මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවන බව නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙනවා.

TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු….!

TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර සිටිමු.

ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය TRC නිළධාරින් විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව TRCවෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නෙවේ.ඒ අනුව ගත්කල TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නිළධාරීන් අවම සදාචාරයවත් පවත්වාගෙන යෑමට සමත් වි නැති අතර ඒ තරම් හදිසියේ වරද පටවා සම්ප්‍රේෂණාගාරයකට සීල් තැබීම පිටුපස අදිසි දේශපාලන හස්තයක ක්‍රියාත්මක වීමක් ඇති බවට සැකයක් ද ඒ තුළින්ම මතු වේ.

TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සaජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි අවධාරණයෙන් සඳහන් කරමු.

පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්,විවිධ් වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින් TNLනාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.

කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.

ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ සaජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.

කැදවුම්කරු

දුමිදු දිසානායක

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Moment of WEB Journalist- Sri Lanka

Stop attacking the media,Suspension on Telshan television network to be immediately lifted.

National movement of web journalist Sri Lanka vehemently condemns the Suspension on Telshan television network.

Already the TNL television station at Polgahawela Broadcasting center had been sealed and the Broadcasting station at Karandeniya is to follow the same.

The reason for this is the alleged non payment of levies due to the TRC. After obtaining an injunction order from the Polgahawela magistrate based on a unilateral petition without the other side being noticed , the stations were sealed.

Nevertheless, Upon inquiry TNL owner Mr.Shan Wickremesinghe, learned that there was no notification regarding the arrears,if any,or about a case pending. For the last over 20 years all payments have been made duly to the TRC.

The closure of Telshan network comes days after the station criticized President Sirisena more ever this action was taken by the Telecom Regulatory Commission (TRC) under President Sirisena. Facts being so, we are strongly believe the involvement of President Sirisena‘s to impose draconian restrictions.

The closure is not regarded as the first act of censorship of a media by President Sirisena, Earlier his administration blocked few news web sites such as LankaeNews, Lankanewsweb, infolanka.

The message behind the attacks on media Nothing but, there is NO room for free expression thus outspoken journalists could be a virtual target.

The National movement of web journalist Sri Lanka calls up the government not only to stop the charade also ensure necessary measures to safe guard the press freedom.

At the same time we urge the public rise up against the injustices. Justice is a cornerstone of a free society. It dissuades those who threaten freedom of expression and emboldens those who stand to defend it, we reiterate that injustice against media is so costly for the society.

Published on: Jun 6, 2018- විධායක,ඒකාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝග මත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් සිරිසේනගේ TRC ජුන්ටාව පොල්ගහවෙල  TNL විකාශණාගාරය සීල් තැබිම සදහා අධිකරණ නියෝග ගැනිමේදි අධිකරණයද නොමග යවා ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ.

මෛත්‍රීගේ නියෝග මත පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නොමග යවමින් TRC නිලධාරින් TNL නාලිකාවේ නාමය සදහන් නොකර අදාළ තහනම් නියෝගය ලබාගෙන් ඇති අතර ඒ හේතුවෙන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ නීතිවිරෝධී විදුලි සංදේශ කුළුණක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවත් එය තහනම් කිරිමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙසයි. එය TNL මාධ්‍ය ජාලයට අයත් එකක් බව අධිකරණයට සගවා ඇති TRC නිළධාරින් එ සදහා අයිතිකරුවෙකු නැති බව අධිකරණ අගවා ඇති බවයි අධිකරණ ආරංචි මාර්ග සදහන් කළේ.

ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඊයේ(05) නිවේදනයක් නිකුත්කර කියා සිටියා.

මේ අතර අද(06) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ 2016 04 27 දින පොල්ගහවෙල VHS 11 සහ VHS 03 භාවිතා කිරිම සදහා හැකියාවක් නොමැති බව දන්වා ඇති බවයි.

කරුමයක මහත යනු 2016 04 27 සිට 2018 06 05 දක්වා TRC පොල් ගෑමය.සිරිසේනගේ ගෙදර සිරාගේ ගෑණීට පොල් ගාමින් සිටි TRC නිලධාරින්ට හදිසියේම මතක් වුයේ මන්ද යන්න ගැටලුවකි.අනිත් අතට එය නීතිවිරෝධී නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමෙදි අධිකරණය හමුවේ බොරු කිව්වේ මන්ද යන්න බරපතල ප්‍රශ්ණයකි.

මේ සම්බන්ධයෙන් අප Telshan Network (PVT) LTD හී සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගේන් කල විමසිමකදි ඔහු සදහන් කළේ TRC යේ මේ කෙප්පය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ කරුනු දැක්විමට තමන් සුදානම් බවත් අධිකරණය හමුවේ කරුණු දැක්විමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අනාවරණය වේ.

ඒ අනුව ඉතාම පැහැදිලි වන්නේ TNL නාලිකාවේ ප්‍රවෘත්ති හරහා සිරීසේනගේ නැවු ඩිල් සහ මානසික රෝග සම්බන්ධයෙන් කල අනාවරණයන් හරහා සිරිසේන නිරුවත් වු බවය.

http://198.211.112.164/archives/18523

Published on: Jun 6, 2018- ජන මාධ්‍යයට තිබෙන අයිතිය මේ ආකාරයට සීල් තියලා නවත්වන්න හොඳ නැහැ. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි. ජනාධිපතිතුමාට මං මේ ගැන මතක් කරන්න කැමතියි. මොකද ඔහු යටතේයි විදුලි සංදේශ නියාමන කොමිසම තියෙන්නේ.. යැයි නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගු ප්‍රශ්නයකට ඇතිවු සංවාදයකදි නී.අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදි  ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවට අයත් සංඥා කුලුනකට විදුලි සංදේශ නියාමන කොමිසම මුද්‍රා තැබිම පිළිබඳව තමන් කණගාටු වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කර සිටියා.

‍පොල්ගහවෙල පිහිටි මෙම සංඥා කුලුනට ඊයේ දිනයේ මුද්‍රා තැබිමේ සිද්ධිය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියාගෙන් තමන් ඊයේ තොරතුරු විමසීමක් කළ බවද කීවේය.

විමල් වීරවංශ මහතා – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවේ ‍පොල්ගහවෙල පිහිටි සංඥා කුලුනකට ඊයේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මුද්‍රා තබා තිබෙනවා. මේ නාලිකාව මටත් මහින්ද රාජපක්ෂ මහතාටත් නිතරම ප්‍රහාර එල්ල කළ ආයතනයක්. නමුත් මාධ්‍ය නිදහස ගැන රස මසවුළු කතා කියමින් බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ මෙහෙම වෙන්නේ කොහොමද මේ ගැන ජනමාධ්‍ය ඇමැතිතුමා පිළිතුරු දෙයි කියා හිතනවා. මේ කටයුත්ත විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියාට පමණක් කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. ඊට ඉහළ කව්රු හරි මේකට නියෝගයක් දෙන්න ඕනා.

ඇමැති මංගල සමරවීර මහතා – මේ අවාසනාවන්ත සිද්ධිය ගැන මං දැන ගත්තේ මීට පැයකට පමණ කලින්. සැබෑ තොරතුරු නොදැන මේ ගැන කතා කරන්න බැහැ. ඒත් සිද්ධිය පිළිබඳව කනගාටුයි. තමන්ගේ සතුරාගේ අදහස් කොතරම් අමිහිරි වුවත් ඒවා ප්‍රචාරය කරන්න අයිතියක් තිබෙන්න ඕනා.

නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා – ජනමාධ්‍යයට තිබෙන අයිතිය මේ ආකාරයට සීල් තියලා නවත්වන්න හොඳ නැහැ. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි. ජනාධිපතිතුමාට මං මේ ගැන මතක් කරන්න කැමතියි. මොකද ඔහු යටතේයි විදුලි සංදේශ නියාමන කොමිසම තියෙන්නේ.

ඇමැති මංගල සමරවීර මහතා – සිරස රූපවාහිනී ආයතනය අපේ පක්ෂයට ඇති තරම් මඩ ගහනවා. අපේ නායකතුමාට මඩ ගහනවා. මට කොටළුවා කියනවා. අපට පුළුවන් වෙන්න ඕනා විවේචන විඳ දරා ගන්න. අපට මෙහෙම ගැහැව්වා කියලා අපි සිරස අයිතිකාරයා එක්ක තරහා නැහැ. අපේ මිත්‍රත්වය එහෙම්මම තියෙනවා.

විමල් වීරවංශ මහතා – ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතර තියෙන ගැටුමක ප්‍රතිඵලයක් මේ විදිහට එළියට එන්නේ කියලා අපට මේ දේවල්වලින් හිතෙනවා. එහෙම නම් ආණ්ඩුව කරගෙන යන්නේ අපිද කියලා හිතෙනවා.

මේ අතර අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාද සිය Facebook හි පහත සටහන තබා තිබුනා.

Published on: Jun 5, 2018- පසුගියදා සොභීත හිමියන්ගේ සමරු උත්සවයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කල අසත්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් අනාවරණයන් කල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහට අයත් TNLනාලිකාවේ  විකාශණාගාරයකට  TRC කප්පම්කරුවන් විසින් මුද්‍රා තබා තිබේ.

අප කල විමසිමකදි TNL පාලනාධිකාරිය සදහන් කළේ TNL රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බවයි. ඊට අමතරව එම ස්ථානයේ තිබේන උපකරණද TRC නිළධාරි බලහත්කාරයෙන් රැගෙන යැමට කටයුතු කර තිබේන බවද ඔහුන් සදහන් කළා.

නිසි පරිදි ගෙවිම් සිදු කර තිබේන බවත් ගෙවිම් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් එය නාලිකාවේ ප්‍රධාන කාර්යාලයට දැනුම්දිමත් අදාළ ගෙවිම් සදහා අවම වශයෙන් දින 14ක් කාලයක් ලබාදිමත් TRC හි සමාන්‍ය ක්‍රමවේදයද වේ.

මේ සම්බන්ධයෙන් අප Telshan Network (PVT) LTD හී සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගේන් කල විමසිමකදි ඔහු සදහන් කළේ හදිසියේම උසාවියෙන් ගත් නියෝගයකට අනුව  TRC ය කිසිදු කැදවිමක් හෝ දැනුම්දිමකින් තොරවම විකාශනාගාරය සීල් තබා උපකරණ රැගෙන ගොස් ඇති බවයි.මේ වනවිට එම TRC කණ්ඩායම කරගහතැන්න විකාශනාගාරයටත් සීල් තබන  ව පවසමින් සිටින බවද ඔහු සදහන් කලා.

