පසුගිය මාර්තු 17 වැනිදා උදෑසන 6 ට පමණ තලවතුගොඩ කිඹුලාවල කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට ඉදිරිපිටදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථ දෙකක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි වැවට වැටුන BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථය එම අවස්ථාවේ පැදවු පුද්ගලයා එජාප මහා ලේකම්වරයාගේ සමිපතම ඥාතියෙකු බවට පොලිසිය අවස්ථා දෙකකදි නම් සහ වාහන අංක දෙකකින් මේ වනවිට සමාජගත් කර අවසන් නමුත් ගෙවිගිය දින කිහිපය තුලදි තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල පිහිටි බිල්ඩිමේම ඉහල මාලයේ City of London Night Club & Karoake Bar තුල සිදුවු දැවැන්ත පරිවර්තනයන් දෙස විමසිල්ලෙන් බැලු විට එජාප මහා ලේකම්වරයාගේ ඥාතියා යැයි කියන පුද්ගලයා දෙවැනි වන්නේ රටක ජනාධිපතිවරයෙකුට පමණක් බව තහවුරු වි තිබේ.

එනම් අදාළ අනතුර සිදුවිමත් සමග දින දෙකක කාලයක් ඉහලින් ලැබුන නියෝගයකට අනුව City of London Night Club & Karoake Bar සමාජ ශාලාව වසා දැමිමට පරිපාලනය කටයුතු කර ඇති අතර පසුව එම සමාජ ශාලාවේ කළමනාකරු වහාම ක්‍රියාත්මක වන පරිදු සේවයෙන් ඉවත් කිරිමටත්, සමාජ ශාලාවේ ආරක්ෂක කණ්ඩායම සම්පූර්ණයෙන්ම ඉවත් කර පසුගිය කාලයේ ඩිල් කරුවන් ලෙස හැදින්වුනු මුහුදු කොල්ල කරුවන්ට අයත් ආරක්ෂක සමාගමකට පැවරිමටත් කටයුතු කර ඇති අතර City of London Night Club & Karoake Bar සමාජ ශාලාව ආරම්භයේ සිටම එහි සේවය කල සමාජ ශාලාවේ සේවකයන් 15 දෙනාද වහාම ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

කතාව තවමත් අවසන් නැත. ඒ තරම් බලපෑමක් කරන්නට තරම් එජාප මහා ලේකම්වරයාගේ ඥාතියා යැයි කියන පුද්ගලයා කවුරුන්ද? නැත්නම් ඇත්ත වහන්න ගොස් ආණ්ඩුව හත් පොළේ නොව විසි හත් පොලකම ගාගෙන අවසන් බවට ලැබෙන සංඥාවක්ද?

අදාල BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථය VVIP පුත්‍රයෙකු විසින් පැදවු බව අප එදින අනාවරණය කල අතර එය තහවුරු වන දිනය වැඩි ඇතක නැත.

ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ රටේ ඒකීය බව ආරක්ෂා කරන ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණ මිස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරන අධිකරණනොවන බව ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පෙත්සම ඇතුළු පෙත්සම්ශ්‍රේෂ්ඨාධිකරණයේකැදවූ අවස්ථාවේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින්  ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට සැළැස්වීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එසේ හෙයින් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් දල ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් දල 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් මිස ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත්නොවිය යුතු බවට සිය පෙත්සමේ කරුණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,12,13,14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවත්, එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රෝමේශ් ද සිල්වා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වන ලදී.

එකී යෝජිත 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමට විධිවිධාන සළස්වා නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ග) ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති පළාතේ මහාධිකරණ සම්බන්ධ විධිවිධාන සමග ගැටීමක් ඇති බවත්, ජනතාගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව සහ 4 (ඇ) ව්‍යවස්ථාව සමග ගැටෙන බවත්, ඒ අනුව  83 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් මගින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීම අනුමත විය යුතු බවත් ඇතුළුව පනත් කෙටුම්පතට එරෙහිව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපාන, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වන ලදී.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින්  ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට සැළැස්වීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවිරෝධීභාවය දක්වමින් වෛද්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දිනේෂ් ගුණවර්ධන, ජී. ඇල්. පීරිස් සහ ජ්‍යේෂ්ඨ නීතීඥ කළ්‍යානන්ද තිරාණගම, ජනිත අබේවික්‍රම, රාජා ගුණවර්ධන යන අය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබූ තිබුණි.

ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විසින් නඩු විභාග කිරීමට එරෙහිවමතු කරන කාරණා නීතියට අනුකූල නොවන බවත්, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමට විධිවිධාන සළැස්වීමක් සිදු කර නැති බවත්,එවැනි මහාධිකරණ පිහිටුවීමට අවශ්‍ය නොවන බවත් ඒවා පිහිටුවීමට දැනටමත් අධිකරණ සංවිධාන පනතේ 2, 4, 9, 12 මගින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළස්වා ඇති බවත්, ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට අදාල කාර්ය පටිපාටිය විධිමත් කිරීම සදහා දැනටමත් පිහිටුවා ඇති මහාධිකරණයට අලුත් නමක් යෙදීමක් මිස ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ පිහිටුවීමක් සිදුකර නැති බව නීතිපති වෙනුවෙන් ඉහත පෙත්සම්වරට එරෙහිව කරුණු දන්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කියා සිටින ලදී. ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමට විධිවිධාන සළැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල කාරණාවක් නොව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මතකළ හැකි පනත් කෙටුම්පතක් බව ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ, ජනාධිති නීතීඥ සාලිය පීරිස් කරුණු දකවන ලදී.

ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට විධිවාධාන සැළැස්වීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදී නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මැදිහත්වන පෙත්සම්කරුවෙකු ලෙස කරුණු ඉදිරිපත් කරමින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමක් යෝජිත පනත් කෙටුම්පත මගින් අපේක්ෂා නොකරන බවත්, ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේම අධිකරණ ශාලවක දැනටමත් නීතිය පිළිගෙන ඇති අද්මිරාල්ති අධිකරණ, විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ, ජුරි සභාව සහිත අධිකරණ මෙන්ම නම් කරන ලද තවත් එක් මුල් අවස්ථා මහාධිකරණයක් පමණක් බවත් කරුණු දක්වන ලදී. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානේ 154.(ග) ව්‍යවයස්ථාව මගින් පළාතේ මහාධිකරණය පිහිටුවා ඇති බවත් ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කළ 1990 අංක 19, 1996 අංක 10 සහ 2006 අංක 54 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත් සැළකීමේදී සහ ඒවායේ පූර්විකාව අධ්‍යයනය කිරීමේදී අලුත් මහාධිකරණ පිහිටුවීමක් අපේක්ෂා නොකළ බවත් එකී පනත් මගින් සිදුකර ඇත්තේ 154.(ග) ව්‍යවයස්ථාව මගින් පිහිටුවා ඇති පළාතේ මහාධිකරණවලට අභියාචනා කිරීම ඇතුළු කාර්යපටිපාටිය දක්වා තිබීම බවත් ඒ නීතිඥ මහතා කරුණු දක්වන ලදී.

ඒ අනුව සැළකීමේදී ද 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට විධිවිධාන සැළැස්වීම සාමාන්‍ය නීතීයක් සංශෝධනය කිරීමක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට සිදුකරන බලපෑමක් නොවන බවත් විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 ව්‍යවස්ථාව මගින් දක්වා ඇති “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යන්න මැනවින් ආරක්ෂා කරමින් මේ කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත් මෙයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් රටේ ඒකීය බවට එරෙහිව කරුණු දක්වනවාද? යන සැකය ඇති වන බවත්  නීතීඥ අරුණ ලක්සිරි උණවටුනශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

විශේෂයෙන් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කර ඇති ජී. ඇල්. පීරිස් හිටපු ඇමතිවරයා 2000 වර්ෂයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ බවත් එහි ඒකීයබව ඉවත්කර එක්සත් යන්න ඇතුළත් කර ඇති බවත්, එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුමුපතේ 146 වගන්තිය මගින් මෙතෙක් පැවති පැවති ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය යන නම ඉවත්කර පළාත සදහා පිහිටුවනු ලැබූ මහාධිකරණය යන නම ඇතුළත් කර තිබූ බවත් ඒකීය බව ව්‍යවස්ථාවෙන් ඉවත්කර එක්සත් යන්න ඇතුළත් කර තිබූ බවත් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කරන ලදී. මෙම ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට අදාල‍ මෙම පනත් කෙටුම්පත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ව්‍යවස්ථාවක් උල්ලංඝනය කරන්නේ නැති බවත් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

පාර්ලිමේන්තුව නීති පනවමින් මැතිවරණවලට තරග කිරීමේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට නීති පනවා තිබුණත් මෙවැනි ජනතාවට ඉතා වැදගත් නඩු කටයුතුවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට කාන්තා නීතිඥවරියන් ඉදිරිපත් වීමේ විශාල අඩුවක් ඇති බවත්, විශේෂයෙන් මෙම ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට අදාලව පක්ෂව හෝ විපක්ෂව එකම කාන්තා නීතිඥවරියක් ශ්‍රේෂ්ඨාධිකරණය අමතා නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනතාවගේ සහ නීතීඥවරුන්ගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමට විශාල වැඩකොටසක් කිරීමට තිබියදී රටේ සිදුවන ආර්ථික අපරාධ වැළක්වීමට නඩු විභාග කිරීමට යන ත්‍රි පුද්ගල මහාධිකරණවලට විරුද්ධ වීම සද්භාවයෙන් කළ ක්‍රියාවක් නොවන බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

මෙම විවාදය 2018 මාර්තු මස 22 වැනි දිනද ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේ පැවැත්වෙන අතර අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රී පුද්ගලවිනිසුරුමඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වේ.

lankanewsweb.today අධිකරණ වාර්තාකරු ….

Published on: Mar 20, 2018- 2020 ජනාධිපති සටනට හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක පොදු අපේක්ෂකයා ලෙස ඉදීරිපත් විමට සුදානමක් පවතින බැවින් ඔහුට එක්සත් ජාතික පක්ෂය අත්හැර යැමට නොහැකි වන ලෙස තනතුරක් ලබාදිමට කටයුතු කලයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝජනාවක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

2020 ජනාධිපතිවරණයේදි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම සදහා රනිල් පාර්ශවය සහ මහින්ද පාර්ශවය වෙන වෙනම මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටින අතර ඒ සදහා එජාපය හරහා වැඩි ඉඩක් ලැබි ඇත්තේ 2010 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු සරත් ෆොන්සේකා ට වන අතර ඒ අනුව සරත් පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කලහොත් ශ්‍රිලනිපය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තොරා ගැනිමට ඉඩ ඇති බවත් වැඩි දේශපාලන අත්දැකිම් සහ යුධ ජයග්‍රහණයේ 50% -50% බෙදි යැමත් විශේෂන්ම සුලු ජාතික ඡන්ද සරත් ෆොන්සේකා තොරා ගැනිමත් හේතුවෙන් පහසුවෙන්ම ජයගැනිමට හැකි වනු ඇති බවද එජාපයේ රනිල් පිළේ අදහස වි තිබේ. සියල්ලටම වඩා මේ වනවිට අලු යට නලියමින් තිබේන එජාප නායකත්ව ගිනී පුපුරු ඉවතට පැමිණිම නතර කර ගැනිමට හොදම විකල්පය සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස පෙන්විම බවයි රනිල් පිළේ අදහස වි ඇත්තේ.

පසුගිය දිනකිහිපය තුල රනිල්ගේ සිවිල් සංවිධාන බලකාය එලියට දමා ජනාධිපතිවරයා පතොලයෙකු ලෙස සමාජ ගත කිරිමට මාධ්‍ය හරහා විවිධ දේශන පැවැත්විමට කටයුතු කල අතර එහිදි “යහපාලන” ආචාර්ය දඹර අමිල හිමියෝ මෛත්‍රී පතුරු ගැසිමට කටයුතු කල අතර මේ වනවිට සරත් ෆොන්සේකා 2020දි ජනාධිපති අපේක්ෂක කරවිමේ සටනේ මුලිකයා ලෙස දඹර අමිල හිමියෝ කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

අනාගත එජාප නායකයා අනාත කල කමිටු වාර්තා…..

