Featured

Exclusive:පොලු පිට පොලු තැබු Blue Mountain හොරු රැළ රටින් පනී

Exclusive: ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම අප විසින් කරල ලද අනාවරණයන් හමුවේ අනාථ වි සිටි බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පුවත් පත්,වෙබ්, රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවා මාධ්‍ය ආයතන කිහිපයකටද පොලු තබා පසුගිය මාස කිහිපය තුල එකතු කරගත් මුදල් සමග රටින් පැනයාමේ සුදානමක් පවතින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මේ වනවිටත් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු හොර රහසේම රටින් පැන යැමට සුදානමින් සිටින බවත් ආයතනයේ පහල පෙලේ වගකිම් දැරු නිළධාරීන් පිරිසක් ආයතනය කල රහසිගත හොර ව්‍යාපාරික කටයුතු වල වගකිම් පැටවිමේ උත්සහයක්ද පවතින බව වාර්තා වේ.

පසුගිය මාස 3ක පමණ කාලයක් වෙබ් මාෆියා කරුවන්ට සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයකට කප්පම් දෙමින් දින 60 සහ 90 වැනි ණය පදනම මත කෝට් ගණනක වෙළද දැන්විම් පලකිරිමට කටයුතු කර ඇති Blue Mountain Properties ඒ සදහා ලබාදි ඇත්තේ සල්ලි නැති  බැංකු චෙක්පත් බවද අනාවරණය වි තිබේ.

එම අනාවරණය –Blue Mountain පල් හොරු රටින් පනී!

මිට පෙරද අප මෙම අනාවරණය කල අතර එම අනාවරණයත් සමග අප සමග ඩිල් කිරිම සදහා Leo Burnett සමාගමට අනුබද්ධිත Arc  Worldwide Sri Lanka නැමැති සංවිධානයක් උත්සහ කලද “Blue Mountain පල්හොරු සාකච්ඡාවක් ඉල්ලයි-හොරු සමග අපට සාකච්ඡා  නෑ” යනුවෙන් අප එම ඉල්ලිම අනාවරණය කිරිමත් සමග රටින් පැන යෑම කල් දැමු සක්විති Blue Mountain පල්හොරු 2015 වසර අවසානයත් සමග  ලංකාව තුල ව්‍යාප්ත කල ව්‍යාපාර සියල්ලම අතහැර දමා පැන යෑමට තින්දු කර තිබේ.

එම අනාවරණය –Blue Mountain පල්හොරු සාකච්ඡාවක් ඉල්ලයි-හොරු සමග අපට සාකච්ඡා නෑ

බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් හතර අතේ බැංකු වල එකම ඔප්පුව තබමින් කෝටි ගණනින් මුදල් ගැරූ සක්විති Blue Mountain  පල්හොරු මේ දක්වා එම ලබාගත් ණය මුදල් සදහා මේ දක්වා ගෙවා ඇත්තේ පොලී මුදල් පමණක් වන් අතර බැංකු ශාඛා ප්‍රධානින් සමග ඩිල් දමමින් ඔහුන්ට විවිධ වර්ගයේ අල්ලස් දෙමින් වෙනත් ව්‍යාපාරිකයන්ගේ ගිණුම් වාර්තා පෙන්වමින් දැවැන්ත වංචනික ක්‍රියාවලියක Blue Mountain ප්‍රධානින් නිරත වි ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ  තවත් තොරතුරු වංචනීක ක්‍රියාවන්ට හසුවු ජනතාව අප වෙත එවා තිබේ.  බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතාද වංචනික අධ්‍යක්ෂක විනේෂ් අතුකෝරාලාට  දෙවැනි නැති බව දැන් තහවුරු වි තිබේ.

කියවන්න- Blue Mountain සභාපතිගේ කැරැට්ටුව මාට්ටු 

Top