LNN SPY

IOC සමාගම නිදොස් කර නිදහස් කරයි… අර්ජුනගේ ඛනිජ තෙල් ඇමතිකම මාස 3කට සීමා වේ…

ඉන්ධන අර්බුදය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද භාරදුන් වාර්තාව හරහා ඉන්දියන් ඔයිල් සමාගම බේරා අමාත්‍යවරයා සහ නිළධාරි මත වරද පටවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ IOC සමාගම වැරදිකරු වුවහොත් ආණ්ඩුවේ තෙල් ටැංකි විකිණීමේ ක්‍රියාවලියට එය බාධාවක් වන් බැවින් බවයි අප වාර්තාකරු අනාවරණය කර සිටියේ.

පසුගියදා මෙරට ඇති වු පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබු අතර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලි චම්පික රණවක යන මහත්වරුන් ඇතුළත්ව සිටියා.

පෙට්‍රල් හිගය සම්බන්ධ සිද්ධියෙන් ඉන්දියන් ඔයිල් සමාගම බේරා ගැනීමට රජයේ කසකාරයන් පිරිසක් එළියට පැමිණ ඇති බව පසුගියදා ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී ජේ රාජකරුණා මහතා ද අනාවරණනය කල අතර ඔහු පෙන්වා දෙන්නේ එහි වරද සංස්ථාව මත පැවරීම මෙම කණ්ඩායම් දියත් කරමින් සිටින බවයි.

මේ අතර තවත් මාස තුනක්‌වත් තමන්ගේ ඇමැති ධුරය පවතී දැයි සැක සහිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පසුගියිදා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබුනා.

ඉවත් කිරිමට පෙර තමන්ගේ එකම බලාපොරොත්තුව පසුගස්‌කන්ද තෙල් පිරිපහදුව මාස තුනකට මත්තෙන් සාදා අවසන් කිරීම බවත් මෙම පිරිපහදුව සැකසීම තුළින් තෙල් ගෙන්වන ඒජන්තවරුන්ට සහ තවත් බොහෝ පිරිසකට පහර වදින බවත් සඳහන් කළ අර්ජුන තමන්ට අවශ්‍ය රටට වාසිදායක දේ කිරීම පමණක්‌ යෑයිද පවසා තිබේ.

Top