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහා ලේකම් ඇතුළු සියලුම ප්‍රධාන තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය විය යුතු යැයි, එම පක්ෂයේ ප්‍රතිසංවිධානය කෙසේ සිදු විය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවා ප්‍රකාශයට පත් කළ යුතු බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන කමිටුව එසේ කළොත් අනාගතයේදී පැහැදිලිව සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව ඇති වන අවබෝධය නිසා පාක්ෂිකයින් අතර තිබෙන සැක සංකා,අවිනිශ්චිතා සහ තර්ක විතර්ක පහව යනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියි.

කෙසේවෙතත් අනාගත පක්ෂ නායකත්වයකට සිහින මවමින් රනිල්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාර දියත් කල සජිත් ප්‍රේමදාස මේ වනවිට පක්ෂයේ නායකත්වය සියතට ගැනිමට පස්සා ගසමින් සිටින බව වාර්තා වේ.ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ රනිල්ගේ කමිටු වාර්තා හරහා පළාත් පාලම මැතිවරණයට පෙර අනාගත නායකයා පෙන්වා එජාප පාක්ෂිකයින්ට සීනී බෝල බෙදා පසුව පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකි විමෙන් පසුව එය දඩමිමා කර ගනිමින් අනාගත නායකය අනාත කිරිමට රනිල් කැස කවමින් සිටින් බව සජිත් පිළේ මතය වි තිබේ.

“යහපාලන” ආචාර්ය දඹර අමිල හිමියෝ….

“ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මේකට. ඇත්තටම අද දෙකයි පහනේ, පතෝල වර්ගයේ ජනාධිපතිවරයෙක් ඉන්නේ. හරිම කණගාටුයි. අපි ලෝකේ කොහෙවත් දැකලා නෑ මේවගේ පජාත ජනාධිපතිවරයෙක් ඒ කියන්නේ කොන්ද පණ නැති, දෙකයි පනහේ,පතෝල කරල වගේ ජනාධිපතිවරයෙක් ඇත්තටම කියනවා නම්. රටේ නීතිය පවත්වගෙන යාම ප්‍රධාන වගකීමක්. ඒක එයාට කරන්න බැරිනම් යන්න කියල කියන්න තියෙන්නේ. කරතොත් කරපං හරියට නැත්නම් පලයං අහකට කියලා.මුළු රටම විනාශ කරනවා. මුළු රටටම පිළිලයක් වෙලා තියෙන්නේ අද. රට පජාත වෙන තැනට පත් කරලා තියෙනවා. ජාතික සමගිය වනසන තැනට පත් කරලා තියෙනවා.එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා. කතාවට නම් හරිම දක්ෂයි. නමුත් ක්‍රියාමාර්ග ගන්න බැරි කොන්ද පණ නැති පාලකයෙක්. ”

http://198.211.112.164/archives/17671

ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද? ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්‍රේක්‍ෂකයො නයි නැටුම නටලා. මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ගම්වලත් ජනවර්ග සිටීම. සිංහල බෞද්ධයන් පමණක් හිටිය, එහෙමත් නැත්නම් වෙනත් සංස්කෘතීන්වල බලපෑමක් නොතිබුණු, අසන්නට නොමැති වුණු ගම්වල සිංහල බෞද්ධ කියන සංකල්පයට වැදගත් තැනක් තිබුණෙ නැහැ. එහෙත් දැන් හැම තැන ම සිංහල සංස්කෘතියට විරුද්ධකම් ඇති වෙලා. ඒ ගැන බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ගමෙත් සිංහල බෞද්ධකමක් ගැන අද හැඟීමක් තියෙනවා. නැති කම්කරු පංතියක් ගැන හිතමින් කම්කරු පංතියට ඊනියා පංති විඥානය ගෙන ගොස් කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බටහිර චින්තනයේ මාක්ස්වාදී ප්‍රවාහයේ දීන දාසයන්ට නම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පමණයි. ඒත් ඔවුන්ට ඒකෙ කිසිම නිර්මාණයක් කර ගන්න බැහැ.

සිංහල බෞද්ධයන් ඉන්දියාවට සුබ පතනවා ඇති. ඒ අස්සෙ පුටින් දිනලා දැන් ඔහු හතරවැනි වතාවටත් ජනාධිපති. 2024 වන තුරු ඉන්න පුළුවන්. මෙරට 2019 ජනාධිපති කවුද? එතෙක් ජනාධිපති ක්‍රමය තියේවි ද? ජෙනීවාහි දී ඉන්දියාව අපට පක්‍ෂ වේවි ද? ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රෝ ඔත්තු සේවයේ අය සිටිය ද? සිංහල බෞද්ධයන් සිද්ධියෙන් සිද්ධියට යන පිරිසක්. සැලසුමක් නැහැ. සමස්තයක් ගැන හිතන්නෙ නැහැ. අර විශ්වාසභංගයට මොකක් ද වෙන්නෙ. ජ වි පෙ ඒකට අත්සන් නොකරන්න හේතුවක් හොයා ගෙන. හොරුන්ට විරුද්ධව රනිල් කිසිවක් නොකළ නිසා ඔහු ගැන විශ්වාසයක් නැති බව කියන්නලු. ජ වි පෙ නයා පෙන්නන්නෙ කාට ද? රනිල්ට වෙන්න බැහැ. මහින්ද කියනවා විශ්වාසභංගෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ ආණ්ඩුවෙ නිලතල ගන්නෙ නැහැ කියලා. ඒ මොකද? ඊට පස්සෙත් තියෙන්නෙ රනිල්ගෙ ආණ්ඩුවක් ද? එහෙම නැත්නම් 2019ට එහෙමත් නැත්නම් 2024ට සූදානම් වෙන්න ද? ඒ වන විට පුටින් කොහොම වෙතත් මෛත්‍රිපාල දේශපාලනයෙ ඉඳියි ද? ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංගෙ දිනයි ද? හැමෝම එකතු වෙලා දිනන්න උත්සාහ කරාවි ද? ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රනිල් ක්‍රියා කරයි ද?

කොහොමටත් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගෙන. ඒ තරගාවලියෙ අවසාන තරගයට එන්න ලංකාවට බැරි වුණා. මේ නිදහස් කුසලාන ලංකාවෙ ඊනියා නිදහසට හැත්තෑවසරක් පිරීම නිමිත්තෙන්. අප එහි අවසාන තරගයෙනුත් ඉවත් වෙලා. අප මහත්වරුන් නිසා අපේ නිදහස් කුසලාන ඕන කෙනෙක් ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා අප හිතුව ද? හතුරුසිංහ මහත්මයෙක් ද? අර කුමා මහත්මයෙක් ද? මගෙන් අහන්න එපා මොන කුමාද කියලා. සුද්දන්ට නම් ඔහු මහත්මයෙක්. ඔහුගෙ නම කුමාර්. ඒක ඉන්දියන් නමක්. එය ඉංගිරිසියෙන් ලියලා ශබ්ද කරන කොට ආර් ශබ්දය නැති වෙලා කුමා කෑල්ල විතරක් ඉතිරි වෙනචා. ඉන්දියන් කාරයො නම් ආර් හොඳට ශබ්ද කරනවා. සුද්දන් කියන්නෙ දිව රෝල් කරලා ශබ්ද කරනවා කියලා. ඉංගිරිසියෙන් පවර් කියන එක ශබ්ද වෙන්නෙ පව(අ) කියලා. ඒක අපේ පවක් ද කුමාගෙ පවක් ද? නැත්නම් ඉන්දියාවෙ පවක් ද? මටත් කුමාර් කෑල්ල තියෙනවා. ඒත් කවුරුන්වත් මට කුමා කියන්නෙ නැහැ. ජ වි පෙ සම්භවයක් තියෙන අය නම් මට නලින්ද කියනවා. ඒ නලින් කියන එකට ද සිල්වා කියන එකෙ ද කොටස එකතු කරලා. ජ වි පෙ හරි නිර්මාණාශීලියි.

අපට හුඟක් දේ ඉන්දියාවෙන් හරි ඒ ප්‍රදේශයෙන් හරි ලැබිල තියෙනවා. ඒත් ක්‍රිකට් ලැබුණෙ එංගලන්තෙන්. සමහරු කියනවා ක්‍රිකට් එංගලන්තෙට ලැබුණෙ ප්‍රංශෙන් කියලා. ඉංගිරිසි කාරයො ඒකට නම් කැමති වෙන එකක් නැහැ. ඒ ඔවුන් මහත්වරු හින්ද? ඔවුන් අදාළ ඊනියා මුලාශ්‍ර ඔවුන්ට වුවමනා අන්දමට සකස් කර ගෙන ක්‍රිකට් එංගලන්තෙ ම ඇති වුණු බව පෙන්නාවි. මේ මූලාශ්‍ර සෙල්ලම ඉංගිරිසින් ගණනාථගෙන් ඉගෙන ගත්ත ද නැත්නම් ගණනාථ ඒක ඉංගිරිසින්ගෙන් ඉගෙන ගත්ත ද? ක්‍රිකට් මහත්වරුන්ගෙ සෙල්ලමක්ලු. අද භාෂාවෙන් නම් ගේමක්.

ක්‍රිකට් ලංකාවට පුරුදු කෙළෙ රාජකීය විදුහල. පහුගිය දා රාජකීය ශාන්ත තෝමස් 139 වැනි තරගය පැවැත්වුණා. ඒ තරගයට එන විදුහල් දෙකේ ම ආදි ශිෂ්‍යයො මස්ටන්ග්ස් මඩුවට එකතු වෙනවා. මඩුව කිව්වට තරහ වෙන්න එපා. ඕන නම් සිංහලෙන් ටෙන්ට් එක කියලා කියන්න. එක් සිංහල මහාචාර්යවරයෙක් එක කියන නාම පදය වර නගලා පර්යේෂණ පත්‍රිකාවක් ලියලා තියෙනවා. මොන තරම් ශාස්ත්‍රීය අධ්‍යයනයක් ද? මස්ටන්ග්ස් මඩුවට මෙවර අවුරුදු සියයක් පිරුණා. ඒ සම්බන්ධයෙන් කේක් ගෙඩියක් ද කපලා තියෙනවා. ඒක කපලා තියෙන්නෙ රනිල්. ඔහු මහත්මයෙක්. ඒකට මහින්ද සාක්‍ෂි කියාවි. මා කියන්නෙ බටලන්ද ගැනවත් හොරු ඇල්ලිල්ල ගැනවත් නො වෙයි.

මෑතක් වන තුරු ක්‍රිකට් ක්‍රීඩා කෙළේ මහත්වරුන්. ඒ කියන්නෙ ඔවුන් වෘත්තියක් ලෙස ක්‍රීඩාව සැලකුවේ නැහැ. ටික කලකට පෙර මහත්වරුන් හා ක්‍රීඩකයන් අතර තරග පැවැත්වුණා. ඒත් දැන් ක්‍රිකට් අනෙක් ක්‍රීඩා වගේ ම වෘත්තියක් වෙලා. අර කුමාගෙන් අහන්න. දැන් මහත්වරුන් ක්‍රිකට් ක්‍රීඩාවෙ නැහැ. එවැනි මහත්වරුන් ඉන්නෙ ක්‍රීඩා විචාරකයන්ගෙ ඊනියා විස්තර ප්‍රචාරවල.

