මහ බැංකු වංචාවේ කුප්‍රකට ඩිල් කරු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට මුවා වි යලිත් ඇමතිකම ගැනිමට ගත් උත්සහය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යාර්ථ කල අකාරය මේ වනවිට අනාවරණය වි ඇති බව අප දේශපාලනය වාර්තාකරු සදහන් කළා.

විශ්වාසභංගයට දින් කිහිපයක් තිබියදි රවි,මෛත්‍රී හමුවක් සිදුවු අතර එම සාකච්ඡාව සදහා දුෂණ විරෝධීයෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට දුෂක සිවුරු කාරයෙක් වන උලපනේ සුමංගලද එක්ව ඇති අතර විශ්වාසභගයෙන් රනිල් පරාජය ඉරිම සදහා එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන්12 දෙනෙකුගේ තින්දුව තමන් දෙන් නියෝග මත ක්‍රියාත්මක වන ව එහිදි රවී සිරිසේනට පවසා තිබේ. එහිදි රවී දිගින් දිගටම තමන් සමග 12  දෙනෙකු සිටින බවට තහවුරු කර ඇති අතර ඒ සදහා සාක්ෂිකරුවෙකු ලෙස උලපනේ සුමංගල පෙන්වා තිබේ.

පසුව රවී ජනපති සිරිසේන සමග Deal කරමින් තමන්ට ඇමති කමක් ඉල්ලා ඇති තර එහිදි ජනපති රවිට පොරොන්දු දි ඇත්තේ විදේශ සහ විදේශ ආර්ථක කටයුතු යනුවෙන් ඇමතිකමක් ලබදිමට තමන්ට හැකියාවක් පවතින් බවයි.ඒ සදහාද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේද කැමැත්ත ලබාගත යුතු බවත් විශ්වාසභංගය දින ගැනිමට හැකි වේ නම් එම කැමත්ත ලබාගත හැකි බවයි.

පසුව  විදේශ සහ විදේශ ආර්ථක කටයුතු ඇමතිකම සම්බන්ධයෙන් අවසන් තින්දුවකට පැමිණි රවි ජනපති මැදුරෙන් පිටත්ව උලපනේ මග හලා කෙලින්ම ගොස් රනිල් හමුවි ඇති අතර් තමන්ගේ නියෝගයට එජාප පසුපෙස මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ඡන්දය දිමට සුදානමින් සිටින බවත් රවී,රනිල්ට පවසා ඇති අතර තමන්ට තමන් බලාපොරොත්තු වන ඇමතිකම සහ පසුපෙලට ලබාදිම සදහා මිලියන 500ක මුදල් ලැබෙන්නේ නම් එම කණ්ඩායම විශ්වාසභංගයේදි නායකත්වයට පක්ෂව ඡන්දය භාවිතා කිරිමට හැකිවන පරිදි මෙහෙය විය හැකි බවද රවි පෙන්වා දි තිබේ.

සල්ලි යන වචනය දොට්ට වැටුන් ගමන් ගේම් එක හදුනාගත් රනිල් රවිට ඉහල පෙළේ ඇමතිකමක් ලබාදිමට තමන් කටයුතු කරන් බවත් එ සදහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාකල යුතු බව පවසා තිබේ.

රවී ඉවත්ව ගිය සැනින් වහාම ක්‍රියාත්මක වු රනිල්,මලික්ට කතාකර රවිගේ නිවසට මිලියන් 500ක මුදලක් යවා ඇති අතර මුදල් ලබාගැනිමෙන් පසුව සියල්ල අමතක වු රවී තමන් සමග සිටිනවා යැයි ඔහුම සිතාගෙන සිටින එජාප පසුපෙල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කතා කර ලක්ෂ 20 බැගින් ඔහුන්ට ලබා දි ඇති රවී පවසා ඇත්තේ “ලොක්කාව පරදන්න පා මේ සල්ලි වලින් ආතල් එකක් ගන්න යනුවෙනි…”

අන්තිමට විස්වාසභංගය දිනාගත් රනිල් රවීට කොකා පෙන්නුවා පමණක් නොව එජාපයේ එකෙක් හෝ රනිල්ට එරෙහි නොවිම හේතුවෙන් උරණ වු සිරිසේනද රවීව් නොසලකා හැරියා පමණක් නොව තමන්ට ඇමතිකමක් ලැබේද යන්න ජනපතිගෙන් විමසිමට ගත් උත්සහයන් සියල්ලම අසාර්ථක වි ගිය බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඇමතිකමක් ගැන බලපොරොතුවෙන් රටවටේම සිය ඇම්බැට්ටයන් යොදව මාධ්‍ය මෙහෙයුම දියත් කල රවී අවසන් මොහොතේ ඇමතිකම නොලැබීම හේතුවෙන් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්‌සත් ජාතික පක්‌ෂ මැයි රැලියටද නොපැමිණි රවී මේඑ වනවිට තමන්ට ඇමතිකම ලබා නොදිමට කටයුතු කල ජනපති සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර මඩ ප්‍රචාරයන් මෙන්ම ආර්ථික කඩා වැටිමක් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා බැට දෙන්නට මේ වනවිට කටයුතු කරමින් සිටි.

මේ අතර මිලියන් 500ක මුදලක් තනියම් රනිල්ගෙන් අරගත් බව දැනගත් කුප්‍රකට දුෂක සිවුරු කාරයෙක් වන උලපනේ සුමංගල ඊට පසුදාම මාධ්‍ය හමුවක් කැදවමින් මෙන්ඩිස් සමාගමට රවීගේ හිතවතෙකු හරහා බදු ගෙවිම් සම්බන්ධයෙන් අප කල අනාවරණය සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කල අතර මිලියන,බිලියන් ගැන නිවරදිව නොදන්නා උලපනේ ලක්ෂ 4000ක් වෙනුවට කෝටි 4000ක් ලෙස වැරදි ප්‍රකාශයක්ක්අ  අතර එය පසුදා මවුබිම පුවත් පතේද ඒ අකාරයටම සදහන්ව තිබේ.

උලපනේ සුමංගලගේ ප්‍රකාශයෙන් පසුව වහාම පසුදා උදෑසනම විහාරස්ථානයට ගිය රවී සහ බිරිද උලපනේ හමුදුරුවන්ට මිලිඅයින 5ක කප්පමක් දි කතාව එතනින්ම අවසන් කර දමා තිබේ.කෙසේවෙතත් රවි වටා එකතු වි සිටි එජාපයේ පසුපෙල මේ වනවිට සම්පූර්ණයෙන් ගලවා ඉවත්කිරිමට එජාපයේ රනිල් පිල කටයුතු කරමින් සිටින බවද දැන ගන්නට තිබේ.

රවී පත් නොකළේ එ ජා පය කී නිසාලු…

ඉන් පසුව රාජිත යෝජනා කළේ කැබිනට්‌ ඇමැති මාරුවේදී රවී කරුණානායකට ඇමැති ධුරයක්‌ නොදෙන්නට තීරණය කිරීම මෙම අවස්‌ථාවේ නොගැලපෙන කටයුත්තක්‌ බව ය.

මගේ ප්‍රශ්නයක්‌ නැහැ… යූ ඇන් පී එකෙන්මනේ කියන්නේ එයාට මොකුත් දෙන්න එපා කියලා. අගමැතිතුමත් එක්‌ක මාව හම්බවෙන්න ආපු යූඇන්පී එකේ ප්‍රබලම ඇමැතිවරු දෙන්නෙක්‌ එක හඬින්ම කිව්වා රවිට මුකුත් දෙන්න එපා කියලා… අගමැතිතුමත් කිව්වේ පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය කැඳවලා මේ ගැන තීන්දුවක්‌ අරන් දැනුම් දෙන්නම් කියලයි. මට කරන්න දෙයක්‌ නෑ.

මේ අයුරින් එදා පොළොන්නරුවේදී ජනාධිපතිවරයාත් ඇමැති රාජිතත් අතර පැවැත්වුණු සාකච්ඡාව බොහෝ දේශපාලන කරුණු කාරණා සාකච්ඡාවට බඳුන් වූ වැදගත් සාකච්ඡාවක්‌ විය. ජනාධිපතිවරයා සෙනසුරාදා රාත්‍රිය ද පොළොන්නරුවේ ගතකළ අතර පසුදා උදෙන්ම නැගිට ශරීර සුවතා කටයුතු සඳහා ප්‍රදේශයේ තනිවම ඇවිද ගියේය… ඒ යන අතරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පාලනය කරන මෛත්‍රී නිවහන නම් විශ්‍රාම ශාලාවට ද ගොඩ වී එහි නතරවී සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්‌ හමුවී ඔවුන්ගේ දුක්‌ සැප විමසන්නට ද අමතක නොකළේය. මාධ්‍යවේදී කණ්‌ඩායමක්‌ පැමිණ සිටියේ ඉරිදා දිනයේ පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නට නියමිතව තිබූ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්‌ෂණයෙන් පවත්වන, මහවැලි ගඟේ වැලි ගොඩදාන ජනතාවගේ සුබසාධන කටයුත්තක්‌ ලෙස පවත්වනු ලබන විශේෂ අවුරුදු උත්සවයට සහභාගි වන්නටය.

එක්‌සත් ජාතික පක්‌ෂ මැයි රැලිය සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර එක්‌සත් ජාතික පක්‌ෂ මැයි දිනයේ විශේෂත්වය වූයේ පෙළපාලියක්‌ නොමැතිවීමය. මැයි දිනය රැලියකින් පමණක්‌ අවසන් කරන්නට එක්‌සත් ජාතික පක්‌ෂය මුල සිටම තීරණය කර තිබීම ඊට හේතුවයි. එපමණක්‌ නොව, එක්‌සත් ජාතික පක්‌ෂ මැයි දිනයට පිට පළාත්වලින් සෙනග නොගෙන්වා කොළඹ ජනතාව පමණක්‌ ඒකරාශී කර සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වන්නට මුල පටන්ම තීරණයක්‌ ගෙන තිබිණි. කෙසේ වෙතත් පිට්‌ටනිය පිරෙන්නට මහ සෙනගක්‌ ඒ සඳහා ගොනු කරන්නට එක්‌සත් ජාතික පක්‌ෂයේ කොළඹ නායකයෝ සමත්ව සිටියහ. එහෙත් පිට පළාත්වලින් මැයි දිනය සඳහා පැමිණි එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ගෙන් මෙම වැඩපිළිවෙළ සඳහා ලොකු විවේචනයක්‌ එල්ල වී තිබුණේ තමන්ට පිට්‌ටනිය ඇතුළටවත් එන්නට කිසිදු අවසරයක්‌ සලසා දී නොතිබූ නිසාය… මෙසේ පැමිණ සිය ගණනක්‌ ජනතාව නායකත්වය විවේචනය කරමින් පක්‌ෂය ගෙන යන වත්මන් වැඩපිළිවෙළ ගැන තම නොසතුට පළ කරමින් විසිර ගියේ යම් කලහකාරී හැසිරීමක්‌ ප්‍රදර්ශනය කරමිනි.

කෙසේ වෙතත් පිට්‌ටනිය ඇතුලේ තිබූ මැයි දින රැලිය ඉතා සාර්ථක එකක්‌ විය. රවී කරුණානායක වැනි එජාපයේ ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනෙක්‌ ඊට සහභාගී වී නොසිටියේ ඔවුන් තුළ තිබූ මෑතකාලීන කලකිරීම නිසා බව කතා බහට ලක්‌විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අමතරව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ජාතික සංවිධායක නවීන් දිසානායක සරත් ෆොන්සේකා රාජිත සේනාරත්න ඇතුළු විශේෂ කථීකයන් කිහිපදෙනකුම මැයි දින වේදිකාවේ කරන ලද කතා කැපී පෙනෙන්නට වූහ. සජිත් මෙහිදී කරනු ලැබුවේ තරමක්‌ සටන්කාමී කතාවකි. සමහරුන් ඔහුගේ කතාව තුළ නායකත්වය පිළිබඳව දැඩි විවේචනාත්මක අදහස්‌ උදහස්‌ හඳුනාගෙන තිබිණි.

Loading…

මැයි දින වැඩ කටයුතු අවසන් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය රාජිත සේනාරත්නට ඉතා වැදගත් කරුනුක්‌ සඳහා පසුදා උදේ 11.00ට තමන් හමුවන්නට එන ලෙස ආරාධනාවක්‌ පිටකර හැරියේය. ඒ අනුව පසුදා අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්‌කොඩි අතර සාකච්ඡාව පැවැත්විණි.

පළමුවෙන්ම අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේ… රාජිත දැන් පක්‌ෂයට සම්බන්ධවීම ගැන මොකද කියන්නේ කියා විමසීය. ඊට හරි උත්තරයක්‌ නොදී රාජිත පැවැසුවේ වර්තමානයේ පක්‌ෂය පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරමු… කියාය. ඇමැති රාජිත එක්‌සත් ජාතික පක්‌ෂයේ සමගිය ආරක්‌ෂා කර ගැනීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා විස්‌තර කර දුන්නේය. ඒත් සමඟම අග්‍රාමාත්‍යවරයාත් රාජිත ඇමැතිවරයාත් රටේ අනාගත දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක්‌ ආරම්භ කළහ. මෙහිදී වැඩි උනන්දුවක්‌ දැක්‌වූයේ ඊළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්‌ෂකයා සම්බන්ධවය. ඒකාබද්ධ වූ විපක්‌ෂය හා විපක්‌ෂයේ බලවේග පරාජය කිරීමට නම් සිංහල, දෙමළ, මුස්‌ලිම් බලවේග ඒකරාශී කර ගත හැකි පොදු සන්ධානයක්‌ මත සිට පොදු අපේක්‌ෂකයෙක්‌ ඡන්දය ඉල්ලිය යුතු බව රාජිතගේ අදහස විය. සමගි නොවී දේශපාලන කණ්‌ඩායම් හැටියට බෙදී වෙන් වී ඡන්දයට ගියහොත් තම සතුරන් නිසැකවම හිස ඔසවන බව රාජිත මෙහිදී පෙන්වා දුන් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එය බැරෑරුම් ලෙස සිත්ට ගත් බවක්‌ පෙන්නුම් කළේය.

රාජිත පෙන්වා දුන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය වෙනුවට එක්‌සත් ජාතීන්ගේ ජාතික පෙරමුණක්‌ සංවිධානය කර ඡන්ද ලකුණක්‌ සකසා පුළුල් ලෙස දේශපාලන වැඩපිළිවෙළක්‌ වහාම ආරම්භ කළ යුතු බවයි. ඒ සඳහා දෙමළ මුස්‌ලිම් බලවේග ඒකරාශී කරගෙන එක්‌සත් ජාතික පක්‌ෂයේ සිටින සටන්කාමී කණ්‌ඩායම් එක්‌රැස්‌කරගෙන දැන් සිටම මේ සටන ආරම්භ කළ යුතු බව දෙදෙනාම එකඟත්වයකට පැමිණියහ.

අවසාන වශයෙන් නව එක්‌සත් ජාතික පෙරමුණක්‌ පිහිටුවන්නට සියලු දෙනා සමඟ එක්‌ව මූලික සාකච්ඡාව ආරම්භ කර නිලධාරී මණ්‌ඩලයක්‌ නම් කරගැනීමට දිනයක්‌ යොදාගනු ලැබූහ. ඒ සඳහා බ්‍රහස්‌පතින්දා හවස 6.00ට නැවත හමුවී සාකච්ඡා කරන්නට තීන්දු විය. රාජිත අමාත්‍යවරයා සැලසුම් කළ අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් දෙදෙනා එකට එකතුකර නව දේශපාලන ගමනක්‌ යැමේ වැඩසටහනේ මූලික අදියර එසේ අවසන් විය. පසුගිය සතිය ආරම්භ වන විට රාජිත මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම් සඳහා ජනාධිපතිවරයා සමඟත් අග්‍රාමාත්‍යවරයා සමඟත් වෙන වෙනම සාකච්ඡා කර තිබිණි.

බුලිත ප්‍රදීප් කුමාර

Loading…

Published on: May 13, 2018 – දුටුගැමුණු රජු එළාර රජු සටන් වැදී දුටුගැමුණු රජු එළාර රජු පැරද වූ විජිත පුර බලකොටුවේ බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා බලප්‍රදේශය නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ගම්මානයක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් බුල්ඩෝසර් දමා එහි ඇති පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව මේ විට අංශ කිහිපයකින් පරීක්ෂණ පවත්වමින් සිටියි.

නිවාස සංවර්ධන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකරනු ලැබූ මෙම පුරාවස්තු විනාශය පිළිබඳ ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ මෙය පරීක්ෂණ පැවැත්වීම සහ අත්හිටුවීම විශේෂත්වයකි. මාධ්‍ය මඟින් හෙළිදරව් නොවන්නට අෑත අතීතයක් පිළිබඳව විස්තර කෙරෙන බැලුම්ගල නම් වූ මෙම සුවිශේෂී වූ පුරාවිදු බිම දැයට අහිමි වන්නට තිබිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විජිතපුර ඓතිහාසික පූජා භූමියට යාබදව පිහිටි පුගොල්ලාගම බැලුම්ගල නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිහිටි භූමි භාගයේ තිබූ කොරවක් ගල්, ඉපැරැණි ගරාවැටුණු චෛත්‍ය, ගල් කණු, මල් ආසන, ගල් ඇඳන්, සඳකඩපහණ, මුරගල්, ඉපැරැණි ගොඩනැඟිලිවල කැබලි සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කොට අක්කර 15ක පමණ විශාල භූමි ප්‍රමාණයක් ඩෝසර් කොට

විනාශ කර ඇති බවද පෙන්වා දී ඇත. ප්‍රදේශවාසීන් මේ විනාශය සිදුනොකරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන් අතර එහෙත් දේශපාලන බලය මත මේ විනාශය සිදුකරමින් නිදන් සෙවීමේ අරමුණ ඇතිව වටිනා පුරාවිද්‍යාත්මක දේ විනාශ කළ බවට චෝදනා නැඟෙන්නට විය.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු මහත්මිය අනුරාධපුර නිවාස සංවර්ධන අධිකාරියට මෙම ඉඩම අක්කර 15ක කොටසක් නිවාස ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති බවද ප්‍රදේශවාසීහු කියති. ඒ අනුව නව නිවාස ඉදිකිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත පසුගියදා මුල්ගල තබා මෙයාකාරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා වටිනා භූමිභාගය හෙළි පෙහෙළි කරමින් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉපැරැණි ස්ථානයේ නටබුන් විනාශ කොට ඇති බව ඔවුහු පෙන්වා දෙති.
විනාශය පිළිබඳව බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද මෙතෙක් කිසිදු වගවිභාගයක් නොවූ බවද ඔවුහු පවසති. රජයේ මුදල් යොදවා ගෙන රජයේ යන්ත්‍ර සූත්‍ර යොදවාගෙන රාජ්‍ය නිලධාරීන් යොදවාගෙන නිවාස සංවර්ධන අධිකාරියේ සහ ග්‍රාම නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පුරාවිද්‍යා භූමිය විනාශ කළ බව ඔවුහු කියති.

