Published on: Jun 15, 2018- තමන්ට සිවුර ගැලවිමට නොහැකි බවත් වහාම ජනපති තමන්ට පොරොන්දු වු පරිදි පොදු සමාවක් ලබා ගැනිම සදහා කටයුතු කරන ලෙස මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර තමන්ගේ හෙංචයින්ට දැනුම් දි තිබේ.

මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා උන්වහන්සේට හිතවත් ගිහිපැවිදි පිරිසක් උත්සහ දරමින් සිටින බවට තොරතුරු අනාවරණය වි තිබේ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් උපසම්පදා භික්ෂුවක් බැවින් උන්වහන්සේට වඩා උපසම්පදාවෙන් ඉහළ භික්ෂූන් වහන්සේ තුන් නමක් බන්ධනාගාර සිර දඬුවම වෙනුවෙන් උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සඳහා පැමිණිය යුතු අතර එතෙක් සිර දඬුවම ක්‍රියාත්මක කරමින් උන්වහන්සේට ජම්පරයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැත.

තම්න්ට සිරකරුවෙක් ලෙස සළකමින් ජම්පරයක් ඇන්ඳවීමට පෙර පොදු සමාව ලබාගැනීමට කටයුතු කරන ලෙසයි ඥනසාර හිමියන් සිය හෙංචයියන් හරහා ජනපතිට දැනුම් දි තිබේ.

අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද දින දඬුවම් නියම කළා.

http://198.211.112.164/archives/18141

http://198.211.112.164/archives/17732

Published on: Jun 12, 2018- යුද්ධය අවසන් වීමත් සමඟ උතුරේ විසූ 5000කට අධික එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් උතුරේ සිවිල් ආරක්ෂක හමුදාව පිහිටුවන ලද්දේ පසුගියදා මහත් හරසරින් මාරුවීම් ලද කර්නල් රත්නප්‍රියගේ පරිශ්‍රමයෙනි. වසර 6ක් ඔහු කිළිනොච්චියේ කළ සේවාවලින් සමහරක් නම් එම සාමාජිකයින්ගේ සමාජීය සුභසාධන තත්ව ඉහළ නැංවීම, ඔවුන්ගේ බොහොමයකගේ නිවාස ප්‍රශ්න සිවිල් ආරක්ෂක දෙපාර්ත්මේන්තුව හරහා විසඳා දීම, උතුරේ පර දේශපාලුවන්ට හිසරදයක් වූ පෙර පාසල් පවත්වාගෙන යමින් ඊළඟ පරපුර දැනුමින් පෝෂණය කර නැවත ජාතිවාදී අරගලයකට රට පත් නොවන තැනට ඔවුන්ගේ ආකල්ප වෙනස් කර ඔවුන් සියල්ල රටේ ආර්ථික වර්ධනයට දායක කරගැනීම ය.

එය කොතෙක් එම පුනුරුත්ථාපනය වූ ජනයා වැළඳ ගත්තේද කියතොත් ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට වරෙක ඔවුන් සමඟ යුද්ධ කළ හමුදාවක නිලධාරියෙකු මලින් නහවා කිළිනොච්චියම කඳුලින් තෙත් කරමින් කර්නල් රත්නප්‍රිය දෙපාර්තමේන්තුවෙන් නික්ම ගියේ සිරිසේනගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දියකර හැරීමේ මෙහෙයුම සාර්ථක කරමින් අවසාන පැරණි නිලධාරියා ලෙසය.

මීට පෙර දෙපාර්තමේන්තුවේ 39,000ක් වූ සියලුම සෙබලුන් පත්වී මාස 3ක් යාමට මත්තෙන් ස්ථිර කර දෙපාර්තමේන්තු සමස්ත ආදායම 2000% කින්, එනම් මිලියන 1100ක් දක්වා වර්ධනය කළ හිටපු අධයක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගමවද හදිසියේ සිරිසේන හා ගොබ්බ ආරක්ෂක ලේකමා ඉවත් කර හැරියේ පසුගිය අප්‍රේල් මසට වසර 3 කින් ස්ථිර පත්වීම් ලිපි බෙදාදී මේ මහා යෝධ ශ්‍රම බළකාය ස්ථිර කරළීම වළක්වන්නටය. රත්නප්‍රිය වැනි තවත් කර්නල්වරුන් 30 දෙනෙකුට මේ ආකාරයෙන් දිවයින පුරා තම සියලුම සෙබලුන්ගේ සුභසාධනය මෙලෙස නැංවිය හැකි වූයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධයක්ෂ ජනරාල් පල්ලේගමට හා අධයක්ෂ මණ්ඩළයට පිං සිදුවන්නටය. මේ වනවිට සියලු සිවිල් ආරක්ෂක භටයින්ගේ පැතුම වන්නේ මෙයට සම්බන්ධ වූ සිරිසේන හා ගොබ්බ ආරක්ෂක ලේකමා ඇතුලු සියලු නඩයටම වැහි නැති හෙණ ඉල්ලීම පමණකි.

මේ වනවිට මේ මහා බළකායේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහෙමින් පවතින මොහොතක සිරිසේන හා ගොබ්බ ආරක්ෂක ලේකමා ඔවුන්ගේ පදයට නැටවිය හැකි පක්කළි වැඩ කිරීමට සැදී පැහැදී සිටින කිසිදු අත්දැකීමක් නොමැති නව යුධ හමුදා මේජර්ලා 10දෙනෙක් පමණ යොදා මේසා සංවේදී මිනිස් බළ හමුදාවක් පාලනය කිරීමට සිතන්නේ නම් එය හුදෙක් දවල් සිහිනයක් පමණි. මන්ද යත් මේ එසේ මෙසේ ජනතාවක් ලෙස සලකා අහක දැමිය නොහැක්කේ මොවුන් වරෙක මිලේච්ඡ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස ආයුධ සන්නද්ධව සිටි ප්‍රබලයන් හෙයිනි.

අලුත්ම තත්වය නම් සිරිසේනට පොල්කුඩු වී ඇති මුත් තම සෙබලුන්ගේ ආදරය දිනා සිටින ආරක්ෂක අංශවල සියලු දෙනා එකින් එක මහින්ද රාජපක්ෂ පුද්ගලිකවම දුරකතනයෙන් අමතා ඔහුගේ දේශපාලන වේදිකාවට නංවා ගැනීමය. සිරිසේනට නම් එවැනි දෙයක් සිතෙන්නේ තියා එවැන්නක් කියන්නට මොළයක් ඇති ලේකමෙක්වත් නැතිවීම ඛේදජනකය. මොවුන් සියල්ල එක්වී ඊළඟ ඡන්දය මහින්ද වෙනුවෙන් මෙහෙයුවහොත් 4% සිරිසේනට, 4% තියා පොල් කුඩුවත් නැතිවන දිනය වැඩි ඈතක නොවේ.

ප. ලි. – කිළිනොච්චි තත්වය එසේ වනවිට 4% සිල්ලර ගමරාළ තම වළ පයයි ගොඩ පයයි ලේකම් ඔස්ටින්ගේ 76 වන උපන්දිනයට මල් කඩමින් පාටි දමමින් සිටියි. අහෝ රටකට ගිය කලක්…

මේ අතර ජනාධිපති ලේඛම් ඔස්ටින් ප්‍රනාන්දු සිය අස්වීමේ ලිපිය සිරිසේන ජනාධිපති වෙත යොමු කල බව අපගේ එහි සිටින වාර්තා කරු තහවුරු කර ඇත. ඔස්ටින් ප්‍රනාන්දුගේ අස්වීමේ ලිපිය සිරිසෙන වෙත සියතින්ම බාදී ඇති අතර එම හමුව විනාඩි දෙකකට පමන සීමා වූ බව සදහන්ය.ඔස්ටින්ගේ ඉල්ලා අස්වීම පිලිබදව සිරිසේන ජනපති සිය විරෝදය දැක්වුවද සිය මතයේ දැඩිව එල්ඹ සිටි ඔහු පු‍ටුවද තල්ලු කර දමමින් කාර්යාලයෙන් පිටව ගොස් ඇත . මේ පිලිබදව ඔස්ටින් ප්‍රනාන්දුගෙන් විමසීමට මාධ්‍ය ආයතන ගනනාවක් උදේ සිට ගත් උත්සාහය ඔහු හිතා මතා මාධ්‍ය මග හැරීම නිසා ව්‍යයර්ථ වී ඇත .

පසුගිය සතියේදී අස්වීම ලිපියේ ක‍ටු සටහන ලියන අතර තුර ඔහුගේ මිතුරෙකුට පවසා තිබුනේ සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සමග තවදුරටත් ඔහුට එකට සිට ගත නොහැකි බවය. සිවිල් සේවකයෙකු , හිටපු ආරක්ෂක ලේකම් වරයෙකු වශයෙන් තමා ගොඩ නගා ගත් කීර්තිනාමය සිරිසේන වැන්නකුගේ ජනධිපති ලේකම් වීම හේතුවෙන් ඉරි තැලුනු බවය.

