භාෂා අයිතිය අහිමි කිරීම සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විනිසුරුට සහ තවත් විනිසුරුවරයකුට එරෙහිව නීතීඥවරයෙක් ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරයි.

අභියාචනාධිකරණයේ වර්තමාන සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  24.2ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් සිංහල භාෂවෙන් ඉදිරිපත් කළ පෙත්සම සදහා විවෘත අධිකරණයේදීකරුණු තහවුරු කිරීමට අවස්ථාව නොදීම සහ අභියාචනාධිකරණයේ කරුණු තහවුරු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ යුතු බවට ප්‍රකාශ කිරීම ඇතුළුව සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙසත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස පත්කිරීමට හෝ නිර්දේශ කිරීම සිදුකිරීමේ එකී ක්‍රියාවන් සළකිල්ලට ගන්නා ලෙසත් ඉල්ලා සිටීමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ කථානායක කරු ජයසූරිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ‍වෙත ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් යොමු කර ඇත.

එකී දැන්වීම යොමු කිරීමට අදාල සිදුවීම මෙසේ ය.

කොළඹ අංක 06 මහාධිකරණයේ විනිසුරුවරයා විසින් විභාග කරනු ලබන නඩුවක් සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන යටතේ වෙනත් මහාධිකරණයකට නඩුව මාරුකර ගැනීම සදහා සේවාදායකගේ උපදෙස්මත සිංහල භාෂාවෙන් පෙත්සමක් සහ දිව්රුම් ප්‍රකාශයක් සහ ඇමිණුම් ඉදිරිපත් කර අධිකරණ සංවිධාන පනතේ 46 වගන්තිය විධිවිධාන යටතේ සහන පතා අභියාචනාධිකරණයට 2018.03.05 දින එකී නීතීඥවරයා CA/TR/04/2018 සේවාදායකයා වෙනුවෙන් නඩුව පවරා ඇත.කොළඹ අංක 06 මහාධිකරණයේ නැවත නඩුව 2018.03.13 දිනට විභාගයට නියමිත හෙයින් එකී මහාධිකරණයෙන් වෙනත් මහාධිකරණයකට නඩුව මාරු කිරීමේ ඉල්ලීම 2018.03.13 දිනට පෙර කරුණු තහවුරු කිරීමට අවශ්‍ය බවත් නොඑසේ බලවත් අයුක්තියක් වන බවත් අභියාචනාධිකරනයේ අවධානයට යොමු කර ඇත.

එකී නඩුව 2018.03.08 දිනට කරුණු තහවුරු කිරීම සදහා අභියාචනාධිකරණය නියෝග කර ඇති අතර ඒ අනුව 2018.03.08 දින විවෘත අධිකරණයේදී කරුණුතහවුරු කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කර ඇති හෙයින් කරුණු තහවුරු කිරීමට අවස්ථාව නොදී, වළක්වාවෙනත් කරුණු අතර අභියාචනාධිකරණයේ කරුණු තහවුරු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ යුතු බවට දක්වමින් අභියාචනාධිකරණයට සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? යන්න සම්බන්ධ නියෝගය සදහා කරුණු දැක්වීමට නඩුව මාස ගණනාවක් ඈත දිනයකට කල් දමා ඇත.

සිංහල භාෂාවෙන් පෙත්සම් සහ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ හෙයින් විවෘත අධිකරණයේ දී 2018.03.08 දින කරුණු තහවුරු කිරීම සදහා අවස්ථාව නොදී මාස ගණනාවක් නඩුව කල් දැමීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් Coomaraswamy V. Shanmugaratna Iyar And Anotherනඩුවේ තීරණය නොසළකා සිටීමක් බවත්උපරිමාධිකරණවල අධිකරණ භාවිතය නොසළකා සිටීමක් බවත්” සිය සේවාදායකයා අභියාචනාධිකරණයේ සහන පතා පැමිණි කාරණය පසෙක තබාසහ ඒ සම්බන්ධව කරණු තහවුරු කිරීමට අවස්ථාව නොදීඅභියාචනාධිකරණයට සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද යන්න සම්බන්ධව කරුණු විමසා අදාල නියෝගය එනම් සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද යන්න සම්බන්ධ නඩුව කැදවීමට මාස ගණනාවක් පසුව එන ඉදිරි දිනයක් ලබා දෙන බව කියා නඩුව කල් දැමීමෙන් නීතීඥවරයකුට හිමි භාෂා අයිතිය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවත්සිංහල භාෂාවෙන් අභියාචනාධිකරණයේ නඩු පැවරීමට පුරවැසියන්ට ඇති අයිතිය වැළක්වීමක්/ අහිමිකිරිමක් බවත් අවධානයට යොමු කරමින් නීතීඥවරයා ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට දැන්වීම යවා ඇත.

සාධාරණව සහ අපක්ෂාතීව නඩුව විභාග කර ගැනීම සදහා අංක 06 මහාධිකරණයේ නඩුව වෙනත් මහාධිකරණයකට මාරු කර ගැනීම සදහා පෙත්සමෙන් බලාපොරොත්තු වූ සහනය අයද සිටීම සදහා කරුණු තහවුරු කිරීම,සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කිරීම මත ඉහත අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා 2018.03.08 දින අහිමි කළ බවත් නමුත් මෙයට පෙර අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත්කර කරුණු තහවුරු කර දීර්ඝ පුහුණුවක් සහ අත්දැකීම් සහ හැකියාව සහ පරිචය ඇති බවත් නීතීඥවරයා ජනාධිපතිවරයාටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටත් දන්වා යවා ඇති අතරඅභියාචනාධිකරණ CA/TR/04/2018 අංක දරන නඩුවේ දී 2018.03.08 දින සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කිරීම මත කරුණු තහවුරු කිරීමට ඉඩ නොදීම හේතුවෙන් නීතීඥවරයෙකු ලෙස ඔහුගේ වත්තීය අයිතිවාසිකම් අහිමි කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භාෂාව සම්බන්ධව ලබාදීඇති ආරක්ෂාව,වෙනස්කමකට ලක් නොවී සිටීමට ඇති අයිතිය ඇතුළු අයිතිවාසිකම් අහිමි කිරීමට ඉහත අභියාචනාධිකරණ විනිසුරුවරු විසින් ක්‍රියා කර ඇති බව නීතීඥවරයා පෙන්වාදී ඇත.

ඒ අනුව මේ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගෙන ජනතාවගේ භාෂා අයිතිය ආරක්ෂා නොකරන විනිසුරුවරුශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස පත්කිරීමට හෝ නිර්දේශ කිරීම සිදුකිරීමේදීඉහත කරුණු සළකා බලන ලෙස

නීතීඥ අරුණ උණවටුන මහතා ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා ඇත.

එම නීතීඥවරයා එකී දැන්වීමේ පිටපත් රාජ්‍ය භාෂා කොම්ෂන් සභාවේ සභාපතිවරයාටත්, රාජ්‍ය භාෂා කොමසාරිසටත්, නීතිපතිවරයාටත් යොමුකර ඇත.

Published on: Mar 9, 2018- විශ්වාසභංගයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ  නායකත්වය අර්බුදයට ජාතිවාදයෙන් සහ පක්ෂයේ කැරලිකරුවන් බා ගැනිම සදහා මෙහෙයුමක යේදි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(08) එජාප කැරලිකාර කණ්ඩායමේ සමජිකයෙකු වු රංජිත් මද්දුම බණ්ඩාර නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කිරිමට යෝජනා කිරිම සහ එම තනතුර බණ්ඩාර භාර ගැනිමට කටයුතු කිරිම හේතුවෙන් එජාපයේ රනිල් විරෝධී කැරලිකරුවන් කුපිතව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අද උදැසන හදිසියේම  රංජිත් මද්දුම බණ්ඩාර ට ජනාධිපති ලේකම්කාර්‍යාලයට පැමිණේන ලෙස දැනුම්දි ඇති ආතර එහි පැමිණෙන තුරු කුමක් සදහා තමන් කැදවු බව තමන් නොදන්නා බව රංජිත් අප දේශපාලන වාර්තාකරු හමුවේ පවසා තිබේ.

“මම එතනට යනකම් දන්නේ නෑ මට එන්න කිව්වේ ඇයි කියලා.. සමහර විට ජනාධිපති තුමාට මොකක් හරි අදහසක් ඇති… “යනුවෙන් රංජිත් පවසා තිබේ.

කෙසේවෙතත් මහනුවර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක සිදුවන කළකෝලහාල හේතුවෙන් රට පත්ව අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයට පක්ෂපාතී ජනමතයක් නිර්මාණය වී තිබුණද මහින්ද හමුවිමෙන් පසුව දිගටම රිවස් ගියරයේම රටද රැගෙන යන සිරිසේන ජනපති ඊයේ(07) රාත්‍රීයේ රනිල්ගෙන් ලැබුන යෝජනාවට එකහෙළාම කැමත්ත පලකර තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපයේ අලුයට සිටි රනිල් විරෝධි කණ්ඩායම වේගයෙන් සිය මෙහෙයුම් දියත් කල අතර රනිල්ගේ ලගම ඥාති පිරිස්ද එයට සහය දිම හේතුවෙන් පක්ෂයේ නායකත්වය සහ අගමැතිකම අතහැර යෑම හැර වෙනත් විකල්පයක් රනිල්ට ඉතුරු වි තිබුනේ නෑ.

ඒ අනුව එජාපයේ කැරලිකාර කණ්ඩායම් දිගින් දිගටම තැන තැන හමුවෙමින් සිය මෙහෙයුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි අතර එම සාකච්ඡා සදහා සහභාගි වු පිරිස අතර රංජිත් මද්දුම බණ්ඩාරද සිටි අතර එය රනිල් පිළට බරපතල ගැටලුවක්ද වි තිබු බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

එජාප රනිල් විරෝධි පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා ඇත්තේ

“එක පැත්තකින් ජාතිවාදය ගෙනල්ලා ලොක්කා විශ්වාසභංගය යටගහ ගත්තා…දැන් වරප්‍රසාද දිලා අපේ එවුන් ටික අල්ල ගන්න හදනවා…. මද්දුම බණ්ඩාරට කොන්දක් නෑ “යනුවෙනි.

කැළණිය හුනුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනපතිට දුන්නු කණේ පාර

“විශාල පිරිසක් නෙමෙයි රාජපක්ෂවදින් විරුද්ධ වුණා. රාජපක්ෂවාදින් අවබෝධ කරගෙන ඉන්නවා මම එවැනි තනතුරක් ගත්තොත් මම මගේ රාජකාරිය හරියට කරනවා. එතකොට නීතිය හරියට ක්‍රියාත්මක වෙයි එතකොට දූෂිතයන්ගෙන් පිරිණු රාජපක්ෂ කල්ලියට ඒක අභියෝගයක් වෙයි කියලා.”

“එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් විරුද්ධ වෙලා නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා පවා මාත් එක්ක කතා කළා. ඔවුන් ජනාධිපතිතුමා එක්ක කතා කළා. සන්ධානයේ මහලේකම් අමරවීර මහත්තයා මට කතා කරලා සුභ පැතුවා. ඔවුනුත් ජනාධිපතිට ගිහිල්ලා කිව්වා මේක දිය යුතුමයි කියලා. නමුත් පොහොට්ටුවට ආශීර්වාද කරන කට්ටිය තමයි මේකට බයේ වෙව්ලන්නට පටන් ගත්තේ.”

“ඒ තනතුර දැන් වෙනකෙනෙකුට දීලා තියනවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාට. එයා දන්නේත් නෑ, දන්නෙත් නැතුව ජනාධිපති කාර්යාලයට එන්න කියලා එකපාරටම දීලා තියනවා. ඒ තීරණ ගැනීම ගැන අපිත් අපේ අප්‍රසාදය පලකරනවා. ඉදිරියට අපි අවශ්‍ය පියවර ගන්නවා රට වෙනුවෙන් විතරක්.”

රංජිත් මද්දුම බණ්ඩාර ෆොන්සේකාගෙන් සමාව ගනී…..

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී පිටතට පැමිණි වහාම සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇමතුමක් ගෙන ඇති රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා “ෆීල්ඩ් මාර්ෂල් තුමා, මගේ තුන් හිතකවත් මෙහෙම දෙයක් තිබුණේ නෑ. ඔබතුමා දන්නවනෙ මගෙ අසනීප තත්වය ගැනත්. ජනාධිපතිතුමා කතා කරලා මේ අමාත්‍යාංශය බාර ගන්න කිව්වාම මට ඒක නොකර ඉන්න බෑ. මට සමාවෙන්න” යනුවෙන් පවසමින් සමාව අයැද ඇති බවද වාර්තා වේ.

ඩිල් සහ හතර විලීලැජ්ජාව වහගන්න සිරිසේන සීනී බොල බෙදයි..

මේ අතර නීතිය හා සාමය පිළිබඳ ඇමතිකම සදහා සරත් ෆොන්සේකා පත් කිරිමට තරම කොන්දක් නොමැතිව අසරණ වු සිරිසේන ජනාධිපතිවරයා එම පත්විම කර පැය කිහිපයක් ඇතුලත් තමන් ලගම ඉන්නා කණ්ඩායම් වලින් එල්ල වු දැඩි අප්‍රසාදයට හමුවේ ඔහුන්ට තනී ආණ්ඩුවක් හැදිමේ අශාව පහල කිරිමට සමත්ව තිබේන බව ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඇම්බැටටයන්ගෙ ප්‍රකාශ වලින් පෙනී ගොස් තිබේ.

රනිල් එලවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ,එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සහ ඒකාබද්ධයේ කොටසක් මෙන්ම සුළු පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවක් හැදිමේ මේනීයාවකින් මෛත්‍රී ජනාධිපතිවරයා පෙලුනු අතර අද සිදුවු හතර විලී ලැජ්ජා සහගත වැඩෙන් පසුව සිය ඇම්බැට්ටයන්ට ආපසු එම කැරට් අලය පෙන්වා ඇති බවද වාර්තා වේ.

