Published on: May 8, 2018 – ෆේස්බුක් (Facebook) වාරනය සඳහා කොලඹ කාර්යාලයක් පිහිටුවා ගැනීමට ආන්ඩුව යුහුසුළුව කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහනුවර ජාතිවාදී ගැටුමක් ඇතිකර ඒ හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා සමාජ ජාලා අක්‍රිය කල වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරියේදි තමන්ට එරෙහිව eඑල්ල අන සියලුම් සමාජ විරෝධි මත වාරණය කිරිම මෙම කාර්යාලය පිහිටුවිම හරහ සිදුකිරිමට සුදානමින් සිටි.

ෆේස්බුක් පෝස්ට් (Facebook post)නිරීක්ෂනයේ යෙදෙන කාර්යාලයක් කොලඹ පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව තදියමකින් ක්‍රියා කරන බව ද ඊට උඩගෙඩි දීමට විකල්ප කේන්ද්‍රය වැනි සිවිල් සංවිධාන ක්‍රියා කරමින් සිටි.

මේ අතර බීඩීනිවුස්24 (bdnews24) (Link එක ඇතුලත් කර ඇත.) නමැති බංග්ලාදේශයෙන් නිකුත් වන වෙබ් අඩවියේ ලියුම්කරුවෙකුගේ විමසීමකට පිලිතුරු දෙමින් අප්‍රියෙල් 08 වැනිදා  විදුලි සංදේශ නියාමන කොමිසමේ නමට සභාපති සහ කුප්‍රකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසා ඇත්තේ

“අප්‍රේල් 4දා ෆේස්බුක් කන්ඩායමක් [කොලඹට] පැමිනීමට නියමිතව තිබුනත් කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන්ට පැමිනීමට හැකි වුනේ නෑ. නමුත් එම කන්ඩායම පැමිනි විගස මෙහි කාර්යාලයක් පිහිටුවීමේ කාරනාව සාකච්ඡාවට ගන්නවා.” යනුවෙනි…

සිංහල භාෂා මාධ්‍යයෙන් පලවන, වාර්ගික ආතතීන් අවුලුවාලන පෝස්ට් නියාමනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටු වීම සිය අරමුන ලෙස ප‍්‍රනාන්දු දක්වතත් සැබෑ හේතුව නම් වෛරී ප‍්‍රකාශන නැවත්වීමේ කඩතුරාවකට මුවා වී සමාජ ජාල වාරනයකට පියවර ගැනීම බව අමුතුවෙන් කිවයුතු නැත.

කම්කරුවන්ට හා තරුනයන්ට සංස්ථාපිතයේ ආයතන හා ජනමාධ්‍ය වල සීමාවන්ගෙන් එපිට ස්වාධීනව සංවිධානය වීමට ඉඩ ප‍්‍රස්තා සලසන බලගතු සන්නිවේදන මෙවලමක් නිදැල්ලේ පැවතීම වත්මන් බැරි බැරියාම සහිත ආන්ඩුවට බරපතල ප්‍රශ්නයක් වි තිබේ.

මාර්තු මාසයේ මුල මහනුවර ආශ්‍රිතව, මුස්ලිම් විරෝධි ප‍්‍රචන්ඩ ක්‍රියා පැතිර යාමට හේතු වූයේ සමාජ ජාල අඩවි බව දක්වමින් මාර්තු 07 වන දින ආන්ඩුව විසින්, ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සන්නිවේදන මාධ්‍යයන්ට ප‍්‍රවේශය අවහිර කර දමන ලද්දේ හදිසි නීතිය ද පනවමිනි. මෙම වාරනය දින අටක කාලයක් පැවතුනි. ෆේස්බුක් සිය දෛනික ජිවිතයේ කොටසක් කරගෙන සිටින ජනයා අතර විරුද්ධත්වය පැතිරෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම තහනම ඉවත් කිරීමට බල කෙරුනි. විසංනිකො පවතින්නේ ඔහුගේ පාලනය යටතේය.

මාර්තු 15 වැනි දින පැමිනි ෆේස්බුක් නියෝජිත කන්ඩායම ඔස්ටින් ප‍්‍රනාන්දු සමග කල සාකච්ඡාවන්හි දී එලැඹි එකඟතාවන් මොනවාදැයි එලිදරවු කර නොමැත. මේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ප‍්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වූයේ මෙම එකඟතා පිලිබඳ ප‍්‍රගති සමාලෝචනයක් දෙපාර්ශ්වය අතර නියමිත කාල රාමුවක් තුල සිදු කර වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පියවර ගන්නා බවයි.

සිරිසේනගේ වහසී බස්

අප්‍රේල් 17 දා ලන්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇමතු සිරිසේන ප‍්‍රකාශ කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් සංවර්ධනය සඳහා ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට නිසිලෙස මහජනයාට සන්නිවේදනය නොකෙරන බවයි.

“ඊට ප‍්‍රධාන හේතුව නම් සමහර ජනමාධ්‍ය සහ සමාජජාල බොරු හුවා දක්වමින් සත්‍යය වසන් කරමින් පටු දේශපාලන හා වානිජමය වාසි ලබා ගැනීමට ක්‍රියා කිරීම බව” ඔහු කිවේය.

සමාජ ජාල වාරනයේ උත්සුකය පාලක පන්තියට දිගුකාලීනව පැවතියකි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2013 ජූනි මස දී පැවැත්වූ කතාවක දී ඊජිප්තු විප්ලවය ගැන සඳහන් කරමින් එය සංවිධානය කිරීමේදී නුතන සන්නිවේදන මාධ්‍ය භාවිතය ගැන අනතුරු ඇඟවුයේය.

 

 

 

එක්සත් ජාතික පක්ෂය සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදි පැවැති මැයි දින සැමරුමේදී ඇමැති සරත් ෆොන්සේකා මහතා කල කතාව දැක මෙම සටහන ලියන්නට මම හිතුවා

සරත් ෆොන්සේකා මහතා කියා ඇති කතාවේ හරය නම් මෛත්‍රී ජනාධිපති ලෙස පත්කර ගැනිම වැරදි දෙයක් බවත් ඉදිරි ජනාධිපතිවරනයේදි අවශ්‍ය වන්නේ පොදු අපේක්ෂකයෙක් නොව එජාප අපේක්ෂකයෙක් බවය.

එම කතාව බෝහෝ දෙනෙකුට දැන් දැන් වැටහිම ගැන සතුටුය.මම මේ කතාව කිව්වේ 2014 දෙසැම්බර මාසයේදි සිරිකොතදි ප්‍රසිද්ධයේය .(මා විසින් මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතාට ලියු 2014/12/8 ලිපියේ පැහැදිලිව ලියා තිබේ)

මා එදා එජාපය ගත් මෙම තිරනය වැරදි බව කියන විට සමහරුන් මට අවලාද නැගුහ .තවත් සමහරු මට දෝශාරෝපනය කලේය සමහරුන් මට කුමන්ත්‍රණ කරුවෙකුයැයි චෝදනා කලේය මට පක්ෂය තුල සිටිය නොහැකි ලෙස පල නොකියා පලා බෙදන තත්වයකට පත් කලේය.