පසුගියදා TNL නාලිකාව සිරිසේන ජනපති රෙදි ගැලවු අයුරු

ඇමතිකමක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිට පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන් රැසක් පාවාදිමට හිටපු මුදල් අමාත්‍ය,මහා බැංකු හොරකමේ මොළකරුවෙකු වන රවී කරුණානයක කුමන්ත්‍රණයක යෙදි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා සිදුකල කැබිනට් සංශෝධනයේදි අගමැතිවරයාගේ බලපෑම මත ජනපති සිරිසේන විසින් රවීට ඇමතිකමක් ලබාදිමට යෝජනා කර තිබුන නමුත් එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රී පිළට සහය දෙන එජාප දෙවන පෙළේ ඉල්ලිම අනුව එම ඇමතිකම ලබාදිම ජනපති අවසන් මොහොතේ නතරකර දැමු අතර පසුව රවීගේ කුඩැල්ලන් වන න්‍යායාචාර දිලන්ත විතානගේ සහ දුෂණ විරෝධීයෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට දුෂක සිවුරු කාරයෙක් වන උලපනේ සුමංගල දිගින් දිගටම මෛත්‍රී හමුවෙමින් රවිට ඇමතිකමක් ලබාදෙන ලෙස බලපෑම් කර තිබේ.

ඔහුන් දෙදෙනා ජනපති සමග සම්බන්ධීකරණය කිරිමට කුප්‍රකට ජනපති ලේකම්වරයෙකුගේ සහය ලබාදි ඇති අතර ඔහු සම්පූර්ණයෙන් රවී මත යැපෙන තුට්ටු දෙකේ ජනාධිපති ලේකම්වරයේකු බවද වාර්තා වේ.

පසුව ඇමතිකම අවශ්‍ය නම් මහ බැංකු බැදුම්කර මුල්‍ය වංචාව සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය අකාරයට පාවාදීමට කටයුතු කල යුතු බව මෛත්‍රී ජනපති රවීට දන්වා ඇති අතර බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වු සියලුම දෙ තමන්ට අනාවරණය කරන ලෙස මෛත්‍රී ජනපති රවිගෙන් ඉල්ලා තිබේ.

පසුව එම ඉල්ලිම සම්බන්ධයෙන් රවි අවස්ථා ගණනාවකදි රවිගේ සමිපතම මිතුරන් සමග පවසා ඇති අතර ඔහුන් සියලුම දෙනා පෙන්නා දි ඇත්තේ මෛත්‍රී වැනි නායකයෙකු හමුවේ පක්ෂයේ ප්‍රබලයන් පාවාදිම ණුවණට හුරු නොවන බවත් ඔහුන් රවීට පෙන්වාදි තිබේ.කෙසේනමුත් සියල්ලටම වඩා ඇමතිකම තමන්ට වටිනා බවත් තවදුරටත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවත් පවසමින් රවී මහා බැංකු වංචාව සම්බන්ධයෙන් පාවාදිම ආරම්භ කර තිබේ.

ඒ අනුව පසුගියද කිසිවෙකුටත් නොකියන් පොරොන්දුව මත රවී මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අනාවරණය නොවු රහස් රැසක් ජනපතිට පවසා තිබේ.බැදුම්කර ගණුදෙනුව තුලදි අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් විම එහිදි තමන්ට ලබාදුන් නියෝග සහ අර්ජුන් ඇලෝසියස් හරහා මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් රවී සතුව පවතින සාක්ෂිද මේ වනවිට ජනපතිට ලබාදි තිබේ.

එ අනුව ඉදිරියේ සිදුවන තීරණාත්මක දේශපාලන අර්බුදයකදි එම රහස් භාවිතා කරමින් එජාප නායකත්වය සහ එජාපය හැසිරවිමට මෛත්‍රී ජනපති මේ වනවිට මෙහෙයුමක් දියත් කරමින් සිටින බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Published on: Jun 4, 2018- රටේ ණය බර එක දිනකින් ගෙවා දැමිය හැකි බව කියමින් 2020 දී ජනාධිපතිවරණයේදි තමන් ජනාධිපති කරන ලෙස ඉල්ලමින් රටේ කුලී වෙබ් කරුවන් සහ මුද්‍රිත මාධ්‍ය සහ ඇතැම් නාලිකා ඔස්සේද පාරම් බෑ ලොව ජයගත් කෝටිපතියෙකු ලෙස හදුන්වන පල්ලේවත්ත ගමරාලලාගේ රොහාන් හෙවත්  රොහාන් පල්ලේවත්ත නැමත්තා විසින් කල වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.

ඒ ගිරිඋල්ල පාර,මිරිගම ලිපිනයේ පදිංචි හේනපිට උඩගේදර වසන්ත රෝහන ජයසිංහ යන අයගෙන් එවකට නීතිඥවරයෙකු ලෙස කටයුතු කල රෝහන් පල්ලේවත්ත තම සේවාදායකයා සම්බන්ධයෙන් වු නඩුවකට අදාළව තහනම් නියෝගය ඉවත් කර නඩුව දිනවන බව පවසමින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගෙන තිබේ.

පසුව රොහාන් පල්ලේවත්ත නීතිඥයා විසින් තමන්ගෙ සේවාදායකයා රවටා පසුව ඔහුව බරපතල වංචාවකට හසුකර ඇති බවද අගතියට පත් වසන්ත රෝහන ජයසිංහ යන අය දිවුරුම් ප්‍රකාශයක් හරහා අගවිනිසුරුවරයාට දැනුම් දි තිබේ.

පහත දැක්වෙන්නේ 2018ක් වු මාර්තු මස් 29 වැනිදා ලබාදුන් දිවුරුම් පෙත්සමයි..

ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික සංවිධායක ප්‍රකාශයක් නිකුත් කරලා අර හෙලිකොප්ටරේ ගැන. හෙලිකොප්ටර් කීයක් ගැන කතා වෙනව ද කියන එකත් දැන් ප්‍රශ්නයක්. මෛත්‍රිපාල වැඩකට නැති ප්‍රකාශයක් කරන්න ගිහින් ප්‍රශ්නය අවුල් කරගෙන. 2015 දී ඔහු කියලා තියෙන්නෙ මහින්දට හෙලිකොප්ටරය දෙන්න කියලා ගුවන් හමුදා නිලධාරියකුට කිව්වෙ තමුන් කියලා. ඒ වෙලාවෙ ඒකට විරුද්ධව කවුරුවත් මොකුත් කිව්ව ද කියලා මට මතක නැහැ. ඒක මිනිසුන්ට අමතක වෙලා තිබුණෙ.

දැන් මෛත්‍රිපාල පෙන්නන්න හදන්නෙ මහින්ද හා රනිල් අතර යම් එකඟත්වයක් දැන හැඳුනුම්කමක් තියෙන බව. මේ ඩීල් දේශය බව අප කලින් කියා ඇති. කොල්ලුපිටියෙ ඩීල් පෙදෙස කියලා පාරක් තිබුණට මුළු රට ම ඩීල් දේශයක්. ඩීල් දේශයේ ඩීල් ඇති වෙනවා. ඩීල් නැති වෙනවා. මුල දි මෛත්‍රිපාලයි මහින්දයි දෙන්න ම රනිල් රැක්කා. ඒ ජ වි පෙ, දෙමළ ජාතික සංධානයට අමතර ව. නැත්නම් රනිල් මන්ත්‍රී 47 දෙනකු පමණක් ඇතිව අගමැතිකම කරන්නෙ කොහොම ද?

මෛත්‍රිපාල අහන ප්‍රශ්නවල ඇත්තක් තියෙනවා. රනිල්ට විරුද්ධව එක්සත් ජනතා නිදහස් සංධානය විශ්වාස භංග යෝජනාවක් ගෙනාවෙ නැහැ. එක්සත් ජනතා නිදහස් සංධානයෙ මෛත්‍රිපාලගෙ අයත් මහින්දගෙ අයත් නිහඬ ව හිටියා. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපතිකම ගත්ත නිසා පමණක් නොවෙයි රනිල් රැකුණෙ. මහින්දත් මොකුත් නොකරපු නිසා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට මෛත්‍රිපාල පාර්ලිමේන්තුවෙ ඉඳිමින් ම සහාය දීලා. ඒ මදිවට මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලටත් ගිහිල්ල.

ඔහු කියන විධියට සංධානෙ තීරණයක් අරගන තිබුණෙ නැහැ. ඡන්දය ගැනීම ඒ නිසා පහේ සිට හත වනතුරු කල් දැම්මළු. ඒ පැය දෙකේ මොකක් ද වුණෙ. මහින්ද තමන්ට දහනවයට පක්‍ෂව ඡන්දෙ දෙන්න කිව්ව කියලා එක් මන්ත්‍රීණියක් කියලා තිබුණා. ඒ වෙලාවෙ සරත් වීරසේකර පමණක් විරුද්ධව ඡන්දය දුන්න. ජානක බණ්ඩාර (දඹුල්ලෙ නොවෙයි) ඡන්දය දීමෙන් වැළකිලා ගෙදර ගියා. කොහොම හරි දහනවේ සම්මත වෙලා තියෙන්නෙ මෛත්‍රිපාලගෙ මෙන් ම මහින්දගෙත් සහායෙන්.

මර්වින් සිල්වා කියන දේ ගැන එතරම් ලකුණු දෙන්න බැහැ. බොහෝ වෙලාවට සෘණ ලකුණු තමයි ලැබෙන්නෙ. ඒත් ශ්‍රී ල නි පක්‍ෂය මැරුවෙ මහින්දයි මෛත්‍රිපාලයි කියන එකේ ඇත්තක් තියෙනවා. අද ශ්‍රී ල නි පක්‍ෂයට රටේ ම ඡන්ද 15%ක් නැහැ. මෛත්‍රිපාල කොයි තරම් උත්සාහ කළත් ඒක වැඩි කරගන්න දැන් අමාරුයි. අද පොදුජන පෙරමුණ කියලා පක්‍ෂයක් තියෙනවා. එයට තමයි රටේ වැඩි ප්‍රතිශතයක් ඡන්ද තියෙන්නෙ. එහෙත් ඒකෙන් ඉල්ලලා ජනාධිපතිවෙන්න බැහැ. පාර්ලිමේන්තුවෙ සුළුතර ආණ්ඩුවක් නම් හදන්න පුළුවන් වේවි. ඒත් එකෙන් දැන් තියෙන විධියට සිංහල බෞද්ධයන්ට වැඩක් වෙන්නෙ නැහැ. ආණ්ඩුවක් හදන විට දැන් තියෙන තත්වය අනුව දේවානන්දාලගෙ හකීම්ලාගෙ බද්‍යුද්දීන්ලාගේ සහාය ගන්න වෙනවා. ඒ තත්වය වෙනස් කරන්න බැහැ කියලා මා කියන්නෙ නැහැ. මා කියන්නෙ දැන් තියෙන තත්වය.