Published on: Mar 9, 2018 – ජාතිවාදී ගිනි දලු වලින් වැසීගිය මහනුවර ප්‍රදේශය තවමත් යථා තත්වයට පත්ව නැත. ව්‍යපාරික ස්ථාන දින ගනනාවකට වැසී ගොස්ය. ගමනා ගමන සේවා ඇන හිට ඇත. දවසේ පඩියෙන් ජීවත් වන පවුල් වල කුසගිනි නිවීම පවා බරපතල අභියෝගයක් බවට පත්ව ඇත. ලීසිං , බැකු ණය හිර වී අනාගතය අවිනිශ්ච්චිත අඩියකට පත්ව ඇත. දෛනික ජන ජීවිතය උඩු යටිකුරු වී ඇත . මෙහි බරපතලම කාරනය නම් ඔය කිසිවක් නොවේ නමුත් ජාතිවාදී ගිනිදලුවලින් අගතියට පත්වූන්ගේ මතකය අවසන් හුස්ම හෙලන තෙක් හොල්මන් කිරීමය. එම තත්වය යලි සුවපත් කල නොහැකි අති භයානක රෝග තත්වයකි.

මහනුවර වෙලා ගත් ජාතිවාදී කලබලය අතිශය සැලසුම් සහගතව දියත් කරන ලද්දකි. සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර මහනුවරට පිටත් කර හැරියේ මෙවන් පසුබිමක් තුලය. මහින්ද පාර්ශවය ශානිගේ ගමන පිලිබදව දේශපාලන කෝනයකින් විග්‍රහ කර තිබුනි. මහින්ද පාර්ශවයේ ජාතිවාදීන්ගේ මුග්ධ බව ශානි පිලිබද එම විචාරයේ මොනවට ගැබ් වී ඇත. එසේ කියන්නේ කරුනු කාරනා සහිතවය. කොළඹ තානපති බුද්ධි අංශ වලට වාර්තා වී ඇති පරිදි, තෙල්දෙනියේ සිදුවීම අති බිහිසුනු කුමන්ත්‍රනයකි. තරුනයා පි‍ටුපස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වී ඇත. ඒ පිලිබද අදහසක් ගැනීමට පහත සරල සටහන ප්‍රමාණවත්ය.

කුමාරසිරි තරුණයාට පහර දීම සිදුවන්නේ කවදාද ?

පහර දීම සම්බන්ධව පොලිසියට ගොස් පැමිනිලි කලේ කවුද?

දින කීයක් ඔහු රෝහලේ ගත කලේද ?

ඔහු බැලීම සදහා පැමිනි පුද්ගලයන් පාලනය කිරීම හෝ සෝදිසි කිරීම නොකලේ ඇයි ?

කුමාරසිරි දැඩි සත්කාර එකකයෙන් සාමාන්‍ය වාට්‍ටුවට මාරු කලේද ?

ඔහුගේ මෘත ශරීරය නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීමට නියමිතව ඇත්ද ?

කොලඹ තානාපති කාර්යාල වලට වාර්ථා වී ඇති පරිදි කුමාරසිරි මහනුවර රෝහලේදී අදිසි හස්තයක් විසින් මරා දමා ඇත. ඒ පිලිබදව ශානි අබේසේකර වැන්නකු යොදවා පරීක්ෂණ කිරීම අතිශය යුක්ති යුක්තය. තවද මහනුවර ප්‍රදේශයේ භීෂනය පැතිරූ 60 ක පමන සිංහල පිරිසක් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් කිසිවෙකු එම ප්‍රදේශයේ පදිංචි කරුවන් නොවේ. තවද ඔවුන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පවා එපිට දුර බැහැරින් පැමිනි අයය. අත් අඩංගුවට පත්වූවන්ගේ විශේෂ සලකුනු බොහෝය. පදිංචිය එකම බෝඩිමේය . සමහරෙක් එකම පවුලේ අයය , එකම ගමෙ අයය , එකම දේශපාලන පක්ෂයක අයය .එකම දේශපාලනඥයෙකුට වැඩ කරන අයය. කරුනු එසේ වූ කල්හි ඒ පිලිබදව පරීක්ෂණ කල යුතු නොවේද ?

කුමාරසිරි මියගියේ මාර්තු මස 3 දින රාත්‍රීයේදීය. මරණය ගෙදරට ‍රැගෙන ආ විගස ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ව රු ලක්ෂ 3 මුදලක් කුමාරසිරිගේ පවුලට ලබාදී තිබුනි. එය ලබා දී තිබුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේද අනු දැනුම මතය . තවද 4 වන දින රාත්‍රියේ තව ලක්ෂ 10 මුදලක් ඔවුන්ගෙන් ලැබීමට තිබුනි. මාර්තු මස 4 වන දින ඔහුගේ මල ගෙදරට ඥානසාර හිමි වඩැම්මේය. නමුත් ඥානසාරහිමි මලගෙදරදී කියා සිටියේ කුමක්ද ? මුස්ලිම් ව්‍යපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම අවඥාවට ලක් කලේය. උන්ගෙන් යැපීමට තරම් තවම්ත් අප බංකොලොත් නැතැයි කීවේය . කැමරාවට ඔහු කුමක් කියා සිටියද තෙල්දෙනියට පැමින භීෂණයේ පලමු වෙඩිල්ල පත්තු කලේ ඥානසාර හිමිය.

ජාතිවාදී ගිනිදලු නැග ඒම ආරම්භ විමත් සමගම රිෂාඩ් බදුර්දීන් මහනුවර සංචාරය කලේය. රිෂාඩ් වැන්නෙකුට මහනුවර ප්‍රදේශයේ අසරනව ඇති මුස්ලිම් පිරිසට ලබා දිය හැකි ‍රැකවරණය කුමක්ද ? ඇතිකල හැකි සංහිදියාව කුමක්ද ? රිෂාඩ් මහනුවරට පැමින රටේ ආරක්ෂක අංශයට දෝෂාරෝපනය කලේය. රටේ ආරක්ෂක අංශය අද කුජීතය. සීයට දෙසීයක් රිෂාඩ් සමග මම එකගය. නමුත් ඊට ඇගිල්ල දික් කිරීම සදහා රිෂාඩ් සුසුසු නොවේ. පියාසරනිලධාරී ආකාෂ් ගේ මිනීමරුවා සිටියේ රිෂාඩ් සමගය. මහ දවල් මන්නාරම අධිකරණයට ගල් සැසූ රිෂාඩ් වැන්නකු නීතිය හා සාමය යැදීම මහා අපුලකි . ඥානසාරලා , රිෂාඩ්ලා මහනුවර පැමින කලේ ජාතිවාදී ගින්න ඇවිල වීමය ශ්‍රී ලංකා ඉතිහාසයට නොමැකෙන කලු පැල්ලමක් එක් කල 83 කළු ජූලියට ආසන්නම් හේතුව වුනෙ ලුතිනල් වාස් ගුනවර්ධන ඇතුලු 13 මරණයට පත්කල කොටි ප්‍රහාරය. හේම ශ්‍රී කියන්නේ ලංකාවේකවුරුත් දන්න මාධ්‍ය වේදියෙක්. ඔහුගේ සහෝදරයත් මේ කොටි ප්‍රහාරයෙන් මිය ගියා. මිය ගිය තමසහෝදරය පිලිබද හේම ශ්‍රී මෙහෙම සටහනක් තියනව.

“මගේ මල්ලී රටේ පැවති දේශපාලනය සහ ජාතිවාදී තත්වය ගැන කිසිත් දැන නොසිටි අතර ඔහු දැන සිටියේඉලක්කයට වෙඩි තබන්නටත් මවු බිමට ආදරය කරන්නටත් පමණි. කඩමන්ඩි වල බොරු ප්‍රචාරවල සිටපත්තර වල ලොකු අකුර දක්වාම ජාතිවාදය ජාතිවාදය ඇවිලුනේය . අවසන බොරැල්ල කනත්තට සිරුරුබාරගන්නට පැමිනියේ ඥාතීන් පමණි.. එහෙත් බොරැල්ලේ සිට මුලු කොලඹටම ගිනි තියන්නට දහස් ගනන්අයවලුන් පොර කෑහ. කඩ ගිණි තැබූ විට මට මගේ සහෝදරයා යලි හමුවේ නම් මුල්ම දෙමල කඩයකට ගිනි තියන්නේ මමය . ඔවුන් මගේ සහෝදරයාගේ මරණය පිලිබද කනගා‍ටු නොවේ . ඔවුන් තුල ඇත්තේ දේශප්‍රේමය නොවේ, නමුත් කඩ ගිණි තැබීම සහ බඩු පැහැරගැනීම පමණි ”

දේවදූතයන් පය නොගසන භූමියේ පාපතරයන් පිනුම් ගැසීම ලෝක ස්වභාවයයි. රට ගොඩ ගැනීමට ඇති එකම මග නම් නීතියේ පාලනය ස්ථාපිත කිරීමයි.

ලියුම්කරු කීර්ති රත්නායක

රටේ පවතින ජාතිවාදී කලහකාරීන් මර්දණය කිරිම සදහා වහාම රටේ නීතිය හා සාමය ස්ථාපිත කලයුතු බවත් එ සදහා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරය ලබාදිය යුතු බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ පසුපෙල මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලපෑම් කර තිබෙන බව වාර්තා වේ.

අම්පාර,තෙල්දෙණිය සහ රට පුරාම ජාතිවාදී ගැටුම් ඇති විමට ආසන්නතම හේතුව නීතිය සාමය පිළිබඳව වගකියන ආයතන නීසිලෙස කටයුතු නොකර නිසා බවත් විශේෂයෙන්ම පොලිස්පතිවරයා නීතිය අත්තනෝමතිකව භාවිතයේ යේදවිම බවත් පෙන්වා දි ඇති ශ්‍රිලනිප පසුපෙල මන්ත්‍රීන් පවතින අයහපත් තත්ත්වය ආණ්ඩුවට බරපතල ලෙස මරාන්තීක වි ඇති බවද පෙන්වා දි තිබේ.ඒ අනුව සරත් ෆොන්සේකා වැනි දැඩි මතධාරී අයෙකුට නීතිය හා සාමය වැනි අමාත්‍යාංශයක් ලබාදිය යුතු බවටද ඔහුන් යෝජනා කර තිබේ.

එම ඉල්ලිම් හමුවේ ජනපති නිහඩව සිටිම හේතුවෙන් මන්ත්‍රීවරුන් ජනපතිගෙන් දිගින් දිගටම් ෆොන්සේකාගේ ඇමතිකම සම්බන්ධයෙන් විමසා ඇති අතර අවසානයේ ජනපති එම මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත්තේ තමන් ෆොන්සේකාට ඇමතිකම ලබා දිමට කටයුතු කලහොත් එය ආණ්ඩුව දෙදරවීමට ලක්වන කරුණක් විය හැකි බවයි.

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරය ලබා දුනහොත් ආණ්ඩුව තුළ පිපිරීමක් සිදු වනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ද සාකච්ඡා වී ඇති අතර, ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුම එම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධතාවය දක්වා තිබේ.

එසේම සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති ධුරය ලබා දුනහොත් ඊට පසුවදාම ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමති කණ්ඩායම විරුද්ධ පක්ෂයේ වාඩි වේ යැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

“සති දෙකකට ඇමතිකම් දෙනවද කියලා අපෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තවත් සමහරුන්ට මේවා ගැන අවබෝධයක් නැහැ. කටට එන ඒවා කියලා දානවා. ආණ්ඩුව වැරදි තීන්දු ගත්තොත් සිදු වෙන්නේ ජනතාව පාරට බහින එක යැ”යි සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය වෙත අදහහස් දක්වමින් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලබා දීමට යෝජනා වීම ගැන අප්‍රසාදයකින් සිටින බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ එවැනි තීරණයක් ගතහොත්, ඒ මොහොතේම ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. එසේම ගෝඨභය රාපක්ෂ ඇතුලූ පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වූ කණ්ඩායම් ද ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිධුරය ලබා දීම සම්බන්ධයෙන් දැඩි කලබලයකට පත් වී සිටින බව සඳහන්ය.

ඒ ඔහුට එම ඇමතිධුරය ෆොන්සේකාට ලබා දුනහොත් පසුගිය ආණ්ඩු සමයේ ෆොන්සේකාට සිදු කළ ආකාරයෙන්ම පෞද්ගලිකව තමන්ගෙන් පළි ගනු ඇති බවත් ඒ සඳහා ඔවුන් සිදු කළ වංචා පාරා වළල්ලක් වනු ඇති බවත් ඔවුන් දන්නා නිසාය.

