ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන ඉතා බරපතල මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික කි‍්‍රයාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්ඩුව සෘජුව වගකිව යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම වංචාව පිළිබද කරුණු හෙළිදරව් කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්්ෂය විසින් පෙබරවාරි 28 වැනිදා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මේ බව ප‍්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක් වූ පුබුදු ජයගොඩ කියා සිටියේ,

”මහපොළ භාරකාර අරමුදල ආරම්භයේ සිට මේ දක්වාම මහපොළ භාරකාර අරමුදලේ පනතින්ම අයත්ව තිබුණේ වෙළඳ අමාත්‍යාංශයටයි. පසුකාලීනව නම් කළ විදිහට අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය යටතේයි. 2015 සැප්තැම්බර් 21 නිකුත් කරපු ගැසට් නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල, මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා යටතේ තිබෙන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳකටයුතු අමාත්‍යාංශය යටතට පත් කළා. ප‍්‍රශ්නයක් එනවා, මෙතරම් කාලයක් පැවතුණු සම්ප‍්‍රදායක් වෙනස් කරන්න හේතුව මොකද්ද කියලා.

80 දශකයේත් 90 දශකය මුල් භාගයේ පමණ මහපොළ සැණෙකෙලි පවත්වා ඒ සැණකෙලි හරහා අරමුදල් එකතුකළාට අමතරව මෙම අරමුදල සංවර්ධනය වන ප‍්‍රධාන විධික‍්‍රමය තමයි මේ අරමුදලේ තිබෙන මුදල් රාජ්‍ය සුරැුකුම්පත්වල ආයෝජනය කිරීම. එයින් ලැබෙන පොලියෙන් තමයි මේ අරමුදල සංවර්ධනය කරන්නේ. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපලට ඔනෑම කෙනෙකුට ගිහිල්ලා මුදල් ආයෝජනය කරන්න බැහැ. ඒ සඳහා ප‍්‍රාථමික වෙළඳුන් ලෙස ලියාපදංචි විය යුතුයි. ලංකාවේ එවැනි සමාගම් 16ක් තිබෙනවා. එනිසා රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයොජනය කිරීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රාජ්‍ය සමාගමක් ලියාපදිංචි කළා. National Wealth Corporation කියන සමාගමයි. එම සමාගමටම අනුබද්ධව තවත් රාජ්‍ය සමාගමක් Nat Wealth Securities Ltd නමින් ආරම්භ කළා. එම සමාගම විසින් තමයි රාජ්‍ය සුරැකුම්පත්වල මුදල් ආයෝජනය කරන්නේ. Nat Wealth Securities Ltd සමාගමේ සභාපතිවරයා ආචාර්ය වීරසූරියයි.

දැනට මහපොළ භාරකාර අරමුදලේ පනතේ සඳහන් ආකාරයට මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් විය හැක්කේ වසය අවුරුදු 70ට අඩු අයට විතරයි. වික‍්‍රම වීරසූරිය 1939 ඉපදුණු කෙනෙක්. ඔහුගේ වයස 70ට වැඩියි. ඒ නීතිය කඩමින් මලික් සමරවික‍්‍රම අමාතයවරයා විසිනුයි මේ පත්කිරීම කරල තියෙන්නේ. පළවෙනි කරුණ තමයි මොහු මහපොළ භාරකාර අරමුදලේ සිටීම නීති විරෝධියි. එවැන්නකට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා අවසර දුන්නේ ඇයි? දෙවැනි එක මහපොළ භාරකාර අරමුදලේ සභාපති වනවාට අමතරව මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයොජනය කිරීම සඳහා හදපු Nat Wealth Securities Ltd සමාගමේ සභාපතිවරයාත් ඔහුමයි.

ඔහු එහි සභාපතිවරයා ලෙස ඉන්නා අතරම ඔහුට තියනවා ඔහුගේම සමාගමක්. ඒ සමාගම තමයි Wealth Trust Securities Ltd සමාගම. මේ සමාගම රාජ්‍ය සුරැුකුම්පත් සඳහා ආයෝජනය කිරීම සඳහා ප‍්‍රාථමික වෙළඳුන් ලියාපදිංචි කළ සමාගම් 16න් එකක්. මේ පෞද්ගලික සමාගමේ කොටස් වැඩිම හිමිකාරීත්වය තියෙන්නේ මහාචාර්ය වික‍්‍රම වීරසූරියටයි. ඔහු යටතේ කොටස් 6,025,601ක් තිබෙනවා. Safe Holdings කියන සමාගමක් යටතේ තිබෙනවා කොටස් හැට අටලක්ෂ දහනමදාස් දෙසීයක්. Safe Holdings සමාගමේ සභාපතිවරයාත් වික‍්‍රම වීරසූරියමයි. ඒ අනුව ඔහුගේ පුද්ගලික නමින් තිබෙනවා කොටස් 60 ලක්ෂයක් විතර, ඔහු සභාපතීත්වය දරන සමාගමකට තිබෙනවා කොටස් ලක්ෂ 68ක් විතර. ඊට අමතරව මෙහි විශාල කොටස් හිමියෙක්ට ඉන්නේ Shinco Group කියන සමාගම. එයට කොටස් අසූ ලක්ෂයක් තිබෙනවා. Wealth Trust Securities Ltd කියන සමාගම වික‍්‍රම වීරසූරිගේ හිමිකාරීත්වය යටතේ තිබෙන ඔහුගේ පෞද්ගලික සමාගමක්. ඒ විතරක් නෙවේ, මේ සමාගම ඔහුගේ පවුලේ පෞද්ගලික සමාගමක්. ඒ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේනක වීරසූරිය සහ පි‍්‍රයන්ජිත් වීරසූය යන වික‍්‍රම වීරසූරියගේ පුතුන් දෙදෙනාත් ඉන්නවා. එනිසා මේ සමාගම පියා, පුතුන් දෙදෙනා සහ තව කිහිපදෙනෙක් අධ්‍යක්ෂ ධූර දරණ පවුලේ පුද්ගලික සමාගමක්.

මහපොල භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය සඳහා මහපොළ භාරකාර අරමුදල විසින් ලියාපදිංවි කළ Nat Wealth Securities Ltd රාජ්‍ය සමාගම තිබියදී ඒ රාජ්‍ය සමාගම පැත්තකින් තියල. සුරැුකුම්පත් වල Wealth Trust Securities Ltd කියන වික‍්‍රම වීරසූරියට අයත් පෞද්ගලික සමාගම හරහා මුදල් ආයෝජනයක් කරල තියෙනවා. මෙය සිදුවන්නේ 2015 අගෝස්තු මාසයෙන් පසුවයි. මේ වංචාව සිදුකරල තියෙන්නේ අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට අධ්‍යාපනය සඳහා මුදල් වෙන්වෙන අරමුදලකින්. රුපියල් මිලියන දාහක මුදලක් (බිලියනයක)මහපොළ භාරකාර අරමුදලෙන් අරගන රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරලා තිබෙනවා. එය ආයෝජනය කරල තිබෙන්නේ Natwest Security Limited කියන රාජ්‍ය සමාගම හරහා නෙවෙයි Wealth Trust Securities Ltd සමාගමයි එහි අනුබද්ධ සමාගමක් JK Asset Trust Management Ltd කියන පුද්ගලික සමාගමයි හරහා. එතකොට ප‍්‍රශ්නේ තිබෙන්නේ Asset Trust Management Ltd කියන සමාගමේ සභාපතිවරයා විදිහට ඉන්නෙත් වික‍්‍රම වීරසූරියමයි. එනිසා මෙයත් ඔවුන්ගේ පවුලේ සමාගමක්. මේ ආයෝජනයෙන් පසුව ලැබූ ලාභයන් පිළිබඳ තොරතුරු ගත්තාම 2015 සැප්තැම්බර් 01දා සිට 2016 ඔක්තෝබර් 31 දක්වා ගෙවුනු කාලය තුළ. Wealth Trust Securities Ltd සමාගම මහපොළ භාරකාර අරමුදලේ මුදලල් රාජ්‍ය සුරැුකුම් පත් වල ආයෝජනය කිරීම හරහා අති විශාල ලාභයක්, රුපියල් පනස් දෙකෝටි විසි දෙලක්ෂ අසූඅටදාස් පන්සිය අසූ අටක් (522,288,588) උපයාගෙන තිබෙනවා. සරලව කිව්වොත් වික‍්‍රම වීරසූරියගේ පෞද්ගලික සමාගම රුපියල් මිලියන 522ක ලාභයක් උපයාගෙන තිබෙනවා. හැබැයි රාජ්‍ය සමාගමට මොකද වුණේ. Nat Wealth Securities Ltd කියන රාජ්‍ය සමාගමට ඔය කාලය ඇතුලේ රුපියල් දහඅට කෝටි අසූලක්ෂ එකසිය හතක් (188,000,107), ඒ කියන්නේ රුපියල් කෝටි දහ අටක් එහෙමත් නැත්නම් රුපියල් මිලියන 188ක් පමණ පාඩුවෙලා තිබෙනවා.

