරෝධතා ව්‍යාපාර නොකඩවා කරළියට එන බවක්ද පෙනෙන්නට තිබේ.

පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇති විය හැකි ගැටුම් රටේ තිබෙන අවුල් සහගත අරාජකතත්ත්වය උග්‍ර කිරීමට හේතුවිය හැකිය. උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිර දඬුවම් ලබා සිටින ඥානසාර හිමිගේ ප්‍රශ්නය මෙන්ම,ඒ හා සමාන චෝදනාවක් එල්ල වී තිඛෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පිළිබඳ ප්‍රශ්නයද උද්වේග කර  ප්‍රශ්න ඇති කිරීමට හේතු විය හැකිය.

ආණ්ඩුව තිබෙන්නේ බෙලහීන බවට පත්ව තිබෙන තත්ත්වයකය. ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි මහින්ද පිල රට පුරා පවත් වන ලද පළාත් පාලන ඡන්දයෙන් ලොකු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුවත් ජයග්‍රාහී විකල්පය බවට පත් වීමට තවමත් සමත් වී නැත.
දැන් තිඛෙන්නේ ආණ්ඩුවට සීමාවූ අර්බුදයක් නොව පොදුවේ ක්‍රමයට අදාළ අර්බුදයකි. රට නමැති නැව තිබෙන්නේ සුක්කානම හසුරු වන කප්පිත්තා ඉවත් කොට අලුත්කප්පිත්තකු යොදා ගෙන  පදවා ගෙන යා නොහැකි තත්ත්වයකය. හරි විදියට නම් මේ මොහොතේ රට සිතිය යුතුව තිබෙන්නේ ඊළඟ කප්පිත්තා  ගැන නොව නැව ගැනය.

(වික්ටර් අයිවන්)

නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුනු ඔවුන් ලබාගත්තේ ‘ආණ්ඩුවේ විමර්ශනයකින්’ බව එහි සඳහන් වන බවත්  මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොදින් දන්නා බවත් සදහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටි.

 

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලවී ඇති චෝදනා

පසුගිය සඳුදා “චීනය ලංකාවෙන් වරායක් ලබා ගත් හැටි” යන මැයෙන් ලිපියක් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවිය. අපගේ විරුද්ධවාදීන් පසුගිය දින ගණනාව පුරාම  මේ ලිපිය අලලා මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි ඉදිරිපත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හා ජනාධිපති විමර්ශන කොමිසම් ඉල්ලා සිටින ආකාරය අපි දුටුවෙමු. මෙකී නිව්යෝක් ටයිම්ස් ලිපියේ තිබුණු ප්‍රධාන චෝදනාව වූයේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් මට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදුන් බවයි. මේ චෝදනාව සැබවින්ම පදනම් වී තිබුණේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි මාසයේදී රොයිටර් පුවත් සේවය විසින් පල කරන ලද ප්‍රවෘත්තියක් මතය.ඒ රොයිටර් වාර්තාව පලවන විට අලුතෙන් බලයට පැමිණ සිටි යහපාලන ආණ්ඩුව ලංකාව තුළ චීන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සියලුම ව්‍යාපෘති අත්හිටුවා, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරතව සිටි චයිනා හාබර් සමාගම ඇතුළු ලංකාවේ ක්‍රියාත්මක වූ සියලුම චීන සමාගම් වල ලියවිලි සහ ගනුදෙනු විමර්ශනයට ලක් කරමින් සිටියේය. අවුරුදු එක හමාරක පමණ විමර්ශනයකින් පසු කිසිදු වැරදි ගනුදෙනුවක් සොයාගත්තේ නැති තැන, වත්මන් ආණ්ඩුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත වතාවත් චයිනා හාබර් සමාගමට ලබාදෙන ලදී.

 

චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කලේ නැත. මගේ ‘සගයන්’ හා ‘මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට’ එම මුදල් ලබා දී ඇති බවත්,‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය’ විසින් අදාල චෙක්පත් අරලිය ගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීවද,නිව්යෝක් ටයිම්ස් පුවත්පතමේ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද යන කාරණා සම්බන්ධයෙන් සිතා මතාම අපහැදිලි වදන් භාවිතා කොට ඇත. මෙය වගකීමක් නොගෙන මඩ ගැසීමේ ක්‍රමයක් හැටියට අපි දකිමු. කොළඹ වරාය ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු තබාගෙන සිටින ප්‍රධානම ව්‍යාපෘතිය බව වත්මන් අගමැතිවරයාද පවසා තිබේ. චයිනා හාබර් සමාගම විසින් මගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් යොදවා තිබුණේ නම් ඔවුන්ට කිසි දිනක වරාය නගර ව්‍යාපෘතිය නැවත නොලැබෙන අතර හම්බන්තොට වරාය බදු ගැනීමට ලංසු ඉදිරිපත් කිරීමටද ඉඩ නොලැබෙනු ඇත.නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුනු ඔවුන් ලබාගත්තේ ‘ආණ්ඩුවේ විමර්ශනයකින්’ බව එහි සඳහන් වේ. මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොදින් දනී.