කෙසේ වෙතත් මේ හේතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයෙන් ද ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ ඇමතිධුරය ලබා දීම වලක්වන ලෙස බලපෑම් එල්ල වෙමින් තිඛෙන බව වාර්තා වේ.

http://198.211.112.164/archives/17633

 

Published on: Mar 7, 2018- යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන් දෙසටය.ලිපිය ලියයන විටත් පොලීසිය විසින් Face book , whatsapp, messenger, blogs මොනිටර් කිරීම අරඹා ඇත . ඒනමුත් සත්‍ය කිමට කුමට බිය විය යුතුද

රනිල් වික්‍රමසිංහ

2001-2004 කාලයේ පැවතියේ එ.ජා.ප ආන්ඩුවකි. රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වූ අතර රටේ ජනාධිපති ධූරය චන්ද්‍රිකා බන්ඩාරනායක අත විය. 2002 වර්ශය ආරම්භය සනි‍ටුහන් වනවාත් සමගම එක් ඛේදජනක සිදුවීමකින් මුලු ගුවන් හමුදාවම සසල විය. පියාසර නිලධාරී ආක්ෂ් වන්නිආරච්චි , ඉන්ටේක් 36 ( රෙජිමේන්තු )පුත්තලම නගරයේ දෙනෝදාහක් ඉදිරිපිට ඝාතනය විය.ආකාෂ් සේවය කලේ පාලවි ගුවන් හමුදා කදවුරට අනුයුක්තවය. පුත්තලම නගරය අශ්‍රිතව ක්‍රියාත්මක සංවිධානාත්මක මුස්ලිම් අපරාධ කල්ලියක් අතින් ආකාෂ් ඝාතනය විය. ඔහු මියගියේ පපු ප්‍රදේශයට ලද පිහි ඇනුම් ප්‍රහාරයක් හේතුවෙනි. මෙම ඝාතනයේ කෙස් කෙලින් කර වන කොටස නම් ඝාතකයන් මුස්ලිමුන් වීම නොව මිනීමරුවා රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයෙකු වීමය. මිනීමැරුමේ ඇසින් දු‍ටු සාක්ෂිකරුවා වූ වින්ග් කමාන්ඩර් නුගේගොඩ තවම ගුවන් හමුදා සේවයේ නියුතුය. දේශපාලන වාසිතකා පුත්තලමේ මිනීමරුවන් ආරක්ෂා කලේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ එදාවෙල දේශපාලනයට අත් උදව් දුන්නේ එවක පොලිස්පති ලක්දාස කොඩිතුවක්කු සහ ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩිය. එදා සක්‍රීය සේවයේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරියෙකුගේ ලේ පැල්ලම අතින් වසන්කල රනිල්ට මෙදා දිගන රියෙදුරෙකුගේ ලේ පැල්ලමකින් ජාත්‍යන්තර අපකීර්තියක් ලැබීම දෛවයේ සරදමකි. සරදම කොතෙක් කුරිරුදයත් නීතිය හා සාමය භාර ඇමතිවරයාද ඔහුය.

එදා ආකාෂ් සිය පවුලේ නෑ හිතවතුන්ගේ හද කම්පා කරමින් අවසන් ගමන් ගියේය. එම අසීමිත වේදනාව දැනුනේ සිය පවුලේ උදවියට පමනි . ඔවුන් අන්ත අසරණය, කරකියා ගත හැකි කිසිවක් නොවීය. රටේ අගමැති , පොලිස්පති සහ ගුවන් හමුදාපති බඩවියත වෙනුවෙන් ආකාෂ්ගේ ඝාතකයා සැගවීය . චම්පිකලා, වීරවන්සලා ආකාෂ් ගේ ඝාතනය දු‍ටුවේ නැත. ජනතාවගේ යුක්ති යුක්ත දුක් ගැනවිලි හමුවේ දේශපාලනඥයන් අන්ධය. ඔවුන්ට ඇස්- කන් නැත, දැනෙන්නේ ‍ දේශපාලනයේ ගද සුවද පමනි. 2002 කාලයේ මුහුනුපොත වැනි සමාජ ජාලා ප්‍රචලිතව නොතිබිනි. ආකාෂ්ගේ මරනය රනිල්ට වසන් කල හැකි වූයේ එහෙයිනි . සමාජ ජාලා නොතිබුනි නම් දිගන රියදුරාගේ ඝාතනය තවත් එක් මරණයක් පමනි. කල දු‍ටු කල වල ඉසගැනීම මිස ඉන් එහා යමක් දේශපාලනඥයෙන්ගෙන් බලා පොරොත්තුවිය නොහැක. ජනතාවගේ කැකෑරෙන දුක් වේදනා යටපත් කිරීම අලු යට ගිනි පුපුරු මෙනි. 2015 මැතිවරනයේදී මුස්ලිම් ජනතාව ඉදිරියේ රාජපක්ෂ බිල්ලෙකු මවා දේශපාලන වාසි ගත්තේය. ඇතැම් මුස්ලිම් ව්‍යාපාරිකයන් පුලුල් තිර සහිත ජංගම රූපවාහිනී ට්‍රක් යොදවමින් අලුත්ගම කථාව පෙන්වූයේ රාජපක්ෂලා නැති කිරීමටය. මේ සියල්ල මෙහෙය වූයේ රනිල්ගේ අනුදැනුම මතය. රනිල් කල කී සියල්ල අද බැක් ෆයර් වී ඇත.

චම්පික රනවක

ඊලාම් යුද්ධය තුල චම්පික රනවක විශාල කාර්ය භාර්යක් ඉ‍ටුකල බව සෑබෑය. ඊලාම් යුද්ධය අවසන් කල ගැම්මටම ඔහු තවත් මෙහෙයුමක් ආරම්භ කලේය . ඒ මුස්ලිම් ව්‍යප්තවාදයට එරෙහිවය. මුස්ලිම මූලධර්මවාදය ගැන ඔහු පොතක් ලියුවේය . ඒ පිලිබද සම්මන්ත්‍රන කිහිපයක්ද පැවැත්වූයේය. නමුත් දෛවඥයෙකු විසින් 2020 තමාට රාජ යෝගයක් ඇති බව පැවසූ පටන් සියල්ල උඩු ය‍ටුකුරු විය. එතැන් පටන් ප්‍රාදේශීය දේශපාලනයට තිත තබා ජාතික දේශපාලනයට කුරුමානම් ඇල්ලුවේය. එ අනුව මුස්ලිම් ආගමට එරෙහිව ලියු පොත හකුලා ගත්තේය. මුස්ලිම් ජනයා කෙරේ ගොනා සහ තණකොල න්‍යාය අනුගමනය කලේය. විදේශ තානාපතින් සමහ පෑහීමට පටන් ගත්තේය . මේ අතර තුර මහින්දගේ දෙවන ධූර කාලයේ අවසාන භාගය එලඹිනි චම්පිකට ඉස්මතුවීමට මහින්ද විසින් හයිජැක් කර තිබෙන ජාතික ව්‍යාපාරය යලි අතට ගත යුතුව ඇත. මහින්ද -ගෝඨාභය සිටින තාක් ජාතික ව්‍යාපාරය යලි චම්පික අතට ගත නොහැක. මහින්ද දේශපාලනයෙන් අතු ගෑ දැමීම ඔහුගේ සැලසුම විය.

චම්පික මහින්දගේ ආන්ඩුවේ සිටියදීම රනිල් – චන්ද්‍රිකා සමග ගනුදෙනු කිරීම ආරම්භ කලේය . මහින්ද පැ‍රැදවීමට නම් එක්කෝ සිංහල බෞද්ධ බලවේගයෙන් කොටසක් වෙන් කල යුතු විය නැතිනම් මහින්ද සමග සිටින මුස්ලිම් ජනයා වෙන් කල යුතු විය. ඉන් චම්පිකට පහසු වූයේ දෙවැන්නය. ඒ අනුව විහාරමහාදේවී ප්‍රහාරයෙන් පසු විශ්‍රාම ගන්වා සිටි ඥානසාර හිමිට නැවත කැදවිමක් ලැබුනේය. චම්පිකගේ කොන්ත්‍රාත්තුව අනුව ඥානසාරහිමි හත්පොලේ ගෑවේ මහින්දගේ රජය ගද ගස්සවමිනි.අන් කවර ජාතියකටවත් නොමැති ගැටලු බෞද්ධයන්ට ඇත.බෞද්ධයන් මුහුන දී සිටින සංවේදී ගැටලු පිලිබද කථා කිරීමට ඥානසාරගේ බුල්ඩෝසර් ශෛලිය ඔබින නොවේ. 2013 මාර්තු මස 15 දින චම්පික විසින් අල් ජිහාඩ්-අල්කයිඩා නොහොත් ඉස්ලාම් මූල්ධර්මවාදයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය කෘතිය එලි දැක්වීය. බොදු බල සේනාව කෝච්චිය ධාවනය වූයේ චමිපික ලියු පොත් පින්චේ පීලි මතය.

මහින්ද රාජපක්ෂ

62 දෙලක්ෂයක ජනවරමක් ලැබුනේ රාජපක්ෂලාට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමටය. ඒ පිලිබද සම්පූර්ණ වගකීම යහපාලන රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතුය. ඒ කෙසේ වෙතත් මුස්ලිම් ජනයා ඉදිරියේ මැවූ රාජපක්ෂ බිල්ලා දේශපාලන ඩමියකි. මහින්ද කවදත් මුස්ලිම් ජනතාව සමග කිට්‍ටුවෙන් වැඩ කල අයෙකි.මුස්ලිමුන්ට ප්‍රහාර එල්ල කිරීමේ කිසිදු සැලසුමක් මහින්ද තුල හෝ ගෝටාබය තුල නොවිනි. මුස්ලිමුන් සමග රාජපක්ෂලා කල ව්‍යපාරික ගනුදෙනු පවා යහපත් අයුරින් සිදුවිය. සෑම ගනුදෙනුවකටම එකග වූ මුදල් ප්‍රමාණය ගෙවා දැමුවේය .බලහත්කාරයෙන් හෝ දෙන්නම් කාසි වලට ගනුදෙනු සිදු නොවිනි. ඉහත පැහැදිලි කලාක් මෙන් බොදු බල සේනාව යනු ගෝඨාභය මෙහෙයවූවක් නොව වෙනත් පිරිසක් විසින් මෙහෙය වූවකි. මුස්ලිම් කල්ලි කන්ඩායම් විසින් රාජපක්ෂලාට කොකා පෑමෙන් දෙපාර්ෂවයම සිදුව ඇත්තේ අගතියකි. මහින්දගේ කාලයේ ලංකාවට එරෙහිව එ.ජා මන්ඩලය චෝදනා ගෙන එනවිට රනිල් ඒ දෙස බලා සිටියේ ආනන්දයෙනි . එදා අලුත්ගම සිද්ධිය මෙන් නොව ඊටවඩා සිය ගුනයක් විශාල ව්‍යවසනයක් අද සිදුව ඇත. තවම එය පවතින්නේ රජයට පාලනය කර ගත නොහැකි මට්ටමකය එක්සත් ජාතීන්ගේ 73 සැසිවාරය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය. දැන් රනිල් ඊට මුහුන දිය යුතුව ඇත

මුස්ලිමුන් කොයිබටද ?

වහාබි වාදයයනු 17 වන සියවසේ විසූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් පන පෙවූ රැඩිකල් හර පද්දතියකි. මොහු විසින් ඇති කලා වූ පුනරුදය සද්භාවයෙන් කලා වුවද දේපාලකයන්එදා සිට අද දක්වාම ඔහුගේ ඉගැන්වීම දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා කරන්නේය. එය මුලින්ම ආරම්භ වූයේ ප්‍රාදේශීය පාලකයන්ගෙනි. ඉන්පසු සෞදි රජ පවුල මක්කා මදීනා ඇතුලු භූමිය අල්ලා ගැනීමට උපක්‍රමයක් ලෙස යොදා ගත්තේ වහාබ් වාදයයි. ක්‍රමයෙන් වහාබ් වාදය දේශපාලන ව්‍යපෘතීන්ට නැතිවම බැරි උපකරණයක් බවට පත්වූයේය. බ්‍රිතාන්‍යයන් විසින් ඔටොමන් අධිරාජ්යට එරෙහිව සටන් කිරීමට බලල් අතක් ලෙස යොදා ගත්තේ සෞද් පවුලයි. ඔටෝමන් අධිරාජ්‍යයාට එරෙහිව ජනතාව කුපිත කිරීමට වහාබ් වාදය යොදා ගත්තේය. අදද අඩු වැඩිව වහාබ්වාදය සේවය කරන්නේ බරහිර කදවුරටය

1996 සිට විසි වසරක් පුරා ඇමරිකානු මුස්ලිමුන් වෙනුවෙන් රාමදාන් ඉෆ්තාර් භෝජන සංග්රහයක් ධවල මන්දිරයේ පැවතියේය. නමුත්ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් හේතු දැක්වීමන් තොරව මෙම ඉෆ්තාර් භෝජනය සංග්රහය නවතා දැමීය. එම පුවත ලොව පුරා අවධානයට ලක්විය. කොළඹ ඇමරිකානු තානාපති අතුල් කේෂප්ද ධවල මන්දිර පරිපාලනයට සමගාමීව රාමදාන් ඉෆ්තාර් උත්සව අවලංගු කලේය. තෙල් රජවූ කාලය ඉවරය. ඊට විකල්ප පැමින ඇත.