දුටුගැමුණු එළාර යුද සමයේ සිට මෙම ස්ථානය පැවැති බවත් එළාර දුටුගැමුණු යුද සමයේ සතුරන් එන ස්ථාන බැලීම සඳහා බැලුම්ගල නම් වූ ස්ථානය පිහිටා ඇති බවත් එම ස්ථානයේ පසුව විහාරාරාම කර සඟසතු කොට පුජා කළ ස්ථානයක් වූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසියකු වන කරුණාරත්න බණ්ඩාර මහතා මේ පිළිබඳව පැවැසුවේ මෙවැන්නකි.

“උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 516 තුලාන පුගොල්ලාගම බැලුම්ගල කියන කොටස මේක. විජිතපුර බලකොටුවට අයත් එළාර රජතුමාගේ බලකොටුව කියලා තමයි කියන්නේ. එළාර රජතුමාගේ බලකොටුවේ ඔත්තු බැලීම සඳහා භාවිත කළ බැලුම්ගල තමයි මෙතැන තියෙන්නේ. මේ බැලුම්ගලට නැග්ගාම අවට ප්‍රදේශයේ සියල්ල ඉතා හොඳින් පේනවා. රජ කාලයේ සිතියම්වල සංකේතවලින් ඒක පැහැදිලිව පේනවා. මේ ස්ථානයේ පුරාණ සලකුණු රැසක් ගල්වල සටහන් වෙලා තියෙනවා. මේ ස්ථානයෙහි පසුකාලීනව අපිට හිතෙන විදිහට බෞද්ධ මධ්‍යස්ථානයක් හැටියට තමයි තිබිලා තියෙන්නෙ. මොකද සඳකඩපහන් කොරවක් ගල්, පහන් ගල්, ගල් ඇදන්, මල් ආසන ආදී විවිධ විහාරවල තියෙන දේ, උළුකැට දකින්න තියෙනවා. දිගින් දිගටම නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවෙන ප්‍රදේශයක්. බැලුම්ගල බෝර දාලා තියෙනවා බහුතරයක් මේවා පිටිපස්සෙ ඉන්නෙ දේශපාලන අධිකාරිය”

“සංවර්ධනයේ මුවාවෙන් දේශපාලනඥයෝ මේ ඉඩම ඩෝසර් කරලා නිදන් ගන්න තමයි හදන්නේ. ඒ නිසා අපි එක ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ස්ථානය ගමේ මිනිසුන්ට ලබාදෙන්න. අපි වෙහෙර විහාරස්ථාන නිර්මාණය කරලා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවලා මේ ස්ථානය ආරක්ෂා කරන්න අපට පුළුවන්. එහෙම වුණොත් පළමුවැනි ආවාස කුටිය මම මගේ වියදමින් නිම කරලා ලබා දෙනවා. මේවා මතු පරපුරට ආරක්ෂා කර දිය යුතුයි. භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැන පුරාවස්තූන් ආරක්ෂා වෙලා තියෙනවා. අනෙකුත් හැම තැනක්ම නිදන් හොරුන්ගෙන් හානි වෙලා තියෙනවා. ඒ නිසා මේ ස්ථානය ආරක්ෂා කරගත යුතුමයි”

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය කියන්නේ තමන්ගේ ග්‍රාම නිලධාරිවරයා ලබාදුන් වාර්තාවේ කිසිම බෞද්ධ හෝ නටබුන් තියෙන විත්තියක් නැති බව. හැබැයි මේක විශ්වාස කරන්න පුළුවන්ද? මේ ග්‍රාමසේවක නෙවෙයි පුංචි දරුවෙක් ඇහුවත් දන්නවා මෙතැන පුරාවස්තු තියෙනවා විතරක් නෙවෙයි ඒ ස්ථානයේ කවුරුන් හෝ පදිංචියට ගියා නම් ඒ අය ඉවත් කරලත් තියෙනවා. ගොවිතැන් කරපු අය නඩු දාලා ඉවත් කරපුවත් තියෙනවා. එහෙම එකේ ග්‍රාම නිලධාරිවරයා දන්නේ නෑ කියලා වාර්තාවක් දෙන්නෙත් හිතාමතාම කියලා අපිට පැහැදිලිය”

එල්.ඒ.එස්. කුමාරසිංහ මහතා

“අපි මේ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම දැනුම් දුන්නා. ඩෝසරේ අරන් එනකොටත් අපි කිව්වා, මැනුම් කරන කොටත් අපි කිව්වා, මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන භූමියක්. අපේ ගම්මුන් අතීතයේ ඉඳලම මේ ස්ථානය ආරක්ෂා කළා කියලා තියෙනවා කියලා නිවාස සංවර්ධන අධිකාරියේ මහත්තයාට මම ඇවිල්ලම කිව්වා මේක තව පාරක් හිතන්න, මේවා විනාශ කරන්න එපා කියලා. හැබැයි එයා අපිට කිව්වේ තමුසෙලට මේවයින් වැඩක් නෑ ප්‍රාදේශීය ලේකම්තුමිය අපිට මේ ඉඩම දීලා තියෙන්නේ ඒ නිසා ප්‍රදේශීය ලේකම්තුමියට තමයි ඉඩම් බලතල තියෙන්නේ. ඕනෑ දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. එහෙම අපිව බයකරලා තමයි මේ විනාශය කළේ. මේක ඩෝසර් කරලා විනාශ කරන කොට බලාගෙන ඉන්න බැරි නිසා ගිහිල්ලා මම කිව්වා කරුණාකරලා මේක නවත්තන්න කියලා. කෑ ගැහුවා. බැරිම තැන පොලිසියේ හදිසි ඇමතුම් අංශයට පවා කතා කරලා කිව්වා. එහෙම කියලා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා මේ විනාශයෙන් ටිකක් හරි මේ තත්ත්වයෙන් නවත්ත ගන්න පුළුවන් වුණේ. විනාශය ගැන රජයේ නිලධාරීන්, රජයේ මුදල්, රජයේ වාහන සියල්ල යොදාගෙන සිද්ධ කරන නිසා මේක කොහොම හෝ නවත්තගන්න තමයි අපි ජනමාධ්‍යවේදීන්ට මේ ගැන කියන්න තීරණය කළේ.”

ඩබ්ලිව්.ඒ. ප්‍රසාදිකා චතුරි මහත්මිය

“අප නිවාස ඉදිකරනවාට අකැමැති නැහැ. නිවාස ඉදි කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මේ වගේ භූමියක් විනාශ කරන්න එපා කියලයි අපි කියන්නේ. ඒ වගේම මේකේ මුල්ගල තියන්න ආවේ අනුරධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා ඇතුළු රජයේ නිලධාරීන්. ඒ වෙනකොටත් මේ අය හො¼දාකාරවම දන්නවා මෙතැන පුරාවිද්‍යා භූමියක් කියලා. පොලිසිය පවා දන්නවා මෙතැන ඓතිහාසික තැනක් කියලා. මෙතැන ඩෝසර් කරලා මුල්ගල තියෙන කොට පොලිසියෙ අයත් හිටියා. ඒ නිසා මේ භූමිය මතු පරපුරට ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”

අප මේ ස්ථානයට ගොස් ජනතාව සමඟ සාකච්ඡා කරමින් සිටියදී කිසියම් පිරිසක් අප එම භූමියට යෑම වැළැක්වීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ඉපලෝගම පොලිසියට දැනුම් දී යතුරුපැදියකින් උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු එම ස්ථානයට පැමිණීමද විශේෂත්වයකි. පොලිස් නිලධාරියාට අප කියා සිටියේ මෙම විනාශය වාර්තා කිරීම සඳහා පැමිණි බවය. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අපගේ රාජකාරියට බාධාවක් නොකිරීම විශේෂත්වයකි.

පසුව මේ පිළිබඳව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසීමට එම කාර්යාලයට ගියද එතුමිය රාජකාරියකට වෙනත් ප්‍රදේශයකට ගොස් සිටි නිසා සහකාර ප්‍රාදේශීය ලේකම් අයි.ජී.ආර්.අයි. බණ්ඩාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඒ මහතා කීවේ ප්‍රාදේශීය ලේකම්වරිය නිවාස සංවර්ධන අධිකාරියට අක්කර 15ක භූමි ප්‍රමාණයක් ලබාදී තිබුණු බවය.

පසුව අපි ජංගම දුරකථනය හරහා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු. එතුමිය කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරියට එම ඉඩම ලබා දුන් බවත් ඉඩම ලබාදෙන අවස්ථාවේදී එම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවට හඳුනාගෙන නොතිබූ බවත් හඳුනාගැනීමත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ බව දන්වා යැවූ බවත්ය. තමන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී විශාල පුරාවස්තුවලට හානි සිදුකොට ඇති බවද සඳහන් කළාය.

අනුරාධපුර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාරිනිය එස්.ඩී.කේ. විජේරත්න මහත්මියගෙන් අප දුරකථනයෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ එවැනි පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව නොදැන සිටි බවත් තමන් එම ස්ථානයට නොගිය බවත් එවැනි විනාශයක් සිදුකර නැති බවද කීවාය. මෙම ස්ථානය ඩෝසර් දමා සුද්ද කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කළේද එම මුදල් කොහෙන්ද කියා අප විමසීමේදී කීවේ රජයේ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වියදම් කළ බවය.

නිදන් වස්තු සෙවූ බවද ජනතාව නඟන චෝදනා නොපිළි ගන්නා බවට මාධ්‍ය මඟින් එවැනි කතා ගොතන්න උත්සාහ කරන බවද අෑ කීවාය.

මේ පිළිබඳව පුරාවිද්‍යා අධක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතාගෙන් විමසීමේදී කීවේ ප්‍රාදේශීය ලේකම්වරියට, ග්‍රාමසේවා නිලධාරියාට, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට විරුද්ධව පුරාවස්තු ආරක්ෂා පනත යටතේ නීතිය ක්‍රියාත්මක වන බවය.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ජංගම දුරකථනය තවත් ඇමතුමක් සමඟ සම්බන්ධ වී සිටීම නිසාවෙනි.

මේ දිනවල දිගින් දිගටම විවිධ සංවිධාන සහ බොහෝ පුද්ගලයෝ පුරාවස්තු විනාශය පිළිබඳව දැක බලා ගැනීමට මෙහි පැමිණෙමින් සිටිති. එමෙන්ම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කණ්ඩායම් විසින් අනුරාධපුර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරිය සහ ඉන්ජිනේරුවරයකුගේ සේවය අත්හිටුවනු ලැබ තිබෙන අතර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය තාවකාලිකව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරු කර තිබේ. එමෙන්ම වසමේ ග්‍රාම නිලධාරිවරයාටද ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

පසුගිය පාලන සමයේ මෙන්ම වර්තමාන පාලන සමයේද දේශපාලන අධිකාරිය මඟින් පුරාවිද්‍යා ස්ථානයට ඇස ගසාගෙන සිටීම විශේෂ කරුණක් බව ප්‍රදේශවාසීහු පුන පුනා කියති. මන්ද මෙම ස්ථානයේ ඇති බව සැලකෙන එළාර රජුගේ ආයුධ ගබඩාව සහ එළාර රජු විසින් තැන්පත් කරනු ලැබ ඇති භාණ්ඩ මෙහි ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය පවතී.

මීට වසර ගණනාවකට පෙර මෙම ස්ථානයේ කැණීම් කොට බුදු පිළිම වහන්සේලා සහ විවිධ කෞතුක භාණ්ඩ නිදන්වලින් ලබාගෙන ඒවා අලෙවි කළ පුද්ගලයන්ගේ නාමලේඛනයක් ප්‍රදේශවාසීහු නිරන්තරයෙන් අවධාරණය කරති. එමෙන්ම එම පුද්ගලයන්ට සිදුවූ විපත්ති පිළිබඳවද ඔවුහු අප සමඟ පවසන්නට වූහ. එම නිදන් ලබාගත් බව කියන ප්‍රබල පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයන්ද වසර කිහිපයක් තුළ ජීවිතයෙන් සමුගත් බවත් අකාලයේ ජීවිත අහිමි කරගැනීමට සිදුවූයේ මෙම ස්ථානයට සිදුකළ අපරාධ නිසා බවත් ප්‍රදේශවාසීහු අප සමඟ පැවැසූහ.

නිදන් හොරුන් විසින් මෙම භූගත ස්ථාන හාරා විනාශ කරනු ලැබ ඇති ආකාරයද පසුගිය දිනවල එහි සංචාරය කිරීමේදී අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. නිවාස ඉදිකිරීමේ මුවාවෙන් මහා පරිමාණ නිදන් කොල්ලයකට මෙම නිලධාරීන් කැස කැවූ බව ප්‍රදේශවාසීන්ගේ බරපතළ සැකයට ලක්ව තිබේ.

දඹුල්ල- කේ.කේ. ආරියදාස


Loading…

Published on: May 12, 2018 – දේශපාලන සුකිරිබටිල්ලන් හිතන්නේ මහින්දගේ දේශපාලනය ආරම්භ වෙන්නෙ 2015 වසරේ මහින්දගේ පරාජයත් සමග රැල්ලක් ලෙස නැගි මහින්ද සුළඟින් කියල. මේක තරම් විහිළුකාරී කතාවක් ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් නැහැ. මහින්දගේ දේශපාලන උත්ථානය ඔහුගේ පරාජයෙන් පසු ඇති වූ මහින්ද සුළඟට ආරෝපණය කරල ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ, ඒ මහින්ද සුළ‍‍ඟේ වේදිකාවට ගොඩ වූ විමල් වීරවංශ මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය විදියට මේ බලවේගය මෙහෙයවන වැඩේ කරන එක. එහෙම කරල අවසන් මොහොතේ මේ මහින්ද බලවේගය සිරිසේනට හේත්තු කරන එක. ඒ මෙහෙයවීමට සුජාතභාවය පතන්නේ ‘අපියි මේක පටන් ගත්තෙ’ කියන මිත්‍යාව හරහා. එනම් තමන් නිර්මාණය කළ එක අයිති තමන්ට කියල මතයක් හදල. ඇත්තට ම විමල් විතරක් නෙමෙයි, එදා මහින්ද සුළඟට ගම්මන්පිල, දිනේශ් හා වාසුත් දායකත්වය දුන්නා. ඒකාබද්ධ මන්ත්‍රීවරුත් එසේ කළා. ඒත් ඔවුන්ට නුගේගොඩ වේදිකාවට නගින්න බැරි වුනා. ඒ ඔවුන් ශ්‍රිලනිපයේ සිටි නිසා. විනය පරීක්‍ෂණ එන්න පුළුවන්. ඒ වන විටත් සභාපති සිරිසේන. ඒ කෙසේ වෙතත්, දිනේශ් හා වාසු මේක අපේ හුළඟ කියාගෙන එන්නෙ නැහැ. ඔවුන් දන්නවා මේකෙ ඉතිහාසය. කෙසේ වෙතත්, විමල්ට තියෙන්නෙ එදා වගේ ම අදත් මහින්ද බලවේගය කඩල තමන් සතු කර ගැනීමේ පිපාසයක්. ඒ සඳහා මේක අඩපණ කරන්න ඕන. කොටින් ම එදා මහින්දගේ පරාජයට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ වැඩේ දැන් නැගීගෙන එන මහින්ද බලවේගයටත් කරන්න ඕන කියල ඔහු හිතනවා ඇත. ඒ බලවේගය වැටුණු තැන තමයි විමල් හිතන්නෙ තමන්ව ඉපදෙන්නෙ. මේකට තිබෙන එකම බාධකය බැසිල් රාජපක්‍ෂ. ඒ නිසා බැසිල් විරෝධයක් නිර්මාණය කරනවා. ඒකට පළිහක් විදියට භාවිත කරන්නේ ගෝඨාභය. උඩ කිව්ව වගේ, මම හිතන්නේ මොවුන් අන්තිම මොහොතේ ගෝඨාභයත් අත හරිනවා. ඒකට ඉඟි දැනටමත් කරලා. පසුගිය දා විමල්ලා එළි දැක් වූ මහජන සභාව නම් රචනාවේ 2020 අපේක්‍ෂකයා ලෙස සිරිසේන ද යෝජනා කර තිබීම සැලකිය යුතු කාරණයක්. එසේ නම් මේ දැන් කරන්නෙ ඌරාගේ මාළු ඌරාගේ ම ඇ‍ඟේ තියල කපන එක. දැන් ගෝඨා දාලා බැසිල් කපනවා, පස්සේ සිරිසේන දාලා රාජපක්‍ෂවරු කපනවා.

