Featured

LTTE ඩයස්පෝරාවෙන් ණයක් ගැනිමේ සුදානමක්!-BANK OF JAFFNA ලගදිම…

පුද්ගලික සංචාර මුවාවෙන් LTTE ඩයස්පෝරාව සමග සාකච්චා කිරීම මේවන විට රජයේ වගකියයුතු පිරිස හොර රහසේ සිදුකරන ක්‍රියාවක් බව බොහෝ අය දන්නා කරුණකි , මෙය සැබවින්ම දේශද්‍රෝහී ක්‍රියාවකි , තවත් එවැනි ක්‍රියාවක් නත්තල් සමයේ ලන්ඩන් නුවර සිදුවූ බව අපගේ විදෙස් වාර්තා සේවය වාර්තා කරයි .

නත්තල් සමයේ දී යහපාලන රජයේ අගමැති රනිල් සහ නිලනොවන ජනාධිපතිනිය චන්ද්‍රිකා වර්තමාන දෙමළ LTTE ඩයස්පෝරාවේ ප්‍රධානීන් හමුවී දීර්ග ලෙස සාකච්චා කල බව ලන්ඩන් නුවරින් වාර්තාවේ . මෙහිදී දෙමළ LTTE ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටුකරන අතරේ , යහපාලන රජය අද තිබෙන ආර්ථික අර්බුද වලින් සදහා LTTE මුදල් යහපාලන රජයට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙන බවත් වාර්තාවේ. මෙය ණයක් වශයෙන් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

මෙම සාකච්චා සදහා LTTEය නියෝජනය කරමින් GTF,BTF,NCCT,TYO,WTCC සහ TNC සංවිධාන සහභාගී බවත් වාර්තාවේ .තවද LTTE ත්‍රස්තවාදීන්ගේ වෙනම රාජ්‍යයක් කරායන ගමනට පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රී-රනිල් දුන් පොරොන්දු ඉටුකරමින් වෙනම රාජ්‍යයක් සදහා අවශ්‍ය ජාත්‍යන්තර නිර්දේශ සැපරිම සදහා පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමටද මෙහිදී ඇති බව වාර්තාවේ .

ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි සංවර්ධන කටයුතු සහ ආර්ථික සම්පත් දියුණු කිරිමටත් විශේෂයෙන් පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ඇත.

තවද බෑන්ක් ඔෆ් ජැෆ්නා (BANK OF JAFFNA) ආරම්භ කිරීම සදහා අවශ්‍ය අනුමැතිය නොපමවා ලබාදෙන ලෙසත් LTTE ඩයස්පෝරාව රනිල්ගෙන් සහ චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටි බවත් වාර්තාවේ .

රජයේ පොරොන්දු ඉටු කළහොත් අවශ්‍ය සංවර්ධන ක්‍රියාවන් ඉතා ඉක්මනින්ම ක්‍රියාවට නංවන බව දෙමළ “LTTE” ඩයස්පෝරාව අනාවරණය කර තිබේ.මින් ඉදිරියට ජාත්‍යන්තරය සමග උතුරු හා නැගෙනහිර සබඳතාවයන් පවත් වනුයේ වෙනම බවත් ඒ සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් අතිශයම වැදගත් බවද ද්‍රවිධ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ එකගවූ කරුණු ඉදිරි මාස 3ක් ඇතුළුව කොන්දේසි විරහිතව ක්‍රියාත්මක කරන ලෙසත් දෙමළ LTTE ඩයස්පෝරාව දන්වා ඇති අතර ,සිරිසේන ජනාධිපතිවරයාගේ පසුගාමී ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතැම් එකගතා තවමත් ක්‍රියාත්මක කර ගැනිමට නොහැකි වු බවත් සිරිසේන ජනාධිපතිවරයා තමන් හට සම්බන්ද කිරීමට පවා අපහසු බව දෙමළ LTTE ඩයස්පෝරාව පැවසු බව අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

දිනූ දේශය අනතුරක ?

Top