මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සම්බන්ධයෙන් සිදුවු දුෂිත ගනුදෙනු රැසක ලිපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින බැසිල් රාජපක්ෂ විසින් සමාජ මාධ්‍ය හරහා එලියට දැමිමට කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

මැතිවරණය කල් දැමිම සදහා ඇති සියලුම මාර්ගයන් අවහිරවි ඇතිවි බැවින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ගැටුමක් ඇතිකිරිම හරහා සමාජිකයන් කිහිප දෙනෙකු කොමිසමින් ඉවත් කිරිම මෙහි මෙහෙයුමේ අරමුණ වි තිබේ. කොමිසම තුල ගැටුමක් ඇතිකර එහි සමාජිකයන් කිහිප දෙනෙකු ඉවත් වුවහොත් යලිත් පත්කර ගන්නා තුරු කොමිසම අක්‍රිය කිරිම මෙහි අරමුණ වි තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් නැමත්තා බැසිල්ගේ අතකොලුවක් වන අතර දෙදෙනා අතර ඉතිහාසයපුරා විවිධ දුෂිත ගනුදෙනු සිදුව ඇති බව නොරහසකි.

ඊටඅමතරව මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් හමුවී රහසිගතව සාකච්ඡා පැවැත්වීම පිළිබඳව මෙම බෙදිම ඇතිකිරිමට බැසිල් කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා ජනාධිපතිවරයාගේද සaජු දායකත්වය ලැබෙමින් තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ.

මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් හමුවී රහසිගතව සාකච්ඡා පැවැත්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉදිරි දින වලදි මන්ත්‍රීවරුන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද නියමිතව තිබේ. එය මේ වනවිටත් රාජපක්ෂලාගේ කසිප්පු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කරමින් සිටි. කොමිසමේ පැහැදිලි බෙදීමක් තිබේන බව ඔහුන් එම පැමිණිල්ල හරහා පෙන්වා දිමට කටයුතු කරමින් සිටින බවයි අනාවරණය වි ඇත්තේ.

කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් යොදා ඇත. එනම්, දහහත් වන සංශෝධනය මගින් පිහිටුවීමට යෝජිත වූ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” මඟින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් කොමිෂන් සභා සඳහා සාමාජිකයන් හා සභාපතිවරුන්ගේ නම් නිර්දේශ කළ යුතු විය. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ නිර්දේශය නොමැතිව ජනාධිපතිවරයාට කොමිෂන් සභා සඳහා කිසිදු තැනැත්තෙකු පත්කිරීමට නොහැකි වීම විශේෂත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරන තැනැත්තන් ජනාධිපතිවරයා විසින් දින 14ක් තුළ පත් නොකළ හොත් එම අය කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්වූවා සේ සැලකේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වි අවසන්.ඔහු වෙනුවට ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. ධම්මික ගැන කතාව පසුවට තියමු.

බැසිල් තවදුරටත් වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරමින් ඔහු මාධ්‍ය හමුවක් කැඳවා දැනට සිටින සියලුම මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ඉඩ දුන්නේය. ඔහු තම දේශපාලන විශ්වාසයන් පිළිබඳව ඉතා පැහැදිලි අර්ථකථන ඉදිරිපත් කර තිබීම පැසසිය යුතු කරුණකි. ඔහුගේ ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවේ, නමුත් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සහතික කිරීම සඳහා ඔහු මාධ්‍ය හමුවේදී කොන්දේසි විරහිතව තබා ඇති බව පැසසිය යුතුය.

මෙය බොහෝ දේශපාලනඥයන් කිරීමට අකමැති දුර්ලභ හැසිරීමකි. පැරදුණු විට සැඟවී සිටියත් දිනූ විට කයිවාරු ගැසීම බොහෝ දේශපාලනඥයන්ගේ සුපුරුදු පුරුද්දයි. සියල්ලටම වඩා 2015 වසර හා සසඳන විට, සමාජය පුරා ඔහුගේ දේශපාලන බලය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙවර ඔහුගේ ආකල්පයේ සහ ප්‍රතිචාරයේ ස්වභාවය වෙනස් වීම ධනාත්මක සහ නෙත් සිත් ඇදගන්නා සුළු ය. ජනතාව හමුවේ බොරු කියමින් රංගනයක යෙදෙනවා වෙනුවට ඔහු තෝරාගෙන ඇත්තේ පිළිගත්තත් නැතත් පොදුවේ තම මතය ප්‍රකාශ කිරීමයි.

දේශපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට බරපතළ චෝදනා එල්ල වී තිබේ. එය අවිවාදයෙන් පිලිගත යුතුය. ඔහුට එරෙහිව රට පුරා නිර්මාණය වී ඇති නින්දිත ප්‍රතිරූපය එතරම් ශුභවාදී නොවන අතර කපුටු කාක් කාක් … සහ ඔහුගේ නාමය අතර පටබැදුන වචන රටේ සියලු වැරදිවල කේන්ද්‍රස්ථානය ඔහු ලෙස අර්ථ දැක්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

අසාර්ථක වු බැසිල්!