බංග්ලාදේශීයයන් අපට නයි නැටුම පෙන්නුවා. කී දෙනකු අප නටවලා තියෙනවා ද? අප දන්නෙ නයි අරින්න. බංග්ලාදේශ ක්‍රීඩකයන් මහත්වරුන් නොවෙයි කියලා වැඩක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙ මුදලට ක්‍රීඩා කරන වෘත්තිකයන් මීිස මහත්වරුන් නැහැ. සිංහලයන්ගෙ ජානවල වංග ජාන 25%ක් පමණ තියනවළු. විජය ආව කියන්නෙත් වංගයෙන්. ඔළිඳ තියෙන්නෙත් බංගලිදේශයෙ. ගෙනත් හදන්නෙ සිංහල දේශයෙ. ඔය හැම තැන ම තියෙන දේ ගෙනත් හදන්න සිංහල දේශය සුදුසුයි. අප මෞර්යය අශෝකගෙන් ලැබුණු බුද්ධාගම රැක බලා ගත්තා. ඉංගිරිසින්ගෙ ක්‍රිකට් රැක බලා ගන්නවා. එංගලන්තෙන් ක්‍රිකට් නැතිව ගියත් ලංකාවෙ ක්‍රිකට් තියේවි. අපි ඊයෙ ඉන්දීය ධජය වැනුවා. ඉන්දියාව අපට 13+ වනනවා. එට්කා වනනවා. ඉන්දියන් චිත්‍රපටි, වෙළෙඳ දැන්වීම් නැතිව අප රූපවාහිනි නාළිකා පවත්වගෙන යන්නෙ කොහොම ද? අපේ ශාස්ත්‍රීය නිර්මාණ ගැන මොනව කියන්න ද?. බුදුදහමටත් කිසිවක් එකතු කර නැහැ. පඬියකු කියන්න පුළුවන් බුදුදහමට එකතු කරන්න දෙයක් නැහැ කියලා. ඕනම නම් අපි බුද්ධාගම කියලා කියමු. අපි ශීල්පීය වශයෙන් නම් නිර්මාණ කරලා තියෙනවා. අපි නැටවෙන අතර නයි අරිමු.

Published on: Mar 19, 2018 – රටේ ජනතාව වෙනුවෙන් ඉටුකල යුතු සිය වාර්තාකරණයේ වගකිම් අමතක කරමින් ආණ්ඩු ආරක්ෂා කිරිමට වලිකන වෙබ් සහ සමාජ ජාලා ආරක්ෂකයින් ලෙස පෙනී සිටින මාධ්‍ය සංවිධාන වලට කණේ පහරක් දෙමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ කොළඹදි රැස්වු බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

පසුගියදා ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් වත්මන් ආණ්ඩුව කල අත්හදා බැලිම සම්බන්ධයෙන් සහ ඒ ඔස්සෙ ගොඩනැගෙන අනතුර සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර වෙබ් සහ සමාජ් ජාලා ක්‍රියාකාරින් දඩමීමා කරගනිමින් විවිධ සංවිධාන බිහිකරමින් එ හරහා විවිධ වරප්‍රසාද ලබන කණ්ඩායම් පිළිබඳවද දැඩි ලෙස එහිදි විවේචනයට ලක්ව තිබේ.

පසුගියදා අත්හදා බැලිමක් ලෙස සමාජ ජාලා අවහිර කල වත්මන් යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව ඉතාම ඉක්මනින්ම රටේ අතිශය වැදගත් අවස්ථාවක රටේ ජනතාවගේ ජනමතය කුඩු පට්ටම් කර දැමිම සදහා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැනුවත් කිරිම් සහ නව මානයන් සහිත දැනුවත් කිරිමේ ක්‍රමවේදයන් හදුනා දිමට සාකච්ඡා කර තිබේ.

කවර ආණ්ඩුවක් යටතේ හෝ වුවත් “සීමා,මායිම් නොමැති වර්තාකරණයේ සමාජ වගකීම” ලෙස සලකා දේශපාලන බද්ධ විමකින් තොරව වෙබ් අඩවි හා බ්ලොග් අඩවි මෙන්ම සමාජ ජාලා ක්‍රියාකාරින්ට එල්ල විය හැකි අනතුරු හදුනා ගැනිමටත් එයට මුහුණ දිමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇති කිරිමටත්,රටේ ජනතාවට තොරතුරු දැන ගැනිමට ඇති අයිතිය පරම අයිතිය ලෙස සලකා ඒ සදහා ඇති පහසුම සහ ප්‍රබලම මාර්ගය වන වෙබ්,බ්ලොග් සහ සමාජ ජාලා ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ගැනිමටද සාකච්ඡා කර තිබේ.

ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම් සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරණ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

Published on: Mar 17, 2018- අද(මාර්තු 17) උදෑසන 6 ට පමණ තලවතුගොඩ කිඹුලාවල කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට ඉදිරිපිටදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථ දෙකක ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි වැවට වැටුන BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථයේ ඇත්ත කතාව වසන් කිරිම සදහා ජනාධිපති මාධ්‍ය එකකයේ කටු කන සුනඛයන්ගේ අසීමාන්තික උත්සහයන් නිසාම ඒ පිළිබඳව සත්‍ය සහ නිවැරදිම කතාව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර තිබේ.

අදාල BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථය VVIP පුත්‍රයා විසින් පැදවු බවත් ඊට අදාළ සියලුම සාක්ෂී අප සතුව තිබේන බවත් අප කතාව ආරම්භයේම සටහන් කර තබන අතර මීට පෙර 2016/10/09දා කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කිරීම සම්බන්දයෙන් වූ CCTV දර්ශන රටේ ජනතාව වෙත මුදා හැරීමට අප කටයුතු කල අකාරය මතකයේ තබා ගනිමින් VVIP පුත්‍රයා නීතියට හිස නවා ජනතාව ගොනාට ඇන්දවිම වහාම නතර කල යුතු බවද අප තරයේ අවධාරණය කර සිටිමු.

අද(මාර්තු 17) උදෑසන 5 පසුව ඇති අවස්ථාවක අධික ලෙස බිමතින් පැමිණී VVIP පුත්‍රයා තමන් පදවමින් ආ BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථය මෝටර් රථ දෙක හප්පවමින් ගොස් තලවතුගොඩ කිඹුලාවල කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට වැවට වැටුන අතර ඊට අදාළ රිය අනතුර කීල්ස් සුපිරි වෙළඳ සැලේ ආරක්‍ෂිත කැමරා වල සටහන් වී ඇති අතර, මේ සිද්ධියෙන් විනාඩි කිහිපයක් අතුලත VVIP පුත්‍රයාගේ  ආරක්ෂකයන් අදාල CCTV දර්ශණ සියල්ලම මකා දැමු අතර රිය අනතුර සම්බන්ධයෙන් බලවත් මුස්ලිම් ව්‍යපාරිකයෙකු  සම්බන්ධයක් ඇති බවට පුවත්ක්ද ප්‍රචාරය කර හැරිමට කටයුතු කර තිබේ.

VVIP පුත්‍රයා ගියේ කොහේද?

තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල පිහිටි බිල්ඩිමේම ඉහල මාලයේ City of London Night Club & Karoake Bar) නමින් කැරොකේ සමාජ ශාලාවක් ඇති අතර රුසියානු කාන්තාවන් විශාල සංඛාවක් සහිත එම සමාජ ශාලාවට නිරන්තරයෙන් දේශපාලන පුත්තු යන්නේ රුසියානු පහස් ලබා ගැනිම සදහා වන අතර ඊයේ රාත්‍රීයේ VVIP පුත්‍රයා ද එම ස්ථානයට ගො ඇති අතර අද අලුයම 5.36ට පමණ අදාල BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථයි එම ස්ථානයෙන් එලියට ගත් අතර එම වාහනයට නැග්ග සියලුම දෙනාගේ CCTV දර්ශණ ඇති අතර එම දර්ෂණයන්ට අනුව VVIP පුත්‍රයා ද එම ස්ථානයේ සිටින බව තහවුරු වි තිබේ.

ඊයේ රාත්‍රියේ 11ට පමණ එම ස්ථානයට VVIP පුත්‍රයා අදාළ මෝටර් රථයෙන් පැමිණි අතර ඔහුට ආරක්ෂාව සපයමින් 8 දෙනෙකුගෙන් යුත් මෝටර් බයික් ආරක්ෂයන් එම ස්ථානයට පැමිණි අතර සමාජ ශාලාවට ඇතුල් විමේදි ඊට අදාළ CCTV දර්ශණ පටිගත නොවන අකාරයට කටයුතු කිරිම සදහා සම්පූර්ණයෙන්ම එම පද්ධතිය අක්‍රීය කර දමා තිබේ.නමුත් උදෑසන ඉවතට පැමිනේන සහ අදාළ මෝටර් රථයට VVIP පුත්‍රයා ගොඩවන අයුරුත් එය වේගයෙන් පදවා ඉවතට ගන්නා අයුරුත් පැහැදිලිව දක්නට තිබේ.

අද අලුයම 2 පමණ් වනවිට සමාජ් ශාලාව තුල VVIP පුත්‍රයා සමග තවත් තරුණයෙකු බහින්බස් විමක්ද සිදුව ඇති අතර පසුව එම තරුණය උදෑසන 3 පමණ සමාජ ශාලාවෙන් ඉවත්ව ගොස් තිබේ.පසුව උදැසන 5.30 පමණ VVIP පුත්‍රයා තරහින් ඉවතට පැමිණ ඇති අතර තනියම BMW I8 වර්ගයේ අතී සුඛෝපභෝගි මෝටර් රථය රැගෙන වෙගයෙන් ඉවතට ගොස් තිබේ. ඒ සමගම අනතුර සිදුව තිබේන බව CCTV දර්ශන මගින් තහවුරු තිබේ.

අනතුර සිදුවු වහාම VVIP පුත්‍රයාව සිය මෝටර් බයික් ආරක්ෂක බලකාය විසින් ඉවතට ගත් අතර වහාම ඔහු එම ස්ථානයෙන් ඉවත්කිරිමට කටයුතු කර තිබේ.කෙසේවෙතත් අනතුර හේතුවෙන් VVIP පුත්‍රයාගේ දණිස් ප්‍රදේශයේ සහ වැලිමිට ප්‍රදේශයේ තැලිම් ඇතිව ඇති අතර ඔහුගෙ පපුව ප්‍රදේශයේද තැලිමක් හටගෙන තිබේන අතර මේ වනවිට VVIP පුත්‍රයා හොංකොං බලාගොස් ඇත්තේ ප්‍රතිකාර ගැනිමට බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රීයේ VVIP පුත්‍රයා සමාජ ශාලාවේ බිල් එක ඔහු සමග ගිය ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු විසින් හරහා ගෙවා ඇති අතර එම මුදල  දෙලක්ෂ දහසය දහස් හැත්තෑවක් (216070.00) වන අතර ඊට අදාළ සාක්ෂී සහ CCTV විඩියෝ අප සතුවද ඇති අතර එම අනාවරණය කිරිමට පෙර අදාළ VVIP පුත්‍රයා තමන්ගේ වරද පිළිගැනිමට කටයුතු කරන්නේද යන්න අප බලා සිටිමු.

අදාළ BMW I8  වර්ගයේ මෝටර් රථය ලියාපදිංචි වි ඇත්තේ අදාළ VVIP පුත්‍රයාගේ සමාගමකට වන අතර අද සවස තලංගම පොලිසියට පැමිණි ඔහු විසින් ලබාදුන් කට උත්තරයටද අනුව මෝටර් රථයේ නියම උරුමක්කාරයා හදුනාගත් හැක.

මෙම සිද්ධිය සම්බන්ධව තලංගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ඇත.බලවත් මුස්ලිම් වියාපරිකයකු මෙම සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන ගොස් තිබෙන අතර, ප්‍රභල මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාති සම්බන්ධතවයක්ද පවතීන බවට ජනාධිපති මාධ්‍ය එකකයේ ලපයි සිපයි කොලු ගැටයන් ගන්නා උත්සහය සම්බන්ධයෙන් විනාඩි කිහිපයක නිහඬතාවයික් අප දක්වන අතර බොරු  කියන්නට ගොස් හත්පොලේ ගා ගත් හැටි අමතකනම් Clique Club සිදුවිම යලිත් මතකයට නගා ගන්නා ලෙසටද අප ඉල්ලා සිටිමු.

