ඇමරිකාව චීනයට එරෙහිව පනවන ලද ආ‍යෝජන සීමා පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි. චීනයේ අර්ධ සන්නායක, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍රවලට සිදු කෙරෙන ආයෝජන සීමා කිරීම සඳහා, බෙයිජිං වේලාවෙන් අද(10) උදේ ඇමරිකානු ජනාධිපති Joe Biden විධායක නියෝගයක් අත්සන් කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදහස් දක්වමින් දැඩි විරෝධය පළ කළේය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් Joe Biden පසුගිය බදාදා විධායක නියෝගයකට අත්සන් තැබු අතර ඒ අනුව පරිගණක චිප්ස් වැනි සංවේදී තාක්‍ෂණයන්හි චීනයේ නව එක්සත් ජනපද ආයෝජන තහනම් කරන ලද අතර අනෙකුත් තාක්ෂණික කොටස් සම්බන්ධයෙන් රජයේ දැනුම්දීම් අවශ්‍ය බවද සදහන් කළා.ඒ අනුව අර්ධ සන්නායක සහ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණ සහ ඇතැම් කෘතිම බුද්ධි පද්ධති යන අංශ තුනක චීන ආයතනවල එක්සත් ජනපද ආයෝජන තහනම් කිරීමට හෝ සීමා කිරීමට දිගුකාලීනව බලා සිටි නියෝගය එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර ලබා දුන්නා.

ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඇමරිකාව චීනයට එරෙහිව ආයෝජන සීමා පනවන්නේ චීනයේ සංවර්ධන අයිතිය අහිමි කරමින් තමන්ගේම ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණින් බවත්, එය පැහැදිලිවම ආර්ථික බලහත්කාරයක් සහ තාක්‍ෂණික හිරිහැර කිරීමක් බවත් චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. ඇමරිකාවේ එම ක්‍රියාවලිය, වෙළඳපොළ ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මයන් උල්ලංඝණය කිරීමකි. එය ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙතට දැඩි හානි කිරීමක් මෙන්ම ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය බරපතල ලෙස කඩාකප්පල් කිරීමක් බව ද චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඇමරිකාවේ එම වැරදි තීරණය වහාම ඉවත් කර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.

ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ පළමු විදේශීය නාවික කඳවුර ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව තුල පිහිටවිම සදහා වන මෙහෙයුම මේ වනවිට අවසන් අදියරයට පැමිණ තිබේන බව ජාත්‍යන්තර ඔත්තු කරුවන් පෙන්වා දෙනවා.

වර්ජිනියාවේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලයේ (William and Mary university in Virginia) AidData පර්යේෂණ ව්‍යාපෘතියේ තක්සේරුවකට අනුව චීනය දැනටමත් එහි ආයෝජනය කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 2.19 ක් බවයි අප ඔත්තුකරුවන් පෙන්වා දෙන්නේ.

එම වාර්තාවට අනුව, බීජිං සිය සමුද්‍රීය හැකියාවන් පුළුල් කිරීමට ඉදිරි වසර කිහිපය තුළ චීන නාවික කඳවුරක් සඳහා සත්කාරකත්වය සපයනු ලබන රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පසුව ගිනියාවේ, පකිස්ථානය යන් රටවල්ද සිටි.ඒ සදහා රනිල් රාජපක්ෂලා සමග ඇතිකරගත් කුප්‍රකට ගණුදෙනුවේ ප්‍රතිපලය වු හම්බන්තොට වරාය යොදා ගැනිම සදහා කටයුතු සුදානම් කර තිබේ.

පසුගියදා AidData නිකුත් කල වාර්තාවක සදහන් ව තිබුනේ “චීනයේ ඕනෑම තැනක විශාලතම තනි වරාය ආයෝජනය හම්බන්තොට වන අතර බීජිං එම පහසුකම පිළිබඳ සෘජු පාලනය ක්‍රියාත්මක කරයි. එහි උපායමාර්ගික පිහිටීම, ප්‍රභූන් සහ ජනගහනය අතර චීනයේ ජනප්‍රියතාවය සහ General Assembly of the United Nations ඡන්දයේදී ශ්‍රී ලංකාව චීනය සමඟ පෙලගැසී සිටීම, හම්බන්තොට අපගේ අනාගත පදනමක් සඳහා ඉහළම අපේක්ෂකයා වේ.” යනුවෙනි.

