Published on: Mar 14, 2018- රටේ සිදුවන ස්ත්‍රී දුෂණය නතර කිරිම සදහා පිරිමින්ගේ ලිංගික අවයවය ඉවත් කිරිම වැනි අමන මරි මෝඩ තින්දු ගන්නා ආණ්ඩුවක් බවට යහපාලන ආණ්ඩුව පත්ව ඇති බව කැලුම් ජයසුමන පෙන්වා දෙනවා.

අද(13) උදේ කොළඹ මරදානේ සාමයික කේන්ද්‍රයේ දී (CSR)හිදි පැවැති ස්වාධීන සමාජ ජාලා ක්‍රියාධරයන් ඇතුළු වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවට එක්වෙමින් කැලුම් ජයසුමන සදහන් කර සිටියේ සමාජ ජාල හරහා හැම පුද්ගලයෙකුටම තමන් පත්කර ගත් ආණ්ඩුව සම්බන්ධයෙන් සිය මතය පලකිරිමට හැකියාව ලැබි තිබු බවත් එම ස්වාධීන මතයට ආණ්ඩුව භියට පත්ව ඇති බවත් ය.

Published on: Mar 14, 2018 – ජනාධිපතිවරය සහ අගමැතිවරයාගෙ නොහැකියාව වසා ගැනිම සදහා ජාතිවාදයට මුවා වී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වාරණයට විරුද්ධව ස්වාධීන සමාජ ජාලා ක්‍රියාධරයන් ඇතුළු වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවක් අද(13) උදේ කොළඹ මරදානේ සාමයික කේන්ද්‍රයේ දී (CSR)හිදි පැවැත්විණ. එම අවස්ථාවට ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙබ් පිටු පවත්වාගෙන යන කණ්ඩායම් සහ ප්‍රබල වෙබ් අඩවි රැසක් නියෝජනය කරමින් මාධ්‍ය ක්‍රියාකාරින් පිරිසක් එක්ව සිටි බවයි කොළඹ අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියේ.

එහිදී හිටපු ජනාධිපති මාධ්‍ය ලේකම්වරයෙකු වූ ඕෂල හේරත් සදහන් කළේ මහින්ද රාජපක්ෂ සමයේ සමාජ ජාල තහනමක් සම්බන්ධයෙන් භීතියෙන් පසුව තමන් ඇතුලු ජනවාරි 8 වෙනස වෙනුවෙන් පෙල ගැසුනු කණ්ඩායම් අද යහපාලනයේ සමාජ ජාලා අවහිර කිරිම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වෙන් බවයි.

මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් ඍජුව වග කිව යුතු බවට ඒ සම්බන්ධයෙන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් සිදු කෙරෙන මූලික පරීක්ෂණ ඔස්සේ හෙළි වෙමින් පවතියි.

අදාළ ත්‍රී රෝද රථ රියදුරා සහ ලොරි රථ රියදුරා අතර මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේදී පෙබරවාරි මස 22 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගැටුමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා රෝහල් ගත කිරීමත් සමග මෙවැනි තත්ත්වයක් මහනුවර ඇති විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක ලේකම්වරයාට,පොලිපතිවරයට සහ මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාක්කි සහ සාධක සමගින් ලිඛිතව වගේම වාචිකව නිල වශයෙන් දනුම් දී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග කරුණු සොයමින් සහ සාකච්ඡා කරමින් ඊට එරෙහිව එකට ඒකරාශී වෙමින් සිටින බව ද ඒ හේතුවෙන් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇති විය හැකි බවට බුද්ධි අංශ විශේෂ වාර්තා හතරක් මගින් අවස්ථා හතරකදීම ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරුණු දක්වා ඇත.

ඊට අමතරව ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානීන් පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා දුරකතනයෙන් ද අමතා මේ පිළිබඳව වාචිකව ද කරුණු පැහැදිලි කර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවා තිබේ.

කෙසේ නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන මේ මූලික පරීක්ෂණවලින් අනාවරණය වෙමින් තිබෙන්නේ පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ ආරක්ෂක බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට ගෙන අවශ්‍ය ආරක්ෂක පියවර වහාම ක්‍රියාත්මක වන පරිදි අනුගමනය නොකිරීම නිසා මේ ගැටුම්කාරී තත්ත්වය මහනුවර ඇති වූ බවය.

පොලිස්පති පූජිත ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර තිබෙන සීතල යුද්ධය නිසා අදාළ බුද්ධි අංශ වාර්තා පදනම් කර ගෙන අවශ්‍ය ආරක්ෂක පියවර වහාම ගැනීමට නොහැකි වී තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර මේ මරණය පදනම් කර ගෙන ජාතිවාදී ගැටුම් ඇති විය හැකි නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයින් දෙදෙනකුද මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතාට මුලදීම දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව ද මේ වන විට හෙළි වී තිබේ.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබෙන මේ කරුණු තහවුරු කරමින් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා “දෙරණ” රුපවාහිනී නාළිකාවේ “360” වැඩ සටහනට එක්වෙමින් ඊයේ (12) සඳහන් කළේ මහනුවර මේ අවාසනාවන්ත සිද්ධිය ඇති වුයේ පොලීසියේ නිලධාරීන් නිවැරදිව සහ ක්ෂණික සිය රාජකාරිය ඉටු නොකළ නිසාද යන්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටින බවය.

මේ අතර මහසෝන් බලකායේ අමිත් වීරසිංහ මහතා අදාළ ලොරි රථයේ රියදුරාගේ අවසන් කටයුතු සිදු කෙරුණු පෙබරවාරි මස පස් වැනිදා එම ස්ථානයට ගොස් තිබෙන්නේ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව බව ද මේ වන විට හෙළිවෙමින් පවතියි.

ඒ බව තහවුරු කරමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.ඇය සිය පැමිණිල්ල මගින් කියා සිටින්නේ මේ ගැටුම්කරී තත්ත්වය වර්ධනය වෙද්දී එම තත්ත්වය පාලනය කර ගත නොහැකිව නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය සැමියාට දුරකතනයෙන් කතා කර එම ස්ථානයට පැමිණ එම ගැටුම පාලනය කර ගැනීමට සහය දෙන ලෙස ඉල්ලා සිටී බව ද අමිත් වීරසිංහ මහතා එම ස්ථානයට ගියේ අනුව බවය.

(සුජිත් මංගල ද සිල්වා)

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පාලනයට යැයි කියමින් පැය 72 ක කාලයකට ආණ්ඩුව පැනවූ  සමාජ මාධ්‍ය වාරණය දින හයක් ගතවී ඇති මේ මොහොතේද ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීම මෙරට අදහස් ප්‍රකාශනය පිලිබඳ භයානක පෙර නිමිත්තකි.එකී වාරණය ඉවත් කරනවා වෙනුවට ආණ්ඩුවේ ප්‍රධානීන් සමාජ මාධ්‍ය වාරණය සාධාරණීකරණය කරමින් සිදු කරන ප්‍රකාශ එම සැකය තීව්‍ර කරවයි.මේ අතර සමාජ මාධ්‍ය වාරණය සම්බන්දයෙන් විදේශ උපදෙස් ලබා ගැනීමට පවා  ආණ්ඩුව සූදානම් වන බවටද වාර්තා පළවේ.එම වාර්තා අසත්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කර නොමැති තත්වයක් තුල ඒවා සත්‍ය ලෙස පිළිගැනීමට අපට සිදුවේ.

මේ සියලු කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ ආණ්ඩුව තමන්ට එරෙහිව නැගෙන ජනතා විරෝධය යටපත් කිරීමට මහනුවර ගැටුම් දඩමීමා කරගෙන ඇති බවය.සමාජ මාධ්‍ය අද දවසේ කොතරම් ප්‍රභල සන්නිවේදන මාධ්‍යයක් ද යන්න මේ ආණ්ඩුව ඉතා හොඳ අවබෝධයක් තිබේ.තමන්ට බලයට පැමිණීමට සමාජ මාධ්‍ය විශාල වැඩ කොටසක් කළ බව ඔවුන්ම පිළිගෙන ඇති බැවිනි.එසේ වුවද ආණ්ඩුව බලයට පැමිණි පසු ඇතිකරන බව කියූ ‘යහපාලනය’ වෙනුවට ජනතා මුදල් සොරකම් කරමින්,රටේ සම්පත් විකුණමින්,රටේ ස්වාධිපත්‍යය හෑල්ලුවට ලක් කරමින්,ජනතාව මත ජීවන බර පටවමින්,ඇතැම් විටෙක ජනතාවට විහිළු සපයමින්ද ගෙන ගිය පාලනයට ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල වුයේද සමාජ මාධ්‍ය ඔස්සේය.

මේ නිසා මහනුවර ගැටුම් ඇතිවීමට පෙර සිටම සමාජ මාධ්‍ය සේම අනෙකුත් මාධ්‍යද පාලනය කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට තිබූ බව පැහැදිලිය.අගමැති වරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත තර්ජනය කරද්දී ජනාධිපතිවරයා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වාරණය අවශ්‍ය බව හැඟවෙන අධිකාරීමය ප්‍රකාශ නිකුත් කල අන්දම අපට මතකය.ඒ අනුව මේ වන විටද ඇතැම් වෙබ් අඩවි මෙරට තුල තහනම් කොට ඇත .එනිසා මේ මොහොතේ සමාජ මාධ්‍ය මත පනවා ඇති වාරණය කිසිසේත්ම මහනුවර ගැටුම් සමතයකට පත් කිරීමේ සද් චේතනාවෙන් පනවන ලද්දක් ලෙස පිලි ගැනීමට අප සූදානම් නැත.මන්ද යත් මෙම වාරණ සමගම තාවකාලිකව යැයි කියමින් හදිසි නීතිය රට පුරා පැනවීමටද ආණ්ඩුව පියවර ගත් බැවිනි.

2020 දක්වා ඉදිරි වර්ෂ දෙක මැතිවරණ වර්ෂ දෙකකි.පළාත් සභා,පාර්ලිමේන්තු මෙන්ම ජනාධිපතිවරණයද මේ කාලය තුල පැවැත්වීමට නියමිතව තිබේ.පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමෙන්  ආණ්ඩුවඅන්ත පරාජයක් ලැබූ පසු ජනමතය තව තවත් ගොනුවෙමින් ඇත්තේ ආණ්ඩු විරෝධී කඳවුරු වෙතය. ජනතා අදහස් නිදහසේ සංසරණය වීම එම තත්ත්වය වේගවත් කිරීමට හේතුවකි.එනිසා කුමන ක්‍රමයකින් හෝ ජනතා අදහස් සංසරණය වලක්වා ලීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රමුඛ අවශ්‍යතාව වී තිබේ.ඒ සඳහා පළමු පියවර තබන්නට මහනුවර ගැටුම් ආණ්ඩුවට හොඳ ප්‍රවේශයක් ලබා දුන් අතර මී ලඟට ආණ්ඩුව ප්‍රධාන ධාරාවේ  මාධ්‍ය පාලනයටද දැනටත් වඩා යොමු නොවනු ඇතැයි සහතික විය හැක්කේ කාටද ?

මේ නිසා සමාජ මාධ්‍ය වාරණය ආණ්ඩුවේ තවත් තකතීරු වැඩක් ලෙස උපහාසයට ලක්කොට අද නිහඩව සිටීම  හෙට දවසේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අහිමි කිරීමට හේතුවක් වනු ඇත.යම් හෙයකින් විවිධ කරුණු ඉදිරි පත් කරමින් හදිසි නීතිය යලි යලිත් පැනවීමට පවා ආණ්ඩුව පසුබට නොවනු ඇත.ඒ නිසා ආණ්ඩුවේ මෙම මර්දනකාරී සැලසුම පරාජය කිරීමේ වගකීම මාධ්‍ය සංවිධාන වල පමණක් වගකීමක් නොකොට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය , සමාජයේ සියලුම උගතුන් ,බුද්ධිමතුන් ,වෘත්තිකයන් ,කලාකරුවන්,සිවිල් සංවිධාන,ශිෂ්‍ය සංවිධාන,ආදී වශයෙන් සමාජයේ සියලු බලපෑම් කණ්ඩායම් වල වගකීමක් කර ගනිමු !  මෙහිලා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙස මහන්සි වූ උගතුන් ,බුද්ධිමතුන් ,මාධ්‍ය සංවිධාන, හා සිවිල් සංව්ධාන වලට විශේෂ වගකීමක් පැවරෙන බවද සිහිපත් කිරීමට කැමැත්තෙමු.

 

කුලශ්‍රී කාරියවසම්

කැඳවුම්කරු

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය

මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

සමාජජාලා වෙබ් අඩවි තහනම් කිරීම එහි එක් පියවරක් බව පැවසූ රණතුංග මහතා ‍වැඩිකලක් යන්න මත්තෙන් රටේ අනෙකුත් මාධ්‍යවලටත් වාරණ පැනවෙනු ඇති බවත් ලබ්බට තැබූ අතම පුහුලටත් තැබෙනු ඇති බව කවුරුත් මතක තබා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් පිරිසක් උඩුගම්පොළ දී ඊයේ (11) හමු වූ අවස්ථාවේ දීය.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

වර්තමානයේ රට පාලනය කරන්නේ ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක් කියලා අපි අවුරුදු තුනක් තිස්සේ කිව්ව කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා. පහුගිය දවස්වල  මහනුවර ඇති වුණු කලබලකාරී වාතාවරණය පාලනය කිරීමට නොහැකි වීම තුළින් එම කාරණය මුළු ලෝකයට පැහැදිලි වුණා.

රට, ජාතිය පාවා දී හෝ බලය රැකගැනීමේ පරම චේතනාවෙන් කටයුතු කරන මේ ආණ්ඩුවට රට පාලනය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. පහුගිය අවුරුදු තුන පුරාම රට පුරා ඇති වුණු අර්බුදවලට විසඳුම් දීමේ දී ආණ්ඩුව දක්වපු අසාර්ථක ප්‍රතිචාර තුළින් ඒ බව පැහැදිලි වෙලා ඉවරයි.

මහනුවර කලබලකාරී වාතාවරණයට එරෙහිව මුල් අවස්ථාවෙදිම ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව කටයුතු කළා නම් මේ තරම් ලොකු විනාශයක් සිද්ධ වන්නේ නැහැ. සිද්ධිය දුරදිග යනකම් ජනාධිපති සහ අගමැති නිදාගෙන හිටියා. ඒ දෙන්නා නින්දෙන් නැගිටලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නකොට සිදුවිය යුතු විනාශය වෙලා ඉවරයි.

ආණ්ඩුව මුල ඉඳන්ම කල්පනා කළේ මේ අර්බුදය විසඳනවාට වඩා අර්බුදයේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ කරට දාන්නේ කොහොමද කියලයි. ඒ බව කැබිනට් ප්‍රකාශක යැයි කියාගනිමින් තුට්ටු දෙකේ දේශපාලනයක නිරත වන රාජිතගේ කතාවෙන් ඔප්පු වුණා.

රාජිත රට හමුවේ බොරු කියපු පළමු අවස්ථාව මේක නෙමෙයි. ආණ්ඩුවේ නිල ප්‍රකාශකයෙක් විදියට ඇවිත් රාජිත මේ කියන අමූලික බොරු ආණ්ඩුවේ නිල මතය ද කියන එක ආණ්ඩුව දැන් රට හමුවේ ප්‍රකාශ කළ යුතුයි. එහෙම නොවේ නම් රාජිත කියන බොරුකාරයා ඇමැති මණ්ඩලයෙන් එලවා දැමිය යුතුයි.

මහනුවර ගැටුම ආණ්ඩුවට නොහිතපු වෙලාවක ඇදිච්චි ලොතරැයියක් වගෙයි. තමන්ට එරෙහිව පක්ෂය තුළින් ආපු විරෝධතාව යටගහන්න අගමැතිට ඒ ලොතරැයිය උපකාරී වුණා. ඒ වගෙම ජනාධිපතිට තමන්ගේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ විරෝධය යටගහන්න ඒකෙන් හයියක් ලැබුණා.

දැන් කවුරුත් විශ්වාසභංගය ගැනවත් නිදහස් පක්ෂයේ නොකෙරෙන සංශෝධනය ගැනවත් කතා කරන්නේ නැහැ. වෙන එකක් තියා දැන් කාටත් අර්ජුන් මහේන්ද්‍රනුත් අමතකයි. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් බේරගන්නත් අගමැතිට මේකෙන් හයියක් ලැබුණා.

