Published on: May 30, 2018- යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පසුගියදා එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් නිහඩව සිටිම සහ මාධ්‍ය සංවිධාන ලෙස පෙනී සිටිමින් වත්මන් රජයේ නිළතල දරමින් ආණ්ඩුවේ කුණු බුදින ව්‍යාජය මාධ්‍ය කාරයන් නිහඩ ප්‍රතිපත්තියක් දරමින් සිටින්නේ ඒ පසුපස වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ඉහල නිළධාරි සිටින නිසා බව දැන් තහවුරු වි තිබේ.

මේ අතර සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම සම්බන්ධයෙන්  “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සදහන්ව ඇත්තේ මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය ආවරණ කටයුතුවල නියැලීමේදී උතුරේ දකුණේ කියා භේදයක් නොමැතිව එම වාර්තාකරණය සිදුකිරිමට හැකියාව තිබිය යුතු වන අතරම ඔහුන්ට ආරක්ෂාකාරි පරිසරයක් නිර්මාණය කිරිම ආණ්ඩුවක වගකිමද වන බවයි.

හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ …. මාධ්‍යවේදී සෙල්වරාසාට පහරදිම පිළිකුලින් හෙලාදකිමු.

යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ සෙල්වරාසා රාජේන්ද්‍රන් නම් මාධ්‍යවේදියාට  හදුනා නොගත් කණ්ඩායමක් මහ මගදි පහරදි ඝාතනය කිරිමට ගත් උත්සහය වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙළාදකිමු.

55 වියැති තිදරු පියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පසුගිය 28 වැනිදා උදැසන යතුරු පැදි 5කින් පැමිණි නාදුනන කලු හැදගත් පිරිසක් යාපනයේ, කොළඹ ඩී.ටී. චන්දි හංදිය ලෙස හදුන්වන ප්‍රදේශයේදි මෙම මරණීය පහරදිම සිදුකර තිබෙන බවයි පොලිස් වාර්තා පෙන්වා දී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි අවස්ථාව මෙය නොවන අතර ඇතැම් පහරදිම් හේතුවෙන් උතුරේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේම ජීවිත පවා අහිමි විය. එලෙස ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශන ඇණ හිට ඔවුනට සාධාරණය ඉටු නොවු අවස්ථාවක යලිත් එවන් තත්ත්වයක් උදාවිම කණගාටුවට කරුණකි.

මේ වන විට  සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම පසුපස ‘ආවා’ (Avaa) කල්ලිය සිටින බවට ප්‍රචාරය වෙමින් පවතින අතරම ආවා කල්ලිය වැනි සන්නද්ධ කල්ලි පසුගිය කාලසිමාවේ උතුරේ බිහිවු ආකාරය ආණ්ඩුවට තවමත් සොයා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණකි. එවන් වතාවරණයක් තුළ විවිධ කල්ලි පෙන්වා දෙමින් මර්දනය දියත් කරන කණ්ඩායම් කොටු කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නොවීම එමගින් ගම්‍යමාන වේ.

උතුරේ මාධ්‍යවේදීන්ට මෙලෙස දේශපාලන බලධාරීන්ගේ, මැරයන්ගේ හා පොලීසියේ මෙන්ම ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ අතවරයන්ට ලක්වීම නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය ආවරණ කටයුතුවල නියැලීමේදී උතුරේ දකුණේ කියා භේදයක් නොමැතිව එම වාර්තාකරණය සිදුකිරිමට හැකියාව තිබිය යුතු වන අතරම ඔහුන්ට ආරක්ෂාකාරි පරිසරයක් නිර්මාණය කිරිම ආණ්ඩුවක වගකිමද වේ.

පසුගියදා කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම පිළිබඳව ද මෙලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ අවධානයට යොමුකල අතර මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියා.

නමුත් එම නිවේදනය පිළිබඳව මෙන්ම එම මැර ප්‍රහාරය පිළිබඳවද ගොළු බීරි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආණ්ඩුව තවදුරටත් මාධ්‍ය නිදහස වචනයට පමණක් සීමා කොට කටයුතු කිරීම හා ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරින් එවැනි සිදුවීම් සුලුකොට තැකිම අවසන් වන්නේ සෙල්වරාසාට සිදු පහර දීම වැනි සිදුවීම් වලින් හා ඝාතනයන්ගෙන් බව අපි නැවතත් දැඩිව අවධාරණය කර සිටීමට කැමැත්තෙමු.

ජනමාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තාකරණයට ඇති අයිතියට බාධා කරමින් ඇතැම් කල්ලි හා කණ්ඩායම් ඔවුනට පහර දීම, බියවැද්දීම හා ඝාතනය පිටුපස දේශපාලඥයින් මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරින් ද සිටින බව ප්‍රසිද්ධ රහසකි.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නිසිලෙස ආරක්ෂා වන පරිසරයක එවැනි කල්ලි හා කණ්ඩායම් පිටුපස සිටින්නේ කවරෙක් වුවද මාධ්‍යයට මෙන්ම මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවට පත් වේ. එසේම පසුගිය කාලසීමාව තුලදි පහරකැමට,ඝාතනයට සහ අතුරුදන් විමට ලක්වු මාධ්‍යවේදීන්ට වහාම සාධාරණයක් ඉටු කිරිමට රජය මැදිහත් විමද නීතිගරුක හා යුක්ති ගරුක සමාජයක ආණ්ඩුවේ වගකීම බවද අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව  “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” මෙලෙස මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන අමානුෂික ක්‍රියාවන් වැළැක්වීමට පියවර ගන්නා ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින අතරම එවැනි නිතිවිරෝධි ක්‍රියා සිදුකරන පුද්ගලයන් වහාම නීතියේ රැහනට කොටු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.

කැදවුම්කරු

දුමිදු දිසානායක

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Moment of WEB Journalist- Sri Lanka

 

 

Published on: May 29, 2018 – යාපනයේ දේශපාලන නියෝජිතයන්ගේ මෙන්ම දුෂිත නිළධාරින්ගේ දුෂණ හෙලිකරන Kalai kathir පුවත්පතේ හා ප්‍රසිද්ධ රූපවාහිනි සේවයක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන් ඊයේ(28) උදෑසන ඝාතනය කිරිමට උත්සහ දරා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊයෙ (28) උදෑසන 4.30ට පමණ මෝටර් සයිකල්වලින් පැමිණි 10 ක නාදුනන කල්ලියක් විසින් කඩු සහ පොරව වැනි තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරිමට උත්සහ දරා තිබේ. මේ වන විට රාජේන්ද්‍රන් යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සෙල්වරාසා රාජේන්ද්‍රන් උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ගේ දුෂණයන් සම්බන්ධයෙන් නොබියව හෙලි කිරිමට කටයුතු කල මාධ්‍යවේදීයෙකු වන අතර මෙම පහරදිම පසුපස උතුරේ දුෂිත පොලිස් නිළධාරින් සිටින බවට මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.

යාපන අර්ධද්වීපයේ සිදුවන නීතිවිරෝධි කේබල් රූපවාහිනි සේවාවන්ට එරෙහිව පසුගිය කාලසිමාවේ Kalai kathir පුවත්පත කල අනාවරණයන් මේම පහරදිමට සaජුවම සම්බන්ධ බවට මේ වනවිට සැකපලවි ඇති අතර එම නීතිවිරෝධි කේබල් රූපවාහිනි සේවාවන් උතුරේ දුෂිත උසස් පොලිස් නිළධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුකරන බවට මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට සිදුකල මැර ප්‍රහාරය දකුණේ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිම නතර කිරිමට ජනාධිපති මාධ්‍ය එකකය කටයුතු කර තිබේ.ඊයේ උදෑසන සිට කුළී වෙබ් අඩවි හරහා මෙන්ම සිරිසේන ජුන්ටාවට කඩේ යන ඇතැම් විද්යුත් මාධ්‍ය වලට පෞද්ගලිකවම අමතා උතුරේ සිදුවිම් සම්බන්ධයෙන් මාධ්‍ය හරහ ප්‍රචාරය නොකිරිමටත්,ඊයේ උදෑසන සිට අග්‍රාමාත්‍යවරයා යාපනයේ සංචාරයක යෙදි සිටින රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පලකර වාර්තා සීමා කරන ලෙසටද නීයෝග නිකුත් කර තිබේන බව වාර්තා වේ.

