ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් දරනු ලබන විපක්‌ෂනායක ධුරය වැඩි පිරිසක්‌ සිටින දේශපාලන පක්‌ෂයකට ලබා දී ඒ වෙනුවට රජයෙන් අමාත්‍ය ධුරයක්‌ ලබා ගැනීම ඉතාම උචිත බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා ගෙන අ යෝජනාවක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අර්බුදයකට ලක්ව සිටින බව වාර්තා වේ.

උතුරේ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් රජයේ අමාත්‍ය ධුරයක්‌ ලබා ගැනීමට කැමති දැයි විමසූ අවස්‌ථාවේදී ඔහු ඊට අකැමැත්තක්‌ පළ කොට නොමැති අතර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මේ යෝජනාව ඉතාම කල්පනාකාරීව සලකා බැලිය යුතු යෝජනාවක්‌ බවයි.

එමෙන්ම මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වීම සාධනීය කරුණක්‌ බවත් යෝජනාව ඉදිරිපත් වූයේ රජයෙන් නොව රජයේ අමාත්‍යවරයකුගෙන් නිසා ඒ පිළිබදව කිසිම හදිසියක්‌ නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දෙමළ භාෂාවෙන් ලියන ලද ”විනිසුරුවරයෙක්‌ කතා කරයි” නැමැති ග්‍රන්ථය එළිදැක්‌වීම සඳහා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති උත්සවයේදී ද මේ ගැන ඇදී තිබේ. එහිදී දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරු සම්බන්ධන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ රජයේ අමාත්‍ය ධුරයක්‌ ලැබීම ආභරණයක්‌ වනවා මිස ඉන් දෙමළ ජනතාවට කළ හැකි දෙයක්‌ නොමැති බවය.

මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු උදාහරණ වශයෙන් ගෙනහැර දක්‌වා ඇත්තේ එම්.ඩී. ස්‌වාමිනාදන් මහතාගේ අමාත්‍ය ධුරයයි. ඔහු දෙමළ ජාතිකයකු වුවත් දෙමළ වැසියන් උදෙසා කිසිවක්‌ කළ නොහැකි බව සෙසු දෙමළ මන්ත්‍රීවරු සම්බන්ධන් මන්ත්‍රීවරයාට පැහැදිලි කොට දී තිබේ.

Published on: Jun 26, 2018- ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කිරීමට ශ්‍රී ලංකාවේ හමුදාව රසයනික අවි බාවිතා කල බවත් දහස් ගනන් ද්‍රවිඩ ජනතාවට වදදී මරා දැමුනු බවත් 38 වන මානව හිමිකම් සැසිවාරය ඇමතීමට ආ කොටි ඩයස්පොරාවේ කන්ඩායම ප්‍රකාශ කරන ලද අතර ඒ අවස්ථාවේ ඊට විරුද්ධව නැගී සිටිය ජගත් දේශප්‍රේමී ලාoකික සoසදයේ නිධාරීන් එය ඉතා අසත්‍ය ප්‍රකාශිතයක් බවත් මේවවිට දහස් ගනනක සිවිල් වැසියන් ප්‍රමාණයක් LTTE විසින් ඝාතනය කර ඇති බව පෙන්වා දුන් අතර එහිදි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේන බව 38 වන ජිනීවා සැසිය සදහා සහභාගි වි සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණී සිටි නිළධාරීන් කිසිවෙකුත් එම අවස්ථාවේ එම අදහස් දැක්විමට විරෝධය පල කිරිමට කටයුතු නොකර ඇති අතර ඔහුන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරිම බරපතල සැකයකට තුඩු දි තිබේ.

දෙමල ඩයස්පෝරාව නියොජනය කරමින් සහභාගී වූ කණ්ඩායමගේ නාම ලැයිස්තුව පහත දක්වා ඇත..

මේ අතර ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ඊයේ (ජුනි මස 24 වන දින දහවල් 2 සිට සවස 5 දක්වා) ජිනීවා එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නියැලුනා.

ෆෙඩරල් පරදවමු , රණවිරුවන් සුරකිමු ,මව්බිම සුරකිමු,බෙදුම්වාදය දිනවන – රට අස්ථාවර කරන 20 වැනි සංශෝධනය පරදවමු ….. යනුවෙන් සටන් පාඨ නගමින් එම පිරිස උද්ඝෝෂණයේ යෙදුනා.

එම අවස්ථාවට එංගලන්තයේ සභාපති – ඉන්දික ගුණසේකර,ඕස්ටේරේලියවේ ප්‍රධාන සංවිධායක – රංඡිත් නාරංපනාව,කැනඩාවේ සභාපති – වර්ණ හෙටිටි ආරචිචි,ලංකාව නියෝඡනය කරමින් – දුෂාන්ති හපුගොඩ,එංගලන්තය – මැනික්මාලිද්ද,ඉතාලියේ – සංඡීව දොඩන්තැන්න, සුනිල්,ඉන්දික ගුණසේකර මහා බ්‍රිතාන්‍ය, ලක්ෂ්මන් බාර්න්ස් ප්‍රංශය,  ඔස්ට්‍රේලියාව සහ නාපොලි මිලානෝ රෝමය නියෝජනය කරමින් ඇතුලු කණ්ඩායමක් සහබාගී වි සිටියා.

එම අවස්ථාවට දුරකතනයෙන් එක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ දුරකථනය මගින් සම්බන්ද වී පැමිණ සිටි ජනතාව අමතා දිරිමත් කළා.

ගෝඨභය රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ….

ශ්‍රී ලාංකික සංසදයේ මහා බ්‍රිතාන්‍යයේ සභාපති ඉන්දික ගුණසේකර 

දුෂාන්ති හපුගොඩ

 

කැනඩාවේ සභාපති – වර්ණ හෙටිටි ආරචිචි

Published on: Jun 25, 2018 – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තුළ නීති විරෝධීව සේවයේ යෙදීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් අනතුරුව ගෙදර යැවූ විදේශීය කාන්තාවකට නිකම් ගෙදරට වී සිටි කාලයේ කෑම්-බීම් වියදම් වශයෙන් රුපියල් 5,25,000.00 ක් අයථා ලෙස ගෙවා ඇතැයි අභ්‍යන්තර විමර්ශනයකදී හෙළිවී තිබේ.

OSK STURLUDOTTIR නමැති අයිස්ලන්ත ජාතිකයෙකු බව කියන මෙම විදේශීය කාන්තාව ට්‍රාන්ස්පේරන්සියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් වශයෙන් සේවයට එක්වී ඇත්තේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරගේ පුද්ගලික සබදතා අනුවය.ඇය අසෝක ඔබේසේකරගේ යහඵවෙකුගේ බිරිදක්වීම නිසා රැකියා කිරීමේ වීසා බලපත්‍රයක් නැතිව ට්‍රාන්ස්පේරන්සියට එක්වීමට හැකියාව ලැබී ඇත.එහෙත් ට්‍රාන්ස්පේරන්සියෙන් දූෂණ විරෝධය ගැන පුහුණුව ලැබූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් මෙම නීති විරෝධී බදවාගැනීම ගැන පැමිණිළි කිරීම නිසා 2017 ජනවාරි 09 දින ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව රැකියාවෙන් ඉවත්වී ගෙදර නැවතීමට OSK STURLUDOTTIR ට සිදුවී තිබේ.