කුමන දේශපාලන ප්‍රයෝග යෙදුවත් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ මෛත්‍රී රනිල් හීනය කිසිදා සැබෑ නොවන්නක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මෛත්‍රී රනිල් හවුලේ බාල දේශපාලන උපක්‍රමවලට ඒකාබද්ධ විපක්ෂය හසුනොවන බව අවධාරණය කළ රණතුංග මහතා 2019 ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හිමි ඒකාබද්ධ විපක්ෂයට පමණක් බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (10) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වුණාම ඒ වෙනතුරුම මහින්ද මහත්තයා ළඟ හිටපු අය එතුමව අතහැරලා ගියා. බලය තියෙන කාලයේ වැඩිපුරම වාසි ගත්ත සියලුදෙනාම ගිහින් මෛත්‍රීපාල මහත්තයා එක්ක එකතු වුණා.

හැමෝම එදා හිතුවේ රාජපක්ෂලා ඉවරයි කියලා. හැබැයි මේ රටේ ඉන්න කෙළෙහිගුණ දන්න ජනතාව ඒ හිතුව විදියට රාජපක්ෂලාට ඉවර වෙන්න ඉඩ තිබ්බේ නැහැ. පැරදුණු දවසේ ඉඳලම ජනතාව වැල නොකැඩී මහින්ද මහත්තයා බලන්න යන්න ගත්තේ හරියට වන්දනාවක යනවා වගෙයි.

මේ රටෙ හිටපු කිසිම ජනාධිපතිවරයකුට නොලැබුණ අන්දමේ ගෞරවයද් ජනතාවගෙන් මහින්ද මහත්තයට ලැබුණා. මිනිස්සු ගිහින් මහින්ද මහත්තයගෙන් ඉල්ලුවේ ආපහු දේශපාලනයට එන්න කියලයි. ඒ අනුව මහින්ද මහත්තයා අගෝස්තු මැතිවරණයට තරග කරලා ආපහු පාර්ලිමේන්තුවට ආවා.

මහින්ද මහත්තයා ප්‍රමුඛ කරගත් අපේ දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂය විදියට නම් කරලා ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කළා. මේ වෙනකොට රනිල්- මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුවට ලොකුම හිසරදය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. අවුරුදු තුනක් යන්නත් ඉස්සර අපි මේ ආණ්ඩුව හෙල්ලුවා.

රනිල් මෛත්‍රී දෙන්නා ප්‍රධාන පක්ෂ දෙකම එකතු කරලා ජාතික ආණ්ඩුව හැදුවේ කාටවත් අභියෝග කරන්න බැහැ කියලා හිතාගෙනයි. හැබැයි අපි අලුතින් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ප්‍රධාන පක්ෂ දෙකම පහුගිය මැතිවරණයේ දී උස්සලා පොළවේ ගැහුවා.

ඒ පරාජයත් එක්ක වියරු වැටුණු ආණ්ඩුව දැන් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ වෑයමක නිරත වෙනවා. ආණ්ඩුවේ හෙංචයියෝ කියන්නෙම ඒකාබද්ධය බෙදිලයි කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය බෙදීමේ මෛත්‍රී රනිල් හීනය කවදාවත් සැබෑ වෙන්නේ නැහැ කියලා මතක තබාගත යුතුයි.

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ රටේ පොදුජනතාවගේ බලවේගයයි. යහපාලන ආණ්ඩුව යටතේ මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න පුළුවන් එකම බලවේගය ඒකාබද්ධය පමණයි. අද මේ රටේ ජනතාවට මහින්ද මහත්තයාගේ සරණ හැර වෙන සරණක් නැහැ.

අපේ කණ්ඩායම බෙදීමේ අරමුණෙන් රනිල්- මෛත්‍රී හවුලෙන් මේ දවස්වල එක එක පිල්ලි එවනවා. අවුරුදු තුනක් තිස්සේ අපි මේ ආණ්ඩු විරෝධී සටන කළේ පාවා දෙන්නන් නැතුවයි. අපේ කණ්ඩායම බෙදන්න මෛත්‍රීගේ පිල්ලිවලට බැහැ කියලා අපි කියනවා.

ඉදිරි මැතිවරණයක දි නිසැකවම පරාද වෙන පක්ෂ අතහැරලා අපේ පැත්තට පනින අයගේ වුමනාව මොකක්ද කියලා අපි අවධානයෙන් ඉන්නවා. ජනතාව ගැන හිතලා සැබෑ වුවමනාවකින් අපේ පැත්තට එන අය සාදරයෙන් පිළිගන්න අපි ඕනෑම වෙලාවක සූදානම්.

හැබැයි එහෙම පෙන්නගෙන ඇවිත් අපිට වල කපන්නන නම් කාටවත් අපි ඉඩ තියන්නේ නැහැ. මේක අපි වෙනුවෙන් කරන සටනක් නෙමෙයි. මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්. ඒ සටන ජයග්‍රහණයෙන් මිස කෙළවර කරන්න අපි කිසිසේත් සූදානම් නැහැ.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ අපි ගරු කරන නායකයෙක්. එතුමා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් හිඳිමින් අපේ පක්ෂයට සුවිශාල සේවාවක් කරපු කෙනෙක්. හැබැයි එතුමාගේ නම පිටිපස්සේ හැංගිලා පාවාදීම් කරන අයට අපි කැමැති නැහැ.

අද ජෙයරාජ් ඇමැතිතුමා ජීවතුන් අතර හිටියා නම් අනිවාර්යෙන්ම හිටගන්නේ මහින්ද මහත්තයාගේ කඳවුරෙයි. එහෙනම් එතුමා මේ සටනේ පුරෝගාමියකු විදියට ඉඳියි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෝනා එක්ක අපේ තරහක් නැහැ. තියෙන්නේ මතවාදී ගැටුමක් විතරයි.

16 දෙනාගේ කණ්ඩායමේ සැබෑ වුවමනාව මොකක්ද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ අයටත් ඕනේ ඊළඟ පාරත් මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන පාර්ලිමේන්තු යන්න විතරද කියන ගැටලුව තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී රනිල්ගේ වුමනාවක් ඉටු කිරීමට එළියට බැස්සද කියලත් ප්‍රශ්නයක් තියෙනවා.

ඒ අය අපිත් එක්ක එකතු වෙන්නේ සැබෑ අවශ්‍යතාවකින් නම් තවදුරටත් නිදහස් පක්ෂයේ තනතුරුවලට පොරකන්නේ නැතුව ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතු වෙන්න තිබුණා. ඒකාබද්ධයේ ඉන්න ‍නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව තනතුරුවලින් අයින් කළා. අපි කාටවත්  ආසන සංවිධායකකමක්වත් නැහැ.

හැබැයි ඒ අරමුණෙන්ම එළියට බැස්සයි කියන 16 කණ්ඩායමට පක්ෂයේ ප්‍රධාන තනතුරු පස්සෙන් එලවා එලවා දෙනවා. මෛත්‍රීපාල මහත්තයා මොකද මේ අයට එක හැන්දකිනුත් අපිට තව හැන්දකිනුත් බෙදන්නේ කියලා මොළයක් තියෙන ඕනෑම කෙනකුට තේරෙනවා.

අපිට දේශපාලන පිල්ලි, පාවාදෙන්නන් නැතුවට 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා. ඒ නිසා ‍අපි  මෛත්‍රී රනිල් හවුලට කියන්නේ මේ වගේ බාල උපක්‍රමවලින් අපිව වට්ටන්න නම් හිතන්නවත් එපා කියලා විතරයි.

Published on: Jun 10, 2018 – ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සීතල යුද්ධය කරළියට පැමිණිමත් සමග ජාතික ආණ්ඩුව මුහුණ පා සිටින අනතුරේන් බේරා ගැනිම් සදහා මංගල සමරවිරගේ ප්‍රධානත්වයෙන් පෙරේදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එම සාකච්ඡාව සදහා දුමින්ද දිසානායක, මලික් සමරවික්‍රම,මහින්ද අමරවීර සහ විජිත් විජයමුණී සහභාගි වි ඇති අතර අගමැතිවරයා සහ ජනපති අතර පවතින ගැටුම හේතුවෙන් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවත් ජාතික ආණ්ඩුව කඩා වැටුනහොත් තමන්ට යන එන මං නොමැති වන බව ඔහුන්ගේ අදහස වි තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු කලයුතු බවත් ගෝඨා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලත් ඒජාප පාක්ෂිකයින් අතරත් වත්මන් ආණ්ඩුව කෙරෙහිත් සැකයක් මතුව ඇති බවයි එම සාකච්ඡාවේදි මංගල මෙන්ම මලික්ද පෙන්වා දි ඇත්තේ.

පැය 2කක පමණක් කාලයක් පැවැති සාකච්ඡාවෙන් පසුව මංගල සමරවිර ජනාධිපති සිරිසේනට දුරකතනයෙන් අමතා ඇති අතර මලික් සමරවික්‍රම අගමැති රනිල් වික්‍රමසිංහහට කතා කර ඇති අතර සාකච්ඡාවේ ගත් කරුණු සම්බන්ධයෙන් අගමැති සහ ජනපති දැනුවත් කර තිබේ.

එහිදි මංගල ජනපතිට පවසා ඇත්තේ එජාපය සහ ශ්‍රිලනිපය අතර විරසකය සහ ගැටුම නතර කිරිමට නම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වහාම අත් අඩංගුවට් ගැනිමට කටයුතු කලයුතු බවත් ඊට අමතරව මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ ආණ්ඩුව පසුගිය කාලසිමාව තුල සිදුකරන ලද දුෂණ/වංචා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ කඩිනම් කර ඉදිරි මාස 18 ඇතුලත ඔහුන්ට එරෙහිව් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල යුතු බවයි.

