මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ඇත්තේ ජනතාවට ය. ජනතාව එය ක්‍රියාත්මක කරන ආකාරය හතරවැනි ව්‍යවස්ථාවෙන් දැක්වෙයි. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද, විධායක බලය ජනාධිපති මගින් ද, අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් පිහිටුවන ලබන අධිකරණ හා වෙනත් ආයතන යොදා ගනිමින් පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක වෙනවා. බොහෝ දෙනා නොදනිතත් අධිකරණ බලය ද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මගින්.

අද ප්‍රශ්නයක් ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් නගන්නේ විධායක බලය අහෝසි කිරීම. ඔවුන් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමග ගැට ගහනවා. මෙවැනි තීරණයක් ඒකාබද්ධ විපක්‍ෂය අරගෙන නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ කෙසේ වෙතත් පොහොට්ටුවේ ඇතැම් නායකයන් එවැනි තීරණයක ඉන්න බවක් පෙනී යනවා. මේ ප්‍රශ්නයේ දී බන්දුල ගුණවර්ධන නිකම් ම මුට්ටිය වූවා පමණයි. දේශපාලනඥයන්ට ඉඳහිට නායකයන් වෙනුවෙන් මුට්ටි බවට පත්වීමට සිදු වෙනවා. අපට බන්දුල ගුණවර්ධන මුට්ටිය බිඳින්න වැඩක් නැහැ. මුට්ටිය එවපු අත කඩන්න වෙනවා. ප්‍රශ්නය අත කාගෙ ද යන්නයි. මෙයින් බන්දුල නිදොස් කිරීමක් සිදු වන්නේ නැහැ. ඔහු මුට්ටියක් වුණේ අකමැත්තෙන් වෙන්න බැහැ.

සමහරුන් හිතනවා ඇති දැන් පොහොට්ටුවේ දේශපාලනය ජාතිකත්වයෙන් ඉවතට ගෙන යන්න. එසේ ගෙන යන්න බැරි තරමට අද ජාතිකත්වය (එහි විවිධ ශ්‍රේණි තියෙනවා) සිංහලයන් අතර මුල් බැහැ ගෙන. අප තේරුම් ගත යුත්ත මහින්ද රාජපක්‍ෂ නිසා ජාතිකත්වය ඇති වූවා නොව ජාතිකත්වය නිසා මහින්ද රාජපක්‍ෂ ඇති වූ බව. වෙන කාටත් වඩා හොඳින් මහින්ද ඒ බව තේරුම් ගත යුතුයි. ඒ ඔහුගේ ම සුබ සිද්ධිය වෙනුවෙන්.

ඇතැමුන් 2015 මහින්ද පරාජය තේරුම් කරන්න ගියේ මහින්ද ජාතිකත්වයට වුවමනාවට වඩා නැඹුරු වීම නිසා වූවක් ලෙස. එහෙත් අප ජනාධිපතිවරණ සමයේ දී ම පෙන්වා දුන්නේ එකල සංධානය ජාතිකත්වයට අවශ්‍ය ප්‍රමාණයට නැඹුරු නොවී ඇතැමුන්ගේ බලපෑමෙන් ජාතිකත්වයෙන් ඈත් වූ බවයි. මහින්ද පැරදුණේ ජාතිකත්වයෙන් ඈතට ගිය නිසයි. විශේෂයෙන් ම නගර ආසන්නයේ ජීවත් වූ ජාතිකත්ව මතධාරීන්ගෙන් මහින්ද ඈත් වූ නිසයි. අද සිංහල විරෝධි දේශපාලනඥයන් ද පඬියන් ද එකී නොකී සියළුම දේශද්‍රෝහීන් ද, දෙමළ ජාතිවාදීන් ද ඒ සියල්ලන්ටමත් වඩා ඉන්දීය රෝ ඔත්තු සේවය ද උත්සාහ කරන්නේ මහින්ද ජාතිකත්වයෙන් තව තවත් ඈත් කිරීමටයි. මේ උත්සාහය 2009 නන්දිකඩාල් දක්වා දිව යනවා.

ජාතිකත්වයේ ප්‍රධාන සතුරකු අද රනිල් සමග සම්බන්ධ වී සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ රෝ ඔත්තු සේවය සමගයි. නන්දිකඩාල් ආසන්නයේත් එවැන්නක් සිදු වූ බව මගේ විශ්වාසයයි. මහින්දට 13+ ආකස්මික ව ලැබුණා නො වෙයි. ඔහු එදා 13+ කියා අමාරුවේ වැටුණා. අද විධායක අහොසි කිරීමක් හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ගැන කියමින් නැවත වරක් අමාරුවේ වැටෙන්න හදනවා. මෙවර අමාරුවේ වැටුණොත් මහින්දට දේශපාලන වශයෙන් ගැලවීමක් නැතිවේවි.

විධායකය අහෝසි කරන්න ලෙහෙසියෙන් බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූතුන්වැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ගැන කියන තුන්වැනි ව්‍යවස්ථාව ඇතුළු තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ජනමත විචාරණයකින් ද කැමැත්ත ලබා ගත යුතුයි. හතරවැනි ව්‍යවස්ථාව අසූතුන්වැනි ව්‍යවස්ථාව යටතෙහි සඳහන් නොවුණත්, එය ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය හා සම්බන්ධයි. එමනිසා හතරවැනි ව්‍යවස්ථාව කියවිය යුතුව ඇත්තේ තුන්වැනි ව්‍යවස්ථාව සමගයි. වෙනත් වචනවලින් කියන්නේ නම් හතරවැනි ව්‍යවස්ථාව සංශෝධනයන කරන්නත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා.

මෙය මගේ තර්කයක් පමණක් නො වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් ද තියෙනවා. එබැවින් ද්‍රෝහීන් ටික දෙනකු එකතු කර ගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගත්තත් ජනමත විචාරණයක දී අපට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පරද්දන්න පුළුවන්. අද කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කවුරු කොයි පැත්තේ ඉන්නවා ද නැද්ද යනු නොසලකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීම වැළැක්වීම සඳහා ව්‍යාපාරයක් දියත් කිරීමයි.

එයින් සෑහීමකට පත් නොවී ජනමත විචාරණයක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධව ජනතාව ජනතාව සංවිධානය කළ යුතු වෙනවා. එහි දී අපට පක්‍ෂ භේදයක් තියෙන්න බැහැ. මෙය ජාතියට විරුද්ධව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය එළෙස ම තියා ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතිද්‍රෝහී කටයුත්තක්. අපට හට්ටි මුට්ටි හැළි වළං සියල්ල තේරෙනවා. මුට්ටිය බිඳීම පසෙක තබා හස්තය බිඳිමු. අවශ්‍ය නම් මුට්ටියත් බිඳ හස්තයත් බිඳිමු.

ආයතන හතරක ගේඩිය පිටින් සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් හැටට හැටේ (රට) නග්ගන වැඩ බැරි මෛත්‍රීගේ ආණ්ඩුවේ මාරම පොරක් වු මොහාන් පෙරේරා (Mohan Perera) සහ ගිහාණී වීරසිංහ (Gihani Weerasinghe) සම්බන්ධයෙන් විවිධ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

CHOGM 2018 ආයෝජන ප්‍රවර්ධන දූත මෙහෙවර සදහා රජයේ කිසිදු මුදලක් අපි විසින් ලබාගෙන නැති බව පවසමින් වැඩබැරි මෛත්‍රීගේ මොහාන් පෙරේරා දිගින් දිගටම පවසා ඇත්තෙ තමන්ගේ ණයපත භාවිතයෙන් තමන් සමග ගිය 6 දෙනෙකු වෙනුවෙන් දින 5 ක් සදහා කැමට පමණක් කෑම සදහා රුපියල් ලක්ශ 16ක් පමන වියදම් කර ඇති බවත් ඔහුන් සදහා ගුවන් ටිකට් පත් 6 සදහා වියදම රුපියල් ලක්ශ 40ක මුදලක් ද තමන්ගේ ණය පතෙන් ගෙවු බවය. ණය පතට මුදල් ලැබුනේ කෙසේද යන්න අප විමසන්නේ නැත මන්ද වැඩ බැරි ආණ්ඩුවේ ලොක්කන්ට මෙන්ම සොක්කන්ටද ඒ පිළිබඳව දෙන්නට ඔනෑතරම් උත්තර තිබේන බව අප දන්නා නිසාය.

කෙසේවෙතත් ගෙවුනු දින 5ක කාලය තුල රටේ බදු ගෙවන අහිංසක ජනතාවගේ බදු මුදල් කෝටි ගණනින් විනාශ කර ඇති බව ඉදිරි සති කිහිපය තුලදි ඉන්ධන,කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ ඉහල යැම හරහා රටේ ජනතාවට තේරුම් ගැනිමට හැකි වනු ඇත.

හත්පොලේ ගාගත් මොහාන් නැමැත්තා තමන්ගේ Facebook පිටුව හරහා සුදනා වෙන්නට උත්සහ දරමින් සටහන් කිහිපයක්ම තබා ඇති අතර එහි එක් සටහනක …

“රජයේ වියදම රුපියල් = “0” , රටට ගෙනා ආයෝජන රුපියල් කෝටි 23, 500 (Us$1.5B) දැනට.” යනුවෙන් සදහන් කර තිබේ.එය හරියටම අටපාස් වත්මන් මුදල් ඇමති මංගල විසින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කල ඩොලර් බිලියන 18 කතාවට නොදැවෙනි කතාවකි.ගිහාණී නැමති ජොන්ස්ටන්ගේ v FM නාලිකාව හරහා මොහාන්ට සෙට් වුන අයෝජන දුතීකාවටනම් මේවා මැජික් වෙන්නට පුලුවන.

මෙම සංචාරයේදී තමන් ඇතුළු පිරිස මෙරටට ගෙන ආ ආයෝජනව ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.5ක් බවට දිගින් දිගටම පුරසාරම් දොඩන මොහාන් සහ ඔහුට කඩේ යන ගොන් බිජ්ජන් ඒ තරම් මුදලක් ලබාදුන්නේ කුමණ හේතුවක් සදහාද යන්න ප්‍රශ්ණ නොකිරිම පුදුම සහගතය. එම මුදල හම්බන්ධකොට වරාය චීවයට දී ගත් ඩොලර් බිලියන 1.1ද ඉක්වමයි. එමෙන්ම ලංකවේ විදේශ සංචිතයෙන් 1/4 කටද ආසන්නය.

හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ගිය සම්පූර්ණ මුදලද ඩොලර් බිලියන 1.4ක් වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්ද ශ‍්‍රී ලංකාවට අනුමත වී ඇති ණය ප‍්‍රමාණය ඊට වඩා අඩු අතර එය ලබා දෙන්නේ ද කොටස් වශයෙනි.

පහත ඡායාරූප හොදින් බලන්න රුපියල් කෝටි 23, 500 (Us$1.5B)මුදලක් ආයෝජනය කිරිමට අදාළව ගිවිසුමක් අත්සන් කරන්නෙ නම් මේ අකාරයට කටයුතු කරයිද?ඒ සා විශාල මුදලක් ලබාදිමට අදාළව ගිවිසුමක් අත්සන් කල මේ පර සුද්දා කවුද? ලංකාවේ සිට රැගෙන ගිය ජාතික කොඩිය පමණක් දම එම ගිවිසුම අත්සන් කලේ ඇයි කෝ එක්සත් රාජධානියේ කොඩිය?

මේ අකාරයට ලන්ඩනයේ විදීවල සිටින පර සුද්දන් අල්ලාගෙන විත් පසුගිය රජය සමයේ ගිවිසුම් අත්සන කල බවට ජනතාව නොමග යැවු අවස්ථා එමට තිබේ.(මේ සුද්දා කවුද යන්න අනාවරණයක් බලාපොරොත්තු වන්න )

තමන් මේ තරම් වැඩ්ඩේක් යැයි සමාජ ජාලා හරහා පෙන්වමින් තමන්ගෙන් යැපෙන හුජ්ජ කොල්ලන් ලවා කොමෙන්ට් දමා ගන්නා මොහාන්ට අපි අභියෝගයක් කරමින් කියා සිටින්නේ මේ ඡායාරූපයෙ සිටින සුද්දන් කවුද? ඔහුන් සමග අත්සන් කල ආයෝජන ගිවිසුම(මොහාන් කියන පරිදි ) කුමක්ද?

මොහාන්ට මේවාට දෙන්න උත්තර නැත.අප එය හොදින්ම දනී.නමුත් රටේ ජනතාවට ඇත්ත දැන ගැනිමට අවශ්‍යය.

මේ අතර විදේශ අමාත්‍යංශය සහ ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් විසින් නිකුත් කල ලිපි දෙකක් පලකර ඇති අතර එම ලිපි වලට අනුව මෛත්‍රී ජනපතිගේ සම්බධිකරණ ලේකම් කෙනෙක් වෙන අනුර විජේසිරි සහ පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති මුණසිංහ ප්‍රේමසිරිගේ නමද සදහන්ව තිබේ.

අපි අනිත් අජුත් පිරිස අතහැර දැමුවද පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති මුණසිංහ ප්‍රේමසිරි නැමත්තා පොලිස් නිළධාරියෙකු ට පහරදිම හේතුවෙන් පසුගිය 9 වැනිදා සිට 24 වැනිදා දක්වා රිමාන්ඩ් ගතව සිටින අයෙකු කටුනායකින් ගුවන්ගත වි Hilton Park Lane හෝටලයේ ආතල් ගත්තේ කෙසේද යන්න දැනගත යුතුමය.

ගුවන් ගමන් බලපත්‍ර අංක N7215748 දරණ මුණසිංහ ප්‍රේමසිරි නැමත්තා සදහා visa ලබා ගැනිමට කටයුතු කර තිබුනද ඔහු වෙනුවට පොළොන්නරුවේ මෛත්‍රීගේ කැචර් කෙනෙකු වන උපුල් නානායක්කාර නැමත්තා ගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

SLFP PS Chairman, two others remanded
Assaulting traffic cops:
April 11, 2018, 12:09 pm the island

Polonnaruwa Chief Magistrate Isuru Netti Nuwan Kumarage, yesterday, remanded till April 24, the Chairman of the Polonnaruwa Pradeshiya Sabha and two others for allegedly assaulting two policemen, on Monday (09), till April 24.

The suspects are Chairman of the Polonnaruwa Pradeshiya Sabha, Premasiri Munasinghe (SLFP), WM Samithra Heshan and Denagamage Chaminda.

The suspects allegedly assaulted the two policemen who were directing traffic at Kaduruwela on Monday around 7.20 pm, as they were asked to move their vehicle, which was obstructing traffic. The two victims are undergoing treatment in Polonnaruwa hospital.

Published on: Apr 23, 2018 – වර්තමාන ජනාධිපතිවරයාගේ සහාය ලබාගෙන සිංහල රාජ්‍ය බලයක් පිහිටුවීමේ ජාතිවාදී ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇති බව නවසමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අනාවරණය කරනවා.

ජනාධිපති බලතල කප්පාදු කොට පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධයක් මහින්ද රාජපක්ෂවාදී කඳවුරින් මතුවන්නේ එම ජාතිවාදී ප්‍රහාරය සඳහා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උදව්වෙන් අගමැති පලවාහැර, සමාජය තුල ජාතිවාදී කෝලාහලයක් ඇතිකොට තුනෙන් දෙකේ බලයක් සහිත සිංහල නායකයකු පත් කිරීම එම සැලසුම බවත් ඔහු අනාවරණය කර තිබේ.

“ගෝඨාභය ජනාධිපති කරන්න යනවා කියලා පෙන්නලා ජාතිවාදී පෙළගැස්මක් රටතුල ඇතිකරගැනීමට ඔවුන්ට උවමනාව තියෙනවා. ඒක කරගෙන යන්න ඒගොල්ලෝ යටින් වැඩ පිළිවෙලක් ගෙනියන බව පැහැදිලියි.”

එම වැඩපිළිවෙලට එරෙහිව බහුතර සහාය ලබමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පෙනී සිටීම නිසා “ජනාධිපතිතුමා මහින්දත් එක්ක කරන හොර ගිවිසුම් වලට” බාධා පැමිණ ඇති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් පැවසීය.

එදා 1977 දී නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසුව පොලීසියට සතියක් නිවාඩු දුන් එක්සත් ජාතික පක්ෂය අද ඊටත් එහා ගොස් එෆ්. සී. අයි. ඩී කියා අලුතෙන්ම පොලීසියක් හදාගෙන රිසිසේ දේශපාලන දඩයම කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වසර තුනකට පෙර ඇරඹුණ ඒ දේශපාලන දඩයම අදටත් නිමා කර නැති බව පැවසූ රාජපක්ෂ මහතා මේ අයට අවශ්‍ය වී ඇත්තේ සාධාරණ පරීක්ෂණ පැවැත්වීමට නොව පරීක්ෂණ මුවාවෙන් තමන්ට මඩ ගැසීමට පමණක් බවත් පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ හිටපු ඇමැතිවරයකු, ආණ්ඩුකාරවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ඡන්ම දින සැමරුම් උළෙලට මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22) සහභාගී වෙමිනි. මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

රෙජී රණතුංග මැතිතුමාගේ ගුණ සැමරෙන සෑම අවස්ථාවකම මම ඒවාට සහභාගී වී තිබෙනවා. පසුගිය වසරේ 80 වැනි ඡන්ම දින සැමරුම පැවැත්වෙන අවස්ථාවේ දී වගේම මේ වසරේ 81 වැනි සමරුවටත් සහභාගී වන්නට ලැබීම මම භාග්‍යයක් ලෙස සලකනවා. අපේ මිත්‍රයකු, ප්‍රතිපත්තිගරුක මිත්‍රයකු, කෙනකු අමාරුවේ වැටුණු අවස්ථාවල මගහැර නොගිය මිත්‍රයකු ලෙස රෙජී අපගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා.

එවන් මිත්‍රයකු පුත්‍රයකු වශයෙන් ප්‍රසන්න මන්ත්‍රීතුමා අපත් සමග අත්වැල් බැදගෙන ජනතාවගේ පැත්ත ගනිමින් කටයුතු කිරීම ගැන අපි ඉතාමත් සන්තෝශ වෙනවා. අපේ මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ අද මේ රට තියෙන්නේ අස්ථාවර තත්ත්වයකයි. කිසිදු ආයෝජකයකු මෙරටට නොපැමිණෙන, දිනෙන් දින රුපියල බාල්දු වන, ජීවන වියදම අහස උසට නැගුණු යුගයක් තමයි අද උදා වෙලා තියෙන්නේ.

මෑතක දී අපේ නායක හාමුදුරු වහන්සේ නමක් සමග කතා කරමින් සිටිය දී බඩු මිල ගැන අදහස් පළ කෙරුණා. බඩු මිල පහළ ගියත් අද මිනිස්සුන්ගේ අතේ බඩු මිල දී ගන්න තරම් මුදල් නැති එක තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. එවන් තත්ත්වයකට මේ ආණ්ඩුව අද රට ඇද දාලා ඉවරයි. අපේ කාලයේ මිනිස්සුන්ගේ අත්වල ඕනෑ තරම් මුදල් ගැවසුණා.

මිනිස්සු කාර්, ලොරි, වෑන්, ටිපර් රථ මිල දී ගත්තා. අද මිනිස්සුන්ගේ අත්වල සල්ලි නැති නිසා ඒවායින් ඈත් වෙලා. අද විවිධාකාර බදු පනත් ගෙනත් ජනතාව පීඩනයට පත් කරන්නට සූදානම් වෙනවා. අපි විශ්වාස කළේ රටේ ව්‍යාපාරිකයන්, ධනවතුන්ට ගොඩනැගෙන්නට දීලා ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ ප්‍රතිපත්තියයි. මල නොතලා රොන් ගන්නවා වගේ බදු අය කරගැනීමයි අපි අනුගමනය කළේ.

නමුත් මේ ආණ්ඩුව කරන්නේ ඒකේ අනෙක් පැත්තයි. මල තලලා දාලා රොන් ගන්නවා වගේ ජනතාව තලලා පෙලලා දාලා බදු අයකර ගැනීම තමයි මේ අයගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම බදු ෆයිල් ඇරලා ඒ තරුණ තරුණියන් මිල දී ගන්නා ඔරලෝසුවේ සිට සියලුදේවල් ගැන හාරාවුස්සන්නට මේ අය උත්සාහ දරමින් සිටිනවා.