අමතක වු ඉතිහාසය යලී මතකයට 

http://198.211.112.164/archives/13705

වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හදුන්වන මේ දිවයින වර්ෂ 1815 දී ගිවිසුමක් මගින් එංගලන්ත කිරීයේ අණසකට යටත් කරගත් අතර පසුව 1818 කැරැල්ලත් සමග ස්වදේශිකයන්ගේ නිදහස තවත් අහිමි විය. එදා සිට ආරම්භ කළ නිදහස් අරගල ප්‍රතිඵලයක් ලෙස 1948 දී ඩොමීනියන් නිදහසත්, 1972 දී එංගලන්ත රාජාධිකරණයෙන් නිදහසත් ලබා ගත්තේ ය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි. එමෙන්ම 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. ඒකීය යන්න රටේ පැවැත්ම සදහා බොහෝ වැදගත් බව ශ්‍රී ලාංකිකයෝ බහුතරය සිතති. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඉහත ඒකීය යන්න ඉවත්කරගෙන සන්ධීය/ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උනන්දුවන සහ අරමුණ කරගත් බලවන්තයින් පිරිසක් ඉන්නා බවද රහසක් නොවේ. ඔවුන් සිය අරමුණු එනම් ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගැනීම සදහා දක්ෂ සහ සූක්ෂම උපක්‍රම භාවිතා කරති. මේ ලිපිය ලියවී ඇත්තේ එකී දක්ෂ සහ සූක්ෂම භාවිතයන් කිහිපයක් හදුනාගැනීමට උදව් කිරීමටත් එහිදී ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිමින් බෙදුම්වාදයට රැකුල් දෙන් අය කවුද? යන්නත් හදුනාගැනීමට හැකි වේ.

4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළත් කිරීමට කටයුතු කරමින් ඒකීය බවට නීතිමය බලපෑම සිදුකළ පළමු අවස්ථාව…..

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් බව දක්වා ඇත. එසේ වුවත් 2000 පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ ආණ්ඩුවේ අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා වූ ජී. ඇල්. පීරිස් ඇමතිවරයා 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්චින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතේ ඉහත ඒකීය යන්න ඉවත් කර තිබුණි.

එමෙන්ම ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර එක්සත් යන්න ඇතුළත් කරගත් නීතිමය ලියවිල්ලක් වූයේත් ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ය.

ඉහත 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ශ්‍රීලංකාවේ ඒකීය බව අහිමිකරන ව්‍යවස්ථා ගණනාවක් ඇතුළත් කර තිබුණි. ඒ සම්බන්ධව දීර්ඝ ලෙස මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකළද වැදගත් ව්‍යවස්ථා කිහිපයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සංසන්දනය කරමින් සාකච්ඡා කර ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් ඒකීය රටක පවත්වන මැතිවරණ දක්වා ඇති අතර 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථා මගින් ඒකීය යන්න ඉවත් කළ එක්සත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පවත්වන මැතිවරණ දක්වා ඇත. එය තවත් හොදින් අධ්‍යයනය කිරීම සදහා එකී ව්‍යවස්ථා පහත දක්වා ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මෙසේ ය. (ඒකීය රටක පවත්වන මැතිවරණ 3ක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇත.)

4 (ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදිඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දීද, සෑම ජනමත විචාරණයක දීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.

  1. මතු දැක්වෙන විධිවිධාන අනුව ඡන්ද බලය අහිමි වේ නම් මිස, සෑම තැනැත්තෙක් ම ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීසහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දීඡන්ද හිමියකු වීමට හෝ යම්කිසි ජනමත විචාරණයක දීඡන්දය දීමට හෝ සුදුස්සෙක් වන්නේ ය:

එසේ වුව ද, එවැනි කිසිම තැනැත්තකුට ඔහුගේ නම උචිත ඡන්දහිමි නාමලේඛනෙයහි ඇතුළත් කර ඇත්නම් මිස ඡන්දය දීමට හිමිකම නොලැබිය යුත්තේ ය.

 

  1. ජනරජයේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම සඳහා ද, ජනමතවිචාරණවල දීද, ඡන්දය දීම නිදහස්ව ද, සමානව ද, රහසේ ද, විය යුත්තේ ය.

ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් ඒකීය රටක පවත්වන මැතිවරණ 3ක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇත. එනම් ජනමතවිචාරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඒකීය රටක පිළිගෙන ඇති මැතිවරණය 3 වේ.

ඒකීය යන්න ඉවත් කර තිබූ ජී. ඇල්. පීරිස් ඇමතිවරයා 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී පවත්වන මැතිවරණ මගින්ද රටේ ඒකීය බව බිදහෙළා ඇති බව සනාථ වේ. එනම් ඒකීය බව බිද හෙළන පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා මැතිවරණ බව එකී 2000දී යෝජනා කර  තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ දක්වා තිබුණි. ඒ මෙසේ ය.

2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල ඇතුළත් නමුත් 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   පළාත් සභා මැතිවරණය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2.1 බෙදුනු තීරණය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් පිළිගෙන නැති පළාත් සභා මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා මැතිවරණ බව තීරණය කර ඇත. එකී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2.1 බෙදුනු තීරණය වෙනත් පූර්ණ විනිශ්චය සභාවකි ඉදිරියේ නැවත සාකච්ඡා කළ යුත්තේ ඒ සම්බන්ධ විවාදයේ දී 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල විධිවිධාන සාකච්ඡා කිරීමක් කර ඇති බව‍ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ නොදැක්වෙන බව 2017 සැප්තැම්බර් 19 දින හැන්සාඩ් වාර්තාව අනුව පැහැදිලිවන හෙයිනි. (මේ සම්බන්ධව වැඩි දුර හැදෑරීම සදහා කර්තෘ විසින් රචිත 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළු කිරීමෙන් රටේ ඒකීය බව බිද වැටෙයිද?කෘතිය කියවන්න. (ISBN 978-955-98639-6-0)

ඒ අනුව ඒකීය බව පිළිබද පෙනී සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ඒකීය බව අහිමි කර තිබූ 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල ඇතුළත් ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අර්ථ දක්වමින් තිබේ. එය ඒකීය රටක පැවැත්මට බරපතල තර්ජනයකි.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් මුල් අවස්ථා ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ කොළඹදී නඩු විභාග කිරීමද රටේ ඒකීය බව ආරක්ෂා කිරීමකි…..

මහාධිකරණයක් යනු මුල් අවස්ථා අධිකරණයකි. මහාධිකරණ පිහිටුවා ඇත්තේ අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ය. එවැනි මහාධිකරණවලින් රටේ ඒකීය බවට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තර්ජනයක් එල්ල කරන්නේ නැත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා ඇති මහාධිකරණය යනු අධිකරණ සංවිධාන පනතෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ගැනෙන මහාධිකරණයක් නොව අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය සහිත පළාතේ මහාධිකරණ වේ. එනම් පළාත් සභා සහ පළාතේ මහාධිකරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පිහිටුවන අධිකරණ වූ හෙයින් එවැනි ආයතන පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් වූ හෙයින් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දය තිබිය යුතු බවට පළාත් සභා සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ 5.4 බෙදුනු තීරණයෙන් පිළිගෙන තිබුණි.

ඉහත නීතිමය කාරණා ගැඹුරෙන් හැදෑරීමේදී/ අධ්‍යයනය කිරීමේදීඅධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ගැනෙන මහාධිකරණ කොළඹ පිහිටුවීමට එරෙහිවිය හැක්කේ ඒකීය බවට එරෙහි වන්නන්ට බව පෙනීයයි. වාණිජ මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ දී නඩු විභාග කරමින් රටේ ඒකීය බව මැනවින් ස්ථිර කරදීදී සහ ආරක්ෂා කරද්දී අල්ලස් සහ දූෂණයට අදාලව ආර්ථික අපරාධවලට අදාල නඩු පමණක්, පවතින නීතිය යටතේ කෙළඹදී මුල් අවස්ථා මහාධිකරණයකදී නඩු විභාග කරවිමට එනම් මුල් අවස්ථා ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ  මගින් නඩු විභාග කරවීම වරදක් වන්නේ හෝ රටට එරෙහි වීමක් වන්නේ කෙසේද? යන්න විසදා ගත යුතුය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුනB.Sc(Col),PGDC(Col)

E Mail : arunaunawatuna@gmail.com

ජනාධිපතිවරයා ජපානවාසී ශ්‍රී ලාංකිකයන් හමුවූ ටෝකියෝ සමුළුවට බොදුබල සේනා නායකයා සහභාගි වූ බව ජනාධිපති කාර්යාංශය විසින් තහවුරු කර තිබේ.

ජපාන රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද “සුහද හමුවක්” සඳහා ගලබොඩඅත්තේ ඥානසාර හිමි ද සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

“ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සිංහල නිවේදනයේ සඳහන් වෙයි.

මිට අමතරව බොදු බල සේනා මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කරමින් ඥානසාර හිමිගේ සහභාගිත්වය තහවුරු කර තිබේ.

උපුටා ගැන්ම බොදු බල සේනා මාධ්‍ය අංශ නිවේදනය 

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගමික කටයුත්තක් සඳහා ජපානයට වැඩම කර සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ජපාන සංචාරයක නියැලෙමින් සිටියි.

ජනාධිපතිවරයා, එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සහ භික්ෂුන් වහන්සේලා හමුවූ අවස්ථාවකට ඥානසාර හිමි ජපානයේ වැඩ වාසය කරන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමක් මත, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිද සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ ලබාගත් චායාරූප බාවිතා කරමින් ජනාධිපතිවරයා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද එක්ව සිටි බව හුවාදක්වමින් මඩ ව්‍යාපාරයක් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ද පිරිසක් විසින් අන්තර්ජාල මාධ්‍ය තුල දියත් කරමින් ඇත.

උපුටා ගැන්ම අවසන් 

මෙවැනි මඩ ප්‍රචාර බොදු බල සේනා සංවිධානය විසින් දැඩිව හෙලා දකින අතර එවැනි නොමග යවන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

කෙසේවෙතත්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් පළ කොට ඇති නිවේදන වල දැක්වෙන පරිදි බොදුබල සේනානායකයා සහභාගි වී ඇත්තේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසන රැස්වීමකටය.ජනාධිපතිවරයා විසින් ලාංකික ප්‍රජාව අමතන රැස්වීමෙන් අනතුරුව සුහද හමුවක්ද සංවිධානය කර තිබූ බව තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්ය වරයාගේ ආරාධනයෙන් එහි ගිය මුල් පෙලේ ව්‍යාපාරිකයකු ගගන හා ප්‍රකාශ කර තිබේ.

ඊට පෙර ජනාධිපතිවරයා බෞද්ධ භික්ෂුන් වහන්සේ සමග පමණක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ගිය සතියේ ජනාධිපතිතුමාට බැන්න කෙනෙක් එක්ක දැන් එකට ඉන්නේ කොහොමදැ,” යි සැම දෙනාම පාහේ විමසූ බව පවසමිනි.

ටෝකියෝවේ ඉම්පීරියල් හෝටලයේ දී දෙවැනි මාලයේ පිහිටි බෝටන් ශාලාවේ මාර්තු 13 අඟහරුවාදා රැස්වීමට කැඳවමින් ශ්‍රී ලංකා තානාපති වරයා විසින් පෙබරවාරි 24 දින යවන ලද ආරාධනා පත්‍රයේ සඳහන් පරිදි සහභාගිවන්නන් පූර්ව ලියාපදිංචිය සඳහා තම විස්තර ලබා දිය යුතුය.

සය දින රාජ්‍ය සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපතිවරයා ලාංකික ප්‍රජාව හමුවන අවස්ථාවට ආරාධනා ලද පිරිස අතර උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට සම්බන්ධ බවට චෝදනා ලබන ගලබොඩඅත්තේ ඥානසාර ද සිටිනු දැකීමෙන් ශ්‍රී ලංකික ව්‍යාපාරික ප්‍රජාවේ පිරිස් කම්පාවට පත්වූ අයුරු මීට ඉහත ගගන විසින් වාර්තා කර තිබුනි.

“එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටී.

ජනාධිපතිගේ ජපන් සංචාරයේ පරිවාර දූත මණ්ඩලයට ඇතුලත් වන්නේ කවුදැයි එම නිවේදනයේ සඳහන් නොවේ.