 

නිව්යෝක්ස් ටයිම්ස් ලිපියේ චීනයට එල්ලකර ඇති තවත් බරපතල චෝදනාවක් වන්නේ මේ වරාය සාර්ථක නොවන බවට සියලුම ශක්‍යතා වාර්තාවල සඳහන්ව තිබියදීත්, ශ්‍රී ලංකාව ණය උගුලක හසුකර ගැනීම සඳහාම චීනය හම්බන්තොට වරාය ව්‍යාපෘතියට මුදල් යෙදවූ බවයි. මෙහි කිසඳු සත්‍යතාවයක් නැත. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පළමු ආණ්ඩු කාලය තුළ හම්බන්තොට වරාය සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ලෝකයේ ප්‍රධාන පෙලේ ඉංජිනේරු උපදේශන සමාගමක් වෙනඩෙන්මාර්කයේ ‘රැම්බෝල්’ සමාගම යෙදවීමට සිටියද එය පටන් ගැනීමට පෙර එම ආණ්ඩුව පෙරලුණි. ඉන් පසුව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කැනඩාවේ ‘එස්.එන්.සී ලාවලින්’ සමාගම යොදවා මේ වරාය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කල අතර, එහි වාර්තාව 2003 ජුනි මාසයේදී නිකුත් විය. ඉන්පසු 2004 දී දෙවනි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ මංගල සමරවීර ඇමතිවරයා මේ වරාය සඳහා ශක්‍යතාඅධ්‍යයනයක් කිරීමට නැවත වතාවක් ඩෙන්මාර්කයේ ‘රැම්බෝල්’ සමාගම යොදවනු ලැබූ අතර ඔවුන්ගේ වාර්තාව 2007 දී සම්පූර්ණ කරන ලදී. ඒ අනුව වෙනස් ආණ්ඩු දෙකක් යටතේ කරන ලද ශක්‍යතා අධ්‍යයන දෙකක් විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම නිර්දේශ කොට තිබුණි.

 

හම්බන්තොට වරායේ අදියර I සහ II හා තෙල් ටැංකි සංකීර්ණය යන සියල්ල ඉදි කිරීම සඳහා ගත් මුලු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,322 ක් පමණ වේ. මෙහි මුල් ඇ.ඩො. මිලියන 307 කලින් සහනදායි පොලියට ලබාගෙන, ඉන්පසු වසරකට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට වෙනස් කල බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කර ඇත. ඔවුන් මෙයින් අදහස් කලේ ඒ අකාරයට පොලිය වෙනස් කිරීම පසුපස කුමක් හෝ අක්‍රමිකතාවයක් තිබෙන බවයි. නමුත් එහිදී සැබවින්ම සිදුවූයේ එම මුල් ණය මුදල ‘ලයිබෝ’ දර්ශයකට අමතරව තවත් 0.75% ක් යන පදනම යටතේ ලබාගෙන තිබීමත්, ඒ කාලයේදී ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනු සිදු වෙන පොලී අනුපාතය වන ලයිබෝ දර්ශකය සීඝ්‍රයෙන් ඉහල ගොස්, එම මුල් ණය මුදලේ සැබෑ පොලී අනුපාතය 6.5% දකාවා වැඩිවීම හේතුවෙන් තවදුරටත් එය වැඩි වීම වැලැක්වීමට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට නැවත කතිකාකර ගැනීමයි. නමුත් හම්බන්තොට වරාය සඳහා ඉතිරි ඇ.ඩො. මිලියන 1,000 ගෙන ඇත්තේ 2% සහනදායි පොලියටය.

 

මීට වඩා අඩු පොලියකට වෙනත් රටකින් ණය ගැනීමට තිබුණ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කීවද, ව්‍යාපෘති ණය ගැනීමේදී සැලකිල්ලට ගනු ලබන එකම නිර්නායකය වන්නේ පොලී අනුපාතය නොවේ. මෙවැනි ද්විපාර්ශවික ගනුදෙනු වලදී ණය ලබාදෙන රට විසින් කොන්ත්‍රාත් කරුවාද නිර්දේශ කරන අතර කොන්ත්‍රාත්කරුවා ඉල්ලන මුදලද මෙහිදී සැලකිල්ලට ගතයුතු වේ. ඒ අනුව ලංකාවට වඩාත්මක වාසිදායක වූයේ චීනය සමඟ ඒ ගනුදෙනුව සිදු කිරීමයි. ‘රැම්බෝල්’ හා ‘එස්.එන්.සී ලාවලින්’ යන සමාගම් දෙකේම ශක්‍යතා අධ්‍යයන වල සඳහන් වූ ඇස්මේන්තු වලට වඩා අඩු මුදලකට හම්බන්තොට වරාය ඉදිකිරීමට අපට හැකි වූ බව මෙහිදී විශේෂයෙන්ම සැලකිය යුතුය.