මේ පිළිබඳව සම්පූර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න 

Published on: May 29, 2018- මේ දිනවල සමාජයේ ප්‍රධාන කතිකාව වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව ඇති කතාවයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සමග බද්ධවී ඇති නීතිමය පදනම ජනතාවගේ පරමාධිපත්‍යය ඇසුරෙන් සාකච්ඡා කිරීමට මේ ලිපිය මගින් අපේක්ෂා කරනු ලබයි.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යනු ජනතාව විසින් සෘජුවම ජනාධිපතිවරණය මගින් තමන්ගේ රාජ්‍ය නායකයා කවුද? යන්න තෝරා ගැනීමට තිබූ අවස්ථාව අහිමිකර ගැනීමයි. 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුවක් අනුව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රටේ රාජ්‍ය නායකයා කවුද? යන්න ජනාධිපතිවරණයකින් තෝරා ගැනීමට ජනතාවට ලබා දුන් අයිතිය තමන්ට අනවශ්‍ය බව ජනතාව විසින් 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ දී සහ 2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනවරමකින් ප්‍රකාශ කළේය. එකී මැතිවරණ වලදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ජනතාව විසින් පැහැදිලිවම ඡන්දය ප්‍රකාශ කළ අතර එසේ  කිරීමෙන් සිදුකරන ලද්දේ රටේ රාජ්‍ය නායකත්වය කවුරුන් ද යන්න රටේ බහුතර ජනතාව විසින් සෘජුවම තෝරා ගැනීමට එතෙක් තිබූ අයිතිය තව දුරටත් අනවශ්‍ය බව රටේ ජනතාව විසින් තීරණය කිරීමත් එයට එකගවිමත් ප්‍රකාශ කිරීමයි.

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ එහිදී දුන් ඡන්ද පොරොන්දු….

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ පොරොන්දු රාශියක් ලබා දෙන ලදී. ඒ අතර ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් ඒවා අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමත් වෙනත් කරුණු අතර විය. ඒ අනුව අතිවිශාල බහුතර ඡන්දයෙන් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය එකී පොරොන්දු අතරින් ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව හමුවේ තබන ලද අතර එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස මේ දක්වා බලාත්මකව පවතී.

1977 මැතිවරණයෙන් පසු ඉදිරිපත් කළ එකී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් නැවත අනුමත කිරීමක් අවශ්‍ය නොවූයේ ඒ සදහා මැතිවරණයෙන් ජනවරමක් එවකටත් ලැබී තිබූ හෙයිනි. ඒ අර්ථයෙන් ගත්විට ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරය ජනතාවට අනවශ්‍ය බවට 2015 ජනතාව විසින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ජනවරම් 2ක් මගින් තීරණය කර ඇති හෙයින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නීති පැනවීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවට සහ වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද වැඩිදුර හැදෑරීමේදී එහි ඇති ගැඹුර සහ පරිධිය අප සිතනවාට වඩා විශාල බවත් පෙනී යයි.

ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව හොදින් අධ්‍යයනය කළ යුතුය.

(83)82 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද –

(අ.) 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකටසහ

(ආ) 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවස්ථාවෝචිත පරිදිජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දීඑය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.

30.2 ව්‍යවස්ථාව යනු “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය”

ඉහත 30.2 ව්‍යවස්ථාව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ 83 ව්‍යවස්ථාව සහ 62.2 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ දපනත් කෙටුම්පතක් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දීඑය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන බව දක්වා ඇත.

එනම් 83 ව්‍යවස්ථාව මගින් ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට නියම කර ඇති වගකීම් රාශියක් පවරා ඇත.1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට හදුන්වා දුන් ජනමතවිචාරණවල වගකීම ප්‍රධාන වශයෙන් පවරා ඇත්තේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාටය. එමෙන්ම එකී ජනමතවිචාරණයේ ප්‍රතිඵලය අනුව එය නීතියක් බවට පත්වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම්ය. එමෙන්ම 86, 87 සහ 88 ව්‍යවස්ථා අනුවද ජනමතවිචාරණවලදී ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාට ඇති වගකීම දක්වා නියම කර ඇත.4.(අ) ව්‍යවස්ථාවේද ජනමතවිචාරණ සම්බන්ධව දක්වා ඇත.

ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද, ජනමතවිචාරණ අයිතිය ජනතාව විසින් අත්නොහැරීම….

2015 ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බව විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ඉල්ලා සිටීමෙන් සහ ජනමතවිචාරණ අයිතිය අත්හැරීමට ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා නොසිටීමෙන්ම සනාථ වේ.ඒ අනුව ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බව පැහැදිලිය.

වැනීසියේ වෙළෙන්දාට අනුව මස් රාත්තල ලබා ගැනීමේදී රැධිරය ගැලිමට ඉඩ නොදීම සහ විධායකය තෝරා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කර ගැනීම සහ ජනමතවිචාරණ අයිතිය අහිමිකර නොගැනීම අතර ඇති සම්බන්ධය.

 වැනීසියේ වෙළෙන්දාට අනුව ෂයිලොක් විසින් ඇන්ටෝනියෝගෙන් මස් රාත්තල ඉල්ලා සිටි අවස්ථාවේ එය විසදන ලද්දේ මස් රාත්තල ලබා ගත හැකි නමුත් රුධිරය සෙලවීමට නොහැකි බවට තර්කයක් ඉදිරිපත් වීමෙනි. ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරීමට 2015 දී ජනවරමක් ලබා දුන්නද ජනාධිපති ධූරය සමග බැදී ඇති ජනමතවිචාරණ අයිතිය ජනතාව විසින් අත්හැරීමක් නොකළ අතර වත්මන් ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් ඒ සදහා ජනවරමක්ද ජනතාවගෙන් ඉල්ලා සිට නැත. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ලැබී තිබුණද ජනමතවිචාරණය සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් සිදු කිරීමට ජනවරමක් ලැබී නැත. 83 ව්‍යවස්ථාවේ ජනතාව තෝරාගන්නා ජනාධිපතිට අදාල කොටස් සංශෝධනය කිරීම පාර්ලිමේන්තුව විසින් පමණක් කිරීමට ජනවරමක් ලැබී නැත.

ජනාධිපතිධූරය ඉවත් කිරීමට යාමේදී ජනමතවිචාරණ සම්බන්ධව සිදුකරන්නට යන වෙනස් කම් සිදුකළ යුත්තේ අලුතින් ජනතාවගෙන් ජනවරමක් ලබා ගෙන පමණි. මන්ද විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ලබා ගත් ජනවරම වෙනත් ක්ෂේත්‍ර සදහා ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට හැකියාවක් නැති අතර එසේ සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයටත්, යහපාලනයටත් ප්‍රතිවිරුද්ධ වේ. ජනමතවිචාරණ සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් පාර්ලිමේන්තුවට පමණක් තනිව සිදුකළ නොහැකි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට සහ 1977 ජනවරමටත් 2015 ජනවරමටත් පටහැනි වේ.

ඒ අනුව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට යාම “එකක් කඩතොලු මකන්නට ගොස් සියක් කඩතොලු හදාගත් ඉදුරුවේ ආචාරීට වූ නස්පත්තියම” වත්මන් පාර්ලිමේන්තුවට අත්නොවේ යැයි කිව හැකිද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

2018.05.28

Published on: May 29, 2018 – මිට දිනකිහිපයකට පෙර නල්ල මලේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවිර විසින් රූපවාහිනියට පත් කළ මංගලගේ අලුත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක උණු උණුවේම අල්ලස් කොමිසමට කැදවා ඇති අතර ඊයේ(28) ඔහු කොමිසම ඉදිරියේ පෙනීසිට ඇති බව අප දේශපාලන වාර්තා කරු අනාවරණය කලා.