යම් විධියකින් ගෝඨාභය ජනාධිපති ධුරයට තරග කරනවා නම් ඒ මොන පක්‍ෂයෙන් ද? නැවතත් දැන් තියෙන තත්වය අනුව ඔහට පක්‍ෂයක් තියෙනවා ද? ජී එල් පීරිස් ඔහුට පොහොට්ටුවෙන් තරග කරන්න ඉඩ දේවි ද? මා කියන්නෙ ජී එල් පිටුපස ඉන්න අය. ඒකාබද්ධ විපක්‍ෂය කියලා පක්‍ෂයක් නැහැ. ගෝඨාභයට ඒකෙන් තරග කරන්න බැහැ. එහෙම නම් පක්‍ෂයක් හදනවා ද? නැත්නම් තියෙන පක්‍ෂයක් ගන්නවා ද?

අපි ඒ කතා පැත්තකට දමමු. ඒකාබද්ධ විපක්‍ෂයෙ ජාතික සංවිධායක තමයි අර හෙලිකොප්ටර් කතාවට මෛත්‍රිපාලට උත්තර දීලා තිබුණෙ. තර්කය අනුව ඒ උත්තරේ හරි. 2015 ජනවාරි නවවැනි දා සවස හයට පළමු මහින්ද ජනාධිපති. මැතිවරණ කොමසාරිස්ට ජනාධිපති පත් කරන්න බැහැ. ජනාධිපති ලෙස තේරී ඇති පුද්ගලයා දිව්රුම් දී ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නා තුරු පැරදුණු ජනාධිපති තමයි ජනාධිපති. එ නිසා මහින්දට පුළුවන්කම තිබුණ ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක් ඉල්ල ගන්න. ඒත් ප්‍රශ්නය ඒ දවස්වල ඒ කතාව කිව්ව ද කියන එක.

ඒකාබද්ධ විපක්‍ෂයෙ ජාතික සංවිධායක ව ඒ දවස්වල මහින්දට හොයා ගන්න බැරුව හිටියෙ. ඒ විතරක් නොවෙයි ජී එල්වත් හොයාගන්න බැරුව හිටියෙ. බැසිල් රටින් පිටවෙලා. කවුරු හරි ප්‍රකාශයක් කරලා තිබුණ නම් මෛත්‍රිපාල කිව්වෙ බොරු කියලා මෛත්‍රිපාලට අවුරුදු තුනක් බලා ඉන්න ඕන නැහැ තමන් එදා කිව්වෙ බොරු කියන එක ව්‍යංගයෙන් හරි කියන්න.

අනෙක් එක ඒකාබද්ධ විපක්‍ෂෙට ජාතික සංවිධායක කෙනෙක් මොනවට ද? ඒකාබද්ධ විපක්‍ෂෙ කියන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සංසඳයක් පමණයි. ඒකෙ නායකයෙක් ඉන්න පුළුවන්. මාධ්‍ය ප්‍රකාශකයෙක් ඉන්න පුළුවන්. ඒත් ජාතික සංවිධායක කෙනෙක් අහවල් දේකට ද? ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතික ව ම සංවිධානය කරන්න ද? එහෙම නැත්නම් හෙලිකොප්ටර් කතා කියන්න ද? ප්‍රශ්නෙ තියෙන්නෙ කොයි හෙලිකොප්ටර් කතාව ද ඇත්ත. එහෙමත් නැත්නම් තාම ඇත්ත කතාව කියවුණෙ නැද්ද? ගුවන් හමුදා නිලධාරියෙක් තමා ම කල්පනා කරලා හෙලිකොප්ටරේ එව්ව ද දන්නෙ නැහැ. රූං පෙත්ත කැරකෙනවා. කවුද අපට සුරංගනා කතා කියනවා.

මෙම ලිපිය මගින්

>ජනතාව තෝරා ගන්නා ජනාධිපතිවරයකු ඉන්නා විට රටක ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය තහවුරු  වීම සහ බලය බෙදා හැරියද ස්වාධීන රටවල් බවට පත් වීමට යම් කොටසකට නොහැකි වීම.

>ලොව බලවත්ම රටවල් ලෙස සැළකෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව වැනි රටවල් ජනතාව විසින් තෝරාපත් කර ගන්නා විධායක ජනාධිපති ක්‍රමය පිළිගෙන තිබීම.

>ආසියාවේ ඇති වියට්නාමය, දකුණු කොරියාව, පිලිපීනය විධායක ජනාධිපති ක්‍රමයෙන් රට පාලනය කිරීම….

>විධායක ක්‍රමය නැති වෙස්ට්මිනිස්ටර් මොඩලය අනුගමනය කළ ඉංදියාව රටවල් 3කට කැඩී යාම සහ වර්තමානයේ පවා ඉංදියාවේ පවතින බෙදුම්වාදී යුද්ධ‍

>ජනතාව විසින් සිය ප්‍රජාතන්ත්‍රවාදී බලය අනුව සෘජු ඡන්දයෙන් ජනාධිපති පත්කර ගැනීමට වෙස්ට්මිනිස්ටර් ආකෘතිය සහ ඒ මත සිය ජීවනෝපාය පවත්වාගෙන යන අය දක්වන විරෝධය.

>පාර්ලිමේන්තුවට මැතිවරණයෙන් පරාජිතයන් පවා නීතියේ පිහිටෙන් පත්වී ජනතාවගේ විධායක බලය පාලනය කිරීමට හැකි වීම.

>ජනතාව තෝරන ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට ඇති පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත‍.

>පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරයන් සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට අධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ නොහැකි වීම සහ එම පනතෙන් පාර්ලිමේන්තුවට ලැබෙන මුක්තිය.

>අධිකරණය සහ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව එක්වී ජනතාව පෙළන විට ඉන් ජනතාව මුදා ගැනීමට ආයතනයක් නැති වීම යන කාරණා සාකච්ඡා කිරීමට අදහස් කරයි.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය මේ වන විට ලොව පුරාම වදවෙමින් පවතින අන්ත දූෂිත පාලන ක්‍රමයක් බවට මැසිවිලි නැගේ. ඉංදියාවේද වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අසාර්ථකය. එකීයව පැවති පෙරදිග ඉංදියාව අපරදිග වෙස්මිනිස්ටර් මොඩලය මගින් පකිස්ථානය සහ බංගලිදේශය නමින් අලුත් රටවල් ඇති කළේ ය.අද පවා ඉංදියාව ඒකීය නොවේ. ඉංදියවේ මේ විකෘතියට වෙස්මිනිස්ටර් මොඩලය අනුගමනය කරන රටවල් ආධාර අනුබල දුන්නේ ය.

ලොව බලවත්ම රටවල් ලෙස සැළකෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව, චීනය විධායක ජනාධිපති ක්‍රමය පිළිගෙන ඇත. ආසියාවේ ඇති වියට්නාමය, දකුණු කොරියාව, පිලිපීනය විධායක ජනාධිපති ක්‍රමයෙන් රට පාලනය කරති. දූෂිතයන් රොත්තක් අසුන්ගන්නා වෙස්ටිමිනිස්ටර් ආකෘතික පාර්ලිමේන්තුවට වඩා ජනතාව සෘජුව සිය ජනාධිපතිවරණ ඡන්ද බලයෙන් තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයා ජනතාව සහ රට ආරක්ෂා කරන බව විධායක ජනාධිපති ක්‍රමය පවතින රටවල ජනතාව කල්පනා කරති. පොදු රාජ්‍ය මණ්ඩල රටවල පාලනය වෙස්ටිමිනිස්ටර් ආකෘතිකට අනුව සිදුවුණද එකී රටවල ජනතාව අසරණභාවයේ දුගී භාවයේ ගිලී සිටිති. එම රටවල පාලනය අසාර්ථකය. අන්ත දූෂිතයන් සහ පවුල් කිහිපයක් විසින් පාර්ලිමේන්තුව අත්කරගෙන ඇති බවත් ජනතා කැමැත්ත යන සුදු පිරුවටයෙන් වැසී දූෂණය රජකරමින් රාජ්‍ය පාලනය කරන බවත් වත්මන් වෙස්මිනිස්ටර් ක්‍රමයේ සමාජ භාවිතයයි. ජනතාව විසින් සිය ඡන්දයෙන් සෘජුව ජනාධිපති තෝරා ගන්නා ක්‍රමය වෙස්ට්මිනිස්ටර් දූෂිත පාලනය පවත්වාගෙන යාමට ප්‍රධාන බාධාව වී ඇත.

ජනතාව විසින් සෘජුව තෝරන ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙ මගින් උත්සාහ ගන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමත් ඒකාධිපතියෙක් ලෙස නාමකරණය කරමින් ජනාධිපති ධූරය ඉවත් කරන මුවාවෙන් අන්ත දූෂිත, නඩු පැවරීමට යටත් නැති, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ මුක්තිය ලැබූ පවුල් කිහිපයක බල අධිකාරී මර්මස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව ශක්තිමත්ව පවත්වාගෙන යාමයි.

ලංකාවේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පැවැති වකවානුව දෙස බැලුවහොත් එම කාලයේදී ජාතිවාදී කෝලාහල ආරම්භ විය. දකුණේ පළමු වැනි කැරැල්ල 1971 දී ඇති විය. උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය මෙන්ම කොටි සංවිධානය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා යාපනය නගරාධිපති ඝාතනයෙන් ආරම්භ විය.

යටත් විජිතත්ත්වය ශක්තිමත් කරන වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව

නිදහසෙන් පසු ලංකාව යටත් විජිතයක්ව පවත්වා ගැනීමට පදනම දමා ගන්නා ලද්දේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියෙනි. පූජ්‍ය දඹරාවේ රතනසාර හිමි භාෂා නිදහස වෙනුවෙන් ඝාතනය විය. ප්‍රජාතන්ත්‍රවාදය පසෙක තබා 1975 සිට 1977 දක්වා මැතිවරණය කල් දමා ගනු ලැබීය. එනිසා ජනතාව තෝරන විධායක ජනාධිපති ක්‍රමයක සිට අසාර්ථක වෙස්ට්මිනිස්ටර් ක්‍රමයකට වෙනස් වීමට තරම් ප්‍රධාන හේතුවක් පැන නැගී නැති වටපිටාවක 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා වරමෙන් තොරව පත් වූ මන්ත්‍රීවරු සිටින පාර්ලිමේන්තුව කෙසේ ජනතා කැමැත්ත ඉටු කරන්නේද? යන්න වටහා ගත යුතුය.

