Published on: Feb 25- මෙය යථාර්තවාදීව තේරුම්ගත යුතු කාරණයකි. මහින්ද කඳවුර විසින් තාමත් 2019 සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු තෝරා පත් කරගෙන නැත. එසේ තෝරා ගන්නේ නම් එය සිදු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද බලවේගයේ ජාතික සම්මේලනයක දී ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් තෝරා පත්කර ගන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා නිසා ය. තවත් ක්‍රමයක් නම්, පසුගිය හංසයා පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා තෝරාගත් ක්‍රමයයි. එසේ සිදු වන්නේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවන දෙයකි.

මේ කුමන තත්වයක් යටතේ හෝ ජනපතිවරණ අපේක්‍ෂකයෙකු තෝරා ගැනීම සඳහා මේ වන තෙක් බලවේගය තුළ හෝ පක්ෂය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැත. එම පසුබිමෙහි ඇතැම් සුළු පක්‍ෂ නායකයින් විසින් තම අභිමත අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ක්‍රියා කර තිබීම අවාසනාවන්ත කාරණයකි. එය අවාසනාවන්ත වන්නේ, මෙම අපරිණත ප්‍රකාශ මහින්ද කඳවුර බෙදා වෙන් කිරීම සඳහා ප්‍රතිවාදීන් විසින් කළ සැලසුමකට හිතා මතා හෝ නොදැන හසු වී තිබෙන හෙයිනි.

අපගේ අනභිබවනීය නායක මහින්ද රාජපක්‍ෂ මහතාට මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි පසුබිමක, ඉතිරි වන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ය. එම දෙපලගෙන් අප අපේක්‍ෂකයා කවුදැයි වේලාසන ප්‍රකාශ ඉදිරිපත් කිරීම දේශපාලනික ව මෙන්ම මූලෝපායිකව ද සුදුසු නැත. එහෙත්, පළාත් පාලන මැතිවරණයට පසු දින ඒකාබද්ධ විපක්‍ෂයට අයත් එක්තරා සුළු පක්‍ෂයක නායකයෙකු විසින් ප්‍රකාශ කළේ තම අපේක්‍ෂකයා ගෝඨාභය බව ය. ඔහු එම ප්‍රකාශය ෆේස්බුක් තුළ මුදල් ගෙවා ප්‍රචාරයට ද කටයුතු කර තිබෙනු දුටුවෙමි. දැන් තවත් පක්‍ෂ නායකයෙකු එය ප්‍රසිද්ධ පුවත්පතක් හරහා සිදු කොට තිබේ. මේ හදිසිය කා සඳහා ද?

අවම වශයෙන් මේ පිළිබඳ බලවේගය නියෝජනය කරන නායකයින් අතර අභ්‍යන්තර සංවාදයක් හෝ පවත්වා නැත. අප බලවේගයේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්‍ෂ බවට කිසිවෙකුට කිසිදු සැකයක් නැත. එම නායකයා පවා මේ පිළිබඳ මාධ්‍ය තුළ හෝ ඉන් පිටත අදහස් දක්වා ද නැත. ඔහු සිතනු ඇත්තේ එය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක් මිස මාධ්‍ය අවකාශවල සිදුකරන වීර ප්‍රකාශ තුළින් සිදු නොවන බව ය.

ඉහත තත්වය තව තවත් ගැටළුකාරී කරන කාරණයට මම එමි. එනම්, මහින්ද බලවේගය දේශපාලන මූලෝපායන් ඔස්සේ සංවිධානය කරනු ලබන්නේ හා මෙහෙයවන්නේ, බැසිල් රාජපක්‍ෂ මහතා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් එය ඉතා කෙටි කාලයක් තුළ ජයග්‍රහණය කරා මෙහෙය වූ ඔහු බලවේගය තුළ විශාල මතවාදී හා මූලෝපායික තීන්දු පිළිබඳ බලපෑම්කාරී චරිතයකි. යට කී පිරිස් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපේක්‍ෂකා ලෙස නම් කරන විට බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් මේ පිළිබඳ විමසා සිටීමේ යුතු කමක් මතු නොව වගකීමක් ද තිබුණි. ඔහු කජු ඇට කොස් ඇට ද? ඍජු හා විනිවිද පෙනෙන හා ප්‍රායෝගික තීන්දු ගන්නා බැසිල් රාජපක්‍ෂ නොසලකා හැර මෙවන් ප්‍රකාශ රටට කළේ ඔහු කලකිරීමට, අසීරුවට හෝ කුපිත කිරීමට ලක් කොට බලවේගය තුළ ගැටුම් නිර්මාණය කිරීමේ අදහසින් ද? මේ අතර, පසුගිය දා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ම පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණේ, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතා ඊට අනුමැතිය දිය යුතු බව ය. එය ඥානවන්ත ප්‍රකාශයකි. මන්ද උත්තරීතර නායක මහින්ද රාජපක්‍ෂ හා දේශපාලන නායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් මෙම බලවේගය විශාල පරිශ්‍රමයක් දරමින් සංවිධානය කර තිබෙන පසුබිමක, ගෝඨාභය මහතාට හෝ හිතුවක්කාරී ලෙස අපේක්‍ෂකයා තමා ලෙස ප්‍රකාශ කළ නොහැකි ය.

ඇත්ත වශයෙන් ම මෙම අපේක්‍ෂක හඳුන්වාදීම් දාමයේ අරමුණ වන්නේ බලවේගයේ සංවිධායක මෙන් ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ඝර්ෂණයක් (friction) ඇති කිරීම සඳහා ය. අපි මෙම තත්වය කලක සිට හඳුනාගෙන ඇති කරුණකි. එවැනි සැලසුම් මීට කලින් ද තිබී ව්‍යර්ථ කර දැමුණි. මේ අතර, අපගේ පසුගිය සමයේ අතැම් ප්‍රතිචාර අහඹු හා හුදකලා ඒවා නොව, ගැඹුරු සැලසුමක තතු දැන කළ සවිඥානික ඒවා බව බැරැරුම් ලෙස සිතන ඔබට ඉඟි කරමි. ඒ අනුව, මෙම තත්වය උදා කරනු ලබන්නේ ගෝඨාභයට ආදරයෙන් ගෝ රටට ආදරයෙන් නොවන බව කියමි. එසේ වූයේ නම් කරන්නේ සියළු දෙනාගේ අනුමැතිය හා එකඟතාව සහිතව ගැටුම් ඇති නොවන ලෙස මෙය සිදු කිරීම ය. අමතර වශයෙන් කිය යුත්තේ රාජපක්‍ෂ පවුල තුළ ගැටුම් ඇතිකර, ඔවුන් බෙදා පරාජය කොට අවසානයේ රාජපක්‍ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමේ සැලසුම කිසිදා සාර්ථක කර ගැනීමට අප ඉඩ නොතබව බව ය. තව ද රාජපක්‍ෂවරුන්ගේ සහෝදර බැඳීම අපට සිතීමට වුව නොහැකි තරමට ගැඹුරු බව ද කියමි.

මේ අතර, ජනපතිවරණයට තව වසර එක හමාරකට වඩා තිබේ. ඒ අතර තුර බොහෝ දේ වෙනස් විය ද හැක. මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉල්ලීමට අවස්ථාවක් එන්නට ද පිළිවන. එවිට කිසිදු ගැටළුවක් නැත. තව ද රටේ තත්වය ද නොසිතූ ලෙස වෙනස් විය හැකි ය. එම වෙනස් වූ මොහොත විසින් ඉල්ලා සිටින අපේක්‍ෂකයා අපට දැන් ම ම කිව නොහැකි බව ප්‍රායෝගික යථාර්තයකි.

2019 ජනපතිවරණය සඳහා ගෝඨා හෝ බැසිල් යන දෙදෙනාගෙන් කවුරුන් පැමිණිය ද එම බලවේගය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ බලවේගයක් විය යුතු බව අපගේ තිර විස්වාසයයි. මන්ද, එම සටනේ ජයග්‍රහණය පවතින්නේ මහින්ද නිසා මිස, බැසිල් හෝ ගෝඨා නිසා නොවේ. ලක්දිව ජනහදවත් තුළ ඇට මස් ලේ නහරවලට කිඳා බැස ඇති නායකයා මහින්ද ය. එය අනුල්ලංඝණීය වේ. ජනපතිවරණය බැසිල් හෝ ගෝඨා ආව ද ඒ එන්නේ මහින්දගේ නියෝජිතයා ලෙස මිස, බැසිල් හෝ ගෝඨා ලෙස නොවේ. එවැනි තත්වයක, ඉදිරි ජනපතිවරණ අපේක්‍ෂකයා ලෙස එන්නේ බැසිල් ද ගෝඨා ද යන්න එම පවුල තුළ ද අනිවාර්යෙන් සාකච්ඡා විය යුත්තකි. එය සියළු දෙනාගේ සහාය නොවඩුව ලබා ගැනීමට මහගු පිටුවහළකි. මන්ද මහින්ද, බැසිල් හා ගෝඨා යනු එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙන චරිත තුනක් නිසා ය. මොවුන්ගේ ශක්තිය පවතින්නේ ද ඔවුන්ගේ මේ අවියෝජනීය බැඳීම තුළ ය. එම තත්වය උදාවනු තුරු පොදු පුරවැසියා නොව, බලවේගයේ නියෝජිතයින් තම පුද්ගලික නොමනාපකම්/නොරිස්සුම් හෝ කූට සැලසුම් මත මීට ‘හොට නොදා’ සිටීම රටට සැපකි.

මහින්ද පතිරණ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

Facebook මගින් උපුටා ගැනිමකි…

Lankanewsweb.today වෙබ් අඩවිය 2017 ජුනී මාසයේදී තවත් වරක් ලංකාව තුල හදිසියේම තහනම් කිරිම පසුපස කොන්ද පන නැති සිරිසේන ජනාධිපතිවරයාගේ ගේදර පිලිකන්නේ ඉදුල් බුදින හිටපු ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ සිටින බව අප සාක්ෂී සහිතව අනාවරණය කල අතර  මේ වනවිට නිමල් බත්බැලයා ඔහු දැරු සියලුම තනතුරුවලින් ජනාධිපතිවරය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එලවා දමා තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් ධූරයේ කටයුතු කළ නිමල් බෝපගේ බත්බැලයා ජනවාරි 15 වැනි දින සිට එම ධූරයෙන් ඉවත් කර ඇති අතර එම පුරප්පාඩුව සඳහා නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා පත්කර තිබේ.

මිට අමතරව නිමල් බෝපගේ බත්බැලයා භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙසද කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු ඉවත් කර තිබේ.

නිමල් බෝපගේ බත්බැලයා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කල අතර එම තනතුර දරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙටෙවිමට කටයුතු කිරිම හේතුවෙන් පසුව ජනාධිපති මාධ්‍ය එකකයට අනුයුක්ත කල අතර ජනාධිපති මාධ්‍ය එකකය තුල පඩියෙකු ලෙස කටයුතු කරමින් එහි කටයුතු අවුල් කිරිමට කටයුතු කිරිම නිසා එම තනතුරද අහිමිකර ගත් අමනයෙකි.

නිමල් බෝපගේ බත්බැලයා ගැන අප කල අනාවරණයන් කියවන්න 

http://198.211.112.164/archives/15933

http://198.211.112.164/archives/16837

 

 

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට රටේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලයක් තිබේද යන්න අද රට තුළ අර්බුදයක් බවට පත්ව ඇති ප‍්‍රශ්නයක් වී ඇත. නීතිඥවරුන් ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙක් මේ කාරණය පිළිබඳව විවිධ මත හා අදහස් පළ කර ඇතත් මේ දක්වාම පැහැදිලි ලෙසින් එබඳු බලයක් පවතින බව නිශ්චිතව පෙන්වා දී නැත. 19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධිත වගන්ති අනුව මෙම ව්‍යාකූලත්වය පැන නැගී ඇති බවත් විධායක ජනාධිපති බලතල එමගින් අඩු වීමත් මෙම තත්ත්වය උදා වීමට හේතු වී තිබේ.

අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් කිරීම ප‍්‍රශ්නයක් හැටියට ඉස්මතු වූයේ පළාත් පාලන මැතිවරණයේ දී එ.ජා. පක්ෂයට අත්වුන විශාල පරාජය නිසාය. බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එ.ජා. පක්ෂ නායකත්වය සහ ඇතැම් පාක්ෂිකයන් කටයුතු කළ ආකාරය ජනතා අප‍්‍රසාදයට සහ සැකයට භාජනය වී පැවති බවය. වංචනිකයින් හෙළිදරව් කර ගැනීමට වඩා ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත් බවටත් වංචනිකයන්ට එරෙහිව රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වීමට බාධා කළ බවටත් ඔවුනට චෝදනා එල්ල වී තිබුණි. අවසානයේදී ජනාධිපති වරයාගේ මැදිහත්වීමෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් නොකරන්නට සිද්ධිය මුළුමනින්ම යට ගැසීමට විවිධ ප‍්‍රයෝගකාරී උපක‍්‍රම යොදා තිබුණ බවත් සමාජයේ පිළිගැනීම වී තිබුණි. ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ තොරතුරු අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එ.ජා.ප. නායකයාද වන අගමැතිවරයා බරපතල වගකීමකට බැඳෙන බව ඉතා හොඳින් ජනතාව අවබෝධ කරගෙන සිටියහ.

අගමැතිවරයා පිට පැවරෙන සදාචාරාත්මක වගකීම

ශ‍්‍රී ලංකාවේ පුරවැසි බවක් නොමැති සිංගප්පූරු පුරවැසියෙකු, ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හා වෙනත් බොහෝ දෙනෙකුගේ විරෝධතා පවා නොතකමින්, මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය.

බැංකු අධිපතිගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා මහ බැංකු බැඳුම්කර ගණුදෙනු සඳහා ලියාපදිංචි වූ සමාගම් කීපය අතරින් එකක් වූ පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අයිතිකරු වීම නිසා නිසැකයෙන්ම උද්ගත විය හැකිව තිබුණ ‘‘බැඳියා පිළිගැටුම’’ පිළිබඳව දැන දැනත් ඒ ගැන නිසි ආරක්ෂක පියවර නොගැනීම.

මහ බැංකුවේ පවතින සම්ප‍්‍රදායයන්, නීති රෙගුලාසි සහ පරිචයන් පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව නව ක‍්‍රමවේද මගින් බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකු විෂයභාර ඇමති වශයෙන් අගමැතිවරයා බලකර ඉල්ලා සිටීම සහ එම හේතුව මෙම වංචාව මේ ආකාරයෙන් සිදු වීමට සෘජුව බලපෑම.

පළමු වරට වරද හෙළිදරව් වීමෙන් පසුව, අගමැති වරයා පාර්ලිමේන්තු ප‍්‍රකාශයක් මගින් බැංකු අධිපති වරදක් කර නොමැති බවට සහතික වීම සහ එනිසාම යළිත් වරක් ඊටත් වඩා බරපතල වංචාවක් කිරීමට ඉඩ ලැබීම.

සුදුසු හා පරිමිත පුද්ගලයන් ලවා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට විෂය පිළිබඳ නිපුණතාවක් තබා මනා දැනුමක්වත් නොමැති එ.ජා.ප. නීතිඥයින් 3 දෙනෙකුගේ කොමිටියක් පත් කිරීම. එම කාරණය එසේ නොකළ යුතුව තිබුණු බව ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් සිය වාර්තාවේද දක්වා ඇත.

එම ත‍්‍රිපුද්ගල කොමිටි වාර්තාව අනුව කිසිම සාධනීය පියවරක් ගැනීමට අගමැතිවරයා කටයුතු නොකිරීම හා අපොහොසත් වීම.

පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ අවස්ථාවේදී එහි සාමාජිකයින් වශයෙන් නම් කරන ලද එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නගත ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ නායකයා, රටේ අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කිසි පියවරක් නොගෙන සිටීම.

පළමුවන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තිබියදී එය කළ නොහැකිවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් දීම, එමගින් ඉන් පසුව පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී නිසැකයෙන්ම තම පක්ෂයට අත්වීමට ගිය අපවාදය මග හැරීමට උපක‍්‍රමශීලීව කටයුතු කරමින් සිදු වූ වංචාව හෙළිදරව් කර ගැනීමට උනන්දුවක් නොදැක්වීම.

දෙවන කෝප් කාරක සභාව අතරතුරදී එහි සාමාජිකයන් වූ ඇතැම් එ.ජා.ප. මන්ත‍්‍රීන්ගේ බාධාකාරී සහ කලහකාරී ක‍්‍රියා පිළිවෙත හමුවේ පක්ෂ නායක වශයෙන් නිහඬතාවය රැුකීම සහ එම ක‍්‍රියා වැලැක්වීමට කිසිම පියවරක් නොගැනීම.

දෙවන කෝප් වාර්තා විභාගයේදී පවා එවකට ඔප්පු වී තිබූ වංචනික තත්ත්වය නොතකමින් බැංකු අධිපති යළිත් වරක් එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම.

අවසානයේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම ඉවත දැමීමෙන් පසුව, අර්ජුන මහේන්ද්‍රන් අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේත් මුදල් අමාත්‍යංශයේත් විවිධ නිල කටයුතු සඳහා යොදවා ගැනීම.

ත‍්‍රිපුද්ගල කොමිටියක්, කෝප් පරික්ෂන දෙකක් සහ විගණකාධිපති විසින් මහ බැංකුවේ සිදුකළ විගණන පරික්ෂණයක් සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට කරන ලද මහජන පැමිණිලි කීපයක් පවතිද්දී දිගින් දිගටම අර්ජුන මහේන්ද්‍රන් බැංකු අධිපති හැටියට රාජකාරි කටයුතු වල යොදා ගැනීමෙන්, අතිශයින් හිතුවක්කාරී රාජ්‍ය පිළිවෙත් විරෝධී ලෙසින් සහ එල්ල වී පැවති මහජන හා සමාජ විරෝධය නොතකා කටයුතු කර තිබීම.

තමා විසින් ඒක​පාක්ෂික ලෙසින් බැංකු අධිපති තනතුර සඳහා පත්කර ගත් පුද්ගලයාට එරෙහිව බරපතල තීරණ කොමිෂන් සභාව විසින් ගැනීමට නියමිත බව දැන දැනම ඔහුට රටින් පැන යාමට පැවති ඉඩකඩ අවුරා දැමීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකර සිටීම.

දැනටත් අධිකරණය ඉදිරිපත් වන ලෙසට කර ඇති නිවේදන හමුවේ අර්ජුන මහේන්ද්‍රන් වසන් වී සිටීම සම්න්ධයෙන්, මහ බැංකුවේ අධිපති ලෙස පත්කළ පුද්ගලයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මහතා නිහඬව බලා සිටීම.

මෙබඳු කරුණු කාරණා ගණනාවක් සඳහා අගමැති හා විෂය භාර ඇමති හැටියට සදාචාර සම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, රාජ්‍ය සම්ප‍්‍රදායට අනුකූල පියවරක් වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම රටේ බහුතරයක් අපේක්ෂා කළහ. එවැනි පියවරක් ඔහු නොගත් නිසා පළාත් පාලන ඡුන්දයේදී සිය විරෝධතාවය පල කිරීමක් වශනේ එ.ජා. පයට අන්ත පරාජයක් අත්වෙන ආකාරයට ප‍්‍රතිඵලයක් ලබා දුන්හ. එමගින් ඡන්ද දායකයින් අපේක්ෂා කළේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාව හමුවේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

වර්තමාන අර්බුදය හටගෙන ඇත්තේ මෙම පසුබිම තුළය. අගමැතිවරයා එම ජන මතයට දක්වන ප‍්‍රතිචාරය අතිශයින් විශ්මයජනක වූවකි. ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව තවදුරටත් තමාට අගමැති ධුරයේ රැුඳී සිටීමට ඉඩ තිබෙන බැවින් ඉල්ලා අස්වීමට හේතුවක් නැති බවය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව භාර අමාත්‍යවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පිට පැවරෙන වගකීම ගැන ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. ඔහුගේ ක‍්‍රියා කලාපයට විරෝධය පලකිරීමක් වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවක් ඡන්දය දීමෙන් වැලකී සිටි බවත්, තවත් බොහෝ දෙනෙක් එම විරෝධය පොහොට්ටුවට ඡන්දය දීමෙන් පළ කළ බවත් ව්‍යවස්ථාවක සඳහන් වන්නේ නැත. එමනිසා තමාගේ මූලිකත්වයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථාව මෙබඳු අවස්ථාවකදී තමාට එරෙහිව එල්ල වන ජනතා විරෝධයට එරෙහිව ආරක්ෂ බැම්මක් හැටියට යොදා ගැනීමට උත්සාහ දරණ බවක් පෙනී යන බැවින් එ් පිළිබඳව ජනතාව විමසුම් ලෙස සොයා බැලීම සාධාරණය.

එනිසා මෙම 19 වන සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාව ඕනෑම ජන මතයක් පිටු දැකීමට රැකවරණ සලස්වන එකක්ද යන වග විමසා බැලීමට සිදුව තිබේ.

අප රටේ අද විවාදයට භාජනය වී පවතින්නේ 2015 ආණ්ඩු පෙරලියෙන් පසුව සිදුකරන ලද 19 වන සංශෝධනයට අදාල ව්‍යවස්ථාවයි. විධායක ජනාධිපති ක‍්‍රමයක පැවති ඇතැම් අයහපත් ලක්ෂණ ඉවත් කරලීම සඳහා එම සංශෝධන ගෙන එන ලදි. එමගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලයත් වසර 5 දක්වා අඩු කිරීමත්, විධායක බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලතල සීමා කිරීමත් සිදුවී ඇත. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනත් කරුණු අතර ප‍්‍රධාන වෙනස් කිරීම සිදුකර ඇත්තේ ජනරජ ව්‍යවස්ථාවේ ඩසසස වන පරිච්ෙඡ්දයේ ‘‘විධායකය’’ යන ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩලය යනුවෙන් නම් කර තිබූ කොටස මුළුමනින්ම ඉවත්කර අළුත් පරිච්ෙඡ්දයක් ඇතුලත් කිරීමෙනි. දැනට පැන නැගී තිබෙන අර්බුදකාරී තත්ත්වයටද අදාල වන්නේ මෙම සංශෝධිත කොටස බව පෙනී යයි. එම නිසා එම අළුත් සංශෝධිත වගන්ති මගින් හඳුන්වා දී ඇති වෙනස්කම් අතර ඇති උද්ගත වී පවතින තත්ත්වයට අදාල ප‍්‍රතිපාදන කවරේද යන්න සලකා බැලීම මෙම ලිපියේ අරමුණ වන්නේය.

කලින් පැවති ව්‍යව්සථාවේ 43 (2) වගන්තිය පරිදි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද වන්නේය.

* එසේ වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේ ය.

ඉහත මුල් කොටස එසේම තවදුරටත් සංශෝධිත ව්‍යවස්ථාවේ ද පවතින අතර * ලකුණෙන් දක්වා ඇති කොටස ඉවත්කර ඇත.

අගමැතිවරයා පත් කිරීම

නව ව්‍යවස්ථාවේ 42 (2)

ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.

මේ අනුව අගමැති වශයෙන් පත් කිරීමට තෝරා ගැනීම ජනාධිපති වරයාගේ මතයට අනුව සිදු වන්නකි. එසේ තෝරා ගනු ලබන මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තිබේද යන්න නිගමනය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වේ. එහිදී බහුතරය හෝ වැඩි ඡන්දය යන්න අදාල නොවන්නේය.

2015 ජනවාරි 09 වනදා ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කළ අවස්ථවේදී ද බල පැවැත්වෙමින් තිබුණේ මෙම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනමය. ඒ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොවීය.
අදාල කාරණය වන්නේ මෙම බලතලය යටතේ ජනාධිපතිවරයාට තම මතය පරිදි ඕනෑම මන්ත‍්‍රීවරයෙක් අගමැති වශයෙන් පත්කළ නොහැකි ද යන්නයි. දැනට සිටින අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී සිය බලතල යටතේ ජනාධිපතිවරයාට වෙනත් අගමැතිවරයෙකු පත් කළ නොහැකිද? එසේ පත් කිරීමම කලින් කර තිබූ පත් කිරීම අවලංගු කිරීමක් නොවන්නේ ද?

නව 43 (3) යටතේ

‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයය හා කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය’’ යනුවෙන් දක්වා ඇත.