රූපවායහිනී සංස්ථාවට දින කිහිපයකට පෙර පත්කළ ටි.එම්.ජි.චන්ද්‍රසේකර  විසින් ආයතනයේ සංරක්ෂිත දර්ශන ආයතනයේ අවසරයකින් තොරව බාහිර පාර්ෂවයකට ලබාදීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර වැඩ තහනමකට පත්ව තිබේ.

ඉන් අනතුරුව රාජ්‍ය විනය පරිපාටිය අනුව මුලික පරක්ෂණයක් පවත්වා ඉන් වැරදි කරුබව ද තහවුරු වී තිබියේ දී මංගල අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා (ප්‍රවෘත්ති අධ්‍යක්ෂ) වශයෙන් පත්කර ඇති අතර ඒ සදහා ඔහුගේ ලේකම්වරයෙකු කප්පම් මුදලක්ද ගෙන තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

එම පත්වීම සිදුවී දිනකිහිපයක් ගතවෙත්ම, ආයතනයේ සංරක්ෂිත දර්ශන බාහිර පාර්ෂවයන්ට ලබාදීමට අදාලව අල්ලස් කොමිස විසින් පරික්ෂණ ආරම්භකර ඇති අතර, ඒ අනුව (28) වැනිදා එම පරික්ෂණයට අදාලව රූපවාහිනී බලදරයන් අල්ලස් කොමිසමට කැදවා පරික්ෂණ ආරම්භකර ඇත.

නිතරම රාජපක්ෂලාගේ දූෂණයන් පිළිබඳව කියවමින් ඊට  එරෙහිව කෑමොරදෙන මංගල අමාත්‍යවරයාගේ ගෙවන්නේ දෙබඩි පිළිවෙතක් බව් දැන් තහවුරුය.

රූපවාහිනීයේ  ක්‍රියාකාරී අධ්‍යක්ෂකට අං එයි…

මේ අතර පසුගියදා  රූපවාහිනීයට අලුතින් පත්කළ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා හමුවීමට ගිය සංස්ථා සේවකයන් පන්නා ගැනිමේ සිද්ධියක්ද වාර්තා වේ.

රූපවාහිනී සංස්ථාවට පසුගිය සතියේ පත් කළ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා හමුවී සාකච්ඡා කිරීමට ගිය එක්තරා දේශපාලන පක්ෂයක වෘතිය සමිති නිලධාරින් පිරිසක් පන්නාගෙන ඇති බව රූපවාහිනී සංස්ථාව ආරංචිමාර්ග පවසයි.

තමා රූපවාහිනී සංස්ථාවට පැමිණියේ දේශපාලනය කිරීමට නොවන බව පවසමින් මෙසේ එලවාගෙන ඇත.

බොහෝ සංස්ථාවල පවතින මෙම ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුරට නියමිත පැවරූ රාජකාරියක් නොමැති අතර, ඔහුගේ එකම කාර්ය අමාත්‍යවරයාගේ දෙශපාලන කටයුතු සම්බන්ධීකරණය එම තනතුරට හිමි රාජයකාරිය වේ. නමුත් දේශපාලන පත්විමක් ගෙන තනතුර ලබාගත්  මොහොමඩ් නවාස්ට මේ බව අමතක වි ගොස් තිබේ.

මේ අතර  මොහොමඩ් නවාස් නම් මෙම නිලධාරියා එක්තරා  රාජ්‍ය නොවන සංවිධානයක පූර්ණකාලින සමාජිකයෙක් බවත්, ඔහු දැනටමත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායකවරයා යන තනතුර ද හොබවන අතර වර්තමාන යහපාලන ආණ්ඩුවට ගෙන ඒමට කටයුතු කළ බොහෝ පිරිස් සිටියෙ දී, මෙසේ එකම පුද්ගලයකුට තනතුරු කිහිපයක් හිමිවීම ද ප්‍රශ්නයකි.

අයතන සංග්‍රහය සහ මුල්‍ය රෙගුලාසි අනුව,  එසේ තනතුරු කිහිපයක් රාජ්‍ය නිලධාරියකුට දැරිය හැකි ද ?

අවුරුද්දේ මැද කාලයේදී සුපුරුදු පරිදි ලොකු වර්ෂාපතනයක් අපේ රටට ලැබෙමින් පවතිනවා.දැනට දින කිහිපයකට පෙර සිට ඇදහැලෙමින් පවතින ධාරානිපාත වැස්ස නිසා දැනටමත් රටේ සමහර ප්‍රදේශ වලට ගංවතුර ගලලා.තවත් ප්‍රදේශ නාය යෑමේ තර්ජනයට ලක්වෙලා. බොහොමයක් ආපදාවන්ට හේතුව පරිසරය ගැන නොසලකා සිදුකරන ඉදිකිරීම් ඇතුලු සංවර්ධන ක්‍රියාවන් බව පෙනීයනවා. වැස්ස නිසා යටවූ මහමාර්ග වලට උඩින් යන්න අධිවේගී මාර්ගනිසා පුලුවන් වෙලා තියෙනවා. එහෙම යනකොට පේනවා මග දෙපස ඇති නවීන නිවාස පවා ජලයෙන් යටවී ඇති ආකාරය. එලෙසින් එම ප්‍රදේශ වල ජලය රඳා සිටින්නේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන්මද යන්න ස්ථිරව කිව නොහැකියි. නමුත් මෙලෙස දින කිහිපයක වැස්සකින් නිවාස මහමාර්ග ආදිය යටවීම නම් බරපතල ගැටලුවක්.

ඉස්සර ගංවතුර ගලන ප්‍රසිද්ධ ස්ථානයක් වුනේ කැළණි පාලම ආශ්‍රිත ප්‍රදේශයයි. කැළණි පාලම වේදිකා නාට්‍යය බිහිවූවෙත් මේ නිරතුරුව ගලන ගංවතුර ආශ්‍රිතව ඉන් නිවාස යටවන මිනිසුන් මුල්කරගෙනයි. ඒ අවධියේදී මෙලෙස විපතට පත් ජනතාවට සහන සැපයූවේ රජය මගින්. වියළි ආහාර ද්‍රව්‍යයන් ඇතුලු මූලික අවශ්‍යතා එහිදී සපයනු ලැබුවේ සමාජසේවා අමාත්‍යංශය යටතේ රජයේ නිළධාරින් මගින්.නමුත් දැන් කාලයේ එම කටයුත්ත රජයේ ආයතන වලට වඩා ඉටුකරන්න අපේ රටේ මාධ්‍ය ආයතන ඉදිරිපත්වෙලා තියෙන බව පෙනී යනවා. මහජනයාට ගංවතුර යනු විපතක් වුවත් සමහර විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වලට නම් එය වෙස්වලාගත් ආශිර්වාදයක් වෙලා.

සිංහල අවුරුද්දට අවුරුදු උත්සව වගේම වෙසක් පෝයටත් වෙසක් කලාප සංවිධානය කරන්න පුරුදුවෙලා ඉන්න මෙම ජනමාධ්‍ය ආයතන වාර්ෂික ගංවතුර ආධාර සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගංවතුර ගලනතුරු නොඉවසිල්ලෙන් ඉන්න බවක් තමා පෙනී යන්නේ. මොකද එමගින් වැඩි වියදමකින් තොරවම ඔවුන්ට විශාල ප්‍රචාරයක් ලබාගැනීමට හැකියාවක් ලැබෙනවා.වෙනදා දිනපතා සිය හරසුන් වැඩසටහන් බලහත්කාරයෙන් නැරඹීම සහ ඇසීම සඳහා ප්‍රේක්ෂකයන්ට විශාල ලෙස අල්ලස් මුදල් බෙදන මෙම ජනමාධ්‍ය ආයතන වැස්ස පටන්ගන්න විටම මහජනතාවගෙන් ආධාර ඉල්ලා සිටිනවා.ගංවතුර ආධාර බේදීමේ මුවාවෙන් සිදුකරන තම “අලෙවි ප්‍රවර්ධන ” වැඩසටහන් වලට.

