Published on: May 1, 2018- 2009 දෙසැම්බරයේ එවකට හොරණ මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් 2010 ජනවාරි 08 දක්වා රිමාන්ඩ් භාරයට යැවු දබර අමිලගේ මුදල් වංචා පරීක්ෂණ නවතත් මතුවීමට පටන් ගෙන ඇත. මෙයට ප්‍රදානතම හේතුව ලෙස දේශපාලන විචාරකයෝ දක්වන්නේ අමාර හිමි විසින් ජනාධිපති සිරිසේනට ඉතා දරුණු ලෙස විවේචනය කිරීමය.

2009 නඩුකර මහතා ඉදිරියේ රහස් පරීක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා, පොලිස් පරීක්ෂක රන්ජිත් මුනසිංහ මහතුන් විසින් මෙම දුෂණය පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබා දී ඇත. මෙම පරීක්ෂණ වලට අනෙක් සැකකරු ලෙස අමිල හිමිගේ රියදුරාද පොලිසියට අවශ්‍යව වී තිබුණි .

2009දී දබර අමිල හිමි ඇත අඩංගුවට ගෙන ඇත්තේ 15 දෙනෙකු විසින් ඉදිරිපත් කල පැමිණිලි හේතුවනි. මෙම 15 දෙනාම පැමිණිලි කර ඇත්තේ තමන් කොරියාවේ රැකියා වලට යවන බවට පොරොන්දු වී රට යැවීමට ප්‍රථම මුදල් ලබා ගෙන කිසිවකු කොරියාවට නොයවා ඇති බවය. මොවුන් රවටා ලබා ගත් මුදල රුපියල් මිලියන 2කට අධිකය. අමිල හිමි මෙම මුදල් වංචාව සිදු කලේ තමා නොව තම රියදුරු විසින් යයි කියා ඇග බේරා ගැනීමට තැත් කර ඇත.

පසුව 2010දී රුපියල් 425,000ක් ඇප මුදලකට යටත්ව හොරණ මහේස්ත්‍රාත් තුමා මොහුට ඇප ලබා දී ඇත්තේ පිටරට ගුවන් බලපත්‍රයත් උසස්වී භාරයට ගැනීමෙන් පසුවය.

යටවී ගොස් තිබුණු මෙම අමිල හිමිගේ ජල්බරි මුදල් වංචාව මතු වීම යහපාලන වෙනුවෙන් වැඩ කල අයගේ හැලි හැප්පිලි නිසා ඇති වූ එකක් බව නිරීක්ෂකයෝ පවසති.

2009 case:

‘Govt. scared of Ven. Dambara Amila supporting the General’

Crackdown on Freedom of Expression in Si Lanka ? Ven Dambara Amila Thera Remanded till the Jan 8th.

Sri Lanka News | Crackdown on Freedom of Expression in Si Lanka ? Ven Dambara Amila Thera Remanded till the Jan 8th.
www.lankanewspapers.com

More: http://www.srilankaguardian.org/2009/12/govt-scared-of-ven-dambara-amila.html

‘Govt. scared of Ven. Dambara Amila supporting the General …

www.srilankaguardian.org (December 28, Colombo, Sri Lanka Guardian) The government is scared of the Venerable Dambara Amila Thera supporting General Sarath Fonseka, who has come forward to protect democracy and to abolish the executive presidency, says the Venerable Aludeniye Sumana Rathana Thera, executive member of the ..

Published on: May 1, 2018 – 2014 අප්‍රියේල් 3වන සතියේ ලොස් ඇන්ජිලස් නගරයට පැමිණ එහි ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයට අයත් රථයකින් කිලෝමිටර 430 අතින් පිහිටි සුදු කෙලින්නන් අතර ප්‍රසිද්ද ලාස් වෙගාස් නගරයේ දින කීපයක් ගතකොට ලොස් ඇන්ජිලස් නගරයට සැපත් වී තිබේ.

තමාට මෙම ගමනට ගිය වියදම රජයේ බිලට දැමීමට ඉදිරිපත් වී ඇත්තේ හිරුනිකගේ නැන්දනිය වන දේශපාලන පත්විමකින් ශ්‍රී ලංකා කොන්සුලර් තනතුර ලබාගත් ස්වර්ණා ගුණරත්නය. මැය පසු ගිය වසර තුන තුල සිදු කර ඇත්තේ නිවසේ සාද පැවැත්වීම පමණි.

චම්පික උස ඇමතිට තම වියදම් රජය වෙත යොමු කිරීමට ඇය උපක්‍රම දෙකක් යොදා ගෙන ඇත. එම නගරයේ තිබෙන සෑම පන්සල් වලට කතා කොට ශ්‍රී ලාංකිකයන් හමු වීමට පාසල් වල පුජාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ලොස් ඇන්ජිලස් නගරයේ කිසිම පිළිගැනීමක් නැති කෝසල් වරියගේ ඉල්ලීම ඉවත දැමු පන්සල් වල නායක වරු කියා ඇත්තේ තමන්ට එම පන්සල් වල දායකයන් ගෙවා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.

අවසානයේ එක් පන්සලක පුජාව ලබා දීමට එම පන්සල භාර හිමියන් ඉදිරි පත් වී ඇත. කොන්සුලර් වරියගේ මුළු පවුල සමග එම උත්සවයට සහභාගී වී ඇත්තේ 12 දෙනෙක් පමණි. පසුගිය රජයෙන් ඉමහත් උදවු උපකාර ලබාගත් මෙම සුමනතිස්ස හිමිගේ අවස්ථාවාදී ක්‍රියාව ගැන එම පන්සලේ දායක සභාව මේ වනවිත් විරෝදය පල කර ඇත.

තම පැමිණියේ රජයේ කටයුත්තක් ලෙසට බව පෙන්වීමට කොන්සල් වරිය පිළියෙළ කල අනෙක් උපක්‍රමය වුයේ එම නගරයේ ඇති වෙළද මණ්ඩලයේ (Chamber of Commerce) හි සාමාජිකයන් සමග හමුවීමක් පිළියෙළ කිරීමය.

දැනට ශ්‍රී ලංකා කොන්සුලර් කාර්යාලයේ වසර 10 කට අධික කාලයක් සේවය කරන , මේ වනතුරු කිසිම ආයෝජනයක් ශ්‍රී ලංකාව ගෙවීමට අපොහසු වී සිටින අසෝක ගොඩවිට නැමැති වෙළෙද ඇටාචි විසින් මෙම හමුව පිළියෙළ කිරීමට මුලිකව ක්‍රියා කර රජයේ වියදමින් නිකරුනේ උදේ කෑම වේලක් පැමිනි අයට ලබා දී ඇත. එම කාර්යාලයේ සිටි අය පවසන්නේ අසෝක ගොඩවිට හරියට සිදු කරන එකම කාර්ය වන්නේ බොරු රිසිට් දමා ආයෝජන දිරිගැන්වීමට දෙන දීමනාව සාක්කුවට දමා ගැනීම බව පමණක් බවය.

ඇමරිකාවේ ට්‍රම්ප් රජය යටතේ පිටරට ආයෝජන අධෛර්යමත් කරන වකවානුවක මෙම බොරු හමුව ගැන සමහරු විමසන්නේ සුදු කෙලිමට සහ අන් අංශ වලට ප්‍රසිද්ද චම්පික රණවකගේ සංචාරයෙන් එක් ආයෝජනයක්වත් ශ්‍රී ලංකාවට ගෙනවේද යන්නය.

දුෂණය නැති කිරීමට කියා බලයට පැමිණි චම්පික රණවක දැන් සිදු කරන්නේ ඉතිරිව ඇති ඉදිරි මාස 18 තුල ලබා ගත හැකි සෑම සැපයක්ම ජනතා මුදලින් ලබා ගැනීම බවත් රටට සිදු වූ හෙනය ගැනත් දුක් වෙමින් සිටින ලොස් ඇන්ජිලස් නගරයහි සිටින දේශප්‍රේමී ජනතාව මෙම සාපය කවදා අවසන් වේද යන්න විමසිල්ලෙන් බලා සිටිති .

වර්තමාන සමාජ-ආර්ථික-දේශපාලන වට පිටාවන්ද සැලකිල්ලට ගෙන තම අයිතීන් රැක ගැනීමටනව ක්‍රියාමාර්ග තෝරා ගැනීමට මේ කම්කරු දිනයේ අදිටන් කර ගනිමු යැයි සමස්ත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටීන බව නිවෙදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර මැයි දිනය සැමරීම

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරටද, එතෙරද වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාව වෙත මාගේ සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.ලෝකවාසී වැඩ කරන ජනතාව ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් සිටින මේ දිනයේ, ලංකාවාසී වැඩකරන ජනතාව මුහුණ දී සිටින අභියෝග ගැන සිහිපත් කිරීම උචිත යැයි මම සිතමි. අදමේ රටේ පාලන බලය හොබවන්නේ ලංකා ඉතිහාසයේ වැඩ කරන ජනතාවට එල්ලවු දරුණුතම ප්‍රහාරය වු අසූවේ ජුලි වර්ජකයින් 40,000 කට අධික ප්‍රමාණයක් එකවර රැකියාවෙන් නෙරපීම සිදුකළ දේශපාලන පක්‍ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩුවකි. එමනිසා වැඩකරන ජනතාව ඉදිරියේ අද ඇති උවදුර සුළුපටු නොවේ. වර්තමානයේ යලිත් වරක් රාජ්‍ය අංශය හකුලා දැමීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන අතර, පෞද්ගලික අංශය තුළද වැඩ කරන ජනතාව දිනෙන් දින අනාරක්ෂිත තත්වයට පත් වෙමින් සිටිනු දැක ගත හැකිය.රටේ ආර්ථිකය පරිහානියට පත්වීමද මෙයට හේතුවක් වී තිබේ.