පන්සලේ පින්කැටයටත් බදු ගහන ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ. දඹදෙණිය විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඊයේ මාව මුණගැහෙන්නට ආවා. උන්වහන්සේ කිව්වා මීට ඉස්සර සංචාරකයන් විහාරස්ථානය නරඹන්නට ආවාම ලැබුණු ආදායම පන්සලට ලැබුණා කියලා. දැන් ආණ්ඩුව  ඒ මුදලුත් උදුරගෙන. ඒ අස්සේ පනත් කෙටුම්පතක් හදලා තියෙනවා පන්සල් හදනවා නම් අවසරයක් ගන්න ඕනේ කියලා.

ආණ්ඩුවම කියනවා වැසිකිලි, කැසිකිලි නැති පන්සල් 1900ක් රට පුරා තියෙනවා කියලා. ඒ කියන ගමන් මීට පස්සේ වැසිකිලි, කැසිකිලි නැතිනම් පන්සල් හදන්න දෙන්නේ නැහැ කියලත් කියනවා. මේ අය කියන විදියට පන්සල හදන්න ඉස්සර වැසිකිලි, කැසිකිලි හදන්නයි වෙලා තියෙන්නේ. දැන් පන්සලක් හදන්නත් අර කමිටුවෙන්, මේ කමිටුවෙන් අවසර ගන්න වෙලා. පන්සලක් හදන්න තීන්දු කරලා මේ කියන කමිටුවලින් අවසර අරගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

අපේ ව්‍යවස්ථාවේ තියෙනවා බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවයි කියලා. නමුත් මේ ආණ්ඩුව කරන වැඩවලින් ව්‍යවස්ථාවත් උල්ලංගනය වෙනවා, ඒ නිසා අපි මේවට විරුද්ධව උසාවි යනවා කියලා හාමුදුරුවෝ ඇවිත් මාව මුණැගැහිලා කියනවා. මේ විදියට රටක් පාලනය කරන්න පුළුවන් ද කියලා කල්පනා කරලා බලන්න. ආණ්ඩුව මේවා අමතක කරන්න එක එක ජාතියේ මාතෘකා එවනවා.

විපක්ෂයේ ඉන්න අපිත් ජනතා ප්‍රශ්න අමතක කරලා ආණ්ඩුව දෙන මාතෘකාවලට අහුවෙලා ඒවා පස්සේ දුවනවා. ආණ්ඩුව අපිට එක එක ගුලි එවනවා. පසුගිය කාලයේම අපි අර්ජුන් ඇලෝසියස් ගැන කතා කළා. අද ඒක අමතක කරලා ව්‍යවස්ථාව ගැන කතා කරනවා. අපි බෙදිලා අපේ අදහස් කියාගන්නවා. අපි මොකටද කලබල වෙන්නේ? තව මේවට කල් තියෙනවා.

පාර්ලිමේන්තුවට ගේන පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි තීන්දු ගන්නේ සාමූහිකවයි. අපි මුලින් නායකයන් කැදවලා තීන්දුවක් අරගෙන ඊට පස්සේ ඒ තීන්දුව අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා අදහස් විමසලා තමයි අවසන් තීන්දුවකට යන්නේ. ඒ නිසා අපි ජනතා ප්‍රශ්න අමතක නොකර ඉදිරියට යා යුතුයි.

රෙජී රණතුංග මැතිතුමාගේ උපන් දිනය සමරන අවස්ථාවේ එතුමා දීපු දේවල්, ආදර්ශ මෙනෙහි කිරීමත් අපේ යුතුකම් බව සිහිතබා ගත යුතුයි. මට මතකයි 1977 දී අපේ රජය පැරදුණු අවස්ථාවේ දී රෙජී රණතුංග මැතිතුමා මුහුණ දීපු සිද්ධි. අනුර බණ්ඩාරනායක මැතිතුමා සමග මම ඒ වෙනකොට හිටියේ අත්තනගල්ලේ. එතකොට අපිට ආරංචි වුණා රෙජීගේ ගේ ගිනි තියලා කියලා.

මමත් අනුරත් කාගෙද පුංචි කාර් එකක් ඉල්ලගෙන අත්තනගල්ලේ ඉදලා මිනුවන්ගොඩට එන්න පිටත් වුණේ මැතිනියගේ විරෝධය මැදයි. එතුමිය අපිට කිව්වා ඒ පැත්ත අනාරක්ෂිත හින්දා යන්න එපා කියලා. නමුත් අපි ඒක නොතකා රෙජී බලන්න මේ මිනුවන්ගොඩට ආවා. ඇවිත් එතකොට පුංචි වයසේ හිටපු දරු දැරියන් එක්ක කතා කරලා තමයි අපි ආපහු ගියේ.

ඒ කාලයේ ආණ්ඩුව පොලීසියට සතියක් නිවාඩු දීලා තිබුණේ. එදා පොලීසියට නිවාඩු දුන්නා වගේම අද වෙනම පොලීසියක් හදලා ඒ පලිගැනීම් කරගෙන යනවා. එදා නිවාඩු දුන්නේ සතියයි. දැන් අවුරුදු තුනක් තිස්සේ එෆ්. සී. අයි. ඩී කියලා පොලීසියක් හදලා දේශපාලන දඩයම ජයටම කරගෙන යනවා. මගේ ඩොලර් බිලියන 18ක් හොයන්න කොයිතරම් මහන්සි වුණත් ඩොලර් තියා එක රුපියලක්වත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ.

හැබැයි මේවා ඉස්සරහට දාගෙන යුක්රේන්, ඩුබායි, අමෙරිකා යනවා. ඔස්ට්‍රේලියාවේ සති දෙකක් නැවතිලා ඉදගෙනයි පරීක්ෂණ කරන්නේ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් නම් තවම යහතින් ඉන්නවා. දවස් දෙක තුනකට ඉස්සර පත්තරෙන් නම් දැක්කා රතු වරෙන්තුවක් නිකුත් කරලයි කියලා. වරෙන්තු නිකුත් කළාට වැඩක් නැහැ අල්ලන්න වුවමනාවක් නැත්නම්.

මේ අයට ඕනේ වෙලා තියෙන්නේ අපිට මඩ ගහන්න විතරයි. ඒවාට දැන් අධිකරණයත් පාවිච්චි කරනවා. දේශපාලන පළිගැනීම් සදහා නඩු තීන්දු දෙන බව පාර්ලිමේන්තුවේ කරන කතාවලින් පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තුවේ ඉදන් සමහර ඇමැතිවරුන් කියනවා අපි අහවල් දවසේ හිරේ යවනවා, අහවලාට ජම්පර් අන්දනවා කියලා. ඇමැති කෙනෙක් වුණාම කතා කරන්න ඕනේ වගකීමක් ඇතිවයි.

එහෙම ඇමැතිවරුන් කියන විදියට වැඩ කරනවා නම් අධිකරණයේ තියෙන ස්වාධීනත්වය කුමක්ද? නමුත් අපිට අස්වැසුමක් තියෙනවා මහින්දානන්ද, ගාමිණි සෙනරත්, යෝෂිත වගේ අයගේ තීන්දු ලැබුණු ආකාරය සම්බන්ධයෙන්. නමුත් විවිධ බලපෑම්වලට යටවුණ අයත් ඉන්නවා. මේ අය උත්සාහ කරන්නේ විරුද්ධ වෙන හැමකෙනාම උස්සගෙන යනවා කියලා ජනතාව බය කරන්නයි.

දේශපාලනඥයන් කිහිපදෙනකුට පමනයි මියගිය පසුවත් මේ වගේ සැමරුම් උත්සවවල දී ජනතා ගෞරව ලැබෙන්නේ. ඒ අතින් රෙජී රණතුංග මැතිතුමා වාසනාවන්තයි. රෙජී රණතුංග කියන්නේ මියගියත් ජනතා හිත්වලින් ඈත් නොවුණු දේශපාලනඥයෙක්. අපි රෙජී රණතුංග මැතිතුමාට නිවස් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Published on: Apr 22, 2018 – මහා බැංකුව මහා දවාලේ කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් නිකුත් කල බවට පසුගිය 20 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලද මේ දක්වා https://www.interpol.int/en වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් සටහනක් මේදක්වා නොමැති අතර Wanted Persons කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයන් 19 දෙනෙකු සහ Missing person කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයන් 2 නෙකු පමණී.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තු නිකුත් කළත් ඒ අර්ජුන් මහේන්ද්‍රන් ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර නොවී දිගටම සිංගප්පුරුවේම සිටිය හොත් ඔහු කිසිදු දිනක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිට පවා නොහැකි බවයි.

සිංගප්පුරුව ජාත්‍යන්තර පොලීසියත් සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නොතිබීම ඊට හේතුව බව පෙන්වා දුන් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සිංගප්පුරුව, මෙක්සිකෝව, නයිජිරියාව යන රටවල් ජාත්‍යන්තර ජාත්‍යන්තර පොලිසිය සමග කිසිදු ගිවිසුමකට අත්සන් කර නොමැති නිසා ඒ රටවලට රතු නිවේදන නිකුත් කිරීමට නොහැකි බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් බැවින් දෙරට අතර උදර්පන ගිවිසුමක් ඇති කර ගත හොත් අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි බවද එවැනි උදර්පන ගිවිසුමක් අත්සන් කිරීමට නම් සිංගප්පුරුවේ එකඟතාවය තිබිය යුතු බවද ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම සිංගප්පූරුවේ සැඟවී සිටියද මහාධිකරණය මඟින් ඒක පාර්ශවිකව නඩු විභාගයක් පවත්වා ඔහු වරදකරු කළ පසුව, 1958 නිව්යෝර්ක් සම්මුතියට අනුව සිංගප්පුරුවේ ඔහුට හිමි වාණිජ වටිනාකම ශ්‍රී ලංකා රජයට අය කර ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

1958 නිව්යෝර්ක් සම්මුතියට ශ්‍රී ලංකාව වගේම සිංගප්පුරුවද අත්සන් කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ මහාධිකරණයෙකින් ලබා දෙන නඩු තීන්දුවකට අදාළව දේපළ පවරා ගැනීමක් සිංගප්පුරුවේ අධිකරණය හරහා සිදු කර ගත හැකි බව ද ප්‍රතිභා මහානාම මහතා කියා සිටියි.

මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිරදඩුවම් ලබාදීමට නොහැකි වුවත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඔහු සිදු කළ අලාභය සිංගප්පුරුවේ ඔහුට තිබෙන වත්කම්වලින් අය කර ගත හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය ඊයේ (20) රතු වරෙන්තුවක් නිකුත් කළ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට බාරදිය යුතු බවද එහි සදහන් වේ.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගින් දිගටම අධිකරණය මඟ හැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

2015 ජනවාරි 09 දින පත් වූ රජය විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. මීට පෙර මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති අතර එම රජය යටතේ මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතට පත් කර තිබුණි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බැවින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සෘජුවම ඒ මහතාට චෝදනා එල්ල විය.

2017 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මහ බැංකුව, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේම පැවති අතර එහි අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා තව දුරටත් කටයුතු කළේය.

ඉංග්‍රීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය පවත්වා ගෙන යනු ලැබුවේ 1884 අංක 32 දරණ කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටු වන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟිනි.

නමුත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ රටේ සිදු කිරීමට නියමිත සංවර්ධන අවශ්‍යතා සඳහා මෙම මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවූ නිසා මහ බැංකුවක් පිහිටුවීමට මෙරට රජය විසින් තීරණය කරනු ලැබීය.

ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බ්‍රිතාන්‍ය රජයෙන් ලබා ගත් අතර ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතා මෙරටට පැමිණ මහ බැංකුව සඳහා අවශ්‍ය නෛතික සහ තාර්කික රාමුව සකස් කළ අතර එම තොරතුරු වාර්තාව හදුන්වනු ලැබුවේ ද එක්ස්ටර් වාර්තාව නමිනි.

ඒ අනුව 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද්දේ 1950 අගෝස්තු 28 වෙනිදාය. මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේද ජෝන් එක්ස්ටර් මහතාය. 1972 දී ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමෙන් පසු 1985 දී එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත ස්ථාපිත කෙරිණ.

මහ බැංකුවේ රහස්‍ය තොරතුරු සිය දියණියගේ සැමියා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම මෙම නඩුවේ දෙවන සහ සිව් වන සැකකරුවන් ලෙස නම් කර ඇත්තේද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් වන අතර ඔවුන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

Published on: Apr 22, 2018 – ආයතන හතරක ගේඩිය පිටින් සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් හැටට හැටේ (රට) නග්ගන වැඩ බැරි මෛත්‍රීගේ ආණ්ඩුවේ මාරම පොරක් පිළිබඳව මේ වනවිට අනාවරණය වි තිබේ.

මොහාන් පෙරේරා (Mohan Perera)නමින් පෙනී සිටින ඔහු මේ වනවිට එකසිය ගණනක් සමග ලන්ඩනයේ ආතල් ගන්නා කණ්ඩායම නියෝජනය කරන මොහාන් ලන්ඩනයට ගොස් සිටින්නේ ගිහාණී වීරසිංහ (Gihani Weerasinghe) නැමති අමතුම පන්නයේ කැල්ලක්ද සමගය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් අත්හැර දැමු මන්ත්‍රීවරුන් සමග ඩිල් එකක් දැමීමට තැරව්කරුවන් ලෙස මොහුන් කටයුතු කරන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

දිනෙන් දින රාජ්‍ය බලය ගිලිහෙමින් තිබේන මෛත්‍රීගෙ පතෝල ආණ්ඩුවේ මොකා මොකී එක්ක ලන්ඩනයේ විදියක් විදියක් ගාණේ ඇවිද්දාට හෝ ඩිලාන්ල වැනි ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂ්ප වුවන් ලන්ඩනයේ විදීවල පිරිමි ගණිකවන් ලෙස හැසිරුණද අපට කමක් නැත. නමුත් මේ විනාශ වන්නේ රටේ අහිංසක ජනතාවගේ  බදු මුදල් බව ඔහුන් දැනගත යුතුය.ඒ විනාශ කරන ජනතා මුදල් සෑම සතයකටම තව නොබෝදිනකින්ම වන්දි ගෙවන්නට සිදුවන බව දැන ජිවත් විම නුවණට හුරු බව පමණක් අප සටහන් කර තබමු.

ගිහානි සහ මොහාන් ජෝඩුව ගැන සම්පුරණ කතන්දරේ slvlog වීඩියෝව පහතින්

ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් එංගලන්තයට ගිහින් පෙරේතයන් වගේ හැසිරෙන ශ්‍රීලංකාවේ දුෂිත පාදඩ මජර දේශපාලකයෝ මෙන්න ..” බදු ගෙවන ඔබට ස්තූතියි ”

මේ කවුද? මොනවාද කරන්නේ? (සම්පූර්ණ විස්තරය පසුව බලාපොරොත්තු වන්න )

පිංපි ඩිලාන්ලාට සැප දුන් ගිහානි සහ මොහාන් ජෝඩුව

අනාථයන් සේ බංකු උඩ තියා MOU අත්සන් කර රටේ ජනතාව ගොනාට අන්දවමින් ඩොලර් බිලියන කතා මැවිම …

කවුද මේ ගිහානී….(සම්පූර්ණ විස්තරය පසුව බලාපොරොත්තු වන්න )

පසුගිය වසර තුන තුළ ලංකා ඊ නිවුස්,(lankaenews.com),ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (lankanewsweb.today) ඇතුලු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ලක් කළේ එම වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සු නිසා ද යන්න වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ජනපතිගෙන් ප්‍රශ්ණ කර තිබේ.

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව ජාත්‍යන්තරව පැසසුමට ලක්වු බව පවසමින් ජනපති මෛත්‍රී තැන තැන කරනා ප්‍රකාශයන් ජනාධිපතිවරයා සමීපයේ සිටිමින් වන්දිභට්ටකම් කරන පිරිසකේ ප්‍රකාශ බවත් එවන ජාත්‍යන්තර  කිසියම් ප්‍රකාශයක් කර ඇත්නම් වහාම එය අනාවරණය කරන ලෙසට එම සංවිධානය ජනපතිට අභියෝගයක්ද කර තිබේ.

එම නිවේදනය පහතින්,

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවරදි නැවතත් ස්වයං වර්නනාවක් කර ගෙන ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එසේම මේ ආකාරයෙන්ම පසුගිය මාර්තු 28 වෙනිදාද කොළඹ පැවති උත්සවයකදි ජනාධිපතිවරයා පවසා සිටියේ එක්සත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්බන්ධයෙන් තමන්ට පැසසුම් සිදු කළ බවයි. වෙබ්  මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි මුළ සිටම මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම පිළිබඳව අපගේ විරෝධය පළ කර අතරම එමගින් අනාගතයේදි මාධ්‍ය නිදහස ඇතුළුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට විය හැකි බලපෑම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළෙමු.

ඒ අනුව ආණ්ඩුවේම වරප්‍රසාද ලබන කණ්ඩායම් යොදවා ගනිමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා ජාතිවාදය ඇවිස්සීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කල බවට අනාවරණය වි තිබියදී  සමාජ ජාලා සහ වෙබ් අඩවි හරහා එය සිදුවන බවට දිගින් දිගටම විවෘත ප්‍රකාශයන් කිරිම තුළින්  ආණ්ඩුව උත්සහ දරන්නේ තම නොහැකියාව පිළිබිඹුවන කවර හෝ  අවස්ථාවක සමාජ ජාලා  සහ වෙබ් අඩවි තහනම් කිරිමට අවශ්‍ය මාර්ගය සකස් කිරිම නොවේනම් වෙන අන් කවරක්ද? යන සාධාරණ සැකය වඩාත් ත්‍රීව ලෙස අපට ඇති වෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මේ යහපාලනය ආණ්ඩුවෙන් මේ අවස්ථාවේදි අපි විමසා සිටින්නේ පසුගිය වසර තුන තුළ ලංකා ඊ නිවුස්,(lankaenews.com),ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (lankanewsweb.today) ඇතුලු වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ලක් කළේ එම වෙබ් අඩවි හරහා ජාතිවාදය ඇවිස්සු නිසා ද යන්නයි. එමෙන්ම ම අවහිර කිරිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන හෝ ලංකාවේ හණමිටි අදහස් දරණ ආණ්ඩුවට සහය දෙන්නන් ආණ්ඩුව පැසසුමට ලක්කර තිබේද? යනුවෙන්ද අපි විමසා සිටිමට කැමැත්තෙමු.

ජනාධිපතිතුමනි, ඔබ සමීපයේ සිටිමින් ඔබට වන්දිභට්ටකම් කරන පිරිස ඔවුන්ගේ අසමත්කම් වසා ගැනීමට ඔබව නොමඟ යවමින් සිටින බව රටක ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබ කරන මෙවන් පදනම් විරහිත ප්‍රකාශයන් හරහා පැහැදිළි වන බව පැවසිය යුතුමය. එසේම මෙවන් අඳබාල වන්දිභට්ටයන් ඉතිහාසය පුරාවටම රට හා රාජ්‍ය පාලකයන් නොමග යැවිමට කටයුතු කල බවට සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප සතු වේ.

මහනුවර ඇති වූ සිද්ධියට අදාළ ව ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කිරීම ගැන බොහෝ විදේශීය ආයතනයන්ගෙන් ප්‍රසංශාව හිමි වූ බවට ජනාධිපතිවරයා විවිධ තැන්වල ප්‍රකාශයන් කිරිම හරහා තහවුරු කරමින් සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව  වසා ගැනිමට හදිසි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවේ නිර්වචනය වන “ජාතිවාදී ගැටුමක්” නිර්මාණය කිරිම හරහා  සමාජ ජාලා සහ වෙබ් අඩවි තහනම් කිරිමට පියවර ගැනිම නොවේද?

එම නිසා මේ අවස්ථාවේ අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවටම අභියෝග කරමින් කියා සිටින්නේ සමාජ ජාල සහ වෙබ් අඩවි තහනම් කිරිම හෝ අවහිර කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන ගෝත්‍රික නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හෝ ජාත්‍යන්තර සංවිධාන සිය නිලමතය ප්‍රකාශ කර තිබේනම් සාක්ෂි සහිතව වහාම එය රටේ ජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරන ලෙසයි.

