ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදීම, ඔවුන්ගේ ජාති ඝාතනය දිරිගැන්වීමක් වනු ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිගරන් ඇමරිකානු නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කර  තිබේන බව LNW උතුරේ විශේෂ වාර්තාකරු සදහන් කළා.උතුරේ ස්ථාපනය කිරිමට යන ස්වයං පරිපාලන එකකය පිහිටුවිමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරිම සදහා මුලතිව්හි පිහිටි රවිගරන්ගේ නිවසේදී  පසුගිය 17 වන දින මෙම් සාකච්ඡාව පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සදහා ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරි Joseph Scholar සහ USAID හි නිලධාරි Aplon Jason යන අය සහභාගි වි සිට ඇති අතර දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් උතුරු පළාත් සභාව, ‘ජාති ඝාතනය’ පිළිබඳ යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති අවස්ථාවකදී, එහි සිදුවූයේ හුදෙක් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හෝ යුද අපරාධයක් පමණක් යනුවෙන් හැදින්වීමෙන් වැලැකිය යුතු බව ඔහු  පෙන්වා දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top