මේ ක‍්‍රියාවලිය තුළ රාජ්‍ය සමාගම පාඩු ලබනවා පෞද්ගලික සමාගම ලාභ ලබනවා. රාජ්‍ය සමාගම 2012දී පාඩු ලැබූ සමාගමක්. නමුත් 2013 සහ 2014 අවුරුදුවල අධික ලෙස ලාභ ලැබූ සමාගමක්. මේ සමාගමේ තිබෙන විශේෂත්වය තමයි ඒක රාජ්‍ය සමාගමක් නිසා ඒ සමාගම ගනු ලබන ලාභයත් නැවත මහපොළ භාරකාර අරමුදලට එකතු වෙනවා. එයින් අඩු ආදායම් ලාභී දරුවන්ගේ අධ්‍යාපනයට ඒ මුදල් වෙන් වෙනවා. 2013 සහ 2014 වසරවල අධික ලාභ ලබපු රාජ්‍ය සමාගම 2015 සහ 2016 අවුරුදු දෙකේ සිතාගැනීමට නොහැකි විශාල පාඩුවක් ලබා තිබෙනවා. පවතින සම්ප‍්‍රදායට පිටින්, පවතින පනතට පිටින්, මලික් සමරවික‍්‍රම ඇමතිවරයගේ අමාත්‍යාංශයට පවරනවා මහපොළ භාරකාර අරමුදල. පවතින නීතියට පිටින් වයස 70ට වඩා වැඩි කෙනෙක්ව මහපොල භාරකාර අරමුදලට පත්කරල අදාල රාජ්‍ය සමාගමේ සභාපති වරයා බවටත් පත් කරණවා. ඔහුට පෞද්ගලික ආයතනයකුත් තිබෙනවා. ඔහු මහපොළ භාරකාර අරමුදලේ ඔහු සතු බලය බාවිතා කරමින් රාජ්‍ය සමාගමක් තිබියදී පෞද්ගලික සමාගමට මුදල් ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කිරීමෙන් පෞද්ගලික සමාගම මිලියන් 522ක ලාභයක් ගන්නවා. රාජ්‍ය සමාගම රපියල් මිලියන 188ක පාඩුවක් ලබනවා. මේ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ චන්දිමාල් මෙන්ඩිස් කියලත් නමක් තිබෙනවා. ඔහු මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ හොයන්න කියල රනිලි වික‍්‍රමසිංහ විසින් පත් කළ ති‍්‍ර පුද්ගල කමිටුවෙන් කෙනෙක්. ඒ කමිටුව හැදුවේ රනිල් වික‍්‍රම සිංහ සමඟ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්ත යාලූවෝ තුන් දෙනාගෙන් . එම කමිටුව වාර්තාවක් නිකුත් කළා බැදුම්කර ගනුදෙනුව හරහා කිසිදු වංචාවක් සිදුවී නෑ කියල. ඔවුන්ගෙන් කෙනෙක් තමා මේ.

මේ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වික‍්‍රම වීරසූරිය, චන්දිමාල් මෙන්ඩිස් සහ නිල බලයෙන් මලික් සමරවික‍්‍රම ඇමතිවරයා ඉන්නවා. අමාත්‍යවරයාගේ පූර්ණ අනුදැනුම යටතේ රාජ්‍ය සමාගම මගහැර, පෞද්ගලික සමාගමක මුදල් ආයෝජනය කරනවා. පෞද්ගලික මූල්‍ය සමාගමට මහපොල භාරකාර අරමුදලේ අභ්‍යන්තර රහසිගත විගණන තොරතුරු යනවා. බැදුම්කර වංචාවේදීත් මෙහෙමයි වුනේ.

ඒ විතරක් නෙවේ, දැන් වෛද්‍ය ශිෂ්‍යයන්ට මහපොල දෙන්නේ නෑ. ‘සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්න’ කියල මාස 10ක කාලයක් පන්ති වර්ජනයක නිරත වුනා. පන්ති වර්ජනයේ නිරතවෙද්දි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කිව්වා පන්ති වර්ජන කාලයෙදී අධ්‍යයන කටයුතු සිදු නොවන නිසා එම කාලයට අදාලව මහපොල දෙන්නේ නෑ කියල. මොකද බැලූවේ මහපොල නැති වුණාම කන්න නැතුව ශිෂ්‍යයො ගෙවල්වලට යයි කියලා අරගල නොකර. නමුත් එහෙම උනේ නෑථ දිගටම ශිෂ්‍යයො හිටියේ අරගලයේ. ඒ කාලයට අදාල නොගෙවු වාරික 10ක් තිබෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙක් සඳහා ඔවුන්ගේ පාඨමාලා කාලය අවුරඅදු 5ක් නිසා එක අවුරුද්දකට මහපොල වාරික 10 බැගින් මහපොල වාරික 50ක් සඳහා මුදල් වෙන් වෙනවා. දැන් පන්ති වර්ජනය අවසන් වෙලා පන්තිවලට යනවා. දැන් පන්ති පටන් අරගන. ඊට පස්සේ දැන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව කියනවා වෛද්‍ය ශිෂ්‍යන්ට දෙන්නේ මහපොල වාරික 40යි, 50ක් දෙන්නේ නෑ පන්ති වර්ජනයේ යෙදුනු මාස10 සඳහා වාරික 10ක් කපනවා කියලා. පන්ති වර්ජනය කළ මාස 10 කියල දෙයක් නෑ. දැන් ඒ මාස 10 නැවත අධ්‍යාපන කටයුතු සිදුවෙනවා. පාඨමාලාව අවුරුදු 5ම තිබෙනවා. ඔවුන් අලූතින් මාස 10ක් වෛද්‍ය සිසුන් අධ්‍යාපනය ලබනවා. නමුත් එක ශිෂ්‍යයෙක්ට වාරික 10 සඳහා රුපියල් 50000ක් කපනවා. අවම වශයෙන් සිසුන් 3000ට 3500ට මහපොල අහිමි වනවා. ඒ අනුව පන්ති වර්ජනය කළා කියල හේතුවක් දාලා මහපොළ අරමුදලෙන් ගෙවිය යුතු කෝටි 15ක් පමණ මහපොල වාරික වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන්නේ නෑ. ගිය අවුරුද්දේ සිද්ද වුනු මුදල් වංචාව විසින් සිද්ධ වූ පාඩුව රුපියල් කෝටි 18ක්. දැන් හරියට හරි. එතන කෝටි 18ක් පාඩු වෙනවා, මෙතන තීරණය කරනවා කෝටි 15ක් සිසුන්ට ලැබිය යුතු මහපොල වාරික කපා දාන්න. දැන් ශිෂ්‍යයෝ පිටින් යවල තිබෙනවා මේ වංචාවේ පාඩුව. මලික් සමරවීරගේ සිට, වික‍්‍රම වීරසූරියගේ සිට, රතිල් වික‍්‍රමසිංහගේ පන්තියේ යාලූවා වන චන්දිමාල් මෙන්ඩිස්ලගේ සිට සියලූ දෙනා එකතුවෙලා කරපු හොරකමක්. මේ මහජන මුදල් අපහරණයෙහි බර දැන් පටවලා තිබෙනවා වෛද්‍ය ශිෂ්‍යයා උඩට. පාඩු වුණු කෝටි 18 කවර් කරන්න යන්නේ ශිෂ්‍යන්ට දෙන මහපොල වලින් කෝටි 15ක් කපලා. අපි හිතනවා මෙකට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග, උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග සියල්ල ගතයුතුයි කියලා.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය
முன்னிலை சோசலிசக் கட்சி
Front Line Socialist Party

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස කටයුතු කළ රජිව් සෙනවිරත්නට විරුද්ධව දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මඟ නැගුම සභාපතිවරයා වන ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවටයි කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇත්තේ.

රජිව් සෙනවිරත්න උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ‘මග නැගුම‘ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස මැතිවරණ කොමිෂණ් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ වෙනත් ආයතන සමඟ ලිඛිත ගණුදෙනු පවා සිදුකර ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් ද යොමු කර ඇති අතර එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් එහිදී පෙන්වා දී ඇත්තේ රජිව් සෙනවිරත්න පළාත් පාලන ඡන්ද විමසීම සමයේ දී රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් සහ දීමනා ලබන අතර, විධිමත් කාර්ය පටිපාටියෙන් තොරව, නියමිත අනුමැතියක් නොලබා එක්සත් ජාතික පක්ෂය ප්‍ර‍වර්ධනය කිරීමේ කාර්යයෙහි නිරත වෙමින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍ර‍ධානී ලෙස කටයුතු කර ඇති බවයි.

තවද, මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍ර‍ධානීවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, පොලිස් දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන වෙත ලිපි ලේඛන ලියා ඇති බවද එම ලිපියේ සදහන්ය.

මහා පරිමාණ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා සමග සබඳතා පවත්වමින් ගනු දෙනු සිදු කළ බව කියන රුවන් ගාල්ලගේ මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධූරය තවමත් දැරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ විශේෂ අවධානය යොමු වී තිබේන බව ලංකා වීක් වෙබ් අඩවිය වාර්තා කරනවා.

රුවන් ගාල්ලගේ මහතා අර්ජුන් ඇලෝසියස් මහතා සමග සබඳතා පවත්වමින් ගනු දෙනු සිදු කළ බවට තොරතුරු හෙළි වී තිබුණේ මහා පරිමාණ බැඳුම්කර වංචාව පිළිබඳව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම මගින් සිදු කෙරුණු අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථන පරීක්ෂාවේදී වන අතර ඒ පිළිබඳ තොරතුරු ඒ දිනවල ජනමාධ්‍ය ඔස්සේ ද වාර්තා කෙරිණ.