එම විමර්ශනයේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ ලංකාව තුළ රැකියාවක නොයෙදෙන බවට ප්‍රකාශයකට අත්සන් තබමින් බවත්,තමා විධායක අධ්‍යක්ෂ අසෝකගේ යහඵවෙකුගේ බිරිදක් බවත් ඇය පිළිගෙන තිබේ. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විසින් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පතට ප්‍රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තුවේ , වීසා සහ ප්‍රත්‍යන්ත පාලන කටයුතු භාර පාලක ඩබ්ලිව්.එම්එම්.බී.වීරසේකර මහතා ප්‍රකාශකර ඇත්තේ රැකියා කිරීමේ වීසාවකින් තොරව රැකියාවේ යෙදී සිටි බව ඇය පිළිගත් බවත් ඒ අනුව ඇයට අවවාද කළ බවත්ය .එසේම 2017 -06-01 දක්වාම ඇයට රැකියාවක යෙදීමේ වීසාවක් නොතිබූ බවද පාලකවරයා සිය ප්‍රතිචාරය මගින් සනාථකර තිබේ.(එම ප්‍රතිචාරය බලන්න.)

මෙම වංචාව හෙළිවී ඇත්තේ සභාපති ලක්ෂාන් ඩයස්ගේ පාලන සමය තුළ ට්‍රාන්ස්පේරන්සියේ සිදුවූ බවට චෝදනා එල්ලවන දූෂණ වලින් තෝරාගත් කිහිපයක් පිළිබදව සිදුකරමින් සිටින විශේෂ විමර්ශනයකදීය.එම විමර්ශනයේ නිරතව සිටින ට්‍රාන්ස්පේරන්සියේ සාමාජිකයින් සිදුකරන ලද සොයාබැලීමට අනුව ඉහත රුපියල් 5,25,000.00 අයථා ගෙවීම සිදුකර ඇත්තේ 2017 ජනවාරි -මැයි කාලයට අදාළවය. “ පැමිණීමේ ලේඛනය සහ දැනට අපි විමර්ශනය කරපු ලේඛන අනුව මේ කාලය තුළ OSK STURLUDOTTIR කියල සේවිකාවක් කාර්ය මණ්ඩලය තුළ සේවය කරල නැහැ. ජනවාරි 09 ට පෙර එහෙම කෙනෙක් නීති විරෝධීව ඉදල අහුවෙලා සේවය නතරකරල තියෙනව. මේ ගෙවීමේ චෙක්පත බැංකුවෙන් මාරුවෙලා තියෙනව.එම ගෙවීම් වවුචරයට විධායක අධ්‍යක්ෂක අත්සන් තබා තිබෙනවා.

සිද්ධවෙලා තියෙන සමහර දේවල්වල හැටියට අපි මුලින්ම සොයා බලන්නේ මේ මුදල යථාව හරි අයථාව හරි OSK STURLUDOTTIR ට ලැබිල තියෙනවද කියලයි.නීති විරෝධීව ඉදල අහුවෙලා අවවාද කළාට පසුවත් නැවත යහඵවාගේ බිරිද හොරෙන් සේවයේ යෙදෙව්වද ? නැත්නම් වෙනත් වංචාවක් සිදුවුණාද කියල ඊළගට බලන්න වෙනවා. මීට පෙර මිලියනයේ යුරෝපා සංගම් මූල්‍ය වංචාව ගැන අපි සභාපති ලක්ෂාන් ඩයස් මහත්මයාගෙන් පරීක්ෂණයක් ඉල්ලුවා.ඔහු සාමාජිකයින්ට සවන් දුන්නේ නෑ.ඊට පසුව එම ගෙවීම්වල සමහර චෙක්පත් වලට සභාපතිත් අත්සන් කරඇති බව හෙළිවුණා.මේව දූෂණ ගැන විමර්ශන කරනවා වෙනුවට දූෂණ වසන්කිරීමට උත්සාහ දැරීමේ අනිටු ප්‍රතිවිපාක.” ඉදිරි විමර්ශන වලට බාධා ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය නිසා මේ මොහොතේ තමන්ගේ අනන්‍යතාවය සුරකින ලෙස ඉල්ලා සිටි ට්‍රාන්ස්පේරන්සි සාමාජිකයින් අප හා පැවැසීය.

මෙම අයථා මුල්‍ය ගනුදෙනුව ගැන අධ්‍යක්ෂ මණ්ඩල පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ද සියලු දූෂණ චෝදනා ගැන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසද සාමාජිකයෝ ඉල්ලා සිටිති.

Published on: Jun 24, 2018 – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගෙ කතාවකට පඬියන්ට රිදිලා. සමහරුන්ට දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාගෙ බුදුදහම පාවාදීම පොත මතක් වෙලා. ඒ කසිකබල් පොතට ඒ දවස්වල ම උත්තරයක් දුන්න කුඩා පොතකින්. ඒ පොත් පිංච එළි දක්වන දවසෙ තරුණ බෞද්ධ සංගම් ශාලාව ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. පඬියකුට ඒ පොත් පිංච ලබා ගෙන කියවන්න පුළුවන්. අද පඬියන්ට පිළිතුරු දෙන්න රැස්වීමක් තියන්න සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබා ගන්න වේවි.

උපාලි හාමුදුරුවන්ගෙ කතාව කියවපු වෙලාවෙ මට මතක් වුණේ සමහර ත්‍රිරෝද රථවල ලියා තියෙන අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ පාඨය. අද සිංහල බෞද්ධ ජනතාව හොඳට ම අසරණ වෙලා. ඒ අසරණකම තමයි හාමුදුරුවන්ගෙන් පිටවෙලා තියෙන්නෙ. දැන් කවුරු හරි පඬියකු කියන්න පුළුවන් මා බුදු හාමුදුරුවන්ගෙන් හිට්ලර් කෙනකු ඉල්ලනවා කියලා. මේ කසිකබල් අධ්‍යාපනයෙන් ත්‍රිරෝද රියදුරන් වෙනුවට පඬියන් විශ්වවිද්‍යාලයට ගන්න එක තමයි ප්‍රශ්නවලට මුල. නිකම් ඉන්න ගමන් ත්‍රිරෝද රියදුරකුගෙන් අහන්න උපාලි හාමුදුරුවො මොකක් ද කිව්වෙ කියලා.

ගෝඨාභය අඩු තරමෙන් ජනාධිපති අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් කරයි ද කියන ප්‍රශ්නයක්. ගෝඨාභය තරග කරන්නේ මොන පක්‍ෂයෙන් ද කියලා තවම තීරණයක් නැහැ. ජී එල් හා බැසිල් ඔහුට පොහොට්ටුවෙන් නාම යෝජනා දේවි ද? මට නම් සැකයක් තියෙනවා. ඒ අතර මෛත්‍රිපාලත් තම මතය කියලා. ඔහු තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහතික තමන් ම ලියා ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔය තරම් කියවන්නෙ රනිල් අගමැති කමේ තියාගෙන ද? බැසිල් එක්ක තියෙන තරහට රනිල්ට ආණ්ඩුව භාර දීලා මෛත්‍රිපාල බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවනවා. ඉස්සෙල්ල ප්‍රජාතන්ත්‍රවාදී ව රනිල් ඉවත් කරලා ඉන්න. ඒක කරන්න පුළුවන් විධිය අප කියන්නෙ බොහෝ කල් ඉඳලා.