 

2012 දී කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණෙන විට හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32 ක් නිසා එම වරාය අසාර්තක ව්‍යාපෘතියක් යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. නමුත් හම්බන්තොට වරායට පැමිණෙන නැව් ගණන 2014 වන විට 335 දක්වා වැඩිවී තිබුණ බව එම ලිපියේ සඳහන් කොට නැත. එමෙන්ම හම්බන්තොට වරාය 2014 දී රුපියල් මිලියන 900 ක හා 2015 දී රුපියල් මිලියන 1,200 ක ක්‍රියාන්විත ලාබයක් ලැබූ බවද පවසා නැත. වරායක් යනු ශතවර්ශ ගණනාවක් පවතින ආයෝජනයක් වන අතර 2011 දී විවෘත කරනු ලැබූ වරායකට 2012 වන විට ලාබ ඉපයිය නොහැකිය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත තවදුරටත් පවසා ඇත්තේ මේ වරාය ඉදි කිරීමට ගත් ණය ආපසු ගෙවීමට නොහැකි නිසා එය චීනයට 99 අවුරුදු බද්දකට ලබාදීමට වත්මන් ආණ්ඩුවට සිදු වූ බවයි. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් මුලු ණය හා 2036 වසර දක්වාඒ සඳහා  ගෙවීමට තිබෙන පොලිය යන සියල්ල එකතු කළ විට, ගෙවිය යුතු සමස්ත මුදල ඇ.ඩො.මිලියන 1,761 ක් වේ. මින් ඇ.ඩො. මිලියන 500කට ආසන්න මුදලක්  2016 අවසන් වන විට ආපසු ගෙවා අවසන් වී තිබුණි. හම්බන්තොට වරාය සඳහා ගනු ලැබූ ණය ගෙවනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබන ලාබයෙන් වෙනනිසාඒ ණය ගෙවීම ගැනකිසිදු ගැටලුවක් නොවීය. 2014 විගණකාධිපති වාර්තාවට අනුව සියලුම ණය හා බදු ගෙවීමෙන් පසුවත් වරාය අධීකාරිය 2014 වසරේදී රුපියල් මිලියන 8,800 ක ලාභයක් ලබා තිබුණි.

 

නිව්යෝක් ටයිම්ස් පුවත්පත නොදැන සිටියද, වරාය බදු දීමෙන් ලාබාගත් ඇ.ඩො. මිලියන 1,120 ක මුදල ආණ්ඩුව විසින් වරාය ඉදිකිරීමට ගත් ණය පියවීමට යෙදුවේ නැති බවත් එය ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබූ බවත්,සියලුම ශ්‍රී ලාංකිකයන් දනී. හම්බන්තොට වරාය ඉඳිකිරීමට ගත් ණය තවමත්එළෙසම පවතී. හම්බන්තොට වරාය හා එය තුළ තිබෙන අක්කර 5,000ක කර්මාන්ත කලාපයත්, වරායෙන් පිට තවත් අක්කර 15,000 කුත් චීනයට ලැබුණේ ලංකාව සිරවී සිටි ‘චීන ණය උගුල’ නිසා යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා සිටියද එවැනි කිසිඳු චීන ණය උගුලක් නොතිබුණි. හම්බන්තොට වරාය ලාබ ලබන තැනට එන තුරු එහි ණය ගෙවීමටවරාය අධීකාරිය ඉතා ප්‍රවේසමෙන් සැලසුම් කර තිබුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතර ඇ.ඩො. මිලියන 100 ක ආදායමක් එන ආකාරයට කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තය දියුණු කිරීමද ඒ සැලසුමේ කොටසක් විය.

 

මගේ ආණ්ඩුව පරදින විට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තයට අවශ්‍ය දොඹකර යනාදිය සපයා අවුරුදු 40 ක කාලයකට එය ක්‍රියාත්මක කිරීමට චයිනා හාබර් සමාගම හා චයිනා මර්චන්ට් සමාගම සමඟ අප ගිවිසුමක් අත්සන් කොට තිබුණි. හම්බන්තොට වරායේ සෙසු පර්යන්ත හා අක්කර 5,000ක කර්මාන්ත කලාපය වරාය අධිකාරියේ පාලනය යටතේසිදු කිරීමට නියමිත විය. මුලු වරායම විදේශීය සමාගමකට අවුරුදු 99 කට බදු දීමට අපට කිසිදු සැලැසුමක් නොතිබුණි. එය සිදු වූයේ වත්මන් ආණ්ඩුව යටතේය. මෙහිදී වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ හම්බන්තොට වරාය චීනයට ලැබුණු බව කියමින් මැසිවිලි නගන බටහිර බලවතුන් විසින්ම බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුවක් විසින් චීනයට මේ වරාය ලබාදී තිබීමයි. මම ජනාධීපතිව සිටි සමයේදී හම්බන්තොට වරාය හෝ වරායෙන් පිට ඉඩම් චීනයෙන් කිසිදාක බද්දට ඉල්ලුවේ නැත. හම්බන්තොට වරාය බදු ගන්නා මෙන් චීනයට යෝජනා කලේද වත්මන් ආණ්ඩුවයි.