ආණ්ඩුව අහිසංක මිනිස්සුන්ගේ ජීවිත බිලිගනිමින් රටේ ප්‍රශ්න අමතක කරවන්න කටයුතු කරපු පළමු අවස්ථාව මේක නෙමෙයි. මීට පෙරත් රටේ යම් යම් තීරණාත්මක අවස්ථා එළඹෙන කොට ආණ්ඩුව මේ වගේ සිද්ධි ඇති කරලා තමන්ගේ බලය රැකගන්න කටයුතු කරපු හැටි මිනිස්සුන්ට අමතක නැහැ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නම් මේවා අලුත් දේවල් නෙමෙයි. එතුමාගේ මාමා තමයි මේ වාගේ පහත් වැඩවල නිර්මාතෘවරයා. එදා මාමා අසූ තුනේ කලු ජූලිය මවලා තමන්ගේ බලය තහවුරු කරගත්තු ආකාරයටම අද බෑනා තමන්ගේ බලය තහවුරු කරගන්නවද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැර වැඩවලින් පීඩාවත් පත් වු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද රනිල්ගේ වැඩවලට උදව් උපකාර කරනවා. නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහින් සිරිකොතට වෙලා කටු ලෙවකමින් ඉන්න ඇමැතිවරුන් රැල දැන් රනිල් හාමුගේ හුරතල් බලු කුක්කෝ ටික වගේ නිහඬයි.

රට මෙච්චර අර්බුදයකට යන කොටත් තමන්ගේ වාසිය තකා රනිල්ගේ ඉඳුල් කකා ඉන්න පුළුවන් නිවටයන් රැලකට පමණයි. තවදුරටත් ඒ නිවට රැලේ ඉන්නවද එහෙමත් නැත්නම් රටත් ජාතියත් වෙනුවෙන් නිවැරැදි පැත්තේ හිටගන්නවද කියන එක දැන් නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තීන්දු කළ යුතුයි.

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවමින්. හැබැයි දැන් තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයත් නැති වෙලා ඒකාධිපති වියරුවකට රටම හසුවෙමින් යනවා. ජාතිවාදය ඉස්මතු කරනවා කියලා සමාජ මාධ්‍ය අවහිර කිරීම ඒකේ ප්‍රධාන පියවරක්. ආණ්ඩුවට ලොකු වුවමනාවක් තිබ්බා මේ සමාජ ජාලා තහනම් කරන්න.

2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාද කරන්න ආණ්ඩුවට උපකාරී වුණ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වැඩිකලක් යන්නට පෙරාතුරව ආණ්ඩුවට එරෙහි වීම නිසා ඒ ගැන ලොකු වෛරයකින් සිටින බවක් පසුගිය කාලයේ පෙනුණා. දැන් මහනුවර සිද්ධිය පිටින් දාලා ආණ්ඩුව සමාජජාලා අවහිර කරලා තියෙන්නේ අන්න ඒ වෛරය පිරිමහ ගන්නයි.

එදා යුද්ධ කාලෙවත් නොතිබ්බ තහනම් දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා. තව ටික දවසකින් අනෙක් මාධ්‍යවලටත් වාරණ පැන වෙයි. ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් තියන්නේ කියලා අපි මතක තබා ගත යුතුයි. මේ ඒකාධිපති ගමන නතර නොකළොත් අපේ රට විනාශ වෙන එක වළක්වන්න බැහැ.

මහනුවර ජාතිවාදී ගිනිදැල් උත්සන්න වත්ම එක්සත් ජාතීන්ගේ දේශපාලන කොමසාරිස් ජෙෆ්රි ෆෙලෙට්ම්ර් ශ්‍රී ලංකාවේ දින 3ක සංචාරයක යෙදුනේය. මාර්තු මස 8 වන දින ඔහු කොළඹට සැපැත් වූයේය. රඛායන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර තිව්ර වෙත්ම ජෙෆ්රි ෆෙලෙට්ම්ර් මේ ආකාරයෙම සංචාරයක් මියන්මාරය තුලද කලේය. එය සිදුවූයේ පසුගිය වසරේය. 2017 මාර්තු 12 දින මියන්මාරයට එරෙහිව ඒ.ජා සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් විය . නමුත් චීනය සහ රුසියාව ඊට එරෙහි වීම හේතුවෙන් ගෙන ආ යෝජනාව උඩින්ම පරාජය විය . මියන්මාරය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ‘අපි තරහයි’ නාටකය රග දක්වමින් සිටියි .මියන්මාරය විසින් එ.ජා නියෝජිතයන්ට සියරටේ දොර දොර වසන්නේ ඒ අනුවය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් යනු කවුරුද? මොහු යුදෙව් ජාතිකයෙකි. මොහුට අරාබි භාෂාව මනා ලෙස හැසිරවිය හැකිය . 1985 වර්ශයේදී මොහු අමෙරිකානු විදේශ දෙපාර්තමේන්තුවට බැදුනි. එතැන් පටන් වසර 25 පමන සේවය කලේ මැද පෙරදිගය. අරාබි වසන්තය ව්‍යාපෘතියේ එක් මහ මොලකරුවෙකු වූයේ ජෙෆ්රි ෆෙලෙට්ම්ර්ය. අරාබි වසන්තය පලමු අදියෙර දියත් කිරීමෙන් අනතුරුව ඔහු ඇමෙරිකානු විදේශ සේවයෙන් විශ්‍රාම ගත්තේය. 2009 වසරේ ඔහු එක්සත් ජාතීගේ සංවිධානයට බැදුනේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඔහු සේවය කලේ නියර් ඊස්ට් ඩිවිෂන් නොහොත් මැදපෙරදිගය. නියර් ඊස්ට් ඩිවිෂන් එක හරහා අරාබි වසන්තය අති සාර්ථක අවසානයක් දක්වා ‍රැගෙන ගියේය. 2012 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන කොම්සාරිස් ලෙස උසස් වීමක් ලැබුනේය. ඒ මුස්ලිම් ජනයාට ඔහු කල සේවය ලෝක ව්‍යාප්ත කිරීම උදෙසාය.

ජෙෆ් රි ෆෙලෙට්ම්ර් ලංකාවේ දින 3ක් ගත කලේය. සිරිසේන රනිල්, සම්බන්දන් ,හකීම්, රිෂාඩ්, කබීර් , ෆයිසර් සියල්ලන් මුන ගැසුනේය. කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය. ආන්ඩුව දැන් ලෝකයට පෙන්වන කථාව මේ ආකාරයට සංශිප්ත කල හැක. දින 7 ක් පුරා මහනුවර වෙලා ගත් දැවැන්ත භීෂනයේ මහා මොල කරු අත් අඩංගුවට ගෙන ඇත. මහසොන් බලකාය නම් අති බිහිසුනු සටන්කාමීගේ අනුත්තර අනදෙන්නා මොහුය.උන්ගෙ ප්‍රමුඛ පෙලේ සටන්කාමීන් සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේසඥයෙන් කිහිපදෙනෙකුද වෙයි. සයිබර් අපරාධ පිලිබද ජර්මන් සහ චීන විශේසඥයන්ගේද සහාය ලබා ගන්න බවය ලබා ගනිමින් පරීක්ෂණ අති සාර්ථකව ඉදිරියට ගමන් කරයි. සයිබර් විශේසඥයන්ගෙන් සහ ෆේස්බුක් මූලස්ථානයෙන් හෙලිදරව් ලද තොරතුරු අනුව දරුනු සටන්කාමීන් ගනනාවක්ම ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිතය. අත් අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන් 99% ප්‍රධාන ජන වර්ගය නියෝජනය කරන වුන්ය.රාජපක්ෂලාගේ ගම්පෙරලිය සමග මොවුන්ගේ ඇති සම්බන්ධතාවය විශේෂ කන්ඩායමක් විසින් විමර්ෂනය කෙරෙමින් පවතියි


ආන්ඩුවේ වැඩ සටහන මුස්ලිම් සමාජයටත් ආනන්දජනකය. පරීක්ෂණයේ වාර්ථාව පිලිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෑස්තිය. නමුත් මේතරම් ‍රැවටීමක් තවත් වෙත්ද? ආන්ඩුව විසින් අත් අඩංගුවට ගත්තා යයි කියන මහනුවර භීෂණයේ මහා මොලකරු හුජ්ජ කොල්ලෙකි. අති බිහිසුනු සටන් කාමීන් යයි කියන මහසොන් බලකාය කරන්නේ උදේ ඉදන් රෑ වෙනතුරු ෆේස් බුක් කෙටීමය. පැට්‍රොල් බෝම්බ හදන හැටි දැක්වෙන වීඩියෝ ඕනෑ තරම් අන්තර් ජාලයේ ඇත. එවන් වීඩියො ශෙයා කල උන් බෝම්බ විශේසඥයන්ය. පැහැදිලිවම ආන්ඩුව මේ කරන්නේ මුස්ලිම් ජනතාවට කොකා පෑමකි. සමාජ ජාලා වාරණය හරහා සැරසෙන්නේ දවසින් දවස කුජීතවන ආන්ඩුවේ හෙලුව වසා ගැනීමටය. මහනුවර කෝලාහලය දේශපාලන ගෝනි සෙල්ලමකි.

2002 වසරේ චන්ද්‍රිකා රජය පෙරලීම සදහා ඇමක් ලෙස යොදා ගත්තේ මුස්ලිම් ජනතාවයි. මාවනැල්ලේ මුස්ලිම් කෝලාහලය රනිල්ට ආන්ඩුවක් හදා දුන්නේය . එය මෙහෙයවූයේ මහීපාල හේරත්ය. චන්ද්‍රිකාට බිච් කියා එම්.අයි 17 න් අම්පාරේ ගිය අෂ්රොෆ් නොඑන ගමන් ගියේය. 2014 දී අලුත්ගම කෝලාහලය නැවතත් රනිල්ට ආන්ඩුවක් හදා දුන්නේය .එය මෙහෙය වූයේ චම්පික රනවකය නමුත් සාලවනයේ රිලවා මෙන් ගෝටාබය නිකරුනේ තලා ගත්තේය. 2018 මහනුවර කෝලාහලය රනිල්ගේ නිෂ්පාදනයකි චම්පිකගේ අධ්‍යෂණයකි. ඇහින්දාස් නලු නිලියන්ය. එදා රනිල්ගේ මී මුත්තා දොන් ඒඩ්‍රියන් කොලඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වූ කර්නල් ඩ්‍රිබර්ග් සමග එක්ව මුස්ලිමුන් මල්වානට පැන්නුවේය . ඒ අගනුවර වෙලදාම පැහැර ගැනීමටය. මෙදා රනිල්ගේ බල සන්නියට බිලි දෙන්නේ මුස්ලිම් ජනතාවය.


ඥානසාර හිමි 2016 වසරේ හෝමාගම නඩුකාරයාට සත්තමක් දැම්මේය. සුද්දගේ නීතිය පිලිගන්නේ නෑ යයි කීවේය. නඩුකාරයාට නීතිය ඉගැන්වීමට ගියේය. එය කෙලවර වූයේ ඥානසාර හිමිට උසාවියට අපහාස කිරීමේ නඩුවක් වැටීමෙනි. තවත් වටයකදී යහපාලන විහාරමහාදේවිය වූ එක්නැලිගොඩ බිරිදට මහපාරේ හිගා කන්න කීවේය. ඥානසාර හිමිට කුරාණයට අපහාස කිරීම සම්බන්ද තවත් නඩුවක් ඇත. උසාවියට අපහාස කිරීම යනු අපරාධ නඩුවකි. එකපිට එක වරෙන්තු ලැබෙන විට ඥානසාරහිමි රෝහලේ සැගවුනේය. රට යෑම තහනම් විය. ඥානසාරහිමි බේරාගත්තේ චම්පික සහ රනිල්ය. හිරේයාමට ඔන්න මෙන්න සිටි ගොන්වස්සා බේරා ගත්තේ ආදරයට නොව 2020 මැතිවරණ කෙත අස්වැද්දීමටය. අප වටහා ගත යුතු සත්‍ය නම් , න්‍යාය ක්‍රියාත්මක කරන හිස ආරක්ෂිතය. උන්ඩය පිට කරන හස්ථය අනාරක්ෂිතය. භූ දේශපාලනයේ ග්‍රවුන්ඩ් රියලිටිය මෙයයි.

ලියුම්කරු කීර්ති රත්නායක

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ තේරී ඇති බව පැහැදිලි ය. අපි ඔහුට සුබ පතමු. ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ෂකත්වයට තේරීම අන් කාහටත් වඩා දිලිත් ජයවීරගේ ජයග්‍රහණයක්. ගෝඨාභය වටා අද ඉතා ඉහළ ම පෙළේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ප්‍රධානීන් පෙළ ගැසී තියෙනවා. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජාතික ව්‍යාපාරයේ නියුතු වූවන්ට හඳුන්වාදීමේ සභාවක් පසුගිය දා කොල්ලුපිටියේ හෝටලයක පැවැත්වුණා. එහි දී මා මතු කළ අදහස් කිහිපයක් තවමත් වලංගුයි. එහෙත් මා බුද්ධිමතකුවත් ව්‍යාපාරිකයකුවත්, ජනමාධ්‍යයට සම්බන්ධ අයකුවත් නො වෙයි. මා බුද්ධියෙනුත් ධනයෙනුත් ජනප්‍රසාදයෙනුත් දුගියෙක්. මහින්දවාදීන්ට අනුව මා සිරිසේනවාදියෙක්, කොන්ත්‍රාත්කාරයෙක්, මුග්ධයෙක්, බකපණ්ඩිතයෙක්, ගේම්කාරයෙක්, විහිළුකරඬෙක්, නිකරුණේ මිනිසුනට බැණ වදින්නෙක්, මගේ කතාව තමන් මෙන් හුදී ජන පහන් සංවේගය සඳහා නොලියා ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෙක්, සහ තවත් එවැනි අයෙක්. ඒ බුද්ධිමතුන්ට අනුව මා කළ වරද කිහිපයක් තියෙනවා. ප්‍රධාන ම එක රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන ලෙස කළ ඉල්ලීම.

ගෝඨාභය තෝරා ගැනීම සමග මහින්ද පිළේ පැවති තරගයක් අවසන් වුණා. ඒ බැසිල් ගෝඨාභය තරගයයයි. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කී පමණින් කුලප්පු වී තප්පු ලෑ බැසිල්වාදීන්ට අද ගෝඨාභයට ආධාර කිරීම හැර වෙන කරන්න දෙයක් ඉතිරි වී නැහැ. මහින්ද ගෝඨාභයට කැමැත්ත දී ඇති බව පැහැදිලියි. එහෙත් තවමත් රනිල් අගමැති පුටුවේ. ගෝඨාභය ඉදිරිපත් වන්නේ ජනාධිපති ධුරයට නම් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ගැන කතා කිරීමට පළමු කිව යුතු කරුණු එකක් දෙකක් තියෙනවා.

පලමුවෙන් ම රනිල් ඉවත් කර අගමැති ධුරයට පත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයෙන් (පොදුජන පෙරමුණෙන්) අපේක්‍ෂකයකු සොයා ගැනීමට බැහැ. මහින්ද කොහොමත් ඊනියා පිං අගමැති කම භාර ගැනීමට අකමැත්තක් දක්වා තිබුණා. දැන් ගෝඨාභයවත් වෙනත් අයකුවත් ඒ සඳහා ඉදිරිපත් කරවන්න බැහැ. මෛත්‍රිපාල කැමති වුවත් අද ගෝඨාභය කැමති නැහැ. මා මේ කරුණු කියන්නේ හිතළු ලෙස නො වෙයි. ඒ යෝජනා අසාර්ථක වී ඇති බව දන්නා අයකු ලෙසයි. ගෝඨාභයගේ පිළේ අය මෛත්‍රිපාල දෙන කිසිවක් භාර ගැනීමට කැමති නැහැ. ඒ සඳහා ඔවුන් විවිධ හේතු කියනවා. දැනට ගෝඨාභයට වැඩ පෙන්වීමට තරම් ව්‍යුහයක් නැති වීම, ආණ්ඩුවේ මඩ තවරා ගෙන තම කීර්ති නාමයට කැළලක් ඇති කර ගැනීම, එසේ කැළලක් ඇති කර ගැනීම ජනාධිපතිවරණයට බාධාවක් වීම ඉන් ප්‍රධානයි. ඇතැමුන් තවමත් ඉන්නේ මෛත්‍රිපාල රනිල් “රංගනය” නරඹමින්.

