එක්සත් ජාතික් පක්ෂයේ හිටපු මහා ලේකම් මෙන්ම ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ සමග එකතු වි සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වු තිස්ස අත්තනායක සිරගත කිරිම පසුපස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ රවී කරුණානායක සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.මිට අමතරව අන්ත රනිල් වාදියෙකු වන ආරක්ෂ අමාත්‍යංශයේ ඉහල තනතුරක් දරණ අයෙකුද මේ පසුපස සිටින බව වාර්තා වේ.ඔහු කලක සිට සජිත් පක්ෂයෙන් එලවිම සදහා විවිධ අරගල කල අයෙකුද වේ.

සජිත් ප්‍රේමදාස ඊයේ (03) සවස් වන විටම තිස්ස අත්තනායක බැලීමට ගොස් ඇති අතර එහිදී ඇති වූ කතා බහේදී හැගීම් බර වූ තිස්ස අත්තනායක හඩා වැටුණු බවට තොරතුරු වාර්තා වේ.එම අවස්ථාවේදි කදුලු පිරි දෙනේතින් සජිත් පවසා ඇත්තේ….” තිස්ස අපි බලමු…ලොක්කා කොච්චර කල මේ විදියට නටයිද කියල……හැමදාම ඔය නැටුම් නටන්න බෑ…..”

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් එලවිමට සජිත් උතසහ දැරු සමයේ සජිත්ට එරෙහිව රනිල් වාදින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කල අතර පසුව සජිත් එජාපය හැරදමා යන තත්ත්වයකට පත්වුනා.පසුව එක්සත් ජාතික් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස තිස්ස අත්තනායක මහතා යලිත් සජිත් සමගිකරවිමට විශාල දායකත්වයක් ලබා දුන් අයෙකුද වනවා.

කෙසේ හෝ සජිත් එජාපයෙන් නෙරපිමට සිහින දකිමින් සිටි රනිල්ට යලිත් සජිත් එජාපයට සහය දිම පිළිබදව තිබුනේ දැඩි පිලිකුලකි. නමුත් තිස්සගේ  මැදිහත් විමෙන් ඌව සටන මෙහෙයවිමට සජිත්ගේ දායකත්වය ලබා ගැනිමට සමත් වු අයෙකු වේ.කෙටියෙන් කියනවානම් මෛත්‍රී පාලනය සදහා සජිත් සමගි කරවිමට තිස්ස කල කාර්‍යභාරය අති මහත් වේ.

“දිනක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මාස 06 ක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ තමාට පහර දීම් සිදු කළ බවයි.පක්ෂය එකමුතු කිරීමට කටයුතු කිරීම සම්බන්ධව තමන්ට විවිධ අවලාද චෝදනා එල්ල වූ බවද තිස්ස අත්තනායක එම කතාබහතුලදි අනාවරණ්‍ය කළා.සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ සක්‍රීය දායකත්වය ලබා ගත යුතු බවට දැඩි ඉල්ලීමක් බොහෝ පක්‍ෂ සාමාජිකයන්ගෙන් පවතින බවත් තිස්ස අත්තනායක බීබීසියට පවා සදහන් කර තිබුනා.”

කෙටියෙන්ම කිවොත් රනිල්-සජිත් එකතු කිරීමේ මෙහෙයුමේ නොපෙනුණ හස්තය වූයේ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායකයි.කාලයක් තිස්සේ රනිල් හා සජිත් සමඟ වෙන වෙනම සාකච්ඡා කරමින් අවසානයේදී සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප. නියෝජ්‍ය නායකයා ලෙස පත් කරන බවට පස්සර පක්ෂ සංවත්සරයේදී ප්‍රකාශ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කරවා ගැනීමට ඔහු සමත් විය.

පසුගියදා පැවැති එ.ජා.ප. නායකත්ව මණ්ඩල රැස්වීමේදී තිස්ස අත්තනායක මහතා විවේචනයට ලක් කරමින් ඔහු එ.ජා.ප. ලේකම් පදවියෙන් ඉවත් කරන සටන ළඟදීම ආරම්භ කරන කරනවායි රවි කරුණායක මහතා ප්‍රකාශ කළේ අත්තනායක මහතාගේ රනිල්, සජිත් එකතු කිරීමේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් වශයෙනි. රවිගේ මේ විවේචනය හා තර්ජනය හමුවේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා නිහඬව සිටියේය.

තිස්ස අත්තනායක මහතා දැඩිව කියා සිටියේ ජනාධිපතිවරණය එ.ජා.ප.ය ජයග්‍රහණය කිරීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායක පදවිය දිය යුතුම බවයි.

ජනාධිපතිවරණ සමයේ රටේ ජනතාවට හෙලිකල සත්‍ය ලියවිල්ල රහස් පොලිසි මෙහෙයුම හරහා අවසානයේ අසත්‍ය ලියවිල්ලක් බවට පත්කර පසුව තිස්ස කුඩුවේ කුරු ගැනිමට සැලස්විම රනිල්,රවි මෙහෙයුමේ අරමුණ වි තිබේ.

මිට සති දෙකකට පමණ් පෙර LNW අපි එම මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයි කළා.

“තිස්ස” අල්ලන්න CID මෙහෙයුමක්

(ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් ව්‍යාජ බව රහස් පොලිසිය හරහා ප්‍රකාශයක් නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.එම ප්‍රකාශය පදනම් කරගනිමින් ඉදිරියේදී තිස්ස අත්තනායකට විරුද්ධව නඩු පැවරීමට සුදානම් බවයි LNW ඔත්තු සේවය සදහන් කළේ.)

Top