එජාපයේ නායකයකු ජනාධිපති අපේක්ෂක කිරිමට අවශ්තාව තිබියදි එය මග හැර ගියේ අවස්ථාවාදීන් කිපදෙනෙකු ඒ වනවිටත් පක්ෂය ගිලගෙන සිටි නිසාය එදා මා කියු යතාර්ථය තේරුම් ගත්තේ නම් මෙවැනි පිඩනයකට එජාපය හා පාක්ෂිකයන් පත් නොවනු ඇත.

එජාපයේ බිම් මට්ටමේ බහුතරයක් එජාප නායකයන් එදා ගත් මෙම වැරදි තිරනය ගැන පසුතැවිලි වන බව රහසක් නොවේ .එජාපයට වසර 24 රටේ ජනාධිපතිවරයෙකු බිහිකර ගැනිමට නොහැකවුනේ මෙවැනි අවස්ථාවාදි තිරනයන් නිසාය.

මාගේ මෙම සටහන දැක එජපයේ යැයි කියා ගන්නා අවස්ථාවාදින් මට මඩ අපහාස කරන්නට මඩගසන්නට නොයෙක් දෑ පල කරන්නට පුලුවන එහෙත් ඇත්ත කතාව නම් 2014 ජනාධිපති අපේක්ෂක කම එජාපය අතහැරිමේ ප්‍රතිවිපාක වලට දැන් එජාප මුහුනදි තිබේ .

 

හොරු ඇල්ලීමට පැමිණි රජයේ ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියා කෝටි 2ක් සමඟ හසුවීම පසුපස ජෙහාන් පන්නයෙ පොරක් සිටින බවත් තවත් නුදුරු කාලයකදි සිරිසේන ගමරාළට සියතින් ගෙලසිද ගැනිමට දිනයක් උදාකරන බවත් අප මිට පෙර අනාවරණය කළා.

කෝටි 2කේ කප්පම පසුපස සිරිසේනගේ කොමිස් බෑණා සිටින බවද අප “හිටං, මේ හොරාත්… අර හොරාත් හැර තවත් හොරු සිටිද?… නැත්නම් වහාම අටපට්ටමට කියන්න හොදේ… කෝටි 54ක් කොමිස් ඉල්ලු මහ මොළකරු කවුද?” යනුවෙන් අනාවරණය ර තිබේ.

කිසිදු වයාපාරයක් හෝ රැකියාවක් නොමැති නමුත් ජනාධිපති කාර්යාලයේ අති සුඛෝපභෝගී වාහනත්, ලක්ෂ ගණන් වටිනා ඇඳුම් ආයිත්තම් පරිහරණය කරමින් සිරිසේන ජනපති සමඟ විදෙස් ටුවර් ගසමින් ගාණ කඩාගන්නා කොමිස් බෑණා මුල සිටම ප්‍රසිද්ධ වූයේ ‘ඩීල් නම් තිළිණ තමයි’ යනුවෙනි. එම කිසිවෙකුගේ ආශිර්වාදයක් නොමැතිව කෝටි 54ක් යනු රාජය නිලධාරියෙකු සිහිනෙන්වත් ඉල්ලීමට බලාපොරොත්තු වන මුදලක් නොවේ.

මහානාමගේ අල්ලස් කතාව පිටුපස ජෙහාන් කෙනෙක් ?? යනුවෙන් SL VLOG කල අනාවරණය

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා අද මෛත්‍රීපාල සිරිසේනට චොදනා කර සිටියා.

සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම අමතමින් සරත් ෆොන්සේකා සදහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු බවයි.

මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා එහිදි අනාවරණය කර සිටියා.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබුණේ ජනාධිපති සිරිසේන මහතාගේ විරෝධය නිසා බවත් ඇමැතිවරයා කියයි.

හමුදාපති ධුරය දැරූ බැවින් තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදෙන ලෙස විදේශීය රටවලින් ඉල්ලීමක් තිබූ බව ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී ජනාධිපතිවරයා තමන්ට පැවැසී යැයි ෆොන්සේකා මහතා කියා සිටී. විදේශීය ආකල්පවලට යටත් වෙමින් රට කරවන නායකයකුව පත්කර ගැනීම ගැන තමන් මේ මොහොතේ කනගාටු වන බවද ඇමැතිවරයා පවසයි.

http://198.211.112.164/archives/17633

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකර ගත යුතු නැති බවත්, අවශ්‍ය අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනිමු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක කළ යුතු යැයි යෝජනා කරන විට තවත් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ නම් කළ යුතු යැයි යෝජනා කර ඇත. මේ අතර චමල් රාජපක්ෂගේ නමද කතාබහට ලක්වී තිබිම නිසා පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකර ගත යුතු නැති බවත්, එහිදී චමල් රාජපක්ෂ පෙන්වාදී තිබේ.

Published on: May 5, 2018- “රනිල් පරාජය වන සෑම මොහොතකම ඔහු වෙනුවෙන් ඉදිරියට ගෙනෙන ඤානසාර නම් චීවරධාරියා දුටු තැන පලවා හරිමු.” යනුවෙන් facebook හි තබා තිබු සටහනක් සම්බන්ධයෙන් බොදු බල සේනා ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සමාජ ජාලා හරහා ජාතිවාදයට එරෙහිව ප්‍රබල හඩක් නගන,ප්‍රවීන දේශපාලන විචාරකයෙකු වන සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට කැදවා පැය ගණනක් ප්‍රශ්ණ කර තිබේන බව වාර්තා වේ.

ජාතිවාදයට එරෙහිව මහින්ද පතිරණ තම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පිලිබදව අද දින(05) මිහිදු මාවත අංක 9 යන ස්ථානයේ 2017 වර්ෂයේදී යහපාලන ආණ්ඩුව විසින් පිහිටවනු ලැබූ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට කැදවා මෙම ප්‍රශ්ණ කිරිම කර තිබේ.

බොදු බල සේනා ක්‍රියාකාරිත්වයේ අපූරුව නම් ඔවුන් ආගමික ව සිංහල බෞද්ධයාගේ ම කරමතින් ගොස් දේශපාලනික ව සිංහල බෞද්ධයාට ම පහර දීමට තරම් උපායශීලී වීමයි ” මහින්ද පතිරණ දිගින් දිගටම ඔවුන්ගේ ක්‍රියා කලාපයන් විවෘතව විවේචනය කල සුලතරය අතර වූ ඔහුගේ මුලික මිනිස් අයිතිවසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා උල්ලංඝනය කරමින් දැන් යහපාලන කරමතින් යන ඥානසාර නම් චීවරධාරියාට එරෙහි වන්නන් දඩයම අරඹා තිබේ.