එහිදි මංගලගේ ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයා සදහන් කර ඇත්තේ ගෝඨාට එරෙහිව සහ රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන වේගයෙන්ම බැදුම්කර වංචාවට සම්බන්ධ අය කෙරෙහිද නීතිය ක්‍රියාත්මක කලයුතු බවයි.

මීට අමතරව ඉදිරි මාස 18 තුලදි ජනතාවට සීඝ්‍ර සංවර්ධනයක් පෙන්විම සදහා තෝරාගත් විශේෂ ව්‍යාපෘති සදහා මුදල් වෙන්කිරිමටද එම සාකච්ඡාවෙදි තින්දුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද දැනුවත් කර තිබේ.

මේ අතර අදාළ සාකච්ඡාවේදි මතුවු කරුණු සහ මුදල් වෙන්කල යුතු කරුණු සම්බන්ධයෙන් කරුණු අඩංගු ලියවිල්ලක් එම කණ්ඩායම විසින් සකස් කර තිබේන අතර එය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතට ලබාදිමට නියමිතව තිබේ.

මේ අතර එම සාකච්ඡා සදහා සහභාගි වු ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයේකු සදහන් කලේ මංගල සාකච්ඡා මුවාවෙන් ජනපති සහ අගමැතිවරයා කොටවමින් හීන් සීරුවේන් අගමැතිකම ලබා ගැනිමට මංගල කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවයි.

පසුගියදාඅග්‍රාමාත්‍යවරයාගේ සොහොයුරු ශාන් වික්‍ර මසිංහට අයත් ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ පොල්ගහවෙල විකාශනාගාරයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තැබීම සහ ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ක්‍රියාකිරීම පසුපස මංගල පැහැදිලිවම සිටින බවත් මංගලගේ සුවච කීකරු සුනඛයන් වන එක්සත් ජාතික පක්ෂයේ මහාචාර්ය ආශු මාරසිංහ, ආනන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකු ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සෘජුව හා වක්‍රව චෝදනා කරන ආකරය මගින් එය තහවුරු වන බවද ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අප දේශපාලන වාර්තාකරු හමුවේ පවසා තිබේ.

මේ අතර ශාන් වික්‍රමසිංහගේ දියණිය වන TNL නාලිකාවේ අධ්‍යක්ෂවරියක මෙන්ම දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීරගේ ට්‍රයි ඇඩ් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඉෂිනී වික්‍රමසිංහ හදිසියේම මංගල සමරවිර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස පත්කරගෙන තිබේ.

Published on: Jun 10, 2018 – එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ්(Lankaenews) අඩවියේ කතෘ වන දැන ලන්ඩනයේ පදිංචිව සිටින ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්තඩංගුවට ගෙන ලංකාවට එවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ එංගලන්ත රජයෙන් ඉල්ලීමක් කොට තිබෙන බව වාර්තා වේ.

පසුගිය කාලසිමාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ පවුලේ දුෂණ,වංචා අනාවරනය කිරිම හේතුවෙන් Lankaenews වෙබ් අඩවිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බද්ධ වෛරයෙන් පසුවු අතර ඒ හේතුවෙන් ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වන James Dauris ව සිය නිල නිවස වෙත කැඳවා සිදු කළ පැය භාගයක සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරතන සහභාගි වී ඇති අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 2017 වසරේ නොවැම්බර් මාසයේ සිට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් සභාපතිධූරය හොබවන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තහනම් කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල විවේචනය කරමින් එම වෙබ් අඩවිය විසින් ලිපි පල කිරීම එය හේතු විය .

පසුගිය රාජපක්ෂ රජය සමයේ ඇති වූ තර්ජන හෙතුවෙන් රටෙන් පලා ගොස් ලන්ඩනයේ සිටින සඳරුවන් සේනාධීර වැනි ලංකාවෙන් බාහිරව ක්‍රියාත්මක වන වෙබ් අඩවියක කතෘවරයෙක් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයට නොහැකි බැවින් TRC හරහා සුදුසු පියවර ගැනීමට කටයුතු කර ඇති බවද එම සාකච්ඡාවේදි පෙන්වා දි තිබේන බවද වාර්තා වේ.

Groundviews වෙබ් අඩවිය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු මගින් අනාවරණය වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කරනු ලැබූ ලිපියකින් සඳහන් කර තිබුණේ අසත්‍ය පුවත් පල කිරීම මගින් ඊ නිවුස් වෙබ් අඩවිය (Lankaenews) සහ ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ වෙබ් (lankanewsweb.today) අඩවිය ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අපහාස කර බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ සභාපති ධර්මසිරි බණ්ඩාර ඒකනායක විසින් අත්සන් කර තිබු ලිපියක් මගින් පවසා සිටියේ එම වෙබ් අඩවිය ලංකාවෙන් බාහිරව ක්‍රියාත්මක වන බවත් එහි කතෘවරයා ඊමේල් සහ දුරකතන සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරු බවත් ඒ සියල්ලම අසාර්ථක වු බවත්ය.

2004 චන්ද්‍රිකා යුගයේ අවසානයේ සිට මහින්ද රාජපක්ෂගේ 2015 යුගයේ අවසානය දක්වා මාධ්‍ය ආයතන වලට පහරදිම,ගිනී තැබිම, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම,තර්ජනය කිරිම පැහැර ගැනිම,අතුරුදන් කිරිම එපමණක් නොව  කප්ප,දිම ආදි චොදන 1000 ගණනක් අධිකරණ වල පුස් කමින් තිබියදි ඒ සියල්ලම අමතක කර දම රාජපක්ෂලා සුද්ද කරමින්  සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වංචා දුෂණ වසා ගැනිම සදහා ලංකා ඊ නිවුස් මර්දණය වෙනස් ආකාරයට දියත් කිරිම අප දැඩි ලෙස හෙළාදකින් අතර සමස්ත තොරතුරු දැන ගැනිමේ අයිතියට ගරු කරන ජනතාව සිරිසේනගේ ඒකාධිපති වියරුවට එරෙහිව පෙලගැසිය යුතු බවද අප තරයේ අවධාරණය කර සිටිමු.

Published on: Jun 10, 2018- අග්‍රාමාත්‍යවරයා උමතු රෝගයකින් පෙලෙමින් සිටින බවත් අද කල යුත්තේ වහාම ඔහු වෛද්‍යවරයෙකු වෙත යොමුකර ප්‍රතිකාර කිරිමත් බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැකිමට එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පවසා ඇති නමුත් තිස්ස ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අනාවරණය කර නෑ.

අගමැතිවරය මෙන්ම ජනාධිපතිවරයා මේ දිනවල හැසිරෙන් ආකරය දෙස විමසිල්ලෙන් බැලිමේදි ඔවුන් උමතුවෙන් පෙලෙන බව තමන්ට පෙනී යන බවයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සදහන් කර ඇත්තේ.

“මේ විදියට ගියොත් ආපහු කවදාවත් එක්සත් ජාතික පක්ෂයක් දකින්න වෙන එකක් නෑ.. ඇමතිවරු පිස්සු .නටනවා… අගමැති තුමා උමතුවෙන් වගේ එ දිහා බලාගෙන ඉන්නවා….”

කවදත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනීසිටි නාහිමියන් මේ අකාරයෙන් වෙනස් විම තිස්ස අත්තනායකද විස්මයට හේතු වි තිබේ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්නායක කියා ඇත්තේ

පක්ෂය ගොඩ ගැනීමට නම් නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂය අභාවයට යෑම වැළැක්විය නොහැකි බවයි.

පක්ෂයේ වෙනසක් සිදු නොකිරීමෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට බලවත් අසාධාරණයක් සිදුකරන බවද තිස්ස අත්තනායක පවසා තිබුනා.

Published on: Jun 8, 2018- මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට ද ගීතය ද නැගුණි.

පොළොන්නරුවේ සිරා කතාකාරයෙකි. වැඩ්ඩෙක් නොව බව හෙතෙමේම පෙන්වා තිබේ. ඔහු ගැන හැදෙන්නේ සිනමා නොව එක පිට පතුරු යැවෙන කාටූන් ය. පොළොන්නරුවේ සිරා යන්න කෙටි කර අපට පොල් සිරා යැයි ඔහුට කීමට පුළුවන. පොල් කඩනවා යනුවෙන් කටවහරේ කියැවෙන්නේද හැරෙන හැරෙන අතට ආතක් පාතක් නැතිව වචන අැදබෑමය.

කතාවක් දීම පිනිස සිරා ඊළඟට කඩාපනින්නේ කොතැනටදැයි කීමට ශක්‍රයාටවත් බැරිය. ඒ කෙසේ වෙතත් ගොනා හැරෙන්නේ පොල් පැළයටය කියන්නා සේ පොල් සිරා ඊළඟට ජනමාධ්‍ය දෙසට හැරෙන්නට ඉඩ තිබේ.