එසේ තිබියදී රුවන් ගාල්ලගේ මහතා වැනි පුද්ගලයකු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස තවදුරටත් තබා ගෙන සිටීම විශාල ප්‍රශ්නයක් බව ජනාධිපතිවරයාගේ ප්‍රබල නිලධාරියකු පවසා ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිතරම අනුසාසනා කරන ප්‍රධාන පෙළේ නා හිමි නමක් ද රුවන් ගාල්ලගේ මහතාගේ ක්‍රියාකලාපය ද,ඔහු මේ තනතුරට පත් කිරීම ගැන ද ඔහුට එක්සත් ජාතික පක්ෂයට තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව ද ප්‍රශ්න කරමින් සිටියි.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සිය තනතුර රැක ගැනීම සඳහා රුවන් ගාල්ලගේ මහතා,නව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩ භාර ගන්නා අවස්ථාවට ඊයේ (28) අනාරාධිතවම පැමිණ තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන් සම්බන්ධ යැයි රටට ඒත්තු ගැන්වීම් සහ ඒ මගින් තමන් අත්අඩංගුවට ගැනීමට හේතුවක් සෙවීම රජයේ අලුත්ම ප්‍රයත්නය වී එතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අද(28) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

උපුටා ගැනීම-

රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් පසුගිය සතියේ එක්තරා වෙබ් අඩවියක පවසා තිබුණේ දැනට අත් අඩංගුවේ පසුවන පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂි අනූව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්,එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක් ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂට බවත්ය.මෙය පැහැදිලිවම ජනතාව නොමග යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්න හාස්‍යජනක උත්සාහයකි.

ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට් අයත් නොවන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක් පමණක් නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිඳු හමුදා ඛන්ඩයක් ක්‍රියාත්මක නොවීය.මේ කියනා අවධියේ හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිඳු බුද්ධි අංශ හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක වූවා විය නොහැකි බව ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් හෝ ඇති අයෙකු දනී.

මෑතකාලීන දේශපාලන මඩ ප්‍රචාරණ වලට අනූව ලසන්ත ඝාතනය සිදුවූයේ මිග් ගුවන්‍ යානා පිළිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙළි කිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීම පිළිබඳව ලසන්ත කතෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතට මා විසින් එදා නඩු පැවරූ බවය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමඟ ගැටළුවක් නොතිබුණි.

නමුත් මෙහිදී මතක් කළයුතු වැදගත් කරුණක් නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩිලෙස විවේචනය කරමින් ලිපි පෙළක් ලියන් ලද බවයි. විශේෂයෙන්ම වත්මන් අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා, අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලීසියට එදා ඔහු කළ චෝදනාව ගැන පරීක්ෂණ අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කළ හැක.

ඒ වෙනුවට අද කුහක දේශපාලඥයන් කරන්නේ නරියාට කුකුල්ලු භාර දුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලීසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පළවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිළිතුරු දෙනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව රැවටුවා හොඳට ම ඇති. ඔවුන් රනිල් විවේචනය කරමින් පමණක් කාලය ගත නොකර රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට ඒකබද්ධ විපක්‍ෂය පාරම්බෑවේ බැඳුම්කරයට සම්බන්ධවයි. අද සක්‍රීය බැරකම් කළමනාකරණ පනතක් ගේන්න යනවා. ඒ රනිල් හා වෙනත් එ ජා පාක්‍ෂික ඇමතිවරුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. ඒ පනත් කෙටුම්පත විවේචනය කළ යුතුයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය විවේචන කරන්නේ 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන බව පැහැදිලියි. අද කළ යුත්ත රනිල් ඉවත් කිරීමයි. අද රනිල් ඉවත් නොකළොත් ජනාධිපතිවරණ මැතිවරණ නොතියන්නත් ඉඩ තියෙනවා. මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනැවිත් රනිල් ජනාධිපති පුටුවට පැන ගැනීමටත් ඉඩ තියෙනවා. එට්කා පමණක් නොව නව ව්‍යවස්ථාවත් මොන ක්‍රමයකට නමුත් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා. රනිල් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය කෙසේ යොදා ගනීවිද යන්න පිළිබඳ ව ඒකාබද්ධ විපක්‍ෂයට නිශ්චිත දැනුමක් තියෙනවා ද? රනිල් තමා 1972 බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරනවා යැයි කියන්න ඉඩ තියෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක අත් හැරලා. අද ඔවුන් කියන්නේ රංගෙ බණ්ඩාරගේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බවයි. ඒකාබද්ධ විපක්‍ෂයට ලජ්ජාවක් තියෙනව නම් රංගෙ බණ්ඩාරගේ ඇඟේ එල්ලෙනවා ද? ඒකාබද්ධ විපක්‍ෂය රංගෙ බණ්ඩාරට සහාය දෙන බව කී විට ඡන්දය දෙන අය සතුටු වෙනවා. ඡන්දදායකයන් හිතන්නෙ නැහැ ඒකාබද්ධ විපක්‍ෂෙ රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක අත්හැරලා කියලා.

ඒකාබද්ධ විපක්‍ෂෙ පඬියකු කියන්න පුළුවන් ඔවුන් විශ්වාසභංගය අත් හැර නැති බවත් රංගෙ බණ්ඩාරගෙ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන බවත්. රංගෙ බණ්ඩාර විශ්වාස කිරීමට තරම් ඒකාබද්ධ විපක්‍ෂෙ දියාරු වෙලා ද? රංගෙ බණ්ඩාරට තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක්. රනිල්ට එය විසඳන ක්‍රම රාශියක් තියෙනවා. රනිල් අගමැති ධුරයෙ ඉන්නකම් ඔහු එ ජා ප නායකත්වයෙන් ඉවත් කරන්න බැහැ. රනිල්ට විරුද්ධ ව කැරළි කතා කරන අය අවසානයේ දී එක්කෝ සජිත් වගේ රනිල්ට යටවෙනවා. එහෙම නැත්නම් තුන්වැනි මෛත්‍රි (මෛත්‍රි ගුණරත්න- පළමුවැනි මෛත්‍රි රනිල්ගෙ බිරිය, දෙවැනි මෛත්‍රි ජනාධිපති) වගේ ජනමාධ්‍යයේ පිහිටෙන් ජීවත් වෙන්න ඕන. ජ වි පෙරමුණ ගැන කියන්න තියෙන්නෙ වෙනම දෙයක්. ජ වි පෙ රනිල් යටතේ ජනමාධ්‍ය පිහිටෙන් ජීවත් වෙනවා. අද බීබීසියේ සංදේශයත් ඔවුන්ට ප්‍රචාරය දෙනවා. ජ වි පෙ බැඳුම්කරය ගැන කතා කළාට ඩිව් ගුණසේකර වාර්තාවෙන් වැරදිකරු වූ රනිල් හඳුන්නෙත්ති කමිටුවෙන් නිදහස් කෙරුණා!

කීකරු ජයසූරිය කතානායක හැටියට මොනවා කළත් යෝජනාව න්‍යාය පුස්තකයට දැම්මත් නොදැම්මත් ඒකාබද්ධ විපක්‍ෂය රංගෙ බණ්ඩාර ගැන බලන් ඉන්නෙ නැතිව රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න ඕන. අද අවශ්‍ය රනිල් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂෙ පෙරමුණ ගැනීම. ඔවුන් එය කරන්නෙ නැහැ. ඔවුන් මෛත්‍රිපාලට එ ජා පෙරමුණ නැතිව ආණ්ඩුවක් හදන්න උදවු වෙන්නෙ නැහැ. පළාත් සභා මැතිවරණ, 2019 හා 2020 ගැන කියමින් ඒ මහ හරිනවා. ඔවුන් මෛත්‍රිපාලගෙ කණ්ඩායමට ආණ්ඩුවෙන් එළියට එන්න කියා අභියෝග කරනවා. එහෙම කළොත් ආණ්ඩුව එ ජා පෙරමුණේ පමණක් ආණ්ඩුවක් වෙලා රනිල් තවත් බලවත් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ ජනතාව රැවටීමට මොනවා කිව්වත් කරන්නෙ රනිල් ශක්තිමත් කරන එක.

ඩලස් මාධ්‍ය ප්‍රකාශ කරනවා විවිධ දේ ගැන. ඔහු පසුගිය දා මුහුණු පොතේ උදාහරණ අරගෙන රනිල්ගෙ පරණකම ගැන ක්‍රිකට් නායකයන් ආදීන් ගැන කියමින් කතා කළා. ඔහු ඒ උදාහරණ වෙනත් අයකුගේ යැයි කීවේ නැහැ. සමහරවිට ඒ උදාහරණ මුහුණු පොතේ ලිව්වෙ ඔහු වෙන්න ඇති. ඔහු තවත් කතාවක් කිව්වා පළාත් පාලන මැතිවරණයේ මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කීිරීම ගැන. මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කිරීම පිළිබඳ වැරුද්දක් තියෙනවා. ඒ පක්‍ෂයට වෙන් කරන මන්ත්‍රී ප්‍රතිශතය 40 වෙනුවට 100 ලෙස ගැනීමෙන්. එය පළාත් ආයතන මැතීිවරණ ආඥාපනතේ අඩංගු ආකාරය. ඒ ක්‍රමය නිසා සභාවකට වෙන් කළ මන්ත්‍රී සංඛ්‍යාවට වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තේරෙන්න ඉඩ තියෙනවා. ඒ අතිරික්තය ඉංගිරිසියෙන් ඕවර්හන්ග් කියා හඳුන්වනවා. එහෙත් එයට මැතිවරණ කොමිසම වරද කරුවා නො වෙයි. ආඥාපනත සංශෝධනය කෙටුම්පත් කෙළේ කවුදැයි දන්නේ නැහැ. එය සුපුරුදු පරිදි පිටරට ව්‍යවස්ථාවක් අනුකරණය කිරීමක් ද?

පහුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු සිංහල විරෝධීන් එකතු වූවා. බටහිර රටවල් හා ඉන්දියාව ඒ පසුපස සිටියා. චම්පක හා යුග පෙරළිකාරයන් ද සිංහල විරෝධීන් වුණා. විදේශිකයන් රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා අවශ්‍ය සියල්ල කළා. සිවල් සමාජ පමණක් නොව සෝභිත හාමුදුරුවන් ද යොදා ගත්තා. එදා රාජපක්‍ෂ විරෝධීන් සිංහල විරෝධීන් සියල්ල එකතු වුණත් අද රනිල් ඉවත් කිරීමට එසේ එකතු වන්නේ නැහැ. එහි ප්‍රධාන තැන ගත යුතු ඒකාබද්ධ විපක්‍ෂය තම කාර්යභාරය ඉටූ කරන්නේ නැහැ. ඔවුන් මැතිවරණ ගැන කියමින් තම වගකීම පැහැර හරිනවා.