පසුගිය දින කිහිපය තුළ මහනුවර පේ‍්‍රදේශය මුල් කරගෙන රටේ යම් යම් ස්ථානයන්හි ඇති වූ කලහකාරී සිදුවීම්වල වන්දිය දේපළ වලින් පමණක් නොව ජීවිතවලින්ද ගෙවීමට සිදුවතිබීම ඉතාම අවාසනාවන්ත හා ඛේදනීය මෙන්ම ඉතා පිළිකුලෙන් හා අප‍්‍රසාදයෙන් බැහරකළ යුත්තකි. මේ සිද්ධිය සිද්ධිදාමයක නවතම අවස්ථාව බව අප කවුරුත් ඉතා හොදින් දන්නා කරුණකි. පසුගිය වසර කිහිපයතුළ අලූත්ගම ගිංතොට අම්පාර ආදි ස්ථානයන් පසුකොට අවසානයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක නොසන්සුන්තා ඇතිවීම දක්වා ව්‍යාප්ත වූ සෑම සිද්ධියක්ම ඉතා සියුම්ව ණුවනින් පරීක්‍ෂාකර බැලීමෙන් තහවුරු වන්නේ සිද්ධියේ මුල් පාර්ෂවකරුවන් මුස්ලිම් ජාතිකයන් වීමයි. යම් සිද්ධියක මුල්පාර්ෂවකරුවන් ඔවුන් වූ පලියෙන් සිංහල ජාතියට හෝ වෙනත් පාර්ෂවයකට නීතිය අතට ගෙන කුමන අන්දමකින් හෝ හැසිරීමේ අයිතියක් රටක් වශයෙන් නැත. ඒ පිළිබද අපට විවාදයක් නොමැත. අරාජික රටක් රාජ්‍යක්තුළ නීතියේ ආධිපත්‍ය බිදවැටෙන සෑම මොහොතකදීම නීතිය පිළිබදව මිනිසුන්තුළ ඇතිවන අවිශ්වාසය ස්වභාවිකවම වනචාරි කැලෑනීතිය දක්වා මිනිසුන් රැගෙන යාම මෙම සෑම සිද්ධියකදීම අපි ඉතා හොදින් දකිමු.

සිද්ධීන් ලෙස ඒ ඒ සිද්ධි සමාලෝචනය කිරීමෙන් හුදෙක්ම සිංහල ජනතාව ඒ සිද්ධිවලට මූලබීජ නොසපයා ඇති බව ඉතා පැහැදිලිය. බෞද්ධ ආභාෂයේ සුළගින් වෙලීගත් මේ දිවයිනේ ඉතිහාසය පුරාවටම සිංහලයා ප‍්‍රචණ්ඩත්වයට හෝ අරගලකාරි ස්වභාවයකට පොළඹවා ඇත්තේ තවත් දෙස් විදෙස් ආක‍්‍රමණකාරී කල්ලි කණ්ඩායම් විසිනි. සිංහලයාගේ ඉවසීම පරීක්‍ෂාකරන්නට යත්න දැරූ බොහෝ කණ්ඩායම් වැඬේ වරද්දවාගෙන ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරණු ඇත. එමෙන්ම සිංහලයා යනු එළ වූ සිහි ඇතිව කටයුතු කරන ජාතියක් බව ඓතිහාසිකව සෑම අවස්ථාවකදීම මැනවින් ඔප්පුකොට ඇත. ඒ සදහා එක් සරල උපහැරණයක් පමණක් ගෙනහැර දක්වනු කැමැත්තෙමු. සාමාන්‍යයෙන් නිරන්තරයෙන් ලෝකය පුරාම සිද්ධ වන්නේ රටක ප‍්‍රධාන ජාතිය විසින් ජාතිකව හෝ ආගමිකව පීඩනයට ලක්කරන්නෙත් ලක්වන්නෙත් එරට වෙනත් සුලූජනවාර්ගිකයන්ය. එය ලෝක ස්වභාවය වුවද අපේ රටේ සිදුව ඇත්තේ එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තයි. රටක යම් යම් සුවිශේෂී සිද්ධීන් වෙනුවෙන් කොමිෂන් සභාවක් පත්කොට කරනු ලබන පරීක්‍ෂණයක් යනු අගතියට පත් පාර්ෂවය වෙනුවෙන් කරනු ලබනඋපරිම සාධාරණයක ස්වභාවයයි. පසුගිය ආසන්න දසක හය-හත ඇතුළත පමණක් සිංහල බෞද්ධයන්ට සුළු ජාතින්ගෙන් සිදු වූ අගතීන් වෙනුවෙන් එවන් කොමිෂන් සභා කිහිපයක්ම පත්කොට කරුණු වාර්තාකොට ඇත. නමුත් අවාසනාවට ඒ ඒ කොමිෂන්වල නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමට කිසිම රජයක් කටයුතු කොට නැත. සුළු ජාතින්ගෙ අඩතෙට්ටම්වලට ලක්වෙමින් නිහඩව සිටීම යම් පාර්ශවයකට නිවටකමක් සේ වුවද හැගෙන්නට පිළිවන. සහජීවනය සංහිදියාව සිංහලයට උගන්වන්න එන කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුත්තේ එය වනාහි බෞද්ධ ආභාෂයෙන් සිංහලයන් ලද ඉවසීමේ අති උත්කෘෂ්ඨ මානව හැදියාව බවයි.

සිංහල මුස්ලිම් ගැටුම් දක්වා වර්ධනය වූ සැම සිද්ධියකම මූලාරම්භය හුදෙක්ම පුද්ගලික කාරණාවන් බවට සෑම සිද්ධියකම පසුවිපරමෙන් මනාව පැහැදිලි කරමින් ඒ පිළිබදව වගකිවයුතු පාර්ෂවයන් කරුණු දක්වන අයුරු අප දුටුවෙමු. සැබවින්ම එම ගැටුම් ඇතිවීමේ මූලික හේතු පුද්ගලික කාරණාවන් නම්,රටම භීතියෙන් අලවන තත්වයට එම සිද්ධීන් දෙපාර්ෂවයක ගැටුම් බවට පත්වන්නේ කෙසේද ? අප ඉතා ගැඹුරින් හා ඉතා සියුම්ව විමසා බැලියයුත්තේ මෙන්න මේ කාරණාවයි.යම් සිද්ධියක් සිද්ධවූ පසු කාලයාගේ ඇවෑමෙන් තත්වය සමනයට පත්කොට අලූ යට ගිණි සේ මොනයම් මොහොතකදී හෝ එම ගිණි පුපුරු මහා ගින්නක්ව පැන නගින්නේ මන්ද යන්න පිළිබදව කිසිදු රජයක් හෝ වගකිවයුතු පාර්ෂවයක් නිසි ලෙස විග‍්‍රහකර නොගන්නේ නොතේරෙනකම නිසා නොව. තම තමන්ගේ බලලෝභි අවස්ථාවාදි පටු අරමුණුවලට සිදුවන වාසි අවාසි ගැන සලකාබලාය.යම් රටක ජීවත්වනප‍්‍රධාන ජාතිය හා ආගමිකයන් මෙන්ම අනෙක් කොටස් තම තමන් නියෝජනය කරන ජාතිය හෝ වර්ගයා වෙනුවෙන් පෙනී සිටීම හෝ ඒ වෙත නැඹුරු වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් අනෙකාගේ සියලූ දුක්ඛ දෝමනස්සයන් තමාගේ කරගනිමින් ඒ වෙනුවෙන් ඇප කැප වන අන්දමට පරාර්ථකාමීත්වයෙන් පිරුණු සමාජයක් අද දක්නට නැත. එසේ වුවද ජාතිකත්ව පදනම මත සිංහල සමාජය අද දැඩි අවිශ්වාසයකට සැකයකට මෙන්ම පීඩනයකට ලක්ව ඇත. අතීතයපුරාවටම සිදු වූ පරිදිම සෘජවු හා වක‍්‍රව දේශීය හා විදේශීය මෙන්ම බාහිර හා අභ්‍යන්තර වශයෙන් ඉතා සියුම් හා කූට ලෙස රට ජාතිය ශාසනය ආක‍්‍රමණකාරී ග‍්‍රහණයකට සෑම අංශයකින්ම නතුවන බවට විශාල දෙගිඩියාවකින් සිංහල සමාජය පසුවෙති. ඒ අතරෙනුත් මුස්ලිම් සමාජය දෙස ඇති සැකය හා අවිශ්වාසය අනාදිමත් කලක පටන් ක‍්‍රමිකව වර්ධනයවූවක් බව නොරහසකි. අතීතයට සාපේක්‍ෂව වර්තමානයේ මුස්ලිම් සමාජයේ සෑම අංශයකම නැගී සිටීම ආක‍්‍රමණකාරි මානසිකත්වයක් දක්වා වැඞී වර්ධනය වන්නට ලෝක දේශපාලනය තුළ උච්චාවචනය වන තත්වයන්ද සෘජුව බලපානු ලබයි. තාක්‍ෂණික දියුණුවත් සමග උත්සන්නව ඇති මාධ්‍ය මෙවලම් හා මාධ්‍ය භාවිතය තුළින් ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් සමාජයේ සියලූ ක‍්‍රියාකාරකම් මැනවින් දකින සිංහල සමාජය අනාගත බියකින් තැතිගනිති. ලෝකයේ ඉස්ලාම් අන්තවාදයට සාපේක්‍ෂව මේ රටතුළ කෙමෙන් කෙමෙන් වහබ්වාදි අන්තවාදි ක‍්‍රියාකාරම් හා හැසිරීම් පෙරට වඩා වර්ධනය වන අයුරු ඉතා පැහැදිලිය. රාජ්‍යක් බිහිවීමට පාදක වන මූලික අනන්‍යතාවයන් අරාබි වසන්තයට සාපේක්‍ෂව දැන් දැන් අපේ රටේ ස්ථාපිත වී ඇත.

ආර්ථික ආධිපත්‍ය තමන්සතු කරගන්නට ඔවුන් කරන කූට ක‍්‍රමෝපායන් අද සාර්ථක වී ඇත. වරාය වැනි රටේ ආර්ථික මරමස්ථාන නොයේක් ආණ්ඩු සමයේදී ඔවුන් සතුව පැවතීමේ අනිටු විපාකයන් ලෙස ස්ථානගත වූ නිළධාරීන්ගේ සහයෙන් බදු රහිතව රටට තුළට භාණ්ඩ පැමිණීමෙන් රජයට සිද්ධවන පාඩුව වගේම ඔවුන් නතුකර ගන්නා ආර්ථික ආධිපත්‍ය ඉස්ලැමික් බැංකු (ශරියා බැංකු*පද්ධති හරහා තවදුරටත් තහවුරු කරගනිති. එම ආර්ථික සවිශක්තියත් සමග රටේ වාණිජමය වටිනාකම් සහිත බොහෝ නගර අද රටේ ප‍්‍රධාන ජාතියෙන් ගිලිහි ගොස් ඇත.භූමියේ අයිතිය අහිමිවන තැනදී රටක් අහිමිවන බව අද සිංහලයාට මනාව අවබෝධ වී ගොස් ඇත. එපමණක් නොව උතුරු නැගෙනහිර පළාත් මුල්කරගිමින් වෙනම කලාප ලෙස ගොඩනැගෙන නසරිස්ථාන් සෆරිස්ථාන් ආදිය මෙන්ම විල්පත්තු ආදි ජාතික වනාන්තර හෙළිකොට එක රැුයෙන් ඉදිවෙන විශාල ජනපදකරණය වැනි සාධකයන් සිංහල සමාජය භිතියට පත්කර ඇත්තේ සිංහලයට ලෝකයේ ඇති එකම රටත් අහිමිවේයැයි යන බලාපොරොත්තුව පමණක් ඔවුන්ට ඉතිරිකරමිනි.

