Published on: Feb 21, 2018- එජාප අර්බුදය උත්සන්න විමත් අමාත්‍ය සංශෝධනය කර ලගටම පැමිණිමත් සමග පසුගිය පලාත් පාලන මැතිවරනයට පෙර එජාපය වෙනුවෙන් බිල්ලට දුන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එජාපයේ රවී විරෝධින් මර්දණය කිරිම සදහා සිය මෙහෙයුම් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

මලික් සමරවික්‍රම ඇමතිවරයාට අයත් සමාගමකට අනූනව අවුරුද්දකට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිඛෙන ඉඩමක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම පිිටුපස රවී කරුණානායක මන්ත්‍රීවරයා සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

රාජගිරිය, වැලිකඩ පොලිසිය ආසන්නයේ පිිහිටුවා තිඛෙන පර්චස් 36 ක එම ඉඩම ලබා දී ඇත්තේ කෝටි 18 කට බවද, මෙම ප්‍රදේශයේ ඉතාම ඉහළ වටිනාකමක් සහිත ඉඩම ලබා දීමේ දී බරපතළ මූල්‍ය පාඩුවක් අධිකාරියට කර තිඛෙන බවද දක්වමින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසින් පැමිණිල්ල පසුගිය සතියේ භාර දී තිබිණි.

එහෙත් තතු දත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙය ජනක රණවක විසින් සද්භාවයෙන් කරන ලද පැමිණිල්ලක් නොවන බවය. ඔහු නගරාධිපති ධුරය දරමින් සිටි සමයේ මේ පිළිබඳව කරුණු හෙළි කිරීමට අවස්ථාව ඕනෑ තරම් තිබූ අතර, එසේ නොකර දැන් හදිසියේ පැමිණිල්ල කර ඇත්තේ රවී කරුණානායකගේ අවශ්‍යතාවයට අනුව බව දේශපාලන අංශ හෙළි කරයි.

රවී කරුණානායක ඇමතිවරයා බැඳුම්කර වංචාව පිළිබඳ වැරදිකරු කරන සැලසුම් සියල්ල මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ බවට චෝදනාවක් විවිධ අවස්ථාවල දී මතු කර තිබිණ. නමුත්, රවී කරුණානායක එය ප්‍රසිද්ධියේ තවමත් සෘජුව ප්‍රකාශ කර නැති අතර, ජනාධිපතිවරයාට පෞද්ගලිකව මලික් ඇමතිවරයා සම්බන්ධයෙන් බරපතළ කරුණු රැසක් ලබා දී ඇති බව අනාවරණය වේ. එම කරුණු අතුරින් එකක් වූ මේ ඉඩම සම්බන්ධ වංචාව ගැන පැමිණිල්ල කිරීමෙන් වක්‍ර ප්‍රහාරයක් දියත් කර ඇති බව අනාවරණය වේ.

මෙමසාවද්‍ය කරුණු දෙක මත අධිකරණය මා සැකකරුවකු කිරීමට එරෙහිව මේ මොහොතේ නිතියෙන්  සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.

උදයාංග වීරතුංග රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක්‌ නිකුත් කිරීමට වලිකන යහපාලනය රජය දරුණු එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව 150ක රතු නිවේදන ඉවත්රගෙන ඇත

පෙබරවාරි 04 දින ඩුබායි හීදී එරට බලධාරීන් මාව රදවාගෙන සිටීමත්, පසුව මුදාහරිමත් ලංකාවේ කවුරුත් හොදින් දන්නා පුවතකි. ශ්‍රී ලංකා රජය විසින් මට එරෙහිව ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් කිරීමට සුදානම් බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් මා අඩංගුවට ගත්තේය. නමුත් ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් නොකරන බවත් නිකුත්කර ඇත්තේ නිල් නිවේදනයක් බව සනාථ වූ පසු බලධාරීන් විසින් මා මුදා හරින ලදී.නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින්මෙසේ නිතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම වලට සම්බන්ධ වූවන්ගේලැයිස්‌තුවෙන් ත්‍රස්‌තවාදීන් ඇතුළුව150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදීශ්‍රීලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත්කර ඇතිබව මාධ්‍ය තුලින් දැනගැනීම ලැබුණි. අද වන විට ජාත්‍යන්තරඉන්ටර්පොල්රතු නිවේදන ශ්‍රීලංකා රජයේ ඉල්ලීමට අනුව නිකුත්කර ඇත්තේ ලාංකිකයන් තුන්දෙනෙකුට පමණි.

දෙමල දේශපාලකයින්ගේඉල්ලීම මත එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළුව150ගේ නම්රතු වරෙන්තු ලැයිස්තුවෙන්ඉවත් කිරීමට කටයුතු කල යහපාලනය රජය,රාජපක්ෂ රජයේ සේවය කල නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත්කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන්අයෑදුමක්‌ කරන ලද්දේ,මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවූ වරදටනිකුත්කල වරෙන්තුවටය. එහෙත්ත්‍රස්‌තවාදීන් ඇතුළු150ක පිරිස ද උසාවියට ඉදිරිපත් වී නැති නමුත්එම නම් ඉවත්කර ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙවැනි වරටත් කල ඉල්ලීමට අනුව ඉන්ටර්පොල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇත. එසේ නමුත් හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන මට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට යහපාලන රජයේ නිළධාරීන් මේ දිනවල අලුත්මඋත්සාහයක නිරත වීසිටිනබවඅපදනිමු. පොලිස් මුල්‍ය අපරාධ කොට්‌ඨාසය මට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියට බී වාර්තාවක් මගින් දන්වා ඇත්තේ, 2006 දී යුක්රේනියාවෙන් මිග් යානා මිලදීගැනීමට කිසිදු වලංගු ගිවිසුමක් නොතිබූණු බවත්, මම කූට ලේඛනයක් සකසා එයට ගුවන් හමුදාපතිගේ අත්සනත් ලබාගෙන, මිග් යානා මිලදීගැනීමට ගිය මුළු මුදලම වංචා කර ඇති බවයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට ඕනෑම ගොන් කතාවක් ගොතා, පොලිස්බී වාර්තා මගීන්උසාවියට බොරුකියා නඩුවක් පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳ හොදම උදාහරණය මෙය වේ.

2006 දී ලංකාව යුක්රේනියාවෙන් මිග් යානා හතරක් මිලදීගත් අතර, ලංකාවට තිබුණු තවත් මිග් යානා හතරක් සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරනු ලැබේ. මේ යානා අටම යුද්ධයෙදී භාවිතා වූ අතර තවමත් ගුවන් හමුදාව සතුව පවතී. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ගිවිසුමක් නැතැයි කියා මුල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට කියා සිටියේ, යුක්රේන්මාෂ් සමාගම වරදිමකින් එවපු ලිපියක් ප්‍රයෝජනයට ගෙනය. පසුව යුක්රේනියානු බලධාරීන් මේ වැරැද්ද නිවරදි කිරීමට පියවර ගෙන තිබුණාත්, පොලිසිය එය උසාවියට වාර්තා කර නොමැත.එමෙන්ම ගිවිසුමට අදාළවගුවන් හමුදාව නිකුත්කල“භාවිත කරන්නාගේ සහතිකය”උපයෝගීකරයුක්රේනියානු රජය මිග් ගුවන්යානා 8අපට ලබා දී ඇති බව එරට බලධාරීන් පිළිගැනීම යනු මෙම ගිවිසුම ඒ රටෙහි භාවිතා වී ඇති බවයි.

මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී යුක්රේන්මාෂ් අධ්‍යක්‍ෂක වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ගේනාධි ස්තුදිනිකින් විසින් 2006 ජූලි මාසයේදීඑම ගිවිසුම අත්සන් කල බව හාගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ලංකාවට ගොස්‌ තිබෙන බවදපසුගිය වසරේදී යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව ඇත. නමුත් ගිවිසුම අත්සන්කල එමනියෝජ්‍ය අධ්‍යක්‍ෂකගෙන්ශ්‍රී ලංකා පොලිසිය කටඋත්තරයක් ලබාගෙන නැති අතර යුක්රේනියානු රජයට ඔහු ලබාදුන් කටඋත්තරයේ පිටපත්උසාවියට ඉදිරිපත්නොකිරීම පිළිබඳ සැකය සහිතයි. එසේම මෙම ගුවන්යානා තත්ව පරික්ෂාකිරීමේන් පසු Factory Acceptance Certificate”ගුවන්හමුදාපති විසින් එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සමග යුක්රේනියාවේ ලුවෝෆ් කර්මාන්ත ශාලාවේදී අදාළ සහතික අත්සන් කර ඇත. මා විසින් ගනුදෙනුවට අදාළ ගිවිසුමට කිසිදු අත්සනක් යොදා නැති අතර එමඅත්සන් හා ගිවිසුමට අදාළ සියලු වගකීම් ගුවන් හමුදාව භාරගත යුතු අතර ගුවන් හමුදාව ඔහු සමග ඍජු සම්බන්ධයක්තිබුබවහාගිවිසුමකූඨටලේඛනක් ද යන්න රටට ප්‍රකාශ කල යුතුය.

එසේ නමුත් යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකගේ අත්සන පිළිබඳ, මට එරෙහිව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර,දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූඨටලේඛන සැකසීමක්‌ කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කර, මා සැකකරුවකු ලෙස නම් කිරීම හුදෙක් දේශපාලන පළිගැනීමකි. එසේම මෙම ගිවිසුම මා විසින් ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගේ අත්සන් ලබාගෙන නැවත රැගෙන ගියබවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සාවද්‍ය තොරතුරු ඉදිරිපත්කර අධිකරණය නොමග යවා මා සැකකරුවකු ලෙස නම් කරන ලදී. නමුත් එම කාලයේදී මාශ්‍රී ලංකාවට හෝපැමිණ නැති බවආගමනය විගමන දත්ත පරික්ෂා කිරීමේන්එයදපොලිසියේ බොරුවක්බව ඔප්පුවන්නේය.

මෙමසාවද්‍ය කරුණු දෙක මත අධිකරණය මා සැකකරුවකුකිරීමට එරෙහිව මේ මොහොතේ නිතියෙන්  සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.

එදා මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක්‌ විය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ “තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌”ද විය. මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට මහා භාණ්‌ඩාගාරය ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූණි. එදාමිග්ගනුදෙනුවම පිළිබඳ කටයුතුකලඑමකමිටු නිලධාරීන්ගෙන් මෙමවිමර්ශන කටයුතු සඳහාඅදපොලිසියසහයෝගය ලබා නොගැනීමදප්‍රහේලිකාවකි.එසේ වුවත්මිග් ගිවිසුම යුක්රේන්මාෂ් අත්සන් නොකළ බව මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය චෝදනා කරයි. මිග් ගනුදෙනුවට අදාළ විමර්ෂණ කටයුතු සඳහා කටඋත්තරයක් යුක්රේනියාවේදී ලබා දීමට මම අවස්ථාවක් ඉල්ලා සිටි නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊට අවස්ථාවක් ලබානොදීමෙන් පැහැදිලිවන්නේ,දේශපාලකයින්ගේනියෝග මත, මා රිමාන්ඩ් කිරීමට රජයට ඇති අවශ්‍යතාවයයි. හිටපු විදේශ ඇමතිවරයා ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට කිහිපවාරයක් පැමිණි ඇත.