මෙරට දේශපාලනය තීරණය වන්නේ තෙල්දෙණියේ හෝ අම්පාරේ හෝ නො වෙයි. එය තීරණය වන්නේ ලන්ඩනයේ හා දිල්ලියේ. කාට හරි කියන්න පුළුවන් අම්පාර හා තෙල්දෙණිය නිර්මාණය කෙළේ ලන්ඩනයෙන් හා දිල්ලියෙන් කියා. ඒ මෙරට තියුණු බුද්ධිමය සම්ප්‍රදායක් නොමැති වීම නිසා නිර්මාණය කෙරෙන ඉතා ළාමක සංයුක්ත කතන්දර පමණයි. මා දැක්කා නොයෙකුත් බුද්ධිමතුන් කියා තිබෙනවා තෙල්දෙණියේ සිද්ධි ඇති කෙළේ අතුරුදහන් වූවන් සෙවීමේ පනත සම්මත කර ගැනීමට ය කියා. තෙල්දෙණියේ සිද්ධිය අහම්බයක්. එහෙත් එහි යට තියෙන්නේ මෙරට ඇති සංස්කෘතික ආක්‍රමණයක්. එය ඊනියා ඉස්ලාම් භීතියක් ලෙස හැඳින්වීමට වැඩියෙන් ම උත්සාහ කරන්නේ ක්‍රිස්තියානි පසුබීමක් සහිත ව ජාතිකවාදීන් වී ඇතැයි කියන්නන්. මා කලින් ලිපිවල සඳහන් කර ඇති අන්දමට සිංහල බෞද්ධයනට ඉස්ලාම් භීතිකාවක් නැහැ. එහෙත් ඔවුන් ඉවෙන් දන්නවා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව විවිධ වෙනත් සංස්කෘතික ආක්‍රමණ තියෙන බව. එසේ වුවත් මෙරට බුද්ධිමය සම්ප්‍රදායක් නැති නිසා ඔවුන් ඉවෙන් එහාට යෑමට සූදානම් නැහැ.

ඉස්ලාම් භීතියක් බටහිර ක්‍රිස්තියානි රටවල තියෙනවා. ඔවුන් එය අප මත ආරෝපණය කරන්න සූදානම් වෙනවා. අද බටහිර රටවල ජාතිකත්වයක් ඇති වීමට එක් හේතුවක් නම් ඒ රටවල ඇති ඉස්ලාම් භීතියයි. ඒ රටවල වෙසෙන සිංහලයන් එයට සාක්‍ෂි දරාවි. අනෙක ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපනයට ඇති විරෝධය. මේ විරෝධය පිටුපස විශ්වවිද්‍යාලවලටත් විරෝධයක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල විරෝධය පිළිබඳ ලිපියක් පසුගිය පෙබරවාරි නවවැනි දා නිව්ස්වීක් සඟරාවේ පළ වී තිබුණා. ට්‍රම්ප් සංස්ථාපනයටත් ඊනියා බුද්ධිමතුන්ටත් විරුද්ධයි. අද එරට විශ්වවිද්‍යාලවල වැඩි බලයක් ඇත්තේ ඩෙමොක්‍රටික් අනුගාමිකයන්ට. එනම් ඊනියා වාමාංශිකයන්ට. මෙරට විශ්වවිද්‍යාලවල ඇත්තේ අනුකාරකයන් රොත්තක් පමණයි.

ඒ කොහොම වුණත් රනිල් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් නැති බව පැහැදිලියි. ඔවුන් හිතන්නේ ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වීම වාසියක් කියා. ඒ රනිල් දුර්වල අපේක්‍ෂකයකු නිසා. ඔවුන්ට රනිල් තියාගන්න අවශ්‍යයි. පසුගිය දා විජේදාස රාජපක්‍ෂත් එවැනි කතාවක් කියා තිබුණා. අද ඔහු නන්නත්තාර වූ දේශපාලනඥයෙක්. එහෙත් ඒ නිසා ම ඔහු කියන සියල්ල අහක දාන්න බැහැ. අතුරුදහන් වූවන් සෙවීමේ පනත අවශ්‍ය බටහිරට. ජෙනීවා සමුළුවලට. පනත ගෙනාවේ ඒ සඳහායි. එය සම්මත වූයේ තෙල්දෙණියේ සිද්ධි නිසා නොව රනිල් තවමත් අගමැති වීම නිසා හා ඒකාබද්ධ විපක්‍ෂයේ දුර්වල දේශපාලනය නිසා.

මේ වන විට රනිල් ඉවත් කර තිබිණි නම් ඒ පනත ගෙන එන්නේ නැහැ. අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයේ සුපිරි දේශපාලනය නිසා සංශෝධන නොමැති ව ම පනත සම්මත කෙරුණා. තෙල්දෙණිය ඇතත් නැතත් රනිල් නොසිටියා නම් හා ඒකාබද්ධ විපක්‍ෂය තීක්‍ෂණ ව කටයුතු කළා නම් ඒ භයානක පනත ඒ ආකාරයෙන් බටහිරයන්ට අවශ්‍ය විධියට ම සම්මත වන්නේ නැහැ. පනත සම්මත කර ගැනීමට තෙල්දෙණි සිද්ධි නිර්මාණය කෙළේ යැයි කීම බුද්ධිමතුනට පමණක් විෂය වන්නක්. මෙරට විවිධ සංස්කෘතික ආක්‍රමණ තියෙනවා. දහහතර වැනි සියවසේ සිට තියෙනවා. මෙරටට මුස්ලිමුන් ආවේ අරාබියෙන් නො වෙයි. මේ අරාබියෙන් පැමිණි පිරිමින් සිංහල කාන්තාවන් ආවාහ කරගෙන මුස්ලිමුන් බිහි කළා ය යන්න සුරංගනා කතාවක් පමණයි. අරාබි තාත්තලාගේ හා සිංහල අම්මලාගේ දරුවන් මලයාලම් වචන සහිත දෙමළ බසක් කතා කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය දශක කිහිපයක් තිස්සේ මා අසන නමුත් එයට පිළිතුරක් නැහැ. අඩුම තරමින් ඒ ප්‍රශ්නය සමාජයට ගොස් නැහැ.

විවිධ සංස්කෘතික ආක්‍රමණ ගැන සිංහල බෞද්ධයන් දන්නවා. ඔවුන් ඒවාට ඉඳහිට ප්‍රතිචාර දක්වනවා. එය සංවිධානාත්මක ව කෙරෙන්නක් නො වෙයි. අද කතෝලික පල්ලියටත් එරෙහි ව යෙහොවාගේ සාක්‍ෂිකරුවන්, නැවත ඉපදුුණු ක්‍රිස්තියානීන් සංස්කෘතික ආක්‍රමණයක යෙදෙනවා. කාදිනල්වරයා ඒ බව දන්නවා. ඔහු කරන ඇතැම් ප්‍රකාශවලින් ඒ බව කියැවෙනවා.

අහඹු සිදුවීම් දෙපැත්තම යොදා ගන්නවා අනෙක් පැත්තට චෝදනා කිරීමට. ඒකාබද්ධ විපක්‍ෂය (සංධානය) 2010න් පසු වැරදි රාශියක් කර තියෙනවා. මෛත්‍රිපාල වැන්නන් රාජපක්‍ෂලාට විරුද්ධ වුණෙත් එබැවිනුයි. මා මෛත්‍රිපාල සුදනකු කරනවා නො වෙයි. රනිල් ඉන්නකම් ගෝඨාභයට ප්‍රශ්න තියෙනවා. ඒ ගැන පසුව කතා කරමු. ඒ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පමණක් නො වෙයි. ජයග්‍රහණය සම්බන්ධයෙනුත්. එහෙත් දිලිත්ලා ඒ ගැන කතා කිරීමට පවා කැමති නැහැ. ඔවුන් හිතනවා ඇති මා වැන්නකු සමග කතා කිරීම කාලය කා දැමීමක් කියා.

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් තවදුරටත් එම තහනම ඉවත් කිරිමට කටයුතු නොකරන්නේ නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද සදහන් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලා  අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය 

රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි  ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු.

එසේ තිබියදි රටේ සියළුම දෙනාට බලපාන ලෙස මෙලෙස සමාජ මාධ්‍ය ජාලා  අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් එය රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාංග වශයෙන් අහිමි කිරීමක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙතෙක් රටේ පැවති සියළුම ආණ්ඩු පාහේ තම නොහැකියාව වසා ගැනීමට විකල්ප මාධ්‍ය වාරණය සක්‍රියව ක්‍රියාත්මක කළ අකාරය පිළිබඳව අත්දැකිම් අප සතුව ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විරුද්ධ හා විකල්ප මත දැරූ වෙබ් අඩවි තහනම් කිරීම හා එම මාධ්‍යවේදින්ට  තර්ජනය කිරීම හරහා තම නොහැකියාව වසා ගැනීමට කටයුතු කළ ආකාරය සුලභ විය. නමුත් මෙහිදි හාස්‍යජනකම සිදුවීම වන්නේ රාජපක්ෂ පාලනය තුළ සිදුවු එවැනි ක්‍රියාකාරකම් නැවත සිදුනොවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන මෛත්‍රි – රනිල්  පාලනය මෙලෙස වෙබ් අඩවි පමණක් නොව සමස්ථ සමාජ මාධ්‍ය ජාලාවම අවහිර කිරීමයි. එය ඉගුරු දී මිරිස් ගත්තා වැනි ය යන ප්‍රස්ථා පිරුල සාක්ෂාත් කරනු ලබයි.

එසේම මෙයින් මුළු මහත් රටේත්, රටින් පිටත ජීවත් වන අපේම ජනතාව මුහුණදෙන සන්නිවේදන දුෂ්කරතාවය අතිවිශාල වන අතර එයින් සිදුවන සමාජීය බලපෑම ගණනය කළ නොහැකි එකකි. තවද ව්‍යාපාර ඇතුළු රටේ ආර්ථිකයට මෙමඟින් සිදුවී ඇති හානිය මෙතෙක් යැයි රජය විසින් ගණනය කිරීමට අපොහොසත්ව ඇත.

මෙහිදි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසට  අපට හැගි යන්නේ ආණ්ඩුව තම මර්දනකාරී වැඩපිළිවෙළට අවශ්‍ය පූර්වාදර්ශය මෙම තහනම තුළින්  පරිපූර්ණ කිරීමට උත්සහ ගන්නා බවයි.  යම්හෙයකින් ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදි ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය විකල්ප මතධාරාවක් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා නිර්මාණය වන අවස්ථාවකදි එය මැඩපැවැත්වීමට මෙම වාරණය උපයෝගී කරගත හැකිදැයි අත්හදා බලනු ලබන පෙර පරීක්ෂණයක් ලෙසට මෙම දින කිහිපය යොදා ගන්නා බවට අපගේ මතය වේ.

තවදුරටත් ආණ්ඩුව මෙලෙස ඉදිරියට කටයුතු කරනවා නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන්නෙමු. එහෙයින් මෙලෙස ව්‍යංගකාරි විසඳුම් සෙවීමට නොගොස් සමාජය තුළ පැන නැගි ඇති සැබෑ ගැටළුව හදුනාගෙන එයට අවශ්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

සුවින් වගාරච්චිගේ,
කැදවුම්කරු

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රී ලංකාව
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Movement of Web Journalist- Sri Lanka

වත්මන් රජය බලයට පැමිණියේ ‘රාජපක්ෂ යුගයේ‘ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංවිධාන වන අප හා මාධ්‍යවේදීන් නැගූ හඬ උපයෝගී කරගෙනය. නමුත් අද වන විට යහපාලන රජය ‘මහින්ද යුගයේ‘ ද නොතිබූ අයුරින් මර්දනකාරී ස්වරූපයක් පෙන්නුම් කරමින් සිටින බව මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

“රට පුරා ඇතිව තිඛෙන යම් කලබලකාරී වාතාවරණයන් පාලනය කිරීම පිණිස රජය විසින් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයත්, අන්තර්ජාලයේ වේගය අඩාළ කිරීමට ගත් තීරණයත් මාධ්‍ය සංවිධාන එකතුව වන ‘මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව‘ හා ‘නිදහස් මාධ්‍ය සංසදය‘ විසින් එ්කාබද්ධව හෙළා දකිනු ලබන බව දන්වනු කැමැත්තෙමු.

රට තුළ ඇති වූ කලබලකාරී වාතාවරණය මැඩ පැවැත්වීම වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට රජය ගත් තීරණය නූතන යුගයේ ‘කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවකි‘. තවද ජාති හා ආගම්වාදය වපුරන කිහිප දෙනකු නිසා ජාතිවාදය හෝ ආගම්වාදය කිසිසේත් අනුමත නොකරන බහුතර සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නන්ගේ තොරතුරු දැනගැනීමේ, අදහස් හුවමාරු කර ගැනීමේ, අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීම ඔවුන් සියලූ දෙනාට කරන ලද බරපතළ වරදක් ලෙස අපි දකින්නෙමු.

එමෙන්ම මෙය ඉතා දරුණු හා වැරදි පූර්වාදර්ශයක් බවත්, මාධ්‍ය නිදහසට බරපතළ තර්ජන තිබූ ‘මහින්ද රාජපක්ෂ‘ යුගයේදීවත් මෙවැනි ජන විරෝධී මර්දනකාරී ක්‍රියාවක් සිදු නොවූ අතර මෙම වැරදි පූර්වාදර්ශය ඇතැම් විට ඉදිරියේදී මීට වඩා බරපතළ ලෙස අප රටේ තොරතුරු දැනගැනීමට හා අදහස් ප්‍රකාශ කිරීමට බලපෑ හැකි බව අපගේ මතයයි.

එසේම සමාජ ජාල තුළ ජාතිවාද, හා ආගම්වාදයන් වපුරවමින් ප්‍රචණ්ඩ, කලහකාරී ක්‍රියා සඳහා අනුබල දෙන පුද්ගලයින් හා කණ්ඩායම් සොයා ඔවුනට දැඩි දඩුවම් ලබා දීමට නීතිමය පසුබිම හා තාක්ෂණික පහසුකම් රජය සතුව තිබියදීත් එවැනි අන්තවාදීන් කිහිප දෙනකු නිසා සමස්ත සමාජ ජාලා භාවිත කරන්නන් අපහසුතාවයට පත් කිරීම බරපතළ කරුණකි. එය රජයේ බුද්ධි අංශවල අසාර්ථකතාවයද පිළිබිඹු කරන්නකි. එසේම ප්‍රචණ්ඩත්වය, ආගම්වාදය වපුරන කණ්ඩායම්වලට සාපේක්ෂව එයට එරෙහිව හඬ නගන්නන්ද රැසක් සිටින බැවින් එකී හඬද මෙම ක්‍රියාවෙන් යටපත් වේ.

මේ සියල්ලෙන් පෙනී යන්නේ රජය නීතිය හා සාමය රැකීමට අසමත් බවයි. මෙම ක්‍රියාවන්ගේ දිගුවක් ලෙස ඉදිරියේදී පුවත් වෙබ් අඩවි, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වාරණයක් වුවද ගෙන එ්මට පසුබට නොවන බව පැහැදිලිව පෙනී යයි. රජය සිය අසමර්ථතාවයන් සඟවා ගැනීමට නොකරන දෙයක් නැති බව මේ සිද්ධියෙන් පසක් වෙයි.

වත්මන් රජය බලයට පැමිණියේ ‘රාජපක්ෂ යුගයේ‘ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංවිධාන වන අප හා මාධ්‍යවේදීන් නැගූ හඬ උපයෝගී කරගෙනය. නමුත් අද වන විට යහපාලන රජය ‘මහින්ද යුගයේ‘ ද නොතිබූ අයුරින් මර්දනකාරී ස්වරූපයක් පෙන්නුම් කරමින් යයි. යහපාලන රජය බොරු පොරොන්දු ලබා දුන්නා විනා මෙතෙක් කල් මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙනුවෙන් කළ සැලකිය යුතු දෙයක් නැත. කරන ලද එකම දේ මාධ්‍ය සංවිධාන හා මාධ්‍යවේදීන් රවටා කඩේ යැවීම පමණකි. මාධ්‍ය සංවිධානවල සිටි ප්‍රබලයින්ට රජයේ තනතුරු ලබාදෙමින් මාධ්‍ය සංවිධාන හීලෑ කර නිහඬ කරවීම පමණකි. මාධ්‍ය සංවිධානවල ශක්තිය දියාරු කර හීන කිරීම පමණකි.

