Featured

Exclusive:නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා,මෛත්‍රී රනිල්ට පයින් ගහයි

Exclusive:පළාත් පාලන මැතිවරණයකට පෙර ජාතික ආණ්ඩුව බිඳදමා වෙනම ගමනක් යැම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය සමිප සගයන් විසින් වාර්තාකර තිබේන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

පලාත් පාළන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීගෙ නායකත්වයෙන් යුතුව තරග කිරිමට මෛත්‍රී-චන්ද්‍රිකා තිරණය කර ඇති බවත් එම තිරණයට මුලිකවම හේතුව වි ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හිටපු පති මහින්ද රාජපක්ෂ මහතාගෙ මෙහෙයවිමකින් තොරව ජයග්‍රහණය කිරිමට නොහැකි බවට පාක්ෂිකයින් තුල හටගෙන ඇති කුකුස බවත් රනිල්ගේ කණ්ඩායම පෙන්වා දි තිබේ.

ඒ අනුව ජාතික ආණ්ඩුව විනාශ කිරිමේ පියිවර කිහිපයක්ම ඉදිරියේදි චන්ද්‍රිකා-මෛත්‍රී විසින් ගනු ඇති බවද මෙම කණ්ඩායම අනාවරණය කර තිබේ.පසුගියදා විශ්වවිද්‍යාල සිසුන්ට පහරදිම පසුපස ආරක්ෂක අමාත්‍යංශ්‍ය ක්‍රියාත්මක වු බවත් පොලිසිය ලවා සිසුන්ට පහරදිම පසුපස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාද සිටින බවද මෙම කණ්ඩායම රනිල්ට පෙන්වා දි තිබේ.

මේ අතර මහමැතිවරණ සමයේ සිටම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග මෛත්‍රී තිබු ඇයි හොදයිකම් මේ වනවිට වඩාත් උග්‍ර අතට හැරි ඇති අතර සජිත් සහ මෛත්‍රී අතර සාකච්ඡා කිහිපයක්ම ගෙවුනු සතිය තුල පැවති බව මේ වනවිටත් අනාවරණය වි තිබේ.

නමුත් කවර තත්ත්වයක් යටතේ වුවද දෙපාර්ශවය අතර ගැටුමක් ඇති කර ගැනිමට කටයුතු නොකරන් ලෙස සියලුම එජාප මන්ත්‍රිවරුන් කැඳවා උපදෙස් ලබාදිමට කටයුතු කල  යුතු බවත් ඒ සදහා ඉදිරි දින කිහිපය තුල එජාප සියලුම මන්ත්‍රීවරුන් කැඳවා උපදෙස් ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටද එජාප නායකයා තිරණය කර තිබේ.

මේ වනවිටත් මෛත්‍රී විසින් මැතිවරණය කල් දමා විපක්ෂයේ මන්ත්‍රීවරු කීපදෙනෙක් අත්අඩංගුවට ගෙන මහින්ද පාර්ශවය දුර්වල කර මහින්ද පාර්ශවයේ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් යුඑන්පියේ රනිල් විරෝධි කණ්ඩායමේ මන්ත්‍රීවරු කීපදෙනෙකුගේද සහයෝගයෙන් මෛත්‍රී හිතවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අභ්‍යන්තර කුමන්ත්‍රණයක නියැලෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු සදහන් කර සිටි. මෛත්‍රී විසින් තම හිතවතුන්ට පවසා ඇත්තේ,යුඑන්පි ආණ්ඩුවක් යටතේ තම දුරයෙන් විශ්‍රාම නොයන බවත් , නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ තම දෑස පියා ගැනීමට අවශ්‍ය බවත්ය.

එහි කුටප්‍රාප්තිය ලෙස පසුගිය දින සිසු උද්ගෝෂණයට අමානුෂික ලෙස පහර දීම සදහන් කල හැක. එම පහර දීමට වක්‍රාකාරව උපදෙස් ලබාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි, මෙවැනි සිද්දි ගණනාවක් ඉදිරියේදී ද ඇති කිරීමට ද සැලසුම් සකස් කර ඇත. මෙවැනි සිද්දි වලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ යහපාලනය ජනතාවට එපා කරවීමයි. එම හේතුවෙන් මෛත්‍රී හිතවාදී ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට හැකි බව ඔහුගේ උපදේශකයින් විසින් පෙන්වා දී ඇත.

මේ අතර මහින්දගේ මෙහෙයවිම යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නව සන්ධානය යටතේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රට පුරා සියළු පළාත් පාලන ආයතනයකටම අපේක්‍ෂකයින් තරග කිරිමටද සුදානම් වි සිටින අතර තුර එජාපයද මැතිවරණයට සැලසුම් සකස් කරමින් සිටින අතරතුර මැතිවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දැමිමට කටයුතු කරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ නිලදාරින්ට දැනුම් දි තිබේ.

Top