13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම වසර අවසානයේදි ක‍්‍රියාත්මක කර උතුරු නැගෙනහිර පලාත්වල මහ ඇමැතිවරුන් දෙදෙනාම පොදුවේ මධ්‍යම රජයේ ඇමැතිවරයෙකු පත් කරන බවට පසුගියදා ලන්ධනයේ පැවති රහසිගත සාකච්ඡාවෙදි මන්න පොන්ගල හෙවත් මංගල සමරවිර ලිඛිතව ලබාදි තිබේන බව දමිළ මාධ්‍ය අනාවරණය කර තිබේ.

එනම් 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම වසර අවසානයේදි ක‍්‍රියාත්මක කරන බවත්  ඒ සදහා යෝජනාවන් නව පාර්ලිමේන්තුව පිහිටුවීමත් සමග ඉදිරිපත් කරන බවත් 13 සංශෝධනය පිළිබඳ නව යෝජනාවට උතුරු නැගෙනහිර පලාත්වල මහ ඇමැතිවරුන් දෙදෙනාටම පොදුවේ මධ්‍යම රජයේ ඇමැතිවරයෙකු පත් කරන බවත් එම ඇමැති පදවිය ද්‍රවිඩයෙකුට ලබා දෙන බවත් ඔහුටම 13 සංශෝධනයේ සදහන් ඉඩම් පොලිස් බලතල ලබා දෙන බවත් මෙම ලිඛිත පොරොන්දුවෙන් තහවුරු කර තිබේ.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් සාකච්ඡාවේ එකඟතාවයන් සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේසියලු දෙනා දැනුවත් කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති බව අප පසුගියදා අනාවරණය කළා.(එම අනාවරණය කියවන්න – මන්න පොන්ගල ලන්ඩනයේදි දුන් පොරොන්දු මෙන්න- දුටු තැන අල්ලා ගස් බැඳ පහරදෙනු)

මේ අතර ඊළග සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ සුමන්දිරන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ,හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ මංගල සමරවිර ඇතුලු කොටි ඩයස්පොරාවේ සමාජිකයන් සමග පැවැත්විමට නියමිත බවද වාර්තා කර තිබේ.

Top