Featured

Exclusive:කොටහේන හොල්ලා රවී කරකවා අතහැරිය කුඩුලාල් හා “ප්‍රින්ස්” පාතාල ගැටුම

Exclusive:මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල  කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර අද කොළඹ කොටහේන ප‍්‍රදේශයේ ඇතිවු ගිණිකෙළි සංදර්ශණය සම්බන්ධයෙන්  LNW  ඔත්තුකරුවන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

කොළඹ කේන්ද්‍ර කරගනිමින් කුඩු මාෆියාවේ යෙදි සිටි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභා මන්ත්‍රිවරයෙකුද වි සිටි කුඩුලාල් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ කුඩු මර්දණ මෙහෙයුමට භියවි රනිල් සහ රවිගේ පිහිටින් රටින් පැන ගිය බව ප්‍රසිද්ධ රහසක්.එය අප මිට කලින්ද අනාවරණය කර තිබුනා.

[box type=”info” ]කුඩු ලාල් හා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ හා රවි කරුණානායක එංගලන්තයේදි අවස්ථා ගණනාවක් හමුවි ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවමින් කුඩු ජාවාරම්කරුවන්ට හා පාතාල නායකයින්ට එරෙහිව මෙහෙයුම් දියත් කළ මොහොතේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් මොහුව ලන්ඩනයට පිටත් කර යවනු ලැබ තිබේ. පසුගියදා වෙබ් අඩවියක් සමග එක්වෙමින් කුඩු ලාල් කියා තිබුනේ “මම ඒ ඇවිල්ල ආයිමත් දේශපාලනය කරනව. යූ.එන්.පියෙන් කොළඹ නගර සභාවට තරග කරනව. යූ.එන්.පියෙන් අවස්ථාව හම්බ වුණේ නැත්නම් ස්වාධීනව තරග කරනව.”[/box]

අනතුරුව යලිත් පසුගිය ජුලි 11 වැනිදා කුඩුලාල් රවීගේ පිහිටෙන් දිවයිනට පැමිණි අතර එතැන් සිට කුඩුලාල්ගේ ප්‍රධාන පාතාල සමාජික “ආමි සම්පත්” රවිගේ මැතිවරණය ව්‍යාපාරයට සම්බන්ධ කර ඇති අතර රවී අමග ගණුදෙනු කිරිම සදහා “මධුසංඛ” නැමැත්තාව සම්බන්ධ කර තිබේ.

[box type=”info” ]ප‍්‍රබල මත්කුඩු ව්‍යාපාරිකයෙකු වන ජාත්‍යන්තර ‍පොලීසියේ රතු නිවේදනයක් පවා නිකුත් වි තිබේන ලාල් පීරිස් හේවත් කුඩු ලාල් යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ අනුභාවයෙන් අද දහවල් ලංකාවට පැමිණිමට නියමිත බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මනාප ගණන වැඩි කර ගැනිම සියලුම මැරකම් මෙහෙය විම කුඩු ලාල්ට භාරදි තිබේ.[/box]

b1මේ අතර කුරුණෑගල කෝටිපති ටියුෂන් ගුරුවරයකු මරා දැමීම පිළිබඳ අත්අඩංගුවට ගෙන සිටි, ඝාතන රැසකට සම්බන්ධ බව හෙළි වී තිබෙන බ්ලූමැන්ඩල් පාතාල කල්ලියේ නායකයාව සිටි ප්‍රින්ස් කොලම්ගේ කණ්ඩායම කාලයක් රවී සමග සමීප සම්බන්ධ කමක් පවත්වා තිබුනද එක්සත් ජාතික පක්ෂයෙන් එස්.එම් මරික්කාර් මහා මැතිවරණයට ඉදිරිපත් විමත් සමග ප්‍රින්ස් කණ්ඩායම මරික්කාර්ට සහය දිමට තිරණය කර තිබේ.ඒ අනුව  ප්‍රින්ස් කොලම්ගේ කණ්ඩායම මේ වනවිට මරික්කාර්ගේ රැකවරණය යටතේ සිටී.

පාතාල සාමාජිකයකු වූ පි‍්‍රන්ස්කොලම් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා බව කියන ‘ආමිසම්පත්’ අවස්ථා කිහිපයකදි පොලිස් අත් අඩංගුවට පත්වු අයෙකුද වේ.කාලයක සිටම “ප්‍රින්ස්” කාණ්ඩායම සහ  කුඩු ලාල්ගේ ගොලයා වන “ආමි සම්පත්” අතර බරපතල ගැටුමක් නිර්මාණය වි තිබු අතර ඊට බලපෑ හේතු රැසක් තිබේන බවයි අප ඔත්තුකරුවන් අනාවරණය කළේ.