යටත් විජිතත්ත්වය ස්ථිර කරන පාර්ලිමේන්තු වෙස්ටිමිනිස්ටර් මොඩලය ශක්තිමත් කරනවාට වඩා එංගලන්තයේ රාජ්‍යත්වය මගින් රට පාලනය කරන ආණ්ඩුකාර ධූරය නැවත ඇති කරනු ලැබුවද,රටේ පිරිසක් එයට කැමති විය හැකිය. සිය රටේ ජනතාව විසින් සිය සෘජු කැමැත්තෙන් ජනාධිපති පත් කරගන්නා ක්‍රමය ශිෂ්ඨ සම්පන්න නොවන්නේ කෙසේද? යන්න වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට කටයුතු කරන අය පැහැදිලි කරන්නේ නැත. වෙස්මිනිස්ටර් පාලන ක්‍රමය හදුන්වාදුන් එංගලන්තයේ රාජකීය පවුල විරාජිතව පවුල් පාලනයෙන් රජ පෙළපත සහ රාජකීය උරුමය පවත්වාගෙන යද්දී ලොව අනෙක් රටවල ජනතාව විසින් සිය ඡන්දයෙන් රාජ්‍යත්වය හසුරුවන්නේ කවුද? යන්න ජනසම්මතයෙන් පත්කර ගැනීම වැරදි බව ජනතාවට කට පාඩම් කරවති. මේ සදහා ජනතාව තෝරාපත් කරගන්නා ජනාධිපති හොරෙක්, වංචනිකයෙක්, ඒකාධිපතියෙක් බවට ඒත්තු ගන්නවා ජනතාවගේ ජනාධිපතිවරණ ඡන්ද බලය අත් කර ගැනීමට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව උත්සාහ දරති.

මොන්ටෙස්ක්‍යූ දාර්ශනික මතය අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එක් පුද්ගලයෙක් අත දරා සිටීම ඒකාධිපතීත්තවයට අතවැනීමක් බව කීවද වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව උත්තරීතරයැ කියමින් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට ලබා ගැනීමට උත්සාහ ගැනීම ජනසම්මතය ප්‍රකාශ කිරීමක් විය හැකිද?

වෙස්මිනිස්ටර් යටත්විජිත ආකෘතියට අභියෝගයක් වූ ජනතාවගේ ජනාධිපතිවරණය

1977 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක්ම ජනතාව විසින් විධායකය සෘඩුවම ජනතා ඡන්දයෙන් තෝරාපත් කර ගන්නා ක්‍රමයක් නොවීය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාව විසින් සිය සෘජු ඡන්ද බලයෙන් තමන්ගේ විධායක ප්‍රධානියා තෝරා ගන්නා ක්‍රමය නීතියට ඇතුළත් කර පසුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පනත පවා සම්මත කරමින් ජනතාවට අලුත් ඡන්ද ක්‍රමයක්ද හදුන්වා දී ජනසම්මතයට අනුව විධායකයේ ප්‍රධානියා තොරාපත් කර ගැනීම සිදු විය. ඒ සමගව වෙස්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලය විසින් ජනතාව තෝරාගත් ජනාධිපතිවරයා සමග බද්ධ වී සහ රාජ්‍ය සේවය සමග රටේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලැබීය. පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරයන් ව්‍යවස්ථාදායක කටයුතුවලට අතිරේකව විධායක බලයද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් ජනතාව පත්කරගත් ජනාධිපති ඉවත් කිරීමේ දෝෂාභියෝග බලය ශ්‍රේෂ්ඨාධිකරණය සමග හවුලේ භාවිතා කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය පවත්වාගෙන යන පාලන ක්‍රමයක් වර්තමානයේ පවතී. මෙය වෙස්මිනිස්ටර් යටත් විජිත පාලන ක්‍රමය මගින් බ්‍රිතාන්‍යය විසින් ලංකාවට හදුන්වාදුන් පාලන ආකෘතිය නොවන අතර නමුත් ජනතා පරමාධිපත්‍ය භාවිතා කිරීමේ වර්ධනයක් වේ.

ජනතාව විසින් සිය රාජ්‍ය නායකයා ජනසම්මතයෙන් පත්කර ගැනීම ‍පෙරදිග චින්තනයේ එක් සාධනීය පාලන ක්‍රමයකි. පෙරදිග චින්තනය අනුව ජනසම්මතයෙන් රාජ්‍යත්වය තෝරා ගැනීම වෙස්මිනිස්ටර් පාලනයේ සම්මත අදහසට පටහැනි තත්ත්වයකි. වෙස්මිනිස්ටර් ආකෘතිය අනුව ජනතාව විසින් තෝරා ගන්නා නියෝජිතයින් විසින් විධායකය හැසිරවිය යුතු අතර අධිකරණය ස්වාධීනව බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් නීතියට අනුව යුක්තිය පසිදලිය යුතුය.

වෙස්මිනිස්ටර් පාලන ආකෘතියේදී ජනතාව විසින් සෘජුව සිය රාජ්‍ය නායකයා එනම් විධායකයේ ප්‍රධානියා තෝරා ගන්නා ක්‍රමයක් නැත. ජනතාව විසින් තෝරා ගන්නා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව විධායකයේ කටයුතු සිදුකිරීම වෙස්මිනිස්ටර් පාලනයේ දී සිදු වේ. බ්‍රිතාන්‍යය යටත් විජිත රටවල් නිදහසෙන් පසුත් යටත් විජිත තත්ත්වයෙන්ම පවත්වා ගැනීම සහ ජනතාව විසින් සිය නිදහස ලබා ගැනීමට සමත්වන නායකයෙක් සෘජුවම රාජ්‍යත්වයට පත් කිරීම වැළක්වීම වෙස්මිනිස්ටර් ආකෘතික පාර්ලිමේන්තුවේ මූලික අරමුණ සහ අභිප්‍රාය විය.

එනම් වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය සකස් වී ඇත්තේ ඒකාධිපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිර්මාණය වන ආකාරයටය. ඔවුන් නඩු පැවරීමෙන් නිදහස්ය. පාර්ලිමේන්තුව නීති විරෝධී ක්‍රියාවන් සිදුකළද නඩු පැවරිය නො හැකිය. ඒ සදහා ආසන්නතම උදාහරණ තිහිපයක් ඇත.

1වන උදාහරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුව නිර්මාණය කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කිරීමට කටයුතු කිරීම

 2වන උදාහරණය

පළාත් සභා මැතිවරණ ඡන්දය කල් දැමීම සදහා අදාල පනත සංශෝධනය කිරීමේදී 2වන සහ 3වැනි වර කියවීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකළ වගන්ති රාශියක් ඇතුළත් සංශෝධන ගෙනවිත් සම්මත කරමින් කථානායකවරයා විසින් සහතික කරවීම.

3වන උදාහරණය

පසුගියදා සම්මත කර ගත් 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින්බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන ලංකාවේ නීතියට අදාල කර ගෙන ඇත්තේ එකී ජාත්‍යන්තර සම්මුතියේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි පිටපතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරවය.

4වන උදාහරණය

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන පනත් කෙටුම්පත් සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂා කිරීමෙන් පසු එවන තීරණය රාජ්‍ය භාෂාවන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවට හෝ එහි මන්ත්‍රීවරයන්ට අවශ්‍ය නැති අතර ඒ අනුව එහි සිටින ජනතා නියෝජිතයන්ගේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වටහා ගත හැකි අතර ජනතාවෙගෙන් නීතිමය තොරතුරු සැගවීමට පාර්ලිමේන්තුව කොතෙක් ප්‍රයත්න දරන්නේද යන්න ඉන් කියවා ගත හැකිය.

මෙමගින් සිදු වන්නේ මහ බැංකු බැදුම්කර ගණුදෙනු වැනි කුප්‍රකට ගණු දෙනු පාර්ලිමේන්තුව හරහා සිදුවීමේ අවධානම තවත් ඉහළ යාමත්, මැතිවරණයෙන් පරාජයට පත් වූ තැනැත්තන් මන්ත්‍රීවරු විමෙන් ජනමතය විකෘති කරන තත්ත්වයක් ඇති වීමත්, ජනතා මතය අනුව නොව ප්‍රධානීන්ගේ මතය අනුව පාර්ලිමේන්තුමේ ධූර බෙදී යාමත් නිරන්තරයෙන් සිදු වීමයි.

ජනතාව විසින් තෝරා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට වරප්‍රසාද සහ වරදාන ලබා දී එංගලන්තය ඇතුළු බලවත් රටවලට අවශ්‍ය ආකාරයට නීති සම්මත කර ගැනීම වෙස්මිනිස්ටර් ආකෘතියේ අවශ්‍යතාවයයි. එයට ඇති ප්‍රධාන බාධාව වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ වෙස්මිනිස්ටර් යටත් විජිත ආකෘතියට අනුකූල නොවන නමුත් ජනතාව විසින් සෘජුව සිය නායකයා තෝරා ගන්නා ජනාධිපතිවරණනයි.

ජනාධිපති සෘජුව තෝරන ජනාධිපතිවරණය බැහැර කර ජනාධිපති පාර්ලිමේන්තුව විසින් නම් කිරීම නීතියට අනුකූලද?.

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ පොරොන්දු රාශියක් ලබා දෙන ලද අතර ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් ඒවා අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමත් ඒ අතර විය. ඒ අනුව අතිවිශාල බහුතර ඡන්දයෙන් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය එකී පොරොන්දු අතරින් ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව හමුවේ තබන ලද අතර එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස මේ දක්වා බලාත්මකව පවතී.

1977 මැතිවරණයෙන් පසු ඉදිරිපත් කළ එකී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් නැවත අනුමත කිරීමක් අවශ්‍ය නොවූයේ ඒ සදහා 1977 මැතිවරණයෙන් ජනවරමක් එවකටත් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබූ හෙයිනි. ඒ අර්ථයෙන් ගත්විට ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරය ජනතාවට අනවශ්‍ය බවට 2015 දී ජනතාව විසින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ජනවරම් 2ක් මගින් තීරණය කර ඇති හෙයින් සහ ප්‍රකාශකර ඇති හෙයින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නීති පැනවීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවට සහ වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද වැඩිදුර හැදෑරීමේදී එහි ඇති බාධාවන්ද ඒ සමගව පෙනී යයි.

ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව හොදින් අධ්‍යයනය කළ යුතුය.

(83) 82 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද –

(අ.) 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකටසහ

(ආ) 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවස්ථාවෝචිත පරිදිජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දීඑය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.

30.2 ව්‍යවස්ථාව යනු ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය”

ඉහත 30.2 ව්‍යවස්ථාව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ 83 ව්‍යවස්ථාව සහ 62.2 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ දපනත් කෙටුම්පතක් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දීඑය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන බව දක්වා ඇත.