මේ අනුව සංයුතිය, විෂය හා කාර්යන් වෙනස් කිරීම මුළු කැබිනට් මණ්ඩලයටම අදාල වන පරිදි සිදු කළහොත් එය කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමක් හා නව කැබිනට් මණ්ඩලයක් ප‍්‍රකාශයට පත් කිරීමක් නොවන්නේ ද?

නව සංශෝධිත 46(5) අනුව ජාතික රජයක් පිහිටුවා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂයට පමණක් වීමද විශේෂයෙකි.

මෙම වගන්තිය අනුව එක් පක්ෂයක් ලබා ගන්නා වැඩිම ආසන සංඛ්‍යාවකට වඩා විශාල සංඛ්‍යාවක් අන් සියලූම පක්ෂ හෝ කණ්ඩායම් දිනා සිටියද ඔවුන්ට එකතු වී ජාතික රජයක් පිහිටුවා ගත නොහැකිය.

මේ අතර 46(2) හි අග‍්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය පිළිබඳව මෙසේ සඳහන් වේ.

(අ) ස්වකීය අත්සන යටතේ ඉල්ලා අස් වුවහොත්

හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුනහොත්

මිස

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

මේ අනුව අගමැති ධුරය පවතින්නේ කැබිනට් මණ්ඩලය පවතින තාක් පමණකි. එය අහෝසි වුවහොත් අගමැතිවරයාට සියු ධුරය දැරිය නොහැක. එසේම පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන අවස්ථාවකදී ද නැවත කැබිනට්ටුවක් පත්වන තෙක් අගමැති ධුරය අහෝසි වන්නේය.

මෙහිදී අවධානය යොමු විය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ සංශෝධනයට කලින් පැවති ව්‍යවස්ථාවේ අගමැති ධුර කාලය අහෝසි වීම පිළිබඳව සඳහන්ව ඇති ආකාරයයි.

එහි ඇතුළත්ව තිබුණේ …

47 – අග‍්‍රාමාත්‍යවරයා

අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ

ආ) ධුරයෙන් ඉල්ලා අසුවුවහොත්

ඈ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් මිස යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද, එ් තාක් කල් ස්වකීය ධුරය දරන්නේය යනුවෙනි.

එසේ වුවද 19 වන සංශෝධනයේ 46 (2) හි ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය අගමැතිවරයා සම්බන්ධයෙන් පමණක්ඉවත් කර තිබෙන අතර, ඇමතිවරු, කැබිනට් නොවන ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සම්බන්ධයෙන් පමණක් එය වලංගු වන පරිදි ඉතිරි කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසිරීම

නව 48 (1) වගන්තිය පරිදි ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’’ හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යආකාරයකින් හෝ අග‍්‍රාමාත්‍ය වරයා ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.

48 (2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කළහොත් එවිටද, ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ලය විසිරෙන්නේ ය.

මේ අනුව

48 (1) දැක්වෙන පරිදි අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම මගින්ද කැබිනට් මණ්ඩලය විසිරෙන්නේය.

ඉන්පසුව නව කැබිනට් මණ්ඩලයක්ද අග‍්‍රාමාත්‍යවරයෙක්ද ජනාධිපතිවරයාට පත් කළ හැකිය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත.

එනම්, 48(1) ඉංග‍්‍රීසි පිටපත මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පේන්නුම් කරන බවයි.

එනම් – අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වීමේ හේතු වශයෙන් එහි දැක්වෙන්නේ

1. මරණය

2. ඉල්ලා අස්වීම

3. අන්‍ය ආකාරයකින් යන කාරණා පමණකි.

ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය ඉංග‍්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. තවද මරණය යන හේතුව සිංහල ව්‍යවස්ථාවේ ඇතුළත් වී නැත. මෙය අතපසු වීමක්ද? මුද්‍රණ දෝෂයක්ද? එසේ නැත්නම් අනාගතයේදී උද්ගත වියහැකි ආකාරයේ අර්බුදයක් කල් ඇතිව දකිමින් සිතා මතා ඉතිරි කළ දෝෂයක් ද? යන්න තීරණ කිරීම විද්වතුන්ට භාර කරමු. කෙසේ වුවද පවතින සත්‍ය තත්ත්වය නම් මෙයයි. එය කිසිම විද්වතෙකුට එසේ නොවේ යැයි කිව නොහැක.

කෙසේ වුවද ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් වූ 48 වන වගන්තිය අනුව, පනතේ සිංහල භාෂා පාඨය කිසියම් ව්‍යාකූලත්වයකදී බලපැවැත්විය යුතුය.

එසේ නම් 48 (1) සිංහල වගන්තිය අනුව අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වන හේතුන් අතර සඳහන් වන ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’’ යන කොටස බල ගැන්වුවහොත් අගමැති තනතුරෙන්, කැබිනට් මණ්ලයෙන් ඉබේම අහෝසි වී යන්නේය. එය බලගැන්විය හැක්කේ සහ බලගැන්විය යුත්තේ ජනාධිපතිවරයා විසින්මය. එ් සඳහා කිසිම වෙනත් වැඩිදුර අර්ථ කථන අවශ්‍ය වන බවක්ද නොපෙනේ.

එය පැවති ව්‍යවස්ථාවේද ඉතා පැහැදිලිව සඳහන් වී තිබුණ වගන්තියක් බව ඉහතින් පෙන්වා දී ඇත. තවද අමාත්‍යවරු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද එම ප‍්‍රතිපාදන තවමත් වලංගුව පවතින නිසා අගමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේම ඇතුලත් වී ඇත. දෝෂය සිදු වී ඇත්තේ එය ඉංග‍්‍රීසියට ඇතුළත් නොවීම පමණක් ය. වලංගු පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය.

එමනිසා රටේ උද්දගත වී ඇති තත්ත්වය ජන අරගලයක් හෝ සාමය කඩවීමක් දක්වා වර්ධනය වන අර්බුදයක් බවට පත් වන්නට ඉඩ නොදී පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල කුමක් වුවත් ඊට කලින් මහ බැංකු බැඳුම්කර සිද්දිය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කළ වගවීම වගකීම හා සම්ප‍්‍රදාය හා ආචාර ධර්මවලට අනුව සිදුවිය යුතුව තිබුණ දෙයක් වූයේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එම නිසා අගමැතිවරයා ඉවත් කරන තෙක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වී සිය පක්ෂයේ වෙනත් කෙනෙකුට එම තනතුරට පත්වීමට අවස්ථාව සලසා දීම අවස්ථාවෝචිත ක‍්‍රියාවක් වනු ඇත.

~~රුසිරිපාල තෙන්නකෝන්~~

Published on: Feb 24, 2018 – පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට නොහැකිනම්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රිලනිප මෛත්‍රී පිළ සුදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට රටේ ජනතාවගේ පවතින විරෝධය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තහවුරු වූ බවත් සභාවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වුවහොත් පවතින ජනතා විරෝධය තවදුරටත් තීව්‍ර වනු ඇති බවත් මෙම පිරිසගේ අදහසවී ඇත්තේ.

එසේ වුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින තත්ත්වය හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වන බව ද මොවුහුන්ගෙ අදහස වි තිබේ.

එම නිසා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට නොහැකි නම්,ඒ ඒ පළාත් පාලන ආයතනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව කටයුතු කරන ලෙස ද මෙම මැති ඇමැතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

 

 Published on: Feb 24, 2018- මේ රටේ තරම් උගතුන් වෙනත් රටක නැතිව ඇති. ඔවුන් අද සතුටු වෙනවා ඇති අප කිහිප දෙනකු මෛත්‍රිපාලට රැවටුණා කියලා. ඔවුන් නොරැවටීම ගැනත් සතුටු වෙනවා ඇති. මට ප්‍රශ්නයක් තියෙනවා. ජී එල් පීරිස් රැ වැටුණු වළේ දවල් වැටුණ ද කියලා.  පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලට සහාය දෙන බව කිව්වා. ඒ රැවටීමක් ද රැවැට්ටවීමක් ද? මෛත්‍රිපාල හොඳ යහපත් අයකු යැයි මා කියන්නේ නැහැ. අනෙක් අය ගැනත් එසේ කියන්නේ නැහැ.

මා ඉතා අසාර්ථක පුද්ගලයකු බව මා පිළිගන්නවා. මගෙන් කිසිවක් ඉගෙන ගත් කිසිවකු නැහැ. අර තරුණයන් කියන්නාක් මෙන් එවැන්නකු ලොවේ තබා ලොවි ගහේවත් නැහැ. මට ගෝලයන් කියා පිරිසක් නැහැ. පිරිසක් තබා එක් අයකුවත් නැහැ. අනෙක් අය මගේ ගෝලයන් යැයි සිතන ඇතැමුන් ලියන කියන දේ ගැන මා කණගාටු වෙනවා. රනිල් ඉවත් කිරීමේ වෑයමෙන් මා පරාදයි. මෙයත් මහින්දට ඇති ජනතා ආකර්ෂණයත් ලෝකයේ ජාතිකවාදත් මහින්දගේ ජාතිකවාදයත් ඉතා විස්තරාත්මක ව සාකච්ඡා කළ යුතුයි. එය ගැඹුරෙන් කළ යුත්තක් යැයි මා කියන්නේ නැහැ. ගැඹුරෙන් සාකච්ඡා කිරීම උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ වැඩක්. ඔවුන්ට රනිල් ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඇත්තේ නැහැ. එහෙත් ඔවුන් අද ඉන්නේ උද්දාමයෙන්. මට වතුර නටන තුරු නටන කකුළුවා මතක් වෙනවා. රනිල් වතුර රත් කරනවා.

ලබන මස හත්වැනි දා පේරාදෙණියේ දී නිදහස ගැන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අතර ඉතිහාස සංගමයේ දේශනයක් ගැන ද සඳහන් වෙනවා. ඒ හෙගල් ගැන. ඒ රැස්වීම් දෙක පිළිබඳ පළවන දැන්වීම්වලට කැමැත්ත පළ කරන සංඛ්‍යාව සංසන්දනය කරන්න. උගතුන් වඩා කැමති හෙගල් ගැන කතාබහට මිස නිදහස ගැන කතා කරන්න නො වෙයි. එහෙත් මේ දෙපැත්තේ ම උගතුන් මහින්ද වටාත් එක් රොක් වෙනවා.

මා පේරාදෙණියේ රැස්වීම් රාශියකට පසුගිය අවුරුදු හතළිහක පමණ කාලයක සහභාගි වී තිබෙනවා. කලක් මාක්ස්වාදියකු ලෙස. පසුව ජාතිකවාදියකු ලෙස. ඒ දෙක අතර සංක්‍රමණීය කාලයක් තිබූ බව උගතුන්ට තේරෙන්නේ නැහැ. පේරාදෙණියේ ජාතිකවාදියකු ලෙස සහභාගි වූ රැස්වීම් සංවිධනය කෙරුණේ සුමේධ වීරවර්ධන හා චන්න ජයසුමන විසින්. චන්න ඉතා කැපවීමෙන් මේ රැස්වීම් සංවිධානය කළා. මා සමග වැඩ කළ අයගෙන් ඉතාමත් කැප වීමෙන් වැඩ කෙළේ ගෙවිඳු කුමාරතුංග හා චන්න ජයසුමනයි. අද ඔවුන් දෙදෙනා ම දේශපාලන කටයුතුවල නිරත වෙනවා.

එකල පේරාදෙණියේ මා සහභාගි වූ රැස්වීම්වලට සිසුන් අති විශාල පිරිසක් සහභාගි වුණා. කලාගාරය හා කන්නන්ගර ශාලාව පිරෙන්න සිසුන්  සිටියා. එහෙත් අද රැස්වීමකට එන්නේ ඉතා සුළු පිරිසක්. ඊයේ පෙරේදා පේරදෙණියේ දර්ශන අධ්‍යයන අංශය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට නම් තරමක පිරිසක් සහභාගි වුණා. එහෙත් ඒ අය පැමිණියේ මගේ කතාව අහන්න නොවෙයි. එය පේරාදෙණියේ පැවැත්වූ තවත් විද්වත් සම්මන්ත්‍රණයක්. මා එහි එක් කථිකයකු වූවා පමණයි. මා නැතත් ඒ පිරිස සම්මන්ත්‍රණයට සහභාගි වෙනවා.