බරපතලම කාරණය වන්නේ  ආර්ථිකය බිඳ වැටීම නිසා පොදුවේ සියලු දෙනාට ලැබෙන වැටුපෙන්  අවම පහසුකම් හෝ සපුරා ගත නොහැකි තත්වයක් උදා වී තිබීමය.වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස කළින් පැවති ආණ්ඩුව ගැන තිබූ වෛයරයත් ඊර්ෂ්‍යාවත් නිසා එතෙක් කරගෙන ආ ජාතික සංවර්ධන ක්‍රියාදාමය එකවර අතරමග අතහැර දැමීමේ තීරණයනිසා  මෙරට පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග අහිමි විය. ඒ අමනෝඥ ක්‍රියාව නිසා ඇති වූ ආර්ථික පසුබෑමෙන් මේ රට තවමත් ගොඩ ඇවිත් නැත. ඔවුන් විසින්ම ඇතිකරන ලද ආර්ථික ගැටළුවලට විසදුම ලෙස මේ ආණ්ඩුව දකින්නේ රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිනීමය. මෙයට කිසිසේත්ම අපට එකඟ විය නොහැක. එයට අමතරව වෙනත් රටවල රැකියා වියුක්තිය  පිලිබද ගැටළු මෙරටදී විසදා ගැනීමට අවස්ථා නිර්මාණය කරන ගිවිසුම් වලට එළඹීමෙන් ස්වදේශික වෘත්තිකයින්ගේ රැකියා අවස්ථා අහිමි නොකරන ලෙසද වර්තමාන පාලකයින්ට සිහිපත් කල යුතුව තිබේ.

වර්තමාන රජය වරින් වර විවිධ බදු පැනවීම නිසාද වැඩකරන ජනතාවගේ ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇත.මහ පොළොව සමග ගැටී ස්වකීය ආදායම් මාර්ග නිර්මාණය කර ගන්නා ගොවි ජනතාව මුහුණ දෙමින් සිටින නොවිසදුනු ගැටළු සඳහා වහාම පිළියම් සෙවිය යුතුව ඇත. මේ තත්වයන්ට එරෙහිව හඬ නගන ජනතාවට එරෙහිව ආණ්ඩුවේ මර්දනය ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙන තිබේ.වර්තමාන සමාජ-ආර්ථික-දේශපාලන වට පිටාවන්ද සැලකිල්ලට ගෙන තම අයිතීන් රැක ගැනීමටනව ක්‍රියාමාර්ග තෝරා ගැනීමට මේ කම්කරු දිනයේ අදිටන් කර ගනිමු යැයි මම සමස්ත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

වැඩ කරන ජනතාවට ජය වේවා!

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති.

Published on: Apr 29, 2018- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විධායක අගමැති විමට අවස්ථාවක් හෝ දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සදහා 20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්මත කර ගැනිමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ පැවැති සාකච්ඡාවේදි පක්ෂ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දි ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසී කිරිම සදහා අවස්ථා ගණනාවක ජනතා විමුක්ති පෙරමුණ විවිධ උපක්‍රම භාවිතා කලද එය අසාර්ථක වූ බවත් මේ වර පවතින දේශපාලන අස්ථාවර භාවය භාවිතා කරමින් විධායකය අහෝසි කිරිමට පොටක් පෑදි ඇති බවයි.

ඒ අනුව 20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්මත කර ගැනිමට හිටපු ජනාධිපතිවරයාගේ සහය අනිවාර්යයෙන් අවශ්‍ය බවත් එ සදහා උපක්‍රමයක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සමගාමීව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ඇතුළත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ ගෙන එන යෝජනාව සංශෝධනයට සමගාමිව ගෙන එමට ජවිපෙ දේශපාලන මණ්ඩලය එකඟතාවක්ද ඇතිකරගෙන තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව ඉදිරි දිනවලදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග සාකච්ඡා කිරිමටද ජවිපෙ දේශපාලන මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ.

බන්දුල ගුණවර්ධන 

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීම සදහා මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ තම සගයකු වන බන්ධුල ගුණවර්ධන ලවා ප්‍රකාශයක් සිදුකල අතර ඒ හරහාද ජවිපෙ වත්මන් මතය නිරූපණය වි තිබේ.

බන්ධුල ගුණවර්ධන මහතා කීවේ එක් කොන්දේසියක් යටතේ එයට සහය දෙන බවයි. එම කොන්දේසිය නම් සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නයි.

වාසුදේව නානායක්කාර

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂයද එකඟ නමුත් එම ධුරය අවසන් කළ යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇවෑමෙන් බවය.

“ජවිපෙ යෝජනාවට අපේ පක්ෂයේ යෝජනා දෙකක් තිබෙනවා. එකක් ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි මේ යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. අනෙක තමයි අද අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි. ඒ කරුණුත් ජවිපෙ යෝජනාවට ඇතුළත් වුණොත් අපි ඊට පක්ෂව ඡන්දය දෙන්න සූදානම් “- වාසු

කුමාර වෙල්ගම

ඒකාබද්ධ විපක්ෂය තුළ මේ සම්බන්ධව විවිධ මත පැවතියද අවසානයේ සාකච්චාවෙන් එම සියලු මත විධායකය අහෝසි කිරීමේ මතයට ගෙන එන බව වෙල්ගම  ප්‍රකාශ කර සිටියේය.

20ට  එරෙහි විමල් පෙරමුණ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන සටන්පාඨය විපක්ෂය බේදභින්න කිරීමේ කුමන්ත්‍රණයක් බව රාජපක්ෂ කල්ලිය සමග ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඒ අනුව මුලින්ම සටනට බැස්සේ ජාතික නිදහස් පෙරමුණේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ජාතික සංවිධාන එකමුතුවේ පිරිසයි. එහි නායකයින් වන වෛද්‍ය වසන්ත බණ්ඩාර වෛද්‍ය ගුණදාස අමරසේකර හා මොහාන් සමරනායක මහත්වරුන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඊළම්වාදීන්ට උඩගෙඩි දීමක් බවයි. මෙය රට බෙදීමට පාර කැපීමක් බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද වහාම නිවේදනයක් නිකුත් කළේ ඉහත අදහසම සනාථ කරමිනි. එමගින් කීවේ මේ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කතා කිරීම ද්‍රෝහී ක්‍රියාවක් බවයි.

2015 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කිරිමත් සමග බොහෝ පාර්ශ්ව එහි එල්ලී මෛත්‍රි දිනවීම වෙනුවෙන් සිය දේශපාලන අරගලය පාවාදුන්හ. ජනතා විමුක්ති පෙරමුණ අනියම් ලෙස මෛත්‍රි පාල සිරිසේන දිනවීම පිණිස රාජපක්ෂ විරෝධී සටන්පාඨ පමණක් ඔසවා ගෙන ගිය අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අරගලය හුදු විධායක ක්‍රමය අහෝසි කිරීම දක්වා පල්ලම් බස්වන ලදී. රාජපක්ෂ පාලනයේ හොරු ඇල්ලීම පිළිබද ජ.වි.පෙ. දිගින් දිගටම ප්‍රකාශ කළද එය ඇත්තවශයෙන්ම රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ හෙළිදරව් කිරීමේ ක්‍රියාදාමයකට වඩා ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණවලට වාසි ගෙන දෙන ලදී.

නමුත් වසර 3 ඉක්ම යනවිට මෛත්‍රිපාල සිරිසේන විධායක ක්‍රමය අහෝසි කිරීම අමතක කළා පමණක් නොව යළිත් වරක් එම ධුරයට තරග කිරීමට කැසකවමින් සිටී. ඒ අතර ජ.වි.පෙ. නැවතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන අතර ජා.නි.පෙ. ඇතුළු රාජපක්ෂවාදීන් එය ආණ්ඩුවට එරෙහි එක් පිලකින් අභියෝග කිරීමට බාධාවක් ලෙස සළකන බව පෙනේ.

විමල්, ගම්මන්පිල විරෝධතාව් හමුවේ හැකිලෙන මහින්ද

විමල් වීරවංශ, උදය ගම්මන්පිල,ආදීන් 20ට එරෙහිව අවි අමෝරාගෙන සිටිම හේතුවෙන් මහින්ද විධායකය අහෝසී කිරිම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් හොරගල් අහුලමින් සිටි.

මහින්ද රාජපක්ෂ මහතාට මේ වනවිට විරෝධය හොඳින්ම දැනී ඇති බව පැහැදිලිය එ නිසාම “තවමත් තීරණයක් ගෙන නෑ. ඒකාබද්ධ විපක්ෂයේ විවිධ අය විවිධ මත දරණවා. වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවෙයි කියා කවුරුත් බියවිය යුතු නැතැ’යි මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය හරහා තහවුරු වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වහාම ශ්‍රීලනිපයේ සභාපතිකමින් ඉවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට මන්ත්‍රීවරු කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Published on: Apr 29, 2018- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරෙමින් තිබේන බවත් ඒ හේතුවෙන් මෛත්‍රී ජනාධිපතිවරයා ගතයුතු හොදම තිරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දැමිම බවයි එම මන්ත්‍රී කණ්ඩායම් පෙන්වා දි ඇත්තේ.

