Featured

Blue Mountain පල්හොරු සාකච්ඡාවක් ඉල්ලයි-හොරු සමග අපට සාකච්ඡා නෑ

සක්විති ගනයේ පට්ටපල් හොරු රැළක් විසින් මෙහෙයවන බ්ලූ මවුන්ටන් සමාගම(Blue Mountain Properties) සමාගම් සම්බන්ධයෙන් Lankanewsweb.today හරහා පසුගිය කාලසිමාව පුරාම අවස්ථා ගණනාවකදිම අනාවරණය කරනු ලැබුවේ රටට වගකියන රටේ ජනතාවට වගකියන මාධ්‍යක් ලෙස අප ජනවාරි 8 වැනිදා බෙදුම්වාදීන් මේ රට අල්ල ගත් දා සිට අපට වගකිමක් ඇති බව හොදින්ම දන්නා නිසාය.

නමුත් අප විසින් කරන ලද අනාවරණයන් දඩමිමා කරගනිමින් මේ රටේ කවදත් කප්පම් මාධ්‍ය කරුවන් ලෙස පෙනිසිටින වෙබ් මාෆියාවේ පියවරුන් ලෙස ජනතාව ගොනාට ඇන්දවු ඇතැම්න් මේ හරහා Blue Mountain Properties නැමති පල් හොරුන්ගෙන් මිලියන ගණනින් මුදල් ලබාගනිමින් රටේ ජනතාව තවත් ගොනාට අන්දවා ඔහුන්ද කිසිදු සමාජ වගකිමක් සහ නෛතික බැදිමක් නැති Blue Mountain හොරු සමග ගණුදෙනු කිරිමට පොළඹවන බව අප අවස්ථා ගණනාවක අනාවරණය කළා.

මිට අමතරව Lankanewsweb.today වෙබ් අඩවිය සමගද යම් ගනුදෙනුවක් ඇති කර ගැනිමට මේ පල්හොරු කටයුතු කල අතර පසුගියදා අප කල “Blue Mountain පල් හොරු රටින් පනී! යනුවෙන් සහ Blue Mountain පට්ටපල් හොරුන්ට පච සම්මානයක්! ජනතාව ගොනාට අන්දන අලුත්ම කළාව” අනාවරණයන් හමුවේ මරුවිකල් වි සිටින බව වාර්තා වේ.

ඒ අනුව අප සමග සාකච්ඡා කිරිමට කැමැත්ත පලකරමින් Leo Burnett සමාගමට අනුබද්ධිත Arc Worldwide Sri Lanka නැමැති සංවිධානයක් Caryll Van Dort <caryll.van.dort@lk.arcww.com> වෙබ් ලිපිනය ඔස්සේ අපට විද්යුත් ලිපියක් එවමින් අපගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

පහත දැක්වෙන්නේ අදාළ විද්යුත් ලිපියයි….

Dear Editor,

Good day to you. I work at Arc Worldwide Sri Lanka (Part of Leo Burnett Sri Lanka) and I am writing to you with reference to the articles published on your website regarding Blue Mountain Properties, our Public Relations client.

We would like to discuss the articles published as they contain incorrect information that you may have received erroneously. Please do let me know if I can meet with a representative from your organization to discuss this further.

Regards,
Caryll

Caryll Van Dort
Director – Public Relations

Arc Worldwide Sri Lanka
379, R A De Mel Mawatha
Colombo – 3
Sri Lanka

t +94-11-2372080 |Ext : 170
f +94-11-2372088

මේ Blue Mountain හොරු හැරෙන්නට යන්නේ මොන ගහ කන්නද යන්න අපි හොදින් දනි.ඒ නිසා අපට කිසිවෙකුත් සමග සාකච්ඡා අවශ්‍ය නැත.අප සිදුකරන සියලුම අනාවරණයන් සදහා සාක්ෂි අප අත තිබේන අතර අප වාර්තා කරන්නේ ඉතා වගකිමෙන් යුතුව බවද අදාළ ලිපිය එවු සහ එය එවිමට උල්පන්දම් දෙන අයට අපි තරයේ අවධාරණය කරමු.

අනිත් අතට අප සමග සාකච්ඡා කිරිම නොව අප විසින් Blue Mountain සමාගමට එල්ල කර ඇති චොදනා සම්බන්ධයෙන් නීතිය හමුවේ පරික්ෂණයක් ඉල්ලා සිටිමට ඔහුන් නිවැරදිනම් හොදින්ම හැකියාව තිබේ.එවැනි පරික්ෂණයක් ඉල්ලා සිටිමෙන් පසුව අදාල සාක්ෂි නීතිය හමුවට ඉදිරිපත් කිරිමට අප දෙවරක් නොසිත බවද තරයේ මතක තබාගත යුතුය.

අප ඉතාමත් වගකිමෙන් යුතුව ජනතාවට පවසා සිටින්නේ Blue Mountain සමුහ ව්‍යාපාරය වංචාකාරි සමාගමක් වන අතරම එය තව වැඩිකාලයක් මේ ව්‍යාපාරය ව්‍යාපාර ක්ෂේත්‍රය තුල නොපවතින බවත් ය.

Top