මහින්ද සුළඟ කියන්නේ කුමක් ද? ඒ මහින්දගේ අර්ථික, දේශපාලන හා සමාජ ප්‍රාග්ධනය. එනම් මහින්ද සිය වසර 9ක කාලය තුළ රටට ජාතිය කළ කාර්යේ දේශපාලන ඓක්‍ය. මේ සුළං මෝල හිමි වෙලා තිබෙන්නෙ ප්‍රධාන වශයෙන් රාජපක්‍ෂවරුන් තිදෙනෙකුට. ඒ මහින්ද බැසිල් හා ගෝඨා. ගෝඨා 30 වසරක බෙදුම්වාදී යුද්ධයට එරෙහිව මහින්ද නායකත්වය දුන් යුද යාන්ත්‍රණයේ මිලිටරි අංශය භාරව කටයුතු කළ නිලධාරියා. බැසිල් එකී යුධ යාන්ත්‍රණයේ ආර්ථික, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික අංශය භාරව කටයුතු කළ දේශපාලකයා. මහින්ද මේ සියල්ලට ම ඉහළින් සිට ඊට නායකත්වය, දැක්ම හා ජවය දුන් නායකයා. මේ අතර, යුද්ධයෙන් පසු රටේ සෑම දිසාවක ම විශාල සංවර්ධන ක්‍රියාදාමයක් ඇරඹුනා. ඒ නිදහසින් පසු මගහැරී තිබූ ව්‍යාපෘථි කඩිනම් ලෙස නැවත සක්‍රිය කරමින් ආසියාවේ අපට පිටුපසින් සිටින ලදුව පසුව අප පසුකර ගිය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල තැනටවත් මේ මව්බිම ඔසවා තැබීමට. එම උසස් ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව මේතාක් නොදුටු අධිවේගී මාර්ග, නව වරාය, නව ගුවන්තොට, මතු නොව රටේ සෑම අතට ම විහිදුනු ද්විත්ව මංතීරු සහිත මාර්ග පද්ධතිය, ගමනැගුම, මගනැගුම, දිවිනැගුම, පුරනැගුම පාසැල්, රෝහල්, පොලිසි, පාලම් බෝක්කු, ප්‍රාදේශීය රාජ්‍ය ගොඩනැගිලි, ඇලවේලි, ජල විදුලි හා ගල් අඟුරු විදුලි බලාගාර බලාගාර ඇතුළු මෙකී නොකී තව බො‍හෝ දෑ රට තුළ ඉදි වුනා. ලෝක ආර්ථික හා සාමාජීය දර්ශකවල අපේ රට කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. ආර්ථික ක්‍රියාවලිය කොතරම් ඉහළ සිට පහළට ඇඟට දැනෙනසුළු වූයේ ද කිවහොත් සියළු අභියෝග මැද දිළිඳු බව සියයට 12.5 සිට 6 දක්වා අඩු කළා. අපි ආසියාවේ ඉහළ ම කොටස් වෙළඳපළ බවට පත් වුනා. ඒක පුද්ගල ආදායම ඩොලර් 1200 සිට 3835 දක්වා වැඩි වුනා. සමස්ත ආර්ථික අගය ඩොලර් බිලියන 22 සිට 81 දක්වා හතර ගුණයකින් ඉහළ ගියා. රටේ ණය ප්‍රතිශතය සියයට 92 සිට 70 දක්වා අඩු වුණා. මේ ජයග්‍රහණ පිටුපස සිටියේ බැසිල් රාජපක්‍ෂයි. එවන් බැසිල්ට විපක්‍ෂයේ මඩ බලකායවල ගොදුර නොවී සිටිය හැකි ද? බැසිල්ට දිගට හරහා ගැහුවා. ඔහු කළු නොකර මහින්ද කළු කළ නොහැකි බව රාජපක්‍ෂ විරෝධීන් මැනවින් කියවාගෙන තිබුණා.

Loading…

විමල්ගේ කූට අරමුණ කුමක් ද? ජවිපයේ සිට බැසිල්ගේ ම ඩීල් එකකින් මහින්දට එකතු වූ විමල් කඳවුරට ඇවිත් ටික කලකින් ම පටන් ගත්තා තමන්ගේ වාග් කුශලතාව යොදාගෙන මහින්ද ව ඔහුට අවශ්‍ය විදියට වරනගන්න. මේකෙන් මහින්දට සිදු වූ හානිය අති මහත්. රාජපක්‍ෂවරු වැඩකාරයින් පමණක් වී කතා කාරයින් නොවන නිසා, ඔවුන්ට බැරි වුනා, ඔවුන් කරන දෙය නිවැරදි හා තේරෙන මාත්‍රාවෙන් ජනතාවට කියන්න. ඒ  වැඩේ බාර ගත්තේ විමල්ලා. හැබැයි විමල්ල කළේ ඇමතිකම්වල වරප්‍රසාද රිසි සේ භුක්ති විඳින අතර තුර මහින්දල රට වෙනුවෙන් කරන වැඩවලින් එන ජනතා ආකර්ෂණයට මුවා වෙලා තමන්ට අවශ්‍ය වර්ගවාදී වචන පැහැයගත් හැඩයක් මහින්දට ආදේශ කිරීම. මෙහෙම තමන්ට අවශ්‍ය පැහැය මහින්දට දෙන ගමන් ම, විමල්ල යටින් මහින්දව ඛාදනය කරන වැඩ පිළිවෙලත් වෙන ආකෘතියකිනුත් ගෙනිච්චා. එය කළේ ඉහත සංවර්ධන ක්‍රියාදාමය අඩපණ කරනු පිණිස එහි සුජාතභාවය ප්‍රශ්න කරමින් බැසිල් රාජපක්‍ෂ ආර්ථික ඝාතකයෙකු ලෙස ප්‍රසිද්ධියේ නම් කිරීමයි. ඒ කළේ බැසිල්ට පහර දීම හරහා සහ මහින්ද ආණ්ඩුවේ සංවර්ධන මෙහෙයුම විවේචනය කිරීම හරහා. ජනතාවගේ, විශේෂයෙන් ම පහළ මධ්‍යම පන්තිකයින්ගේ ඇඟට දැනෙන ලෙස බැසිල්ගේ ආර්ථික විද්‍යාව ආර්ථික ඝාතනයක් බවට වන විෂබීජය සමාජගත කළේ විමල්. ලංකාවේ උගත් හා නූගත් යන සෑම ජනයා ම එය රැඩිකල් අදහසක් ලෙස විස්වාස කළා. මොක ද ඕනෑම රටක ආණ්ඩුව තුළින් එන විවේචනවලට ජනතාව කැමතීයි. ජනතාවට හැමදාම පවතින ආණ්ඩුවත් එක්ක ඇරියස් එකක් තිබෙනවා. විමල් කළේ මේ ඇරියස් එකට කතා කිරීම. ඒක අස්සේ තිබුණේ ඔහුගේ ආත්මාර්ථකාමී දේශපාලන ඉලක්ක.

ඉතා දුෂ්කර ලෝක ආර්ථික තත්වන් ඇතුළේ සීරු මාරුවෙන් පදවමින් සිටි ලංකා ආර්ථිකයේ දුබල තැන් තිබෙන්න ඇති. එහෙම තිබෙද්දිත් මහින්ද තම කිස අත හැරියෙ නැහැ. මහින්ද මොනව ද ‍නොකළේ? අපි 30 වසරක යුද්ධය අවසන් කිරීම සඳහා වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ විශාල ආයෝජනයක් කළ ජාතියක්. හැම අතින් ම විනාශ කර දමන ලද ආර්ථිකයක් මහින්දට හිමි වුනේ. එදාවත් අදවත් කවුරුවත් අහනව ද යුද්ධය කරන්න මහින්ද සල්ලි හොයා ගත්තේ කොහොම ද කියල. යුද්ධය අවසන් වූ පමණින් කප්රුක පහළ වෙන්නෙ නැහැ. යුද්ධයට කළ දැවැන්ත ආයෝජනය හා උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කොට තීව්‍ර අන්තර් ජාතික පීඩනය යටතේ ඉතා කෙටි කළකින් අවතැන් ජනයා යලි පදිංචි කොට යටිතළ පහසුකම් වෙනුවෙන් කළ ආයෝජනය වැනි දේවල් ආර්ථිකයට විශාල බරක් දී තිබුණා. ඊට සමාන්තර ව ඉහළ ගිය ලෝක තෙල් මිල හා ආහාර අර්බුද හා ලෝක ආර්ථික අර්බුදයත් සැලකිල්ලට ගන්න. හිතන්න මේ සියල්ල මැද බැසිල් කොහොම ද ආර්ථිකය කලමනාකරණය කළේ කියල. එහෙම දුෂ්කර ව්‍යපෘථියකට තම මුග්ධ බව හා ඊර්ෂ්‍යව නිසාම ආර්ථික ඝාතනයක් ලෙස කියනව නම් ඒක මොනතරම් දේශද්‍රෝහී ක්‍රියාවක් ද?

ඇයි විමල්ල මෙහෙම කළේ? ඔවුන් දන්නව මහින්ද වටට්න්න නම් බැසිල් වටට්න්න ඕන කියල. මහින්දගේ දේශපාලනය ආරම්භ වෙන්නෙම බැසිල් එක්ක. එහි සාර්ථක හා අසාර්ථක තැන් ඕන තරම් තිබුණා. ඒත් මහින්දගේ සෑම තීරණාත්මක අවස්ථාවක ම බැසිල් ඒ පිටුපසින් සිටියා. විවිධ අභියෝග මැද මහින්ද හා බැසිල් තම තමන්ගේ එකිනෙකාට අවේණික හැකියාවන් ඔස්සේ දේශපාලන ප්‍රවාහයේ ඉදිරියට ආව. 2005 ජනපතිවරණය තමයි ඒ ගමනේ මස්තකප්‍රාප්තිය. එම සටන සපුරා පිටුපස සිට මෙහෙයවන්නෙ බැසිල්. ඒ විතරක් නෙමෙයි, චන්ද්‍රිකා ශ්‍රිලනිප අපේක්‍ෂාකත්වය නොදී සිටින විට ඒ ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කිරීම හා මහින්දට අපේක්‍ෂකත්වය ගත් විට චන්ද්‍රිකා විසින් වසා දැමූ ශ්‍රිලනිප යාන්ත්‍රණයට විකල්ප යාන්ත්‍රණයක් නිර්මාණය කොට ජනපතිවරණය මෙහෙය වීම ඇතුළු සියළු දෙය කළේ බැසිල්. හැබැයි ඔහු එළියට නොආ නිසා මිනිස්සු දැක්කෙ බැසිල්ගේ අධ්‍යක්‍ෂණයෙන් තම තමන්ගේ භූමික රඟ පෑ නළු නිළියන් පමණයි.

අපි කියන්නේ මේ කතාව හොඳින් කියවන්න. මේ තුළ අපගේ ජාතිය ඉදිරියට ගෙනයාමේ අභියෝගය මෙන්ම අවස්ථාව ද තිබෙනවා. ඔබ මේ මොහොතේ බොරුවට මිත්‍යාවට හසුවී තම දිගුකාලීන දේශපාලන මිතුරන් වන රාජපක්‍ෂවරුන් නිවැරදි ලෙස කියවා නොගත හොත් රටක් ලෙස අපගේ ගමන බොහෝ දුෂ්කර වේවි. නැවත වරක් අභ්‍යන්තර කුමන්ත්‍රණයකින් මහින්ද පරාජය කරන්න දෙන්න එපා.

Loading…

Published on: May 12, 2018 – නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු 2016 05 මස 6 වැනිදා එනම් සිද්ධිය සිදුවු දිනම මරණයට පත්වු අතර එම මරණය ඝාතනයක් බව අප එදින රාත්‍රීයේම අනාවරණය කළා.

අදාළ අනතුර වාර්තා වු අවස්ථාවේ අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

එම ස්ථානයට ගිය අප විශේෂඥ වාර්තාකරුවෙකු සදහන් කළේ පරාලය වැටුන ස්ථානය සහ මේජර් ජනරාල් වරයා සිටි ස්ථානය සම්බන්ධයෙන් සලකා බැලිමේදි එවැනි පහරකින් යුධ විරුවෙකු මරණයට පත්විය නොහැකි බවයි.ඊට අමතරව සිද්ධිය සිදුව් විනාඩි කිහිපයකදි එම ස්ථානයට පැමිනි යුධ හමුදාවේ විශේෂ ආරක්ෂක අංශයක් යැයි කියාගත් කණ්ඩායමක් එම ස්ථානය පොලිස් පරික්ෂණ සහ මහේස්ත්‍රාත් පරික්ෂණ සිදුකිරිමට පෙර එම ස්ථානය පිරිසිදු කල අතර එ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශ්ණ කිරිමට පවා ඔහුන් ඉඩ ලබාදි තිබුනේ නෑ.-

අප කල සියලුම අනාවරණයන් පහත දක්වා ඇත.

(මෙම ඝාතනය සම්බන්ධයෙන් අප සතුව තවත් සාක්ෂී ඇත. පරික්ෂණයක් ආරම්භ වන ඔනෑම මොහොතක එවා අනාවරණය කිරිමට අප සුදානම් බවද සටහන් කර තබමු.)

මෙන්න ඇත්ත! – මේජර් ජනරාල් සුමිත් මානවඩු මියගියේ පරාල ප්‍රහාරයකින්ද?

අපරාධයක්‌ වසන් කළ නොහැකිය. වසර ගණනාවකට පසු අපරාධකරු කවුදැයි හෙළිවනු ඇත – ප්‍රංශ ගත්කරු ඇලෙක්‌සැන්ඩර් ඩුමා

ශ්‍රී ලංකා කාලතුවක්‌කු හමුදාවේ සේනාවිධායක ලෙස ක්‍රියාකළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසි අනතුරකින් බව කියන සිද්ධියකින් මියගොස්‌ අදට (6) දෙවසරකි. මේජර් ජනරාල්වරයා මියගියේ අලුතින් ඉදිකෙරෙමින් තිබූ ගොඩනැඟිල්ලකින් වැටුනු පරාලයකින්ද එසේත් නැත්නම් වෙනත් තක්‌කඩි ක්‍රියාවකින්ද යන්න අනාවරණය වී නැත. එහෙත් එම හදිසි මරණය ගැන දැඩි සැකයක්‌ පවතී. ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක තාජුඩීන් මෙන්ම ප්ලොට්‌ සංවිධානයේ හිටපු හමුදා නායක ඩී. පී. සිවරාම් හෙවත් තාරකීගේ මරණ ගැන යුක්‌තිය ඉටුවිය යුතු යයි හඬනගන මේ සමයේ හිටපු මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේ මියගියේ කෙසේ දැයි සොයන ලෙස මෙතෙක්‌ කිසිවෙක්‌ රජයෙන් ඉල්ලා නැත.

2016 මැයි 6 දා මියගිය මේජර් ජනරාල්වරයා මෙරට ජාතික ආරක්‍ෂාව සඳහා සිදුකළ උදාර මෙහෙය බොහෝ පාර්ශවවලට අමතකය.

මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්‌ ලෙස කටයුතු කළ මේජර් ජනරාල් මානවඩුට කොලොන්නාව තෙල් ටැංකිය. කොටුව ගුවන් හමුදා මූලස්‌ථානය, කටුනායක ගුවන් කඳවුර ඇතුළු ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානවලට කොටි ගුවන් ප්‍රහාර එල්ල කළ තැනැත්තා මැලේසියාවේ පුත්‍රජයා ප්‍රදේශයේ ෆාම්වත්තක සේවය කරන බවට තොරතුරක්‌ ලැබුණේය. මොහු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක සුන්දරලිංග රාජා කුෂාන්තන් හෙවත් දර්ශන් හෙවත් කුෂාන්තන් මාස්‌ටර් හෙවත් චන්ද්‍රලිංගම් හෙවත් මුල්ලයිචෙල්වම්ය.

mejorවන්නි මෙහෙයුමේ අවසාන සමයේ කුශාන්තන් මෙරටින් මැලේසියාවට පැනගොස්‌ එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පත ලබාගත්තේය. මේ බව මෙරට ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට හෙළිවී නොතිබුණි.

කුශාන්තන්ව අල්ලා ගැනීමට මා මැලේසියා පොලිස්‌පති අබුබකර්ගේ සහය පැතුවා. ඔහු ඒ සඳහා පූර්ණ සහය ලබාදුන්නා යයි මේජර් ජනරාල්වරයා එදා ඉරිදා දිවයින සංග්‍රහයට හෙළි කළේය. කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියාව සිටි ශංකර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ කුශාන්තන් ස්‌ලින් නැමැති කොටි ගුවන් යානා දෙකෙන් සියලු ප්‍රහාර සැලසුම් කරනු ලැබීය.

මැලේසියාවේ පොලිසියට ඒවනවිට කුශාන්තන් ගැන වාර්තාවී නොතිබුණි. කුශාන්තන් හෙවත් දර්ශන් මාස්‌ටර් මැලේසියාවේ සිටින බවට නියෝජ්‍ය මහකොමසාරිස්‌ සුමිත් මානවඩුට තහවුරු වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය වෙත ලැබී තිබූ ගමන් බලපත්‍රයක්‌ නිසාය. මේ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා භාරදී තිබුණි. මෙලෙස ලබාදෙන ගමන් බලපත්‍රවල හිමිකරුවන් ශ්‍රී ලංකාවට ඕනෑකරන අයවළුන්ද යන්න නිරීක්‍ෂණය වන්නේ නැත. ඒ අපේ තානාපති කාර්යාලවල පවතින අවාසනාවන්ත තත්ත්වයයි.

එම ගමන් බලපත්‍රය ලබාදී තිබුණේ කුශාන්තන්ය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදී තිබූ ගමන් බලපත්‍ර සියල්ල පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී කුශාන්තන්ගේ ගමන් බලපත්‍රය හමුවීම රහසක්‌ ලෙස තබාගත් මේජර් ජනරාල්වරයා එය තමාගේ භාරයට ගනු ලැබීය.

mejor1සතියකට පසු සිය ගමන් බලපත්‍රය ලබාගැනීමට කුශාන්තන් කුවාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයට පැමිණි විට ඔහුට දක්‌වනු ලැබුවේ දින කීපයකින් එය ලබාදෙන බවයි.

කොටි ගුවන් ඒකකය හෙවත් වාන්පුලිගල් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ට වැරදුනේ එතනය. ඔහු මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිට ආපසු යන අවස්‌ථාවේ මේජර් ජනරාල් මානවඩු යෙදවූ චරපුරුෂයකුද මැලේසියා පොලිස්‌පති අබුබකර්ගේ බුද්ධි නිලධාරීන් දෙදෙනකුද පසුපසින් විමර්ශනයේ යෙදුනි. කුවාලාලම්පුර් නගරයේ පිහිටි සුපිරි ජංගම දුරකථන මැඳුරට ගිය කුශාන්තන් එතැන් සිට ප්‍රත්‍රජයා වෙත ගියේය.

