Published on: May 21, 2018 – 2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේන අතර ඒ සදහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රිලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන බවද එජාප නායකයා පලමු වරට අනාවරණය කර තිබේ.

පසුගිය (17) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ශ්‍රිලනිප අර්බුද ඇතුලු සියලුම තත්ත්වයන් අවශ්‍ය මොහොතේදී සමනය වනු ඇති බවයි.

2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරිමේදි දෙපාර්ශ්වය අතර ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගත් බවත් ඒ අනුව අනිවාර්යයෙන්ම එම එකඟතාව ඉටු කිරිමට සිදුවන බවත් ඒ සදහා 2015 දි මැදිහත් වු කණ්ඩායම සහ ජාත්‍යන්තරවද සහය හිමිවන බවත් එම වගකිමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රිලනිප කණ්ඩායමට ගැලවිමට නොහැකි බවද ඔහු පෙන්වා දි තිබේ.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කර ඇති එක්සත් ජාතික පෙරමුණේ නායකයින්,මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහි සියලු දේශපාලන පක්ෂ,සර්වාගමික සංවිධාන,සිවිල් සංවිධාන,බහු ජන ව්‍යාපාර සහ පුද්ගලයින් මේ නව දේශපාලන සන්ධානය වටා එකට ඒකරාශී කිරීමට ද තීරණය කර තිබේ.

Loading…

මේ ආණ්ඩුවේ තීරණ ගන්නේ කවුද යන ප්‍රශ්නය කලක සිට පවතිනවා. අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාව අවුලක්. දැන් දයාසිරි ජයසේකර නැහැ. ඒ නිසා මෛත්‍රිපාල ස්ථාවරය ප්‍රකාශ වන්නෙ නැහැ. රාජිත ප්‍රකාශ කරන්නේ කාගේ මතය ද? ආණ්ඩුවේ මතය ද නැත්නම් ඔහුගේ පෞද්ගලික මතය ද? ජනාධිපතිට අඩුම තරමෙන් මාධ්‍ය සාකච්ඡා කෙරෙහි යම් විනයක් ඇති කිරීමට නොහැකි ද?

රාජිත යනු ඉතිහාසයක් ඇති දේශපාලනඥයෙක්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ජනවේගය කණ්ඩායමේ සිටියා. එය ඊනියා වාමාංශික කණ්ඩායමක් වුණා. සුනේත්‍රා බණ්ඩාරනායක ද ඇගේ හිටපු සැමියා වූ කුමාර් රූපසිංහ ද එහි නායකයන් වුණා. හැත්තෑවේ මෑතිණියගේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එවකට එංගලන්තයේ සිටි සුනේත්‍රා ආණ්ඩුව හැඳින්වූයේ අලුත් බෝතලයක පැරණි වයින් ලෙසයි. එකල ඇයත් චන්ද්‍රිකාත් වාමාංශික රැඩිකල් තරුණ තරුණියන් නියෝජනය කළා.

රාජිත දැන් එ ජා පෙරමුණේ. එ ජා පෙරමුණ හා බොහෝ සමාජවාදීන් දෙමළ ජාතිවාදය දෙස බලන්නේ එකම ආකාරයට. එපමණක් නොව ඊනියා ස්මාට් ජාතිකවාදීන් ද බලන්නේ එලෙසමයි. ඔවුන් අතර සුළු වෙනස්කම් නැතිවා නො වේ. එහෙත් ඒ සියල්ලන්ට ම අනුව දෙමළ ජාතිවාදය ඇති වී තිබෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ වරදින්. සිංහල වර්ගෝත්තමවාදය, ස්වොත්තාමවාදය, බහුතරයේ ආධිපත්‍යය ආදී වශයෙන් ඔවුන් ඒ හඳුන්වනවා. ඒ හැඳින්වීම් අතර වෙනස්කම් තිබෙනවා. එහෙත් පොදුවේ වරද සිංහලයන්ගේ.

රාජිතට අනුව ජ වි පෙ හා කොටි අතර වෙනසක් නැහැ. ජ වි පෙ මර්දනය අප ජයග්‍රහණයක් ලෙස සලකන්නේ නැත්නම් කොටි පරාජය කිරීම ජයග්‍රහණයක් ලෙස සලකන්නේ ඇයි ද කියා ඔහු අසනවා. එමෙන් ම යාපනයේ කොටි සැමරුම වරදක් නැහැ කියලත් ඔහු කියනවා. ඊනියා ඉල් මහ විරුවන් සැමරීම හොඳ නම් කොටි සැමරීම වරදක් නැතැයි ඔහු සිතනවා වෙන්න පුළුවන්. පොඩි අඩුවක් තියෙන්නෙ ප්‍රා වැනි සංවිධානයක් කොටින්ට විරුද්ධව ඇති නොකිරීමයි. සමහරවිට ව්‍යාජ සමාජවාදීන්ට එයට අවශ්‍යතාවක් නොතිබෙන්න ඇති.

රාජිත තවත් කතාවක් මාධ්‍ය ප්‍රකාශකයකු ලෙස කියා තියෙනවා. අපේ හමුදාව කොටි නොවන දෙමළ ජනයාත් ඝාතනය කර ඇති බවයි. මෛත්‍රිපාල මේ ගැන කියන්නේ කුමක් ද? ඔහු ඒ ප්‍රකාශ අනුමත කරනවා ද? නැත්නම් රාජිතට විරුද්ධව යම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා ද? රාජිතට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට මෛත්‍රිපාලට පුළුවන් ද? ඊනියා ජාත්‍යන්තරය එයට ඉඩ දෙයි ද? අඩුම තරමෙන් රනිල් ඉඩ දෙයි ද?

අපේ හමුදාව කොටි නොවන දෙමළ ජනයා ඝාතනය කළ බවට රාජිතට සාක්‍ෂි තියෙනවා ද? ඔහුට සාක්‍ෂි ඇත්නම් ඔහු කළ යුත්තේ එය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී සුදුසු විනයානුකූල පියවර ගැනීම මිස අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවීම්වල ඒ ප්‍රකාශ කිරීම නො වේ. රාජිත සේවය කරන්නේ කාට ද? ඔහු කාගේවත් නියෝජිතයකු නම් වෙන්න බැහැ. කිසිවකු ඔහු තම නියෝජිතයා කර ගන්න එකක් නැහැ.

කොටි ආයුධ අතට ගැනීමට පුරුදු වූයේ ජ වි පෙරමුණෙන් බව පැහැදිලියි. එහෙත් ජ වි පෙ හා කොටි අතර වෙනසක් තියෙනවා. ජ වි පෙ ඔවුන් දැනගත් මාක්ස්වාදය අනුව ධනපති ක්‍රමය පෙරළා දමා ඊනියා සමාජවාදය ඇති කිරීමට යැයි කියමින් ආයුධ අතට ගත්තා. එය නොවන දෙයක්. ඒ කියන්නෙ ඔය කියන ඊනියා සමාජවාදය ඇති කරන්න බැරි දෙයක්. වෙන්නැති දෙයක් වෙනුවෙනුත් ආයුධ අතට ගන්න ඕනෑම අයකුට පුළුවන්. එයට විරුද්ධව ක්‍රියා කිරීම ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවක පළමු කාර්යය වනුයේ රාජ්‍යය ආරක්‍ෂා කිරීම.

ජ වි පෙ ආයුධ අතට ගත්තෙ සමාජ ක්‍රමය වෙනස කරන්න. ඒ කාල් මාක්ස්ගෙ හිතළුවකට අනුව. ඒ හිතළුව කිසිම තැනක හරි ගිහිල්ල නැහැ. ඒක වෙන ම කතාවක්. ජ වි පෙ රට බෙදන්න කතා කෙළෙ නැහැ. බැරි වෙලාවත් ජ වි පෙ ජයගත්ත නම් වෙන්නෙ වැඩිම වුණොත් ධනවාදය නැති කරන එක (එය නොවන බව වෙන ම කරුණක්). කොටි ආයුධ ගත්තෙ රට බෙදන්න. කොටි පිටුපස බටහිර රටවල් හා ඉන්දියාව හිටියා. ඉන්දියාව අවසාන භාගයෙ කොටි අත්හැරපු බවක් පේන්න තියෙනවා. ඒ කොහොම වුණත් කොටි බටහිර රටවල් විසින් මෙයෙවනු ලැබූ ව්‍යාපාරයක්.