වෙනත් රටවල මෙන් නොව අපේ රටේ බොහෝ දෙනා අනුන්ගේ විපතකදී තමන්ගැන නොසිතා විපතට පත්වන අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මාධ්‍ය ආයතනයකින් ගංවතුර ආධාර ලබාදෙන්න කියලා ඉල්ලා සිටියාම බොහෝ දෙනා තමන්ට හැකි අයුරින් සියලුම ආකාරයෙන් උදව් කරන්න ඉදිරිපත් වෙනවා.රටේ බොහෝ ප්‍රදේශ වලින් මෙලෙස ලැබෙන ආධාර එකතුකර ගන්නා මාධ්‍ය ආයාතන ඒවා තමන්ගේ ආයතනයේ වියදමින් දෙනු ලබන ආධාර මෙන් බෙදාහරිනු දක්නට ලැබෙනවා.

එයට සමගාමීව සිය මාධ්‍ය ජාලය මගින් දැවැන්ත ප්‍රචාරයක් ද කරනු ලබන්නේ එමගින් සිය ආයතනය රටේ සමාජසේවා අමාත්‍යංශයේ කටයුතු ඉටුකිරිමට නිළ වශයෙන් පත්කර ඇති ආකාරයටයි. මිනිසුන්ගේ සිත් තුළ සංවේදී හැගීම් ඇතිවන ලෙසින් සහ මහා පුන්‍යකර්මයකට දායක වීමක් ලෙසින් දක්වා සිය මාධ්‍ය ජාලයේ නිවේදක නිවේදිකාවන් ලවා මහජනතාවගේ සිත් තුළට කතාකොට ඔවුන්ගේ බත් පත පවා පරිත්‍යාග ලෙස ලබාගැනීම සඳහා මෙහයවීමට මෙම ආයතන ඉතා දක්ෂයි. මෙහිදී එම ආධාර හොරයක් බොරුවක් වංචාවක් නැතිව අත්‍යාවශ්‍ය අයට බෙදන්නේ තම ආයතනය පමණක් බවට කෙළින්ම හෝ වක්‍රව ප්‍රචාරය කරනු දක්නට ලැබෙනවා. අසරණවූ ජනතාවට යම් ආධාරයක් ලබාදී ඔවුන් ලවා සිය ආයතනයේ මෙම මහා සමාජ සේවාව අනෙක් සියලු ආයතනයන්හි එවන් වැඩසටහන් වලට වඩා ඉහළ බවට ප්‍රකාශ ලබාගෙන ඒවාට පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා.

ගංවතුරේ කරවටක් ගිලී,ඔරුවක අමාරුවෙන් එල්ලී සිටින අයෙකු වෙත වෙනත් බෝට්ටුවකින් ගොස් ඔහු වෙත සිය මාධ්‍ය ආයතනයේ ලාංඡනය සහිත මයික්‍රපෝනයක් යොමු කොට ගංවතුර පිළිබද ඔහුගේ අදහස් විමසන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගියදා මුහුණුපොතේ පළවූයේ එය දුටු අයගේ ලුණු ඇඹුල් සහිත අදහස් ද සමගින්.

පසුගිය වර ගංවතුර ආධාර වශයෙන් පිසූ ආහාර එවන ලෙස ඉල්ලූ එක්තරා මාධ්‍ය ආයතනයක්, විශාල ලෙස ලද එවන් ආහාර පාර්සල් බෙදාහැරීමේදී ඒවා නරක්වීම නිසා තවත් සෞඛ්‍ය ගැටලුවක් මෙන්ම එම නරක් වූ ආහාර බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිව පාරිසරික ගැටලුවක් ද ඇතිකරනු ලැබුවා.

ආපදා සහන සේවය යනු අලියාට ඇස තැබීමක් නොවන බව බොහෝ මාධ්‍ය ආයතන මේ වන විටත් වටහා ගෙන නැහැ. නිසි කළමණාකරනයකින් තොරව මේ අයුරින් විවිධ ආයතන සහනාධාර ලබාදීමට වෙන වෙනම ඉදිරිපත්වීමෙන් ගැටලු තව දුරටත් වර්ධනය වෙනවා. සැබැවින්ම විපතට පත් ජනයාට උදව්කරන්න අවශ්‍යනම් සියලු ආයතනයන්ට එක්ව එක පොදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නොහැක්කේ ඇයි? යන්න ගැටලුවක්.රාජ්‍ය යාන්ත්‍රනයත් සමග එක්ව, ප්‍රදේශය ගැන,එහි වෙසෙන ජනතාව ගැන මනාව කරුණු දන්නා ග්‍රාම නිධාදාරින් ඇතුලු රජයේ නිළධාරින්ගේත් සහාය රැගෙන විපතට පත් සියලු ජනතාව වෙත රටේ සහෝදර ජනතාව විසින් ලබාදෙන ආධාර නිසිපරිදි ක්‍රමවත්ව ලබාදීමේ හැකියාව තියෙනවා. කොයි ආයාතනය කවර ලෙසකින් කීවත් විපතට පත් ජනතාව වෙත ලබාදීම සඳහා මහජනයා ලබාදුන් ආධාර වංචාකළ ජනමාධ්‍ය ආයතන නිළධාරින් ගැනත් පසුගිය කාලයේ අසන්නට ලැබුනා.

අපේ රටේම ජනතාවගෙන් කොටසක් ස්වභාවික විපතකට ලක්වීමේදී ඉන් ප්‍රචාරක වාසි ලබාගන්නා සමහර ජඩ මාධ්‍යයන් මෙම නිර්ලජ්ජී වැඩසටහන් නවතා දමා යම් ක්‍රමානුකූල ක්‍රමයකට අපේ රටේම සහෝදර ජනතාවගේ ආධාර උපකාර,ඒවා අවශ්‍යම අය වෙත බෙදාහැරීම සඳහා සුදුසු දීප ව්‍යාප්ත ක්‍රමවේදයක් සැකසීම සඳහා වගකිව යුත්තන්ගේ අවධානය යොමුකිරීම කාලීන අවශ්‍යතාවයක් බව මෙහිදී සටහන් සුදුසුයි.එමෙන්ම තම වැඩසටහන් අසන නරඹන අසන්නන්ට ප්‍රේක්ෂකයන්ට දිනපතා, සතිපතා, මාස්පතා රුපියල් ලක්ෂ කෝටී ගණන් දෙන බවට පුරසාරම් දොඩන විද්‍යුත් මාධ්‍ය ගංවතුරක් නාය යෑමක් වැනි ස්වභාවික ආපධාවකදී නැවත ඒ අසන්නන්ටම අතපෑම විශ්මයට වගේම හාස්යටද කරුණක්.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

Published on: May 27, 2018- විස්ස ගෙනැත් තිබෙන්නේ කුමකට ද? ජ වි පෙ තමයි එය කතානායකට බාර දීල තියෙන්නෙ. ඒකෙ පිටිපස්සෙ එ ජා ප ඉන්නවා. සම්ම ජාතියෙ ඡන්දයකින් ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් අඩුම තරමෙන් ජනාධිපති පාර්ලිමේන්තුවෙන් පත්කරන එකට පක්‍ෂයි. මෙරට උඩ දේශපාලනය කෙරෙන්නෙ ප්‍රධාන වශයෙන් ම පෞද්ගලිකත්වය පදනම් කරගෙන. ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමය පිහිටෙව්වෙත් ඔහුගෙ පෞද්ගලික සුභ සිද්ධියට. අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නෙත් පෞද්ගලික කරුණු නිසා මිසක් රට ගැන කල්පනා කරලා නො වෙයි.

අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නෙ එයින් දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීල පළාත් සභාවලට තවත් බලතල දීමට ය යන්න බොහෝ දේශපාලන පක්‍ෂවලට ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නෙ රටට හෙන ගැහුවත් කමක් නැහැ අපට ජනාධිපති වෙන්න බැරි නම් එය තියෙන එකෙන් වැඩක් නැහැ කියන තේරුමෙන්. තම අදහස යුක්ති යුක්ත කිරීම සඳහා ඔවුන් විවිධ තර්ක ගෙන ඒවි. ඒත් ඒ හෘදය සාක්‍ෂියට අනුව නම් නො වෙයි.