වත්මන් රජය බලයට පැමිණියේද සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරණයන්ට පින් සිදු වන්නටය. නමුත් අද වන විට රජය සමාජ ජාල වෙබ් අඩවිවලට බය වී ඇත්තේ රජයේ අසමර්ථතාවන් ප්‍රසිද්ධියේ විවේචනය කරන බැවිනි.

අපිද ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පිළිකුල් කරමු. ජාතිවාදය අවුලන්නන්ට එරෙහි වෙමු. නමුත් එ් ‘මුට්ටිය බේරා ගැනීමට මහදැන මුත්තා මෙන් බෙල්ල කපා දමා‘ නොවේ.

එනිසාම සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහි වන අතරම අන්තවාදය වපුරන්නන්ට එරෙහිව රජය වඩා විධිමත්, දියුණු, සූක්ෂම, දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු විනා මාධ්‍යයන් වාරණය කිරීම විහිළුවක් බව දන්වනු කැමැත්තෙමු.

තිළිණ අලහකෝන්
ලේකම් – මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව
කැඳවුම්කරු – නිදහස් මාධ්‍ය සංසදය
(එ්කාබද්ධ ප්‍රකාශයකි)

Published on: Mar 11, 2018 – වත්මන් සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ “යහපාලන” ආචාර්ය දඹර අමිල හිමියෝ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සිරිසේන ජනාධිපති ගේ රෙදි ගලවා අවසානයට අමුඩද ගලවන බවට අනතුරු අගවා සිටියා…

“යහපාලන” ආචාර්ය දඹර අමිල හිමියෝ

“අපි දන්න දෙයක් තමයි බහුතර සිංහල මිනිස්සු ජාතිවාදී නෑ. බහුතර මුස්ලීම් මිනිස්සුත් ඒවගේම ජාතිවාදී නෑ. දෙමළ මිනිස්සුත් ජාතිවාදී නෑ. බෞද්ධයාත් ජාතිවාදී ආගම්වාදී ස්වරූපයක් නෑ. ඉස්ලාම් බැතිමතත් එහෙමයි. හින්දු එක්කෙනත් එහෙමයි. ඒනිසා සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න ඕනේ නෑ සංවර වෙන්න,නිශ්ශබ්දව ඉන්න, සාමය රකින්න, අරක ඔරන්න, මේක කරන්නෙපා කියලා කියන්න ඕනේ නෑ. කොහොමත් මිනිස්සු නිශ්ශබ්දයි. අතිශය ලංකාවේ මිනිස්සු කොහොමත් සංවරයි. ජාතිවාදී නෑ. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? කවුද මේ ගිනි තියන්නේ? ඇදිරි නීතිය දාන්න වෙල තියෙන්නේ ඇයි? හදිසි නීතිය දාන්න වෙලා තියෙන්නේ ඇයි? ගිනි ගන්නේ මොකද ? අන්න ඒකයි හොයන්න ඕනේ හේතුව. මුලින්ම ඉතාම වැදගත්ම කාරණය තමයි මේ උපාය මාර්ගය මොකක්ද කියන එක තේරුම් ගන්න එක. මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට තියෙන පළවෙනි වුවමනාව තමන්ව අත් අඩංගුවට පත්වෙන එක නවත්තගන්න. තමාව හිරේ වැටෙන එක නවත්ව ගන්න. අධිකරණයේ කතා කරන නඩු වලට මුහුණ දෙන එක කොහොමහරි කල් දම්ම ගන්න. ඒ කල් දමා ගැනීමේ ඔහුගේ සීමාව වන්නේ ආණ්ඩුව වැට්ටීමෙන්.ආණ්ඩුව වැට්ටුවාම අත් අඩංගුවට ගන්නේ නෑ, ගන්න දෙන්නේ නෑ ඒගොල්ලෝ. ඒ කියන්නේ පොලීසියට මැදිහත් වෙනවා ඒගොල්ලෝ. ඒවගේම අධිකරණයේ නඩු වලට යන්නේ ඒ. කෝල් කරලා කියනවා ඕවා කල් දාපන් අකුලලා දාපන් කියලා. ඒනිසා මේ කල් දැමීමේ ඉම තමයි ආණ්ඩුව වැට්ටීම, ආණ්ඩුව අතට ගැනීම ඔවුන්ගේ. ඒකට ඡන්දයක් හෙට අනිද්දා එන්නේ නෑ. ඒකට මහ ජනයාගෙන් අහලා ආණ්ඩුව වෙනස් කරන එකක් හෙට අනිද්ද එන්නේ නෑ.එවැනි වෙනසකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ 2019දී, 2020දී වගේ.නමුත් එතකන් ඉන්න බෑ . එතකන් ඉදීම කල් වැඩියි. එතකන් හිටියොත් අත් අඩංගුවට පත්වීම් වෙන්න පුළුවන්.ඒවගේම උසාවියට ඉදිරිපත් කිරීම් වෙන්න පුළුවන්. මොකද ඒ වැඩේට කල් තියෙනවා තව. මැතිවරණයට යොමුවෙන්න කල් නැති වුණාට නඩු අහන්න සහ නඩුවලට යොමු කරන්න අත් අඩංගුවට ගන්න ඒගොල්ලන්ට කල් තියෙනවා. ඒනිසා ඒගොල්ලෝ විශ්වාස කරනවා තමාට පවුලට හිතවතුන්ට එන අනතුර වලක්ව ගන්නේ කොහොමද කියන බෆර් එකක් හදා ගැනීම ඒගොල්ලෝ කළේ. ඒක තමයි ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ලෝකේ කිසිම ජනාධිපතිවරයෙක් යන්නේ නැති කියන්නේ නැති වැඩකට ගියේ. ජනේලේ එල්ලිලා මැද මුලනේ මම තමුන්නාන්සේලා එක්ක ඉන්නවා කියලා. ”

අපිට විරුද්ධව නඩු තීන්දු දුන්නොත් බලාගෙනයි…..

“දැන් අන්න LTTE ත්‍රස්තවාදීන් ආපහු එයි කියලා. දැන් උතුරේ කඳවුරු වලට LTTE කාරයෝ ඇවිල්ලා පස්ස පැත්ත පෙන්නනවා කියලා. තනිකරම උතුරේ ඉන්න සහ කදුකරයේ ඉන්න සුළු ජාතීන් තමයි මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ කියලා. එහෙම තමයි පටන් ගත්තේ. එතකොට ප්‍රතිඵල නිකුත් කරලා උණු උණුවේ වේලිලාවත් නෑ. එතනින් එයාගේ ප්ලෑන පටන් ගන්නවා. මොකද එයා දන්නවා එයා මොනාද කරපු අපරාධ වැඩ ටික, මුළු පවුලම දන්නවා කරපු කාලකණ්ණි අපරාද වැඩ ටික, එයා තමයි දන්නේ. හොරකම් කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරලා තිබෙනවා. මිනී මරලා තිබෙනවා. මොනද නොකළේ? ඒ හැම දෙයක්ම කරපු බව ඔවුන් දන්නවා. මොකද අපිත් ඔහුව පරාජය කරන්න මහජනායාට කිව්ව ප්‍රධාන සටන් පාඨ ඒ ටික තමයි. මහජනයාව කුළුගැන්වූවේ ඒවා කියලා. ආර්ථික ප්‍රශ්නයක් අපි කිව්වේ නෑනේ. මහින්ද පාරවල් හැදුවේ නෑ, ආර්ථික ප්‍රශ්නයක් තිබුණා කියලා අපි කිව්වේ නෑ. අපි කිව්වේ මොකක්ද, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලකයෙක්. මාධ්‍ය ආයතන වලට පහර දුන්නා. මාධ්‍යවේදීන්ව මැරුවා. ඔවුන්ව පිටරටවල් වලට පැන්නුවා. ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කළා.පක්ෂ කැඩුවා. බොදුබලය වගේ හදලා ජාතිවාදය ඇති කළා. ඒනිසයි මෙයාව පන්නන්න ඕනේ කියලා අපි කිව්වේ. එයා දන්නවා ඒනිසා ඒවා ඉලක්ක කරගෙන තමයි පත්වුණු ආණ්ඩුව එයා පස්සේ එන්නේ කියලා. ඒක අනිවාර්යෙන් ඕන කෙනෙකුට හිතන්න පුළුවන් දෙයක්. හිතන්න ඕනේ 2යි 2යි කිව්වම 4යි කියන්න පුළුවන් මොළයක් තියෙනවා නම්.ඒ අන්නුව එයා ගානට දාම් ඉත්තා ඇද්දා, ඒ අනූව ඒක කළා. ඊළඟට නුවර ඉදලා පාගමනක් ආවා. ඇවිල්ලා පෙන්නුවා හැම විටම එයා දේශපාලන තලය තුළ සක්‍රීයව ඉන්නවා කියන එක. එහෙමත් නැත්නම් තව වැඩිකල් යන්න කලින් එයා බලයට් පත්වෙනවා කියන සංඥාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, FCID එකටත් දෙන්න හිතුවා. ඒනිසා බලාගෙනයි, මේ පේනවා නේද් ජනතාව. ඒවගේම උසාවි වල ඉන්න විනිසුරුවරුන්ට සංඥාව දුන්නා අපිට විරුද්ධව නඩු තීන්දු දුන්නොත් බලාගෙනයි. පේනවා නේද නුවර ඉදන් එන ගමන? මෙහෙම කවදාවත් වුනේ නෑනේ කියලා ඒ සංඥාව එයා දිගින් දිගටම දුන්නා. එයා නතර වුණේ නෑ එතනින්. එයා නුගේගොඩින් නැගිටිමු 1,2,3,4 කියලා එයා දේශපාලන සක්‍රීය භාවය පවත්වගෙන ගියා. සජීවී දේශපාලන සත්වයෙකි කියන එක එයා පෙන්වගෙන ගියේ වෙන කිසි දේකට නෙවෙයි එයා නැවත එනවා කියන එක පෙන්නන්න. ඒක තමයි එයා දිගටම ඒ ක්‍රියාවලිය කරගෙන ආවේ.”

එයාගේ බෆර් එක ශක්තිමත් කර ගත්තා.

“ඒ අනූව එයා පෙබරවාරි ඡන්දයට ආවා. එයා ගත්තා. ඉතාම අවිධිමත් ඡන්ද ක්‍රමයක් තමයි තිබුණේ. කලබලයෙන් තමයි ඒක සම්මත කරගත්තේ. ඒකට එයා කැමැත්ත දුන්නෙත් ඒකයි. මොකද කාන්තා නියෝජනය පිළිබඳව පැහැදිලිව ප්‍රශ්න තිබුණු බව එයා දැක්කා. ඒ ගැන අපිත් දැන ගත්තා, විවේචන ඉදිරිපත් කළා. නමුත් ඉක්මනට සම්මත කරගමු, ඉක්මණට ඡන්දය ගමු කිව්වා. මොකද ඡන්දය තිබ්බට පස්සේ ඕනෑම ආණ්ඩුවක් මාස කිහිපයක් යනකොට තිබ්බ් හිණිපෙත්තෙම ඉන්නේ නෑ. සාමාන්යෙන් පහලට ඒමක්, අවපාතයක් පෙන්නුම් කරනවා. එතකොට එයාට සංඛ්‍යා ලේඛන අනූව පෙන්නන්න පුළුවන් වුණා ආණ්ඩුව පල්ලෙහාට බැහැලා එයාලා ගොඩක් ඉදිරියෙන් ඉහළින් ඉන්නවා කියලා. එයා දන්නවා ආණ්ඩුව පෙරළෙන්නේ නෑ කියලා. නමුත් එයා ජනමතය උරගා බලනවා. ආණ්ඩුවට සංඥාවක් දෙන මහජනයාට සංඥාවක් දෙන මහජන මතය එයා ලබාගත්තා. ඒ අනූව ඒකට පොහොට්ටුවෙන් ඉදිරිපත් වුණා තමන්ගේ පක්ෂයට පිටුපාලා.පාවාදීම් ඉතිහාසයේ ස්වර්ණමය නාමයක් එයා දිනාගත්තා. ශ්‍රීලංකා නිදහ්ස් පක්ෂය කඩලා වෙනම පොහොට්ටුව කියලා එකක් හදාගෙන එයා ආවා.ඇවිල්ලා ඒකෙන් පෙන්නුවා එයා උඩට ආවා කියන එක.එයාගේ බෆර් එක ශක්තිමත් කර ගත්තා. ”

you are the our next president

“ඒ හරහා දැන් මොකක්ද වුණේ, සමාජ මනෝභාවයක් හැදිලා තියෙනවා දැන් නම් මෙයාට එරෙහිව කටයුතු කරන්න බෑ කියලා. එයාට එහෙම කටයුතු කරන එක ගැන දැන් රාජ්‍ය නිළධාරීන් ටිකක් හිතනවා. ඒවගේම උසාවි වල ඉන්න විනිසුරුවරුත්, පොලීසියේ අයත් හිතනවා, ආණ්ඩුවේ අයත් හිතනවා, ජනාධිපතිවරයාත් හිතනවා. අන්න කඩාවැටෙන තැනට එයා ගෙනාවා. ඊළග පිම්ම යන්න එයා බැලුවා. ඊළග පිම්මෙදී එයා බැලුවා නුගේගොඩින් නැගිටිමු දිගටම ගෙනියලා ජනාධිපතිවරණයක් මුලින්ම එන්නේ. ඒකේ අවුලක් තියෙනවා. ඒ නිසා එයා කල්පනා කරලා තියෙනවා තව පොඩ්ඩක් යමු. අනික 2018, 2019 දී විශාල ණය කන්දරාවක් ගෙවන්න තියෙනවා. ඒ නිසා පී.බී.ජයසුන්දරව ගෙන්නලා ඇහුවා කොහොමද මචං තත්ත්වය කියලා. වැඩක් තියෙනවා අන්තිම භයානක වැඩක්. ඒනිසා දැන්ම් ගන්න යන්නෙපා ඔහොම අල්ලගෙන යන් කියලා. අලාගෙන යන්නත් බෑ එයාට. සාමකාමී තත්ත්වයක් රටේ තියෙන්න බෑ එයාට. මොකද එයාට ඕනේ වුණා හැමවෙලේම එයා ඉන්නවා, පිළිනොගත්ත නායකයා විදියට ඉන්න බව පෙන්නන්න. ඒනිසා තමයි ෂ්‍රැන්ගිල්ලා හෝටලය විවෘත කරන්න ගියාම ජනාධිපතිතුමාට දෙකයි පනහේ කෑම දෙන්නේ. නමුත් එයාට නම් ලොකු රාත්‍රී භෝජන සංග්‍රහයක් දීලා, you are the our next president කියලා පිළිගන්නේ ඒගොල්ලෝ එහෙම තමයි. ඉතින් ඒගොල්ලන්ව එයා එතැනට ගෙනැල්ලා තිබුණා. ”

නීතිය හා සාමය ජෙනරාල් ෆොන්සේකාට දෙනු!