යුක්රේනියාවේරාජකාරි සංචාරයකදී රාජ්‍යය නිලධාරියකුට දිනකට ඩොලර් 600ක් යනුරුපියල් 93,000ක ගෙවීමක් සිදූකරන බැවින්, මා ගැන සෙවීමට යුක්රේනියාවට දින 7-10කට පැමිණෙන පොලිස් නිලධාරීන් මගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට කටයුතු නොකර මේ කරන සෙල්ලම කුමක්දැයි කාටවුවත් තේරුම් ගත හැක. පසුගිය දින නිලධාරීන් හත්දෙනෙක් ඩුබායි නගරයට පැමිණියේ ද මා නිදහස්කර ඇතිබවහරියටමදැනගැනීමෙන් පසුව ජනතාවගේ බදු මුදලින් තවත් සංචාරයක නිරතවීමට පමණි.මා පිළිබඳ විටින් විට විවිධ තොරතුරු මාධ්‍යයට ලබා දෙමින් මිග් ගනුදෙනුවේ කුමක්‌ හෝ සැක සහිත දෙයක්‌ තිබෙනවාය යන අදහස පවත්වාගෙන යැමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දැඩි උත්සාහයක්‌ තිබෙන බව පැහැදිලිය. ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

 

උදයාංග වීරතුංග රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

මාස එකහමාරක් තිස්සේ බලා සිටි පලාත් පාලන මැතිවරණයත් අවසන් වූයේය. දැන් ඉතින් මෙහි ප්‍රතිඵල ගැන සමාජ ජාලා තුල විවිධ පිරිස් විවිධාකාරයෙන් අදහස් හුවමාරු කරගනිති. තමන් අගය කරන පක්ෂයට චන්දය නොදී, වෙනත් පක්ෂවලට චන්දය දුන් අය ‘බත් කන මී හරකුන්’ ලෙස හඳුන්වන්නට යම් පිරිසක් ඉදිරිපත් වීමද අනුමත කිරීම අසීරු, මේ කතා කරන්නේ තමන්ගේම ජනතාව ගැන බැවිනි. මට නිකමට සිතෙන ආකාරයට ශ්‍රී ලාංකික දේශපාලනයේ අැත්තේ කොටස් දෙකක් පමනයි. ඒ දේශපාලකයා සහ චන්දදායකයාය. කණගාටුවට කරුණ වන්නේ ‘දේශපාලකයා’ යන වචනයෙහි ‘පාලකයා’ යන කොටස ඇතුලත් වුවද, එම පාලකයාගේ පැවැත්ම පිලිබඳ වැඩි වගකීමක් තිබෙන්නේ තමන් අත බව චන්දදායකයාටම වැටහීමක් නොමැති වීමයි. බැලූ බැල්මට පවතින රජයට අනතුරු ඇඟවීමක් කර ඇති නමුදු පාලකයන් තෝරා ගන්නට වැනිලද, චොකලට්ද ක්‍රමවේදයට එහා ගිය යමක් ජනතාවගේ විඥානයේ ඇතිවනු ඇත්තේ මේ ගැන හරිහැටි වටහා ගත් දිනෙකයි.

මේ අතර නොසිතූ විරූ ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලයක් ලැබුනේය. එහි ප්‍රධාන චන්ද තුරුම්පුව වූයේ හිටපු ජනාධිපතිවරයාය. එක්සත් ජාතික පක්ෂයට තනි පක්ෂයක් ලෙස දෙවන ස්ථානය ලැබුනමුත්, ඒ විශාල පරතරයක් ඇතිවය.

චන්ද ප්‍රතිඵල නිකුත්වී අවසන් වූ පසුව තම කට ඇරිය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ මෙම මැතිවරණ ප්‍රතිඵල මගින් 2015 ජනවාරි 08 වනදා ලැබූ ජනවරම ශක්තිමත් වූ බවයි. ඒ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලබාගත් 47.58% ක චන්ද ප්‍රතිශතය මෙවර 44.65% දක්වා අඩුවී ඇති බව කියමිනි. ඔහුට අනුව ඉතිරි 55.35% ම තමන්ටය. මෙසේ ගණන් හිලව් පෙන්වමින් මාධ්‍ය ඉදිරියේ තර්ක කිරීම රාජිතගේ ඉතාම සුලභ පුරද්දකි. පසුගිය වසරේ ඩෙංගු වසංගතයක් ලෙස පැතිරෙමින් ජනතාව පීඩා විඳිත්දී, මියයත්දී මොහු මේ අයුරින්ම සංඛ්‍යා ලේඛණ පෙන්වමින් තර්ක කලා ඔබට මතක ඇති. -පසුගිය රජය සමයේ ජනගහනයෙන් 1% ක් වූ ඩෙංගු ආසාදිත සංඛ්‍යාව, තමන්ගෙ පාලන සමයේදී 0.3%ක් දක්වා අඩුවී ඇත… – ආදී වශයෙනි. තමන් මේ කතා කරන්නේ මනුෂ්‍ය ජීවිත බව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔහුට අමතකය. තම අමාත්‍යංශයේ කටයුතු මෙලෙස සංඛ්‍යා ලේඛණ විජ්ජා මගින් මවා පෙන්වන ඔහු අදද කරන්නට හදන්නේ ඒ දෙයමය.

මෙම පලාත් පාලන මැතිවරණයත්, 2015 ජනාධිපතිවරනයත් සංසන්දනය කිරීම අසීරුය. මෙහිදී ඇමතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු අන් සියලුම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියල්ල රජයට පක්ෂපාතීය යන මතයක සිටින බව පෙනේ. නමුත් මීට සමගාමීව, ජනතාව විසින් රජය ප්‍රතික්ෂේප කර ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත.

මෙවැනි පැහැදිලි කිරීම් සහ එජාප හිතවාදී හෝ පොහොට්ටුවට විරුද්ධ සියලු දෙනා විසින් ජනතාවගේ තීරණය දකින ආකාරයේ ඇති පරස්පර විරෝධතාවන් සැබැවින්ම ගැටලු සහගතය. කෙසේ වුවත් මෙම මැතිවරණය, 2015 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සමග සන්සන්දනය කරනවා නම් වඩා සුදුසුය. 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සියලු පාර්ශ්වයන් පාහේ එක් වුනත්, මැතිවරණයේදී ඔවුන් තරගකලේ වෙන වෙනම පක්ෂ වශයෙනි. අද වනවිට ආර්.සම්බන්ධන් විපක්ෂ නායක වන්නේද, අනුර කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වන්නේද ඒ නිසාය. ඒ අනුව බැලූ කල්හි නම් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබෙන පසුබෑම, රාජිතගේ ගණන් ගැට සහිත මොළයට නොවැටහී නොයා යුතුය. අනික චන්දයෙන් එජාපයට ලැබෙන ‘විජයග්‍රහණයෙන්’ පසු තනි ආණ්ඩුවක් පිහිටුවන බවට වහසි බස් දෙඩුවේද එජාප මැති ඇමතිවරුන්මය. එසේම තනි ආණ්ඩුවක් ගැන අදහස තවමත් අතහැර නොමැති සේ පෙනෙන බැවින් ගණන් හිලව් සසැඳිය යුත්තේද තනිවමය.

2015 අගෝස්තුවේදී. එජාපය මුලු දිවයිනෙන්ම චන්ද 5,098,916 (45.66%) ක් දිනා ගත්හ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුනු චන්ද සංඛ්‍යාව 4,732,664 (42.38%) කි. එකල සන්ධානයේ අභ්‍යන්තර බෙදීම තිබුනද තරගකලේ එකටය. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 4,941,952 ක් ලබාගෙන තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 44.65% කි. නමුත් පෙනෙන්නට තිබූ ආකාරයට කොටසක් කැඩීගියේ සන්ධානයෙනි. මැතිවරණයට පෙර, පැහැදිලිව ප්‍රකටව තිබූ එම බෙදීම මත එජාපය තමන්ට පහසු ජයක් අපේක්ෂා කලේය. නමුත් එජාපය ලද මුලු චන්ද සංඛ්‍යාව 3,612,259 කි. එනම් 32.63% කි. මේ චන්දයේදීම සන්ධානයත්, සමහර ස්ථානවල ශ්‍රීලනිපයත් එක්ව ගත්කල තවත් චන්ද 1,481,656 ක් ද ඉතිරි විය. ඒ හැර ඒ ඒ පක්ෂ විසින් සහය ලබා දුන් ස්වාධීන කණ්ඩායම් නිසා මෙම ගණන් හිලව්වල මඳ වෙනසක් විය හැකිය. මේ සියලු කරුණු සලකා බැලූ කල්හි එජාපයේ පසුබෑම රාජිතට නොපෙනුනාට පැහැදිලිව දිස්වේ.

ජවිපෙහි චන්ද ප්‍රතිශතය පැහැදිලිව වැඩිවී ඇත. බෙදීමක් දක්නට ලැබුනේ සන්ධානය සහ පොහාට්ටුව අතර බැවින් මෙවර එම පක්ෂවලට ලැබුනු චන්ද සංඛ්‍යාවල එකතුව සහ පසුගියවර සන්ධානයට ලැබුනු මුලු චන්ද සංඛ්‍යාව සසඳා බැලූවිට 2015දී එජාපයේ තිබූ යම් චන්ද ප්‍රමානයක් අනිත් පක්ෂ වෙත බෙදී ගිය බව පැහැදිලිය. බොහෝවිට එසේ වනුයේ පාවෙන චන්ද වන අතර ප්‍රථම වරට චන්දය භාවිතා කරන යෞවනයන්ගේ කැමැත්තද මේ සඳහා බලපෑමක් කරන්නට ඇත. එසේ නම් තමන්ගේ පාලන ක්‍රමයේ කොතැන හෝ වරදක් ඇති බව රජය පිලිගත යුතුය. මෙම මැතිවරණ ප්‍රතිඵල නිසා ආණ්ඩු පෙරලීමක් නොවන නමුදු, එයින් රජයට යම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ බව එජාප ඇමතිවරු කිහිප දෙනෙක් නම් නිහතමානීව පිලිගත්තත්, රාජිත වැනි, තමන්ගේ කතා අසා සිටින අය බත් කන මී හරකුන් ලෙස ගණන් දමා සිටින අය උත්සාහ කරන්නේ තමන්වම රවටා ගැනීමට නොවේද?

සන්ධානයට අත්වූ ඉරණම නම්! පසුගිය වතාවේ සන්ධානයට චන්දය ප්‍රකාශකල ජනතාව අනාථ කරන්නට හේතු වූ කරුණු කිහිපයකි. ලෝකයට ආදර්ශයක් දෙන්නටය කියමින් තනාගත් හවුල් ආණ්ඩුවට සහයෝගය දෙමින් එජාපය හා අත්වැල් බැඳගත් සන්ධාන පිරිස එක හේතුවකි. ජනතා මනාපය නොලද පිරිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකම් ලබාදීම දෙවැන්නයි. මෙය තම පක්ෂය වෙනුවෙන් චන්දය ප්‍රකාශකල ජනතා අභිලාෂයන්ට කෝචොක් කිරීමය. ඊලඟට ජනතාවට බරක් වන පරිදි ගෙනා අය වැය ආදී සෑම තැනකදීම මොවුහු රජය වෙනුවෙන් අත ඉස්සූහ. මේ සියල්ල මැද සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනතාව අතරමං වූවා වැනිය.

මේ වන විට ජයග්‍රහණය කල පක්ෂයට චන්දය ප්‍රකාශකල ජනතාවට ගරහන පිරිස් පලකරන අදහස් සමාජ ජාලාවල වැසි වැස තිබේ. නමුත් යම් පක්ෂයකට කොනකු කැමති වන්නේ හෝ අකමැති වන්නේ ඇයිද කියා විමසුමක් කරනවා නම් බැන බැන ඉන්නවාට වඩා යහපති.

පසුගිය කාලය පුරාම එජාපයේ පිරිස මහින්දටද, සන්ධානයේ පිරිස මහින්දටත්, එජාපයටත්, විශේෂයෙන් රවි කරුණානායක සහ අගමැතිටත්, මහින්දගේ පිරිස එජාපයටත් ජවිපෙ මේ හැමෝටමත් චෝදනා කලේ එකම මන්තරය මතුරමිනි. එනම් හොරු! හොරා කෑවා! යන මන්තරයයි ඒ. නමුත් අවසානයේ හොරකම, පවුල් පාලනය, සුදු වෑන්, මිනී මැරුම් අාදී වැඩිම චෝදනා එල්ල වූ පුද්ගලයා පලමුවැනියා විය. එජාපයේ නම් බැඳුම්කර වංචාවට ඍජුවම හසුවී, ඇමතිකම පවා අතහරින්නට සිදුවූ රවි කරුණානායක තම උතුරු කොළඹ ප්‍රදේශයේ සියලුම පලාත් පාලන ආයතන ජය ගනිමින් පිටියේ වීරයා විය. රෝසි සේනානායකගේ පුත්‍රයාගේ නමද බැඳුම්කර කතාවට ගෑවී තිබියදීද කොළඹ පුරපතිනිය ලෙස අති විශාල චන්ද සංඛ්‍යාවකින් තේරී පත්වුන ඈ, මේ බැඳුම්කර වංචාව තවම චෝදනාවක් පමනකැයි පවසන්නේ ඇලෝසියස් සහ පලිසේන රිමාන්ඩ්කර සිටියදීය. කොටින්ම පසුගිය අලුත් අවුරුදු දා කසල කන්ද ඉහට කඩා වැටුන පසු, එකෙකුටවත් චන්දය නොදෙමුය කියා රජය සමග මරා ගන්නට ගිය කොළොන්නාවේ නගර සභාවද එම ඛේදවාචකයෙන් වසරක් යන්නට පෙර එජාපයට ගොසින්ය.