අනුනායක හාමුදුරුවො ගෝඨාභයට කියන්නෙ මේ රට හදන්න ඉදිරිපත් වෙන්න කියලා මිසක් මිනී මරන්න කියලා නො වෙයි. අපරාදෙ උන්වහන්සෙ කිව්වා නම් සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ රට කරන්න කියලා පඬියන් විරුද්ධ වෙන එකක් නැහැ. බොහෝ දෙනකු කියනව නොව මේ රට සිංගප්පූරුවක් කරන්න කියලා. ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ නැගුවෙ මහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට කියලා ඔවුන් හිතනවා ඇති.

ලී ක්වාන් යූට ඊනියා සමාජවාදීන් විරුද්ධ වෙයි කියලා හිතුව නම් උපාලි හාමුදුරුවන්ට කියන්න තිබුණෙ ලී ක්වාන් යූ හරි ස්ටැලින් හරි මාඕ හරි වගේ රට හදන්න කියලා. ට්‍රොට්ස්කිවාදීන් එයට විරුද්ධ වෙයි කියලා හිතනවා නම් ලෙනින්ගෙ නමත් දාගන්න තිබුණා. අවශ්‍ය ම නම් ට්‍රොට්ස්කිවත් ඇඳ ගන්න තිබුණා. එයා වැඩි කාලයක් රට පාලනය කෙළෙ නැති වුණත් රතු හමුදාව හදපු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරය ගැන හිතලා එයාගෙ නමත් කියන්න තිබුණා.

පඬියකු හිතනවා නම් අස්ගිරි පාර්ශ්වයෙ අනුනායක හාමුදුරුවො ගෝඨාභයට මිනීමරන්න කියනවා කියලා මා හිතන්නෙ පඬියා බෞද්ධ පවුලක උපත ලැබුවකු නම් පිටිකිරි පමණක් බීලා හැදිච්ච අයකු වෙන්න ඕන. අප කුඩා කල කව් ඇන්ඩ් ගේට් කියලා පිටි ජාතියක් තිබුණා. තවත් පස්සෙ කාලෙක එස් එම් ඒ කියලා පිටි ජාතියක් තිබුණා. ඒ ඔක්කොම ගොන් කිරි පිටි කරපුව. ඒ පිටි කිරි විතරක් බීලා හැදිච්ච පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ. දන්නෙ උම්බෑ කියන්න විතරයි. දැන් කරන්නෙත් ඒකයි.

මේ පඬියන් විශ්වවිද්‍යාලවලට ගියා ම ඒවයෙ උගන්වන ජාති මා හොඳට ම දන්නවා. ඒවායෙ ඉතිහාසය පමණක් නොවෙයි බුදුදහමත් ඉගැන්වෙන්නෙ අර කව් ඇන්ඩ් ගේට් ක්‍රමයට. ඒ කියන්න කව් දැනුම. නැහැ කවි දැනුම නොවෙයි. සිංහල බෞද්ධ අම්මලා සමහර වෙලාවට තම දරුවන්ට කියනවා තෝව මං හම ගහනවා කියලා. තෝව කෝටුමස් කරනවා කියලා. ඒකත් බුදුදහම පාවාදීමක් ද දන්නෙ නැහැ. උපාලි හාමුදුරුවො එහෙමවත් කියලා නැහැ. කියලා තියෙන්නෙ රට හදන්න කියන එක. පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ.

අද කිසිවකු රට හදන්නෙ නැහැ. තම තමන් හැදෙනවා මිසක්. කියන්නෙ නම් ජනතා සේවය කියලා. ඉස්සර ජනතා කියලා පත්තරයක් තිබුණා. මේ අය ඒකෙ වැඩ කළා ද දන්නෙ නැහැ. ඒක ලේක් හවුස් පත්තරයක්. ලේක් හවුස් එස්මන්ඩ් වික්‍රසිංහලාගෙ. එස්මන්ඩ් කියන්නෙ රනිල්ගෙ තාත්තා. කවුරු දන්නවා ද කවුරු කවුරුන්ට සේවය කරනවා ද කියලා. ඒත් උපාලි හාමුුදුරුවො දන්නවා රට අසරණ වෙලා අරාජික වෙලා කියලා. රටට සේවය කරන්න කවුරු හරි අවශ්‍ය කියලා. ඒක ත්‍රිරෝද රියැදුරොත් දන්නවා. පඬියන් දන්නෙ නැතිව ඇති.

කව් ඇන්ඩ් ගේට් පඬියන්ට සිංහල උගන්වන්න බැහැ. ඔවුන් ඉංගිරිසි දන්නවා ඇති. මට ඒ ගැන නිච්චියක් නැහැ. මේ කතාව ගැන ලිව්ව වැඩි ද කියලත් හිතෙනවා. පඬියන්ගෙ කව් ඇන්ඩ් ගේට් කතාවලට පිළිතුරු දෙන එකත් වැඩකට ඇති දෙයක් ද කියලා හිතෙනවා. කව් ඇන්ඩ් ගේට් එකේ ගේට් තියෙන්න කව්ල වත්තෙන් එහාට යයි කියලා වෙන්න ඕන. පඬි කටවල්වලට වැට බඳින්න බැහැ. ඒ කතාව භාෂණ නිදහසට එල්ල කරපු පහරක් කියලා කව් ඇන්ඩ් ගේට් පඬියකු කියන්න බැරි නැහැ. අනේ මගෙ කට!

කාලය….

Published on: Jun 23, 2018- සම්බුද්ධ සාසනයේ චිරස්තිතිය සදහා කටයුතු නොකර බූදල් පසුපස යන අස්ගිරි මල්වතු පන්සල් වලට පුජ්‍ය කිරම විමලජෝති හිමියන් අද(22) මාරාන්තීක ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

“වෙල්ලස්සේ වෙඩි හඩ” වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල අද පැවැති අතර එහි මංගල දර්ශනය සැප්තැම්බර් 01 වෙනිදා වේදිකා ගතවිමට නියමිතයි.

එම අවස්ථාවට එක්වු මහා සංඝරත්නය ඇතුලු පිරිස හමුවේ දේශණයක් කරමින් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් අවධාරණය කලේ කාලකණ්ණි,පවුකාර චීවරධාරින් මල්වතු,අස්ගිරි ඉන්නකම් මේ නිකාය බේදය වෙනස් කල නොහැකි බවයි.

Published on: Jun 22, 2018- දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වන ස්වයංතීරණයේ අයිතිය පිළිගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේස්වරන් ඉල්ලිමක් කර තිබේ.

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුවේදී මෙම ඉල්ලිම කර ඇති අතර එහිදි විග්නේෂ්වරන් අවධාරණය කර ඇත්තේ දැනට වෙන්ව පවතින පළාත් වලට සිය කැමැත්ත පරිදි ඒකාබද්ධ වීමේ අයිතිය ලබා දෙන ලෙසයි.

“ළඟදී අපේ නායකතුමා හමු වූ වෙලාවේ මෙම අවුරුද්ද තුලදී විසඳුමක් ලබා ගත හැකි බව ඔබ තුමා දැනුම් දුන් බව අපට දැනගන්න ලැබුනා. ඒ නිසා විසඳුමක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ පියවර නිසා ඔබතුමාට දේශපාලන වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුනොත් පළාත් නමයටම ස්වයංපාලනයේ අයිතිය ලබා දෙන්න. අවශ්‍ය උනොත්, පළාත් වලට එක්වීමේ අයිතියත් ලබා දෙන්න.”

“උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ කතා කරන ජනතාවට එක්සත් ලංකාවක් තුල ස්වයංතීරණයට ඇති අයිතිය, තමන් ගැන තමන්ම තීරණය ගෙන පාලනය කිරීමේ අයිතිය ඔබතුමා පිළිගන්න ඕනේ,”

සුළු ජන කොටස් අතර ගැටුම් ඇති කිරීම සඳහා රජය ‘යටිකූට්ටු’ වැඩපිළිවෙලක් ගෙනයන බවට අනතුරු ඇඟවූ මහ ඇමැති විග්නේස්වරන් එය වහාම අත්හිටුවා හින්දු ඉස්ලාම් ආගම්වලට අයත් සහෝදර ජනතාවට එකමුතුව ජීවත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස ආයාචනය කර සිටියේය.

මේ අතර යුද්ධයෙන් පීඩාවට පත් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට වන්දි මුදලක් ප්‍රදානය කිරීම සඳහා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු භාර අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් විසින් ගෙන එන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම ගැන ඔහු කනගාටුව පල කළේය.

එම යෝජනාවට චම්පික රණවක ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විරෝධය පලකළ බව රජය දැනුම් දී තිබුනි.

“අපේ ජනතාවගේ අවශ්‍යතා ලැයිස්තුව දිගයි,” යනුවෙන් සඳහන් කළ මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේ ඒ වෙනුවෙන් මැදිහත් වන පුද්ගලයන් වෙනුවෙන් කළගුණ සැලකීමට දෙමළ ජනතාව මැලි නොවන බවයි.

“දෙමළ ජනතාව තමන්ට කරපු උදව් කරපු අය කවුරු උනත් අමතක කරන්නේ නෑ. ඒ අය මල් මාල දාලා පිළිගෙන ගෞරව කරන්නත් ඉදිරිපත් වෙනවා. ඒත්, ඒ වැඩකටයුතු පිටුපස දේශපාලන උවමනාවක් තිබේනම්, ඒක හඳුනාගැනීමටත් ඒකට නිසි පිළිතුරු දීමටත් පසුබට වන්නේ නෑ.”

Published on: Jun 22, 2018- ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීම සදහා යහපාලන ජුන්ටාව කටයුතු කරමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

 

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා හකුලා ගනු!

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට,අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරඹා ඇති අතර ඒ හරහා එම පුවත් සංස්කරණය කල මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අවදානමකට ලක්කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය මැයි මස 25 වන දින ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චි විසින් සංස්කරණය කර ඇති අදාළ පුවත පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් කිරිමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලිපිය පලකල මාධ්‍යවේදීන්ගේ නම්,ලිපිනය ඇතුලත් විස්තරයක්ද ඉල්ලා තිබේ.

ඊට අමතරව ලිපිය පලකිරිම සදහා අනුමැතිය ලබාදුන් අය සහ එම පලකරන ලද ලිපියේ සහතික කල පිටපතක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. ලක්බිම පුවත් පත විසින් අදාළ ප්‍රවෘත්තිය පල කිරීමේදී එම පුවතේ අදාළ මාධ්‍යවේදින්ගේ නම් සදහන් කර තිබියදි තවදුරටත් ඔවුන්ගෙ නම් සහ පෞද්ගලික තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලුවකි.

අනිත් අතට රජයේ රහස්‍යභාවය පිළිබද කිසිදු ගැටලුවක් නොවන මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ කවර නිතිමය ප්‍රතිපාදන යටතේද යන්න පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ සම්බන්ධයෙන් රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වු කාරණයක් ලෙස මෙය පළ කිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරන බවයි. එහෙත් එවැනි කාරණයක් ගැන පරික්ෂණයක් කරන බවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුවත් පත් දෙකට පරික්ෂණයක් කරන බව දැන්වු ලිපියේ සටහන් කර නොතිබිමද පුදුමයට කරුණකි.

රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන් …. ජනපති -අගමැති උපදෙස් දෙති! යනුවෙන් පලකල පුවත් හරහා රටේ ජාතික ආරක්ෂාවට සිදුවු හානිය කෙසේවෙතත් ආණ්ඩුව තුල සිටින කල්ලි කණ්ඩායම් එම පුවත පලකල මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ අකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනිම හරහා කිසියම් පිරිසක් සතුටු කිරිමට උත්සහ දරණ බව නම් මනාව පැහැදිළිය. එම පිරිස සංතර්පණය කිරීම සඳහා මෙම මාධ්‍යවේදීන්ගේ තොරතුරු අනාවරණය කිරිමට ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් හි උත්සහය බව අපගේ මතය වේ. එය තවත් තහවුරු වන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණයක් කිරිමට අණ දුන්නේ කව්ද යන්න පිළිබදව තවමත් අනාවරණය නොවිම හරහාය.

ජාතිවාදය පෙන්වමින් ආණ්ඩුවේ නොහැකියාව,දුෂණ,වංචා,අපරාධ වසා ගැනිම සදහා වෙබ් අඩවි සහ සමාජ ජාලා අවහිර කිරිමට කටයුතු කල වත්මන් යහපාලන ආණ්ඩුව එහි තවත් දිගුවක් ලෙස පසුගියදා අමතක වු අතීතය මතක් කල TNL රූපවාහිනියේ පොල්ගහවෙල ප්‍රති විකාශනාගාරය ද ගලවාගෙන ගිය අතර එය මාධ්‍යයට එරෙහි ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සදහා නීතිය භාවිත කරන බවට හොදම සාක්ෂිය බවට මේ වන විට පත්ව තිබේ.

ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි යහපාලන ආණ්ඩුව දැන් කිසිදු අපරාධයක් නොවන කාරණා සම්බන්ධයෙන් පවා මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද යන්න පිළිබදව බලධාරීන් වහාම අවධානය යොමුකල යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

කැදවුම්කරු
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලූත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත් තුළ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පැවැත් වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුම වි තිබේ.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙහි මෙහෙයුම් සැලසුම පිළිබද පූර්ව සාකච්ඡුාවක් අද (2018.06.21) නෙඵම් මාවත කාර්යාලයේදී පැවැත් උනා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්වඡාවට එම පළාත් නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් සහ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ ආණ්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙසින් කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ මහජන අරගලය ලෙස මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආසන මට්ටමින් ක‍්‍රියාත්මක කරන බවයි. මහජන අරගලයක් තුළින් පසුගිය පළාත් පාලන මැතිවරණය දිනාගත් පරිද්දෙන් ආණ්ඩුවට බලපෑම් කර පළාත් සභා මැතිවරණයද දිනාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ආසන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව, ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක්ද රට පුරා මෙහෙයවීමට සූදානම් බවත් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළා. මෙම ප‍්‍රයත්නයට අමතරව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට අවධාරණය කිරීම පිණිස පළාත් පාලන ආයතන තුළත්, පළාත් සභා තුළත් යෝජනා සම්මත කිරීමේ සූදානමක් පිළිබදවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කරුණු අනාවරණය කළා.

යෝජිත ආසන සම්මන්ත‍්‍රණ මාලාව ජුලි 14, 15, 21, 22 සහ 28, 29 යන සති අන්තයන්හි පැවැත්වීමට නියමිතයි. සම්මන්ත‍්‍රණ මාලාව පිළිබද පූර්ව සාකච්ඡුාවට මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, රංජිත් සොයිසා, එස්.සී. මුතුකුමාරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, ශේහාන් සේමසිංහ, අරුන්දික ප‍්‍රනාන්දු සහ එස්.එම්. රංජිත්, මහීපාල හේරත් යන හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.