බැසිල් සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමට උත්සාහ කළ නමුත් වත්මන් ජනාධිපතිවරයා මෙන් ඔහුද තම පොදු පෞරුෂය පවත්වා ගැනීමට උපාය මාර්ගික සන්නිවේදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය. ඒ සදහා දක්තෂ සහ හැකියාවන්ම සහිත කණ්ඩායමක් ඔහු සතු නොවිය. ඒ හේතුවෙන් දේශපාලන මතය සමාජය පුරා ප්‍රචාරණය කර ජනප්‍රියත්වය පවත්වා ගැනීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත.කෙසේ වෙතත්, දේශපාලන පක්ෂයක් බිහිකර එය ඉතා කෙටි කාලයක් තුළ සුවිශේෂී ජයග්‍රහණය කරා මෙහෙයවීම ඔහුගේ දේශපාලන කියවීමේ හැකියාව පෙන්නුම් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදිව කරුණු පැහැදිලි කරමින් තමන්ට යා හැකි සීමාවන් පෙන්වා දි තිබේ. මාධ්‍ය හරහා විකාශය වන තප්පර ගණනක කොටසක් නරඹන ජනතාවට එය කියවා ගත හැකිද යන්න වෙනම කාරණාවකි.අනිත් අතට රටේ මාධ්‍යයද ඒ සම්බන්ධයෙන් වැඩි අවධාණයක් යොදවා තිබු බව දක්කනට නොලැබුනී.

අසීමිත දේශපාලන මඩ ගොහොරුවක බැසිල් පළමු වරට තම සීමාව හඳුනාගෙන ඇති බව මාධ්‍ය හමුව හරහා තහවුරු විය.ඔහු දේශපාලනික වශයෙන් තමන් ගැන තක්සේරුවකට පැමිණ ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඔහු පෙන්වා දිමට උත්සහ කළේ ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික කටයුත්තක් බවයි.

ඉන්දියාවේ භාරතීය ජනතා පෙරමුණේ සෙවනැලි ආයතනය වන RSS ගැන ද ඔහු සඳහන් කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පියවර එය එවැනිම ව්‍යාපාරයක් බවට පත් කිරීම විය හැකි බව ඔහුගේ අදහස් දැක්විම අනුව පෙනෙන්නට විය.ඒ අනුව බැසිල් තම පක්ෂය වත්මන් රජය බලයට පත්වන විට මතවාදය චීන කොමියුනිස්ට් පක්ෂයට සමාන වූ අතර වසර තුනකට අඩු කාලයකදී ඔහු ඉන්දියාව කේන්ද්‍ර කරගත් දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනේ.

අවසානයේ බැසිල් කලේ කුමක්ද?

බොහෝ අය නොසිතන ආකාරයට ඔහු තම හැසිරීම වෙනස් කර ඇත. තවත් වසර පහකට පසු පවතිනු ඇතැයි අපේක්ෂා කරන දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලා අස්වීම සිදු කළ බව නොරහසකි.වර්තමානය ඔහුට අයිති නැති බව හොඳින් වටහාගෙන සිටින නිසා ඔහු අනාගතයට කතා කිරිමට කටයුතු කරනු ඇත.

අවසානයේ කුමක් වනු ඇද්ද? අවසාන කරුණ නම් බැසිල් කේන්ද්‍ර කරගත් ආණ්ඩු විරෝධී විවේචන රැල්ල තුළ නොවැළැක්විය හැකි ප්‍රශ්ණ රැසකට ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයාද මුහුණදෙනු ඇත. එය ගැටුමක් දක්වා ඇදෙනු ඇත. එවිට බොහෝ දෙනෙකුට වැටහෙනු ඇති සත්‍යක් තිබේ.එනම් බලය නැති බැසිල් බලයේ සිටියාට වඩා දේශපාලන වශයෙන් බලවත් බවයි.ආණ්ඩුකරණය සහ දේශපාලනය වෙනස් දෙකක් බව ඔහු කියන්නට ඇත්තේ ඒ නිසාමය.

බැසිල්ගේ මීළඟ පියවර බොහෝ දුරට රාජපක්ෂ පවුලෙන් කැඩී ගොස් බලය අල්ලා ගැනීමේ උත්සාහයක් විය හැකිය. කලබල නොවිය යුතුය, කාලය පමණක් එහි ජයග්‍රහණය හෝ අසාර්ථකත්වය හෙළි කරයි. ඒ සදහා ඔහු තොරාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන් මාර්ගයක් බව නම් නොරහසකි.

-විශේෂ ලියුම්කරු-


Top