2014 මැයි 15 දා උදේ මැලේසියා බුද්ධි සේවා නිලධාරීන් පිරිසක්‌ සහ මේජර් ජනරාල් මානවඩු පුත්‍රජයා පාම් වත්තකදී කුශාන්තන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහු විස්‌මයට පත්විය.

තමා කොටි සංවිධානයේ ක්‍රියාකාරියකු නොවන බව පැවසූ කුශාන්තන් එක්‌සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය නිකුත් කර තිබූ හැඳුනුම්පත පෙන්වා තමා ද්‍රවිඩ සරණාගතයකු බවත් කොටින්ගෙන් දිවි ගලවා ගැනීම සඳහා මැලේසියාවට පැමිණි බවත් ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් පොලිස්‌ නිලධාරීන් හමුවේ කියා සිටියේය.

මේ අවස්‌ථාවේ කුශාන්තන් වෙත පැමිණි මේජර් ජනරාල්වරයා ඇයි නුඹ බොරු කියන්නේ. නුඹ කුශාන්තන් නොවේද? ගමන් බලපත්‍රය අලුත්වැඩියා කිරීමට අපේ තානාපති කාර්යාලයට භාරදුන්නා නේද යයි ප්‍රශ්න කිරීමෙන් කුශාන්තන්ට කට උත්තර නැතිවිය.

අවසානයේ කුශාන්තන් තමා කවුදැයි පිළිගත්තේය. මැලේසියාවේදී වාන්පුලිගල් හෙවත් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානි කුශාන්තන් පමණක්‌ නොව ඔහු සමඟ සිටි තවත් ප්‍රධානතම කොටි ක්‍රියාකාරින්වූ කිරුබාහරන් මහාදේවන් සහ කිරුබනාදන් සෙල්වතුරෙයිද අසුවිය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් තිදෙනකු ක්‌වාලාලම්පුරයේදී අසුවූ බව රහසක්‌ ලෙස තබාගැනීමට මේජර් ජනරාල්වරයා ක්‍රියාකළේ ඔවුන් ගැන මැලේසියා කොටි ඩයස්‌පෝරාවෙන් වසන් කිරීමටය.

එහෙත් දින දෙකකට පසු මැලේසියාවේ ස්‌ටාර් පුවත්පත කුශාන්තන් ඇතුළු පිරිස ගැන තොරතුරු හෙළිකරනු ලැබීය.

මේ නිසා මේජර් ජනරාල්වරයා බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය.

මැලේසියාවේ සිනැන්ග් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති මහාචාර්ය රාමසාමි ඇතුළු කොටි ක්‍රියාකාරීන් විගස ක්‌වාලාලම්පූර් අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් කුශාන්තන්ව මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙනයාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියහ.

එහෙත් කුශාන්තන් අල්ලා ගැනීමට හැකිවීම මෙරට ආරක්‍ෂක හමුදාව ලත් සුවිශේෂී ජයග්‍රහණයකි.

මේ පසුබිම මැද මේජර් ජනරාල් මානවඩු ආරක්‍ෂක අමාත්‍යාංශය දැනුවත් කර ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් තිදෙනකුද ක්‌වාලාලම්පූර් නුවරට ගෙන්වා ගත්තේය. මැලේසියා පොලිසිය විසින් කුශාන්තන්ව ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන්ට බාරදෙන අවස්‌ථාවේ රාමසාමි ඇතුළු කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් විසින් අධිකරණය මගින් කුශාන්තන් පිටුවහල් කිරීම නතර කිරීමේ නියෝගය ලබාගෙන තිබුණි. එහි එන්ජින් යන්ත්‍ර පණගන්වා තිබිණි. ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක්‌ කුවාලාලම්පුර් ගුවන්තොටුපළේ සිට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබුණි.

මේ අවස්‌ථාවේ අධිකරණ නියෝගය කුවාලාලම්පූර් ගුවන්තොටුපළේ ආගමන විගමන බලධාරීන් වෙත ලැබුණේ නම් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට ගෙනයාමට නොහැකි වේ.

කුශාන්තන් ප්‍රමුඛ මෙරට ත්‍රස්‌ත මර්දන අංශයේ කණ්‌ඩායම ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේ ආගමන විගමන අංශය වෙත පැමිණෙන අවස්‌ථාවේ ආගමන විගමන ප්‍රධානියාගේ කාර්යාලයේ දුරකතනය නාදවන අයුරු ශ්‍රවණය විය. වාසනාවකට ආගමන විගමන බලධාරියා කාර්යාලයේ නොසිටීම නිසා විගස කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාව වෙත ගෙනයාමට හැකිවිය.

ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත කුවාලාලම්පුර් අධිකරණය මගින් කුශාන්තන් ශ්‍රී ලංකාවට ගෙන යාම නතර කරන ලෙස නියෝගය ඇතුළත් පණිවුඩය දෙන අවස්‌ථාවේ ශ්‍රී ලංකා යානාව මැලේසියානු අහසෙන් පිටතට ගොස්‌ තිබුණි.

මේ නිසා මැලේසියානු පොලිස්‌පති ටැන් ශ්‍රී කාලිද් අබුබකර් සහ මේජර් ජනරාල් සුමිත් මානවඩු එක්‌වී කුශාන්තන්ව පිටුවහල් කිරීමේ කඩිනම් රහස්‌ වැඩපිළිවෙලක්‌ මෙහෙයවූ බවට මහාචාර්ය රාමසාමි චෝදනා එල්ල කළේය.

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් මාස්‌ටර් අත්අඩංගුවට ගනු ලැබ ශ්‍රී ලංකාවට ගෙනඑනු ලැබූ බව මුලින් හෙළිකරන ලද්දේ ඉරිදා ආරක්‍ෂක විශේෂාංගය මගිනි.

කුශාන්තන් මෙරටට ගෙනඒමෙන් පසු කොටි ගුවන් ඒකකයේ තොරතුරු රැසක්‌ අනාවරණය විය. ඔහු මාස කීපයක්‌ බූස්‌ස සිරකඳවුරේත් පසුව වැලිකඩ සිරගෙදරත් සිටියේය.

එහෙත් යහපාලන රජය යටතේ කොළඹට බෝම්බ හෙළීමට මුල්වූ කුශාන්තන් මාස්‌ටර් නඩුවක්‌ පැවරීමෙන් තොරව නිදහස්‌ විය. ඔහු නිදහස්‌ වන දිනයට පෙර දිනයේ වැලිකඩ සිරගෙදර රඳවාසිටි හිටපු සහකාර පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් කුරේ අමතා පැවසුවේ මට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ත්‍රස්‌ත මර්දන ඒකකයට නොහැකි වුණා යන්නයි. එහෙත් ත්‍රස්‌තවාදී චෝදනා මත ඇපදීමකින් තොරව හිටපු පොලිස්‌ අධිකාරිවරයා වසර අටකට අධික කාලයක්‌ තිස්‌සේ වැලිකඩ සිරගෙදර රඳවා සිටියි.

කුශාන්තන් හෙවත් දර්ශන් හෙවත් කුශාන්තන් මාස්‌ටර් චෝදනා ගොනුකිරීමෙන් තොරව නිදහස්‌ වීම විහිළුවක්‌ නොවේද? ඔහු පමණක්‌ නොව මෙහි බුද්ධි සේවාවට තොරතුරු සැපයූ බව කියන කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ්ද නිදහස්‌ විය.

මොවුන් නිදහස්‌ වන අවස්‌ථාවේ අපමණ වෙහෙසක්‌ දැරූ ඔවුන්ව අල්ලා ගැනීමට මුල්වූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මෙහිදී රජයේ බලධාරීන් විමර්ශනයට ලක්‌කළ යුතු කරුණක්‌ වූයේ කුශාන්තන්ට සහ කපිතන් ඉන්දික සංජීවට එක්‌සත් ජාතීන්ගේ සරණාගත බව ලබාගැනීමට හැකිවූයේ කෙසේද යන්නයි. එහෙත් අද වනතෙක්‌ ඒ ගැන විමර්ශනයක්‌ සිදුවූයේ නැත.

එසේම මැලේසියා ත්‍රස්‌ත මර්දන පොලිසිය මොවුන් ගැන තවත් තොරතුරු සොයාගෙන තිබුණි. ඒ මැලේසියාවේ කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ සහයෙන් නැවත වරක්‌ කොටි සංවිධානය නගාසිටුවීමට සැලසුමක්‌ දියත් වී ඇති බවයි. මේ ගැනද යහපාලන බලධාරීන් විමර්ශනය කළේ නැත. මැලේසියාවේ ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් රැසක්‌ සිටින බව මේජර් ජනරාල්වරයා දැන සිටියේය. එහෙත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටි ඉහළ පෙළේ නිලධාරියකු මේජර් ජනරාල්වරයාගේ කටයුතුවලට අකුල් හෙළනු ලැබීය. ඊට මූලික හේතුව වූයේ මහා පරිමාණ වැට්‌ බදු වංචාවේ ප්‍රධාන මොළකරුවන් දෙදෙනාවූ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මේජර් ජනරාල්වරයා ක්‍රියාකිරීමයි. එම සිද්ධියෙන් ඉහත කී තානාපති නිලධාරියා කෝපයට පත්විය. එම සමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල නොවන විදේශ ඇමැති ලෙස කටයුතු කළ අයෙක්‌ සමඟ එම තානාපති නිලධාරියා දැඩි සබඳකම් පැවැත්වූ අතර ඔහු මැලේසියාවට පැමිණි අවස්‌ථාවේ සියලු වරප්‍රසාද ලබාදීමට ක්‍රියාකර තිබුණි.

මේජර් ජනරාල් මානවඩු යහපාලන රජය බලයට පැමිණීමත් සමඟම බරපතළ දුෂ්කරතාවයකට මුහුණ පෑවේය. ඔහුගේ සේවා කාලය අවසන් කිරීමට යහපාලන රජය කටයුතු කිරීමෙන් එතෙක්‌ මැලේසියාවේ දියත් කළ කොටි ක්‍රියාකාරීන් ඇල්ලීමේ මෙහෙයුම නතරවිය. මේ මෙහෙයුම් සඳහා මේජර් ජනරාල්ට සහය වූ ඔහුගේ නිල රියෑදුරුද සේවයෙන් නෙරපීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියා ක්‍රියාකළේය.

මේ අතර යහපාලන රජය යටතේත් එම තානාපති නිලධාරියා සිය ධුර රැකගැනීමට සමත්විය. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස්‌ දින උත්සවයේ ජනාධිපතිවරයාගේ නිදහස්‌ දින පණිවුඩය ප්‍රකාශ කිරීමට බාරවී තිබුණේ මේජර් ජනරාල් මානවඩුටය. එහෙත් ඒ වනවිට ප්‍රධාන පෙළේ වංචනිකයකු අල්ලා ගැනීම සඳහා ඔහු මැලේසියානු පොලිස්‌පති අබුබකර් එක්‌ව කටයුතු යොදා තිබුණි. මේ මෙහෙයුම රහසිගතව දියත් විය. මේ නිසා ඔහු අසනීප යයි දක්‌වමින් නිදහස්‌ දින උත්සවයට සහභාගිවීමෙන් වැළකී සිටියේය.

2005 පෙබරවාරි 4 දා අළුයම මේජර් ජනරාල් මානවඩු සහ මැලේසියා පොලිසිය එක්‌ව දියත් කළ මෙහෙයුමෙන් මෙරට වැට්‌ බදු වංචාවේ ප්‍රධාන තක්‌කඩි දෙදෙනා අසුවිය. ඔවුන්ට විගස ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ආපසු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එනවිට තානාපති නිලධාරියා ගිනි අවුළුවා තිබුණි. මේජර් ජනරාල්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිදහස්‌ දින පණිවුඩය ප්‍රකාශ කිරීම ප්‍රතික්‍ෂේප කළ බවට තානාපති නිලධාරියා විසින් රජයේ බලධාරීන්ට පැමිණිලි කර තිබුණි. එහෙත් ඊට පෙර මේජර් ජනරාල්වරයා පෙබරවාරි 4 දා රහස්‌ මෙහෙයුම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ආරක්‍ෂක අමාත්‍යාංශයටද දන්වා තිබුණි.

මේ පසුබිම මැද වැට්‌බදු වංචාවේ මොළකරුවන් දෙදෙනා අසුවීමේ සිද්ධිය ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ තානාපති නිලධාරියාට වාර්තා විය. ඔහු ඉන් වඩාත් කෝපයට පත්විය. මේ නිසා මේජර් ජනරාල්වරයාට එරෙහිව පෙත්සම් තොගයක්‌ රජයේ බලධාරීන්ට යොමුකිරීමට ඔහු ක්‍රියාකළේය.

මෙවන් පසුබිමක්‌ මැද යහපාලන රජය ඔහුගේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ධුරය අවසන්කර ආපසු මෙරටට කැඳවීමත් සමඟම මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාව ගැන විමර්ශනය කිරීමේ සියලු කටයුතු අවසන් විය.

එහෙත් යහපාලන රජය යටතේද සිය ධුරය රැකගත් එම තානාපති නිලධාරියාට පසුව දිට්‌ඨධම්මවේදනීය කර්මය පලිසන් දුන්නේය. මේජර් ජනරාල් සුමිත් මානවඩු හිටපු ජනාධිපතිනිය සමයේ කොළඹ හමුදා බුද්ධි සේවාවට සම්බන්ධවද ක්‍රියාකළේය. හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමෙන් පසු කොටින්ට සම්බන්ධ ඔස්‌ටේ්‍රලියානු පුරවැසි චාල්ස්‌ ඥාණකෝන් කෙරේ දැඩි සැක පහළ විය. ඒ කොටි සංවිධානය කදිරගාමර්ව මරන්නේ නැතිබව ඥානකෝන් විසින් කදිරගාමර්ට පැවසීම නිසා ඔහුගේ ආරක්‍ෂක කටයුතු ලිහිල්වීමය.

මේ නිසා චාල්ස්‌ ඥානකෝන් ගැන විමර්ශනය කිරීමට හමුදා බුද්ධි අංශ ක්‍රියාකළේය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ දෙහිවල නිකපේ පාරේ නිවසක රැඳීසිටි චාල්ස්‌ ඥානකෝන් මානවඩු ඇතුළු හමුදා භට පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගැනීමයි.

මේ නිවසේ හිමිකරුවූයේ හම්බන්තොට ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙයවන ඔස්‌ටේ්‍රලියානු ප්‍රබලයකි. මෙම යුවළ චාල්ස්‌ ඥානකෝන්ගේ මිතුරන්ය. එම රාජ්‍ය නොවන සංවිධානයට අවසරදී තිබුණේ ඌව පළාතේ ශ්‍රී.ල.නි.ප. දේශපාලකයෙකි.

චාල්ස්‌ ඥානකෝන් අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් මානවඩු ඔහුව දෙහිවල පොලිසියට ඉදිරිපත් කළත් පොලිසිය ඔහුව භාරගැනීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන්පසු කොළඹ අපරාධ පරීක්‍ෂණ ඒකකයට ඉදිරිපත් කරනු ලැබූ අතර එම ඒකකයද ඥානකෝන්ව බාරගත්තේ නැත.

එහිදී චාල්ස්‌ ඥානකෝන් සිනාසුණේය. ඒ ප්‍රභාකරන්ට ඇති බිය නිසා පොලිසිය තමන්ට අත නොතබන බව ඥානකෝන් දැනසිටි බැවිනි. අවසානයේදී රහස්‌ පොලිසිය විසින් චාල්ස්‌ ඥානකෝන් රඳවා ගනු ලැබීය. රහස්‌ පොලිසියේදී ඥානකෝන්ට සියලු පහසුකම් ලැබුණි. විදුලි පංකාවක්‌ මෙන්ම විස්‌කි පානය කිරීමටද ඔහුට අවසර හිමිවිය. එහෙත් සති දෙකකට පසු ඥානකෝන් නිදහස්‌ විය.

2005 නොවැම්බර් මස නිදහස්‌වූ කපිතන් චාල්ස්‌ ඥානකෝන් ආපසු ඔස්‌ටේ්‍රලියාව බලා ගියේය. 2012 ජුලි මස ඔහු මියගියේය.

මෙලෙස කොටි සංවිධානයේ ප්‍රධානතම ක්‍රියාකාරීන් දෙදෙනකුවූ කුශාන්තන් මාස්‌ටර් මෙන්ම චාල්ස්‌ ඥනකෝන්ද අල්ලාගැනීමට මේජර් ජනරාල් සුමිත් මානවඩු උත්සාහගනු ලැබුවත් ඔහුගේ උත්සාහය නිෂ්ඵල විය.

මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කුශාන්තන්ගේ පසුබිම විමර්ශනයට ලක්‌කළහොත් ඔහු මුලතිව් කෙප්පිලාව් ප්‍රදේශයේදී ස්‌ලින් නැමැති ගුවන් යානා දෙක එකලස්‌ කිරීමටද ක්‍රියා කළේය.

මුලතිව්හි අවතැන්වූවන් යයි දක්‌වමින් ද්‍රවිඩ පවුල් අද නාවික හමුදා සහ යුද හමුදා නිලධාරීන්ව පන්නා දැමීමට උත්සාහ කරන්නේ කෙප්පිලාව් ප්‍රදේශයෙනි. එදා කුශාන්තන් කෙප්පිලාව් ප්‍රදේශය අත්පත්කරගෙන සිටියදී එම ද්‍රවිඩ පවුල් සිටියේ කොහේද? මේජර් ජනරාල් සුමිත් මානවඩු එදා හෙළි කළේ ඉරනමඩුහි කොටි ගුවන් කඳවුරක නතරවී සිටි කුශාන්තන් කොළඹ කටුනායක – කොලොන්නාව කෙරවලපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවලට ප්‍රහාර මෙහෙයවූ බවයි. 2007 වසරේ ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ලෙස කුශාන්තන් මාස්‌ටර්ව පත්කරනු ලැබීය.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි සිවරාසා පිරුන්නවන් හෙවත් අච්චුදන්ට ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය රතු වරෙන්තු ප්‍රකාශයට පත්කර තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත්වී නොතිබුණි.

කුශාන්තන් සමඟ කොටි හඬ ගුවන් විදුලියේත් නිදර්ශනම් කොටි රූපවාහිනියේ ප්‍රධාන ක්‍රියාකාරියා වූ මහාදේවන් තිරුබාහරන්ද අසුවූ නමුත් ඔහුට මැලේසියාවෙන් පිටුවහල් කරගැනීමට නොහැකිවිය.