එපමණක් නොව මේ රටේ සංස්කෘතිය හාඓතිහාසික පසුබිම අභිබවා යමින් රටේ ප‍්‍රධාන සංස්කෘතියට අභියෝගාත්මකව අගෞරව කරමින් වෙනම පිරිසක් ලෙස මුස්ලිම් සමාජය මහ සමාජයෙන් වියුක්තව ගොඩ නැගෙන්නට දරන ප‍්‍රයත්නයේ ප‍්‍රධාන සාදක ලෙස ආගමික අතින් ගත්තද ආහාරයන්ට පමණක් සීමාවී ඇති හලාල්කරණය හුදු ව්‍යාපාර ලෝකයේ ප‍්‍රමිතියක මට්ටමින් ආක‍්‍රමණකාරි ලෙස හා කූට ලෙස ව්‍යාප්තව ඇත්තේ සමස්ත සිංහල සමාජයම ගොනාට අන්දමිනි. පසුගිය කාලයේ ඇතැම් සිංහල බෞද්ධ සංවිධානයන් හලාල් විරෝධී තේමාව තමන්ගේ භුක්තියේ අයිතියට පවරාගනිමින් වගේම අවශේෂ සංවිධානද හලාල් විරෝධී සටනේ විචාරශීලිව යෙදි සිටිබව අප දනිමු. එවකට සමාජයේ දැැඩි කතාබහකට මග පාදපු ප‍්‍රධාන මාතෘකාවක් බවට හලාල් සටන පත්ව තිබිණ. ඇතම් ජාතිකවාදි සිංහ හම් පොරවා ගත්තවුන් ඒ සටන අතරමගදි පාවදීම වෙනමම කතාබහකි. එය එසේ වුවද සාමාන්‍ය ජන සමාජයෙ මතකයෙන් එය අදටත් දුරස් වී ගොස් නැත.

මීට දසක කිහිපයකට පෙර දක්නට නොලැබූ පරිද්දෙන් ඉස්ලාම් කාන්තාවන් ප‍්‍රමුඛ මුස්ලිම් සමාජය ඇදුමෙන් පවා සිය බෙදුම්වාදි අන්තවාදය පතුරුවමින් අරාබිකරණයකට කෙමෙන් කෙමෙන් අපේ රට අරගෙන යන අන්දම ඉතාම පැහැදිලිය.මෙම තත්වයන් පවතිනතාක් ව්‍යාජ සංහිදියාවකට පමණක් ඉඩකඩ ඇත. ඇමරිකාව වැනි රටවල රටේ ඉතිහාසය සංස්කෘතිය ආදි අනන්‍යතාවයන් පිළිබද අවබෝධය හා ඒවාට එරෙහිව නොයාමේ ගිවිසගැනීම් මත පුරවැසිභාවය පිරිණමනු ලබයි.ඒ අතින් ගත්කළ අපේ රට අද අනාථයින්ගේ වෛශ්‍යා මඩුවක් වී ඇත. මේ භූමියේ ජාතක වූ පලියෙන් හෝ කූට ලෙස සංක‍්‍රමණය වූ පලියෙන් පුරවැසිභාවය පිරිනොනමා වහාම පුරවැසි පණතක් තුළින් විධිමත් පුරවැසිභාවයක් පිරිණැමියයුතුය.

මුස්ලිම් ජනගහන වර්ධන වේගය සිංහල සමාජය අතිශයින් අනාගත බියකට ලක්කරන කාරණාවක් වී ඇත.ඔවුන් එසේ ජනගහන වර්ධනය කරගන්නා අතරතුර සිංහල ජනගහනය සංකල්මය අතින් සීමාවී ඇති මොහොතක භෞතිකවද සීමා කරන්නට කළ හැකි සියලූ ක‍්‍රමෝපායන් සිද්ධ කරන බවට පසුගිය කාලයේදී රටේ නන් දෙසින් විටින් විට තහවුරු වූහ. ඒ අනුව වද පෙති, වදඑන්නත්, ආහාර ඇදුම් පැළදුම් ආදියට එක් කළ නානාප‍්‍රකාර සැකසහිත ද්‍රව්‍යයන් ආදි මෙකි නොකී ක‍්‍රම මගින් ඔවුන් දරන තිරශ්චීන උත්සාහයට සාක්‍ෂි හමුවූ මොහොතක අම්පාරෙ වද පෙති සම්බන්ධයෙන් කලබලවීම බැලූ බැල්මට සාධාරණ බියකි. වදවීමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ සීඝ‍්‍රයෙන් වදවෙන ජාතීන්ගේ මුල් ස්ථාන10 නියෝජනයවන මොහොතක තමන් උපන් බිමේදිම ජාතියක් වනසා දැමීමේ මහා පාපකර්මය දෙස නිවටව නියාලූවනිහඩව බලා නොසිට සිංහලයා තම ජාතිය වෙනුවෙන් නැගී සිටීම ජාති වාදයක්ද? ලෝකයේ අතිබහුතරයක් රටවල ස්වදේශික භුමිපුත‍්‍රයන් වරප‍්‍රසාද භුක්ති විදිද්දි සිංහලයා පමණක් උපන්බිමේ අනාථයන් වෙමින් සිිංහලයන්ව ඉපදීම කරුමයක උරුමය බවට පත්ව ඇත. මේ නියතබිය පවතිනතාක් කල් ව්‍යාජ සංහිදියාවකට දරන ප‍්‍රයත්නය වනාහි කලයක් මුනිනත හරවා ජලය වක්කිරීමක් වැනි වගේම ආයාසයෙන් බෝලයක් ජලයේ ගිල්වා තබාගන්නාක් වැනිය.එනිසා වහාම ජනගහන පාලනයට මෑතකලීනව මියන්මාරයේ කළා සේ නව නීති සම්පාදනය කළයුතුය.

නගරයක් නගරයක් පාසා කිසිදු වග විභාගයකින් තොරව ඉදිවෙන පල්ලි ආගමේ නාමයෙන් ඉදිවන අනාගත ත‍්‍රස්ථකදවුරු ගානට පත්ව ඇත. විශේෂයෙන් ආගම ඇදහීම එකම කාරණාව නම් ඒ සදහා ප‍්‍රදේශයට සරිලන පරිදි එක් ස්ථානයක් තිබීම ප‍්‍රමාණවත්ය. නමුත් ඇතම් නගරාශ‍්‍රිතව හා ප‍්‍රධාන ස්ථානයන්හි හතුපිපෙන්නාක් මෙන් ඉදිකර ඇති හා ඉදිවෙමින් පවතින පල්ලි හා නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි නගරය හා අනෙක් නගර තනිකරම අරාබි මානසිකත්වයෙන්ම ගොඩ නගා ඇත. රටේ ජන සංයුතියේ පදනම මත විමසා බැලූවත් මෙහි සත්‍යය ස්වභාවය වටහාගත හැක.

ව්‍යාජ ශ‍්‍රී ලාංකිකත්වයක් පිළිබද පුරසාරම් දොඩමින් සිංහලයා මත පමණක් ශ‍්‍රි ලාංකිකත්වය බලහත්කාරයෙන් පටවන්නට උත්සාහ දරන බොහො දෙනාට නොපෙනෙන යථාර්තය නම් ඒ උත්සාහය වනාහි නාම මාත‍්‍රිකව පවා සිංහල ජාතිය මේ මිහිතලයෙන් මුලිනුපුටා දැමීම බවයි. සිංහල දෙමළ ඉංග‍්‍රිසි භාෂා ත‍්‍රිත්වය මේ රටේ ව්‍යවහාර භාෂා ලෙස අතිශයින් ප‍්‍රමාණවත් මොහොතක ආරාබි භාෂාව ප‍්‍රවර්ධනය කිරීමට මුස්ලිම් සමාජය දරන උත්සාහ පිටුපස ඇති අරමුණ ඉතා සැක සහිතය. අදවන විට බොහො නාමකරණයන් සදහා කිසිදු සම්බන්ධයක් හෝ අදාළත්වයක් නැති අරාබි බස බහුලව යොද ගනු දැකිය හැකිය.මේ රට යම් දිනක අරාබියක් කිරීමේ මූලිකාංග කොවෙද මේ? අරාබිය ඉගැන්වීම සදහා වෙනමම වූ පාසැල් ආයතන මෙන්ම රජයේ අනුග‍්‍රහයෙන් විශ්වවිද්‍යාලයන් ආදිය තුළද සුවිශේෂි පහසුකම් සපයා දී ඇත.

සිංහල ජනතාව අවම පෙදෙස්වල පිහිටි බෞද්ධ පුදබිම් අද වන දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ අද මෙහෙම නම් අනාගතයේදී කවර නම් තත්වයක් උදා වේද යන කුතුහලය නිතැතින්ම අපතුළ ඇති කරමිනි. ඒ අතරතුරත් අති බහුතරයක් වූ බෞද්ධ පුරාවස්තු ඉතා අවාසනාවන්ත ලෙස මේ අන්තවාදී කණ්ඩායම් සුණු විසුණු කොට ඇත. ශේෂ වී ඇති ස්ථානයන්ද දිනෙන් දින ටිකෙන් ටික වනසා දමනු පෙනෙන්නේ බලධාරීන් ද මුනිවත රකිද්දීය. කූරගල, දෙවනගල, මුහුදුමහ විහාරය, කිරින්ද, ආදි ස්ථාන මෙන්ම මෙම මුස්ලිම් අන්තවාදය බෞද්ධයන්ගේ හදවත වන් ජය ශ‍්‍රී මහා බෝ සමිදුන් පෙනෙන නොපෙනෙන මානයේ පවා පල්ලි ඉදිකරන්නට තරම් ආක‍්‍රමණශීලි වූ බව කිසිවෙක් අමතක නොකළ යුතුය. එයින් නොනැවතී ජේතවානාරාමය අසල දහම් පාසැලක මුවාවෙන් අටවා තිබූ ස්ථානය මෙන්ම අදටත් නොවිසදුණු දඹුල්ල ප‍්‍රශ්නය ආදියද ප‍්‍රමුඛ උදාහරණයන්ය.

මේ ලක්ධරණීතලය සිය නිජභූමිය කරගනිමින් සංස්කෘතිය හා සදාචාරය ගොඩනැගු ජාතිය ලෙස සිංහලයන් ශතක ගණනාවක් තිස්සේ තමන්ගේ මාතෘ භූමියේදිම උපන් බිමේ අනාථයන් වෙමින් නානාප‍්‍රකාරයේ පරසතුරු උවදුරුවලට මුහුණ දී ඇත. එසේ මුහුණ දෙමින් වුවද මනුෂ්‍යත්වයේ නාමයෙන් ආගන්තුක සත්කාර්යයට හා සහනශීලිත්වයට සහජයෙන් දක්වන නැඹුරුතාවය නිසාම අන්‍ය ජාතිකයන් අන්‍යාගමිකයන් රටතුළ කෙමෙන් ස්ථානගතව අදවන විට වැඞී වර්ධනය වීරට පුර ව්‍යාප්තව ඇත. අන්‍යයන්ට සිංහලයා ගරු නොකරන්නේ නම් එය එසේ වන්නට කිසිසේත් ඉඩක් නොමැත. තමන්ගේ අසල්වැසියා ආක‍්‍රමණිකයෙක් ලෙස සැක කරන්නට තරම්වත් උත්සුක නොවූ සිංහලයාට අදවනවිට අත්ව ඇති ඉරණම ඛේදනීයයිවගේම ශෝචනීයයි. නමුත් තරයේ සිහිතබාගත යුත්තක් අද පැන නැගී ඇත. තමන්ගේ ගමේ, නගරයේ, රටේ ජීවත් වන අන්‍යජාතිකයා පිළිබදව ඇති හැගීම ආක‍්‍රමණිකයෙක් , තර්ජිතයෙක් යන්න නම් ඒ හැගීම පවතිනතාක් කවර නම් සංහිදියාවක් ජාතිය හා ජන වර්ග අතර ඇති කරන්නද? එනිසා බලධාරීන් සියලූ පාර්ෂවයන්ගේ මැදිහත්වීමෙන් උගුරට හොරා බෙහෙත් පානයට උත්සාහ නොකර ඇත්ත ඇති සැටියෙන් දැක අන්තවාදි ආක‍්‍රමණකාරි ක‍්‍රියාකරකම්වලින් මුස්ලිම් දෙමළ සමාජය ඈත් කිරීමට යත්න දැරියයුතුය.

