Featured

LNW.today කියු පරිදිම”රෝ” TNA දෙකඩ කරයි….විග්නේෂ්වරන් මහා ඇමතිකමෙන් දොට්ට

ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන ආසෝ ඛාන් සදහන් කළේ ද්‍රවිධ ජාතික සංධානය හේවත් TNA ඉන්දිය රජයේ නියෝග නොසලකා හරිමින් යුරෝපා රටවලට අවශ්‍ය අකාරයට කටයුතු කිරිම හේතුවෙන් TNA සංවිධානය 3කට කැඩිම සදහා රෝ සංවිධානයට පවරා ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින්ම TNA සංවිධානය කොටස් 3කට වෙන්ව යනු ඇති බව පසුගිය පෙබරවාරි 12 වැනිදා ඉන්දිය LNW විශේෂ වාර්තාකාරිණි  ආසෝ ඛාන් (Aazo Khan) වාර්තා කල පරිදිම TNA අද වෙන කොට දෙකඩ විමේ ආසන්නයටම පැමිණ තිබේ.

පෙබරවාරි 12 වැනිදා කල අනාවරණය –TNA තුනට කැඩේ – අපේ එකඟතා කැඩුවා

පසුගිය මහ මැතිවරණයේදී, උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විසින් නිකුත් කල නිවේදනය පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීමට නියමිත බවත්, දෙමළ ජාතික සන්ධානය සමග පවතින මතභේදකාරී තත්වය පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්  ප්‍රකාශ කර ඇත.

තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම, එම පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් 2015.09.11 වන දින කොළඹදී පවත්වා ඇත. එම අවස්ථාවේදී, තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සහ අනෙකුත් මන්ත්‍රීවරු විසින්, පැවැති මහ මැතිවරණයේදී උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් කටයුතු කල ආකාරය සහ ඔහුගේ නිවේදනය පිළිබඳ විවිද අදහස් ඉදිරිපත් කර ඇත.

Diffusé par Adcashමේ තර ඉන්දිය රජයේ ඉල්ලිම මත උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ව, එම ධූරයෙන් ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධානය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සිදුකරමින් සිටින බව දැනගැනීමට ලැබී තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී, දෙමළ ජාතික සන්ධානයට සහයෝගීව මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් කටයුතු නොකල අතර, දෙමළ ජාතික සන්ධානයේ අදහස් වලට බොහෝ ස්ථානයන් හිදී ප්‍රතිවිරුද්ධව අදහස් පලකර ඇත. පැවැති මහ මැතිවරණයේදී, තමන් මධ්‍යස්ථව කටයුතු කරන බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු මෑතකදී රැස්වී සාකච්ඡා කල බව දැනගැනීමට ලැබී ඇත. ඒ අතරම, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පිළිබඳව මහ ඇමතිවරයා සහ තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අතර මතභේදකාරී තත්වයක් ඇති වී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

2015.09.11 වන දින කොළඹදී පැවැති ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විග්නේෂ්වරන්ට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කල සුමන්දිරන්, කැනඩාවේ මුදල් රැස්කිරීමේ වැඩපිළිවෙලට සහභාගි වන මෙන් ඉල්ලීමක් කල අවස්ථාවේදී, එයට පවා විග්නේෂ්වරන් සහභාගි විම මගහැර ඇත්තේ පක්ෂයද නොමග යවමිනි.

www.lankanewsweb.today  කියු දෙයක් වැරදිලා නෑ 2015 මාර්තු 12 වැනිදා කල අනාවරණය

[box type=”warning” ]න්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඇති කරගත් එකඟතාවයක් හේතුවෙන් ඇතිකරගත් එකක් බවත් එහි එකම අරමුණ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය ද්‍රවිධ ජාතික සංධානය ප්‍රමුඛ දමිළ හා මුස්ලිම් අන්තවාදී දේශපාලන් පක්ෂ වලට හිමිකර දිම බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) සදහන් කරයි. [/box]

සම්පුර්ණයෙන් කියවන්න –අවජාතක විවාහයෙන් උපදින අලුත් විපක්ෂය – TNA විපක්ෂ නායකත්වයට!

ජනතා විමුක්ති පෙරමුණ රෝ සංවිධාන සමාජිකයන් බව ඔප්පු විම

[box type=”warning” ]දෙමළ ජාතික සන්ධානයට පිටුපස දොරින් ඇතුළු වී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටින එම්.ඒ.සුමන්දිරන්, ඉවත් කරමින් දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරිමේ කුමන්ත්‍රණය පසුපස රනිල්ගේ අලුත්ම ගල් කොලුවා වන ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක සිටින බව අනාවරණය වි තිබෙන බව LNW විශේෂ වාර්තාකරු පවසයි.[/box]

2015 මාර්තු 20 වැනිදා කල අනාවරණය –TNA කඩන රනිල්ගේ හිවල්ලු

 

Top