පොල් සිරාගේ දශලක්ෂ ගණනින් වැටප් ගන්නා මලයාගේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ටීඑන්එල් රෑපවාහිනී විකාශණයන් අවහිර කර තිබේ. එහි හිමිකරු ශාන් වික්‍රමසිංහ අගමැති වික්‍රමසිංහගේ වැඩමහල් සහෝදරයාය. බොහෝ විචාරකයින් පෙන්වා දී ඇති පරිදි මෙම අවහිර කිරීම පසුපස ඇති සෑබෑ හේතුව විය හැක්කේ පොල් සිරා මාදුළුවාවේ සෝභිත හිමි සමරුවෙහිදී කළ පොල් පැලෙන කතාවට අැස්ටි හැලෙන්න දෙමින් ටීඑන්එල් විසින් කරන ලද වැඩ සටහනකි. මෙම අධිකරණ තීන්දුව ලබා ගෙන ඇත්තේ පොල් සිරාගේ මලයා විසිනි. ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල තහනම් කරන ලද්දේ ද පොල් සිරාගේ මලයා විසින් බව මතක් කර ගැනීම වටී.

ඇස්ටි හැලෙන විට පොල් සිරාගේ කන් අඩි දෙදරුම් කෑම අරුමයක් නොවේ. පොලාගේ මලා අැස්ටියා නිසාය.

ඇත්ත වශයෙන්ම නම් විදුලි සංදේශ නියාමන කොමිසම තිබිය යුත්තේ ඇමැති හරීන් ප්‍රනාන්දු යටතේය. පොල් සිරා එය තමා යටතේ තබා ගෙන සිටින්නේ සිය මළයාට දහසින් බැදි රන්මසු මාසිකව ලබා දීම පිනිස මිස වෙන මොන පොල් බෑයකට ද? විදුලි සංදේශ නියාමන කොමිසම තිබිය යුත්තේ සිය අමාත්‍යාංශය යටතේ බවට මෑතදී හරීන් ප්‍රනාන්දු කරන ලද ප්‍රකාශයට ද පොල් සිරාට පොල් උළක් මෙන් වැදී ඇතිවාට සැක නැත.

තමා විවේචනය කරමින් පළ කැරෙන ලිපි වැනි ලිපි මරාගේ කාලයේදී ලියුවේ නම් මරා සරම උස්සා එකී කතුවරුන්ට සුද්ධ සිංහලයෙන් ගොරවන්නේ යැයි පොල් සිරා කියා තිබුණි. මරාගේ කාලයේදීත් අප නම් කියන දේ කෙලින්ම කීවෙමු. අහම්බ සිදුවීමක් නිසා දිගු කළකට විදෙස් ගතවීමට සිදුවීමට පෙර 2009 මැයි මාසය දක්වාත් ඉන් පසුවත් අපි එසේ ලීවෙමු. එවැනි මාධ්‍යකරුවෝ එදා මෙන්ම අදත් සිටිති.

පොල් සිරාගේ ප්‍රශ්ණය තමන්ගේ ඇහේ තියෙන පොල් පරාළය නොදැක අනුන්ගේ පොල් කෙඳි සොයන්නට යෑමය. ළගදී පොල් සිරා කියා තිබුණේ සමාජ මාධ්‍ය ජාල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තමන්ට සිදුවිය හැකි බවයි. පොල් සිරාට තමන්ගේ සංනිවේදනය ක්‍රියාකාරකම් ගොඩ දමා ගැනීමට බැරිය. ප්‍රශ්ණය එයයි.

පොල් සිරා විසින් එක දිගට ප්‍රහාරයන් එල්ල කරන ලද මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාවක් වේ නම් ඒ ජනමාධ්‍ය යයි.

වත්මන් සමාජයට නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇති සමාජ ජාල සංනිවේදනයෙහි හොඳ මෙන්ම නරකද තිබේ. එනමුත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාතුළ තහනම් කිරීමෙන් වඳකළ හැකි නොහැකිය. හරියට වයිරසයක් මෙනි. අයහපත් සමාජ ජාල සංනිවේදනය පැරදවිය හැක්කේ යහපත් සංන්වේදනය මගිනි.එසේ නැත්නම් චීනයේ හෝ ඉරානයේ හෝ මෙන් අන්තර් ජාලය පමණක් නොව සමස්ත සමාජය දරුණූ පාලනයකට ලක් කිරීම මගිනි. එවැනි පියවරක් ගැනීමට පොල් සිරාට හයිියක් නැත. නමුත් එවැනි දරුණූ පාලනයක් සඳහා සහය වන මතවාදයක් ගොඩ නැගීමට පොල් සිරාට හැකියාවක් තිබේ.

තමා බලයට පත් කළ බලවේග අතර අද මෙරට අතර වඩාම අප්‍රසාදයට පත් දේශපාලනඥයකු වේ නම් ඒ පොල් සිරාය. ඊට හේතුව නම් තමන් බලයට පත් කරන ලද බලවේගයන්ට පහරදීම දැන් පොල් සිරාගේ මූලික කාරිය වී ඇති නිසාය. පොල් සිරාගේ ජනප්‍රියත්වය මැන බැලෙන සමීක්ෂනයක් කල හොත් මේ බව සනාථ වනු නිසැකය.

පොල් සිරාගේ නූතන පොල් කැඩීමක් ගැන සති අන්ත පුවත් පතක් විසින් අසනු ලදුව මරා කියා තිබුනේ ‘ දැන් ඉතිං මට ජන්දෙට මැරීගෙන වැඩ කරන්න ඕන නැහැ. සිරා ඒක කරගෙන යනවා’ කියාය.

සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත පොල් සිරාගේ වත්මන් පොල් කැඩීම් ගැන ලියමින් කියා තිබුණේ ‘ රටේ වානිජ්‍ය, වෙළදාම් සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී සිටින්නෝ පසුවන්නේ ජනපති සිරිසේන කරේ උපන් කෝපයකිනි. පසුගියදා කළ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙස ජනපති සිරිසේනගේ ප්‍රතිරූපය සහ විශ්වසනීයත්වය දරුණු සෝදාපාලුවකට ලක්ව තිබේ. රටේ ජනපතිවරයා ලෙස නොපෙන්විය යුතුව තිබෙන දුර්වලතා රැසක් මෛත්‍රීපාල සිරිසේන චරිතයේ පවතින බව මෙහි දී මනාව පැහැදිලි විය’ ( ලංකාදීප පරිවර්ථනය) කියාය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පසුගියදා මෙරටට පැමිණි නිල ඇමෙරිකානු දූත පිරිසක් හමුවී කීවේ ‘ නිශ්චිත කාල සීමාවක් තුළ දේශපාලන විසඳුමක් අඩංඟු නව ව්‍යවස්ථා ප්‍රතිසංසකරණයක් සිදු නොවේ නම් තමන්ට අලුතින් හිතන්නට සිදුවන බවයි.’ ඉන් අදහස් කැරුණේ සාකච්ජාමය විසඳුමක් සඳහා දැනට දෙමළ සන්ධානය ගෙනයන දේශපාලනය වෙනුවට අරගලයේ මාවතට ගමන් කිරීමට සිදුවන බවයි. අරගලය යනු සන්නද්ධ අරගලයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සටන් ක්‍රියාමාර්ගයන්ය.

දේශපාලන විසඳුම අතහැරීම පොල් සිරා විසින් කරන ලද ලොකුම පාවාදීමයි.

දූරදර්ශී දේශපාලනයඥයකු ලෙස ඉතිහාස ගතවීමට ලද අවකාශය පිරවීමට පොල් සිරාට දේශපාලන අධිශ්ඨානයක් නොතිබුණි. රට පුරා බයිලා ගැසීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සිය මූලික පිළිවෙත කර ගත්තේ නම් පොල් සිරාට ඇත්ත පොරක් වීමට මහඟු අවස්ථාවක් 2015 ජනවාරියේදී විවිර විය. පොල් සිරා එයට පයින් ගැසුවේය.

එල්ටීටීඊ සමඟ යුද වැදුණූ මරා, ප්‍රභාකරන්කරණය වූයේ යුද ජය මිස මිනිස්කම නොසැළකීම මගිනි. එය හරියට පුරාවෘත්ත ගත, මිනිසුන් මරා කෑ බිහිසුණූ මකරා සමඟ සටන් වැදීමට ගොස් එවැනිම මකරකු බවට පත් වීරයාගේ කතාව වැනිය. දැන් පොල් සිරාද රෑපාන්තණය වෙමින් යයි.

පොල් සිරා දැන් ව්‍යවස්ථා වෙනස ගැන පොල් කඩන්නේ නැත. ඒ වෙනුවට පසුුගිය මැයි 18වනදා පෙනීගියේ යුදවාදය සහ රණවිරු දේශපාලනය සිරාගේ දේශපාලනය බවට පත්වෙමින් ඇති බවයි. සිරා, මරා බවට පත්වන දේශපාලන පිල්මාරුවෙහි කේන්ද්‍රය ඇත්තේ එතැනය.

මේ අතර වාරයේ විහිලු කතාද අසන්නට ලැබේ. එකක් නම් මරාගේ දේශපාලනඥයකු වූ දයාන් ජයතිලක පොල් සිරා විසින් රුසියානු තානාපති ලෙස පත් කරන්නට යන්නේය යන්නයි. එවැනිම තවත් එකක් නම් 2020 ජනාධිපතිවරණයෙන් පොල් සිරා දිනවීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බවයි. තවත් එකක් නම් සිරා – මරා සන්ධානය ගෝටා හරහා සිදුවෙමින් ඇති බවයි. කිසිදු රාජපක්ෂවරයකු සිරගත නොකැරෙන බවට සිරා පොරොන්දුවක් දී ඇති බව ද කියැවෙයි.