මොරටුව සරසවියේත් තත්වය එසේමයි. එකල ශාලාව පිරෙන්න සිසුන් සිටියත් මෑතක දී එහි සිංහල සංස්කෘතික සංගමය සංවිධානය කළ රැස්වීමකට සහභාගි වූයේ සුළු පිරිසක්. මගේ කතාවලට ලිපිවලට දැන් ආකර්ෂණයක් නැහැ. පෙබරවාරි පළාත් පාලන මැතිවරණ රැස්වීම්වලට සහභගි වීමට පොහොට්ටුවෙන් ආරාධනා ලැබුණේ නැහැ. වෙනදා මට රැස්වීම්වල කතා කිරීමට ආරාධනා කරන පක්‍ෂයක්වත් මට සහභාගි වීමට කිව්වේ නැහැ. මෙය මා වයසට යෑමේ ප්‍රශ්නයක් වෙන්න බැහැ. මට රැස්වීම් තුනකට පමණක් ආරාධනා ලැබුණා. ඒත් පෞද්ගලික හිතවත්කම් මත.

මා හිතන්නේ ජනමාධ්‍යවේදීන් මේ ප්‍රවනතාව කලින් ම තේරුම් ගත්තා. මුද්‍රිත මාධ්‍ය මගේ ලිපි පළ කිරීම නැවැත්තුවා. විද්‍යුත් මාධ්‍ය මට වැඩ සටහන්වලට ආරාධනය කිරීම නැවැත්තුවා. මා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවත් එයට නිසි ප්‍රචාරයක්, එනම් තත්පර තිහක ප්‍රචාරයක්වත් ලැබුණේ නැහැ. මගේ අදහස්වල වටිනාකමක් නැති බව ඔවුන් වටහා ගන්න ඇති. මෙය නාථ දෙවියන්, බටහිර විද්‍යාව විවේචනය කිරීම,සිංහල වෙදකමට හා ගොවිකමට වැදගත්කමක් දීම  ආදිය සමග සම්බන්ධයි. එහෙත් මට තේරුම් ගන්න බැරි පුවත්පත්වල මේ ඇතැම් කරුණුවලට විශාල ඉඩකඩක් වෙන්වීම. එය හොඳ ප්‍රවණතාවක්. එහෙත් ඒ වෙනුවෙන් ලියන මගේ ලිපිවලට තැනක් නැහැ.

රනිල් ඉවත් කිරීම අද කළ යුතු ප්‍රධාන ම කාර්යය ලෙස මා තේරුම් ගත්තා. එය කළ හැකි එකම පුද්ගලයා මෛත්‍රිපාල. ඔහුට විතරයි ව්‍යවස්ථාවෙන් ඒ බලය හිමි වී ඇත්තේ. මා යොදා ගත් වචනය ඉවත් කිරීම මිස අස් කිරීම නො වෙයි. මෛත්‍රිපාලට රනිල් අස්කරන්න බැහැ. එහෙත් ඉවත් කරන්න පුළුවන්. ඒ සඳහා මෛත්‍රිපාලට ශක්තියක් අවශ්‍යයයි. ඒ ශක්තිය දිය හැක්කේ මහින්දටයි. එය  මහින්දගේ පෞද්ගලික ශක්තියක් නො වෙයි. මහින්ද මගින් නියෝජනය වන ජාතිකත්වයේ ශක්තියයි. ඒ ජාතිකත්වය ඉතා පටු ජාතිකත්වයක්. ඒ ශක්තිය ලබා දිය හැකි ව තිබුණේ මහින්ද මගින්. එහෙත් අවසාන මොහොත දක්වා ම මහින්ද ඒ ශක්තිය ලබා දුන්නේ නැහැ. අවසාන අවස්ථාවේ දී නාමික ව පෙනී හිටියත් ශක්තිය ලබා දුන්නේ නැහැ. මේ සියල්ල මා ලියනවා. මගේ ලිපි කියෙව්වත් නැතත් මා ලියනවා. මට කාලය වෙබ් අඩවිය තියෙනවා.

රනිල් හා අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේ දී ඊනියා ජාතික ආණ්ඩුව තවමත් පවතින බව කිව්වා. රනිල් පාර්ලිමේන්තු මහා ලේකම් ලවා ඇමතිවරුන් තිහකට වඩා පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව අනුමත කර ඇති යෝජනාව කියෙව්වා. ඒ යෝජනාව පිළිගැණුනු එකක්. ඒ යෝජනා සම්මුතිය අදත් වලංගුයි. රනිල් වැඩ කරන්නේ ඔහුගේ සංස්කෘතියේ. ඔහු දන්නවා පාර්ලිමේන්තුව වැඩ කරන ආකාරය. අනෙක් බොහෝ දෙනා දන්නේ නැහැ. ඔවුන් දන්නේ ගිරිය පුප්පාගෙන කෑගහන්න. තරුණයන්ගේ බසින් කිව්වෙත් මෙහි ඇත්තේ ටොයියන්ගේ හා බයියන්ගේ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව ටොයියන්ගේ. බයියන්ට වැඩ කිරීමට සිදු වී ඇත්තේ ටොයියන්ගේ පාර්ලිමේන්තුවක. මහින්දගේ පටු ජාතිකත්වය පාර්ලිමේන්තුවට යට වෙනවා. අප නුදුරු අනාගතයේ කිසි දිනෙක වෙනත් ආකාරයක පාලන තන්ත්‍රයක්  ගැන හිතන එකක්වත් නැහැ. බයියන් පරාජය උරුම කරගත් අය. බයියන් විමුක්තිය ලබන්න හදන්නේ ටොයියන්ගේ ක්‍රමවලින්.

මා ලියූ ලිපියකට පිළිතුරක් ලෙස 2015 ජනවාරි නවවැනි දා රනිල් පත් කිරීමට පෙර දි මු අස්කළ බවක් පඬියකු කියා තිබුණා. අප මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. ටොයියන්ගේ ලෝකයේ තානාපතිවරු ඉන්නේ රට වෙනුවෙන් බොරු කියන්න. ජනාධිපති ලේකම් ඉන්නේ ජනාධිපති වෙනුවෙන් බොරු කියන්න. අමාත්‍යාංශ ලේකම්ලා ඉන්නේ ඇමතිවරුන් වෙනුවෙන් බොරු කියන්න. මෙහි බොරු කියන්නේ මුසා බස් අර්ථයෙන් මිස බොරු හා පට්ටපල් බොරු අර්ථයෙන් නො වෙයි. එදින දිවුරුම් උත්සවයේ දී දි මු අස්කරන ලියවිල්ලක් අස්සන් කෙරුණේ නැහැ. අදාළ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටය ගෙන බලන්න. එය දැන් වෙනස් කරන්න බැරි නැහැ. දි මු අස්කිරීම වැනි ලියවිල්ලකට අස්සන් කළා නම් එදා විස්තර ප්‍රචාරය කළ නිවේදකයන් ඒ බවක් නොකියා සිටි ද?

________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු

2018-02-22

Published on: Feb 24, 2018- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තින්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

බොහෝදුරට ඉරිදා සිදුකිරිමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේම ඉල්ලිමක් කර තිබේන නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඉල්ලිම සම්බන්ධයෙන් කැමත්තක් දක්වා නොමැති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් විවිධ කරුණු දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් තව දුරටත් සිතා බලන ලෙසය.

“සරත් ෆොන්සේකා කියන්නේ නයා වගේ පොරක් මතකනේ 2010 … ආපහු මේ වගේ ඇමතිකමක් දුන්නෝත් අපි කාටවත් බේරිලා ඉන්න් වෙන්නේ නෑ.. ”

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙ රනිල් පිළ පෙන්වා දි ඇත්තෙ සරත් ෆොන්සේකා බලවත් කිරිම හරහ පක්ෂයේ නායකත්වයට බලපෑම් කිරිම සමත් වනු ඇති බවත් ඒ හෙතුවෙන් නීතිය සහ සාමය වැනි ප්‍රබල ඇමතිකමක් ෆොන්සේකාට ලබාදිමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

 

 Published on: Feb 23, 2018- රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව නැවතත් රතු නිවේදනයක්‌ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය විසින් යහපාලන නායකයන්ට හේත්තු ගැන්වීමට පසු ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කල බවට තොරතුරු රැගෙන ජේෂ්ඨ අතිරේඛ සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා ඇතුඵ පිරිස 20 දින යළි බුඩායි නගරයට පැමිණ ඇත.

එසේ පැමිණ ඩුබායිහි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ අබුඩාබි ඉන්ටර්පෝල් ආයතනයේ ඉහල නිලධාරීන් හමුවීමට උත්සාහ කර ඇති නමුත් කිසිදු නිලධාරියකු හමුවීමට අවස්ථාවක් ලැබී නැත. ඔහුන් පවසා ඇත්තේ පළමුව රතු නිවේදනයක්‌ නිකුත් කර ඇති බව ප්‍රංශයේ ඉන්ටර්පෝල් ප්‍රධාන කාර්යාලය හරහා අබුඩාබි ඉන්ටර්පෝල් ආයතනයට ලැබීමට සැලැස්වීය යුතු බවය. මෙතෙක් එවැනි රතු නිවේදනයක්‌ එමීර් රාජ්‍යයට ලැබී නැති බව තවදුරටත් පවසා ඇත. ඒ පිළිබඳ එමීර් රාජ්‍යයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිසි පරිදි අධාල ආයතන වලින් අවසරය ලබා ගන්නා ලෙස තානාපති කාර්යාලය අවවාද කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට තොරතුරු ඉදිරිපත් කිරීම හේත්තුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග පෙබරවාරි 04 දින ඩුබායි හිදී අඩංගුවට ගෙන පසුව ඔහුව මුදාහරින ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් පවසන්නේ ඔහුට නිකුත්කර ඇත්තේ නිල් නිවේදනයක් බවයි.

2006 දී ලංකාව යුක්රේනියාවෙන් මිලදීගත් යානා අටම යුද්ධයෙදී භාවිතා වූ අතර තවමත් ගුවන් හමුදාව සතුව පවතී. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ගිවිසුමක් නැතැයි ශ්‍රී ලංකා පොලිසිය කියන නමුත් ගිවිසුමට අදාළව ගුවන් හමුදාව නිකුත්කල “භාවිත කරන්නාගේ සහතිකය”උපයෝගී කර යුක්රේනියානු රජය ගුවන්යානා 8ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බැවින් ගිවිසුම ඒ රටෙහි භාවිතා වී ඇති බව සනාථ වී ඇත. එසේම එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ගේනාධි ස්තුදිනිකින් මහතාගේන් ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් කිසිදු කටඋත්තරයක් ලබා නොගනිමඳ රටට ප්‍රහේලිකාවකි. එදා මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුව සහ තාක්‌ෂණික ඇගයීම් කමිටුවක් තිබුණු නමුත් එම කමිටු නිලධාරීන්ගෙන් මෙම විමර්ශන කටයුතු සඳහා පොලිසිය සහයෝගය ලබා නොගැනීම දේශපාලන හේතුවක් මත විය හැක. මිග් ගනුදෙනුවට අදාළ විමර්ෂණ කටයුතු සඳහා හිටපු විදේශ ඇමතිවරයා මෙන්ම සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ, පොලිස් අධිකාරි ප්‍රියන්ත ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට මීට පෙර කිහිප වාරයක් ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් සංචාරය කර ඇත. ඊට අමතරව පසුගිය 8 වෙනිදා නිලධාරීන් හත්දෙනෙක් ඩුබායි නගරයට පැමිණි ඇත.

මෙවර ද එමීර් රාජ්‍යයේ රාජකාරි සංචාරය දින 9 කට අනුමැතිය ලැබී තිබුණු නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තවදුරටත් දේශපාලන කටයුතු වලට සහයෝගය නොදැක්වීමක් ලෙස මෙම කණ්ඩායමට රාජතාන්ත්‍රික මට්ටමින් කිසිදු හමුවීමක් සුදානම් කරනැත. ඒ හේතුවෙන් යසන්ත කෝදාගොඩ හා පී.කේ.ඩී.ප්‍රියන්ත ඇතුඵ පිරිස අද (22) දින රාත්‍රියේ ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් ලංකාවට බලා පිටත්වීය. මෙම සංචාරය වෙනුවෙන් එක පුද්ගලයකුට රජයේන් ලැබිය යුතු රුපියල් 710,000 (ඩොලර් 4500)ක දීමනාවෙන් මුළු මුදලම ලබා ගැනීමට නොහැකි වීමෙන් උරණ වූ නියෝජිතයන් තවත් දේශපාලන ගමන් නොයන බව පවසා ඇත. මෙසේ හිටපු තානාපති අල්ලන්න ඩුබායි යන උසස් නිලධාරීන් මේ කරන සෙල්ලම කුමක්දැයි කාටවුවත් තේරුම් ගත හැක.