කොටි පරාජය කිරීම බටහිර රටවල් ද පරාජය කිරීමක්. මෙහි රටවල් අතර යුද්ධයක්වත් සිවිල් යුද්ධක්වත් නොතිබුණු එක ඇත්ත. නමුත් බෙදුම්වාදය පිටුපස පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදය ම පිටුපස ඉන්නෙ එංගලන්තය ප්‍රමූඛ බටහිර රටවල්. කොටි පරාජය සැමරීම අප වැනි අනෙක් රටවලට ද යම් උද්‍යොගයක් සපයනවා. බටහිර රටවල් ඒ බව දන්නවා. ඒ නිසාත් බටහිරයන් කොටි පැරදවීමට ඉඩ දෙන්නෙ නැහැ. අප කොටි පරාජය සමරන්නෙ නැත්තෙ ඒ නිසයි. රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට බටහිරයන් ක්‍රියාත්මක වුණෙ ම කුඩා රටක් බටහිරයන්ගෙ අනුග්‍රහය හා ආධාරය ලැබූ සංවිධානයක් පරාජය කිරීම තම ආධිපත්‍යයට තර්ජනයක් නිසා. බටහිරයන්ගෙ පැත්තෙන් කොටි පරාජය කීරීම අනෙක් රටවලට නරක ආදර්ශයක්.

කොටින්ට බටහිර අනුග්‍රහය ලැබුණා. එහි දී ආණ්ඩුවට ආධාර ලැබුණෙ නැහැ. ජ වි පෙරමුණට බටහිර රටවල් ආධාර කෙළේ නැහැ. එහි දී බටහිර රටවල් ආධාර කෙළේ ජ වි පෙ පැරදවීම සඳහා ආණ්ඩුවට. රාජිතගෙ ව්‍යාජ සමාජවාදයටවත් කුමාර් රූපසිංහටවත් සුනේත්‍රාටවත් චන්ද්‍රිකාටවත් එය තේරෙන්නෙ නැහැ.

බණ්ඩාරනායක මැතිණිය තෙල් ජනසතු කිරීම බටහිර රටවලට එතරම් බලපාන දෙයක් නොවෙයි. අපේ එකල තෙල් පරිභෝජනය ටිකයි. එහෙත් බටහිර රටවලට ප්‍රශ්නය වුණෙ අනෙක් රටවල් බණ්ඩාරනායක මැතිණිය ආදර්ශයට ගනී ද යන්නයි. ඔවුන් මැතිණියගෙ ආණ්ඩුව පෙරළිමට කළ හැකි සියල්ල කළා. මහින්දගෙ ආණ්ඩුවත් අනෙක් රටවලට නරක ආදර්ශයක් සැපයුවා. බටහිරයන් ඒ ආණ්ඩුවත් පෙරළන්න කළ හැකි සියල්ල කළා.

ඊයෙ (18) පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් විමල් විරවංශ මහතා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත තමන්ගෙන් කල ඉල්ලිමක් සම්බන්ධයෙන් අනාවරණයි කළා.

“මට මෙතැනදී අතුරු කතාවක් මතක් වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී සහ මම ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස සිටියදී තමයි මෙම සිදුවීම වුණේ. දුරකථන ඇමතුමක් ලබා දීපු මාධ්‍යවේදියකු මට පැවසුවා ‘සරත් ෆොන්සේකා කියන හමුදා නිලධාරියා ඔබව හමුවීමට ඕනෑ කියා පවසනවා’ කියලා. මමත් ඒකට කැමැත්ත පළ කළා. මම වෑන් රථයකින් ගියාම එතුමා කැබ් රථයක් පදවාගෙන ඇවිත් මාවත් රැගෙන ඔහු එවකට පදිංචිව සිටි හමුදා නිල නිවාසය වෙතට පැමිණියා.”

“මම අසුන් ගත්තාම ඔහුගේ නෝනා හැලප වැනි දෙයකින් සංග්‍රහ කළා මට මතකයි. ඒ දිනවල අපි චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ 2004 බල පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියේ. කෙසේ නමුත් අප අතර සිදුවන කතාබහ මැද්දේ සරත් ෆොන්සේකා මහතා මට කියා සිටියා, 2004 බල පෙරළියෙන් පසුව ඔහුට හමුදාපති ධුරය අරන් දෙන්න කියා. මම ඒ දෙය කරන්නම් කියා ඔහුගෙන් සමුගෙන ආවා. කෙලින්ම ඇහුවොත් ජනාධිපතිවරිය කලබල වන නිසා අපි ඒ පිළිබඳව වෙනත් අය ලවා වටින් පිටින් ඇගෙන් විමසීමක් කළා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රතිචාරය වුණේ ‘අපෝ එයා වගේ කෙනෙක් හමුදාපති කළොත් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි’ කියලයි.”

“දේශපාලන ලෝකයේ හිටපු බොහෝ දෙනකුගේ ෆොන්සේකා පිළිබඳ ආකල්පය ඒකයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වැඩිමහල් සහෝදරයාගෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමේ ප්‍රබලත්වය නිසයි කවුරුත් යහපත් ප්‍රතිචාර නොදක්වපු සරත් ෆොන්සේකා විශ්‍රාම යාමට මාසයක් තිබියදී සේවා දිගුවක් සහිතව යුද හමුදාපති වූයේ. කවුරුත් හමුදාපති කරන්න අකමැති වුණු පුද්ගලයා හමුදාපති ධුරයට එදා පත් කළේ මිනීමරු ත්‍රස්තවාදයෙන් මේ මව් පොළොව නිදහස් කර ගැනීමට ඔහුගේ ද දායකත්වය ගත යුතු නිසයි. සියලු ආරක්‍ෂක ප්‍රධානීන් නිසි ලෙස කළමනාකරණය කරගෙන, මහා සැලසුමක් සහිතව, පෙරමුණු හතරපහකින් කොටි ත්‍රස්තවාදයට එකවර පහර දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළා. ඒ අතරේ අප මේ සටනට අවශ්‍ය මතවාදී මැදිහත් වීම සිදු කරන්න දායක වුණා. එදා සමහරු හැදුවා වැඩ වර්ජන කරලා සටන කෙරෙහි අවධානය වෙන පැත්තකට හරවන්න. මේ සටන ජයග්‍රහණය කිරීමට නම් මහජන පක්‍ෂපාතීත්වය වගේම රටේ සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් මතවාදීව කළ යුතු, කළ හැකි සියල්ල අපි විසින් එදා සිදු කළා.”

Published on: May 19, 2018 – ලංකා ඊ නිවුස්,(lankaenews) සහ ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ ,(lankanewsweb.today) වෙබ් අඩවි වලට අදාලව ක්‍රියාත්මක වන සමාජ ජාලා (Facebook) පිටු ඉවත් කිරිම සදහා  Facebook සමාගමේ සිංගප්පූරු නියෝජිතයන් සමග ජනාධිපති සිරිසේනගේ ඇම්බැට්ටයන් පිරිසක් සාකච්ඡාවක නිරත වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එම වෙබ් අඩවි හරහා සම්පුර්ණයෙන්ම පලවන්නේ අසත්‍ය පුවත් බවත් එම පුවත් සමාජ ජාලා පිටු ඉවත් කිරිමට අවශ්‍ය බවත් ඒ සදහා කඩිනමින් කටයුතු කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

මිට සති 3කට පමණ පෙර ජනධිපති ලේකම් කාර්‍යාලයෙ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පවත්ව ඇති අතර  ඒ සදහා  Facebook සමාගමේ සිංගප්පූරු නියෝජිතයන් දෙදෙනෙකු සහභාගි වි තිබේ.

එහිදි ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති මාධ්‍ය එකකයේ ප්‍රධානින් ලෙස පෙනී සිටින ඇම්බැට්ටයන් සහභාගි වි ඇති අතර ඔහුන් දිගින් දිගටම පවසා ඇත්තේ enews,newsweb වැනි වෙබ් අඩවි හරහා පලවන පුවත් Facebook හරහා ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වන බවත් ඇතැම් අවස්ථාවලදි ජනාධිපති මධ්‍ය එකකය ඩොලර් 100 ගණන් වියදම් කලද පුවතක් සදහා ඒ තරම් Share ලබා ගැනිමට නොහැකි බවයි.