විහිළු අැත්ත වන්නේ ඛේදවාචක ලෙසය. ඉන් ලොකුම ඛේදවාචකය සිරා, මරා බවට පත්වීමයි. මන්ද යත් මරාගේ තැන කිසිසේත්ම පොල් සිරාට ගත නොහැකි නිසාය. මේ වනාහී උත්තරය ශූන්‍ය බවට පත්වන ඛේදවාචකමය දේශපාලන රූපාන්තරණයකි.

~~සුනන්ද දේශප්‍රිය~~

Published on: Jun 8, 2018- පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම අතර මෙ වනවිට ඇති වි තිබේන සමනය කළ නොහැකි තරමට බරපතළ ගැටුම භාවිතා කරමින් ඔහු ඉවත් කිරිමට කටයුතු කල යුතු බවට ජනාධිපති කුප්‍රකට උපදේශකවරයෙකු ජනපති මෛත්‍රීපාල සිරිසේනට උපදෙස් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඊට ආසන්තම හේතුව වි ඇත්තේ පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයද ඉදිරියේ තියා ගනිමින් පොලිස්පති පුජිත් ජයසුන්දර කරන ලද අපහාසය මේ සදහා ආසන්නතම හේතුව බවත් ඒ අනුව් පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට අනතුරක් බවත් එම උපදේශකයා පෙන්වා දි තිබේ.

පොලිස්පතිවරයා දිගින් දිගටම තම ආධිපත්‍යය දෙපාර්තමේන්තුව තුළ තහවුරු කිරීමට සහ පෞද්ගලික පළිගැනීම් නිලධාරීන් මත දියත් කිරීමට කටයුතු කිරීම නිසා බරපතළ ලෙස අභ්‍යන්තර පරිපාලන කටයුතු බිඳවැටී ඇති බව අනාවරණය වේ.

මෙම තත්ත්වයට විශේෂයෙන් හේතු වී ඇත්තේ, මීළඟට පොලිස්පති ධුරය දක්වා උසස් වීම් ලැබීමට නියමිත දක්ෂතා සපිරි සහ විනයගරුක නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම සහ තවත් ඉහළ නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට බාධාකාරී ලෙස ක්‍රියා කරමින් සිටීමයි.

මේ නිසා නියමිත රාජකාරී වගකීම් ඉටු කරනවා වෙනුවට බොහෝ නිලධාරීන්ට සිදු වී තිබෙන්නේ පොලිස් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරමින් සිටීමටය. පවතින තත්ත්වයේ බරපතළකම තීව්‍ර කෙරෙමින්, මේ වන විට පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම අතර සමනය කළ නොහැකි තරමට බරපතළ ගැටීමක් ඇති වී තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.

මෙම තත්ත්වය හමුවේ ආණ්ඩුව මැදිහත් වී ව්‍යවස්ථාමය වශයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් හෝ නොවිමසා නිහඬව සිටීම පිළිබඳව බොහෝ නිලධාරීන්ගේ චෝදනාවට ආණ්ඩුව ලක් වී තිබේ.

පොලිස්පති, මෛත්‍රී ජනපතිට කිව්ව ගදගහන කතාව…

Published on: Jun 8, 2018- රටේ ප්‍රධානතම පෙලේ මාධ්‍ය නාලිකාවක් වනස්වර්ණවාහිනීය මේ වනවිට විදේශිකයෙකු අතට පත්වි හමාරය. මෙ වනවිට ස්වර්ණවාහිනීයෙ විධායක තනතුරු සියල්ල්ම වෙනස් කර ඇති අතර අධ්‍යක්ෂක මණ්ඩලයද සම්පූර්ණයෙන් වෙනස් කර ඇති අතර රටේ මුලික නීතිය පවා ඉක්මවා යමින් අධ්‍යක්ෂක මණ්ඩලය සදහා විදේශීකයන් පමණක් පත්කර තිබේන බවද වාර්තා වේ.

EIT හරහා සිය මලගම සනිටුහන් කරගත් ස්වර්ණවාහිනීය අවසානයේ තමන්ගේ දේපළ සියල්ලම මැලේසියානු සම්භවයක් ඇති LTTE සංවිධානය සමග සමීප සබඳතාවයන් ඇති ජේ. සුධීර් ජෙයරාම්ට පවරා දි ඇති අතර මෙ දිනවල ව්‍යාපාරික ලෝකය කැළඹීමක් ඇතිකිරිමට සමත්වි තිබේ.

ලෝකෙටම ජාවාරම්කරුවෙකු වු ජේ. සුධීර් ජෙයරාම් කවුද?

ජේ. සුධීර් ජෙයරාම් යනු නිකම්ම නිකං නිකමෙකු නොවේ. ජේ.සුධීර් නැමති මහා ජාවාරම්කරුවා “Oil for Food Program” එකක් මුවාවෙන් අමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් අල්ලසක් වශයෙන් ඉරාක රජයෙන් ගැනිමට සමත්වු අයෙකු වන අතර එම වැඩසටහන හරහා ඇමරිකාව සහ ඉරාකය අතර යුද රහස් ගණුදෙනු සිදුකිරිම සහ මැලේසියානු ජාතික ආරක්ෂාවට සaජුවම සම්බන්ධ දත්ත පිටකිරිමට මැදිහත්ක් කරුවෙකු ලෙසද ජේ.සුධීර් මැදිහත් වි ඇති අතර පසුව එය අනාවරණය විමෙන් පසුව එක්සත් ජනපද නාවික හමුදාවට සම්බන්ධ ලෝක ආරක්ෂක කර්මාන්ත මණ්ඩලයද හෙල්ලුම් කා තිබේ.

ලෝකෙටම ජාවාරම්කරුවෙකු වු ජේ. සුධීර් ජෙයරාම් ලංකාගමනය…

මැලේසියානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයෙකු සිය පුත්‍රයා සහ තවත් දෙදෙනෙකු සමග එක්ව නීති විරෝධී ලෙස මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ දරන විට රේගු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ජෙය සූධීර් ජයරාම් නමැති මෙම පුද්ගලයා අමෙරිකානු ඩොලර් 50,000 ක් සිය ගමන් මල්ලෙහි දමාගෙන, විශේෂ අමුත්තන් සඳහා වූ සිල්ක් රූට් ඔස්සේ සිංගප්පූරුවට යාමට උත්සාහ දරා ඇත. ඒ පසුගිය නොවැම්බර් 10 වනදාය. එසේ අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී වෙනත් යානයකින් පිටත්ව යාමට සූදානම්ව සිටි ඔහුගේ පුත්‍රයා ළඟ තිබී තවත් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. එපමණක් නොව, මේ පිය – පුතු දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත් වූ තවත් දෙදෙනෙකු එදිනම අත්අඩංගුවට ගැනුණේ තවත් ඇමෙරිකානු ඩොලර් 1,08,000 ක් සමගිනි. ඒ අනුව එදින රටෙන් පිට කිරීමට උත්සාහ දරා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් 2,08,000 කි. එනම් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලකි.

Sri Lanka Customs seized over Rs. 31 Million on November 10, 2017 from a businessman of Malaysian origin, his son and two others. The businessman in question is Jaya Sudhir Jayaram.

මොවුන් ලංකාවට පැමිණ ඇත්තේ කුමක් සඳහාද? මෙසේ ලංකාවෙන් පිට කිරීමට උත්සාහ දැරූ මුදල් මොනවාද? මේ පිරිස ලංකාවේ සම්බන්ධකම් පවත්වා ඇත්තේ කවුරුන් සමඟද? මේ කිසිවකට නිසි පිළිතුරක් සොයා ගැනීමට තවමත් හැකියාව ලැබී නැත. වව්නියාවේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලංකාවට පැමිණි බව ඔවුන් විසින් පවසා තිබේ. මේ මුදල් කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ගත් මුදල් බවද ඔවුන් පවසා ඇත. එහෙත්, මේ කිසිවක් පිළිබඳ සොයා බැලීමක් සිදු නොකර පරීක්ෂණවලට සහාය ලබා දීමට නැවත පැමිණෙන ලෙස දිනයක් ලබා දී මුදල් පමණක් රඳවාගෙන ඔවුන් නිදහස් කර යවා ඇත. මේ වන විට ඒ පොරොන්දු වූ දිනය පසු වී සති කිහිපයක් ගත වී ඇතත්, කිසිවෙකු නැවත ලංකාවට පැමිණ නැත. මුදල් තොගය රාජසන්තක කිරීමට තීරණය කරන්නේ ඒ අනුවය. එතනින් ඒ ජවනිකාව අවසන් විය.

එහෙත් මේ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු එකින් එක දැන් අනාවරණය වෙමින් තිබේ. ජේ. සුධීර් ජෙයරාම් නැමැත්තා මෙරට ප්‍රකට මූල්‍ය සහ මාධ්‍ය ආයතනයක් සඳහා ආයෝජකයෙකු හඳුන්වා දීම සඳහා බ්‍රෝකර් කෙනෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. පසුගියදා ආරම්භ කළ මහල් හැත්තෑ පහකින් යුතු හෝර්ටන් ස්ට්වෙයා නම් බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ද මොහුගේ සම්බන්ධයක් තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ විදෙස් මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ දරද්දී අත්අඩංගුවට පත් වන ශ්‍රී ලාංකිකයෙකු ද නොවන පුද්ගලයෙකු පරීක්ෂණවලට නැවත පැමිණෙන බවට වන පොරොන්දුවක් මත මුදාහැරීමට බලධාරීන් තීරණය කරන්නේ කෙසේද? ඔහු පැවසූයේ යයි කියමින් එම ප්‍රකාශ උපුටා දක්වන මෙරට ප්‍රකාශකයන් කියන්නේ ඔහු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු බවයි. ඔහුගේ ව්‍යාපාරයන්ගේ සහ ඔහුගේ ව්‍යාපාරිකත්වයේ දිග පළල අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් හොඳින්ම තේරුම් ගත හැකිය.