ඒකාබද්ධ විපක්‍ෂයට කිට්ටු වුණු ඊනියා බුද්ධිමතකු වූ රොහාන් ගුණරත්න ඊයේ පෙරේදා කියා තිබුණා රටේ ප්‍රශ්නවලට මුල පනස්හයේ ආණ්ඩුව සිංහල රාජ්‍ය භාෂාව කිරීම කියා. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන දුර්වලකම රොහාන්, දයාන්, චන්ද්‍රප්‍රේම වැනි ස්මාට් හා වෙනත් ජාතිකවාදීන් ළඟට ගැනීම. ඔවුන් බොහොමයක් හා ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න ජාතිකත්වයක් නැති පිරිස් රනිල් ඉවත් කරන්න බලවේගයක් නිර්මාණය කරන්නේ නැහැ. මට නාමල් රාජපක්‍ෂ පමණක් නොව බැසිල් රාජපක්‍ෂත් ඒ ගොඩට දැමීමට සිදුවෙනවා. ගෝඨාභයගේත් ප්‍රශ්නයක් තියෙනවා. ඔහු වටාත් කොළපාට සමාජය ලියූ චන්ද්‍රප්‍රේමත් දයාන් ජයතිලකත් ඉන්නවා. මේ අයගේ අතීතය ගෝඨාභය නොදනිතත් අප දන්නවා. ඔවුන් තම අතීතය ප්‍රතික්‍ෂෙප කර නැහැ. ගෝඨාභය මේ සිංහල විරෝධීන් අයින් කරන්නේ නම් ඔහු ගැන අද කල්පනා කරන්න පුළුවන්. අපට 2019 වන තුරු බලන් ඉන්න කීම රනිල් තහවුරු කිරීමක් පමණයි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-28

පළාත් පාලන මැතිවරණ්යෙන් අනපේක්ෂිත පරාජයක් ලබා සිටින එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද පරාජයේන් පසුව පක්ෂ නායකත්වයට එල්ල වෙමින් තිබේන කුමන්ත්‍රණකරුවන් සොයමින් මෙහෙයුම් දියත් කර තිබෙන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්ව සිටි සුසිල් ප්‍රේමජයන්ත කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධයේ විවිධ කණ්ඩායම් සමග එක්ව නාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලනීක්ව විනාශ කිරිම සදහා කටයුතු කරමින් සිටින බවත් පළාත් පාලන් මැතිවරණයේ ප්‍රතිපලය සමග එම තත්ත්වය වර්ධනය වි ඇති බවත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෛත්‍රී ජනපතිට අනාවරණය කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්තලා උත්සහ කළේ මහින්ද රාජපක්ෂලා එක්ක එකතුවෙලා තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමට බව තමන් දැන සිටි බවත් තමන් මෙම කුමන්ත්‍රණයට ඉඩ දි බලා සිටියේ තමන් ලගම ඉන්නා දේශපාලන කුමන්ත්‍රණයකින් හදුනා ගැනිමට අවශ්‍ය නිස බව එහිදි මෛත්‍රී ජනපති ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ට පවසා තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ල පසුපස සිටින කණ්ඩායම් සොයමින් එජාපයේ රනිල් පිළේ කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කර තිබේ.

එජාප නායකයාට හිතවත් මන්ත්‍රීවරයෙකු අරලියහග මන්දිරයේ සිටියදී පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකට අදාළ සාකච්ඡාවක් සඳහා ආරාධනා කරමින් ඇමතුමක් ලැබී තිබෙන බවත්, එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා විසින් සිය දුරකතනයේ හඩ වැඩිකර රනිල් වික්‍රමසිංහ මහතා ට ඇමතුම ඇසීමටද සලස්වා තිබෙන බවත් වාර්තා වෙයි.

“යහපාලන හොර නඩය එළවමු” යෑයි කියමින් ඒ සඳහා පන්දම් පාලියක්‌ පවත්වමින් යක්‌ෂයන්ට ආරාධනා කරමින් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) ඊයේ (27) උදැසන දකුණු පළාත් සභා රැස්‌වීමට සහභාගි වීමට පැමිණ තිබේ.

ගාල්ල කලේගාන හන්දියේ සිට බෙරකරුවකු පෙරටු කොටගෙන පැමිණි මන්ත්‍රීවරයා දුම්මල ගසමින් පන්දම්වලට ගිනි දල්වාගෙන යහපාලන හොර නඩය එළවීම සඳහා පළාත් සභාව ඉදිරිපිට තොවිලයක්‌ කරනු ලැබීය.

යහපාලන රජයට සහයෝගය ලබා දෙන දකුණු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට ද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් කවි කියමින් විරෝධය පළ කරනු ලැබීය. මහ බැංකු කොල්ලය, රාජ්‍ය සම්පත් විකිණීම ඇතුළු යහපාලන රජයේ ජනතා විරෝධී ක්‍රියාවන්ට මන්ත්‍රීවරයා මෙහිදී විරෝධය පළ කරනු ලැබුවේ කවි ගායනා කරමිනි. යහපාලන හොර නඩය එළවීම සඳහා යක්‌ෂයන්ටද ආරාධනා කරන බව මන්ත්‍රීවරයා කීවේය.

පළාත් සභාව ඉදිරිපිටට ගිනි දල්වා ගත් පන්දම් රැගෙන පැමිණි මන්ත්‍රීවරයා දුම්මල ගසමින් යක්‌ෂයන්ට ආරාධනා කරමින් පන්දම් පාලියක්‌ද පවත්වනු ලැබීය.

ගාල්ල – ලලිත් චාමින්ද

Published on: Feb 28, 2018- ආර්ථීකයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරන්නේ යයි කීවේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයි. ඒ සමඟ තවත් වැඩ කිහිපයකම කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරන බව දේශපාලන වේදිකාවල කියවිණි. එහෙත්, ඒ කියු කිසිවක කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් වූ බවක් නම් අසන්නට තිබුණේ නැත. ඒ ආණ්ඩුව පෙරළා මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් ද මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ගොසින්ය. මේ ආණ්ඩුවත් ඒ කියූ කිසිවක කේන්ද්‍රයක් බවට ලංකාව පත් කරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩු කෙරූ සහ ආණ්ඩු කරන දෙපිරිසගේම ආනුභාවයෙන් වෙනත් කේන්ද්‍රස්ථානයන් බවට නම් ලංකාව ඉක්මනින්ම පත් වෙමින් තිබේ. ඒ නිකම්ම නිකම් නොවේ. ජාත්‍යන්තර වාර්තා ද තබමිනි.

දකුණු ආසියානු කලාපයට මත් කුඩු ඛෙදාහරින කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් වී තිබෙන බව කියවුණේ දේශපාලන වේදිකාවල නොවේ. ඒ බව සමීක්ෂණ වාර්තාවලින් පවා හෙළි විය. මුදල් ජාවාරම්කරුවන්ගේ, උණ්ඩියල්කරුවන්ගේ, කළු සල්ලි සුදු කරන්නන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් ලංකාව දූෂණයෙන් ලෝකයෙන්ම හතර වන ස්ථානයට පත් වූයේ පහුගිය අවුරුද්දේදීය. ඒ නිසාම ලෝකයේම ජාවාරම්කරුවන්, දූෂිතයන් සිය හොර මගඩි සිදු කිරීමට ලංකාව සුදුසුම තැනක් වශයෙන් හඳුනාගෙන ඇති බව පසුගිය කාලයේ අසන්නට ලැබුණු සිදුවීම්වලින් පැහැදිලි වේ. මේ කියන්නට යන්නේ ද එවැනිම ජාත්‍යන්තර ජාවාරමක සිදුවීම් පෙළක් එකින් එක දිගහැරෙමින් තිබෙන හැටිය.

මැලේසියානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයෙකු සිය පුත්‍රයා සහ තවත් දෙදෙනෙකු සමග එක්ව නීති විරෝධී ලෙස මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ දරන විට රේගු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ජෙය සූධීර් ජයරාම් නමැති මෙම පුද්ගලයා අමෙරිකානු ඩොලර් 50,000 ක් සිය ගමන් මල්ලෙහි දමාගෙන, විශේෂ අමුත්තන් සඳහා වූ සිල්ක් රූට් ඔස්සේ සිංගප්පූරුවට යාමට උත්සාහ දරා ඇත. ඒ පසුගිය නොවැම්බර් 10 වනදාය. එසේ අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී වෙනත් යානයකින් පිටත්ව යාමට සූදානම්ව සිටි ඔහුගේ පුත්‍රයා ළඟ තිබී තවත් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. එපමණක් නොව, මේ පිය – පුතු දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත් වූ තවත් දෙදෙනෙකු එදිනම අත්අඩංගුවට ගැනුණේ තවත් ඇමෙරිකානු ඩොලර් 1,08,000 ක් සමගිනි. ඒ අනුව එදින රටෙන් පිට කිරීමට උත්සාහ දරා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් 2,08,000 කි. එනම් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලකි.