රනිල්ට නම් එයට එහා යන වැඩ පිළිවෙළක් තියෙනවා. ඒ ඩොයිලි පටන් ගත්ත දේ ඉවර කරන්න රට බෙදීමට. ඒත් මා හිතන්නෙ නැහැ අනෙක් බෙහෝ දෙනෙක් තමන්ගෙ පෞද්ගලිකත්ව වර්ධනයට හැර වෙනත් දෙයකට විස්සට පක්‍ෂ වෙනවයි කියලා. පෞද්ගලික වර්ධනයෙ තවත් අයකුට අනින එකත් තියෙන බව අමතක කරන්න එපා. රනිල් ඉවත් කරන එක තියෙද්දි 2019 ගැන කතා කරන්න මා කැමති නැහැ. එහෙත් ඇති වෙලා තියෙන තත්වය යටතෙ කතා නොකරත් බැහැ.

කවුරුන් මට විරුද්ධ වුවත් කියන්න ඕන කාරණයක් තමයි මහින්ද දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නෙ තමන්ට නැති විධායක ජනාධිපති ධුරයෙ බලතල කපා දාන්න කියන එක. තමන්ටත් එමගින් තවත් වරක් තරග කිරීමේ අවස්ථාව නැතිවන බව ඔහු දැන සිටියා. තුන්වැනිවර පැරදුණු මහුට තවත් වරක් ගැන හිතුනෙ නැතිව වෙන්න පුළුවන්. එවර දහනවයට අත ඉස්සුවෙ නැත්නම් අද රනිල් ඉවත් කරන එක මෙයට වඩා පහසු වැඩක්.

අද තිබෙන තත්වය අනුව මෛත්‍රිපාල හා ගෝඨාභය 2019ට ඉදිරිපත්වන බවක් පේන්න තියෙනවා. ඔවුන් සමග ඊනියා පොදු අපේක්‍ෂකයකු ද ඉදිරිපත් වෙනවා. දිනන්නේ ගෝඨාභය ද ඊනියා පොදු අපේක්‍ෂකයා ද යන්න තීරණය වෙන්නෙ මෛත්‍රිපාල ගන්න ඡන්ද මත. මෛත්‍රිපාලට එවැනි තුන්කොන් සටනකින් දිනන්න බැහැ. ඒත් ඔහු ජයග්‍රහකයා කවුද කියා තීරණය කරන්නා තීරකයා වෙනවා.

අද නැත්නම් 2019 දී වඩාත් ම ප්‍රශ්නය වන්නේ ගෝඨාභය දිනයි ද යන්නයි. මෙය ඊනියා වාම කේන්ද්‍ර ප්‍රශ්නයක් නොවෙයි. අද මේ රටේ වම දකුණ දේශපාලනයක් නැහැ. මා කලින් කී ලෙස වම දකුණ තියෙන්නෙ හමුදා සරඹවල පමණයි. ලංකාවෙ තිස්ස විතාරණට කරන්න පුළුවන් බලපෑම මොකක් ද? ජ වි පෙරමුණට තව තවත් ඡන්ද අඩුවෙනවා මිස වැඩිවන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලින් පමණක් ජනාධිපති තෝරණවා නම් පෙරටුගාමින් ගුණරත්නම් හා පුබුදු ජාගොඩ අතර දෙකට කැඩෙනවා. ඒ විප්ලවීය ජනාධිපති කවුද කියලා තෝරගන්න බැරුව.

අද ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර දේශපාලනයක්. එහෙත් එය උඩදේශපාලනයෙ ඒ ආකාරයෙන් නියෝජනය වන්නෙ නැහැ. ඒ අර පෞද්ගලික දේශපාලනය නිසා. බැසිලිකාවේ පූජකයන් කියන දේ අනුව නම් බැසිලිකාව විස්සට පක්‍ෂ වෙන්න යනවා. එයටත් හේතුව පැහැදිලියි. බැසිල්ට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. මට දිනන්න බැරි නම් වෙන අයකු ද නොදිනිය යුතුයි යන්න මේ පෞද්ගලිකත්ව දේශපාලනය ක්‍රියාත්මක වන අයුරුයි

අද ගෝඨා භය හුඟ දෙනකුට තියෙනවා. ගෝඨාභය ජනාධිපති වුණොත් අරක වේවි මේක වේවි කියලා පක්‍ෂ විපක්‍ෂ හැමෝම වගේ කතා කරනවා. මේ භය උඩ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට පක්‍ෂව ඡන්දය දෙන්න ඇතැමකු පෙළඹෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ද ඒ භය තියෙන අය ඉන්නවා. මෛත්‍රිපාලට නම් එවැනි භයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. එහෙත් ඔහු දන්නේ නැහැ ඔහු තරග කළොත් ගෝඨාභයට වාසි ද අවාසි ද කියා.

අද විස්ස ගේන්නෙ දෙමළ ජාතිවාදයට උඩගෙඩි සපයන අතර ගෝඨා භය නිසා කියාත් මට හිතෙනවා. ගෝඨභය වටා ඉන්න අයත් ඊනියා වාම කේන්ද්‍ර දේශපාලන ගැන දහතුනේ නඩු තීන්දුව ගැන විකාර කතා කියනවා. ඒ අය සමහර විට ගෝඨාභයට පක්‍ෂ ඇති. ඒත් ඔවුන් සිංහල බෞද්ධ විරෝධී ස්මාට් ජාතිකවාදීන්.

අද කළ යුත්තේ මා හැමදාමත් කී පරිදි රනිල් ඉවත් කිරීමයි. එය විස්සට පෙර කරන්න පුළුවන් නම් විස්ස නිකම් ම යට යනවා. එය අවසාන වශයෙන් මෛත්‍රිපාලගේ හා මහින්දගේ වැඩක්.

Published on: May 26, 2018- රනිල් ජනාධිපති කරන මුවාවෙන් මුදල් අමාත්‍ය මංගල සහ ඔහුගේ ගොලයන් විසින් ලේක්හවුස් හරහා ආරම්භ කල “රැස” දිනපතා පත්‍රයේ මුද්‍රණය වහාම අත් හිටු වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාට නියෝග කර තිබේන බව වාර්තා වේ.

රනිල් ජනාධිපති කරවිමට අවශ්‍ය පාර සකස් කරන මුවාවෙන් මංගල “රැස” පුවත් පත ආරම්භ කල අතර “රැස” යන නාමයද මංගලගේ ලේකම්වරයෙකු සතුව් තිබු නාමයක් වන අතර ඒ සදහා මාසිකව ලක්ෂ 5ක මුදලක් ලේක්හවුස් ගිණුම හරහා චෙක්පතකින් ගෙවා තිබේ.

මෙ හේතුවෙන් මාසිකව “රැස” පුවත් පත මගින් “ලේක්හවුස්” ආයතනයට රුපියල් ලක්ෂ 50ක පමණ් මුදලක පාඩුවක් සිදුවන අතර ආරම්භයේදී “රැස” පුවත් පත තිස් දහසක් මුද්‍රණය කළත් අපේක්ෂා කළ පරිදි අලෙවියක් සිදු නොවන නිසා මේ වන විට පත්‍රය මුද්‍රණය කරන්නේ පිටපත් 3000ක් පමණක් වන අතර එම පිටපත් ප්‍රමාණයෙන් අලෙවි වන්නේ ද පිටපත් 1000ක් පමනී.

`මේ හේතුවෙන් විශාල පාඩුවක් සිදු වන තත්ත්වය හමුවේ “රැස” පත්‍රයේ බර තවදුරටත් ලේක්හවුස් ආයතනයට දැරීමට නොහැකි නිසා එම පත්‍රයේ මුද්‍රණය අත් හිටු වන ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ එම ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන් කිහිප දෙනකුම එම සමාගමේ සභාපති ක්‍රිශාන්ත කුරේ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබිණ.