එසේ නොමැතිව වන්දිභට්ටයන්ගේ රැවටිලිකාර අසත්‍ය තොරතුරු මත පදනම්ව විවිධ ප්‍රකාශයන් නිකුත් කිරිම රටක ජනාධිපතිවරයෙකුට කිසිසේත්ම උචිත නොවන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මතය බවද තරයේ අවධාරණය කර සිටිමු.

දුමිදු දිසානායක
කැඳවුම්කරු

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

“සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකිම් ව්‍යාපාරය”

What lies beneath, ban imposed to the News web sites and social media

President Sirisena who was in London to attend the commonwealth state leaders’ conference SL high commission in Britain arranged a meeting on the 17th April for the Sri Lankans residing in Britain. The statements made by Sri Lankan president and his recent movements is speculated questioned in many platforms.

President Sirisena addressing the smallest crowd ever in the history at the such meetings attended, He stated, that during the recent communal unrest in Kandy, more than the truth, rumors speeded,  Further he said, ‘I ordered a state of emergency, army was deployed and social media was blocked and the government took immediate measures to bring the situation under control. Some of ambassadors had a problem with the decision we made and they exceeded their limits and criticized our actions, we were not afraid’

It is undisputed fact that being commander in chief President Sirisena failed to establish the law and order of the county for 7 days but mare banned social media. Further, even before heal the wounds of Muslim community president Sirisena participated few  official meeting in Japan presence of Buddhist monk Galabodaatte Gnanasara. There he remarked that, government revenue had increased in the absence of social media. More ever 28th March President Sirisena cited UN  too  praised  his move to ban social media. Nevertheless it is worth to note Presidents Sirisena’s act and statements are trust deficient and  virtual threat to the right to freedom of opinion and  expression.

We, National movements of web Journalists – Sri Lanka Not only voiced against ban on social media also disclosed the hidden agenda to impose restriction on web journalism. Last 3 years two popular news web sites banned under the direct instruction of President secretariat. Lanka e news, the most popular political page having  two million viewers  and Lanka news web today which reputed on investigative reporting was blocked. It is obvious these news web sites have nothing to do with communal unrest.  Now it is crystal clear Kandy communal unrest is inside job and ban on social media is pre planned. Dear citizens and diplomats,this is what a better way  to kill two birds with in one stone ?

Although President Sirisena, henchman and lickspittles trying to justify ban on Social media and blockage  of  news web sites is hoodwink. Obviously it is a part of their cheap survival game. It seems president Sirisena turning in to executioner of social media and political web pages . It is unequivocal fact that web journalism has always contributed immensely when whipping up opinion and still doing that. Henceforth  we voice for the legitimate rights of the  web journalism and  social media. We hereby record our bitter opposition to the ban imposed on social media and news web sites also proposed restriction on media what so ever.

Dumidu Dissanayake,

Convener,

යහපාලන රජය පත් වූ අලුත ජනාධිපති තුමාගේ විශේෂිත සංකල්පයක් බවට පත් වූයේ වස විස නැති ගොවිතැනයි. වකුගඩු රෝගයෙන් පිළිකා සහ වෙනත් බෝ නොවන රෝග වලින් හෙම්බත්ව සිටි රජරට ජනතාව ඉන් මුදවා ගැනීමේ සද් චේතනාවෙන් ඇරඹි මේ වැඩ සටහන නිසා උග්‍ර පිළිකා කාරකයක් ලෙසට නම් දරා ඇති ග්ලයිෆොසොට් හෙවත් වානිජ වශයෙන් සර්පාර්ස් රවුන්ඩ් අප් වැනි නම් වලින් හඳුන්වන වල් නාශකය තහනම් කරන ලද්දේය. එයට අමතරව රසායනික පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට මුදල් ලබා දීමේ ක්‍රම වේදයක්ද ඇරඹිණ.දැන් වසර දෙකක පමණ කාලයක් එම ප්‍රතිපත්තියේ සිටි රජය හිටි හැටියේ වල් නාශක තහනම ඉවත් කරන්නටද නැවත රසායනික පොහොර සහනාධාරය ලබා දීමටද ලක ලෑස්ති වෙයි. මේ අරුම පුදුම ප්‍රතිපත්තිය කුමක්ද. වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ සද් චේතනාවක් සෑබෑවටම රජයට තිබුණාදැයි සැකයක් මතු වන්නේ මේ වෙස් පෙරළියෙනි.

යහපාලන රජය පත් වන්නට ප්‍රථම පෙර කී වල් නාශකයන් ගැන කරන ලද රසායනාගාර පරීක්ෂණ වලින් තහවුරු වූයේ මෙරටට ගෙන්වීමට තහනම් කරන ලද ආසනික් මේ වල් නාශකයන්ට කලවම් කර නිකුත් කරන බවයි. එසේම සහනාධාර පොහොර වශයෙන් නිකුත් කරන තොග වල තිබෙන අප ද්‍රව්‍යෙ මෙන්ම සයනයිඩ් වැනි උග්‍ර වස වර්ගද මේ පොහොර වලට මිශ්‍රව තිබී අතැයි සොයා ගන්නා ලදී.සැබවින්ම පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමේ ක්‍රම වේදය ආරම්භ කිරීමට හෙතුවක් වූයේ මෙයයි. නමුත් මෙම තීරණය ගත් පසු කැඳවන ලද කාබනික ගොවීන් ගේ රැස්වීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වරයාට මෙන්ම අමාත්‍ය වරයාට මා විසින් කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් පැහැදිලි කර දෙන ලදී. එකක් නම් දිවයින පුරා විසිරී සිටින පාරම්පරික වී වගා කරන ගොවීන් මෙන්ම කාබනික ගොවීන් වෙනුවෙන් ඔවුන් දිරිමත් කරලීමේ ප්‍රායෝගික වැඩ සටහනක් ආරම්භ කරන ලෙසයි.ඒ සඳහා දැනට සිටින කෘෂි නිළධාරීන් සහ බලධාරීන් හට පාරිසරික ගොවිතැන පිළිබඳ අවබෝධයක් ලබාදීම කළ යුතු විය. අනෙක් කාරණය නම් පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දීමේ ක්‍රම වේදය ට එන්නේ නම් එම මුදල් ගොවියාට සෘජුවම ලබා නොදී ගොවි සංවිධාන වලට බැර කොට ක්‍රමානුකූලව පොහොර වෙනුවෙන් නිකුත් කරන ලෙසයි. නමුත් මේ වැඩ පිළිවෙල ආරම්භයේදීම ආණ්ඩුව අනා ගත්හ. ගොවියාගේ බැංකු ගිණුමට සෘජුවම මුදල් බැර කරනු ලැබිණ. එහි ප්‍රතිඵලය වූයේ ඒ කන්නයේදීම වගා ඉලක්ක කඩා වැටීමයි. ගොවියා තම අතට ලැබුණු මුදල් වෙනත් කරුණු වලට වියදම් කර සිටියහ. මේවා පිළිබඳ රජයේ ආයතන වල සම්බන්ධීකරණක්ද නොවූයෙන් මේ කඩා වැටීම බරපතල විය. එයින් පසු යලි වගා ඉලක්ක සඳහා යෑමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. නමුත් විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වගා ඉලක්ක මේ වනතුරු සපුරාලිය නොහැකි විය.

පොහොර යනු ආපෝ තේජෝ වායු පඨවි ආකාශ යන්නෙහි එකතුවකි. මෙම පංච සාරය ගොවියා විසින් කුඹුරට ලබා ගන්නේ දිරාපත් වන කොළ රොඩු ගොම සූර්ය ශක්තිය වැනි දේ වලිනි. අවසානයේ පඨවි ධාතුව පෝෂණය වෙයි.කලට කන්නෙට කතාවට ගොවිතැන් කිරීමෙන් සෝදා පාලුව අවම වී පසේ තිබෙන පොහොර රසය සෘජුවමඉතා ඉක්මනින් ගොයම් ගසට එකතු වේ.එසේම පසේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් හට ආහර ලැබීමෙන් දිරිමත්ව පසේ වයනයද සාරවත් බවද වැඩි දියුණු කරනු ලබයි. මේ පාරම්පරික මූලධර්ම නොසලක හැරි නිළධාරීන් සහ ගොවීන් නිසා රසායනික පොහොරට වහල් වී පසත් ජලයත් දූෂණය කර තිබේ. පස සරු කරන ක්ෂුද්‍ර ජීවීන් ගහනය වඳ භාවයට පත් කර තිබේ. රසායනික පොහොර ලබා දීම පිටිපස තවත් මාෆියාවක් ක්‍රියාත්මකය. පොහොර සහනාධාරය ලබා දෙන්නේ පොහොර ගෙන්වන සමාගම්වලටයි. එවිට ඒ හරහා ඉහළ නිළධාරීන් ගේ දරුවන්ට ශිෂ්‍යත්ව රැකියා ලැබේ. දෙපාර්තමේන්තු වලට මේ පොහොර ලැබුණු කල්හි මේවා පැටවුම බෑම බෙදා හැරීම ආදී සියල්ල කරන්නේ නිළධාරි සමූහයක් විසිනි. ඔවුහු මේ ක්‍රියාවලියේදී අතිරේක ලාභයක් ලබා ගනිති. ඒවා ලැබෙන්නේ බැර වන්නේ ගොවි සංවිධාන වල ගිණුම් වලට නොව ඔවුන්ගේ සාක්කුවටයි. ඉතින් රසායනික පොහොර ලබා දීමේ ක්‍රායාවලිය දශක කීපයක් තිස්සේ මාෆියාවක් බවට පත්ව තිබේ. ඒවායින් ප්‍රතිලාභ ලැබූ කිසිවකු වස විස නැති ගොවිතැනට යන්නට අකමැතිය.දේශපාලකයන්ටද මේවායින් ලැබෙන්නේ ඉහළම කුට්ටි බව දන්නෝ දනිති. නවීන් දිසානායක ඇමතිවරයා ග්ලයිෆොසොට් තහනම ඉවත් කරන්නට වලිකන්නේ යම් සේද දුමින්ද දිසානායක ඇමති තුමා නැවත් පොහොර සහනාධාරය ලබා දෙන්නට වලිකන්නේ ඇයිද යන්න සරල ලෙසට තේරුම් ගත හැකි දෙයකි.