ලබන මැයි මස 08 වෙනිදා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමත් සමග මෛත්‍රී පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමක් සිඳුවීමට ඉඩ ඇති අතර මේ අනතුරට මුහුණ දීම සදහා ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත්වී ස්වාධීන වීම හරහා ශ්‍රිලනිප බලය ඇල්ලිම වෙනත් ආකරයකට සිදුකර ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග දේශපාලන කටයුතු සිදු කළද නිර්මාණය කල යුතු බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ශ්‍රීලනිපයේ බහුතර බලය අහිමි වී ඇති හෙයින් රාජපක්ෂ මහතා සමග සහයෝගී දේශපාලනයක නිරතවීම හැර වෙනත් දේශපාලන උපක්‍රමයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

මෛත්‍රී සභාපති කමෙන් ඉවත් වි ඒ සදහා සුදුස්සේකු පත්කර ගැනිම සදහා ඉඩ ලබාදිය යුතු බවත් එහිදි හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරිම නුවණට හුරු බවත් මෛත්‍රී පාර්ශ්වයේ මන්ත්‍රීවරු පෙන්වා දි තිබේ.  ශ්‍රීලනිපයේ බලය මහින්ද පාර්ශ්වයට හිමි වුවහොත් ශ්‍රීලනිපයේ සහ එජනිසයේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකුමද එකතු කර ගැනිමට හැකි බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

කෙසේවෙතත්  හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, දුමින්ද දිසානායක මෛත්‍රී විරෝධී ස්ථාවරයක සිටිමින් වෙනම  කඳවුරු බඳිමින් සිටින අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ජනාධිපතිවරයා අත්හරින්නේ නම් ඒ සදහා වෙනත් සුදුසුකම් සහිත පුද්ගලයෙකු පත්කලයුතු බව එම කදවුරේ මතය වි තිබේ.

අරලිය ගහ මැදුරේ තිබු රුපියල් ලක්ෂ ගණනක් වටිනා උපකරණ රැසක් අතුරුදහන් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවර්ණය කළා.අරලියගහ මන්දිරයේ මාධ්‍ය ඒකකය යටතේ තිබූ රජය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනා “ලැප්ටොප්” වර්ගයේ අලුත්ම පරිගණකයක් ඇතුළු  ඩිජිටල් වර්ගයේ නවීන කැමරා උපකරණ තොගයක් මේ අකාරයට අතුරුදන් වී තිබේ.

අදාළ පරිගණක සහ කැමරා උපකරණ ඇතුළු මේ රාජ්‍ය දේපොළ ලැයිස්තු ගත කර භාර දී තිබෙන්නේ සමන් අතාවුදහෙට්ටි මහතාට වන අතර ඔහු වෙනුවෙන් එම භාණ්ඩ පරීක්ෂා කර භාර ගෙන අරලිය ගහ මැදුරේ උඩු මහලේ කාමරයක ගබඩා කර යතුර භාර ගෙන ඇත්තේ රාජ්‍ය සේවයේ ලිපිකාරිණියක් ලෙස මාධ්‍ය ඒකකයට අනුබද්ධිතව සේවය කරන ශ්‍යාමලී කාරියවසම් විසින් වන අතර අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා දැනුවත් කර ඇති ඇය ඔහු මාර්ගයෙන් අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිල්ලක් ද කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම්වත් කර කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් කළ යුතු බවට යෝජනා කෙරුණු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප  කර තිබේන අතර අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා යටතේ තිබු එම් උපකරණ අතුරුදහන් විම සම්බන්ධයෙන් බරපතක සැකයක් මතුව තිබේ.

විශේෂයෙන් රටේ අගමැතිවරයා සිටින අරලිය ගහ මන්දිරයේ තිබෙන බඩු භාණ්ඩ මෙසේ අතුරුදන් වන්නේ නම් රටේ ජනතාවගේ බදු මුදල් කොල්ල කන එවුන් ගැන අමතුවෙන් කතා කරන්නට දෙයක් නැත.

 

මෛත්‍රි ලන්ඩන් සංචාරය නිමකර ලංකාවට පය ගහපු මොහොතේ සිට කාර්යබහුලය. සාකච්ඡාය. සම්මුතීන්ය. වාදය. විවාදය. ඒ හැම එකකම මෛත්‍රි සක්‍රියය. කොටින්ම කියතොත් රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව දැන දැනම ඒ ගැන මොනවාවත්ම දන්නේ නැතිව සිටින්නේ යැයි රටට පෙන්වමින් යහමින් වැඩකටයුතු කරමින් උන්නාටත් වඩා හොඳින්ය.

මෛත්‍රිට මෙතැනින් එහාට එක අඩියක් හරි තියන්න වෙන්නේ හතර පැත්තම බලලයි. ඒ තරමටම මෛත්‍රිට එරෙහිව අවි ඔසවාපු අය පිරිලා. සමහරුන්ගේ අවි පෙනෙන්නෙ නෑ. ඒත් විරුද්ධ බව දන්නවා. වැඩි දෙනෙක් යූ.එන්.පී.යේ මැති ඇමැතිවරුයි කියලා හිතුවත් ඒකත් එහෙම්ම නෑ. ශ්‍රී ලංකා එකේ එයත් එක්ක හිටපු උදවියගෙ හැසිරීම තරමක් ගුප්තයි. මේකා මොකාට එන්න හදනවාදැයි හිතාගන්න බැරි තරම්. ඒ නිසා මේ මොහොතේ මෛත්‍රිට අකැමැත්තෙන් වුණත් ආරක්‍ෂාකාරී පියවරකට යන්න වෙනවා. හතුරාගෙන් වුණත් උදවු ගන්න වෙනවා. ඒ නිසාම හතුරා බව දැන දැනම හතුරත් එක්ක ඉන්න වෙනවා. කැබිනට් වෙනස පරක්කු ඒකයි. ඒ ගන්න තීරණය හරියටම ගන්න වෙනවා.

එළැඹි තිබෙන උණුසුම් දේශපාලන තත්ත්වය පිළිබඳව එ.ජා.ප.යේ ප්‍රබලයෙක් මෛත්‍රිගේ මේ මොහොතේ නාඩි වැටෙන හැටි ඉව අල්ලමින් කීවේ සිදුවන්නට තිබෙන දේ දන්නා බව අඟවමිනි. එය කෙසේ වෙතත් මෛත්‍රිගේ වෙනසක් දකින්නට ඇත. ඔහු පියවරක් පසුපසට ගෙන ආරක්‍ෂාකාරී පිති හරඹයකට සූදානම් වූවා සේය. එහි ආරම්භක අවස්ථාව සනිටුහන් වන්නේ රනිල්ගේ ඉල්ලීමක් පිළිබඳව මෛත්‍රි දැක්වූ නිහඬ අනුකූලතාව නිසාය.

‘අගමැති එපා කියලා විශ්වාසභංගයට අස්සන් කරපු 16 දෙනා කැබිනට් එකට ආවොත් අපි නැඟිටලා යනවා. ඒ නිසා එන්න දෙන්න එපා ඒ අයට’එ.ජා.ප.යේ දැවැන්තයන් හරහා රනිල්ගේ කනට ගියේ එවැනි බලපෑමකි. මෛත්‍රිද මෙය කොහොම හරි දැනගෙන තිබුණේය. ඊට පෙර 16 කල්ලිය හමුවූ මොහොතේ මෛත්‍රි හීන් උත්සාහයක් ගනිමින් කැබිනෙට්ටුවේ පූර්ණ වෙනසක් ඇති කිරීමට නියමිත බව කියමින් 16 කල්ලිය සනසන්නටත් ඒ අයට යළිත් වරක් හිතන්නටත් මුලක් අල්ලා දුන්නේය.

‘මෛත්‍රි හදන්නේ 16 දෙනාගෙන් කිහිපදෙනෙක් හරි නම්මාගෙන කැබිනට් එකට ගන්න. ඒකට රනිල්ව කැමැති කර ගන්න. රනිල්ගෙ තදබල විරුද්ධත්වයක් නෑ කියලා දන්න නිසා කැබිනට් සංශෝධනය විද්‍යාත්මක පදනමකින් විෂයයන් හරිහැටි බෙදෙන විදියට කරන කතාවකුත් කියලා දැම්මා.’

මෛත්‍රිගේ උත්සාහයට සහාය දෙන විශ්වාසවන්ත ප්‍රබලයකු එ.ජා.ප.යේ තවත් හිතවතකුට එසේ කීවේ නිකමට නොවේය.තත්ත්වය පෙළ ගැහෙන්නේ හීන්සීරුවෙනි. මෛත්‍රි පළාත් පාලන මැතිවරණයට පෙර කඩුව අතින් අරන් හතර අතේ වනමින් වීරයාගේ කතාවලට පණ පොවමින් කටයුතු කළ චරිතාංග රංගනය වෙනස් කොට ඇති වගට හෙළිවන තොරතුරුද බොහෝය.

‘බලන්නකෝ කැට තියලා කියන්නම්… මෛත්‍රි දැන් දන්නවා එයාට කවුරුත්ම නෑ කියලා. මැයි 8 වැනිදා 16 කල්ලියම විරුද්ධ පක්‍ෂයේ ඉඳ ගන්නවා කියන්නෙම මෛත්‍රි අනාථයි කියන එක. ඒ විතරක් නම් කමක් නෑ. මෛත්‍රිට බය තියෙන්නේ තමන් වටා හිටපු ආණ්ඩුවේම සහචරයන්ගෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹද්දී විපක්‍ෂයේ වාඩි වේවි කියලයි. එහෙම වුණොත් මෛත්‍රි තවදුරටත් අනාථ බවත් අනාරක්‍ෂිත බවත් දැනෙනවා. ඉතිරි කාලය යූ.එන්.පී.යත් එක්ක හැප්පි හැප්පි යන්න බැරි බවත් දන්නවා. ඒ නිසා කෙහොම හරි කැබිනට් සංශෝධනයට ඉස්සර 16 කල්ලියේ තුන් හතර දෙනෙක්වත් විපක්‍ෂයට යන එක නතර කරගෙන කැබිනෙට්ටුවට ගන්න බලනවා.’

