Featured

ITN ප්‍රවෘත්ති අංශය තුල දරුණු ගැටුමක්-මාවලගේ ITN අතහැර යයි

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර පත්විමත් සමග ප්‍රවෘත්ති අංශයේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් හේමන්ත මාවලගේ හා ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න අතර 26 වනදා ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව ITN අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

ප්‍රවෘත්තියක ප්‍රමාදයක් පිලිබදව චන්දන තිලකරත්න ලාල් හේමන්ත මාවලගේට අම්මා මතක්කොට බැන වැදීමෙන් පසු දෙදෙනා අමු තිත්ත කුණුහරපෙන් බැන ගනිමින් ගුටිබැට හුවමාරුවක් සිදුකොටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ මොහොතේදී දැඩිලෙස ආණ්ඩුවටත් අගමැතිටත් තිත්ත කුණුහරපෙන් බැනවැදී ඇති මාවලගේ තනතුර අතහැර දමා ගොස් ඇති බවද වාර්තාවේ.

මාවලගේ තනතුරෙන් එලවා දමා මුද්‍රිත මාද්‍ය වේදියෙක් වන ජටිල වැල්ලබඩ මාවලගේගේ තනතුරට සැලසුම් සකස්කොට ඇති අතර මේ සැලසුම චන්දන තිලකරත්නගේ ගේ තනතුර රැකගැනීම සදහා ඕනෑම නිලධාරියෙක් සමග ඇග අලුම්කම්පාන ප්‍රවෘත්ති කළමනාකාරිනී නලින්දා සංජීවනී පෙරේරාගේ වැඩක් බවද මේ වනවිට හෙළිවී ඇත.

මෙම ගැටුම ස්වාධීන රුපවාහිනී ප්‍රවෘත්ති අංශයේ මාධ්‍ය වේදියෙකු ජංගම දුරකතනයකින් වීඩියෝ ගතකොට තිබේන අතර එය සුරක්ෂිතව අප සතුව තිබේ.

Top