Featured

EXCLUSIVE :ඛනිජතෙල් අමාත්‍යංශයේ රැකියා මුදලට විකිණේ

ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍යාංශයේ රැකියා ලබා දීමේ දී මුදල් ගණුදෙණු සිදුව තිබේ. මෙහි ආරක්ෂක, ගිනිනිවීම් හා වෙනත් කම්කරු අංශ සදහාඅමාත්‍ය චන්දිම වීරක්කොඩි විසින් 146 දෙනෙකු ද නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ  විසින් 33 දෙනෙකුද ඉදිරිපත් කළ නම් ලයිස්තුවකින් බදවාගෙන ඇත. මෙහිදී වෘත්තීය සමිති සදහා ද 16 දෙනෙකු බදවා ගැනීමට නම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී ඇත්තේ ඔවුන්ගේ කටවල් වැසීම සදහාය.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් පාර්ශවයෙන් නව රැකියා සදහා මුදල් ගනුදෙණු කර ඇත්තේ පුද්ගලික ලේකම්වරයා වන පෙරකදෝරුතැනක් විසිනි. රස්සාවක් හැත්තෑ පස්දාහේ සිට ඉහළට විකිණී ඇත. ඒවා විකිණීමේ දී පක්ෂය පාට ආගම දිස්ත්‍රික්කය වැඩ කළ අපේක්ෂකයා ගැන තැකීමක් කර නැත. මෙසේ ගේම ගසනා ලේකම් තැන ඉන්ධන පිරවුම් හලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක සන්තෝසම් ලබා ගන්නා බවට ද රාවයක් පවතියි.

අනෙක් අන්තයෙන් නියෝජ්‍ය අමාත්‍යවරියගේ පැත්තේ මේ මුදල් ගනුදෙණුව කර ඇත්තේ සාම විනිසුරුතැනක් විසිනි. ඒ රස්සාවක් ද රුපියල් හැත්තෑපන්දාහ, ලක්ෂය වැනි ගණන් වලට විකිණී ඇත. කීප දෙනෙක් පමණක් ඇමතිවරියගේ ස්වාමියාගේ ඡන්දයට වැඩ කළ අය අතරින් තෝරා ගෙන ඇත.

අම්පාර හෝ ගාල්ල හෝ වෙනත් පැත්තක දහදුක් විදිනා මිනිසුන් රස්සා ගැන සිහින මවමින් හැතැක්ම තුන් හාරසීය ගෙවා දමා කොළඹ පැමිණ අයදුම්පත් භාර දී ගියද, රස්සා යන්නේ මේ ආකාරයට බව ගාල්ලේ මෙන්ම අම්පාරේ ඈයෝද දනිති.

මෙවැනි ලේකම්වරු සමග රටටම සුභ අනාගතයක් උදා වනු නිසැකය. අපිට දැන් යහපාලනයට ඡන්දය දුන් අයගෙන් අසන්නට ඇත්තේ, ඇමතිලාට ඡන්දය දී ලේකම්වරු ඉදිරියේ පින්සේන්ඩු වෙමින් රස්සා වෙනුවෙන් පගා දීමට සිදු වූ පසු ‘ඔබට දැන් සතුටුද‘ කියාය.

Julian Assange

Top