 

ඉන්දියාවට ඉතා ආසන්න භූමියක් දැන් චීනයේ පාලනයට යටත්වී තිබෙන නිසා මේ වරාය කුමක් සඳහා භාවිතා කරාවිදැයි සිතමින් ඉන්දියාව කනස්සල්ලට පත්වී සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත සඳහන් කොට ඇත. මගේ ආණ්ඩුව දිගටම බලයේ සිටියේ නම් මෙවැනි තත්වයක් කිසිදාක උද්ගත වන්නේ නැත. ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් හා ජාතික ආරක්‍ෂක උපදේශක ශිවෂංකර් මෙනන් මහතා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2016 දී පලකරන ලද ඔහුගේ මතක සටහන් වල ඉතා පැහැදිලිව පවසා ඇත්තේ මගේ ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන ඉතා හොඳ ආවබෝධයක් තිබුණු බවත් ඔහුගේ එම දෘෂ්ඨිය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ උවමනාවන් සමඟ සම්පූර්ණයෙන්ම ගැලපුණ බවත්ය. ගෝඨාභය ඉන්දියාවේ ආරක්‍ෂක උවමනාවන් ගැන සංවේදී වූ බවද, මාගේ ආණ්ඩුව විසින් ලංකාව චීනය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය ගැන ඉන්දියාවට දෙනු ලැබූ සහතිකය 2014 මැයි මාසයේදී කොංග්‍රස් ආණ්ඩුව පරදින අවස්ථාව වනතෙක්ම ඉතා මැනවින් ආරක්‍ෂා කළ බවද මෙනන් මහතා සඳහන් කොට ඇත. චීනය වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ මම මේ රට පාලනය කරනු දැකීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. 2015 න් පසු සිදු වූ දේවල් නිසා ඉන්දියාවද මම මේ රට නැවතත්පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නැතැයි මම සිතිමි.

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Published on: Jul 1, 2018- පසුගිය ජනපතිවරණ සමයේ දී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ ළග කෝටි 15කට අධික විදෙස් මුදල් තොගයක් තිබී හමුවිය.

එම මුදල් පිළිබදව විවිධ පුවත් මැවුණු අතර අවසානයේ එම මුදල් වලට කුමක් සිදුවුණාද යන්න තවමත් රහසකී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබෙන බවත්. මේ අනුව නුගේගොඩ, දුම්රිය‍පොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බවත් එදා මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.  නමුත් පසුගිය ජනාධිපති මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු එම සොයා ගත් මුදලට කුමක් වූයේද යන්න අනාවරණය නොවීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී තම මැතිවරණ ව්‍යාපාරය සදහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇති බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා හෙළිදරව් කළේය.

මේ අනුව පෙනී යන්නේ ජනාධිපති මැතිවරණය සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වගේම මෛත්‍රීපාල සිරිසේන මහතාද තම ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය සදහා මිලියන ගණනින් විදෙස් මුදල් යොදවා ඇති බවයි.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ගැන පළ අදහසක් පහතින්.

අද කතා කරන්නේ ඩොලර් මිලියන 7ක් ගැන, එදා රාජිත කිව්වේ හොරා කාපු ඩොලර් මිලියන 18ක් මහින්ද රාජපක්ෂ මහතා ගාව තියෙනවා කියලා. ඒකට මොකද වුණේ. හැබැයි ඔබාමා ප්‍රකාශයක් කරා මහින්ද රාජපක්ෂ මහත්තයාව පැරැද්දුවැයින් පස්සේ මේ පාලනය වෙනස් කරන්න ඩොලර් මිලියන 678ක් වියදම් කළැයි කියලා. ඒ 678 හොරා කාපු එවුන් ගැන සොයන්න ඕනයැයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ එකක්වත් ප්‍රවෟත්ති නෙමේ. නිවියෝක් ටයිම්ස් ප්‍රවෘත්තිය තමයි අද ප්‍රවෘත්තිය වෙලා තියෙන්නේ යැයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට වඩා ඇත්ත කියන ශ්‍රි ලංකාවේ දිනමිණ 

දහම්ගේ පෙම්වතියගේ කෝටි 15 කොල්ලය….

රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ. මේ අනුව නුගේගොඩ, දුම්රිය‍පොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත්‍රයා රහස් ‍පොලිසියට පවසා තිබේ.

තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ රහස් ‍පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.

ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් ‍පොලිසිය එය 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව පසුගිය 2014 දෙසැම්බර් 20 වැනි සෙනසුරාදා රහස් ‍පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බ්‍රිෆ් කේසයේ ඩොල් 100 නෝට්ටු 100 බැගින් වූ මිටි දෙකක් සහ ස්විස් ෆ්‍රැන්ක් 10000 නෝට්ටු 100 බැගින් වූ රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන අතුල රෝහණ වීරරත්න අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හා දහම් සිරිසේනගේ පෙම්වතියද නිවසින් අතුරුදන්ව ඇතැයි රහස් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා කිසියම් විදේශ පාර්ශ්වයක් විසින් දෙනු ලැබුවේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.

Published on: Jun 30, 2018 – මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාව ඒකාබද්ධ විපක්ෂය ඇතුලු මහින්ද පිළේ ජනාධිපති අපේක්ෂකය කවුරුන්ද යන්නයි?සති අන්ත පුවත් පතක් සමග එක්වෙමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ මහින්දගේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රනයේ මෙහෙයුම්කරු වන බැසිල් රාජපක්ෂ කල කතාවක කොටසක් පහත දැක්වේ.

මහින්ද ජනාධිපතිතුමාට තමයි අයිතිය තියෙන අපේක්ෂකයන් නම් කරන්න. එයාට තමයි දිනන්න පුළුවන් එයාට තමයි දිනන්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමා නම් කරන කෙනෙක් තමයි ඉදිරිපත් වෙන්නේ. ගෝඨාභය හෝ වෙන කවුරු හරි ඉදිරිපත් කළත් මට ඕනේ මේ ආණ්ඩුව පරද්දන්න. මම නිතර මෙම ආණ්ඩුවෙන් බැටකාපු තවත් මිනිහෙක් නෑ. මගේම සහෝදරයෙක් ආවොත් මට වැඩිය එලියට බහින්න පුළුවන්. මහින්ද ජනාධිපතිතුමා ආයි මායි අතර තියෙන සම්බන්ධය ම ගෝඨාභයයි මායි අතරත් තිබෙනවා. ඉස්කෝලෙකට ගියේ අපි. ඇමරිකාවෙත් එකට හිටියේ. පොඩි කාලේ මහින්ද චමල් අයියා වැඩිමහල් නිසා සම්බන්ධකම් අඩුවුණා. ඇත්තම කතාව කිව්වොත් මහින්දට ඉන්නවට වැඩිය ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩුව කරන්නේ. එයා දේශපාලනය කරලා නැහැ යම් යම් නිවැරදි වෙන්න ඕන දේවල් තිබෙනවා. නිවැරදි වෙන්න ඕන තැන් සාකච්ඡා නොකර අපි නිකං ගොන් කමට දිනනවා කියලා කියන්න ගිහිල්ලා පරදින්න බැහැ. අපි දන්නවා සුළු ජාතීන් අතර අපට තවම විරෝධයක් තිබෙනවා. එක දිනා ගන්න ඕන.

රතුපස්වල රතු කල හමුදාව පසුපස කුමන්ත්‍රණය…

රතුපස්වල මේ පාර ජන්ද 3500 කින් දිනූම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදියට පල්ලිය බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයි නේ වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිති වල සාමාජිකයන්ගේ කකුල් විසිඑකක් වෙඩි වැදිලා කැඩිලා තිබුනා. එතකොට මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සහ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ප්‍රදේශය නිසා හරිනම් මම නේ සම්බන්ධ වෙන්න ඕන. අදත් ප්‍රශ්නයක් කවුද හමුදාව එව්වේ කියලා.

කටුනායක සිද්ධියට ගෝඨාභය සේ කොහොමටවත් සම්බන්ධ නැහැ. එක රනිල්ල දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ල වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට වෙන්න බැහැ. ගස් බැඳපු එක stage ගිනි තියපු එක ඒවා ආපහු වෙන්න බැහැ. ඒව තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ නෑ ආණ්ඩු කරන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතාකරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියල අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්න අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ.

ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. මහින්ද ජනාධිපතිතුමා ගේ මතයක් තියෙනවා ගෙස් කරන තරමට හොඳයි කියලා. එක හරිද නැද්ද කියල මම දන්නේ නෑ. කවුද අපේක්ෂකයා සහ ඔහු නම් කරන වේලාව එතුමාට තීරණය කරන්න පුළුවන්. අපට ඒ වෙලාව කියන්න බැහැ