“ඒ අතරේ අපි ඉල්ලීමක් කළා මේ එන පොට නම් හොද නෑ. ඒනිසා නීතිය හා සාමය ඇති කරන්න ජෙනරාල් ෆොන්සේකාව ගේන්න ඕනේ කියලා. එයා දැන ගත්තා අන්තිම් භයානක තත්ත්වයක් එන්නේ.මේක රටේ දැවැන්ත විලාසිතාවක් බවට පත්වුණා. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ කිව්වා ඔව් ඔව් පත් කරන්න ඕනේ කියල. නව පිබිදීමක් ඇති වුණා. හැමෝම හිතුවා ෆොන්සේකා ආවොත් වැඩේ කෙරෙනවා කියලා. ඒවගේම වාහනේ යනකොට ෆොන්සේකාට මයික් එක දීලා ඇහුවම ඔයාට මෙහෙම එකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා ඔයා මොකද කියන්නෙ කියලා ඇහුවම එයත් මොකද කිව්වේ, මාසයක් ඇතුළත වැඩේ කරලා පෙන්නන්නම් කියලා. ෆොන්සේක එහෙම කිව්වම අරයා රත් වුණා. ඒකට සෑහෙන්න කම්පනයට පත් වුණා. එයා දැන ගත්තා එන පොට හොද නෑ කියලා. ඒනිසා එයා හිතුවා මේක යවන්න ඕනේ වෙන පැත්තකට කියලා. මේ මාතෘකාව ජෙනරාල් ෆොන්සේකාව නීතිය හා සාමය අමාත්‍යාංශයට ගේන එකේ සාකච්ඡාව වෙන පැත්තකට හරවන්න ඕනේ කියල. ඒ හරහා මොකක්ද කළේ තමන්ගේ බැටෑලියන් එක දාලා අන්න අම්පාරෙන් පටන් ගත්තා වැඩේ. දැන් අද කතා කරන්නේ ජෙනරාල් ෆොන්සේකාව පත් කිරීමට වඩා අපි ජාතිවාදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. මේ හැමෝම කතා කරන්නේ ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. අර මාතෘකාව සම්පූර්ණ යට ගියා. ”

හරියටම on the spot වෙන්න පහර දෙන්න ඕනේ

“එයාගේ දාම් පතේ ඊළඟ එකත් එයා ගියා. ඒකේ ජයග්‍රහණයත් අත්පත් කරගත්තා එයා. දැන් එයාට ඒ අනතුර නෑ කියන එක තමයි එයගේ විශ්වාසය. ඒනිසා මේ ජාත්වාදයට හේතුව තමයි පොහොට්ටුව සහ මහින්ද රාජපක්ෂ.වෙන කිසිම කෙනෙක් නෙවෙයි. මේ අහිංසක මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑ. අපේ උපාසක අම්මලාට කියලා හරියන්නේ නෑ පෝලිම් ගැහෙන්න කියලා. ඒවා නෙවෙයි වැදගත් වෙන්නේ හරියටම න්‍යෂ්ටියට පහර දෙන්න ඕනේ. අපිට කියන්නේ සතුරව නිකන් අතගාලා දෙකයි පනහේ වැඩ කරන්නෙපා, සතුරට පහර දෙනවා නම් හරියටම on the spot වෙන්න පහර දෙන්න ඕනේ කියලා. ඒක තමයි දේශපාලන විද්‍යාවේ පළවෙනිම එක. ඒදේ මේ පාලකයෝ හොදට තේරුම් ගන්න ඕනේ දෙයක්. ඒක කරන්නේ නැතුව අත ගගා දිගටම හිටියා. ඒනිසා ජෙනරාල් ෆොන්සේකාව ගෙනැල්ලා අනිවාර්යෙන්ම නීතිය හා සාමය ස්ථපිත කිරීමේ ක්‍රියාවලියට යන්න ඕනේ. මේ සිද්ධියෙන් මතුපිටින් ගිනි තියනවා තමයි. රටේ නීතියක් කියලා එකක් තියෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනේ. වෙන එකක් නෙවෙයි මෙතැනට අදාළ වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. කවුද පොළු අරන් එන්නේ, යකඩ අරන් එන්නේ මිනිස්සුන්ව මරන්න,ගහන්නේ කවුද, දේපළ හානි කරන්නේ කවුද, ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න. ඒකට අදාළව ක්‍රියාමාර්ග ගන්න රටේ ඕනතරම් නීති තියෙනවා. ඇදිරි නීතියම දාන්න ඕනෙත් නෑ. හදිසි නීතියම ඕනෙත් නෑ. කමක් නෑ හදිසි නීතියත් පාවිච්චි කරන්න, යුධ නීතියත් දාන්න, හෙලිකොප්ටර් වුණත් ප්‍රහාරහ යානා වුණත් කමක්නෑ පාවිච්චි කරන්. මල්ටි බැරල් වුණත් කමක් නෑ පාවිච්චි කරන්න. රටට හතුරෝ ක්‍රියාත්මක වෙනවා නම් ඒකට උපරිම වැර යොදා ගහනවා මිසක් නිකන් බාගෙට අවි ආයුධ පාවිච්චි කරලා වැඩේ උඩු දුවා ගන්න හොද නෑ. ඒක තමයි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ මුලින්ම නියපොත්තෙන් කඩන්න ඕනේ කියල. ඒක කැඩුවේ නෑ. ඒක දැනුත් කරන්න පුලුවන්. ”

“විනයෝ නාම ශාසනා සායෝ”. ශාසනය පවතින්නේ විනය නිසා.

“ඒනිසා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් කරන්නට ඕනේ. නීතිය ස්ථාපිත කිරිම, නීතිය හා සාමය ගොඩ නැගීම තමයි මේකට එකම උත්තරය. හරියට කෙළින් නීතියට අනූව හැම පුරවැසියෙක්ම ඉන්න ඕනේ. ඒකේ බලන්නෙපා සිංහලද, දෙමළද, මුස්ලීම්ද, බෞද්ධද, හාමුදුරු නමක්ද, පූසාරිවරයෙක්ද කියලා. ඒවා වැඩක් නෑ. නීතියට අනූව කෙළින් ඉන්න ඕනේ. එහෙම නැති කෙනෙක්ට අනිවාර්යෙන්ම නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒකයි මේකට තියෙන නියම උත්තරය. ඒකට පොලීසියට දොස් කියල වැඩක් නෑ. මං විශ්වාස කරනවා පොලීසියට කරන්න දෙන්නේ නෑ මේක.විශේෂයෙන්ම දිගන හා තෙල්දෙණියේ හිටපු OIC ලට මැද මුලනෙන් ගියපු, බෙලි අත්තෙන් තංගල්ලේ එකට හිටපු කාලයක් එකට කාපු, ඒ පාරාජිකා වුණ පොලීසියේ අය තමයි ඉන්නේ. ඒනිසා ඒගොල්ලොත් අර මහින්දගේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒනිස ඇතිවෙච්ච ගින්න නිවීම සදහා කටයුතු කළේ නෑ වහාම. ඒගොල්ලන්ට ඒක කරන්න තිබුණ නමුත් ඒක කරලා නැති බව පේනවා. ඒනිසා ඉදිරියේදි බුද්ධි අංශ දාලා හොයන්න ඕනේ හරියටම ඒ කවුද කියලා. ඒ අයට අදාළව දඩුවම් පමුණුවන්න ඕනේ ප්‍රසිද්ධ ස්ථාන වලට ගෙනැල්ලා. එහෙම නැතුව රටක් හදන්න බෑ. රටක තියෙන්න ඕනේ විනයක්. ඒනිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ “විනයෝ නාම ශාසනා සායෝ”. ශාසනය පවතින්නේ විනය නිසා. අර ආගම් වලින් කියන බණ. ඒවා නිකන් බොරු විකාර. ඒවගෙන් රටක් හදන්න බෑ. ඒගොල්ලෝ කොහොමත් 80% ක් හැදිලා තියෙන්නේ. අධ්‍යාපනයෙන් හා චාරිත්‍ර වාරිත්‍ර වලින් සමාජයක් ශිෂ්ඨ සම්පන්න වෙනකොට ඔටෝමැටිකලි සාමයට එනවා. හදන්න බැරි කොටසක් ඉන්නවා. හදන්න බැරි අනුන්ගේ කොත්‍රාත් කන, අනුන්ගේ ලණු කන, අනුන් අතේ නැටවෙන කල්ලි කණ්ඩායම් හැදෙනවා. අන්න ඒ අයට අමතක නොවන නිසි දඩුවම් පමුනුවන්න ඕනේ. ඒකට මුලින්ම ඉහළ හයිය තියෙන්න ඕනේ. පොලිස්පතිට, අගමැතිට, පොලීසිය භාර අමාත්‍යවරයාටත් වඩා ඉහළ හයියි තියෙන ලංකාවේ විධායක ජනාධිපතිවරයා ඉන්නවා.”

දෙකයි පහනේ, පතෝල වර්ගයේ ජනාධිපතිවරයෙක්

“ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මේකට. ඇත්තටම අද දෙකයි පහනේ, පතෝල වර්ගයේ ජනාධිපතිවරයෙක් ඉන්නේ. හරිම කණගාටුයි. අපි ලෝකේ කොහෙවත් දැකලා නෑ මේවගේ පජාත ජනාධිපතිවරයෙක් ඒ කියන්නේ කොන්ද පණ නැති, දෙකයි පනහේ,පතෝල කරල වගේ ජනාධිපතිවරයෙක් ඇත්තටම කියනවා නම්. රටේ නීතිය පවත්වගෙන යාම ප්‍රධාන වගකීමක්. ඒක එයාට කරන්න බැරිනම් යන්න කියල කියන්න තියෙන්නේ. කරතොත් කරපං හරියට නැත්නම් පලයං අහකට කියලා.මුළු රටම විනාශ කරනවා. මුළු රටටම පිළිලයක් වෙලා තියෙන්නේ අද. රට පජාත වෙන තැනට පත් කරලා තියෙනවා. ජාතික සමගිය වනසන තැනට පත් කරලා තියෙනවා.එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා. කතාවට නම් හරිම දක්ෂයි. නමුත් ක්‍රියාමාර්ග ගන්න බැරි කොන්ද පණ නැති පාලකයෙක්. ඒ නිසා අනිවාර්යෙන්ම වහාම දැඩි ක්‍රියාමාර්ග අරගෙන මේ රට යහපත් තත්ත්වයට පත් කිරීමට මැදිහත් වෙන්න ඕනේ. තමන්ට ජනවාරි 08 දුන්නේ ඒ අදහසින්. අපි දුන්නේ නෑ ආර්ථික වර්ඪ්හනය හදන්න ඔයා කියලා. අපි එයාට දුන්නේ සංහිදියාව හදන, යහ පාලනය ගොඩ නගන, ජාතික ප්‍රතිපත්ති හදන වැඩසටහනට යන්න කියලා. පෞද්ගලික න්‍යාය පත්‍ර තියාගෙන් පක්ෂ ගොඩනගන්න, පක්ෂෙන් කෑල්ලක් තියාගෙන ඒකේ ලොකු එකක් හදාගන්න කියලා අපි දුන්නේ නෑ එයාට. අපි එයාට දුන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා කවදාවත් විසදගන්න බැරි වුනු ජාතික ප්‍රශ්න ටික විසදගන්න කියලා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න දුන්නෙ. ”

ජනාධිපතිවරයා හොරෙක්,මිනීමරුවෙක්. මිනීමරුවන්ව ආරක්ෂා කරන කෙනෙක්

“ඒක තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කිව්වේ. විධායක ජනාධිපතියෙක් එපා, ජාතික සමගිය ගොඩනගන්න පුළුවන්,බලය බෙදාහරින, විශිෂ්ඨ ජාතියක් හදන, ශ්‍රීලාංකීය ජාතිය නිර්මාණය කරන ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍ය යටිතල පහසුකම් සලසන්න කියල අපි එයාට කිව්වේ. ඒක ඇර අනිත් ඔක්කොම කරන්න පටන් ගත්තා. දැන් මේ මොහොතේ වෙලා තියෙන තත්ත්වයට හරියට පියවර සොයන්නේ නෑ. අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මුළු කැබිනට් එකම ලියලා දීලා තියෙනවා ජනාධිපතිවරයාට නීතිය හා සාමය සරත් ෆොන්සේකාට වහාම දෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ දැනට ඇමති කෙනෙක් සරත් ෆොන්සේකා. ඒනිසා මුළු පක්ෂයම තීන්දු අරලා තියෙනවා වහාම එයාට දෙන්න. ඒකයි අපේ තීරණය කියලා. අද වෙනකන් ඒක ගනන් ගන්නෙ නෑ හොරු, මංකොල්ලකාරයොත් එක්ක එකට ඉන්නවා. ඒනිසා අපි කෙළින්ම චෝදනා කරනවා ජනාධිපතිවරයා හොරෙක්,මිනීමරුවෙක්. මිනීමරුවන්ව ආරක්ෂා කරන කෙනෙක් එයා. හොරු රකින ජනාධිපතිවරයෙක්. ඒනිසා අපි රටට ලෝකෙට කියනවා සත පහකට විශ්වාස කරන්නෙපා මේ ජනාධිපතිවරයාව. සම්පූර්ණ ඩීල් එකක තමයි මෙයා ජීවිතය ගත කරන්නේ. ”

වංචාකාරී ජනාධිපතිවරයෙක්

“මෙයාගේ සුදු ඇදුම අද සත පහකට වැඩක් ඇති එකක් නෙවෙයි. බය නැතුව කියනවා වංචාකාරී ජනාධිපතිවරයෙක් ඉන්නේ කියලා. අපි පරීක්ෂණ කිහිපයක්ම කළා. ඒ හැම එකකින්ම ඔප්පුවෙලා තියෙනවා හොරු ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ දිගටම ඉදලා තියෙනවා කියලා. මට මතකයි අල්ලස් කොමිසමේ දිල්රුක්ෂිව ඉවත් කරපු හැටි.ඒවගේම හමුදාවෙ අයව උසාවි ගෙනිච්චම ඒකට විරුද්ධව කෑගහපු හැටි. අපි හිතුවා වෙන ප්‍රශ්නයක් ඇති මෙයා වගකීමෙන් මේ දේ කරනවා ඇති කියලා. නමුත් සම්පූර්ණයෙන් යට තියෙන්නේ ඩීල්, භීතිකාව. සම්පූර්ණයෙන් යට තියෙන්නේ රාජපක්ෂ පවුල බේරගන්න කුමන්ත්‍රණ.රාජපක්ෂ පවුල යළි බලයට ඇවිත් අපිව අඩි 6ක් යටට දැම්මත් මහත්තයෝ, බය නැතුව තීන්දු තීරණ ගන්නවා. එහෙම කළාම තමා සොහොන් කොත් නිර්මාණය වෙන්නේ. බයගුල්ලෙක් හැටියට ඉදලා යනකොට වැඩේ කෙරිලත් නෑ බයගුල්ලෙක් හැටියට විතරයි යන්නේ. අඩුමගානේ අහවල් නීතිය ගෙනැල්ල ඒ සිස්ටම් එක හැඩුවේ මම කියන පණිවිඩයවත් ජනතාවට දෙන්න ඕනේ.ඒනිසා කෙලින් හිටගෙන තීරණ ගන්න. ඒනිසා වහාම නීතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන්න. ”

අද දිගන, හෙට අලුත්ගම

“අනිවාර්යෙන්ම ඒක දෙන්න ඕනේ. මේක එයාටවත් අගමැතිවරයාටවත් කරන්න බෑ. මං විශ්වාස කරන්නේ නෑ කැබිනට් වෙන කිසි කෙනෙක් ඉන්නවා කියලා. හැමෝම ඉන්නේ තමන්ගේ ජීවිත වලට, පවුල් වලට ආසාවෙන්. හැමෝම ඉන්නේ තමන්ගේ ආත්මය ගැන හිත හිතා. එහෙම හිතාගෙන රටවල් පාලනය කරන්නවත් විනයක් ගේන්නවත් බෑ. හරියට බය නැතුව සතුර එක්ක හැපෙන්න ඕනේ, අවසානයේ ඒක විජයග්‍රහනය කරා ගෙනියන්න අවබෝධයක්, අත්දකීම් තියෙනෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන්න ඕනේ. ඒ හරහ පුළුවන් අපිට සාමකාමී සමාජයක් ගොඩ නගන්න. ආයේ කවදාවත් ජාතිවාදී හිකනළුන් නැගිටින්නේ නෑ. ඒ අයට නිසි බෙහෙත නිසි තැනට දෙන්න ඕනේ. දාහද,දෙදහද, පන්දහද කියන එක වැදගත් නෑ. නිසි විදියට ඒ අයට දඩුවම් පමුනුවලා ඔහොම හිටු කියලා කියන්න ඕනේ. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය බාධාවක් කරගන්නෙපා. යහපාලනය දෝරෙ ගලනකොට ඒකෙන් කසිප්පු පෙරනවා නම් ඒක හොද වැඩක් නෙවෙයි. ඒ යහපාලනයෙන් වැඩක් නෑ.ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනේ යහපත් සමාජයට ආරක්ෂා සහිතව ඉන්න මිසක් ත්‍රස්තවාදීන්ට, ජාතිවාදීන්ට, රට ගිනි තියන් අයට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නෑ. ඒක තමයි පොලීසියට ඒ අවශ්‍ය අවි ආයුධ හිරකූඩු ගෙනත් දීලා තියෙන්නේ. මිනී පෙට්ටි මිනී සාප්පු තියෙන්නේ. ඒනිසා ඒ අවශ්‍ය තැනදි නිසි ක්‍රියාමාර්ග උපරිම ගන්න ඕනේ. රටේ කුඩු ව්‍යසනයක් තිබෙනවා. සෙල්ලම් නෑ 35000ක් 40000ක් ප්‍රමාණයේ තරුණයින් කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. වහාම මේක සතියක් දෙකක් ඇතුළත නවත්වන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. සතියක් කල් දෙන්න ඕනේ කුඩු බොන අය නවත්තන්න ඕනේ. කුඩු ගේන අය නවත්තන්න ඕනේ.ඊට පස්සෙ කිසිදු වගකීමක් ගන්නේ නෑ කියලා නිල වශයෙන් නිවේදනයක් දෙන්න ඕනේ නීතිය හා සාමය අමාත්‍යංශය භාර අරගෙන.ඒක ප්‍රසිද්ධියේ ජාතිය අමතලා කියන්න ඕනේ. ඒවගේම් අනික් වංචා වැඩ කරන අයට සතියය කල් දෙන්න ඕනේ. වහාම හැදෙන්න. වහාම පුනරුත්ථාපනය කරන්න.ඕනාම කෙනෙකුට ගන්න ඕනේ ක්‍රියාමාර්ගය දුටු තැන ගන්නවා කියලා. ඒ පණිවිඩය අනිවාර්යෙන්ම රටේ ජනතාවට දෙන්න ඕනේ. දීලා ඒක හරියට කරන්න ඕනේ. මේ අත ගගා මේක හැමදාම කරන්න බෑ. එහෙම වුණොත් හැමදාම වෙන්නේ අපිට ඛේදවාචක ගැන කතා කරන්න. ”