වහාබ් වාදයේ මහගෙදර සෞදි අරාබියයි . අද සෞදියේ සිදුවන්නේ කුමක්ද ? සෞදියේ සල්මාන් කුමරු ආගමික පොලීසිය (මුතෙව්වා ) නිකමුන් බවට පත්කර ඇත. ආගමික පොලීසියට වැ‍ටුප් ගෙවීම අත්හි‍ටුවා ඇත. කාන්තාවගේ කලු කබා අනිවාර්ය නීතිය ඉවත් කර ඇත. නියොම් නම් වූ සංචාරක පුරවරයක් ඉදිකිරීම පසුගිය නොවැම්බරයේදී ගිවිසුම් ගැසුවේය.එහි ක්‍රියත්මක වන්නේ ශරියා නීතිය නොවේ . නියොම් ව්පෘයිතියේ ප්රධාන විධායක නිලධාරී කාලොස් ක්ලෙන්ෆිල්ඩ් Dr. Klaus Kleinfeld- ප්රධාන ආයෝජක ස්ටෙෆන්. එ ස්වොර්මන් Stephen A.Schwarzman සහ රොබෝ තාක්ෂන ප්රධානී මාර්ක් රිබර්ට් Marc Raibert යුදෙව් ජාතිකයන්ය.එහි ඉදිකරන නිෂ්චල දේපල වල සින්නක්කර අයිතිය ආයෝජකයන් සතුය. නියොම් දේශයේ නෛතික ආර්ථික දේශපාලන සහ අරක්ෂක විධිවිධාන මෙහෙයවනුයේ ආයෝජකයන්ට බහුතර බලයක් හිමි මණ්ඩලයකිනි.නියොම් නගරය ජොර්දානයේ ඇකබා, ඊජිප්තුවේ තාබා සහ ඊශ්‍රායෙලයේ එයිලට් වරාය නගර හා එකට සම්බන්ද වූවකි. නො එසේනම් සෞදිය විසින් ඊශ්‍රායෙලය පිලිගැනීමයි

ශිව සේනා, 969, අයි-එස්, අල් කයිඩා, බොදු බල සේනා, තව්හීද් ජමාත් වැනි විවිධ කන්ඩායම් කලින් කලට පැමිනෙයි. බැලූ බැල්මට ඔවුන් පෙනී සිටියේ එක් අභිලාශයක් වෙනුවෙනි. ලස්සන අකුරු, පද, පේලි යොදා ඔවුන්ගේ දැක්ම කැටයම් කර ඇත. පිරිසක් ඔවුගේ අභිලාශ සමග ඇලෙයි, තවත් පිරිසක් ගැටෙයි. මතු වීම සත්‍යයේ ස්වභාවයයි. සැබැවිනම් ඥානසාර හිමි හෙලයන්ට කල අවැඩක් මිස සේවයක් නොමැත. අන්තවාදී මුස්ලිම් කන්ඩායම්වල තත්වයද මීට වෙනස් නැත. මෙම කල්ලි කන්ඩායම් කරන්නේ රහස් සංවිධානයක කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමය. අන්තවාදය සාතන්ගේ දාසයෙකු මිස දේවදූතයෙකු නොවේ.

ලියුම්කරු – කීර්ති රත්නායක

Published on: Mar 6, 2018 – අග්‍රාමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබුනද එම අමාත්‍යධුරය ෆොන්සේකාට ලබාදිමට ජනාධිපතිවරයා දෙගිඩියාවෙන් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තින්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු පසුගියිදා අනාවරණය කල අතර පසුව එම අනතුරද නොසලකා ජනාධිපතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දිමට කැමත්ත පලකර තිබුනා.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිමත් සමග සිරිසේන ජනපති ගත් තින්දුව මදක් පස්සට ගෙන ඇති අතර තමන්ගේ ජපාන සංචාරයෙන් පසුව එම පත්කිරිම පිළිබඳව සිතා බලන බව ජනපති මේ වනවිටත් දැනුම් දි තිබේ.

ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.

මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් අද (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

නාධිපති මෛත්‍රීපාල සිරිසේනට වැඩිම තර්ජනයක් පවතින්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් බවට බුද්ධි අංශ ආරක්ෂක ආරක්ෂක මණ්ඩලයට වාර්තාකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය 2017 වසරේ අනාවරණය කල අතර එම අනාවරණය පහත දක්වා තිබේ

http://198.211.112.164/archives/15086

http://198.211.112.164/archives/16789

http://198.211.112.164/archives/17537

 

මේ වන විට ලාංකීය සමාජය තුළ ඇති වී තිබෙන්නේ මහත් කලබගෑනියකි. ඒ මුස්ලිම් කඩ වල සිංහලයන් වඳ කිරීම වෙනුවෙන් වඳ පෙති දමා කෑම දෙන බව විශ්වාස කරන පිරිසක් විසින් කරගෙන යනු ලබන මහා කලබගෑනියක් නිසාය. මේ වන විට ලංකාවේ නොව ලෝකයේ කිසිම තැනක මිනිසුන් වඳ භාවයට පත් කිරීමට සමත් ඖෂධයක් සොයාගෙන නොමැති වුවත් එවැන්නක් තිබේ යයි කියන අමනයන් පිරිසක් මේ කලබගෑනිය ඇති කරමින් සිටිති.

දේශපාලකයන් තම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය උත්සන්න කිරීමට වරින් වර එක එක ‘ඉවෙන්ට්’ සොයා ගන්නා අතර මේ වඳ පෙති ඉවෙන්ට් එකද එවැනිම උපක්‍රමයකි. ඒ ගැන දැන් සමාජයේ විවිධ මත නිර්මාණය වෙමින් තිබේ. එහෙත් මේ කියන්නට යන්නේ ජනතාවට වඳ පෙති භීතිකාව පෙන්වමින් ලෝකයේ කොහේවත් නැති සෞඛ්‍ය ආරක්ෂාවක් ගැන ජනතා අවධානය යොමු කරවන දේශපාලකයන්ම තමන්ගේ මඩිය තර කර ගැනීමට ඇත්තටම ජනතාවගේ සෞඛ්‍යය අවදානමට හෙළන මහා ජාවාරමක් පිළිබඳවය. කෙටියෙන්ම කියනවානම් ලංකාවේ සෞඛ්‍ය සේවය ජාවාරමක් කරගෙන සිටින දේශපාලකයන්, වෛද්‍යවරුන් සහ මුදලාලිලා පිරිසක් විසින් තම ජාවාරම් වෙනුවෙන් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය අනතුරට හෙළා ඇති ආකාරය පිළිබඳවය.

ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ රටේ දුගී දුප්පත් ජනතාව කඳුළු දහදිය හෙළා උපයන මුදලින් අය කරන බදු මුදල් වලිනි. රෝහලේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා සියල්ලන් වෙනුවෙන් වියදම් කරන්නේත්, රෝහල් නඩත්තු, ඖෂධ, වෛද්‍ය උපකරණ ඇතුළු සියල්ලක්ම වෙනුවෙන් වියදම් කරන්නේ මේ ජනතා මුදල්ය. නමුත් අද රටේ පවතින ජාවාරම්කාරී ඖෂධ සමාගම් ඉතා අසාධාරණ ලෙස එම මුදල් යටිමඩි ගසා ගන්නේ ඉහළ සිට පහළට වගකිවයුත්තන් සියල්ලන්ගේම ආශිර්වාදය මධ්‍යයේය.

මේ ජාවාරම්කරුවන් විසින් සිදු කරන එක් ප්‍රධාන ජාවාරමක් වන්නේ වෛද්‍ය රසායනාගාර උපකරණ ගෙන්වීමයි. ඒ හරහා ජාවාරම සිදු කරන්නේ මෙසේය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කාර්මික හා විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට හා විනාශ කිරීමට විවිධ ආයතන වලට පවරා ඇත. ඒවා අතරිනුත් වෛද්‍ය රසායනාගාර හා ශල්‍ය උපකරණ විනාශ කරන විශේෂයෙන්ම වෙන් වූ ආයතන තිබේ. ඔවුන්ට විශේෂ අවසරපත් ද ලබා දී ඇත්තේ මෙම උපකරණ පරිසරයට විෂ පමණක් නොව විවිධ රෝගාබාධයන් ප්‍රචාරණය කිරීමට රුකුල් දෙන බැවිනි. මෙයින් එක් සමාගමක් ලෝකයේ ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් වෛද්‍ය උපාංග නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදනය කර ඇමෙරිකාවේ රෝහල් වලින් ඉවත් කළ උපකරණ නැවත සකස් කොට තුන්වන ලෝකයේ රටවලට විකුණා ලාබ ලබයි.

ඔවුන් අපෙන් අයථා ලෙස උපයා ගන්නවාට අමතරව ඔවුන්ගේ ලෙඩ රෝග අපට නොමිලේම ලබා දෙයි. ඒ අනුව මේ මගින් එබෝලා වැනි රෝගාබාධ අප රටට පහසුවෙන් පැමිණිය හැකිය. මෙම උපකරණයන් නැවත සකස් කළ (Republish) උපකරණ ලෙසට මුල් ලියාපදිංචි සමාගම් නාමයන්ට මුවා වී පැමිණේ. මෙරට සමාගම් මේවා රජයේ හා පුද්ගලික රෝහල්වලට විකුණයි. ටෙන්ඩර් හරහාත් නිල හා නොනිල ගනුදෙනු හරහාත් මෙය සිදුකරයි.

අන්තර්ජාලය තුළ http//www.diamonddiagnostics.com/English/index.htm මගින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගත හැකිය. මෙය සාපාරාදී අපරාධයකි. මෙම ජාවාරම සිදුකරන සමාගම කොළඹ කොටුවේ පිහිටා ඇත. එම සමාගම බෙහෙත් ගෙන්වීමත් මේ සමඟ සිදුකරයි. ඒ සමාගම් පිළිබඳව සියලු තොරතුරු අප සතුව පවතියි.

මේ මගින් ලෝකයේ ව්‍යාප්තව පවතින භයානක ලෙඩරෝග ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් පවතියි. මෙම කල් ඉකුත් වූ මැෂින් වල මූලික උපාංග ඉවත් නොකරයි. එහි පවතින සිරින්ජ, පරණ රසායන අසුරුම්, රුධිර සාම්පල ඇසුරුම් අලුත්වැඩියා නොකර ගෙන්වීම සිදු කරයි. එක්තරා පෞද්ගලික රෝහලකදී මෙය අනාවරණය විය. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට සිදු කරන ලද්දේ එය ඉවත්කර වෙනත් රසායනාගරයක ස්ථාපිත කිරීමයි. විශේෂයෙන්ම එබෝලා රෝගීන් සම්බන්ධ පරීක්ෂණ එම රටවල් වලදී මෙම උපකරණ වලින් සිදු කරයි. මේවා අපේ රටට පැමිණෙන්නේ හොර රහසේ ලියකියවිලි වෙනස් කොට හා අදාළ නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන්ය.

එයට අමතරව වෛද්‍ය උපකරණ රෝහලකට ගෙන්වීමට තීරණය කරන කමිටු වල නිලධාරීන්ද මේවාට වගකිව යුතුය. ඉතා මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අවශ්‍යව තිබූ හෝමෝන රෝග නිමානය කරන උපකරණයක් සඳහා ටෙන්ඩර් කැඳවිණි. එහිදි රටේ නමගිය විවිධ සමාගම් ටෙන්ඩර් පත්‍රිකා සම්පූර්ණ කර ඉදිරිපත් කළහ. මෙහිදී ජයවර්ධනපුර රෝහලේ ඉහළ පෙළේ වෛද්‍යවරියක් විසින් තමන්ට දොලපිදෙනි ලබා දුන් ආයතනයට අදාළ වන පරිදි ටෙන්ඩර් පෙරසැකසුම් වාර්තාව සැකසීය.

මෙහිදී ඇයට විදේශීය සංචාර හා වෙනත් වරදාන ප්‍රදානය කරන ලදී. 2014 මැයි මාසයේදී ගල්කිස්ස හෝටලයකදී මැය ඇතුළු පවුලේ සාමාජිකයන් උදෙසා සාදයක් පවත්වන ලදී. මෙම උපකරණය ඉක්මනින්ම අකර්මණ්‍ය වූ අතර එය නැවත සකස් කිරීමට ගිය ඉංජිනේරුවන් මෙහිදී අයථා ක්‍රියා සිදු වී ඇති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේදී මෙම වෛද්‍යවරිය එම ඉංජිනේරුවන්ට දිගින් දිගටම බාධා කිරීම් සිදු කර තිබේ.

මෙය එක් සිදුවීමක් පමණි. එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල රෝහල් වලින් වාර්තා වෙමින් තිබේ.

අනුරාධපුර රෝහලට 2012-13 වර්ෂවලදී ගෙන්වන ලද Bio Chemistry Analyzer උපකරණය එයින් එකකි. එහි එවකට සිටි ගණකාධිකාරීවරයාට හා තවත් නම හෙළිනොවූ අයවලුන් කීප දෙනෙකුට මුදල්, විදේශ සංචාර හා මත්පැන් සාජ්ජ පවත්වා මෙම උපකරණ රෝහලට ලබාදී තිබේ. කුරුණෑගල රෝහලටද මේ අයුරින් උපකරණයක් විකුණා ඇත. මෙසේ රෝහල් වලට මිලදී ගත් උපකරණ වල සීරියල් අංක පවා අප සතුව තිබේ.

මෙසේ ගෙන් වූ අනුරාධපුර රෝහලේ උපකරණයේ පළමු ප්‍රතිස්ථාපනය දිනයේදීම අක්‍රීය විය. පසුව ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මත එය ප්‍රතිස්ථාපනය කළත් එය අලුත් උපකරණයක් නොවේ. නමුත් ඔවුන් ටෙන්ඩරයට ඇතුළු කරන දත්තවල සටහන් කරන්නේ මෙම උපකරණය අලූත් එකක් බවයි. එහිදී ඔවුන් හුවමාරු කරගත් චෙක්පත් සහ ලිපි අප සතුව පවතී. අනුරාධපුර රෝහලට මෙම උපකරණය ලබා දීමේදී එවකට එයට මැදිහත් වූ වෛද්‍යවරියට ඉතා ඉහළ පගාවක් ලබා දී ඇති අතර ඉන්පසු ඇය කුරුණෑගල රෝහලට ගියවිට තවත් එවැනි උපකරණයක් කුරුණෑගල රෝහලට ද මිල දී ගන්නා ලදී. ඉන් පසු ඇය කළුතර රෝහලට මාරු වී ගිය අතර නැවත කළුතර රෝහලටත් එවැන්නක් මිලදී ගන්නා ලද අතර ඇය මාරු වී යන සෑම රෝහලකම මේ අයුරින් මැෂින් ඉතා පහසුවෙන් ස්ථානගත වෙයි.

මේ අයුරින් පෞද්ගලික රෝහල් කිහිපයකටද මෙවැනි වෛද්‍ය උපකරණ විකුණා ඇත. හේමාස් රෝහල, ඩෙල්මන් රෝහල, මීගමුව හේමාස් රසානාගාරය, කළුතර පිලිප්ස් රෝහල, බණ්ඩාරවෙල හියුස් රසායනාගාරය ඒ අතරින් කිහිපයකි.

