Featured

Exclusive:දින 60ක් තුල ෆෙඩරල් රාජ්‍ය ස්ථාපනය කරන්න -UNCHR,මහින්ද,ගොඪා, රණවිරුවන් 46 ජාත්‍යන්තර අධිකරණයට

Exclusive:ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සකස් කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්ෂණ වාර්තාව ශී‍්‍ර ලංකා රජයට බාර දි ඇතත් ඒ සම්බන්ධයෙන් ඇටි කෙහෙල් කෑ රිලවුන් මෙන් ආණ්ඩුව හැසිරිමට හේතු වි ඇත්තේ අදාළ වාර්තාව හරහා දින 60ක් තුල කලයුතු යැයි නිර්දේශ කර ඇති ක්‍රියාවන් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත ප‍්‍රතිචාර දැක්වීමට ශ‍්‍රී ලංකාව විසින් කටයුතු සුදානම් කරන බවත් ඉදිරි දින 5ක කාලය තුළදී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිචාරය ලබාදීමට හැකිවනු ඇති බව ද එම විදෙස් මාධ්‍ය විසින් සදහන් කර තිබුනද  ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාව මෙතෙක් රජයට භාරදී නොමැති බවයි.

යුධ අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාමාර්ග නොගැනීමටනම් දින 60ක් තුල ජාත්‍යන්තරව පිළිගත හැකිවන සේ ෆෙඩරල් රාජ්‍යයක් ස්ථාපණය කිරිමටත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කරන රටක නියෝජිතයෙකු අධික්ෂණය කිරිමට හා ඔහුගේ නිදර්ශණයන් අනුව දින 30කට වරක් සිදුකරන සමාලෝචනයට අනුව ගිවිසුම පිළිබඳව පුලුල් එකඟතා ඇති කර ගැනිම යොජනා කර තිබේ.

ෆෙඩරල් රාජ්‍යයක් ස්ථාපණය කිරිම රටතුල අර්බුදකාරී තත්ත්වයක් මතුකිරිමට සමත් වන්නේ නම් ද්‍රවිධ ජාතික සංවිධානය සහ දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා ඇතුලු කණ්ඩායම යොජනා කර තිබෙන ග්‍රාම රාජ්‍ය ක්‍රමවේදය මුලින් ස්ථාපණය කර පසුව එය ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් දක්වා ව්‍යාප්ත කිරිමට කටයුතු කල හැකි බවද දන්වා තිබේ.

කෙසේවෙතත් යුධ අපරාධ එල්ල වි සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ,හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ඇතුලු හමුදා නිළධාරින් 46 දෙනෙකු සහ තවත් 115කට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක විම වැලැක්වීමට හැකියාවක් නොමැති බවත් ඉහත එකඟතා වන්ට එකග විම හරහා සම්බාධකවලට මුහුණ දිමේ අවධානමෙන් මිදිය හැකි බව එම වාර්තාවේ යොජනා හරහා දැනුම් දි තිබේ.

සම්පුර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න  

මහින්ද,ගෝඨාභය,හමුදා සෙබළුන් ඉලක්ක කර An Unfinished War වාර්තාව ලබන සතියේ

අලුත් අවුරුද්දට ඊළාම් රාජ්‍යය පිහිටුවනවා!

මහින්දාගමනයෙන් කොටි පුල්ලි හැලේ -පලමුව ෆෙඩරල් ක්‍රමය දෙන්න රනිල් ලිඛිතව පොරොන්දු දෙයි

Top