Published on: Jun 20, 2018 – ආරක්ෂක අමාතයාංශය අයත් වන්නේ ජනාධිපතිවරයාට වන අතර, මෙම අමාතයංශයේ අතිරේක ලේකම්වරු 5 දෙනෙකි, ආරක්ෂක/පාලන/පාර්ලිමේන්තු කටයුතු/සිවිල් ආරක්ෂක/ඉංජිනේරු වශයෙනි. මෙම අතිරේක ලේකම්වරු තමන්ගේ විෂය පතයට අනුව ලේකම්වරයාට වග කියති. ඒ අනුව කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම් ලෙස සේවය කළ අවධියේදි මෙම අතිරේක ලේකම්වරුන් කෙරෙහි විශ්වාසය තැබූ අතර, ඔවුන්ව ආරක්ෂා කරමින් එකම අමාතයංශයක් ලෙස සේවය කරන ලදි.

සාමානය පරිපාලන තන්ත්‍රය තුල ඉහළ නිලධාරියා, පහළ නිලධාරියා විශ්වාස කිරීමත්, ආරක්ෂා කිරීමත් සිදුවන අතර, පහළ නිලධාරියා එම විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කරයි. ඒ නිසාම තමන්ගේ විෂය පථයට අදාළ ලිපි/ඉල්ලීම් ආදිය ජනාධිපතිවරයාට, අමාතයංශවලට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වැනි ආයතන ප්‍රධානීන්ට රාජය සේවා කොමිෂන් සභාවලට හා දෙපාර්තමේන්තුවලට ආරක්ෂක ලේකම්ගේ අත්සනින් යවනු ලබයි. තමන් යටතේ සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 4 දෙනෙක් හා ඉංජිනේරුවරයෙකුගෙන් සමන්විත වුවද ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තනතුරේ රාජකාරි භාරගෙන දැනට මාස 11ක් ( රාජකාරි භාරගනු ලැබූවේ 2017.07.04 දිනය) වන නමුත්, තම අමාතයංශයේ කිසිම නිලධාරියෙකු කෙරෙහි අද දිනය දක්වා මෙම ලේකම්වරයා විශ්වාසය තබා නැත. එබැවින් ආරක්ෂක අමාතයංශයේ සියලුම අතිරේක ලේකම්වරු, ජෙයෂ්ඨ සහකාර ලේකම්වරු, සහකාර ලේකම්වරු හා අධයක්ෂවරුන් සියලු දෙනා දැඩි කළකිරීමකට පත්ව ඇත.

මෙයට අමතරව මෙම ආරක්ෂක ලේකම්වරයා ලවා තම ලිපි ගොනුවකට අත්සනක් හෝ අනුමැතියක් ලබා ගැනීමට ලේකම් කාර්යාලයේ දොරකඩ ළඟ අතිරේක ලේකම්වරයෙකුට රාජකාරි පැය 8න් පැය 3ක් හෝ 4ක් (දවසෙන් භාගයක්) නිකන් බලා සිටිය යුතු වීම දැන් අමාතයංශයේ සුලබ දසුනක් වී ඇත. එසේ සිටියද ලේකම්වරයාගෙන් කැඳවීමක් ලැබෙන්නේ නැත. එවිට ආපසු හැරී යා යුතුය. මේ ආකාරයෙන් පසුගිය වසර පුරාවටම ආරක්ෂක අමාතයංශයේ රාජකාරි සියල්ල අඩපණ වී ඇත.

ආරක්ෂක ලේකම්වරයා දිනපතා රාජකාරි සඳහා පැමිණෙන්නේ පෙරවරු 10 පසු වීය. එය උසාවියේ පුරුද්දය. පෙරවරු 10 පසු වී ඇවිත් මල් පූජා කර බුදුන් වැඳ සියල්ල සිදුකර හමාර වනවිට පෙරවරු 11:00 පමණ වේ. 11න් පසුව රාජකාරි ආරම්භ කළත් ඔහු කරන්නේ මේසය උඩ ඇති ලිපිගොනු ඉතා පරිස්සෙමින් පැය 2ක් හෝ 3ක් අධීක්ෂණය කිරීමය. අතිරේක ලේකම්වරයෙකු පැමිණියද ඔහුට කාර්යාලයට පැමිණ කරුණු පැහැදිලි කිරීමට ඉඩ ලබා නොදෙන්නේ අවිශ්වාසය නිසාය.

ආරක්ෂක ලේකම්වරයා පැමිණ මාස 11ක් පමණ වන නමුත් ඔහුගේ නිලධාරීන් නුරුස්සන ගතිය හා විශ්වාසයක් නොමැති වීම වැනි අදක්ෂ පරිපාලන ස්වභාවයන් නිසා දිගින් දිගටම අමාතයාංශයේ ලිපි ලේඛන, ජනාධිපති ලේකම් කාර්යාලයට අග්‍රාමාතය කාර්යාලයට, අමාතයාංශවලට යැවීම ඉතා තදබල ලෙස ප්‍රමාද වී ඇත. මෙය ඉතා තදබල ලෙස බළපා ඇත්තේ ජනාධිපතිටය. ජනාධිපති කාර්යාලයට යා යුතු ලිපි විශේෂයෙන් කැබිනට් පත්‍රිකා, පර්යේෂණ හා රාජය ආරක්ෂක කටයුතු වලට අදාළ ලිපි ඉතාමත් ප්‍රමාදය. මේ හේතූන් නිසා ආරක්ෂක අමාතයාංශය තුල දැඩි කළකිරීමක් ඇති අතර, පසුගිය සතියේ (12 වනදා) මෙම තත්වය පහදා දීමට අතිරේක ලේකම්වරුන් 4 දෙනෙකු (ආරක්ෂක/පාලන/පාර්ලිමේන්තු/සිවිල්) ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසීමට ගොස් ඇති අතර, එහිදී අතිරේක ලේකම්වරු හා ලේකම්වරයා සමඟ රාජකාරි කිරීමට ඇති නොහැකියාව, විශ්වාසය නොමැතිකම, ආරක්ෂා නොකිරීම හා නිර්නාමික ලිපි ඍජුවම අල්ලස් කොමිසමට යැවීම පිළිබඳව කරුණු දැක්වූ නමුත් ආරක්ෂක ලේකම්ගේ දඩබ්බරකම, නොහැකියාව හා නොහික්මුණු බව හේතුවෙන් අතිරේක ලේකම්වරුන් 4 දෙනාවම තම කාර්යාලයෙන් පන්නා දමා ඔවුනට දැඩි ලෙස නොසරුප් අයුරෙන් දෝෂාරෝපණය කරමින් ජනාධිපතිට දන්වා වහාම මෙම අතිරේක ලේකම්වරුන් ඉවත් කරන බවට වහසි බස් දොඩා ඇත.

කිසිම අමාතයාංශයක ලේකම්වරයෙකු මෙසේ මෝඩයෙකු ලෙස හැසිරෙන්නේ නැත. වෙනත් අමාතයාංශ ලේකම්වරු තම යටත් නිලධාරීන්ට විශේෂයෙන්ම අතිරේක ලේකම්වරුන් කෙරෙහි විශ්වාසය තබන නමුත් වැඩ බැරි මෙම ලේකම්වරයා ඔහුට වඩා දක්ෂ අතිරේක ලේකම්වරුන් සමඟ දැඩි කෝපයෙන්, ක්‍රෝධයෙන් හා වෛරයෙන් කටයුතු කිරීම තුල ආරක්ෂක අමාතයාංශය ඉදිරියට ගමන් කරයිද යන්න ගැටලුවකි.