මේ කිසි දෙයකට නොගෑවුන ජනතා විමුක්ති පෙරමුණ තවමත් පිටුපසිනි.

එසේ නම් කොතැන වරදක් සිදුවිනිද? එජාපය තමන් දුටු රතු එලිය ගැන සැලකිලිමත් වෙනවාසේම චන්දදායකයාට බත් කන මී හරක් කියන්නට ඉක්මන් නොවී ජවිපෙද මේ ගැන සොයා බැලිය යුතුය. ජනතාව එසේ මී හරක් වැඩ කරන්නේ තමන් කියන දෙය නොතේරෙන අන්දමට සන්නිවේදනයේ ඇති යම් වරදක් නිසාවත්ද?

තම චන්ද රැස්වීම්වලදී, මුදල් ඇත්තේ අගමැති ලඟ බැවින් වෙනත් පක්ෂයක් දිනෙවුවොත් බෝක්කුවක්වත් හදන්නට මුදල් නොදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. පලාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ තම අමාත්‍යංශය යටතේ බැවින් වෙනත් පක්ෂයකට බලය දුන්නොත් මුදල් නොලැබෙන බව ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තර්ජනයක් දැම්මේ හිනැහෙමිනි. දුමින්ද දිසානායක පමනක් නොව ජනාධිපතිවරයා පවා කීවේ පලාත් පාලන ආයතන රජයේ කොටසක් නොවෙතොත් සංවර්ධන කටයුතු සඳහා මුදල් නොදෙන බවය. ඒ අතර අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, ජෝන් අමරතුංග ආදීහු තම රජයේ අතීත චණ්ඩි පාට් ගැන මතක් කලහ. මේ සියල්ල හොර මැර වංචා දූෂණ කතාවලට අමතරවය.

මේ සියල්ල සාවධානව අසා සිට චණ්ඩිකමටත් බයනොවී, මුදල් නොදෙන කතාවද ගණනකට නොගත් ජනතාව තම චන්දය පොහොට්ටුවට ප්‍රකාශකර රජයට රතු එලිය දැල්වූහ. මෙහි අදහස කුමක් විය හැකිද? පලාත් පාලන ආයතන තමන්ට තිබුනත් එකයි නැතත් එකයි කියා රජයට දැනෙන්නට ඉඩහැරියා වන්නට නොහැකිය. එබැවින් ජනතාව තමන්ට චන්දය නොදුන් පලියට ‘බත් කන මී හරක්’ ලෙස හංවඩු ගැසීම සුදුසු නොවේ. නමුත් තමන් මේ ආකාරයට චන්දය ප්‍රකාශ කරන්නට හේතුවක් ඔවුන් වෙත තිබෙනු ඇත. කැපුවත් අහවල් පාට යන හේතුවේ සිට තමන් ගෙවන ජීවිතය තමන්ට දැනෙන ආකාරය අනුව මේ හේතු පවතිනු ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ත්‍රස්තවාදී යුද්ධයේ බලපෑම තමන්ට දැනුන ආකාරය මත මේ හේතු පදනම් වීම මින් එකකි.

1977 සහ ඊට පෙර ජනතාවට තිබුනේ කුසගින්න පිලිබඳ හේතුය. බඩ පොත්ත පිටට ඇලෙන ප්‍රමානයට විපක්ෂය බලවත් වූ එකල හාල් සේරු දෙකකට, ඇට රාත්තල් අටකට රජයක් පෙරලීම සුලු දෙයක් විය. 1977 සිට 1994 දක්වා කාලයේ සිදුවූ සිදුවීම් සහ එම රජය අනුගමනයකල ප්‍රතිපත්තීන් තුල, දේශපාලකයාගේ දේශපාලන අභිලාෂයන් මෙන්ම ජනතාවගේ ජීවන අභිලාෂයන්ද සම්පූර්ණයෙන් වෙනස් කලේය. මෙතැනදී එක කොටසක් නිමක් නැති මුදල් හා බලය රැස් කිරීමේ සටනක නිරත වූ අතර ඒ සමගම උතුරේ සහ දකුණේ ඇවිලුන ත්‍රස්තවාදය නිසා අනිත් කොටස කෑමබීම සොයනවා වෙනුවට තම පණ කෙන්ද රැක ගැනීමේ සටනක නිරත වූහ.

මට දැනෙන අන්දමට අද සියල්ලෝම දකින්නේ පසුගිය අවුරුදු දහය පමනයි. අද ජවිපෙ හිතවතුන් මෙන්ම පුරවැසි බලයද පවසන්නේ, හිරගෙදර කූරු ගනිමින් ඉන්න නියමිත වූවන්ට එම ඉරණම අත්කර නොදීමේ පාපය රනිල්-මෛත්‍රී හවුල ගෙවන බවයි. මේ පාඨයම අතීතයටද ආදේශ කල හැකිය. බටලන්ද කොමිසම් වාර්තාව එවැන්නකි. එයටද වගකිව යුතු අයට නිසි දඬුවම් නොලැබුනෙන් අද ඔහු යෙහෙන් වැජඹෙයි. නමුත් පසුගිය දස වසර යනු දශක ගණනක් තිස්සේ පැවත ආ පාදඩ සංස්කෘතියක බලපෑම බව නොවැටහෙන්නේ ඇයි? අද ඔබ කතා කරන තාජුඩීන් හෝ ලසන්ත වික්‍රමතුංග මෙන්ම එජාප පෙර පාලන සමයේ රිචඩ් ද සොයිසා මෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ ආදී මාධ්‍යවේදීන්ද විජය කුමාරතුංග ස්ටැන්ලි විජේසුන්දර, රෝහණ විජේවීර වැනි විශේෂ පුද්ගලයන්ද, චන්ද්‍රිකාගේ පාලන සමයේ මරා දමනු ලැබූ නිමලරාජන්, රෝහණ කුමාර වැනි අයද සිහිපත් කරන විට මේ ප්‍රශ්න එක දශකයක පමනක් නොව දශක කිහිපයක සිට යලි යලිත් පුනරාවර්තනය වෙමින් එන සංසිද්ධි බව පැහැදිලිය. ඒවාට අදාල මොහොතේ දඬුවම් නොකර චන්ද ගුණ්ඩු ලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිවාදීන් බ්ලැක්මේල් කරන්නට පමනක් යොදා ගන්නා විට ඔවැනි ප්‍රතිඵල අපේක්ෂා කල යුතුය.

එක වරම සමස්ත ජනතාවගේ මතය වෙනස් කරන්නට අපහසු වනු ඇත. නමුත් චන්ද කාලයට පමනක් නැතිව ඉතාම බිම් මට්ටමින් වැඩමුලු පවත්වමින් ජනතාවට යම් නිවැරදි දේශපාලන දැක්මක් ලබා දෙයිනම්! උදාහරණයට ගත හැකි කොපමන දේ ලොව තුල තිබෙනවාද? පොරොන්දු ප්‍රාකාර අනාගතයේ නොමිලේ වයිෆයිද, සෑම ළමයෙකුටම ටැබ් එකක්ද දුන්නොත්, එයින් දෙමව්පියන් දැනුවත් කරන්නට වඩා පහසු මගක් පෑදේවි. ඒවා නැතත් කල යුතු දේ දැන්ම අරඹනවා නම් සුදුසුය. මනුෂ්‍යයා තුල තම ආත්ම ගෞරවය සහ අයිතිවාසිකම් පිලිබඳ හැඟීම ඇති කල දිනට මේ තත්වය වෙනස් වනු ඇත.

කවුරු කාට චන්දය ප්‍රකාශ කලත් මේ වතාවේ සිට දෙගුණ වූ මෙම සභිකයන් ප්‍රමානය නඩත්තු කරන්නට වෙන්නේද ජනතාවටමය. අනික අද පලාත් පාලන ආයතනයට ගොඩවන පුද්ගලයාගේ අභිප්‍රාය එතැනින් නොනවතී. මේ දේශපාලන ගමන් මගේ ඉහලට යන්නට යන්නට ඔවුන්ව කර ගසාගෙන යන්නට වෙන්නේද ජනතාවටමය

තේජා ගොඩකන්දෙආරච්චි

90 දශකය වන විට 17 වසරක එ.ජා.ප පාලනයෙන් ජනතාව හෙම්බත් වී සිටියේය, හිහන්නගේ තුවාලය වන් යුද්ධයෙ ඔඩු දුවා තිබුනි. එනමුත් ජනතාවට බලාපොරොත්තුවක සේයාවකද නොතිබිනි .ඒකීය රටක සුභ සිහිනය මියදෙමින් තිබුනි මේ අතර ජාතික ඇදුම ඇදගත් , දුරකථනයට ආයුබෝවන් කියා අමතන ජව සම්පන්න තරුණයේකු මතුව ආවේය . ඒ සදලුතලයෙන් නොව ගෙන්දගම් පොලොවෙනි . ජාතික ව්‍යාපාරයක සංකල්පය ඔහු ජනගත කලේය. සිංහල ව්‍යාපාරික ප්‍රජාවට නායකත්වය දෙමින් ඔහු ‛සිංහල වීර විදහන’බිහි කළේය. සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් කෙලින් කලේය. යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යාමට තරුන පිරිස් ඔහු වටා රොද බැන්දේය

සිංහ කොඩියේ සිංහයා පන ගසා නැගිට්ටේය.එනමුත් අවාසනාවකි . සූරියකන්දේ ඇටසැකිලි වෙලෙන්දන් ජාතික ව්යාපාරයට කොකා පෑවේය.ඒරොප්පෙන් ගොඩබට කල්ලතෝනි නෝනා ජනතාවගේ ඇසට වැලිගසා ජාතික ව්‍යාපාරය හයිජැක් කලාය.ලක්බිම වසර කිහිපයකට ආපස්සට ගෙනයාමට 1994 වසරේ කතිරය සමත් විය .

කොටියා දිනෙන් දින බලවත් වූයේය මුලතිව්,අලිමංකඩ, මාන්කුලම් ජාතියට අහිමි විය , දීගවාපී පුදබිම ඩෝසර් විය, මේ අතර පිංවත් හිමිනමක් තරුන ජාතික ව්යාපාරයට එක් විය. ඊලග ජනධිපතිවරණයට උන්වහන්සේ ඉදිරිපත් වන බව නොබියව ප්රකාශ කලේය. සැක කටයුතු ලෙසින් උන්වහන්සේ අපවත් වූයේය. එනමුත් උන්වහන්සේගේ සිහිනයට පන දුන්නේය, සංඝ සේනාවක් පෙරටුව දියවන්නාව ආක්‍රමණය කලේය. කොටියාට එරෙහිව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය  බිහි කළේය

2005 තීරණාත්මක කඩ ඉමක් විය. රනිල් කොටියාට උතුරු නැගෙනහිර ගිවිසුමක් මගින් පවරා තිබුනි. හමුදා සේනාංක බැරැක්ක වලට සීමා කොට තිබුනි. හමුදාවේ අණ දෙන රේඛාව අකර්මන්ය කොට තිබුනි . කොටි කෙල්ලන් හමුදා බැරැක්ක ඉදිරියට පැමින කලිසම ගලවා උසුලු විසුලු කලාය. මෙවන් පසුබිමක කොටින්ට කත් අදින රනිල්ට එරෙහිව මහින්ද සමග එක් වූයේය.

පලමු අදියෙරේදී මහින්දට යුධ ක්‍රියාන්විතය පිලිබද කිසිදු විශ්වාසයක් නොවිනි. මහින්දගේ එක් කකුලක් නෝර්වේ සාම බ්රෝකර් කුමාර් රූපසිංහ වෙත වූ අතර අනෙක ආරක්ෂක මන්ඩලයේ විය. පිලිම නොනෙලූ විරුවන් මාවිල් ආරු දක්වා පාගමන් ගියේ මෙවන් පසුබිමකය.