මෛත්‍රිට එරෙහි වුණත් තවමත් ඔහු හා රැඳී සිටින ප්‍රබලයකු එසේ කීවේ පෙළ ගැහෙන තත්ත්වයේ උණුසුම මතුකරමිනි. එසේම මේ තත්ත්වය ඉතා ඉවසීමෙන් දරා සිටින රනිල්ද මෛත්‍රි හැරෙන පැත්ත ගැන අවබෝධයෙන් සිටින්නේය. රනිල් වචනයෙන් නොකීවාට ඔහු හා තදබල ලෙස කතිකාවක යෙදෙන අය එහෙන් මෙහෙන් කියාපාන තොරතුරු අනුව නම් පෙනෙන්නේ මෛත්‍රිගේ මේ ‘කීපදෙනකු පමණක් හෝ රැකගෙන කැබිනෙට්ටුවේ තබා ගැනීමේ ක්‍රියාන්විතය’ට රනිල් විරුද්ධ නොවේය යන්නය. එහෙත් එය බොහෝ දුරට සාර්ථක විය හැක්කේ මෛත්‍රි ඊට ප්‍රවේශවීමේ තත්ත්වය අනුවය.

කෙසේ වෙතත් රනිල් මේ ප්‍රවේශය දැන සිටි නිසාදෝ ’16 කල්ලියේ’ කිසිවකුට එරෙහිව අවලාද නැඟීමට හෝ විවේචනය කිරීමට හෝ කටයුතු නොකරන ලෙස එ.ජා.ප. මැති ඇමැතිවරුන්ට දැනුම්දී තිබුණේය. එය අකුරටම ඉටු වන බවක් පෙනෙන්නට ඇත.

‘මෛත්‍රිට මේ වංගුව ගන්න අපේ නායකතුමා ඉඩ දෙනවා. හැබැයි මේ 16 දෙනාගෙන් දෙතුන් දෙනෙක් ඇත්තටම කර ගත්ත වින්නැහිය ගැන දැන් පසුතැවෙනවා. අපෙත් එක්ක රහස් කියන කතාවලින් ඒක තේරෙනවා. හැබැයි මේ අය රිමාන්ඩ් කරනවා තවමත්. සමහරු යූ.එන්.පී.යට දීපු හොඳම අමාත්‍යාංශ ගැනත් යෝජනා කරනවා. ඒක තමයි ගැටලුව.’

මේ සබඳතාවන් ගැන දන්න එ.ජා.ප. පසු පෙළ මන්ත්‍රිවරයකු පවසන්නේ එවැන්නකි. කෙසේ වෙතත් රනිල් තම සියුම් වැඩපිළිවෙළට අනුව යමින් ඉදිරි වැඩකටයුතු සැලසුම් කරන බවක් පෙන්වයි. ඔහු මෛත්‍රිගෙන් ලද අවලාද හා පීඩාවන් අමතක කර දමමින් එළැඹි මේ නව ප්‍රවණතාවට ඉඩ හසර සපයමින් කටයුතු කරන්නේ එය තමන්ට වාසිදායක ලෙස හරවා ගන්නට විය යුතුය.

‘ඉතිරි වෙලා තියෙන්නේ ඉතාමත් කෙටි කාලයක්. ඒ නිසා හැප්පි හැප්පී ඉන්නේ නැතිව සහයෝගයෙන් ඒ කාලය තුළ රටේ දැවෙන ප්‍රශ්නවලට යහපත් විසඳුමක් දෙන සරල වැඩපිළිවෙළකට යන්න නායකතුමා එකඟයි. මෛත්‍රිත් ඒකට කැමැතියි. ප්‍රතිපත්ති ප්‍රකාශය මෛත්‍රිම කළාම ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ආණ්ඩුවක් විදියට ඉදිරියට ගෙන යන්න වෙනවා.’ 16 කල්ලියේ දෙතුන් දෙනෙක් ආවොත් වැඩේ ගොඩක් හොඳ වේවි. ඒ නැති වුණත් ඉතිරි ශ්‍රී ලංකා එකේ මන්ත්‍රිවරුන්ට ඇමැති තනතුරු දීලා මේ ගමන යන්න මෛත්‍රි වැඩ කරාවි. නායකතුමා ඒ නිසා තමයි නිහඬව දරාගෙන ඉන්නේ.

මෛත්‍රි කරන්න හදන දේත් රනිල් ඊට දෙන ඉඩත් හඳුනාගත් එ.ජා.ප. ප්‍රබලයෙක් පවසන්නේ එවැනි කතාවකි.

කිසියම් හෙයකින් මෛත්‍රිගේ උත්සාහය සාර්ථක වී නම් දෙතුන් දෙනකු රඳවා ගන්නට හැකිවීම ඔහු ලබන යම් මඳ ජයකි. එහෙත් සදාචාරාත්මක වශයෙන් අගමැති සමඟ එක කැබිනෙට්ටුවේ ඉඳගැනීමට අසීරු වන්නේය. එසේ නම් මේ දෙතුන් දෙනා රනිල්ගෙන් සමාව ගත යුතුය. නැති නම් නොනිල වශයෙන් පෞද්ගලිකව හමුවී එකඟතාවක් ඇතිකර ගත යුතුය.

මේ කිසිවක් නොවුණහොත් මෛත්‍රිට කැබිනට් සංශෝධනය කරන්නට වන්නේ බහුතරයක්ම එ.ජා.ප.යේ මතයටය. එහිදී ශ්‍රී ල.නි.ප.යේ ඇමැති තනතුරු කිහිපයක්ම එ.ජා.ප.යට ලබා ගන්නටද කටයුතු සැලසෙනු ඇත.

එහෙත් රනිල්ට ඕනෑ කරන්නේ එකඟතාවයෙන් තීන්දු තීරණ ගත හැකි එ.ජා.ප. – ශ්‍රී ල.නි.ප. සහයෝගිතා කැබිනෙට්ටුවකි. ඒ වෙනුවෙන් රනිල්ද තමන්ගේ පිලේ සහචරයන්ද හසුරුවා ගන්නට කටයුතු කළ යුතු වන්නේය. ඒ හා සමඟම පක්‍ෂය තුළින් ඔහුට එරෙහිව නැඟී තිබෙන කැරැල්ල යම්තාක් දුරට උපායශීලීව යටපත් කරගෙන තිබුණද එය අළු යට ගිනි තිබෙන්නාක් මෙන් අවිනිශ්චිතය.

නායකත්වය වෙනස් විය යුතු යැයි වන ප්‍රබල හඬ තවමත් එසේමය. එය එසේ නම් රනිල්ට ඉදිරියේ සිදුවිය හැක්කේ කුමක්දැයි වෙන් වෙන් වශයෙන් හෝ ගෙන්වාගෙන හෝ ඒ ඒ විරෝධාකල්ප දක්වන්නන්ට තත්ත්වයේ සැබෑ අභියෝගාත්මක බව පැහැදිලි කරදිය යුතු වන්නේය. නොඑසේ නම් අලුත් කැබිනෙට්ටුව තමන්ට හිතකර ආකාරයට මෛත්‍රි හා කතිකා කරගෙන කළමනාකරණය කරගත යුතුය. එහෙත් එ.ජා.ප. නිවහනේ අර්බුදය තවමත් එසේමය. එම පීඩනය මෛත්‍රි හා කරන ගනුදෙනුවේදී ඇතිවන පීඩනයට වඩා දරුණුය. බියකරුය.

රනිල් සිහිනුවණින් එළඹි තත්ත්වය යහපත් අතට පත්කර ගත්තේ වුවද රටේ බදු ක්‍රමයේ අවුල් සහගත බව හා දැරිය නොහැකි බදු කන්දරාව නිසා ජනතාවට විඳින්නට වන පීඩා අමතක කර ජයග්‍රහණය ගැන හිතන්නටවත් බැරි වන්නේය. ඩොලරය 159ට නඟිද්දී තෙල් මිල ඉහළ දමන්නට වීමේ තත්ත්වය ඡන්දයක් දිනාගත යුතු ‘පෙර සූදානම් කාලයක’ ඉතා අහිතකර වනු ඇත.

මෛත්‍රි තම කාලය හමාර කොට ගෙදර යනු ඇත. එහෙත් රනිල් තවදුරටත් නායකත්වයේ සිටින්නේ නම් එ.ජා.ප.ය ජනාධිපතිවරණයෙන් දිනිය යුතුය. පළාත් සභා කෙසේ වෙතත් ජනාධිපතිවරණය දිනුවේ නැති නම් රනිල්ට පමණක් නොව එ.ජා.ප.යටද ගෙදරම යන්නට සිදුවනු ඇත. එහෙයින් සිහින දකින්නට අයිතියක් ඇති මුත් ඒ සිහින සැබෑ කර නොගතහොත් හැකි වන දුකද විපතද දරාගත යුතු වන්නේය.

සරලි

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සෝභිත හිමියන්ට අවශ්‍ය විය. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිසා හෝ ඉන්දියාවේ බුද්ධි අංශය නිසා හෝ නොවේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, ජනතා විමුක්කි පෙරමුණ මගින් පුද්ගල මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන එන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව යළි දේශපාලන න්‍යාය පත‍්‍රයේ ඉස්මත්තට පැමිණ තිබේ.

ඊට කිහිප දිසාවකින් විරෝධය පළවීම පුදුමයක් නොවේ. මේ ක‍්‍රමය නැති කළොත් ශ‍්‍රී ලාංකීය රාජ්‍යය දුර්වල වන බවට තර්ක කරන ඇතැම්හු ඕනෑම කැරැුල්ලක් හෝ සිවිල් යුද්ධයක් මැඩලීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමයක් තිබිය යුතු යැයි කියති. සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ වැනි තවත් අය, සුළු ජාතිකයන්ගේ සුභසිද්ධිය සඳහා විධායක ජනාධිපති ක‍්‍රමයක් තිබිය යුතු බව කියති. තවත් අය කියන පරිදි, රටේ බහුතරය ආරක්ෂා කර ගැනීම සඳහා එය අවශ්‍ය කර තිබේ.