දැන් රසායනික පොහෙර සහනාධරය මෙම අප්‍රියෙල් මස සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රසායනික භාවිතාවට හුරු ව තිබෙන ගොවීහු මේ ප්‍රතිලාභය ලබති. නමුත් පාරම් පරික වී වර්ග වගා කරන වස විස නැති ගොවිතැන් ක්‍රියාවලිය නිසා රසායනික ගෙවිතැනෙන් ඈත්ව කටයුතු කරන ගොවීන් විශාල පිරිසක් අද වන විට රට පුර සිටින බව කිව යුතුය. මෙම් පොහොර සහනාධාර ක්‍රමයෙන් ඔවුන්ට වැඩක් නැත. පෙර කන්න වල ලැබුණු මුදල්ද ඉදිරියේ දී නොලැබේ. එවිට රටේ නිෂ්පාදන ක්‍රියවලිය පණ ගන්වන එමෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය මෙන්ම පසේ සෞඛ්‍යත් ආරක්ෂා කරන්ට වෙර දරන පිරිසට බලවත් අසාධාරණයක් ඇති වෙයි.ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙම දෙපිරිසට තම තමන්ට ආවේණික ලෙසට පොහොර සහනාධාරය ලබා දෙන්නට තීරණය කරන්නේ නම් සතුටු විය හැකිය. එනම් වස විස නැති ගොවිතැනෙහි නියැලි ගොවීන් සඳහා කොම්පෝස්ට් සහනාධර ක්‍රමයක් ඇති කිරීමයි. එහෙත් එවැනි තීරණයකට පැමිණි බවක් දැන ගනන්ට නැත. එයට හේතුව රජයේ චක්‍ර ලේඛන වලින් මහජනයාට දෙවිදියකට සැලකීමට නොහැකියාව බව නීලධාරීන් පවසයි. නමුත් දැනටමත් පාසල් ළමුන්ට නිළ ඇඳුම් සඳහා රෙදි ලබා දීමේදී මුස්ලිම් ළමුන්ට එක් ආකාරයකටත් සිංහල ළමයින්ට තවත් ආකාරයකටත් මුදල් ලබා දීම දැක්විය හැකිය. ගොරකා වුවත් දඩමස් කිරීමේ න්‍යායේ සිටින මේ බත් බැලයන් අවශ්‍ය තැනදී රජයේ චක්‍ර ලේඛන වෙනස් කරන ආකාරය එයන් පෙනේ.එසේ නම් වස විස නැති ගොවිතැනේ නියැලි සමස්ත ගොවි ජනතාවගේ සාධාරන ඉල්ලීම ඉටු කිරීමට රජය බැඳී සිටින බව ඉඳුරාම මේ අවස්ථාවේ දී මතක් කර දය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

20 වන ව්‍යවස්ථා සංශෝධන නාටකයේ පිටපත ලියන්නේ ‘‘රෝ’’ සංවිධානය බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර චොදනා කරනවා.

අද (19) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර සදහන් කළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමති පරණ කුණු මස් කැබැල්ල ව්‍යවස්ථා උගුල මත අටවන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඊට කොටුකර ගැනීමට බව ඉතා පැහැදිලි බවයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු 2015 ‘සිට රග දක්වන යහපාලන නාට්‍යයේ අවසන් ජවනිකාව ලෙස හැදින්වීම වරදක් නොවේ. මේ නාට්‍යයේ පිටපත ලියන්නෙ ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව විසින් බව මේ වන විට ඉතා හොදින් ඔප්පුවෙලා තියෙනව. ඔවුන් විසින් යහපාලන නාට්‍ය පිටපත ලියන්නේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවසන් කරන්න බව ඉතා පැහැදිලියි. මේ නාට්‍යයේ විවිධ ප‍්‍රතිවිරෝධතා තිබෙන පිරිස් එකට රගපාන බවද සත්‍යකි. පළමු වටයේදී ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට තෝරා ගන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයාය. එහෙත් දැන් අවසන් ජවනිකාව හෙවත් 20 වැනි සංශෝධන ජවනිකාව රගපාන්න එතුමාට නොහැකි බව දැන් ඉතා පැහැදිලියි. විශේෂයෙන් බැදුම්කර මගඩි චෝදනාව, පෙබරවාරි 10 පුංචි මැතිවරණ ප‍්‍රතිඵලය සහ විශ්වාසභංගය ඇතුළු මෙකී නොකී හේතු නිසා එතුමාට ප‍්‍රධාන නළුවාගේ භූමිකාව අහිමි වෙනව. දැන් ඒ සදහා තෝරාගෙන තිබෙන්නෙ අනුර කුමාර දිසානායක මහතාය.

නළුවා මාරු කිරීම මගින් ප්‍රේක්ෂකයාට කුණු බිත්තර ප‍්‍රහාරයෙන් බේරෙන්න පුළුවන් බව රෝ සංවිධානයෙ අධ්‍යක්‍ෂ මහත්වරු ඉතා හො`දින් දනිති. ඔවුන්ගේ තීරණය නිවරදි බව බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැනි අය මාධ්‍යට කරන ප‍්‍රකාශ වලින් පැහැදිලි වේ. සමහරවිට එතුමා රගපාන්නෙ නාට්‍ය පිටපතේ තියෙන චරිතයක් වෙන්න පුළුවන්. එතුමලාට උපදෙස් දෙන දයාන් ජයතිලක වැනි මහත්වරු මෙම නාට්‍යයේ රගපානවා පමණක් නොව පිටපත ලියන්නත් දායක වන බවට කිසිදු සැකයක් නැත. දැන් පෙනෙන හැටියට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ භූමිකාව අවසන් ජවනිකාවෙන් ඉවත් කළා විය හැකියි. ඒ වෙනුවට හැකිනම් හිටපු ජනාධිපතිතුමා පසුබිම් කථනයකට හෝ යොදාගන්නට අධ්‍යක්‍ෂවරු උත්සාහ කරන බවටද සැකයක් නැහැ.

එදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ජවනිකාවේදී යොදාගත් සියලූ ශිල්ප ක‍්‍රම 20ටත් යොදා ගන්නා බවට ද සැකයක් නැත. එදා වේදිකාවේ ශිල්ප හරඹ දැක්වූ විජයදාස රාජපක්ෂ නම් වූ සටන් නළුවා මෙදා 20 වැනි සංශෝධන ජවනිකාවේදී දුෂ්ඨයාගේ චරිතයට තෝරාගෙන පේ‍්‍රක්ෂකයා නොමග යැවීමට ද අධ්‍යක්‍ෂවරු උත්සාහ කරනු පෙනේ. දැනටමත් ඔහු සමස්ථ කුමන්ත‍්‍රණය ගැන කතා නොකර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වරද ගැන පමණක් කතාකරන්නේ එහි පෙරහුරුවක් ලෙස බවටද සැකයක් නැත.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමති පරණ කුණු මස් කැබැල්ල ව්‍යවස්ථා උගුල මත අටවන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඊට කොටුකර ගැනීමට බව ඉතා පැහැදිලියි. බන්දුල ගුණවර්ධන මහත්මයාලාගේ බොළද කතා වලින් ඒ බව තහවුරු වෙනව. ඔහු කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එකවිට කරනවානම් 20 වැනි සංශෝධනයට සහාය දෙන බව.

ඒවා ඇසෙන විට ‘‘රෝ ’’ සංවිධානයේ අධ්‍යක්‍ෂවරු සිනාසෙන්නේ කොතනින්ද කියා සිතාගත නොහැකියි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නනම් ජ.වි.පෙ විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතට පළමුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් එය සම්මත විය යුතුයි. ඉන් පසුව එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. නමුත් ජනමත විචාරණයෙන් සම්මත වීම අවශ්‍ය නොවන බෙදුම්වාදීන්ට අවශ්‍ය ඊනියා සුළු සංශෝධන විශේෂ බහුතරයෙන් පමණක් සම්මතකොට ක‍්‍රියාත්මක කිරීමට ඒ මගින් බාධාවක් එල්ලවන්නේ නැහැ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක‍්‍රම දෙකක් තිබේ. පළමුවැන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්කොට තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කිරීමය. දෙවැන්න 20 වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන නැවත සංශෝධනය කොට පාර්ලිමේන්තුව ක්‍ෂණිකව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දීමය. එවිට එම ක‍්‍රියාව ජනාධිපතිවරයාගේ අනුකම්පාවට යටත්වේ. ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා කියන කොන්දේසි දෙක එකවිට ඉටුකිරීමට සක‍්‍රයාගේ පුත‍්‍රයාවන වයිමාටවත් නොහැකි බව කුඩා ළමයෙක්ට වුවත් තේරුම්ගත හැක. නමුත් ඒ කොන්දේසිය ඉදිරියට දමා විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමනම් වූ කුණුමස් කැබැල්ලට අත තබන විට 20 වැනි සංශෝධන උගුලට රටම ගොදුරුවන බව එතුමාට වැටහෙන්නේ නැත. ඒ මගින් අර්බුදයට ලක් වන්නේ එතුමාට ආචාර්ය උපාධිය ලබාදුන් චීන විශ්ව විද්‍යාලය පමණක් නොවේ. සමස්ථ ඒකාබද්ධ විපක්ෂයටම ඊට වගකීමට සිදුවනු ඇත. ඒ පාවාදීම ඔවුන් විසින් කරනු ලබන අවසන් පාවාදීම බවටද විවාදයක් නැත. එය ඒ තරමට බරපතල පාවාදීමකි.