මේ ආරක්ෂක ලේකම් ගැන දිගින් දිගටම කොතෙක් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද, විදේශ ගත වීමට ඉතා කැමති, නිතරම විදේශ සංචාරයන් බලා ඉන්නා මෙම ලේකම්වරයාට ජනාධිපතිගේද ආශිර්වාදය ඇත්තේ ජනාධිපතිවරයාටද වැඩ බැරි නිසාය. දෙසතියකට පෙර ජනාධිපතිවරයා ඔහුගේ කාර්ය මණ්ඩළය අමතමින් සිටින විට ඔවුන්ගෙන්ද මෙම ලේකම්වරයා සම්බන්ධව හා ඔහුගේ අකාර්යක්ෂමතාව පිළිබඳව විශාල පැමිණිලි ප්‍රමාණයක් ජනාධිපතිට යොමු කළද ජනාධිපතිවරයා ඒ සියල්ල අහක දමන්නේ තම වැඩ බැරි බව ආරක්ෂක ලේකම් පිටින් හෝ දමාගෙන ජාමේ බේරා ගැනීමට බව තතු දත්තෝ පවසති. අපරාධ නඩු සම්බන්ධ නීතිඥයෙකු ලෙස කටයුතු කළ මෙම වැඩ බැරි ලේකම්ට පරිපාලන නීතිය පිළිබඳව මෙලෝ හසරක දැනුමක් නොමැත. කිසිදු පරිපාලන දැනුමක් නැත්තෙකු මෙසේ රටේ ආරක්ෂක මර්මස්ථානයක් වන ආරක්ෂක ලේකම් ලෙස පත්කර ඇත්තේ රටේ තත්වයද මෙම තත්වයටම පත් කරමිනි. ආරක්ෂක අමාතයාංශයේ අතිරේක ලේකම්වරුන් 4 දෙනාම (ඉංජිනේරු හැර) විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ය. ඒ අතරින් දක්ෂ නිලධාරීන් සිටියද ඔවුන්ව පැත්තකට විසිකර අධිකරණයක මෙන් අමාතයාංශයක කටයුතු කරන මෙම ලේකම්වරයා ඉවත් කරන්නේ කවදාද යන්න පිළිබඳව ගිනි ගනිමින් පවත්නා මුළු මහත් ආරක්ෂක අමාතයාංශයේම නිලධාරීන් බලා සිටියි.

~~ආරක්ෂක පොඩ්ඩා~~

මේ රටේ දීර්ඝ ඉතිහාසය පුරා රටට ද්‍රෝහී වූ පිරිස් සිට ඇත. නමුත් මේ තරම් උනන්දුවෙන් හා කැපවීමෙන් පාවාදීම් කරන පාලකයන් පිරිසක් කිසිදාක මේ රටේ සිට නැති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ පවසයි.

රණවිරුවන් විදෙස් බලවතුන්ට පාවාදීමේ යාන්ත්‍රනය සැකසීම

වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. 2002 මුල් නීතියේ අරමුණ වූයේවෙනත් රටවල සැකකරුවන් හෝ සාක්‍ෂි කරුවන් ලංකාවේ සිටින්නේ නම් හෝ මෙරටට අවශ්‍ය එවැනි පුද්ගලයන් වෙනත් රටක සිටින්නේ නම්, ඔවුන් හඳුනා ගැනීම හා සොයා ගැනීම, එවැනි පුද්ගලයන්ට සිතාසි වැනි ලියවිලි ලැබීමට සැලැස්වීම, සාක්‍ෂි කරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම,සාක්‍ෂි සෙවීම, නඩු භාණ්ඩ සඳහා සෝදිසි කිරීම හා සන්තකයට ගැනීම, සාක්‍ෂි කරුවන් උසාවියටඉදිරිපත් කිරීම, අපරාධ තුළින් උපයාගත් ධනය සෙවීම, එවැනි දේපල අත්හිටුවීම, වැනි කාරණා වලදී විදෙස් රටවල් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමයි. එම මුල් නීතිය බලපවත්වනු ලැබුවේ, නම් කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයකට හා මෙවැනි කටයුතු වලදී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගිවිසුම් ගතව සිටි රටවල් කීපයකට පමණි.

පවතින නීතිය සංශෝධනය තිරීමට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතෙන් 2002 අංක 25 දරණ පනතේ වගන්ති ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම තුළින් මුල් පනතේ ස්වරෑපය සැලකිය යුතුආකාරයට වෙනස් වෙනු ඇත. යෝජිත සංශෝධනයෙන් මේ නීතියේ බලපෑම ලංකාව අත්සන් කොට ඇති, සාපරාධී කාරණා සම්බන්ධ ජාත්‍යනත්ර සම්මුතියකට බැඳී ඇති සියලුම රටවල් දක්වා පුලුල් කෙරේ. පවතින නීතිය රාජ්‍යයන් වලට පමණක් බලපැවැත්වුවද යෝජිත සංශෝධනයෙන් එම පනතේ වපසරිය තුළට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ජාත්‍යන්තර සංවිධානද ඇතුලත් වෙයි. වෙනත් රටවලින් ලබා ගන්නා ලිඛිත සාක්‍ෂි හා වෙනත් රටවල සිටින පුද්ගලයන්ගෙන් වීඩියෝ තාක්‍ෂණය හරහා ලබා ගන්නා සාක්‍ෂිත් උසාවි විසින් පිළිගත යුතු වන ආකාරයට විධිවිධාන යෝජනා වී ඇත. පිටරටින් එන ඉල්ලීම් වලට යුහුසුලුව ප්‍රතිචාර දැක්වීමට හැකි වන ආකාරයට සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පරිපාලන යාන්ත්‍රනයද විශාල වශයෙන් පුලුල් කිරීමටද යෝජනා වී ඇත.

මේ යෝජිත සංශෝධනයවත්මන් ආණ්ඩුව විසින් මීට කලින් හැඳුන්වාදුන් නව නීති දෙක්ක සමඟ බැඳී පවතී. ඒ, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත හා අතුරුදහන් කරවීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා ගෙන ආ පනතටය. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යනු සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කොට, විභාග පවත්වා සාක්‍ෂි ලබාගත හැකි විනිශ්චය සභාවකි. එහි නිලධාරීන්ට ඕනෑම වෙලාවක සෝදිසි වරෙන්තුවක් නොමැතිව ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ හමුදා කඳවුරකට ඇතුලු වී ඔවුන්ට අවශ්‍ය යැයි හිතෙන ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලය ඇත. මෙම කාර්යාලයේ කටයුතුවලට සහයෝගය නොදෙන ඕනෑම කෙනෙකුට උසාවියට අපහාස කිරීමේ නීතිය යටතේ ඳඩුවම් පැමිණවිය හැක. සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම රජයේ ආයතන මේ කාර්යාලයේ වැඩ කටයුතු වලට සහයෝගය දැක්වීම අනිවාර්ය වන අතර රාජ්‍ය රහස් පනත අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සිදුකරන විමර්ශන වලදී බල රහිත වේ.