බ්ලූමැන්ඩල් පාතාල කල්ලියේ නායකයාව සිටි ප්‍රින්ස් කොලම්ගේ ගොලයෙකු වු  ධනුෂ්ක නමැත්තා පොලිසියට කොටුකර දිම පසුපස  “ආමි සම්පත්” කටයුතු කල අතර අවසානයේ ධනුෂ්ක ලොකු ලොක්කන් පිළිබඳ රහස් ද සඟවාගෙන වැල්ලව හිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගියා.

වැල්ලම්පිටියේදී  ප්‍රින්ස්‌ කොලම්ගේ කල්ලියේ සාමාජිකයින් සගවා තිබු  නිවෙසේ වැසිකිළි වළක සඟවා තිබූ ටී පනස්‌ හය වර්ගයේ මැගසින් හතරක්‌ ද, එම ජීව උණ්‌ඩ පහළොවක්‌ද පොලිසියට අල්ලා දිම සහ පාතාල සාමාජික තුවාන්ගේ නිවසේ පදිංචි ඥති පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට ද   “ආමි සම්පත්”ගේ ගොලයන් කටයුතු කර තිබේ.b3

“ආමි සම්පත්” නැමැත්තා තුවාන් ඇතුළු කල්ලියේ සාමාජික “ජවුෆර්” නමැත්තා සමග එක්ව උතුරු නැගෙනහිරින් අවි ආයුධ මිලදී ගෙන දකුණට අලෙවි කිරිමේ ජාවාරමක නිරත විමද මහා ජයටම කර තිබේ.

මේ අනුව  “ආමි සම්පත්”ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කාණ්ඩායම අතර ගෙමක් දෙන්න අවස්ථාව උදාවෙන තෙක් බලාසිටි අතර

කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන  “ආමි සම්පත්” සහ “මධුසංඛ” අද කොටහේන ප්‍රදේශයේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිට ඇති අතර “ප්‍රින්ස්” පාතාල කාණ්ඩායම කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණ  ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් සිටි කුඩු ලාල්ගේ මැර කණ්ඩායමට වෙඩි තබා තිබේ.

වෙඩි වැදිමෙන් “ආමි සම්පත්” ද බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප  LNW  ඔත්තුකරු අනාවරණය කළා.කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙස වෙන බව පොලිසිය වාර්තාකර තිබේ. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැති බවත්  ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද පොලිසියට ප්‍රශ්නයක් බවද වාර්තා කර තිබේ.(ඔහු අද ගැටුමෙන් පසුව නවලෝක රෝහලට ඇතුල්කර ඇති අතර පසුව පැය ගණනක් යැමට මත්තෙන් සියල්ල අනාවරණය වු පසු ඔහු එම රෝහලෙන් රැගෙන ගොස් තිබේ.)

[box type=”warning” ]ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා “ගෝනවල සුනිල්”නමැති පාතාල නායකයා සිර ගෙදරින් නිදහස් කළේ ජනාධිපති පොදු සමාවක් ලබා දෙමිනි. එපමණකින් නොනැවතුණු ජේ. ආර්. ඔහුට සාම විනිසුරු පදවියක් ද පිරිනැමුවේ ය. කොළොන්නාව ඛනිජ තෙල් පිරිපහදුව තෙක් දිවෙන නළවලින් ඛනිජ තෙල් සොරාගත්, මිනීමැරුම් ගණනාවකට සම්බන්ධ “ගෝනවල සුනිල්”වර්තමාන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමග ද සමීප සම්බන්ධතා පැවැත්වූ බව ප‍්‍රසිද්ධ රහසකි. එසේ ම “බැද්දගානේ සංජීව”ද ප‍්‍රකට පාතාල නායකයෙකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහි මතවාද මර්දනය කිරීමට යොදා ගත් සුරතලෙකි. පොලිස් කොස්තාපල්වරයකු ලෙස බැද්දගානේ සංජීවට නීත්‍යනුකූල අවි දැරීමේ අයිතිය ලබා දුන් චන්ද්‍රිකා ජනාධිපතිනිය පසුව ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගත්තේ වැඩි හොඳට ය.

මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ ඔහුට පළාතේ නඩු ඇසීමේ බලය ද නොනිල ලෙස හිමි වී තිබිණි. ඒ සියල්ලෙන් ලැබුණේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තාලයේ නඩු තීන්දු ය.මිට අමතරව ශ‍්‍රීලනිප සහ එජාප ආණ්ඩු දෙකට ම මාරුවෙන් මාරුවට සේවය කළ පාතාල නායකයන් ද වූහ. “නාවල නිහාල්” හෙවත් පාතාලයේ ‘ගෝඩ් ෆාදර්”ඉන් එක් අයෙකි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා යටතේ වැඩුණු “සොත්ති උපාලි”ව හිටපු ඇමැතිවරයකු වූ සිරිසේන කුරේ මහතා හැඳින්වූයේ ”අපේ ළමයෙක්”ලෙසිනි. එය මර්වින් සිල්වා “කුඩු ලාල්”හෙවත් ලාල් පීරිස්ට “අපේ ළමයෙක්”කීමට සමාන ය.