AidData පර්යේෂණ ව්‍යාපෘතියේ  දෙවන පිටුවේ සටහන 

සම්පූර්ණ වාර්තාව  පහතින් කියවිමට හැක.

චීනය සිය මිලිටරි අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා සිය ආර්ථික බලය භාවිතා කරන තරම විග්‍රහ කිරීමට වසර ගණනාවක් තිස්සේ නිරීක්ෂකයින් උත්සාහ කර ඇත. ආසියානු ජාතියට යුධ නැව් ගණනින් ලොව විශාලතම නාවික හමුදාව ඇති අතර එහි ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම් ලොව පුරා වරාය පහසුකම් ගොඩනැගීමේ කාර්ය බහුල වේ. එය රටවල් 46 ක වරායන් 78 ක් ගොඩනැගීම හෝ පුළුල් කිරීම සඳහා 2000-2021 සිට ඩොලර් බිලියන 30 කට ආසන්න වටිනාකමකින් යුත් ණය සහ ප්‍රදාන ලබා දී ඇති බව AidData වාර්තාව පවසයි.

මේ වනවිටත් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ පළමු විදේශීය කඳවුර කාම්බෝජයේ හමුදා කදවුරක් තුල පිහිටුවා ඇති අතර එය ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය දියත් කිරිමේ මෙහෙයුමට එරෙහිව 2019 වසරේ ආරම්භ වුවකි.

එය තවදුරටත් රහසක් නොවනු ඇත.

ඒ අනුව කිසිදු වගවිභාගයකින් තොරව මුහුදක් ගොඩකර, ගල්කඩමින් හම්බන්තොට වරායක් ඉදිරිකිරිමට රාජපක්ෂලා කටයුතු කලේ මන්ද? 2015 ජනපතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදිම, එය තවදුරටත් පවත්වාගෙන යෑම සදහා සංවර්ධනයට මුවාවෙමින් රනිල් වික්‍රමසිංහලා කටයුතු කලේ මන්ද? එය තවදුරටත් රහසක් නොවනු ඇත.

රුපියල් මිලියන 50,000ක පමණ මූල්‍ය අපරාධයක්!

හම්බන්තොට වරාය චයිනා හාබර් සමාගමට විකුණා දැමීමට තක්සේරු කළ වටිනාකම වූ ඩොලර් මිලියන 1,100ක මුදලටත් වඩා ඩොලර් මිලියන 102ක් අඩුවෙන් ලැඛෙන බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය වු අතර ඒ අනුව මේ අනුව මෙම වරාය විකිණීමෙන් එය ඉදි කිරීමට ලබා ගත් ඩොලර් මිලියන 1,200ක ණය සමඟ සසඳන විට ඩොලර් මිලියන 318.9ක් හෙවත් රුපියල් මිලියන 50,000ක පමණ මූල්‍ය අපරාධයක්!

ඇමරිකන් ගැත්තාද? චීන ගැත්තාද?

ඒ අනුව ලබන වසරේ ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණය චීනයට මෙන්ම ඇමරිකාව පුමුඛ ඉන්දියාවටද තීරණාත්මක එකක් වනු ඇති.ඉන්දු-පැසිෆික් ගිවිසුමට අනුව ඇමරිකාවේ ව්‍යාපෘතිය ඉටුකිරිමේ කාර්යියට මෝදීට කරගසන්නට වි තිබේ. ඒ අනුව මෝදී රනිල්ව මෙන්ම රාජපක්ෂලාවද චීනය දෙසට ඈදී යාම නතරකර ගැනිම සදහා වෙහෙස වන අතරම ඇමරිකානු ගැත්තේකු ජනපති සටනට ගෙන එමේ ව්‍යාපෘතියද දියත් කරනු ඇත.

ශ්‍රි ලංකා මහතාගේ ඔලුවටම පොලුපහරක්!