“අද දිගන, හෙට අලුත්ගම වෙන්න පුළුවන්. ජාතියට නායකත්වය දෙන සංවිධාන හැටියට අපි ඉල්ලා සිටිනවා කෙළින්ම පාලකයින්ගෙන් ජනතාවගේ හඩ තමයි අපි මේ දෙන්නෙ. ජනාධිපතිවරයාට කියන්න් පොඩ්ඩ්ක් ෆේස්බුක් වල ගිහින් බලන්න මොනාද කියන්නේ කියල. සෙවලයා කියනවා. පතෝලයා කියනවා. පණ නෑ කියනවා. කොන්ද පණ නේ කියනවා. මහජනයා කියන්නේ, අපි නෙවෙයි.අපි කියන්නේ ඔවුන් කියන දේ. අපි ඒක කියන කොට අපිටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒනිස ද ඉදලවත් කශේරුකාව කෙලින් තියන් වැඩ කරන්න. මරයි කියලබය වෙන්නෙපා. මැරෙන්නේ එක පාරයි.ජාතික වීරයෝ බිහිවුණේ රටවල් හැදුනේ එහෙමයි. ජීවිත පූජ කරල තමයි රටවල් හදලා තියෙන්නේ. සතුරට බයේ මාව මරයිද දන්නේ නෑ බලයට ආවට පස්සේ, මට පොළොන්නරුවට වෙලා ඉන්න දෙන එකක් නැතිවෙයිද?මගේ දුවට මොකක්හරි කරයිද? ඒවා හරියන්නේ නෑ. එහෙම නම් මේක භාර නොගෙන ඉන්න ඕනේ. එහෙම නම් දැනම් පස්වාන් දහසකට සමාවෙන්න, මං හරිම බයගුල්ලෙක්, මං පතෝලයෙක්, මට කිසිම් කොන්දක් පණ නෑ. ඒනිසා මං එතනින් සමු ගන්නවා කියලා කරන්න පුළුවන් කෙනෙක්ට භාර දීලා යන්න. තවදුරටත් තටම තටම ජනාධිපති ධූරයේ ඉදගෙන, ඒකේ වරප්‍රසාද ටිකත් අරගෙන, මුළු රටම වැනසෙනවා. මුළු රටම අයාලේ යනවා. ”

“අද ලංකාවේ මොකක්ද නැත්තෙ ඇහුවොත්, ආණ්ඩුකරණයක් නෑ. ඕනම කෙනෙක් ඇහුවොත් කියන්නේ ආණ්ඩුවක් නෑ. ආණ්ඩුවක් තියෙනවා නාමිකව. ජනාධිපතිවරයෙකුත් ඉන්නවා. එහෙනම් ඇයි මිනිස්සු ආණ්ඩුවක් නෑ කියන්නේ. පාලනයක් නෑ. ඕනෑම දේක් විනයක් සහිතව හසුරුවන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම නැති මොකෙක්වත් මේ රටට වැඩක් නෑ කියන එකයි මගේ ස්ථාවරය. හරියට කෙලින් හිටගෙන වැඩ කරන්න බැරි කිසිම මිනිහෙක් වැඩක් නෑ ඇත්තටම කියනවා නම්. ඒගොල්ලො එක්කෝ දේශපාලනයට නෑවිත් කුස්සියේ දෙයක් බලාගෙන ඉන්න ඕනේ. ජනාධිපති පුටුව භාර ගත්තට පස්සේ ඒවා හරියන්නේ නෑ. අනිත් එක මේ ජාතිකත්වය මතුකරන එක මේ අධ්‍යපනයෙන් දිගින් දිගටම දෙමින් ඉන්නවා. මේක වහාම නොකළයුතු එකක්. මොකද ජතිවාත්සල්‍ය , ජාති ප්‍රේමය, දේශප්‍රේමය, ආගමික ප්‍රේමය කියන එක අංශුවකින් මේක ජාතිවාදයට, ආගම්වාදයට යන්නේ එක තත්පරයකින්. ඕනම වෙලාවක එහා පැත්තට හරවන්න පුළුවන්කම තියෙනවා. ඒනිසා එවැනි ඒවා මතුකරන අධ්‍යාපනය අහෝසි කරන්න ඕනේ. ඒ වෙනුවට රටට ආදරය කරන ආකල්පය පමණක් ගන්න ඕනේ. ඒක වෙන කෙනෙක් කියන දෙයක් වෙන්න බෑ. ඒක අපිට දැනෙන , අත් දැකීමෙන් ගන්න දෙයක්. අපේ රට ගොඩනගන්න ඕනේ. අපේ රට විශිෂ්ඨ රටක් කරන්න ඕනේ. අපේ රට සංවර්ධනය කරන්න ඕනේ. සශ්‍රීක කරන්න ඕනේ. සහෝදරත්වය මනුෂ්‍යත්වය ගොඩ නගන්න ඕනේ කියන පදනම මත ඉදගෙන අධ්‍යාපනය ගොඩ නගන්න ඕනේ. මේ පුංචි මොළ වලට චූටි කාලේ මේවා දුන්නහම ඊටපස්සේ තමයි කඩුව මුවහත් කරගෙන එන්නේ. ඒවගේම භිහ්ෂූන් වහන්සේලා. මම දැක්කා සමහර ෆොටෝ වල වීඩියෝ ක්ලිප් වල සිවුරු දාගෙන ඉන්න යම් යම් කණ්ඩායම් දකින්න හිටියා. මන් විශ්වාස කරනවා මේ භික්ෂූන් වහන්සේලා නෙවෙයි කියලා. මේගොල්ලෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙන්න බෑ. බුදුන් වහන්සේගේ අබමල් රේනුවක තරම්වත් ඉගැන්වීම් වලට අනූව මේ නම් භික්ෂූන් වහන්සේලා වෙන්න බෑ.කුලියට ගත්ත සිවුරු දරාගත්ත් මැර ත්‍රස්ත කණ්ඩයමක් වෙන්න පුළුවන් කියල මං විශ්වාස කරනවා. ඒනිස බුද්ධි අංශ වලට කියනවා වහාම සියලුම් පන්සල් පරීක්ෂා කරලා, සැබෑ භික්ෂූන් වහන්සේලා කවුද කියලා වර්ගීකරණයක් කරන්න කියලා. සැබෑ භික්ෂූන් වහන්සේලා ඉදිරියට ගන්න ඕනේ. අනික් අයට අර ධර්මාශෝක රජ්ජුරුවෝ කළා වගේ නිසි ක්‍රියා මාර්ග ගන්න ඕනේ. මේකට මුවා වෙලා ඉන්නවා නම්, මේකට මුවා වෙලා හම්බ කරන්න හදනවා නම්, මිනී මරන්න උදව් කරනවා නම්, ජාතිවාදය අවුස්සන්න ක්‍රියා කරනවා නම්, ඒ වෙනුවෙන් දේශන පවත්වනවා නම් ඒ අයව හරියට එළියට ඇදලා නිරුවත් කරලා ඒ අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න ඕනේ. ”

“හැම තැනටම් නීතිය පොදුවෙන්න ඕනේ. ඒක පූජ්‍යද, අපූජ්‍යද කියලා බෑ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට නැවත මතක් කරනවා තවදුරටත් මේ විදියට යන්න දෙන්නෙපා. වහාම නීතිය මත විශ්වාසය තබා, වෙන කිසිම දේවතාවෙක් අපිව ආරක්ෂා කරන්න මේ මිහිතලය මත නෑ. ඒ තියෙන්නේ නීතිය හා ආධිපත්‍ය තවුරු කිරිම පමණයි. එය කළ හැක්කේ දෙකයි පනහේ මිනිස්සුන්ට නොව කශේරුකාව ඇති නිර්භීත මිනිසුන්ට පමණයි. ඕනම රටක ඒ කාර්‍ය භාරය භාර අරගෙන තියෙන්නේ එවැනි අය පමණයි. ඒක දෙවෙනි ලෝක යුද්ධයේදිත් පි දකිනවා. අනෙකුත් විප්ලව වලදීත් අපි දකිනවා. ඒනිසා ඒ හැම ක්‍රියවලියකදීම අරගෙන තියෙන්නේ ඒවගේ හයිය තියෙන අය.ඒනිසා ඒ හයිය තියෙන කෙනාට ඒ වැඩේ පවරන්න. ඒ වැඩේ භාර දීලා සතියක් මාසයක් දෙන්න. මාස දෙක තුන දෙන්න. feed back දෙන්න. අවශ්‍ය තීරණ ඕනේ නම් අනිකුත් මණ්ඩල හරහා ගන්න පුලුවන්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පවරපු මොහොතේ සිටම රටේ අපරාධ 50%කින් ඔටෝමැටිකලි නවතිනවා. මම කැට තියලා කියනවා ජාතිවාදීන්ට, කුඩු බිස්නස්කාරයින්ට,අනෙකුත් වංචාකාරයින්ට, රටේ දේපළ හොරකම් කරන එවුන්ට, කොමිස් ගහන් එවුන්ට, සංවර්ධන ව්‍යාපෘති වලින් හොරකම් කරන එවුන්ට කියනවා 50%ක් නවතිනවා ජෙනරාල් ෆොන්සේකා එනවා කියන එක මත. අපි උදව් කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. අවශ්‍ය නම් අන්ඩර් ග්‍රවුන්ඩ් , තිරයෙන් පිටුපස, ඕනෑම් තැනක ඉදගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි උදව් කරනවා. එයා එනවා කියන ආරංචියට 50%ක් අඩු වෙනවා. ඇවිල්ලා කරන්න තියෙන්නේ 50%ක් විතරයි. එයා එනවා කියන ආරංචියට ඔය හුගක් අයට සුළු දිය පහළ වෙනවා. ඔය හුගක් අයට චු යනවා. මං විශ්වාස කරනව එවැනි රටක් දැන් අත්‍යාවශ්‍යයි. එහෙම නොවුනොත් අපිට ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලන්න වෙනව මේ රට ආරක්ෂා කරල දෙන්න කියලා. මේ රට හොරුන්ගෙන් ගලවලා මේ රටට විනයක් සහිත සමාජයක් නිර්මාණය කරලා දෙන්න කියන ආරධනාව යුධ හමුදාපති තුමාගෙනුත්, ගුවන් මුදාපති තුමාගෙනුත්, නාවික හමුදාපති තුමාගෙනුත් ඉල්ලන්න වෙනවා මේ ව්‍යසනය කරා යන රට ගලවලා දෙන්න කියලා. “

 Published on: Mar 11, 2018- ‘‘උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.’’ – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු)

මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක දුරකිනි. දළදාවේ භාරකාර මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් තමන්ගේ කවුළුවලින් පිටතට හිස යොමා බැලූවොත්, ගින්න සහ ගිනි තියන්නන් නොපෙනුණත්, ගින්නෙන් නැගුණු දුම බාග විට ඔවුන්ට පෙනෙනු ඇත.

බුද්ධාගමේ නාමයෙන් මිනිසුන් ඝාතනය කිරීම තරම් බුද්ධාගමට වැදිය හැකි තවත් හෙනයක් නැත. කිසිම ආකාරයක හිංසනයක්, කිසිම ආකාරයක සාධාරණ හෝ යුක්ති සහගත යුද්ධයක්, කිසිම ආකාරයක පලිගැනීමක් හෝ කිසිම ආකාරයක අපරාධයක් සඳහා කිසි ඉඩක් බුදුන්ගේ කිසි දේශනාවක් තුළ නැත. ඉහත කී මහනායක හිමිවරුන් බුදුන් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් නම්, ඔවුන් කෝලාහලකරුවන් අතරට ගොස් සන්සුන් වන්නැයි ආයාචනා කරනු ඇත. එහෙත් මේ මොහොතේ නුවර පෙදෙසේ ඇහැට-කණට පෙනෙන්ට සහ ඇසෙන්ට සිටින්නේ, ගින්නට පිදුරු දමමින් සිටින බවක් පෙනෙන භික්ෂුන් පිරිසකි. මහනායක හිමිවරු සහ වෙනත් අනුනායක හිමිවරු මුනිවත රකිති. හෙලාදැකීමේ වචනයක්, යෝනිසෝ මනසිකාරය සහ සමාදානය පිළිබඳ ආයාචනයක් ඔවුන්ගෙන් නෑසේ. නුවර මෙසේ ගිනි ගෙන තිබීම ශ‍්‍රී ලංකාවේ බුද්ධාගමේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්නක් නම්, අර කී හිමිවරුන්ගේ නිශ්ශබ්දතාව, එම අසාර්ථකත්වය ඇති වුණේ කෙසේද යන්න කියාපායි.

1983 ජුලි මාසයේදීත් මේ මහනායක හිමිවරු කිසිවක් නොකීහ.

ඒ කළු ජුලියේ එක් රූපකයක් මගේ මරණය දක්වා මා සමග ගමන් කරනු ඇත: ගිනි ගෙන ඇවිළෙන කිරුළපොනේ සාප්පුවක් තුළට, මදාවි රැුලක් දෙමළ කාන්තාවක්ව ඔසවා වීසි කරනවා මම දුටුවෙමි. පොලීසිය ඒ දෙස බලා සිටියේය. ඇගේ රුව මට තාම මතකයි. අතරින්පතර සුදු හිසකේ ඇති, සාරියක් හැඳ සිටි, උස නැති, කෙට්ටු ගැහැනියක්. මට ඇගේ මුහුණ නොපෙනුණි. විලාපය නෑසුණි.

මේ සිද්ධිය මා දුටුවේ බසයක යමින් සිටියදී ය. බසයෙන් පැන ගත්තත්, ඇයව ගලවා ගැනීමේ ඉඩක් මට නොවුණි. එහෙත් එම තර්කය, එක දිගට මට වධ දෙන ඒ දර්ශනයෙන් සහ මගේ අසාර්ථකත්වයෙන් ගැලවීමට මට පිළිසරණක් නොවේ. දැන් නැවතත් ඒ සහගහන අපරාධය සිදුවෙමින් තිබේ. මෙවර ඊට ඉලක්ක වන්නේ වෙනත් ජන ප‍්‍රජාවකි. ඒ ඉදිරියේ අපි, අපරාධකරුවන් සිය අපරාධ කිරීම සඳහා භාවිත කරන නාමයේ හිමිකරුවන් වන අපි, ඒ මදාවියන්ව නතර කිරීමට අසමත් වන්නෙමු. අපරාධයට ගොදුරු වන වින්දිතයන්ව ආරක්ෂා කිරීමට අසමත් වන්නෙමු. අඩු වශයෙන්, කාටත් ඇහෙන්නට කෑගසා එය හෙලාදැකීමට අසමත් වන්නෙමු.

තෙල්දෙනියෙන් පටන් ගෙන මහනුවර අරා රජයන්නේ ආගමික කෝලාහලයක් නොවේ. කෝලාහලයක් කී සැණින්, එකිනෙකා හා ගැටෙන දෙපාර්ශ්වයක් ගම්‍ය වෙයි. එහෙත් ගිය සතියේ අම්පාරේදී මෙන්ම මේ සතියේ තෙල්දෙනියේ සහ නුවරත් දකින්ට ලැබෙන්නේ, සන්නද්ධ අපරාධකරුවන් රැලක් සහ නිරායුධ වින්දිතයන් පිරිසකි. මාර්තු 4 වැනි දා ? තෙල්දෙනියෙන් ඇරැුඹුණු හිංසනය අහඹුවක් නොවේ. හිංසනයේ වේලාව නියම වීම සහ එහි ගමන් පථය තුළ සිදුව ඇති කිසිවක් අහඹු නොවේ.