මුස්ලිම් ජනතාව රවටා ඔහුන්ගේ ඡන්දය කොල්ල කන් වත්මන් සිරිසේන- රනිල් ආණ්ඩුව ජාතිවාදය වපුරණ් බව පවසමින් සමාජ ජාලා පාවා අවහිර කිරිමට කැසකවමින් සිටින අතරතුර ජාතිවාදයෙන් සිංහල බෞද්ධයාගේ ඡන්දය කොල්ල කෑමට ඥානසාර ජාතිවාදී බේබදු මැර සිවුරුකරුවා යොදවා ගන්නා අයුරු පසුගිය කාලසිමාව තුල දිගින් දිගටම අනාවරණය විය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුර පෝ දා ජනාධිපතිවරයා,ප්‍රධානත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පුන්‍යෝත්සවයට ගලගොඩ අත්තේ ඥානසාර කැදවා බණ දෙසන්නට අවස්ථාව දුන්නා පමණක් නොව වත්මන් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට ජාතිවාදය අවුස්සා ඡන්දය ගන්නා අකාරය පිළිබඳව මේ වනවිට පාඨමාලාවන්ද නානසාර විසින් පවත්වමින් සිටි.

ගලගොඩඅත්තේ ඥානසාර යනු මේ වන විටත් අධිකරණයේ විභාග වන නඩු 7-8 ක චුදිතයෙකි. ඒ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ද වේ. මොහු බීමත්ව බලපත්‍ර නොමැතිව ලොරියක් පදවා අනතුරක් සිදුකොට පලා යද්දී අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරූ කල එහිදී වරද පිළිගෙන රුපියල් 15000 ක දඩ ගැසුම්ද කා සිටින අශ්ලීල කමින් අගතැන්පත් නරුම සිවුරුකාරයෙකි. බේරුවල මහා මුස්ලිම් ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තර කරුවාද වන මොහු පසුගියදා මහනුවර ගැටුම් වලටද මුල් වූවෙකි. එවැනි ගන්ඳස්සාර ජාතිවාදියෙකු ජනාධිපතිවරයා විසින් ජපානයට කැටිව යෑම ගැනද බරපතල චෝදනා එල්ල විය. ජනාධිපතිවරයාගෙන් ලන්ඩනයේ දී ඒ ගැන ප්‍රශ්න කළ විට ප්‍රශ්නයට උත්තර නොදුන් ජනාධිපති කෝප වී සාකච්ඡාවෙන් ඉවත්ව යන බවට තර්ජනය ද කෙළේය.

අවසාන වශයෙන් රනිල්ට සහ මෛත්‍රීට එකක් පමණක් කියා තබන්නේමු.ජාතිවාදය වපුරන ඒ හරහා සිංහලයා  මොඩයා කර තමන්ගේ බඩ වඩා ගන්නා ජාතිවාදි නානසාර වැනි එවුන් සමග ලැගිම, බල්ලෝ එක්ක බුදිය ගත් විට මැක්කෝ සමග නැගිටින්නට වන බව කියවෙන් පැරණි කියමන මතකයේ තබා ගන්නා ලෙස පමණී.

විසිවැනි සංශෝධනයට පක්‍ෂපාත විය යුතුයි කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරු දෙදෙනෙකු කියලා තියෙන බවට වාර්තාවෙනවා. එක් අයකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් කියලයි කියන්නෙ. මහින්ද මුට්ටි සෙල්ලමේ ගජ හපනෙක්. මේ දෙදෙනා බැසිල්ගෙ කියලත් කියනවා. අද දේශපාලනය රට ගැන නොවෙයි පෞද්ගලික කරුණු මත පදනම් වන බව පේනවා.

විධායක ජනාධිපති ධුරය තියෙනතාක් මහින්දට රාජ්‍ය නායකයා වෙන්න බැහැ. මහින්ද රාජ්‍ය නායකයා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කළාට කමක් නැහැ. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය තියෙනතාක් මහින්දට රාජ්‍ය නායකයා වෙන්න බැරි නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා යමකු තර්ක කරනවා නම් ඒක පිළිගන්න බැහැ. එහෙම කරන්න ගියාම රටට වෙන හානිය කල්පනා කරන්න ඕන. එයින් බටහිරයන්ගෙ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදීන්ට රට බෙදන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මහින්දට ම පාරාවළල්ලක් වෙනවා.

මහින්ද තමයි දෙමළ ජාතිවාදයෙ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ. ඒ දෙමළ බෙදුම්වාදයට ඉඩක් නො දෙන්න. ඒත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් තියෙනවා. එය පවත්වාගෙන යන්නෙ බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය, හා ඉන්දියාව. නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව දෙමළ ජාතිවාදයත් පරාජය වුණා. එයට හේතුව දෙමළ ත්‍රස්තවාදය කියන්නෙ දෙමළ ජාතිවාදයෙ විකාශයෙ ප්‍රතිඵලයක් වීම.

එහෙත් අපට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය නෛතික ව පරාජය කරන්න බැරි වුණා. මෙතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. අද ඇතැම් ජාතිකවාදීන් ද කියනවා ප්‍රභාකරන්ට යුද්ධෙන් දිනා ගන්න බැරි වුණු දේ සම්බන්ධන්ලා දිනාගන්න හදනවා කියලා. මා ඒ කියමනට විරුද්ධයි. සංකල්පීය ව එය වැරදි කතාවක්.

චෙල්වනායගම්ගෙ කාලෙ ඉඳලා දෙමළ ජාතිවාදීන් දිනාගන්න හදපු දෙය තමයි උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම රාජ්‍යයක් කියන එක. ප්‍රභාකරන් ඒ සටන ඉදිරියට ගෙන ගියා ත්‍රස්තවාදය මගින්. ප්‍රභාකරන් පැරදුණා ම චෙල්වනායගම් ද පරාජය වුණා. ඒ විතරක් නොවෙයි රාමනාදන්ලා අරුණාශලම්ලා ජී ජී පොන්නම්බලම්ලා මේ සියල්ල ම පැරදුණා. චෙල්වනායගම් උත්සාහ කෙළෙ සාකච්ඡා හා බලපෑම් මගින් උතුරේ හා නැගෙනහිර වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමටයි. එය අලුත් දෙයක් නො වෙයි.

අද සම්බන්ධන්ලා වචන හරඹයකින් කතා කරන්නෙ නැවත රවුම යන්න. ඔහු කෙලින් ම කියන්නෙ නැහැ වෙන ම රාජ්‍යයක් ඕන කියලා. එහෙම කිව්වොත් ඔහුගෙ මන්ත්‍රීකම අහෝසි වෙනවා. ඒ නිසා ඔහු වචන හරඹයක යෙදෙනවා. එහෙත් ඔහුට වචන හරඹයකවත් යෙදෙන්න ඉඩක් නැහැ. නන්දිකඩාල් කලපුවෙදි ඔහුත් දේශපාලනික ව පරාජය වුණා. එහෙනම් ඔහු සුමන්තිරන් වැනි අය වෙන ම පාලනයක් (එය වචන හරඹයක් පමණයි) ඉල්ලන්නෙ කොහොම ද? පරාජය වුණා නම් ඔවුන්ට නට්සින්ට හිමි වූණු ඉරණම හිමි වුණෙ නැත්තෙ ඇයි?