මොවුන් ලංකාවට පැමිණ ඇත්තේ කුමක් සඳහාද? මෙසේ ලංකාවෙන් පිට කිරීමට උත්සාහ දැරූ මුදල් මොනවාද? මේ පිරිස ලංකාවේ සම්බන්ධකම් පවත්වා ඇත්තේ කවුරුන් සමඟද? මේ කිසිවකට නිසි පිළිතුරක් සොයා ගැනීමට තවමත් හැකියාව ලැබී නැත. වව්නියාවේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලංකාවට පැමිණි බව ඔවුන් විසින් පවසා තිබේ. මේ මුදල් කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ගත් මුදල් බවද ඔවුන් පවසා ඇත. එහෙත්, මේ කිසිවක් පිළිබඳ සොයා බැලීමක් සිදු නොකර පරීක්ෂණවලට සහාය ලබා දීමට නැවත පැමිණෙන ලෙස දිනයක් ලබා දී මුදල් පමණක් රඳවාගෙන ඔවුන් නිදහස් කර යවා ඇත. මේ වන විට ඒ පොරොන්දු වූ දිනය පසු වී සති කිහිපයක් ගත වී ඇතත්, කිසිවෙකු නැවත ලංකාවට පැමිණ නැත. මුදල් තොගය රාජසන්තක කිරීමට තීරණය කරන්නේ ඒ අනුවය. එතනින් ඒ ජවනිකාව අවසන් විය.

එහෙත් මේ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු එකින් එක දැන් අනාවරණය වෙමින් තිබේ. ජේ. සුධීර් ජෙයරාම් නැමැත්තා මෙරට ප්‍රකට මූල්‍ය සහ මාධ්‍ය ආයතනයක් සඳහා ආයෝජකයෙකු හඳුන්වා දීම සඳහා බ්‍රෝකර් කෙනෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. පසුගියදා ආරම්භ කළ මහල් හැත්තෑ පහකින් යුතු හෝර්ටන් ස්ට්වෙයා නම් බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ද මොහුගේ සම්බන්ධයක් තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ විදෙස් මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ දරද්දී අත්අඩංගුවට පත් වන ශ්‍රී ලාංකිකයෙකු ද නොවන පුද්ගලයෙකු පරීක්ෂණවලට නැවත පැමිණෙන බවට වන පොරොන්දුවක් මත මුදාහැරීමට බලධාරීන් තීරණය කරන්නේ කෙසේද? ඔහු පැවසූයේ යයි කියමින් එම ප්‍රකාශ උපුටා දක්වන මෙරට ප්‍රකාශකයන් කියන්නේ ඔහු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු බවයි. ඔහුගේ ව්‍යාපාරයන්ගේ සහ ඔහුගේ ව්‍යාපාරිකත්වයේ දිග පළල අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් හොඳින්ම තේරුම් ගත හැකිය.

ජේ. සුධීර් ජෙයරාම් පිළිබඳ අන්තර්ජාල පරීක්ෂාවක දී හමු වන්නේ ව්‍යාපෘති දෙකක් සඳහා තැරැවුකරුවෙකු වශයෙන් ඔහු කටයුතු කර ඇති බවයි. ඒ ව්‍යාපෘති දෙකම දූෂණයක් නිසා නතර කරන ලෙස ඉල්ලා ඇති ඒවා බවද එහි සඳහන් වේ. ඉන් පසුව හමු වන්නේ මේ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණය විසින් පවරා ඇති නඩුවක් පිළිබඳ තොරතුරුය. එහි තීන්දුව ලබා දී ඇත්තේ 2016 සැප්තැම්බර් 27 වන දිනය. එසේම 1995 වසරේ ඇරඹුණු දෙවන ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරාකයට පැන වූ සම්බාධක හමුවේ සිදු වුණු සිදුවීම් සම්බන්ධයෙන් ද ජෙය සුධීර් ජයරාම්ගේ නම ඈඳී තිබේ. ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු ඉරානයට පැන වූ සම්බාධක හමුවේ සිදු කරන තෙල් වෙළෙඳාම අතරතුර කෙරුණු වංචා, දූෂණවල දී ඒවායෙන් විශේෂ වාසි ලැබූ පුද්ගලයෙකු ලෙස ජෙය සුධීර් ජයරාම් නම් කර තිබේ.

මේ පුද්ගලයා ලංකාවේ සම්බන්ධ වූ ව්‍යාපෘති ද ගැටලූකාරී ඒවාය. කොළඹ හෝර්ටන් පෙදෙසේ ඉදි කිරීමට කටයුතු යොදා ඇති මහල් හැත්තෑ දෙකකින් යුතු ව්‍යාපෘතිය නවතා දැමිය යුතු බව ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව නිර්දේශ කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ව්‍යාපෘතියකි. ඒ සඳහා සම්බන්ධ වී ඇති අනෙක් පුද්ගලයා වන රාමසාමි මුත්තුසාමි මනිවානන් නැමැත්තා ද ජයරාම්ගේ ව්‍යාපාරික සගයෙකි. ඔහු ලංකාවේ තවත් ප්‍රකට ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ විනෝදාංශය වූ අභ්‍යවකාශගත වීමට අදාළව ලංකාවේ මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් යැව්වා යයි කියන චන්ද්‍රිකාව යැවූ සුප්‍රීම් සැට් සමාගම සමඟ මොහුගේ සමීප සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ.

පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් ජෙය සුධීර් ජයරාම් සහ මුත්තුසාමි මනිවානන් සම්බන්ධයෙන් හෝර්ටන් පෙදෙසේ කරන ඉදිකිරීම්වලට අදාළව පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද කර තිබේ. ඒ පසුගිය වසරේ ජූලි 23 වන දිනය.

මේ කරුණු සියල්ල සොයා ගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නොවේ. අන්තර් ජාලයේ මේ සියලු තොරතුරු තිබේ. ගත වන්නේ විනාඩි කිහිපයක් පමණි. එහෙත්, ඒ කිසිවක් සිදු නොකර මොවුන් පිටත් කර යැවීමට රේගු බලධාරීන් කටයුතු කිරීම පිටුපස වෙනත් සම්බන්ධයක් තිඛෙන බව ඉතාම පැහැදිලිය.

මොවුන් පැමිණ ඇත්තේ ලංකාවේ ආයෝජන කිරීමට බව පැවසේ. එහෙත්, ඔවුන් අත්අඩංගුවට පත් වන්නේ මෙරටින් මුදල් නීති විරෝධීව පිට කිරීමට උත්සාහ දැරීමේදීය. එහිම පරස්පරයක් තිබේ. මොවුන් පිළිබඳ සැක කරන්නට මොළේ කළඳක් හෝ තිඛෙන ඕනෑ කෙනෙකුට එයම ප්‍රමාණවත්ය.

මොවුන් ජාවාරම්කරුවන්ය. එහෙමත් නැත්නම් ජාවාරම්කරුවන්ගේ තැරැවුකරුවන් හෝ හෙංචයියන්ය. මොවුන් සම්බන්ධකම් පැවැත් වූ මෙරට කිහිප දෙනෙකු පිළිබඳව ද කියවේ. එසේ නම් ඔවුන්ගේ ද මේ සම්බන්ධයක් තිබෙන බව සිතිය හැකිය. කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් මේ පිටුපස තිබිය හැකිය. පැමිණිල්ලක් තිබිය දී පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ගත් පියවර මොනවා දැයි සොයා බැලිය යුතුය.

එහෙත් රට තුළ දූෂිතයන් සිටින්නාක් මෙන්ම දූෂිතයන්ට කරණම් ගැසීමට ලංකාවේ දී හැකියාව ඇති බව මේ සිදුවීම තුළින් තවත් වරක් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට වගකිවයුත්තන් උත්සාහ දරා තිබෙන්නේ දූෂණයෙන් තවත් ඉදිරියට ඒමට ඔවුන්ට වුවමනා නිසා විය හැකිය.

චතුර දිසානායක

යහපාලන ආණ්ඩුවේ වගකීම් විරහිත හා විනාශකාරී ණය ගැනීම

පාර්ලිමේන්තුවෙන් වසරක් පාසා පනවන ණය ගැනීමේ සීමාව ඉක්මවා, විධායකයට  වෙනම රුපියල් ට්‍රිලියනයක (එනම් බිලියන දහසක) ණය දේශීය හෝ විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට හැකිවන පරිදි නව නීතියක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව “සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීම” යන මැයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇත. යහපාලන ආණ්ඩුව මුලසිටම ණය ගැනීම් සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාකලාපයකි. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවකි. ලංකාව නිදහස ලැබූ දායින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ විශාලම සංවර්ධන ව්‍යාපෘති මධ්‍යයේ වුවත්, එමඟින් මගේ ආණ්ඩුව වසරකට ගනු ලැබූ සාමාන්‍ය ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 350 ඉක්මවූයේ නැත. නමුත් 2015 වසරේදී එවැනි කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැතිව, යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව වතාවකදී නිකුත් කරන ලදී. 2016 දී හය වතාවකද, 2017 දී සිව් වතාවකද මේ බැඳුම්කර යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කර ඇති අතර පසුගිය වසර තුන ඇතුලත මේ මූලාශ්‍රයෙන් පමණක් ඇ.ඩො. බිලියන 7.7 ක් ණයට ගෙන ඇත.