එනම් 83 ව්‍යවස්ථාව මගින් ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට නියම කර ඇති වගකීම් රාශියක් පවරා ඇත.1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට හදුන්වා දුන් ජනමතවිචාරණවල වගකීම ප්‍රධාන වශයෙන් 83 ව්‍යවස්ථාව මගින් පවරා දී ඇත්තේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාටය. එමෙන්ම එකී ජනමතවිචාරණයේ ප්‍රතිඵලය අනුව එය නීතියක් බවට පත්වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම්ය. එමෙන්ම 86, 87 සහ 88 ව්‍යවස්ථා අනුවද ජනමතවිචාරණවලදී ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාට ඇති වගකීම දක්වා නියම කර ඇත.

4.(අ) ව්‍යවස්ථාවේද ජනමතවිචාරණ සම්බන්ධව දක්වා ඇත. එනම් ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරනයකදී ජනතාව අත ඇත. එකී ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරණයකදී ක්‍රියාත්මක කර ගත හැක්කේ ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට පමණි. 3 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය සහ ජනමතවිචාරණය ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසකි ජනමතවිචාරණයක් කැදවීමේ බලයක් හෝ අධිකාරයක් ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිවකුට හිමිකර දී නැති අතර එවැනි බලයක් හා අධිකාරයක් ආරෝපනය කර ගැනීමටද වෙනත් කිසිවකුට ජනමතවිචාරණයකින් තොරව නොහැකි බව 3 සහ 4වන ව්‍යවස්ථාද, 83 ව්‍යවස්ථාවත් පැහැදිලි කරති.

එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වෙස්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තුව නම් කරන නියෝජිතයෙකුට ජනමතවිචාරණයක් කැදවීමට හැකියාවක් නැති අතර ඒ සදහා ජනමතයක් 2015 වර්ශයේ පැවති ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී වර්තමාන ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව ලබා ගත්තේ නැත.

2015 ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍යනායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරිය බවට කිව හැකි වුවද, කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බවත් විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ඉල්ලා සිටීමෙන් සහ ජනමතවිචාරණ අයිතිය අත්හැරීමට ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා නොසිටීමෙන් ම ඒ බව සනාථ වේ. ඒ අනුව ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බව පැහැදිලිය.

 ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ලැබී තිබුණද ජනමතවිචාරණය සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් සිදු කිරීමට ජනවරමක් ලැබී නැත. 83 ව්‍යවස්ථාවේ ජනතාව තෝරාගන්නා ජනාධිපතිට අදාල කොටස් සංශෝධනය කිරීම පාර්ලිමේන්තුව විසින් පමණක් කිරීමට ජනවරමක් ලැබී නැත.

ජනාධිපතිධූරය ඉවත් කිරීමට යාමේදී ජනමතවිචාරණය සම්බන්ධව සිදුකරන්නට යන වෙනස් කම් සිදුකළ යුත්තේ අලුතින් ජනතාවගෙන් ජනවරමක් ලබා ගෙන පමණි. මන්ද විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ලබා ගත් ජනවරම වෙනත් ක්ෂේත්‍ර සදහා ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට හැකියාවක් නැති අතර එසේ සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයටත්, යහපාලනයටත් ප්‍රතිවිරුද්ධ වේ. ජනමතවිචාරණ සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් පාර්ලිමේන්තුවට පමණක් තනිව සිදුකළ නොහැකි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට සහ 1977 ජනවරමටත් 2015 ජනවරමටත් පටහැනි වේ.

ඒ අනුව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට යාම සහ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට විධායක බලය එකතු කරන්නට යාම 2015 ලැබූ ජනවරමට පටහැනි තත්ත්වයක් බව නිතැතින්ම පත්වේ.

ඒ අනුව ජනාධිපති සෘජුව තෝරන ජනාධිපතිවරණය අහෝසිකර ජනාධිපති පාර්ලිමේන්තුව විසින් නම් කිරීමට යාමේදී ජනමතය විමසීම අවශ්‍යම වේ.

 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

2018.06.03

Published on: Jun 2, 2018- මාසයක් තුල වෛරසයෙන් 32 දෙදෙනකු මියගොස් තවත් තුන්සීයකට අධික පිරිසක් රෝහල් ගතව සිටින අතර මියගිය අය අතර දරුවන් 14 ක් සිටින අතර එයින් 8 දෙනෙකු මාතරම වන බවත් මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක් අනාවරණය කර තිබේ.

බැරි බැරිබැරියාම රෝගයෙන් පෙලෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ කට වාචාල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජාත්‍යන්තරය හමුවේ කෙප්ප දෙසා WHO උප සභාපති තනතුරු ගෙන ලංකාවේ පාදඩ මාධ්‍ය හරහ අසත්‍ය පතුරුවමින් රටේ ජනතාව මරු කටට තල්ලු කරමින් සිටියදි මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක් සිය සමාජ ජාලාව හරහා තබා තිබෙන සටහන් අප සම්පූර්ණයෙන් පහත දක්වා තිබේ.

මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක්

මේ වෛරස් උණ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරද්දී කිහිප දෙනෙකු මටත් විරුද්ධව කටයුතු කරනවා වගේම මට දැනෙනවා.අද උදේ මට මැසේජ් කිහිපයක් ලැබුණා.රජය මේවා අධීක්ෂණයට ලක් කරලා තියනවා.අත්අඩංගුවට ගන්න වුනත් පුලුවනි කියලා.ෆේස් බුක් එක වෙබ් අඩවිය වුනත් තහනම් කරන්න පුළුවන් කියලා .ඒවා මට ආදරේට එවපුවද තරහට එවපුවද කියලා මම දන්නේ නැහැ.ඒත් මට මේක තදින් දැනෙනවා.

“අවුරුදු දෙකක් වයස චුට්ටෙක් මටත් ඉන්නවා.තාම තාත්තා කියලා කියා ගන්න බැරි වුනාට “තාතා” කියලා කියනවා.උදේට හවසට මෙයාට පුරුද්දක් තියනවා.මම වැඩට එන්න ලෑස්ති වෙනකොටම එයා නැගිටලා එයාගේ ඇදුම් පෙට්ටියෙන් කලිසමක් කමීසයක් අරන් ඇවිත් පෙන්වනවා.එතකොට මම දැන ගන්න ඕන එයාට අන්දවන්න.හැබැයි ඒ වෙනකොටත් එයා දන්නවා මම ගෙදරින් යන්න ලෑස්ති වෙනවා කියලා.ඊට පසුව එයා තමයි බයික් එකේ යතුර මට ගෙනත් දෙන්නේ.එහෙම ඇදුම් ඇන්දෙව්වට පස්සේ මම එයාව බයික් එකෙන් රවුමක් එක්ක යන්නම ඕන.වැස්සක් වගේ වහින දවසට එහෙම එක්ක නොගියොත් එයා මුලු දවසෙම අම්මට වද දෙනවා.බිම පෙරලෙනවා.අඩනවා.

ඒ විදියට රෑටත් මම ගෙදර යන කොට බයික් එන හඩට එයා තමයි ඉස්සෙල්ලම දොරකඩට එන්නේ.ඇවිත් බයික් එකට නග්ගව ගෙන රවුමක් එක්ක යන්නම ඕන.නැත්නම් රෑට හබුං කෑම වර්ජනය කරනවා.රෑ දොලහ වෙනකම්වත් නිදා ගන්නේ නැහැ.එයා එක්ක ගිහින් ආවට පස්සේ තමයි මම ගෙට ඇතුල් වෙන්නේ.

ඒ ගියාමත් ඉන්න නෑ.වඩා ගන්නම ඕන.ෆෝන් දෙකත් අතට දෙන්නම ඕන.දැනටත් එක් ෆෝන් දෙක තුනක් බිම දාලා කුඩු කරලා තියෙන්නේ.එහෙම කියලා බෑ.එයා ඒක අරගෙන කෝල් ගන්නවා.සමහරවිට යාලුවොන්ගේ ෆෝන් වලටත් කෝල් ගිහින්.හරිම දගකාරයි.පොඩිය කියලා නෑ.අයියලත් කොනිත්තනවා.ගහනවා.උනුත් මල්ලි පොඩිය කියලා නෑ.අර කිරිසප්පයට අඩන්නම ගහනවා.

දවසක් අයියා දුම් මැස්ස උඩට නැගලා හංගලා තිබ්බ භූමිතෙල් බෝතලය අරන් මල්ලිට දීලා.අයියයි මල්ලියි දෙන්නම ටික ටික බීලා.නැවතුනේ මාතර ඉස්පිරිතාලෙන්.පවුඩර් එක පේන්න බෑ.ගා ගන්නවා මුණූවල.සිග්නල් දත් බෙහෙත් එක පේන්න බෑ.මිරිකලා ඉවර කරනවා.ගමන් බිමන් යන්න තමයි වැඩියෙන්ම කැමති.පාරේ යන අයටත් එයාගේ භාෂාවෙන් හරිම හුරතල් විදියට කතා කරනවා.එයත් එක්ක ඉන්න වෙලාවට වෙලාව යනවා දැනෙන්නේ නැහැ.

මේ දවස් වල පොඩ්ඩක් හෙම්බිරිසාව හැදිලා ඉන්නේ.බෙහෙත් අරගෙන ගෙදර.බෙහෙත් පෙති පෙන්නන්න බැහැ.හපලා කනවා.චර චර ගාලා.ඒක නිසා අපි බොන බෙහෙත් පවා හංගලා තියෙන්නේ.පොඩි වුනත් අපිට වැඩිය දේවල් එයාට තේරෙනවා කියලයි.මට හිතෙන්නේ.දෙයක බරපතල කම නොතේරුනත් අපි හැරෙනකොට එයා දන්නවා ඊට කලින් මොකටද කියලා.

ඉතිං අන්න එහෙමයි මේ පොඩි එවුන්ගේ හැටි.හරියට මල් වගෙයි.සුවඳයි. ලස්සනයි.ඒ වගේ පොඩි එවුන් අකාලයේ නැති වෙද්දී පුදුම වේදනාවක් දැනෙන්නේ.ඒක නිසා මොනව කලත් මොන විවේචන එල්ල කලත් මේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරනකම් කැප වෙනවා.හිරේ ගියත් හරි දේ කරනවා.

ඒ වගේම පොටෝස් දාන්නේ ඔබගේ අවධානය යොමු කරවන්න.එහෙම නොදැම්ම නම් ඔබට මේක මෙච්චර දැනෙන්නේ නැහැ.ඒවා දැකලා කාගේ හරි හිත රිදුන නම් මට සමා වෙන්න.ඒ වගේම වෝටර් මාර්ක් දාලා තියෙන්නේ මමත් මාධ්‍ය ආයතනයක වැඩ කරනවා.තවත් කෙනෙක් ඒක කොපි කරලා දැම්මොත් ප්‍රශ්නයක් ඇති වෙන නිසයි.