බණ්ඩාරවෙල දී බස් රථයක බෝම්බයක් පුපුරා බස් රථයම ගිනි ගෙන 19 දෙනෙක් තුවාල ලැබුවා. එක් හමුදා භටයකු ගේ පාදයෙන් කොටසක් සැත්කමක් මගින් ඉවත් කිරීමට ද සිදුවුණා.  මේ පිළිබද ආණ්ඩුවේ පුර්ව නිගමණය වී තිබෙන්නේ යුධ හමුදා භටයෙකු ගෙන ගිය අත් බෝම්බයක් පිපිරීමෙන් මේ මහා විනාශය සිදුවුණා කියායි. මාධ්‍යවේදීන් ඉතාමත්ම නිවැරදිව ප්‍රශ්න කලා මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකියි නේද කියලා.  හමුදා මාධ්‍ය ප්‍රකාශක දුන්නේ අපූරු පිිලිතුරක්.  මේක ත්‍රස්තවාදි ක්‍රියාවක් කිව්වොත් ජනතාව බය වෙනවානෙ. හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ඒ ආකාරයෙනුයි. එහෙමනම් මෙය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි ප්‍රකාශ නොකර සිටීමට හේතුව තමයි ජනතාව ජනතාව බියවීම වැලැක්වීම.

ඇත්තෙන්ම ජනතාව බිය වෙන්නේ ඇත්ත සැඟවීමෙන් මිස ඇත්ත හෙලි කිරීමෙන් නොවේ. එදා බෝම්බ පත්තු කිරීමෙන් පසු මෙන්ම පිපිර වීමට පෙර ද බෝම්බකරුවන් අල්ලා ගැනීමට ජනතාවගෙන් විශාල සේවයක් වුණා.  මේ යුද ජයග්‍රහණය ලැබීමට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්න එපා.  බුද්ධි අංශ වල ඇස් සහ කන් බවට සමස්ත ජාතියම පත් වුණා.   සාමාන්‍ය ජනතාවට ඇත්ත    පැවසුවොත් ජනතාව වඩාත් විමසිලිමත් වේවි.  වඩාත් පරිස්සම් වේවි.  එවිට බණ්ඩාරවෙල සිද්ධිය වැනි අවාසනාවන්ත සිදුවීම් යළි නොවේවි.

හමුදා භටයෙකු පාතාලයට විකිණීම සඳහා අත් බෝම්බයක් සොරකම් කර ගෙන පැමිණි බවටත් ඔහු බස් රථයේ ඉන්ධන ටැංකිය අසළ වාඩි වී සිටිය දී බෝම්බය පුපුරා යෑමෙන් මේ අනතුර සිදු වුණු බවටත් කතාවක් ගොතා හමුදා භටයාට දඬුවම් කර මේ ප්‍රශ්නය අවසන් කිරීමට කටයුතු කරන බවට හමුදා ආරංචි මාර්ග පවසනවා.

අත්බෝම්බ ප්‍රහාර අපිට අළුත් අත්දැකීමක් නොවේ.  යුද සමයේ ත්‍රස්තවාදින් ද යුද්ධය ඇතත් නැතත් පාතාලය ද අත්බෝම්බ පුපුරුවනවා. ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැල්ල සදහා විශාල වශයෙන් අත්බෝම්බ යොදා ගත්තා. අත් බෝම්බයකින් මෙතරම් විනාශයක් සිදුවෙන්න බෑ කියන එක අපි වගකීමෙන් කියනවා.  මේ සදහන් කරන ආකාරයටනම් මේ බෝම්බය බස්රතයේ තෙල් ටැංකිය ගාවම තියන් යන්න ඕනෑ. එසේ ටෙල් ටැංකිය අසල තබාගෙන යන මොහොතේ ම පුපුරන්නත් ඕනෑ. උතුරේ යුධ සමයේ නම් අත්බෝම්බ ආරක්ෂක අගුල ගලවා පින් එක අදින මට්ටමින් අරන් යනවා කොයි වෙලේ මෙය භාවිතා කරන්න වෙයිද නොදන්න නිසා. නමුත් අපි මදකට සිතමු හමුදා භටයෙක් මෙය යාපනයේ සිට හොරකම් කරගෙන ආවා කියලා පාතාලයට විකුණන්න. ඔහුට මොකක්ද තියෙන අවශ්‍යතාවය බණ්ඩාරවෙලදී මේ ආරක්ෂක අගුල අරින්න. මේක බෑගයක් ඇතුලේ තිබුනානම් ආරක්ෂක අගුල ඉවත්කර තිබුනොත් තමයි හෙල වීමෙන් තෙරපීමකින් තදවීමෙන් ඇතැම් විට පින් එක ඇරෙන්න පුලුවන් වෙන්නේ. යම් කිසි ආයාසයක් පින් එක අදින්නට ඕනෑ. මේක පීඩන බෝම්බයක් නොවෙයි. ඉතාම පැහැදිළිව හදුනාගෙන තියෙනවා ග්‍රෙනේඩ් එකක් ලෙස. එහෙමනම් අපි අභියෝග කරනවා ආණ්ඩුවට අපිට කියන්න කවදා කොතැනද ග්‍රෙනේඩ් එකකින් 19 දෙනෙක් තුවාල වෙලා බස් එකක් ගිණි ගත්තේ. යුධ සමයේදීවත් එහෙම වෙලා නෑ. යුද්ධය අවසන් වී ගෙවුණු වසර 9 පුරාවට කිසිම තැනක බස් එකක බෝම්බයක් පුපුරා නෑ. නිසා මේක සුළු පටු සිද්ධියක් නොවේ.

ආණ්ඩුව කියන්න උත්සහ දරන කතන්දරය මොකක් ද? යුධ හමුදා භටයෙකු ගේ ගමන් මල්ලේ සොරකම් කරගෙන ආ අත්බෝම්බයක් තිබුණා. එය ඔහු රැගෙන ආවේ පාතාලයට විකුණා දමන්නයි. ඔහු හරියටම බස් රථයේ තෙල් ටැංකිය ගාව වාඩි වී ආවා. බෝම්බය පිපිරුණා. තෙල් ටැංකිය ගිනිගත්තා. එහි ප්‍රථිපලයක් ලෙස බස්රථය ගිනිගත්තා. බෝම්බයක් සොරකම් කිරීම, පාතාලය සමග සබදතා පැවැත්වීම.

මහජනතාවට අනතුරක් සිදුකර  මිනීමැරුමට තැත්කිරීම යනාදී චෝදනා මත මේ හමුදා භටයා කෝට් මාෂල් කරයි. සාමාන්‍ය අධිකරණයකින් දඩුවම් කරල සිරගත කරලා මේ ප්‍රශ්නය අවසන් කරයි. හැබැයි එහෙම කලොත් ත්‍රස්තවාදියා මේ මුළු රටම අල්ලාගන්නා තුරු අප දරන සිටින එකක් නම් නෑ

මතක තියා ගන්න. වසර දෙකක් තුල මරා ගෙන මැරෙන බෝම්බ කට්ටල දස දහසකට වඩා උතුරින් ලැබුණු බව හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිව්වා.  වල දැමූ ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය නිරතුරුව උතුරින් ලැබුණා. පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේෂඥයන් නම් කියන්නේ .වසර නවයක් සුරක්ෂිතව පුපුරණ ද්‍රව්‍ය තබාගත නොහැකි බවයි.  කොටින්ගේ මහ වීර දිනය ලංකාවේත් ලෝකය පුරාත් ඉහළින්ම සැමරුවා.  අපි අතු ගා දැමූ කොටි සංවිධානය යළි නැගිටිලා නම් ඒ බව රටට ඇත්ත කියන්න. රටට ඇත්ත කිව්වොත් මුළු සමස්ථ ජාතියටම සුදානම් වෙලා  එදා වගේම අදත්  හමුදාව පිටුපසින් ආණ්ඩුව පිටුපසින් එක මිටියට හිටගෙන මතුවෙන ත්‍රස්තවාදය දල්ලෙන් කඩන්න පුළුවන්. නමුත් පැස්බරා ඔළුව වැල්ලේ ගහ ගෙන මම ආරක්ෂිතයි කියලා හිතුවා වගේ හැසිරෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මොකද එවිට මෙය කැපිය නොහැකි රූස්ස ගසක් වීම නම් කාටවත් වලක්වන්න බෑ

2018 පෙබරවාරි 22 දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්….

Published on: Feb 22, 2018 – හිටපු ජනාධිපතිවරයෙකු වන ඩී.බි. විජේතුංග මහතාට මෙන් පරණ පිණක් ඵල දුන්නා හා සමානව අග්‍රාමාත්‍ය තනතුරට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම කේන්ද්‍රයට අනුව රාජ්‍යකාරක රවි ග්‍රහයා මාර්තු 15 දක්වා ගමන් කරනුයේ කුම්භ රාශියේ හෙවත් 12 වැන්නේය. මෙය යහපත් ස්ථානයක ගෝචරවීමක් නම් නොවේ. අවාසිදායක තත්ත්වයක් ගෙනදේ. පසුගියදා පැවැත්වු පළාත් පාලන මැතිවරණයට ද මෙය යම්තාක් දුරට බලපෑ වා විය හැකිය.

එසේම, ලග්නස්ථානයේ බුධ නීචව සහ සිකුරු උච්චව ගමන් කිරීම එකකට එකක් පරස්පර ගති ලක්ෂණ ඉස්මතු වේ. බුද්ධිමය සිතුවිලි යට කර ගෙන අලංකාර විච්චූර්ණ, හරසුන් සිතුවිලි මතුවේ. බුද්ධියට වඩා ශෝභනත්වයට මුල්තැන දේ. Wi-Fi කලාප සංකල්පය පුන පුනා ඉදිරිපත් කරනුයේ මේ නිසාය. මේ වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව ආර්ථික වශයෙන් පිඩාවට ලක්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. දරුවන් උදේට කුස ගින්නේ පාසල්වලට යන ආකාරය උදේ රැස්වීමක් වේලාවට සියැසින් දැකගත හැකිය. මා මේ පවසන්නේ නගරයේ පාසල් ගැන නොව ඈත ගම් දනව්වල දුප්පත් පාසල්වල ළමයින් ගැනය.

නගරයේ දරුවන්ට ටැබ් බෙදා දෙද්දි ගමේ දරුවෝ ගස් යට ඉගෙනීම කරති. ශාලා පහසුකම් නොමැත. තිබෙන ඒවායේත් වහලවල් දිරා ගොස්ය. මේස පුටු නැත. ළමයින්ට අගහිඟකම් අපමණය. මේ තරම් රටේ විසඳිය යුතු ප්‍රශ්න තිබියදි අගමැතිතුමා Wi-Fi කලාප ගැන කතා කිරීම කෙතරම් හාස්‍යජනකද ? මේ කතා කරනුයේ බුධගේ නීචත්වය සහ සිකුරු උච්චත්වය නිසාය.

මෙවැනි හරසුන් බොළඳ ක්‍රියා කලාපයන් නිසා ජනතාවගේ අප්‍රසාදය නිසැකයෙන්ම එතුමාට හිමිවීම කිසිසේත් වැළැක්විය නොහැකිය. එසේම, අහඹු ලෙස ලැබුණු තනතුර රැක ගැනීමට එතුමා නොගන්නා උත්සහායක් නැත. මාර්තු 15 දා රවි ලග්නයට පිවිසීමත් සමඟම අගමැති තනතුරේ වෙනසක් නොවන අතර, ජන කළකිරීම එලෙසම පවතී.

හැම මැති ඇමැත්තෙක්ම තීරණ තීන්දු ගනුයේ කොළඹ අවට සිරි නරඹා පමණක් නිසා රජය පිළිබඳ ජනතාව තුළ කිසිදු ප්‍රසාදයක් ඉදිරි කාලවලදී ද දක්නට නොලැබෙනු ඇත. අප කන හැටි ලිපා දැන ගත්තට ඡන්ද දාසලාගේ කර පිටින් යන මැති ඇමතිවරු නොදකිති. මේ තත්ත්වය මේ රජයට පමණක් නොව පසුගිය රජයට ද අදාළය.