එයට හේතුව අපට දෙමළ බෙදුම්වාදය හා ජාතිවාදය නෛතික ව පරාජය කරන්න බැරි වීම. අපට බැරි වුණ් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න. එයට ජාතික ව්‍යාපාරයත් වරද කරුවෙක්. එහෙත් 2009 වන විට ජාතික ව්‍යාපාරය දේශපාලනයට යටවෙලා ඉවරයි.  මහින්ද 13අහෝසි කරනවා වෙනුවට 13+ දෙන්න කතා කළා. මෙය විසංවාදයක්. නන්දිකඩාල් දක්වා අපේ හමුදාව ප්‍රභාකරන් සමග සටන් කෙළේ ම දහතුන නොදෙන්න. විශේෂයෙන් ම ඉඩම් බලතල පොලිස් බලතල නො දෙන්න. අප රණවිරුවන් තරම් පරිත්‍යාගයක් නොකළත් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවෙදි සටන් වැදුණෙ මේ බලතල නො දෙන්න. අප එහි ද ජයග්‍රහණය කළා. පස්සෙ කාරියප්පර් හා යෝගරාජන් තම වාර්තාවක් කමිටු වාර්තාවක් ලෙස භාර දුන්නා. එහෙත් එය ව්‍යාජ වාර්තාවක්. ඒ වන විට අප කමිටුවට සහභාගි වීමත් නවත්වලා.

නන්දිකඩාල් හි දී අප හිතන් හිටියට 13 පරාද වුණා කියලා ඒකෙ මොකක් ද ගණුදෙනුවක් වෙලා තියෙනවා කියලා දැන් හිතෙනවා.  නැත්නම් 13 පරාද  වුණාට පස්සෙ එයට වැඩි 13+ දෙන්න කතා කරන්නෙ කොහොම ද? ඉන්දියාවත් සමග  වූ මේ ගණුදෙනුව කෙරුණෙ කොහොම ද? කා මගින් ද? එහෙම දෙයක් සිදු වී නැත්නම් පරාද වුණු 13ත් ඉක්මවා යන 13+ක් ගැන කතා කෙළෙ කොහොම ද? අදත් ප්‍රශ්නය වී තිබෙන්නෙ 13 නීති පොතේ නැත්නම් ව්‍යවස්ථාවෙ තිබීම. 13 ව්‍යවස්ථාවෙ තියෙන්නෙ 17 වැනි පරිච්ඡෙදය හැටියට. 154 A සිට 154 T දක්වා ව්‍යවස්ථා ඒ පරිච්ඡෙදයට අයත් වෙනවා. අද කළ යුත්තේ මේ පරිච්ඡෙදය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම.

එසේ ඉවත් නොකර විධායක ජනාධිපති ධුරය යම් ක්‍රමයකට හරි අහෝසි කිරීම බටහිරින් හා ඉන්දියාවෙන් පෝෂණය වන දෙමළ ජාතිවාදය ශක්තිමත් කිරීමක්. දහහත්වැනි පරිච්ඡෙදයට අනුව විධායක ජනාධිපතිට හා ඔහු පත්කරන ආණ්ඩුකාරයාට විශේෂ විධායක බලතල තියෙනවා. පළාත් සභා මගින් සරල සන්ධීය රාජ්‍යයක් පිහිටුවා තිබුණත් ඒ සභාවල කටයුතුවලට අවහිර කරන්න ජනාධිපතිට හා ඔහු පත්කරන ආණ්ඩුකාරයාට පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට හරි අමාත්‍ය මණ්ඩලයට හරි ඒ බලතල ලබා දුන්නට ඒ විධියට ම වැඩ කරන්නෙ නැහැ. පාර්ලිමේන්තු බලතුලනය අනුව දෙමළ ජාතිවාදී පක්‍ෂවලට ආණ්ඩු පිහිුවීමේ දී හා ආණ්ඩු පවත්වාගෙන යෑමේ දී බලපෑම් කරන්න පුළුවන්. එවිට ආණ්ඩුකාරයාට වුණත් සිද්ධ වෙන්නෙ දෙමළ ජාතිවාදී පක්‍ෂවලට අවශ්‍ය අන්දමට කටයුතු කිරීම.

විධායක බලතල අමාත්‍ය මණ්ඩලයට තිබුණ කියලා ප්‍රශ්නය විසඳගන්න බැරි බව ඉන්දියාවෙ නියෝජිතයා වෙනුවෙන් කතා කරන පඬියන් දැන ගන්න ඕන. අප නිතර කියා ඇති පරිදි 154 G ව්‍යවස්ථාව ජේ ආර් සම්මත කර ගත්තෙ පාර්ලිමේන්තුව මෙන් ම අධිකරණයත් නොමග ඇරලා. දහහත්වැනි පරිචඡෙදය ඒ නිසා ව්‍යවස්ථානුකුල ව සම්මත කෙරිලා නැහැ. රට ගැන නොසිතා පෞද්ගලික කරුණු මත අහවලාට ජනාධිපතිව වීමට ඇති අවස්ථාව නැති කිරීමට එහෙමත් නැත්නම් තමන්ට ජනාධිපති වීමට අවස්ථාවක් නැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ කිරීම රටට කරන ද්‍රෝහිකමක් ලෙස වෙන දෙයක් ලෙස හඳුන්වන්න බැහැ.

අද ඉන්නෙ කොළේ වහලා ගහන ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි. මං ඉන්නකම් රණවිරුවෝ රකිනවා කියල ජනාධිපති කිව්වට ඒකවත් සිද්ධ වෙන්නේ නැති බව ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ එසේ පැවැසුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන එන ව්‍යවස්ථා සංශෝධන මර උගුල පරාජය කරමු යන තේමාව මුල් කර ගනිමින් ඊයේ (3දා) සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේදී පැවැති නියෝජිත මහ සඟ සමුළුවට සහභාගි වෙමින්ය.

“20 සම්මත කරගන්න හදන්නෙත් පළාත් සභා පනත සම්මත කළ ආකාරයට කොළේ වහලයි. ඒ නිසා අපි පැය විසි හතරම අවදියෙන් සිටිය යුතුයි. ඒ තරමට කයිරාටික විධියටයි මේ පාලකයො කටයුතු කරන්නෙ.”

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියෝ

“රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟූ මහ ජාතිය ගැන හැඟීමක් නැතිව විදේශ රටවල්, බෙදුම්වාදීන් ඇතුළු එන්.ජී.ඕ. සංවිධානවලට ප්‍රමුඛස්ථානය දෙමින් ඇතැමුන් ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවා.”

“දේශපාලනිකයන් රථවාහනවල නැඟල ඉදිරියට යන වේගයෙන්ම රට ආපස්සට යනවා. දේශපාලනයෙන් උගත්තු ඉවත් වෙනවා. රට ජාතිය ගැන අවබෝධයක් තියෙන අයට අවස්ථා නැහැ. නීති හදන්න එක පාර්ලිමේන්තුවක් තිබීම ප්‍රමාණවත්. මේ රටට තවත් නීති හදන ආයතන අවශ්‍ය නැහැ.”

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි

“ජනතාවට දේශපාලනඥයන් කෙරෙහි යම් කිසි විශ්වාසයක් තිබුණා නම් මේ යුගයේ තමයි ඒක අතිශයින්ම දුර්වල වුණේ. උතුරට ගිහින් මැයි දිනය සමරමින් ජවිපෙ නායකයා ප්‍රභාකරන්ගෙ කැරැල්ලත්, ජවිපෙ කැරැල්ලත් සමාන කළා.”

“ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ සංස්කෘතිය ගැන, ආගම ගැන කිසිම හැඟීමක් නැහැ. බිමල් රත්නායක බී.බී.සී. යට ප්‍රකාශ කළා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා.”

“මැදපෙරදිග මුස්ලිම් නීතියට පිටින් කිසිවක් නැහැ. බෞද්ධ සම්ප්‍රදායට එරෙහි වන ජවිපෙට ජනතා සහායක් නොලැබෙන නිසා මේ රටේ ඒකීයභාවය නැති කරන පනත් ගෙන එනවා.”

ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි

“මේ රටම ප්‍රධාන ප්‍රශ්න තුනකට ලක්වෙලා. සිංහල දේශය විනාශ කිරීමේ කුමන්ත්‍රණය පළමුවැන්නයි. බි්‍රතාන්‍ය යුගයෙන් පසුව විරුද්ධවාදීන් අතට බලය ගිය නිසා සිංහල රට නිදහසින් පසුව ශ්‍රී ලංකාව බවට පත්වුණා.”

අමරපුර සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජි හිමි

“විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියල බලයට ආව කිසිම නායකයෙක් විධායකය අහෝසි කළේ නැහැ. බලලෝභයට වඩා ඊට හේතු වුණේ රාජ්‍ය පාලනයේදී එහි තිබූ වැදගත්කම නිසයි.”

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

“අද රටම අනවබෝධයෙන් නිර්වින්දන බවෙන් පසු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය නමැති බෝම්බය ජවිපෙ ගෙන ආවත් එය පුපුරුවා හරින්නේ දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා මතයි.”

“13 වැනි සංශෝධනය රටක් ෆෙඩරල් කරන සංශෝධනයක්. ඉන්දියාවේ බලපෑම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඒක ගෙන ආවත් තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් රට ආරක්ෂා කරගන්න එතුමා කටයුතු කළා. ආණ්ඩුකාර තනතුර පත් කළේ ජනාධිපතිගේ ඍජු නියෝජිතයා ලෙසයි. ඒ නිසා රටට අහිතකර පනත් සම්මත කිරීමට හැකි වුණේ නැහැ.”

“ඒ වගේම ඉඩම්, සෞඛ්‍ය, සංස්කෘතිය, අධ්‍යාපනය ආදිය සම්බන්ධව පළාත් සභාවටත්, මධ්‍යම රජයටත් සමගාමී ලැයිස්තුවක් තිබුණා. ඒ නිසා මධ්‍යම ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා පළාත් සභාවලට කටයුතු කිරීමට අවකාශ සැලැසුණේ නැහැ. රට ආරක්ෂා වීමට, ස්වෛරීත්වයට එවැනි සාධක ඉවහල් වුණා.”

මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි තිබෙන වාච්‍යාර්ථයට වඩා සැඟවී තිබෙන ව්‍යංගය විනාශකාරියි. මේ රටේ තිබෙන ප්‍රශ්නය රාජ්‍ය පාලන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි. පාලකයන්ගේ ප්‍රශ්නයක්. දැන් මේ කරන්න හදන්නෙ නැති ප්‍රශ්නයකට උත්තර දෙන්න මහා විනාශයක් ඇති කිරීමක් පමණයි.”

“20 ගෙනල්ල වැටිල ඉන්න රනිල් වික්‍රමසිංහට මුක්කු ගහලා නැඟිටවන්න ජවිපෙට බැහැ. මේ රටේ ආණ්ඩු උතුරට වැඩ කළේ නැහැ කියලා ජවිපෙ නායකයා උතුරේ මැයි දිනේදී කිව්වා. ඒක මෝඩ ප්‍රකාශයක්.”

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

“20 වැනි සංශෝධනය සම්මත කළොත් ඒක රටේ අවසාන ව්‍යවස්ථා සංශෝධනය වේවි! තවත් සංශෝධන කරන්න රටක් ඉතිරි වෙන්නෙ නැහැ.”

Published on: May 4, 2018 – තම ගැලවීම සඳහා ‘තම වටේ සිටින්නන් සියල්ල දූෂිතයි’ තමා පමණක් හරියි යන බයිලය ගසන ලොව එකම නිර්ලජ්ජිත ජනාධිපතිවරයෙක් වේ නම් ඒ ලංකාවේ සිරිසේන ජනපති පමණකි. බූරු ගැහුවත් වැරදිය. බූරු පොළේ සිටියත් වැරදිය.

ජනාධිපති කාර්යාලයම බූරු පොළක් ලෙස පවත්වා ගෙන යන ලොව අකාර්යක්ෂතම ජනාධිපති තේරීමේ තරඟයක් ඇත්නම් ඉන් කප් පිට කප් ගැසීමට සුදුසුකම් ඇත. පත් වූ දා පටන් මිනිහා මළ වට්ටිඅම්මා ලෙසින් පසුගිය රජයටම දොස් පවරමින් තම රාජකාරි පැහැර හරිමින් සිටින සිරිසේන ජනාධිපති තව දුරටත් ජනාධිපතිකම් කරන්නේ රෙදි ඇඳගෙන දැයි යන්න ප්‍රශ්නයකි.

ශිෂ්ට රටක නම් ජනාධිපතිගේ දකුණු අත වන් නිලධාරියා ( ජනාධිපති ලේකම් මිස්ටර් වළ පයයි ගොඩ පයයි දකුණු අත ලෙස සැලකුවහොත් එය දකුණු අතටද නින්දාවකි) මේ සා මුදලක් අල්ලස් ගත්තේ නම් මෙළහකටත් ජනාධිපති ජාතියෙන් සමාව ගෙන ඉල්ලා අස් වී ගෙදරත් ගොස්ය.

නමුත් අවාසනාවට එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. තවත් සැක සහිත කරුණක් වන්නේ මෙය සිරිසේන හා කොමිස් බෑණා තිළිණගේ බිස්නස් එක වන්නටද පුලුවන් හෙයිනි. කිසිදු වයාපාරයක් හෝ රැකියාවක් නොමැති නමුත් ජනාධිපති කාර්යාලයේ අති සුඛෝපභෝගී වාහනත්, ලක්ෂ ගණන් වටිනා ඇඳුම් ආයිත්තම් පරිහරණය කරමින් සිරිසේන ජනපති සමඟ විදෙස් ටුවර් ගසමින් ගාණ කඩාගන්නා කොමිස් බෑණා මුල සිටම ප්‍රසිද්ධ වූයේ ‘ඩීල් නම් තිළිණ තමයි’ යනුවෙනි. එම කිසිවෙකුගේ ආශිර්වාදයක් නොමැතිව කෝටි 54ක් යනු රාජය නිලධාරියෙකු සිහිනෙන්වත් ඉල්ලීමට බලාපොරොත්තු වන මුදලක් නොවේ.