එයට අමතරව පසුගිය වසර තුන ඇතුළත මේ ආණ්ඩුව සවරින් බොන්ඩ්, කරන්සි ස්වොප්, සින්ඩ්කේටඩ් ලෝන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වශයෙන් තවත් ඇ.ඩො. බිලියන 9ක් ණයට ගෙන ඇත. එවිට යහපාලන ආණ්ඩුව බලයට පැමැණි පසු ගත් විදේශ විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 16.7 ක් වේ. මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් රුපියල් ණයද ට්‍රිල්යන 6ක් වැනි ප්‍රමාණයක් ලබාගෙන ඇත. මේ ණය කන්දරාව තුළ වූ ඉන්දියානු කරන්සි ස්වොප් ණය, කෙටි කාලීන ශ්‍රී  ලංකා සංවර්ධන බැඳුම්කර, හා රුපියල් බැඳුම්කර හා බිල්පත් වලින් කොටසක් දැනටම ගෙවා නිමකර තිබුණද මේ ආණ්ඩුව බලයට පැමිණි මුල් වසරේ සිටම ණය ගැනීම, ණය ගෙවීම, හා ණය ගෙවීමට ණය ගැනීම යන එන්න එන්ම වේගවත් වන විෂම චක්‍රයකට හසු වී සිටී.මගේ ආණ්ඩුව අවසානයේදී, එනම් 2014 දෙසැම්බරයේදී  71% ක් වූ දල ජාතික නිශ්පාදිතයට සාපේක්‍ෂ ණය ප්‍රතිශතය, 2015 අවසන් වන විට මාස 12 ක් වැනි කෙටි කාලයක් ඇතුළත 81% දක්වා වැඩි වී තිබුණු බවජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අංක 16/371දරණ වාර්තාවේ සඳහන්ය. 2017 අවසන්  වන විට මේ ප්‍රතිශතය 90% ට ආසන්න වෙන තරමට වැඩි වී ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ඇස්තමේන්තු කර ඇත.

යහපාලන ආණ්ඩුවේ මේ මහා පරිමාන ණය ගැනීම ආරම්භ වූයේ 2015ජනාධිපතිවරණය ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙස ජයගත් පසු,එම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා ලබාදුන්විශේෂ දීමනා හා ඉන්ධන, ගෑස් හා වෙනත් පාරිබෝගික භාණ්ඩවලමිල අඩු කිරීම නිසා ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙස වැඩි වීම හේතුවෙනි. මගේ ආණ්ඩුවෙන් නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට මේ ණය ගැනීමට සිදු වී තිබෙන බවටයහපාලන  ආණ්ඩුව කීවත් එය සම්පූර්ණ මුසාවකි. මගේ ආණ්ඩුවෙන් ඉදි කරන ලද නොරොච්චෝලේ බලාගාරය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය හා මත්තල ගුවන්තොටුපල යන සියල්ල සඳහාවැය වූ මුලු වියදම ඇ.ඩො. බිලියන 3.9 ක් වත් වන්නේ නැත. එපමණක්ද නොව මේ සියලුම ණය ඉතා සහනදායි පොලියකට ගෙන තිබෙන දිගු කාලීන ණය නිසා ඒවා ගෙවීම කිසිසේත්ම ආර්ථිකයට බරක් නොවීය.

පසුගිය ජනවාරි 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමින් මගේ ආණ්ඩුව කාලයේ රුපියල් ට්‍රිලියන 10 ක ණය ගෙන තිබුණත් එයට අදාල වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් පමණක් බවත්, ඉතිරි ට්‍රිලියන 9යට සිදු වූ දෙයක් නැති බව පවසා සිටියේය. ඉන්පසුව, පලාත් පාලනමැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය අවසන් වීමට නියමිතව තිබුණු පෙබරවාරි 7 වනදා විගණකාධිපතිවරයා එක්වරම මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පසුගිය වසර 10 ඇතුළත ගෙන තිබෙන ණය රජයට අයත් වානිජ ව්‍යාපාර හා වෙනත් රජයේ ආයතන වලට බැර කිරීම වැනි උපක්‍රම තුළින් තැන් තැන් වල‘සඟවා’ තිබීම හේතුවෙන් මේ වන විට ලංකාවේ සැබෑ ණය බර කුමක්දැයි කිසිවෙකුටත් කිව නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10 ක් වුවත්, ලේඛන වල සඳහන් වන්නේ රුපියල් ට්‍රිලියන 1.1 ක වත්කම් ප්‍රමාණයක් පමණක් බවත් ඔහුද කියා සිටියේය. ආණ්ඩුව පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේඅවසන් මොහොතේදීඡන්ද ප්‍රතිපලය වෙනස් කිරීම අරමුණු කරගෙන කුමක් හෝ උප්පරවැට්ටියක් යොදනබව සියලු දෙනාම දැනගෙන සිටයේය. මෙවර ඡන්ද දායකයා නොමඟ හැරීම  ඉලක්ක කරගත් ඒ ‘ගුන්ඩුව’ ආවේ මේ ණය හා වත්කම් පිළිබඳ කතාව හරහාය.

අපේ ව්‍යවස්ථාවේ 154 වන වගන්තියෙන්විගණකාධිපතිවරයාට පවරා ඇති රාජකාරිය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ සියලුම ආයතනත්, සියලුම පලාත් සභාත්, සියලුම් පලාත් පාලන ආයතනත්, රජයට 50%කට වඩා කොටස් හිමිකාරිත්වයක් ඇති වානිජ ව්‍යාපාර සියල්ලමත් විගණනය කිරීමයි. එම නිසා මධ්‍යම ආණ්ඩුවට හා මේ එක් එක් ආයතන වලටඇති ණය ප්‍රමාණය කුමක්දැයි තමන් නොදන්නා බව විගණකාධිපතිවරයාට කිසිසේත්ම කිව නොහැකිය. අපේ රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 10ක් වන අතර වත්කම් ඇත්තේ රුපියල් ට්‍රිලියන 1.1 ක් යැයි කීම ඊටත් වඩා නොමඟ යවන සුලු ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගිණුම් සකසනු ලබන්නේ ‘මොඩිෆයිඩ් කෑෂ් බේසිස්’ යන ගිණුම්කරන ක්‍රමයට අනුවය. මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින්ද පිලිගනු ලබයි. මේ ගිණුම්කරන ක්‍රමය යටතේ ලැබීම් සහ ගෙවීම් ලේඛණගත කරන අතර ශේෂපත්‍රය හෝ රාජ්‍යයක වත්කම් ගණනය කිරීම

අවධාරණය කරන්නේ නැත. වත්කම් ගණනය කිරීම අවධාරණය කරන ‘අකෘවල්ස් අකවුන්ටින් සිස්ටම්’ යන ගිණුම්කරන ක්‍රමය රාජ්‍ය ගිණුම් සැකසීමේදී අපේ රටේ භාවිතා වන්නේ නැත.

අද මේ රටේ ඉහළ තනතුරු වලට පත්වීම් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සිටින යහපාලනවාදීන් 10 දෙනාගේ නිර්දේශය මත යහපාලන ජනාධිපතිවරයා විසිනි. ඡන්දයක් අභිමුවවිගණකාධිපතිවරයා ඒ ආකාරයට හැසිරුණේ මන්දැයි එයින් පැහැදිලි වෙනු ඇත. විගණකාධිපතිවරයා තමාගේ වගකීම් විරහිත ප්‍රකාශයෙන් එම තනතුරේ පසුගිය අවුරුදු 10 මුලුල්ලේම සිටි විගණකාධිපතිවරුන්ගේ විගණන ජනතාව ඉදිරියේ හෙලා දැක ඇත. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවට වහාම ක්‍රියාත්මක වී, විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බවත්,ලංකාවේ ණය ඉතා නිවැරදිව ලේඛනගත වී ඇති බවත්, මේ ණයකලට වෙලාවට ගෙවීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට සුපිරිසිදු වාර්ථාවක් තිබෙන බවත් පෙන්වා දෙමින් මූල්‍ය වෙළඳපල අස්ථාවරවීම වැලැක්වීමට කටයුතු කිරීමට සිදුවිය.

යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුවතවත් ඉහල අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේය. මේ යෝජිත නීතියෙන්,පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද බලතලවලටත්, රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතලවලටත්, බරපතල අභියෝග එල්ල වෙන බවත්, මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණ, මාස තුනක් ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්‍ෂේප කළත්, අදාල තීන්දුව ගැනීමත්, පාර්ලිමේන්තුව  විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානුකූල වෙන බවට මේ යෝජිත පනතේ වගන්තියක් ඇත. එපමණක්ද නොව, යෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව ) සිවිල් හා අපරාධ වගකීම් වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ.  ර්ලිමේන්තුව විස

මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්‍රමකතා නිසා, ඉහත දැක් වූ ආකාරයේ විධිවිධාන වලින් ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිත ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’නීතියට එකහෙළාම එරෙහි විය යුතුය.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

කලකට පෙර බැඳුම්කර ඝෝෂාව තියෙන කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට උනන්දුවක් දැක්වූවා. ඒ උනන්දුව අද නැත්තේ ඇයි? අද එ ජා ප මන්ත්‍රීවරුන් රනිල්ට විරුද්ධව කැරළි කතා කරනවා. මා ඒවාට කැරළි ගසනවා කියන්නේ නැහැ. විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක පහසු නැහැ. විශේෂයෙන් ම කරු ජයසූරිය වැනි ඊනියා අපක්‍ෂපාත කතානායකයකු සිටින විට. බොහෝ දෙනා කියන්නේ මෛත්‍රිපාලට කොන්දක් නැහැ කියලයි. ඒත් අද කොන්දක් තියෙන දේශපාලනඥයන් කී දෙනකු ඉන්නවා ද?