චීනය මේ සටනේ ඉදිරියෙන් සිටින්නේ ලංකාවේ ආර්ථික බලය මෙහෙයව වන රටක් ලෙසයි.රටේ ආර්ථික අවශ්‍ය ඔනෑම මොහොතක බිඳවැට්ටවිමේ බලය ඔහුන් සතුව ඇති බව පසුගිය ගෝඨාභය ජනපති සමයේ පෙන්වා දුන් චීනය දැන් සිටින්නේ පොල්ල අතට ගෙනය.අවශ්‍ය ඔනෑම මොහොතක ශ්‍රි ලංකා මහතාගේ ඔලුවටම පහර දෙන්න ඔහුන් දෙවරක් නොසිතනු ඇත.

2022 අප්‍රියෙල් 11 කල අනාවරණය.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව ලංකාවට පැමිණිමත් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්වරයා සමග සaජු සාකච්ඡා පැවැත්විම සහ පසුව ඉන්දියාව බලා යන අතර චීනය, රුසියාව සහ ඉරානය දින හතරක නාවික අභ්‍යාසයක් පැවැත්විමට අදාළව සහය ලබා ගැනිමට කටයුතු කල බවට කල අනාවරණය.

Exclusive: ලංකාව ලෝක යුධ බලවතුන්ගේ ගොදුරක් කරයි… රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල මෙහෙයුම් පද්ධතියක් ලංකාවෙත්! චීන, රුසියා ඉන්දීය සාගර කලාපය මිලිටරීකරණය කරයි! කියවන්න 

ඉන්දු-පැසිෆික් උපායමාර්ගය

“චීනයේ නැගීමට එරෙහිව නිදහස් ලෝකයේ නායකයා ලෙස ඇමරිකාව, අපගේ සගයන් හා හවුල්කරුවන් සමඟ අත්වැල් බැදගත යුතුය” සෙනෙට් සභික මිට් රොම්නි (Mitt Romney)

එක්සත් ජනපදය සිය ඉන්දු-පැසිෆික් උපායමාර්ගය විස්තර කරන්නේ පැසිෆික් සාගරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වා විහිදෙන කලාපයක් සඳහා “යකඩ ආවරණයක් සහ තිරසාර කැපවීමක්” ලෙස ය.

ඇමරිකාව විවිධ අර්ථකථනයන් දුන්නද ට්‍රම්ප් භාවිතා කරන සරල අර්ථයට අනුව “ඉන්දු-පැසිෆික්” යන්නෙන් අදහස් කරන්නේ ඉන්දියාව, එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, විශේෂයෙන් ජපානය සහ ඕස්ට්‍රේලියාව, වර්ධනය වන “සීතල යුද්ධයේ” නව රාමුව තුළ චීනය මැඩපැවැත්වීමට එක්වනු! යනුවෙනි.

ඒ අනුව ශ්‍රි ලංකාව පාලනය කිරිමේ සම්පූර්ණ බලය ඉන්දියාවට ලබාදීමට මෙම ගිවිසුම හරහා ඇමරිකාව සිදුකර ඇති අතර ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රි ලංකාව “කැමැත්තෙන් හවුල්කරුවෙකු” ලෙස ප්‍රකාශයට පත් කිරීම, කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය වෙනුවෙන් එක්සත් ජනපද කඳවුරක් ලංකාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන්නේ මෝදී පාලනය හරහාය.

“අපේ පළමු නැවතුම ශ්‍රී ලංකාව… NSC හි ජනාධිපතිගේ සහකාර ලීසා කර්ටිස් මා හා එක් වුනා.ඔබ දන්නා පරිදි, ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ ඉතා වැදගත් දේපළ කිහිපයක් අත්පත් කරගෙන සිටින අතර එය ඉන්දියන් සාගර කලාපයේ උපාය මාර්ගික වැදගත්කම වැඩි කරන රටක්.

2022 අප්‍රියෙල් 11 කල අනාවරණය.

ඒකීය ශ්‍රි ලංකාව සමඟ “මිලිටරි-මිලිටරි” ගිවිසුමක්! Alice G Wells ඉන්දියාවේ මාධ්‍ය හමුවේ කී කතාව… කියවන්න 

2020 පෙබරවාරි 01 කල අ අනාවරණය.

චීන අභියෝගයට නැගී සිටීම… ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු සටන ගැන CNAS වාර්තාවක්! චීනයට එරෙහිව සඳහා මිලිටරි අර්බුදයක් සදහා නවදිල්ලිය? කියවන්න 

AidData පර්යේෂණ ව්‍යාපෘතියේ වාර්තාව!

[doc id=29992]

Top