2018 අංක 5 දරණ පනතින් ලංකාවේ බලාත්මක කොට ඇති ඇතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය මඟින් ඇතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් අධීකරණ බලය එම ප්‍රඥප්තියට ඇතුලු වී සිටින සියලුම රටවල් අතරේ බෙදා හැර ඇත. ඒ අනුව ලංකාවේ සිදුවූ අතුරුදහන් කරවීමක්සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් පවත්වාගෙන යාමට අදාල විදෙස් රටටබලය ලැබේ. අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අංක 10, 11 හා 13 වගන්ති වලට අනුව එම ප්‍රඥප්තියට ඇතුලු වී සිටින ඕනෑම රටකට ශ්‍රී ලාංකික සැකකරුවන් සිරභාරයට ගෙන එක්කෝ එම රටේම නඩු ඇසීම නැතිනම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීමට බලය ඇත. මෙකී ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීම සඳහා සම්මත කරන ලද 2018 අංක 5 දරණ පනතේ 8 වන හා 21 වන වගන්ති වලට අනුව ලංකාව තුළ අතරුදහන් කරවීමකට සම්බන්ධයැයි සැක කරන පුද්ගලයන් තමන්ට බාරදෙන මෙන් එම ප්‍රඥප්තියට සම්බන්ධ විදෙස් රටකට ඉල්ලා සිටීමටද බලය ලැබේ.

මේ අනුව සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත සංශෝධනය කිරීමට ගෙනවිත් තිබෙන පනත් කෙටුම්පතෙන් සිදුකරන්නේ 2018 අංක 5 දරණ අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන ආ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට උදවු දීමකි. ලංකාවේ සිදුවූවායැයි කියන අපරාධයක් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් පවත්වාගෙන යාමට නම් එයට අවශ්‍ය සාක්‍ෂි යනාදිය ලංකාවෙන් ලබා ගැනීමට කුමක් හෝ යාන්ත්‍රනයක් තිබිය යුතුය. 2002 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනතට ගෙනවිත් තිබෙන මේ සංශෝධනවල අරමුණ වන්නේ එම යාන්ත්‍රනය සැකසීම බව සක්සුදක් සේ පැහැදිලිය. මෙය වත්මන්ආණ්ඩුවේ නවතම පාවාදීමයි.මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදවු දුන් විදේශීය බලවතුන්ගේ උවමනාවන් ඔවුන් ඉටු කරමින් සිටින විලාසයද ජනතාවගේ අවධානයට යොමු විය යුතුය.

2016 අගෝස්තු මාසයේදී මොවුන් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේදී බලහත්කාරයෙන් සම්මතකරගනු ලැබුවේ එම පනත විවාද කිරීමට විනාඩි 40 ක කාලයක්වත් නොදීය. ඒ විනාඩි 40 න්ද වැඩි කාලයක් ගත වූයේ එදින එය විවාදයට ගත යුතුද නැත්ද යන්න ගැනතර්ක විතර්ක වලටය. එය එදින විවාදයට නොගන්නා බවට ආණ්ඩුව කලින් ප්‍රතිඥා දී තිබුණි.

2018 මාර්තු මාසයේදී ආණ්ඩුව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥපත්තිය ලංකාවේ බලාත්මක කිරීමට අංක 5 දරණ පනත සම්මත කරගනු ලැබුවේ නුවර දිස්ත්‍රික්කයේ සිදුවූ සිංහල-මුස්ලිම් කෝලහලය නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමුවී තිබීම ප්‍රයෝජනයට ගෙනය. මොවුන් මේ නීතිය සම්මත කරගනු ලැබුවේද ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පමණක් නොව ත්‍රෛනිකායික කාරක සංඝ සභා වලින්ද එය ඉවතලන මෙන් ආණ්ඩුවෙන් කර තිබූ ඉල්ලීම නොසලකාය.

මෙම වසරේ මැයි 18 වනදා, එනම් කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහනයසමරණ සංවත්සර දිනයේදීම සාපරාධී කරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ 2002 පනතට මෙම සංශෝධන කෙටුම්පත ගැසට් කරන ලදී. ඒ අවස්ථාවේදීද රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ ගංවතුරආපදාව නිසා ජනතාවගේ අවධානය වෙනතකට යොමු වී තිබුණි. මේ රටේ දීර්ඝ ඉතිහාසය පුරා රටට ද්‍රෝහී වූ පිරිස් සිට ඇත. නමුත් මේ තරම් උනන්දුවෙන් හා කැපවීමෙන් පාවාදීම් කරන පාලකයන් පිරිසක් කිසිදාක මේ රටේ සිට නැත.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Published on: Jun 16, 2018- දහසය දෙනාගේ කණ්ඩායමට ඇතැමුන් විවිධ කොන්දේසි දමන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවේ සිටි බව ඇත්ත. එහෙත් ඔවුන් එ ජා පෙරමුණටවත් එ ජා පක්‍ෂයටවත් ගියේ නැහැ. ඔවුන් 2015 අගෝස්තුවේ තරග කෙළේ අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අය මෙන් ම සංධානයෙන්. එකලත් ජනාධිපති මෛත්‍රිපාල සිිරිසේන. එහෙත් ඔවුන් තරග කෙළේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන්.

ඔවුන් ඊට පසු ඊනියා ජාතික ආණ්ඩුවට එකතු වුණා. ඒ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් ලෙස. එය නීත්‍යානුකූල නැහැ. ඔවුන් පාර්ලිමේන්තුවට පත් වූයේ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් ලෙස නොවෙයි. ඊනියා ජාතික ආණ්ඩුව ම අප බොහෝ වතාවල කියා ඇති පරිදි නිත්‍යානුකූල නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය එය ගණන් ගත්තේ නැහැ. ඔවුන් සිතා සිටියේ ඔවුන්ටත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ කණ්ඩායමක් හැටියට පිළිගැනුමක් ලැබේවි කියා. ඒ නිසා දෝ ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවට නීතිය අනුව විරුද්ධතාවක් පෑවේ නැහැ.

එහෙත් කරු ජයසූරිය ඊනියා ජාතික ආණ්ඩුවේ පක්‍ෂයක් ලෙස සංධානයෙන් තරග කළ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් හතළිස් පස්දෙනකුගේ ශ්‍රී ල නි පක්‍ෂය පිළිගත්තත් සංධානයෙන් ම තරග කළ ඒකාබද්ධ විපක්‍ෂයේ අය කණ්ඩායමක් ලෙසවත් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකි බැවින් ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවක් නැතිව අර මන්ත්‍රීවරුන් හතළිස්පස් දෙනා ඊනියා ජාතික ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ලෙස ක්‍රියා කළා.

එහෙත් ටික කලකින් මේ නීත්‍යානුකූල නැති ඊනියා ජාතික ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුව හා මෛත්‍රිපාලගේ ආණ්ඩුව වශයෙන් කොටස් දෙකකට කැඩුණා. මේ විරසකය මෝරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස අර මන්ත්‍රීවරුන් හතළිස්පස් දෙනාගෙන් දහසය දෙනකු ආණ්ඩුවෙන් අස් වී විපක්‍ෂයට ගියා. එය මෑත ඉතිහාසයේ සිදු වූ යහපත් ම පෙරළිය. ඔවුන් දහසය දෙනා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වීම අවශ්‍ය නැහැ. ඔවුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම ප්‍රමාණවත්.

ඔවුන්ගෙන් ඒකාබද්ධ විපක්‍ෂයේවත් පොදුජන පෙරමුණේවත් සාමාජිකයන් වන සේ ඉල්ලා සිටීම අනුවණ කමක්. ඒකාබද්ධ විපක්‍ෂයට ඊනියා ජාතික සංවිධායකයකු සිටියත් එය ජතික දේශපාලන පක්‍ෂයක් නො වෙයි. එය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන පක්‍ෂයක් ලෙස ලියා පදිංචි කර නැහැ. දහසය දෙනා ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් වීම අවශ්‍ය නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් පමණයි.