පෙබරවාරි 20 වැනි දා, තෙල්දෙනියේදී ත‍්‍රීවීලරයක් සහ ලොරියක් අතර සුළු රිය අනතුරක් සිදු විය. සිද්ධිය නිමා වුණේ දරුණු ප‍්‍රහාරයකිනි. ත‍්‍රීවීලරයේ සිටි හතර දෙනා ලොරි රියැදුරාට තිරිසන් ලෙස පහර දුන්හ. මේ ප‍්‍රහාරකයෝ මුස්ලිම් ජාතිකයන් ය. පහර කෑ කෙනා සිංහල ය. පවුලේ නඩත්තුව සඳහා ජීවිකාව ඉපැයූ එකම කෙනා ඔහු ය. එහෙත් මෙහිදී, ප‍්‍රහාරකයන්ගේ හෝ ප‍්‍රහාරයට ලක්වු කෙනාගේ ජාතිය/ආගම සහ එම ගැටුම අතර සහසම්බන්ධයක් ඇතැයි කීමට කිසි සාක්ෂියක් නැත. එය, දීර්ඝ කාලීන යුද්ධයක් සහ සන්නද්ධ නැගිටීම් දෙකකින් පසු සමාජය අරක්ගෙන පවතින සාමාන්‍ය ක‍්‍රෑරත්වයේ තවත් නිරූපණයකි.

සිංහල ජාතික වින්දිතයා වහා රෝහල්ගත කෙරුණු අතර මුස්ලිම් ජාතික ප‍්‍රහාරකයන්වත් වහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. (ඔවුන් තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව ය), මෙහිදී පොලීසිය තම රාජකාරිය ඉටු කිරීමේදී වැනුණේ නැත. අපරාධකරුවන් බේරා ගැනීමට දේශපාලඥයන් ඉදිරිපත් වුයේ ද නැත. සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ලොරි රියැදුරා මාර්තු 3 වැනි දා මරණයට පත්විය. තෙල්දෙනියේ හටගත් මුස්ලිම්-විරෝධී කලකෝලාහල, මේ සිද්ධිය අරභයා වන කෝපය පිටාර ගැලීමක් නම්, එය සිදුවිය යුතුව තිබුණේ, එක්කෝ පහර දීම සිදු වූ දවසේ ය. නැත්නම්, ලොරි රියැදුරා මියගිය දවසේ ය. එහෙත් මාර්තු 4 වැනි දා සවස් වන තෙක් තෙල්දෙනිය පිපිරුවේ නැත.

මාර්තු 4 වැනි දා හැන්දෑවේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව මළ ගෙදර ගියේය. ඉන් පැය කිහිපයක් ගිය තැන ප‍්‍රථම පහර දීම් පටන් ගැනුණි. මුස්ලිම් දේපල විනාශ කෙරුණි. ගිනි තැබුණි. පොලීසිය මැදිහත් වී කැරලිකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. මේ අවස්ථාවේ ආණ්ඩුව මැදිහත් වී, අමතර බලසේනා කැඳවා, සීමිත ඇඳිරි නීතියක් ප‍්‍රකාශයට පත්කොට, කලහකාරීත්වය තවදුරටත් නොඉවසන බව ක්ෂණික සහ දැඩි ක‍්‍රියාකාරීත්වයක් තුළින් රටට පෙන්නුම් කෙළේ නම්, පසුව ඇති වූ ඛේදවාචකය වළක්වා ගත හැකිව තිබුණි. එහෙත් ආණ්ඩුව කිසිවක් නොකෙළේය. එහි ප‍්‍රතිවිපාකය වුණේ, අලූත් කළු ජූලියක් පිළිබඳ සිහිනය දකිමින් සිටි සිංහල-බෞද්ධ අන්තවාදීන්ට පිටිය විවර වීමයි.

5 වැනි දා උදෑසන පොලිස් ස්ථානය වට කළ කලහකාරී පිරිස්, අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කරන ලෙස ඉල්ලූහ. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, සාම දුතයෙකු සේ රඟපාමින්, ඒ පිරිස සමග සිටියේය. ඔහු ඇත්තෙන්ම කෙළේ ඒ කලහකාරී කල්ලියට තම නමේ සහ සිවුරේ ආරක්ෂාව සැපයීමයි. එතැන සිටි, (මඩකලපුවේ මංගලාරාමයේ ආන්දෝලනාත්මක විහාරාධිපති විය හැකි) තවත් භික්ෂුවක්, පැයක් ඇතුළත් ‘අපේ අයව’ එළියට ගන්නා බවට, කලහකාරීන්ට පොරොන්දු වෙනු දක්නට ලැබුණි. අවශ්‍ය වුවහොත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවත් මේ සඳහා සාකච්ඡුාවට කැඳවන බව ඔහු කීය. දණ්ඩමුක්තිය (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාව) අවසන් කරන බවටත්, නීතිය අකුරට ක‍්‍රියාවේ යොදවන බවටත් ආණ්ඩුව මොන තරම් පාරම්බෑවද, මෙවැනි චීවරධාරී අපරාධකරුවන් තවමත් දරණ බලය එයින් මොනවට පෙන්නුම් කෙරේ.

එදා හවස, කලකෝලාහලවල දෙවැනි වටය ඇරැඹිණ.

අම්පාරේ සිට තෙල්දෙනියට

83 ජුලි කාලයේ වේවා, අද දවසේ වේවා සිදුවන ප‍්‍රචණ්ඩකාරීත්වය උමතු සුළු පිරිසකගේ වැඩක් බවට නැගෙන තර්කය ඇත්ත ය. එහෙත් ඒ කතාවේ අදාළත්වයක් නැති බව ද ඇත්ත ය. සිංහලයන්ගෙන් බහුතරය කළු ජුලියට සහභාගී නොවූහ. එසේ කිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොවුණි. ඔවුන්ට කිරීමට තිබුණේ, අහක බලා ගැනීම පමණි. මේ උපේක්ෂාව/උදාසීනත්වය, මධ්‍යස්ථ නැත. දයාන්විත නැත. ඒ උපේක්ෂාව නිසා මිනිසුන් ඝාතනය කෙරේ. දේවල් විනාශ කෙරේ. 1983 දී මුළු රටක්ම ගිනි ලෑ සුළු පිරිසක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කෙරුණේ, ඒ නිශ්ශබ්ද බහුතරයේ ගොළුවතිනි.

ඒ සාමූහික උපේක්ෂාව පෝෂණය කෙරුණේ, ආවේණික මිථ්‍යාවන් සහ බොරු ප‍්‍රවෘත්තිවලිනි. ඒවා අතර, ‘දෙමළුන් විභාගවලින් හොර ලකුණු ගනිමින් අපේ විශ්ව විද්‍යාල ආක‍්‍රමණය කෙරෙන’ කතා, ‘අපේ රැකියා අවස්ථා සහ ඉඩකඩම් ඩැහැගැනීම්’ පිළිබඳ කතා, ‘හාවුන් සේ බෝ වෙමින්, අපට තිබෙන එකම රට අත්පත් කර ගැනීමට යන’ කතා ආදියෙන් සමන්විත විය. මේ රකුසා පිළිබඳ කතාවට පාරිශුද්ධත්වයක්, වාස්තවිකත්වයක් සහ විශ්වසනීයත්වයක් ආරෝපණය කිරීමට ඉපැරණි කතා සහ ව්‍යාජ සංඛ්‍යා ලේඛන පාවිච්චියට ගැනුණි. ඒ බිජු වට නොවන්නට, කළු ජුලියක් ද ඇති නොවන්ට තිබුණි.

එම මුසාවාදම අද මුස්ලිම්වරුන් අරභයා යළි මතුරනු ලැබේ. බිය දනවන කතා ඒවා ඇසීමට ආසා කරන කන්වලට යොමු කරමින්, රාජපක්ෂලාගේ අනුග‍්‍රාහකත්වයෙන් යුතුව 2012 දී මේ උමතුව පටන් ගත් බොදුබල සේනාව, අපේ ඊළඟ හතුරා බවට, අපේ අලූත් ‘අනෙකා’ බවට, මුස්ලිම්වරුන්ව භෞතීස්ම කෙළේය. ඒ බිජු වට නොමැතිව, අම්පාරක් හෝ තෙල්දෙනියක් හෝ නුවරක් හෝ ඇති නොවන්නට තිබුණි.

අම්පාරේ පුංචි කෝලාහලය හටගැනුණේ, වඳ පෙත්තක අවසරය යටතේ ය. මුස්ලිම් ආපන ශාලාවක කොත්තුවක් කමින් සිටි පාරිභෝගිකයෙකු විසින් එය සොයාගන්නා ලදැයි කියැවුණි. මේ කෙබරය ලත් තැනම ලොප් කරමින්, ලෝකයේ කිසි තැනක කිසි වෛද්‍යවරයෙකුට, කිසි ඖෂධ නිෂ්පාදකයෙකුට, කිසි පර්යේෂකයෙකුට එවැනි වඳ පෙත්තක් සොයා ගැනීමට මේ දක්වා හැකි වී නැති බව පෙන්වා දෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා වහා නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණි. අමාත්‍යාංශය එවැනි නිවේදනයක් නිකුත් කළ බව ඇත්තයි. එහෙත් ඒ සතියකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව ය. ඒ වන විට, වඳ පෙත්ත පිළිබඳ මිථ්‍යාව, පොදු සමාජයේ පිළිගත් සත්‍යයක් බවට පත්ව තිබුණි.

පොලීසිය වැනි වැනී සිටියේය. ආණ්ඩුව ආතක්පාතක් නැතිව සිටියේය. සමාජය ඊට වඩා යහපත් වුණේ නැත. වඳ පෙත්ත පිළිබඳ බොරුව ගෙල ග‍්‍රහණයෙන් ගත හැකිව සිටි යෝග්‍යතම වෘත්තිකයන් වූ වෛද්‍යවරු බොහෝ සෙයින් කටවල් පියාගෙන උන්හ. එඩිතර කිහිප දෙනෙකු පමණක් ඒ ගැන කතා කළත්, බහුතරය සිටියේ නිශ්ශබ්දව ය. (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු) විවිධ වෛද්‍ය සංගම් මේ කාරණයේ සත්‍යතාව සමාජයට පහදා දෙන්නට ඉදිරිපත් වුණේ නැත. ඔවුන්ගේ නිශ්ශබ්දතාව, ජනතාවගේ අනවබෝධය ඇවිළුවේය. සතියකටත් වැඩි කාලයක් ගතව ඇතත්, තවමත් ඔවුන් නිහඬ ය. (එය කැටි ගැසුණු පිටි ගුලියක් බව, ඊයේ (7)ප‍්‍රකාශයට පත් රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් විය- පරිවර්තක)

ආඛ්‍යානය ලිවීමට සේම එය අත්පත් කර ගැනීමටත් අන්තවාදීන්ට ඉඩ හැරීම භයානක ය. පූජණීය සිවුරක හයිය මත දණ්ඩමුක්තියක් නායක අන්තවාදීන්ට අතමාරුවට ලැබෙන විට, අනතුර වැඩි වන්නේය. මේ පරණ පුරුදු සහ ප‍්‍රයෝග, 2015 ජනවාරියෙන් අවසන් විය යුතුව තිබිණැයි සැලකුණි. චීවරධාරී මදාවියන් භුක්ති විඳින දණ්ඩමුක්තිය, සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය තුළ ඉවරයක් වෙනු ඇතැයි විශ්වාස කෙරුණි. අපේක්ෂා කෙරුණි. සෑම මාදිලියකම අන්තවාදයට තිත තැබීමේ ප‍්‍රතිපත්තියක්, තවත් අලූත්ගමක් යළි කිසි දා ඇති නොවන තැනට වගබලා ගන්නා ප‍්‍රතිපත්තියක්, ඔවුන්ගේ අපේක්ෂා කෙරුණි.

මේ ආණ්ඩුව ජාතිවාදී නොවන බව, ඔවුන්ට ගෞරවයක් පිණිස, කිව යුතුය. එහෙත් ඔවුන්ගේ පාලනයේ වැඩි කාලයක් තිස්සේ, විශේෂයෙන් අවසාන දෙවසරක කාලය තිස්සේ, දේශපාලනික සහ සදාචාරමය ධෛර්යයේ මුඩුම හීනතාවක් ඔවුන්ගෙන් පළවුණි. සකලවිධ අන්තවාදයන්ට එරෙහිව කෙලින් සිටගන්නවා වෙනුවට, භික්ෂූන්, පූජකයන් සහ මුල්ලාවරුන් ඉදිරියේ යට වෙන පුරුද්දකට ඔවුහූ ඇබ්බැහි වූහ. ආණ්ඩුව අන්තවාදීන්ව නිර්මාණය කෙළේ නැත. එහෙත් අන්තවාදයේ දත් ගලවමි යි සිතා, අන්තවාදීන්ගේ තැරැව්කාරයන් බවට ඔවුහූ පත්වූහ. මේ දේශපාලනික බෙලහීනත්වය සහ සදාචාරමය නිවටත්වයට අන්තවාදයේ දත් ගැලවිය නොහැකි විය. ඒ වෙනුවට ඇත්තෙන්ම සිදුවුණේ, අන්තවාදයේ දත් විසකුරු දළ බවට පත්වීමයි.

සාමය සහ ආරක්ෂාව සැපයෙතැයි යන අපේක්ෂාවෙන් මුස්ලිම් ප‍්‍රජාවෙන් අති බහුතරයක් මේ ආණ්ඩුව සඳහා ඡුන්දය පාවිච්චි කළහ. ආණ්ඩුව ඔවුන්ගේ විශ්වාසය බින්දේය. දැන් කාව නම් ඔවුන් විශ්වාස කරන්න ද? ඔවුන්ට යළි කිසි දවසක, ආරක්ෂාව පිළිබඳ හැඟීමක්, මේ ගිනි නිවී යාමෙන් පසුව වුව, ඇති කර ගැනීමට හැකි වේද? කෙසේ නම් එසේ හැකි වන්නද? ඇරත්, එසේ ඔවුන් විශ්වාස කළ යුත්තේ ඇයි?

හැත්තෑවේදී සියපණ නසා ගැනීම

මාසයකට කලින් ශ‍්‍රී ලංකාව සිය 70 වැනි නිදහස සැමරුවේය. සත්තකින්ම සමරන්නට තරම් දෙයක් නැත. අප ශ‍්‍රී ලාංකිකයන් වන්නේ නමින් පමණි. එක්සත් භාවය යනු හුදෙක් වචනයක් පමණි. අපට ඇත්තේ, ඉතා සුළු සිද්ධියකින් පවා විනාශයට පත්විය හැකි අස්ථිර සහජීවනයකි. අප වනාහී, අනෙකාගේ ආගම ගැන මෙලෝ දානයක් නොදන්න, බෞද්ධයන්ගෙන්, හින්දුන්ගෙන්, කිතුණුවන්ගෙන් සහ මුස්ලිම්වරුන්ගෙන් සමන්විත රටකි. අපෙන් වැඩි දෙනෙකු අධ්‍යාපනය ලබන්නේ භාවිතයෙන් එකිනෙකාගෙන් වෙන් කොට තැබෙන පාසල්වල ය. අදිසි තාප්පවලින් වට වුණු වටපිටාවක ය.

මෙය තමන්ගේ රට යැයි සලකන වාර්ගික සහ ආගමික කණ්ඩායම්, දුර්මත දුමාරයකින් එකිනෙකාගෙන් වෙන් කෙරේ. අපේ පාසල්වල තුලනාත්මක ආගම් යනුවෙන් විෂයයක් නැත. ගෙදරදී ඉගෙන ගන්නා සහ පාසලේදී නැවත ඉගෙන ගන්නා සකල අගතීන්, මාධ්‍ය තුළ අසන කියවන දේවල් තුළින් තවත් ශක්තිමත් කෙරේ. මෝහය සහ භීතිය රජයන තැන, කවදත් ප‍්‍රචණ්ඩත්වයට වැඩි දුර නැත. ඕනෑම දෙයකට ගින්න ඇවිලිය හැකිය. (ගිය වසරේ දඹුල්ලේ දී සිදු වුණා සේ) වැරදි ආහාර ඇණවුමක්, වඳ පෙත්තක මිථ්‍යාවක්, මුරුග අපරාධයක් විය හැකිය.