මෙකී නොකී සියලූ කරණු කාරණාවන්හි සන්දර්භය සමස්තයක් ලෙස මැදහත් සිතින් විමසා බැලීමෙන් අසමගියට අසහනයට අසංහිදියාවට හේතුවන සැක සංකා පැහැදිලිය. ඵලයට උත්තර නොසොයා ඵලය හේතුවෙන්ම වනසා දැමිය යුතුය. නැතිනම් කිසිදිනක අලූයට ගිනිපුපුරු මහා ගින්නක්ව ඉස්මතු නොවන්නේ යැයි කාටනම් කියහැකිද? සිද්ධියක් වූ සැණින් මහා සංඝරත්නය හා පූජක පක්‍ෂය කැදවා බලධාරීන් පවත්වන සාකච්ඡුා වනාහි ඇටිකෙහෙල් කාපු උගුඩුවන්ගේ ක‍්‍රියාකාරිත්වය හා සමානය. මන්ද සිද්ධිය කාලයාගේ ඇවෑමෙන් යටපත් වූ පසු ඒ ඒ අය තම තමන්ගේ වැඩකටයුතුවල සුවසේ සුපුරුදු පරිදි හැසිරෙති. එනිසා මෙම සෑම පාර්ෂවයක්ම නම්‍යශීලිව හා ඉතා විනිවිධව හා විවෘතව සංවාදකොට සිංහල ජාතිය හා අනෙක් ජන වර්ග අතර සැබෑම සංහිදියාවකට හා සහජීවනයකට බාධකවන හේතූන්ට උත්තර සෙවියයුතුය.

 

පූජ්‍ය. මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
මහ ලේකම්- සිංහලේ

Published on: Mar 15, 2018- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාව සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීභාවය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එසේ හෙයින් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් විය යුතු බවට සිය පෙත්සමේ කරුණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත්   කේටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවත්, එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට ජනාධිපති නීතීඥවරයා කරුණු දක්වා ඇත.

නීතීඥ සංගමයේ සභාපතිවරයා සිය පෙත්සමෙන් මතු කර ඇති එකී 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට දක්වා ඇති පෙත්සම පහත සදහන් නීතිමය කreණුහේතුවෙන් පිළිගත නොහැකි සහ හෝ නීතියට පටහැනි සහ/හෝ නීතිය නොමග යවාගෙන ඉදිරිපත් කර ඇතිපෙත්සමක් බවට අරුණ ලක්සිරි උණවටුන විසින් මැදිහත් වීමේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කreණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සංගමයේ සභාපතිවරයා කියන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවට වන නීතිමය තත්ත්වය නිවැරදි නොවන බවත්, එමෙන්ම යෝජිත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තවත් එක් මුල් අවස්ථා අධිකරණයක් බවත් එහි නඩු කටයුතු විභාග කිරීම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි වන එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නම් වර්තමාන නීතිය යටතේ පවතින මුල් අවස්ථා අධිකරණවල සිදු වන නඩු කටයුතු පවා බලවත් අර්බුදයට යන බවත් මැදිහත්වන පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

වරදක ස්වභාවය සහ අවස්ථානුගත කරුණු; වරදක බැරෑරුම්කම; වරදක සංකීර්ණ බව;වරදක් නිසා වින්දිතයා මත වන බලපෑම; හෝ වරදක් නිසා රජය මත වන බලපෑම සැලකිල්ලට ගෙන, යුක්තිය ඉෂ්ට කිරීම අරභයා සහ මහජන සහ ජාතික යහපත අරභයා, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි අපරාධ නඩු කටයුතු පවරනු ලැබීම ඒවා මගින් ඉහත ආකාරයේ සහ ස්වභාවයේ නඩු කටයුතු විභාග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4ඈ, 10, 12,13,14, 23, 24, 27, 28, 75, 105, 106,ව්‍යවස්ථාවලට අනුකූල වන තත්ත්වයක් බවත් මැදිහත්වන පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

එකී පෙත්සම මෙසේ ය…..

Published on: Mar 15, 2018- 1949 වර්ශයේ ජූනි මස 20 දින ගෝටාබය මෙලොව එලිය දු‍ටුවෙය. ඔහු යුධ හමුදාවට එක් වූයේ ඉන්ටෙක් 4 කැඩෙට් නිලධාරියෙකු ලෙසය . ඒ 1971 වසරේදීය. පුහුනු පාඨමාලවේ පෙන්වන දක්ෂතා සහ ලකුනු අනුව කැඩෙට් නිලධාරීන් නිත්‍ය සේවා ඒකකයන් වෙත අනුයුක්ත කිරීම හමුදාවේ ස්වභාවයයි . ඒ අනුව හොදම ලකුනු ලබාගන්තා කැඩෙට් නිලධාරීන් ආමට් කෝ( යුධ ටැංකි) , ආටි ( කාලතුවක්කු) වැනි ඒකකවලට යොමු කිරීම සිදුවෙයි. ගෝටාබය ලබාගත් ලකුනු අනුව ඔහුට ලැබෙන්නේ රජරට රයිපල් බලකායයි. 1983 කලු ජූලියෙන් පසුව රජරට රයිපල් බලකාය විසිරුවා හරින අතර එහි සේවය කල වුන් ගජබා රෙජිමේන්තුවේ පිහි‍ටුවනු ලබයි. ගෝටාබය ගජබා රෙජිමේන්තුවට මාරු වන්නේ ඒ අනුවය.

යුද්ධය තිව්ර වත්ම හමුදා සේවය හැරගිය බව ගෝටාබයට එල්ල වන චෝදනාවකි . ගෝටාබය සිය ඉවත්වීම පිලිබදව මෑතකදී දිවයින පුවත්පත සමග අදහස් ප්‍රකාශ කර තිබුනි. ගෝටාබය කියන්නේ යුධ හමුදාවේ දුෂ්කර කාලය ලුතිනල් සිට කර්නල් දක්වා බවත් කර්නල්ගෙන් ඉහලට ඇත්තේ සැප විදින කාලය බවත්ය . එහෙයින් දුෂ්කර කාලයේ තමා හමුදාවේ සේවය කල බවත් , සැප විදින කාලයේ හමුදවෙන් ඉවත් වූ බවත් ගෝටාබය කියයි. ගෝටාබයගේ කථාවේ හරයක් නොමැත . කම්කරු වෘත්තිය පවා ගිය අලුත දුෂ්කරය කල්යත්ම ඔහුද වරප්‍රසාද හිමිය . සිය පවුල් පසුබිම නිසා කැඩෙට් කාලයේ සිට කර්නල් දක්වාම ගෝටාබයට විශේෂ වරප්‍රසාද ලැබුනි. ගෝටාබය සිය හමුදා සේවයෙන් වැඩි කොටස ගෙවා දැමුවේ ක්‍රියාන්විත රාජාකාරියේ නොව සාමාකාමි ප්‍රදේශ වලය. මෙහෙයුම් වලට එක්වූ කාලය 1% ටත් වඩා අඩුය.

1991 වසරේදී මන්ඩතිව් මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම් අනදෙන්නා වූයේ ගෝටාබය රාජපක්ෂයි. ගෝටාබයගේ සැලසුම අනුව දවල් කාලයේ මෙහෙයුම ආරම්භ කල අතර මුලු හමුදා බලඝනයම එකවර ඉදිරියට ගියේය. හමුදාවේ මෙහෙයුම පිලිබද සතුරාට ඉව වැ‍ටුනු අතර ගෝටාබයගේ සේනාවට ‍රැකසිට පහරදීමට ඔවුන් සංවිධානය විය. එල්.ටී.ටී.ඊ සාමාජියන් විසින් මහ හරස් කොට ඇම්බුෂ් එකක් එලා තිබුනි.නමුත්කොටි පනිවිඩ හුවමාරුවන්ට රහසේ සවන්දුන් හමුදාවට කොටි ඇම්බුෂ් එක පිලිබද හෙලි විය.කොටි සැලැස්ම හෙලිකරගත්තේ කයිට්ස් ප්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ මෙහෙයුම් මැදිරියකිනි . එම කයිට්ස් හමුදා මුරපොල සරත් ෆොන්සේකාගේ බල ප්‍රදේශයේ පිහිටා තිබුනි. කොටි මෙහෙයුම පිලිබදව ෆොන්සේකා විසින් යාපනය ඒකාබද්ධ අනදෙන නිලධාරියා වහා දැනුවත් කලේය.

කොටි ඇමිබුෂ් එක පිලිබදව වහ වහා ගෝටාබයගේ බලමුලුව ඇලර්ට් කලේය . ඔවුන්ගේ ඉදිරි ගමන නවතා ආරක්ෂාකාරී ලෙස ස්ථානගත වීමට (හාබරින්) උපදෙස් ලැබිනි. මේ අතර තුන්පැත්තකින් භට කන්ඩායම් මෙහෙයවූ සරත් ෆොන්සේකා මන්ඩතිව් අල්ලා ගත්තේය. එය සතුරා වික්ෂිප්ත කල ( සර්ප්‍රයිස් අටෑක් ) මෙයෙයුමක් විය. නමුත් ගෝටාබය සැරසුනේ මහදවල් විවෘත භූමියක් හරහා සිය කන්ඩායම සමග ඉදිරියට යාමටය. දහවලක නොව රාත්‍රීයකවත් විවෘත භූමියක් හරහා හමුදාව මෙහෙයවීම නොකල යුතු බව යුද ශ්‍රාස්ත්‍රයේ හෝඩියේදී උගන්වන කරුනකි. විවෘත භූමියක් හරහා ගමන් කරන භට පිරිසකට ‍රැක සිට පහර දීම සතුරාට පහසු කටයුත්තකි . කෙසේ වුවද මන්ඩතිව් මුදවා ගත් ෆොන්සේකා පසුව ගෝටාගේ භට පිරිසද බේරා ගත්තේය.

ෆොන්සේකා නොමැති වන්නට ගෝටාබයගේ මෙහෙයුම ව්‍යවසනයකින් කෙලවර වීමට නියමිතව තිබුනි. ගෝටාබයගේ මන්ඩතිව මෙහෙයුම ඉහල නිලධාරීන් අතර ලැව් ගින්නක් සේ පැතුරුනි . ඔහුට විවිධ අපහාස උපහාස එල්ලවිය , ‘ලොස් ගෝතා’ ලෙස නමක් පට බැදිනි. මෙම සිදුවීමෙන් මසක් ගතවෙත්ම ගෝටාභය හමුදාවෙන් ඉවත්වීමේ ලිපිය බාරදුන්නේය. නමුත් හමුදා මූලස්ථානයෙන් බටර් සංග්‍රහයක් ලද ගෝටා කොතලාවල ආරක්ෂක පීඨයට සැප මාරුවක් ලද්දේය. කොතලාවල ආරක්ෂක පීඨයේ වසරක සේවයන් පසු ගෝටාබය යලිත් ක්‍රියාන්විත සේවයට කැදවා තිබුනි. ඊට ප්‍රතිචාර ලෙස ගෝටාබය කලේ සෞඛ්‍ය හේතූන් දක්වා හමුදා සේවයන් ඉවත් වීමය. හමුදාවෙන් ඉවත් වූ ගෝටාබය ඇමෙරිකාව වෙත සංක්‍රමනය විය.ඔහු ලොස්ඇන්ජලීස් ලොයාලා නීති පාසලේ පරිඝනක මෙහෙයුම්කරුවෙකු ලෙස වැඩ කලේය

2005-2009 යුධ ක්‍රියාවිතය තුල ගෝඨාබය සුවිශේෂ කාර්ය භාරයක් ඉ‍ටුකලේය. නවීන අවි ආයුධ වලින් හමුදාව සන්නද්ධ කීරීමේ ප්‍රමුඛතම කාර්ය ගෝටාබය අතින් සිදු විය . හමුදාව බෝම්බ 100ක් ඉල්ලන විට 200ක් දුන්නේය. ඩොලර් 250 කට මිලදී ගත හැකි ම්.මී 130 කාලතුවකු උන්ඩයකට ඩොලර් 650ක්ලොස් නැතිව ගෙවා දැමුවේය . එකක් ඩොලර් මිලියන 45කට මිලදී ගත හැකිව තිබූ බී.එම්.ඩබ් වෙඩි නොවදින මෝටර් රථ ගෝඨා මිලදී ගත්තේ එකක් ඩොලර් මිලියන 88 බැගිනි. හමුදාව ඉල්ලා සිටින ආයුධ පමනක් නොව ගෝටාබය හොදයි කියා සිතන ආයුද පවා බලහත්කාරයෙන් හමුදාවේ ඇගේ ගැසුවේය. මේ හේතුව නිසා හමුදාවේ තාක්ෂකින උපදේශකයා වූ අමිත් මූනීන්ද්‍රදාස ආරක්ෂක අමාත්‍යංශය සමග නිතර ගැ‍ටුම් ඇති කර ගත්තේය . අමීත් මුනීන්ද්‍රදාස සැක කටයුතු ලෙස ඝාතනය වීය.