කෙසේවෙතත් Facebook සමාගමේ සිංගප්පූරු නියෝජිතයන් දෙදෙන ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පලකර ඇති අතර එම වෙබ් අඩවි හරහා පලකරන දෑ අසත්‍ය නම් ඒවාට පිළිතුරු දිමට හෝ එම පලවන් දේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනිමට කටයුතු නොකරන්නේ මන්ද යන්න විමසා ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා ඊ නිවුස් රටතුල අවහිර කර තිබුනද Facebook හරහා එය ඉතා විශාල සංඛාවක් කියවන බවත් එය වත්මන් ජනාධිපතිවරයාට මෙන්ම ඔහු සමග deal කරමින් සිටින බහුතරයකට බරපතල ප්‍රශ්ණයක් වි තිබේ.

කෙසේවෙතත් අදාල ඉල්ලිම සම්බන්ධයෙන් සාකච්ඡාකර තින්දුවක් ලබාදෙන බව එම නියෝජිතයන් විසින් දැනුම් දි ඇති අතර අදාළ සමාජ ජාලා පිටු දෙකට අමතරව තවත් පිටු කිහිපයක්ම් ඇතුලත් ලැයිස්තුවක්ද ඔහුට ලබාදිමට කටයුතු කර තිබේ.

http://198.211.112.164/archives/18120

Published on: May 17, 2018- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළ අතර ඒ හරහා හිරූ නිකර්සි සහ සිරිසේන ස්වයං වින්දනයේ යේදුන බව අප එදිනම වාර්තා කලා.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණ සමයේ හොටු පෙරාගෙන රාජපක්ෂ පිළේන් සිරිසේන පිළට පැන්න හිරු-නිකර්ගේ එකම පැතුම වුයේ දුමින්දට වැඩක් දෙන එකය.ඒ අනුව් රාජපක්ෂලාගේ පිහිටෙන් ඉබිගමනේ ගිය භාරත ඝාතන නඩුව සිරිසේනලගේ විධායකයේ බලයෙන් අශ්වයෙක් මෙන් දුවන්න්නට වු අතර ඒ අනුව අවසානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය හරහා මරණ දඬුවම නියම විය.

දැන් ප්‍රශ්ණය එය නොවේ …..භාරතගේ හිසට උණ්ඩයක් වැදි තිබේ ඒ වැදි ඇති වැදිල්ලට මරණය මිසක වෙන කිසිවක් උරුම නැති බව අමුතුවෙන් කිවයුතු නැත.නමුත් ඒ උණ්ඩය කාගේද යන්න අප පමණක් නොව වෙඩි තැබු උන්වත් නොදන්නවා විය හැක.

දැන් දුමින්දට දඩුවමක් ලැබි තිබේ….නමුත් දුමින්දට වැදුනු වෙඩි පහරින් ඔහුගේ හිසටද දැඩි හානි සිදුව තිබේ.ඒ වෙඩිල්ල තැබු උන්ට දඩුවමක් නැත්තේ යහපාලනය රට පාලනය කරන නිසාද?නැත්නම් හිරූ නිකර් ඔය කා ඉස්සරහා හෝ නිකරය බිම දැමු නිසාද? එය ජනතාව සොයා ගත යුතු පිළිතුරකි.

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ සම්බන්ධයෙන් ගොනු කළ අභියාචනය යළි කැඳවූ අවස්ථාවේදී අනාවරණයවු කරුණු අනුව දුමින්ද එල්ලුම්ගස් යැවිම් පසුපස වත්මන් විධායක ජනාධිපතිවරයා එවකට නීතිය අංශක 90 ඉක්මවා නවා ඇති බව් තහවුරු වු අතර එම තින්දුව කොතරම් අප්‍රසන්නද යන්න කිවහොත් චෝදනා පත්‍රයේ නොමැති කරුණුවලට දුමින්ද වරදකරුවෙක් කරමින් ඔහුට එරෙහිව දඩුවම් ලබ දිමයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බවට සාක්ෂි ගණනාවක් තිබුණද ඒවා නොසලකා නීත්‍යනුකූල නොවන නඩු තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනුකළ අභියාචනය අද විභාගයට ගැනුණේ 5 වැනි දිනටයි.ඒ, අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

මහාධිකරණ නඩු විභාගයේ සාක්ෂි ගණනාවකින් දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව තහවුරු කළද එය අදාළ නොවන බවට තීන්දුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළා.

එහිදී ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතාගේ හිස ඉදිරිපසට වෙඩි වැදුණු බවට අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්ද සනාථ කර ඇති බවයි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා 12 වන විත්තිකරු විත්තිකූඩුවේ සිට මහාධිකරණයේදී කළ ප්‍රකාශයක් උපුටා දැක්වුවා.

වෙඩි තැබූ බවට පිළිගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශ කළද එය සිදුනොකළ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව 12 වන විත්තිකරු ලෙස නම්කර චෝදනා ගොනුකළ බව එහි සදහන්.

ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ එම ප්‍රකාශය විශ්වාසනීයත්වයෙන් යුත් ප්‍රකාශයක් බවට නඩු තීන්දුවේම පිළිගෙන තිබුණද, නඩු විභාගයකදී ඉතාමත් වැදගත් ලෙස සලකන විත්තිකූඩුවේ සිට ලබා දුන් එම විශේෂ ප්‍රකාශය නිසි ලෙස විශ්ලේෂණය කිරීමට තීන්දුවේදී කටයුතු කර නොමැති බවයි.

චෝදනා පත්‍රයේ නොමැති කරුණු සඳහා දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වාදුන් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ එය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන බවයි.

සිද්ධියේදී දෙපාර්ශ්වය අහම්බයෙන් හමුවීම තුළ කිසිදු පොදු අරමුණක් නොතිබූ බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී ඔප්පු කළා.

ඊට අමතරව ජනාධිපති නීතීඥවරුන් නඩු තීන්දුවේ ඇති තවත් අඩුපාඩු රැසක් පෙන්වා දුන්නා.

01 කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම පිළිගෙන තිබීම

02 ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු නඩු තීන්දුවක් සකස් නොකිරීම නිසා මහාධිකරණය ලබාදුන් තීන්දුව නීත්‍යනුකූල නොවීම

03 සාක්ෂි හෝ කරුණු මත නොව, දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම සහ අනුමාන හෝ උපකල්පන මත පදනම් වී තීන්දුව ලබාදීම

04 දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා සැලකිල්ලට නොගැනීම පිළිබඳව නඩු තීන්දුවේදී හේතු දැක්වීමක් සිදු නොකිරීම

05 ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් තීන්දුව ලබාදීම

06 ගිනි අවි භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූවද ඒ සඳහා දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම

07 දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හැරීම .

දුමින්දට දුන් දඩුවම සම්බන්ධයෙන් අපට කිසිම ඇමනෙසියාවක් නැත. මරා ගන්නට බැරිනම් මරාගෙන කෑවාටද අපට කමක් නැත නමුත් දුමින්දට මහාධිකරණය හරහා මරණ දඩුවමක් ලැබුනේ හිරූ නිකර් චුන් කරන්න බව අප කියන්නට දෙවරක් නොසිතමි.

අප එදා කල අනාවරණය ……

වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදි යහපාලන තහනමට ලක්වු හෙයින් ඡායාරූපය සහ විඩියෝ දර්ශණ දකින්නට නොහැකි විය හැක.

http://198.211.112.164/archives/13208

Loading…

<!– Composite End —

Published on: May 17, 2018- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශ්වාසභංගයෙන් පසුව ආණ්‌ඩුවෙන් ඉවත් වූ දාසය (16)දෙනාගේ කණ්‌ඩායම මේ වන විට අර්බුද රැසකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළ.

ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තෙ ආණ්ඩුවෙන් ඉවත් වි විපක්ෂයේ අසුන් ගෙන් ඒකාබද්ධ විපක්ෂය සිය අනසකට ගැනිම සදහා මෙහෙයුම් දියත් කිරිමට් 16 කල්ලිය මෙහෙයවුවද ඔහුන් සම්බන්ධයෙන් ඇති දුෂණ චොදනා හේතුවෙන් ඔහුන් අත් අත්ඩංගුවට් පත්විමේ ඉඩකඩක් නිර්මාණය විම බවයි දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

මේ වනවිට ශ්‍රිලනිප නායක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පවතින බල අරගලය හේතුවෙන් විපක්ෂයට වී ආණ්ඩුව විවේචනය කරමින් රාජපක්ෂලාට සහය දෙන කණ්ඩායම් සම්බන්ධව ඇති දුෂණ චොදන සම්බන්ධයෙන් ඉදිරියේදි වහාම විමර්ශනය කර ඔහුන් අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් තිබේන බවට මේ වනවිට තොරතුරු අනාවරනය වි ඇති අතර ඒ හේතුවෙන් 16 කල්ලිය දැඩි ලෙස භීතියට පත්ව සිටින බවද වාර්තා වේ.

තම කණ්ඩායම විපක්ෂයට යැමෙන් පසුව කෙටි කාලයක් තුල ශ්‍රිලනිපය යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වි විපක්ෂයට යෑමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු දුන්නද මේ වනවිට ජනපති එම පොරොන්දුව ඉටු නොකර සිටින තත්ත්වයක් වනවිට උදාවි ඇති බවයි පසුගියදා හමුවු 16 කල්ලියේ අදහස වි ඇත්තේ.

“ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ…. මොකද පහුගිය කාලෙම එතුමා කාවවත් ආරක්ෂා කළේ නෑ … එක තමයි ලොකුම අවුල කවුරුවත් උදවු කරන්න කැමති නෑ ඒ නිසා… ” 16 කල්ලියේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේම එම අදහස අනුමත කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (17 ) පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තීරණයක්‌ ගැනීමට කටයුතු කරන බවට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 16 කල්ලියට පොරොන්දු දි තිබුනද ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායකගෙන් 16 කල්ලිය කල විමසිමකදි අදාළ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අනවශ්‍ය බවත් ඒ පිළිබඳව පක්‍ෂ මධ්‍යම කාරක සභා න්‍යායපත්‍රයට ඇතුලත් නොකල බවද දුමින්ද පවසා තිබේ.

ආණ්‌ඩුවෙන් ශ්‍රීලනිප පාර්ශවය ඉවත් විය යුතු බවට යෝජනාවක්‌ ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ජනාධිපතිවරයාට  පසුගිය සතියේ භාරදී තිබිණ අතර එහිදි ජනපති පොරොන්දු වි ඇත්තේ ඊළග මධ්‍යම කාරක සභාවේදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ඇමතිවරු 16 දෙනාගේ කණ්‌ඩායම පිළිබඳව පසුගිය සතියේ රටේ තීරණාත්මක ස්‌ථාන ගණනාවක්‌ දීම සාකච්ඡා ගණනාවක් පවත්වා ඇති අතර තමන්ට ඒකාබද්ධ විපක්ෂය තුලද නිෂ්චිත ස්ථානයක් නොමැති විමත්,ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නොමැති විමත් හේතුවෙන් ශ්‍රිලනිපයම විපක්ෂයට නොයන්නේ නම් තවදුරටත් විපක්ෂයේ සිට කට්ට කෑම වැඩක් නොමැති බවයි එම සාකච්ඡා වලදි වැඩිපුරම අවධාරණය වි ඇත්තේ.

 

 

 

රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්‌මරණය කිරීම සඳහා මැයි 18 දා ජාතික ධජය ඔසවා පහනක්‌ දල්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ.

මෙම රණවිරුවන් දිවි පුදමින් සිදුකළ උදාර කාර්යය අපට අමතක කළ නොහැකි බවත් රජය ඔවුන් අමතක කළත් දේශප්‍රේමි ජනතාව ඔවුන්ට කළගුණ සලකන බවද උන්වහන්සේ කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්ට එක්වෙමින් කියා සිටියා.

මෙම රණවිරුවන් සැමරීමේ උත්සවය ගල්ගමුවේ සංගප්පාය ගම්මානයේදී මැයි 18 දා ආරම්භ වන බව පැවසූ උන්වහන්සේ අතිශයින් දුෂ්කර ගම්මානයක්‌ වූ මේ ගම්මානයේ රණවිරුවන් 110 ක්‌ සිටින අතර රණවිරුවන් 10 ක්‌ දිවි පුදා ඇතැයි අනාවරණය කළහ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා රණවිරුවන් සැමරීමේ උත්සවය ගැන කරුණු දක්‌වමින්,

වන්නි මෙහෙයුමින් 29000 ක්‌ මියගොස්‌ 16000 කට අධික පිරිසක්‌ ආබාධිත වී ඇති බව පළ කළ රියර් අද්මිරාල්වරයා රජය රණවිරුවන් අමතක කළත් දේශප්‍රේමි ජනතාව ඔවුන් අමතක නොකරන බව කියා සිටියේය. රණවිරුවන් සිරගත කරමින් රජය කුමන පියවර ගත්තත් රජයට ඇත්තේ තවත් මාස 18 ක්‌ පමණක්‌ බව අවධාරණය කළ යුතු බව පැවසූ සරත් වීරසේකර මහතා මාතෘ භූමිය රැක ගැනීමට කටයුතු කළ රණවිරුවන් පාවාදීමට රජය ක්‍රියාකර ඇති බව කීවේය.

බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේදී එයට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවට බව ඉන්ධන මිල ඉහළ දැමීම  සහ රටේ ආර්ථිකය මුහුණ දි සිටින අවුල පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදයක් නිකුත් කර තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය

යහපාලනආණ්ඩුව විසින් ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමීම නිසා ප්‍රවාහන ගාස්තු මෙන්ම භාණ්ඩ හා සේවා මිලද වැඩි වීමට පටන් ගෙන ඇත. භූමිතෙල් මිල දෙගුණයකටත් වඩා වැඩි කිරීම හාකූපන්සලාක ක්‍රමයක් ඇතිකිරීම ගැනධීවර ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබේ. ඉන්ධන මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ මධ්‍යයේ ආණ්ඩුව එය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරන්නේ රාජපක්‍ෂ පාලන සමයේදී දේශීයඉන්ධන මිල මීටත් වඩා ඉහල මට්ටමක තිබුණ බව පවසමිනි. අද බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70ක් පමණ වේ. මම 2005 නොවැම්බරයේදී මුල් වරට ජනාධිපති ධූරයට පත්වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73 ක් විය. 2008 ජුනි වන විටඑය ඇ.ඩො. 160 දක්වා වැඩිවී තිබුණි. 2014 අගෝස්තු වනවිටත්තෙල් මිල පැවතියේ ඇ.ඩො. 103ක මට්ටමකය. තෙල් මිල සැලකිය යුතු ලෙස අඩු වීමට පටන් ගත්තේ 2014 අවසාන මාස තුනේදී පමණි. 2015 ජනවාරියේදී ආණ්ඩු වෙනස සිදුවනවිට එය ඇ.ඩො. 51 දක්වා අඩුවී තිබුණි.

එතැන් සිට පසුගිය අවරුදු තුන මුලුල්ලේම ලෝක තෙල් මිල අඩු මට්ටමක පැවතියේය. 2016 පෙබරවාරි මස වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 33 දක්වා අඩුවී තිබුණි. ඉන්පසු තෙල් මිල සෙමින් වැඩි වුවද 2017 ඔක්තෝබර් මස වනතුරුත් එය ඇ.ඩො. 55 ක මට්ටමක පැවතියේය. අද පවතින ඇ.ඩො.70 මිල දක්වා එය වැඩි වීමට පටන් ගත්තේ පසුගිය මාස කීපයේදී  පමණි. මා රට පාලනය කල සම්පූර්ණ අවුරුදු 09 තුළම කිසිදාක ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත මට්ටමක නොතිබුණි. අපේ ආණ්ඩුව කාලයේ පැවති සාමාන්‍ය තෙල් මිලට  සාපේක්‍ෂව අද පවතින ඇ.ඩො. 70ක මිල සැබවින්ම අඩුය. මගේ පාලන සමය තුළදී ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සනිටුහන් වුවද අප ඒ අවුරුදු කීපය ඇතුළත දිණිය නොහැකි යැයිකියූ යුද්ධය ජය ගත්තා පමණක් නොව යටත් විජිත යුගයෙන් පසු මේ රටේ ඉදිවූවිශාලම යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම සම්පූර්ණ කිරීමටද හැකි වූ බව මෙහිදී පෙන්වා දිය යුතුය. ඒ සියල්ල අප කළේ, බොර තෙල් මිල වැඩි වීම හේතුවෙන් පොහොර  මිලත් වැඩිවීම නිසා, ගොවි ජනතාවට ඇතිවෙනඅහිතකර බලපෑම නැතිකිරීමට පොහොර සහනාධාරයක්ද පවත්වාගෙන යන අතරතුරය.  ලෝක බොරතෙල් මිල ඉතා ඉහල මට්ටමක පැවතියත්, අපගේ පාලන සමය තුළ ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගය අප සාක්ෂාත් කරගත් අතර, ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවිය.

