Featured

Exclusive:ඉක්මන් ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් ජනපති,අගමැති එකඟ වුනා

Exclusive:ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිම සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන්ට අනුව එක්සත් ජාතින්ගේ පරික්ෂණ කාලය තුල ෆෙඩරල් පාලනය පිහිටු විමට ඔහුන් එකඟ වු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන ඇමරිකානු නියෝජිතවරිය වන සැමැන්තා පවර්(Samantha Power) විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් සමග පැවති සාකච්ඡා වලදි අනාවරණයි කල බව කැනේඩියානු දමිළ ඩයස්පොරාව අනාවරණය කර තිබේ.

අප කැනේඩියානු විශේෂ වාර්තාකරු සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන ඇමරිකානු නියෝජිතවරිය වන සැමැන්තා පවර් සහ විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් අතර සාකච්ඡාවක් පසුගිය 23 වන දින ශ්‍රී ලංකාවේ ඇමරිකානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පවත්වා ඇති බවත් එහිදි මෙම එකඟතාව පිළිබඳව සදහන් කර ඇති බව කැනේඩියානු දමිළ ඩයස්පොරාව අනාවරණය කර ඇති බවයි.

මේ අතර එම සාකච්ඡාවලදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරගත් මානව හිමිකම් කොමිසම සහ ඇමරිකාව තම වගකීම නිසි අයුරින් ඉටුකල යුතු බවත්, උතුරු පළාතේ ස්ථාන ගතකර සිටින හමුදා පිරිස් සංඛ්‍යාව අඩුකිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද සම්බන්ධන් ඉල්ලිමක් කර තිබේ.

යලිපදිංචි කිරීම්, දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කරගැනීම ඇතුළු දෙමළ ජනතාව මුහුණදෙන සියළු ගැටළු සම්බන්ධයෙන් ද සැමැන්තා පවර් දැනුවත් කර තිබේ.

එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ.සුමන්දිරන්, සෙල්වම් අඩෙයික්කලනාදන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහභාගි වි තිබේ.

Samantha_power_TNA (2) Samantha_power_TNA (3) Samantha_power_TNA (1)

Top