මුරුගයා ශ්රී ලංකාව යළි දෙවනත් කරයි
By Admin - March 11, 2018
Published on: Mar 11, 2018- ‘‘උන්ගේ වෛරය මොන තරම් ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත.’’ – ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු) මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක දුරකිනි. දළදාවේ භාරකාර මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් තමන්ගේ කවුළුවලින් පිටතට හිස යොමා...