මගේ පාලන සමයේදී මෙන් නොව යහපාලන ආණ්ඩුවට පසුගිය අවුරුදු තුන තුළදී ලෝක තෙල් මිල ඉතාම පහත් මට්ටමකට වැටීමේ වාසිය ලැබුණි. ඒ අවුරුදු තුන ඇතුළත ආණ්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඉතිරියක් විය. එවැනි විදෙස් විනිමයඉතිරියක් තිබියදීත්, ආර්ථිකය දිගින් දිගටම පිරිහීමකට ලක් වූ අතර ඒ කාලපරිච්ඡේදය තුළ සංවර්ධන වැඩකටයුතු සහමුලින්ම පාහේ බිඳ වැටුණි. පසුගිය සෙනසුරාදා වත්මන් මුදල් ඇමතිවරයා සභාවක් අමතමින් කියා සිටියේ 2015 ජනවාරියේදී ඔහු එම තනතුරේ සිටියේ නම් ගැලරියෙන් ලැබෙන අත්පොලසන් නාදය වෙනුවෙන් සහන දීම නොකරන බවය.ඒ කතාවම එජාප පසුපෙල මන්ත්‍රීවරයෙකුද කියනු අපි දුටුවෙමු. ඇමතිවරයා‘ගැලරියෙන් ලැබෙන අත්පොලසන් නාදය වෙනුවෙන්දුන් සහන’ ලෙසින් අදහස් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ රජයේ සේවකයන්ට රු.10,000 ක දීමනාවක් ලබා දීම, හා ඉන්ධන, ගෑස් හා තෝරා ගත් ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම විය හැක. ඒ සියල්ලම ඡන්ද දිනා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කර තිබුණු පොරොන්දු විය.

යහපාලකයෝ එදා පවසා සිටියේ රාජපක්‍ෂආණ්ඩුවේ දූෂණය නැවැත්වූ පසු ඒ සියලුම සහන දීමට ඕනෑතරම් මුදල් ඉතුරුවන බවය. ජනාධීපතිවරණය ජය ගැනීමෙන් පසු නොබෝ කලකින්ම එළඹෙන පාර්ලිමේනතු මැතිවරණය ජය ගැනීමටනම් ඔවුන් ඒ දුන් පොරොන්දු ඉටු කිරීමට සිදුවිය. අපි දැන් අත් විදිමින් සිටින්නේ දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිතා කිරීමේ ආනිසංශ වලටය. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට ඡන්ද ජය ගැනීම සඳහා ඕනෑම සහනයක් දීමට හැකියාව ඇත. නමුත් පියවි සිහිය තිබෙන ආණ්ඩු මේ සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්නේ දිනුවාට පසු ඒ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයා ගැනීමට අසීරු නිසාය. වත්මන් ආණ්ඩුව සිතුවේ ඡන්දය ජයගැනීම ගැනපමණක් මිස, ඊට පසුව සිදුවන්නේ කුමක්ද යන්න ගැන නොවේ. ඡන්ද ජය ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබූ පසු ඒ වැඩි වූ වියදම් පියවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ විරූආකාරයට ණය ගැනීමට පටන් ගත්තේය. 2015 ජනවාරියේ  සිට අද දක්වා ආණ්ඩුව විදෙස් විනිමය වානිජ ණය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 19.5 ක් හාදේශීයණය රුපියල්ට්‍රිලියන 6කට වැඩා ලබාගෙන ඇත. අගමැතිවරයා සභාවක් අමතන හැම අවස්ථාවකදීම වර්තමාන ආර්ථික තත්වය පසුගිය ආණ්ඩුවෙන් ලබාගත් ව්‍යාපෘති ණය නිසා ඇති වූවක් යැයි කීවද මේ තත්වය ඇතිවීමට සැබෑ හේතුව වත්මන් ආණ්ඩුව මාස කිහිපයකින් නැතිනම් අවුරුද්දකින්, දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන ආකාරයට ලබාගත් කෙටි කාලීන හා මධ්‍ය කාලීන පරිභෝජන ණය නිසාය.

මුදල් අමාත්‍යංශයේ වාර්තාවලට අනුව 2019 වසර තුළදී අපට ආපසු ගෙවීමට සිදුවන විදෙස් විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 4.2 ක් වේ. එය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර තුනත්, හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු සම්පූර්ණ වරායත්, ‍ගොඩගම දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයත්, කොළඹ කටුණායක අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපලත්, ඉදිකිරීමට ගිය මුලු මුදලටත් වඩා විශාල මුදල් කන්දරාවකි.

මේ සියලුම ව්‍යාපෘතිවල මිලට වඩා මුදලක්  එක අවුරුද්දක් ඇතුළත ණය වාරික වශයෙන්ගෙවීමට සිදුවී තිබීමෙන් යහපාලන ආණ්ඩුව විසින් ඇතිකර තිබෙන ණය අර්බුදයේ පරිමාව  කාටත්  සිතාගත හැක. ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල්ලීටරයක මිල රුපියල් 9 කින් වැඩි කරන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකින් පෙට්‍රල් මිල වැඩි කළ ආකාරය මුලු රටම දුටුවේය. වර්ථමානයේ තෙල් බැරලයක් ඇ.ඩො 70 ක් වුවද මගේ ආණ්ඩුව පැවති කාලයේදී තිබුණාට වඩා අදත් ලෝක තෙල් මිල බෙහෙවින්ම අඩුය.

එමනිසා ආණ්ඩුවටඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමෙන් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව ඇත. නමුත් පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට දිගට හරහට ලබා දුන් සහන වලට මුදල් සොයාගැනීමට සිදු වී තිබීම නිසා එවැන්නක් සිදු නොවීමට ඉඩ ඇත.බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේදී එයට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවටය.

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 

Published on: May 16, 2018- රාජපක්ෂ යුගයේ අට පාස් මස්සිනා අතින් දූෂණය වූ  ජාතික ගුවන් සේවය මිහිදන් කිරීමට අවශය සියලු කටයුතු වත්මන් ජහපාලන රජය හා ‘අගමැති ළඟ’රත්වත්තේ ලහි ලහියේ සූදානම් කරමින් සිටියි.

සිරිසේන ජනපතිට හෝ රනිල්ට අනුව නම් ලංකාව වැනි දූපත් රටකට ගුවන් සේවයක් අනවශයය. සිරිසේනට එය කුමක් දැයි කියා වටහා ගැනීමටවත් ඥාණ ශක්තියක් නොමැති වීම ඛේදජනකය.

රටේ ආර්ථිකය හා බදු ගෙවන මහජනතාව මත බිලියන ගණන් ණය බර තව තවත් පටවමින් දිනපතා ඉන්ධන බින්දුවේ සිට පාඩු පිට දුවන ගුවන් සේවයක් ඇත්නම් ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණකි. කොමිසමයම් සිරිසේන කෙතරම් කයිවාරු ගසමින් කොමිසම් 100ක් නොව 1000ක් පත් කළත් ඒ කොමිසමත් රටට බරක් වනවා මිස වන ප්‍රගතියක් නැත. බැදුම්කර කොමිසම වැනි මෙගා මාධය සංදර්ශන පමණකි. අවසානයේ නඩුත් නැත. බඩුත් නැත. (බැදුම්කර වාර්තාව මීයො කා ඇත)

ගුවන් සේවයේ ගල් ඇම්ඩා  කපිතාන් රණතුංග

මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ ගුවන් සේවයට ඉහිළිය නොහැකි තරම් වැටුප් තලයන් සම්මත කරගනිමින් ඉහළ පාලනාධිකාරය කටයුතු කිරීම එක් ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය. ගුවන් සේවය පාඩු පිට පවත්වාගෙන යන මොහොතක මසකට රුපියල් ලක්ෂ 30කට වඩා වැටුප් ගන්නා නිලධාරීන් සිව්දෙනෙක් පසුගිය වසර 3 පුරාම ගුවන් සේවය ගසා කමින් නොව උරා බොමින් සිටින්නේ කාගේ අවසරයකින්ද යන්න ගැටලුවකි.