මෙවැනි සහ ඊට සමාන වෙනත් නොයෙක් තර්කවලට බොහෝ ලේඛකයන් කාලයක් තිස්සේ පිළිතුරු දී ඇතත්, පටු න්‍යාය පත‍්‍ර පෙරදැරිව ඒවා නැවත නැවතත් කරලියට එයි.

2009 දෙසැම්බර් 20 වැනි දා ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ය. එය අහෝසි කළ යුතුව තිබේ’’ මැයෙන් මේ කොලමේ මෙසේ ලියා තිබේ: ‘‘1978 ව්‍යවස්ථා පරිපාටිය තුළ මේ ආකාරයට ජනාධිපතිවරයාව ජනතා කක්ෂයෙන් නිදහස් කොට තිබේ. එම තානාන්තරය දරන්නාට, එම තැනැත්තාව පත්කරනු ලැබූ ජනතාවගේ කැමැත්ත අකමැත්ත නොවිමසා තමන් රිසි සේ කටයුතු කිරීමේ නිදහස දී තිබේ. ඒ අනුව, විධායක ජනාධිපති තනතුර යනු, එහි හුදු අර්ථයෙන්ම ‘ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී’ ය. විධායක ජනාධිපතිවරයෙකුට පවරා ඇති අති විශාල බලතල සහ ඊට අනුබද්ධිත මුක්තියත් එකට ගෙන පරීක්ෂාවට ලක්කරන විට, මේ ජනාධිපති සංකල්පයම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිවාදය වන බව පැහැදිළි ය.’’

දුර දක්නා නුවණින් යුත්, සිරිමා බණ්ඩාරනායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්විල් ආර්. ද සිල්වා සහ වෙනත් අය, මේ ක‍්‍රමය ඇති කළ මුල් අවස්ථාවේ එහි ඇති අවදානම වටහාගෙන ඒ ගැන අනතුරු ඇඟවූහ. අද ඒ දෙස ආපසු හැරී බැලීමේදී මේ සර්ව බලධාරී ආයතනයේ 40 වසරක විනාශකාරී අත්දැකීම අපට පෙනේ. ඒ පිළිබඳව ඇති සාක්ෂි කෙතරම් ප‍්‍රබල ද යත්, දේශපාලනික වෙනස්කම් තිබියදීත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක වැනි විවිධ පුද්ගලයන් මේ ක‍්‍රමය නැති කිරීම සඳහා වන පුළුල් එකඟත්වයකට පැමිණ සිටී.

මෑත කාලයේ මේ ක‍්‍රමය අහෝසි කිරිමේ කාර්යය ඇරැුඹෙන්නේ 2012 දී ය. එහි නියමුවා වුණේ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ය. මේ අරමුණ වෙනුවෙන් උන්වහන්සේ තුළ පැවති අති මහත් කැපවීම, 2015 ජනවාරි 8 වැනි දා වෙනසට පාර කැපීය. එබැවින්, 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කර ගත් යෝජනාවක් ප‍්‍රකාරව මේ ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට යන්නේය යන ඇතැමුන්ගේ මතය හෝ ඉන්දියාවේ බුද්ධි අංශයේ උවමනාව උඩ එය සිදුවන්නක්ය යන මතය සාවද්‍ය ය.

විධායක ජනාධිපති ක‍්‍රමය රටේ එක්සත් භාවයටත්, ශක්තිමත් රාජ්‍යයක් සඳහාත් අවශ්‍ය කරන්නේය යන මතය ආචාර්ය අසංග වැලිකල ප‍්‍රමාණවත් පරිද්දෙන් නිෂ්ප‍්‍රභ කොට තිබේ. ‘‘ශ‍්‍රී ලාංකීය ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීම: එහි සම්භවය, ප‍්‍රශ්න සහ අනාගත දර්ශනය’’ නැමැති රචනා එකතුව තුළ ඒ ගැන ඔහු මෙසේ කියයි:

‘‘මෙහිදී ගෙන එන තර්කය වන්නේ, දෙමළ පරිධියේ පවතින බිඳී යාමේ සහ වෙන්වීමේ ශක්‍යතාව, විධායක ජනාධිපති ක‍්‍රමය තුළ පවතින කේන්ද්‍රගත කිරීමේ ශක්තිය මගින් මැඩලෙන බව ය. එසේම, උතුරු නැගෙනහිර ජනතාවගේ ස්වයං-පාලනයට ආමන්ත‍්‍රණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන බලතල බෙදාහදා ගැනීමේ ක‍්‍රමය, රාජ්‍ය-ව්‍යාප්ත පරිමාවකින් තෝරා පත්කර ගන්නා විධායකයක් සතු ඒකාග‍්‍රතා ශක්තියෙන් මෙල්ල කොට තුලනය කර ගැනීමට හැකි වන්නේය යන පණ්ඩිතමානී තර්කයත් තව පැත්තක තිබේ.’’

‘‘මේ වනාහී, වෙනස් ආකාරයේ ප‍්‍රශ්න දෙකක් එකට ඈඳීමකි. වාර්ගික-භෞමික බහුවිධතාව පිළිබඳ අභියෝගයට ආමන්ත‍්‍රණය කළ යුත්තේ, සුළුතර ප‍්‍රජාවන් ඉල්ලා සිටින ස්වයං-පාලන අයිතිය පිළිබඳ ව්‍යවස්ථාමය අවශ්‍යතාව ඇතුළු ඔවුන්ගේ වෙනත් ඕනෑ එපාකම්වලට ගරු කිරීමෙන් සහ ඒ කෙරෙහි සහනශීලී වීමෙනි. රාජ්‍යයේ ඒකීයත්වය සඳහා අවශ්‍ය කරන ඔවුන්ගේ පක්ෂපාතීත්වය සහතික කරගත හැක්කේ ඒ මාර්ගයෙනි. එසේ තිබියදී, විධායක ජනාධිපති ක‍්‍රමයක් සතු ආන්බාන් කිරීමේ හැකියාවක් මත යැපීම යනු, සුළුතර ප‍්‍රජාවන් පිළිබඳ නිරතුරු සැකයකින් සහ බියකින් පසුවීමකි. ව්‍යවස්ථාමය පද්ධතිය ගොඩනැගෙන මූලික පදනමම, එම සැකය සහ බිය බවට පත්වන විට, එයම ස්වයං-සිද්ධ නපුරක් බවට බොහෝ විට පත්විය හැකිය. ඒ අනුව, අන්තර්-වාර්ගික සබඳතා සහ කේන්ද්‍ර-පරිධිය සබඳතා අන්‍යොන්‍ය සහයෝගීතාව මත ගොඩනැගෙනවා වෙනුවට, අනෙකාව රැුවටීමට බලන, බළලෙකුගේ සහ මීයෙකුගේ පොරයක් බවට පත්වන්නේය. එබැවින් එවැන්නක් තුඩුදෙනු ඇත්තේ, පටු වාර්ගික කට්ටිවාදය දිරිමත් කිරීමටත්, මේ තර්කය මතු කරන්නන් විසින් සාමාන්‍යයෙන් ඔවාදෙනු ලබන ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම අධෛර්යමත් කිරීමටත් ය.’’

‘‘තවද, ස්වයං-පාලනය පවරමින්, සුළු ජාතීන් පිළිගැනීම සහ ඔවුන්ගේ උප-රාජ්‍ය නියෝජනයත් පිළිගන්නා අතරේම, භෞමික ඒකාග‍්‍රතාව සහ එක්සත් භාවය ආරක්ෂා කරගෙන සිටින ලෝකයේ තිබෙන වඩාත් සාර්ථක බහු-වාර්ගික රාජ්‍යයන් වන එක්සත් රාජධානිය, කැනඩාව, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ ඉන්දියාව යන රටවල් පාර්ලිමේන්තුවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් මිස, මධ්‍යගත ජනාධිපති ක‍්‍රමයක් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් නොවේ. මේ රටවල්වලින් පෙන්නුම් කරන පරිදි, වඩාත් දුෂ්කර විවිධ ජන කොටස් ඒකරාශී කරගෙන තබා ගැනීම තුළ වැදගත් සාධකය සේ පෙනෙන්ට ඇත්තේ, පාර්ලිමේන්තු ක‍්‍රමයක පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ බලය බෙදාහදා ගන්නා මාදිලියක් රටක එක්සත් භාවය සහතික කර ගැනීම සඳහා වඩාත් සාර්ථක වන්නේය යන කාරණයයි. රාජපක්ෂ පාලන තන්ත‍්‍රය උතුරු-නැගෙනහිර සම්බන්ධයෙන් අනුගමනය කළ අසාධාරණ සහ ඒ නිසාම ව්‍යවස්ථාමය වශයෙන් උග‍්‍ර අස්ථාවර ආණ්ඩු පිළිවෙත තුළින් පැහැදිළිව පෙන්නුම් කළා සේ, ජනාධිපති ක‍්‍රමයක් සතු අධිකාරීවාදී පාලනය, ඒ තරම් ඊට යෝග්‍ය නොවේ.’’