එදා මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාව ගැන තොරතුරු හෙළිකළ මේජර් ජනරාල් මානවඩු 3000 කට අධික කොටි ක්‍රියාකාරීන් මැලේසියාවේ සිටින බව කීවේය. අතුරුදන්වූ බව කියන කොටි විශාල සංඛ්‍යාවක්‌ ඔවුන් අතර සිටින බවද හෙතෙම අනාවරණය කළේය.

මේ අතර මැලේසියාවේ කොටි ජාලයේ ප්‍රධානියාව සිටි මැලේසියා රාජන් හෙවත් සිවකුමාර් සුබ්‍රමනියන්ද 2010 දී මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු නිදහස්‌ විය.

එහෙත් දැන් මැලේසියාවේ කොටි ජාලය ගැන විමර්ශනය කිරීමට ක්‌වාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයකු නොමැත.

මෙවන් පසුබිමක්‌ මැද මේජර් ජනරාල් මානවඩු හිටපු හමුදා කපිතන්වරයකුගේ පරිගණකයේ තිබූ රහසිගත ලියවිල්ලක්‌ද සොයාගෙන තිබුණි. ඒ හිටපු හමුදා නිලධාරීන් විශාල පිරිසකට මුදල් ලබාදීමේ සිද්ධියයි. එලෙස මුදල් ලබාගත් හමුදා නිලධාරීන්ගේ නම්ද එහි සඳහන් විය. මුදල් ලබාගෙන ඇති හිටපු හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනය ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශයට යොමුකර තිබුණි. එහෙත් පැවැති දේශපාලන වාතාවරණය නිසා ඊට අදාළ පරීක්‍ෂණ යටපත් විය. මෙලෙස මුදල් ලබාදී තිබුණේ විදේශ තානාපති කාර්යාලයක්‌ විසින් හිටපු හමුදා බලධාරියකුට සැපයූ මුදලින් බවද මේජර් ජනරාල් මානවඩු සොයාගෙන තිබුණි.

මේ සොයා ගැනීම් ඔහුගේ මරණය ඉක්‌මන් කළ බවට වාර්තා විය.

එය වැඩිදුරටත් තහවුරු වූයේ හමුදාවේ විජයග්‍රහණය පිළිබඳ පැවැති රාජ්‍ය උත්සවයට සහභාගිවෙමින් සිටි මේජර් ජනරාල්වරයා වෙත හදිසියේ කඩාවැදුනු තරුණියක්‌ නිසාය.

බලාගන්නවා ඔහේට වෙන දේ යයි කියමින් එම තරුණිය මේජර් ජනරාල්වරයාට තර්ජනය කළාය. තමාට තර්ජනය කළ තරුණිය කාගේ කවුදැයි යන්න මේජර් ජනරාල්වරයා හඳුනාගත්තේය.

එහෙත් එම තර්ජනය ගැන ඔහු පොලිසියට පැමිණිලි කළේ නැත. එහෙත් මේජර් ජනරාල්වරයා සමීපයේ අසුන්ගෙන සිටි අනිකුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එම තර්ජනය ශ්‍රවණය විය. මේ තර්ජනයෙන් මාස ගණනකට පසු නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ සිය ගොඩනැඟිල්ලක්‌ පරීක්‍ෂාවට ගිය මේජර් ජනරාල්වරයාගේ හිසට පොල් පරාලයක්‌ ඇද වැටින. එය මාරාන්තික විය. මේ පොල් පරාලය කැඩී තිබුණාද එසේත් නැතිනම් යමෙකු දියත් කළ සැලසුමක්‌ද යන්න වැඩිදුර විමර්ශනයක්‌ සිදුවූයේ නැත. එය හදිසි අනතුරක්‌ බවට තීරණය විය. මේජර් ජනරාල්වරයාගේ අවමගුලට කොන්ද පණ ඇති ඔහුගේ සමීපතම හමුදා නිලධාරීන් පැමිණ සිටි අතර ඇතැම් හමුදා නිලධාරීන් නොපැමිණියේ හිටපු හමුදා ප්‍රධානියකුට ඇති බිය නිසාය. සුමිත් මානවඩු මේජර් ජනරාල්වරයාට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණ සිටි එක්‌ හිටපු හමුදා නිලධාරියෙක්‌ පැවසුවේ මානවඩුට ගෞරව දැක්‌වීමට එන්නේ කවුදැයි විමර්ශනය කිරීමට ඔත්තුකරුවන් පිරිසක්‌ නිවස අසල කැරකෙන බවය.

මේ රටේ දැන් සිදුවෙන්නේ පුදුම දේවල්. නිවාස වල සවිකර ඇති පරාල පාවෙල අවුත් ඔලුවේ වදිනවා යයි ඔහු කියා සිටියේය.

මෙරටින් කොටි ත්‍රස්‌තවාදය විනාශ කර දැමීම සඳහා මේජර් ජනරාල් සුමිත් මානවඩු සිදුකළ අපමණ මෙහෙය කිසිදිනෙක අමතක කළ නොහැක.

එසේම අපරාධ සිදුකළ දේශපාලකයන්ට මෙන්ම හමුදා නිලධාරීන්ටත් දිට්‌ඨධම්මවේදනීය කර්මය පලදුන් අවස්‌ථා අපේ සියෑසින් දුටුවෙමු. එය කිසිදිනෙක වැළකිය නොහැකිය.

ප්‍රංශ මහාගත්කරු වික්‌ටර් හියුගෝ වරක්‌ මෙලෙස පවසා තිබුණි.

ඒ අපරාධකරු පසුපස අපරාධය හඹා එන බවයි.

පහත දැක්වෙන්නේ අප කල පලමු අනාවරණයයි….

වෙබ් අඩවිය අවස්ථා ගණනාවකදි තහනමට ලක්වු බැවින් ඇතැම් ඡායාරූපය සහ විඩියෝ දර්ශණ නැරබිමට නොහැකි විමට හැක.

http://198.211.112.164/archives/10302

දෙවන අනාවරණය ……

http://198.211.112.164/archives/10439

තුන්වන අනාවරණය ……

http://198.211.112.164/archives/13779

Loading…

මට නලින් ස්වාරිස් මතකයට නැගුණි. අප මුලින්ම හමුවූයේ 1979 ග්‍රීෂ්ම ඍතුවෙහිදී නෙදර්ලන්තයේදී ය. සත්වසරක් හිරබත් කා නිදහස් වූ අලුත මට එරටට එන්නැයි ගජමිතුරු ආරාධනයක් ලැබූණි.

නලින් ඇසූ පිරෑ තැන්ඇති නිර්මාණශීලී ශ්‍රාස්ත්‍රඥයකු විය. එකල ඔහු නෙදර්ලන්තයේ සරසවියක උගන්වමින් සිටියේ ය. පුජක දිවිය අතහැර ගිහි ජීවිතය තෝරා ගෙන තිබූ නලින් සැහැල්ලු කතා බහ මැද පුජකවරුන් අරභයා ගොඩ නැගී ඇති විහිලු කතා කීවේය. ඒ කතා සමාජ විවේචනයක්ද විලසිනි. එක් කතාවක් මෙසේ ය.

‘‘වරක් පූජකවරයකු ඈත ගමක ආගමික මෙහෙවරකට ගියේය. ඒ අතර වාරයේ ඔහුට කක්කා දැමීමට අවශ්‍ය විය. යායුතු වුයේ ලැහැබටය‍. සිය අවශ්‍යතාවය කී කල ඔහුගේ ශ්‍රාවකයෝ දෑස් හිසේ ගසා ගත්හ. මගේ දෙයියෝ, ඔබත් ඔය ගඳ වැඩේ කරනවද? අපි හිතන් හිටියේ ගඳ කක්කා වැක්කෙරෙන්නේ අප වැනි පවුකාරයින්ට විතරයි කියලා .”

තමන් හුදී ජනයාට ඉහළින් සිටින දෙවියන්ගේ කිරිම කිරිවන් නියෝජිතයින් ලෙස පෙනී සිට සිය ජිවිකා වෘත්තිය පවත්වා ගන්නා පූජ්‍යත්වයේ ව්‍යාජත්වය ඉන් උපහාසයට ලක් කෙරුණි.

මට නලින් මතක් වූයේ මේ දිනවල සිරසේනගෙන් ද දේශපාලන කක්කා වැක්කෙරෙන නිසාය. සිරිසේන, ඔන්න කක්කා යැයි කියන්නට රජතුමා හෙළුවෙන් යැයි කී කොළුවා වැනි මිනිසෙක් ඊයේ පෙරේදා කොහේ හෝ සිටියේ ය. ඔහු හෝ ඇය කළේ සරළ දෙයකි. ජනාධිපතිගේ ටිවීටර් සමාජ ජාල ගිනුමට රහසේ ඇතුළු වී එකම එක ශිෂ්ඨ පණිවිඩයක් එමගින් විසුරුවා හැරියේ ය.

ඉන් කියැවුණේ ‘‘ජනාධිපතිතුමනි ඔබේ කතා මරු. ඒත් ඒවා වැඩ බවට පත් කරන පිළිවෙලක් ඕනෑ නේද? කරල පෙන්නන්න!” කියාය.

අසාම් අමීන් නම් තරුණ ජනමාධ්‍යවේදියා විසින් එම ට්වීටය ‘ජනාධිපතිට ජනාධිපතිගෙන්ම උපදෙසක්’ කියා සිය සමාජ මාධ්‍ය ට්වීටර් ජාලයට මුදා හැරියේය‍. ඔහුගේ ටිව්ටර් ජාලයෙහි සෙනඟ 141,000කි. එමෙන්ම ඇති තතු දැනගත් වහාම ජනාධිපති ට්විටර් ගිනුම ටික වේලාවකට අන්සතුවී ඇතැයි පණිවිඩයක්ද සිය ජාලයට මුදා හැරියේ ය‍.

දැන් අසාම් අමීන් එම ට්විට් පණිවිඩය ගැන ප්‍රශ්න කරන්නට රහස් පොලීසියට කැඳවා තිබේ. කක්කා වැක්කෙරෙනවා යැයි කියන්නේ කටින් බතල කොළ හිටවන ගමන් කරන මෙවැනි බිය ගැන්වීමේ තර්ජන වලටය. මේ වනාහී බිය ගැන්වීමේ සංඥාය‍. ( පසුවදා රහස් පොලීසිය එම ප්‍රශ්ණ කිරීම අවශ්‍ය නැතැයි දන්වන ලදී)

(විමසිලිමත් ජනමාධ්‍යවේදියකු වූයේ නම් අසාම් අමීන් එම පණිවිඩය යැවිය යුතු වූයේ ජනාධිපති ටිවිටර් ගිනුම හැක්වී ඇතැයි යන වචනද සමඟය. මන්ද යත් ජනධිපතිට අපහාස වන උපදෙසක් ඔහුගේ සමාජ ජාලයකින් මුදා හැරීමට ඉඩක් නැති නිසාය. ඉක්මන සමඟ හරි තොරතුරු සොයා ගැනීමට උනන්දුවක් නැති තැන, ජනමාධ්‍යවේදය බාල වෙයි.)

ප්‍රශ්නය එයම නොවේ. මෙම ටිවීට් පණිවිඩය ගැන ඉහමොළ රත් වූ පොලීසිය ඊට වඩා අතිශයින්ම හානිකර සිදුවීමක් ගැන ට්විටර් සමාජ ජාලයෙහිම පැතිර ගිය වෙනත් වීඩියෝක් ගැන පියවර ගැනීමට කිසිදු හදිසියක් නොපෙන්වීමයි. එම සිදුවීම නම් සිංහල දුම්රිය සේවකයකු විසින් දෙමළ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමත් ‘මුන් දෙමළු කැරි බල්ලෝ’ යැයි මහ හඩින් බැණ වැදීමත්ය‍. එය සිදුවූයේ සඳුදා උදෑසන කොලඹ සිට යාපනය බලා ගිය දුම්රියෙහිදීය. එම අතරවය නැවැත්වීමට උත්සාහ කළ තවත් දෙමළ ජාතිකයකුට පහර දීමටද එම පුද්ගලයා උත්සාහ කොට තිබුණි.

මෙම සිදුවීම ප්‍රසිද්ධියට පත්වූයේ එම දුම්රියේම ගමන් කරමින් සිටි උත්තයරාසා ශාලින් නම් ජනමාධ්‍යවේදියා විසින් එම සිදුවීමෙන් කොටසක් වීඩියෝගත කර ට්වීටර් ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන්ට මුදා හරින ලද නිසාය. එම සඳුදාම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින් එය නරඹා යළි යළි බෙදා හැර තිබුණි.

වීඩියෝ සාක්ෂි තිබියදීත් එම පුද්ගලයාට එරෙහිව පියවර ගැනීමට නම් අදාළ කාන්තාව විසින් පොලීසියට පැමිණිල්ලක් කළ යුතු යැයි යාපනය පොලීසිය කියා සිටියේ ය. පසුව පැමිණිල්ල දැමීමට ගිය ඔවුන්ට පැය 4ක් රස්තියාදුවීමට සිදුවිය. අනතුරුව අඟහරුවාදා සවස, ආණ්ඩුවේ දෙමළ ඇමැතිවරයකු විසින් දක්වන ලද උනන්දුව නිසා අතවරය කළ දුම්රිය සේවකයා අත් අඩංඟුවට ගන්නා ලදී. බදාදා උදෑසනම පොලීසියේ විරුද්ධත්වයක් නොවූ නිසා ඔහුට ඇප ලැබුණි. (මෙම කාන්තාව විදෙස් ගත දෙමළ අයකු බැවින් ඇය නොපැමිණිය හොත් නඩුවක් ගෙන යා නොහැකි යැයි පොලීසිය දැනටමත් කියා තිබේ.)

දැන් යළි අර මරු කතාවට එමු. ජනාධිපතිගේ ට්විටර් ගිනුමට ඇතුළු වූ හැකරයා හෝ හැකරිය කවරකු වුවත් සිරිසේනට දී ඇති අවවාදය කටේ මසුරන් දැමීමට තරම් වටිනා එකකි. බොහෝ විට මෙම හැකරයා සඳහන් කරන්නට ඇත්තේ සිරිසේනගේ මඩකළපු දේශනයයි.

තමා 2020 දී විශ්‍රාම නොගන්නා බවත් ඊට හේතුව කළ යුතු වැඩ තවමත් තිබෙන නිසා බවත් සිරිසේන සිය මඩකළපු දේශනයේදී කීවේය. ඔහු තව දුරටත් කියා සිටියේ තමන් ඒ සඳහා මංකොල්ලකරුවන් සහ මිනීමරුවන් සමඟ එක් නොවන බවයි. මිනීමරුවන් යනුවෙන් ඔහු සඳහන් කළේ කවුරුන්දැයි තේරුම් ගැනීම අද මෙරට දේශපාලනයේ ඇති ලොකුම ගැටළුවක් විය හැකිය. මන්ද යත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජන ඝාතනයන්ට කෙළින්ම හෝ වක්‍රව සම්බන්ධ වී ඇති නිසාය. මහජන දේපල ගසාකෑම සහ රාජ්‍ය සම්පත් මංකොල්ල කෑම අතින් ශ්‍රිලනිපයත් එජාපයත් අතර එතරම් වෙනසක් නැත.

සිරිසේන පෙන්වන්නට හදන්නේ තමන් ඒ දෙකටම ඉහලින් සිටින රජ්ජුරුවන් කෙනෙක් බවයි. ( රජ්ජුරුවෝ උඩයි උඩයි ගූ බල්ලෝ බිමයි බිමයි යැයි කළ සෙල්ලම මතකද?)

කෙසේ වෙතත් ඒ මරු කතාවට ඌණපූරණයක් වශයෙන් ප්‍රශ්න කිහිපයක් මෙන්න:

සිරිසේනගේ ලේකම් කෝටි දෙකක අල්ලස් ගනිද්දී අල්ලා ගැනීම අප තේරුම්ගත යුත්තේ කෙසේද? මෙම පුද්ගලයා දූෂිතයකු බවට ඇති තරම් තොරතුරු තිබියදීත් සිරිසේන ඔහු පත් කර ගත්තේ ඇයි? මෙම පුද්ගලයා දූෂිතයකු බව වූ සාක්ෂි සහිත චෝදනා සිරිසේන නොසලකා හැරියේ ඇයි? එම දූෂිතයාගේ පුතකු සහ සිරිසේන පුත් දහම් සිරිසේන ලොව වටා එකට රවුම් යන බවට පළවී ඇති වාර්තා අැත්තද? එම අල්ලස ගැනීම සිදුවූ හෝටලයේ එම අවස්ථාවේදී දහම් සිරිසේන නතරවී සිටි බවට සමාජ ජාලයන්හි පැතිර යන කතා ඇත්තද?

කාන්තාවන්ට මත්පැන් මිලදීගැනීම තහනම් කළ සිරිසේනගේ ජීවිත කතාවෙහි නිල රචිකාවිය වූ දියණිය චතුරිකා සිරිසේන මත්පැන් බාර් ලයිසන් එකක් ලබා ගෙන ඇති බවට පළ වී ඇති වාර්තා ඇත්තද? එමෙන්ම පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ලෙහි ඇය විසින් හෝටලයක් ගොඩ නගා තිබෙනවා නේද?

එම අල්ලස් ගනුදෙනුවට මාට්ටු වූ දැව සංස්ථාවෙහි සභාපතිකමට දුෂණ සම්බන්ධයෙන් වාර්තා තබා ඇති, ජවිපෙන් එනිසාම ඉවත කරන ලද. පසුව වීරවංශට මුක්කු ගසා දැන් සිරිසේනට හේත්තු වී ඇති දේශපාලනඥයකු සිරිසේන විසින්ම පත් කරන ලද්දේ දූෂණ වැලැක්වීමට ද? තවදුරටත් ගසා කෑමටද?

රාජපක්ෂ සමයෙහි හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට ගිය එජාප දේශපාලනඥයින් පසු පස පිස්තෝලයක් උලුක් කරමින් හඹා ආ, ජනාධිපතිවරණ සමයෙහි සාදුජනරාව ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට පහර දුන් එරාජ් ප්‍රනාන්දු නම් දේශපලනඥයා එජාපය වැඩි බලය දිනූ හම්බන්තොට නගර සභාවෙහි සභාපතිකමට රාජපක්ෂලාගේ සහයෝගයෙන් පත් කරන ලද්දේ ආදර්ශයක් දීමටද?