ජේ. සුධීර් ජෙයරාම් පිළිබඳ අන්තර්ජාල පරීක්ෂාවක දී හමු වන්නේ ව්‍යාපෘති දෙකක් සඳහා තැරැවුකරුවෙකු වශයෙන් ඔහු කටයුතු කර ඇති බවයි. ඒ ව්‍යාපෘති දෙකම දූෂණයක් නිසා නතර කරන ලෙස ඉල්ලා ඇති ඒවා බවද එහි සඳහන් වේ. ඉන් පසුව හමු වන්නේ මේ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණය විසින් පවරා ඇති නඩුවක් පිළිබඳ තොරතුරුය. එහි තීන්දුව ලබා දී ඇත්තේ 2016 සැප්තැම්බර් 27 වන දිනය. එසේම 1995 වසරේ ඇරඹුණු දෙවන ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරාකයට පැන වූ සම්බාධක හමුවේ සිදු වුණු සිදුවීම් සම්බන්ධයෙන් ද ජෙය සුධීර් ජයරාම්ගේ නම ඈඳී තිබේ. ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු ඉරානයට පැන වූ සම්බාධක හමුවේ සිදු කරන තෙල් වෙළෙඳාම අතරතුර කෙරුණු වංචා, දූෂණවල දී ඒවායෙන් විශේෂ වාසි ලැබූ පුද්ගලයෙකු ලෙස ජෙය සුධීර් ජයරාම් නම් කර තිබේ.

මේ පුද්ගලයා ලංකාවේ සම්බන්ධ වූ ව්‍යාපෘති ද ගැටලූකාරී ඒවාය. කොළඹ හෝර්ටන් පෙදෙසේ ඉදි කිරීමට කටයුතු යොදා ඇති මහල් හැත්තෑ දෙකකින් යුතු ව්‍යාපෘතිය නවතා දැමිය යුතු බව ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව නිර්දේශ කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ව්‍යාපෘතියකි. ඒ සඳහා සම්බන්ධ වී ඇති අනෙක් පුද්ගලයා වන රාමසාමි මුත්තුසාමි මනිවානන් නැමැත්තා ද ජයරාම්ගේ ව්‍යාපාරික සගයෙකි. ඔහු ලංකාවේ තවත් ප්‍රකට ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකි.

මේ කරුණු සියල්ල සොයා ගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නොවේ. අන්තර් ජාලයේ මේ සියලු තොරතුරු තිබේ. ගත වන්නේ විනාඩි කිහිපයක් පමණි. එහෙත්, ඒ කිසිවක් සිදු නොකර මොවුන් පිටත් කර යැවීමට රේගු බලධාරීන් කටයුතු කිරීම පිටුපස වෙනත් සම්බන්ධයක් තිඛෙන බව ඉතාම පැහැදිලිය.

මොවුන් පැමිණ ඇත්තේ ලංකාවේ ආයෝජන කිරීමට බව පැවසේ. එහෙත්, ඔවුන් අත්අඩංගුවට පත් වන්නේ මෙරටින් මුදල් නීති විරෝධීව පිට කිරීමට උත්සාහ දැරීමේදීය. එහිම පරස්පරයක් තිබේ. මොවුන් පිළිබඳ සැක කරන්නට මොළේ කළඳක් හෝ තිඛෙන ඕනෑ කෙනෙකුට එයම ප්‍රමාණවත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ විනෝදාංශය වූ අභ්‍යවකාශගත වීමට අදාළව ලංකාවේ මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් යැව්වා යයි කියන චන්ද්‍රිකාව යැවූ සුප්‍රීම් සැට් සමාගම සමඟ මොහුගේ සමීප සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ.

Mr Manivannan provided office space to Rohitha Rajapaksa. The youngest son of former President Mahinda Rajapaksa was also given a shareholding in SupremeSAT through a company named Dycer International . Rohitha Rajpaksa was 100 percent owner of Dycer International. Mr Sudhir owns a company called Al-Rafidian Holdings (Pvt) Ltd. This is confirmed by Singaporean court papers. Mr Manivannan has stated on record that Al-Rafidian provided satellite acquisition financing to SupremeSAT, in which Mr Sudhir also had a stake.

Mr. Sudhir and Mr. de Simone are longstanding business partners of Mr Manivannan. Mr de Simone held the position of foreign director in Mr Manivannan’s Supreme Global Holdings (Pvt) Ltd and SupremeSAT (Pvt) Ltd.

සම්පූර්ණ කතාව කියවන්න – Click 

සිරසෙ හොම්බට දෙකක් අනින්න රනිල් සුදානම් 

දැන් රට ජාවාරම්කරුවන්ගේ තිප්පොලක් වි හමාරය.ජේ. සුධීර් ජෙයරාම්ට ස්වර්ණවාහිනී නාලිකාව ලබාදිම පසුපස කොන්ද පණ නැති ජනපති සේම සිරසට දෙකක් දි කිළී මහරාජා මට්ටු කිරිමට ගේමක් ගසමින් සිටින රනිල් සහ මංගල සිටින බව නොරහසකි.2020 ජනාධිපතිවරණයකදි රනිල්ට ඇති අභියෝගය වන්නේ සිරස නාලිකාවය සිරිසේනගෙන් ලබාගත් සංඛ්‍යාත හේතුවෙන් සිරස ටවත් රනිල්ට තඩිබානු ඇත.සිරස වෙනුවට ස්වර්ණවාහිනී ඒඑ සටනට දැන් සුදානම් කරනු ඇත.ජේ. සුධීර් ජෙයරාම් රනිල්ගේ ඉලක්කය සම්පූර්ණ කිරිමට කටයුතු කරනු ඇත.

Is this the type of investors we want in Sri Lanka?

දහසය දෙනා එනකොට දහඅට දෙනකු ගිහිල්ලා. නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්දය දෙන වෙලාවෙ ඒකාබද්ධ විපක්‍ෂෙ දහඅට දෙනකු ඉඳලා නැහැ. ඒ වගේ ම මෛත්‍රිපාල කණ්ඩායමේ, මෛත්‍රිපාලගෙ ආණ්ඩුවේ කිහිප දෙනකුත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දය දීල නැහැ. ඒ දෙගොල්ලම එකතු වෙලා රනිල්ගෙ අපේක්‍ෂකයා දිනවලා. කවුද මේවට වග කියන්න ඕනෙ.

ඒකාබද්ධ විපක්‍ෂෙ කණ්ඩායම තීරණය කරලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දෙ දෙන්න. මහින්දත් කණ්ඩායමට එහෙම උපදෙස් දීලා. අන්තිමේ දි ඡන්දෙ ගන්න වෙලාවෙ මහින්දත් පාර්ලිමේන්තුවෙ නැහැ. මහින්ද විස්සට විරුද්ධයි කියනවා. ඒකාබද්ධ විපක්‍ෂෙත් විරුද්ධයි. ඒත් විස්සට ඡන්දෙ ගන්න වෙලාවෙ මහින්ද පාර්ලිමේන්තුවෙ ඉඳියි ද?

අද රනිල්ගෙ ආණ්ඩුවයි මෛත්‍රිපාලගෙ ආණ්ඩුවයි කියලා ආණ්ඩු දෙකක් තියෙනවා වගේ ඒකාබද්ධ විපක්‍ෂෙ/පොහොට්ටුවෙත් කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක නායකයා බැසිල්. අනෙකෙ නායකයො දිනේෂ්, විමල්, ගම්මන්පිළ හා වාසු. පස්සෙ කිව්ව නායකයො හතර දෙනා ඒකාබද්ධ විපක්‍ෂෙ පක්‍ෂ නායක රැස්වීම්වලට යන්නෙ නැද්ද? දැනගන්නයි අහන්නෙ.

මහින්ද ඉන්නෙ මොන කණ්ඩායමෙ ද? මහින්ද මේ සමස්ත කණ්ඩායමේ ම නායකයා හැටියටයි හිටියෙ. දැන් ඒක නැති වෙලා ද? එහෙමත් නැත්නම් ඔහු බැසිල්ගෙ කණ්ඩායමේ අදෘශ්‍යමාන නාකයකයා ද? මා දැන් අදෘශ්‍යාමාන බලවේග ගැන උනන්දුවක් දක්වන නිසා මේ කාරණයත් වැදගත් වෙනවා. මහින්ද සුදර්ශනීට ඡන්දෙ දෙන්න කියලා ඡන්දෙ දෙන වෙලාවෙ හිටියෙ නැත්තෙ ඇයි? ඒ විතරක් නම් මදැයි. චමල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ ඉඳලත් නැහැ.