මෙම රසායනාගාර උපකරණ ලංකාවට ගෙන්වන්නේ ලියා පදිංචි වී ඇති සමාගම් වලින් පමණි. වෙනත් බාහිර අයට මේවා ගෙන්වීමට හැකියාවක් නැත. මෙවැනි වෛද්‍ය උපකරණ වල වටිනාකම රුපියල් කෝටි ගණනකි. මේවා ගෙන්වීම සඳහා දැනටමත් ලංකාවේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන පනත මගින් ප්‍රතිපාදන ඇතත් මෙම සමාගම් ඉහත කී උපකරණ ගෙන්වනු ලබන්නේ එම නීතිරීති සියල්ල උල්ලංඝනය කරමිනි.

ලෝකයේ කොතැනක හෝ භාවිතා කළ වෛද්‍ය රසායනාගර උපකරණ ලංකාවට ගෙන්වීම එම පනතට අනුව සපුරා තහනම්ය. එහෙත් සියලු ලියකියවිලි වෙනස් කර ඔවුන් විසින් සාදන නිෂ්පාදන සහතික ඉදිරිපත් කරනු ලබන අතර ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී ගෙන්වන ලද කිසිවක් වෙනත් රටක භාවිතා කරන ලද ඒවා යයි සඳහන් නොවේ.

මේවා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය ඇමතිවරයා නොදන්නවා විය නොහැකිය. ඉහළ සිට පහළටම මේ ජාවාරමේ කොමිස් කුට්ටි යන නිසා ඒවාට විරුද්ධ වීමට මේ කිසිවෙකුට හැකියාවක් නැත. එහෙත් වඳ පෙති පෙන්වා ජනතාව මුළා කරමින් තම පැවැත්ම සකසා ගන්නා පාලකයන්ගේ දේශපාලනයට කඩේ යනවා වෙනුවට ඇත්තටම ජන ජීවිතය අනතුරේ හෙළන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඊට එරෙහි වීම මෙරට බුද්ධිමත් ජනතාවගේ වගකීමකි.

චතුර දිසානායක

ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ කතා බහ කලක් තිස්සේ පැතිර යනවා. රණවිරුවන් දඩයම් කරන්නේ නැතැයි කියන ආණ්ඩුවක් රණවිරුවන් සම්බන්ධ ආරක්‍ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගන්න හදනවා. ආණ්ඩුව කියාවි අත්අඩංගුවට ගැනීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් නොවෙයි කියලා. රටේ සාමාන්‍ය නීතිය අනුව පුරවැසියකු සම්බන්ධ චෝදනාවකට පරීක්‍ෂණ කිරීම අදාළ අංශවල කටයුත්තක් කියා ආණ්ඩුව කියන්න පුළුවන්.

දැන් පොලීසිය හා සාමය සම්බන්ධ ඇමති රනිල්. තව කතාවක් තියෙනවා සරත් ෆොන්සේකාට ඒ ඇමතිකම දෙන්න යනවා කියලා. මෙය මෛත්‍රිපාලට තම විධායක බලය පෙන්වීමට ලැබෙන අවස්ථාවක්. ඔහුගේ කණ්ඩායමේ ඇමතිවරු ඒ පත්කිරීමට විරුද්ධයි. මෛත්‍රිපාලට පුළුවන් සරත් ෆොන්සේකා පත් නොකර සිටීමට. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව ඔහුට විරුද්ධ ව තිබෙනවා.

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නීතිඥයන් පිරිසක් කටයුතු කරනවා. ඔවුන්ට අනුව ඔහුට විරුද්ධ ව උසාවියක වැරදිකරුවකු ලෙස තීන්දු කළ හැකි චෝදනාවක් නැහැ. එහෙත් ප්‍රශ්නය එය නො වෙයි. මෙය නෛතික ප්‍රශ්නයක් නොව දේශපාලනික ප්‍රශ්නයක් වීමයි. අද ඉන්නා පොලිස්පතිගේ හා නීතිපතිගේ අපක්‍ෂපාතීත්වය පිළිබඳ බොහෝ දෙනකුට විශ්වාසයක් නැහැ. අද නීතිය මෙහෙයවෙන්නේ දේශපාලනයෙනුයි. නීතිය නැවීම කියන එක ප්‍රසිද්ධ ඉංගිරිසි කියමනක්. ඉංගිරිසින් ද නීතිය නවනවා. ලංකාවේ ඇතැමුන් සම්බන්ධයෙන් නවන්න නීතියක් නැහැ. නීතියක් නැති තැන ඇත්තේ දේශපාලනයයි.

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්විය හැක්කේ දේශපාලනයෙන් පමණයි. එනම් දේශපාලන බලතුලනයේ වෙනස් වීමකින්, වෙනස් කිරීමකින් පමණයි. අද මේ වන විට 2019 ජනාධිපතිවරණය ගැන සූදානමක් තියෙනවා. ප්‍රසිද්ධියේ මොනවා කීවත්, මොනවා නැතැයි කීවත්, පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය සඳහා ගෝඨාභයගේ හා බැසිල්ගේ නම් ඉදිරිපත් වී ඇති බව ප්‍රසිද්ධ රහසක්. මට නම් මෙය ප්‍රමුඛතා හඳුනා නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. 2019 දී ජනාධිපතිවරණයක් තිබේවි ද යන්න ගැන ස්ථිර විශ්වාසයක් තිබනවා ද?

රනිල් අගමැති තනතුරේ සිටිනතාක් මට නම් ඒ ගැන විශ්වාසයක් නැහැ. රනිල් නව ව්‍යවස්ථාව සම්මත කර ගෙන පාර්ලිමේන්තුව දික් කර ගන්නත් පුළුවන්. මා කියන දේ සමග මෙරට උගතුන් බහුතරයක් එකඟ වන්නේ නැහැ. ඔවුන් පසුගිය අවුරුදු තිස්පහක පමණ කාලයක කිසි දිනෙක මා සමග එකඟ වී නැහැ. මේ උගතුන් අතර දොස්තරලා ඉංජිනේරුවන්, පරිපාලන නිලධාරීන්, කලාකරුවන්, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදීන් සිටිනවා. මේ සම්බන්ධ හොඳම උදාහරණයක් නම් දොරමඬලා වැඩසටහනෙහි කාලෝ ෆොන්සේකා සමග ඇති වූ විවාදයයි. උගතුන් එදා බටහිර විද්‍යාවේ හා දැනුමේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියා. ඒ ඒසේ වුවත් අදත් මගෙන් නූගතුන් යැයි කියන්නන් අසන්නේ එවැනි විවාද දැන් නොපැවෙත්වෙන්නේ ඇයි ද කියා. මා උගතුන්ගේ රාමුවෙන් පිට වී අවුරුදු තිස්පහක් පමණ වෙනවා.

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නම් රනිල් අගමැති තනතුරෙන් ඉවත් කළ යුතු යැයි කී විට ඒ උගතුන් මට ඔරවනවා. රනිල් අගමැති තනතුරේ සිටිනතාක් ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්විය නොහැකි බවත් 2019 ජනාධිපතිවරණය ගැන හිතන්න පෙර රනිල් ඉවත් කර සිටිය යුතු බවත් කී විට ඔවුන්ට මට බැණ වැදීමට අවශ්‍ය වනවා. ඔවුන් මගේ මුහුණවත් නොබලා යනවා. රනිල් ඉවත් කළ යුතු යැයි මා කියන්නේ 2015 අප්‍රේල් පමණ කාලයේ සිටයි. ඒ ඔහු මෙරට ජාතිකත්වයට විරුද්ධ නිසා. ජාතිකවාදීන් යැයි කියා ගන්නා බොහෝ දෙනා මෛත්‍රිපාලට ජාතිකත්වයක් නැතැයි කීමට නම් ඉදිරිපත් වෙනවා. එහෙත් ඔවුන් අමතක කරුණ මෛත්‍රිපාල පහුගිය ආණ්ඩුවේ ඇතැමුන්ගේ කෙණෙහිළිකම් නිසා ජාතිකත්වයට විරුද්ධ වූවන් විසින් යොදා ගැණුනු බවයි. ඔහු තමා යොදා ගැනීමට ඉඩ හැරීම සුදුසු යැයි මා කියන්නේ නැහැ. අවුරුදු තුනහමාරකට පසු අද ඔහු රනිල්ලාට විරුද්ධ වෙනවා.

එහි දී ඒ අරගලය සඳහා ඔහුගේ ශක්තිය වැඩි කිරීමට ඇතැම් මහින්දවාදීන් ක්‍රියා කරන්නේ නැතිවා පමණක් නොව ඒ අරගලයට අකුල් හෙළීමෙන් රනිල් තහවුරු කරනවා. එමගින් ඔවුන් බලාපොරොත්තුවන 2019 ජනාධිපතිවරණය නැති කර ගන්නවා. ඔවුන් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමටත් වක්‍ර ව උපකාර කරනවා. අදවත් ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වීම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැත්තේ ඇයි?

මෛත්‍රිපාලට විරුද්ධව විදේශීය තානාපතිවරු හා ඔත්තු සේවා අද ක්‍රියාත්මක වෙනවා. මෛත්‍රිපාල එඩිතර පුද්ගලයකු නො වෙයි. ඔහු අඩුම තරමෙන් පහුගිය ආණ්ඩුව කාලයේ ඇමතිවරයකු ලෙස තමාට තිබිය යුතු බලය වෙනුවෙන්වත් සටන් කෙළේ නැහැ. පොහොට්ටුවේ ඇතැමුන් ඔහුට ශක්තිය ලබා දෙන්නේ නැහැ. ශක්තිය යනු මැතිවරණ ගිවිසුම් නොවන බව ඇතැම් පඬියන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් තම පඬිකම නිසා කලින් කීවේ රනිල් මෛත්‍රිපාල අරගලය රඟපෑමක් කියායි. අවශ්‍ය නම් ඔවුන්ට තවමත් එසේ කිව හැකියි. අවශ්‍ය ශක්තිය ලබා නොදී මෛත්‍රිපාල රනිල්ගේ සේවකයකු බවට පත් කර අප කිව්වෙ නැද්ද ඔය අරගලය රඟපෑමක් බව කියා අපෙන් අසන්න පුළුවන්. මෛත්‍රිපාලගේ ජාතිකත්වයක් නැති බවට අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයට සිංහල බෞද්ධ විරෝධීන් පත් කිරීම පෙන්නන්න පුළුවන්. ඔය කාර්යාලය පිහිටුවීමට බල කරන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල්. එංගලන්තය හා ඉන්දියාව අපේ ප්‍රධාන සතුරන් යැයි කී විට උගතුන්ගේ මුණු දික් වෙනවා. මෛත්‍රිපාලට විදේශවලින් රනිල්ගෙන් ඇති බලපෑම හමුවේ ඔහු රනිල්ගේ කීකරු ජයසූරියටත් වඩා කීකරු වෙනවා. විදේශීය බලපෑම්වලට මුහුණ දිය හැකි අතුරුදහන්වූවන්ගේ කාර්යාලය අතුරුදහන් කළ හැකි ආණ්ඩුවක් අද අද ම පත්කර ගන්න පුළුවන්. ඒ රනිල් ඉවත් කර මෛත්‍රිපාල ශක්තිමත් කිරීමෙන්. මෛත්‍රිපාල බයයි. අපට අවශ්‍ය ඒ බය නැති කිරීමටයි. ඒ මිස මෛත්‍රිපාල අද ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීම නො වෙයි. එසේ ඉවත් කළොත් රනිල් ජනාධිපතිවීම වළක්වන්න බැහැ.

මෛත්‍රිපාල එක් පැත්තකින් බයයි තමා රනිල් හා ඔහුගේ මිතුරන් නැතිව ආණ්ඩුවක් පිහිටෙව්වෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන් විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ල රනිල් සමග එකතු වී ඒ ආණ්ඩුව පෙරළයි ද කියලා. ඔහු බයයි තමාට විරුද්ුධ ව දේෂාභියෝගයක් ගෙනේවි කියලා. ඒ නිසා ඔහුට අවශ්‍යයයි ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකුවත් නව ආණ්ඩුවේ ඇමතිකම් ගැනීමට. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන්ට අද ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඔවුන් හිතන්නෙ ආණ්ඩුවට ගොස් මඩ තවරා නොගෙන පළාත් සභා තරග කිරීමටත් 2019 ජනාධිපති වීමටත්. රනිල් බලයේ සිටියොත් 2019 ජනාධිපතිවරණය නොදී ඔවුන්ගේ ජනාධිපති සිහිනය බොඳ කරන්න පුළුවන්.