මොවුන්ට මිය ගිය පසු පනුවන් ගසනවාද යන්න පවා සැක සහිතය. ඇහුවොත් නම් ඔවුන් කියන්නේ “yes man, that’s the industry standard salary” ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් වැටුප් ගැනීමට ප්‍රථම ගුවන් සේවය අඩුම තරමින් ලාභ ලබන නොව පාඩු නොලබන තත්වයෙන් මුදා ගැනීමට මොවුන්ට හැකි වුණි නම් දුක නැත.

රාජපක්ෂ යුගයේ අට පාස් මස්සිනා ගුවන් සේවිකාවන් 10 දෙනෙකු ඔහුගේ නිල කාමරයේ තබා ගනිමින් වරින් වර රාජකාරි කරන අතරතුර පෙම් හා පිස්සු කළවමේ කෙළිමින් කටයුතු කළද එවකට මෙහෙයුම් ප්‍රධානි ලෙස රාජකරි කළ කපිතාන් ඩෘවි පෙරේරා ඒ බරත් ඇදගෙන යාමට හැකි කාර්යශූරයෙක් විය. ඔහුට නොකැළැල් සේවයක් කළ වූවෙකු ලෙස අසාගන්නට නොහැකි වූයේ අවසානයේ ඔහුටද ගුවන් සේවයේ බඩුවක් වූ “ හරීනා ” නමැත්තියට කාර්යාල සේවිකා තනතුරක් දීමට ගොස් නා ගැනීමෙනි.

වත්මන් ආණ්ඩුව යටතේද කෙසේ හෝ තම මඩිය තර කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින්නවුන් අතර ප්‍රසිද්ධම දෙදෙනා CEO කපිතාන් සුරේන් රත්වත්තේ සහ කපිතාන් ඩෘවි වෙනුවට පැමිණි අලුත් ගල් ඇම්ඩා කපිතාන් රජින් රණතුංගයි.

කපිතාන් සුරේන් රත්වත්තේ ළඟදී තම CEO බලය අවභාවිතා කරමින් A320 ගුවන් යානා පුහුණුවක් ගුවන් සේවය ගාණේ නොමිලේ දාගෙන තම ලක්ෂ 35 ක් වන වැටුප තවත් ලක්ෂ 2කින් වැඩි කර ගැනීමට ගොස් ඇදගෙන නෑවේය. එයද නාමල් නීති විභාගය ලිව්වාට නොදෙවෙනි ක්‍රමයකටය. වාසනාවකට අයියා අගමැති ළඟ නිසා කේස් එක ගොඩින් බේරා ගත්තේය.

                                              සම්පූර්ණ හොර නඩය එකම සෙල්ෆියෙන්

මේ සා විශාල මුදලක් මසකට කිසිදු හිරිකිතයකින් තොරව ජනතා මුදලින් වැටුප් ගන්නා මේ ගල් බිල්ලන් දෙබාන රාජකාරි ලෙස කුමක් කරන්නෙහිද යන්න ඔබ පුදුම වනවා ඇත. මසකට දෙවරක් පමණ ජොලියට ප්ලේන් එකෙන් ලන්ඩන් හෝ මෙල්බර්න් ගොස් පැමිණෙන මොවුන් වඩාත් ප්‍රසිද්ධ ලොබියේ පිනට දෙන නෙස්කැෆේ එක ගසමින් සිගරට් ගැසීමට පමණි. ගුවන් සේවය වෙනුවෙන් ශත 5ක සේවයක් හෝ නොකරන කම්මැලි බඩු 2කි. නමුත් ගුවන් සේවයේ කිසිවෙකුට මේ සම්බන්ධයෙන් වචනයකදු පිට කළ නොහැක්කේ, සියලු දෙනා සර්පයාගේ හා ඔවුන් වටා සිටින කපිතාන් සර්පවරුන්ගේ හැටි දන්නා නිසාවෙනි.

තම පියා මෙන් හීන් නූලෙන් බෙල්ල කැපීමට ප්‍රසිද්ධ කපිතාන් රජින් රණතුංග ගුවන් සේවය වෙනුවෙන් කෙතරම් සේවයක් කරන්නේද යන්න කොටින්ම කිවහොත් තමා යටතේ පවතින ගුවන් නියමුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පවා නොපවත්වමින්, එය පවා එංගලන්ත සමාගම් වෙත පවරමින් එක වරකට මිලියන 22 බැගින් පසුගිය වසර 3 පුරා එංගලන්තයට අත දිග හැර ගෙවන්නේ වරකට ගුවන් නියමුවන් 10 දෙනෙකු ඔවුන් වෙනුවෙන් සුද්දා ලවා තෝරා ගැනීමට පමණි.

ඒ අනුව එක් ගුවන් නියමුවෙකු තේරීමේ පිරිවැය ලෙස පමණක් ලක්ෂ 22 ක් වැය කළ හැකි ගුවන් සේවයක් වළ පල්ලට යෑම අහන්නටත් දෙයක් නොවේ. (එක් ගුවන් නියමුවෙකු පුහුණු කිරීමට වැය වන්නේද ලක්ෂ 30ක් පමණි) සුද්දගෙන් පවා ගාණ කඩා ගැනීමට කප් ගසා ඇති කපිතාන් රජින් රණතුංග සුද්දටද එම ගාණ ගෙවනවා දැයි සැක සහිත බව තතු දත්තෝ පවසති. මන්ද 89 JVP සමයේ සාහසික මිනී මැරීම් සියල්ල සැලසුම් කරමින් රටම ලේ විලක්ව පැවති යුගයක ආරක්ෂක ලේකම් වූ ජෙනරාල් සිරිල් රණතුංග මොහුගේ පියා වීමේ භාගයයද කපිතාන් රණතුංග සතුයි. 89 සමයේ කර්මයන් පටිසන් දෙමින් ගුවන් යානයකුත් සමඟ චුත වේ යැයි කියා මොහු අහම්බෙන් ගුවන් ගමනක් ගියහොත් මිස දැන් ගුවන් ගමන් සියල්ල අඩු කර ඇති මුත් වැටුප් ශතයකින්වත් අඩු කරගෙන නැත.

තම රාජකාරි මට්ටමේ කාර්යය පවා බදු ගෙවන ජනතාව මත පටවන මෙවැනි ගල් ඇම්ඩන් සහිත ගුවන් සේවයක් කවදා ගොඩ ගන්නද? එක් අතකින් රනිල් හරිය. මෙය විකුණා දමා හෝ පුද්ගලීකරණයකින් ගොඩගන්නවා හැර මෙසේ දිගටම ගියහොත් ගුවන් සේවයක් නිසා බංකොළොත් වූ එකම රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාස ගත වන දිනය වැඩි ඈතක නොවනු ඇත

ගල්කිස්ස ප‍්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් පවත්වාගෙන යමින් නිමි ඇදුම් ලබාගෙන වෙළෙඳසල් හිමියන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 1 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය මහජන සහය පතයි.

ජාතික හැඳුනුම්පත් අංක 687611799 v දරණ දෝන සිතාරා ගීතානි කළුආරච්චි වන මෙම කාන්තාව මොරටුව උයන පාරේ අංක 6 දරණ ලිපිනයේ සහ කැස්බෑව, කල්ගහහේන පාරේ, අංක 194/31 දරණ ලිපිනයේ පදිංචිව සිට දැනට එම ලිපින වලින් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම කාන්තාව අගරු චෙක්පත් ලබාදී රුපියල් 8,642,064 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියට හා ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැමිණිලි 24 ට අදාල සැකකාරියට එරෙහිව නඩු පවරා ඇති බවද පොලිසිය කියයි.