බුධ නීචව ගමන් කරන මේ කාලයේ දරුවන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ඔවුන්ගේ අඩුපාඩු ගම් දනව් සිසාරා සොයා බැලිය යුතුය. පන්ති කාමර ඩිජිටල් තාක්ෂණීයකරණය කිරීමට යන උත්සහාය වරදක් නොවුණත් ශ්‍රී ලංකාවේ දක්ෂ දරුවන් සිටින බොහෝ පාසල්වල අඩුපාඩු එමට ඇති බව කිව යුතුමය.

එසේම, බුධ සිකුරු යෝගය විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට භයානකය. ළමා දූෂණ, අපයෝජන ඇති විය හැකිය. තම ගැහැණු දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයකි.

රජය තුළ පවතින විවිධ කඹ ඇදිලි, අවුල් වියවුල්, රණ්ඩු සරුවල් මැද ජනාධිපති මෛත්‍රි සිරිසේන මහතාගේ ඔළුවද අවුල් වනු ඇත. ඔළුව ගිනිගත්තෙකුසේ ක්‍රියා කරයි. විටෙක ඔළුව නැත්තෙකු සේ ද හැසිරෙයි. ගුරු ග්‍රහයා සතුරුව ලග්නස්ථානයේ ගමන් කිරීම මීට හේතුවයි. මේ නිසා ඉදිරි කාලයේ ද ගන්නා තීරණ, තීන්දු, ප්‍රකාශ ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පවා ලක්වීමට ඉඩ ඇති බැවින්, ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නොමැති නම් මේ කළු පැල්ලම් ඉතිහාසයට එක්වෙමින් කළු පැල්ලම් ගොඩ වැඩිවීමට පුළුවන.

මේ අතර කෙටි කාලයකින් සංවිධානය වු “ පොහොට්ටුව‘‘ පවතින රජයේ දුර්වලතා මතින් ජනතාව වෙත වඩාත් සමීප වු ආකාරයක් පසුගිය මැතිවරණයෙන් පවා දක්නට ලැබුණි. එදා රට ගැන සිතු ජනතාව අද බඩ ගැන පමණක් සිතන බව දැන් පාලකයෝ නොදනිති. එදා පාලකයෝ ජනතාවගේ බඩ ගැන ද සිතු බව ජනතාවට දැන් තේරුම් යයි. එසේ වීමට හේතුව මේ කාලයේ ජනතා නියෝජිත ග්‍රහයා හෙවත් සෙනසුරු ගමන් කරනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිව්වැන්නේ වීමයි.

ගෑස් මිළ තවත් 300/- ක් වැඩි කිරීමට යන බව දැන ගන්නට ලැබුණි. අත්‍යාවශ්‍ය බඩු මිල දිනෙන් දින ඉහළ යන විට ජනතාව ද පොහොට්ටුව වෙත තව තවත් සමීප වීම අරුමයක් නොවේ. මේ නිසා පොහොට්ටුව දිනෙන් දින පිපෙන ලකුණු තත්කාලීන ග්‍රහචාරය අනුව දක්නට ලැබේ.

අගමැතිතුමාගේ දසවැන්නේ ගෝචර වන ශනි නිසාත්, කුජගේ සම්ප්‍රාප්තිය නිසාත් ජනතාව පමණක් නොව ආරක්ෂක අංශවල ඇතැම් උසස් නිළධාරින් සහ සෙසු නිළධාරින් පවා රජය ගැන කළකිරීමට පත්වනු ඇත.

පසුගිය දිනවල “ අතින් ගිලිහුන බුලත් කොළය” යළි අතට එනු ඇත. එසේ ආවත් පාලක පන්තියේ පවතින ව්‍යාකූලතාවන් නිසා පාලිත පන්තිය පීඩාවට පත් වන අතර, මාර්තු 7 වනදා සිදු වන කුජ මාරුව රජයට හිතකර නොවේ. කැළඹිලි සහිත කාලයක් උදාවිය හැකියි. ලේ වැගිරීම් ඇති වීමට පුළුවන.

කෙසේවෙතත්, පවතින අර්බුධකාරී තත්ත්වයන් හමුවේ ග්‍රහ චලනයක් ද හේතුකොට ගෙන ජනතාව දැවෙමින් සිටින කබලෙන් ලිප් ගලට වැටීම කිසිසේත් වැළැක්විය නොහැකිය.ලිප් ගලෙන් ලිපට වැටේවිද යන්න ඉදිරි කලාප වලින් බලමු.

ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන
072-4040500

011-4282555

බැංකු කටයුතුවලින් ලංකාව සිටින්නේ අංක එකේය. ඒ බැංකුවලින් සිදු කරන විධිමත් මූල්‍ය කටයුතුවලින් නොවේ. බැංකු සහ මූල්‍ය සොරාකෑම විසිනි. දඩුවම් මුදලාලිලාගේ කෙළිවලින් සහ සක්විතිගේ වික්‍රමයෙන් සිදු කළ මෙරට මහා පරිමාණ මූල්‍ය වංචා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන මට්ටමට පැමිණ ලංකාව ලෝකයේ ප්‍රධාන සොරමුලක් පාලනය කරන රටක් බවට පත් කර ගැනීමට අද වන විට හැකියාව ලැබී තිබේ. මේ කියන්නට යන සිදුවීම ද මෙතෙක් කරළියට නොපැමිණි, එහෙත් දහස් ගණනකගේ මුදල් මහ දවාලේ මංකොල්ලකෑ තවත් එක් සිදුවීමකි.

මේ සමාගම නමින් ‘ඉන්ඩස්ටි්‍රයල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ සමාගමයි. ලියාපදිංචි කර ඇත්තේ 1968 වසරේදීය. එම සමාගම පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ සුප්‍රකට ‘තුඩාවේ බ්‍රදර්ස්’ සමාගම විසිනි. ඔවුන් විසින් මූල්‍ය සමාගමක් විසින් සිදු කරන මූලික කටයුතු මෙම සමාගම යටතේ කරමින් සිට ඇති අතර, ඒ කාල වකවානුවේ කිසිදු වංචාවක් සිදු වූ බවක් වාර්තා වන්නේ නැත. මේ නිසා මෙම සමාගම තුළ මුදල් තැන්පත් කිරීමට බොහෝ දෙනා පෙළඹී ඇති අතර, මුදල් තැන්පත් කළ පිරිසෙන් වැඩි දෙනෙක් සිය විශ්‍රාම වැටුප, සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබුණු මුදල් පමණක් නොව සිය ඉඩකඩම් පවා විකුණා එම මුදල් සමාගමේ තැන්පත් කර තිබේ. ඒ මෙම සමාගම විසින් ලබා දෙන්නේ යැයි කියූ වැඩි පොලී අනුපාතය නිසාය. ඒ අනුව මෙහි මුදල් තැන්පත් කරන ලද තැන්පත්කරුවන් ගණන දෙදහස් හාරසියයකට වඩා වැඩිය.

එහෙත් තුඩාවේ බ්‍රදර්ස් සමාගම යටතේ පාලනය වූ සමාගම වසර ගණනාවකට පසුව දීප්ති පෙරේරා නොහොත් චූලක ගුණවර්ධන නම් අයෙකුට විකුණා දැමෙයි. ඒ වන විට චූලක ගුණවර්ධන යන අයට සී.අයි.එෆ්.එල්. නම් සමාගමක හිමිකාරීත්වය ද පැවති අතර, එය ද මහ බැංකුවේ නීත්‍යනුකූලව ලියාපදිංචි කළ ආයතනයකි. ජාවාරම පටන් ගන්නේ ‘ඉන්ඩස්ට්‍රියල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ ආයතනය මෙම පුද්ගලයා යටතට පත් වූ පසුවය.

ඔහු එය සිදු කරන්නේ ඉතාමත් සැලසුම්සහගතවය. චූලක ගුණවර්ධන සතු වූ සී.අයි.එෆ්.එල්. සමාගම සී.අයි.එෆ්.එල්. (රෙඩ්) ලෙස නම් කර ඔහු විසින් සී.අයි.එෆ්.එල්. (බ්ලු) නමින් තවත් සමාගමක් ආරම්භ කරනු ලබයි. එය ව්‍යාජ සමාගමකි. එහෙත් ගනුදෙනුකරුවන්ට සමාගමට අදාළ ලිපිලේඛන ලෙස පෙන්වන්නේ සී.අයි.එෆ්.එල්. (රෙඩ්) සමාගමේ ලිපිලේඛනය. එසේ ජනතාව මුළා කරමින් ජනතා මුදල් රුපියල් බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් ඉහත කී ව්‍යාජ සමාගමේ ගිණුමට එකතු කර ගනු ලබයි.

ගෝල්ඩන් කී ප්‍රශ්නය සහ සක්විති රණසිංහගේ ජාවාරම හෙළිදරවු වන්නේ මේ කාලයේ දී ය. ඒ සිදුවීම් සමඟ දීප්ති පෙරේරා නොහොත් චූලක ගුණවර්ධන ද කලබලයට පත් වන්නේ තමන් ද ඒ ආකාරයේම ජාවාරමක් සිදු කරමින් සිටින නිසාය. ඇති වී තිබෙන තත්ත්වය නිසා ‘ඉන්ඩස්ටි්‍රයල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ ආයතනය සතු මුදල් සහ ඉහත කී ව්‍යාජ සමාගම සතු වූ මුදල් කිසිවෙක් නොදන්නා ගිණුමක් වෙත මාරු කරනු ලබයි. ඉන් අනතුරුව ‘ඉන්ඩස්ට්‍රියල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ සමාගම එංගලන්තයේ ජීවත් වන උපුල් ද සොයිසා නම් තවත් අයෙකුට පවරනු ලබයි. ඒ මහ බැංකුවේ ද පූර්ණ අනුදැනුම ඇතිවය. උපුල් ද සොයිසා යනු තවත් නමගිය ජාවාරම්කාරයෙකි. පිරමිඩ් ජාවාරම ඒ අතුරින් මූලිකය. එංගලන්තයේ දී ඔහු විසින් කරනු ලැබූ ජාවාරම් නිසා කලක් එරට දී සිරගතව සිටි අයෙකු බව ද මේ වන විට හෙළි වී තිබේ. මෙහි ඇති හාස්‍යජනකම කරුණ එය නොවේ. මහ බැංකුවේ ද අනුදැනුම ඇතිව මෙම ‘ඉන්ඩස්ට්‍රියල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ සමාගම උපුල් ද සොයිසාට විකුණා දමන්නේ රුපියල් දහයකට වීමයි. සමාගම අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔහු කිසිදු මුදලක් ආයෝජනය කරන්නේ ද නැත.

එසේ සමාගම අත්පත් කර ගැනීමෙන් පසු ඔහු මුලින්ම කරන්නේ ඔහු විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අනුදැනුම සහිතව සමාගම සතුව බොල්ගොඩ ජලාශයට ආශ්‍රිතව පැවැති විශාල ඉඩමක් තමන්ගේ නමට ලියා ගැනීමයි. චූලක ගුණවර්ධන විසින් මුදල් වංචා කළ සමාගමේ තවත් වත්කම් මේ නිසා අහිමි වී යන්නේය. ඉන් අනතුරුව ඔහු විසින් එම සමාගම දිනේෂ් හෙට්ටිආරච්චි නම් තවත් අයෙකුට විකුණා දමයි. කෙසේ වෙතත්, දිනේෂ් හෙට්ටිආරච්චි මෙම සමාගමේ හිමිකාරීත්වය ලබා ගන්නේ සමාගම තුළ රුපියල් මිලියන සියයක් ආයෝජනය කරමින් වීම විශේෂයකි. එහෙත්, ඒ වන විටත් රුපියල් මිලියන අටසියයක මුදලක් සමාගම සතුව පවතින බවට ගිණුම්වල පෙන්වුවද එවැනි මුදලක් සමාගම සතුව නොපවතින බව පෙනී යයි. එහෙත්, දිනේෂ් හෙට්ටිආරච්චි විසින් සමාගමේ තැන්පත්කරුවන් සමඟ ගිවිසුමකට එළඹෙන්නේ තැන්පත්කරුවන්ට හිමි විය යුතු ලාභාංශ ගෙවා දමන බවට එකඟ වෙමිනි. ඒ අනුව කොටස් තුනක් වශයෙන් එම ලාභාංශ තැන්පත්කරුවන්ට ගෙවීමට ගිවිසුම්ගත වන අතර, එහි පළමු වාරිකය ද ඔහු විසින් ගෙවා දමයි. එහෙත්, දෙවන සහ තුන්වන වාරික ගෙවා දැමීමට ඔහු අපොහොසත් වෙයි.

