LNN SPY

MCC අත්සන් තැබිම 25 වැනිදා? ට්‍රම්ප්ගේ නියෝජිතවරිය ශ්‍රි ලංකාවේ සංචාරයක! අත්සන් කිරිමෙන් පසුව පාර්ලිමේන්තුවට!

Published on: Jan 11, 2020 – Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම ඉක්මනින්ම අත්සන් කිරිම පිලිබදව ජනාධිපති ගෝඨාභය සාකච්ඡා කිරිම සදහා ට්‍රම්ප් පාලනයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජිතවරියක වන වන වන ඇලිස් ජි.වෙල්ස් (Alice G Wells) මහත්මිය මෙරට නිල සංචාරයක නිරතවිමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ශ්‍රී ලංකාවට අමතරව ඉන්දීයාවේ සහ පාකිස්ථානයේ ද සංචාරය කිරිමට සැලසුම් කර ඇති අතර ඒ අනුව සිය දකුණු ආසියානු නිල සංචාරය අතරතුර ලබන 13 සහ 14 යන දෙදින තුළ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

MCC ගිවිසුමට අමතරව ශ්‍රී ලංකාව සමග අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතයි.

ජනාධිපති සමග පවත්වන සාකච්ඡාවට අමතරව ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් මෙන්ම
දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව සමග ද සාකච්ඡා පැවැත්විමට අමෙරිකානු නියෝජිතවරිය සැලසුම් කර තිබේ.

MCC ගිවිසුම ජනවාරි 25 වැනිදාට පෙර අත්සන් කර අවසන් කලයුතු බව මේ වනවිටත් ඇමරිකාව දැනුම් දි ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සියල්ලම මෙම් සංචාරය අතරතුර සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම්.සී.සී හෙවත් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් හෝ කාලසීමාවක් නැති බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය මිට සති 3කට පමණ පෙර සදහන් කල නමුත් වත්මන් රජයේ ඉල්ලිම මත ගිවිසුම අත්සන් කිරිම ඉක්මන් කිරිමට කටයුතු කරමින් සිටින බවයි අමරිකානු වෙබ් අධවි අනාවරණය කර ඇත්තේ.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට මේ වනවිට රජයෙ ඉහල පෙලේ සාකච්ඡාවකදි තින්දුකර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

Loading…


Top