රනිල්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව දැන් ප්‍රසිද්ධ වෙලා. එහි දී ප්‍රවේසම් විය යුතුයි. රනිල් එ ජා ප නායකයා. ඔහුට තවමත් එ ජා පාක්‍ෂිකයන්ට බලපෑම් කරන්න පුළුවන්. විශ්වාසභංග යෝජනාව ගැන කීකරු ජයසූරිය කුමක් කරාවි ද? යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කරාවි ද? මේ ප්‍රශ්නවලට මුහුණ දීම මුහුණු පොතේ හුදකලාව වීර බයිලා කීම තරම් පහසු නැහැ. මහින්දගේ ශක්තිය මෛත්‍රිපාලට සක්‍රීය ව ලබා දෙන්නේ නම් එවැනි ප්‍රශ්නවලට බියක් සැකක් නැතිව මුහුණ දෙන්න පුළුවන්.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-04

(මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලියන ලද නීතීඥවරයකුගේ භූමිකාව ISBN 978-955-38965-0-6 කෘතියේ 15 පිටුවේ දැක්වෙන අතර එකී ලිපිය 2016.09.04 දින ලියා ඇත. එදා 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සම්මත කර ගන්නා අවදියේ සිටම මේ සම්බන්ධව සමාජයේ බොහෝ විද්වතුන් විවිධ පැහැදිලි කිරීම් සහ මෙම පනතේ නීතිවිරෝධි බව සම්බන්ධව අදහස් දක්වන ලැබුවද, අද ඒ සම්බන්ධව එළිපිට විරෝධය දක්වන මහාප්‍රාඥයින් එදා බීරි අලින්ව සිටියේ ය.තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමී සළුවෙන් වැසීගෙන අද දවසේත් ජනතාව නොමග යවන මෙවැනි පුද්ගලයන් සහ සමාජ විරෝධීන් අනාවරණය කිරීම සමාජ යුතුකමක් වන සහ වගකීමක් වන අතර මෙම ලිපිය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ බිහිසුණු බව සරළව කියා පායි. එය වෙනම රටක් දක්වා යන බෙදුම්වාදී ඉලක්කයේ/ ගමනේ එක් කඩඉමක් ජයගැනීමක් බවත් රාජ්‍ය නොවන සංවිධාන ගැත්තෝ සහ පෙරදිග චින්තන විරෝධීන් රෝත්තක් අතුරුදහන් වූවන් පිළිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කොමසාරිස්වරුන් ලෙස පත්කිරීමෙන්ම එය මැනවින් පැහැදිලිවන බවත් පෙනේ. මෙම ලිපිය මගින් 2016.09.04 දින එළිදරව්කළ කාරණා අද වනවිට සත්‍ය වෙමින් තිබේ. එය අවසානයේ බලපාන්නේ හෙට දවසේ රටේ සහ ජනතාවගේ අනාගතය අදුරු කිරීමට බව කිව හැකිය. මේ ලිපිය එය මැනවින් සනාථ කරයි.)

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මේ වන විට උප කමිටුවක් පත් කර ඇති බව දැන ගන්නට ඇත.

නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දර යන මහත්වරුන්ගේ සභාපතීත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බවත් එම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කරන බවත් වාර්තා කරමින් ප්‍රවෘත්තියක් පළ වී තිබුණි.

ලංකාදීප එසැණ 2016 සැප්තැම්බර් මස 04 වැනි ඉරිදා කියවන්න – අ.පි.කා. පනතට උප කමිටුවක්

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔස්ටේ‍්‍රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය විසින් පරීක්‍ෂණ අරඹා ඇතැයි ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල පුවත් සේවාව(ABC) ඇතුළු එරට ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් ප්‍රවෘත්ති පල කර තිබුණි.

2016.08.25 දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රතික්ෂේප කළ බවද වාර්තා විය. ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය දිනෙන් දින උණුසුම් වන බව පෙනෙන්නේ මේ ආකාරයේ පුවත් නිර්මාණය වන විටය. නීතිය යනු ප්‍රජාව බැද තබන මූලික මෙවෙලම නිසා මේ සිදුවන නෛතික වෙනස්කම් ජනතාව සිහිබුද්ධියෙන් ගෝචර කළ යුතුය.

බලවන්ත කණ්ඩායම් විසින් ජනතාව ග්‍රහණයට ගෙන ජනතාවගේ නිදහස් චින්තනය පැහැර ගැනීම සිදුවිය හැකි හෙයින් අතුරුදහන් කාර්යාල පිළිබද පනත සහ එය සම්මත කරගත් ආකාරයත් එහි දැක්වෙන “ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන රාජ්‍ය භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් ලබා නොදී වෙනම රටක් ඇතිකර ගැනීමට අවශ්‍ය “නෛතික බලපත්‍රය” බෙදුම්වාදීන්ට ලබා දීම සිදු වූ ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දීමට අපේක්ෂා කරයි.

1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලබා ගැනීම සම්බන්ධ ක්‍රියාවලියේදී 1815 උඩරට ගිවිසුම සමග ඇති කරගත් නෛතික බන්ධනයද යම් දුරකට මිදීම සිදුවිය. එහෙත් 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගැනීමත් සමගම එතෙක් එංගලන්තයේ රාජාධිකරණයේ නඩු විභාග කිරීමේ පටිපාටියද අවසන් වී ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත්විය.

ඉන් නොනැවතී තවදුරටත් ඉදිරියට යමින් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගනිමින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට නම වෙනස් කර ගන්නා ලදී. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වන අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හඳුන්වනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි ව්‍යවස්ථාවේ මේ නාමකරණය දක්වා ඇත. 3වැනි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු වන බව දක්වා ඇත. පරාමාධිපත්‍යයට විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් අන්තර්ගත වේ.

ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා මගින්ද, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින්ද, ජනතාවගේ අධිකරණ බලය අධිකරණ මගින් පාර්ලිමේන්තුව විසින්ද, ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සියලු පාලන ආයතන ගරු කිරීමෙන්, ආරක්ෂා කිරීමෙන් සහ වර්ධනය කිරීමෙන් ද, ජනතාවගේ ඡන්ද බලය පුරවැසියන් විසින් පාර්ලිමේන්තු සහ ජනමතවිචාරණයක දී ද ක්‍රියාත්මක කරයි.

එමෙන්ම නීති පැනවීම සිංහල සහ දෙමළ භාෂාවෙන් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන තිබිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 ව්‍යවස්ථාව නියම කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වන්නේ සිංහල සහ දෙමළ බව ආණ්ඩුක්‍රම ව්‍ය්‍යස්ථාවේ 18 වැනි ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇත. ඉංග්‍රීසි භාෂාව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති රාජ්‍ය භාෂාවක් නො වේ.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් නීතියක් පැනවීමේදී අනුගමනය කළ යුතු පටිපාටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් නියම කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශේධනය නොකරන පනතක් පැනවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77, 78, 79 සහ 80 ව්‍යවස්ථා අනුව කටයුතු කිරීමට සිදුවන අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 ව්‍යවස්ථාව නියමකර ඇති පරිදි සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති පැනවීම අනිවාර්‍යය වෙයි.

මේ මූලික නිර්ණායකයන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න විමසා බැලීම සෑම පුරවැසියකුගේ ම මූලික යුතුකම වන අතර නීතීඥවරුන් ඉන් ප්‍රධාන වෙයි. රජයක් හෝ ආණ්ඩුවක් පනතක් සම්මත කරගන්නා නිසි ක්‍රමවේදය අනුගමනය නො කර තමන් සතු අසීමිත බලය යොදවමින් ඒකාධිපති ආකාරයට කටයුතු කරන අවස්ථාවක නීතිමය පිළිසරණ පැතීමට ජනතාවට පුළුවන.

එවන් අවස්ථාවකදී පුරවැසියන් සහ නීතීඥවරු නිහඩ සහ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් නීතිපතිවරයාට, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කථානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ මූලික භාරය පැවරේ. එහිදී ද නීතිපතිවරයාට, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කථානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීති පැනවීමේ වගකීම පැවරේ.

කරුණු එසේ වුවත්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මේ වන විට නීතියක් බවට පත් වී තිබුණද එය සම්මත වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 23.1, 77, 78, 79 සහ 80 ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් සිටින තත්ත්වයකදී ය. අධිකරණයට සම්බන්ධ විනිසුරුවරු හැර ලංකාවේ සෑම පුරවැසියකුම මේ තත්ත්වයට වගකිව යුතු වන අතර ඉන් බැහැර වීමට කිසිවෙකුට හැකියාවක් නැත.අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීභාවය සම්බන්ධව කිසිම පුරවැසියෙකු හෝ නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධව අභියෝග කරන ලද්දේ නැත.

මෙය ලියන ලියුම්කරුද ඇතුළු මේ සම්බන්ධව මැදිහත්වන සියලු දෙනා මේ කරන්නේ අශ්වයා ගිය පසු ස්තාලය වසා දැමීමේ සැළැස්මකි. කිසිත් නොකර සිටීමට වඩා යමක් කිරීම අගනා හෙයින් ඒ ගන්නා උත්සාහයද සුදුසුය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත අදාල වන කණ්ඩායම් 03ක් පිළිබදව එකී පනතේ 27වැනි වගන්තියේ දැක්වේ. එනම්;

27. (i) ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූ සන්නද්ධ හමුදාවල සාමාජිකයකු හ පොලීසියේ සාමාජිකයකු ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිඵලයක් ලෙස නැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසුව “යුද්ධයේ දී අතුරුදහන් වූ තැනැත්තකු” ලෙස හඳුන්වනු ලබන තැනැත්තකු හෝ

ii)දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන් හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන් හෝ

iii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ “සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම”යනුවෙන් අර්ථනිරූපණය කර ඇත්තා වූ ද, ඇති තැනැත්තකු අදහස් වේ.

මේ අකාරයට අතුරුදහන් තැනැත්තා කවුද? යන්න පිළිබද කුළක 3ක් හඳුනාගත හැකි වුවත් මෙම කුළක 3ටම පොදු විය යුතු ලක්ෂණ 2ක්ද මෙම 27 වැනි වගන්තියේ හදුනාගත හැකිය. (අතුරුදහන් තැනැත්තා මෙම පොදු ලක්ෂණයන්ට අනිවාර්‍යයෙන් අතුළත් විය යුතු වෙයි.)

1. ඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කිරීම.

2. ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විශ්වාස කිරීම.

ඉහත ලක්ෂණ දෙක ගත් විට 2වැනි ලක්ෂණයේ දැක්වෙන අංග දෙකම සපුරාලීම අවශ්‍ය හෙයින් අතුරුදහන් තැනැත්තාට අදාල පොදු ලක්ෂණ 3ක් පවතින බව සැළකුවද එය නිවැරදි ය.

ඒ අනුව ඉහත මූලික ලක්ෂණ 3 සපුරාලන 27.(i) හෝ 27 (ii) හෝ 27 (iii) කණ්ඩායම්වලට ගැණෙන තැනැත්තන් අතුරුදහන් වූ අය ලෙස සැළකේ.

වර්තමානයේ සමාජයේ සාකච්ඡාවට බදුන් වී ඇත්තේ ඉහත 27 (iii) යටතේ ගැණෙන කණ්ඩායමට ඇතුළත්වන තැනැත්තන් කවුද? යන්නයි. එනම් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ “සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම” යනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකු යන්නෙන් කවුරු අදහස් වේද? යන්නයි.

“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදීම

මේ සම්බන්ධව අර්ථනිරූපණයක් කිරීම සදහා එකී ජාත්‍යන්තර සම්මුතිය අධ්‍යයනය කළ යුතු වන බවට විවාදයක් තිබිය නොහැකිය. එමෙන්ම එකී සම්මුතිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ චේතනාව පිළිබිඹු කරන හැන්සාර්ඩ් වාර්තා කියවීමට අවශ්‍ය වෙයි. අවාසනාව වන්නේ පනතේ හෝ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා වල මෙම ජාත්‍යන්තර සම්මුතිය පිළිබද තොරතුරු අනාවරණය නො වීමය.

මෙම සංකීර්ණ තත්ත්වයේදී මතුවන ගැටළුව වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පෙරකී ව්‍යවස්ථා සම්බන්ධව විධායකයට සහ පාර්ලිමේන්තුවට අවබෝධයක් නො තිබුණේ මන්ද යන්නයි. පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත කිරීමේ වගකීම නීතිපතිවරයා සතු වුවත් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත් කෙටුම්පත සම්බන්ධව නීතිපතිවරයා හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සිය වගකීම වෘත්තීය මට්ටමෙන් දක්වා නැති අතර එකී පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන කණ්ඩායම කුමක්ද යන්න පිළිබද ඔවුන් දැනුවත්ව නො සිට ඇති බවට පූර්ව නිගමනයක් කළ නො හැකිය. නීතිපතිවරයා හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පෞද්ගලිකව දන්නා ජාත්‍යන්තර සම්මුතියක් පොදු ජනතාවගේ දැනගැනීම සදහා ගැසට් පත්‍රයේ පළ නොකර එක එල්ලේ නීතියට ඇතුළත් කිරීම කොතෙක් දුරට ශිෂ්ට ලෝකය අනුමත කරයිද යන්න කිව නො හැකිය.

පිළිගත් සම්මත ක්‍රමවේදය අනුගමනය නොකර එනම් ජාත්‍යන්තර සම්මුතියක ප්‍රතිපාදන අදාල පනතේ උපලේඛනයක හෝ නොදක්වා එනම් මූලික වශයෙන් ගැසට් පත්‍රයේ පළ කිරීමක් හෝ සිදු නොකර අන්තර්ජාලයේ ඇති නීතිමය වශයෙන් පිළිනොගන්නා වෙබ් අඩවියකින් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා ගැනීමට සිදුවන පරිදි නිති පැනවීම මූලික නිති මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙරට සිටින නීති විශාරදයින් ඉංග්‍රීසි බස මනා ලෙස ප්‍රගුණ කර ඇති බවට වන උපකල්පනයක නියැලී පනතක ඇතුළත්විය යුතු වගන්ති අන්තර්ජාලයේ විදේශීය වෙබ් අඩවියකින් කියවීම කෙසේවත් පොදු ජනතාවට සාධාරණ සහ සමාන නීති පැනවීමකට සුදුසු ක්‍රියාවන් නො වේ.

සේපාල ඒකනායක විසින් 1982 ජූනි 30 වැනි දින ටෝකියෝ සිට රෝමය දක්වා ගමන් කළ ‘අලිතාලියා’ ගුවන් යානය පැහැරගත් අවස්ථාවේ ඔහු වරදකරු කිරීම සදහා 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත 1982 ජූලි මස 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් ආකාරය සහ 1982 ජූනි 30 දින සිදු කළ වරදකට 1982 ජූලි මස 26 දින දඩුවම් කිරීමට එනම් අතීතයට බලපාන පරිදි අපරාධ නීති පැනවීමේ නෛතික තත්ත්වය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි.

