Published on: Feb 17, 2015 රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප ඥාතියකු වන  සජිත් කපාදමා අනාගත එජාප නායක රුවන් විජේවර්ධනගේ බලතල වහාම කප්පාදු කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තිරණය හේතුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමංසිහ මහතා දැඩිසේ උරණව සිටින බව වාර්තා වේ. ඊයේ රාත්‍රීයේ පක්ෂයේ රනිල් වාදීන් සමග පැවති මධුවිත සාදයකදි රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ..

“මේ ආණ්ඩුව මෛත්‍රීගේ නෙවේ…..චම්පිකයි…රාජිතයි තමයි මෙක පාලනය කරන්නේ.. අපී බලමු මොකද වෙන්නේ කියලා….” පවසා තිබේ. මේ අතර  ලංකා යුධ හමුදාවේ ප්‍රධාන නිලතලවලට රනිල් වික්‍රමසිංහ දැනුවත් නොකොට පත් කිරිම සම්බන්ධයෙන්ද සිය කනස්සල්ල පලකර තිබේ.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ තමන් රාජිතට පොඩි ඉන්ජක්ෂන් එකක් දුන් බවයි….

දින දෙකකට සැළසුම් කර තිබූ ජනපතිවරයාගේ ඉන්දියා සංචාරය දින 4 කාලයක් පුරාවට සිදුකිරිම ගැන රනිල් වික්‍රමසිංහ අදහස් පලකර තිබේ.පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදීද ජනපතිවරයාට උපදෙස් දෙමින්  හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන තම විදේශ සංචාර වලට කුඩා කණ්ඩායමක් සහභාගී කර ගත්තාක් මෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාටද අනෙක් අයට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ හැකි බව පෙන්වා දුන් අතර කලබලයට පත්වු  අමාත්‍ය රාජිත  සේනාරත්න එයින් පැවසෙන්නේ තමා සංචාරයට සහභාගී විමෙන් වැළකිය යුතු බවදැයි අගමැතිවරයාගෙන් විමසා සිටියා.සියලූදෙනා සිනා සයුරේ ගිල්වමින් කිඩියට මෙන් හිනැහුනු  වික‍්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතාට ඉන්දියා සංචාරයට සහභාගී වීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් තමන්ගෙන් නැති බවය.

 

Top