Featured

DIG අනුර වෘත්තීයවේදීන් මර්දණයක

රට ඉන්දියානුකරණය කිරිමේ මුලික පියවර තබමින් රනිල් -මෛත්‍රී ඉන්දිය පගරනැට්ටන් සමග එක්ව ක්‍රියාත්මක කිරිමට සුදානමින් සිටින ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුම අහෝසි කරන ලෙස ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක්  ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලිය සහ ජනරැළියට නායකත්වය දුන් සංවිධාන නායකයින් පසුපස රහස් පොලිසියේ රනිල්ගේ කුලී කරුවන් යොදවා ඇති බව අනාවරණය තිබේ.

මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රභලයෙකු සමග කල කතාබහකදිද අනාවරණය වි ඇති අතර වෘත්තීය සමිති කඩා වැටිමේ තර්ජනයකට මුහුණ දි සිටින ජනත විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ පසුපස සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

පසුගිය (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ආණ්ඩුව ඉන්දියාව සමග ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීමට එරෙහි දැවැන්ත රැලිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර සහ ඔහුගේ කටු සුප්පුවන් කිහිප දෙනෙකු අතර පසුගියදා පැලවත්ත ගණිකා නිවාසයේ පැවති රැස්විමකදි අනුරව සපාකන්නට කලක් උත්සහකල පසුව කටුවක් දි යන්තම් හිලෑකරගත් වෘත්තීය සමිති නායකයා යැයි මහා ඉහලින් සිතාගෙන සිටින ලාල් කාන්ත අනුරට බෑන වදිමින් පවසා ඇත්තේ  ජවිපෙ ඉතිහාසයම තුල ඉන්දියානුකරණයට විරුද්ධ පක්ෂය කටයුතු කල බවත් වර්තමානයේ ETCA ගිවිසුම සම්බන්ධයෙන් නිහඩව සිටිම හේතුවෙන් තම පක්ෂයට තිබු වෘත්තීය සමිති බලය ගිලිහෙමින් තිබේන බවයි.

කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය.

Top