බදුල්ල පළාත් සභාවෙහි අධ්‍යාපන ඇමැති වශයෙන් එම නගරයේ දෙමළ බාලිකාවෙහි විිදුහල්පතිවරියකට අනිසි ලෙස ළමුන් අතුලත් කර ගන්නා ලෙස බල කර, ඊට අවනත නොවූ බැවින් තමාට වඳින ලෙස නියෝග කළ බවට චෝදනා ලද චාමර සම්පත් දසනායක නම් දේශපාලනඥයාට යළි එම තනතුරම ලබා දුන්නේ අධා්‍යපානය නඟා සිටුවීමටද? මැර දේශපාලනය නගා සිටුවීමටද?

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ පළාත්සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර තමන්ගේ පක්ෂයේ ආණමඩුව සංවිධායක ලෙස පත් කරන ලද්දේ අපේ මැරයා අපට හොදයි යන පිළිවෙත සනාථ කිරීමට නොවේද?

ජනාධිපතිවරණ සමයෙහි කුරුණෑගල කුඹුක්ගැටේදී සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහය දක්වමින් ගමන් කළ අපේ පරපුර කණ්ඩායමට පොලු පහරදී එම ප්‍රසංගය කඩා කප්පල් කළ කමල් ඉන්දිකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසනයේ සංවිධායක ධුරය පිරිනැමුවේත් ඒ ආරටම නොවේද?

මෙවැනි පත්කිරීම් මගින් සිදුවන්නේ මැර බලය සහ ප්‍රචණ්ඩත්වය සාධාරණය කිරීම නොවේද?

කතාව මරු! වැඩ නම් පූජකයාට ලැහැබෙදී වූ පාටමයි!

2020ට තව කල් තියෙනවා! මඩකළපූ දේශනය කරලාම පෙන්වන්න.

~~සුනන්ද දේශප්‍රිය~~

ජ වි පෙ වෙනින් පොතක් පෙරළන්න හදනවා. පසුගිය දා විජිත හේරත් කියා තිබුණා ඔවුන් ගෙන ඒමට බලාපොරොත්තුවන විසිවැනි සංශෝධනයෙන් කිසිවක් වෙනස් වන්නේ නැහැ කියා. ඔහු කියා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයෙ වෙනසක් නොකරන බවත් බලතල කිසිවක් අඩු නොකරන බවත්. එහෙනම් සංශෝධනයක් ගෙන එන්නෙ මොනවට ද කියලා අහන්න පුළුවන්.

ජ වි පෙ විසිවැනි සංශෝධනයට එරෙහි ව නැගුණු විරෝධය හමුවේ තම අරමුණ වෙනස් කර ගෙන ද? ඔවුන්ට අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. දැන් එහෙනම් විධායක ජනාධිපතිගෙ බලතල අඩු කරන්නෙ නැහැ කියන්නෙ මොක ද? අනුර කුමාරට තම වැරුද්ද වැටහිලාවත් ද?

ජ වි පෙ කරන්නෙ තමන්ට අවශ්‍ය දේ වෙනත් අයුරකින් කර ගැනීමට. ඔවුන් දැන් කියන්නෙ විධායක ජනාධිපති මුළු රට ම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා තෝරා පත්කර ගන්නෙ නැතිව පාර්ලිමේන්තුවෙන් පත්කර ගන්න කියලා. ඔවුන් විසිවැනි සංශෝධනය ගෙනෙන්නෙ මේ පොඩි වෙනස කරන්න කියලා ඔවුන් කියන්නෙ. ඒ ගැන කවුරුන්වත් කලබල වෙන්න එපාළු.

ඒත් අපට අහන්න තියෙන්නෙ ඇයි මේ පොඩි වෙනස කරන්නෙ කියලා. මේක පොඩි වෙනසක් නො වෙයි. මේ විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට යටත් කිරීමක්. කාට හරි බැලූ බැල්මට පේන්න පුළුවන් එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා. පාර්ලිමේන්තුවට එතකොට ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක අධිකරණ පමණක් නොවෙයි විධායක බලතලත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතේවි. මොනව වුණත් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මහජන නියෝජිතයන් කියලා කියන්න පුළුවන්.

බැලූ බැල්මට නම් එහෙම තමයි. ඒ වුණත් මෙහි වැදගත් කරුණු දෙකක් තිබෙනවා. විධායක ජනාධිපති මුළු රටෙන් ම තෝරන කොට ඡන්ද කොට්ඨාශය මුළු රට ම වෙනවා. එවිට ජනාධිපති වග කියන්නෙ රටට ම. රටට පුළුවන් තමන්ට අවශ්‍ය ජනාධිපති සෘජුව ම පත්කර ගන්න. එහෙත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ විට එහි දී සිිදුවන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ ඒ රටවල ජනාධිපති පත්කර ගන්නෙ එක් එක් ක්‍රමයට. සමහර රටවල ඉස්සෙල්ල ඡන්ද කොට්ඨාශයක් තෝරණවා. ඒකෙ සාමාජිකයන්ට කියනවා ජනාධිපති තෝරන්න කියලා, ඇමරිකා එක්සත් ජනපදයෙ තියෙන්නෙ එවැනි ක්‍රමයක්.

ජ වි පෙ කියන්නෙ ලංකාවෙදි ඒ ඡන්ද කොට්ඨාශය පාර්ලිමේන්තුව බවට පත් කරන්න කියලා. පාර්ලිමේන්තුවට තමයි එවිට ජනාධිපතිට වග කියන්න වෙන්නෙ. එහෙත් පාර්ලිමේන්තුව ඒ ඒ පක්‍ෂ මගින් අවසාන වශයෙන් පාලනය වෙන්නෙ. අපි හිතමු යම් විධියකින් අද ජනාධිපති තෝරා පත් කෙරුණෙ පාර්ලිමේන්තුවෙන් කියලා. අපි විහිළුවට හරි හිතමු පත් වුණෙ මෛත්‍රිපාල කියලා. එහෙම වුණා නම් අද මෛත්‍රිපාලට තියෙන සුළු ස්වාධීනත්වයවත් තියේවි ද? ඔහුට තනිකර ම රනිල් කියන විධියට මුල දි විතරක් නොවෙයි අදත් වැඩ කරන්න වෙනවා. වෙනත් අයුරකින් කියනවා නම් පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන විධායක ජනාධිපති අගමැතිගෙ රූකඩයක් පමණක් වෙනවා. එවිට ජනාධිපති වන්නෙ අගමැති මිසක් නිල ජනාධිපති නො වෙයි.

වෙනත් වචනවලින් කියනවා නම් එයින් සිද්ධ වෙන්නෙ ජනාධිපතිගෙ විධායක බලතල අහෝසි කිරීමක් හා ඒ බලතල අගමැතිට පැවරීමක්. ජ වි පෙ වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට බව අප දන්නවා. මේ රනිල්ගෙ උපක්‍රමයක්. විධායක ජනාධිපති බලතල රනිල් අතට ගන්න. රටෙන් ම විධායක ජනාධිපති වීමට බැරි රනිල් පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත් කරන්න හදනවා. දැන් කාට හරි කියන්න පුළුවන් මහින්දටත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. නැහැ එහෙ ම ලැබෙන්නෙ නැහැ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අදාළ පරිදි සංශෝධනය නොකර.

දෙවනුව මෙයටත් වඩා බරපතල තත්වයක් තියෙනවා. මුළු රට ම ඡන්ද කොට්ඨාශය හැටියට ගත්ත ම සිංහලයකුට ලැබෙන විටිනාකම (ඡන්දය) අනෙක් අයට ලැබෙන වටිනාකමට අඩු වෙන්නෙ නැහැ. එහෙත් පාර්ලිමේන්තු ආසන බෙදා තිබෙන ආකාරයට හා පක්‍ෂ දේශපාලනය නිසා පාර්ලිමේන්තුව හරහා සිංහලයකුට ලැබෙන ඡන්ද වටිනාකම අඩු වෙනවා. එ ජා පක්‍ෂය සිංහල විරෝධී පක්‍ෂයක් නිසා ඔවුන් දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ සමග එකතු වූ විට සිංහලයකුගෙ ඡන්ද වටිනාකම තවත් අඩු වෙනවා.

ඒ කියන්නෙ සිංහල විරෝධී ජනාධිපතිවරයකු නමට වුවත් තොරා ගැනීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා කියන එක. එවිට පාර්ලිමේන්තුවෙන් රනිල් අගමැති වුවහොත් ඔහුට අවශ්‍ය අයකු ජනාධිපති කරගෙන තනිකර සිංහල විරෝධී ආණඩුවක් පිහිටුවා ගන්න පුළුවන්.

දැන් කවුරු හරි කියන්න පුළුවන් මීළඟ මැතිවරණයක දී මහින්ද අගමැති කරන්න පුළුවන් කියලා. ඒක ඔය හිතන තරම් ලෙහෙසි නැහැ. පහුගිය පළාත් පාලන ආයතන ඡන්දයෙන් පොහාට්ටුව මහා ලොකු ජයග්‍රහණයක් ලැබී යැයි කියන පඬියන්ට නම් හිතෙන්න පුළුවන් මීළඟ මැතිවරණයේ දී පොහාට්ටුව ජයග්‍රහණය කරයි කියලා. පෙබරවාරියේ දී පොහොට්ටුව විශාල ජයග්‍රහණයක් ලැබුවෙ නැහැ කිවුව ම බැසිල්ට නම් ඒ බව තේරෙවි. එහෙත් බැසිලිකාවෙ පූජකයන්ට තේරෙන්නෙ නැහැ. පොහොට්ටුව ලැබූ ඡන්ද අනුව එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනකු තේරෙවි ද කියලා ගණන් බලන්න. සමහරවිට කියන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක දී ප්‍රතිඵල වෙනස් වෙයි කියලා. අද තියෙන තත්වය අනුව මොන මැතිවරණයක් තිබ්බත් ජනතාව පොහාට්ටුවට ඡන්දෙ දෙන්නෙ මහින්ද බලාගෙන. එහි විශාල වෙනසක් ඇති වීමට ඉඩක් නැහැ.

කවුරු හරි හිතනවා ද ජ වි පෙ මේ සංශෝධනය ගෙනෙන්නෙ පොහොට්ටුවට ආධාර කරන්න කියලා. එහෙම හිතාගෙන සංශෝධනයට පක්‍ෂව ඡන්දය දෙන්න ඕන කියලා. මේ මොන විධියකටවත් සිරිසේනට මීළඟ ජනාධිපති වෙන්න බැහැ. ඒ නිසා සිරිසේන පැත්තක තියලා ප්‍රශ්නය දිහා බලන්න.

පසු ගිය පුංචි ඡන්දෙදි වැඩ බැරි පර ගැති මේ ආණ්ඩුව උස්සලා පොලේ ගහලා කුඩුපට්ටම් කරපු තමුන්නාන්සේලාට  අපේ ආචාරය මුලින්ම පුද කරන්න කැමතියි. ඒ ගහපු ගැහිල්ලට  තාම ආණ්ඩුවට රිදෙනවා. එදා පුංචි ඡන්ද වේදිකාවේ අපි තරහයි නාට්‍ය රඟ දක්වලා විශ්වාසභංගය ආව විතරයි අඹ යාලුවෝ නාට්‍ය රඟපාන්න ගත්ත ජනපති සිරිසේනට මැයි රැළිය කරන්න  සෙනඟ හොයාගන්න බැහැ.  අතවුල්ලගේ හිස්බුල්ලගේ පහනෙන් සිරිසේන ඇන්ඩ් කම්පනි අන්න අද චෙංකලඩි මඩකලපුවට ගිහින් තියෙනවා.

තමුන්නාන්සේලාගේ ප්‍රහාරයෙන්  අගමැතිතුමාත් හොඳටෝම හාන්සියි. ප්‍රේමදාසගේ යුගයේ මැයි රැලිය පැවැත්වූයේ ගෝල්ෆේස් පිටියේ. රනිල් යුගයේදී මේක කැම්බල් පිටියට පසු බැස්සා. ඊයේ වෙනකොට තමුන්නාන්සේලාගේ ප්‍රහාරයේ බලමහිමයෙන් පුටු පන්දාහක් තියන සුගතදාස එකට රනිල් වයි යූඑන්පී එකයි  පල්ලන් බස්සන්න පුළුවන්වීම ගැන අපි සන්තෝස වෙනවා.

සෑම ආසන සංවිධායකවරයෙක්ම එක බස් එක ගානේ ගෙනාවත් ඊට වඩා සෙනඟ එනවා. අපේ කොළඹ කඩුවෙල  හෝමාගම  කැස්බෑව ආසන බල මණ්ඩල වලට ඔයිට වඩා සෙනග එනවා. සෙනග ගේන්නේ කොහොමද ? රනිල් අගමැතිතුමාට තමන්ගේ සභාපතිව උපනායකව මැයි දින රැලියට ගෙන්න ගන්න බැරි වුණා. සෙනග නැති උනාට කතාව කොහොමද ? අගමැති රනිල් කියන්නේ 2020 තනියෙන් යු එන් පී ආණ්ඩුවක්  හදනවලු. ඒ ආණ්ඩුව අවුරුදු විස්සක් තිස්සේ කරගෙන යනවලු . අපිට කියන්න වෙන්නේ බම්බුව තමයි කියලා.  දහනම වන සංශෝධනයෙන් තියෙන ඒකාධිපති   සංශෝධනය කර ගත්තේ නැත්තං මෙලහකටත් රනිල් ගෙදර. දහනමවන සංශෝධනය නිසා  ජනාධිපතිතුමන්ට අගමැති අස් කරන්නත් බෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. දැන් මිත්‍රවරුනේ කාගෙත් ඇස් වහල  යු එන් පි  ව්‍යවස්ථාවට කරපු   සංශෝධනයම තමයි රටේ ව්‍යවස්ථාවටත් කරලා තියෙන්නේ.පැරදි පැරදි රනිල්ට තනතුරේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා.

2020 ට යුඇන්පී ආණ්ඩු නැහැ

හැබැයි මේ  ගාල්ලට රොද බැඳලා ඉන්න මේ දැවැන්ත  ජන  ගගේ අධිෂ්ඨානය තිබෙන තුරාවට 2020 යූඇන්පී ආණ්ඩුව හදන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මතක් කරනවා. 2015 රැ වැටුනු වලේ දවල් වැටෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ. අපි 2019 ආණ්ඩුව හදනවා විතරක් නෙවෙයි 2020 විතරක් නෙවෙයි 2030 ඉන්නෙත්, 2040 ඉන්නෙත්,  2050 ඉන්නෙත් අපි. මෙදා පොටේ ආණ්ඩු හදන්නෙ නැවත ගෙදර යන්න නෙවෙයි කියලා අපි යූඑන්පී එකට කියනවා‍.

සමහරවිට තමුන්නාන්සේලා බයෙන් ඇති. බයවෙන්න එපා මිත්‍රවරුනි, අපේ ආණ්ඩු කාපු නිල මැස්සන්ට යලි අපේ ආණ්ඩුවේ වහන්න ඉඩ තියන්නෙ නෑ කියලා තමුන්නාන්සේලාට ප්‍රතිඥා දෙන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අපි කියනවා තමුන්නාන්සේ එජාප තනි ආණ්ඩුවක් 2020 හදනවානම් හදාගන්න වෙන්නේ වැලිකඩ හිරගෙදරදී විතරයි. රනිල් අගමැතිතුමා විතරක් නෙවෙයි වැඩේ ලේසි වෙන්න  බැඳුම්කර හොරු  ගල් අඟුරු හොරු  නැව්  හොරු  අර හොරු මේ හොරු සියල්ලම දක්කලා රනිල් වික්‍රමසිංහ මහත්තයා්ට වැලිකඩ හිරගෙදර ඇතුලෙම ඇමති මණ්ඩලයකුත් පත් කරගන්න අපි අවස්ථාව සලසා දෙනවා.

මිත්‍රවරුනේ ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එජාප නායකයින් මොනවද කිව්වේ. පොහොර සහනාධාරය පෙර පරිදිම දෙනවා. පාසල් නිල ඇඳුම් පෙරපරිදිම දෙනවා. හම්බන්තොට වරාය කේන්ද්‍රකරගත් නාවික කේන්ද්‍රයක් බිහි කරනවා. පෝට් සිටිය හරිම ෂෝක්. නුවර  අධිවේගී  මාර්ගය ඉක්මනින්ම ඉවර කරනවා. මොනවද මේ කොල තොප්පි දාගෙන කියන්නේ. අපි යන්නේ කොයි පාරේ මහින්ද මැතිදුන් ගිය පාරේ කියලයි ඊයේ සුගතදාස වේදිකාවේ කිව්වේ. දැන් අපිට කියන්න වෙනවා මේ වේදිකාවේ ඉදන්  ඕක නිසයි අපි කිව්වේ රනිල් එක්ක බෑ කිව්වේ කියලා. මිත්‍රවරුනි රනිල්ට පුලුවන්ද?  බෑ. සිරිසේනට පුලුවන්ද?  බෑ. මේ ආණ්ඩුවේ වැඩක් කරන්න පුළුවන් කිසිම නායකයෙක් නෑ. කල හැකි නායකයින් ඉන්නේ මේ වේදිකාවේ විතරයි කියලා අපි සිහිපත් කරන්න කැමතියි.