දූෂිත රාජපක්ෂ යුගයට පෙර හතර අතේ ණය වී වැලේ වැල් නැතුව සිටි ගාමිණි සේදර සෙනරත් හිටපු ජනාධිපති මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමත් සමඟ එක රැයින් බිලියනපතියකු බවට පත්වූවත් තවම හරි හැටි චෝදනා කරගැනීමටවත් නොහැකි වී සිටින පසුබිමක, හොරු ඇල්ලීමට පැමිණි රජයේ ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියා කෝටි 2ක් සමඟ හසුවීමම දෛවයේ සරදමක් වන්නෙහිය. එලෙසම වසර 3ක් කිසිදු ඍජු තීරණයක් හා නිසි පරිපාලනයක් ගෙන යාමට අපොහොසත් වූ සිරිසේන ජනපති  ඇමතිවරුන් මත බර පටවා නිදහස් නොවී අඩු ගාණේ දැන්වත් තම පිට කොන්ද තිබේදැයි පරීක්ෂා කරගැනීම නුවණට හුරුය. මෙවැනි පුවත් ජාතයන්තරයට යාමෙන්ම රටේ ප්‍රතිරූපයම මේ වනවිට බිඳ වැටී අවසන්ය.

සිරිසේන ජනපතිට අනුව ඔහුගේ විශ්වාසවන්තම සගයන් කීපදෙනෙක්.
උගත්කම, අධයාපනය හෝ මොනවා නැතත් ඕනෑම සිහි බුද්ධියක් ඇති මනුෂයයෙකුට තවත් මිනිසෙකු විශ්වාස කළ හැකිද නොහැකිද යන්න ඉවෙන් මෙන් දැනෙන්නකි. නමුත් අවාසනාවකට කේළාම් වලට මුල්තැන දෙන්නෙකු වන වත්මන් ජනපතිට එම සහජ ඥාණය පවා පිහිටා නොමැති වීම අතිශය කණගාටුදායකය.

විපක්ෂය මෙම විගඩම් වලට මේ වනවිටත් සෙට් වී සතර කොනින් සිනහ වනු නොඅනුමානය. තම කඩුව ඔහේ වනමින් තමන්ට ගසන්නට විපක්ෂයට ඉඩ හසර සලසා දෙන සිරිසේන හැර වෙනත් ජනාධිපතිවරයෙක් සිටියි නම් වහාම අටපට්ටමට දන්වන්න.

කතෘ සටහන 

හොරූඇල්ලිමේ විශේෂඥයන්ගෙත් යුත් ආණ්ඩුව අර්ජුන් පැනයාමෙන් පසුව අල්ලා ගැනිමට හෙරෙකු නොමැතිව හොරගල් අහුලමින් සිටියදි ඊයෙ පට්ටම හොරෙකු රටටහදුන්වාදිමට සිරිසේන ජනපති සමත්වු අතර එය තනිකරම නාට්‍යක් බව ඊයේ උදෑසන සිට ජනාධිපති මන්දිරයේ සිදුවන කුමන්ත්‍රණ හරහා අනාවරණය වෙමින් තිබු අතර මේ වනවිට එය සිරිසේනගේ හොරු ඇල්ලිමේ නාට්‍ය පිටපතේ තවත් එක් එපිසොයිඩයක් බව තහවුරු වි තිබේ.

ඊයේ සවස් කාලය තුල සිරිසේන පවුලේ දු,පුතාලාගෙන් පෝෂණය වන සමාජ ජාලා සහ වෙබ් අඩවි ක්‍රියාකරුවන්ට දුරකතන ඔස්සේ ලැබුන උපදේස් අනුවද මෙය ආණ්ඩුවේ අසමත් කම වසා ගැනිම සදහා රගන හොරු ඇල්ලිමේ නාට්‍යයක් බව් තහවුරු වන අතර සියල්ලටම වඩා වෙනදාට දින දෙකට පසුව පත්තරෙන් හොරකම් ගැන දැන ගන්නා සිරිසේන ජනපති මාධ්‍යයට ප්‍රකාශයක් කිරිමට තරම් දක්ෂ විය.

විශ්වාසභංගයක් හරහා මහා බැංකු බැදුම්කර හොරු සුද්ද කර දැමු ඒකාබද්ධ විපක්ෂයටද මේ නාට්‍ය මේග නාට්‍යක් මෙන් ආතල් දෙන්නට විය.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

කොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12ට පමණ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපි නැති එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසිනි.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි සැකකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.

ප්‍රශ්ණය ඇත්තේ අදාළ අල්ලස ලබා ගැනිමට ක්‍රියාකර ඇති අකාරය.එ අනුව එම අල්ලස කාගේ හෝ උවමනාවකට අනුව ලබා ගැනිමට කටයුතු කර ඇති අතර ඒ හරහා උවමනාවෙන්ම හොරු නීතියට කොටු වි තිබේ.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් ඉල්ලා සිටියේ අද ඊයෙක නොවේ දැනට ජිවතුන් අතර නැති එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධනද සිටි අතර මෛත්‍රී ජනපති විමෙන් පසුව එම අල්ලස් ගැනිමේ ක්‍රියාවලියි විධිමත්ව සිදුකිරිමට කටයුතු රමින් සිටියදි ඔහු මරණයට පත්විය.

කතාව තව අවසන් නැත….

 

Published on: May 3, 2018 – අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට නියෝග කොට තිබු මිරිස්ස වෙරළේ ඇති අනවසර ඉදිරිකිරිම් ඉවත් කිරීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියම කර තිබෙනවා.

ආරංච මාර්ග පවසන පරිදි අමාත්‍ය ෆයිසර් මුස්තාපා ගේ නායකත්වයෙන් යුතු අමාත්‍යවරුන් තිදෙනෙක් විසින් ජනාධිපතිවරයාගෙන් මෙම අනවසර ඉවත් කිරීම නතර කරන ලෙස ඉල්ලා ඇති අතර එයට පිළිතුරු වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අමාත්‍ය මුස්තාෆාගේ මැදිහත්වීම තිබුණද ඔවුන්ට සිය කාර්යය ඉදිරියට ගෙන යාමට හැකියාව ඇති බවයි.

මේ මස මුලදි මෙම කලාපයේ ඉදිකොට ඇති අනවසර අවන්හලක වේටර්වරයෙකු විසින් ඕලන්ද ජාතිකයන් පිරිසක් ලිංගික අපයෝජනයට හා පහර දීමට ලක් කොට තිබේ.සමාජ මාධ්‍ය ජාලා වල සඳහන් වන තොරතුරු හා වාර්තාවන්ට අනුව බොහෝ විදේශිකයන් හා මෙරට සංචාරකයන් මෙලෙස මිරිස්සේදි ලිංගික අපයෝජනයන්ට හා ශාරිරික පහරදීම් වලට ලක් වී තිබේ.

BBC සිංහල සේවය විසින් 2018 වසරේදි අප්‍රේල් මස 28 වෙනි දින විකාශය කළ ගවේෂණාත්මක වාර්තාමය වැඩ සටහනකට අනුව 2018 දි මිරිස්ස ප්‍රදේශයේ beach boy පිරිසක් තම පෙම්වතාට මත් ද්‍රව්‍ය ලබා දි මත් කිරිමෙන් පසුව තමන්ව දූෂණය කිරීමට උත්සහ කළ බව එක් බ්‍රිතාන්‍ය සංචාරක කාන්තාවක් සඳහන් කොට තිබෙනවා.