අද වන විට මේ වෛරසයෙන් දරුවන් 14 ක් මිය ගිහින්.මාතරම අට දෙනෙක්.වැඩිහිටියන් පහක් මිය ගියා.නිව්මෝනියාවෙන් විතරක් මාතර මහ රෝහලේ 13 ක් මිය ගිහින් තිබෙනවා.මාසයක් තුලදී විතරක්.එතකොට ඔක්කොම 32 යි.තව තුන්සීයකට වඩා රෝහල් වල.මම මේ කියන හැම අකුරකම වගකීම මම දරනවා.කවුරු හරි කියනවා නෑ 09 යි මැරුනේ කියලා.මම සාක්ෂි සහිතව ඔප්පු කරනවා.ඒ නිසා අනාගත පරපුර රැක ගැනීමට අපි හැමෝම පෙල ගැසෙමු…..

පහතින් දාලා තියෙන්නේ මගේ පැටිගේ පොටෝස් ටිකක්…..

“ශ‍්‍රීලනිපයට අනුව ආග‍්‍රාමාත්‍යවරයා චෛෟරයෙකි. ජනාධිපතිවරයාට අනුව කැබිනට් ප‍්‍රකාශක මොලේ ආමාරුකාරයෙකි. අර්ජුන ඇමතිට අනුව ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් මෙලෝ වැඩක් නැත. රටේ පිහිටට සිටින්නේ උඩ ඉන්න දෙවියන් පමණි. රංගේ බණ්ඩාර ඇමතිට අනුව සංවර්ධන තීන්දුවක් ගැනීමට පිස්තෝල ඇදිය යුතුව ඇත. සුජීව ඇමතිට අනුව ඇමති මණ්ඩලයේ සිටින්නේ හාල්පාරුවන් පිරිසක් පමණි.”

ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා නිකුත් කල නිවේදනය

අතිගරු ජනාධිපති මෛත්‍රිරපාල සිරිසේන මැතිතුමා අනාරාධිතව සහභාගීව පැවැත්වු පූජ්‍ය පාද මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ දෙසුම දෙස් විදෙස් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවන්හි ප‍්‍රමුඛ ප‍්‍රවෘත්තිය ලෙස විවිධ අර්ථ පෙරදැරිව උලූප්පා තිබුණි.

සම්මුති වාදීයැයි කියා ගන්නා ආණ්ඩුවේ බරපතල අසම්මුතිය මොනවට ප‍්‍රදර්ශනය කළ එම දේශනය තුළ හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉලක්ක කොට ප‍්‍රකාශ කරනු ලැබූ වගකීම් විරහිත ප‍්‍රකාශයන් කිහිපයක් නිවැරදි කිරීම අප විසින් සිදු කරනුයේ එකී පදනම් විරහිත චෝදනාවන් ඊට උරුම විය යුතු පිළිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කිරීමට අමතර වශයෙනි.

01.ජනාධිපති වරයාගේ එකී ප‍්‍රකාශය තුළ විශේෂයෙන්ම,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ 2015 ජනවාරි 09 වන දින හෙලිකොප්ටර් මගින් මැදමුලන බලා පිටත් වීම.

A එවකට ජනාධිපති කාර්යාලය සතුව තිබූ අති නවීන ආරක්ෂක රථ සියල්ල රැගෙන යාම.

B ජනාධිපති ආරක්ෂක අංශය සතුව තිබූ යැයි පවසන බෝම්බ පරීක්ෂා කරන යාන්ත්‍රික උපකරණය රැගෙන යාම.

C රගර් ක්‍රිඩක වසීම් තාජුඞීන් මහතාගේ මරණ පරීක්ෂන කටයුතු සඳහා බලපෑම් එල්ල කිරීම් වැනි කරුණු,

පළමුව, මෙම කරුණු ඇතුළත්ව එම සමස්ත ප‍්‍රකාශය තුළම ගැබ්ව ඇති හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගත් සියලූ කරුණු දැක්වීම් පදනම් විරහිත වන අතරම සත්‍යයෙන්ද තොරය.

2015 ජනවාරි 08 වෙනි දින පැවති ජනාධිපති ඡුන්ද විමසීමෙන් පසු මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වෙමින් තිබියදීම ඒ වන විට ලැබෙන තිබූ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් 2015 ජනවාරි 09 වන දින අලූයම 2.00 වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පසුබෑම නිල වශයෙන් භාරගත් අතර එම මොහොතේ සිටම අරලියගහ මන්දිරයෙන් පිටත්වීම සඳහා පියවර ගන්නා ලදී. ඒ මොහොතේ ඔහුට හිතවත් පක්ෂ විපක්ෂ බොහෝ ආණ්ඩුක‍්‍රම උපදේශකයන් ප‍්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථානූකූලව පත්වන ඊළඟ ජනාධිපතිවරයා ධූරයේ නිල වශයෙන්ම දිවුරැම් දෙන තුරුම ජනාධිපති ධූරය දරමින් අරලියගහ මන්දිරයේ රැඳී සිටීමටත් අවශ්‍ය නියෝග ලබාදීමටත් හැකි බවය.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා සිය පරිණත රාජ්‍ය තාන්කභාවය අනුව එම උපදෙස් ප‍්‍රතික්ෂේප කළ අතර එසේ කිරීම සදාචාරාත්මක නොවන බව ද අවධාරණය කොට ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ නිල වශයෙන් දිවුරැම් දීමටත් පෙර එදින පෙ. ව. 9.00 වන විට අරලියගහ මැදුරෙන් සමුගන්නා ලදී.

එහිදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පත්කිරීම සම්බන්ධව 31(අ) (ආ) වගන්ති ප‍්‍රකාරව එනම් ඡුන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයෙකු සිය ධූරයේ නිල වශයෙන් දිවුරුම් දෙන තුරුම එතෙක් ධූරයේ රැඳී සිටින ජනාධිපතිවරයාගේ බලතල බලාත්මක වේ යන ව්‍යවස්ථානූකූල අර්ථ නිරූපනය අනුවම මහින්ද රජජපක්ෂ මහතා ක්‍රියා කරමින් තම ගම්බිම් බලා පිටත් වීම සඳහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් පහසුකම ලබා ගන්නා ලදි.

එහිදී එතෙක් දිවුරුම් නොදුන් හෝ නිල වශයෙන් පත්වීම් නොලද කිසිදු බලධාරියෙකුගෙන් අනුමැතියක් හෝ විමසීමක් එතුමා නොකරන ලද අතරම රාජ්‍ය නායකයා ලෙස සිය ඍජු සහ පරිණත බව ප‍්‍රදර්ශනය කරමින් තීන්දු තීරණ ගන්නා ලදි. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් නිල වශයෙන් සමුදී පැය 10 කට පසු එනම් එනම්, ප.ව. 6.20 ට පමණ මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ලදී.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙලිකොප්ටර් භාවිතා කිරීම සම්බන්ධව, නීති විරෝධීව උදව් පදව් ලබා ගත් බව ඒත්තු ගැන්වීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන්නෙමු. මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයෙකු ලෙසත්, දේශපාලනඥයෙකු ලෙසත් බැගෑපත්වීම, බයාදුවීම හෝ වර්තමාන රජයේ නායකයන් සේ පිංසෙන්ඩුවීම කිසිසේත් සිදු නොකරන නායකයෙකු බව ජාත්‍යන්තරයද පිළිගත් සත්‍යයකි..

තවද මේ සම්බන්ධව 2016 අප්‍රේල් මාසයේ දී ජනාධිපතිවරයා විසින්ම කියා සිටියේ සම්පූර්ණ වෙනස් කතාවකි. එනම් හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් පසු මැද මුලන දක්වා ගමන් කිරීමට තම උපදෙස් හෙලිකොප්ටර් ලබා දුන් බවය.

කෙසේ නමුත් මෑතක සිට ජනාධිපතිවරයා යම් යම් සිද්ධීන් පිළිබඳව පරස්පර ප‍්‍රකාශයන් සිදු කරන බැවින් තවදුරටත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සුදුසු නොවේ.

ආරක්ෂක රථ රැගෙන යාම

හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ තිබූ ආරක්ෂක රථ විශාල ප‍්‍රමාණයක් රැගෙන ගිය බවට මෛති‍්‍රපාල සිරිසේන මහතා කරන ප‍්‍රකාශයද අතිශය සාවද්‍ය වේ. මුලූමහත් දේශයම රුදුරු ත‍්‍රස්තවාදයෙන් මුදවාගත් එඩිතර නායකයෙකු ලෙසත්, හිටපු ජනාධිපතිවරයෙකු ලෙසත්, නිල වශයෙන් අයත් සහ පශ්චාත් ආරක්ෂක කටයුතුවලට ගැලපෙන පරිදි පමණක් ප‍්‍රවාහන පහසුකම් සලසා ගන්නා ලදි.

තවද මෙම චෝදනාව සහ ඉහත හෙලිකොප්ටර් චෝදනාව හා සසඳනු මැනවි.

එනම්, තමන්ට විනාඩි 45 ක ගමනක් සඳහා හෙලිකොප්ටර් ලබා ගැනීමට දිවුරුම් නොදුනු රජයක උදව් ලබා ගත්තා යැයි කියන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයෙකු ලෙස ජීවිත කාලය පුරාවටම භාවිතා කිරීමට අවශ්‍ය අති සුඛෝපභෝගී ආරක්ෂක රථ විශාල ප‍්‍රමාණයක් නොදන්වා අනවසරයෙන් හෝ බලහත්කාරකමෙන් රැගෙන ගිය බව පවසයි.

එමෙන්ම යම් ආකාරයකින් හෝ එසේ තමන්ට අනුමත හෝ අයත් නොවන ආකාරයෙන් වාහන රැගෙන ගොස් තිබුණේ නම් මේ යහපාලන රජය මේ වන විට ක්‍රියාත්මක වන ආකාරය ගැන මේ රටේ සාමාන්‍ය ජනතාවට යම් අවබෝධයක් තිබේ. මන්දිරයෙන් රත්තරං රැගෙන ගියේ යැයි පවසා කරන ලද මාධ්‍ය ඝෝෂාව, ව්‍යාපාරිකයන්ගේ, ආරක්ෂක නිලධාරීන්ගේ භූමි පමණක් නොව සොහොන් පිටිද හාරා රටේ මහජන මුදල්, බදු මුදල් වැයකර ආරක්ෂක නිලධාරීන් සිය ගණනක් යොදා කරන ලද ‘‘මහා රත්තරං මෙහෙයුමට’’ සාපේක්ෂව ඒසේ නිල නොවන පරිදි වාහන රැගෙන ගොස් තිබුණේ නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කොට හෙළිදරව් වූ එක් හෝ වාහනයක් සමඟ රන්ජන් රාමනායක මහතා පෙරටුකොටගත් මහා රථ පෙරහැරක් වීථී සංචාරය කරවමින් ‘‘දැවැන්ත මාධ්‍ය පෙළහරක්’’ යහපාලන රජය විසින් සිදු කරනු නොඅනුමානය.