එදා 19 වැනි සංශෝධනය ගෙනඒමේදී මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සදහා 20වැනි සංශෝධනය වහාම ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු විය. නමුත් ඒ පොරොන්දු ඉටු නොවීය. ඒ වෙනුවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත්ව නොතිබූ බරපතල සංශෝධන රාශියක් පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබීය. අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින බෙහෝ මන්ත‍්‍රීවරු එදා බෙහොම අසරණව බලා සිටියහ. මෙදා සිදුවන්නේද එයමය. මෙදා පාර්ලිමේන්තුව විසුරුවි හරින යෝජනාව 20 වැනි සංශෙෘ්ධනය සම්මත කළ විගස ගෙන එන බවට ‘‘කොළ සහ රතු අලි’’ විසින් පොරොන්දු ලබාදෙනු ඇත. සමහරවිට එකකට පසු එකක් සම්මත කිරීම ස`දහා ඒ දෙකම එකවිට ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් විපක්ෂය ගොනාට ඇන්දවීමට ඔවුන් කටයුතු කරනු ඇත. අවසානයේදී විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ජනමත විචාරණයක් දක්වා කල් යන අතර බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන ප‍්‍රමාණය බලහත්කාරයෙන් හෝ විපක්ෂය ගොනාට අන්දවා සම්මත කරනු ඇත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව යහපාලන ව්‍යාපෘතියේ මූලික අරමුණ ඉටුවේ. ඉන් පසුව ප්‍රෙක්ෂකාගාරයේ ගුටිකෙළි මැද රගදැක්වෙන නාට්‍යයේ නළු නිළියන් කවුරු වුවත් එහි ප‍්‍රතිඵල කුමක් වුවත් ‘‘රෝ ’’ අධ්‍යක්ෂවරුන්ට ගැටළුවක් නැත. ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාව සම්මත කළ ත් නොකළත් ඔවුන්ට ප‍්‍රශ්නයක් නැත. 20 වැනි සංශෝධනයට පක්ෂව මිලදී ගන්නා යම් මන්ත‍්‍රීවරුන් තම මන්ත‍්‍රී පදවිය වසර 5 කට පෙර නිම කිරීමට එකග නොවීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වුවහොත් යෝජනාව සම්මත නොවේ. යෝජනාව සම්මත වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා සහ වර්තමාන මැතිවරණ කොමිසම යනුවෙන් හදුන්වන මැතිවරණ කොමසාරිස් යටතේය. එම තත්වය බෙහෝවිට 2015 අගෝස්තු තත්වයට යම් පැතිකඩවලින් සමානවේ. එහි ප‍්‍රතිඵලය කුමක් වුවත් නාට්‍යයේ අධ්‍යක්ෂ වරුන්ට ගැටළුවක් නැත.

මෙම නාට්‍යයේ වෙස් වලාගත් චරිත ර`ග පෑමට ‘‘රෝ ’’අධ්‍යක්‍ෂවරුන් විසින් තෝරාගෙන ඇති විපක්ෂයේ යම් නායකයින් හැසිරෙන ආකාරය තේරුම් ගැනීම පේ‍්‍රක්‍ෂකයාට පහසු නැත. විටෙක ඔවුන් විහිළු කාරයන් ලෙස රගපාන අතර විටෙක වීරයින්සේ කඩුව වනති. නමුත් ඔවුන් එසේ විවිධ චරිත රගපාමින් පේ‍්‍රක්‍ෂකයා ‘‘අන්දවන්නේ’’ ඉන්දු – ඇමෙරිකානු බෙදුම්වාදී න්‍යායපත‍්‍රයට රට ගොදුරු කෙරෙන තෙක් කාලය මැරීමට බව පැහැදිලිව පෙනේ. රට අනතුරට හෙළා බලය ලබා ගැනීමේ එම දුෂ්ඨ උපක‍්‍රමය තුළ ඔවුන් අවසානයේදී රගපාන්නේ දුෂ්ඨයාගේ භූමිකාව බව වැඩිකල් නොගොස් පේ‍්‍රක්‍ෂකයා විසින් තේරුම් ගනු ඇත.

http://198.211.112.164/archives/16683

විපක්ෂ නායක කම ලබා ගැනිම සදහා කල අරගලය අසමත් විමත් සමග පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ සමාජ සවිබල ගැන්වීම, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා නැවතත් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

විපක්ෂ නායකත්වය අල්ලා ගැනිම සදහා එස්.බි කුජිත මෙහෙයුමක් දියත් කල අතර පසුව සුසිල් සහ ඒකාබද්ධ විපක්ෂය අතර විපක්ෂ නායකකම සදහා සන්ධානයක් ගොඩ නැගිමත්,වත්මන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඉවත් කිරිමට කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ තින්දුවක් ගැනිමත් සමග එස්.බි යලිත් ආණ්ඩුවට එක් විමට තීරණය කර ඇති බවයි දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

මේ වනවිට නැවත වරක් ජාතික ආණ්ඩුව හා එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ සාකච්ජා කර ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේ .

දුමින්ද හමුවු එස්.බි පවසා ඇත්තේ අගමැතිවරයාට එරහි විශ්වාසභංග යෝජනාවට සහය පලකිරිමට තමන් මුලසිටම අකමැත්තෙන් සිටි බවත් ජනාධිපතිවරයා මුලදි ඒ සදහා ශ්‍රිලනිප කණ්ඩායම පෙළඹවීම හේතුවෙන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දීමට අවසන් මොහොතේ තින්දු කල බවයි.

16 කණ්ඩායමේ සෙසු පිරිසේ බලවත් ඉල්ලීම හා ඊට ජනාධිපතිවරයා ද එකඟතාව පළකර තිබිම ඊට ප්‍රබල ලෙස බලපෑම් එල්ල කල බවද එස්.බි සදහන් කර තිබේ.

දුමින්ද-චන්ද්‍රිකා මෙහෙයුම….

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, දුමින්ද දිසානායක මෛත්‍රී විරෝධී ස්ථාවරයක කඳවුරු බඳිමින් සිටින බව අප 2017 දෙසැම්බර් 19 වැනිදා අනාවරණය කල අතර පසුගියදා විශ්වාසභංගය බංග විමත් සමග එම කඳවුර ශක්තිමත් වි ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාසභංගය නම් ඉවරය. හැබැයි අර්බුදය නම් ඉවර නැත. අර්බුදය ඉවර වෙන පාටක් පේන්නත් නැත. විශ්වාසභංගය ඉවර වුණාට පස්සේ ලොකු ලොකු අර්බුද ඇතිවෙමින් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේය. ඒවා විශ්වාසභංගයේ අතුරුඵලය. ඇත්තම කිව්වොත් මේ විශ්වාසභංගය හරියට වතුරේ බැහැලා ඉන්න හිප‍පොටේමස් කෙනකු වාගේය. වතුරේ බැහැලා ඉන්න හිප‍පොටේමස් කෙනකු දිහා ගොඩ ඉඳන් බැලුවාම පෙනෙන්නේ හොම්බ විතරය. හැබැයි කිලෝ ගාණක මහා සද්දන්ත සිරුර තියෙන්නේ වතුර යටය. අප්‍රේල් 04 බදාදා ලැබුණු ප්‍රතිඵලයත් හිප‍පොටේමස්ගේ හොම්බ වාගේය. ලැබෙන්න නියමිත ප්‍රතිඵල ටික හිප‍පොටේමස්ගේ වතුර යට තියෙන මහා ලොකු සිරුර වාගේය.

විශ්වාසභංගයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳිලා ඉන්නවා කියන කාරණය දැන් කරළියට ඇවිල්ලා තිබේ. ඒ කියන්නේ විශ්වාසභංගයේදී රැකිලා තියෙන්නේ රනිල්ගේ අගමැතිකම විතරක් නොවේ. රනිල්ගේ පක්ෂ නායකකමත් රැකිලා තිබේ.

රනිල්ව නායකත්වයෙන් එළවන්න ට්‍රයි කරපු බොහෝදෙනකුගේ අපේක්ෂා භංග වන තත්ත්වයක් දැන් දැන් පෙනෙන්න තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලටත් කණකොකා හඬන තත්ත්වයක් දැන් උදාවෙමින් තිබේ. පෙනෙන්න තියෙන විදියට නම් රනිල් හදන්නේ පක්ෂයේ සභාපති හා ‍ලේකම් මාරු කරලා වැඩේ ෂේප් කරගන්නය.

මීට කලින් මේ වාගේම වැඩේ ෂේප් කරගන්න නායකත්ව මණ්ඩලයක් පත් කළේය. රනිල්ව ජාතික නායකයා කළේය. නියෝජ්‍ය නායක ධුර ඇති කළේය. උප නායක ධුර ඇති කළේය. හැබැයි බරවා කකුල එහෙමම තිබුණේය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳලා වැඩක් නැහැ කියලා කිව්වේ මේ වාගේ වැඩ ඒ දවස්වලත් සිද්ධ වෙච්ච නිසා විය යුතුය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම තනතුරු තුන හතරකට අලුත් නම් ටිකක් දාන එක නම් ඒකේ වාසියත් රාජපක්ෂලාට මිස වෙන කාටවත් නොවේ. පක්ෂ නායකකමට තට්ටු වුණොත් ඊළඟට අගමැතිකමටත් තට්ටු වෙන බව අවබෝධ කරගන්න බැරි තරම් රනිල් දේශපාලන අඳබාලයකු නොවේ.තමන්ගේ අගමැතිකමට හා නායකකමට තට්ටු කරන්න හදන අයට ගේමක් නොගහා ඉන්නට තරම් රනිල් අහිංසකයකුද නොවේ. අවසානයේදී කරළියට එන්න නියමිතව ඇත්තේ ගේ ඇතුළේ ගැටුමක් විනා අනෙකක් නොවේ.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පක්ෂ නායකත්වය දීලා පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා හැරෙන්නට යූඇන්පී එකට වෙන කරන්න දෙයක් නැත. 2020 මැච් එක දිනන්න ආසාවක් තියෙනවා නම් කරන්න ඕනෑ ඒකය. හැබැයි 2020දී තවත් රාජපක්ෂ කෙනකු බලයට එනවා දකින්න ආසයි නම් එක්සත් ජාතික පක්ෂය කරන්න ඕනෑ සභාපතිකමයි, ‍ලේකම්කමයි මාරු කරලා නියෝජ්‍ය නායක, උප නායක තනතුරු ටිකක් හදලා කැරලිකරුවන්ව සන්තර්පනය කරන එකය. වෙන්න යන්නේ ඒකද කියලා හිතෙන්නේ නායකත්වයේ වෙනසක් දැම්මම ඕනෑ නැතැයි කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය තීරණය කළා යැයි කියන කතාව ඇහෙනකොටය. ඉතින් එහෙම බලනකොට විශ්වාසභංගය දිනවලා අන්තිමේදී සිද්ධ කරවාගෙන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානවලට කණකොකා හඬවා ගන්න එකය. රනිල්ට පක්ෂව ඡන්දය දුන්න එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරුන්ගෙන් ඒකාබද්ධයේ කට්ටිය අහනවා ඇත්තේ දැන් සැපද කියලාය.