ආචාර්ය අසංග වැලිකල තවදුරටත් මෙසේ තර්ක කරයි: ‘‘ජනාධිපති ක‍්‍රමයක් සහ ශක්තිමත් ආණ්ඩුවක් සමාන කිරීම, පෙනුමට දර්ශනීය තර්කයකි. බි‍්‍රතාන්‍යය විශාලතම අධිරාජ්‍යය අත්පත් කර ගත්තේත්, පරිපාලනය කර ගත්තේත්, අවසානයේ දේශීය නැගිටීම්වලින් තොරවම එය අතහැර දැම්මේත්, වෙස්ට්මින්ස්ටර් පාලන ක‍්‍රමයක් යටතේ ය. ශක්තිමත් රාජ්‍යයක් සඳහා ජනාධිපති ක‍්‍රමයක් අවශ්‍ය විණි නම්, ඉන්දියාව වැනි රටක් පාලනය කර ගත නොහැකි රටක් වනු ඇත. හිතා ගැනීමටත් නොහැකි තරමේ විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව රටේ එක්සත් භාවය රැුක ගැනීමට සමත්ව ඇතිවා පමණක් නොව, පාර්ලිමේන්තු ක‍්‍රමයක් යටතේ ලෝක ආර්ථික මහ බලවතෙකු බවට ද පත්ව තිබේ. එරට සතු ප‍්‍රජාතන්ත‍්‍රීය සම්ප‍්‍රදායන්, අධිකාරීවාදී රාජ්‍යයන් වන චීනය හෝ රුසියාවට වඩා, තිරසාර සහ ස්ථාවර සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටී. ඊටත් වඩා, ප‍්‍රීතිමත් ජනතාවක් සඳහා වන තත්වයන් ගොඩනගාගෙන සිටී.’’

1978 දී විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දීමේදී ජේ. ආර්. ජයවර්ධන එය හැඳින්නුවේ, ‘පාර්ලිමේන්තුවේ හිතුමතේට යටත් නොවන ආයතනයක්’ හෙවත්, ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තීරණයේදී මහජන නියෝජිතයන්ට ඉඩක් නොතබන ආයතනයක් වශයෙනි. එවැනි තත්වයක් තුළ, සුළුජන ප‍්‍රජා නියෝජිතයන්ට ආණ්ඩුකරණය කෙරෙහි කිසි බලපෑමක් කිරීමට නොහැකි වනු ඇත. ගත වූ දශක හතරක අත්දැකීම් තුළින් එය තවදුරටත් ඔප්පු කොට පෙන්වා තිබේ. ඒ කාලයේ එම ජන කොටස් අත්විඳ ඇති කම්කටොලූ අප‍්‍රමාණ ය.

අවසානයේ ආචාර්ය අසංග වැලිකල මෙසේ සම්පිණ්ඩනය කරයි:

‘‘ජනාධිපති ජයවර්ධනගේ උපදේශක මහාචාර්ය ඒ. ජේ. විල්සන්, ජනාධිපති ක‍්‍රමය සඳහා වන මේ තර්කය ගත්තේ, 1978 ව්‍යවස්ථාව පිළිබඳ මුල් කාලීන වියුක්ත අර්ථකථනයකිනි. එය වැඩි කල් නොගොස් බොරු විය. මෙම සාකච්ඡුාවට අදාළව මේ මිථ්‍යාව ඉවතලීම සඳහා මෑත කාලීන නිදර්ශන දෙකක් සෑහේ. ජනාධිපති රාජපක්ෂ ජනාධිපතිවරණ දෙකක් දින්නේ සුළු ජාතික ඡුන්දයේ හයිය බල රහිත කරවීමෙනි. 2005 දී කොටි සංවිධානය විසින් ගෙන යන ලද ඡුන්ද වර්ජනය නිසා ඔහු දින්නේය. 2010 දී, යුද්ධයේ ජයග‍්‍රහණය මත, දකුණේ අති විශාල බහුතරයකගේ මනාපය මත, ඔහු දින්නේය. ඔහු මුළුමණින්ම රට පාලනය කෙළේ බහුතරයේ අවශ්‍යතා පෙරදැරි කර ගනිමිනි. එහිදී, එක්කෝ සුළු ජන කොටස් නොතකා හැරියේය. නැත්නම් හෑල්ලූවට ලක්කෙළේය. ඒ අනුව, 2015 දී සුළුජන කොටස්වල සහාය අපේක්ෂා කිරීමේ අයිතියක් ඔහුට නොතිබුණා පමණක් නොව, එවැනි අපේක්ෂාවක් ඔහු තුළ තිබුණේ ද නැත. මෙයින් පෙන්නුම් කරන්නේ, ඇතැම් කොන්දේසි යටතේ, බහුතර වර්ගයේ ජාතිකවාදියෙකුට සුළුතරයේ සහයෝගයක් නොමැතිව ජනාධිපති පදවිය ලබා ගැනීමටත්, පැහැදිළි සුළුජන-විරෝධී ස්ථාවරයක රැුඳී සිටිමින් එම ජනාධිපති බලය පවත්වාගෙන යාමටත් හැකියාව ඇති බව ය.

එහෙත්, 2015 දී ජනාධිපති සිරිසේනට ලැබුණු අති විශාල සුළුජන සහයෝගයෙන්, ඉහත කී තර්කයේ විරුද්ධාර්ථයක් ඔප්පු වෙයි ද? මම එසේ නොසිතමි. මන්ද යත්, ඒ සුළුජන සහයෝගය ඔහුට ආවේ කිසි කොන්දේසියකින් තොරව වන නිසා ය. ඊටත් වඩා, සුළුජන කොටස්වල ඉල්ලීම් සම්බන්ධයෙන් එදා පොදු විපක්ෂය කිසි පොරොන්දුවක් නොදුන්නා පමණක් නොව, ඒ ඉල්ලීම් පිළිබඳ මොනම සඳහනක්වත් නොකිරීමටත් විශේෂයෙන් පරිස්සම් වුණේය. හේතුව, දකුණේ මහ ජාතියේ විශාල කොටසක් මහින්ද රාජපක්ෂගෙන් ඉවත් කර ගැනීම අවශ්‍ය කළ බැවිනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, 2015 ජනාධිපතිවරණයෙන් පසුව සුළු ජාතියට ඉතිරි වුණේ, අලූත් ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ හොඳ හිත මත යැපීමටත්, තමන් කෙරෙහි යම් ගෞරවයකින් යුතුව නව පාලකයන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂාවෙන්, පුළුවන් කමක් වෙතොත්, තමන්ගේ දේශපාලනික සහ ව්‍යවස්ථාමය ප‍්‍රශ්නවලට යම් විසඳුමක් අපේක්ෂා කිරීමටත් ය. මෙය, සුළුජන අපේක්ෂාවන්ගේ ආරක්ෂාව ජනාධිපති ක‍්‍රමයක් තුළ සහතික වෙතැයි කීම සඳහා ඈතින්වත් ගත හැකි තර්කයක් ද?’’

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන තවත් හේතුවක් වන්නේ, මහජන මතයට කන් නොදෙන ජනාධිපතිවරයෙකු ඉවත් කර ගැනීමට ඇති දුෂ්කරතාවයි. ඉතා සීමිත හේතු කිහිපයක් යටතේ පමණක් දෝෂාභියෝගයක් ගෙන ආ හැකිය. අනිත් අතට, අගමැතිවරයාව, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත නොහැකි වන මොහොතේම ඉවත් කළ හැකිය. විධායක ජනාධිපති ක‍්‍රමය තබා ගත යුතුව ඇතැයි කියන අය ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ දුෂ්කරතාව ගැන තැකීමක් නොකරන අතර, අවුරුදු හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැන් හැකියාවක් නැති වීම ගැනත් නාහෙන් අඬති.

බොහෝ කාලයක් තිස්සේ මගහැරී ඇති මේ ව්‍යවස්ථාමය වෙනස අරභයා ජනතා විමුක්ති පෙරමුණ ගැනීමට යන ප‍්‍රයත්නයට හැම අයුරකින්ම සහයෝගය දිය යුතුව තිබේ. එසේ නොවුණොත්, ශ‍්‍රී ලංකාවට මගහැරෙමින් ඇති දේවල් ගොඩගැහෙමින් තියෙන දීර්ඝ ලැයිස්තුවට මේ කාරණයත් එකතු වනු ඇත.

~~ජාවිඞ් යූසුෆ්~~

2018 අපේ‍්‍රල් 22 වැනි දා, ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ, ජාවිඩ් යූසුෆ් ලියූ, ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කිරීමට සෝභිත හිමියන්ට අවශ්‍ය විය: ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිසා හෝ ඉන්දියාවේ බුද්ධි අංශය නිසා හෝ නොවේ’’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’. 

Published on: Apr 25, 2018- ආරක්ෂක ලේකම් ලෙස රාජකාරි කරන කපිල වෛදයරත්න යනු කොමිස් කාක්කෙකි. ආරක්ෂක අංශ පිලිබඳ මළපොතේ අකුරක් නොදන්නා මෙවැනි මොට්ට නීතීකාරයින් සිරිසේන ජනාධිපතිවරයා කොහෙන් සොයාගන්නේ දැයි මුළු මහත් ආරක්ෂක අමාතයංශයම අන්ද මන්ද වී සිටී.

මෙම කොමිස් කාක්කා රාජකාරී භාරගත් දින සිට අද වන තෙක් කිසිදු ආරක්ෂක කවුන්සිලය හැර අමාතයංශයේ අනෙක් කිසිදු කවුන්සිලයකට සහභාගී වී නැත්තේ, එක්කො මොහු මොන්ගලයෙකු නිසාද, නැතිනම් නොදන්න මගුලට ගොස් වරිගෙ නහ ගැනීමට බැරි නිසාදෝ කිසිවෙකු දන්නේ නැත. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස සේවය කරන කාලයේදී දෙපාර්තමේන්තු මුදලින් රට සවාරි ගොස් ජනතා මුදල් කාබාසිනියා කිරීමට වැඩිම වාර්තා තැබූ මොහු ආරක්ෂක අමාතයංශය වැනි භාරදූර කාර්යයකට කිසිදු ආරක්ෂක අත්දැකීමක් නොමැතිව කෙසේ සුදුසු වූයේද යන්න දන්නේ දෙයියෝ පමණකි.