බෝම්බ පරීක්ෂා යන්ත‍්‍රය රැගෙන යාම

මෙය මුළුමනින්ම අසත්‍යයක් වන අතරම එවැනි බෝම්බ පරීක්ෂා කරන යන්ත‍්‍රයන් ජනාධිපති කාර්යාලය සතුව නොතිබුණි. ඒ පිළිබඳව හෝ තමන්ගේම කාර්යාලය සම්බන්ධව ගෙවී ගිය වසර 3 1/2 ඇතුළතම කිසිදු පරීක්ෂණයක් සිදු නොකල ජනාධිපතිවරයා මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට සදාචාරාත්මක අවශ්‍යතාවයක් තිබුණේ නම් ජනාධිපති කාර්යාලය සතුව ඇති භාණ්ඩ / උපකරණ ලැයිස්තුව (Inventory)ලැයිස්තුව ගෙන්වා සොයා බලන්නට තිබුණි. එමෙන්ම එලෙස රාජ්‍ය සතුව වටිනා දේපලක් කවුරුන් විසින් හෝ අපහරණය කර ඇත්නම් ප‍්‍රසිද්ධ වේදිකාවල කරනු ලබන චෝදනාවෙන්ගෙන් බැහැර වී ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩු කරන්නන්ගේ වගකීමය.

වසීම් තාජුඞීන් මහතාගේ මරණ පරීක්ෂණය සඳහා බලපෑම් කිරීම සහ උදව් ලබා ගැනීම

ආණ්ඩුව විසින් තමන් බලයට පත්වීම සඳහාත්, බලයට පත් වී අද දක්වාත් ‘‘ප‍්‍රමුඛ රාජ්‍ය අවශ්‍යතාවය’’ ලෙස සලකා වසර 3 1/2 තිස්සේ සිදු කරනු ලබන මෙම මරණ පරීක්ෂණය තමන්ට අභිමත අවසානයක් දක්වා ළඟා කර ගැනීමට ඇති තාක්ෂණික දුර්වලතාවය මත කිසිදා අවසන් නොවන මරණ පරීක්ෂණයක් බවට පත්කොට තිබේ. එමෙන්ම පරීක්ෂණ අවසන් කිරීමෙන් තමන් විසින් සමාජගත කරන ලද ව්‍යාජ පදනම් විරහිත චෝදනාව නිශ්ප‍්‍රභා වේ යැයි බියෙන් සිටින ආණ්ඩුව එය ජන සමාජයේ ප‍්‍රකට කියමනක් වන ‘‘හිඟන්නාගේ තුවාලයක්’’ බවට පත් කරගෙන තිබේ.

තමන්ට අභිමත පරිදි අධිකරණ පද්ධතියත් පවත්වාගෙන යාමට වෙර දරන ආණ්ඩුව මේ සම්බන්ධව නිසි පරීක්ෂණයක් කොට ජනතාව දැනුවත් කරන්නේ නම් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මෙසේ මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය තාන්ති‍්‍රකභාවයට නොගැලපෙන පරිදි අදහස් පළ කරන්නේ නැත.

කෙසේ නමුත් මෙකී සෝභිත හිමි ගුණ සමරුවේ දී ජනාධිපතිවරයා ඉතා වැදගත් හෙළිදරව්වක් කරමින් ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය මෙන්ම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළම එදා මෙදා තුර සිදු වූ බරපතලම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අපරාධය පිළිබඳව ස්වයං විවේචනයක් යෙදෙමින් එහි වගකීම භාරගන්නා ලදි. එතුමාගේ ප‍්‍රකාශයේ අපට වැදගත් කොටස වන්නේ එයයි.

එනම්, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධ වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රෙගුලාසි අමු අමුවේ උල්ලංඝණය කරමින් මන්ත්‍රී ධූර 47 ක් පමණක් අතැතිව සිටි සුළුතරය නියෝජනය කරමින් සිටි පාර්ශවයකට අගමැතිවරයා පත් කිරීමකට ඉඩ ලබාදීමය.

කෙසේ නමුදු වර්තමාන ආණ්ඩුව තුළ ඇති බල අරගලය සහ අප‍්‍රකාශිත යුද්ධය මැනවින් කරලියට ගෙනා ජනාධිපතිවරයාගේ මෙම දේශනය තුලින් පංචවිධ සත්‍යයක් සමාජ ගත කරන ලදි.

01. සම්මුතිවාදී ලේබලය තුළ ඇත්තේ බරපතළ අසම්මුතියක් බව

02. යහපාලන සංකල්පය වහපාලන ලෙස පරිනාමය වී ඇති බව

03. දින 100 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ලැබුණු හැට දෙලක්‍ෂයේ ජන වරම මිත්‍යාවෙන් ලබාගත් බව

04. ශ‍්‍රීලනිපය නොහිටින්නට එජාපය විසින් සමස්ථ රාජ්‍යයම දේශපාලන වශයෙන් අපයෝජනය හා අපහරනය කරන බව

05. ජනාධිපතිවරයා, ආග‍්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව තුළ නොවැදගත් චරිතයක් ලෙස නොසලකා හැර ඇති බව.

ඒ අනුව සක්සුදක් සේ පැහැදිලි වනුයේ අහිංසක ජනතාව පීඩාවට පත්වනු ලබන , ජාතික ආර්ථිකය විනාශ කරනු ලබන , ජාතික ආරක්‍ෂාව මායිම් නොකරන , කිසිදු සමගියක් හෝ වගකීමකින් තොර වර්තමාන ආණ්ඩුව වහා ඈවර කළ යුතු බවය. එනම් මාතෘ භූමියේ ගෞරවය සහ අනාගතය වෙනුවෙන් මෙම ආණ්ඩුව වහා විසුරුවා හැරිය යුතු බවයි.

ශ‍්‍රීලනිපයට අනුව ආග‍්‍රාමාත්‍යවරයා චෛෟරයෙකි. ජනාධිපතිවරයාට අනුව කැබිනට් ප‍්‍රකාශක මොලේ ආමාරුකාරයෙකි. අර්ජුන ඇමතිට අනුව ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් මෙලෝ වැඩක් නැත. රටේ පිහිටට සිටින්නේ උඩ ඉන්න දෙවියන් පමණි. රංගේ බණ්ඩාර ඇමතිට අනුව සංවර්ධන තීන්දුවක් ගැනීමට පිස්තෝල ඇදිය යුතුව ඇත. සුජීව ඇමතිට අනුව ඇමති මණ්ඩලයේ සිටින්නේ හාල්පාරුවන් පිරිසක් පමණි.

එම නිසා පුරවැසි අපට අනුව පැහැදිලි වන්නේ සියඹලාණ්ඩුවට අමතරව ශ‍්‍රී ලංකාව තුළ අන් කිසිදු ආණ්ඩුවක් නොමැති බවය. ජනතා පරමාධිපත්වය සහ දේශයේ ස්ථාවරත්වය මෙන්ම අනාගතය වෙනුවෙන් කඩිනම් මහා මැතිවරණයක් ඉල්ලා ගොවිබිම් වැඩබිම් වල සිටින සියළු ජනයා මව්බිම තුල ජාතික ධජය සෙවනේ එක්ව නැගී සිටිය යුතු ඓතිහාසික මොහොත කිසිසේත් තව දුරටත් ප‍්‍රමාද කළ යුතු නොවේ.

ඩලස් අලහප්පෙරුම
ජාතික සංවිධායක
ඒකාබද්ධ විපක්ෂය
2018/06/01

සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගොස් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පසුපස හැංගී ඇත්තේ වසර තුනක් විධායක ජනාධිපති ධුරය දැරුවත් රටට දැනෙන වැඩක් කරගැනීමට නොහැකි වීමේ අ‍දෝනාව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී හිමිවන නිසැක පරාජය හමුවේ වියරු වැටී මරුවිකල්ලෙන් කියවන මෙවැනි ප්‍රකාශ ගණන් ගත යුතු නැති බව පැවසූ රණතුංග මහතා පසුගිය වසර තුනේ දී රටට සිදුවුණු විනාශයට ජනාධිපතිවරයා ද සෘජුව වගකිව යුතු බවත් මෙවැනි ප්‍රකාශ තුළින් එම වගකීම අනෙක් අය පිට පටවා අතපිහදා ගන්නට ජනාධිපතිවරයාට නොහැකි බවත් අවධෘරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දිවංගත රෙජී රණතුංග මහතාගේ දහ වැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැති පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට අද (31) එක්වෙමිනි. දිවංගත රෙජී රණතුංග මහතා සමරමින් ඊයේ (30) උඩුගම්පොළ නිවසේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැති අතර රෙජී රණතුංග ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම අද (31) උදෑසන සිදුකෙරිනි.

මෙම අවස්ථාවට රණතුංග පවුලේ ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගීව සිටි අතර පරිත්‍රාණ ධර්ම දේශනාවට සහභාගී වීම සඳහා ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට 2015 වසරෙන් පසු ප්‍රථම වතාවට අර්ජුන රණතුංග ඇමැතිවරයා ද පැමිණ සිටීම ද සුවිශේෂී කරුණකි. පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගිහින් ඊයේ කරපු කතාව මම නම් දකින්නේ ආයෙත් වරක් ජනතාව රැවටීමට සූදානම් වීමක් ලෙසයි. තව මාස පහළොවකින් පමණ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිසැකවම පරාජයට පත්වීමට නියමිතයි. ඒ නිසැක පරාජය දැක මරුවිකල්ලෙන් කරන ප්‍රකාශ ලෙසයි මම මේ ප්‍රකාශය අර්ථකතනය කරන්නේ.

සෝභිත හිමියන්ගේ ගුණසමරුව උත්සවයට අනාරාධිතවම යන්න වෙලා තියෙන එකෙන්ම අද අපට පැහැදිලි වෙනවා ජනාධිපතිවරයා තමන්ගේම අය අතරින් පවා කොතරම් දුරට ප්‍රතික්ෂේප වෙලා තියෙනවාද කියන කාරණය. ජනාධිපතිවරයා පසුගිය අවුරුදු තුනේ කරපු කෙංගෙඩියක් නැති බවට ඒකාබද්ධ විපක්ෂයේ අපි කරන ප්‍රකාශවලට ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින්ම නිල පිළිගැනීමක් ලබාදීමක් ලෙසයි මම නම් මේක දකින්නේ.