Published on: May 26, 2018- ආණ්ඩුවෙන් ඉවත් වි විපක්ෂයේ බලය ගැනිමට තමන් තින්දුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද තමන් සාකච්ඡා කලබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒ සදහා ආණ්ඩුවෙන් ඉවත් වි විපක්ෂයේ සිටින 16 කල්ලිය සමග එකතු විමට කැමති පිරිස් ඉවත්වන් ලෙස තවදුරටත් ඇමතිකම් දරමින් සිටිමට කැමති පිරිස් එජාප ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ලෙසත් මෛත්‍රී දැනුම් දි තිබේ.කෙසේවෙතත් ජාතික ආණ්ඩුව කැඩිමට තමන් එකග නොමැති අතර එය පවත්වාගෙන යෑම සදහා ශ්‍රිලනිප කණ්ඩායමක් ආණ්ඩුව නියෝජනය කලයුතු බවද මෛත්‍රී පවසා තිබේ.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනාට සහයෝගය දැක්වීම සඳහා දැනට දරන සියලු තනතුරු අතහැර තවත් දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබේ. පසුගිය දිනකිහිපය තුල 16 කල්ලිය සමග ඔහුන් සාකච්ඡා පවත්වා ඇති අතර එම කණ්ඩායමට නායකත්වය දෙන ජනතා ඡන්දයෙන් පැරදි මෛත්‍රීගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණී දැනට ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු රහසේම මහින්ද රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡාවක්ද පවත්ව තිබේ.

අවස්ථා ගණනාවකදිම ඒකාබද්ධ විපක්ෂය සතු පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරි විපක්ෂ බලය අත්පත් කර ගැනිමට මෙහෙයුම් දියත් කල සිරිසේන කල්ලිය මේ වනවිට එහි අවසන් අදියර දියත් කරමින් සිටින අතර ඒ සදහා ලග එන අයවැය නියම අවස්ථාවක් බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ.

තවමත් වලංගු අපගේ අනාවරණය

ජාතික ආණ්ඩුව අවසන්-මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගනී…ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මකයි

Published on: Dec 17, 2016 – ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේ.

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දි ඇත්තේ.

දැනට විපක්ෂ නායකත්වය දරන ද්‍රවිධ ජාතික සන්ධානය සමගද තමන් සාකච්ඡා කල බවත් රාජපක්ෂලා දේශපාලන භූමියෙන් ඉවත් කර දැමිම සදහා ඔහුන් විපක්ෂ නායක කම අතහැරිමට සුදානම් බව තමන්ට දැනුම් දුන් බවද සිරිසේන සිය ශ්‍රීලංනිප කණ්ඩායමට පවසා තිබේ.

තමන් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කල බවත් ඒ අනුව ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායම තාවකාලිකව ඉවත් වි එජාප ආණ්ඩුවකට ඉඩදෙන බවත් ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එම ආණ්ඩුවේ ඇමතිකම් දරණු ඇති බවද සිරිසේන පෙන්වා දි තිබේ.

මේ අතර එජාප ආණ්ඩුව සමග එකතු විමට කැමති ශ්‍රීලංනිපයේ තමන්ගේ කණ්ඩායමේ ඔනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය විනාශ කිරිමෙන් පසුව විපක්ෂයක් අවශ්‍ය නැති බවද සිරිසේන ජනාධිතිවරයා සදහන් කර තිබේ. නව විපක්ෂයේ විපක්ෂ නායක කම තවමත් විවෘතව ඇති බවත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තරගයක් ඇති කිරිම තමන්ගේ එකම බලාපොරොත්තුව බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායමට දැනුම් දි තිබේ.

Published on: May 25, 2018- එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර සමාජ ජාල හරහා මඩ ව්‍යාපාරයක් දියත් කිරිම සදහා ජනාධිපතිවරයාගේ අනුදැනුම යටතෙ වෙනම එකකයක් ස්ථාපනය කිරිම සදහා ජනාධිපති මාධ්‍ය එකකය කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලිය ආරක්ෂා කිරිම,යලිත් 2020 ජනාධිපතිවරණයෙදි එකම අපේක්ෂකයා ලෙස වත්මන් ජනපති මෛත්‍රීපාල් සිරිසේන නම්කර ගැනිම සදහා විපක්ෂයේ කණ්ඩායම් තුල මත සැදිම, ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් එරෙහිව සමාජ ජාල හරහා පලවන පුවත් ඉවත් කිරිමත් ඉට එරෙහිව ජනපති මාධ්‍ය එකකය මගින් ලබාදෙන පොස්ට් පලකිරිමත් ඔහුන්ට පවරා තිබේ.

යලිත් පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සහය නොලැබෙන බව පසුගියිදා එජාපය විසින් නිළ් වශයෙන් පැවසිමත් ගෙවු මාස කිහිපය තුල සිරිසේන පවුලේ අසීමාන්තීක හොරකම් පිළිබඳව සමාජ ජාල හරහා අනාවරණය විමත් ඒ පසුපස එජාපයේ ප්‍රබලයන් සිටින බවට තොරතුරු අනාවරණය විමත් සමග මෙම මඩ බලකාය නිර්මාණය කිරිමට කටයුතු කර තිබේ.

ඒ වෙනුවෙන් පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයයට වෙබ් සහ සමාජ ජාල කරුවන් යැයි හදුන්වාගත් 200ක් පමන ගෙන්වා ඇති ජනාධිපති මාධ්‍ය එකකය ඔහුන්ට වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කලයුතේ මන්ද යනුවෙන් දේශණයක් දි ඊට අමතරව මාසිකව රුපියල් 10000 ත් 15000 අතර අල්ලස් මුදලක් ඔහුන්ට ලබාදිමටද එකඟතාව පලකර තිබේ.

ඒ අනුව එම කණ්ඩායම යොදවා ගනිමින් ඉදිරියේදී වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.

මෙ අතර වෙබ් මාධ්‍ය සංවිධාන නමින් ව්‍යාජ්‍ය සංවිධාන පවත්වාගෙන යමින් ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල තනතුරු හොබවන පිරිසක් ජනාධිපතිවරයා හමුවිමට වෙලාවක් ඉල්ලා ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයේදි තමන්ගේ සමාජිකයන්ගේ සහය ලබාදිම සදහා සාකච්ඡා කිරිමට අවශ්‍ය බව පවසා ඇති බවද වාර්තා වේ. එම ව්‍යජ වෙබ් කැඋවන් වෙනුවෙන් ඊයේ ජනපති මන්දිරයේ සාකච්ඡාවක් කැදවා තිබුනද අවසන් මොහොතේ එම සාකච්ඡාව අත්හිටුවිමට ජනපති කටයුතු කර තිබේ.

Published on: May 25, 2018- පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (24) දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද ප්‍රකාශ කර ඇත.

( මන්ත්‍රීවරයාගේ නම දයාසිරි ජයසේකර

චෙක්පත් අංකය – 566635

Walt & Row Associates (pvt) Ltd

A/C 0073900773)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා අනාවරණය කර තිබේ.

එමෙන්ම ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කොට එම සමාගමේම ප්‍රධාන විධායක නිලධාරීවරයාට බාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පිළිගෙන ඇතැයිද ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමද එහි මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇතැයිද යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ අනාවරණය නර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි මාස තුනකට අධික කාලයක් පුරා රක්ෂතිබ බන්ධනාගාර ගත කොට සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

Published on: May 23, 2018 –‘හර්ටිකැඩ්’(HERTCAD)නමැති ඖෂධය පිළිකා රෝගීන්ට එන්නත් කිරීම හරහා ඔහුන්ගේ ජිවත් විමෙ කාලය අඩු කර දමා ඉක්මනින්ම මරණයට පත්කිරිමේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාෆියාවක් මෙ වනවිට අනාවරණය වි තිබේ.

මෙම දූෂිත ගනුදෙනුව සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපයේ සිටින මුස්ලිම් ජාතික කුඨ ව්‍යාපාරිකයෙක් වන මොහොමඩ් හෂීම් මොහොමඩ් රූමි (රූමි මොහොමඩ්) යන අය විසින්ය.