වීදි  බසින්න සූදානම් වෙන්න

හැබැයි මිත්‍රවරුනේ මතක  තියාගන්න මේ දෙන්නා ඉන්න එක  භයානකයි. මේ දෙන්නට පහුගිය ඡන්දෙන් ලැබුණු ඡන්ද සොච්චම් බැලුවම මොන වීර කතා වේදිකාවේ කිව්වත් මේ දෙන්නා ආපහු ඡන්දෙ ඉල්ලන්න එන්නේ නෑ. ජනතාව ඉස්සරහට එන්නේ නැති ජනතාව හිතන පතන දේ පිළිබඳ හැඟීමක් නැති නායකයින් දෙදෙනෙක්  රට කරන එක හරිම භයානකයි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ, 2020 නෙවෙයි.  2019ත් නෙවෙයි.   රටට ආදරයක් තියෙනවා නම් 2018 ම මේ ආණ්ඩුව පන්නලා දාන්න  අපි වැඩ කල යුතුයි. හැබැයි පළාත්සභා ඡන්ද නම් තියන්නේ නෑ මේ කපේට. පුංචි ඡන්දය දීලා ඉල්ලන් කාපු ආණ්ඩුව තවම දිරවගන්න බැරිව ඉදිද්දි මේ කපේට ඡන්ද තියන්නේ නෑ. පුංචි ඡන්දය අපිට දුන්න නෙවෙයි අපි ගත්තා. අපි නඩු දැම්මා.  උද්ඝෝෂණ කළා. පෙලපාලි  ගියා. අපි ඡන්දය උදුර ගත්තා.  ඒ නිසා රට රැකගන්න නම්  මේ  හිටං  හුටං ආණ්ඩුව ගෙදර යවන්න වීදි වලට බහින්න සූදානම්ි වෙමු කියලා තමුන්නාන්සේලාට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. අපේ ආදරණීය මාතෘ භූමියට  ජය වේවා.  වැඩ කරන ජනතාවට  ජය වේවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා .

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති වැඩ කරන ජනතා ඒකාබද්ධ  මැයි රැළියේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 2018.05.07

Published on: May 9, 2018 – එක්සත් ජාතික පක්ෂයේ විරෝධය නොතකා තමන්ට ඇමතිකමක් ලබාදිමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ජනපති ඉලක්ක කර අනාවරණයන් රැසක් කිරිමට තමන් සුදානම් බව හිටපු මුදල් අමාත්‍ය,මහා බැංකු හොරකමෙන් පසුව බබා පාට් දැමු, රවී කරුණානායක ජනපතිට අනතුරු අගවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා සිදුකල කැබිනට් සංශෝධනයේදි අගමැතිවරයාගේ බලපෑම මත ජනපති සිරිසේන විසින් රවීට ඇමතිකමක් ලබාදිමට යෝජනා කර තිබුන නමුත් එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රී පිළට සහය දෙන එජාප දෙවන පෙළේ ඉල්ලිම අනුව එම ඇමතිකම ලබාදිම ජනපති අවසන් මොහොතේ නතරකර දමා තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් රවී ජනපතිගෙන් විමසිම් කර ඇති නමුත් මේ දක්වා එම් විමසිම් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටිම හේතුවෙන් රවී මෛත්‍රී සමග ගැටුමක් ඇතිකර ගැනිම දක්වා දුර ගොස් තිබේ.

මේ වනවිට රවිගේ මුදල් වලින් දුවන වෙබ් සහ සමාජ ජාල ක්‍රියාකරුවන් කැදවා ජනපතිට එරෙහිව ඉදිරියේදි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරිම සදහා උපදේස් ලබාදි තිබෙන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියා.

චතුරිකා සිරිසේනගේ පෞද්ගලික ජිවිතය සම්බන්ධයෙන් ඇතිවු ප්‍රශ්ණය සහ පසුගියදා ලන්ධන් සවාරියට යැවු රවීගේ අයෝජන දුතීකාව සහ ඇයගේ සැමියා ලෙස පෙනී සිටින මොහාන් නැමත්තා ජනපතිගේ සංචාරය සම්පූර්ණයෙන් චොර කිරිම සහ තවත් අල්ලස් ගැනිම් කිහිපයකටම ආණ්ඩුවෙ කිහිප දෙනෙකු පටලා ගැනිම සදහා රවී සුක්ෂමව කටයුතු කිරිම හේතුවෙන් ජනපති මෛත්‍රී රවී සමග අවුලක් ඇතිකරගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නොහැකියාවන් වසා ගැනිම සදහා පසුගිය කාල සිමාවේ අන්තර්ජාලය හරහා පලවන පුවත් සහ සමාජ ජාල හරහා පලවන Post වල අයිතිකරුවන් ලෙස පෙනී සිටින කණ්ඩායමක් එකතු කර ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් බලකායක් නිර්මාණය කල අතර ඒ සදහා මුල්‍ය දායකත්වය සපයනු ලැබුවේද එවකට චතුරිකාගේ ගජ මිතුරෙකු වි සිටි රවී විසිනි.

2016 වසරේ මැද භාගය වනවිට සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අමන තකතීරු වැඩ සම්බන්ධයෙන් වෙබ් අඩවි සහ සමාජ ජාලා හරහ එල්ල වන විරෝධය නතර කර ගැනිම සදහා චතුරිකාගේ ප්‍රධානත්වයෙන් මෙම  එකකය ස්ථාපනය කල අතර ඒ සදහා වෙබ් සහ සමාජ ජාලා මාෆියාවේ ගෝඩ් ෆාදර්ල ලෙස පෙනී සිටි කිහිප දෙනෙකු චතුරිකා ඇන්ද වු ආකරයද අප එවකට අනාවරණය කළා.

http://198.211.112.164/archives/6784

Loading…

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවලට ලොකුම කටගැස්මක් වූයේ දයාසිරිගේ ඩිස්කේ අම්මට ඩිස්කඩේය. දයාසිරි මේ අමාරුවේ වැටුණේ කොළයක් බලාගෙන කතාවක් කරන්න ගිහිල්ලාය. කතාව අවසන් කරන්න තිබුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨයෙනි. DISCE AUT DISCEDE යනු ලතින් වචන තුනකි. එහි සිංහල තේරුම “උගනිව් නැතිනම් පිටවෙව්” යන්නය. ඉංග්‍රීසියෙන් ලියලා තිබ්බ මේ වචන තුන නුහුරු නිසා දයාසිරිට හරියට කියවා ගන්න බැරි වුණේය. දයාසිරි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු නොවන නිසා ඒ වචන තුන හරියට කියවා ගන්න බැරි වෙච්ච එක නම් මහ ලොකු පුදුමයක් නොවේ. ඒක දයාසිරිව බයිට් කරන්න තරම් මහ ලොකු වැරදීමකුත් නොවේ. හැබැයි ලොකුම ප්‍රශ්නය වන්නේ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ වචන තුන හරියට කියවා ගන්න බැරි වෙච්ච එකය.

ඇත්තම කිව්වොත් දැන් එක්සත් ජාතික පක්ෂයට වෙනදාටත් වඩා හොඳට මේ වචන තුන කියවා ගන්නට පුළුවන් වෙන්න ඕනෑය. ඒකට හේතුව දැන් එක්සත් ජාතික පක්ෂයේ බලය කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් තියෙන එකය. අද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ආදි රාජකීයයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ආදී රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක ආදි රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක ආදි රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබිර් හෂීම් ආදි රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ආදි රාජකීයයෙකි. එහෙම බලනකොට යූ.එන්.පී. එකේ ධුරාවලියේ රාජකීයයකු නොවන්නේ අකිල විරාජ් කාරියවසම් විතරය. රාජකීයයකු නොවුණත් රනිල්ට හිතවත්ම මන්ත්‍රීවරයා අකිලය. සජිත්, මහ ‍ලේකම්කමට ඉමිටියාස් බාකීර් මාකර්ව යෝජනා කරද්දී රනිල්ගේ සහයෝගයෙන් අකිල මහ‍ලේකම් වන්නේ ඒ හිතවත්කම නිසාය.

කොහොම වුණත් මේ ධූරාවලිය පරීක්ෂා කරද්දී බොහොම පැහැදිලිව පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව තනතුරුවලින් 90ක්ම පාහේ කොළඹ හතේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට හිමි වී තිබෙන බවය. රාජපක්ෂලා පවුලට තැන දුන්නා කියලා චෝදනාවක් එල්ල වෙද්දී රනිල්ට එල්ල වෙච්ච චෝදනාව වූයේ රාජකීය විද්‍යාලයේ ගජමිතුරන් සෙට් එකක් ළං කරගෙන පක්ෂයත් රටත් පාලනය කරනවා කියන එකය.

ඉස්සර උව් එකට සමහරුන් කිව්වේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියලාය. හැබැයි දැන්නම් යූ.එන්.පී. එකට කියන්න පුළුවන් උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියලා නොව කොළඹ හතේ රාජකීයයන්ගේ පක්ෂය කියලාය. ඇත්තටම මේ තත්ත්වය ගැන පාසලක් හැටියට රාජකීය විද්‍යාලය ආඩම්බර වෙන්න ඕනෑය. ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක උඩ ඉඳන් පහළට තනතුරුවලින් 90ක්ම පාහේ රාජකීයයන්ගෙන් පිරෙනවා කියන්නේ පාසලටත් ලොකු අභිමානයකි.

මීට කලින් මේ වගේ අභිමානයක් භුක්ති විඳින්න කොළඹ ආනන්ද විද්‍යාලයට හැකි වුණේය. ඒ ඊළාම් යුද්ධ සමයේදීය. එකල සිව් වැනි ඊළාම් යුද්ධය මෙහෙය වූ හමුදා නායකයන්ගෙන් 90ක් පමණ ආදි ආනන්දියෝ වූහ. ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, සේනාංකාධිපතිවරුන් වූ ප්‍රසන්න සිල්වා, කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ජගත් ඩයස් ආදීහු ඒ අතර ඉදිරියෙන්ම වූහ. එදා යුද විරුවන්ගේ ලැයිස්තුව ආදි ආනන්දියන්ගෙන් පිරී ගියා වගේ මෙදා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ලැයිස්තුව රාජකීයයන්ගෙන් පිරී ගිහිල්ලා තිබේ.

හැබැයි මේ නායකත්ව ලැයිස්තුවේ උඩින්ම ඉන්න රනිල් රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය තවමත් හරියට තේරුම් අරන් නොතිබිම නම් කනගාටුවට කරුණකි. රාජකීය ආදර්ශ පාඨය වන්නේ උගනිව් නැතිනම් පලයව් ය. ඒ කියන්නේ පාසලට ආවා නම් ඉගෙන ගන්න, ඉගෙන ගන්න බැරි නම් පාසලෙන් පිටවෙලා යන්න කියන එකය. ඒක දේශපාලන පක්ෂයකට ආදේශ කළොත් කියන්න වෙන්නේ නායකත්වය බාර ගත්තා නම් පක්ෂය දිනවන්න. දිනවන්න බැරි නම් පක්ෂයෙන් අයින් වෙලා යන්න කියලාය.

හැබැයි ආදි රාජකීයයකු වුණ රනිල්, රාජකීය ආදර්ශ පාඨය අනුව වැඩ කරන බවක් නම් කොහෙත්ම පේන්න නැත.

විශ්වාසභංගයට කලින් කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලොකු ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙනවා කියාය. හැබැයි අන්තිමට සිද්ධ වුණේ ‍ලේකම් ධුරය දැරූ කබිර් සභාපති වෙලා අකිල ‍ලේකම් වෙච්ච එකය. නවීන්ට ජාතික සංවිධායක තනතුරක් ලැබිච්ච එකය. පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනේම කිසිම වෙනසක් නැත. නායකයා රනිල්මය. නියෝජ්‍ය නායකයා සජිත්මය. උප නායකයා රවීමය. රනිල්ව අයින් කරලා අලුත් නායකයකු ගෙනැල්ලා පක්ෂය අලුත් කරන්න ගිය රංගේ බණ්ඩාරලාට, වසන්ත සේනානායකලාට, සුජීව සේනසිංහලාට, අජිත් පෙරේරලාට වැ‍ලේ වැල් නැත.

හරි නම් මේ වෙලාවේ රනිල් කරන්න ඕනෑ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය අනුව කටයුතු කරමින් පක්ෂයට අලුත් නායකයකු පත්කර ගන්න ඉඩ දෙන එකය. හැබැයි එහෙම වෙන පාටක් නම් පේන්න නැත. අකිලලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපති අපේක්ෂකයාත් රනිල් කියලාය. එහෙම නම් එක්සත් ජාතික පක්ෂයේ සිද්ධ වෙච්ච ප්‍රතිසංවිධානයක් නැත. රාජකීය නඩයක් යූ.එන්.පී. නායකත්ව පුටුවලට ආවාට රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය වන ඩිස් අව්ට් ඩිසීඩ් නම් ක්‍රියාත්මක වෙලා නැත. යූ.එන්.පී එක ඇතුළේ අන්තිමට ක්‍රියාත්මක වෙලා තියන්නේ දයාසිරිගේ ඩිස්කේ අම්මට ඩිස්කඩේය.

සදුන් ජීවන්ත

රාජ්‍ය නිලධාරීන් ලංකාවට පැමිණෙන ආයෝජකයින්ගෙන් කප්පම් ගැනීම ගැන හොදම සාක්ෂිය ‘ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී සහ දැව සංස්ථා සභාපතිගේ කෝටි 10 අල්ලස් කථාවයි. මෙය හුදෙකලා සිදුවීමක් නොව, ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියකි. ලංකාවේ දී අත්සන් කරන ආයෝජන ගිවිසුම් ක්‍රියත්මක නොවන්නේ දේශපාලනඥයින්, නිලධාරීන් එක් වී සිදු කරන මෙවැනි කප්පම් ගැනීම් නිසාය.

කන්තලේ අතීත කථාව

කන්තලේ සීනි කර්මාන්තය නැවත ස්ථාපනය කිරීම සදහා රාජපක්ෂ රජය යටතේ 2006 දී පළමු යෝජනාව ඉදිරිපත් වන්නේය. ඒ සදහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවීම සිදු කරන්නේ 2010 වසරේ දී රාජපක්ෂ රජය යටතේ ය.

එහි දී සාර්ථකම ගැණුම්කරුවා බවට පත් වන පුද්ගලයා පසෙක සිටිය දී, එවකට රාජපක්ෂ රජයේ ප්‍ර‍බලම ලේකම්වරයෙකු මේ ආයෝජනය තුන්වන ස්ථානයේ සිටි ගැණුම්කරුවාට ලබාදීමට උත්සහ කළේය. මේ බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වාර්තා වූ විට ඔහු එය නවතා දැමීය.

2015 ජනවාරි 8 යහපාලන රජය බලයට පත් වන්නේ ය. නවතා දමා තිබූ ‘කන්තලේ පුනරුත්තාපන ව්‍යාපාරයට‘ 2015 පෙබරවාරි 14 දින අනුමැතිය ලැබෙන්නේය. ඒ යහපාලන රජයේ මුල්ම ජාත්‍යන්තර ආයෝජන කිහිපයෙන් එකක් ලෙසිනි. කෙටි කලකින් මේ ව්‍යාපෘතිය සදහා ආර්ථික කටයුතු පිළිබද කැබිනට් අනුකමිටුවේ අනුමැතිය ලැබෙන අතර, නැවත මේ සදහා වන කැබිනට් අනුමැතියක් 2015 ජූනි 17 දින හිමිවේ. ඒ අනුව කන්තලේ සීනි ව්‍යාපෘතිය සදහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ එම්.ජී. ෂුගර් සමාගම අතර අත්සන් තබනු ලබයි. ඒ සදහා, පූර්ව කොන්දේසියක් වන්නේ ඇ.ඩෝ. මිලියන 10 ක් මුල්‍ය තැම්පතුවක් ලබාදීම යි. එම මුදල මෙම සමාගම 2015 අගෝස්තු 08 දින ලංකාවට රැගෙන විත්, අදාළ සුදුසුකම් සපුරනු ලබයි.

නමුත්, ඉඩම් අමාත්‍යාංශය මේ කටයුත්ත දීර්ඝ ලෙස ප්‍ර‍මාද කරන්නේය. ආයෝජකයාට සිය කටයුත්ත සිදු කිරීමට බාධා පමුණුවන්නේය. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍ර‍මාදයන් තමන්ට වැලැක්විය හැකි බවත්, තමා නැතිව කිසිවක් කළ නොහැකි බවත්, විටින් විට ආයෝජකයාට දන්වන්නේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අයි.කේ. මහානාම ය.

එදා ඉඩම් අමාත්‍යාවරයා වූයේ කන්තලේ ප්‍රදේශයට අයත්වන ත්‍රිකුණාමල දේශපාලනය කළ එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාට ය. ඔහුගේ සැබෑ උවමනාව වූයේ කෙසේ හෝ කන්තලේ දියුණු කොට සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමය. ප්‍ර‍මාදය ප්‍ර‍ශ්නයක් වන විට එහි චෝදනාව එල්ල වූයේ අමාත්‍යවරයාටය. මේ අතර, අමාත්‍යවරයා මිය යන්නේය. අමාත්‍යාංශ ලේකම්වරයා කරළියට ‘තමා නැතිව කිසිවක් කළ නොහැකි බවත් තමාට සැලකිය යුතු බවත්‘ දිගින් දිගටම ආයෝජකයා පවසයි.

මේ වන විට ආයෝජකයා ඩොලර් මිලියන 10 ක් ලංකා ආණ්ඩුවේ ආයෝජනය කර අවසන් ය. ජෝන් අමරතුංග නව අමත්‍යවරයාට වගකීම් ගොඩක් මැද පැවරෙන අමාත්‍යාංශය ගැන එච්චර තැකීමක් නොවීය. අමාත්‍යාංශ ලේකම් මහානාම තමන්ට කැමති පරිදි අමාත්‍යාංශය පාලනය කරන සමය යි. ලේකම් මහානාම අමුතු කළාවක් ගොතන්නේය. මරණ මංචකයේ දී, ගුණවර්ධන මහතා තමාට ‘අහවල් අහවල් දේ කළ යුතු යැයි‘ පැවසු බව ඔහු ආයෝජකයාට පවසයි. එය ඉටු කිරීමට නම්, මුදල් අවශ්‍යය.

මහානාම ආයෝජකයාගෙන් ඉල්ලා සිටි අල්ලස ඇමරිකානු ඩොලර් මිලියන 3 කි!