කුඩු ලාල් රටින් පිට කිරීමට ගුවන් තොටුපොළ දක්වා රැගෙන ගියේ ඇමැති මර්වින් සිල්වා ය. කුඩු ලාල්ට එංගලන්තයේ පුරවැසිභාවය ද හිමි ය. ඒ අර්ථයෙන් ගත් කල ඔහු ද්විත්ව පුරවැසිභාවයකට හිමිකම් කියන්නකු බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. එසේම කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා සමග ජාතික රූපවාහිනියට ගොස් ගුටි කෑ “කුඩු නුවන්”යනු පාතාල නායකයකු වූ “ප‍්‍රින්ස් කොලම්”ගේ විශ්වාසවන්තම ගෝලයෙකි. දෙමළ සහ මුස්ලිම් පාතාලයන් මර්දනය කොට කොළඹ නගරය පුරා සිංහල පාතාලයක් බිහි කිරීමේ ක‍්‍රියාන්විතයක යෙදුණු ප‍්‍රින්ස් කොලම්, 2007 ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් දින රාත‍්‍රියේ දී මැරුම් කෑවේ ය. ප‍්‍රින්ස් කොලම්ගේ තවත් විශ්වාසවන්තම සගයකු වූ පුංචි තමිල්නාඩුවේ (ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ ම කොටසක්) රමේෂ් ද තමන්ගේ පාතාල කණ්ඩායම තුළම ඇති වූ ගැටුමක් නිසා ඝාතනය විය.

වර්තමාන පාතාල මෙහෙයම් ක‍්‍රියාදාමය ආරම්භ වීමත් සමග විදේශගත වූ පිරිස අතර මාළිගාවත්තේ බයියා, ෆාජි සහ ඕල්කට් ද වේ. මොවුන් විදේශගතව ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගේ පූර්ණ අනුදැනුම හා උපදෙස් පිට බව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ. “ඕල්කට්”යනු ආණ්ඩුවේ ඉහළ ම ප‍්‍රබලයකුගේ පුත‍්‍රයකු සමග එක්ව රගර් ක‍්‍රීඩා කළ අයෙකි. එසේ ම යුද හමුදාවේ මේජර්වරුන් කිහිප දෙනකු සමග එක්ව මත්කුඩු ජාවාරමේ යෙදුණෙකි. මෙලෙස ගනුදෙනු කළ එක් මේජර්වරයකු පසුගිය දිනෙක මත්කුඩු තොගයක් ද සමඟ මැදවච්චිය – මන්නාරම පාරේ දී අත්අඩංගුවට ගැනිණි. එහෙත් ඕල්කට් දැනට ඉතාලියට පැනගොස් සිටී. ලංකාවේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ද ඊට සහාය දී තිබේ.දැනට විදේශගතව ඇතැයි පැවැසෙන මාළිගාවත්තේ බයියා යනු “අයුබ්ඛාන්”නම් මුස්ලිම් පාතාලයේ නායකයාගේ ගෝලයෙකි. කොම්පඤ්ඤවීදිය හා මාළිගාවත්ත ප‍්‍රදේශවල කප්පම් ගැනීම් ඇතුළු බරපතළ අපරාධ රැසකට සම්බන්ධ “බයියා”ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුරයක් දරන මුස්ලිම් ඇමැතිවරයකුගේ සමීපතම හිතවතෙකි.

කෝට්ටේ ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබලයකු සමග සම්බන්ධතා පැවැත්වීමේ වරදට ආමි රොෂාන් ට මැරුම් කන්නට සිදු විය. මහින්ද සමරසිංහ ඇමැතිවරයාගේ අමාත්‍යංශයට අයත් ආයතනයක ලේකම්වරයකු වූ පිනට, ශාන් ජයසිංහ තාමත් ජීවත්වන්නට වරම් ලබා තිබේ. ආමි චප්පා හෙවත් මොහොමඞ් රෂාෆ් නියාස්, ඇට ඉන්දිකගේ ගෝලයකු වූ සුරංග, රත්මලානේ ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි ලසන්ත පුෂ්පකුමාර හෙවත් උස කුමාර, ආමි රොෂාන්, වැල්ලම්පිටිය ඔරුගොඩවත්තේ මොහොමඩ් ආබ්දීන් හෙවත් පප්පා පසුගිය මාස තුන තුළ මෙලෙස පොලීසියට ආයුධ පෙන්වීමට ගොස් පොලීසියෙන් මැරුම් කෑ පාතාල නායකයන් අතර වෙති.[/box]

 

Top