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නො වෙයි. එබැවින් දහසය දෙනාට පොදුජන පෙරමුණේ සාමාජිකයන් වෙන්න කියන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුනුත් පසුගිය පෙබරවාරි මැතිවරණයේ දී පොදුජන පෙරමුණේ වේදිකාවේ කතා කිරීම පොදුජන පෙරමුණටවත් ශ්‍රී ල නි පක්‍ෂයටවත් සංධානයටවත් ප්‍රශ්නයක් වී නැහැ.

දහසය දෙනාගේ කණ්ඩායම මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන මහින්ද අගමැති කරන්න සූදානම්. එය හොඳ ප්‍රවණතාවක්. ඒකාබද්ධ විපක්‍ෂය එයට අකුල් නොහෙළා අවශ්‍ය සෑම ආධාරයක් ම දිය යුතුයි. මේ ආසන සංවිධායකකම් ගැන හිතීමට කාලය නො වෙයි. අද ප්‍රධාන කටයුත්ත දැනට අවුරුදු තුනකට පමණ පෙර මෙන් ම රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමයි. අද ඒ සඳහා ප්‍රායෝගික ව අවස්ථාවක් ලැබී තියෙනවා.

2019ක් ගැන අද කල්පනා නොකර අද කළ යුතු දේ අද කළ යුතුයි. විස්ස පරාජය කිරීමටත් රණවිරුවන් ආරක්‍ෂා කරගැනීමටත් තවත් දේටත් රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම පොදු සාධකයක් වෙනවා. ඒ සඳහා ආධාර නොකර දහසය දෙනා මන්ත්‍රීකම් ගැනීමට ආපසු ඇවිත් ආදී වශයෙන් කීම අද අවශ්‍ය දේ කර ගැනීමට බාධාවක් වෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ කී දෙනෙක් කිසි දා පක්‍ෂ මාරු කර නැත් ද? ඔවුන් අතර මුල දී එ ජා පක්‍ෂයේ සිටි අය මෙන් ම කලක දී එ ජා පක්‍ෂයට ගොස් ආපසු පැමිණි අය ද ඉන්නවා. ඔවුන් තම අතීතය පොඩ්ඩක් මතක් කර ගන්නවා නම් හොඳයි. ඒ සමහර අය මෙන් නොව මේ දහසය දෙනා 2015 අගෝස්තු මාසයේ සංධානයට හෝ ශ්‍රී ල නි පක්‍ෂයට හෝ විරුද්ධ ව මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ.

අද දහසය දෙනාගෙන් බලාපොරොත්තු විය යුත්තේ හැකි ඉක්මණින් මෛත්‍රිපාල කැමති කරවා ගෙන මහින්ද අගමැති ලෙස පත්කර භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනා එයට එකඟ ය යනු මගේ විශ්වාසයයි. ඉතිරි කිහිප දෙනා ද එයට එකඟ කර ගැනීම දහසය දෙනාගේ ද ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයේ ද කාලීන කර්තව්‍යය වෙනවා.

Published on: Jun 15, 2018 – ලාංකීය දේශපාලනයේ නිර්ලජ්ජිත කුපාඩිකමේ කාල පරිච්ඡේදය නැවත ආරම්භ වී ඇතගඑය යහ පාලනය සූරාන්තයට පත් වන්නට ඔන්න මෙන්න තිබියදී සිරිසේන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ හවුලේ කෑම නමැති සයනයෙන් බිමට බැස දෙපසට වී ද්වන්ධ සටනට පණ පෙවීමත් සමගම ආරම්භ විය. බැඳුම්කරේ හොරු,කිරි වෙහෙර හිමිට වෙඩි,ඟාණසාර හිමි ඇතුලට. 16 කල්ලිය,පාතාල ගේම් යන මේ සියල්ල අහඹුවක් නොවන බව තේරුම් ගැනීමට සහ වත්මන් දේශපාලනයේ දීශානතිය නිවැරදිව තේරුම් ගැනීමට අප උත්සහ කළ යුතුව ඇත.

මීළග ජනාධිපතිවරයා කවුද යන පැනයට එක එල්ලේ උත්තර සොයන්න ට යන බොහෝ දෙනා ඉහත කී කාරණා දෙස මදක් දේශපාලනික ඉවකින් යුතුව බලන්නේ නම්ලමෙකී ගැටළුව ලිහා ගැනීමට එය මහත් රුකුලක් වනු ඇත.සිරිසේන ජනාධිපතිවරයා දිනපතා සපයනු ලබන බන්දු ටෙනී විගඩම්නා,ඩගම් වලින් ගම්ය වන්නේ,සිරිසේනගේ දේශපාලනික අමන කමට වඩා දේශ පාලනික කුපාඩි කමය.

දැන් අප හමුවේ තිබෙන්නේ රටේ සහ සමස්ථ ජනතාවගේ යහපත සහ සුභ සිද්ධිය වෙනුවෙන් අවංකව කැපකිරීම් කළ හැකි නායකත්වයක අවශ්යතාවයකි.එවන් නායකත්වයක් ඇති එවන් පෞරුෂයක් ඇති නායකයින් අප අතර වෙත්ද? කෙසේවත් නැතගඑසේ නම් අප කළ යුත්තේ කුමක් ද? අප විසින් කළයුතුව ඇති එකම හා සුදුසුම දෙයනම්, අපට අවැසි පාලකයා අප විසින් නිර්මාණය කිරීමයි.එය ජනතා විමුක්ති පෙරමුණ අමතනු ලබන ඊනියා බුද්ධිමත් ජනතාව සමග කළ හැකි යමක් නොවේ.එය කළ හැක්කේ, වචනාර්ථයෙන්ම උගත් බුද්ධිමත් ජනතාවගෙන් සැදුම් ලත් බලවේගයකිනි.එකී බල වේගයට ජීවය කැවිය හැක්කේ, ඒ සඳහා අවංකව කැපවීම් කළහැකි මිනිසුන්ට පමණය.

රාජපක්ෂ පාලනය පරදවා යහපාලනයට පාර කැපූ දේශපාලනික කොන්ත්‍රාත්කරුවෝ තමන් ගේ මල්ල පුරවා ගැනීමෙන් අණතුරුව මුණිවත රකිමින් සිටී. මෙකී ඩොලර් චෞරයන් ගෙන් සිදු වූ යේ, රට නැවත වතාවක් හොරුන් මංකොල්ලා කාරයන්ගේ පාරාදීසයක් බවට පත් වීමයි.නැවත වතාවක් වෙස් මුහුණු මාරු කරගනිමින් මෙකී දුෂ්ට බලවේ. ක්‍රියා කරමින් සිටින්නේ,කුමකට දැයි අප හරි හැටි වටහා ගත යුතුව ඇත.

සුජාත දේශපාලනික බලපෑම් කන්ඩායම් වල සක්‍රිය දායකත්වය අවශ්‍යම කරන මේ මොහොතේ ඒවා දිය කර හරින්නටද බලවේග දියත් කර ඇති බවද අප වටහා ගතයුතුව ඇත.ජෝකර් සිරිසේනවත්,දොන් ජුවන් රනිල්වත්,චන්ඩි මහින්දවත්,අවුල් ගෝඨවත්,කපටි කුමාරයවත් නොව අප විසින් පාලකයාගේ ඇතුළාන්තයට කාවැද්දිය යුත්තේ,රටට හිතැති අපට අවැසි නායකත්වයයි.

විශේෂ ලියුම්කරු

මාධ්‍යවේදී අසේල ගුණරත්න

Top