ඒ වන විට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිංගප්පූරුවේ ‘රෝඩ් ෂෝ’ එකක් යන්නේ විදේශීය ආයෝජකයන් මෙරට ආයෝජනය සඳහා සොයමිනි. සිංගප්පූරුවේ සිටි දක්ෂිත බෝගොල්ලාගම මෙම සමාගමේ ආයෝජනය සඳහා ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආයෝජකයන් මෙරට සමාගම්වල ආයෝජනය කරන මුදලට සමාන මුදලක් ණයක් වශයෙන් මහ බැංකුව විසින් ලබා දෙන්නේ යැයි කබ්රාල්ලා පළ කර තිබූ එකඟතාවය අනුව දක්ෂිත බෝගොල්ලාගම විසින් රුපියල් මිලියන එකසිය අනූ අටක් ‘ඉන්ඩස්ටි්‍රයල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ සමාගම තුළ ආයෝජනය කරනු ලබයි. ඒ මුදලින් රුපියල් මිලියන එකසිය පනස් අටක් තැන්පත් කරුවන්ගේ දෙවන වාරිකය වශයෙන් ගෙවා දමන්නේ ඉන් පසුවය. ඒ ආණ්ඩුවෙන් ලබා දෙන්නේ යැයි කියූ ආයෝජනය කළ මුදලට සමාන මුදලක් තමන් වෙත ලැබෙන්නේ යයි ඉහත කී ආයෝජකයා තුළ තිබූ බලාපොරොත්තුව නිසාය. එහෙත්, කියූ පරිදි එය සිදු වන්නේ නැත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් වන්නේ මේ අතරතුරදීය. ආණ්ඩු මාරුවත් සමඟ ඉහත කී ණය මුදල් ලබා දීමේ ගිවිසුම අහෝසි වූ බව දක්ෂිත බෝගොල්ලාගම වෙත දැනුම් දෙන්නේ ඔහු පමණක් නොව එම එකඟතාවය මත මෙරට ආයෝජනය කළ සියල්ලන්ම දැඩි අපහසුතාවයකට පත් කරමිනි. එපමණක් නොව මහ බැංකුව විසින් තවත් කොන්දේසියක් ගෙන එමින් කියන්නේ ලංකාව තුළ මූල්‍ය ආයතනයක් ගෙන යාමට නම්, ආයතනය තුළ රුපියල් බිලියනයක වත්කම් තිබිය යුතු බවයි. මෙම කොන්දේසිය අලුතින් ආරම්භ කරන මූල්‍ය සමාගම්වලට පමණක් නොව මෙතෙක් පවත්වාගෙන ආ සමාගම්වලට ද බලපැවැත්වෙයි. එම තීරණයත් සමඟ මූල්‍ය සමාගම් කිහිපයක් වසා දැමීමට මහ බැංකුව නිර්දේශ කරන අතර, ‘ඉන්ඩස්ට්‍රියල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ සමාගම ද ඒ අතරට ඇතුළත් කරයි. එහෙත්, එම සමාගමේ අවසන් වරට මුදල් ආයෝජනය කළ දක්ෂිත බෝගොල්ලාගම විසින් ඒ වන විටත් නඩුවක් පවරා ඇති නිසා එම තීරණය ‘ඉන්ඩස්ට්‍රියල් ෆයිනෑන්ස් ලිමිටඩ්’ සමාගමට අදාළව ක්‍රියාත්මක කිරීමට නොහැකි වී යයි. ඉතිරි සමාගම් මේ වන විටත් වසා දමා තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට තවත් මෙරට ආයෝජකයෙකු මෙම සමාගමේ ආයෝජනය කරමින් මහ බැංකුවේ කොන්දේසි ද සපුරාලීමට අදාළ යෝජනාවලියක් මහ බැංකුව වෙත ඉදිරිපත් කර තිබේ. එහෙත්, දක්ෂිත බෝගොල්ලාගම පවසන්නේ තමන් ආයෝජනය කළ මුදල ආපසු තමන් වෙත ලබා දෙන්නේ නම් පමණක් සමාගම නව ආයෝජකයන් වෙත පැවරිය හැකි බවයි. එහෙත්, එම නව ආයෝජකයන් එම මුළු මුදලම ආපසු ගෙවීමට එකඟ වී නොමැති අතර, ඒ වෙනුවට රුපියල් මිලියන එකසිය පනස් අටක් පමණක් ආපසු ගෙවිය හැකි බව මහ බැංකුව වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ දිගින් දිගටම සමාගම තුළ මුදල් තැන්පත් කළ සියල්ලෝම බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිති. ඔවුන් සතු සබ්බ සකලමනාවම සමාගමේ මුදල් ලෙස තැන්පත් කර ඇත. ඒ වෙනුවෙන් දැන් ඔවුන්ට නිසි පරිදි ලාභාංශ හෝ පොලී ගෙවන්නේ ද නැත. මෙහි මුදල් තැන්පත් කර ඇති පිරිසගෙන් සියයට හතළිහක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. ඔවුන්ට අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සෑම අතින්ම හැකියාවක් නොමැත.

මේ ඇති වී තිබෙන තත්ත්වයට සෘජුව වගකිව යුත්තේ මහ බැංකුවයි. සිය අධිකාරිය යටතේ අනුමැතිය ලබා දුන් ආයතනයක් ජනතාවගේ මුදල් වංචා කර ඇත. මහ බැංකුව විසින් අනුමැතිය යටතේ ආයෝජකයන් ලෙස පැමිණි පිරිසක් කිසිදු වග විභාගයකින් තොරව මහජන මුදල් ගසාකනු ලැබ තිබේ. මේ සියල්ල වෙනුවෙන් මහ බැංකුව ගත් සාධනීය පියවරක් නොමැත. එපමණක් නොව මහ බැංකුව විසින් සද්භාවයෙන් පැමිණි ආයෝජකයන් ද රැවටීමට ලක් කර තිබේ. නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. හැම තැනම රජ කරන්නේ සොරුන්ය.

චතුර දිසානායක

Published on: Feb 21, 2018- මෙරට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන 1973 වර්ෂයේ ගොවි විශ්‍රාම පනත පාර්ලිමේන්තුවට ගෙන සම්මත කර කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පිහිටුවනු ලැබීය. ඒ 1973 අංක 27 දරන ජාතික රාජ්‍ය සභා පනත යටතේය. ගොවි විශ්‍රාම වැටුප්, වගා කටයුතු හා බැඳුණු රක්ෂණ කටයුතු ඇතුළු සේවාවන් ගණනාවක් මෙම ආයතනයේ විෂය පථයට අයත් වේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමය සහ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ඇතුළුව විවිධ සුබසාධන රක්ෂණ යෝජනා ක්‍රම මණ්ඩලය මගින් ගොවි ජනතාව වෙත හඳුන්වා දෙනු ලැබීය.

සෑම කන්නයකම රක්ෂිත වගාවන් වලින් හානියට පත් වූ වගාවන් වෙනුවෙන් ගොවි ජනතාවට වන්දි ගෙවීමේ කටයුතු සහ 1992 වසරේ අප්‍රේල් මස සිට වියපත් ගොවි ජනතාවට විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලදී.

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් මෙවැනි සේවාවන් රැසක් ඉටු කරන කෘෂි රක්ෂණ මණ්ඩලයත් ගොවි ජනතාවත් අද මුහුණ දී සිටින්නේ බරපතළ ඛේදවාචකයකටය. ඒ 2015 පෙබරවාරි මස පත් කරන ලද වර්තමාන සභාපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙනි.

ඔවුන්ගේ එම තීරණ නිසා දායකයාට වයස අවුරුදු හැට සම්පූර්ණ වන දිනයේ සිට විශ්‍රාම වැටුප හිමි විය යුතු වුවත් හිඟ විශ්‍රාම වැටුප් නොමැතිව විශ්‍රාම වැටුප් පොත සකස් කරන දිනයේ සිට ඉදිරියට විශ්‍රාම වැටුප් ගෙවීම සිදු කිරීම සිදු කරයි. 2014 වර්ෂයෙන් පසුව මිය යන විශ්‍රාම වැටුප් ලාභියාගේ කාලාත්‍රයාට විශ්‍රාම වැටුප් ගෙවීම නතර කර ඇත.

2015 වර්ෂයේ සිට තෙවන පාර්ශ්වයේ රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. රක්ෂණ මණ්ඩල පනතට අනුව කෘෂිකාර්මිකයන්ගේ කෘෂිකාර්මික උපකරණ පමණක් රක්ෂණය කළ හැකි නමුත් මේ වන විට තෙවන පාර්ශ්ව රථ වාහන රක්ෂණ යෝජනා ක්‍රමය අනෙකුත් රක්ෂණ සමාගම් වලට සමගාමීව තරගකාරී මට්ටමෙන් සියලුම වර්ගයේ රථවාහන සහ කෘෂිකාර්මිකයන් නොවන පුද්ගලයන්ගේද වාහන රක්ෂණය කරමින් සිදු කරමින් යන්නේ දැවැන්ත ජාවාරමකි.

2018 වර්ෂයේ මාණ්ඩලීය ක්‍රියාත්මක සැලැස්මෙහිද තෙවන පාර්ශ්වයේ රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය මූලික පදනම ලෙස ගෙන සකස් කර ඇති අතර දිස්ත්‍රික් මට්ටමෙන් ඉටු කළ නොහැකි මූල්‍ය ඉලක්කයන් ලබා දී ලාභ ලැබීම පමණක් මූලික අරමුණ කරගෙන ඇත. තවද මාණ්ඩලීය සමස්ත සේවකයන්ගේ මාසික වැටුප් හා දීමනා දිස්ත්‍රික් මට්ටමෙන් උපයා ගත යුතු බවද අදාළ ඉලක්කයන් සපුරා නොගන්නේ නම් මාසික වැටුප ගෙවිය නොහැකි බවද මේ වන විට දැනුම් දී ඇත.

එම නිසා 2018 වර්ෂයේ සිට මණ්ඩලය උපයන ආදායම වැඩි කළ යුතු අතර මනා මූල්‍ය කළමනාකරණයක් පවත් වාගෙන යා යුතු බවත් පවසයි. ජනවාරි මාසයේ සියලු පරිපාලන වියදම් මණ්ඩලය විසින් උපයා ගත යුතුව ඇති නිසා දිස්ත්‍රික්කයට ලබා දී ඇති මූල්‍ය ඉලක්කයන් ළඟා කර ගැනීමට වග බලා ගත යුතු බවත් පවසයි.

ඒ අනුව 2018 වර්ෂයේ සිට සියලුම දිස්ත්‍රික් කාර්යාලයක්ම පිරිවැය ඒකකයක් වශයෙන් සලකා කටයුතු කරනු ලබන අතර අදාළ දිස්ත්‍රික්කයේ පරිපාලන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය මස ඉපයීම් ප්‍රවර්ථන මාසය සඳහා පරිපාලන වියදම් මූල්‍යනය කිරීමය 2017.11.29 වන දින එකඟ වූ ප්‍රතිශතයන් අනුව ලබා ගත හැකි බව සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කර ඇති ලිපියක සඳහන් වේ.

ඒ අනුව දැන් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අරමුණ වී ඇත්තේ ලාභ ඉපයීම පමණකි. එහෙත් මණ්ඩලයේ මුදල් අවභාවිතා වන බවට මේ වන විට අවස්ථා ගණනාවකදීම චෝදනා එල්ල වී තිබේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් ඉකුත්දා දඹුල්ලේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේ, කෘෂි රක්ෂණ අරමුදලේ තිබිය යුතු රුපියල් කෝටි 600 කට අධික මුදලක් මේ වන විට අතුරුදන්ව පවතින බවය. එනම් මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ රුපියල් කෝටි 150 ක මුදලක් පමණක් බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. තවද වගා රක්ෂණය යටතේ එක් ගොවි මහතෙකුට මසකට හිමිවන රුපියල් 10,000.00 ක වන්දි මුදලින් රුපියල් 1,350.00 බැගින් නැවත රක්ෂණයක් සඳහා බව පවසමින් රජය අයකර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

එසේම කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් වසර හතක් පුරා රුපියල් කෝටියකට අධික මුදලක් බැර කර නොමැති බව හෙළි වන්නේ කම්කරු අමාත්‍යාංශය මගින් කරනු ලැබූ හදිසි පරීක්ෂණයකදීය.