ඔහුගේ ඥාතී සහෝදරයන් මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ ව්‍යාපාර වල හිමිකරුවන් ය. උදාහරණයක් ලෙස, ඒ වන විටත්, රූමි මොහොමඩ් යන අය ගේ ඥාති සහෝදරයන් වන මුශ්තාක් ඉක්‍රම් සහ ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්‍රම් යන දෙදෙනා මෙම ව්‍යාපාර වලට සම්බන්ධ වී ඇති අතර, මුශ්තාක් ඉක්‍රම් පී.සී.හවුස් (පුද්) සමාගමේ සමූහ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන අතර ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්‍රම් එහි අනුබද්ධිත සමාගමක් වූ පී.සී.ෆර්මා (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ෆාර්ම්ඒස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස කලින් සිටම ක්‍රියා කර ඇත. මේ සියළු සමාගම් නීතිවිරෝධී ඖෂධ ව්‍යාපාරවල යෙදෙන ප්‍රධාන පෙලේ සමාගම් වේ.

2015 ජනවාරි 8 වනදා ට පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය තනතුරට පත්වීමෙන් පසු කලින් නම් සඳහන් කළ ඩිල්ෂාඩ් මොහොමඩ් ඉක්‍රම් යන අය විසින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ආශීර්වාදයෙන් සහ අනුග්‍රහයෙන් මෙම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා තවත් නීතිවිරෝධී ඖෂධ සමාගම් 5 ක් ලියාපදිංචි කරන ලදී.

අමාත්‍යවරයා, බිරිඳ සුජාතා, පුත් චතුර සහ රූමි මොහොමඩ්.. සිංගප්පූරුවේ මවුන්ට් එලිසෙබෙත් රෝහලේ සැපගත් අවස්ථාවක්

මෙම ‘නීති විරෝධී ඖෂධ මාෆියාවේ’ අරමුණු පහසු කර ගැනීම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ගේ ආශිර්වාදයෙන් ඔහුගේ සමීප හිතවතා වූ රූමි මොහොමඩ් යන අය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලදී.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම නීතිවිරෝධී ඖෂධ මාෆියාවට ඔවුන් මුලින්ම ඇතුළුවන්නේ පියයුරු පිළිකා රෝගීන්ට දෙනු ලබන ඖෂධයක් වූ ‘ට්‍රස්ටුසුමැබ් එන්නත’, ‘හර්ටිකැඩ්’ යන වෙළඳ නාමයෙන් ‘ෆර්මාඒස්  (පුද්) සමාගම’ට රුසියානු බයෝකැඩ් සමාගම වෙනුවෙන් සපයන්නට ටෙන්ඩරය ලබාදීමෙනි. ටෙන්ඩරය සඳහා සමාගම් 6 ක් මිළ ගණන් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව ‘ෆර්මාඒස්  සමාගම – රුසියානු බයෝකැඩ්’ වෙනුවෙන් වැඩිම මිල ඉදිරිපත් කර තිබුණත් ටෙන්ඩර් මණ්ඩලය රැස්වීමට ප්‍රථම අඩු මිල ගණනක්ද රහසිගතව ඇතුලත් කර ඇත. මේ ටෙන්ඩරයට අනුව ඒ ‘හර්ටිකැඩ්’  වෙළඳ නමින් ඉදිරිපත් වන  ‘ට්‍රස්ටුසුමැබ් එන්නත’ වෙනුවෙනි. මෙම ‘හර්ටිකැඩ්’   නම් ඖෂධය රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය ලැබෙන්නේ 2016-01-20 බවට එම ඖෂධය නිෂ්පාදනය කරන ‘බයෝකැඩ්’ වෙබ් අඩවියේ දක්වා ඇත. නමුත් මොවුන් මේ නමින් ඇමෙරිකාව, රුසියාව ඇතුළු විශාල රටවල් කිහිපයක් අනුමැතිය ලැබුණු ඖෂධය නමින් පිළිකා රෝගීන්ට නුසුදුසුම තහනම් ඖෂධද ගෙන්වන බවටද තොරතුරු ලැබී ඇත.

පිළිකා ඖෂධය සඳහා රුසියාවේ අනුමැතිය ලබාගත් දිනය දැක්වෙන වෙබ් අඩවිය

සාමාන්‍යයෙන් පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක දී ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) වෙත අදාළ ඉදිරිපත් කර ඇති ඖෂධවල සායනික ප්‍රතිපල සහිත නිර්දේශ වාර්තාවක් ලබා ගැනීමයි. ඒ අනුව, මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ද එවැනි විමසීමක් කළ යුතුව තිබූ නමුත්, එය සිදු නොකර අමාත්‍යාංශය විසින් සිදු කළේ ‘ජාතික ඖෂධ පාලන අධිකාරියේ’ නිර්දේශය මත පමණක් මෙම ඖෂධය ලියාපදිංචි කර, ‘හර්ටිකැඩ්’  නියෝජිතයා වූ ෆර්මාඒස් (පුද්) සමාගම වත මෙම ඖෂධ ටෙන්ඩරය ප්‍රදානය කිරීමයි. එහෙත්, ඊට පෙර වෛද්‍ය ක්ෂේත්‍රයේ විරෝධතා එල්ල විය. ඒ අතර ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) ප්‍රධාන තැනක් ගනී.

මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කර තිබූ විවිධ වෙළඳ නාමයන්ගෙන් හැඳින්වූ  ‘ට්‍රස්ටුසුමැබ්’ එන්නත් පිලිබඳ වෛද්‍ය විද්‍යානුකූල සංසන්දනයක යෙදී ‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් දෙකක් යවන ලදී. ඒ අනුව, ඔවුන් දක්වා සිටියේ ‘හර්ටිකැඩ්’  ඖෂධය රෝගීන්ට එන්නත් කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි. මෙයින් රෝගියා ආයු අඩු ඉතා ඉක්මනින් අඩු වී මරණයට පත් වන බවත්ය.

මෙකී වෛද්‍ය විද්‍යාත්මක විරෝධතා කිසිවක් නොසලකා, අවසානයේ අමාත්‍යවරයාගේ අනුග්‍රහය මත ‘හර්ටිකැඩ්’ එන්නත් 5000 ක් සඳහා රුපියල් මිලියන 990 ක් වටිනා ටෙන්ඩරය 2016 අග භාගයේ ප්‍රදානය කරන ලදී. එහෙත්, එම ටෙන්ඩරය ප්‍රදානය කළ ද, ‘හර්ටිකැඩ්’ ඖෂධය ආනයන කිරීම ප්‍රමාද කර, දේශීය වෙළඳ පළෙන් එය මිලදී ගැනීමේ ‘කුඨ ජාවාරමක්’ ද ක්‍රියාත්මකය. ඒ අනුව 2016 මැයි සිට මේ වන තෙක් එන්නත් 2800 ක් රුපියල් 403,480,000/- ක් ගෙවා දේශීය වෙළඳපලෙන් මිලට ගෙන තිබේ. වසර  අවසානය්  ‘හර්ටිකැඩ්’ ෆාර්මෙස් විසින් ආනයනය කරනු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එන්නත් 5000 ක රුපියල් මිලියන 990 ක් වටිනා ඒ ටෙන්ඩරය මගින් මුළු වෙළදපොලේම එන්නත් අතිරික්තයක් නිර්මාණය කරනු ඇත. එවිට මෙම එන්නත ගෙන්වීමට ලබන වසර තුළද වෙනත් කිසිවෙකුට නොහැකිවන අතර ඒ අනුව ‘ෆර්මාඒස්  (පුද්) සමාගමට’ 2017 සහ 2018 වසර දෙක සඳහාම සැපයුම වක්‍රාකාරයෙන් ලැබී ඇත.

‘පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) ‘හර්ටිකැඩ්’ එන්නත සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම නිසා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  ඔවුන්ගේ පළිගැනීම ආරම්භ වී ඇති බව පෙනේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එම ඖෂධය නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට රූමි මොහොමඩ් නමැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත  ඇමතිවරයා නියෝග කර ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.

ඊට අමතරව, ඒ අනුව පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය’ (Sri Lanka College of Oncologists) හි සභාපතිනිය වන වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මියගෙන් මේ වන විට ‘හර්ටිකැඩ්’ ඖෂධය විවේචනය කළාට එරෙහිව දඬුවම් නොකර සිටීමට ‘නිදහසට කරුණු’ දක්වන ලෙස නියම කර ඇත.