දිනපතා නීතී පාට් එක රඟමින් ආරක්ෂක අමාතයංශයේ සේවයට වාර්තා කරන්නේ උදෑසන 10න් පසුවය. එයද මුහුණේ කිසිදු සිනහවක්වත් නොමැතිව දකින්නෙකුගේ දවසම මූසල කරන ලීලාවෙනි. හමුදාපතිවරයෙකුට හෝ සහකාර ලේකම්වරයෙකුට මොහුව හමුවීමට නම් අවම පැය 2ක් මොහු එම විෂය අධයයනය කර බෙල් එක ගසන තෙක් ඔහුගේ කාර්යාලය ඉදිරිපිට පුටුවේ වාඩි වී සිටිය යුතු ඒ පිලිබඳව විමසුවහොත් ලේකම් වරයා බිසීය. අපට පැවසිය හැක්කේ යුධ සමයක මෙවැනි ගොබිලයෙක් මෙම තනතුරේ සිටියේ නම් ලංකාවටම අබ සරණය.

මොහු ගිය වසර පුරාම එවකට සිටි ආරක්ශක අමාතයංශයේ සිටි ගණිකාධිකාරී ගැහැණියත් සමඟ ගේමක් ගැසීය. එනම් සියලුම හමුදා සඳහා සපත්තුවේ, නිල ඇඳුමේ සිට කෑම ඕඩරය දක්වා මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කර සියලු මිලදී ගැනීම් ආරක්ෂක ලේකම් හරහා පැමිණිය යුතු බවයි. අහෝ දෙවියනි, ගොබිලා ගේම ගැසුවා පමණි, බුද්ධික පතිරණ තරුණ මන්ත්‍රීවරයා ගිය දෙසැම්බරයේ පාර්ලිමේන්තු ආරක්ෂක අමාතයංශ වැය ශීර්ෂය දා හෙළි කිරීමත් සමඟ ගණිකාධිකාරීට ස්ථාන මාරුවක් ලැබිණි.

මාස හතරක් පමණ ඇයව සේවයේ තබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ ලේකම් ගොබිලාට අවසානයේ ඇයව මුදා හැරීමට සිදුවිය. ගණිකාධිකාරීව මුදා හැරිය මුත් ගොබිලාටද අභයන්තර පරීක්ෂණයක් ඒ සම්බන්ධ්යෙන් ඇරඹුණි. නිසි ක්‍රමවේදය නම් තමන්ට විරුද්ධව අභයන්තර පරීක්ෂණයක් පැවැත්වෙන විට ඔලුවක් ඇත්තෙකු තනතුරෙන් කෙටි කලකට හෝ ඉවත්ව යන්නේ පරීක්ෂණයට සහය දී එය විනිවිදභාවයෙන් සිදුකිරීමටය. ලොක්කා සිටියදී ඔහුට විරුද්ධ පරීක්ෂණ කරන්නේ කෙසේද යන්න දැනගැනීමට ඔබත් අදම ආරක්ෂක අමාතයංශයෙන් විමසන්න.

අමාතයංශ සේවකයින් මෙම ගොබිලා පිළිබඳව කිහිප විටෙක පැමිණිලි කිරීමට උත්සාහ කළ බව දැනගතහොත් ගිනි ගන්නා මෙම ගොබිලා ඔවුන්ව වහාම වෙනත් අමාතයංශයකට මාරු කිරීමට වග බලා ගන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන්ද යන්න ප්‍රශ්නයකි.

අම්පාර හා නුවර සිදුවීම් වූ අවස්ථාවේ හමුදාවලට ප්‍රතිචාර දැක්වීම පමා කර ගැටුම ජාතිවාදී අරගලයක් තෙක් ඇවිලෙන තුරු බලා සිටියේ මෙම ගොබිලාගේ තීරණ ගැනීමේ විශ්මිත හැකියාවට පිං සිදුවන්නටය. වරෙක සිරිසේන ජනාධිපතිවරයාද ප්‍රසිද්ධියේ හමුදාපතිවරුන්ට කියා සිටියේ මොහුගේ පෞරුෂය පිළිබඳ තමාට ඇත්තේද ගැටලුවක් බවය. එසේ නම් පත් කළේ කුමන ගුද රුදාවකට දැයි යන්න ප්‍රශ්නයකි. එක්කො කෙළින්ම නැව් ඩීල් එකේ කොමිස් කුට්ටිය කෑම මෙවැනි පෞරුෂ හීන ගොබිලයෙකු සිටින විට පහසුය යන්න ජනාධිපතිවරයාට සිතෙන්නට ඇත.

රටේ ආරක්ෂාව වැනි මරමස්ථානයක් සඳහා මෙවැනි තීරණයක් ගත නොහැකි, පත් වූ දිනයේ සිට තම ගතමන්ට් එක ගැන පමණක් වෙහෙසෙන කොන්ද පණ නැති වැඩිහිටි නිවාසවල සිටිය යුත්තන් පත්කර නො එවන මෙන් ආරක්ෂක අමාතයංශයේ සියලුම නිලධාරීන් වෙනුවෙන් මෙසේ ඉල්ලා සිටිමු.

යුද්ධයක් තිබුණේ නම් ලේකම් වෛදයරත්න ගොබිලා පොත කියවා ඉවර වන තෙක් ප්‍රභාකරන්ටද ඉවසන්නට වනවා නොඅනුමානය…

ගණිකාධිකාරී ගැණී සමග කපිල වෛදයරත්න හමුදාවේ බත් පතට කෙලිය හැටි…. බුද්ධික අනාවරණය කරයී….

Published on: Apr 24, 2018 @ 14:40  – බැඳුකර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම විසින් ගෙවීම් පැහැර හැර තිබූ රුපියල් ලක්ෂ 4,445ක මුදල පසුගිය බදාදා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ගෙවා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

W.M මෙන්ඩිස් සමාගමේ රුපියල් ලක්ෂ 4,445ක මුදල පසුගිය බදාදා ගෙවා දමා ඇත්තේ අලුත්ගම හංසගීරි ඇතුලු බාර් සහ රෙස්ටුරන්ට් 30ක පමණ අයිතිය සතු ධම්මික කාරියවසම් නැමැත්තාගේ JSP distubers හරහා වන අතර රවීගේ මේ Deal එක වෙනුවෙන් ධම්මිකගේ මස්සිනා ගාමිණී කරුනාරත්න,නදී කරුණාරත්න මෙන්ඩිස් සමාගමේ කළමනාකාරිත්වයට පත්කර තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබු අතර ඒ අනුව එම සමාගමට අයත් වැලිසර පිහිටි කර්මාන්ත ශාලාව වසා දමා තිබුනා.

මේ වනවිට රවී කරුණානායක මහතා විසින් මෙන්ඩිස් සමාගම සදහා නව කලමනාකාරිත්වයක් මේ වනවිට පත්කර තිබේන අතර මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිම සදහා කටයුතු සුදානම් වෙමින් තිබේන බවද අනාවරණය වි තිබේ.

http://198.211.112.164/archives/8893

 

Published on: Apr 24, 2018 – මෛත්‍රීපාල සිරිසේනගේ හොරු කල්ලියේ බුකී හොරා වන තිලංග සුමතිපාල සහ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කමින් රටේ ජිවනාලිය බදුවු ක්‍රිකට් ක්‍රිඩාව බිද වැට්ටු ආකාරය රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

ප්‍රධාන කරුණු 3 ක් අනුව තිලංග සුමතිපාලට ක්‍රිකට් මහ පුටුවේ වාඩි වීමටවත් නොහැකි බවත්, ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සැදිම සදහා සිවුරුකාරයෙකුට රුපියල් ලක්ෂ 250 ක් ලබා දීම,භාතිය සන්තුෂ්ට රුපියල් ලක්ෂ 14 ක් ගෙවීම, ත්‍රස්තවාදියෙකු කියා එංගලන්තයෙන් පිටුවහල් කළ දිනේෂ් නමැත්තෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට්හි මීඩියා මැනේජර් ධූරය දීම සහ තිලංගගෙන් අල්ලස් ගත් ජඩමාධ්‍ය කාරයන් 12 ක් ගැනද ඔහු අනාවරණය කර සිටියා.

ලංකාවේ දේශපාලකයන් මේ වන විට සර්ව බලධාරීන්ට වඩා වෙනසක් නැත. දේශපාලනය හැර අන් සියල්ලම ඔවුන් විසින් කරමින් සිටියි. ඒ වෙනුවෙන් සෑම අතින්ම අවශ්‍ය බලය ඔවුන්ට ලැබී ඇත. ලැබී ඇතිවා පමණක් නොව ජනතාව විසින් ස්වකැමැත්තෙන්ම ඔවුන් වෙත ඒ අසීමිත බලය පූජා කොට තිබේ. ඒ බලයෙන් තමන්ගේ සුඛ විහරණය පමණක් නොව ජනතාව පීඩාවට පත් කිරීම, ජනතාව රැවටීම, නීතිය නැවීම පමණක් නොව නීතිය අවනීතිය බවට පත් කිරීම ද අද වන විට බොහෝ දේශපාලකයන්ගේ ප්‍රමුඛ කාර්යය බවට පත් වී තිබේ.

දේශපාලකයන් මෙසේ බලය අනිසි ලෙස භාවිතා කිරීම නිසා ඔවුන්ගේ අතවැසි බල පුළුවන්කාරයන් පිරිසක් ද රට තුළ නිර්මාණය වී ඇති බව දැන් කාටත් රහසක් නොවේ. දේශපාලකයන්ට අමතරව එවැනි බලපුළුවන්කාරයන් විසින් රටේ විවිධ රාජ්‍ය ආයතන තුළ සහ විවිධ ක්ෂේත්‍රයන් තුළ තම බල පරාක්‍රමය පැතිරවීම නිසා රටේ සමස්ත යාන්ත්‍රණයම පත් වී ඇත්තේ බරපතළ ව්‍යාකූලතාවයකටය. මේ කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන පුද්ගලයාද එවැනි බලපුළුන්කාරයෙකි. නිකම්ම නිකම් බලපුළුවන්කාරයෙකු නොව ‘මහාචාර්ය’ බලපුළුවන්කාරයෙකි. ඔහු ඉදිරියේ ද නීතිය නැවෙන්නේ සර්ව බලධාරී දේශපාලකයන් ඉදිරියේ නීතිය නැවෙන පරිදිමය.