Published on: Jun 30, 2018- මුහුණු පොතේ ඉන්න පඬි පෝතකයන් මා මෙයට පෙර දෙමළ ජාතිවාදය ගැන ලියා ඇති දේ කියවා නැතිව පමණක් නොවෙයි ඔවුන් නිගමනය කරනවා දෙමළ කතා කරන ජනයා මෙරටට පසුව පැමිණි නිසා ඔවුන් මේ රාජ්‍යයට අයත් නැති බව මා කියනවා කියා. දෙමළ කතා කරන ජනයා මේ රාජ්‍යයට අයත් නැති බවක් මා කිසිම තැනක කියා නැහැ. මේ පඬි පෝතකයන් ලබා ඇති අධ්‍යාපනයේ තරම! මයිකල් රොබට්ස්ගෙ කියමන් අනුගමනය කරමින් ඔවුන් අහනව කරාව දුරාව සලාගම කුල මෙරටට පැමිණියෙ කවදා ද කියලා. ඔවුන් මෙරටට පැමිණියා නොව දහහතර වැනි සියවසේ මෙරටට පැමිණි සමහරුන් එකලත් පැවති කුලවලට අවශෝෂණය කෙරුණා. දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව යන මැයෙන් ලියන ලිපි පෙළට ඉක්මනින් ම නැවත යන්න ඕන. ඒත් එදිනෙදා දේශපාලනය ගැන ලියන්නත් සිද්ධ වෙනවා.

ජී එල් පීරිස් තමාට සුපුරුදු විධියට එ ජා පක්‍ෂයට හිතවත් දේශපාලනයක් ගෙන යනවා. ඔහු කියා තිබෙනවා දහසයේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වීමට වුවමනා නම් ශ්‍රී ල නි පක්‍ෂයේ තමන් දරන තනතුරුවලින් ඉවත් විය යුතු බවට. ජී එල්ගේ ප්‍රකාශ පිටුපස ඉන්නේ කවුද කියන එක බොහෝ දෙනා දන්නවා. ජී එල්ටත් ඔහුටත් අවශ්‍ය රනිල්ගෙ ආණ්ඩුව තවදුරටත් තබා ගැනීම බව පැහැදිලියි.

රනිල් නොවන්නට ජී එල් පීරිස් අද ඉන්නෙ එ ජා පක්‍ෂයෙ. ඔහු දේශපාලනයට ආවෙ එ ජා පක්‍ෂයෙන් ප්‍රේමදාස යුගයෙ. ජේ ආර් කාලෙ නෙවෙයි ඊටත් ඉස්සර ඉඳලා ජී එල් පීරිස් එ ජා ප හිතවතෙක්. ඔහු එංගලන්ත හිතවතෙක්. මා ඔහු ගැන කුඩා කල ඉඳන් දන්නවා. ඒත් මා ඒ කිසිවක් මෙහි කියන්නේ නැහැ. රනිල් ජී එල් පීරිස් ගැන දන්නවා වෙන්න පුළුවන්. රනිල් කොළඹ නීති පීඨයෙ ඉන්න කාලෙ ජී එල් පීරිස් මහාචාර්යවරයා. ඒක නිසා වෙන්න පුළුවන් ජී එල්ට ඇමතිකමක් නොදෙන්නෙ.

මහින්ද ජනවාරි අටවැනි දා පැරදිලා මැදමූලනට ගියාට පස්සෙ බැසිල් රට ගියා. ජී එල් පීරිස්ව හොයා ගන්න බැරිව හිටියා. මහින්ද ඒ බව දැන් කියන එකක් නැහැ. ඒත් ඒ දවස්වල කිව්වා. ජී එල් පීරිස් එ ජා ප ඇමතිකමක් ගන්න එක නැවතුණෙ රනිල් හින්ද. රනිල් ජී එල් පීරිස්ට ඇමතිකමක් දුන්න නම් මේ අවුල් ඇති වන්නෙ නැහැ.

දහසයේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමට කොන්දේසි දාන්න ජී එල් පීරිස් කවුද? ඔහු ඒකාබද්ධ විපක්‍ෂයෙ කවුද? ඒකාබද්ධ විපක්‍ෂයෙ නායක දිනේෂ් ගුණවර්ධන කොන්දේසි දැම්ම නම් හිතා ගන්න පුළුවන්. දිනේෂ් ඉන්දැද්දි ජී එල් පිරිස් කොන්දේසි දාන එක දිනේෂ්ට හොඳ නැහැ. ඒ මදිවාට බැසිල් ඒකාබද්ධ විපක්‍ෂෙ රැස්වීමකට සහභාගි වුණු බව වාර්තා වෙලා තිබුණා. මහින්ද හරි දිනේෂ් හරි ඔහුට ආරාධනා කළා ද දන්නෙ නැහැ. එහෙම නැත්නම් එය ප්‍රශ්නයක්.

මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයෙ ඉන්නවා. ඔහු ශ්‍රී ල නි ප අනුශාසකවරයකු බවයි මගේ හැඟීම. එහෙම නම් ජී එල් පීරිස් මහින්දටත් කියනවා ද ශ්‍රී ල නි පක්‍ෂයෙ දරණ තනතුරෙන් ඉවත් වෙන්න කියලා. ඒකාබද්ධ විපක්‍ෂෙ කී දෙනකු ශ්‍රි ල නි පක්‍ෂයෙ මධ්‍යම කාරක සභාවෙ හරි එයට තුල්‍ය සභාවක ඉන්නවා ද කියලා කියනවා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ බොහෝ දෙනකු ශ්‍රී ල නි පක්‍ෂයෙ සාමාජිකයන්. ඔවුන් යම් සභාවක කමිටුවක ඉන්නව නම් ඒ තනතුරු දැරීමක්. එවැන්නන් ඉන්නව නම් ඔවුන්ටත් ඒ තනතුරු අත්හරින්න කියනවා ද? තනතුරු කියන්නෙ ලේකම් භාණ්ඩාගාරික වැනි නිල පමණ ද? ඔවුන් නිලධාරීන්. නිල දරන්නවුන්. නිලවලට අමතර ව තවත් තනතුරු තියෙනවා.

ජී එල් පීරිස් පොදුජන පෙරමුණේ සභාපති බව ඇත්ත. බැසිල් ඒ පක්‍ෂය සංවිධානය කරපු බවත් ඇත්ත. ඒත් මිනිසුන් පොදු ජන පෙරමුණට ඡන්දෙ දෙන්නෙ ජී එල් පීරිස් නිසාවත් බැසිල් නිසාවත් නො වෙයි. ඔවුන් එහෙම හිතනවා නම් ඒක අර කටුස්සා මේවා අලින්නෙ අපේ වැඩ කිව්ව වගේ. කොහොම වෙතත් මෙහි අලින්නෙ වැඩක් ඇති බවක් නම් පේනවා. මිනිසුන් පොදු ජන පෙරමුණට ඡන්දෙ දෙන්නෙ මහින්ද හා මහින්ද නිසා ම පමණයි.

අද රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කරන්න බැරි ජී එල් පීරිස් වැන්නන්ගෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් හා තවත් ටිකක් සෙවීමේ ප්‍රතිපත්තිය නිසාත් මෛත්‍රිපාලගෙ බය හා සැක නිසාත්. මෛත්‍රිපාල වැන්නකු මේ රටේ ජනාධිපති වීම රටට ප්‍රශ්නයක් වුණත් ඔහු අද ජනාධිපති. අපේ හාමුදුරුවරුන් අනුශාසනා කරනවා අද රටට අවශ්‍ය ශක්තිමත් නායකයකු කියා. උන්වහන්සේලාගේ අනුශාසනාව ගැන පින් අනුමෝදන් කරන අතර උන්වහන්සේට දැන් අණ දීමට කාලය පැමිණ ඇතැයි කියා හිතෙනවා. මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් අස්වුණොත් රනිල් ජනාධිපති වෙනවා. අද මගක් හොයන්න ඕන රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න.

මේ රට තව අවුරුදු එකහමාරක් මේ විධියට කර ගෙන ගියොත් රටක් ඉතිරි වන්නේ නැහැ. මෛත්‍රිපාල මේ රට අගාධයට පත් කළ ජනාධිපති ලෙස ඉතිහාස ගත වේවි ද? මෛත්‍රිපාල ප්‍රජතන්ත්‍රවාදය ගැන කියන්නෙ ඔහු ශක්තිමත් නැති නිසා. ඔහු ඇමති මණ්ඩලයෙ ගොබෙල්ස් තියාගෙන හිට්ලර් ගැන කතා කරනවා. රනිල් තියාගෙන හිට්ලර් ගැන කතා කරනවා. රනිල්ට අර්ජුන මහේන්ද්‍රන් එක්ක සම්බන්ධකම් කිසිවක් දැන් නැතිළු. හොඳයි එහෙම තමයි කියලා කියමු. අර්ජුන් මහේන්ද්‍රන්ගෙ තාත්තා චාලි මහේන්ද්‍රන් එකල රාජකීය විදුහලේ ගුරුවරයෙක්. ඒ කොහොම වෙතත් රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් එක්ක දැන් කිසිම සම්බන්ධකමක් නැති වුණත් අපේ බුද්ධි අංශයට ඔහු හොයා ගන්න බැරි මොක ද? කේ පී ගෙනා බුද්ධි අංශය දැන් දුර්වල කරලා ද? පඬි පෝතකයකු අහන්න ඕනෙ නැහැ කේ පීට මොකද වුණෙ කියලා. අප කතා කරන්නෙ කේ පී ගෙනාපු එක ගැන. රනිල් මහේන්ද්‍රන් ගේන්න ඕන නැහැ. ඒ වැඩේ අදාල නිලධාරීන්ට කරන්න ඉඩ දෙන්න.

ජී එල් කරන්නෙ රනිල්ගෙ ආණ්ඩුව තවත් පවත්වාගෙන යෑමට ඒකාබද්ධ විපක්‍ෂෙ නොසිට එහි භේද ඇති කිරීම. අපේ හාමුදුරුවන්ගන් අණ ලැබෙන තෙක් අපි බලා ඉඳිමු. එහෙත් අණ ප්‍රමාද වුවොත් රටත් ශාසනයත් රැක ගන්න බැරි වෙන්නත් ඉඩක් තියෙනවා.

