හෙරොයින් මත්කුඩු හා ගිනි අවි ජාවාරමට මෙන්ම අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන නාරාහේන්පිට සමනළ උයනේ දී පසුගියදා අත් අඩංගුවට ගත් පාතාල සාමාජිකයකු වන කැළණියේ රිස්වාන් නොහොත්  “”කොණ්ඩ රිස්වාන්”” ඝාතනය කිරිමේ සුදානමක් පවතින බව වාර්තා වේ.ප්‍රශ්ණය වි ඇත්තේ රාජපක්ෂලාගේ මොඩලයට මෙම ඝාතනය  කළහොත් රජය පිචං වියහැකි  බැවින් වෙනත් ක්‍රම වේදයක් සොයමින් සිටින බවද වාර්තා වේ.

පසුගිය රජයේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මන්තී‍්‍රවරයකුට ආරක්ෂාව සැපයූ කණ්ඩායමේ සිටි අයෙකු වන “”කොණ්ඩ රිස්වාන්””මීට වසර හයකට පෙර දී සැකකරු හෙරොයින් මත් කුඩු කිලෝ එකොළහක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හසු වී ඇප ලබා ඇති තැනැත්තෙකු ද වේ.

සැකකරුට බිරියක් දෙදෙනෙකු සිටින අතර, එක් තැනැත්තියක් මත් කුඩා කිලෝ නවයක් ලඟ තබා ගැනීමේ චෝදනාවකට හසු වී රිමාන්ඞ් භාරයේ පසුවන අතර, අනෙත් බිරිඳ විදේශගතව සිටින අතර මීට කලකට පෙර කොළඹල අලූත්කඬේ අධිකරණ සංකීර්ණය අසලදී සුදු වෑන් රියකින් පැමිණ පැහැර ගෙන යෑමට ලක් වූ පට්ටිය හන්දියේ  “කුඩු මර්වින් ” තැනැත්තා සැකකරුගේ ලඟම හිතවතෙකු බවද අනාවරණය වි තිබේ. (‘‘කුඩු මර්වින්’’යනු  නෙතියස්චන්ද්‍රපාල වේ.)අදාළ කුඩු තොගය ගෙන්විමට කටයුතු කල ප්‍රභල දේශපාලකයා මේ වනවිට මෛත්‍රී පාලනය සමග එක්ව සිටිම හේතුවෙන් “”කොණ්ඩ රිස්වාන්””ට එරෙහිව නීතිය ක්‍රියාත්මක  කිරිමට නොහැකි වි ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා ඇතුළු නිළධාරී කණ්ඩායමක් නාරාහේන්පිට හා අවට ප‍්‍රදේශවල කළ සෝදීසි මෙහෙයුමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර “”කොණ්ඩ රිස්වාන්””ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට ඉඩ නොදිම හේතුවෙන් කලකිරිමට ලක්ව සිටින බවද වාර්තා වේ.

අළුත්කඬේ අධිකරණ සංකීර්ණයඅසලදී පැහැරගත් 2012 වසරේ නාරාහේන්පිට බොතේජු මාවතේ තිබී පිළිස්සෙමින් තිබූ පිරිමි මළ සිරුරක්  පොලිසිය සොයාගත් අතර අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැහැරගැනීමට ‘‘කුඩු මර්වින්’’නොහොත්  52 හැවිරිදි වේලායුදන් මෙතියස් චන්ද්‍රපාලගේ බව පොලිසිය අනාවරණය කළා.

Top