Anonymous Reporter

SAITM සටන නීතිපතිවරයාට-වෛද්‍යවරුන්ගේ සහයට නිතිඥයන්ද එක්වෙයි

මාලබේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන්ට රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) නීතිපතිට කල් ලබා දි තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ කල් ලබා දුන්නේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සහීඩා බාරි මහත්මිය කළ ඉල්ලීමකට අවසර දෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කැරුණු සේවා නියමයන්ට එරෙහිව මාලබේ සිසුන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න මහත්වරු අද (5) සලකා බැලූ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධිධාරීන් පමණක් රාජ්‍ය සේවයට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සේවා නියමයක් නිකුත් කර ඇති බවත්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිගත් උපාධි ප‍්‍රදාන ආයතනයක් වන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඊට ඇතුළත් නොවන බැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවත් පෙත්සම්කාර සිසුහු කියා සිටිති. එබැවින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබා ගන්නා සිසුන්ද රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සිසුහු ඉල්ලති.

අද දින උසාවිය ඉදිරිපිට SAITM විරෝධතය අමතන රජ‍යේ නිතිඥයන්ගේ සංගමය !!!

අද දින උසාවිය ඉදිරිපිට විරෝධතාවට අමතමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නවින් සොයිසා මහතා !!!

SAITM වසා දැමීමේ සටනට කොන්දේසි විරහිතව අපි සහයෝගය දෙනවා – තරුන නිතිඥයන්ගේ සංගමයෙන් අද දින උසාවිය ඉදිරිපිටදී ප්‍රකාශයක් !!!

Top