~~ කාළය~~

Published on: Jun 30, 2018 – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ යටතේ ඇති දැව සංස්ථා සභාපති පී. දිසානායක පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටල් රථගාලකදී අල්ලස් ගැනීමක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ අතර ඉන්පසු එහි සභාපතිවරයා ලෙස පත්කල අනුරුද්ධ පොල්ගම්පොලද ඉවත් කරනු ලැබුවේ අධිකරණයෙන් වරදකරු වී තිබීම නිසාය. එහි අලුත්ම පුරුක වන්නේ තමන් සිදු කල දූෂණ නිසාවෙන් නැවත කිසි දිනෙක මැතිවරණයකට ඉදිරිපත්ව ජයගත නොහැකි බවට තීරණය කිරීම නිසා සිරිසේන ජනාධිපතිවරයාගෙන් සභාපතිධූරයක් ඉල්ලා ගත් හිටපු උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නයි.

බුලත් හුරුල්ලක් හරි අතට නොදුන්නා යැයි පවසා පොළොන්නරුව පාසලක කීර්තිමත් විදුහල්පතිවරයෙක් වෙනත් පාසලකට මාරු කර සිදුකර ඇති පළිගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු වරදකරු කර තිබිමයි. ඒ වෙනුවෙන් රු. 250000ක වන්දියක් ගෙවීමට ඔහුට නියෝග කර ඇති අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රජයටද රු. 50000ක් ගෙවීමට සිදුව ඇති.

පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් කඩකල බවට උත්තරීතරතම අධිකරණයෙන් වරදකරු කර ඇති පේෂල ජයරත්නට ජනාධිපති සිරිසේන විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරය පිරිනමා ඇත්තේ කුමන පදනමක් යටතේ දැයි ජනතාවට තේරුම් ගැනීමට වැඩි අපහසුවක් ඇති වී නැත. ජනාධිපති සිරිසේන තනතුරු දීමට නම් දූෂිතයෙකු බවට සමාජ මතයක් හා අධිකරණයක් මගින් වැරදිකරුවකු වී තිබීම අනිවාර්ය සුදුසුකමක් විය යුතුය.

සිරිසේනට ඉතිරිව ඇත්තේ තවත් අවුරුද්දකුත් මාස 6ක කාලයක් වන අතර අවම වශයෙන් තවත් හොරුන් කිහිප දෙනෙකුටවත් හොරකම් කිරීමට අවස්ථාවක් ලබා දීම ඔහුගේ අරමුණක් වී ඇති බව පේෂල ජයරත්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයට පත් කිරීමෙන් පෙනී යයි.

Published on: Jun 27, 2018- පසුගිය පලාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තේරීපත් වු මන්ත්‍රිවරුන් 08 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට බා ගැනිම සදහා සාකච්ඡා පවත්වමින් සිටින බව අනාවරණය වි තිබේ.

මේ මගින් කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක තනතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයට යාමේ අවස්ථාවක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් තේරීපත් වි ඇති අතර එම පක්ෂයට පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි මන්ත්‍රිවරුන් පිරිසක් හිමිකරගෙන තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක තනතුර යාම නැවැත්වීමට මෙම රහසිගත සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 08 දෙනෙකු පක්ෂ මාරු කිරීමට සුදානමින් සිටින අතර ඔහුන් සමග ආණ්ඩුවේ ප්‍රබලයෙකු ඩිල් කරමින් සිටින බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 60ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 23ක් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 12ක් හිමිව තිබේ.මීට අමතරව එක්සත් ප්‍රගතිශීලී සන්ධානය කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධුර 10ක් හිමිකර ගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරය වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කර ඇතත් ඔහුට එම ධූරය ලබා දීම පාලක පක්ෂය ප්‍රතික්ෂේප කරමින් තිබෙන බව ද පැවසේ.

විපක්ෂ නායක ධූරයට වෙනත් මන්ත්‍රීවරයෙකු නම් කරන්නැයි පාලක එක්සත් ජාතික පක්ෂය නොනිල මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යෝජනා කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මහ නගර සභාවේ විපක්ෂ නායක ධූරයට පත් කරන්නේ කවුරුන් ද යන්න තීන්දු කිරීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙන අතර එවැනි බලයක් එජාපයට නැතැයි ද එම නගර සභාවේ මන්ත්‍රීනි ෂර්මිලා ජයවර්ධන ගෝනවෙල මහත්මිය නගරාධිපතිනිය වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.

නගර සභා ආඥාපනතේ “විපක්ෂ නායක ධුරයක්” සඳහන් නොවුවත් කොළඹ මහ නගර සභාව ආරම්භ වූ දින සිට ම විපක්ෂ නායකවරයෙකු පත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වූ බව ද ගෝනවෙල මහත්මිය යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

Top