2017 වසරේ රුපියල් 69,14480 අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරියට එරෙහිව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පහත ඡායාරූපයේ සිටින සැකකාරි සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ – 0112-729621, දුරකතන අංකයට හෝ ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක – 071-8591664 දරණ අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

2017 වසරේ කරන ලද පැමිණිල්ලකට 2018 වසරේ මැද භාගය දක්වා පොලිසිය  ක්‍රියාත්මක වි ඇති ආකාරය ඇය අතුරුදහන් විම දක්වාම ගොස් තිබේ.ඒ අනුව පොලිසියේ ලොක්කන්ගේ සරණක් නොමැතිව කෝටි ගණනක් කොල්ල කෑ ලේසියෙන්ම අතුරුදහන් විය නොහැකි බව අමතුවෙන් කිවයුතු නොවේ.

ඊයේ පෙරේදා විශ්‍රාම යැවු‘මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය’ FCIDයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ තුෂාරි මේනකා ප්‍රනාන්දු නැමති හෙර ගැනද අප අවස්ථා ගණනාවකදි ආනාවරණය කල අතර පසුව අත් අඩංගුවට ගත් ඇය සම්බන්ධයෙන් මේ දක්වා නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කිසිදු සදහනක් නොමැත.

http://198.211.112.164/archives/10063

Published on: May 14, 2018- කප්පම් දිම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ඇවන්ගාඩ් සමාගම සහ එහි අධිපති මේජර් නිශ්ශංක සේනාධිපති සම්බන්ධයෙන් පසුගිය ඉරිදා දිවයින කල අනාවරණය සමග කලබලයට පත්ව ඇති කප්පම් ගත් පොලිස් නිළධාරි සම්බන්ධයෙන් කල අනාවරණය වහාම ඉවත් කර ගන්නා ලෙසට තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් එම පුවත සම්පූර්ණ අසත්‍ය පුවතක් ලෙස ලිපියක්ද පලකර තිබේ.

“ඇවන්ගාඩ්ගෙන් ජරාව කෑ පොලීසියේ 300ක ගේ නම් එළියට – නිශ්ශංක සේනාධිපති සියල්ල හෙළි කරයි” යනුවෙන් පලකර තිබු අදාළ පුවත වහාම ඉවත් කර ගන්නා ලෙසට නීතිය නවන පොලිස්පති පුජිත් ජයසුන්දර ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට නියෝග කර ඇති අතර ඒ අනුව නිශ්ශංක සේනාධිපති දිවයිනට කතාකර අදාළ පුවතට තමන්ගේ කිසිදු සම්බන්ධවයක් නොමැති බවට ලිපියක් පලකරවාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු කල සොය බැලිමකදි අනාවරණය  ඇත්තේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති විසින් තමාගෙන් මුදල් ලබාගත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් විමර්ශන කණ්‌ඩායම් කීපයක්‌ වෙත ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් වු පුවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම ලබාදි ඇත්තේද ඔහු විසින්ම බවයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බෑණාගේ සිට ආණ්ඩුව පෙරලිමෙන් පසුව වත්මන් ආණ්ඩුව සමග එක්වු සියලුම් ලපයි සිපයියන් මෙන්ම මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටි ඇතැම් කප්පම් කරුවන්  නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් බව නොරහසකි.එවන් තත්ත්වයක් යටතේ හිඟන්නාගේ සිට ගණිකාවකගෙන් පවා කප්පම් ගන්නා කුජීතම පොලිසිය නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ගත්තේ නෑ යැයි සේනාධිපති කියන්නේ නම් අනිවාර්යයෙන් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කල යුතුමය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කප්පම්,අල්ලස්,සන්තෝෂම් ලෙස මුදල් ලබාගත් පාර්ලිමේන්තුවේ සිට නගර සභාව දක්වා දේශපාලකයන් සහ ඔහුන්ගේ පුතාලා,දුවලා,බෑණලා ,යුධ හමුදාවේ ඉහල නිළයන්,පොලිසියේ ඉහල නිලයන්ගේ සිට කොස්සන් දක්වාත්,විද්යුත්,මුද්‍රිතනාලිකා වල සිට වෙබ් අඩවි දක්වා සිටින බව මේ වනවිටත් රහස් පොලිසිය සතු ලේඛන වන තිබේන බව මේජර් නිශ්ශංක සේනාධිපති නොදන්නේද?

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් පොලිස් නිළධාරි සම්බන්ධයෙන් අප සතුව වාර්තා ඔනෑ තරම් ඇති අතර තමන්ගෙ ව්‍යාපාර බේරා ගැනිම සදහා පුජිත වැනි අයෙකු ඉදිරියේ දෙකට නොනැමි කොන්ද කෙලින් තබාගෙන සිටිම නිශ්ශංකගේ නුවණට හුරුය.

ඇවන්ගාඩ්ගෙන් ජරාව කෑ පොලීසියේ 300ක ගේ නම් එළියට – නිශ්ශංක සේනාධිපති සියල්ල හෙළි කරයි …හේමන්ත රන්දුණු කල අනාවරණය….

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගත් බව කියන පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 300 කට අධික පිරිසක්‌ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) විමර්ශන ආරම්භ කිරීමට යයි.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් තමාගෙන් මුදල් ලබාගත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් විමර්ශන කණ්‌ඩායම් කීපයක්‌ වෙත ලබා දී ඇති බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ඇවන්ගාඩ් සභාපතිවරයාගෙන් මුදල් ලබාගත් නිලධාරීන් අතර පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කීපදෙනකු ද සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ළඟදීම විමර්ශන ආරම්භ කරන අතර, මෙම නම් ලැයිස්‌තුවේ සිsටින නිලධාරීන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කරන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර මෙම උසස්‌ පොලිස්‌ නිලධාරීන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ කුමන පරමාර්ථයන්ට ද යන්න සොයා බලන බව ද එම ආරංචි මාර්ග කීය.

‘ඇවන්ට්‌ගාඩ්ගෙන් ජරාව කෑ පොලිසියේ 300 කගේ නම් එළියට’ ශීර්ෂ පාඨය යටතේ පසුගිය සති අන්තයේ දී ජාතික පුවත්පතක පලවී ඇති කරුණු මුළුමනින්ම අසත්‍ය බවත් එම පුවත් වාර්තාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත් ඇවන්ට්‌ගාඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති එවු ලිපිය…

ඉරිදා දිවයින සංස්‌කාරක සටහන

මතභේදයට තුඩු දී ඇති ඉහත සඳහන් පුවත අප විසින් ප්‍රමුඛස්‌ථානයක්‌ දී පළ කරන ලද්දේ ඇවන්ට්‌ගාඩ් සමාගමේ අයිතිකරු වන මේජර් නිශ්ශංක සේනාධිපතිට කිසිදු ආකාරයකින් අගතියක්‌ කිරීමට හෝ පොලිස්‌ දෙපාර්තමේන්තුව සහ ඔහු අතර විරසයක්‌ ඇති කිරීමට නොව මේ රටේ පවතින අල්ලස්‌ සංස්‌කෘතියට පහර දීමේ අරමුණිනි. ඇතැම් දේශපාලනඥයන්, ඇතැම් උසස්‌ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක අංශවල සිටින ඇතැම් උසස්‌ නිලධාරීන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කඩා වඩා ගැනීමේ සිරිතක්‌ මේ රටේ තිබේ. එයට ඇති ආසන්නම උදාහරණය වන්නේ ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියා සහ දැව සංස්‌ථාවේ සභාපතිවරයා කන්තලේ සීනි සමාගමේ අයිතිකරුවන් ගෙන් රුපියල් කෝටි 10 ක අල්ලසක්‌ ඉල්ලා එයින් කෝටි 2 ක්‌ ලබා ගෙන ගණන් කරමින් සිටියදී අල්ලස්‌ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වීමය. එය නිශ්ශංක සේනාධිපති මහතා වැනි ව්‍යාපාරික ප්‍රජාවට නොවිය යුතු බව අපගේ මතය විය. ඉහත සඳහන් පුවත නිසා සේනාධිපති මහතාට අපහසුවක්‌ වී නම් අපි ඒ ගැන කනගාටුව පළකරමු. එසේම අල්ලස්‌ සංස්‌කෘතියට පහරදීමට අප ගන්නා උත්සාහය සේනාධිපති මහතාට නොවැටහීම ගැන ද අප තුළ ඇත්තේ මහත් සංවේගයකි.

මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ගත් සහ අල්ලස් දුන් අය පිළිබඳව අප කල අනාවරණය කියවන්න…

http://198.211.112.164/archives/384

http://198.211.112.164/archives/7266

http://198.211.112.164/archives/7138

http://198.211.112.164/archives/7226

Published on: May 14, 2018- වියත්මගේ වාර්ෂික සම්මේලනය ෂ්‍රැංගිලා හෝටලයේ පවත්වලා. එය එකී හෝටලයේ පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙන්න ඇති. එයට 2000කට පමණ පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා අපට හරියට ම කියන්න බැහැ. එහෙත් ඒ කුමක් වුවත් අපට ඇත්ත දැනගන්න පුළුවන් කියලා හිතන්නෙ නැහැ.

ගෝඨාභය 2019 දී ජනාධිපති ධුරයට ඉදිරිපත් කරන්න පිරිසක් සූදානම් වන බව පැහැදිලියි. විශේෂයෙන් ම නාගරික ජාතිකවාදීන් ඔහුට කැමතියි. මගෙත් අකමැත්තක් නැහැ. එහෙත් ඔහු වටා සිටින පිරිස් ගැන නම් මට පැහැදීමක් නැහැ. අද ගෝඨාභය වටා මෙන් ම බැසිල් වටා ද සිටින්නෙ ස්මාට් ජාතිකවාදීන්. විමල් හා ගම්මන්පිල ස්මාට් ජාතිකවාදීන් කියා මා හිතන්නේ නැහැ. භික්‍ෂූන් වහන්සේ ද ස්මාට් ජාතිකවාදීන් නොවෙයි.

එහෙත් මේ පාර්ශ්ව දෙක ම මෙහෙයවන, එමෙන් ම මතවාදී නායකත්වය දෙන පිරිස් ස්මාට් ජාතිකවාදීන් බව පැහැදිලියි. ඔවුන් එකිනෙකා සමග එකඟ වන්නේ නැති වුවත් ඔවුන් දෙපිරිස ම අප ගැන සිතන්නේ පුස් කෑ මතවාදීන් පටු ජාතිකවාදීන්, ෆැසිස්ට්වාදීන්, මිථ්‍යාමතධාරීන් , ගේම්කාරයන්, ඩීල්කාරයන්, පිස්සන්, මෝඩයන් ආදී වශයෙන්. ඇතැමුන් අපට ගෞරව කරන බවක් කියනවා. එහෙත් එය ව්‍යාජයක් බව මා අත්දැකීමෙන් දන්නවා. ඔවුන් අප කියන කිසි දෙයක් පිළිගන්නේ නැහැ.

ගෝඨාභයට උපදෙස් දෙන අය පොදුවේ ගත් කල ඉංගිරිසි කතා කරන අය. යම් ජාත්‍යන්තර මතවාද ඔවුන්ට බලපානවා. බැසිල්ටත් යම් ආකාරයකට ජාත්‍යන්තර මත බලපානවා. කවුරු ජනාධිපති පදවියට තරග කළත් (එය අහෝසි නොකළොත්, පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ ක්‍රමයක් යොදා නොගත්තෙත්) ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලටත් විශාල මුදලක් වැය වෙනවා.

මෙය අද තියෙන මූලික ප්‍රශ්නයක්. අප වැන්නන්ගේ මතය කුමක් වුවත් අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් යොදවන්නන්ගේ මතවාද. ඒ මතවාද කුමක් වුවත් මහින්ද යම් ප්‍රමාණයකට ජනතාවට ඇහුම්කන් දුන්නා. ඔහුගේ ජනප්‍රියවාදී මුට්ටි දේශපාලනය නිසා සාමාන්‍ය ජනයාගේ මතය යම්දුරකට ක්‍රියාත්මක වුණා. මෛත්‍රිපාල දුර්වලයකු වුවත් ඔහුත් ජනමතයට ඔහුට පුළුවන් ප්‍රමාණයට කන්දෙනවා. එහෙත් රනිල් තවමත් ඉන්නේ මෛත්‍රිපාලට උඩින්. රනිල් ජනමතයට කන්දෙන්නෙක් නො වෙයි. ඔහු අඩුම තරමෙන් තම පක්‍ෂ මතයටවත් කන් දෙන්නේ නැහැ.

වියත්මගේ රැස්වීමට රොහාන් ගුණරත්න කියන අයකුට ආරාධනය කර තිබුණා. ඔහු සිංගප්පූරුවෙ ආයතනයක ඊනියා යුද්ධ විශේෂඥයකු ලෙස ක්‍රියා කරනවා. ඔහු කොටි පැරදවීමට නොහැකි බව කී පුද්ගලයෙක්. ඔහු නිතර කියා සිටියේ ඊනියා සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගැනීමට. ඔහු කළ ප්‍රකාශ සහිත පුවත්පත් වාර්තා ඇතැමුන් ළඟ ඇති. ඒ ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් හොඳයි. භික්‍ෂූන් වහන්සේ මේ ගැන දන්නවා. ඔහුගේ කියමන් ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රතික්‍ෂෙප වී තිබෙනවා.

මා හමුදා මෙහෙයුම්වලින් (එය යුද්ධයක් නො වෙයි. මෙහි රටවල් දෙකක් අතර හෝ සිවිල් හෝ යුද්ධයක් තිබුණේ නැහැ) කොටි පරාජය කළ යුතුය කළ හැකිය කියන්නේ අසූගණන්වල සිට. දෙමළ ජාතිවාදයේ ආරම්භය ගැන මා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය ලිව්වේ 1992 දී. ලක්මිණ පුවත්පත මගින් කොටි පැරදවිය යුතු ය යන අදහස අනූවේ දශකයේ මුල . එයට එකල විරුද්ධ වූවන් කවුද කියා මා කියන්න යන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් මගේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු වී නැහැ. මාක්ස්වාදය සම්බන්ධයෙන් නම් මගේ අදහස්වල වෙනසක් සිදු වූවා. ඒ සමග මා එය ප්‍රසිද්ධියේ කිව්වා පමණක් නොව මාක්ස්වාදයේ දර්ද්‍රතාව ගැනත් ලිව්වා. මිනිසුන්ට අදහස් වෙනස් කරගන්න වෙනවා. පෞද්ගලික ලාභාපේක්‍ෂා නැතිව වෙනත් හේතු නිසා (තමන් වෙනත් සුසමාදර්ශයකට යෑම වැනි) අදහස් වෙනස් වන්නේ නම් ඒ බව සාධක සහිත ව ප්‍රසිද්ධියේ කියන්නේ නම් එහි වරදක් නැහැ.

රොහාන් ගුණරත්න කොටි පැරදවීම ගැන තම අදහස් වෙනස් කර තිබෙනවා ද? එසේ නම් ඒ කවදා ද? ඔහු තම අදහස් වෙනස් කර ගැනීමට හේතු දක්වා තිබේ ද? අපට ඒ දැන ගැනීමට අවශ්‍ය යි. රොහාන් ගුණරත්න ෂ්‍රැංගිලා රැස්වීමට පැමිණියේ ද ඔහු එහි දී කතාවක් කෙළේ ද ආදිය මා දන්නේ නැහැ. එහෙත් ඔහු හා ගෝඨාභය අතරය යම් දැනහැඳුනුම්කමක් ඇති බව පේනවා. පසුගිය දා ගෝඨාභය සිංගප්පූරුවට ගියේ රොහාන් ගුණරත්නගේ ආරාධනයෙන් ද?

වියත්මග වියත්වැඩ නොකරන තරමට හොඳයි. පළමු වියත් යන්න විද්වත් යන්න සඳහා. දෙවැනි වියත් යන්න වියතක පමණ (මැනුම් ඒකකය) යන්න සඳහා. මේ ලිපියට ජාතිකවාදීන් විරුද්ධ වේවි. එහෙත් අපට දැනට ඉන්න නායකයන් ගැන අප විවේචනාත්මක විය යුතුයි. ඒ රටේත් ජාතියේත් නාමයෙන්.

Loading…

Top