මේ දුර්මත දුමාරය දුරලීම සඳහා විධිමත් ප‍්‍රයත්නයකට උරදීම අලූත් ආණ්ඩුවට පැවරෙන එක් කාර්ය භාරයකි. පිස්සු භික්ෂූන්ට, පූජකයන්ට සහ මුල්ලාවරුන්ට එදිරිව නැගී සිටීමක් අවශ්‍ය නොකරන එම කාර්ය භාරය පවා මේ ආණ්ඩුවෙන් ඉටු වුණේ නැත. ප‍්‍රතිවාද නැති තැන, රජ වුණේ බොරුවම ය. උදාහරණයක් වශයෙන්, ‘ලංකා සී නිව්ස්’ නැමැති වෙබ් අඩවියක මෑතක පළ වූ ප‍්‍රවෘත්තියකට අනුව, මීට දශක කිහිපයකට පෙර සියයට 72 ක් වූ සිංහල-බෞද්ධ ජන ප‍්‍රතිශතය අද වන විට සියයට 67 දක්වා පහළ වැටී තිබේ ලූ. මේ සංඛ්‍යාව තනිකර කෙබරයකි. මුලින්ම 1883 දී කරන ලද ජන සංගණනයේ පටන්, 2012 වන තෙක් කිසි විටෙක සිංහල-බෞද්ධ ජන ප‍්‍රතිශතය සියයට 70 ඉක්මවා නැත. ලංකාවේ අවසාන වරට සංගණනය කෙරුණේ 2012 දී ය. එම සංගණනයට අනුව, සිංහල-බෞද්ධ ජන ප‍්‍රතිශතය සියයට 70.1 කි.

එබැවින්, සිංහල-බෞද්ධයන්ගේ සංඛ්‍යාවේ වේගවත් කඩා වැටීමක් සිදුව ඇතැයි යන ‘ප‍්‍රවෘත්තිය’ ප‍්‍රබන්ධයකි. සිංහල-බෞද්ධයන් තුළ අනාරක්ෂාව පිළිබඳ හැඟීම ජනිත කරවනු වස් ගොතන ලද කෙබරයකි. ඊටත් වඩා භයානක දෙය වන්නේ, ඒ ගිනි අවුලන දුසමානයේ මූලාශ‍්‍රය වශයෙන් ඉහත කී වෙබ් අඩවිය උපුටා දක්වන්නේ, දකුණු පළාතේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරව වීමයි. තමන්ගේ රෙද්ද අස්සේ අලූත් සිරිල් මැතිව්ලාව රැකබලා ගනිමින් සිටින බව ආණ්ඩුව නොදන්නවා විය හැකිය. එහෙත් ඒ නොදැනුවත් බව නිදහසට අවසරයක් නොවේ. රටේ ඉරණමත්, මිනිසුන්ගේ ජීවිතත් පරදුවට වැටෙන තත්වයක, එය නිදහසට කරුණක් වන්නේම නැත.

නුවර දිගටම ගිනි ගත්තොත්, වැඩි කල් නොගොස් මුස්ලිම්-විරෝධී වසංගතය, කොළඹ ඇතුළු වෙනත් පළාත්වලටත් පැතිරෙනු ඇත. එසේ වෙතොත්, ආගමික යුද්ධයක ව්‍යසනයෙන් ගැළවීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වනු ඇත. දෙමළ සන්නද්ධ අරගලය තුළ මුල් තැන ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට හැකි වුණේ 1983 කළු ජුලිය නිසා ය. දකුණේ ප‍්‍රචණ්ඩකාරී සිංහල අන්තවාදයේ ජයග‍්‍රහණය, උතුරේ ප‍්‍රචණ්ඩකාරී දෙමළ අන්තවාදයේ ජයග‍්‍රහණයට පාර කැපුවේය. ඒ තරගකාරී අන්තවාදයන් විසින් මුදා හල මහා සන්ත‍්‍රාසයෙන් ශ‍්‍රී ලංකාවටත්, එහි වෙසෙන ජනතාවටත් තවමත් ගොඩ ඒමට හැකි වී නැත.

දැන් අප යන්නේ, ඒ ඓතිහාසික අපරාධය මුස්ලිම්වරුන් සමග ප‍්‍රතිනිර්මාණය කිරීමට ය.

ජාතික න්‍යාය පත‍්‍රය අන්තවාදීන් විසින් සනිටුහන් කරනු ලබන රටක සාමයක් පැවතිය නොහැක. සිවුරුකාර මදාවියන් නීතියට ඉහළින් සිටිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් නියෝග දෙන මොහොතක, නීතියේ ආධිපත්‍යයක් ගැන කතා කිරීම විහිළුවකි. මේ අන්තවාදීන් මොන ජාතියකට අයත් වෙතත්, මොන ආගමක් අදහතත්, මොන දේශපාලන පක්ෂයකට සහාය දක්වතත්, ඔවුන්ගේ මාරක වෙළඳාමේ යෙදීමට ඔවුන්ට ඉඩ හැරීම භයානක සෙල්ලමකි.

බහු-වාර්ගික සහ බහු-ආගමික රටක් වශයෙන් අපේ පරම සතුරා වන්නේ අන්තවාදයයි. තරගකාරී අන්තවාදයන් අතරින් වඩාත් භයානක වන්නේ බහුතර ප‍්‍රජාවේ අන්තවාදයයි. සිංහල-බෞද්ධ උන්මත්තකයන්ට සෙල්ලම් කිරීමට ඉඩ දුන්නොත් ඔවුන් රටම ගිනි තියනු ඇත. අහිංසක ජීවිත විනාශ කරන අතරේම, සුළුතර ප‍්‍රජාවන් තුළ සිටින අන්තවාදීන්ව ශක්තිමත් කරනු ඇත. භික්ෂූන්, පූජකයන් සහ මුල්ලාවරුන් සම්බන්ධයෙන් එක සේ දැඩිව සිටිමින්, අන්තවාදය සපුරා නොඉවසන ප‍්‍රතිපත්තියක් භාවිතයේ යෙදිය යුත්තේ එබැවිනි. ශ‍්‍රී ලංකාවේ අතීතයට වඩා අනාගතය යහපත් වීමට නම්, ජාතික න්‍යාය පත‍්‍රය හැඩගැස්වීමට සහ ජාතික ගමන් පථය තීන්දු කිරීමට අන්තවාදීන්ට ඉඩ හැරීමේ පුරුද්ද අත්හල යුතුය.

එසේ කිරීමට නොහැකි වන තරමට ආණ්ඩුව ඔතෑනි නම්, ඒ ඉල්ලීම සහ බල කිරීම පැමිණිය යුත්තේ, දැන් දිග හැරෙමින් පවතින අනාගත ගමන් මගේ බියකරු බව දැකීමට තරම් සිහි බුද්ධියක් ඇති සිංහල-බෞද්ධයන්ගෙනි. නුවර ගිනි ලෑවේ අපේ නාමයෙනි. මේ අපරාධකරුවන්ට ඊළඟ මියන්මාරයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ උවමනාවක් තිබේ. අප නිශ්ශබ්දව සහ අක‍්‍රීයව සිටියොත්, නැවතත් අපට උරුම වනු ඇත්තේ ලජ්ජාවත්, වරද සහගත හෘද සාක්ෂියත් ය. සිංහලයන් වන අප, දෙමළ ජනතාවගේ අපේක්ෂා බිඳවූ ආකාරයෙන්ම මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවනුත් බිඳියි නම්, ඉතිහාසය අපට සමාව නොදෙනවා පමණක් නොව, අලූත් සහ වඩාත් බියකරු යුද්ධයකින් අපට දඬුවම් ද කරනු ඇත.

තිසරණී ගුණසේකර

Published on: Mar 10, 2018  – රටක හමුදාව සහ පොලීසිය යනු සිය මෙහෙයුම් තුලින් ලාභ උපයන ආයතන නොවේ. රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට ඔවුන් බැදී සිටියි .එය අත්හල නොහැකි වගකීමකි. ඊට හිලව් ලෙස මහජන් බදු මුදල් වලින් ඔවුන් නඩත්තු කරනු ලබයි. ඒ අනුව ජාති-ආගම්, කුල-මල , පක්ෂ- පාට කිසිවකින් තොරව රටේ පුරවැසියන් ආරක්ෂා කල යුතුය. නමුත් අම්පාරේ සිට මහනුවර දක්වා ඇවිලිනු ජාතිවාදී කෝලාහලය තුලදී පොලීසියේ හැසිරීම ඉතිරි කලේ ප්‍රශ්නාර්ථයකි. ලක්බිමට නැවතත් කළු පැල්ලමක් එක් කල එම ක්‍රියාදාමයේ පලමු විත්තිකරුවන් වන්නේ පාලකයන් සහ පොලීසියයි.

ජන රාශියක එකතුවෙන් මුල්ම කෝලාහලය ආරම්භ වූයේ අම්පාරෙනි . අම්පාරේ මුස්ලිම් හෝටලයකින් සිංහලයෙකු මිල්දී ගත් කොත්තුවකට වඳ බෙහෙත් දැමුවේයයි සැක කිරීම නිසා ගැ‍ටුමක් ඇති විය. එහිදී නීතිය අතට ගත් සිංහල පිරිසක් හෝටලයට පහරදී කුඩු පට්ට්ම් කලේය. ඉන් නොනැවතී අම්පාරේ තවත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන දෙකකට සහ පල්ලියකට පහරදී තිබුනේය. හෝටලයට පහර දීම නවතාලීමට පොලීසිය අසමත් විය.එපමනක් නොව ප්‍රහාරය අනෙකුත් මුස්ලිම් ස්ථාන දක්වා පැතිරීම වලක්වා ලීමටද අපොහොසත් විය.

පොලීසියේ පිරිස් බලයේ ඌනතාවයක් කියා නිදහසට කාරනා ගෙතිය හැක. මුස්ලිම් ස්ථානවලට පහරදුන් පිරිසෙන් කොටසක් පසුව අත් අඩංගුවට පත් විය. නමුත් පහරදුන් සැක කරුවන්ට චෝදනා ගොනු කොට තිබුනේ පෞද්ගලික ආරවුලක් ලෙසය. මෙය පෞද්ගලික ආරවුලක් නොව එක් ජන වර්ගයක් සංවිධානය වී තවත් ජන වර්ගයක දේපල වලට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයකි. පොලීසියට නොතේරුනට කුඩා දරුවෙකුට පවා අවබෝධ කරගත හැක. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් සුරැකීමේ ජාත්යන්තර ගිවිසුමට (ICCPR) ශ්‍රි ලංකා රජය බැඳී සිටියි. ඒ අනුව අම්පාරේ සහ මහනුවර ඇතිවූ තත්වය එකසත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංගනය කිරීමකි.

දෙදරු පියෙකු වූ කුමාරසිරිට මුස්ලිම් පිරිසක් විසින් පහර දෙනු ලබන්නේ පෙබරවාරි මස 22 දිනය. ලොරි රියදුරා වූ කුමාරසිරි සහ සහායකයා දෙදෙනාම ප්‍රහාරයට ලක්වන අතර ඔවුන් මුලින් ඇතුල් කරනු ලබන්නේ තෙල්දෙනිය රෝහලටය. කුමාරසිරිගේ තත්වය අසාද්‍ය වූ විට ඔහු මහනුවර රෝහලට මාරු කරනු ලබයි . පොලීසියේ නොහැකියාව කොතෙක්දයත් සැක කරුවන් අත් අඩංගුවට ගන්නේ මහජනතාව විසින් නීතිය අතට ගත්තායින් පසුවය. කුමාරසිරි සුවිශේෂ වැදගත් කමක් දැරුවද රෝහල් ගත කල කාලයේදී පවා නිසි අවධානයට ලක් නොවිනි . විවිධාකාරයේ සැක කටයුතු පුද්ගලයින් ඔහු බැලීමට පැමිනි අතර කුමාරසිරි පන අදින ඡායාරූප සමාජ ජාලා පුරා පැතිර ගියේය . අන්තවාදී කල්ලි සංවිධානය වී ඇගිලි ගනිමින් සිටියේ ඔහු අවසන් හුස්ම හෙලන තෙක්ය.

උස හීන්දෑරි ගේම්කාරයා

බොදු බල සේනාව ප්‍රසිද්ධ කරලියට මුලින්ම පැමිනියේ 2014 මැයි මස 24 දිනයි.”හින්දු බෞද්ධ එකමුතුවට ජයවේවා ” යන පාඨය යටතේ මුස්ලිම් ජනයාට එරෙහිව කොටහේනේදී ‍රැලියක් පැවැත්වීය . ඊට හින්දු පූජකයන් කිහිප දෙනෙකුද සහභාගි වී තිබුනි. යුද ජයග්‍රහනයෙන් ෆෝර්ම් වී සිටි සිංහලයන්ට බොදුබල සේනාව රසවත් අතුරුපසක් විය. දිවයින පුරා බොදුබල සේනාව සීග්‍රයෙන් පැතිර ගියේය. බො.බ.සේ ව්‍යාපෘති වලට බල සම්පන්න ආරක්ෂක ලේකම් ගෝටාගේ අනුග්‍රහයද ලැබිනි. බො.බ.සේ උත්සව වලට ගෝටාභය සහභාගි වූයේය. 2014 ජනාධිපතිවරණය අභිමුවේ බොදු බල සේනා ප්‍රතිරූපය අතිශය තීරණාත්මක සාධකයක් විය

බොදු බල සේනාව යනු චම්පිකගේ කෙමනක් යයි ගෝඨාභය හිනයකින් වත් නොසිතුවේය. බොදු බල සේනාව යනු චම්පිකගේ 2020 මැතිවරණ ව්‍යපාරය හා බැදුනු පලමු ගරිල්ලා ප්‍රහාරය බව නොවැටහිනි . ගෝටා සත්‍ය වටහා ගන්නා විට රාජපක්ෂලා පරාජය වී හමාරය. මහින්දගෙන් – බැසිල්ගෙන් ගෝටා වෙත අවලාද එල්ල විය.දේශපාලනය පිලිබද හයක් හතරක් නොදැන සිය පට්ටමින් ඔලුව උදුම්මාගත් ගෝඨාභය අසරන විය. චම්පික-ඩිලන්ත-ඥානසාර කල්ලිය සමග පුපුරණ ආවේගයක් ඔහු තුල විය. චන්ද්‍රප්‍රේම වැන්නෙකු හරහා ඥානසාර කල්ලියට පස්පඩංගුවේ බැන වැදීම හැර ගෝඨාභයට කල හැකි වෙන කිසිවක් නොවීය.

රනිල් – සිරිසේන හීන් නූලෙන් කෙටවූ මහ මොල කරු චම්පිකය. බැංකු මහ බැංකු හොරකම හරහා රනිල් කුජීත කිරිමට උල්පන්දම් දුන්නේ චම්පිකය. එජාපයට දැන් ජාන සැත්කමක් අවශ්‍ය බව කියන්නේ චම්පිකය. සියල්ල පැහැදිලිය චම්පිකට දැන් එ.ජා.ප නායකත්වයේ වෙනසක් අවශ්‍යව ඇත. මහනුවර ගින්න 2020 චම්පික මැතිවරන සිතියමේ දෙවන ගරිල්ලා ප්‍රහාරයයි. මහනුවර ජාතිවාදී කෝලාහලය හමුවේ රනිල් චූදිතයෙකි. මුස්ලිම් ජනතාව රනිල් කෙරේ තැබූ විශ්වාසය රනිල් විසින්ම සාහසික ලෙස කඩ කොට ඇත.

චම්පික යනු බොරදියේ පමනක් නොව දිය බොර නොමැතිනම් බොර කර හෝ මාළු බාන චරිතයකි. රනිල් යනු දේශපාලන කරලියේ අවාසනාවන්තම සහ අසාර්ථකම චරිතයක් බවට ඔප්පු වී ඇත.දැන් සියල්ලක්ම එක හඩින් ඉල්ලන්නේ වෙනසකි . මහනුවර සිදුවීමත් සමගම රනිල්ට තව දුරටත් යා හැකි ගමනක් නැත. එ.ජා.පයේ නායකත්වයට සජිත් වැන්නෙකු පත්වුවද ඔහු බිලි බෝයි කෙනෙකු වීම නොවැලැවිය හැක. යම් හෙයකින් නීතිය හා සාමය ෆොන්සේකාට හෝ චම්පිකගේ සගයෙකුට ලැබුන හොත් 2020 සිතියමේ අවසන් ප්‍රහාරය එල්ල වනු ඇත.

ලියුම් කරු කීර්ති රත්නායක

Top