මේ සිද්ධිය පිළිබද තොරතුරු මා වෙත (කීර්ති තෙන්නකෝන්) ආරංචි වී කෙටි කාලයකින් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් වාර්තාවක් මගින් යහපාලන රජය යටතේ විදේශ ආයෝජන බිදවැටී ඇති ආකාරය පිළිබද අනාවරණය විය. මේ කරුණ, දුෂණ විරෝධී පෙරමුණ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් නැවත නැවත අවධාරණය කරන ලදී. එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වූයේ මා මිතුරු ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ය. ජයසූරිය මහතා මේ ගැටළුවට පිළිතුරු දුන්නේය. තමන් ආයෝජනය ගිවිසුම් අත්සන් කරන නමුත්, ඉඩම් ලේකම් මහානාම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට බාධා කරන හැටි ඔහු සවිස්තරව ජනමධ්‍ය හමුවේ ප්‍ර‍කාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ හා අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම කළේ උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට මාර්ගය සැකසුනි. උපුල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්නේය.

2017 මැයි මාසයේ මුල්ම දිනක ආචාර්ය මහානාම තමන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් ඉල්ලා සිටි බව මේ ආයෝජකයා අල්ලස් කොමිසමට ලබා දුන් කටඋත්තරයේ දැක්වේ. වත්තල, ‘ස්ටීම් බෝට්‘ බෝට්ටු සවාරි සිදු කරන ස්ථානයේ අවන්හලේ දී, මුහුණට මුහුණ සිදුවන හමුවක දී, මෙම මුදල් ඉල්ලා ඇති බව ආයෝජකයාගේ ප්‍ර‍කාශයේ සදහන් වේ.

2017 සැප්තෑම්බර් මාසයේ 5 හෝ 6 දිනෙක බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී දැව සංස්ථා සභාපති දිසානායක මුල්ම වරට ආයෝජකයා සමග අල්ලස ගැන කථා කොට ඇත.

2017 ඔක්තෝබර් සිට 2018 පෙබරවාරි දක්වා අවස්ථා 4 ක දී ආයෝජකයා දැව සංස්ථාවට කැදවා අල්ලස ලබා නොදෙන්නේ නම්, ව්‍යාපෘතිය කරගෙන යාමට ඉඩ නොදෙන බව දිසානායක-මහානාම යුවල දක්වා ඇත.

උක් වගාව ඇරඹීම

2017 අප්‍රේල් කන්තලේ උක් වගාවට ඉඩම් ලබා දෙන අතර 2017 සැප්තැම්බර් 17 බිම් සැකසීම ආරම්භවිය. මහානාම, ආයෝජකයාට සිය කප්පම නොලැබෙන්නේ නම්, ව්‍යාපෘතිය නවතා දමන බවටත්, ඉඩම් ආපසු ලබා ගන්නා බවටත් තර්ජනය කරන්නේ මේ අතරය. ඒ වන විට සමාගම එංගලන්ත හා දකුණු අප්‍රිකානු ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගෙන අවසන් ය.

මේ තර්ජනය නිසා 2018 පෙබරවාරි 22 දින ආයෝජකයා අල්ලස් කොමිසමට මෙම සිදුවීම පැමිණිලි කර ඇත. එතැන් පටන් කථාව මෙම විමර්ශන කාර්යයට අගතියක් විය හැකි බැවින් හෙළි නොකරමි. නමුත්, අප්‍රේල් 27 අම්පාර සිට කොළඹට පැමිණීමේ සිට අල්ලස් ලබා ගැනීමට සැලසුම් කළ ස්ථාන, යුනියන් පෙදෙස ස්ථානයක මුදල් හුවමාරුවට සුදානම් වූ ආකාරය (දිසානායකට යුනියන් පෙදෙස මහල් නිවසක් ඇත), වෙසක් නිවාඩුවෙන් පසුව සදුදා උදැසන මුදල් ලබාදීමට සුදානම් වීම, අවසානයේ මැයි 3 උදේ 11.30 ට මුදල් ලබා ගැනීමේ උත්සාහය සහ එය සවස 4.30 ට වෙනස් කිරීම දක්වා ඇත්තේ දිගු කථාවකි.

තමාගේ මුදල් අවශ්‍යතාවට ගැන මහානාම අයෝජකයාට පවසා ඇත්තේ ද, අපූරු කථාවකි. තමන් තවත් ටික දිනකින් විශ්‍රාම යන බවත්, එවිට තමාට කිසිදු ආදායමක් නොමැති බවත්, තමාට කැලණිය විශ්වවිද්‍යාලය අසල ඉඩමක් ඇති බවත් එහි ගොඩනැගිල්ලක් ඉදි කොට එමගින් ආදායමක් ලබාගැනීමට තමන්ට අවශ්‍ය බවත් ඒ කථාවයි!

ජනාධිපති කාර්ය මණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම, දැව සංස්ථා සභාපති පී.දිසානායක යන අය අල්ලස් මුදල් ලබාගෙන, මුදල් ගණන් කරන අතරතුර, විඩියේ කැමරා මැද, අත්අඩංගුවට පත් වීමෙන් අවසන් වන්නේ මෙම සිදුවීමයි.

ආයෝජකයින්ගෙන් කප්පම් ලබා ගැනීම

ආයෝජන මණ්ඩලය ගිවිසුම් අත්සන්කර, නීතිපති දෙපාර්තමේන්තුව ව්‍යපෘති ගිවිසුම් අනුමත කොට, එම ගිවිසුම් අනුමත කළ පසුව ආයෝජකයින් රටට මුදල් ගෙනවිත් ව්‍යෘපෘති අරඹයි. ගිවිසුමට අනුව, රජයෙන් ලැබෙන ඉඩම් හා ගරා වැටුණු ගොඩනැගිලි, හා භාණ්ඩ වෙනුවෙන් ස්ථාපනය වන සමාගමේ 51%ක කොටස් අයිතියක් රජයට හිමිවේ.

මහානාම සිය කප්පම ඇ.ඩො. මිලියන 3 නොලැබූ විට කරන්නේ තමන් විසින් සකසන කැබිනට් පත්‍රිකාව අඩුපාඩුවක් ඇතිව සකස් කිරීමය. එමගින් ඔහු පවසන්නේ කන්තලේ තිබූ පරණ බඩු කිසිවක් නව සමාගමට ලබා දින නොහැකි බවයි. තමන්ගේ කප්පම නොලැබෙන්නේ නම්, මේ ව්‍යාපෘතිය කළ නොහැකි තැනට දේශපාලනඥයින්ට ඔහු කරුණු දක්වයි. මහානාම පවසන්නේ මේ ව්‍යාපෘතිය කළ නොහැකි බවත් සමාගම පරණ යකඩ ටික විකුණා ව්‍යාපෘතිය අතහැර දමන බවත් ය. ඒ සදහා ඔහු කෝටි 34 ක පරණ යකඩ ඇති බව ප්‍ර‍සිද්ධ කරයි. ඒ සදහා තක්සේකරුවක් සිදු කරයි. තක්සේරුවට ටෙන්ඩර් කැදවයි. (මේ ටෙන්ඩරය හා දෙවන අදියරේ ගාන පහත දැමූ කප්පම අතර ඇත්තේ සෘජු සම්බන්ධයකි. මහානාම ලේකම්වරයා ජනාධිපතිවරයාට, අගමැතිවරයා ව්‍යාජ කරුණු ඉදිරිපත් කොට ඇත.

Shareholders agreement හි 7.9 පරිච්චේදය මෙසේ ය.

The investor/company agrees to take possession of land and premises from the GOSL described in Article 7.1.1 (other than that described in Article 7.1.1 (c) with all the infrastructure and machinery, on an as is basis and no guarantee is given that any infrastructure, machinery, buildings or implements subsisting on the land or premises are usable or suitable for any purpose. The company may do as it may deem appropriate with the infrastructure, machinery, buildings or implements at it’s own cost or use them as it may deem suitable.

ඒ අනුව, ලංකා රජය වෙත ලබා දෙන 51% ක කොටස වෙනුවෙන් කන්තලේ සීනි සමාගමේ ඇති ගොඩනැගිලි (බහුතරයක් අබලි හා අතහැර දමා ඇත), දිරිගිය යන්ත්‍ර‍, දිරාගිය වාහන, ආදිය මේ සමාගම සතු විය යුතුය. නමුත්, ආචාර්ය මහානාම මේ ද්‍ර‍ව්‍ය නිදහස් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 3 ක අල්ලසක් ඉල්ලයි. එය ලබා ගත නොහැකි විට කෝටි 54 ක පගාවක් ඉල්ලයි. එය නොලැබෙන විට කෝටි 45 ක් ඉල්ලයි. එයත් හිමි නොවන විට කෝටි 10 ක් හෝ ලබා ගැනීම4ට උත්සහ දරයි.

ඒ සදහා ඔහු ඉදිරිපත් කරනු ලබන තර්කය මේ සමාගම උක් වගාව සිදු නොකර යකඩ ටික විකුණා දැමීමට උත්සහ දරන බවට ප්‍ර‍චාරයක් ගෙන යාමය. ඒ අතර, තම තර්කයට ශක්තිය සපයන්නට අමාත්‍යාංශයේ නිලධාරීන් යොදා ගනිමින් අබලි යකඩ සදහා තක්සේරුවක් ලබා ගනී. කිසිදු නිත්‍යානුකුල පදනමක් නැතත්, අබලි යකඩ සදහා ටෙන්ඩර් කැදවයි. ඇමතිවරු මැදිහත් නොවීම නිසා ද, මේ දුක් ගැනවිල්ල අසන්නට කිසිවෙකු නැති නිසා ද, ආයෝජකයා අමාරුවේ වැටේ. එපමණක් නොවේ. මේ ආරවුල බේරන්නට පත් කරන කමිටුව වැඩ කරන්නේ ද, අමාත්‍යාංශ ලේකම්ට අවශ්‍ය ලෙසම ය. අවසානයේ ‘පරණ යකඩ ටෙන්ඩර් තොරතුරු සගවා එකම පුද්ගලයාට පළමු හා දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙයි. සැබවින්ම, කන්තලේ සීනි ව්‍යාපෘතිය ‘පරණ යකඩ ගණුදෙණුවක්‘ බවට පත් කරන්නේ හිටපු ඉඩම් ලේකම් ආචාර්ය මහානාම ය.

පරණ යකඩවල වටිනාකම කෝටි 50 නම්, එයට කෝටි 60 ක පගාවක් ගන්නට බැරිය. ඇ.ඩො. 3 ක පගාවක් ගන්නට ද බැරිය. අනික, කෝටි 50 ක යකඩ ගන්නට ඇ.ඩො. මිලියන 10 ක් අත්තිකාරමක් ගෙවන පිස්සු ආයෝජකයින් ද ලෝකයේ විරලය.

දැන් නාටකයේ හොදම තැනට පත්වන්නේය. පරණ යකඩ සදහා ඉහළම ඉල්ලුම කෝටි 54 කි. දෙවැන්න, කෝටි 46 කි. තෙවැන්න, කෝටි 35 කි. පළමු හා දෙවන ටෙන්ඩර දෙකම එකම හිමිකරුගේය.

එම්.ජී. ෂුගර් ඉඩම් ලේකම් ගේ මේ අත්තනෝමතික තීරණයට එරෙහිව සිංගප්පුරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයට යයි. තම ගොදුර වැරදී, ඉඩම් ලේකම් විශ්‍රාම යයි. නමුත්, කුමන හෝ ක්‍ර‍මයකට ඔහු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී තනතුරට පත් වෙයි. ඔහු ආයෝජකයාට කියන්නේ කන්තලේ සීනි සමාගම අයත් වන දයා ගමගේ අමාත්‍යවරයාට පවසා මේ ගැටලුව විසදා දියහැකි බවයි. එපමණක් ද නොව, ජාත්‍යන්තර බේරුම්කරණයට තමා මැදිහත් වී එය ද විසදා දෙන බවයි. රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි.දිසානායක හරහා පණිවුඩ යවන ආචාර්ය මහානාම කෙසේ හෝ තම කුට්ටිය කඩා ගැනීමට උත්සහ දරයි.

‘බාර් පියා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ප්‍ර‍කට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ලේකම්වරයා වන මෙම නිළධාරියා එදා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් ලබා ගැනීමට සමත් වූ, මේ වැඩයට කප්පිත්තෙකි. අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා වූ ඔහු, අත්තනගල්ලේ දී එජාප මන්ත්‍රී පෝල් පෙරේරා ගේ දේශපාලන පළිගැනීමට ලක්ව ‘පරිපාලන සේවයේ සයිබීරියාවට‘ යවයි. ප්‍ර‍ධාන ඇමති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ ලේකම් බවට පත්වන්නට එය සුදුසුකමක් වන්නේය. අල්ලස් කොමිසම ඔහුගේ දේපල පිළිබද විමර්ශනයක් සිදු කරන්නේ නම් ඔවුන්ට ග්‍රෙගරි පාරේ මහල් නිවාස දෙකක්, යුනියන් පෙදෙස මහල් නිවාසය, ගම්පහ (මොන්ටිකාලෝ) බාර් 3, මාතර තෙමහල් ආපන ශාලාව (තැබෑරුම), හා බත්තරමුල්ලේ නිවාස 2 කට ගොඩ වන්නට සිදුවුවහොත් එම නිලධාරීන් පුදුම නොවිය යුතුය.

ආචාර්ය මහානාම සහ සභාපති දිසානායක නොදැන සිටි කරුණ නම් මේ වන විට අන්ත අසරණ වී සිටි ආයෝජකයා මේ පිළිබද අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිලි කොට තිබු බවයි. එපමණක් ද නොව, අල්ලස් කොමිෂන් සභාවේ අති දක්ෂ විමර්ශන නිලධාරීන් පිරිසක් කාලයක සිට මේ සිද්ධිය ගැන ඇස ගසා සිටි බවයි.

ලංකාවට පැමිණෙන ආයෝජකයින්ට සිදුවන ගැහැට කොපමණද යන්න මැනවින් තහවුරු වන සිදුවීමක් ලෙස කන්නතේ අල්ලස් සිද්ධිය අප හදුණාගත යුතුය. සිද්ධිය සම්බන්ධයෙන් ආයෝජන විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම ගේ ප්‍ර‍කාශය ගැන මම පුදුම නොවෙමි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලංකාවේ රාජ්‍ය සේවකයෙකු ලෙස වැඩිම වැටුපක් (රු. මිලියන 1 යි) ලබන පුද්ගලයා සිටින ස්ථානය යි. එහි සභාපතිවරයා වැඩට එන්නේ සතිකයට පැය දෙක -තුනකට පමණී. ආයෝජකයින්ට සේවා ලබා ගැනීමට දේශපාලනඥයින් පසුපස යා යුතුය. අනෙක් අතට, අයෝජකයින් මෙවැනි පීඩාවට පත් වන තෙක් රජය, අමාත්‍යාංශ, ආයෝජන මණ්ඩලය කුමක් කළේ දැයි විමසයි. මේ ආයෝජකයා මා සමග පැවසුවේ මාගේ කථාව අහන්නට හෝ ඉදිරිපත් වුණේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පමණයි කියාය.

මේ ඉන්දීය ව්‍යාපාරිකයා 1994 සිට ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදු කළ පුද්ගලයෙකි. ලංකාවේ බොහෝ තැන්වලට සබදතා ඇති අයෙකි. ඔහු මුහුණ දුන් තත්වය වෙනත් ආයෝජකයෙකුට හිමි වූයේ නම්, ඔහු ආයෝජන හැර දමා ගොස් බොහෝ කල් ය.

අනෙක් අතට, ඇති තරම් දුෂණ චෝදනා තිබූ ආචාර්ය මහානාම වැනි නිලධාරියෙකු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී වූයේ කෙසේ ද? යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි. කැෆේ සංවිධානය, දුෂණ විරෝධී පෙරමුණ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය යන මා සම්බන්ධ වූ ආයතන ලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් 7 කට චෝදනා එල්ල කර ඇත. ගල් අගුරු වංචාව, විදුලි මාෆියාව, බැදුම්කර වංචාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආයෝජන ප්‍ර‍වර්ධන, එයින් කිහිපයකි. ඔවුන් කිසිවෙකු ගැන අදටත් විමර්ශනයක් හෝ නැත. ආචාර්ය මහානාම වැනි පුද්ගලයින් විශ්‍රාම ගිය ද, රාජ්‍ය සේවයේ ඉහළම තැන් ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇත. දේශපාලන නායකත්වයේ අසමත්බව කදිමට පෙනෙන්නේ එබැවිනි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

හිටපු උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

Published on: May 8, 2018- පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට ලැබුණු ජනවරම සමඟ ආණ්ඩුව කලබලයට පත් වී බඩගාමින් සිටින බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07දා) ගාල්ලේදී සදහන් කළා.

වත්මන් ආණ්ඩුවට රටක් පාලනය කිරීම කෙසේ වෙතත් ග්‍රාම සේවා වසමක්වත් පාලනය කරගත නොහැකි බවත්, රටෙහි දැන් ඇත්තේ කයිවාරු පාලනයක් බවත් වත්මන් සම්මුති ආණ්ඩුව, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී – සමාජවාදී ජනරජයක් ඇතැයි ප්‍රකාශ කළද සත්‍ය ලෙසම වත්මනයේ ඇත්තේ ශ්‍රී ලංකා – යූඑන්පී පොලිස් රාජ්‍යයක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

වත්මන් රජය මැතිවරණ කල් දමනවා. පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන්න රජය සූදානම් නැත්නම් මහ මැතිවරණයක් ලබාගැනීම සඳහා ජනතාව සමග පාරට බහින්න සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ මේ රජයට හරියට වැඩක් කරගන්න බෑ. රජය දැන් බඩගාමින් තමයි යන්නේ. මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩ කරන්න බැරිකමටයි. අද ගොවීන්ගේ සහනාධාර කපලා. ගොවීන්ගෙන් වගේම ඔවුන්ගේ දරුවන්ගෙනුත් රජය පලිගන්නවා යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ලෙස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල බවත් ඒ පසුපස ක්‍රියාත්මක වු කුමන්ත්‍රණය අප සිද්ධියෙන් දිනකිහිපයකට පසුව අනාවරණය කල අතර ඒ හෙතුවෙන් අප වෙබ් අඩවිය අවස්ථා ගණනාවකදි තහනමටද ලක්වුනා.

වසර 2කට පසුව හිටපු ජනාධිපතිවරයා කොස්ගම පුපුරුවා හැරිම පිළිබඳව ප්‍රකාශයක් කිරිම හරහා මේ පසුපස ඇති කුමන්ත්‍රණය තහවුරු වෙමින් තිබේ.

http://198.211.112.164/archives/11950

Top