එක් අතකින් බලන විට මෛත්‍රිපාලට කෘත්‍රිම කොන්දක් දුන්නා කියලා කියන්න පුළුවන්. ඒ ඇතැම් රාජපක්‍ෂලාට විරුද්ධව යෑමට. මෛත්‍රිපාලට ඒ වෙලාවෙ කොන්දක් ලබා දුන්නෙ බටහිර හා ඉන්දීය නියෝජිතයන්. අද රනිල්ට විරුද්ධව යෑමට මෛත්‍රිපාලට එවැනි කොන්දක් ලබා දෙන්න කවුරුන්වත් නැහැ. බටහිර රටවල හා ඉන්දියාවේ තානාපතිවරු, මහා කොමසාරිස්වරු කිසි දිනෙක මෛත්‍රිපාලට ඒ කොන්ද ලබා දෙන්නේ නැහැ. ඔය එ ජා ප පසු පෙළ මැද පෙළ ඉදිරි පෙළ මෙන් ම පෙළක් නැති මන්ත්‍රීවරුන් ගැනත් විශ්වාසයක් තබන්න බැහැ. ඒ සියල්ලන්ට ම තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්න. ඔවුන් කිසිවකුටවත් ජාතික ප්‍රතිපත්තියක්වත් ජාතිකත්වයක්වත් නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ කියලා වැඩි වෙනසක් නැහැ. මහින්ද වැනි අය ජනමතයට තරමක් බයයි. රනිල් ජනමතය තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ජී එල් වැන්නන් ද එසේමයි. ඔවුන්ට ජනමතය තේරෙන්නේවත් නැහැ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගැනීමට ලිපියක් දී වැඩි කලක් නැහැ. මට තියෙන ප්‍රශ්නය ඒ ලිපිය ගැන මහින්ද දැන හිටියා ද යන්නයි. මගේ උපකල්පනය ඔහු ඒ දැන සිටි බවත් මහජන මතයට බය වී ඒ අදහස වෙනස් කර ගත් බවත්. මහින්දට ජී එල් මුල් උපදෙස දුන්නා වෙන්නත් පුළුවන්.

ඒකාබද්ධ විපක්‍ෂෙ නාමල් රාජපක්‍ෂට ඇති ජාතිකත්වය කුමක් ද? බැසිල්ට ඇත්තේ ඡන්ද දිනා ගැනීමේ අදහස පමණයි. ඔහු රිෂාඩ් බදුර්දීන් සමග ඇයි හොඳයිකම් පවත්වනවා. ඒ ඡන්ද සඳහා. එහෙත් ඡන්ද ලැබෙන්නේ මහින්ද ජනතාවට විරුද්ධව යෑමට අකමැති නිසා හා ඔහු ජනතාවගේ පටු ජාතිකත්වය නියෝජනය කරන නිසා. ජනතාවට ඇත්තේ ඉතා ම පටු ජාතිකත්වයක්. ඒ රට බෙදීමට විරුද්ධවීම හා දැන් තියෙන සංකේත බුද්ධාගම ආරක්‍ෂා කිරීම. ඔවුන්ට නලින් ද සිල්වාගේ මුග්ධ ජාතිකත්වය නැහැ. කවුරු හරි පඬියකු අහන්න බැරි නැහැ මා රට බෙදීමට පක්‍ෂ ද කියලා!

ඒකාබද්ධ විපක්‍ෂෙ හා ඔවුන්ගෙ අනුගාමිකයන් අද නිකමටවත් කතා කරන්නෙ නැහැ රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගැන. ඒ වෙනුවට ඔවුන් කතා කරන්නෙ මහා මැතිවරණයක් දිනා ගැනීම ගැන. දහනවවැනි සංශෝධනය අනුව 2020 පෙබරවාරි වෙනකම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. එයට කලින් ජනාධිපතිවරණය තියන්න වෙනවා. එයට කලින් මැතිවරණයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ඒ සඳහා තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වෙනවා. රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකට අවශ්‍ය වන්නේ සරල බහුතරයක් පමණයි. සරල බහුතරයක් ගන්න බැරි නම් තුනෙන් දෙකක් ගන්නෙ කොහොමද කියලා මා අහන්නෙ නැහැ. රනිල් ඉන්නකම් කරු ජයසූරිය ඔහුට විරුද්ධව යන්නෙත් නැහැ. රනිල් ඉවත් කරන්න පොදුජන පෙරමුණ නිල වශයෙන් සහාය දෙන්නෙත් නැහැ. ඔවුන් නව ඇමති මණ්ඩලයක තනතුරු භාර ගන්නෙ නැහැ. මෛත්‍රිපාල කියන්නෙ ඒ තනතුරු භාර නොගන්නෙ වැඩි කලක් නොගෙස් විශ්වාසභංගයක් ගේන්න කියලා. රාජපක්‍ෂලා කියන්නෙ ආණ්ඩුවට එකතු වුණොත් පළාත්සභා ඡන්දෙ දි අවාසියක් වෙයි කියලා. මෛත්‍රිපාලට රාජපක්‍ෂලා විශ්වාස නැහැ. රාජපක්‍ෂලාට මෛත්‍රිපාල විශ්වාස නැහැ. රනිල් ඉවත් කිරීමට පක්‍ෂව කටයුතු කරන අය දෙපැත්තෙ ම ඉන්නවා. සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, හා ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු ඒ අතර ඉන්නවා. මා ඔවුන්ගේ නම් කියන්න කැමති නැහැ. ඒ ඔවුන්ට හිරිහැරයක් වීමට ඉඩ තියෙන නිසා. අද දහනවවැනි සංශෝධනය කටු අකුළක් වෙලා. දහනවවැනි සංශෝධනයට සංධානෙ මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නෙ මහින්දගෙ ඕනෑකමට බව පවිත්‍රා කියා තියෙනවා. අන්තො ජටා බහි ජටා!

අද 2020 ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ද බැසිල් ද පවිත්‍රා ද ආදී කතා තේරුමක් නැහැ. අද අවශ්‍ය රනිල් ඉවත් කිරීමයි. මෛත්‍රිපාලට රනිල් අවශ්‍ය යැයි කියන්නේ මුහුණු පොතේ දේශපාලනය කරන හුදකලා දාර්ශනිකයන් පමණයි. අද ඇතැම් රාජපක්‍ෂලාට රනිල් අවශ්‍ය බව මා දන්නවා. මා මෙසේ කියන්නේ හුදකලාව නො වෙයි. අද මෛත්‍රිපාල මහින්ද (බැසිල්) එකතු කිරීමට ඇතැමුන් වැඩ කරනවා. බාධකය මෛත්‍රිපාල නො වෙයි.

පළාත් සභා මැතිවරණ තරග කරන්නේ කෙසේ ද ආදිය රනිල් ඉවත් කිරීම සමග සංසන්දනය කරන විට වැදගත් නැහැ. අද තිබෙන තත්වය අනුව පළාත් සභාවලත් 50%ක ඡන්දයක් ලබා ගැනීමට කිසිවකුටවත් බැහැ. රනිල් ඉවත් කළහොත් මැතිවරණ ප්‍රතිඵල වෙනස් වේවි. අද පළාත් පාලන ආයතන එකසිය ගණනක සභාපති තේරීම ප්‍රශ්නයක් වෙලා. මෛත්‍රිපාල දිනා ගන්නා 13%ක ඡන්දය මේ හැම තැනක ම වැදගත් වෙනවා. මහින්දටත් මෛත්‍රිපාලටත් ලැබෙන ඡන්දවලින් බහුතරයක් යම් ජාතිකත්වයක් ඇති සිංහල ඡන්ද.

අද උතුරේ දේශපාලන බලතුලනයත් වෙනස් වෙමින් පවතිනවා. දෙමළ ජාතික සංධානයට හිතූ තරම් ඡන්දයක් ලැබී නැහැ. ආනන්දිව ඉලංකෙයි තමිල් අරසු කච්චියෙන් අස්කරලා. සිංහලයන් සමගි වුවහොත් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑමට එංගලන්තයට හා ඉන්දියාවට බැරි වෙනවා. එහෙත් දේශපාලනඥයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් හිතන්නේ මීළඟ මැතිවරණය ගැන මිස රට ගැන නො වෙයි.
________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-27

Published on: Feb 26, 2018- 2015 අගෝස්තු 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වසර 3කට පසු පවත්වන ලද පළමු මැතිවරණය වූයේ පළාත් පාලන මැතිවරණයයි. එය 2018 පෙබරවාරි 10 දින පවත්වන ලදී.

එහි ප්‍රතිඵල අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද                    4,941,952        එනම්           44.65%

එක්සත් ජාතික පක්ෂය ඡන්ද                                      3,612,259        එනම්           32.63%

එක්සත් ජනතා නිදහස් සන්ධානය                            989,821           එනම්              8.94%

ජනතා විමුක්ති පෙරමුණ                                             693,875            එනම්              6.27%

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                                             491,835             එනම්              4.44%

ඉලංකෙයි තමිල් අරසු කච්චි                                       339,675             එනම්              3.07%

ක්ද ලබා ඇත.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවත් මෛත්‍රී-රනිල්-සම්බන්ධන්-අනුර-හකීම් ඒකාබද්ධය විසින් 50% ආසන්න හෝ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවත් පෙනී යයි. ඒ අනුව සැබෑ ජනවරම ඇත්තේ පොහොට්ටුවටද යන්න මේ දක්වා කිව නොහැකිය.

තර්ක සහ අනුමිතීන් සාධක සහ සාක්ෂි මත තීරණය කරන හෙයින් 1988 පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීම ද පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධ ලිපියක් ලිවීමේදී වැදගත් වෙයි.

එකී ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%ක්ද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔසී අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵලය

  1. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43%
  2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 2289860 එනම් 44.95%
  3. ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔස්වින් අබේගුණසේකර මහතා ඡන්ද 235719 එනම් 4.63ක් ලබා ගන්නා ලදී.

1988 ජනාධිපතිවරණයේදී 2වැනි මනාපය ගැනීමට සිදුවනු ඇතැයි බොහොදෙනෙකු විශ්වාසය තබා තිබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 2569199 එනම් 50.43% ලබා ගෙන තිබූ හෙයින් එය අවශ්‍ය නොවූයේ සියයට දශම 43ක් වැඩි වීමෙනි.

