Featured

Exclusive:සාම්පූර්හිදි සිදුවු මෛත්‍රී-අසාද් සාලි ගණුදෙනුව මෙන්න

Exclusive:ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ  (23) ත්‍රිකුනාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරත විම පසුපස තවත් කතාවක් තිබේන බව ඊයේ දවස පුරාම මෛත්‍රීගේ සංචාරය සමග එක්ව සිටි අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගැනිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම් වි ඇත්තේ එම ඉඩම යහපාලන රජයේ ඇම්ඩන්වරයෙකු වි සිටින අසාද් සාලියට පවරා දිමට බව අප 2015 මැයි 19 වැනිදා අනාවරණය කල අතර එම ඉල්ලිම ඉටු කිරිමද මෙම සංචාරයේ එක් අරමුණක් වි තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් දොට්ට දැමු පසු මෛත්‍රීගේ කකුල් ලෙවකමින් කීලීගේ කොන්ත්‍රාත් කරන අසාද් සාලිය මෛත්‍රී හුරතාලා ලෙස ලගින්ම තියාගෙන සිටි. පස්වරුවේ සාම්පූර් ප්‍රදේශයට ගිය ජනාධිපතිවරයා සිය ආරක්ෂකයින් සහ අසාද් සාලිය සමග පැය ගණනක් පෞද්ගලික සංචාරයකද නිරත වි තිබේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ 1913/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 21 වැනිදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධීකරණ අතුරු නියෝගයක් නිකුත් කලද එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය පනවන ලදි.

ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට් නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදා හැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරු කියයි.

අදාළ ඉඩම කෙසේ හෝ තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසට අසාද් සාලී මෙම් තිරණයෙන් පසුව මෛත්‍රීපාලට ඇවටිලි කර තිබෙන අතර එහිදි මෛත්‍රී- අසාද මෙම ගණුදෙනුව අනාවරණය වි තිබේ.

2015 මැයි 19 වැනිදා කළ අනාවරණය-නීතියට පිටින් ගිහින් මෛත්‍රී අසාද් සාලිට පොරොන්දු දෙයි

as5 sa1 sa2 sa3 sa04

Top