ඒ අනුව කෘෂි රක්ෂණ මණ්ඩලය එහි සේවයන්ගේ ගැටලු විසඳීමට මැදිහත් වී නොමැත. ගොවීන්ගේ ගැටළු වලදී කර ඇති මැදිහත් වීම් වල දිග පළලද හෙළි වෙමින් තිබේ. දැන් ගොවීන්ට ලබා දුන් සේවාවන් ද කප්පාදු කරනවා පමණක් නොව සේවකයන්ගේ වැටුපටද තට්ටු කිරීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යනවාක් මෙන් දැන් මේ ගැටලු විසඳීම සහ තමන්ගේ විෂය පථය ආවරණය කරනවා වෙනුවට වාහන රක්ෂණය කර මුදල් සෙවීමට දිස්ත්‍රික් කාර්යාල වලට බල කර සිටීම විසින් පාලකයන්ගේ අඳබාල කම මැනවින් ප්‍රදර්ශනය වේ.

එහෙත් රාජ්‍ය ආයතන වලට මෙවැනි අඳබාල පාලකයන් පත් කිරීමේ වගකීම භාර ගත යුත්තේ ආණ්ඩුව විසිනි. ඒ නිසා කෘෂි රක්ෂණ මණ්ඩලයේ මේ සිදු වෙමින් තිඛෙන අසාධාරණයන්ට සහ විනාශයන්හි වගකීම සෘජුවම ආණ්ඩුව විසින් භාරගත යුතු බව අවසාන වශයෙන් කිව යුතුය.

සුධීර ඉද්දමල්ගොඩ

Published on: Feb 21, 2018 – 2015 ජනවාරි මස 08 වැනි දින මැතිවරණයෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්යභාරය වූයේ මැතිවරණයට පෙර සමාජය තුළ ඉහළින්ම සාකච්ඡා වූ දූෂණය සහ වංචාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඉටු කිරීමයි. මෙම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවමින්, එම කොට්ඨාසය මගින් විමර්ශනය කරන පැමිණිලි භාර ගැනීම සහ ඊට අදාළ මූලික කටයුතු වෙනුවෙන් ‘දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය’ පිහිටුවීමත් සිදු විය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් භාර ගනු ලබන පැමිණිලි පිළිබඳ මූලික විශ්ලේෂණාත්මක වාර්තාවක් පිළියෙල කර එය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට යොමු කර ඒ පිළිබඳව පරීක්ෂා කර ඔහු නිර්දේශ කරන්නේ නම්, පමණක් අදාළ විමර්ශන ආයතනවලට යොමු කිරීම මෙම කාර්යාලයේ වගකීම විය. ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටත්, අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ආයතනවලටත් යොමු කරනු ලැබීය.

මෙහි සුවිශේෂීත්වය වූයේ පසුගිය රජයේ බලධාරීන්ට අදාළ පැමිණිලි මෙන්ම වර්තමාන රජයේ බලධාරීන්ට ද එරෙහිව මෙම ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබීමත්, එම පැමිණිලි පක්ෂ භේදයකින් තොරව විමර්ශන ආයතනවලට යොමු කිරීමත්ය. ඒ අනුව පසුගිය රජයේ බලධාරීන් වන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ වංචා පිළිබඳ පැමිණිලි මෙන්ම, එම රජයේ මැති ඇමතිවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල යන අයට එරෙහිව පැමිණිලි සිය ගණන් ලැබී තිබිණි. එසේම මෙම රජයේ මැති ඇමතිවරුන් වූ අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, රවී කරුණානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසට අදාළ පැමිණිලි ද ඉදිරිපත්ව තිබිණි. මෙම සියලු පැමිණිලි විමර්ශන ආයතනවලට යොමු වීමෙන් පසු විමර්ශන ආරම්භ වීම රජයට ගැටලුවක් විය. පැවති රජයේ සහ පවතින රජයේ හොරුන් ආරක්ෂා කිරීම සඳහා කළ යුතු එක ම රාජකාරිය ඉන් අනතුරුව සිදු කරන ලද්දේ කවුරුන්ද? අද දූෂණයට එරෙහිව කඩුව අමෝරාගෙන සිටින බවට වේදිකාවේ මොර දෙන මෛතී්‍රපාල ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් මිස අන් කවරෙක්ද?

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබුණේ එය තමන්ට අවශ්‍ය අවස්ථාවක වසා දැමීම සඳහා පහසු ආකාරයකටය. ස්ථීර කාර්යාලයක් ලෙස ආරම්භ නොකළ එම කාර්යාලය මාස හයකට පසු අමාත්‍ය මණ්ඩලය මගින් කාලය දීර්ඝ කරන ලද අතර, ඉන් පසු සෑම මාස හයකට වරක්ම එහි කාලය දීර්ඝ කර තිබිණි.

එම උපන් ගෙයි දෝෂයම භාවිතයට ගනිමින්, පැවති ආණ්ඩුවේ පැමිණිලිවලට අමතරව යහපාලන ආණ්ඩුවේ පැමිණිලි ද ඉදිරියට එත්ම ආණ්ඩු දෙකේ ම හොරුන් ආරක්ෂා කිරීම සඳහා එම හොරුන් කොට්ඨාස දෙකෙන්ම සැදුම්ලත් යහපාලන ආණ්ඩුව ඔවුන්ට අවශ්‍යම වූ පියවර ගන්නා ලදී.

ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට එරෙහිව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ දී අවලාද රැසක් නගා තිබූ බවට වාර්තා විය. ඉන් එක් අවලාදයක් වූයේ මෙම කාර්යාලය මඟින් හාල්මැස්සන් ඇල්ලීම මිස තෝරුන්, මෝරුන් අල්ලා නැති බවයි. මෙවැනි අවලාදයක් ගොඩනගනු ලැබුවේ අද දින වන විට සමාජය තුළ මහත් අවධානයට ලක් වී ඇති ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, මිග් යානා මිල දී ගැනීමේ ගනුදෙනුව, ගිං, නිල්වලා ගනුදෙනුව, බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩම් ගනුදෙනුව, විමල් වීරවංශගේ හෝකන්දර ඉඩම් ගනුදෙනුව සහ රජයේ නිවාස අයථා ලෙස පැවරීමට අදාළ ගනුදෙනුව ඇතුළු මහා පරිමාණ පැමිණිලි ගණනාවක් මෙම කාර්යාලයෙන් නිකුත් වී විමර්ශන ආයතනවල විමර්ශනය වෙමින් තිබිය දී සහ ඊට අදාළ නීති කි්‍රයාමාර්ග ගනිමින් තිබිය දී වීම විශේෂත්වයකි. අද එම ගනුදෙනු ඇතුළත් විමර්ශන වාර්තා වේදිකාවට ගෙන දූෂිතයන්ට එරෙහිව කඩුව වනන බව කියන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය  ජුගුප්සාජනක වේ.

තවත් අවලාදයක් වූයේ ෆවුසි ඇමතිවරයාට එරෙහිව වාහන අවභාවිතාවක් පිළිබඳ පැමිණිල්ල පමණක් මෙම කාර්යාලය විසින් කි්‍රයාවට නගා ඇති බවයි. මෙම කාර්යාලයට එවන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පසුව අනාවරණය විය.

ජනාධිපතිගේ අවලාද මාධ්‍යයට නිකුත් කිරීමේ කාර්යභාරය ඉටු කළ ඇමති, රාජිත සේනාරත්න කීවේ ඊට නොදෙවැනි අසත්‍ය අවලාද බව පසුව හෙළිදරවු විය. ජනාධිපතිවරයාගේ අවලාදවලට නොදෙවැනි අවලාදයන් ගොඩනැගූ රාජිත ප්‍රකාශ කළේ මෙම කාර්යාලය නඩත්තු කිරීමට මාසයකට රුපියල් මිලියන 12 ක් වැය වූ බවත්, එතරම් මුදලක් වියදම් කර ලබා ගත් ප්‍රතිඵලයක් ද නොමැති බවත්ය. මෙම කාර්යාලයට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදු කළ වියදම් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව මෙම ප්‍රකාශය ඉතාම සාහසික ප්‍රකාශයක් බව පැහැදිලිය.

දූෂණ මර්දන කමිටු කාර්යාලයේ වියදම් සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය කළ වියදම් අනුව එහි මාසික වියදම රුපියල් ලක්ෂ 24 කට ආසන්න වේ. එනම් මාසිකව රුපියල් මිලියන 2.4 කි. රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම මුදලට තවත් මිලියන 10 ක් එකතු කර මාසික වියදම රුපියල් මිලියන 12 ක් ලෙස සඳහන් කරනු ලැබුවේ වැරදීමකින් නොව මෙම කාර්යාලය වසා දැමීම සාධාරණීයකරණය කිරීම සඳහාය. මෙහිදී මෛත්‍රී – රනිල් රජය මාසිකව රුපියල් ලක්ෂ 24 ක වියදමකින් පවත්වාගෙන ගිය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එලෙස අවලාද සහ අසත්‍ය කරුණු මත වසා දමනුයේ, එම මුදල මෙන් දස ගුණයක වියදමක් එනම්, මාසිකව රුපියල් දෙකෝටි දශලක්ෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාස ගණනාවක් නිරපරාදේ කුලී ගෙවමිනි. මෙම කාර්යාලය වසා දැමීමෙන් වඩාත් සතුටට පත් වූයේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම රජයේ දූෂිතයන් වන අතර, රනිල් – මෛත්‍රී රජයේ දූෂිතයෝ ද අපමණ සතුටක් ලැබූහ. වසා දැමූ කාර්යාල ගොඩනැගිල්ල විවෘත කර එහි අගමැති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවන ලදී. එහි ප්‍රධානියා ලෙස මහින්ද රාජපක්ෂගේ සිල් රෙදි බෙදීම සාධාරණීයකරණය කළ හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, ජිනසිරි දඩල්ලගේ පත් කරනුයේ, දූෂණ පිළිබඳව මෙම කාර්යාලයට පැමිණිලි කළ සියල්ලන්ටම අතුල් පහරක් ගසමිනි.

පළාත් පාලන මැතිවරණයේ දී සිදු වන නිසැක පසුබෑම දැක දූෂණයට විරුද්ධව ව්‍යාජ රංගනයක යෙදෙන මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සටන් පාඨ අතර, ඔහුගේ කොමිෂන් සභා වාර්තා මුල් තැනක් ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සමාජය තුළ ඉස්මතු කරන ලද බැඳුම්කර වංචාව එක් සටන් පාඨයක් කරගෙන තිබේ. අනෙක් සටන් පාඨය වනුයේ, වංචා, දූෂණයන්ට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි. මෙම වාර්තාව පරීක‍ෂා කිරීමේ දී එය තුළ ඇතුළත් වංචා සහ දූෂණ ඊට ප්‍රථම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබී එම කාර්යාලය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අනෙකුත් විමර්ශන ආයතනවලට යොමු කළ ඒවාය. එසේම නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව රජයේ ඉහළම බලවතුන් විසින් යටපත් කරන ලද දූෂණ, වංචා එයට ඇතුළත් වෙයි. උදාහරණ ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ ඇතුළත් ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, විමල් වීරවංශගේ නිවාස පැවරීමේ ගනුදෙනුව, මහින්දානන්ද අලුත්ගමගේගේ නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමට අදාළ ගනුදෙනුව ආදිය දැක්විය හැකිය.

මෙම ගනුදෙනු ඇතුළු වංචා 34 ක් පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරන ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තම ධුර කාලය තුළ මහා පරිමාණ දූෂණවලට අදාළ පැමිණිලි 400 කට අධික ප්‍රමාණයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි. මෙම පැමිණිලිවලට සිදු වූයේ කුමක්ද?

තමන් විසින් දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා වසා දමනු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් විමර්ශන ආයතනවලට යොමු කළ පැමිණිලි යටපත් කොට වේදිකාවේ සහ ජනමාධ්‍ය ඉදිරියේ දූෂණයට එරෙහිව මොර දීම තරම් දේශපාලන තක්කඩිකමක් තවත් තිබිය නොහැකිය. ඒ නිසා පෙබරවාරි 10 වැනි දින මැතිවරණය ඉලක්ක කර ගනිමින්, තක්කඩියකු වීරයකු වීමට උත්සාහ දැරීම හැර දූෂණ, වංචාවලට එරෙහිව සැබෑ පියවරක් ජනාධිපති මෛත්‍රී විසින් ගනු ඇතැයි සිතීමම මුළාවකි.

දුෂ්‍යන්ත ඉරුගල්බණ්ඩාර

Top