LNN SPY

යහපාලකයන්ගේ රෙද්ද මහේන්ද්‍රන් කඩයි.-ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිගෙන් ඉවතට!

රාජපක්ෂලාට වඩා දේශප්‍රේමීහු තමන් සතුව සිටින බවට  පුරසාරම් දෙසු යහපාලකයෝ දින 100ය යන්නට මත්තේන් කෙලවගෙන අප කල අනාවරණය සත්‍යයක් කරමින් ලංකාවේ පුරවැසි භාවය නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජහපාලක ආණ්ඩුවට අම්බානකට කෙලවා තිබේ.මහා පරිමාණ මූල්‍ය ජාවාරමක් සිදු වූ බවට චෝදනා එල්ල වී තිබෙන භාණ්ඩාගාර බැදුම්කර අලෙවිය හේතුවෙන් ජහපාලක ආණ්ඩුව දෙදරා ගොස් ඇති අතර එක්සත් රාජධානියේ සංචාරයක යෙදි සිටින මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කුහුහරුපයෙන් බැණ වැදි තිබෙන බවද වාර්තා වේ.(සබැදි පුවත )

“මම රනිල්ට බෑ කිව්ව මේ යකාව මේ තනතුරට දාන්න…කො….කිව්වට ඇහුවේ නෑ …” යනුවෙන් මෛත්‍රී මංගල සමරවිර අමාත්‍යවරයාටද පවසා තිබේන බව ඔහුන් අතර සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා. ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ වන අතර් එය ඉතා ඉකමනින් ජනාධිපතිවරයා යටතට පවරා ගැනිමට කටයුතු කළ යුතු බව ජනපති උපදේශකයන් අවධාරණය කර තිබෙන බවද වාර්තා වේ.

අදාල මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන්  සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවද වාර්තා වේ.

පසුගිය පෙබරවාරි 25 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ 27 වැනි දින පවත්වන භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියෙන් රුපියල් මිලියන දහසක මුදලක් ණයට ගැනීමට බලාපොරොත්තු වන බවය.

එසේ වුවත් පෙබරවාරි 27 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රුපියල් මිලියන 10058ක ණය මුදලක් රජයට ලබා ගත් බවය. මෙහිදී මතු වන මූලික ගැටලුව ඉතිහාසයේ කිසිම අවස්ථාවක මූලික අපේක්ෂිත ණය ප්‍රමාණය මෙන් දස ගුණයක ණය එක් වරම මෙසේ ලබාගෙන නොතිබීමය. එමෙන්ම උපරිම පොලිය ලෙස 12.5% ක සඳහන් කර තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතිකය 11.73%ක් වූ බව පෙබරවාරි 27 වැනි දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර වෙන්දේසිය පිළිබඳ නිවේදනයේ සඳහන් වේ. මේ අනුව පර්පැචුවල් ට්‍රෙසරීස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමට ඉතා විශාල මූල්‍ය වංචාවකට ඉඩ සැලසූ බව වාර්තා වේ. 

ප්‍රශ්නගත පර්පැචුවල් ට්‍රෙසරීස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් බව හෙළිවේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වාගෙන එක් දිනකින් මෙරට පුරවැසිභාවය ලබා දී මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
රනිල් වික්‍රමසිංහ මහතා 2002/2004 කාලයේ අගමැති වශයෙන් සිටියදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI)සභපති වශයෙන් පත් කර සිටී අතර එවකටද මහා මුල්‍ය වංචා රැසකට ඔහු දායක වී තිබේන අතර ඒ සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැදවමින්  සුනිල් හඳුන්නෙත්ති  කියා සිටියේ මේ වගේ කතාවක්.(රාජපක්ෂලාගේ හැම දුෂණයකටම කෑ ගහන ඩීල් කුමාර නිහඬයි…..(i don’t know why )
පසුගිය 27 වැනිදා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී බරපතල වංචාවක් සිදු වී ඇති බවට එල්ලවන චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පහසුවන ආකාරයෙන් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතු හෝ ඔහු තාවාකාලිකව ඉවත් කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.  අද (10) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය.
පසුගියදා මහ බැංකුවෙන් සිදුකළ බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තා තුළත් ඇතැම් විකෘති කිරීම් සිදුවී තිබෙනවා. මේ ගනුදෙනු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ජනතාවට නොතේරුණාට බරපතළ තත්වයක් තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයින් ණයක් ගන්නවා වගේම රජය වෙනුවෙන් මුදල් ණයට ගන්නේ මහබැංකුව නිකුත් කරන බැඳුම්කර මගිනුයි. ඊට අමතරව හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා මුදල් අච්චු ගහනවා. විදේශ රටවල බැංකුවලින් හෝ දේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබාගන්නවා. මුදල් අච්චු ගැසීම මගින් වෙනත් ගැටලූ මතුවෙන නිසා පහසුවෙන් සිදුකරන දෙයක් තමයි බැඳුම්කර නිකුත් කිරීම.
පසුගිය පෙබරවාරි 25 වැනිදා බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙන් මහබැංකුව දැන්වීමක් පළකර තිබුණා. 27වැනිදා වෙන්දේසියක් පැවැත්වෙන බව. එම බැඳුම්කර මේ වසරේ මාර්තු 01වැනිදා සිට 2045 මාර්තු 01 දා දක්වා අවුරුදු 30කින් කල්පිරෙන ලෙස පොලී අනුපාතය 12.5%ක් සඳහා රුපියල් මිලියන 1000ක් නිකුත් කිරීමට මහබැංකුව තීරණය කර තිබුණා.12.5%ක පොලියක් සඳහා නිකුත් කළද එදිනට වෙළඳපොළ වටිනාකම තිබුණේ පොලී අනුපාතය 9.5%කටයි. මහබැංකුවේ ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් වන බැංකුවලට සහ තවත් මූල්‍ය ආයතනවලට අවම පොලී අනුපාතයක් වන 9.5%හි පොලී අනුපාතය දැනුම් දෙනවා. 

රුපියල් මිලියන 1000ක බැඳුම්කර සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලූම්පත් කැඳවනවා. එහෙත් ලැබෙන ඉල්ලූම වන මිලියන 20,708න් මිලියන 10,058ක් ප‍්‍රදානය කරන්න මහබැංකුව තීරණය කරනවා. මෙම නිකුතුවෙන් මිලියන5000ක්ම ලබාගන්නේ මහබැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් බව කියනු ලබන පර්පර්චුවල් ටෙ‍්‍රෂරි මූල්‍ය ආයතනය මගිනුයි. ඒක තමයි ගැටලූව බවට පත්වෙලා තිබෙන්නේ. එම ආයතනය බැඳුම්කර නිකුතුවෙන් හරි අඩක් ලබාගන්නේ කොහොමද? ඒ වගේම රුපියල් මිලියන 1000කට නිකුත් කිරීමට තීරණය කළ බැඳුම්කර මිලියන 10,000ක් දක්වා වැඩිවෙන්නේ කොහොමද?

Top