Featured

STF ලොක්කාට වැඩක් දෙන්න පුජිතගෙන් කූජිත මෙහෙයුමක්!

මාධ්‍යයට තර්ජනය කල බව පවසමින් පොලිස්පති පුජිත් ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.ආර්.කේ.රංජිත් පෙරේරා මහතාට((Special Task Force) Commandant Deputy Inspector General of Police J. K. Ranjith Perera) එරෙහිව විනය පරික්ෂණ තබා සේවය අත්හිටුවිමට සුදානමක් පවතින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා. ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගනයේ සීනි කන්ටේනරයකින් මතු වු සිරිසේන-රවී කොකේන් නාඩගම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණේන බව පොලිස්පතිවරයාට දැනුම් නොදිම නිසා බවයි අප වාර්තාකරු අනාවරණය කර ඇත්තේ.

ඔරුගොඩවත්ත කොකේන් නාඩගම නැටිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන බව දැනුම් නොදිම නිසා තමන්ට එම අවස්ථාවට සහභාගී විමට තිබු අවස්ථාව මගහැරි ගිය බව පවසමින් පොලිස්පතිවරයා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීයා පොලිස් මුලස්ථානයට ගෙන්වා දරුණු ලෙස බැනවැදි ඇති අතර රටේ සිදුවු විවිධ ඝාතනයන් සම්බන්ධයෙන්ද විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීයාට පුජිත් විසින් චොදනා කරමින් බැණ වැදි තිබේ.

පසුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.ආර්.කේ.රංජිත් පෙරේරා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කල ප්‍රකාශයක් පුජිත්ගේ කොන්ත්‍රාත්තුවක් මත මාධ්‍ය හරහා බරපතල ප්‍රකාශයක් ලෙස මවා පෙන්විමට කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැදවමින් පුජිත්ගේ මෙහෙයුම මාධ්‍යගත කරනු ලැබුවා.

මෙම කොකේන් තොගය පිළිබඳ තොරතුර මුලින්ම ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල් මහතාටය. ඒ ඉකුත් 12 වැනි ඉරිදා දිනය.සීනි කන්ටේනරයක සඟවා කොකේන් විශාල තොගයක්‌ මෙරටට ගෙන්වා ඇති බවත්, එය ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබෙන බවත් උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් දැන ගන්නේ සිය පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් ය.උප පොලිස්‌ පරීක්‍ෂකවරයා මේ පිළිබඳව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති සාගර කුලසේකර මහතා දැනුවත් කළේය. මේ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිට ඔත්තුකරුවා මාර්ගයෙන් තවත් තොරතුරු ලබා ගැනීමට ප්‍රේමලාල් මහතාට උපදෙස්‌ ලැබුණේය.මෙම සීනි කන්ටේනරය දෙවැනි හරස්‌ වීදියේ මහා පරිමාණ සීනි ආනයනය කරන සමාගමක්‌ විසින් බ්‍රසීලයෙන් ගෙන්වූ එකක්‌ බව උප පොලිස්‌ පරීක්‍ෂකවරයා සොයා ගත්තේය.

ලුසියානා නමැති නෞකාවෙන් සීනි කන්ටේනර් තුනක්‌ මෙරටට ගෙන්වා ඇති බවත් එය ඔරුගොඩවත්ත රේගු අංගනයේ තබා තිබෙන බවත් පොලිසිය සොයා ගත්හ. මෙම සීනි කන්ටේනර් 3, 13 වැනි සඳුදා රේගුවෙන් මුදා හැරීමට නියමිත බව ද අනාවරණය විණි.මෙම සීනි කන්ටේනර් තුනෙන් එක්‌ කන්ටේනරයක්‌ තුළ අදාළ කොකේන් තොගය සඟවා තිබෙන බව උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් මහතා දැන ගන්නේ සිය ඔත්තුකරුවාගේ මාර්ගයෙන් ය.ඒ අනුව කන්ටේනරය හිමිකරුවාට භාරදීමට පෙර එය පරීක්‍ෂා කළ යුතු විය. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ අධ්‍යක්‍ෂ වින්ග් කමාන්ඩර් රවි ජයසිංහ මහතා දැනුවත් කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු කටයුතු කළහ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි රංජිත් පෙරේරා මහතාට ද මේ පිළිබඳව දැනුම් දීමට මෙහෙයුම් අංශයේ නිලධාරීන් පියවර ගත්හ. ඒ අනුව මෙම සැක සහිත කන්ටේනරය පිළිබඳව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දීමට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි රංජිත් පෙරේරා මහතා කටයුතු කළේය.

Top