මීළඟ ඡන්දවල දි තරග කරන්න වෙන්නෙ පොහොට්ටුවෙන් නිසා අද බැසිල් බලයක් දරනවා. ඒ පක්‍ෂයෙ ආසන සංවිධායකකම් මන්ත්‍රීධුරාපේක්‍ෂකකම් ආදිය සම්බන්ධයෙන් බැසිල්ගෙ තීරණය වැදගත් වෙනවා. ජී එල් පීරිස් පක්‍ෂයෙ සභාපති තමයි. පොහොට්ටුව හැදුවෙ ඡන්ද මෙවළමක් හැටියට මිසක් ප්‍රතිපත්ති සහගත පක්‍ෂයක් හැටියට නොවෙයි. ප්‍රතිපත්ති කොළයක් නැතිව නොවෙයි. ඒ වුණාට මහින්ද ලවා ඡන්ද ටික අද්දවා ගන්න එක ඇරෙන්න වෙන මහ ලොකු සංවිධානයක් නැහැ.

2015 අගෝස්තු මැතිවරණයට පෙර නව සංවිධානයක් ගොඩ නගන්න කියලා අප කිව්වට බැසිල්වත් ජී එල්වත් විමල්වත් ඩලස්වත් ගම්මන්පිලවත් ඒක සතපහකට ගණන් ගත්තෙ නැහැ. ඒ වෙලාවෙ ජාතිකත්වය මත වෙන ම සංවිධානයක් හැදුව නම් ජයගන්නත් තිබුණා. කොහෙද බැසිල්ට ජාතිකත්වයක් තියෙන එකක් යැ. රට ගිය බැසිල් පස්සෙ ඇවිල්ල කළ එක දෙයක් තමයි ඒ වෙලාවෙ සංවිධානයක් ගොඩ නොනැගීම. පඬියකු කියන්න පුළුවන් ඒ වෙලාව ඒ සඳහා අවස්ථාව නොවෙයි කියලා. පස්සෙ හැදුව මෙවළමක්. ඒකෙ අරමුණ ඡන්දවලට ඉදිරිපත්වීම. ඒත් පහුගිය පෙබරවාරියෙ බහුතරයක් ඡන්ද ලැබුැණ නැහැ. අන්තිමට සමහර ප්‍රාදේශීය සභාවල බලය ගත්තෙ ශ්‍රී ල නි ප හා සංධානය (බුලත් කොළය) සමග එකතු වෙලා.

මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ නිල වශයෙන් ඉන්න සමහරු ඇත්තට ම ඉන්නෙ එ ජා පක්‍ෂයෙ. ඔවුන් නිල නොවන හැටියට ඉන්නෙ රනිල්ගෙ ආණ්ඩුවෙ. ඔවුන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට විරුද්ධ ව ඡන්දෙ දෙන්න ඇති. අද පාර්ලිමේන්තුවෙ එ ජා ප හා ඒකාබද්ධ විපක්‍ෂ, ශ්‍රී ල නි ප කණ්ඩායම් හතක් තියෙනවා. ඒ රනිල්ගෙ කණ්ඩායම, රනිල් විරෝධී එ ජා ප (1), රනිල් විරෝධී එ ජා ප(2), බැසිල්ගෙ (මහින්ද) කණ්ඩායම, විමල් ගම්මන්පිළ කණ්ඩායම, මෛත්‍රිපාල කණ්ඩායම, 16 කණ්ඩායම. රනිල් විරෝධී එ ජා ප (1) කණ්ඩායමේ ඉන්නෙ සජිත් වැනි අය. එහි (2) කණ්ඩායමේ ඉන්නෙ 16 කණ්ඩායම හා මෛත්‍රිපාල කණ්ඩායම එක්ක එකතුවෙලා විමල් ගම්මන්පිල කණ්ඩායමත් එක්ක ආණ්ඩුවක් හදන්න සූදානම් අය. ඒ අය 2019 වෙනකම් ඉන්න ඕන කියලා කතාවක් නැහැ.

අද රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කරන්න පුළුවන් වාතාවරණයක් සැකසී තියෙනවා. ඒ බැසිල්ගෙ කණ්ඩායම සහාය දෙනව නම්. ඒත් බැසිල් ඒකට කැමති නැති බව පැහැදිලියි. මට එය පුදුමයක් නො වෙයි. මට අවශ්‍ය මහින්ද මේ විධියට වැඩ කරන්නෙ මොකද කියන එක තේරුම් ගන්න. මහින්ද සුදර්ශනීට ඡන්දෙ දෙන්න කියලා ඡන්දෙ දෙන වෙලාවට එන්නෙ නැහැ. විස්ස ගැන අපට තියෙන බලාපොරොත්තු මොනවා ද? විධායක බලතල අගමැති අතට ගන්න එකට මහින්ද පක්‍ෂ ද?

1815 ගත්ත වැරදි තීරණය අපට 1818 දි නිවැරදි කරගන්න බැරි වුණා. 2015 ගත්ත වැරදි තීරණය නිවැරදි කර ගන්න තවමත් පුළුවන්. ඒත් මා කියන දේ පිළිගන්න අය රටේ ඉන්නෙ දෙතුන් සියක් පමණයි. අපත් සමග සිටි අනෙක් අය බොහෝ දෙනෙකු මට කියන්නෙ සිරිජාතිකවාදියා කියලා. ඔවුන් තවමත් හිතන්නෙ මෛත්‍රිපාල රනිල් නාට්‍යයක් රඟ දක්වනවා කියලා. මට දේශපාලනඥයන් බොහෝ දෙනකු ගැන තියෙන්නෙ කළකිරීමක්. ඔවුන් කියන්න පුළුවන් මට දේශපාලනය තේරෙන්නෙ නැහැ කියලා. ඒකට කමක් නැහැ. මුහුණු පොතේ පඬියන් හා පඬි පෝතකයන් කියන්නෙ මා කිසිම දෙයක් තේරෙන්නෙ නැති බණින්න විතරක් පුළුවන් කෙනකු කියා.

මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්ව ම මා අන්ත මෝඩයකු පිස්සකු විහිළු කාරයකු ලෙස බොහෝ දෙනා සැලකුවා. මෛත්‍රිපාල තදබල වරදක් කරපු එක ඇත්ත. ඒත් මේ වෙලාවෙ රට ජාතිය වෙනුවෙන් ඔහුට ශක්තිය දෙන්න තිබුණා. කොහොම හරි එය වැළකුණා. මහින්ද බැසිල්ට යටවෙලා කියලා මා හිතන්නෙ නැහැ. මේ අවසාන දින කිහිපයේවත් මහින්ද නිවැරදි දේ නොකළොත් කොටි පරාජය කිරීම පිළිබඳ ගෞරවය ඔහුට අවසානයේ දී ලැබෙනු ඇත්තේ අගෞරවත් එක්ක.

Published on: Jun 8, 2018 – අමෙරිකානු ඩොලරය කඩා වැටිමත්,රටේ ආර්ථිකය ඉබාගාතේ යෑමත් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කණගාටුවෙන් සහ වෛරයෙන් පසුවන බව ශ්‍රිලනිප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

රටේ සමස්ත ආර්ථිකයම හසුරුවන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආර්ථික ඝාතකයන් බවත් ඒ හේතුවෙන් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කම්බස් වි ඇති බවද ජනපති ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ට පෙන්වා දි තිබේ.

ඊට අමතරව රනිල්ගේ ගජමිතුරු කල්ලියේ මලික් සමරවික්‍රම,රනිල් වික්‍රමසිංහ ඇතුලු ජාවාරම් කරුවන් සිය මෙහෙයුම වෙනම දියත් කරමින් සිටින බවත් මංගල මුදල් ඇමති මෙන්ම එජාපයේ තනතුරු දැරිම හේතුවෙන් මලික්ලාගේ හොරකම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා බවද මෛත්‍රී අනාවරණය කර තිබේ.

චන්ද්‍රිකා කුමාරතුංගගේ පරම මිතුරන් තිදෙනෙකු වන මංගල සමරවිර මුදල් අමාත්‍යධුරය දැරිමත්,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහා බැංකුවේ සිටින කුප්‍රකට වංචනියෙකු වන මනෝ තිත්තවැල්ල මේ වනවිට රටේ ආර්ථිකය කම්බස් කරමින් සිටින අතර ඒ හේතුවෙන් මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලේ වටිනාකම ඉතිහාසයේ අඩුම අගය දක්වා අද (07) පහත වැටුණ අතර ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 160ක් ලෙසයි.

මිට අමතරව ස්වර්ණවාහිනී නාලිකාව LTTE ය සමග සමීප සබඳතාවයන් අයෙකු අතට පත්විම සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡාවු අතර එම මාධ්‍ය ආයතනය මිලදි ගත් ජේ. සුධීර් ජෙයරාම් නැමත්තා ස්වර්ණවාහිනීයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙ සාමාජිකයන් 4 දෙනෙකු අලුතින් පත්කර ඇති අතර ඔහුන් 4 දෙනාම විදේශිකයන් වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරණායක කුමාරතුංගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ප්‍රසිද්ධ වොටර්ස් එජ් ගණුදෙනුවේ සහ චැනල් 9 සිදුවීමේ කුප්‍රකට වංචාකාරයෙකු වු මනෝ තිත්තවැල්ල පසුව චන්ද්‍රිකා සමයේ සිටිම LTTE ය සමග සමීප සබඳතාවයන් පැවැත්වු අයෙකු වන අතර LTTE සංවිධානයට මුල්‍ය ආධාර සැපයිම් පසුපස සිටි අයෙකි. ETI සමුහ ව්‍යපාරය සම්පූර්ණයෙන් කබාසීනියා කර දැමු මනෝ මේ වනවිට එම සමාගම LTTE හිතවාදි බ්‍රිතාන්‍ය සමාගමක් වන ලයිකා මොබයිල්’ හිමිකරුට අමෙරිකානු ඩොලර් මිලියන 75 කට විකිණීමේ කුප්‍රකට මෙහෙයුමද් දියත් කල අයෙකු වන අතර ඒ හරහා ඔහු ඉතා විශාල කප්පම් මුදලක්ද ලබාගෙන තිබේ.