ගෝටාබය විසින් දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිවරයා ලෙස පත් කිරීම අතිශය ගුජුප්සාජනක සිදු වීමක් විය. දුමින්ද සිල්වා පමනක් නොව කුඩු මුදලාලිලා රොත්තක් සමග ගෝඨාබය ගනුදෙනු කලේය, ඡායා රූප වලට පෙනී සිටියේය. සිරිසේන ඇතුලු නිදහස් පක්ෂයේ ප්‍රභලයන්ට නැගී සිටීම්ට වේදිකාවක් තනා දුන්නේ ගෝටාබයයි. ගෝටාබයගේ සුරතලා භාරත ඝාතනය කිරීම නිසා මහින්දට එරෙහි එලිපිට සටන ඇරබිනි . ගෙන්දගම් පොලොවේ දේශපාලනය පිලිබද අන්දො සංසාරයක දැනුමක් ගොටාබයට නොතිබුනේය. නමුත් ඔහුට වගේ වගක් නැත, හැසිරෙනුයේ බහුශ්‍රැතයෙකු ලෙසිනි. නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් කලකිරීමට ගෝටාබයගේ හැසිරීම නොමද සහායක් ලබා දුන්නේය.

මිනිසුන් බ්ලැම් මේල් කිරීමද ගෝටාබය වෘත්තියක් ලෙස කලේය . සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත ගෝටාබයගේ දූෂණ දිගින් දිගටම හෙලිදරව් කලේය. මේ හේතුවෙන් ලසන්තගෙන් කෙසේ හෝ පලිගැනීමට ගෝටා සැලසුම් කලේය . ලසන්තට එරෙහිව ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු සෙවීම සී.අයි.ඩී යට පැවරී තිබිණි. මෙසේ ලසන්තගේ තොරතුරු හාරා අවුස්සමින් සිටි සී.අයි.ඩී යට ලීඩර් ආයතනය විසින් ගෙවිය යුතුව තිබුණු ණයක් පිළිබඳව තොරතුරක් ලැබුනි. ලීඩර් ආයතනය කඩදාසි සැපයුම්කරුවාට රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් ණය වී තිබුනි. සී.අයි.ඩී ය විසින් මේ තොරතුර ගෝටාබයට වාර්තා කලේය. මෙම සිදුවීම පාදක කොට ලසන්ත අත්අඩංගුවට ගැනීමට ගෝටා කුරුමානම් ඇල්ලුවේය .

ඒ අනුව සී.අයි.ඩීය කඩදාසි ව්‍යාපාරිකයා හමුවිය. කඩදාසි ව්‍යාපාරිකයා ප්‍රකාෂ කලේ ලසන්තගේ ණය පිලිබදව ගැටලුවක් නොමැති බවය. නමුත් සී.අයි.ඩීය කෙසේ හෝ ලසන්තට එරෙහිව පැමිනිල්ලක් ලියා ගත්තේය.ඉන්පසුව අධිකරණයටද කරුණු දක්වා ලසන්තව අත් අඩංගුවට ගැනීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේය. මෙම කුමන්ත්‍රනය ලසන්තට ආරංචී වූ අතර ඔහු වහ වහා කඩදාසි ව්‍යාපාරිකයාගේ ණය මුදල පියවා දැම්මේය. කරුනු කාරනා නොදත් සී.අයී.ඩීය ලසන්ත අත් අඩංගුවට ගැනීමට රීඩර් ආයතනයට ගියේය. මුදල් ගෙවූ රිසිට් පත ලසන්ත විසින් ඉදිරි පත් කිරීමත් සමගම සැලසුම බකල් විය. සී.අයී.ඩීය පමනක් නොව ලසන්ත කුදලාගෙන එනතෙක් දත කට මැදගෙන සිටි ගෝටාබයටද ඇඩ්‍රස් නැති විය.

ගෝටාබයගේ කලකිරියාව නිසා ජාතීන් අතර සංහිදියාව බිද වැටිනි . බොදුබල සේනාවට ආරක්ෂක අමාත්‍යංශය සතු වාහන ලබාදීම , ඥානසාර හිමිට එම්.එස්.ඩී ආරක්ෂාව ලබාදීම පමනක් නොව බොබසේ ව්‍යපෘති වලටද ගෝටාබය දායක වුනි. එපමනක් නොව ගෝටාභයගේ කේවට්ටයෙකු වූ වීරවන්සගේ රාවනා බලයටද රජයේ වාහන ඇතුලු සම්පත් අනුග්‍රහය ලැබිනි. මුස්ලිම් ජනතාව මහින්දගෙන් ඈත් වීමට හේතු වූයේ ගෝටාබයගේ ක්‍රීයා කලාපයයි. තම ඉලක්ක වලට ලගා වීම සදහා ඉන්සයිඩ් ජොබ් උපයෝගි කර ගැනීම ගොටාබය තුලින් දැකිය හැකි විය . පිත්තල හන්දියේ බෝම්බය එවැන්නකි. එය තමා විසින්ම සැලසුම් කල ඉන් සයිඩ් ජොබ් එකක් බව ඔප්පු කිරීමට සාක්ෂි ඕනෑතරම් ඇත. පිත්තල හන්දියේ බෝම්බය ගෝටාගේ ඉන්සයිඩ් ජොබ් වලට එක් උදාහරණයක් පමනි.

ගෝටාබයගේ නාගරික සංවර්ධනයද කළු සුදු මිශ්‍ර චිත්‍රයකි. කොලඹ නගරයේ මල ප්‍රවාහන පද්දතිය ඉදිකලේ බ්‍රිතාන්‍යයන් විසිනි. වසර 100කටත් වඩා පැරණි නාගරික මල ප්‍රවාහන යාන්ත්‍රනය ඇත්තේ අකර්මන්‍ය තත්වයකය. බෝහෝ ස්ථාන වල්දී මල ප්‍රවාහනය ජලාශ වලට හරවා ඇත. සුලු වැස්සකට පවා නගරය ජලයෙන් යට වේ. නගර අලංකරනයට වඩා මූලික අවශ්‍යතා සම්පූර්න වැදගත් වුවද ප්‍රමුඛ අවශ්‍යතාව වටහා ගත් බවක් ගොටාබයගෙන් දිස් නොවිනි . කෝටි ගනනක් වියදම් කොට නගරයේ සී.සී.ටී.වී පද්දතියක් සවිකලේය. සී.සී.ටී.වී නිරීක්ෂණයට කියා පොලිස් ඒකකයක්ද පිහි‍ටුවේය. කැමරා පද්දතියකින් සිදු විය යුත්තේ රථ වාහන නියාමනය කිරීමය. ටැ‍ෆික් රාලහාමිලාගේ කාර්ය සී.සී.ටී.වී කැමරා වෙත භාර දීමය. නමුත් ගෝඨාභය ආරම්භ කල කිසිවක් තාර්කික අවසානයක් දක්වා ‍රැගෙන යාමට අපොහොසත් විනි.

භූ දේශපාලනය පිලිබද ගෝටබයගේ දැනුම ඉතා සීමිත විය. ඉන්දියාව ටකල් කරනවා වෙනුවවට ඔහු සිටින්නේ ගේම ඉල්ලන ප්‍රතිපත්තියකය. මෑතකදී චීන තානාපති සමග ගත් ඡායා රූපයක් මහත් උජාරුවෙන් මුහුනු පොතේ පල කලේය. China Institutes of contemporary International Relations ආයතන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ 2020 ගෝටාබය ජනපති පු‍ටුවේ හිදුවීමය. CICIR සංවිධානය ඇමෙරිකාවේ CIA මෙන් විදේශ කටයුතු මෙහෙහෙය වීමට දායක වන බලසම්පනම ආයතනය වෙයි. CICIR සංවිධානය චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය. වත්මන් චීන තානාපතිවරයා විදේශ සේවය හා සම්බන්ධ අයෙක් නොව CICIR. බුද්ධි මන්ඩලයේ සාමාජිකයෙකි.

කන්න ඕනෑ වුනු විට කබරයා තලගොයා කරගැනීම ගෝටාබයගේ ස්වභාවයයි. හොර පාස්පොර්ට් එකක් හදා කරුනා එංගලන්තය්ට යැව්වෙය. කේ.පී කුදලාගෙන් විත් ඔහු සමග සමග බිස්නස් කලේය. වරෙක ක්ලෙමො බෝම්බයක් අටවා සිරස කුඩු කලේය. සිරස අද ක්ලෙමෝ ඇටවූ ගෝටාබයට මල් තියයි බැසිල්ට ගල් ගහයි. ජාතිකවාදියෙකු ලිබියාවේ ගඩාපි රට සංවර්ධනය කලේය . එනමුත් අද ලිබියාව ලේ විලක් බවට පත්වූයේද ග්‍රවුන්ඩ් රියලිටිය වටහා නොගත් ගඩාපිගේ ජාතිකවාදයම නිසාය. ලංකාවේ ප්‍රථම අගමැති විමට නියම සුදුස්සා වූයේ ඩී.බී ජයතිලකය. නමුත් ප්‍රථම අගැමැති ධූරය ලැබුනේ ඩී.එස් ටය. ඔහුගේ පාලනය ආරම්භවී වසර 2ක් ගත වීම්ටත් මත්තෙන් මුලු රටම පක්ෂ පාට ජාතී ආගම් ලෙස කැඩී බිදී ගියේය . 2020 අතිශය තීරණාත්මකය, කථා කල යුත්තේ හදවතට නොව බුද්ධියටය

ලියුම්කරු කීර්ති රත්නායක

Published on: Mar 14, 2018- ලබන අප්‍රේල් මුල සිට විදුලිය, ඛනිජ තෙල් සහ ගෑස් මිල නියත වශයෙන්ම විශාල මුදලකින් වැඩි කරනු ඇති බවට අනාවරණය වේ.

ගෑස් මිල වැඩි කිරීමට අවසර දෙන ලෙස මේ වන විටද ඉල්ලා තිබුණත්, ආණ්ඩුව තාවකාලිකව එය කල් දමාගෙන තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 55ක සීමාවේ සිට මේ වන විට ඩොලර් 65ක් දක්වා ඉහළ යාමත්, රුපියලේ විදේශ අගය අඛණ්ඩව බිඳවැටීමත් නිසා රට තුළ දී ඉන්ධන ලීටරයක් අවම වශයෙන් රුපියල් 7.00කින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව අනාවරණය වේ. මේ වන විටද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30.00කින් ඉහළ දමා තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමුවහොත්. අනිවාර්යයෙන්ම බස් ගාස්තු සහ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොළේදී තෙල් බැරලයේ මිල ඉහළ යාම නිසා ඇති වන පීඩනයට මුහුණ දීමේ කිසිදු හැකියාවක් මෙරට ආණ්ඩුවට නොමැති බව අනාවරණය කෙරී ඇත. එසේම තව දුරටත් රුපියල බිඳවැටීම වැළැක්වීමේ කිසිදු හැකියාවක්ද නොපවතී.

Top