තවත් බොහෝ පිරිසක් පවසා ඇති පරිදි ලිංගික අතවර සිදු කිරීම හා ශාරිරික වශයෙන් පහර දීම එම ප්‍රදේශයේ ඉතා බහුල සිදුවීමක් බවට පත් වී තිබේ. කෙසේවෙතත් ලැබි ඇති තොරතුරු අනුව අමාත්‍ය මුස්තාෆා විසින් මෙම මිරිස්ස ප්‍රදේශය නියාමනය කිරීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධ වී තිබේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ඔවුන් විසින් මෙම ප්‍රදේශයේ නිත්‍යානුකූල නොවන ඉදිකිරීම් 17 හදුනා ගෙන ඇති අතර එම ඉදිකිරිම් කඩා දැමීමට අධිකරණ අවසරය ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍ය මුස්තාපා විසින් එම ක්‍රියාවට එරෙහිව නිවේදනයක් පවා නිකුත් කොට තිබෙනවා. අමාත්‍ය මුස්තාෆා එම ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍යවරයෙක් නොවුවත් අමාත්‍යවරයාගේ එම ක්‍රියාව තවම සංචාරක අමාත්‍යාංශයේ අවධානයට ලක් වීනොමැත .

අමාත්‍ය මුස්තාෆාගේ මේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවේ. පොලිසියේ ආරංච් මාර්ග සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මුස්තාෆා මෙම ප්‍රදේශයට නිතරම පැමිණෙන සංචාරකයෙක් වන අතර මෑතකදීම සිදු වූ ලිංගික අතවරයන් හා ශාරිරික අඩත්තේට්ටම් සිදු වූ රාත්‍රියේදීද අමාත්‍ය මුස්තාෆා එම ප්‍රදේශයේ රැදි සිට ඇත.

එසේම 2018 අප්‍රේල් 8 වෙනිදා පවත්වන සාදයද අමාත්‍යවරයාගේ හා ඔහුගේ ගෝලබාලයන්ගේ සහභාගිත්වයෙන් සිදු කළ බව දැක්වෙන CCTV දර්ශනද මේ වනවිට පොලිසිය සතුව තිබේ.

එසේම වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන පරිදි එම ඉදිකිරීම් නැවැත්වීමේදි අමාත්‍ය මුස්තාෆා ගේ මැදිහත් වීම සිදු වී තිබේ.

” ඔහු අධ්‍යක්ෂකට දුරකතනයෙන් අමතා මෙවන් ඉදිකිරීම් ඉවත් කිරීමට ප්‍රතිපාදන නොමැති බව පැවසුවා” එම ආරංචි මාර්ග සඳහන් කළා.

නමුත් එලෙස සිය බලපෑම් වලින් ඉවත් කිරීම් නතර කිරීමට අමාත්‍යවරයාට නොහැකි වූ විට පහු සිය නවතම බලපෑම් කිරීමේ පුද්ගලයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යොදා ගැනීමට කටයුතු කොට තිබේ.

Published on: May 3, 2018 – Lanka news web වාර්තාවෙන් පසු දෙලෝ රත්වී ඇති ගමරාලගේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න ඔහුට වචනයකින් හෝ විරුද්ධ වී සිටින සියලුම නිලධාරීන් ඔහුගේ බලයද අභිබවා සියලුම චක්‍රලේඛ හා රෙගුලාසි අවභාවිතා කරමින් වෙනත් අමාතයංශ වෙත මාරු කරමින් සිටින්නේ ගමරාලගේ අනුදැනුමකින් වත් තොරය. (ගමරාල කොහොමත් දැනගන්නේ පත්තරයෙනි, සමහර විට දැනගෙන වුවද නොදන්නා සේ සිටින්නේ තම ගජයා වන ලේකමා ලවා ඔහුගේ එකවුන්ට් එකෙන්ම කෝටි 200යේ ටෙන්ඩරය හා යුධ නැව් ඩීල් එක කෑමට විය යුතුය)

දිනපතා නීතිපාට් එක හා බොනපාට් එක රඟන වත්මන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තම නිල නිවසේ බොනපාට් එක දමමින් සිටින අවස්ථාවක්. පසෙකින් නාවික හමුදා සෙබලුන් සංගීතය සපයමින් සිටියි.

Lanka news web හෙළිකළ පරිදි ගමරාලගේ නැව් ඩීල් එක close කිරීමට රුසියාවේ ගොස් සිටිනවිට

 

මහජන මුදල් කාබාසිනියා කරමින් ලේකම් සමඟ ටුවර් ගහන, විමල් වීරවංශට හා ඔහුගේ බිරිඳට හොර පාස්පෝට් සැකසීමට සියලු හොර ලියකියවිලි හදමින් සහය දුන් පූස්පාට් මොහුය. (Lanka news web වරක් හෙළි කළ රාජපක්ෂ යුගයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර ආරක්ෂක ලේකම්ගේ සියලු පක්කලි වැඩ කරමින් අතිරේක ලේකම් ලෙස සේවය කරන්නේ අනාගත ආරක්ෂක ලේකම් වීමට හීන දකිමිනි)

ගමරාලගේ තිතට මත සංකල්පය යමරෙට ක්‍රියාත්මක කරමින් සිටින මොහොතක්

මේ මොකද්ද යකෝ.. උසාවියේ මෙහෙම කෙහෙල්මල් නෑනේ!


වැඩ භාරගත් අලුතම ශ්‍රී දළදා මාළිගය තුලට ගිනි අවි සහිත ආරක්ෂකයින් සමඟ ඇතුලු වීමට තරම් මොහුගේ ආරක්ෂක දැනුම අද්විතීයය. ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් කොස්තාපල් වරයෙකු ආරක්ෂක ලේකම් වරයෙකු හරවා යැවූයේ නම් ඒ කපිල වෛද්‍යරත්න පමණකි. නමුත් ඇහුවොත් නම් ජනාධිපති නීතිඥය.

මේ වනවිට තම පැවැත්ම තහවුරු කරගැනීම සඳහා රටේ ආරක්ෂාව තියා තම ආරක්ෂාව වත් සලසා ගත නොහැකිව බෙලහීන වී සිටින හා ආරක්ෂක අමාතයංශය ලහි ලහියේ උසාවියක් කරමින් නීතිපාට් රඟන මෙම මොට්ට, තීරණයක් ගත නොහැකි, තවම රාජය ආරක්ෂාව යනු කුමක් දැයි ස්ටඩි කරන ජනපතිගෙන්  අප මුදාගෙන නිසි පරිපාලනයක් ඇති අමාතයංශයක් බවට ආරක්ෂක අමාතයංශය පත් කර දෙන ලෙස සියලුම නිලයන් වෙනුවෙන් අතිගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය  සහ සේනාධිනායකතුමන් වන ඔබතුමාගෙන් මෙසේ ඉල්ලා සිටිමු.