සොල්දාදුවාගේ සිට තරු ජෙනරාල් දක්වා දේශානුරාගය එන්නත් කලේය. කොළඹ සුවපහසු දිවියක් ගෙවමින් ටැමිල් නෙට් මෙහෙයවූ සිවරාමන් නිහඩ වූයේ කොටින්ට කඩේ යන ලොකු කුඩා කාහටත් පනිවිඩයක් දෙමිනි. එදා මාවිල් ආරුවෙන් පටන්ගත් ගමන විජයග්‍රහණ අවසන් විය.

ජයග්‍රහණයට පියවරු බෝහෝ විය. යුද්ධය අවසන් වූ පසු දේශ්‍රපේමි දෙකේ කොලයට වැටිනි , අරලිය මැදුරේ දොර විවෘත වූයේ ජාවාරම් කාරයින්ටය . රාජපක්ෂලා සොරකම් කලේ නැත, මහ දවල් මංකොල්ල කෑවා පමනි. සබද.. මැදමුලන කොල්ලයට විරාමයක් තැබිය යුතුම වූවා නෙවේද? දෛවය පුදුම සරදම් කාරයෙකුයයි මට සිතෙයි … යහපාලනය සිහිනය උපන් ගෙයිම මිය ගොස් ඇත , ඊට යලි පනදිය නොහැක

මහින්ද රාජපක්ෂ මීය කඩන්නේ අත ලෙවකෑමට නොවේ . බැසිල්ගේ බිම් මට්ටම් හිස් පෙලහරකි, මහින්ද ඇතුලු කෙස් පැහුනු දේශපාලන කෙරුමලා ගෝටාගේ ආගමනය වලක්වනු ඇත මෙවර මහින්ද ගහන්නේ අමුතු ගේමකි ,තනි අතේ ගේමකි , ඉලක්කය පුතුන්ගේ හෙට දවසය .වැටෙන් දේ කා සිටිනවා විනා බැසිල්ට හෝ ගෝටාභයට එන් එහා ගමනක් නැත . රනිල් යනු කල්ලතෝනියෙකි , ඔහුට රැකීමට රටක් නැත, දැයක් නැත , ආගමක් නැත තානාපති ඔඩොක්කුව මිස ජන පදනමක් ඔහුට නැත. සිංහලේ ජාතික ව්‍යාපාරයට යලි පන දිය යුතුව ඇත. මව් බිමේ නාමයෙන් සටන්කාමී ධජය වැලදගත යුතු නිමේශය එලඹ ඇත.

ලියුම්කරු කීර්ති රත්නායක

බොහෝ දෙනා මට රනිල් ඉවත් කිරීම පිළිබඳ ව කියනවා. එක් තරුණයකු කිව්වේ අගවිනිසුරු අස්කළ අන්දමට එක් නිවේදනයකින් අගමැති අස් කරන්න පුළුවන් කියා. මෙරට බොහෝ දෙනකු කතා කරන්නේ යම් දැනුමක් (නීතියක් ඇතුළු) වලංගු වන්නේ කිනම් පරාසයක ද කියා සෙවිල්ලක් නැතිව. එනම් දැනුමක් වලංගු වන හතරමායිම ගැන නොදැන. දහනවවැනි සංශෝධනයට පෙර හා පසු යන වෙනසත් ඇතැමුනට තේරෙන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගවිනිසුරු ඉවත් කළ ආකාරය හා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැති වෙනස් කරන ආකාරය දෙකක්. අතන එහෙම කළා නම් මෙතන මෙහෙම කරන්න පුළුවන් කියා කියන්න බැහැ.

2015 ජනවාරි 9 වැනි දා දි මු හිටිය දී ම රනිල් පත්කිරීම වැරදියි කියලා මාත් ඒ දිනවල හිතන් හිටියෙ. එහෙත් එකලත් එකල ව්‍යවස්ථාවේ 43(3) යටතේ එය කරන්න පුළුවන්. මා ඒ බව තේරුම් ගැනීමෙන් පසු රනිල් ඉවත් කිරීමටත් 43(3) හා තවත් වගන්ති යොදා ගත හැකි බව කියන්න පටන් ගත්තා. එ දැනට අවුරුදු දෙකකටත් කලින්. එහෙත් ඒ අදහස සමාජයට දැනෙන්න මැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණා! දැනට අවුරුද්දකට පෙර මා ඒ අදහස ප්‍රසිද්ධ හිමිනමක් ඉදිරියේ මාධ්‍ය ප්‍රධානියකුට පැවසුවා. එහෙත් ඔහු ඒ ගැන කිසිවක් කෙළේ නැහැ. එක් පඬියකු කියා තිබුණේ මේ තර්කය දැන් පරණ බව. ඔහු ඉන් කුමක් අදහස් කෙළේ ද යන්න පැහැදිලි නැහැ. තර්කයක් පැරණී වූ පමණින් ඒ ගැන මෙතෙක් කිසිවක් නොකෙරී ඇති පමණින් තර්කය අවලංගු වන්නේ නැති බව පමණක් කිව යුතුයි.

දහනවයට පෙර ව්‍යවස්ථාවේ එකල 47 (අ) යටතේ ජනාධිපතිට අගමැති අස් කිරීමේ බලය තිබුණා. දහනවයෙන් ඒ බලය නැති කෙරුණා. දහනවයෙන් පසු අදාළ වගන්තිය 46(2) යි. එහි අස් කිරීමේ බලතල නැහැ. මේ රනිල් විධායක ජනාධිපති බලතල නැති කළ ආකාරයයි. අද ඊනියා ව්‍යවස්ථා අර්බුදයක් ඇති වී තිබෙන්නේ ඒ බලතල ජනාධිපතිට අහිමි කිරීම නිසයි. එහෙත් එය ව්‍යවස්ථා අර්බුදයක් නොවන බවත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ හැකි බවටත් අප පසුගිය ලිපිවලින් තර්ක කර තියෙනවා.

මේ අතර රටින් පිට සිටින අයකු 48(1) කෙරෙහි මගේ අවධානය යොමු කර තියෙනවා. ඒ අනුව සාමාන්‍ය කාලයක දී අගමැති ඉල්ලා අස්වූවොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ අන්‍යාකාරයකින් හෝ ධුරය දැරීම නතර වුවහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා. මෙය දහනවයට පෙර ව්‍යවස්ථාවේ 48(2) අනුව්‍යවස්ථාවයි. දහනවය කෙටුම්පත් කළ අයට ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් කියන කොටස අයින් කිරීමට අතපසු වී තිබෙනවා. මා කලකට පෙර කී පරිදි දහනවය කඩිමුඩියේ කළ වැඩක්. එහි අතපසු වීම් පරස්පර ගණනාවක් තිබෙනවා.

48(1) අනුව්‍යවස්ථාව කෙරෙහි මගේ අවධානය යොමු කළ අයට මා ස්තුතිවන්ත වෙනවා. ඔහු ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් යනුවෙන් සඳහන් වී ඇත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරනවා. ඒ කෙටුම්පත් නිලධාරීන්ට ධුරයෙන් ඉවත් කිරීමට දහනවයෙන් ඉඩ නැති බව අමතක වී පැරණි 48(2) එසේ ම තිබීම නිසා හටගත්තක්. එහෙත් මේ නව 48(1) වෙනත් කරුණක් නිසා වැදගත් වෙනවා. එහි සඳහන් අන්දමට අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර වුවත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා. මේ අන්‍යාකාරය යනු අර්ථ නොදැක්වෙන දෙයක්. මෙහි කියන්නේ අගමැති ධුරය දැරීම නතර කෙරෙන නිශ්චිත ව ව්‍යවස්ථාවේ සඳහන් නොවූ අන්‍යාකාරත් තිබිය හැකි බවයි.

ජනාධිපතිට අගමැති අස් කරන්න බැරි වුවත් අප ඊයේත් කලින් දිනවලත් තර්ක කර ඇති ආකාරයට 43(3) යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. 42 (4) යටතේ වෙනත් අගමැති කෙනකු පත් කළ හැකියි. එසේ සංයුතිය වෙනස් කිරීමට අගමැති ද අයත් වෙනවා. එනම් ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමත් සමග අගමැති එකී ධුරය දැරීම නතර වෙනවා. එය 48(1) හි කියැවෙන අන්‍යාකාරයකින් අගමැති ධුරය නතර කිරීමක්. රනිල් ඉල්ලා අස්නොවූවත් මන්ත්‍රී ධුරය අහිමි නොවූවත් අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර කිරීමට අගමැතිත් ඇතුළුව අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් කිරීම ප්‍රමාණවත්. ඒ සමග 48(1) අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා. එවිට වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. මේ සියල්ල විනාඩි ගණනකින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනාධිපතිට අගමැති අස් කරන්න බැරි වුවත් රනිල් අගමැති ධුරය දැරීම නතර කරන්න පුළුවන්.

අප ඊනියා ජාතික ආණ්ඩුව වලංගු නැත ආදී තර්කවල එල්ලෙන්න හොඳ නැහැ. ඊනියා ජාතික ආණ්ඩව පිහිටුවා ඇත්තේ 46(5) අනුව්‍යවස්ථාව යටතේ මිස ගිවිසුමක් මත නො වෙයි. ඇතැමුන් මෛත්‍රිපාල නොමග යැවීමට ලණු දෙනවා වෙන්නත් පුළුවන්. කොහොමටත් අද රනිල් මෛත්‍රිපාල විරසකය තීව්‍ර වෙලා. එය රඟපෑමක් ලෙස අයකුට තවමත් හිතන්න පුළුවන්. ඒ අයට ව්‍යාජ සමාජවාදයේ පිහිටයි. අද ප්‍රශ්නය නීතිය හා පාර්ලිමේන්තුව අතර ප්‍රශ්නයක් කරන්න පුළුවන්. එහෙත් නීතිය ඇත්තේත් රනිල්ට විරුද්ධවයි. නිමල් සිරිපාල ද සිල්වාට 113ත් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නැතත් නීතියෙනුත් ව්‍යවස්ථානුකූල ව රනිල් ඉවත් කරන්න පුළුවන්.

මෛත්‍රිපාලට උපදෙස් දෙන්න දක්‍ෂයන් නැති බව පැහැදිලියි. අද ඔහු නීතිපතිගේ පිහිට පතනවා. අයකු අසා තිබූුණා එදා අගවිනිසුරු ඉවත් කරන විට රනිල් අගමැති ලෙස පත් කරන විට මහේන්ද්‍රන් පත් කරන විට නීති උපදෙස් නොපැතූ මෛත්‍රිපාල අද නීති උපදෙස් පතන්නේ ඇයි ද කියා. එයට හේතුව පැහැදිලියි. 2015ත් 2016ත් මෛත්‍රිපාල කටයුතු කෙළේ රනිල්ගේ හා චන්ද්‍රිකාගේ උපදෙස් මත. ඔහු ඔවුනට අවනත වෙලා හිටියෙ. 2017 වන විට ඔහු තරමක් නිදහස්. අද ඔහු රනිල්ට විරුද්ධව කටයුතු කරනවා. අප දිගින් දිගට ම ඔහු අවිශ්වාස කරමින් ඔහුට ශක්තිය නොදෙමින් කටයුතු කළහොත් ඔහුට නැවතත් රනිල්ට යට වීමට සිදුවෙනවා. අද බටහිර හා ඉන්දීය බලවේග සිංහලයන්ට විරුද්ධ ව ඊනියා ජාතික ආණ්ඩූව සංහිඳියාවක් නාමයෙන් පවත්වාගෙන යෑමට සම්පූර්ණ බර දමනවා. ඔවුන් ජෙනීවා තර්ජන නැවතත් කරාවි. ඊනියා යහපාලනය ඉවත් කර අපි ඒ තර්ජනවලට මුහුණ දෙමු. මේ අවස්ථාවේ මෛත්‍රිපාලට ශක්තිය ලබා නොදීම යනු රනිල් තහවුරු කිරීමක් හා බටහිර හා ඉන්දීය බලවේගවලට යට වීමක්. අද පිහිටුවන්න ඕන භාරකාර සම සංධාන ආණ්ඩුවක්. එහි ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමතිකම් භාර ගැනීම බටහිරට හා ඉන්දියාවට දෙන අතුල් පහරක් වේවි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-18

Published on: Feb 18, 2018 – පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම ශ්‍රී ලනකාවට යළි පැමිණීම පිළිබඳව ඇමරිකානු සහ ඉන්දියානු රාජ්‍ය ඔත්තු සේවාවල විශේෂ අවධානය යොමු වී තිබේ.

ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීමය.

ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ගැන ඇමරිකානු “සී.අයි.ඒ.” සහ ඉන්දියානු “රෝ”ඔත්තු සේවා මේ දිනවල සීරුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

Published on: Feb 18, 2018 – දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් ලංකාවට හොර රහසේ පැමිණෙන ඉන්දියානුවන්ය. කල්ලතෝනි ප්‍රශ්නය එදා එදා සිට අද දක්වාම ලංකාවට මහත් පිලිලයක් වී ඇත. කිසිදු අවසර පත්‍රයකින් තොරව කල්ලතෝනින් ඉන්දියාවේ සිට මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ. තවත් අදියෙරකදී ලන්දේසීන් දුම්කොල වගාවට වෙල්ලාලයන් ‍රැගෙන ආහ. ඉංග්‍රීසිකාරයින් වතු වගාවට සහ පාරවල් තැනීම ආදී කුලී වැඩට ඉන්දියානුවන් ‍රැගෙන ආහ . අනතුරුව ඔවුන් මෙහිම ගල් විය.

මෙසේ ගල්වූ කල්ල‍තෝනී සමහරෙක් සිංහල ගම්බිම් වල බින්න බැස්සෝය. සිංහල ඌරුවට හැඩවැඩ වී සුද්දන්ට ගොට්ට ඇල්ලුවේය. සුද්දන්ගේ මිලිටරියට ඔත්තු සැපයුවේය. ඊට හිලව් ලෙස මොවුන්ට සුදු ආන්ඩුවෙන් තාන්න මාන්න ලැබුනේය. ගො‍ටු අල්ලමින් සිංහල රදලයන්ට වඩා ඉහලින් වැජඹුනහ. කම්කරුවන් ලෙස මෙහි පැමිනි තවකුන් අඩියෙන් අඩිය ඉහල නැග ව්‍යාපාර ආරම්භ කලහ. ක්‍රමයෙන් වෙලද සි‍ටුවරු බවට පත් වූහ. සමහරෙක් වතු වල ලයිම් කාමර වලට කො‍ටු වූහ.

කල්ල‍තෝනි රාජා

කල්ල‍තෝනී රාජා මෙහි පැමිනියේ දුම්රිය මාර්ග කම්කරුවෙකු ලෙසය. අනතුරුව සුලුපරිමානයේ කොන්ත්‍රාත්කරුවෙකු විය. හතර වටේ පොලු තියමින් ඉතුරු කරගත් මුදලින් සින්නතම්බි රාජේන්ද්‍රම් (කිලීගේ පියා )මිතුරකු සමග එක්ව 1938 දී මහරාජා ව්‍යාපාරය ආරම්භ කලේය. මුලින් ඔහු පටන්ගත්තේ කුඩා ප්‍රමානයේ මෙවලම් තනන තනන කම්හලකි . අනතුරුව පීවීසී බට තැනීමට අත ගැසුවේය. 60 ගනන් වනවිට ඔහු වෙලද සි‍ටුවරයෙක් විය.1965 දී සින්තතම්බි රාජේන්ද්‍රම් මිය යෑමෙන් පසු දරුවන් වූ කිලී මහේන්ද්‍රන් පරපුර කරලියට අවේය.

කිලී මහරාජා මුලින්ම ගොට්ට ඇල්ලුවේ ආර් ප්‍රේමදාසටය. කුනු ලෝබයෙකු හා කපටියෙකු වූ මහරාජාගේ ශෛලිය ප්‍රේමදාසට ඇලුවේ නැත. ඔහුගේ හිත ගත්තේ කල්ල‍තෝනි ඇලෝසියස් ය. ඇලෝසියස් දෙස ඉරිසියාවෙන් බලා සිටි කිලී මහරාජා 17 වසරක එ.ජා.ප රජය පෙරලීමට චන්ද්‍රිකා සමග පෙල ගැසුනේය. ඒ අනුව ඔහුට සිරස මාධ්‍ය ආයතනය ගොඩ නැගීමට හැකිවිය. නිකම්ම නිකම් මුදලාලියෙකු වූ මහරාජාට දේශපාලන කාමයේ රස වැ‍ටුනේය. මාර්ග කම්කරු රාජාගේ ගේ සිට කිලී මහරාජා දක්වා දියුනුවේ රහස වූයේ පොලු තැබීම් හා ‍රැවටීමයි . ඔවුන් කල්ගෙවූයේ ජනයාගෙන් සැගවෙමිනි. කිලී මහාරාජා කව්දැයි බොහෝ දෙනෙකු නොදනී. කුප්ප වැඩ කරන කිලීද නිතරම ජනයාගෙන් සැගව සිටී.

කට්ටා ඇලෝසියස්

කට්ටා ඇලෝසියස් යනු ප්‍රේමදාස ලග සිටි කල්ල‍තෝනි මුදාලාලිය .තමිල්නාඩුවේ සිට ආ දමිළ කතෝලිකයකු වූ ඔහුගේ මුල් ව්‍යාපාරය කරෝල වෙළදාමය. ප්‍රේමදාසගේ සහ එවක එ.ජා.ප ආන්ඩුවේ පිහිටින් ඔහු ව්‍යාපාරික ලෝකයේ උඩටම ගියේය. ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පොල්ලක් තැබූ අයෙකි. මොහු අර්ජුන ඇලොසියස් – ( මහ බංකු බෑනා) ගේ සීයා වෙයි . අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ද ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය.

තෝම්බි මුදලියර්

‍තෝම්බි හෙට්ටියා දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිනි කල්ල‍තෝනි යෙකි. ඔහු හංවැල්ලේ වෙල්ගම ගමේ ජයවර්ධන පෙළපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන බිරිඳගේ ‘වාසගම’ ගත්තේ ය. මොවුන්ට දාව උපන් පුත්‍රයා දොන් ඒඩ්‍රියන් ලෙස නම් තැබුවේය . දුප්පත්කම නිසා වයස අවුරුදු 14 පිරෙන විට ‍රැකියාවක් සොයා ඔහු කොලඹ ආවේය. කොළඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වන කර්නල් ඩ්‍රිබර්ග් හමුවිය. ඔහුට හමුදාකදවුරේ බැට්මන් තනතුරක් ( ආවතේව කරු ) ලැබින. මේ ලපටි කොල්ලා නිලධාරීන්ගේ ඕනෑ එපා දේ සියල්ල ඉ‍ටුකලේය.

කාලයක් වැඩකල ඔහුට ලන්දේසි හමුදාවේ ඔත්තුකරුවකු ලෙස ආරච්චි තනතුරක් ලැබුණේ ය. ඔහු ලොක්කන් කෙරේ පෙන්වූ අසීමිත පක්ෂපාතී බව හේතුවෙන් රැකියාවේ ඉහළට ම ගියේ ය.
ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කරන විට උන්ගේ ඔත්තු සෙවීමට ගිය දොන් ඒඩ්‍රියන් මහබෝල ගමේදී ඉංග්‍රීසීන්ට අසුවිය. එතැන් පටන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතීව වැඩකලේය. තෝම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ජේ.ආර් ජයවර්ධන ගේ මීමුත්තා ය. ජේ.ආර්ගේ බෑනා රනිල් වික්‍රමංසිහය

නීලපෙරුමාල් පණ්ඩාරනායගම්

නීලපෙරුමාල් පණ්ඩාරනායගම් කල්ල‍තෝනියා ලංකාවට එන්නේ නවගමුව පත්තිනි දේවාලයේ කපුවෙකු ලෙසය.ඓතිහාසික නවගමුව දේවාලයේ පළමු කපුරාළ වූයේ ඔහුය. ලංකාවේ බින්න බසින හේ හෙල ඌරුවට වෙස් ගන්නේය. සුද්දන්ගේ ආගමනයත් සමග නීලපෙරුමාල්ලා ගේ කරල පැසෙන්නේය. සුද්දන්ට ආවතේව කොට මොවුන්ද තාන්න මාන්න ලබයි . කොලබ නුවර මහා මාර්ගය ඉදිකිරීමේ කාර්ය සදහා දකුනු ඉන්දියාවෙන් කම්කරුවන් ‍රැගෙන ඒමේ අතරමැදියන් ලෙස කටයුතු කලේ නීලපෙරුමාල්ය. උන්ගෙන් වැඩගැනීම අරඹයා මාර්ගය තැනීමේ අධීක්ෂණ තනතුරක්ද නීලපෙරුමාල්ට හිමි විය. A1මාර්ගය හදන අතරතුර නීලපෙරුමාල් ඕර්සියෙල් අතින් හොරගොල්ල වලව්වටද අත්තිවාරම වැ‍ටුන බව ප්‍රසිද්ධ රහසකි. නීලපෙරුමාල් පණ්ඩාරනායගම් පරපුරේ අපේ කාලයේ පුරුක චන්ද්‍රිකාය

කල්ල‍තෝනි කොල්ලය

2014 වනවිට මැදමුලන පවුල් පාලනය අවසන් කිරීමේ කතිකවක් රටපුරා ව්‍යාප්ත විය. මෙහි පෙරගමන් කරුවන් වූයේ යටකී කල්ල‍තෝනි කල්ලියයි. චන්ද්‍රිකා විදේශ ඔත්තු සේවා සමග සම්බන්ධවී පොදු අපේක්ෂකයෙකු ගෙන ආවේය. පොදු අපේක්ෂකයාගේ දේශපාලන කූඩාරම රනිල් අතින් නිම වූයේය. මහරාජා සිය මාධ්‍ය හයිය යොදා පොදු අපේක්ෂකයා මාකට් කලේය, ඇලොසියස් රවි කරුපයියා සමග එක්ක්වී මුදල් පොම්ප කලේය .මැදමුලන පවුල් පාලනය අවසන් කරමින් කල්ල‍තෝනි පිල ජයගත්තේය

කල්ල‍තෝනීන්ගේ පරයන් බව සක්සුදක් සේ ඔප්පුකරමින් රට කොල්ල කෑමට පටන් ගත්තේය. රනිල් සමග එක්වූ ඇලෝසියස් මහ බැංකුව කොල්ල කෑවේය. සිරිසේන සමග එක්වූ මහරාජා අතට අසූවූ දෙය හොරා කෑවේය. යහපාලනය ලෙසින් හැදුන්වූයේ කල්ලතොනි දෙපාර්ශවය කල මංකොල්ලයයි .චන්ද්‍රිකා -රනිල් ඉන්දියාව සමග එක්ව ෆෙඩරල් සිතියම ඇන්දේය. එකෙක් පරයමින් අනෙකා තරගයට මෙන් රට කොල්ල කෑවේය. කලක් යාමට මත්තෙන් තම ගොඩ වැඩි කර ගැනීම සදහා කල්ල‍තෝනි කල්ල‍තෝනීන්ම ගහ මරා ගැනීම ආරම්භ විය.

මැදමුලන පිබිදීම

කලෙකදී රටේ ප්‍රධාන දේශපාලන බලකො‍ටු දෙකම කල්ල‍තෝනින් සතුවිය, නිදහස් පක්ෂය නීලපෙරුම පන්ඩාරනයගම්ලා සතුවූ අතර එක්සත් ජාතික පක්ෂය ‍තෝම්බි මුදලියර් ජයවර්දනලා සතුවිය. නිදහස් පක්ෂය යලි ඩැහ ගැනීමට චන්ද්‍රිකා ගත් සියලු උත්සාහ ව්‍යයර්ථ වී ඇත. කාලයකට එහි අයිතිය මැදමුලනින් ගැලවීම දුෂ්කරය . නමුත් එ.ජා.ප කල්ල‍තෝනි ග්‍රහනයෙන් මිදෙන සේයාවක් වත් දක්නට නැත. රනිල් – සිරිසේන සමග කල්ල‍තෝනී කල්ලියට ටිකක් රට උලා කෑමට අවස්ථාව ලැබී ඇත.

ලියුම්කරු – කීර්ති රත්නායක

Published on: Feb 17, 2018 – පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත්වන පාර්ශ්වයට ආණ්ඩුවේ අගමැති ධුරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂ යන දෙපාර්ශ්වයෙන් කුමන පාර්ශ්වය ඊට සමත් වුවද ඒ සඳහා ඉඩදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව එජාපයේද මන්ත්‍රී කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ මෙහෙයුම පසුගිය සතියේ සිකුරාදා වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණ.