මේ වසර තුළ පමණක් ‘ෆර්මාඒස් (පුද්) සමාගමට’ වෙනත් පිළිකා ඖෂධ ද ඇතුළුව රුපියල් මිලියන 2,250/- ක ටෙන්ඩර ප්‍රදානය කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රූමි මොහොමඩ් නමැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත සියලු ටෙන්ඩර් පරිපාටිය උල්ලංඝනය කරමින්, අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කර, රෝගීන්ට නුසුදුසු, රුපියල් මිලියන 1,500/- කට ආසන්න ඖෂධ තොගයක් මෙරටට ගෙන්වමින් මහා පරිමාණ දූෂණයක් සිදුකර ඇත. මෙයි රෝගියාගේ ආයු කාලය සීඝ්‍ර ලෙස අඩුව මරණයට පත්වන බවට තොරතුරු ලැබී ඇත.

මේ රූමි මොහොමඩ් නමැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ වැඩිමහල් සහෝදරයාද පසුගිය කාලයේ අසාමාන්‍ය ලෙස මියැදුණේ සමාජයටම ශාපයක බයංකාර සෙවනැලි ඉතිරි කරමිනි.

මේ පිළිබද වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු මැතිඇමතිවරුන් මුනිවත රැකීමෙන් දහස් ගණන් රෝගී ජිවිත අනතුරට වැටෙන තෙක් බලා සිටීමෙන් රටේ ජනතාවගෙන්  ඔවුන්ට ඉදිරියේදී පිළිතුරු ලැබෙන අතර නිහඩව සිටිමින් මේ අමානුෂික අපරාධයේ කොටස්කරුවන් වන ඔවුන්ටද ඉදිරියේදී මේ ශාපයේ කොටස් කරුවන් වනවා නොඅනුමානය..

මේ රූමි මොහොමඩ් නමැත්තා බලයට මුවාව සිදු කල බරපතල වංචා දුෂණ අක්‍රමිකතා සියල්ල ඉදිරියේදී සාක්ෂි සහිතව හෙළි කරන්නෙමු.

 

 ඖෂධ මාෆියාව සඳහා ලියාපදිංචි කළ සමාගම් 07 –  http://pharmace.lk

පිළිකා ඖෂධය සඳහා රුසියාවේ අනුමැතිය ලබාගත් දිනය දැක්වෙන වෙබ් අඩවිය – http://biocadglobal.com

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජියේ සභාපතිනියගෙන් නිදහසට කරුණු දක්වන ලෙස නියම කළ ලිපිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල

ඖෂධ මාෆියාව සඳහා ලියාපදිංචි කළ සමාගම් 07

පිළිකා එන්නත ඉල්ලා කැඳවන ලද ටෙන්ඩරය සහ අවසන් මිළ ලේඛණය

පිළිකා ඖෂධය සඳහා රුසියාවේ අනුමැතිය ලබාගත් දිනය දැක්වෙන වෙබ් අඩවිය

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජිය විසින් අභියායචනාධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශණය

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජිය විසින් පිළිකා එන්නතට විරෝධය පළ කිරීම නිසා වෛද්‍යවරුන්ට විනය පියවර ගැනීම පිළිබඳ නිවේදනය

පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කෙලීජිය විසින් පිළිකා එන්නතට විරෝධය පළ කිරීම නිසා වෛද්‍යවරුන්ට විනය පියවර ගැනීම පිළිබඳ නිවේදනය

Loading…

Published on: May 22, 2018-  රාජපක්ෂලාගේ දුෂණ ගැන කෑ මොර දෙන හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් තිරසර සංවර්ධන, වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකාගේ හීන් නුළේ ගැසු ගේමක් ගැන තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.

ඉතා අඩු කුලියක් යටතේ සෙත්සිරිපායේ පිහිටා තිබු තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශ කාර්යාල ගොඩනැගිල්ල රාජගිරියට ගෙන යාමට කටයුතු කර ඇති අතර අදාළ ගොඩනැගිල්ල ගැනිමට කටයුතු කිරිම හේතුවෙන් වර්ෂයකට කෝටි 10 කට වඩා පාඩුවක් සිදුව තිබේ.

සෙත්සිරිපායේ පළමු මහලේ පිහිටි වර්ග අඩි 27000ක තිරසාර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාල ගොඩනැගිල්ල සඳහා ගෙනව මාසික කුලිය රුපියල් මිලියන 4.4කි එය වාර්ෂිකව රුපියල් මිලියන 52.8 ක් වේ. ඉටත් වඩා එම ගොඩනැගිල්ල රජයටම අයත් එකක් හේතුවෙන් ගෙවන මුදලද වක්‍රව ආණ්ඩුවටම ලැබේ.

කෙසේවෙතත් ආණ්ඩුවේ ප්‍රබලයෙකු මෙන්ම ඩිල් කරුවෙකු ලෙස ප්‍රසිද්ධ කුප්‍රකට අමාත්‍යවරයෙකු සමග දැමු ඩිල් එකකට අනුව සරත් ෆොන්සේකා රාජගිරියේ අංක 1090 දරණ(Sino Lanka Towers) ගොඩනැගිල්ල සදහා මාසික කුලිය රුපියල් මිලියන 11.7 ක් ගෙවා සිය අමාත්‍යාංශය පවත්වාගෙන යැමට කටයුතු කර තිබේ.

සෙත්සිරිපායේ පළමු මහලේ පිහිටි වර්ග අඩි 27000ක ඉඩක් තිබියදි වර්ග අඩි 23000කින් සමන්විත රාජගිරියේ තැනට එන්නට ෆොන්සේකා කටයුතු කලේ ඇයිදැයි සිතා ගැනිම අපහසු නොවේ.රාජගිරියේ නව කාර්යාලය වර්ග අඩි 4000ක් අඩු විම පමණක් නොව ජූලි මස 01 වෙනි දින සිට එහි කුලිය 10% කින් වැඩි වේ. ඒ අනුව ජූලි මස සිට මාසිකව රුපියල් මිලියන 12.87ක් වේ. එය වාර්ෂිකව රුපියල් මිලියන 154.44 කි.

මෙම ගොඩනැගිලි මාරුව නිසා වර්ෂයකට කෝටි 10 කට වඩා පාඩුවක් සිදු වන අතර ඒ බව අමාත්‍යංශ ලේකම්වරයාට හා අමාත්‍ය සරත් ෆොන්සේකා වෙත දන්වා තිබියදි ඒ පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු නැති බවත් අමාත්‍යාංශය රාජගිරියට යාමට ගෙන ඇති තීරණය අමාත්‍යවරයා වෙනස් කොට නොමැති බවත් මේ වනවිට අනාවරණය වි තිබේ.තමන් කලින් කටයුතු කල ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය එම ස්ථානයේ පිහිටුවා තිබිම හේතුවෙන් තමන්ට එම ස්ථානයේම රැදි සිටිය යුතු බවයි.

වර්ෂ එකාහමාරකට අඩු කාලයකට පවතින අමාත්‍යාංශය කාර්යාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 101.64ක් කා දමන්නේ කාගේ උවමනාව මතද? රජයටම මුදල් ලැබෙන ගොඩනැගිලිල්ලක් තිබියදි මේ තරම් මුදලක් මලික්ට දි වෙනත් ගොඩනැගිල්ලක් වෙත යන්නේ ඒ හරහ ඉතා විශාල කොමිස් මුදලක් කප්පම් වශයෙන් ලැබෙන නිසා නොවෙද?

රජය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබියදි ඒකාබද්ධ අරමුදලේ එක රුපියලක් හෝ ආරක්ෂා කර ගැනීම වෙනුවට තම සැප පහසුව පමණක් හා තම පෞද්ගලික හිතවතුන්ගේ මූල්‍ය මයප්‍රතිලාභ සුරක්ෂිත කිරීමට දේශපාලඥයන් විසින් ගෙන ඇති මෙවන් ක්‍රියාමාර්ග පොදු මුදල් අවභාවිත නොකරන බවට දිවුරුම් දෙන සරත් ෆොන්සේකා වැනි අයත් අනුමත කිරිම ගැන යලිත් සිතා බැලිය යුතුය.

Top