ඊළඟට ජනාධිපතිවරයා එතැන දී කරපු කතාව ගත්තොත් අපට පැහැදිලි වෙනවා වසර තුනක් ගෙවිලත් රට වෙනුවෙන් වැඩක් කරගන්න බැරිවීමේ අ‍‍දෝනාවක් ඒ ප්‍රකාශය තුළ හැංගිලා තියෙනවා කියලා. විශේෂයෙන්ම එතුමා දින සියය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. අපිට එතුමගෙන් පෙරළා අහන්න තියෙන්නේ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්කි ප්‍රකාශයවත් මතක නැති ජනාධිපතිවරයෙක් ද අද අපේ රට පාලනය කරන්නේ කියලා විතරයි.

දින සියය කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මැතිවරණ වේදිකා ගාණේ කිය කියා ගියේ මෛත්‍රීපාල මහත්තයාම මිසක් අපි නෙමෙයි. ජනාධිපතිවරයා මේ උත්සාහ ගන්නේ 2015 සිට රට සිදුවුණ විනාශය වෙන වෙන අයගේ කරේ ගහලා තමන්ගේ ඇඟ බේරාගන්න මිසක් වෙන එකක් නෙමෙයි. හැබැයි අවුරුදු තුනක් තිස්සේ විධායක ජනාධිපති ධූරය දරපු කෙනාට මේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ජනතාව එහෙම ගැලවෙන්න ඉඩ දෙන එකකුත් නැහැ.

තව පැත්තකින් එතුමා පැහැදිලි කරනවා ජනාධිපති පුටුවේ ඉඳගත්තු දා ඉඳලා රටට කරපු අසාධාරණකම්. ආසන 147ක් තිබ්බ සන්ධානයට නොදී ආසන 42ක් තිබුණු එක්සත් ජාතික පක්ෂයට අගමැතිකම දුන්න එක ගැන සිරිසේන මහත්තයා කතා කරනවා. අපි අහන්න කැමැතියි ඒවා අයිති වෙන්නේ යහපාලනයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මොන මූලධර්මයට ද කියලා. මුල ඉඳලම කළේ ප්‍රජාතන්ත්‍රවාදයට වළ කැපීම බව දැන් පැහැදිලි වෙලා ඉවරයි.

ඉදිරි ජනාධිපතිවරණය හමුවේ ආණ්ඩුවේ බල අරගලය දැන් උග්‍ර වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කරන්න යනකොට නිදහස් පක්ෂය මෛත්‍රීපාල මහත්තයා ආයෙත් ගේන්න යනවා. 2025 වෙනකම් එකට ආණ්ඩු කරනවා කියලා පටන්ගත්තු අය 2018 පටන් ගන්නකොටම බෙදිලා ඉවරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙල ජාමෙට කිව්වා වගේ ආණ්ඩුවේ බලඅරගලයේ රසතැන් ඉදිරියේ දී අපිට බලාගන්න පුළුවන්වෙයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ යහපාලන ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියන පැහැදිලි පණිවිඩය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව දුන්නා. ඒ පණිවිඩය පිළිඅරන් ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතයට හිස නැමුවා නම් අද මේ වගේ අසරණ වෙන්න වෙන්නේ නැහැ. නමුත් පාඨලීලා, රාජිතලා, මංගලලාගේ ලනු කාලා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් තමන්ට ඕනෑ විදියට අර්ථකතනය කරන්න ගිය එකේ රඟ ජනාධිපතිවරයට දැන් තේරෙනවා ඇති.

අද රට පාලනය කරන්නේ ජනවරමක් නැති ආණ්ඩුවක්. සැබෑ ජනවරම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට මිසක් 2015 දී බොරුවෙන් බලයට ආපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට නෙමෙයි. අද රටේ ජනතාව බලන් ඉන්නේ කවද්ද ‍ජනාධිපතිවරණය තියෙන්නේ කියලා. 2015 දී වෙච්ච ඵෙතිහාසික වරද නිවැරැදි කිරීමේ දැවැන්ත වුවමනාවකින් ජනතාව පෙලෙන නිසා මිනිස්සු ජනාධිපතිවරණයක් එනකම් බලන් ඉන්නවා.

අද රටේ රැල්ල තියෙන්නේ පොහොට්ටුවට. අද රැල්ල තියෙන්නේ මහින්දට. මේවා දැකලා වියරු වැටුණු අය මොන මොන කතා කිව්වත් 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා 2020 දී රට භාරගන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලත් කණ්ඩායම බව පැහැදිලියි. සමහරුන්ට මේ සත්‍ය දරා ගන්න බැරි වෙලා තියෙන බව පහුගිය දවස්වල ආණ්ඩුවේ අය කිව්ව කතා අහනකොට පැහැදිලි වෙනවා.

අපි දැක්කා මංගල සමරවීර මාධ්‍ය නිවේදන පිට නිවේදන නිකුත් කරමින් මේ සත්‍යය හංගන්න උත්සාහ ගත්තු ආකාරය. දැන් ජනාධිපතිවරයාත් ඒ පාරෙම යමින් කියනවා දැන්ම ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කරන්න කල් වැඩිලු. එතුමට දැන් තමයි ඒවා මතක් වෙලා තියෙන්නේ. තමන්ගෙම පක්ෂයේ සභාපතිවරයා, තමන්ගෙම පාක්ෂිකයන් රවට්ටලා එක්සත් ජාතික පක්ෂයේ ඔ‍ඩොක්කුවට පනින වෙලාවේ ඒවා මතක් වුණේ නැද්ද දන්නේ නැහැ.

පක්ෂයට ද්‍රෝහි වුණ කෙනාට රටට ද්‍රෝහි වෙන එක සුළු දෙයක් බව දැන් පැහැදිලි වෙලා ඉවරයි. අපිට කියන්න තියෙන්නේ 2015 දී ජනතාවට දීපු පොරොන්දුවලින් එක දෙකක් හරි ඉතුරු කෙටි කාලයේ දී ඉෂ්ඨ කරන්න. එහෙම නැත්නම් රට ගොඩගන්න පුළුවන් කෙනකුට ඒ කාර්යය භාර දීලා විශ්‍රාම ගන්න. තවදුරටත් මේ ‍වගේ විහිලු සපයන්න ගිහින් අපේ රට ලෝකය ඉස්සරහා විහිලුවක් කරන්න එපා කියලා විතරයි.

ඊයේ(30) සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැති උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයට දිගට හරහට පහරදිමට හේතු වි ඇත්තේ මෛත්‍රීගේ පොදු අපේක්ෂක සිහිනය බිද වැටිම බව වාර්තා වේ.

“පොදු අපේක්ෂකයා ජනාධිපති කරලා ආණ්ඩුවක් පිහිටුවගේන මහ බැංකුව කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැහැ.” යනුවෙන් එජාපය ඉලක්ක කර සිරිසේන පහරදුන් අතර එම පහරදිමට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඊළග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොකිරිමට එක්සත් ජාතික පක්ෂය තින්දු කිරිම නිසා බව යැයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට කටයුතු කලයුතු බවට ශ්‍රිලංකා නිදහස් පක්ෂය යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණට ඉදිරිපත් කර තිබු අතර එම යෝජනාව සම්බන්ධයෙන් අප මිට පෙරද අනාවරණය කළා. කෙසේනමුත් එජාප අර්බුදය විසදා ගැනිම සදහා ගත් තින්දු හේතුවෙන් එම යෝජනාව් එජාපයෙන් ප්‍රතිකේෂ්ප කරදමා තිබේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායකයා නිළවශයෙන් මේ පිළිබඳව සිය තය පලකර ඇති අතර පසුගිය 28 වැනිදා සිට අගමැති රනිල් උතුරේ සංචාරයක නිරත වි සිටින අතරතුර උතුරේ මාධ්‍යවේදීන් ඊළඟ ජනාධිපති මැතිවරණය සදහා වත්මන් ජනාධිපතිවරයාම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්නේද යන්න නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා සදහන් කර ඇත්තේ “කිසිසේත්ම වත්මන් ජනාධිපතිවරයාට තම පක්ෂයේ සහය නොලැබෙන බවයි.”එම අවස්ථාවට උතුරේ ප්‍රබල දේශපාලඥයන් රැසක්ම එක්ව සිටි ඇති අතර රනිල් තරයේ පවසා ඇත්තේ තමන් යලිත් පොදු අපේක්ෂකයෙකුට සහය ලබා නොදෙන බවයි.

මේ වනවිට එජාපයේ ජනාධිපති අපේක්ෂක සටන උග්‍ර අතට හැරි ඇති අතර අපේක්ෂකයන් 4 දෙනෙකු සම්බන්ධයෙන් නම් කරළියට පැමිණ තිබේ.ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් හතරක් යෝජනා වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් අවසන් සහ පොදු එකඟතාවයකට මෙතෙක් පැමිණීමට නොහැකිවීම හේතුවෙන් එම පෙරමුණ අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මෙසේ යෝජනා වෙමින් පවතින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරු ජයසූරිය,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ය.

මේ අතර දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කෙරෙහි ද එක්සත් ජාතික පෙරමුණේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වෙමින් තිබේ.

කෙසේවෙතත් මේ වනවිට එක්සත් ජාතික පෙරමුණේ ඇති හොදම තුරුම්පුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරිමට වන අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මේ වන විටත් පොදු එකඟතාවයක් ඇති වී තිබෙන බව ද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද හොඳ විකල්ප අපේක්ෂකයකු බව එම කණ්ඩායම් පෙන්වා දෙන අතර ඒ වගකීම තමාට භාර දෙනවා නම් ඊට තමා සුදානම් බව සරත් ෆොන්සේකා මහතා මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කෙරෙහිද එකසත් ජාතික පෙරමුණේ විශේෂ අවධානය යොමු වී තිබෙන අතර ඒ පිළිබඳව ද විවිධ මට්ටමෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.

ඒකාබද්ධ,ශ්‍රිලනිප වමේ පක්ෂ පොදු අපේක්ෂකයෙක්!

මේ අතර මේ වනවිට මහින්දගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය සහිත පොහොට්ටුව සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට සාකච්ඡා කරමින් සිටින අතර ඒ සදහා ආණ්ඩුව අතහැර එන ශ්‍රිලනිප කණ්ඩායම් සමග එක්ව පළාත් සභා කිහිපයක් තරග කර ජනමතය උරගා බැලිම සදහා මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටි.

Top