1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය 1970 දෙසැම්බර් මස 16 දින හේග් හි දී අත්සන් කරන ලද ගුවන් යානා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම මැඩ පැවැත්වීම සදහා වූ සම්මුතිය, 1971 සැප්තැම්බර් මස 23 වන දින මොන්ට්‍රියෙල් හී දී අත්සන් කරන ලද, සිවිල් ගුවන් ගමනාගමනයේ ආරක්ෂාවට එරෙහි වූ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සදහා වූ සම්මුතිය බලාත්මක කිරීමට අදාලව නීති අදාල කරමින් 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත හදුන්වාදුන් අවස්ථාවේ පවා අදාල ජාත්‍යන්තර සම්මුති කොටස් / ව්‍යවස්ථා එකී පනතේ උපලේඛනයේ අන්තර්ගත කරමින් ක්‍රියා කර ඇති බව සැළකිල්ලට ලක් කළ යුතුය.

1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනතේ දැක්වෙන ජාත්‍යන්තර සම්මුතිවල අදාල ව්‍යවස්ථා එම පනතේ උපලේඛනයේ දක්වා තිබුණද මෙම ලිපියට අදාල අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 (iii) අනු වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ අදාලවන කොටස එම පනතේ උපලේඛනයක නොදැක්වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පමණක් නොව පිළිගත් නීති මූලධර්ම සියල්ලම උල්ලංඝනය කරමින් මෙම පනත පනවා ඇති බව පෙනේ.

විධායකය සහ ව්‍යවස්ථාදායකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති පැනවීමට යන විට එය නිවැරදි කිරීමේ සදාචාරවත් යුතුකමක් නීතීඥවරුන් වෙතින් බැහැර නොවේ. එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ඇති වගකීම සුළුපටු නො වේ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කර මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයට පත් කිරීමේදී පාර්ලිමේන්තුව අනුගමනය කළ පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් බවට ප්‍රකාශ කරමින් එය නිවැරදි කිරීමට ප්‍රභල කාර්‍යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය 2016.08.11 දින පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ නීති විරෝධී භාවය සහ එය සම්මත කරගෙන ඇති බරපතල ව්‍යවස්ථා විරෝධී බව සම්බන්ධව නිසි ලෙස සොයා බලා කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය.

අන්තර්ජාල පහසුකම් ඇති අයට පමණක් හෝ ඉංග්‍රීසි භාෂා දැනුම ඇති අයට පමණක් කියවා තේරුම්ගත හැකි පරිදි නීති පැනවීම නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ලෙස සැළකෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රියාකිරීම අනුමත කළ හැක්කේ නො වේ. එය අනුමත කළ හැක්කේ නැවත 1948ට පෙර පැවති නීති ක්‍රමයක් වෙනුවෙන් සිය චින්තනය මෙහෙයවන අයට පමණි. මේ අකාරයට නෛතික කටයුතු සිදු වුවහොත් වෙනත් රටවල සම්මත කරන නීති ලංකාවට හඳුන්වා දී එම නීති එම රටෙන් ලබා ගන්නා ලෙස වුවද පැවසිය හැකිය.

“ජාත්‍යන්තර සම්මුතිය” මගින් 2009 මැයි මස යුධ ගැටුම් සෙවිය හැකිද?

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන සම්බන්ධව පනතේ දක්නට නොමැති වීම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2016.08.23 දිනැතිව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්. ඒ. ජයවික්‍රම මහතා වෙත යොමු කළ ලිපිය අනුවද ගරු ජනාධිපතිතුමා වෙත ද එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් නොමැති බව තහවුරු වන හෙයින් සහ එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් මේ වන තෙක් ලැබී නැති හෙයින් එකී ජාත්‍යන්තර සම්මුතිය ඇති කරුණු සාක්ෂි කර නොගනිමින් වෙනත් නීති මූලාශ්‍ර යොදා ගනිමින් මේ බව තහවුරු කිරීමට අදහස් කරමි.

එකී ජාත්‍යන්තර සම්මුතිය පිළිබද අධ්‍යයනය කිරීමෙන් තොරව වුවද “ජාත්‍යන්තර සම්මුතිය” මගින් 2009 මැයි මස සිදුවීම් සෙවිය හැකිද? යන පැනය සදහා විසදුම් සෙවිය හැකිය. එනම් මෙකී “ජාත්‍යන්තර සම්මුතිය” සදහා ලංකාව අත්සන් තබා ඇත්තේ 2015.12.10 දිනය. මෙකී “ජාත්‍යන්තර සම්මුතිය” සදහා අපරානුමැතිය / Ratification කර ඇත්තේ 2016.05.25 වැනි දින දී ය.

1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත විමසීමේදී එය අදාල කර ඇත්තේ, 1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතියටය. ඒ අනුව එකී පනත් 1963 සැප්තැම්බර් මස 14 දක්වා පසුපසට ක්‍රියාත්මක කිරීමට තරම් බලයක් තිබුණද 1963 සැප්තැම්පර් 13 දින දක්වා තවත් දිනයක් පසුපසට යාමට තරම් බලයක් නැත.

එකී නීතිමය සිද්ධාන්තය අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන කෙසේ දක්වා තිබුණද එහි ව්‍යවස්ථා මගින් ජාත්‍යන්තර යුක්ති අධිකරණය පිළිගෙන තිබුණේ වුවද (සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් අධ්‍යයනය නොකර ජාත්‍යන්තර යුක්ති අධිකරණය එහි අන්තර්ගතද යන්න කිව නො හැකිය) 2015.12.10 දිනට පෙර සිදු වූ සිදුවීම් සම්බන්ධව විදේශීය අධිකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමය නෛතික අයිතියක් නැත.

එනම් කිසිම විදේශීය රටකට, සංවිධානයකට හෝ පුද්ගලයකුට මෙම ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන අනුව 2015.12.10 දිනට පෙර වූ සිදුවීමකට කිසිම ලාංකිකයකු ජාත්‍යන්තර යුධ අධිකරණයකට හෝ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමකය ගෙන යා නො හැකිය. ඒ අනුව “ජාත්‍යන්තර සම්මුතිය” මගින් 2009 මැයි මස සිදුවීම් සෙවිය නොහැකි බව පැහැදිලිය.

වෙනම රටක් සදහා අවශ්‍ය වන“නෛතික බලපත්‍රය” උතුරට හිමී වීම

වෙනම රටක් සදහා අවශ්‍ය වන“නෛතික බලපත්‍රය” උතුරට හිමී වීම සම්බන්ධව සාකච්ඡා කිරීමේදී 2015.12.10 ද දින අත්සන් තබා ඇති “ජාත්‍යන්තර සම්මුතියේ ”ප්‍රතිපාදන සවිස්තරව සකච්ඡා කිරීමට සිදු වෙයි. එහිදී නැවත මුහුණ දෙන අපහසුතාවය වන්නේ “ජාත්‍යන්තර සම්මුතියේ ”ප්‍රතිපාදන ලංකාවේ නීතියක් මගින් බලාත්මක කර තිබියදී වුවද එහි රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් ජනාධිපතිවරයා වෙත පවා නොමැති තත්ත්වයක් යටතේ එකී සම්මුතියේ කරුණු මෙහිදී සාක්ෂි ලෙස ගැනීමේ බාධාවයි.

“ජාත්‍යන්තර සම්මුතියේ ” පිටපතක් රාජ්‍ය භාෂාවෙන් ලබා ගන්නා තෙක් එහි ඇති කරුණු නොමැතිව වුවත් දැනට පවතින නීති මූලාශ්‍ර වන සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීමට අදාල 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත, 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ විධානය, එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ඉදිරිපත් නො කිරීම යන පැහැදිලි නීතිමය සහ සිද්ධිමය කරුණු මත වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට හිමී වී ඇත්තේ කෙසේද? යන්න සාකච්ඡා කළ හැකි ය.

සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීමේ සිදුවීම අදාල සිදු වීමේදී රටක් ජාත්‍යන්තර සම්මුතියකට ඇතුළත් වූ දිනය දක්වා පසු පසට වන සිදුවීම් සම්බන්ධව පරීක්ෂා කිරීමට නෛතික අයිතිය හිමිවන බව පැහැදිලිය. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ බලපෑම 2015.12.10 දිනෙන පසු පසට වූ සිදවීමක් දක්වා ව්‍යාප්ත නො වේ. (එය මෙයට පෙර සාකච්ඡා කර ඇත.)

2015 ජනවාරි මස පැවති ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ මූලික ඉල්ලීමක් වූයේ එම පළාත්වල අතුරුදහන් වූ නැනැත්තන් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවයයි. පසුගියදා එකසත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා යාපනයට පැමිණි අවස්ථාවේ දී පවා උද්ඝෝෂනවල යෙදී සිටි ජනතාවගේ සටන් පාඨයක් වූයේ අතුරුදහන් තැනැත්තන් පිළිබදව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ හෝ 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය මගින් උතුරේ ජනතාවගේ එකී ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීම ඉටු වන්නේ නැත.

ඒ අනුව 2019.05.19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී අවසන් වූ ගැටුම සහ එයට පෙර පැවති සිදුවීම් වලින් අතුරුදහන් වූ හෝ මිය ගිය අය සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට හැකි ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව මේ දක්වා අත්සන් කර නැත. ඒ අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා පියවර ගන්නේ යැයි කියමින් මේ අකාරයට උතුරු නැගෙනහිර ජනතාව දිගින් දිගටම රැවටීමට පියවර ගන්නා හේතුව කුමක්ද? ඒ 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය ම මිස වෙන දෙයක් නොවේ.

2009 මැයි මාසයේ පැවති අවසන් සටන අවස්ථාවේදී විදේශීය රටවලින්, බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් විවිධ ඇමතුම් ලංකාවේ රාජ්‍ය නායකත්වය වෙත පැමිණි බව වාර්ථා වී ඇත. ඒ බව එවකට පැවති රජයේ ප්‍රධානීන්ද පවසා ඇත. ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් සහ විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණියා මිස යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර පැමිණියේ නැත.

සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බලපෑ ප්‍රධාන කරුණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

අද එසේ නො වේ. 2015.12.10 දින සිට අතුරුදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නොසිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එකඟ කරගෙන ඇත්තේ අනාගතයේ උතුරු නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගලයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරු කර ගැනීමට ය. එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.වෙනම රටක් සඳහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට හිමී වීම 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය මගින් සිදු වී ඇත්තේ වෙනම රටක් වෙනුවෙන් වන අරගයක් නීත්‍යානුකූලකර ගත හැකි ආකාරයට ය.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27 (iii) වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර සම්මුතිය නීතිගත කර ගැනීමද එය රාජ්‍ය භාෂාවෙන් ලබා නොදීමද විශේෂයෙන් ජනාධිපතිවරයාට පවා එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් පිටපතක් නො තිබීමද ගැටළුවේ බැරෑරුම් බව ගැන කියා පායි.

ජනතාව පළමුව කළ යුත්තේ ‘අශ්වයා ගිය පසු ස්තාලය වසා දැමීමට’ සූදානම් වන විවිධ සංවිධානවල ක්‍රියා කළාපයන් පසු පස යාම නොව මෙකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ලබා ගෙන එය අධ්‍යයනය කිරීමයි. වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට හිමී වීම 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය මගින් සිදුවී ඇති ආකාරය ඉන් අවබෝධ කළ හැකිය. ඒ සමගම 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත නීති විරෝධීව සම්මත කිරීම සම්බන්ධව ව්‍යවස්ථාදායකයට එරෙහිව ක්‍රියා කිරීමත් සිදු කර ඇති වැරදි නිවැරදි කිරීමට ජනතාව ඒකරාශීවීමත් කළ යුතුය.

විශාරදයින් යැයි කියන අය කියනා දෙය නොව තම තම නැණ පමණින් යමක් නැණසින් තේරුම් ගැනීම මේ සියල්ල වළක්වා ගැනීමේ මූලික පියවර බවද රටවැසියන් වටහා ගත යුතුය.

නියපොත්තෙන් කඩා ගත හැකි දෙයක් ඒ අවස්ථාවේ සිදු නො කිරීම සමාජයම අර්බුදයට ඇද දමයි. මේ සිදු වන්නේ එයයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2016.09.04

Published on: Mar 4, 2018- එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලක්ෂමන් කිරිඇල්ල සහ තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු රනිල්ට එරෙහි විශ්වාසභංගයක් ගෙන එමට කටයුතු කරන එජාප රනිල් විරෝධි කල්ලියේ සමාජිකයන් හමුවි කල සාකච්ඡාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විමෙන් රනිල් පිළ දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්‌ඩු පක්‌ෂයේ මෙන්ම විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද අත්සන් ලබාගැනීම මේ සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකරන බව එජාප ජ්‍යෙෂ්ඨයෙකු මේ වනවිට අනාවරණය කර තිබේ.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට ඒකාබද්ධ විපක්‌ෂයේ මෙන්ම ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් ද එකඟත්වය පළ කර ඇති අතර ජවිපෙ මන්ත්‍රීවරුන් ද විශ්වාසභංග යෝජනාවට පක්‌ෂ බව මේ වනවිට දැනුම් දි තිබේ.

තත්ත්වය මෙසේ තිබියදි රනිල් පිළේ රනිල්ට අතිශයෙන් සමිප කිරිඇල්ල වැනි ජ්‍යෙෂ්ඨයන් රනිල්ට එරෙහිව පිලිබද රනිල් පිළ දැඩි ලෙස කලබලයට පත්ව සිටින අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනීම සඳහා ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා විශේෂ රහස් මෙහෙයුමක් ද දියත් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් පාර්ලිමෙන්තුවේ ආණ්‌ඩුවේ හවුල්කාර ඇතැම් මුස්‌ලිම් පක්‌ෂ විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ඡන්දය භාවිතා කරන බව මේ වනවිටත් පවසා ඇති අතර දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් තවමත් තීරණය කර නැති බවද වාර්තා වේ.