ප්‍රතිසංවිධාන යට ගිහිල්ලා යූඇන්පී එක අගාධයට යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වය දෙකඩ කරලා රාජපක්ෂලා අලුතෙන් ගේමක් ගහලා තිබේ. විශ්වාසභංගයට සහාය දුන්න රනිල් විරෝධී පිල හා විශ්වාසභංගයට සහාය නොදී පැනලා ගිය රනිල්වාදී පිල ලෙස දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිල් දෙකකට බෙදිලා ගහගන්නට පටන් අරන් තිබේ. ඒ අස්සේ මහින්ද තවත් බෝම්බයක් අතහරිමින් කිව්වේ විශ්වාසභංගයට සහාය දුන් අයට තමන් සමග එකතු වෙන්න කියලාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රනිල්ට විරුද්ධව ඡන්දය දුන් 16 දෙනා සහ රනිල්ට විරුද්ධව ඡන්දය නොදුන් 26 දෙනා දැන් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නේ නයින් සහ මුගටින් වාගේය. විශ්වාසභංග යෝජනාව හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉරි තළා ගිහින් තියෙන්නේ රාජපක්ෂලාගේ ගොඩ වැඩි කරමින් සිරිසේනගේ ගොඩෙන් 16ක් වැට උඩට නග්ගමින්ය.

ඇත්තම කිව්වොත් සිද්ධවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රාජපක්ෂලාගේ බලය තවදුරටත් ශක්තිමත් වීමය. ඒ නිසා මේ විශ්වාසභංගයේ සැබෑ ජයග්‍රාහකයා රාජපක්ෂ කඳවුර ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය බවට වීරවංශ දක්වන අදහස ‍ලේසියෙන් බැහැර කරන්න බැරිය. මේ තත්ත්වය නිසා 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පි‍ලේ වැඩි පිරිසක් ‍පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙන්න ඉදිරිපත් වෙන බවට සැකයක් නැත. සුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙනු ඇත. මහා මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව නිසා ජනාධිපතිවරණය කැඳවූ විගස කාට කාටත් තමන් හිටගත්තේ කා එක්කද කියලා තීරණය කරන්න සිද්ධ වෙනවා ඇත. එතැනදී දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිතමුණි සොයිසා, මහින්ද අමරවීර ප්‍රමුඛ පිරිසට ‍පොහොට්ටුවේ අපේක්ෂකයාට විරුද්ධ පිලට සහයෝගය දෙන්නට සිදුවෙනවා ඇත. වර්තමානයේදී දුමින්ද දිසානායකලා, මහින්ද අමරවීරලා, විජිතමුණි සොයිසලා දක්වන අදහස්වලින් ඔවුන්ගේ ඊළඟ නවාතැන පිටකෝට්ටේ පිහිටි බව පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන්ය.

මෛත්‍රීපාලගේ නායකත්වයෙන් පහුුගිය ඡන්දයේදී එක මතයක ඉඳන් එකට වැඩ කළ කණ්ඩායම දෙකට බෙදලා පළුවක් තමන්ගේ පැත්තට නම්මවා ගන්න ඒකාබද්ධය ගහපු ගේම නිසා අද යහපාලන දීගය අවසන් වන තැනට ඇවිල්ලා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාලගේ බලය භාගයකින් අඩුවෙලා තිබේ. 2020 ජනාධිපතිවරණයට ඉල්ලන අදහස අත්හැර ගන්න මෛත්‍රීපාලට සිද්ධවෙලා තිබේ. ඒ වාගේම මෛත්‍රීපාලට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබෙන බව සීයට සීයක්ම සනාථ වෙලා තිබේ. යළි ‍පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම යන කාරණය සිහිනයක්ම වෙලා තිබේ. 2020දී යූඇන්පී-සිරිසේන දීගයකට තිබූ ඉඩ නැත්තටම නැතිවෙලා තිබේ. කෙළින්ම කිව්වොත් ලාංකීය පක්ෂ දේශපාලනයේ බෙදුම් ඉර හරියටම සටහන් වෙලා තිබේ.

2020දී සටන තියෙන්නේ යූඇන්පී සහ යූඇන්පී විරෝධී පිල අතර බව දැන් සක් සුදක් සේ පැහැදිලි වෙලා තිබේ. 2015දී සටන තිබුණේ මහින්ද හා මහින්ද විරෝධී පිල අතරය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද විරෝධය යට යමින් රනිල් විරෝධය හා යූඇන්පී විරෝධය වේගයෙන් උඩට එමින් තිබේ. රාජපක්ෂලාට ඕනෑවෙලා තිබුණේත් ඒ බෙදුම් රේඛාව හරියට ඇඳගන්නය. ඒකට ‍පොඩි බාධාවක් වෙලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පිලය. හැබැයි මේ විශ්වාසභංගය හරහා මෛත්‍රීගේ 16ක් ගලවලා ඩාලි පාරට බෝම්බයක් ගහන්න මහින්දට පුළුවන් වෙලා තිබේ. ඉතින් එහෙම බලනකොට අප්‍රේල් 04 සැබෑ ජයග්‍රාහකයා වෙන කවුරුත් නොව මහින්දය. බලන් ගියාම මහින්ද සිරිකොතටයි, ඩාලි පාරටයි එක පාර ගහලා තියෙන්නේ ‍ලේසි පහසු බෝම්බයක් නොවේ. ඒ වාගේ බෝම්බ හැමෝටම ගහන්නත් බැරිය. ඒකට හේතුව ඒ බෝම්බ මේඩ් ඉන් මැදමුලන වීමය.

සදුන් ජීවන්ත

ලොකයේ දියුණු හැම රටකම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දෙන්නෙ ඒ රටේ බහුතර ජනතාවට තේරෙන භාෂාවෙන් වන අතර එම රටවල පාලකයන්ට රටේ ජනතාවගෙන් සැගවී වැඩ කිරීමට ඒ අනුව අවස්ථාවක් නොලැබේ. නමුත් ලංකාව වැනි යටත් විජිත රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දෙන්නෙ ඉතා සුලුතර ජනතාවකට පමණක් කියවීමට හැකිවන අයුරිනි. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන කටයුතු රටේ බහුතර ජනතාවට ආගන්තුක වෙයි. දියුණු රටවල එසේ නොවේ.

මේ හේතුවෙන් දියුණු රටවල ජනතාව මෙන් නොව ලංකාවෙ බහුතර ජනතාව පාලකයන් සිදු කරන දේවල් දන්නෙ නැත. එහෙයින් පාලකයන් සුපිරි ජන කොට්ඨාසයක් ලෙස ජනතාව සිතති. මන්දයත් පාලකයන් අතින් සිදුවන වැරදි, අසාධාරණකම් ගැන නීතියෙ පිහිට පැතීමට අවසන් අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියවිට එහි කටයුතු සිදුවන්නෙ ජනතාවට තේරෙන භාෂාවෙන් නොව බලවතුන්ට තේරෙන භාෂාවකිනි. දියුණු රටවල මේ වැනි අසාධාරණ තත්ත්වයක් නැති අතර ඒ හෙතුවෙන් පාලකයන් සිදුකරන දේ ජනතාවට නිරාවරණය වී ඇත.

ලංකාව වැනි රටවල බහුතර ජනතාව විදින මේ භාෂා අයුක්තිය සහ අසාධාරණකම් නිසා පාලකයන්ට හිතෙන හිතෙන ආකාරයට දූෂණ සහ වංචා කරමින් නීතිය අවභාවිත කරමින් සත්‍ය ජනතාවගෙන් සගවා ගන්න අවස්ථාව සහ නිදහස ලැබී ඇත. මේ සදහා ආසන්නතම උදාහරණය වන්නේ මහ බැකු බැදුම්කර ගණුදෙනු සම්බන්ධව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරිත්වය යි. දැනටමත් එකී කොමිසමේ වාර්තාව නිකුත්වී තිබුණද ඒ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ එකී කොමිසමේ භාෂා භාවිතය රටේ ජනතාවගේ භාෂා භවිතය නොවීමෙන් පරිවර්තනය කටයුතු සිදුකිරීම අවශ්‍ය වීමය.

ඒ අනුව ගත් විට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දු රටේ ජනතාව තේරුම් ගන්නා ආකාරය සිතා ගත හැකි අතර ලංකාවේ ජනතාව නීතියේ නිදහස අතින් ඉන්නා ඛේදනීය තත්ත්වයත් තමන්ට හිමි නෛතික අයිතිවසිකම් පිළිබද අනවබෝධයේ තරමත් සිතාගත හැකිය.

මේ භාෂා අසාධාරණය නිවැරදි කරගත් දිනයට පාලකයන් සිදුකරන දූෂණ සහ වංචා ජනතාව ඉදිරියේ එළිදරව්වන අතර ජනතාවගේ නෛතික සාක්ෂරතාවයද පුළුල් වෙයි. නමුත් ලංකව වැනි නොදියුණු රටවල පාලකයන් සහ මේ දූෂිත පාලන ක්‍රමයෙන් අයුතු වාසි ගන්නා පුද්ගලයින් මේ අසාධාරණ ක්‍රමය වෙනස් කරන්න අකැමති ය. ඒ සදහා නිදහසට කරුණු බොහොමයක් ඔවුන් සතුව ඇත.

සමහර දේශපාලන පක්ෂ මෙහි ඇති ගැටලුව පංති බේදය කියමින් ප්‍රශ්නය දිගටම තබාගෙන සිටිති.ඔවුන් රුසියාව, චීනය, ජපානය, ප්‍රංශය ,ජර්මනිය වැනි දියුණු රටවල ඉහළම අධිකරණ රටේ ජනතාවට තේරෙන ආකාරයට නඩු තීන්දු ලබා දෙන බව හිතාමතා අමතක කරයි.

පාලකයන් විසින් මේ සිදුකරන අසාධාරණය ජනතාව වටහා ගන්නා තෙක් ඔවුන්ගේ නිදහස මෙන්ම රටේ දියුණුවත් තව ඈතටම යනු ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
2018.04.17

Top