එසේම එක්සත් ජාතික පක්ෂයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එම ධුරයේ තබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීමට අවශ්‍ය දේශපාලන මෙහෙයුම්වල යෙදී සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත්කර ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවසර දෙන ලෙස ශ්‍රීලනිපය කළ ඉල්ලීමටද ජනාධිපතිවරයා කළ අනුමැතිය දී ඇති අතර සියලු දෙනාට ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන බහුතරය පෙන්වන ලෙසය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයේද සහය මේ වනවිට ලැබි ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව අගමැති ඉවත් කිරිමට ඇති නොහැකියාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතර කැමත්ත පෙන්විම හරහා අගමැතිවරයා වශයෙන් වෙනත් අයෙකු පත්කර ගැනිම ජනපතිගේ අරමුණ වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

Published on: Feb 17, 2018 – 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යහ පාලන ජාතික ආණ්ඩුව කිසිදු වෙනසකින් තොරව වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියටම ගෙන යන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය තමාට සහ එක්සත් ජාතික පෙරමුණට තිබෙන බව හෙළි කළ රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය මොහොතේ දී එම බහුතරය පාර්ලිමේන්තුවේ දී පෙන්වන බව ද තරයේ කියා සිටියේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී අද (16) සවස ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීමට සියලු කටයුතු යොදා තිබෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් මාසයේ සිට ක්‍රමානුකුලව එම නායකයින්ට පක්ෂයේ වගකීම් සහ කාර්ය භාරයන් පවරන බව ද කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් ව්ක්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇති වූ වාතාවරණය පැහැදිලි කිරීම සඳහා අප මාධ්‍ය හමුවක් කැඳවීමට තීරණය කළා. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් කබීර් හෂීම් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඔහුට මෙම හමුවට සහභාගි වීමට නොහැකි වී තිබෙනවා.

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා මැතිවරණය අප එකම දිනයක පැවැත්වුවා. පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිඵලය අප පිළිගන්නවා. එම ප්‍රතිඵලය ආණ්ඩුවේ අපේ පක්‍ෂ ලැබූ පසුබෑමක් බව කිව යුතුයි. එම පසුබෑම පිළිබඳව අප දැන් කරුණු විමසමින් සිටිනවා. එම පසුබෑමට හේතු ගණනාවක් තිබෙනවා. 2016 වසරේ දී අප ආර්ථිකය ස්ථාවර කොට හොඳ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වුණා. 5% ක හෝ 5.5% ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා. නමුත් ජල ගැල්ම, නියඟය ආදී හේතඣන් නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා.

මුල් කාලයේ දී ණය ගෙවීමට තිබූ නිසා උද්ධමනය වැඩි වුණා. ජල ගැල්ම, නියගය ආදී ස්වභාවික ආපදාවන්වල බලපෑමට ලක් වුණා. අවසානයේ දී කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපට දකින්නට ලැබුණේ ඍණ 30 ක වර්ධන වේගයක් පමණයි. එය ආහාර නිෂ්පාදන කර්මාන්තයට බලපෑවා. ජල ගැල්ම සහ නියඟයත් ආහාර නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑ අතර එම නිසා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල බඩු මිල ඉහළ ගියා. බොහෝ විට එම තත්ත්වය මේ වන විට පාලනය කර තිබෙනවා. එමෙන්ම පොහොර හිඟය, පොල් මිල ආදියත් අහිතකර බලපෑම් එල්ල කළා. මැතිවරණයක් පවතින සමයක දී මේ සියලූ කරුණු ආණ්ඩුවකට අහිතකර බලපෑම් එල්ල කරන බව කිව යුතුයි.

ඊට අමතරව තවත් හේතු ගණනාවක් බලපෑවා. ජනවාරි 08 වැනි දා ලබාදුන් පොරොන්දු රාශියක් අප විසින් මේ වන විට ඉටු කර තිබෙනවා. සමහර පොරොන්දු ක්‍රියාත්මක කරමින් සිටිනවා. තවත් පොරොන්දු ඉටු කිරීම ආරම්භ වී නැහැ. එම නිසා ඡන්ද දායකයින්ගෙන් අපට ලැබුණු අනතුරු හැඟවීම පිළිගත යුතුයි. එම අනතුරු හැඟවීම පිළිගෙන ඉදිරි වැඩ කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්න සඳහා සොයා ගත් විසඳුම්වල සාර්ථක, අසාර්ථක බව මෙන්ම නව විසඳුම් පිළිබඳව විග්‍රහ කරමින් සිටිනවා. අපගේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කරනවා. ඊළඟ වසර දෙක තුළ මීට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, අමාත්‍යවරුන්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳවත් අප සාකච්ඡා කරගෙන යනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද අප හමුවේ තිබෙනවා. අප පක්‍ෂය ද පසුබෑමකට ලක්ව තිබෙනවා. එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා විශාල ප්‍රතිව්‍යූහගතකරණයක් කළ යුතුයි. පක්‍ෂය බාර ගැනීම සඳහා අලූත් නායකයන් බිහි කළ යුතු යැයි මා එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සරයේ දී පැවසුවා. 70 පරපුර, 1994 පරපුර මෙන්ම වර්ෂ 2000 පරපුර ද පක්‍ෂයේ සිටිනවා. බොහෝ අයට ඉදිරියට පැමිණීමට හැකියාව තිබෙනවා. ඔවුන්ට වගකීම් බාරගත හැකියි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම කටයුතු සිදු කිරීමට තීරණය වී තිබුණා.

අලූත් නායකත්ව පරපුරක් බිහි කරන ප්‍රතිසංවිධාන කටයුතු පක්‍ෂය තුළ කඩිනමින් කිරීමට අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව දැනට සාකච්ඡා කරනවා. අලූත් පරපුරට පක්‍ෂයේ වගකීම් බාර දීමට කාලය පැමිණ තිබෙනවා. එමගින් පක්‍ෂයට අලූත් මුහුණුවරක් ලබාදීමට හැකියාව ලැබේවි.

අප ඉදිරියට ක්‍රියා කරන්නේ ඒ කාරණා දෙක අනුවයි. ආණ්ඩුව ඉදිරියටත් සාර්ථකව ක්‍රියාත්මක කර ගෙන යනවා. ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණගැසී අප සාකච්ඡා කළා. ඒකාබද්ධ විපක්‍ෂය මෙන්ම අනෙකුත් පක්‍ෂ සමගත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා මා හට පැවසුවා. ඒ අනුව අප වැඩ කටයුතු ඉදිරියට ගෙන යනවා.

ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එහිදී ස්ථාවර නියෝග අනුව පනත් සම්මත කෙරෙනවා. බැඳුම්කර විවාදයත් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී ජනමාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ අග්‍රාමාත්‍යවරයා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය ඔබ වසර 24 ක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය දරමින් සිටිනවා. නව නායකත්වයකට පක්‍ෂය භාරදීමට මෙය සුදුසුම කාලය යැයි ඔබතුමා සිතන්නේ නැද්ද?

පිළිතුර මා මීට පෙරත් පැවසූ පරිදි පක්‍ෂයේ නව නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම පරිවර්තනය පැය 24 කින් සිදු කිරීමට නොහැකි වුනත් අප ඒ පිළිබඳව කටයුතු කරනවා.

ප්‍රශ්නය අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස ඔබට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් චෝදනා නගමින් සිටිනවා. ජනාධිපතිතුමාත් එම මතයේම සිටින බවයි ඔවුන් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර මම බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාව අනුව ඉදිරියට කටයුතු කිරීමටයි.

ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමඟ එක්ව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමා දැනුවත්ද?

පිළිතුර අළුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා තමන්ට යම් යම් ආරාධනා ලැබුණු බව අපේ පක්‍ෂයේ කිහිපදෙනෙකු මා සමඟ පැවසුවා. නමුත් තමන් ඊට එකඟත්වයක් පල නොකල බවත් ඔවුන් පැවසුවා. ඊයේ දිනයේත් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් රැස් වුණා. පසුගිය අඟහරුවාදා දිනයේත් බ්‍රහස්පතින්දා දිනයේත් අප රැස්වුණා. ඉදිරි දිනකදීත් පක්‍ෂ සාමාජිකයන් එකතු වී මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. නමුත් ඉවත් වීමක් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ කිසිවෙකුත් මා සමඟ සාකච්ඡා කර නැහැ. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු අනෙක් පක්‍ෂ නායකයන් සමඟත් මම කතා කළා. නමුත් එවැනි කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා වී නොමැති බවයි ඔවුන් මා සමඟ පැවසුවේ. සියලූ දෙනාම එක්වී ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමටයි බලාපොරොත්තු වන්නේ.

ප්‍රශ්නය මෙම ඡන්ද ප්‍රතිඵල හේතුවෙන් ඔබ ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. ඔබේ පක්‍ෂය තුළත් මේ වන විට විශාල සාකච්ඡා ඇති වෙමින් තිබෙනවා. අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපතිතුමා ඔබ සමග සාකච්ඡා කර තිබෙනවාද?

පිළිතුර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය මේ වන විට අපට ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිතුමා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟද මේ වන විට සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම එතුමා අද ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් හමුවී සාකච්ඡා කරන බවද මට පැවසුවා.

ප්‍රශ්නය ඔබතුමාට හිටපු ජනාධිපතිවරයා කතා කළාද?

පිළිතුර පසුගිය සඳුදා දිනයේ ඔහු මට කතා කළා.

ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරයා ඔබට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අගමැති ධූරයෙන් ඉවත් වන්නට එපා යැයි පැවසූ බව රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා තිබුණා. නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එය අසත්‍යයක් බවයි. ඔබට හිටපු ජනාධිපතිවරයා කතා කළ බව තහවුරු කළ හැකිද?

පිළිතුර පසුගිය සඳුදා ඔහු මට කතා කළා. එතුමා එවිට සිටියේ පාර්ලිමේන්තුවේයි. මම අගමැති ධූරයෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවේ රාවයක් පැතිරී යන බව පැවසූ ඔහු එය සත්‍ය දැයි මගෙන් විමසුවා. එවැනි කිසිවක් නොමැති බවත් මම මේ මොහොතේත් අගමැති කාර්යාලයේ සිට රාජකාරි කටයුතු කිහිපයක් සිදු කරමින් සිටින බවත් මම ඔහුට පැවසුවා. ඉන්පසුව සිදු වුණේ තවත් තොරතුරු කිහිපයක් කතාබහ කිරීමයි.

ප්‍රශ්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ යම් සබඳතාවක් පවත්වා ගෙන යමින් ඔහු ආරක්‍ෂා කළා යැයි ඔබට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

පිළිතුර මම කිසිවෙකුත් ආරක්‍ෂා කරන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂවත් ඉතා හොදින් හඳුනනවා. විවිධ කටයුතු සඳහා කතාබහ කිරීම හැර වෙනත් කිසිඳු සම්බන්ධතාවයක් නැහැ. මම විපක්‍ෂනායක ලෙස කටයුතු කරන ලෙසත් අගමැති සහ සභානායක ලෙස කටයුතු කරන විටත් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට මට කතා කිරීමේ හැකියාව තිබුණා.

ප්‍රශ්නය ආණ්ඩුවේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම නව ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙනවා. එම අභියෝගයට එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර අප සිටින්නේ මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ ස්ථාවරය තුලයි.

ප්‍රශ්නය එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති බවට විවිධ කතා බහ ඇති වෙමින් තිබෙනවා. ඒ අනුව ඔබතුමාට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට හැකිද?

පිළිතුර අප ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව කටයුතු කරනවා.

ප්‍රශ්නය 19 වැනි සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කළ හැකිද යන්න පිළිබඳව ජනාධිපතිතුමා නීතිපතිතුමාගේ උපදෙස් පතන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා සිටියා.

පිළිතුර අගමැතිවරයා ඉවත් විය යුතු අවස්ථා පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ විට, අයවැය පරාජයට පත් වූ විට ආදි අවස්ථාවල පමණයි අගමැතිවරයා ඉවත් කළ හැකි වෙන්නේ.

ප්‍රශ්නය විශ්වාසභංගයක් ඉදිරිපත් කළොත් ඊට මුහුණ දීමට ඔබතුමා සූදානම් ද? ඊට අවශ්‍ය බහුතරය ඔබතුමා සතුව තිබෙනවාද? එක්සත් ජාතික පක්‍ෂය සතුව සිටින්නේ 106 ක පමණ මන්ත්‍රීන් සංඛ්‍යාවක්.