(අවශය නම් ලේකම්ට විරුද්ධව පියවර ගැනීම සඳහා මෙම ඡායාරූප ස්වල්පයම සෑහේ)

http://198.211.112.164/archives/18050

Published on: May 3, 2018 – පැරා ටෲපර් කොප්‍රල්වරයකුගේ කුඩ සෙවනේ ෂොපින් යන අනෝමා සමන්මලී 10 වන පාඨමාලාවේ සිටි ගුවන් කාන්තාවකි. ඇයගේ පලමු විවාහය සිදුවූයේ ගුවන් හමුදා පොලිස් සැරයන්වරයෙකු වූ අශෝක පෙරේරා සමගය. සැරයන් පෙරේරාට දාව සමන්මලී දරුවන් දෙදෙනෙකු බිහි කලාය. ඉන් එක් දරුවෙකු පිලිකා රෝගියෙකු විය. එම දරුවා ඇඩූ කදුලෙන් ජීවිතය යදින විට සමන්මලී කපිල ජයම්පතී සමග පෙම් කෙලීමට පටන් ගත්තේය. පසුව දරු දෙදෙනාද සාජන් පෙරේරාද අමතක කල දැමූ සමන්මලී ජයම්පතී සමග දෙවන ඉනිම ආරම්භ කලාය. එදා සමන්මලීගෙන් ආදරය රැකවරණය ඉල්ලු අසරණ දියනිය අද මෙලොවින් සමුගෙන ඇත. තනිකඩවූ සාජන් පෙරේරා ද අනෙක් දරුවා සමග දිවි ගැට ගසා ගන්නේ මහජන මුදලින් ලැබෙන විශ්‍රාම වැ‍ටුපට පින් සිදුවන්නටය.

කුප්‍රකට ඩීල්කාර ලාෆ්ස් වෑගඩපොල 2015 මැතිවරනයේදී දෙපැත්තටම මුදල් විසිකල බව ප්‍රසිද්ධ රහසකි. වෑගඩපොලගේ පුතා විවාහ වීමට සිටියේ හිටපු ගුවන් හමුදාපති ගගන බුලත්සිංහලගේ දියනිය සමගය. කොලඹ සංගීත ප්‍රසංගයක් අතර තුර තන පට විසිකිරීමේ සහ ගායකයා සිපගැනීමේ සිද්ධිය හරහා එක් ‍රැයකින් රට හෙල්ලු දියනිය වූයේ ඇයයි. වෑගඩපොල සිරිසේනගේ මැතිවරණ ව්‍යපාරයට හොර රහසේ මුදල් විසිකලේ අත ලෙවකෑමට නොවේ. වෑගඩපොල සහ ගගන බුලත්සිංහලගේ සැලසුම වූයේ සිරිසේනගේ රාජකීය අනුග්‍රහය යටතේ ව්‍යපාරික කටයුතු ඉදිරියට ගෙන යාමටය.

ගගන බුලත්සිංහලගේ ධූරකාලය අවසන් වෙත්ම අනුප්‍රාප්තිකයා වූයේ වූයේ කපිල ජයම්පතීය. ගගන බුලත්සිංහල සිරිසේන හරහා සේවා දිගුවක් ලබා ගැනීම දැගලුවේය. කපිල ජයම්පතිට එරෙහිව හින් නූලෙන් ගේමක් ගැසුවේය, ඔහුට එරෙහිව මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කලේය. ගුවන් හමුදා නිලධාරී පැලැන්තිය තුලින්ද විශාල විරෝදයක් නැග ආවේය. සෙසු නිලයක් දැරූ සමන්මලිට මැඩම් කිව නොහැකියයි කියා ඇතැම් නිලධාරීන් අස්වීමේ ලිපිය යැවූයේය. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත. සමන්මලීගේ පැටිකිරිය සහ කපිල ජයම්පතීගේ පලමු විවාහය දෙදරීමට හේතුවූ අශෝබන සිද්ධිය දැන සිටියේ ඉතා සීමිත පිරිසකි . ජයම්පතීගේ පලමු විවාහය බිදීගියේ නැන්දම්මා සමග එක ගේ කෑමට යාම නිසාය නමුත් එදා කපිල ජයම්පතී වෙනුවෙන් සමහරක් වෙබ් අඩවි පෙනී සිටියේ අවම හානිදායක විකල්පය තොරා ගැනීම වෙනුවෙන් විය හැක.

කපිල ජයම්පතී ගුවන් හමුදා පු‍ටුවට පැමිනියේ සිරිසේනගේ මලයාවූ ෆ්යිට් සාජන් ඩඩ්ලි සිරිසේනගේ කරමතිනි. සාජන් කෙනෙකුගේ පිහිටින් හමුදාපති පදවියට පත්වූ එකම පුද්ගලයා ජයම්පතීය. එය හමුදා ඉතිහාසයේ වාර්තාවකි . ඒ අනුව සිය දෙවනි ඉනිම වූ සමන්මලීද හරහට වඩන දරුවාද සමග කපිල ජයම්පතී ගුවන්හමුදාපති පු‍ටුවේ වැඩ බාරගත්තේය. හරහට වඩන දරුවෙකු සමහ වැඩ බාරගත් එකම හමුදාපති ජයම් පතීය . එයද වාර්තාවකි . එහෙව් සමන්මලීට අද පෞද්ගලික ගමනක් යනවිට පවා බැකප් ගුවන් හමුදා රථ දෙකක් නැතුවම බැරිය . ෂොපින් යනවිට කුඩ ඇල්ලිමට පරිවාරකයන් ඇත්තේය . එනමුත් අද කපිල ජයම්පතී සිය ධූරකාලයේ අවසානයට පැමින ඇත. දැන් සමන්මලී සහ ජයම්පතී සිය දරුවා කුඩා යයි කියා ඩඩ්ලි සිරිසේන හරහා යලි සේවා දිගුවක් ලබාගැනීමට කැසකවමින් සිටියි.

පක්ෂ පාට කෙසේ වුවත් හොද දේ අගේ කල යුතුය . බැකප් රථ නැති කුඩ ඇල්ලිමට පරිවාරකයන් නැති මෛත්‍රී වික්‍රසිංහ කැලනිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිලිබද මහාචාර්යවරියෙකි. ලංඩන් කිංග්ස් සරසවියෙන් මූලික උපාධිය ලබාගෙන ඇති මෛත්‍රී වික්‍රමසිංහ යුනිවසිටි ඔෆ් ලන්ඩන් වලින් ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. කැලනිය විශ්වවිද්‍යාලයට අමතරව ඇමෙරිකාව , ඉන්දියාව , චීනය , පාකිස්ථානය , දකුනු කොරියාව , කෙන්යාව ඇතුලු රටවල් ගනනාවක දේශන පවත්වන ලොව පිලිගත් මහාචාර්යවරියකි. එනමුත් ඇය සිය කීර්තිය කිසිදිනෙක දේශපාලනය වෙනුවෙන් භාවිත නොකලා පමනක් නොව අගමැති ආර්යාවට හිමි වරප්‍රසාද දෙස පවා උපේක්ෂාවෙන් බැලුවාය. මෛත්‍රී වික්‍රමසිංහගේ සරල චාම් දිවි සැරිය සියලු බිරින්දෑවරුන්ට වචනයේ පරිස්මාප්ත අර්ථයෙන් ආදර්ශයකි.

කීර්ති රත්නායක

Top