දරුවන් පාසල් වලට දැමීම, පොලිස් අත් අඩංගුවේ සිටින පුද්ගලයන් නිදහස් කිරීම, විවිධ රැකියා වලට ඇතුළු කර දීම, පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු සිදු කිරීම, දේපොළ බලෙන් අත්පත් කර ගැනීම පමණක් නොව අධිකරණයේ විභාග වන නඩු වලට බලපෑම් කිරීම දක්වා මොහුගේ බලය විහිදී තිබේ.

මේ පුද්ගලයා නමින් මංජුල ප්‍රසන්න ජයවර්ධන අත්තනායකය. නමට කලින් මහාචාර්ය පට්ටමක් ද තිබෙන මොහු ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කටයුතු අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කරන බව ඔහු විසින් විවිධ ආයතන වෙත යවන ලිපි වල සඳහන් කර තිබේ. එසේම ඔහු ජනාධිපති උපදේශකයෙකු ලෙස හඳුන්වා ගන්නා අතර එක්සත් නිදහස් ස්වාධීන පක්ෂය නම් දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙසද හඳුන්වාගෙන තිබේ.

මොහු විසින් තම නම සහ මහාචාර්ය පට්ටම යොදා ගනිමින් කර ඇති බලපෑම් ගණන එක දෙකක් නොවේ. ඒ සඳහා පැවති ආණ්ඩුවේත් වර්තමාන ආණ්ඩුවේත් ලොකු ලොකු අතු වලින් රැකවරණය ඔහුල ලැබී ඇති බව පෙනී යන්නේ 2007 වසරේදී අත්තනගල්ල ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් එවකට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අත්තනගල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් නිසාය. එසේ අත්පත් කරගෙන ඇති ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකකි. පැමිණිල්ලෙන් පසුව මොහු පොලිස් අත්අඩංගුවට පත් වුවද එතනින් එහා කටයුතු වැඩි දුර නොගොස්ම අවසන් කර ගැනීමට මේ හොර මහාචාර්යවරයා සමත් වී තිබේ. විවිධ ව්‍යාජ තනතුරු වල තමන් කටයුතු කරමින් සිටින්නේ යයි කියාගනිමින් මෙවැනි දේ සිදුකරන මොහු නිකම්ම නිකම් වංචාකාරයෙකු හෝ මොළේ අමාරුකාරයෙකු ලෙස හඳුන්වන්නට ඇතැමුන් සිතාමතාම උත්සාහ කළ ද එය එසේ නොවේ යයි මොහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග එකට සිට ගත් ඡායාරූපයක් පමණටත් වඩා සාක්ෂි සපයයි. ජනාධිපති උපදේශකයෙකු, අමාත්‍යාංශ ලේකම්වරයෙකු පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් ද පෙනී සිටීමටත්, එසේ පෙනී සිට එය ව්‍යාජයක් බව හෙළිදරව් වූ විට යහතින් තවත් එවැනිම කටයුතු කරගෙන යාමටත් හැකියාව ලැබුණේ ඒ දේශපාලන බලපුළුවන්කාරකම නිසාය. නීතියේ රැහැණට හසු විය යුතු පුද්ගලයෙක් වුවද මොහු ගමන් බිමන් ගියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේය.

ඒ නිසාම මේ මහාචාර්ය මංජුල ප්‍රසන්න අත්තනායක නැමැත්තා රටේ නම ගිය ගිහි පැවිදි පුද්ගලයන් අතර මෙන්ම තරමක් බර ඇති තැන් වල නම කියූ පමණින් හඳුනන තැනැත්තෙකි. එසේ බර ඇත්තවුන්ගේ පමණක් නොව ඇතැම් විනිසුරන්ගේ දරුවන් පවා පාසල් වලට ඇතුළත් කර ඇත්තේ මේ පුද්ගලයා විසින් බව කියවේ.

2009 වසරේදී ඇහැලියගොඩ පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙනී සිටිමින් ජනතාව පමණක් නොව පොලිසිය ද රැවටීම නිසාය. එසේ අත්අඩංගුවට පත් වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ව්‍යාජ නිල මුද්‍රාවක් ඇතුළුව කූට ලෙස සැකසූ ලිපි ලේඛන ද ඔහු සන්තකයේ තිබී ඇත. මාධ්‍ය මගින් ද ඒ සිදුවීම් වාර්තා කර තිබුණි.

එහෙත් එතනින් ද ගැලවීමට ඔහු සමත් විය. ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකුගේ ලිපියක් සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් මොරවක නාථ දේවාලයේ භාරකාර තනතුර ලබා ගැනීමට උත්සාහ කිරීමේදී නැවත අත්අඩංගුවට පත්වන මොහු එවකට කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර ඇති අතර රුපියල් එක් ලක්ෂ දස දහසක මුදල් සහ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බිරිඳ වන එලීනා ජයවර්ධන සතු වූ ඉඩමක් වංචා කර අත්පත් කර ගැනීම නිසා තවත් වරක් පොලිස් අත්අඩංගුවට පත්වන මොහු ඊට වරදකරු වී වසර දෙකක සිර දඩුවමකට යටත් කරනු ලබයි. එහෙත් තමන්ට නීතිය අල්ලේ නැටවිය හැකි බව නැවත වරක් සනාථ කරමින් ඉතාමත් කෙටි කාලයකින් විශේෂ සමාවක් ලබා නිදහස් වීමට මොහු සමත් වෙයි.

ඒ මහාචාර්ය මංජුල ප්‍රසන්නගේ ඉතිහාස කියුම් කෙරුම්ය. ආණ්ඩු මාරු වනවාත් සමගම ඒ පැත්තෙන් මේ පැත්තට හිටි පිණුමක් ගැසූ මංජුලට දැන් රැකවරණය දෙන්නේ වර්තමාන ආණ්ඩුවයි. ආණ්ඩුවේත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමයි. දැන් මොහු විසින් පිහිටුවාගෙන ඇති සාමවිනිසුරුවරුන්ගේ සංගමයක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රබලයන් රැසක් උපදේශකයන්ය. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙක් ද ඒ අතර වෙති.

එසේ සිය සලුපිලි මාරු කර ගන්නා මොහු බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා ඇතුළු පුද්ගලයන් වෙත ලිඛිත බලපෑම් සිදු කරමින් නැවතත් සිය සුපුරුදු කටයුතු ආරම්භ කර තිබේ. එම ලිපි වල ස්ථීර ලිපිනයක්, ස්ථාවරය දුරකථන අංක පවා ඇතුළත් වන අතර නීතිය ක්‍රියාවට නගන්නේනම් ඒ සඳහා ඕනෑවටත් වඩා තොරතුරු ප්‍රමාණවත්ය. දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා විසින් ගල්කිස්ස පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිඛෙන්නේ 2017 වසරේ මාර්තු මාසයේදීය.

මේ ව්‍යාජ මහාචාර්ය මංජුල ප්‍රසන්නගේ අලුත්ම ජවනිකාව වාර්තා වන්නේ මේ ගෙවී යන අප්‍රේල් මාසයේදීය. අප්‍රේල් මාසයේ 6 වන දින හෝ ඊට ආසන්න දිනයක ගල්කිස්ස පොලිස් වසමේ අංක 307/25/ඒ/1/1 දරන නිවස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධ පොලිස් පැමිණිල්ලක් සටහන් වන අතර ඒ සම්බන්ධයෙන් මේ ව්‍යාජ මහාචාර්යවරයා අත්අඩංගුවට ගනු ලබයි. එසේ අත්අඩංගුවට ගනු ලබන්නේ අප්‍රේල් මස 17 වන දිනයේදීය. ඉන් පසු බී.608/2028 දරන බී වාර්තාව යටතේ මොහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දැන් ඒ සම්බන්ධයෙන් ද සිටින්නේ ඇප පිටය.

ඕනෑම වරදකට ඕනෑම අධිකරණයකින් ලේසියෙන් ගැලවෙන්නට හැකියාවක් මොහු සතු වී ඇත්තේ කුමන බලයක් නිසාද? ඔහුගේ දෙමව්පියන්ම පවසන පරිදි සාමාන්‍යපෙළ දක්වා හෝ පාසල් නොගිය මොහු මහාචාර්යවරයෙකු ලෙස පෙනී සිටින්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවට නැගීමට පොලිස් දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට අප විසින් නීතිය කියා දිය යුතු නැත. එහෙත් ආණ්ඩුවේ ප්‍රබල නිලතල අයථා ලෙස යොදා ගැනීම, එම නිලතල සඳහා කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවට නැගීමට ආණ්ඩුවේ පැත්තෙන් සහයෝගය ලබා දිය යුතු බව සිහිපත් කර දිය යුතුය. ඒ එවැනි සහයෝගයක් ලබා දීම වෙනුවට මෙවැනි වංචාකාරයන් ආරක්ෂා කිරීමට රටේ මුල් පුටුවේ සිට පහළ දක්වාම ක්‍රියා කරමින් සිටින බව මේ ව්‍යාජ මහාචාර්යවරයාගේ සිදුවීම් පෙළ දෙස බලන විට පෙනෙන්නට තිබෙන නිසාය.

චතුර දිසානායක

Top