එදාමේදා තුර ගෙවුනු වසර දෙකක කාලයකට පසුව ගණිතය අසමත් එකෙක් රටේ මුදල් ඇමති වි හමාරය.ඒ හෙතුවෙන් අද ඩොලරය 160ත් පනින්නට ඔන්න මෙන්නය.මහින්ද පැරදවිමට රටේ බිලියනයට බිංදු නොදන්නා ජනතාව බිලියන වලින් ඇන්දවු බවට මංගලට තිබු චොදනා එමටය නමුත් ඇත්තටම සිදුව ඇත්තේ මංගලගේ ගණිතයේ ඇති දුර්වල කම බව දැන ගන්නා විට මංගල ජනතාව ගොනාට අන්දවා අවසන්‍ ය.

මෛත්‍රීට එරෙහිව මංගලගේ මෙහෙයුම

මේ අතර පසුගිය දින කිහිපය තුල  ජනාධිපතිවරයා අපහසුතාවට පත්කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් වන බවත් එ පසුපස කුප්‍රකට මඩකරි දේශපාලකයෙකු සිටින බවත් ජනපති පෙන්වා දි ඇති අතර 2020දි අගමැති තනතුර වෙනුවෙන් මංගල මේ වනවිට එජාපය,චන්ද්‍රිකා ඇතුලු කල්ලිය සමග සම්බන්ධව කටයුතු කරන බවයි මෛත්‍රී පවසා ඇත්තේ.

දක්ෂ මඩ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මහා දේශපාලන චරිත සමාජයේ අපකීර්තියට පාත්‍ර කරමින් බලයෙන් පහ කිරීමට තරම් ජනතා පෙළ ගැස්මකට කටයුතු කිරීමේ සුවිශේෂ ගුණයක් ඇති ඕනෑම නායකයෙකු දිනවීමට අවශ්‍ය සමාජ පරිසරයක් නිර්මාණය කිරීමේ නිපුනතාවයක් ඇති මංගල වැනි අයෙකු එජාපයේ උප සභාපති තනතුරට පත්කර ගත්තේ තමන්ට සහ ශ්‍රිලනිපයට පහර 2020දි එජාප ජයග්‍රහණය කරා ගෙන යෑමේ අරමුණින් මංගල,චන්ද්‍රිකා,මනෝ,කුමාරස්වාමි එක්ව කටයුතු කරන බවද එම් සාකච්ඡාවේදි මෛත්‍රී ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග පෙන්වා දි තිබේ.

රටේ ආර්ථික ප්‍රශ්ණ උග්‍ර විම හේතුවෙන් රටේ ජනතාව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට මෙන්ම තරහකටද ලක්ව් සිටින බවත්,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුහුණ් දුන්නේද මේ ආකාරයේම තත්ත්වයකට බවද ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයා අදහස් දක්වමින් කියා සිටියා.

Published on: Jun 7, 2018- මේ වෙනකොට ජන ආදී පති සොරිසේන මහතා අපට හිතන්නට බොහෝ දේවල් අප ඉදිරියේ තබා ඇත. ” මොකට මේ ගමයා ව ජාන අදිපති කළා ද ? ” මේක බොහෝ දෙනෙකුගේ පළමු ප්‍රශ්නය වූ වත්, මේකට උත්තර අපි කාටවත් තියා අඩුම ගානේ ගමයා ඒ උත්තරය දන්නේත් නැහැ.දින 100 ගැන නොදන්න එහෙත් ඒ ගැන සියයක් කතා ඇද බාපු මෙයාට දැන් වෙලා තියෙන්නේ,තම ආත්ම ගෞරවය සීග්‍රයෙන් වඳවීගෙන යන ලෙඩෙට මුහුණ පෑමේ අභියෝගයට මුහුණ පෑමටය .එහෙත් මුහුණු පොතත් එක්ක පැටලී ටී එන් එන් එල් එක්ක පැටලුන පටැලවිල්ලෙන් ලෙඩේ උග්‍ර අතට හැරී ඇත.

ජනාධිපති ට පමනක් නොව මෙරට වෙසෙන ඕනෑම පුරවැසියෙකුට තම සිතැඟි වචන බවට පත් කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය හා අවස්තාව තිබේ.නමුත්,ඒ වචන ක්‍රියා බවට පත් වීමේ දී ඒ වා කෙතරම් දුරට අනෙකාගේ නිදහස හා සාමය පිළිබඳව බලපානු ඇත්දැයි යන්න විමසා බැලිය යුත්තකි.මේ ක්‍රියාදාමය වඩා බරපතල වන්නේ,රටක එහි පාලකයා ගේ සීතීමේ හා ඒවා වචන බවට පෙරළී නැවත ඒවා ක්‍රියා බවට පත් වීමේදීය. ඒ එය කිසි විටෙක එක් පුද්ගලයෙකුගේ හෝ දෙදෙනෙකුගේ ඉරණම තීන්දු කරන දෙයක් නොවන නිසාය.එය  සමස්ත සමාජයම බලපෑමකට ලක්කෙරෙන්නා වූ ක්‍රයාවලියකි.

භාවනා නොකරන්නේ යැයි කියා අනෙකාගේ කණ පලන රජයේ නිල සුනඛයන් විසින් දෙනු ලබන , ඊනියා වාර්තා අනුසාරයෙන්තම දෛනික කතා තිර රචනය ලියව ගන්නා හේතුව නිසාත්,ඒවාට අඩුම කුඩුම සපයා දෙනු ලබන තක්කඩි උපදේශකයන් නිසත් තමා ඉමහත් ආශාවෙන් රස විදින සිහින රාජ්‍ය තව නොබෝ දිනකින් අහිමි වේදෝයි යන භීතිය කරනකොට ගෙන, අමන ඒකාධිපති චරිතයට පණ පොවමින් සිටී.එහෙත් අපට ඔහුව දිස්වන්නේ,කඩුව අතට ගත් මෝඩ රිලවකු මෙන්ය.කේක් එක කපන්න දුන්නු පිහියෙන් බෙල්ල කපාගන්න යන සිහි මද වූවෙකු සේය.

දැන් සොරිසේනගේ සිතුවිලි වචන බවටත්, වචන ක්‍රියා බවටත් පත්ව ඇත.දැන් එය පුරුදු බවට පත්වෙමින් තිබේ.මතු දිනෙක සමස්ත සමාජයම ඔබට එරෙහි වනු ඇත.

කණගාටුවට කරුණනම්, ඔබ වීරයෙකු වන්නට ඕනැ තැන නිවටයෙකු වීමත්,සිංහයෙකු මෙන් වන්නට ඕනෑ තැන හිවලෙකු වීමත්ය. නිවහල් චින්තනයකට උරුම කම් කීමට නොහැකි ඔබ දැන් ගමන් කරනු ඇත්තේ, මහින්ද චින්තන මගය.එකී චින්තනය ජනතාව එපාකළ නිසාම ඔබ ජනාධිපති කෙනෙක් වූවාමිස වෙන කිසිවක් එදා සිදුනොවුණි.මේ ගැන නොදන්න ඔබ ගැන අප කණගාටු වෙමු.ඔබව හසුරුවනු ලබන සංවිධාන , පුද්ගලයන් සහ බලවේග ගැන අපි අව්දියෙන් සිටිමු ඒ ඔබ සුවසේ නිදාගන්නා අතරතුරදීය. එහෙත් ඔබ ළඟ සිටින ඊනියා මාධ්‍ය උපදේශකයන් ගෙන්නම් ඒ උපකාරය කිසි දිනෙක නොලැබෙනු ඇත. ඒ ඔවුන් ගතින් ඔතැන සිටියත් සිතින් අරලිය මල් ගස් අතරේ කාලය ගත කරන බැවිණි.

රාජපක්ෂලාට බයේ සටන් කරන්න හරිහමන් මිනිහෙක් නැති වෙලාවේ ඔබේ ඉදිරිපත් වීම හැර,වෙනත් වීර ක්‍රියාවක් අප ඔබෙන් තවමත් නොදුටුවෙමු. ඒ කාගේ අවාසනාවක්ද?ඔබගේ සිතුවිලි හරි අතට මෙහෙය වන්නේනම් ඔබ හැර වෙන කවුරුන්ද? එහෙත් ඔබගේ හෝ අපගේ කරුමයට ඔබ තවම ඔබ කවුරුන් දැයි හඳුනා ගෙන නැත.ප්‍රශ්නය වී ඇත්තේ, අප විසින් සාදවා ගනු ලැබූ ජනපති මොඩලය කේන්ද්‍රයේ පමනක් භ්‍රමණය වීමය.ඔබට පරිධියේ භ්‍රමණය අවුලක් නම්, අපලයක් නම්,ශාන්ති කර්මයක් කිරීමට දෙහි ටිකක් කප්පවා දීමට පමණක් නොව අවැසිනම් විසිවන සන්නිය වුවද නැටීමට අප සූදානම් ය.

විශේෂ ලියුම්කරු

මාධ්‍යවේදී අසේල ගුණරත්න

Top