Featured

BBS ඩිලන්ත පේදුරුට අදී- නීතිය කාටත් එකයිලු

රටතුල ඇතිවෙමින් තිබේන සිංහල බෞද්ධ සංවිධාන මර්දණය කිරිමේ සහ භික්ෂුන්ට එරෙහිව යහපාලනය ගෙන් එමට නියමිත භික්ෂු මර්දණ පනත කඩිනමින් ගෙන එමට මෛත්‍රීපාල සිරිසේනගේ වන්දිබට්ටයා බවට පත්ව ඥාණසාර නාඩගම ක්‍රියාත්මක කල රුවන් -මංගල -ඩිලන්ත කුමන්ත්‍රණයේ අවසානයට පැමිණ ඇති අතර ඥාණසාර නාඩගම නැටිමට පසුගියදා හෝමාගම උසාවිය ආසන්නයට ගෙන්වා ගත් වන්දිබට්ටයන් එදා පේදුරු ජෙසුස් වහන්සේ හදුන්නේ නැති බවට තෙවරක් කී පරිදිම ඩිලන්ත ඒ ලෙසම පවසා ඇති අතර ඒ හේතුවෙන් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

භික්‍ෂූන් වහන්සේද ඇතුළුව ඇතැම් පිරිස් අධිකරණ පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරුණේ එම අවස්ථාවේදීයි. මෙලෙස අධිකරණ පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය ද ඊයේ (27) නියෝග කිරිමත් සමග ඥාණසාර නාඩගම නැටු පිරිස් ඩිලන්ත හමුවිමට පැමිණ ඇත්තේ අවශ්‍ය නීතිමය සහය ලබාගැනිමට පැමිණි අතර ඒ පැමිණි ස්වාමින්වහන්සේලාට මෙන්ම ගිහියන්ට ඩිලන්ත පවසා ඇත්තේ….”අපි ඔයාලට එන්න කිව්වේ නෑ නේ….අනීක ඔයලා ඒ විදියට උසාවිය ලග හැසුරුණු එක වැරදි …මොකද මමත් නීතිය දන්නවා…”යනුවෙන් පම්පොරිය ගසා ඔහුන් වෙනුවෙන් පෙනිසිටිම මගහැර ගොස් තිබේ.

කියවන්න – ඥානසාර නාඩගමට ඩිල්දාස සහය දිලා

Top