2010 සිට ජනාධිපතිවරණයට හංසයා මතුවීම

වර්ෂ 2009 මැයි මස 19 වැනි දින බෙදුම්වාදී සන්නද්ධ අරගලය නන්දුකඩාල් කළපුවේදී යුධමය වශයෙන් අවසන් කිරීමත් සමග 2010 පැවති ජනාධිපතිවරණයේ සිට හංසයා ලකුණ යටතේ පොදු අපේක්ෂක භූමිකාවක් ඉදිරිපත් වන්නට විය. ජනාධිපතිවරණය පමණක් ඉලක්කකර ගනිමින් හංසයා පක්ෂය ගොඩනැගුණ බව පෙනෙන්නට තිබුණ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ සදහා හංසයා ලකුණින් පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබීය. 2010 ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට ජයගත නොහැකි වුවත්, 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

එකී 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජනාධිපති වීමත් සමගම එකී හංසයා සන්ධානයේ අරමුණු සහ ඉලක්ක නීතිමය සහ ජනතාමය වශයෙන් බලවත් කිරීමට එකී පොදු අපේක්ෂකයා කටයුතු කළේය. එයට නිවැරදිම නිදසුන වන්නේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ආසන්න දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමකින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නෛතික බලය අතැතිව මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් රොත්තන් මන්ත්‍රීවරුකර ගැනීමය.

ඉන් නොනැවතුන ජයග්‍රාහී හංසයා පොදු අපේක්ෂකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව අර්ථ දක්වා ඇති 46.5 ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොව කථානායකවරයා මගින් අර්ථනිරෑපණය කරගනිමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගෙන අති විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය.

එවන් වාතාවරණයක් යටතේ පැවති 2018 පළාත් පාලන මැතිවරණයේදී අති බහුතර ජනතාවක් එනම් 44.65% ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනම් පොහොට්ටුවට ඡන්දය ලබා දී මේ නිර්මාණය කරගෙන සිටින අති විශාල ඇමති මණ්ඩලයකින් යුත් ඊනියා ජාතික ආණ්ඩුවට සිය ජනතා විරෝධය ප්‍රකාශය කරන ලදී. එසේ වුවත් එකී පොහොට්ටු නායකයන් එකී ජනවරමෙන් ලැබූ පිම්බීම වරදවා වටහා ගෙන අගමැතිවරයාට ඉවත්වන ලෙසත්, නව පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කරන්නට විය. මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීම ගැන අප අසා ඇතත් පළාත් පාලන මැතිවරණ පරාජයකින් පසු අගමැතිවරයා ඉවත් වීමක් ලංකාව වැනි රටකින් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බව එකී පොහොට්ටු නායකයන් දැන නො සිටින්නට ඇත.

2020 ජනාධිපතිවරණය සදහා තුන්වන අපේක්ෂකයෙක් බෞතීස්ම කර ගැනීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1ට පටහැනිව යමින් ජනසම්මතයට පටහැනිව 30 වැඩියෙන් පවත්වාගෙන යන ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවූ පොහොට්ටු නායකයන් ගලෙන් පට්ටයක් ගැනීම වැනි අගමැතිවරයා වෙනස් කර ගැනීමේ දේශපාලන උපායමාර්ගයක් වෙත යොමු විය. කරගත හැකිව තිබූ ජනාතා සුභවාදී පියවරයන් ගන්නවා වෙනුවට කරගත නොහැකි දේශපාලන උපායමාර්ග තෝරා ගත්තේ ය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමග ඊනියා ජාතික ආණ්ඩුව තීරණාත්මක ලෙස පසු බැස තිබීමත් සමග අගමැති ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්නට යන බව පොහොට්ටු නායකත්වය විසින් සමාජගත කරන්නට වූ අතර ඒ සදහා ඊනියා ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු මනා සහායක් දුන්නේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරමින් ජනවරම නොතකා සිටි පොහොට්ටුවට ඡන්දය දුන් අපේක්ෂකයන්ගේ ජනවරම නැවත වරක් නොතකා සිටියේ ආකාරයෙනි.

මේ ආකාරයට දිගින් දිගටම හංසයා ජනාධිපති අපේක්ෂකයන් කටයුතු කරන්නේ ඇයිද? යන්න විමසා බැලීමේදී තවත් මාස 18කින් පමණ පැවැත්වීමට ඇති 2020 ජනාධිපතිවරණය පිළිබද විමසිය යුතුය. එහිදී ඉදිරිපත්වන හංසයා පොදු අපේක්ෂකයා ජය ගැනීමට නම් පොහොට්ටුවට ලැබෙන්නට ඇති දකුණේ ඡන්ද කඩා ගැනීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයට සිදු වේ. ඒ සදහා හොදම අවස්ථාව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු අගමැති ධුරය සදහා නම් කරන ලංසු තැබීමයි.

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමග අගමැති ධුරය හිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් නිදහස් සන්ධානයේ ඊනියා ජාතික ආණ්ඩු ඇමතිවරු අතර මේ සිදුකරන ක්‍රීඩාව අවසන් වන්නේ 2020 දී තුන් කොන් ජනාධිපතිවරණ සටනක් අවුලුවා දකුණේ ඡන්ද බෙදීමට සළස්වා අවසානයේ 2වන මනාපය ගැනීමෙන් හංසයා ජනාධිපති අපේක්ෂකයා ජයගැන්වීමෙනි.

2020 ජනාධිපතිවරණයේ තුන්කොන් ජනාධිපතිවරණ සටනක දී කිසිත් අපේක්ෂකයෙක් 50%වඩා ඡන්ද ලබා නොගන්නා බව වටහා ගැනීම අසිරු නොවේ.

පළාත් පාලන ජනවරමෙන් අගමැතිවරයා වෙනස් කිරීමේ වැරදි පීල්ලට ඒකාබද්ධ විපක්ෂය සීරුමාරු වීමෙන් 2020 ජනාධිපතිවරණයේ දී 2වන මනාපයට පාර කපාගත් යහපාලන සංහිදියා ඊනියා ජාතික ආණ්ඩුව අද දවසේත් රටේ දේශපාලන ගමන් මග තීරණය කිරීමට සමත් වී ඇති බව පෙනේ. එය ඔවුන්ගේ දක්ෂතාවය නොව ඒකාබද්ධ විපක්ෂයේ නො හැකියාවයි.

නියමිත ඇස්තමේන්තුවට වඩා විශාල මුදලක් වැයකරමින් රටේ ජනතාව තව දුරටත් හිඟමනට ඇද දමමින් අතරමැදියන්ගේ සාක්කු පිරවීම සඳහා මාස ගණනාවක් තිස්සේ කළ උපයාන් සාර්ථක කර ගනිමින්, මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති රුසියානු නැව මිළදී ගැනීමේ අවසන් වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වේ.

එහි තීරණාත්මක සාකච්ඡාවක් මීට දින කිහිපයකට පෙර සිංගප්පුරුවේදී පැවැත් වූ අතර, ඒ සඳහා අදාළ නැව මිළදී ගැනීම සම්බන්ධයෙන් පෙර නොවූ විරු උනන්දුවකින් කටයුතු කරන දේශීය අතරමැදියා ඇතුළු පිරිසක් මෙරටින් සහභාගී වූහ. රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ නියෝජිතයින් පිරිසක් රුසියානුවන්ගේ පාර්ශවය නියෝජනය කළෝය.

වත්මන් අගමැතිවරයාට පහර පිට පහර ගසමින් ඔහු එම තනතුරින් පන්නා දැමීම සඳහා එක්තරා මාධ්‍යය සංවිධානයක් මේ වන විට දැඩි උත්සහක් ගනිමින් ඇත්තේ, වීරයින් මෙන් රටේ වංචා දූෂණ හෙළිදරව් කරන බව පුරසාරම් දොඩවමිනි. නමුත් සැබෑ කාරණය වන්නේ මෙම රුසියානු නැව මිළදී ගැනීමේ දේශීය අතරමැදියා ලෙස කටයුතු කරනු ලබන්නේ අදාළ දේශීය මාධ්‍යය ආයතනය කළමනාකරණය කරන සමාගමේ අයවලුන්ය. එය හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් හා සමාන කාරණයකි.

කෙසේ වෙතත් අදාළ නැව මිලදී ගැනීම තීරණාත්මක අවස්ථාවට පැමිණ ඇති අතර, දෙපාර්ශවය අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු නෞකාව සෙලෙනෝඩොස්ක් ශිප්බිල්ඩින් ප්ලාන්ට් හී ඉදි කරනු ඇත.

එහි ප්‍රධානියා වන මිස්ටඛෝව්ගේ අදහසට අනුව, මුළදී එකඟ වූ ආකාරයෙන් ඉදිකිරීම් නොවන බවත් නව ගිවිසුම අනුව යමින් එනම් එහි ප්‍රධාන ආරක්‍ෂක උපාංගවල විශාල වෙනස් කම් සිදුවීමට ඇති බවත්ය. ඒ අනුව Gepard5.1 නෞකාවට ඇතුළත් මිසිල පද්ධතිය වෙනුවට කාලතුවක්කු සවි කිරීමට නියමිත අතර හෙලිකොප්ටර් නවතා දැමීමට හැකි වේනම කුඩා කොටසක් ඇතුළත් වනු ඇත.

කෙසේ වෙතත්, අදාළ නෞකාව මිලදී ගැනීමට වැය කරන මුළුමුදල එලෙසම පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් අන්ත දූෂිත සහ වංචාකාර අතරමැදියන් ලබා ගනු ඇතැයි සඳහන් වේ. මේ ආකාරයේම වංචාවක් ඉන්දියාවෙන් මිළදී ගත් නෞකා වලින්ද සිදු වූ බව විශ්වාසදායක ආරංචිමාර්ග සැක පළ කරති.

slguardian

Top