පිළිතුර අපට එය පාර්ලිමේන්තුවේදී විසදා ගැනීමට හැකියි.

ප්‍රශ්නය මෙම සතිය තුළ ඉන්දීය, චීන, සහ ඇමරිකානු තානාපතිවරුන් ඔබතුමාව මුණ ගැසුනා. ඔවුන් ඔබ සමඟ සාකච්ඡා කළේ කුමක්ද?

පිළිතුර නව චීන, ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් මම මුණ ගැසුණා. එමෙන්ම පසුගිය සතියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා හමුවී සාකච්ඡා කිරීමටද මට හැකි වුණා.

ප්‍රශ්නය හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ඇතැම් ඇමතිවරුන්ගෙන් බලපෑම් ඇති වුණා යැයි චෝදනා එල්ල වුණා. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් ඇල්ලීම නැවැත්වීමට දුරකතන ඇමතුම් 61 ක් ලබා දුන්නා යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියා. මෙම තත්ත්වය ඉදිරියට වලක්වා ගන්නේ කෙසේද?

පිළිතුර එවැනි බලපෑමක් ඇති වුනොත් අපට දැනුම් දෙන්න යැයි අපි පොලිසියට පවසා තිබෙනවා.

ප්‍රශ්නය නමත් ඇමතිවරුන් බලපෑම් කරන විට පොලිසිය එය පැවසීමට ඉදිරිපත් වන්නේ නැහැ. අගමැතිතුමා සහ ජනාධිපතිවරයාත් ඇතැම් විට බලපෑම් එල්ල කරනවා යැයි චෝදනා තිබුණා.

පිළිතුර මම කිසිදු අවස්ථාවක පොලිසියට බලපෑම් කළේ නැහැ.

ප්‍රශ්නය එසේ නම් ජනාධිපතිවරයා එලෙස බලපෑම් කර තිබෙනවාද?

පිළිතුර මා දන්නා තරමින් ජනාධිපතිවරයාත් කිසිඳු අවස්ථාවක පොලිසියට එවැනි බලපෑමක් සිදු කර නැහැ.

ප්‍රශ්නය අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව මේ වන විට යම් එකගතාවයක් ඇතිව තිබෙනවාද? ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට හැකි වන්නේ කවදාද?

පිළිතුර අප ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවාද?

පිළිතුර ඔව්. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කිරීමෙන් පසු එය ඉදිරියට ගෙන යා හැකියි.

ප්‍රශ්නය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පල වෙනවා. ඔබතුමා ගනුලබන තීරණ ජනාධිපතිතුමා විසින් වලක්වනවා. ජනාධිපතුමා ගන්න තීරණවලට එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධය එල්ල වෙනවා. ආණ්ඩුව ස්ථාවරව ඉදිරියට ගමන් නොකරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මෙම ජාතික ආණ්ඩුව දැන් ඇති යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

පිළිතුර තීරණයක් ගැනීමේදි යම් ගැටලූ ඇති විය හැකියි. අර්බුද ඇතිවන්නේ තීරණ ක්‍රියාත්මක වීමෙද ඇතිවන ගැටලූ නිසායි. මෙය ප්‍රධාන පක්‍ෂ දෙක සහ අනෙකුත් සුළු පක්‍ෂ ගණනාවක් එකතු වී නිර්මාණය කර ආණ්ඩුවක් බව සිහි තබා ගත යුතුයි. එවැනි ආණ්ඩුවල මෙවැනි ප්‍රශ්න ඇති වීම සාමාන්‍යයි.

ප්‍රශ්නය නායකයින් දෙදෙනෙක් සිටින විට ආණ්ඩුවේ ඉදිරි ගමන අඩාල වනවා යැයි ඔබ සිතන්නේ නැද්ද?

පිළිතුර සභාග ආණ්ඩුවක නායකයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටිය හැකියි.

ප්‍රශ්නය අයවැයට පක්ෂ වීම සදහා ටි.එන්.ඒ මන්ත්‍රීවරුන්ට කෝටි දෙකක මුදලක් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසා තිබෙනවා. ඒ පිලිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර එතරම් විශාල මුදලක් තිබෙනවා නම් අප එය මැතිවරණය සදහා වියදම් කරනවා. අප එලෙස මුදල් ලබා දී නැහැ.

ප්‍රශ්නය මෙම සභාග ආණ්ඩුව නිසා ජනතාවට නිසි සේවක් කිරීමට නොහැකි වූ බව එක්සත් ජාතික පක්‍ෂයේම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මාධ්‍යට පැවසුවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර තනි ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා කාර්යක්‍ෂම ජනතාවට සේවය කිරීමට හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. සභාග ආණ්ඩුවක් තුළ මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා.

ප්‍රශ්නය එසේ නම් මේ ආකාරයට ඉදිරියට යෑමේ තේරුමක් නැහැ නේද?

පිළිතුර ඉදිරි වසර දෙක තුළ අප ගත් තීරණ ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. අප දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් වේගවත් කිරීමට අප කටයුතු කරනවා. ගැටලූවක් ඇතිවුව හොත් එය විසදා ගන්නේ කෙසේදැයි අප ඉදිරියේදී සලකා බලනවා.

ප්‍රශ්නය මහ බැංකු අධිපතිවරයා පත් කළේ ඔබයි. ඔහු සම්බන්ධයෙන් වගකියන බවත් ඔබ පවසා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන්න යැයි ඔහුට අධිකරණයෙන් දෙවන වතාවටත් දන්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර මහ බැංකු අධිපතිවරයාගේ පත්කිරීමේ ගැටලූවක් නොමැති බව කොමිසම විසින් සඳහන් කර තිබෙනවා. නමුත් උසාවියට ඉදිරිපත් කිරීම මට අයිති කාර්යක් නොවේ. ඔහු මේ වන විට මහ බැංකුවේ සේවය කරන්නේ නැහැ. තනි පුද්ගලයෙකු ලෙස එම තීන්දු තීරණ ඔවුන් විසින් භාරගත යුතුයි.

ප්‍රශ්නය පක්‍ෂය තුළ නව නායකත්වයක් ගොඩනැගිය යුතු යැයි ඔබතුමා ප්‍රකාශ කළා. එසේ නම් එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂකයා විය හැක්කේ කවුද?

පිළිතුර ඒ පිළිබඳව තීරණය කරන්නේ පක්‍ෂයයි.

ප්‍රශ්නය ඉදිරියේදී ඔබතුමන් සමග මැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණ ලබා ගැනීම අපහසු යැයි පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අදහස් පල කරනවා. නව නායකයෙක් නව ප්‍රබෝදයක් පක්‍ෂයට ඇති විය යුතු යැයි ඔවුන් පවසනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර 2014 දී පවතින ආණ්ඩුව බිඳ වැටුණ බව මා පැවසුවේ 2013 දීයි. නමුත් එහිදිත් ඇතැමුන් මගේ මතය විවේචනය කළා. දේශපාලන පක්‍ෂ තුළ එවැනි මත ඇති විය හැකියි.

ප්‍රශ්නය ඔබව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මේ වන විට නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?

පිළිතුර මම ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මගේ මතය එයයි.

ප්‍රශ්නය ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරද්දීත් ඔබ ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සූදානම්ද?

පිළිතුර මම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා.

ප්‍රශ්නය මෙම දේශපාලන අවිනිශ්චිතභාවය තව කෙතරම් කාලයක් පවතිද? මේ වන විට රුපියලේ අගය පහත වැටී තිබෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ගැටලූ මතු වී තිබෙනවා. කොටස් වෙළදපොල පහත ගොස් තිබෙනවා. මෙම අවිනිශ්චිතභාවය අවසන් වන්නේ කවදාද?

පිළිතුර මේ සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ තොරතුරු විකෘති කරමින්ද වාර්තා කරනවා.

ප්‍රශ්නය නමුත් රටක් ලෙස මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම සුදුසු නැහැ නේද?

පිළිතුර මාධ්‍යවේදීන් ලෙස ඔබලා වාර්තාකරන බොහෝ දේත් රටට හිතකර වන්නේ නැහැ. රටට ඊටත් වඩා ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා අප ගැටලූ විසදා ගනිමින් ඉදිරියට යනවා.

Published on: Feb 16, 2018 – ග්‍රාමීය ආර්ථිකය නැංවීම රටේ සමස්ත ආර්ථිකයට සෘජුවම බලපාන්නකි. වත්මන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා මධ්‍යම ආණ්ඩුවේ සිට පළාත් නවයට වෙන වෙනම අමාත්‍යාංශ නවයක් සමඟ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ දහයක් ඇතත්, සිදුව ඇත්තේ ගමේ ආර්ථිකය ගොඩනැංවීම සිදු නොවීමයි. ඒ වෙනුවට 2016 වර්ෂයේ දී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සිදු කර ඇති අක්‍රමිකතා රැසක් විගණන දෙපාර්තමේන්තුවට හෙළි කර ගැනීමට හැකි වී තිබේ. ආර්ථික හා සමාජ ප්‍රතිලාභ සාධාරණ ලෙස ග්‍රාමීය ජනතාව වෙත ළඟා කරවීම ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූලික කාර්යභාරය වුවත්, එය ඉටු වී නොමැත.

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් කිරිපිටි ආනයනය අඩු කිරීම සඳහා කිරි නිෂ්පාදනය වැඩි කිරීමට 2010 සිට 2016 දක්වා වර්ෂ 07 කට රුපියල් මිලියන 5,557.38 ක් වැය කර තිබේ. 2010 ට සාපේක්ෂව 2016 වර්ෂයේ දී කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 136.5 කින් වැඩි වී ඇත. එහෙත්, කිරි ලීටරයක් ප්‍රවර්ධනය කිරීමට රුපියල් 10.72 ක් වැය කර තිබේ. රටේ කිරි අවශ්‍යතාවයෙන් සියයට 23.5 ක් 2010 දී රට තුළ නිෂ්පාදනය කර ඇති අතර, 2016 දී එය සියයට 26.67 ක් වී තිබිණි. 2014 දී කිරිපිටි මෙටි්‍රක් ටොන් 86.37 ක් ආනයනය කර ඇති අතර, 2016 දී එය 94.01 ක් දක්වා වැඩි වී ඇත. එහෙත්, කිරිපිටි ආනයනය සැලසුම් කළ පරිදි අඩු වී නොමැත.

දියර කිරි ප්‍රචලිත කිරීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් අමාත්‍යාංශය විසින් ආරම්භ කළ අතර, ඒ යටතේ කිරි අලෙවි සල් 1,250 ක් ස්ථාපනය කිරීමට සැලසුම් කෙරිණි. එහෙත්, මේ වන තෙක් ආරම්භ කර ඇත්තේ අලෙවි සල් 658 කි. ඉන් අලෙවි සල් 283 ක් ආරම්භ කර ඇත්තේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගිනි. එහෙත්, එම අලෙවි සල්වලින් 43 ක් පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව වාර්තා වේ. පළාත් මට්ටමින් අමාත්‍යාංශය ආරම්භ කළ ඉතිරි අලෙවි සල් 402 න් ක්‍රියාත්මක වන්නේ 112 ක් පමණි.

සීමාසහිත මිල්කෝ (පෞද්ගලික) සමාගම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු නොකිරීම නිසා කිරි විශාල ප්‍රමාණයක් නරක් වී ඉවත දමා ඇත. 2015 හා 2016 යන වර්ෂවල දී එකතු කර තිබූ කිරි ලීටර් ප්‍රමාණයට වඩා වැඩි කිරි ලීටර් ප්‍රමාණයකට ගෙවා ඇත. එමගින් 2015 දී රුපියල් මිලියන 20.52 ක් හා 2016 දී රුපියල් මිලියන 39.61 ක මූල්‍ය අලාභයක් සිදුව තිබේ. ඊට අමතරව 2016 වර්ෂයේ දී පමණක් එකතු කරන ලද කිරි කර්මාන්ත ශාලාවට ගෙන ආ පසු රුපියල් මිලියන 2.5 ක් වටිනා කිරි ලීටර් 35,681 ක ප්‍රමාණයක් නරක් වී ඇත. එපමණක් නොව, එම සමාගම කොළඹ කර්මාන්ත ශාලවට කල් බදු ගෙවීමේ පදනම මත රුපියල් මිලියන 104.17 ක් වැය කර 2011 ජනවාරි 20 දින මිලට ගෙන ඇති යෝගට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය 2017 ජූලි මාසය වන විටත් භාවිතයට ගෙන නොමැති බව වාර්තා විය.

රටේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා 2014 ජුලි 14 දින සිට වර්ෂ දෙකක කාලයක් තුළ දී කිරි ගවයන් 2,500 ක් ආනයනය කිරීමේ ‘වෙලාඞ්’ ව්‍යපෘතියේ ද අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව අප පුවත්පත විසින් මීට ඉහත දී හෙළිදරවු කරනු ලැබීය. එහිදී එක් ගවයෙකු ඩොලර් 3,032.87 ක මිලකට ආනයනය කර ඇත. 2015 ජුලි 13 හා ඔක්තෝබර් 12 යන දෙදින තුළ කිරි ගවයන් 2,495 ක් ආනයනය කර තිබේ. ඒ සඳහා පොරොන්දු වූ මුළු මුදල ම ගෙවා ඇතත්, ගවයන් සැපයීමේ දී කිරි ගවයන් පස් දෙනෙකුගේ අඩුවක් ඇති බව හඳුනාගෙන තිබේ. එසේම ආනයනයේ දී කිරි ගවයන් රක්ෂණය කර නොතිබීම නිසා තවත් ගවයන් 133 ක් මිය ගොස් ඇති අතර, එමගින් රුපියල් මිලියන 55.24 ක අලාභයක් සිදුව ඇත. මෙම කිරි ගවයන් ආනයනය කරන විට ගැබ් ගෙන සිටිය යුතු වුවත්, ඉන් 79 ක් එසේ ගැබ් ගෙන සිට නොමැත. පළමුවර පැටියා ලැබීමෙන් පසු කිරි ලබා දීම අසාර්ථක වූ හා දෙවන වර කෘත්‍රිම සිංචන ක්‍රියාවලිය මගින් අසාර්ථක වූ ගවයන් 260 ක් ද 2016 මැයි 30 දින වන විට ගැබ්ගෙන සිට නොතිබූ බවද හෙළිව තිබේ. එමගින් කිරි ගවයන් 472 කට වැය කරන ලද රුපියල් මිලියන 196.06 ක් වූ වියදම් මුදල උපයා ගැනීමටත් නොහැකි වී තිබේ.

එසේම පී. හැරිසන් ඇමතිවරයා විසින් සිය හිතවතුන් වෙත අත යට ගනුදෙනු හරහා මෙම ගවයන් බෙදා දීම විසින් සිදු කර ඇති අක්‍රමිකතාවයට තවත් දිගුවක් එකතු කරමින් දෙවන වටයේ ගෙන්වන ලද කිරි ගවයන් ද එලෙසම බෙදා දෙමින් සිටින බව මේ වන විට හෙළිව තිබේ. ආනයනය කළ කිරි ගවයන් හම්බන්තොට වරායේ සිට රිදියගම ගොවිපළ දක්වා වූ කිලෝමීටර 38 ක දුර ප්‍රවාහණය කිරීම සඳහා ඩොලර් 260,555 ක් මුදලක් ඇස්තමේන්තු කර තිබිණි. ඒ අනුව කිරි ගවයන් 2,495 ප්‍රවාහණය සඳහා රුපියල් මිලියන 35.87 ක් ගෙවා තිබිණි. එම සතුන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු වාහනවලින් ප්‍රවාහණය කළේ නම් ඊට වැය වන්නේ රුපියල් 5,68,860.00 ක් වුවත්, රුපියල් 3,52,99,208.00 ක අධික වියදමක් දරා තිබීම විමතිය දනවන්නකි.

මේ අතර 2016 වර්ෂයේ දී ග්‍රාමීය වෙළෙඳපොළ මිල ස්ථායීකරණය කිරීමටත්, පසු අස්වනු හානිය අවම කිරීමටත් රජය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව ශීතාගාර පහක් ඉදි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2,000 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. එම ව්‍යාපෘතිය සංවර්ධන හා සැලසුම් අංශය මගින් වර්ෂය අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇතත්, 2017 වසර අවසන් වන විටත් ඉදි කිරීම් අවසන් කර නොමැත. එහෙත්, ශීතාගාර
සම්බන්ධව අධ්‍යයනයක් කිරීමට 2016 මාර්තු 02 දින සිට 10 දින දක්වා තායිලන්තයේ හා ඊශ්‍රායලයේ නිලධාරීන් පස් දෙනෙකු සංචාරය කර තිබේ. මෙම ශක්‍යතා අධ්‍යයන කමිටුවෙන් පරිබාහිරව ඇමතිවරයාත්, නිලධාරීන් තුන්දෙනෙකුත් සමඟ කමිටුවේ සභාපතිවරයා ද මෙම සංචාරයට එක්ව ඇත.

ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයට පත් කළ කමිටුව අවස්ථා දෙකක දී රැස්වීම් පවත්වා ඇතත්, අමාත්‍යාංශය විසින් අවස්ථා පහක දී ලිඛිතව ඉල්ලීම් කිරීමෙන් පසු 2016 අගෝස්තු 10 දින කම්ටුවේ සභාපතිවරයාගේ අත්සන පමණක් යොදා අනෙක් කමිටු සාමාජිකයන් දසදෙනාගේ අත්සන් රහිතව යෝජනා හයක් පමණක් ඇතුළත් වාර්තාවක් භාර දී ඇතත්, ශක්‍යතා අධ්‍යයන වාර්තාවක ඇතුළත් විය යුතු කරුණු කිසිවක් එහි නොමැති බව සඳහන් වේ.

මීට අමතරව සීමාසහිත මිල්කෝ ආයතනයේ අවශ්‍යතාව නිසි පරිදි හඳුනා නොගෙන කොළඹ කර්මාන්ත ශාලාවට යෝගට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රයක් කල්බදු ගෙවීමේ ක්‍රමයට මිල දී ගැනීමට තීරණය කර තිබිණි. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ විධි විධානවලට පටහැනිව 2011 ජනවාරි 20 දින කල් බදු පදනම මත් රුපියල් මිලියන 104.17 ක් වැය කර එය මිල දී ගෙන ඇත. එම යෝගට් මිශ්‍ර කිරීමේ යන්ත්‍ර පොළොන්නරුව කර්මාන්ත ශාලාවේ සවි කර ඇතත්, මේ වන තෙක් භාවිතාවට ගෙන නොමැති බවත් වාර්තා වේ.

මේ අතර ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය 2015 දී ගොවීන්ගේ වී මිල දී ගැනීමට කටයුතු කළේය. එහිදී මිල දී ගත් වී තොග ගබඩා කිරීමට තාවකාලික ගබඩා 15 ක් මිල දී ගැනීමට රාජ්‍ය සංස්ථාවක් වෙත රුපියල් මිලියන 39.33 ක් ගෙවා ඇත. අනුරාධපුරය හා ත්‍රිකුණාමලය කලාපවලට ලබා දී ඇති ගබඩා හතරක 2017 නොවැම්බර් වන විටත් වී ගබඩා කර නොමැත. එම තාවකාලික ගබඩාවක් වර්ෂ 15 කට ආසන්න කාලයක් භාවිත කළ හැකි වුවත්, අම්පාර කලාපයට ගබඩා හයක් ලබා ගැනීමට මුදල් ලබා දී ඇති අතර, 2015 යල කන්නයේ ගබඩා දෙකක් භාවිත කර ඇතත්, ඊළඟ කන්නය සඳහා අලුත්වැඩියාවකින් තොරව භාවිතයට යොදා ගැනීමට නොහැකි බව අම්පාර කලාප කළමනාකරු විසින් වී අලෙවි මණ්ඩලයට පවසා තිබේ.
මේ පැවසූයේ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අක්‍රමිකතාවලින් කොටසක් පමණි. මේවාට වගකිව යුතු වන්නේ අමාත්‍යාංශයේ නිලධාරීන් යැයි යමෙකුට කියන්නට හැකිය.

එහෙත්, මේවා නිලධාරීන්ගේම වැරදි නොවේ. සියල්ලට අවසානයේ වගකිව යුතු වන්නේ විෂය භාර ඇමතිවරයාය. ඇමතිවරයා හොරෙක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. ඇමතිවරයාගේ තෙල් හොරකම අතේ මාට්ටු විය. හරක් හොරකම ද එසේමය. ලොකු උන්නාන්සේ හිටගෙන කරන විට පොඩි උන්නාන්සේලා දුව දුව කරන බවට කියමනක් තිබේ. ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ ද සිදු වෙමින් තිබෙන්නේ එයයි. ඒ නිසා මේ සියල්ලට සෘජුව වගකිව යුතු වන්නේ ඇමති පී හැරිසන්ය.

චතුර දිසානායක

Published on: Feb 16, 2018 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සමග එක්ව ආණ්ඩුවක් සෑදිමට මහින්දගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රි ලනිප මන්ත්‍රීවරුන් කටයුතු නොකරන්නේ නම් පළාත් පාලන ආයතන රැසක බලය එක්සත් ජාතික පක්ෂය ඇතුලු තවත් පක්ෂ එකතු කර ගනිමින් පිහිටුවිමට කටයුතු කලයුතු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන් ජනපතිට යෝජන කර තිබේ.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 169ක පාලන බලය පිහිටුවිම සම්බන්ධයෙන් තීරක බලය හිමිව ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන අතර යම් හෙයකින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් සෑදිමට ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තින්දු කලහොත් එම ආයතන වල පාලන බලය ශ්‍රිලනිප,එජාප එක්ව පිහිටුවා ගැනිමට කටයුතු කලයුතු බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර ඇත්තේ.

මේ අතර ජනපති නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවක් අමතමින් ජනාධිපතිපතිවරය සදහන් කර සිටියේ…

“මැතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳව කිසිසේත් අසතුටු වීමට හෝ පසුබෑමට, දුක්වීමට අවශ්‍ය නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින ලෝකයේ රටවල්වල දේශපාලන පක්ෂ පරාජය වීම, ජයග‍්‍රහණය කිරීම සාමාන්‍ය තත්වයක්. පක්ෂය විසින් ගන්නා තීන්දුවට බාහිරව, පක්ෂ තීන්දුවට විරුද්ධව කවුරු හෝ සභා පිහිටුවීමේදී අපේ මන්ත‍්‍රීවරු තනි තීන්දු තීරණ අරගෙන කටයුතු කරලා තිබුණොත්, පක්ෂ තීන්දුවලට පටහැණිව සභාපතිවරු, උපසභාපතිවරු තේරිමේදී ඡන්දය පාවිච්චි කරලා තිබුණොත්, කිසිදු සමාවක් නැහැ ඒ අයව ස්ථීරවම අස් කරනවාමයි. මේ පනත අනුව බොහොම පහසුයි ඉවත් කරන්න.”

මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට නව අගමැතිවරයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඒ සඳහා හඳුනාගත් ‍‍‍ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකුම සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අනාවරණය කර තිබේ.

Published on: Feb 16, 2018 – තරුණියන් දෙසියයක් සමග දුෂණය කලේ යයි පාටි දමන ලද අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොකර ඔහුගේ බිරිද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ බවට කටේ දිවේ නොගැවි අතේ පැලවෙන පචයක් කිමට ගිය ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් හමුවේ කුජිත වි ගියා.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරය කියා සිටියේ සාරුවා සුනිල් දමන්නට පොඩි ලැජ්ජාවක් තිබූ නිසා මහින්ද රාජපක්‍ෂ ඔහු බිරිද දැමූ බවයි.

කෙසේ වෙතත් එහි සිටි මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් බවයි.එහෙත් ඇමතිවරයා එය පිලිනොගෙන දිගින් දිගටම කියා සිටියේ සාරුවා සුනිල්ගේ බිරිද තරග කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ශවයෙන් බවයි.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ එක්සත් ජාතික පක්ෂ තනී ආණ්ඩුවක් සෑදිම සදහා රාජිත රනිල් සමග එක්ව ගෙනගිය මෙහෙයුම අසාර්ථක විම හමුවේ ජනාධිපතිවරයා අපහසුතාවට පත්කිරිම සදහා රාජිත දැන දැනම එම් ප්‍රකාශය කල බවයි.

Top