Published on: Mar 4, 2018- සමාජයම දේශපාලන වශයෙන් චලනය වන දෙදෙරා යෑම් මැද ජනයා ඉක්මනින් වසර ගණනාවක නොලද දේශපාලන අවබෝධයක් ලබති. එවැනි තත්වයකදී ලබන අත්දැකීම්, අසන දකින තොරතුරු හරහා එම ජනයාගේ අදහස් උදහස් කැපී කෙටී නව හැඩයන් ලබා ගනී.

පෙබරවාරි 10 දා පැවැති පළාත් පාලන මැතිවරණය සමයේදීටත් වඩා අප සමාජය දේශපාලනිකව තීව්ර වූයේ ඉන් පසුවය. රාජපක්ෂ අගමැතිවෙනු ඇත්ද? සිරිසේන රනිල් අගමැතිකමෙන් පන්නයිද? සිරිසේන රාජපක්ෂගේ සහායෙන් ආණ්ඩුවක් හදයිද? කී දෙනෙක් පනියිද? රනිල් දැන්වත් ස්වෙච්ජාවෙන් යයිද? සජිත්ට තැනක් දෙයිද? යනාදී කී නොකී තොරතුරු සහ ඕපාදූප විසින් සමාජය කම්පනයකට ලක් කළ සමය එයයි.

එසමය අවසන් වූයේ හීන් කෙඳිරිල්ලකිනි. සිරිසේනගේ මහා වෙනස රනිල් වික්‍රමසිංහ පුස් වෙඩිල්ලකට වඩා දෙයක් නොවීය. කන්දක් විලි ලා එළියට දැම්මේ චූටි මී පැටියෙකි. හාස්‍යයෝත්පාදක කඩුවෙන් කිසිවකු නොකැපුණි.

ඉන් කියැවෙන්නේ දෙසතිය තුල සමාජයෙහි ඇතිවූ දේශපාලන පිබිදීමට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීමට රනිල් සහ සිරිසේන සහමුලින්ම අසමත් වූ බවයි. ඒ වෙනුවට සිදුවූයේ ආණ්ඩුව ගැන ඇති කළකිරීම දෙගුණ තෙගුණ කරන කල්මැරීම් සහ කුලල් කා ගැනීම්ය. අප කැමැති වුවත් නැතත් තවමත් වර්ධනය වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ සොහොන් ළකුණු පමණකි.

පෙර කළ විවිධ පෙළපාලිවල අප කී සටන් පාඨයක් විය. එනම් ‘ කොමිටු බොමිටු අපට එපා – පොරොන්දු වූ දේ කරපන්’ යනුය. මන්ද යත් කමිටු දැමීම යනු කල් ගැනීමේ කෛරාටික කූටෝපාය වන බැවිනි. දැන් වික්‍රමසිංහ කමිටුම තුනක් පත් කර තිබේ. මෙවැනි පන්ගෝට් වලට කියන්නේ ‘මඟ හොදට තිබේ නම්, යන්ට දෑසක් තිබේනම් කිම බැදිවල යන්නේ’ කියාය.

එක කමිටුවක් දූෂීතයන්ට ඉක්මණින් දඩුවම් කරන හැටි සොයන්නටය. මෙවැනි තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන්වත් හරි අදහසක් නැති වික්‍රමසිංහ පහුගිය අවුරුදු තුනම කළේ පොල් ගෑමද? ලැජ්ජා නැතිකම මහ මුදලිකමට වඩා ලොකුය.

වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පරාජය වූවා පමණක් නොවේ. ඔහුට දැන් සිය පක්ෂයේ පාලනය ද නැති වේගෙන යයි. ඔහුගේ බොරුකාර ඇමැති සංසෝධනය විහිලුවක් ලෙස පරිහාසයට ලක් කළ සිය පක්ෂයේ මංත්‍රීවරයාට හෝ අගැමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතු බව කියන මංත්‍රීවරයාට හෝ විරුද්ධව වික්‍රමසිංහට කළ හැකි දෙයක් නැත.

සිරිසේන ඊට හපන්ය. පෙනෙන විදිට ඔහු තවමත් තමා ඊළඟ ජනාධිපතිවීමේ මනෝ ලෝකයේ සැරිසරයි. සිරිසේන ඊළඟ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුගේ පක්ෂ ලේකම්වන දුමින්ද දිසානායක කියා තිබුණි. ජයග්‍රහණයේ ලේ රස ඉව කරමින් සිටින රාජපක්ෂවරු දැන් කල් බලන්නේ සිරිසේන සමඟ හවුල් වී ඔහු ජනාධිපති කරන්නට නොව ඔහු අඩි හයක් යටට යැවීමටය. එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් යළි සිරිසේනට කතිරයක් ලබා ගැනීම ඉබ්බන්ගෙන් ලොම් ගැනීමක් හා සමාන වනු ඇත. මෙවැනි තත්වයයක් යටතේ ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට කල්පනා කරන්නේ කාගේ ජන්දයෙන් බලයට ඒමටදැයි දන්නේ මින්නේරියේ දෙවියෝ පමණක් විය හැක.

දුර දිග නොබලා, කේවට්ටයින්ට රැවටී, තමා ලද ඉතිහාසීය දේශපාලන මෙහොත විනාශ කරගත් දේශපාලනඥයා ලෙස ඔහු ඉතිහාස ගතවීම හැර වෙනත් විකල්පයක් දැන් ඔහු හමුවේ ඇතැයි සිතීම ඉතා දුෂ්කරය. ඉක්මනින්ම ඔහුගේ නැවෙන් මීයෝ එළියට පනින්නට පටන් ගනු ඇති අතර වඩාම භයානක වනු ඇත්තේ රාජපක්ෂට ගතු කියන දෙපත් නයින් ඔහුගේ සෙවැනැල්ල යටින් බිහිවීමයි.

රාජපක්ෂලාගේ සැළසුම් පසුගියදා ගොඨාභය රාජපක්ෂ විසින් පළ කරන ලද ප්‍රකාශයකින් එළියට පැන්නේය. දැන් ගෝඨාභය කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ජෙනරල් සරත් පොන්සේකාගෙන් ප්‍රශ්ණ කළ යුතු බවයි. එමෙන්ම එම ඝාතනයට වග කිවයුත්තේ සරත් පොන්සේකා සහ ඔහුට හිතවත්, එකළ කොළඹ මෙහෙයුම් බාරව සිටි බ්‍රිගේඩියර් කැප්පිටිවලාන බවයි. කැප්පිටිවලාන යටතේ සිටි ප්‍රහාරක කණ්ඩායමෙන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

රාජපක්ෂවරු බලයට පැමිනියහොත් ඉතාම කෙටි කලකදී සරත් පොන්සේකා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබීමට මේ අනුව ඉඩ තිබේ. කිලී මහාරාජාට අතයටින් රෑපවාහිනී සංඛ්‍යාත ලබා දීම හේතුවක් කොට සිරිසේන දඩුවම් නොකරනු ඇතියි සහතික විය හැක්කේ කාටද? එමෙන්ම සමහරවිට මොහාන් පීරිස් කෙනෙක්ම යළි අගවිනිසුරු නොකෙරනු ඇතැයි කිව හැක්කේ කාටද? නැත්නම් රාජපක්ෂ විසින් ගෙදරට කැඳවා ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීම දුන් මහත්මිය එම තනතුරට පත්වීමටත් ඉඩ තිබේ. රාජපක්ෂවරු, සිරිසේන සහ රනිල් මෙන් කෙකර ගාගා ඉන්නේ නැත. පට පට ගා නඩු ඇසෙනු ඇති. අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩරනායක දොට්ට දැමූ ඉක්මන මතකද?

රාජපක්ෂවරු බලයේ සිටින විට ශ්‍රේෂ්ඨාධිකරණය අත් අඩංඟුවට ගැනීම් වළක්වමින් නියෝග දෙන්නේවත් නීතිඥ සංගමය චූදිතයින් බේරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේවත් පොලිස්පතිවරු භාවනා කර කර ඉන්නේවත් නැත. අගවිනිසොරා වූ මොහාන් පීරිස්ට විරුද්ධ නඩු නොඅසනසේත් ගෝඨාභය අත් අඩංඟුවට නොගන්නාසේත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක්ම තිබේ.

සිරිසේන විසින් කල යුතුව තිබුණේ රාජපක්ෂවාදී පිරිස් අතහැර ඍජුව කටයුතු කරමින් එජාපය සමඟ වූ එකඟතාවය වර්ධනය කරගැනීමයි. එළෙස 2020 තෙක් එක්ව ගමන් කරමින් 2015දී ලද ජනවරම පෙරට ගෙන ගියේ නම් අඩුම වශයෙන් සැළකියයුතු ප්‍රගතියක් හෝ අත්කරගත හැකිව තිබුණි. ඒ වෙනුවට ඔහු පළාත් පාලන ජන්ද ව්‍යාපාරය බාර දුන්නේ රාජපක්ෂ බලයට ගෙන ඒමට කැසකවන සුසිල් ප්‍රේමජයන්තටය. ඔහු නියමටම වැඩේ දුන්නේය.

අනෙක් අතට යහපාලන ආණ්ඩුව කුරුවල්වීම ගැන සිරිසේනට පමනක් දොස් කීමෙන් පළක් නැත. විවෘත දේශපාලනය වෙනුවට යටිකූට්ටුකම් සහ කෛරාටිකම් සිය භාවිතය කරගත් වික්‍රමසිංහ බැලුවේ සිරිසේනගේ බලය යටින් බිඳ 2020 ජනාධිපතිකම තමන් අතට ගැනීමටය‍.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැති දෙවන අමාත්‍ය මණ්ඩළ රැස්වීමේදී ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ඇතිවූ විරසකය පවා විසඳා ගැනීමට බැරිවීවිය. ඊට හේතුව වූයේ මුහණ දීමට ඇති අභියෝගයට වඩා වික්‍රමසිංහගේ අහංකාරය ලොකුවීමයි.

පළාත් පාලන මැතිවරණ පරාජය දැන් සිරිසේනට මෙන්ම වික්‍රමසිංහටද දාම ප්‍රතික්‍රියාවක්, කම්පන තරංඟයක් බවට පත් වෙමින් තිබේ. පෙනෙන විදිහට දෙදෙනාම පළාත් පාලන මැතිවරණයෙන් ඉගෙන ගෙන නැත. තම නායකත්වය යටතෙහි ඇති පක්ෂ එකලස් කර ගැනීමට අසමත්ව සිටින නායකයින්ට 2015 ජනවරම පෙරට ගෙන යෑම ඊටත් වඩා දුෂ්කරවනු ඇත.

සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව, බොහෝ විට සිදුවීමට ඉඩ ඇති පරිදි, කැපී පෙනෙන ජවයකින් යුතුව පෙරට නොයන්නේ නම් රාජපක්ෂ තෙරපුම යටතේ පොලිසිය පමණක් නොව අනෙක් රාජ්‍ය ආයතනද නැවෙන්නට ඇති ඉඩ වැඩිය. එමගින් තිරිංඟ වැටෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට පමණක් නොව සංහිදියා ක්‍රියාදාමයටත්ය. ඒ විසින් ඇති කරනු ලබන විපාක මෙරටට යහපතක් නොගෙනෙනු ඇත.

ඉදිරි සති කිහිපය තුළ කැපී පෙනෙන වෙනසක් සහ ජවයකින් යුතුව ඉතිරි දෙවසර සඳහා කඩිනම් වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට අසමත් වන්නේ නම් සම්මුති ආණ්ඩුවට අබ සරණය. අඩුම වශයෙන් රාජපක්ෂ පාලනයක් යටතේ තමන්ට විය හැකි අභාග්‍ය ගැන හෝ සළකා අලුත් ගමනක් යන්නට බැරි නම් අපට කීමට සිදු වනු ඇත්තේ ‘කියන නාහන එකා උඩින් ගියත් එකයි යටින් ගියත්’ එකයි කියා ය.

~~ සුනන්ද දේශප්‍රිය~~

ජනාධිපති සිරිසේනගේ ධුර කාලය වසර පහක් බව 19වන සංසෝධනයෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබියදී එය වසර හයක් විය යුතු බවට තර්ක කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිිස් මහතා  ජනාධිපති විසින්ම අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති වශයෙන් පත් කර තිබේ.

තතුදත් ආරංචි මාර්ග දක්වන්නේ සාලිය පීරිස්ගේ  ව්‍යවස්ථා මණ්ඩලය විසින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට යෝජනා කරන ලද මුල් නම් ලැයිස්තුවෙහි නොසිටි බවයි. එම මුල් ලැයිස්තුව තෝරා ගන්නා ලද්දේ එම තනතුරට ඉල්ලුම් කරන ලද සියයකට අධික පිරිසක් අතුරිනි. මෙම ඉල්ලුම් කරන ලද පිරිස අතර පවා සාලිය පීරිස් නොසිටි බවට අනුමත නොකළ වාර්තා සඳහන් කරයි.

අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීමට ජනාධිපති සිරිසේන අනවශ්‍ය ඇඟිළි ගැසිම් කරන බවට  “සිකුරාදා මණ්ඩපය” නම් විද්වත් කණ්ඩායම මෙයට සති කිහිපයකට පෙර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.

ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද අනෙක්  නම් මෙසේය:ජයදීපා පුනියමූර්ති, මේජර් ජෙනරල් මොහන්ති ඇන්ටොනෙට් පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, සෝමසිරි කේ ගියනගේ, කනපතිපිල්ලෙයි වන්තන්.

අතුරුදහන්විම් නිසා වැඩිපුරම වින්දිතයින ්බවට පත්ව ඇත්තේ ස්ත්‍රීන් වුවද මෙම කමිටුවට පත් කර ඇත්තේ ස්ත්‍රීන් දෙනෛකු පමණි.

http://198.211.112.164/archives/12848

Top